.

.

Oct 11, 2022

බොරුවෙන් රට වැනසේවී, ඔබටත් පව් පලදේවී.

 


මහ බැංකුවේ ලොක්කා කියන්නේ දැන් ආර්ථිකේ හොඳයි කියලාය. ඒ උනාට ඉන්ධන නැවකට ගෙවා ගන්න සල්ලි නැතිව දවස් ගානක් තිස්සේ අවුට් හාබර් එකේ පාක් කරලා තියෙනවාය. ඒ කියන්නේ මහ බැංකුවේ මහ එකා මහ දවල් ඇදබාන්නේ මහ බොරුය.

ලංකාවට එන ඇරොප්ලේන් වලට මෙහේ ගහන්න ගුවන් යාන තෙල් නැතිවත්, උන් කොහෙන් හෝ ගහගෙන මෙහේ එනවාය. සුද්දෝ හෙවත් ටුටුවරිස්ට්ලා පෝලිමේ එනකොට අරගල කාරයන්ටයි, වාමාංශික ලිබ්බන්ටයි, සජිත් ප්‍රේමදාසටයි කිරි පණු ගාය තද වෙනවාය.

උන්ට අවශ්‍ය වන්නේ මේ රට වැටුන වලෙන් ගොඩ ගැන්මට නොව, කාබාසිනියා කර දැමීමටය. ඒ නිසා නැවතත් ගෝල්ෆේස් එනවාය. මේවා ආරම්බයේදීම නවතා නොදැමුවහොත් සිඳුවන දෙය අමුතුවෙන් කියන්නට ලියන්නට ඕනෑ නැතිය.

අලුත්ම ෂෝ එක උද්ඝෝෂණ කාරයන්ගේ ලැක්චර්ස් පොලීසියටත්, පොලීසියේ ලැක්චර් උද්ඝෝෂණ කරනා මූසලයන්ටත් පවත්වන එකය. මේ විකාර නැතිව පෙලපාලි යන උන්ට බැටන් චාර්ජ් එක දුන්නාම වියදමත් අඩුය. කඳුළු ගෑස් වලින් ඇතිවන පීඩා ඇති වන්නේත් නැතිය. එමෙන්ම මේවාට  හැමදාම එන උන් ත්‍රස්තවාදය යටතේ අත් අඩංගුවට ගත යුතුය.

රට ගොඩ ගැන්මට රනිල්ට හැර වෙනත් කිසිඳු දේශපාලයකුට තබා මහ බැංකුවේ එකෙකුටවත් දැක්මක් හෝ වැඩපිලිවලක් නොමැති බව අවිවාදිතය. ඒ තබා අර්බුධය කුමක්දැයි කියන්නටවත්, අර්බුධයට හේතුව කුමක්දැයි කියන්නටවත් එකෙකුට හෝ අවබෝධයක් නොමැති බවත් අවිවාදිතය.

මේ රට ගොඩගැන්මට කප්පරක් ආයතන සමිති සමාගම් හෝ පුද්ගලයින් අවශ්‍ය නොවනා බව මාතලන්ගේ මතයයි. රණසිංහ ප්‍රේමදාස පන්නයේ හෝ මහින්ද රාජපක්ෂ මොඩලයේ එකාධිපතියකුට එය ඉතා පහසුවෙන් කළ හැකි බව මාතලන්ගේ මතයයි. 

ඔවුන් දෙදෙනාම මේ ආර්ථිකයට එක් කළ දායදයන්, විනාශයන්ට වඩා වැඩි බව මගේ මතයයි. 2008/09 ලෝක ආර්ථික අවපාතයක් යටතේ යුද්ධයකුත් සමඟ රට ගෙනගිය ආකාරයත්, යුද්ධයෙන් පසු අප මැදි ආදායම් රටක් බවට පරිවර්තනය වූ බවත් බොරු නොවේ. 

කරුමය වූයේ යහපාලන ආන්ඩුව මඟින් ඒ සියල්ල නවතා දැමීමත්, කිසිඳු මහා පරිමාණ යෝජනා ක්‍රමයක් ආරම්බ නෝකිරීමත්‍ය. ඒ ගැන අනන්තවත් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැතිය. පෝට් සිටිය නවතා දැමීමත්, හබන්තොට වරාය චීනාට විකුණා දැමීම ඔවුන්ගේ ආර්ථික දැණුම කුමක්ද කියා ලෝකයටම පෙන්නුම් කළේය. ඒවාට මුල් වූයේද සිරිසේනගේ තීරණ වලට වඩා රනිල්ගේ තීරණයන්මය. ඒ දේශපාලන කුහක කම හේතුවෙන් රට විනාශ කිරීමේ ආරම්බයය.

වත්මන් ආර්ථික ගැටළුව ගැන අවබෝධයක් වත්මනෙහි රනිල්ට තිබුනද, ඒවාට විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබුනද, ඒවා ක්‍රියාත්මක කිරීම පසෙක තිබියදි, පෙර පරිදිම කරන්නට යන්නේ, බයිලා ගසමින් කල් මැරීම බව කනගාටුවෙන් වුවත් කිව යුතුමය.

රටේ ප්‍රධානම ප්‍රශ්ණය ආර්ථික බංකොලොත්භාවයව තිබියදි, ඔහු දැන් කතා කරන්නේ 22 වන ව්‍යවස්ථාව, චන්ද ක්‍රමය, කොමිසන් සභා, ජන සභා වැනි වඳුරු කුණුහබ්බය. මේවා කරා කියා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැතිය.

ඔය කියන බඩකඩුත්තු ඔක්කෝම මේ රටේ නොතිබුන දෑ නොවේ. රට බංකොලොත් වූයේ ඔය සියල්ලම තිබියදි බව හැම එකාටම අමතකව ඇත. උන්ද රනිල් දෙන මේ දිරච්ච ලණු වල එල්ලෙමින් කල් මරමින් ආතල් එකේම සිටී. ඒ අතරේ රට හැදීම පසෙක තබා රනිල් කරන්නේ පක්ෂය හදන එකය.

ඒ අතින් මේ මළ සමයන් සියල්ල ප්‍රතික්ෂේප කරනා සජිත් ප්‍රේමදාසටත්, ජෙප්පන්ටත් අපේ ගෞරවය හිමි විය යුතු අතර, පාර්ලිමේන්තුවේ පෝට්ටු බයියන්ද කළ යුත්තේ, 22 පරාජය කර දැමීමය.

ඉන් පසු රනිල්ට බලකර කියා සිටිය යුත්තේ, බයිලා සමඟ මළ සමයන් නැටීම නවතා දමා  ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කරනා ලෙසය. 

අවම වශයෙන් රට ගොඩගැන්මට මෙතෙක් ගෙන ආ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි, ඩයනා ගමගේ ගෙන ආ සරළ යෝජනා හෝ මහ පොළොවේ පැල කිරීමට රනිල් අසමත් වීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

අඩුම ගනනේ දැන් පෝලිමේ පැමිණෙන සංචාරකයන් හා දේශීය සංචාරකයින් වෙනුවෙන් නිශාචර ඉකොනමියක් ඇති කිරීම සඳහා, බාර් රාත්‍රී 12 දක්වාත්, රෙස්ටුරන්ට් පාන්දර 2- 3 දක්වාත් විවෘත කර තැබිය යුතුය. තවද ගල් බෝතලයට හා බියර් වලට ගහනා හෙන ගහනා බදු අඩු කළ යුතුමය.

එමෙන්ම ගංජා වගාව මෙන්ම ගංජා පානයද නීතී ගත කළ යුතුය. ටුබෑකෝ කොම්පැනිය හෙවත් දුම්කොල සමාගමට කියා සිටිය යුත්තේ ගංජා සිගරට්ටුවක් හඳුන්වා එය අපනයනය කිරීමද ආරම්බ කළ යුතු බවය. මන්ද ගංජා වලින් පිලිකා ඇති නොවනා නිසාය. ඒ ලැබෙන බදු මුදල් වලින් ආන්ඩුවේ උන්ගේ පඩි නඩි පවා ගෙවිය හැකි වන්නේය.

සතයක් හෝ වැය නොවී, කිසිවකුටත් ණය නොවී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි මෙවන් දේ හෝ නොකර වැල් බයිලා ගසමින් කල් මැරීමෙන් සිඳුවන්නේ සාගතයක් වෙත රට ගෙනයාම බව නොකියා සිටිය නොහැකිය. එවිට ව්‍යවස්ථාව හෝ ජන සභාව කෑවාට බඩ පිරෙන්නේ නැතිය.





9 comments:

  1. රනිල්ට රට පාලනය කිරීමට නන්දසේන ගොන් පඩයට වඩා පළපුරුද්දක් සහ නරුම අදහස් වලින් පිරුණු කෙනෙක් නිසා උද්ඝෝෂණ කරපු කාලකන්නින්ට තේරෙන බාසාවෙන් උත්තර දීල උන්ව පාලනය කරගන්න පුළුවන් වුණා

    ඒත් ලංකාවේ ආර්ථිකය ගොඩගන්න රනිල්ට කිසිම දැනුමක් වත් සැලැස්මක් වත් නෑ

    රනිල් 2016- 19 කාලේ ඩොලර් බිලියන 12 කට වඩා විශාල වශයෙන් අයි එස් බී වගේම තවත් විදේශ ණය ඩොලර් බිලියන ගණනක් අරන් තියෙන්නේ කබරයා සහ බැසිලා එක එක ගල්තලාව දාලත් උන්ටත් ඒවා කළමනාකරණය කරගන්න බැරි තරමට රට අනලා තමයි රනිල් 2019 සමුගත්තේ

    ඒක රනිල් සහ මංගල ඇතුළු පිරිසට උපදෙස් ලැබුණු ඇමරිකානු ඉන්දීය උපදේශක කණ්ඩායම් වල මාස්ටර් ප්ලෑන් එකක් ඒකට රනිල් සහ මංගල ඇතුළු විශාල පිරිසක් අහුවුනා උන්ට තේරුමක් තිබුනේ නැහැ මොනවද වෙන්නේ කියලා දැන් තමයි ටික ටික වැටහෙනවා ඇත්තේ අපි ඒ කාලේ කොච්චර කියුවාද

    නන්දසේන බැසිල් කපුටාස් සහ කබරරාලයා ගැන විස්වාස කරලා ඇණගත්ත දැන් රනිල් ආයේ පාරක් බදු වැඩි කරලා ලංකාවේ වෙහෙස මහන්සි වී වැඩ කර හම්බ කරන පුද්ගලික අංශයේ ව්‍යවසායයන් හූරගෙන කාලා රට ආයේ පාරක් බංකොලොත් කරලා දාල ෂේප් වෙයි

    අඩුම තරමින් ව්‍යාපාර කටයුතු ගැන හොඳ අවබෝධයක් තියෙන ඩයනලා ධම්මික පෙරේරලා තරම් වත් මොළයක් තියෙන මිනිස්සු රටේ පාලනයට පත් කර ගත යුතුයි රනිල් කියලා කියන්නේ නන්දසේන වඩා කීප සැරයක්ම ෆේල් වෙච්ච සත පහකට වැඩක් නැති ගෝතයෙක්

    අඩුම තරමින් පෝට්ටු බයි රැල හරි මොළේ පාවිච්චි කරලා මෑන් ට බල කරලා ඇමති තනතුරු වලින් වැඩක් ගත්තොත් රටට යමක් වෙයි නැතිනම් ඉතින් ඉන්දියවටත් වඩා හිඟන රටක් අපට ඉතුරු වෙයි නිවාඩුවට ඇවිත් ලංකාවට වෙලා තියෙන දේ බලලා හූල්ලන්න තමයි වෙන්නේ

    ලංකාවේ එහෙම වෙනකොට 2024 සිට ඩුබායි හිදි ඔනෑම කෙනෙකුට අහසින් යා හැකි Flying cars වල යන තත්ත්වයක් උදා වී තියෙනවා කියලා දන්නවා ද?

    සංචාරක සහ පොදු ප්‍රවාහනයේ අනාගතය කුමක් විය හැකිද යන්න පිළිබඳව පර්යේෂණ පසු ද්ශීපෙං Xpeng, චීන තාක්‍ෂණය සහ විද්‍යුත් වාහන නිෂ්පාදකයා විසින් පසුගියදා සිය X2 පියාඹන මෝටර් රථයේ පළමු සාර්ථක ගුවන් ගමන සිදු කළේ ඩුබායිහි ඓතිහාසික මොහොතක් ලෙස සදහන් කල හැකි තත්වයක් උදා කරමින්

    ආචාර්ය ග්වූ ද්ෂෙං ගේ මෙහෙයවීම යටතේ Skydive Dubai හිදී ගුවන්ගත වීමෙන් පසුව, X2 පියාසර මෝටර් රථය සිය පරීක්ෂණ පියාසැරිය සාර්ථකව සම්පූර්ණ කර තිබුණා කියලා මාධ්‍ය වාර්තා වල මම දැක්කා

    ආසන දෙකකින් යුත් පියාසර මෝටර් රථය උපරිම ගුවන්ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 760 ක් සහ හිස් බර කිලෝග්‍රෑම් 560 ක් වන අතර උපරිම පියාසැරි වේගය පැයට කිලෝමීටර 130 කි. ප්‍රිමියම් කාබන් ෆයිබර් ද්‍රව්‍ය වලින් සාදන ලද සහ එයාර්ෆ්‍රේම් පැරෂුටයකින් සමන්විත එය විනාඩි 35ක ගුවන් ගමනක් ලබා දෙයි.

    මේක 2020 දී නිෂ්පාදනය පටන් ගෙන ඇති අතර 2024 දී විශාල වශයෙන් නිෂ්පාදනය කර බෙදා හැරීමට සැලසුම් කර ඇත. එවිට සෑම කෙනෙකුටම හැකි වේවි
    නිදහසේ අහසේ පියාසර කරන්න,” ආචාර්ය ග්වූ ද්ෂෙං මාධ්‍ය මගින් පවසා තියෙනවා දැක්කා නේද?

    ReplyDelete
  2. අඩෝ මාතා ඇත්තටම අරගලයට මොකද්ද උනේ කියල උඹලට තේරුමක් නැද්ද? යකු බොලාගේ කෙස් පැහුණේ අකලටද?

    ලංකාවේපහුගිය කාලයේප්‍රශ්න ඇතිවුණේ ජරා පස්ස කල්ලියේ හොරකම් සහ තකතීරු වැඩ නිසා විතරක්ම නෙවෙයි ඊට කලින් රනිල් වික්‍රමසිංහ සිරිසේනගේ කාලේ රට වනසලා හාල කාල ගිහින් තිබුණා නන්දේ 20% ක් කෑවා නම් ඉතුරු 80% ම කාලා තිබුණේ රනිලා ඊට කලින් මේක ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉතා පැහැදිලිව සියලු විස්තර සහිතව පෙන්වා දුන්න බව බොලා දන්නේ නැහැ නේද

    අඩුම ගානේ නලීන් හේවගේ සහෝදරයා පැහැදිලි කිරීමක් කරපු කෙටි යූටියුබ් ක්ලිප් එක හරි බලාපිය ගොන් රනිලා වගේ පිස්සු බූරුවෙක්ට කඩේ යන්නේ නැතුව

    රටට අවංකව වෙනසක් බලාපොරොත්තු වෙමින් මහපාරට බැහැලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු සාමාන්‍ය ජනතාව පාවිච්චි කරල උන් ⁣ගේම ගැහුව. මේ ලංකාව ඇතුළෙ අලුත් බලවේගයක් ගොඩනැගෙන හැම වෙලාවෙම පාලකයො උන්ගෙ ගේම ගහනව. ඒක තේරුම් ගනින් අන්තිමට රටටම අබ සරණයි

    ReplyDelete
  3. හිටවනු පිණිස මහ පොළොවේ බීජ සරු
    තිබිය යුතුය මොළයක් - දැනුමකුත් හුරු
    සඳලු තලෙන් පහළට නොබහිනා තුරු
    පාලකයන්ට ඒවා තේරෙනව බොරු

    ReplyDelete
  4. ඔය කට්ටිය රනිල්ට රෙදි නැතුව කඩේ යන්න හේතුව රනිල් කියන්නේ කොළඹ සරසවියේ නීති උපාධියක් සහිත හෙන උගතෙක් කියලා නේ, දැන් එතකොට මාතලන් උඹම කියපන් බලන්න උඹ කියන්නේ ලෝකය වෙනස් කළේ උගතුන් පමණක් කියල ද...? ඇයි අනිත් පොතේ උගත්කමක් නැති නමුත් තනියම ලෝකයෙන් අත්දැකීම් තුලින් ඉගෙනගත් බුද්ධිමත් මිනිස්සු ඔටුවෝද?

    මාතලන් වගේ බොහෝ දෙනා හිතනවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නෙ රැකියාවක් කරන්න අවශ්‍ය මූලික සුදුසුකම කියල...

    ඔව්....සමහර වෘත්තීන්වලට උසස් අධ්‍යාපනය ඕනෙ...වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගුරු වෘත්තිය වගේ වෘත්තීන්වලට වෘත්තීය දැනුම සඳහා මූලික වශයෙන් වැදගත් වන උසස් අධ්‍යාපනය අවශ්‍යයි....

    එහෙත් සෑම වෘත්තියකටම උසස් අධ්‍යාපනය අනිවාර්ය නැහැ....

    කෙනෙක් කියන්න පුළුවන් උපාධිය තියෙන කෙනාට ජොබ් එකක ප්‍රමුඛතාව දෙන්න ඕනෙ කියල...

    ඒත් උපාධියක් නැති අධ්‍යාපන සුදුසුකම් නැති කෙනෙක් ඉන්න පුළුවන් ඊට වඩා දක්ෂ සහ කාර්යක්ෂම...

    සමහර විට අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනාට වඩා එහෙම නැති කෙනාගෙන් ආයතනය බලාපොරොත්තු වෙන output එක ලැබෙන්න පුළුවන්....

    ඒ නිසා සෑම මොහොතකම උපාධියට පමණක් ප්‍රමුඛතාව ලැබිය යුතු නැහැ...

    ලංකාවේ අන්තරය සහ රාජපක්ෂ විරෝධී කඳවුර රාජපක්ෂ පවුලට එරෙහිව මතුකරපු මූලික තර්කය වගේම ලංකාවේ අන්තරය ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය ඇතුළු ලංකාවේ උපාධිදාරීන් එහෙම ඉල්ලීමත් සාධාරණ නැහැ.....

    අපි අවංකවම ලෝකය වෙනස් කරපු මිනිස්සු දිහා බැලුවොත් ඒ හැමෝම උසස් අධ්‍යාපනයක් ලබපු අයම නෙමෙයි....

    ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ ලේඛකයෝ ගොඩක් දෙනා උසස් අධ්‍යාපනයක් තියා හරිහැටි පාසල් අධ්‍යාපනයක් වත් ලබපු නැති අය...

    රුසියන් ජාතික මක්සිම් ගෝර්කි ඉස්කෝලෙ ගිහිල්ල තියෙන්නෙ තුනේ පන්තියට විතරයි....

    ඔහු අගහිගකම් නිසා පාසල් අධ්‍යාපනය අතරමග නවත්තනවා... ඊට පස්සෙ කම්කරු රැකියා කරනවා...හෝටල්වල පිගන් හෝදනවා...බේකරියක වැඩ කරනවා...පාවහන් නිෂ්පාදනාගාරයක අත් උදව්කරුවෙක් විදියට වැඩ කරනවා...නාවික යාත්‍රාවක සේවය කරනවා...

    නාවික යාත්‍රාවේ කරන රැකියාව තමයි ඔහුගේ ජීවිතේ වෙනස් කරන්න හේතු වෙන්නෙ...

    රුසියාවේ විතරක් නෙවෙයි එංගලන්තය දිහා බලපන් උඹලාට රුසියාව ඇලජික් නිසා, එතනදි චාල්ස් ඩිකන්ස් අවුරුදු 10 දි රැකියාවක් කරනවා...ගබඩාවක කම්කරු වෘත්තියක්...

    රැකියාවට ගිහිල්ල වසර දෙකකට පස්සෙ පියාගේ බලවත් ඉල්ලීම නිසා පාසල් යනවා...ඒත් අවුරුදු දෙක තුනකට වඩා පාසල් යන්නෙ නැහැ...

    ඉංග්‍රීසි කවියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් වුණු විලියම් බ්ලේක්ට අගහිගකම් නිසා අවුරුදු 10 වෙනකං පාසල් යන්න බැරිවෙනවා....

    ලංකාවේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ඉස්කෝලෙ ගියේ හතරෙ පන්තියට වෙනකං විතරයි...එතුමා ලියපු පොත් තමයි අදටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පවා පරිශීලනය කරන්නෙ...

    ලංකාවේ විශිෂ්ටතම සංගීත නිර්මාණ කරුවන් වුණ එච් එම් ජයවර්ධන ප්‍රේමදාස ඇල්විටිගල වගේ ගොඩක් අය වගේම ඛේමදාස මාස්ටර්ලත් විශ්ව විද්‍යාල අධ්‍යාපන ලබපු අය සෞන්දර්ය සංගීතය විධිමත් ලෙස හදාල අය නෙවෙයි මාලිනී බුලත්සිංහල තම සැමියා ගැන කියුවේ ඔහු විධිමත් ලෙස සංගීතයහැදෑරුවේ නම් මෙතරම් අතිදක්ෂ කාර්යශූර නිර්මාණශීලී සංගීතඥයෙක් නොවන බව තමාටම 200% ක් ෂුවර් බවයි...

    සිබිල් වෙත්තසිංහ කියන්නෙ ජාත්‍යන්තර මට්ටමට ගිය ලංකාවේ එකම ලේඛන පෞරුෂය...එකම චිත්‍ර ශිල්පිනිය...ඇයත් උසස් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙමෙයි....

    ඇය වරක් ප්‍රකාශ කරල තියෙනවා කැම්පස් ගියා නං මට මේ තරම් ලස්සනට චිත්‍ර අදින්න බැරිවෙයි කියල...ඒ මොකද විෂය මාලාවකට, රාමුවකට කොටුවෙන නිසා...

    රාමුවකට කොටු වුණාම පරිකල්පන ශක්තිය නැතිවෙනවා...හිතන්න බැරිවෙනවා....

    ලෝකයේත්, ලංකාවේත් ලේඛකයෝ ගොඩක් දෙනා උසස් අධ්‍යාපනයක් ලබපු අය නෙමෙයි...

    ලේඛකයෙක්ට අවශ්‍ය වෙන්නෙ පරිකල්පන ශක්තිය...මේ පරිකල්පන ශක්තිය ගොඩනැගෙන්නෙ ජීවන අත්දැකීම්වලින්...

    ලෝ ප්‍රකට ලේඛකයෝ ගොඩක් අය අතිශය දුක්බර කටුක ළමා කාලයක් ගත කරපු අය...

    හැරී පොටර් ලියපු ජේ.කේ.රෝලිං විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබපු කාන්තාවක්...එහෙත් ඇයත් අතිශය දුක් සහිත ජීවිතයක් ගත කළ කාන්තාවක්...

    ඔවුන්ගේ ඒ දුක් සහිත ජීවිතේ තමයි ඔවුන්ට ලියන්න අවශ්‍ය උත්තේජනය ලබාදීල තියෙන්නෙ....

    ලේඛකයන්ට ඕනෙ අත්දැකීම්....ඒ අත්දැකීම් ඔවුන් ලබාගෙන තියෙන්නෙ ඔවුන්ගේම ජීවිතයෙන්...

    ලෝකයේ ලස්සනම පෙම් ගී ලියැවෙන්නෙ විරහවේ කදුළු අස්සෙන්...

    ඒ වගේම තමයි ලෝකෙ හොඳම පොත් ලියැවිලා තියෙන්නෙ ඔවුන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින්...

    ReplyDelete
    Replies
    1. මැක්සිම් ගෝර්කි ඉස්කෝලෙ ගියා නං අම්මා වගේ ලෝකෙ හොල්ලන පොතක් ඔහු අතින් ලියැවෙයි ද...?

      සමහර විට නැතිවෙන්න පුළුවන්....

      කුමාර් සංගක්කාර ලෝ ෆැකල්ටි සිලෙක්ට් වෙච්ච කෙනෙක්.....ඒත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔහු තමන්ගෙ උසස් අධ්‍යාපනය අතහරිනවා.....

      ගොඩක් ක්‍රීඩකයන්ට තමන්ගෙ ක්‍රීඩා පුහුණුවීම් නිසා අධ්‍යාපන කටයුතු අතරමග නතර කරන්න සිද්ධ වෙනවා...ඒත් කිසි කෙනෙක් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විමසන්නෙ නැහැ....

      ගායක ගායිකාවන්ට සංගීත අධ්‍යාපනය අවශ්‍ය වෙනවා....

      ඒ වුණාට සංගීතය ගැන මෙලෝ හැදෑරීමක් නොකරපු එච්. ආර්. ජෝතිපාල ලංකාවේ සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කරනවා.... ජේ ඒ මිල්ටන් පෙරේරා මිල්ටන් මල්ලවආරච්චි වගේ අයත් එහෙමයි

      වැදගත් වෙන්නෙ කැම්පස් ගියාද නැද්ද කියන එක නෙමෙයි...වැදගත් වෙන්නෙ උපාධියක් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි...

      වැදගත් වෙන්නෙ මනුස්සයෙක් ලෝකෙට දෙන්නෙ මොනවද කියන එකයි...

      ගොඩක් ලෝක පූජිත චරිත තමන්ගෙ ජීවිතේ ගොඩනගාගත්තෙ අධ්‍යාපනයෙන්ම නෙමෙයි....

      ඒ නිසා අධ්‍යාපනය කියන්නෙ මනුස්සයෙක්ගෙ අනාගතය තීරණය කරන එකම මිනුම් දණ්ඩ නෙමෙයි....

      ලෝකෙ වෙනස් කළේ වෙනස්ව හිතපු මිනිස්සු...වෙනස්ව හිතල අලුත් දේවල් කරපු මිනිස්සු.....

      එහෙම මිනිස්සු සදා අමරණීයයි මාතලන් ඒ නිසා බොරුවට උඹලා වගේම පේපර් කොලිෆිකේෂන් විතරක් තියෙන පොතේ ගුරෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහට ඔහොම කඹුරන එක හොඳ මදි වගේ නේද කියලා උඹම කල්පනා කරලා බලපන් මචන්

      Delete
  5. අඩේ අප්පා තලං ගොයියා ඔය රනිල් වික්‍රමසිංහ කවුද දන්නේ නෑ? ඇත්තටම අපි අදුරන්නේ නැති කෙනෙක් වගේ... රනිල් වික්‍රමසිංහ කියලා අපි දන්න කෙනා නම් ලංකාවේ දේශපාලනය ගැනවත් ආර්ථිකය කළමනාකරණය පිළිබඳවවත් මෙලෝ හසරක් නොදන්න කෙනෙක් එකනේ 2019 වෙනකොට ආර්ථිකය ඍණ කරලා (2021 නැවතත් පරීක්‍ෂා කරලා හදපු අලුත්ම මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වෙනවා 2019 වසරේදී ලංකාවේ ආර්ථිකය ඇත්තටම ඍණ අගයක් ගත්ත බව මතක හැටියට ඍණ දෙකකට වැඩියි) ඒකනේ මෑන් මිනිස්සු බින්දුවටම පරාද කලේ 😂😂 ඒ කොවිඩ් වසංගතය සහ මේ තරම් ණය බරක් නැති රටක් ඩොලර් බිලියන අටකට වඩා විදේශ සංචිත එක්ක බාර ගත්තාට පස්සෙ 2015, රනිල් විනාශ කරලා අවුල් කරලා බාර දීපු රට පාලනය කරපු නන්දසේන මොන ජාතියෙන් හරි කොවිඩ් වසංගතය පාලනය කරගන්න සමත් වුණා, ඌට බැරිවුණේ ආර්ථිකය පාලනය කරගන්න විතරයි ඒත් මේ දැන් ඉන්න රනිල් රාජපක්ෂට කරන්න පුළුවන් මගුලක් නෑ ඌ නන්දසේනටත් වඩා ෆේල් පිස්සු පොල් බූරු යකෙක් එකම ඔප්ෂන් එක ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස සමග අලුත් පෙරමුණක් හරහා ජවිපෙ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි කරගෙන සියලුම ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලබාදීම පමණක් බවයි පේන්නේ

    ReplyDelete
  6. අජිත් ධර්මකීර්ති යනු කොළඹ රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජූනියස් සිසුවෙකි.

    අජිත් ධර්මකීර්ති සහ ජනාධිපති අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධතාවය දශක ගණනාවක් ආපස්සට දිවයයි.

    විශේෂඥ දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි සහ ධර්මකීර්ති සමකාලීනව පාසල් සිසුවන් වෙති.

    ධර්ම කීර්ති ට රුසියානු ශිෂ්‍යත්වයක් ලබා දී භීෂණ සමයේ ඔහුට රටින් පිට කෙරෙහි වික්‍රමසිංහ ඇමතිවරයාගේ උවමනාවටය.

    ගොවියා ධීවරයා කම්කරුවාගේ බදු මුදලින් සෝවියට් රුසියාවේ අධ්‍යාපනය ලැබූ ධර්මකීර්ති සිදුකළේ සුප්පිය න්‍යෂ්ටික තාක්ෂණය හොරකම් කොට බටහිරට විකිණීමය.

    ලන්ඩනයට වී ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් වන ධර්මකීර්ති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ දකුණු අත බඳුය.

    ධර්මකීර්ති විසින් මෙය වන විට සිදුකළ ඇති දෑ අතර කුමාර කරු ආරච්චිගේ රැකියාව අහිමි කොට ඔවුහු ආසිරි රෝහල් පලවා හැරීම ප්‍රධාන ය.

    භීෂණ සමයේ කලබල සංවිධානයේ ප්‍රධානියා ලෙස ධර්මකීර්ති සේවය කොට ඇත. රුවන් ෆර්ඩිනැන්ඩස් සහ මංගල සමරවීර අතර ඇති සබඳතාවය ට වඩා වැඩි යමක් රනිල් සහ අජිත් අතර ඇත.

    මේ වන විට අරගලකරුවන් අත්අඩංගුවට ගැන ඔවුන්ට දසවද දී ඔවුන්ව ධර්ම චක්‍රයෙන් යවා ඔවුන්ගේ කන්වලට පරාල ඇණ ගසා ඔවුන්ගේ ගුද මාර්ගයට කටුකම්බි ඇතුළත් කොට වද දෙමින් ඒවා නරඹමින් අජිත් ධර්මකීර්ති නැමැති නරුමයන් ප්‍රීති වෙමින් සිටී.

    මිනීමරු අන්ත දක්ෂිණාංශික අජිත් ධර්මකීර්ති උඹට පුළුවන් අපිව මරා දමන්ඩ විතරයි එහෙත් අපගේ අරගලය සදාතනිකයි එය දිනනවමයි.උඹ නරුමයා රනිල් වික්‍රමසිංහ සමඟ ඒකත් පුළුවන් නං වදදී මරා දාපියව්.

    මදුරුවෝ මරනවට වඩා ලේසියෙන් අජිත් ධර්මකීර්ති ඔබට මිනී මරන්න පුළුවන් බව අප දන්නවා උඹ එවැනි මිනීමරුවෙක් නරුමයෙක් ලේ පිපාසිත එක්.

    ReplyDelete
  7. අප අරගල කරා තමයි ධර්මකීර්ති. අප අරගල කෙරේ රට වෙනුවෙන්. අප්‍රේල් අරගල කරේ අපේ දරුවන් වෙනුවෙන්.

    අප කුසගින්නට බත් කටක් කෑමට අරගල කරේ. අපව අත්අඩංගුවට ගෙන දසවද දෙන්නේ ඇයි අජිත් ධර්මකීර්ති ඔබගේ රනිල් හාමු.

    අප වෙනුවෙන් කතා කළ සරෝජා වද දෙන්නේ ඇයි ඔහුගේ නිවෙසට රහස් පොලිසියෙන් බුද්ධි අංශයෙන් යවා ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුව බිය කරන්නේ ඇයි.

    අජිත් ධර්මකීර්ති මහත්මයා ඔබ මෙන්ම අපටත් අපගේ දරුවන්ටත් ශ්‍රී ලංකාව තුළ ජීවත් වීමේ අයිතිය ඇත.
    ඔබ එය විහිළුවකට ගන්නේ ඇයි අපගේ කඳුළු ලේ දාඩිය නුඹට සතුටක්ද.

    අරගල කළ අපගේ මාපටගිලි ලේස්ප ටියකින් ගැට ගසා අපව බාල්කයේ එල්ලා එස්ලෝන් බට වලින් පහර දෙමින් අපගේ ඉලඇට කඩන විට ඔබට ලැබෙන්නේ කවර ප්‍රීතියක් ද.

    අපට මිහිතුරු කටු යකඩ ඇණ ගිල්ල ව මෙන් අපගේ දෑස් වලට පරාල ඇණ බස්සවමින් අපගේ බෙලි කපමින් සතුටුවෙන අජිත් ධර්මකීර්ති මාරයා ඔබ පසුපස.

    ReplyDelete
  8. දසුනි ගම් ආරච්චිගේ කොළඹ ටයිප් එකේ හෙළ ටයි දිව දාන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න