.

.

Apr 22, 2022

ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්

 



ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ
කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

මේ ගැන මාතලන් විසින් කලින්ද ලියා ඇති මුත්, දැන් ඒවා ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතින නිසා නැවත ලියමි.

මා මිත්‍ර මනෝරම වීරසිංහ විසින් සැනකෙලිය ආරම්බයේදීම කිව්වේ මෙහි ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ, උගත් බුද්ධිමත්, දියුණු, සමාජශීලී, සාමකාමී විශේෂිත පිරිසක් කියාය. එය මෙම ගම් වැසියන් සියල්ලන්ගේම අදහස විය. එයාලා බුකියේ හිතාගෙන ඉන්නේත් එසේය.

ඒක දැක්කාම මට පස්ස පැත්තෙන් හිනා ගිය බවද මම මින් පෙර ලිව්වෙමි. ඒ ඔවුන්ගේ හැසීරීම්, මා මින් පෙර බුකියෙන් දැක තිබෙනා නිසාමය.

මෙය මනෝගේ වරදක් නොවේ.මේ රටේ හැම එකාම සිතන්නේ තමන් විශේෂිත මිනිස් කොඨ්ඨාශයක් කියලාය. හරියට ගොම සංගමේ උන් වගේය. අර කැනඩාවේ ඉන්නා රුවන් එම් ජයතුංග නම් මානසික රෝගියා වාගේය.

මෙය මේ රටේ සමාජ ක්‍රමයෙන්, සංස්කෘතියෙන් හා අධ්‍යාපන ක්‍රමය තුලින් ඇති කරනු ලබන, පේන තෙක් මානයක නිමක් නැති, මානසික රෝගයකි. බෙදී ඇති කණ්ඩායම් ගනන ලියන්නට මහාවංශයේත් ඉඩ ඇත්තේ නැතිය.

මෙතන සිටින්නේද පට්ට ගම් කබර ගෝත්‍රිකයින්ම පිරිසක් බව දැන් දැන් ඔප්පු වෙමින් සිටී. රැට්ටා, සන්නා, මෝටිවේසමා, සේපාල් මෙන් ප්‍රසිද්ධ යූ ටියුබ් කාරයන්ගේ සිට නාගන්නන්දයාද මෙතනට අරක්ගත් බූතයන් වෙන්නේ, වෙන කිසි හේතුවක් නිසා නොව, ගානක් කඩා ගන්නට බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.

තා පිරිසක් එන්නේ, පක්ෂයේ බලපෑම් මතය. ඔවුන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කළ යුතුය. තා පිරිසක් එන්නේ, තමන් නඩත්තු වෙන එන් ජී ඕ ආයතනයේ බලපෑම් මතය, නැතිනම් ජොබ් එකට කෙලවෙන්නේය.

බෝනගේන් කලාකරුවෝ හා ක්‍රීඩකයෝ වැහි වැහැලාය. දැන් කොම්පැනි කාරයෝද පැමිණ ඇත. ඒ එන්නේ උන්ගේ මාකටින් වලටය. ඩයලොග් කාරයෝ සම්ප්‍රේෂණ කුළුණු හදන්නේ ගෝටා එලවන්න නෙමේය. උන්ගේ බිස්නස් වැඩි කර ගන්නටය. හැම එකාම එහෙමය.  අපි දුන් ගුලිය කා එය ඉවත්කර ගැනීම වෙනම කතාවකි. 😁😁😁😁😁

රඹුක්කන මිය ගිය එකා මියගියේ, උන් වයලන්ට් උන නිසා බව කියා පිරිස අත පිසදාගෙන හොඳ බබාලා වූයේය. එහෙත් මුන් ගේම පටන් ගත්තේ අවසානයේ දළදා මාලිගාවද මංකොල්ල කෑමට කොල්ලන්ට මෝටිවේසොන් දීලාය.

මෙතන ඉන්නේ න්‍යායාචාර්‍ය ගල් ආඳෝ බවත්, අම්බරුවන් විසින් ඉතිරි වැඩ කොටස කරන බවත් මා ලිව්වේය. දැන් 88/89 නැවත සිහි ගන්වමින් කඩ වසා දැමීමට තුන්ඩු බෙදීමද ආරම්බ කර අවසානය. මේ ත්‍රස්තවාදයේ හා භීෂණයේ මහ ගෙදරය.

සිරිසේන මරණ දඩුවම ගෙනෙනා විට ඊට මිලේච්ඡත්වය යැයි කියූ උන්, දැන් රාජපක්ෂලා එල්ලා මැරීමට නහින්නේ ඔරිජිනල් සතා එලියට පැමිණ ඇති නිසාය.

දැන් මේවායේ නිර්මාතෘවරුන්ද සැපත්ව ඇත. එංගලන්තේ නාට්ටියක රඟපාපු එකෙක් ලෝකයේ හොඳම නළුවා ලෙසින් පැමිණ ඇත. 😁😁😁😁 දැන් ඔක්කෝම ඉන්නේ ජනාධිපති සූට් මහලාය.

ලැම්බෝගිනි කාරයෝ ඕසෙට පල්ලියට කඩේ යමින් සිටි. බෝම්බ තැබූ වහාබ්වාදියෝද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝද එක වැසිකිලියේ රෙමින් සිටී. ගම්මිසිරිස් ඇන්ඩ් පාදිලිස් අඹ යාලුවෝය.

ඊයේ, පෙරට්ටෝ හා ලිබරල් චින්තකයෝ මලබද්ධය වැළඳී, මලකට මරා ගත්තේය. දැන් පිරිසක් පාදෙනිය එල්ලා මැරීමට සූදානම් අතර, තවත් පිරිසක්, මේ අඳබාල සිඟිති ආතල් විප්ලව කාරයෝ මෙතනට වැද්ද ගත්තේ මොකාදැයි විමසති.

තා එකෙක් කුඩාරම් අස්සේ, ගංජා ගසා ඕගියක් දැමීමට යෝජනා කරද්දි තවත් පිරිසක් දහම් පාසල් දැමීමට යෝජනා කරති. තා පිරිසක් කොපිරයිට්ස් වලට මරාගනී.

ඒ අස්සේ මෙලෝ යකෙකුට නොතේරෙන, මෙලෝ රහක් නැති, බව්වොත් නොබලන, තුට්ටු දෙකේ කුණුහබ්බ නාඩගම් පෙන්නූ රැඩිකල් හිකනල්ලු, උන්ගේ දහ අට පාලී ජනතාවට පෙන්වමින් සිටී. ඒවා බලන්නෙ බලපු උන්ම පමණි. උන්ට මේවා සීරියස් උනාට අනෙක් උන්ට ඒවා පට්ට කොමඩිය.

මේ රටේ සිටින්නේ පට්ට ගෝත්‍රිකයින්ම බව ඔප්පු කරමින්,  මහා ලොකු ඉස්කෝලවල උන්ද, ඉන්ටර්නැෂනල් යන උන්ද, සියල්ලෝම තම රියැලටිය පෙන්වමින් ඔරිජිනල් සතා සමඟ පෙරහරට එක්වෙති.

ඉන් පසු සෙල්ෆි ගසා බුකියෙන් කොන්වීම වලකා ගනී. 😁😁😁😁

මේ පිළිබඳ කිසිඳු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවද, මුන්ගේ ආතල් බැලීමට පෝලීමේ විත්, නොමිළේ කා බී විනෝද වී, කපුටු කාක් කාක් කාක් කියා ගම රට බලා යති.

මෙතන ඉන්ධන අර්බුද නැත
විදුලිය අර්බුධ නැත
ගෑස් අර්බුධ නැත
සිමෙන්ති අර්බුධ නැත
කිරිපිටි අර්බුධ නැත
උද්ධමන අර්බුධ නැත
බඩු මිළ අර්බුධ නැත
ගෙවුම් ශේෂ හිඟයේ අර්බුධ නැත
කොටින්ම මේ මොහොතේ ප්‍රධානම ප්‍රශ්ණය වන
ඩොලර් අර්බුධයද නැත.

ඇත්තේ මං පොර වීමේ අර්බුධයක් පමණි..

මුන් නියෝජනය කරමින් දියවන්නාවේ ගව ගාලේ ඉන්නා අම්බරුවන්ටද ඊට විසඳුම් නැත.

ඒ... නායකයෝ නියෝජනය කරන්නේද අම්බරුවන්ගේ මානසිකත්වය නිසාමය.

එබැවින් රට ගොඩ ගැනීමට තම බුද්ධියෙන්, දැණුමෙන් හා අවබෝධයෙන් මේ මොහොතේ උත්සාහ ගන්නා සියල්ලන්ටම අපේ ගෞරවය හිමි විය යුතුය.

ඒ වගත් මෙසේය....


25 comments:

  1. අඩු කුලේ නුගත් ටැක්සිකාරයෙක් දෙන ටෝක්. පුකේ ඇගිල්ල ගහගෙන නිදා ගනින් බං. උබ දැන් මැරිලා.

    ReplyDelete
  2. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කර අතර තම පුත්‍රයා ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රා තබන නිලධාරීන් පවා විමසන්නේ රට බේරා ගන්න ආවාදැයි යනුවෙන් බව ද ඇය පැවසුවා.

    ඒ වගේම රාජපක්ෂලා සියලු දෙනාම එක පැත්තට දැම්මද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා ඉතා හොදින් රට පාලනය කළ හැකි බව ද සජිත් ප්‍රේමදාසගේ සජබය හා ජවිපෙ වැනි පක්ෂවලටද නායකත්වය දෙමින් සියල්ලන්ටම ඉහළින් සිටිමින් ලොව විශිෂ්ටම රට ලෙස ලංකාව ඉක්මණින්ම පත් කිරීමට ඔහුට අති විෂිශ්ට හැකියාවක් ඇති බවද ඇය සඳහන් කළා, මේ ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔය බටකොල අාච්චිය කියන දාර පට්ට වේස හත්වලාමගේ පිස්සුව හොදටම තද වෙලාද. ඔය කියන හරක් වෙදාව එවපන් ගෝල්ෆේස් එකට කෑම ටිකක් දීල යවන්න. ලොකුම අමාරැවක් තියෙනවනං රඹුක්කනට යවපන්. උඹට මොලේ අමාරු තිබුනට අපිට නෑ. තොපිව බලාගන්න නම් හොදයි. මොකද ඌ පශු වෛද්‍යනේ…



      Delete
    2. මොන කැනහිලෙක්ද? මහා කාලකණ්ණියෙක්…. මේ අර එංගලන්කෙ ගිහිං ලංකාවෙ ඉපදුනාට කනගාටු වෙනවා කියපු අවලමා නේද..? තුඃ නොදකිං මලපෙරේතයා… එන්ගලන්තෙ ඉඳන් ඇවිත් රටේ නායකය වෙන්න. නොදකින් පුස් බූරුවා. ඕකා ආවොත් මිනිස්සු ගහල පන්නනව.

      Delete
  3. කතාව ඇත්ත තමයි මාතා ඒත් තව දෙයක් මෙතන තියෙනවා, මෙතනදි ලංකාවේ මේ දවස්වල පවතින තත්වය මත "ගෝටා-ගෝ-ගම' ගෝල්ෆේස් සැනකෙලිය දිගටම පැවතිය යුතුයි. මොකද ලංකාවේ කොළඹ නාගරික සීමාවේ අඩු ආදායම්ලාභීන් සහ මැද පාන්තියේ අයටත් මේ දවස්වල ජීවන වියදම අධික නිසා, බූමිතෙල්, ගෑස් නැතූව කොළඹ තට්ටු නිවාසවල ඉන්න අයට උයාපිහාගන්න අමාරුයි. බඩුමිලත් හුගාක් වැඩියි. ඉතින් ඔය ඔක්කොම අමතක වෙනවා හවසට මූදූ හුලං වැදිලා, නොමිලේ කාලා බීලා ඉන්නකොට. මේ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම කරන්නේ පිටකොටුව ඇතුළු කොළඹ ආනයන ආශ්‍රිත ව්යාපාර කරලා කලින් අඩු ගානට ගෙනාපු ස්ටොක් ඉතා ඉහළ මිළ ගණන් වලට විකුණලා විශාල ලාභයක් ලබාගත් ව්යෑපාරික ප්‍රජාව, විශේශයෙන් මුස්ලිම් ජාතික ව්‍යාපාරික ප්‍රජාවේ දායකත්වය ඉතා විෂිශ්ටයි, මේ වෙලාවේ නන්දසේනයා (ගෝඨා) ගියොත් තත්වය වෙනස්. ඒ නිසා ඌව තව ටික කාලයක් මේ ප්‍රශ්න විසඳෙනකම් තියාගේන ඉන්න ගමන් සාමකාමීව උද්ඝෝෂනය කරමු,එන එන අයට කන්න බොන්න දිගටම දෙමු. විශාල අඩු අදායම් ලාභීන් මෙන්ම මැදි ආදායායම් ලාභීන්, ත්‍රීරොද රථ රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, රැකියා අහිමි වූ තවත් විශාල පිරිසක් මේ හරහා නොමිලේ කා බී විනෝද වී හිතේ පීඩා දුරු කරගෙන සැනසිල්ලේ මහ රෑට නිදාගෙන ආයෙත් දිනපතා එනවා උද්ඝෝෂණයට, මේකේ විවිධ නැටුම්, සැනකෙළි, ප්‍රදර්ෂන වගේ අවිධිමත් කානිවල් එකක සිරියක් තිබෙනවා, එය ඉතාමත්ම වටින සහ වෙලාවේ හැටියට ලොකු දෙයක්. කොහොමටත් කවුරු නායකත්වයට ආවත් තත්වය වෙනස් කරන්න කාලයක් යනවා. ඒ නිසා මම හිතන්නේ මේක දිගටම තබාගෙන යා යුතුයි හැකි උපරිම කාලයක්, එම ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය සම්පත් දායක ආයතන වලට මේක ඇදන් යන එක මහ ලොකු දෙයක් නෙවෙයි නේද? ඒ නිසා මේ මාකට් එක හරහා කට්ටියක් හැදෙන එක දිහා මම බලන්නේ සුබවාදීවයි, ඔවුන් ඒ ව්‍යාපරය හරහා හම්බකර ගත්තාවේ.

    ReplyDelete
  4. අඩෝ ගූතලන්, තෝ දන්නවද අමු මැටි හරකෙක් වන මොන්ගල් සජිත් ප්‍රේමදාස බේසික් පුතණ්ඩියා භාරකාර ආණ්ඩුව භාරගන්න බැහැයි කීව නියම හේතුව මොකක්ද කියලා? හා පුලුවන් නම් කියහන්?

    තොට කල්පනා වුණාද කව්ද යකෝ ජෙෂ්ඨ ඇමැතිලා වෙන්න ඉන්නේ? හකීම්,රිෂාඩ්,මුජිබර්, සුමන්තිරන්‍, රාජිත,හරීන්,අප්පුහාමි වගේ සජිත් ප්‍රේමදාස පොල් බූරු කාලකන්නි සක්කිලි ඇට රිළවටම හරියන කසිකබල්ලු, මාර හොරු ටික, හර්ශයි එරානුයි රනිල්ගෙ පහණින් එලිය බලලා පොර ටෝක්ස් ඉශූ කරාට බලය ලැබුනොත් රනිල් නැති නිසා රෙද්දේ රෙවිලා ගොන් ආතල් දේවි කට්ටියටම, එතකොට වෙන්නේ ඔය දැනට ගෝල්ෆේස් කට්ටිය තව එකට දෙක නෙවෙයි තුන හතර පහ වේවි. අන්තිමට උන්ගේ ගෙවල් කුඩු කරල විතරක් නෙවෙයි මරල තමයි නවතින්නේ, ඒ බයට පස්ස ගැහැව්වේ. ඒ ගැනත් ලියපිය ඩෝ...

    ReplyDelete
  5. අන්තර්කාලීන ආණ්ඩුව හදන්න ඕනේ ජනාධිපතිද ? කැබිනෙට්ටුව අස්වෙලා අන්තර්කාලීන ආණ්ඩුව හදන්න අවස්ථාව දුන්නා. නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂ වලට අවස්ථාව තිබුනත් සජිත්, අනුර කුමාර මගහැරියා. ජනපතිට දොස් කීම වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. කොහෙද බං කැබිනට් එක අස් වුනේ? ඒකට අගමැතියා අස් වෙන්න ඕනනෙ.පුටු මාරුවුනා විතරනෙ. අස්සයෝ වෙනුවට පෝනියෝ, බූරුවො පත් වුනා. පහුවෙනිදාම මිනී මැරුවා, තෙල් වැඩිකලා.ජනාධිපති කං අගමැතිකං උන් තියාගෙන මොන අන්තර්කාලීන ආණ්ඩුද? මංඥංද?

      Delete
    2. @ Anonymous 10.44

      ලංකාවේ ආර්ථික අර්බුදයක් තිබෙන්නා වූ මෙවන් අවස්ථාවක අගමැති මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාසලා (පක්ෂ - විපක්ෂ) පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්ව සාමූහිකව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මෙතෙක් අපොහොසත් වීම සහ කිසිම විදිහකින් පිළිගන්න පුළුවන් විදිහේ එකඟත්වයකට නොපැමිණීමට නොහැකි නිසා IMF ආයතනය ලංකාවට ලබාදෙන්නා වූ පණිවිඩය විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින්නාවූ 225 දෙනාගේම දේශපාලන අනාගතය තීන්දු කෙරෙනු ඇත..! එපමණයි.

      Delete
  6. මේ මාතලන් ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි. දැන් ලංකා රට තිබෙන්නේ තම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකයි. ඒ ණය ගෙවීම කල්දමාගෙන ප්‍රතිව්‍යුහගත කර ගැනීමට නම් ජාත්‍යන්තරයේ පිළිගත් ප්‍රතිරූපයක් තිබෙන පුද්ගලයකු හෝ ආයතනයක් සමග සම්බන්ධවීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ලොව පිළිගත් ප්‍රධානම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF යි.

    මේ වන විට ලංකාව IMF හි සාමාජිකත්වය 1950 ලබාගත් පසු IMF මූල්‍ය අරමුදලට 16 වතාවක් ගොස් තිබේයි. ඒ මෙවර අප එහි යන්නේ 17 වැනි වරටයි.. මූල්‍ය අරමුදල වෙත නිතර ගිය රටවල් අතර ලංකාව ද සිටියි. ගතවූ කාලයෙන් හරි අඩක්ම ලංකාව සිටියේ මූල්‍ය අරමුදලේ වැඩ සටහන් සමගයි. ඉන් අනාවරණය වන්නේ ලංකාව නිතරම තම ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර නැති බවයි. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් අපට මූල්‍ය අරමුදලට යන්නට සිදු නොවෙයි. ශරීර සෞඛ්‍ය යහපත් පුද්ගලයෝ වෛද්‍යවරුන් හමුවට නොයති. එහෙත් ශරීර සෞඛ්‍ය පිරිහුණු පුද්ගලයන්ට නිතර වෛද්‍යවරුන් හමුවීමට යන්නට සිදුවෙයි. රටක් හැටියට ලංකාව ද එවැනි රෝගියෙකියි. (ශරීර සෞඛ්‍ය පිරිහුණු අවස්ථාවේ වෛද්‍යවරයකු හමුවට යා යුතුමය. නොගොස් සිටියොත් තවත් අසාධ්‍ය වෙයි. ලංකා ආර්ථිකය අද පවතින්නේ එවැනි තත්ත්වයකයි..

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලට ලංකාව මීට පෙර 16 වතාවක් ගොස් ඇතත්, සම්පූර්ණ කර තිබෙන්නේ ඉන් වැඩසටහන් හයක් පමණි. ගිවිසගත් වැඩසටහන් 10ක් ලංකාව විසින් සපුරා නැති බව ඉතිහාසයේ සඳහන් වෙයි. මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමට නම් අප කරන්නේ කුමන ආර්ථික ප්‍රතිසංස්කරණද කියා ඔවුන් සමග එකඟතාවකට පැමිණිය යුතුවෙයි. ඔවුන් අපට යම් මුදලක් වාරික වශයෙන් ලබා දෙන්නේ ඇතිකරගත් එකඟතා සම්පූර්ණ කරන අයුරු මතවෙයි. ඒ ණය දෙන්නේ කොටස් වශයෙන් මිස ගෙඩි පිටින් නොවෙයි. මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹිය යුත්තේ එමගින් වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය හෝ ආධාර ලබා ගැනීමට වඩාත් පහසු වන හෙයිනි. ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලින් අප ගෙවීමට තිබෙන ජාත්‍යන්තර ණය ගෙව්වොත් රටේ ජනතාවට සහනයක් නොලැබෙයි. මූල්‍ය අරමුදල ණය ගෙවීම සඳහා ණය නොදෙයි. මූල්‍ය අරමුදලේ විවිධ වැඩසටහන් තිබේ. මාස 36කට වඩා වැඩි කාලයක් ඇදෙන වැඩසටහන් ඒ අතරින් විශේෂිතය. දැන් ලංකාව යන්නට සැරසෙන්නේ එවැනි වැඩසටහනකට. ලංකාව මීට පෙර එවැනි වැඩසටහන් හයකට IMF මූල්‍ය අරමුදල සමග ගිවිස ගත්තත් සම්පූර්ණ කර තිබෙන්නේ වැඩසටහන් දෙකකි. අනෙක් වැඩසටහන් හතරම අතරමග නවතා තිබේ.

    IMF මූල්‍ය අරමුදල සමග ගිවිස ගන්නා දිගුකාලීන වැඩසටහනකදී (Extended Fund Facility) ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් කළ යුතුය. මේ අවස්ථාවේදීත් අප මූල්‍ය අරමුදලට යා යුත්තේ කීයක්හරි ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කරගැනීම එහි යාමේ අරමුණ විය යුතුය.

    මොකද ලංකාවේ ආර්ථිකය නමැති නිවසේ ඉදිකිරීම් සියල්ල වැරැදි නිසා දැන් තීන්ත ගා හරියන්නේ නැ, අත්තිවාරමේ සිට සියල්ල නිවැරැදි කළ යුතුයි, මේ වතාවේදී වත් වැරැදි සියල්ල නිවැරැදි කරගත යුතුයි.

    IMF මූල්‍ය අරමුදල කිව්වත් නැතත් අප අපේ ආර්ථිකය සකසා ගත යුතුයි. IMF මූල්‍ය අරමුදලෙන් අපට ලැබෙන්නේ සහයෝගයක් පමණක නිසා මූල්‍ය අරමුදලට ගිය පමණින් සියල්ල විසඳෙන්නේ නැ. ඔවුන් සමග එකඟ වන දේවල් නොකිරීමෙන් තව තවත් වළේ වැටෙන්නේ අප මිස ඔවුන් නොවේ. මූල්‍ය අරමුදල කියන සීමාවලින් එහාට ගොස් අපේ ආර්ථිකය නිවැරැදි කර ගැනීම ලංකාවේ වගකීම.

    IMF අරමුදලට නොගොස් අපේ ආර්ථිකය නිවැරැදි කර ගැනීමේ හැකියාව අපට ද තිබණත් දැන් අප සිටින්නේ රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ටික ආනයනය කර ගැනීමට අවශ්‍ය ඩොලර් ටිකවත් නැති තත්ත්වයක නිසා දැන් වෙන විකල්පයක් නැ, තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට මූල්‍ය අරමුදල අත්‍යවශ්‍යයි නේද? අප කාට කොච්චර ණය ද ඒවා ගෙවිය යුත්තේ කොහොමද, කවදාද කියා වඩාත් පුළුල් තුලනාත්මක (Debt Sustainability Analysis) විග්‍රහයක් කළ හැක්කේ මූල්‍ය අරමුදලට පමණකි. අනෙක් පැත්තෙන් මුල්‍ය අරමුදල හැර වෙනත් කිසිවකු මේ වෙලාවේ අපට ඩොලර් නොදෙයි. ඒ නිසා දැන් මූල්‍ය අරමුදලට යන්නට සිදුවී තිබේ. එහි ගියත් ඉන් අපට ලැබෙන්නේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට උදව් පමණි. අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරගත යුත්තේ අප විසින්මයි නේද?

    ReplyDelete
    Replies
    1. මොකද ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සේම ආර්ථික සංවර්ධනය ගැන ද ලංකාවේ පවතින්නේ වැරැදි කියවීමකි. පාරවල් හැදීම, ජනතාවට සල්ලි බෙදාදීම විතරක් මදි. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ ආර්ථිකයට මැනවින් ධාවනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි. ඒ සඳහා දෙස් විදෙස් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යුතුමයි;

      ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර සියලු දෙනාට සමාන තරගකාරී බිමක් සැකසීම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ හා දැක්ම විය යුතුයි, තරගයක් ආරම්භ කිරීමට සියලු දෙනාට තිබිය යුත්තේ සමාන අවස්ථායි, දක්ෂතම ව්‍යාපාරිකයන්ට ජයග්‍රහණය කළ හැක්කේ එවිට පමණයි, තරගය ආරම්භ කිරීමට කාටත් තිබෙන්නේ එකම ස්ථානයක් නම් කවුරුත් තරගයට පිවිසෙති. ඒ ඒ අයට වෙන වෙන තැන්වලින් තරගය ආරම්භ කළ හැකි වුවහොත් ඒ තරගය තරගකාරී නොවෙයි. බොහෝ දෙනෙක් එවැනි තරගයකට නොපිවිසෙති. සියලු දෙනාට තරග කළ හැකි සමාන බිමක් ගොඩනැගීම ආර්ථික ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ විය යුත්තේ එහෙයිනි.

      ලංකාවේ ආර්ථිකය තුළ දැන් රජය ව්‍යාපාර රැසක් කරයි. ඛනිජ තෙල්, ගෑස්, විදුලිය සේම ගොඩ බිම හා ගුවන් ප්‍රවාහන සේවා ඇතුළු ව්‍යාපාර රැසක රජය නිරත වෙයි. ඒ නිසා ඒ කිසිවක වගකීම කිසිවෙක් නොගනිති. ඒ නිසා මේ රාජ්‍ය ව්‍යාපාරවලට දෙස් විදෙස් පෞද්ගලික අංශය සම්බන්ධ කරගත යුතුමයි. රජයකට කළ නොහැකි ව්‍යාපාරවලින් රජය ඉවත් විය යුතුය. ඒ අවස්ථා දිය යුත්තේ පෞද්ගලික අංශයට. ඇතැම් ඒවා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යා හැකියි; ගොඩබිම මගී ප්‍රවාහනය, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා රාජ්‍ය කළමනාකාරිත්වය යටතේ පැවතීම සහේතුකයි. එහෙත් ඒවායේ පවතින අකාර්යක්ෂම හා දූෂිත ක්‍රමවේද සම්පූර්ණයෙන්ම අකා මකා දැමිය යුතුයි,

      ලංකාවේ ආර්ථිකය රජය ව්‍යාපාර නොකළ යුතු බවට හොඳම උදාහරණය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. එහි වසරක පාඩුව රුපියල් බිලියන 45ක් පමණ වෙයි. එය සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් කරන වියදමට සමානයි නේද? ඉතින් මේ ගමන තවදුරටත් යා හැකිද? ඛනිජ තෙල් හා විදුලි වැනි සංස්ථා මණ්ඩලවල පාඩුද කිසිසේත් දරාගත හැකි ඒවා නොවේ. ඒවා පවත්වාගෙන යාමට බදු ගෙවන්නේ රටේ දුප්පත් මිනිසුන්.

      මම මේ කියන්නේ IMF මූල්‍ය අරමුදල කියන දේවල් නොවේ. රටක් ලෙස අප කළ යුතු දේවල්. රටේ පොදු ජනතාව මත පැටවී තිබෙන බර ලිහිල් කිරීමට කළ යුතු දේවල්. වැරැදි පාරක යන රටේ ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීමට කළ යුතු දෑ, IMF මූල්‍ය අරමුදල දැනට නිකුත් කර තිබෙන වාර්තාවේ ප්‍රධාන නිර්දේශ පහකි.

      Delete
    2. Refer to IMF Report - රාජ්‍ය ආදායම වැඩිකරගත යුතු බව ඔවුන්ගේ පළමු වැනි නිර්දේශයයි. ඒ සඳහා ආදායම් බදු හා වැට් බදු ඉහළ නැංවිය යුතු බව IMF කියති. පෙට්‍රල්, ඩීසල්, විදුලිය වැනි බලශක්තිවල මිල තීරණය කිරීම සඳහා ස්ථායීකරණ අරමුදලක් හෝ 2016/17 - 2020 IM Program for Sri Lanka අයි එම් එෆ් එකෙන් ලංකාවේ රජයට පැවරූ කොන්දේසියේ හැටියට මිල සූත්‍රයක් හඳුන්වාදිය යුතු බව මූල්‍ය අරමුදල කියයි. එසේම රාජ්‍ය වියදම් අඩු කර ගත යුතු බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. External Debt ණය ස්ථාවර කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ඔවුන්ගේ දෙවැනි නිර්දේශයයි. ඉන් අදහස් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ, Exchange Rates විනිමය අනුපාතය වෙළෙඳපොළ සාධක මත ගෙවන ඉල්ලුම සැපයුම මත තීරණය වන්නට ඉඩ හරින්නැයි කීම ඔවුන්ගේ තෙවැනි නිර්දේශයයි. එය කළ යුත්තේ බදු හා පොලී අනුපාත වැඩි කිරීම සමග බව මූල්‍ය අරමුදල කියයි.

      ලංකාවේ වාර්ශික උද්ධමනය 120% ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දී ඇත. උද්ධමනය අවම කිරීම සඳහා පියවර ගත යුතු බව IMF හතරවැනි නිර්දේශයයි. මුදල් අච්චු ගැසීම නිසා මහා භාණ්ඩාගාරයේ රැස්වී තිබෙන බැඳුම්කර වෙළෙඳපොළට නිකුත් කර මුදල් ප්‍රමාණය අඩුකර ගත යුතු බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

      අපේ ආර්ථිකය නිවැරැදි කර ගැනීමට දුප්පත් මිනිසුන්ට සහන සලසන්න කීම IMF මූල්‍ය අරමුදලේ පස් වැනි නිර්දේශයයි. ඔවුන් කියන හැටියට රජය දැන් දුප්පතුන් වෙනුවෙන් වැය කරන්නේ අඩු මුදලකි. දුප්පතුන්ට සහන දෙන බව කියමින් පාන් පිටි, ගෑස්, කිරිපිටි, විදුලිය යනාදියට සහනාධාර නොදී නියම දුප්පතුන් හඳුනාගෙන ඔවුන්ගේ බැංකු ගිණුමකට මුදල් දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව මූල්‍ය අරමුදලේ යෝජනාවයි. දුප්පතුන් සියල්ලන්ට සමාන මුදලක් නොදී අපහසුතාවේ මට්ටම අනුව දිය යුතු මුදල වෙනස් විය යුතු බව IMF මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. දුප්පතුන්ට එසේ සහන දිය යුතු බව කියනවා මිස දුප්පතුන් මත තව තවත් බර පැටවෙන ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතු බවක් මූල්‍ය අරමුදල නොකියයි.

      IMF මූල්‍ය අරමුදල එසේ කිව්වාට රටේ යහපත සඳහා ඊට වඩා ප්‍රතිසංස්කරණ කළ යුතු බව මගේ විශ්වාසයයි. මූල්‍ය අරමුදල කරන ඒ නිර්දේශ පහ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අපට මේ අර්බුදයෙන් ගොඩට පැමිණිය නොහැකි, මූල්‍ය අරමුදලේ නිර්දේශ තාවකාලික විසඳුම් පමණක හැටියට සහ අපේ ආර්ථිකයේ ආනයන හා අපනයන අතර ප්‍රශ්න පවතී. එසේම අපේ ආර්ථිකය තරගකාරී ද නැත. ආර්ථිකය තරගකාරීවීමට නම් එයට නිසි පරිදි ධාවනය කළ හැකි පරිසරයක් සැකසිය යුතුය. දැනට එවැනි පරිසරයක් නොපවතී.

      මොකද ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි කර ගැනීමේදී සහ ව්‍යාපාරවලට ඉඩම් ලබාගැනීමේ දී ආයෝජකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රශ්න ඉතා බරපතළයි එහිදී පවතින බාධා සුවිශාලයි රටේ ඉඩම්වලින් 80%ක්ම අයිති රජයටයි. ඒ ඉඩම් රටේ ජනතාවට, ආයෝජකයන්ට බෙදා දිය යුතුයි.

      විවිධ බොරු පරිසර සංවිධාන වැනි අවස්ථාවාදී තක්කඩියන් මොන බයිලා ගැහුවත් රටක භූමිය, ශ්‍රමය හා ප්‍රාග්ධනය ව්‍යවසායකත්වයේ ත්‍රිවිධ රත්නයයි. Factors of Production - commonly broken down into four elements: land, labor, capital, and entrepreneurship. ව්‍යාපාරයක ප්‍රධාන මූලික සාධක ඒවායි. දැනට පවතින ඒ බාධක හිරිහැර තුරන් කළ යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් පවතී. එහෙත් ඒවායෙන් රටටවත් රජයටවත් නිසි ප්‍රතිඵලයක් ආදායමක් නොලැබෙයි.

      Delete
    3. විදෙස් විනිමය හිඟයට මූලිකම පිළියමක් විදිහට ලංකාවේ අපනයන වැඩි කර ගැනීමට ගෝලීය සැපයුම්දාමවලට Global Supply Chains සම්බන්ධ විය යුතුයි.. ඒ සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ ද රැසකි. ඒ සඳහා අපේ ආනයන නිසි පරිදි විය යුතුයි.. ඒ සම්බන්ධ බදු ක්‍රමවත් හා විධිමත් විය යුතුයි. දැන් පවතින්නේ එක රැයින් වෙනස් කරන ආයතන බදු ප්‍රතිපත්තියකි. අද තියෙන බද්ද හෙට වෙනස් කරයි. ඒවා එසේ නොවිය යුතුය. එවැනි පරිසරයක අපනයන වර්ධනය කර ගැනීමට නොහැකිය. එසේ නොවුණොත් අපේ අපනයන වර්ධනය නොවෙයි.

      ලංකාවේ ආර්ථිකය රජයට කළ නොහැකි හා රජය විසින් නොකළ යුතු ව්‍යාපාර පෞද්ගලික අංශයට බාර දිය යුතු ගමන් රාජ්‍ය සේවයෙහි ද විශාල වෙනස්කම් කළ යුතුය. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් සිටිති. රටේ මුළු ශ්‍රම බලකායම ලක්ෂ 80කි. ඉන් ලක්ෂ 15ක්ම රජයේ සේවකයෝ, ඒ අතරින් ද වැඩි පිරිස දේශපාලන පත්වීම් ලද පුද්ගලයෝ. ඔවුන්ට වැටුප්, විශ්‍රාම වැටුප් හා වෙනත් වරප්‍රසාද සහ දීමනා ලබාදීමට තරම් ආදායමක් හෝ වත්කම් රජය සතුව නොපවතී. ඒ නිසා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතුමය.

      ලංකාවේ ආර්ථිකය ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය සුරැකීම සඳහා ද පියවර රැසක් ගත යුතුය. ඒ සඳහා නව නීති රීති හා ක්‍රමවේද සකසාදීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. මහ බැංකුවේ කටයුතු ඇමැතිවරයකුගේ පෞද්ගලික දැක්ම මත තීරණය වීම රටට ඉතා හානිකරය. මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන ප්‍රතිපත්ති රාමුවක් තිබිය යුතුය. ඒ ප්‍රතිපත්ති රාමුව වහා සකසා ගත යුතුය. එසේම රටේ දැනට පවතින බදු ක්‍රමය අසාධාරණය. අයුක්තිසහගතය. ආදායම් බදු සේම වක්‍ර බදු ද වෙනස් විය යුතුය. ආනයන හා අපනයන බදු රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට ඉවහල් වන අයුරින් වෙනස් කළ යුතුමය. ගැසට් මගින් එක රැයින් බදු වෙනස් කරන ප්‍රතිපත්ති වහාම හකුළාගත යුතුය. එසේම වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල වෙනස් වන ආකාරය මත තීරණය වන දුප්පතුන්ට සහන සැලසෙන මුදල් සහනාධාර ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. සහනාධාර දිය යුත්තේ ඒවා අත්‍යවශ්‍ය අයට පමණකි. මෙතෙක් කල් ක්‍රියාත්මක වූ සහනාධාර අනවශ්‍ය අයටත් ලැබිණි. කිරිපිටි හා ගෑස්වලට දුන් සහනාධාර උදාහරණය. ඒ සහනාධාර ඒවා අනවශ්‍ය ධනපතියන්ට ද ලැබිණි. අනවශ්‍ය අයට සහ නොදිය යුතු අයට සහනාධාර දීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවේ. එය අනාර්ථික (non economic) ප්‍රතිපත්තියකි. ආණ්ඩුව මේ දේවල් කළොත් කවුරු බලයේ හිටියත් මිනිසුන්ට යහපත් හෙට දවසක් උදා වෙයි කියලා කියන්න පුළුවන්.

      Delete
    4. @ AnonymousApril 22, 2022 at 11:19 PM

      Agree with this statement dude, you are 100% true & unfortunately most of the buggars in SL simply don't know what happened to the economy and how to recover the same. They simply bashing one set of rulers & altering their counterparts whom are equally stupid or even worse idiots. That doesn't make any sense & very difficult to shift SL from current position to the developed world.

      I'm keeping Hope's with this IMF program to be implemented but can't trust IMF as well coz they also have their own agenda in compliance with US, EU, Japan and India's master minded plan against their enemies. Just had to wait & see, pray for SL and no other option either isn't it?

      Delete
  7. මාතා, නිරපේක්ෂ වශයෙන් බලනකොට පේන දේ තමයි පුද්ගල වන්දනාවට ගියාම ටොයියො බයියන්ට එහා කියන එක, මතක ඇති නේ අපි ඒ කාලේ බයියයන්ට එක පවුලකට කත් අදින අමු වහල්ලු කියලා බැන්නා. මේ දවස් වල ජෙහාන් අප්පුහාමි කාරයා හෙන ගොන් ආතල් එකක් දෙනවා නේ, අර 2019 නන්දසේන දිනවන්න කට්ටක ඇනිච්ච කෙලි පොඩ්ඩ මතකයි නේද? තව ඊට අවුරුදු ගානකට කලින් ඔය වගේම මානුෂීය ප්‍රකාශණයක් කළා ජගත් මනුවර්ණයි සමනලී ෆොන්සේකයි සෙට් එක. මැදමුලනේ නාකි මයිනාගේ මදාවි මැර දේශපාලුවන්ගෙන් කෙනෙක් උද්ඝෝෂණයකට පහර දුන්න කියල. අඬල දුක් වෙලා ඉස්පිරිතාලේ බොරුවට නැවතිලා... දැන් උන් රංගනයෙන් ඊට වඩා පරිණත බවක් පේනවා, එදා කියුවේ අපට බඩගිනි උන්ට ලැම්බෝගිනි ඒ නිසා මට ලැම්බෝගිනි දීපියව් කියල. ඊට පස්සෙ මෛත්‍රීපාල දිනුවම මාස කීපයක් ඇතුලත ඒ ගහපු එකාට ගෞරවනීය ලෙස ආරාධනා නිදහස් පක්ෂ සංවිධායක කමකුත් දුන්නා.

    මානුෂික ප්‍රකාශණය එකක්, political propaganda කියන්නෙ තව එකක්..

    පොඩ්ඩක් දුක මූනක් හදපු ගමන් ඒ ප්‍රොපගැන්ඩා එකට අහුවෙලා හදවත උණුවෙලා යනව කියන්නෙ හෙනම සිඟිති මට්ටමක්. පක්ෂය වෙනුවෙන් ඕනි තරම් බර අදින වහල්ලු කොයි පක්ෂෙත් ඉන්නවා මාතා, පුද්ගල වන්දනාවට නොයා කාලයට ඉඩදීලා බලන් ඉමු මේකා මොකාටද එන්නේ කියලා?

    ReplyDelete
  8. මාත මචන් මම හිතන්නේ වැලිමඩ, බණ්ඩාරවෙල සහ කැප්පෙටිපොළ මාර්ග අවහිර කරමින් සිවිල් වැසියන්ට කරපු පීඩාවන් ඇසින් දුටු හා එයින් පීඩාවට පත්වූ ස්වාධීන පුද්ගලයකු ලෙස එම ක්‍රියාවන් තරයේ හෙළා දකින අතර එමගින් මෙම "සාධාරණ අරගලයේ" පොදු අරමුණු ගිලිහෙමින් අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට දරණ ප්‍රයත්නයක් ලෙස නිරීක්ෂණය කරමි.

    එමගින් මෙම "සැබෑ ජන අරගලය" සිවිල් ජනයාට එපා කරවීමට යම් සංවිධානාත්මක පිරිසක් හිතා මතාම නිර්මාණය කරන ලද්දක් දෝ කියා ප්‍රශ්නාර්ථයක් තියෙනවා මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. උඩුබාදන කුලේ මාමලා සෙට් එක ඔතන හිටියේ. අඹගස්දෝවේ උපාලි අයියලත් හිටියා.

      Delete
  9. සේපාල්ගේ ආච්චි වගේ ආච්චි කෙනෙක් උඹට නෑ කියලා උඹ සේපාල්ට ඊරිසියා කරන්න එපා.

    ReplyDelete
  10. මාතලන්,

    ලංකාවේ ප්‍රවීණ තොරතුරු තාක්ෂණ අංශයේ විශේෂඥ උපදෙස් සහිතව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී ප්‍රධාන සංවිධායක චතුර සේනාරත්න ඇතුළු පිරිස ඇනොනිමස් නමැති ලෝකප්‍රකට වෘත්තීය හැකර් කණ්ඩායම සමග එක්වී රාජපක්ෂ දූෂිත කල්ලිය විසින් ඉතා පුළුල් ලෙස සොරකම් කර ඇති ලංකාවේ විදේශ සංචිත දැනට සඟවා තබා ඇති සහ ආයෝජන කර ඇති ස්ථාන පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන එය සියලුම ලාංකීය ජනතාවගේ දැනගැනීම පිණිස වට්ස් ඇප් හරහා සමාජ ජාල වල විශාල වශයෙන් සංසරණය කර තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ වට්ස් ඇප් මැසේජ් එක මේක හැමෝටම දැනගන්න ෂෙයාර් කරන්න.

    Continued...

    ReplyDelete
  11. //Forwarded many times;

    ඇනෝනිමස් ක්‍රියාත්මකයි – ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ සැඟවුනු වත්කම් සියල්ල ඩාර්ක් වෙබ් වෙත මුදා හැරේ!

    ලොව ප්‍රකට ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලේ වත්කම් සහ සැඟවූ ධනය හෙළිකරමින් විශේෂ ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

    මින්පෙර ඇනෝනිමස් හැකරුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශය කළේ රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාවේ පාලනයක් ඉවත් වීමට දින 14ක් ලබා දෙන බවත්, දින 14ක් තුල ඔවුන් ඉවත් නොවුනහොත් ඔවුන්ගේ සැගවුනු වත්කම් සියල්ල හෙළිකරන බවයි.

    ඒ අනුව ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම රාජපක්ෂවරුන්ට ලබා දුන් දින 14ක කාලය ඊයේ දිනයෙන් (21) අවසන් වූවා. ඒ සමගම ඊයේ ලංකාවේ වේලාවේන් මධ්‍යයම රාත්‍රීයේදී ලොව ප්‍රකට ඩාර්ක් වෙබ් අඩවි රැසකට ඇනෝනිමස් කණ්ඩායම විශේෂ ලේඛනයක් නිකුත් කර තිබුනා.

    මෙහිදී R-S Papers By A ලෙස නම් කර තිබූ මෙම ලේඛනය කොටස් දෙකකින් යුක්තයි.

    මෙහි පළමු කොටසේ දැක්වෙන්නේ රාජපක්ෂ පවුල විසින් තමන් අයතා ලෙස ඉපැයූ මුදලින් ශ්‍රී ලංකාව තුල (Inside Sri Lanka) සිදු කළ ආයෝජනයි. දෙවැනි කොටසේ රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාවෙන් පිටත (Outside Sri Lanka) සිදු කළ ආයෝජන දැක්වේ.

    මෙම කොටස් දෙක යටතේ රාජපක්ෂලා සිදු කළ සම්පූර්ණ ආයෝජන ඩොලර් බිලියන ගණනක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවෙන් අතුරුදහන් වූ ඩොලර් සංචිතයට සිදුවූ දේ ඇනෝනිමස් හැකරුන් කණ්ඩායම හෙළිකර තිබේ. මෙම සියලූම දත්ත ඔවුන් විසින් මෙරට මූල්‍ය වාර්තා, ඕෆ්ශෝ බැංකු ගිණුම්, රහසිගත වෙබ් අඩවි හැක් කිරීමෙන් ලබා ගත් දත්ත වන අතර මේ වනවිට මෙම ලේඛනය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සමාගම් රැසක් තිගැස්සීමකට ලක් කිරීමට සමත්ව තිබේ.

    එම සම්පූර්ණ ලේඛනයේ සිංහල පරිවර්තනය පහතින්,

    R-S Papers By A – පළමු ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් මෙරට තුළ සිදු කළ ආයෝජන

    * නො. 276/4, මීගමුව පාර,වත්තල පිහිටි දේපළ – රෝහිත රාජපක්ෂ විසින් මෙම දේපළ මිලට ගෙන තිබේ.

    * Butter Boutique සුපිරි අවන්හල – කොළඹ පිහිටි සුපිරි අවන්හලකි. යෝෂිත රාජපක්ෂ මෙහි සැඟවුනු හිමිකරුය.

    * පෙරේරා ඇන්ඩ් සන්ස් (PnS) – රට පුරා විහිදුනු අවන්හල් ජාලයකි. නාමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 2,500ක් ආයෝජනය කර තිබේ.

    * රිචී තේ – තේ නිෂ්පාදන ව්‍යාපාරයකි. චමල් රාජපක්ෂ විසින් රුපියල් මිලියන 3,500ක් යොදවා ඇරඹූ ව්‍යාපාරයකි.

    * මෙල්වා සිමෙන්ති – හිමිකාරීත්වයෙන් 60%ක් බැසිල් රාජපක්ෂ සතුවේ.

    * පීරමීඩ විල්මාර් සමාගම – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාලතම සමාගමකි. රාජපක්ෂ පවුලේ මුදල් ආයෝජනය කරමින් දිවෙන ව්‍යාපාරයකි.

    * අරලිය සමූහ ව්‍යාපාරය – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාර්ෂිකව රුපියල් බිලියන් 21ක ආදායමක් උපයන සමාගමකි. ස්විස් බැංකු වල වාර්ෂික ආදායම තැන්පත් කරයි, මෙහි ඩඩ්ලි සිරිසේන නම් පුද්ගලයා සතුව සමහිමිකාරීත්වය රාජපක්ෂ පවුල දරයි.

    * Ministry of Crab – ලොව පුරා විහිදුනු ශ්‍රී ලාංකිය සුපිරි අවන්හල් ජාලයකි. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන යන හිටපු ක්‍රීඩකයන් සමග 40%ක හිමිකාරීත්වය නාමල් රාජපක්ෂට හිමිය.

    * Kolamba – අවන්හලකි. 70%ක කොටස් යෝෂිත රාජපක්ෂට හිමිය.

    * Busy Bean Cafe – රාජපක්ෂ පවුල විසින් ඉපැයූ මුදල් ආයෝජනය කළ තවත් අවන්හලකි.

    * Rythm and Blues (RNB) – V.I.P අමුත්තන්ට පමණක් වෙන්වූ ශ්‍රී ලංකාවේ සුපිරිතම රාත්‍රී සමාජශාලාවකි. රෝහිත රාජපක්ෂ විසින් මෙහි රුපියල් මිලියන 2,770ක් ආයෝජනය කර, මත්පැන් බලපත්‍ර ලබා දී තිබේ.

    * Camera.lk – විමල් වීරවංශ හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. මේ වනවිට ශ්‍රී ලංකාව පුරා විහිදුනු කැමරා අලෙවිසැලකි.

    * හෙළකුරු සහ හෙළ Pay – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික ව්‍යාපාරයකි. ධනික පෙරේරා නම් පුද්ගලයා හරහා රෝහිත රාජපක්ෂ විසින් මෙම ව්‍යාපාරය ඇරඹීමට රුපියල් මිලියන 8,000 ක් ආයෝජනය කර තිබේ.

    * MAS Holdings (18%ක කොටස්) – මෙරට ප්‍රධානම අපනයනකරුය. මහින්ද රාජපක්ෂ මහතාට මෙම ව්‍යාපාරයෙන් 18%ක කොටස් හිමිය. ඒ නව ඇගලුම්හල් ඇරඹීමට ලබා දුන් ඉඩම් වල වටිනාකමටය.

    * ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. සැබෑ හිමිකාරීත්වය නාමල් රාජපක්ෂ සතුය.

    * චෙවාන් ඩැනියෙල් නම් පුද්ගලයෙකු හරහා නාමල් රාජපක්ෂ මහාරාජා සමූහ ව්‍යාපාරයේ කොටස් 18%ක් මිලට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 5,760කි.

    * Roar මාධ්‍ය ජාලය – රොයෙල් රේමන්ඩ් නම් කාන්තාවක් හරහා බංග්ලාදේශයේ Roar මාධ්‍ය ජාලය නාමල් රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ. වටිනාකම ඩොලර් බිලියන දෙකකි.

    * සියත මාධ්‍ය ජාලය – අර්ජුන් ඇලෝෂියස්ට හිමි සියත මාධ්‍ය ජාලයේ 23.2%ක කොටස් සඳහා යෝෂිත රාජපක්ෂ ආයෝජනය කර තිබේ.

    Continued...

    ReplyDelete
    Replies
    1. ඊළඟට R-S Papers By A – දෙවන ඛාණ්ඩය / රාජපක්ෂ පවුල විසින් විදේශයන් තුල සිදු කළ ආයෝජන

      * Cafe Ceylon – Uganda – වටිනාකම ඩොලර් මිලියන 196 කි.

      * Uganda Airlines හි මුළු ගුවන් යානා 76න් 32ක් – රාජපක්ෂ පවුලට හිමිය, ඩොලර් මිලියන 2,800ක ආයෝජනයකි.

      * එංගලන්තයේ New Castle පාපන්දු කණ්ඩායමේ කොටස් – සෞදියේ කුමරුන් සමග රාජපක්ෂ පවුල සිදුකළ ආයෝජනය ඩොලර් මිලියන 1,420කි.

      * සීෂෙල්ශි ලා ඩියේගු දූපත – රොහිත රාජපක්ෂ විසින් සිය බිරිඳට මිලට ගෙන දී තිබේ. වටිනාකම ඩොලර් මිලියන 691 කි.

      * දකුණු ඉන්දීය සුපිරි නළු විජේයිගේ සර්කාර්, මාස්ටර්, බිගිල් චිත්‍රපට නිෂ්පාදනය – ඉන්දීය සමාගම් ඔස්සේ රෝහිත රාජපක්ෂ සිදු කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 1,220කි.

      * Naughty America අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 1,204 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * Mirihi Island Resort – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 209 කි.

      * Maradhoo Island – මාලදිවයින, වටිනාකම ඩොලර් මිලියන 826කි. අයිතිය රාජපක්ෂ පවුල සහ උදයංග වීරතුංග සතුය.

      * Diageo – එංගලන්තයේ සමාගමකි. වටිනාකම ඩොලර් බිලියන 120කි. මෙහි 4.3% කොටස් රාජපක්ෂ පවුල සතුයි.

      * පබ්ලෝ පිකාසෝගෙ Weeping Woman චිත්‍රය – විදේශයක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තිබේ. වටිනාකම ඩොලර් මිලියන 331කි.

      * මැඩගස්කරයේ ඉලාක්කා ප්‍රදේශයේ නිල් මැණික් පතලක් – ගෝඨාභය රාජපක්ෂ විසින් ඩොලර් මිලියන 340 ක් ආයෝජනය කරමින් පවත්වාගෙන යයි.

      * ටැන්සානියාවේ ශින්‍යංගා දියමන්ති පතල – ගෝඨාභය රාජපක්ෂට හිමිය, වටිනාකම ඩොලර් මිලියන 700 කි.

      * පැනමා ධජය යටතේ යාත්‍රා කරන Grace of Queen නෞකාව – වටිනාකම ඩොලර් මිලියන 304 කි.

      * සුඛෝපභෝගී බෝට්ටු හතක් – රාජපක්ෂ පවුල විසින් නිවාඩු ගත කිරීමට බාලි, මාලදිවයින ආදි රටවල පවත්වාගෙන යයි. වටිනාකම ඩොලර් මිලියන 1,850කි.

      * චීනයේ Baidu සමාගම – යෝෂිත රාජපක්ෂට කොටස් හිමිය. වටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායි මැරියට් හෝටලය – ව්ටිනාකම ඩොලර් බිලියන 7කි.

      * ඩුබායිහි බර්ජ් කලීෆා කුළුනේ සුඛෝපභෝගි නිවාස තුනක් – නන්දන ලොකුවිතාන නම් පුද්ගලයා හරහා රාජපක්ෂ පවුල සිදු කළ ආයෝජනයකි. වටිනාකම ඩොලර් මිලියන 1,490 කි.

      * Shenyang Gotiar Aircraft Manufacturing Co. Ltd – චීනයේ ක්‍රියාත්මක සමාගමකි. සම හිමිකරු මහින්ද රාජපක්ෂ වේ, වටිනාකම ඩොලර් බිලියන 20කි.

      * Lyca Mobile – එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු මහින්ද රාජපක්ෂය. වටිනාකම ඩොලර් බිලියන 40කි.

      * De La Rue PLC – 13%ක කොටස් රාජපක්ස පවුල සතුවේ.

      * අදානි සමූහ ව්‍යාපාරය, ඉන්දියාව – ඉන්දියාවේ බිලියනපති සමාගමකි. 20%ක කොටස් නාමල් රාජපක්ෂ සතුවේ.

      * ගුජරාට් ටැයිටෑන්ස් IPL කණ්ඩායම – ඩොලර් මිලියන 1,550කි. රෝහිත රාජපක්ෂ සිදු කළ ආයෝජනයකි.

      * History Supreme රුවල් නෞකාව ඩොලර් මිලියන 700

      * බර්ජ් ඩුබායි හෝටලය – ඩොලර් බිලියන 1

      * ඇමෙරිකාවේ ඩලාස් කවු බෝයිස් කණ්ඩායමේ කොටස් 30%ක් – ලෝක ප්‍රසිද්ධ බේස් බෝල් කණ්ඩායමකි. ඩොලර් බිලියන 2.5 ක් වටිනා කොටස් පුශ්පා රාජපක්ෂ සතුය.

      * බ්‍රිතාන්‍යයේ AgustaWestland හෙලිකොප්ටර් සමාගමේ 11%ක කොටස් හිමිකාරීත්වය – ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය.

      * එක්සත් රාජධානියේ Thales නම් යුධ හා රහස් උපකරණ නිශ්පාදන සමාගමේ කොටස් වලින් 29% ක හිමිකාරීත්වය හෙලෝකිටී සමාගම හරහා මහින්ද රාජපක්ෂ හිමිකරගෙන ඇත. ඔහු තනි විශාලතම කොටස් හිමිකරුවන්ගෙන් දෙවැනියා වේ. පලමු හිමිකරු බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වු වින්ස්ටන් චර්චිල්ගේ පුත්‍රයෙකි.

      * ලොව විශාලතම කොන්ත්‍රාත් සමාගමක් වන ARUP හි නිල නොවන හිමිකරුවන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වේ. නීතිවිරෝධී ලෙස උපයන සියලුම ධනය මෙම සමාගම හරහා නිත්‍යානුකූල ලෙස හුවමාරු කරගැනිමට භාවිතා කරයි. එය රන් පවුම් බිලියන 106 ක් පමණ වටනා සමාගමක් වන අතර රාජපක්ෂලාට රන් පවුම් බිලියන 30ක් පමණ හිමි වේ. උදයංග වීරතුංග මෙම සමාගමේ නිල නොලත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වෙති.

      * කුමරන් පද්මනාදන්ට අයත්ව තිබූ තායිලන්තයේ නැව් සමාගම් 3 (නම් හෙළි කොට නැත) ඩොලර් බිලියන හතක් පමණ වටී.

      Continued...

      Delete
    2. * ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන අයගේ නම්වලින් රට පුරාම ඉඩම් මිළදී ගැනීමක නිරතව ඇත. මෙය සංගක්කාර විසින් සීගිරි‍යේ ඉඩම් මිළදී ගැනීමේදීද හෙළි විය.

      * හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම, හෂාන් තිලකරත්න, මාවන් අතපත්තු යන අය සහ ඉන්දියානු ශ්‍රී නිවාසන්, විජය මල්යයා යන අය සමග එක්ව ඩොලර් බිලියන දහයකට වඩා ඉන්දියානු අයි පී එල් තරගාවලියේ ආයෝජන කර ඇත්තේ රාජපක්ෂ පවුල විසින්.

      * Walk & Talk (PVT) Limited නම් රු. මිලියන 2,500 ක් වටිනා ජංගම දුරකථන ආනයනය කරන සමාගමේ හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ දරයි.

      * රජයේ වඩා හිතවත්ම දුරකථන සන්නිවේදන ජාලය ජාලය Dialog ආයතනයේ කොටස් 38% ශෂීන්ද්‍ර රාජපක්ෂ සතුය. වත්මන් ආණ්ඩුව බලයට ආ විගස මොවුන්ට කෝටි ගණනක බදු සහන ලබා දෙන ලදී.

      * John Keells PLC සමූහය සඳහා රාජපක්ෂ පවුල විසින් චීන ජාතික සමාගමක් මගින් මාර්ගයෙක් ඩොලර් බිලියන 12.4 ක් ආයෝජනය කර ඇත. Hemas සහ Unilever යන ආයතන සඳහාද විවිධ විදේශිකයන්ගේ නම් වලින් තවත් ඩොලර් බිලියන 10.6 ක් පමණ ආයෝජනය කර ඇත.

      * ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයද මෙහෙය වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂයි. මෙහි මොහුගේ ව්‍යාපාර මෙහෙයවන්නා වනුයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැත්තායි, (Club වසන්ත). ඔහුගේ සන්හිල් හෝටල්ජාලයේ සැබෑ අයිතිකරු වන්නේ චමල් රාජපක්ෂයි. මෙයට උදයංග වීරතුංග විසින් යුක්‍රේන ගණිකාවන් සැපයීම සිදු කරයි. යුක්‍රේනයේ සහ රුසියාවේ සහ ලෝ පතල ඇති Utopia නම් ගණිකාවරුන් සැපයීමේ ජාලය අයිතිවන්නේද උදයංග වීරතුංගටයි.

      * යුක්‍රේනයේ තිබූ සුප්‍රකට පාවෙන ගණිකා ව්‍යාපාරයක් වූ River Palace නම් සුඛෝපභෝගී බෝට්ටුවේ හිමිකරුවාද වන්නේ උදයංග වීරතුංගයි. මිග් ගණුදෙනුවෙන් පසු මොහු මෙය මිළදී ගෙන ඇති අතර පසුව එය බංකොලොත්බාවයට පත්වී ඇතත් තවමත් ඩොලර් බිලියන කීපයක් පමණ වටී.

      * ලොව තුන්වල විශාලම La Belle ගණිකා ව්‍යාපාරය, තායිලන්තය – හිමිකරු උදයංග වීරතුංගය, වටිනාකම ඩොලර් බිලියන 2කි.

      * Taiwan Semiconductor Manufacturing Company, Limited – යෝෂිත රාජපක්ෂට අයිතියක් හිමිය. ඩොලර් බිලියන 40ක කොටස් පවතී.

      * Dorcell Club අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 574 ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      *Tushy අසභ්‍ය චිත්‍රපට සමාගම – ඩොලර් මිලියන 11ක ආයෝජනයක් රෝහිත රාජපක්ෂ විසින් සිදු කර තිබේ.

      * සල්මන් ඛාන් නම් ඉන්දියානු නළුවා හරහා බොලිවුඩයේ තවත් ඩොලර් බිලියන දෙකක මුදලක් නාමල් රාජපක්ෂ විසින් ආයෝජනය කර තිබේ.

      * නිපුණ රණවක විසින් ඇමරිකාවෙ සුපිරි අන්තර්ජාල සමාගමක්වන Starlinkහි ඩොලර් මිලියන 700 ක කොටස් මිළදී ගෙන ඇත.

      * නාමල් රාජපක්ෂ සිය බිරිඳට මගුල් ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 350ක් වටිනා බලාපොරොත්තුවේ දියමන්තිය Diamond of Hope තෑගි කොට ඇත.

      * Landrover, Jeep, Aston Martin, Bugatti, MG යන වාහන නිෂ්පාදන ආයතනවල 15%ක පමණ කොටස් රාජපක්ෂ පවුල විසින් 2005 – 2015 කාල සීමාවේ මිලට ගෙන තිබේ.

      * Dolce & Gabbana, Armani, Prada, Gucci, Burberry, Dior, Louis Vuitton, Ralph Lauren, SSENSE, Michael Cors යන ආයතන වල 40%ක පමණ කොටස් නන්දසේනගේ බිරිය අනෝමා රාජපක්ෂ විසින් මිලට ගෙන තිබේ.

      * Swiss Bank, Exim Bank, JP Morgan Chase, China Construction Bank, Bank of China සහ Barclays Bank ගිණුම් වල ඩොලර් බිලියන 600ක් පමණ බැදුම්කර, රන් බිස්කට් සහ තැනපතු සිදු කර ඇත.

      * ඇමරිකානු පුද්ගලික විශ්ව විද්‍යාලයක් වන ඉන්දියානාපොලිස් විශ්ව විද්‍යාලයේ (University of Indianapolis - a private United Methodist Church-affiliated university in Indianapolis, Indiana.) ඩොලර් බිලියන පහකට වඩා වැඩි කොටස්වල අයිතිය ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ වේ.

      * මීට අමතරව Crypoto currency මගින් අති විශාල මුදලක් සඟවා ඇති අතර එය ඩොලර් ත්‍රිලියනයක් බව ඇනෝනිමස් කණ්ඩායම හෙළිකරයි.

      එමෙන්ම රාජපක්ෂ පවුලට අයිති ව්‍යාපාර සහ ඒවා පවත්වාගෙන යන සමහර පුද්ගලයන් ගෝල්ෆේස් අරගලය සඳහා උදව් කර හෝ සහභාගී වී ඇත්තේ ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දැන්ගෙන එයින් බේරීමට යැයි මින් අනුමාන කළ හැක.

      මෙම ගණන් බැලීමට අනුව රාජපක්ෂලා හොරා කා ඇති ධනය ඩොලර් ට්‍රිලියන දෙක හමාරක් පමණ වේ. මෙම මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ක්ව්ඩ්‍රිලියනයකි. (1,060,000,000,000,000 LKR)

      – ඉහත දත්ත ඇනොනිමස් හැකරුන් කණ්ඩායම විසින් විමර්ෂණය කරමින් සොයා ගත් දත්ත අතර ඔවුන් එහි සියලූම වගකීම සම්පුර්ණයෙන්ම දරයි –

      Delete
  12. අඩෝ ළමාතං, රට ගොඩ යන ගෙමක් ගහනොකො දැන් වත්... ඔයාලගෙ ශක්තිය ඔන අපිට.. ❤️�� (මිට තරුණ පරපුර )

    ReplyDelete
  13. සිංහල ගෝතයින්ට රට පාලනය කරන්න තේරෙන්නේ නැහැ ඒ නිසා බුද්ධිමත් වැදගත් දමිළ හෝ මුස්ලිම් සහෝදරයෙක් ලංකාවේ ආණ්ඩුවේ ඉහළම ලොක්කන් වන ජනපති අගමැති මුදල් ඇමති ආදී තනතුරු වලට පත් කර ගත යුතුයි නැතුව මේ රට ගොඩ දාගන්න බැරි වේවි ගේමු TNA එකේන එක්කෙනෙක් ජනපති කෙරමු රටට ජය....

    මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි

    https://fb.watch/czVx7eAU_-/

    ReplyDelete
  14. මාතලන් අපෙ අයියට කඩයක් තියෙනවා. එහෙම වෙලත් චූටිම බබාලා දෙන්නෙක් ඉඳලත් මම බේබි සබන් එක කැටයක් වත් ගත්තෙ නෑ. රෑ කෝල් කරපුවම එයා කිව්වා කඩේ සබන් තියෙනවා කියලා. මම කිව්වා අඩුවුනොත් විතරක් සබන් කැට දෙක තුනක් තියන්න කියලා. අනේ මන්දා මිනිස්සුන්ට මේ ජරා තින්කින් පැටන් ආවෙ කොහෙන්ද කියලා. පහුගිය දවස්වල තෙල් වලට වුනෙත් ඔය ටිකමයි. බූලි පුරවගෙන ගිහින් ගෙවල් වල ගොඩගහගත්තා.ශෙඩ් වල වාහන පෝලිමේ ඉස්සරහින් ඉන්න මිනිස්සු බූලි වලට පුරවන් ගිහින් පෝලිමේ පිටිපස්සෙ මිනිස්සුන්ට වැඩිගානට විකිණුවා. අපේ ගෙවල් ලඟ ශෙඩ් එකේ ඩීසල් ත්‍රීවීල් එකක බිල බලනකොට 26,000/=ක් ලු. අන්තිමට වලියකුත් ගිහින් නතර වුනේ. ඉතින් කොහොමද මාතේ අපි රටවල් හදන්නෙ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න