.

.

Aug 10, 2022

අරගලයෙන් ලද ජයක් නැත. ළදරු වලිප්පුව නිමා විය.

 


අරගලය නිමා වෙන්නේ ඔය විදියටමයි කියලා, අරගලය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි කියලා අහපු කීප දෙනෙක්ට, උත්තර ලෙස අරගලය පටන් ගන්න කොටම මම කිව්වා. ඇත්තටම ලිව්වා. මතක උන්ට මතක ඇති. අමතක උන් ගැන මට අවුලක් නෑ.

ඊට ප්‍රධානතම හේතුව වුනේ අරගලයට නායකත්වයක් නොමැති වීම හා පවතින අර්බුධයට උන් එකෙක්වත් ළඟ විසඳුමක් නොමැති වීම. හැම එකාම කිව්වේ සරම කඩපන්, ඊට පස්සෙ වෙන දේ පස්සෙ බලාගමු කියලා. එතකොට යකෝ නිර්වස්තරෙන් නේ කිව්වට උන් ඒක ඇහුවෙම නෑ.

එහෙම විසඳුමක් දෙන්න අරගලයට ආපු කිසිම කෙනෙක් තියා, මහ බැංකුවේ ලොක්කට වත් ආර්ථික අර්බුධයක් ඇති වෙන්න හේතුව අද වෙනකන් කියන්න බැරි වෙලා තියෙනවා. උන් බනින්නේ ජනතාවට, අපි අධිපරිභෝජනවාදී රටාවකට ජීවත් වෙලා රට මේ තත්වෙට දැම්මලු. අම්මපා මුන් අධිපරිභෝජනවාදය කියලා කියන්නේ මොකක්ද කියලවත් කියනවා නම්, ඒකට උත්තර දෙන්න පුලුවන්.

ඉතින් ප්‍රශ්ණයක් නැතිව උත්තර දෙන්නේ කොහොමද? ඒ ප්‍රධානම හේතුව. අනෙක අපේ උරුමයක් වූ මාන්නය. නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී කියලා ඊයේ හරීන් පාර්ලිමේන්තුවේ කළ කතාව ලංකාව පවතින තුරා වලංගුයි. ඔය සර්වපාක්ෂික නිර්පාක්ෂික බයිලා නැතිව එන එකෙක් එක්ක ආන්ඩුවක් පිහිටුවාගෙන කරන මළදානයක් කරනවා මිසක්. හත් හවුල් ආන්ඩු කියන්නේ නොකෙරෙන දීගයක්. නොයෙක් නොයෙක් හේතු අනුව මේ තරම් බෙදුන සමාජයක්, රටක්, මේ විශ්වයේම නැතිව ඇති.

අරගලයට වුනෙත් ඒක. අරගලයේ නිර්මාතෘවරු බොහෝ උන්නා. ඒ නිසා #GotaGoHome කියන ආරම්බක සටන් පාඨය හා ටාගට් එක අමතක වෙලා ගියා. එක එකාගේ ඇජෙන්ඩා සියල්ලම පිරුණු කානිවල් එකක් වුනා. ඇත්තටම ඔතන තිබුනේ අරගල භූමියක් නෙමේ කානිවල් එකක්. ඒ කානිවල් එකට දරු පවුල් පිටින්, ගම් නියම් ගම් පිටින් ආපූ උන්, එක එකාගේ මනෝරාජික ප්‍රසාංගික නිර්මාණ, බලි තොවිල්, පෙරහර, කලා නිර්මාණ ඉදිරිපත් කිරීම් බලලා විනෝද වෙලා ගියා.

අරගලයක් කියලා පටන් ගත්ත වැඩේට මුලින්ම ආවේ වහාබ්වාදියෝ. උන් මක්කම ගාළු පාරට ගෙනාවා, ගාළු පාර වහලා, දන ගහගෙන අල්ලා නැමදුවා. ඊළඟට ආවා කාදිනල්ගේ පාදිලියෝ, බෝනගේන් උන් සෙකන්ඩ් වෙන නිසා, ෂෙහාන් මිහිරංග එක්ක ආපු භක්තිකයොයි ජූජකයොයි ඊළඟට පදිංචි වුනා. සෙකන්ඩ් වෙන්න අකමැති නිසා චීවරධාරියොත් සෙට් වුනා. උන් සිද්ධාර්ථ ගෞතමගෙ අනුගාමිකයෝ නෙමේ. එරාන් වික්‍රමරත්න, සාලිය පීරිස් අනුගාමිකයෝ.

ඊට පස්සෙ පක්ෂ කාර්‍යාල ඉඳිවුනා. මේවා අන් ඔෆීෂියල් ගියේ, මේක බලන්නම පිටරට ඉඳලා අවට හෝටල්වලට අපේ උන් ආවා. කොළඹ සමාජයේ ඉහළම පිරිස් පවුල් පිටින් ආවා. ගෝල්ෆේස් එක එකම ෆැන්ටසි අයිලන්ඩ් එකක් වුනා. 

ඒ අස්සෙ අරගලේ රැඩිකල් වෙන්න ගත්තා. #Gotagohome නිර්මාතෘ පැතුම් කර්නර් එලවලා දැම්මා. නාකියො වෙච්චි සන්නස්ගල මෝටිවේසමා එලවලා දැම්මා. අළුත් චන්ඩි ඉදිමෙන්න ගත්තා. ඒ අස්සේ  අබාධිත සෙබලු ගොලුවෝ බීරෝ සංක්‍රාන්තික ලිංගිකයෝ ආවා. උන් එක්ක, කොළඹ වතු ප්‍රජාවේ සංස්කෘතිය සැණකෙලි බිම ආක්‍රමණය කලා. කලින් මේක දැකලා විඳලා තිබුනේ සයිමන් නවගත්තේගම විතරයි. 

ඉතින් එතන ඉඳිවෙලා තිබුන කූඩාරම් අර බොහීමියානූ සංස්කෘතියට තෝතැන්නක් වුනා. වීදී ගනිකවෝ, වෘතීය හිඟන්නෝ, කුඩ්ඩෝ, ගංජා කාරයෝ, අයිස් අයිස් බේබිලා නව පරපුරෙ සයිමන්ලා කුල්මත් කලා. ජංගි ගලවලා වැටේ එල්ලුවා, බෙසියරුත් එල්ලුවා. උන් හිතුවා මේ වතුවල උන් එන්නේ, උන්ගේ නිර්මාණ රස විඳින්නය කියලා හිතාන තියටර් වේදිකා ඉඳිවුනා. එකෙක් වැව්වා. හැබයි සිද්ද වුනේ වෙන දෙයක්. 

මුන් ඒකෙන් කොයි තරම් මත්වෙලා උන්නද කියනවා නම් ඝෝඨා එලවන්න පටන් ගත්ත වැඩේ, එහෙම්මම අමතක වෙලා කපුටු කාක් කාක් කාක් ... බැසිල් බැසිල් බැසිල්... කියලා පොඩි උනුත් එක්ක වෙසක් නලා පිඹින ඩ්‍රීම් ලෑන්ඩ් එකක් වුනා. ඩිස්නිලන්තේ ගෝල්ෆේස් ආවා.

වැඩේ හබක් වුනේ මයිනා ගෝ ගම පටන් ගත්තැයින්. මේ මයිනා කියන ආමන්ත්‍රණය මහින්දට අප්පච්චි කියලා වඳින පුදන උන්ගේ හදවතේ වේදනාවක් ඇති කලා. මහින්ද කියන්නේ ඝෝඨා වගේ හාල්පාරුවෙක් නෙමේ. චන්ඩියෙක්. පොර අරලිය ගහ මන්දිරේ තාප්පෙට අල්ලලා ගහලා තිබුන කූඩාරම් පාරෙන් එහා පැත්තට දැම්මෙව්වා. හැබයි බයියන්ගේ වේදනාව එයින් අඩු වුනේ නෑ.

දැනට ආරංචි විදියට මයිනා ගෝ ගමට ගහන ප්ලෑන් එක ශිරන්ති හා යෝෂිතගෙ වැඩක්. වැඩේ දුරදිග ගියේ උන් ගෝටාගෝගමට ගහන්න ගියායින්. මේකට ඝෝඨා කිසිසේත් කැමති වුනේ නෑ. ඝෝඨා එයාගේ ඔෆීස් එකත් අරගල කාරයන්ට දීලා පැත්තකට වුනේ, එයාගේ ආරක්ෂාව තියෙන්නේ අරගලය තුල බව එයා දැනගෙන උන් නිසා.

එයාගේ තිබුනේ වෙනත් වැඩ සටහනක්, මේ වැඩේ පෙන්නලා රාජපක්ෂ පවුලේ සියල්ලන්ම කපලා දාලා, එයා ප්ලෑන් කරපු ෆැන්ටසියක 2025 ත් ජනාධිපති වෙන්න, ඒ වැඩේ විමල්ගේ වැඩක්, දිලිත් ඩලස් හරහා වෙනම ගියේ ඒ ප්‍රොජෙක්ට් එක.

ඉතින් පොර එයාට චන්දේ දීපූ බයියන්ටම කඳුළු ගෑස් ගහලා එලවනවා. මේ දුවපු උන් බේරේ වැවට දැම්මේ, උන් ආපු බස් ගිනි තිබ්බේ, අරගලේ හිටපු උන් නෙමෙයි. ස්ලේව් අයිලන්ඩ් වතුවල ඉන්න මුස්ලිම් ප්‍රජාව. මෙයාලම තමා මිරිහානටත් ගිහින් ගැහුවේ. කොළඹ ඉන්න සුළු ජාතික ප්‍රජාව රාජපක්ෂලාට ජීවිතේට චන්දේ දෙන්නේ නෑ. උන්ට පුදුම වෛරයක් තියෙන්නේ රාජපක්ෂලා එක්ක. ඒක සදාතනික වෛරයක්. පලස්තීන ඊශ්‍රායල් වගේ. එදා එතන වුනේ ඒක.

ඊට පස්සේ රටම ගිනි තිබ්බේ, මිනී මැරුවේ, මංකොල්ලකෑවේ, ජෙප්පෝ. ඒක මොකා නොදන්නවා උනත්, ඒ භීෂණයට මුහුණ දුන්න උන් ඒක දන්නවා. හෙල්මට් බලකාය කියන්නේ තනිකර ජෙප්පෝ. ඒ අතරේ සජබෙ මැරයොත් හිටියා. ඇත්තටම ඒක බලාපොරොත්තු නොවූ ඉල්ලගෙනම කාපු කෑමක්. බුද්ධි අංශවල උනුත් හොල්මන් කරපු සුපිරි සැලැස්මක්. 

ඝෝඨටත් එලවගන්න ඕන වෙලා හිටපු මහින්දලා බැසිල්ල එලවලා දැම්මේ බයියොමයි. නැතුව ඒක අරගලයේ ජයග්‍රහණයක් නෙමෙයි.

අරගලේ උන් කිසිසේත්ම වීරයෝ නෙමේ. ඔතන වීරකමක් ටිකක් හෝ කලා නම් කලේ පෙරට්ටෝ. උන් තමයි කඳුළු ගෑස් කෑවේ. තුවාල වුනේ. උන් නම් කවදාවත් අඬනවා දැක්කේ නෑ. නැත්නම් උන්ගේ කූඩාරමක් කැඩුවට එකෙක් දෙන්නෙක් ගුටි කෑවට ඔච්චර මැරෙන්න යන්නේ නෑ. 

මුන් 88/89 සිඳුවීම් දැක්කා නම්, ඕවා කතා කරන්නවත් ලැජ්ජා සිද්දීන්. හැබයි ජෙප්පන් කරපු මේ ක්‍රියාව නිසා අරගලයෙ උන්න පොරවල් ලයිසන් චන්ඩි වෙන්න ගන්නේ ඉන් පස්සේ. හැම එකාම රට කරන හැටි ලියලා දෙනවා. රූපවාහිනී චැනල් වලට ගෙන්නනවා, ඒවයේ උන් නාගන්නවා. 

පැන්ෂන් ගිය අරගලයෙන් ප්‍රතික්ෂේපිත සිවිල් පොරවලුත් ඕසෙට හෑලී ලියනවා ලාංකීය දේශපාලන ප්‍රජාව තිගැස්මකට ලක් වුනාය, දැන් එයාල මේ හුජ්ජා කොල්ලන්ට බය වෙන්න ඕනය, එයාලට රට බාර දීලා 225 ම ගෙදර යන්න ඕනය, එයාලව පාලනයට හවුල් කර ගන්න ඕනය, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන්න ඕනය, අර සභා මේ සභා පිහිටුවන්න ඕනය කියලා. ලැජ්ජා නැද්ද ඕයි රනිල් වගේ ජාතික ලැයිස්තුවලින් රිංගන්න. රටම පිලිගන්නවා නම් චන්දෙකින් එනවකෝ වීරයෝ වගේ.

ඒකට උත්තර දෙන්නේ පරිනත රනිල් වික්‍රමසිංහ .....

පොර වැඩ ආරම්බ කරන්නෙම නැකතට පිට වෙන්න හිටපු අයියලගෙ පිට අතගාලා. වජිර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේනවා. පෝට්ටුවේම දිනෙශ් අගමැති වෙනවා. පසඳ යාපා සතොස සභාපති වෙනවා. ඇපත් නැතිව ගෙදර උන්න, යූ ඇන් පී ඔක්කොම උන් ජනාධිපති උපසේනලා වෙනවා.

ඊට පස්සෙ අරගලේ හුජ්ජා කොල්ලෝ අපි මොන හාල්පාරුවොද කියල උන්ම වටහා ගන්නවා. අනික උන්ම කියනවා දැන් ඉන්නෙත් රාජපක්ෂ කෙනෙක්මය කියලා. තියෙන්නෙත් තිබුන සිස්ටම් එකමයි කියලා. ඉතින් මොකක්ද අරගලේ ලබපු ජය.

වාසනාවකට මේ සැරේ ටයර් සෑ, එස්ලෝන් බට, කටුකම්බි, ධර්මචක්කර නැතිව වැඩේ අහවර වුනා. දමිතා අක්කිත් බෙන්ස් එකෙන් ගෙදර ගියා, කුරස උස්සන් ගිය උන්, උන්ගේ ගාන අරගෙන මාරු උනා. උන් නළු නිලියෝ, ආයෙත් ෂෝ එකක් තියෙනවා කිව්වාම උන් එයි. ගාන අරගෙන මාරු වෙයි. දැන් තොපිට සෝභිතවත්, ජීවන්තවත්, සාලිය පීරිස්වත් නෑ.  

දැන් ඔය හුජ්ජා කොල්ලා චූ කරලා නිදා ගනිල්ලා. ඒ අස්සෙ පුලුවන්නම් රටට මෙහෙම වුනේ ඇයි කියන එක හොයා ගනිල්ලා. අඳින්න සරමක් හොයාගනිල්ලා. ගිනි කලබලේට සරම කැඩුවට දැන් තොපි ඔක්කොම ඉන්නේ අමු හෙළුවැල්ලෙන්. මාමයිට් පුපේ..

.

.

ඒ වගත් මෙසේය....

.

.

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ....

.

16 comments:

  1. 'ඊට පස්සේ රටම ගිනි තිබ්බේ, මිනී මැරුවේ, මංකොල්ලකෑවේ, ජෙප්පෝ.'

    ජෙප්පෝ නෙමෙයි. බහුතරයක් පෙරට්ටෝ හිටියේ ගෙවල් ගිනි තියන එක ලීඩ් කරන්න.

    ReplyDelete
  2. ගෝටා ගියේ ඇයි මාතලං?

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවට වෙන්නැති.
      ලෝකේ භයානකම ත්‍රස්තවාදීන්ට ගැහුව මොළ දෙකම ගෝඨා ශවේන්ද්‍ර ඉතා බලසම්පන්නව සිටි මොහොතේ හොටු පෙන්දන්ට ඉඩදී ගෝටා ගියේ කරන්න දෙයක් නැති කමේ ලැජ්ජාවට.
      අතේ මිසයිලයක් තිබුණට බල්ලෙක් බුරා ගෙන එනකොට මිසයිල ගහන්න බැහැ නේ.
      එතකොට ගැහුව එකා ජෝ්ක් වෙනවා. එහෙමයි කියලා බල්ලා කනතුරු ඉන්නත් බෑ.
      ඉතින් දුවන්නම වෙනවා.
      මේක වඩා ගැඹුරින් කිව්වෙ මහින්ද රාජපක්ෂ.
      අපි ඔබව ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ කොරෝනා වලින් බේරා ගත්තේ වෙඩි තියන්න නෙවෙයි කියලා ඔහු කිව්වා. ගෝල් ෆේස් එකේ හොටු පෙන්දෝ හිතුවේ බයට කියලා.
      පරම්පරා දෙකක චින්තන සම්ප්‍රදායවල වෙනසයි මොලේ ධාරිතාවේ වෙනසයි
      තමයි ඉතින්.

      Delete
  3. රටේ ආර්ථික කඩා වැටීමට හේතුව වුණේ ගෝඨාභය විසින් කරන ලද විශාල බදු අඩුකිරීම, රුපියල් මුද්‍රණය සහ ඩොලර් එක රු 200 හිරකිරීමෙන් මාසිකව ලැබෙමින් තිබූ ඩොලර් මිලියන 800 ක ප්‍රේශණ මිලියන 200 කටත් අඩු ගාණකට කඩා වැටීමයි. ඊට අමතරව පොහොර නිකන් දීම වැනි ඉටුකල නොහැකි පොරොන්දුවක් දී එයින් බේරීමට කර කාබනික පොහොර බොරුව කෘෂිකර්මය කඩා දැම්මා. එමනිසා තමයි ගෝටාභය ගෝ යටතේ අරගලය පටන්ගත්තේ. ඉන් පසුව අරගලය පවත්වාගෙන යනවානම් කල යුතුව තිබුණේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන, විගණනය, හොරකම් වැලක්වීමේ ක්‍රියාමාර්ග වැනි දේවල් සඳහා අරගලයේ ඉල්ලීම් වෙන කිරීමයි. එසේ නොකර ජවිපෙට බලය ගැනීමේ අරමුණින් රනිල් එලවීමට උත්සාහ කිරීමෙන් ඔවුන් පාර වරද්දා ගත්තා. එයට හේතුව නිර්පාක්ෂික අරගලය වෙන කට්ටියක් පැහැර ගැනීමයි. එවැනි පාක්ෂික අරගල වලට එතරම් කල් පැවතිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. අලගලය ඉවරෙටම ඉවරයි.

      Delete
    2. @ ඇනෝ 4.26

      මේ අරගලයේ මුවාවෙන් ඇමරිකන් ඉන්දියන් බලවේග තමන්ගේ පසමිතුරු චීන (සහ පකිස්ථානු) ව්‍යාපෘතියක් වූ PortCityයේ දොරකඩ අවහිර කරලා එහී ඉදිකිරීම් උපක්‍රමශීලීව නවතාගෙන හිටියත් අද ඒ උපක්‍රමය පරාජය වෙලා.

      දැන් චීන නෞකාව ලගා වෙනකොට ඊට සමානුපාතිකව බිම සැකසෙන ආකාරය ඉතා පැහැදිලිව පෙනේ. ලංකාව වැනි අන්ත දුෂිත මෙන්ම අමන මානසිකත්වයක් ඇති දේශපාලකයන් සිටින රටවලට මැදිහත්වීමට බලවත් රටවල් අතර ඇත්තේ පොරයකි.

      ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ලංකාව තුල 2010 වසරේ පමණ සිට පැහැදිලිවම කඳවුරු දෙකක් පොරකමින් සිටි අතර ඒ චීන-පකිස්ථාන සහ ඇමරිකා-ඉන්දියා යන යුගල දෙකයි. මෙයින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම හොරකමට වඩා පහසු pro-Chinese පිළට හේත්තු විය. ඇමරිකාව ගෝඨාභයව ගෙන එන්නේ මේ චීන ආධිපත්‍ය වෙනස් කිරීමට වුණත් ඔහුට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කිසිම වෙනසක් කිරීමට තරම් ශක්තියක් නැති බව තේරුම් ගන්නට ඔවුන්ට වැඩි කල් ගියේ නැත. ගෝඨාට මහින්දලාව ඉන්නා තැනින් අඩියක් වත් පිටුපසට ගැනීමට නොහැකි විය.

      මෙහිදී රාජපක්ෂලාගේ ගොන්කම නිසා අරගලය ඇති වන්නේ මේ අවස්ථාවේය.

      සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ මත පමණක් යන්තම් ගොඩ දාගෙන වසර ගණනාවක් තිස්සේ අමාරුවෙන් ඇදගෙන ගිය ලංකාවේ ආර්ථිකය කොහොමත් වැටීමට කොවිඩ් වසංගතය සහ එහි ප්‍රශ්න හේතුවී ඇති අතර ලංකාවේ අරගලය නොව රට තුල කුමන වෙනසක් වීමට මුල පිරුවත් බලවතුන් එයට අත දැමීම ලංකාව වැනි හිඟන රටකට වැළක්විය නොහැක.

      ඇතිවෙමින් තිබූ රැල්ල සමග කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ලංකාවේ ඊළඟ නායකයා ලෙස අනුර කුමාර දිසානායක හඳුනාගත් අවස්ථාවක්ද විය. නමුත් එය ලත් තැනම ලොප් වුණේ කිසිම වගකීමක් ගැනීමට බය බොරු බයිලා කයිවාරු ගසන නමුත් කිසිම වැඩක් කිරීමට නොදන්නා ජවිපෙ අනුගමනය කල පතෝල න්‍යාය හේතුවෙනි. ආසයි-බයයි සෙල්ලමට බලවතුන් කැමති නැත. සජිත්ට අත් වුනේද ඒ ඉරණමයි. තව ටික කාලෙකින් සජිත් ප්‍රේමදාස යන නම ලාංකීය දේශපාලනයෙන් මැකී අමතකවී යාමට නියමිතය. රනිල් ජනපති වන්න සති කිහිපයකට පමණ පෙර ඔහු එම තනතුරට පත්වන බව කොළඹ ඉහල diplomatic circle එක දැන සිටි බව මගේ හැඟීමයි. සාමාන්‍යයෙන් මෙවැනි අවශ්‍යතාවයක් ඇති විට තානාපති කාර්යාලය කරන්නේ අදාළ සියලුම පාර්ශවවලට තම අවශ්‍යතාවය දැනුම් දීමයි. ඉන්පසු ඔවුන් යම් විගඩමක් ජනතා තිරය මත පෙලගස්වයි. එය එසේම සිදුවිය.

      අපි නැවතත් ලාංකික ජනතාව ගැන මතක් කළොත් කිසිම චාරයක් නැති පට්ට හොරුන් සෙට් එකක් පත්කරගෙන, ඔවුන්ව නඩත්තු කරමින්, තවමත් ඔවුන්ගේ ගුණ ගායන කරමින් සිටින සමහර පිරිස් ලංකාව අද පත්වී ඇති අසරණ හිඟන තත්වය පිළිබඳව මූලික වශයෙන් වගකිවයුතු බව ඉතාමත් පැහැදිලියි.

      Delete
  4. මාතලන් මහත්මයා, ලංකා ඊ නිව්ස් ඉස්සර බූරු පුතාණන්ට පලු පැලෙන්න පතුරු ඇරියා. දැන් පීල්ල මාරුකරලා රනිල්ට ඇරියස් එක්ක පතබානවා.

    ReplyDelete
  5. "Ane tho wage Moda musalayek"- Dr.Mervin Silva (MP)

    ReplyDelete
  6. බැන්කු පද්දතියම කඩා වැටුනෙ පලමුව හොරකෑම. සුනාමි සල්ලි,මහියන්ගනයෙන් ගොඩ දාපු රත්තරන් දම්වැල, ලන්කාව කෑලි කෑලිවලට ඉන්දියාවටත් චීනයටත් විකුනන් කෑම, ලැබෙන හැම ඩොලරයක්ම හොරා කෑම, නැව් වලින් ලැබුන වන්දි මුදල් වලට උන දෙයක් නැති කොට තව මෙකී නොකී හැම දෙයකටම උන දෙයක් නැති කොට මොනවද මල්ලි මේ කතා. නිකන් බෛල ගහන්නෙ නැතිව ඉන්න හලෝ.

    ReplyDelete
  7. එක තැනකම නොලිව්වාට
    දන්නො දන්නවා හැබෑට
    මොකද වුණේ හැංගුවාට
    පරසිද්ධයි මුළු ලෝකෙට

    ඇත්ත වහමු ටික කලකට
    බොරුවම අපි ගනිමු උඩට
    බොරුවට නිදියමු තරගෙට
    කූද්දනව බොරු එතකොට

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නිදි අපි ඉන්නකම් කරන්න පුලුවන් පව් වැඩ ඔක්කොම කරලා මැරුනට පස්සේ අපි කොච්චර පිං කම් කරත් ඒකෙන් එයාට සුගතිගාමී වෙන්න බෑ. කරපු පව් ගෙවන්නම වෙනවා, හැබැයි අපි දාන මාන දීලා පිං අනුමෝදන් කිරීමෙන් අපේ හිත සැහැල්ලූ වෙනවා අපි ඥාතී ධර්මයක් ඉටු කරා කියලා. කොහොම වෙතත් මල ගිය ඇත්තා පුන අනුමෝදන් උනත් නැතත් ,හරියට සිත පහදවාගෙන දන් දුන්නොත් ඒ පින අපිට ලැබෙනවා..

      ලෝකය බිහිවී අවුරුදු මිලියන ගනනකට පසුවයි ආගගම් ඇතිඋනේ.

      නීති රීති මගින් හික්මවීමට බැරි මිනිසා යහමගට ගැනීමට ආගම් ඇතිඋනා.

      බුදුන් පිරිනිවන් පාලත් අවුරුදු 200 කට විතර පසුව තමයි මිනිසා අකුරු වලින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට යොමුවී ඇත්තේ. වන පොත්ලෙස ලැබුනු දහම පසුව බනපොත් බවට හැරඋනා.

      බුදුන්දේසනාකල දහමේ යතාර්තය, සියලු ආසාවන්ගෙන් මිදුනුකල සියලු ලතැවුල් නැතිව යනව.

      එදවස බාරතයේ පැවති චාරිත්‍ර සහ ඇදහිලි උන්වහන්සේ ප්‍රතික්ෂේපකලා.

      දෙවියන් පිටුපස යන්න එප, තමන්ගේ ගැලවුම්කාරයා තමන්මයි. "අත්තාහි අත්තනෝ නාථෝ".

      මේඋතුම් දහම අදවෙනකොට චීවරදාරීන් විසින් තම වාසියට හරවගෙන නොයෙක් බොරු දෙසමින් මිනිසුන් නොමග යවනවා.

      අදවෙනකොට ලක්දිව මිනිසුන් ඉතාම තිරිසන් විදිහට හැසිරෙනව, කුඩාදරුවෙකුටවත් පාරෙබැහැල යන්න බැහැ.
      එහෙමනම් මේදෙසනාවලින් පලක්වෙයිද.?

      කිසිම ආගමක් අදහන්නැති රටවල මිනිසුන් හොඳටම හික්මිලා. නුවනින් සිතන්න, යහපත් පුරවැසියෙක් වන්න.
      සියලුම දරුවන් යහමගට ගැනීම අපසැමගේපරම යුතුකමසේ සලකන්න.

      Delete
  8. මාතලන් මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ ආර්ථික දේශපාලනික අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකියි මොකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු නිල සංචාරය ලෙස චීනය බලා යාමට නියමිතව ඇති නිසා.

    ලංකාවේ මේ තාක් කාලයක් තිස්සේ පත්වූ සියලුම ජනාධිපති වරු මුලින්ම ඉන්දියාවේ ගිහින් එහේ අගමැතිට කතා කරලා ඔහුගේ ඇයගේ ආශිර්වාදය හා අනුමැතිය ලබා ගෙන රටේ පාලනය ආරම්භ කිරීම තමයි රටේ පැවති සම්ප්‍රදායය නමුත් මේ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර විධි සම්පූර්ණයෙන්ම වෙනස් කර මෙසේ වෙනස් අයුරින් කටයුතු කරන එක වගේම ඔහුගේ එම සංචාරයට පෙර මේ දිනවල දී ඇති වී තිබෙන ‘යුවාන් වෑන් 5’ චීන නෞකාවට අදාළ ගැටළුකාරී තත්ත්වය ද නිරාකරණය කරගැනීමට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වනුඇතැයිද ලංකාවේ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන බව බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති වල කියනවා මේක ඇත්ත කතාවක්ද?

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල මම දැක්කා සාමාන්‍යයෙන් ලංකාවේ රාජ්‍ය නායකයෙකු පත්වූ පසු පළමු සංචාරයකට ලෙස අසල්වැසි ඉන්දියාවට යාමේ චාරිත්‍ර වාරිත්‍ර වෙනස් කර වත්මන් ජනාධිපතිවරයා සිය පලමු සංචාරය ලෙස චීනය තෝරාගැනීම පසුපස දේශපාලන පණිවිඩයක් ජාත්‍යන්තරය වෙත ලබා දෙනු ඇති බව ජාත්‍යන්තර දේශපාලනික විචාරක මතය බව මේක ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  9. මොනාද බං ඔය අලගලේ කරල.ලැබුනේ? ඇයි ලංකාවේ ජීවන වියදම අඩු උනාද? අඩුම තරමින් ඒ මට්ටමේ නැවතුනා ද? රට පුරා රැකියා අහිමි වූ මිලියන එකක්පමණ පිරිසට ආපහු රැකියා වැඩි උනා ද? හොරකම, දූෂණය නැති උනා ද? රටේ ඒක පුද්ගල ආදායම වැඩි උනාද? සිස්ටම් චේන්ජ් උනාද ? හොරාකපු මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් ද?

    ඒ මොනවත් නෑනේ...

    උනේ කාරණා 3යි.

    01. තමන්ගේ ආසනේවත් බේරා ගන්න බැරිව අනාථ වෙලා හිටි රනිල් ඇමරිකන් එක්සත් ජනපදයේ ඉන්දීය සහයෝගය සමගින් ලේසියෙන්ම රටේ ජනාධිපති උනා,

    02. අරගලය මුවාවෙන් සමහර විශාල පිරිසක්, ඒ වගේම ආගම් විකුණගෙන කන කාලකණ්ණි පාදිලි උන්නාන්සේලා, හොර ගණගෙඩියෝ සහ මෞලවීලා, නිදි ගණිකාවන් සහ නළු හාල්කෑලි කුඩ්ඩෝ, තවත් එක එක අපත හාල්පාරුවෝ සෑහෙන පිරිසක් NGO සල්ලිවලින් ඉතා ලේසියෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බකරගන ගොඩ ගියා..

    03. නිර්පාක්ෂික අරගලයක් සම්බන්ධයෙන් මිනිස්සුන්ගෙ තිබ්බ කැක්කුම, ආදරය වතුරෙ ගියා....

    එච්චර තමයි...

    ReplyDelete
  10. මේ දවස්වල ගෙවීම් කරන්නේ කවුද? අභීත ද?

    ReplyDelete
  11. සතිෂාට කියලා චූ කරගන්න ආසයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න