.

.

Jul 6, 2016

පිස්සු බල්ලන්, ඔඩොක්කු කුක්කන් කර ගැනීම - Lap Dogs, Rabies & Ministry Secretary

http://www.romanialibera.ro/special/fotografia-zilei/expozitie-de-caini-la-havana-400560

යාපාලනය යහමින් ස්නානය කරමින් සිටින්නේය. විප්ලවයක් කියා නම් කල තොවිලයට අවුරුදු දෙකක් පිරෙන්නට ආසන්නය. නටපු තොවිලය්ක් නැතිය. බෙරේ පලු යන්නටත් පෙර, බෙරේ නැවතත් යකුන් අතේය. යකා බදුල්ලෙන් පටන් ගෙන, සලුපාලියෙන් නුවර සිට කොළඹට පයින් එනවා කියා කෑ මොර දෙනවාය. එක කට්ටඩියෝ සෙට් එකක් තක්කඩි කම් කොර ගන්න බැරිව ඇඹරෙනවාය. සිංගප්පූරුවේ සිට ආ තක්කඩියෙක් යාන්තම් දුම්මල ගසා එලවා ගත්තේය. අනිත් කට්ටඩියා යක්කු සරම අස්සේ දාගෙන, හත් පොලේ ගාගෙන මල පැනලා කෑ ගහනවාය. සම හරක් යක්කු අපිට දොල පිදේනි දියව් දියව්. නැත්නම් අපි යමව් යමව් කියනවාය.

බැලින්නම්, තව කල්පයකටවත් බලයට එයි කියලා හීනෙන්වත් හිතාපු නැති සෙට් එකකට බලය ලැබුන බව බොහෝම හොඳින් තේරේනවාය. හොරා කාපු ගානත් තාම හරියට දන්නේ නැතිය. ඒ අස්සේ රාජපස්ස ටැක්ස් කියා එකක් ගහලා, හත් පොලේ ගාගෙන ද්ඟලනවාය. ඒක ගෙනාපු උන්වත් ඒක ගහන හැටි දන්නේ නැතිය.

ජාතික රූපවාහිනියේ ශාන් විජේතුංග, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නෝනලා දෙන්නෙකුයි, මහාචාර්යවරයෙකුයි දෙන්නෙක්ම ගෙන්නලා, මේක ගහන්නේ කොහොමද කියලා ඇහුවේය. වැඩ සටහන පැය දෙකක් ගියත් ශාන්ටවත්, මටවත්, අඩු ගානේ ආපු තුන් දෙනාටවත්, ටැක්ස් එක ගහන්නේ කොහොමද කියලා තේරුනේ නැතිය.

ඊයේ පෙරේදා සුවාදීන යැයි කියනා පවුලේ නාලිකාවේ මේ ගැන කියා දෙන්න ආපු කරුණාරත්න පරණවිතානටයි, හර්ෂ ලොක්කාටයි, පාන්දර 12.30 වනකනුත් ටැක්ස් එක ගහන්නෙ කොහොමද කියලා කියා ගන්න බැරුව නාගෙනම ගියේය. හර්ෂ බටර් උදාහරණයකට ගන්න කොට, පරණේ කියන්නේ බටර් වලට ටැක්ස් නෑ කියලාය. අන්තීමට මාතලන් කලේ පස්සෙන් හිනා වෙලා දොයිය ගන්න එකය. අද උදේ පත්තරේ තියෙන ඒවාට අතිනුත් දාලා රට ගිනි තියන "රීරි යකා" කිව්වේ, හෙලිකොප්පර් වලට වැට් නෑ කියලාය. ඒ නිසා කාර් ගන්න හිටපු උන්ට මාතලන්ට කියන්න තියෙන්නේ ඒ හීනේ පැත්තකින් තියලා හෙලිකොප්පරයක් අරගෙන, උඩින්ම යන්න කියලාය.

රජයක් තියා පොඩි කඩයක් කොරන්නත් හිතවත් මිනිස්සු ඉන්න ඕනය. පොඩි කඩේකට උනත් දන්නේ නැති එකෙක් දැම්මොත් වෙන්නේ, ටික කාලෙකින්ම කඩේ වැඩට ගත්ත එකා, කඩේ අයිති කොරගෙන, අයිති එකා කඩේ වැඩ කොරන්න වෙන එකය. මේ ආන්ඩුවට වෙලා තියෙන ප්‍රධාන කරුමය ඒකය. මුන්ට මිනිස්සු නැතිය. කවදාවත් මුන් බලයට එයි කියා හීනෙන්වත් හිතුව නැති නිසා මුන් කරන්නේ මහින්ද මහත්තයාට සෙට් වෙලා හොරා කාපු උන් ටිකත් එක්ක බ්‍රේක් ඩාන්ස් දානා එකය.

ඔබාමාට වගේම අපේ සමහර පාලකයන්ටත් ලැප් ඩෝග්ස්ලා හෙවත් ඔඩොක්කු කුක්කෝ සිටියහ. ඔඩොක්කු කුක්කෝ කියන්නේ, ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කරන්න පුළුවන් සුවච කීකරු කුක්කන්ටය. ආන්ඩුවක් කරන කොට නිළධාරින් හා මැති ඇමතිවරුන් ලෙස ඉන්න ඕනා, එහෙම ඔඩොක්කු කුක්කන් පිරිසක්ය. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා ඉතරක් නොව මහින්දත්, ඒ ඒ තැන් වලට දාගත්තේ එහෙම කියන දේ අහගෙන ඉන්නා ඔඩොක්කු කුක්කෝය.

මේ ආන්ඩුවේ උන්ට එහෙම උන් නැති නිසා, මුන්ට හුරතල් කරන්න වෙලා තියෙන්නේ මහින්ද නැති නිසා පිස්සු වැටී සිටිනා පිස්සු බල්ලන් සෙට් එකක්ය. සමාන්නියෙන් පිස්සු බල්ලෝ එක්ක පෙම් කොරන්න යන්නේ නැතිය. උන්ට පිස්සුද නැද්ද කියලා බලන්නෙත් බෙල්ල කපලා චෙක් කොරන්න දීලාය. පිස්සු කියලා දැන ගත්ත ගමන් වෙඩි තියලා දාන්න ඕනාය. නැතිනම් වෙන්නේ මහා විනාසයක්ය.

මෑතකදි ජනාධිපති තුමාට මල හොඳ එකෙන්ම පැනලා තියෙනවා අපි දුටුවේය. ඒ වාගෙම රජගෙදර රිලවා ඒකට උත්තර දුන්නේ, ඇත්ත කිව්වාම එහෙම මල පනිනවා තමා කියලාය. සංචාරක මන්ඩලයේ බැසිල් එක්ක එකතු වෙලා හොරා කාපු උන් තවමත් යහතින් ඉන්නවාය. එහෙම ඉන්නවා මදිවාට, හොරකම් ගැන හෙව්වොත් ගෙදර යනවා ඩෝ කියා තගරියත් දානවාය.

උන් ගැන අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කලාම, රනිල් ලොක්කා ඇමරිකන් බයිලා වගයක් කීවෙය. කියපු ඔක්කොම බොරු කියා අනුර කුමාර එවේලේම ඔප්පු කලේය. කොහොම හරි රනිල් මෛත්‍රී දෙන්නාම එක්කෝ අරුන්ට බයය. එහෙම නැත්නම් උන් හා එකතු වී අනාගතේ ගැහිල්ලකට සෙට් වෙනවා වෙන්න පුළුවන්ය. එහෙමත් නැත්නම්, ආන්ඩුවේ වෙනත් සේවකයෝ නැතිය. හරි නම් කරන්න ඕනා, මහින්දගේ උන් ඔක්කෝම සංචිතයට දමා, අවංක මිනිසුන් ලෙස නමක් හිමි කරගෙන සිටිනා නිළධාරින්, එම තනතුරු වලට පත් කිරීමය. මුන් මේවාල ඉඳන් කොරන්නේ ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමය.

         
http://www.president.gov.lk/news/govt-to-start-a-program-to-build-economy-of-law-income-families-president/
කෙසේ හෝ පත්තර දෙකකට එකම දවසේ පට්ට පොර ටෝක් එකක් දීලා තිබුන රාජ්ජ පරිපාලන එකේ දඩල්ලගේ නම් චන්ඩි පඬියා... (මුන් පඬියන්, චන්ඩියන් වී තිබෙන්නේ දැන්ය. ඒ කාලේ නැට්ට පුකේ ගහගෙන උන් බලු කුක්කෝය. මෙහෙම උන් ඉන්නවා කියා දන්නෙත් දැන්ය). වෙන තැනකට දාලාය. හරි නම් කරන්න ඕනා, ගෙදර යවන එකය. ඌ යහපාලන ආන්ඩුව පලු යන්න විවේචනය කරලා තිබුනේය.

මහින්දගේ සිල් රෙදි බෙදිලි, ලිත් ගැහිලි හා පිස්සු කෙලීම් සියල්ලම එකසිය ගානට සාධාරනය කරපු එකා, පුකෙන් කියලා තිබුනේ, ඇමතිවරුන්ගේ නියෝග ප්‍රතික්ෂේප කරන්න, නිළධාරින්ට කොන්දක් තියෙන්න ඕනා කියලාය. එතකොට ඒ කාලේ, තොගේ කොන්ද තිබුනේ ලිප් බොක්කේද කියා අපට අහන්න වෙලා තියෙනවාය. මේ කාලකන්නි එක්ක මෙයාලට යහපාලනේ තියා, මේ අවුරුදු හතරවත් පාලනය කර ගන්න පුළුවන්ද කියනා එක නම් සැකය. මොකෝ හතුරා ඉන්නේ එලියේ නොව ඇතුලේය. ඇතුලේ කියන්නේ දෙවනි පෙලේය. එහෙම උන් තියාගෙන දකිනා හීන. හීන වලටම සීමා විය හැකිය.

62 comments:

  1. Maathe Me Post eka nam Patta Ela post ekak.

    Munta Denwath Hedenawanam Onna Avavaada.

    Othana witharak newei , Mandala,Depaarthamenthu,Sanstha hemathenakama ththwaya ookai

    Mewa thamai Kaalochitha Post

    Thank you Maathe , Thank You.

    ReplyDelete
  2. යහපාලනය කියන දේ මේ රටේ ඇතිවෙන්නෙ නෑනෙ. ඇති වෙන්නෙ වෙනස් පාලනයවල්. ඒවත් පොඩි පොඩි වෙනස්.
    සමහර ඒවා හොඳයි - රජ සිංදු නැති එක, දැයට කිරුල නැති එක, දඩල්ලගේට කතා කරන්න කොන්දක් ආව එක වගේ දේවල්,
    සමහර දේවල් නරකයි - 2/3 සඳහා ඇමතිකම් දීම, සෘජු තීරණ ගැනීමේ නොහැකියාව වගේ දේවල්.

    සැ.‍යු. හොඳ හා නරක තව තිබේ. ලියන්න කම්මැලියි

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම වඩා වටින දේ තමයි බය නැතිව ලියන්න කියන්න බනින්න තියෙන නිදහස... කොහොමෙයි ඒ දවස්වල මෙහෙම එකක් ලිව්වා නම්... කොච්චර අමාරුවෙන්ද වටෙන් ගහලා එකක් ලිව්වේ...

      Delete
  3. මාත් මේ වැට් එකට කඩේ වහල වැට් නැති හෙලිකොප්පයක් ගන්න යන ගමං.

    ReplyDelete
    Replies
    1. මටත් එකකට ඇඩ්වාන්ස් බැඳහන්.. මොකො අම්මත් බනිනවා උඩින්මයි යන්නේ කියලා..

      Delete
    2. ප්‍රසන්න අයියෙ ලාබෙට තිබ්බොත් දෙක තුනක්ම ගන්න ඈ..

      Delete
  4. ව්ප්ලවය කොරන්න චන්දය දුනේනේ අපි ඔහේලාය. අද විප්ලවයට අම්මාට හැ...නී ඇත. පිස්සු බල්ලෝ ඉතරක් නොවේ පිස්සු පුසෝ, පිස්සු කලවැද්දෝ සහ පිස්සු ..ත්තලා ද සිටිති!

    ReplyDelete
  5. පොඩි එකාට හෙලිකොප්ටරයක් ගන්නනම් ඔන්න කාලේ

    ReplyDelete
    Replies
    1. මම නම් පවුල්ටම ගන්න ඉන්නේ... වැට් නෑ නේ...

      Delete
  6. ලොක්ක මඟුලෙ සදාචාරයක් හදන්න යනවනේ,මිනිහට හීනෙන් පෙනෙන්නෙම රනිල් ව එළවල තනියෙන් අපිව ආණ්ඩු මට්ටු කරන හැටි වෙන්නෝනෙ, හැබැයි මිනිහට තනියෙන් බලයක් ආවොත් නම් හාමුදුරුවන්ගෙත් තට්ටෙ ගාවයි.

    චන්දුිකා තමයි වැරුද්ද කළේ, එදා බදුල්ලේ සිරිපාලව නම් කොළා නම් ඉවරයි, එයා සාදාචාරේ සුරකින්න ඕන හරි විදිහ ප්‍රායෝගිකවම දන්න කේනා නෙව.

    ReplyDelete
    Replies
    1. සිරිසේන ලොක්කට තිබුනේ හම්බ උන් චෑන්ස් එකෙන් ඔක්කෝම උන් එලවලා, අළුත් ටීම් එකක් හදාගන්න.. ඒක අපි එදා ඉඳලම කිව්වා.. අද ඒක එයාට කරන්න වෙලා තියෙනවා... මහින්ද කියන්නේ දුම්මල ගහලවත් එලවන්න පුළුවන් යකෙක් නෙමෙයි..

      Delete
  7. යහපාලනය නම් හීනයකි.. තිබ්බට වඩා පොඩ්ඩක් හොඳ පොඩ්ඩක් නරක පාලනයක් ලැබී ඇත. නරක පැත්ත බඩට තදින්ම දැනෙන නිසා හොඳ පැත්ත ඔලුවට දැනීම යටපත්ව ඇත. මේ දෙක කලමණාකරනය කර ගැනීමේ හැකියාව මත ආණ්ඩුවේ ඉදිරිය තීරණය වේවි.

    ReplyDelete
    Replies
    1. කියන විදියට බඩට සහනයක් සඳුදා සිට ලැබෙනු ඇත.

      Delete
  8. දඩල්ලගේ අදහසට අනුව ජනසවිය,දිවිනැගුම,සමෘද්ධි ව්‍යාපාරය සහ සිල් රෙදි බෙදීම එක සමානය....ජනසවිය,දිවිනැගුම වැනි වියාපෘති පාර්ලිමේන්තුවේ බහුතර චන්දයෙන් අනුමත වූ ඒවා බව නොදන්නා රාජ්‍ය පරිපාලන ලේකම් වරයෙක් රටකට අවශ්‍යද?

    ReplyDelete
    Replies
    1. Ewagema,he does not know that Sil Redi bedaadeema kerune election ekakata pera weema (violation of election laws) and that it has happend only once and it is not a continued program like Janasaviya, Divineguma

      Delete
    2. සමාන්‍ය මිනිස්සු දන්න නීතී රීතීවත් දන්නේ නැති හරකෙක් මූ... එක්කෝ හරක් කම, එහෙම නැත්නම් අපි හරක් කියලා හිතන එක...

      Delete
  9. Wasted my vote.... they just do the opposite what they promised to do...when the country doesn't have a firm and transparent tax policy, ,, who's going to invest in this country????..Anyway well written bro... Keep up your work....

    ReplyDelete
    Replies
    1. මේ වගේ පාන්ඩු ආන්ඩු තියෙන රටවල් වල මිනිස්සු ඉන්වෙස්ට් කරන්න එන්නේ නෑ. මහින්දගේ කාලේ චීනා එන්නෙත් ශක්තිමත් නායකත්වයක් තියෙනවා කියලා පේන් නිසා. හාල්පාරු ආන්ඩුවක ඉන්වෙස්ට් කරලා, ඉල්ලගෙන කන්න මොකාද කැමති.

      Delete
  10. i am on my way to buy a helicopter , the first trip is to Madamulana with Sa-rasa :P

    ReplyDelete
    Replies
    1. යකෝ මූ ගංවතුරට ගහගෙනෙ ගිහින් කියලනෙ හිතන් හිටියෙ.

      Delete
    2. // first trip is to Madamulana with Sa-rasa :P //

      අයිවන් ටත් කුරහන් තලප කන්න ආස හිතිලා වගේ...

      Delete
    3. ස රස තුමාට නමත් පැටලිලා, හෙලිකොප්පරේක යන්න තියෙනවා කිව්වම..

      බලාගෙන ඉවානයෝ.. ස රස තුමා මැදමුලනේ ජනේලේ ඉල්ලිලා රඹ ටෝක්ස් එකක් දෙයිද දන්නෙ නෑ..

      Delete
  11. මාතේ උඹ දන්නවද උඹ මේ කරලා තියෙන්නේ දහ අට මාසෙකට සිපිරිගෙට යවන්න පුළුවන් අපරාධයක් බව. ජ්‍යොෂ්ඨ රාජ්‍ය නිලධාරියකුට අපහාස කිරීම මහා බරපතල අපරාධයක්.

    කුනුවෙච්චි ආර්ථිකය වළඳලා, හැදිච්ච අතීසාරයට ගහපු පොල්මුඩු කෑලි තමන්ගේ ඇඟිලි දෙකකින් තදකරගෙන හිටියේ මේ උත්තමයෝ. එදා ඒ ඇඟිල්ල අහකට ගත්තානම් මේ උත්තමයන්ටත් අර අගවිනිසුරුවරියට කල දේම විදින්න වෙනවා.

    මූට කතාකරන්න තරම් ඉඩක් ලැබුනේ මෙතෙක් කල් තමන්ගේ දිවෙන් ඇබයක් ගසා තදකරගෙන හිටිය අධෝමුඛය අයිතිකාරයා දැන් කුජීත වෙලා ආයේ නැගිටින්න මගක් නැතුව ඉන්න නිසයි.

    ReplyDelete
    Replies
    1. අපහාසයක් වෙන්නේ බොරුවක් කියනවා නම් නේ... ඒ ඉන්ටවිව් එකේම ඒ යකා හතර බීරී කතා කියන්නේ.. රටේ සාමාන්‍ය නීතියවත් නොදන්න උන් ලේඛම් ලෙස ඉන්නවා කියන්නේ ඉතින්, රාජ්ජා සේවේට අබ සරණම තමා...

      Delete
  12. මේ පෝස්ටුව නම් කදිමයි මාතලන්. එකම ප්‍රශ්ණය අපේ අලුත් මහරජ්ජුරුවෝ මතලන්ගේ බ්ලොග් එක බලනවාද නැද්ද කියන එකයි. උන්නැහේ සේරම ආරංචි දැනගන්නේ පත්තරෙන් කියලා කතාවක් තියෙනවනේ. නාමල් කුමාරයා කියලා තිබ්බේ රජ්ජුරුවන්ගේ කොම්පියුටර් එකේ LankaeNews දාගෙන ඉන්නවා දැක්කා කියලා. ඉතින් එහෙව් එකේ මාතලන්ගේ බ්ලොග් එකත් නොවරදවාම කියවන ලෙසට උන්වහන්සේ දැනුවත් කළොත් රටටත් වැඩක් වෙයි, මාතලන්ගේ උත්සාහයෙන් යහපත් ප්‍රතිපලයකුත් ලැබෙයි. කොහොමද මේ වැඩේ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. එයා කියවනවද නැද්ද කියන්න නම් දන්නේ නෑ. ඒත් ගෝලයෝ කීප දෙනෙක් නම් මගේ රසිකයෝ...

      Delete
  13. ලෝකෙන් උටුම් රට ලංකාවයි සිරි ලංකාවයි ..

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් කින්ඩි නොදා පලයන්. සිංහලය කියන්නෙ රාවණා රජතුමාගෙන් පැවත එන ශ්‍රේෂ්ට ජාතියක්. එච්චර ශ්‍රේෂ්ට ජාතියක් මේ ලෝකෙ කොහෙවත් නෑ.

      Delete
    2. ඔය සින්දු තමයි මේ රට විනශ කරන්නේ...

      Delete
    3. අපෙ එකෙක් සිංහලය කියන්නෙ රාවණා රජතුමාගෙන් පැවත එන ශ්‍රේෂ්ට ජාතියක් කියලා හිතාන ඉඳල මලා

      Delete
  14. කොහොම හරි රනිල් මෛත්‍රී දෙන්නාම එක්කෝ අරුන්ට බයය. එහෙම නැත්නම් උන් හා එකතු වී අනාගතේ ගැහිල්ලකට සෙට් වෙනවා වෙන්න පුළුවන්ය ///// athha kathava

    ReplyDelete
    Replies
    1. ජේ ආර වගේ නායකයන්ගේ වටිනාකම දැනෙන්නේ මේ විකාර දකින කොට...

      Delete
  15. මාතෙ. රනිල් මයිත්‍රී යහපාලනෙ කොරගත්ත ලොකුම ගොන් කම උන්ට UNP ආණ්ඩුවක් විතරක් හදාගන්ට තිබ්බ චාන්ස් එකෙන් කොහෙවත් ඉන්න නිදහස් පක්ෂ ඇවුනුත් දාගෙන මුන් මේක කැඳ හැලියක් කොරගත්ත. දැන් දැන් මහින්ද ටෙලිවිසෝන් එකෙන් කතාකරන්නෙ හරියට ඉස්සර ගඩාෆි සදාම් හුසේන් ල වගෙ. එලිපිටම ගේම ඉල්ලනව. ඉක්මනට රනිල් ල මොනවහරි නොකලොත් කස්ටියටම අඩි හයක් යටට යන්න වෙනව ෂුවර්. මොකද මහින්දත් බලේ හොඳින් නැතිනම් නරකින් ගන්න සයිස් එකක් පෙන්නුම් කරන්නෙ හිටං.. 🙈🔨

    ReplyDelete
    Replies
    1. කොහොමත් වැඩි කල් යන්න කලින් කට්ටියම කනවා ආයේ මයිල් ගහක්වත් ඉතුරු නොවෙන්න...

      Delete
  16. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුය...

      Delete
  17. එකම පටිය ආයේ ආයේ කරකවනවා .. අනේ මන්ද පිස්සුද කියල

    ReplyDelete
    Replies
    1. කාටද අනේ... ඔයාටද, මටද, ආන්ඩුවටද....?

      Delete
  18. ඔව් මාතලන්ගේ කථාව ඇත්ත.
    හැබැයි ටිකක් විතර පාර්ශවිකයි. ඒක එහෙම වෙන්න ඕනේ මොකද අපි හැමෝටම අපේම දේශපාලන දැක්මක් තියෙන නිසා.
    හැබැයි කොයි පැත්තේ හිටියත් වරද විවේචනය කිරීමේ හැකියාව තමයි තියෙන්න ඕනා.
    වැට් එකේ වරද ගැන මම දීර්ඝ ලිපියක් ශාන්ගේ වැඩසටහන් ගිය රෑම ලිව්වා. ඔබට ඉඩක් තියෙනවානම් කියවා බලන්න.
    http://nayanegesithuwili.blogspot.com/2016/06/2.html

    ReplyDelete
    Replies
    1. වැට් එක්ස්ප්ලේන් කරන්න වැට් මෑන් හෙවත් රවී උන්නැහේටත් බෑ..

      Delete
  19. මහින්දය උගේ කාලෙදි ලවක් දෙවක් නැතිව හොරකම් කලාට, විරුද්ධ වාදීන් මරා දැම්මට, දැන් ඔය පොර ටෝක් දෙන දෙපැත්තෙම හාල් පාරුවො මීක් කියන්නේ නැතුව හිටියෙ, ඒ යකා ඒ කාලේ තනියම හැම අංශයක්ම මරණ භය වපුරලා හරි කොන්ට්‍රෝල් එකේ තියාගෙන හිටිය නිසා.

    දැන් නායකයෝ දෙන්නෙක් ඉඳලත්, උන් දෙන්නට අඩු ගානේ ප්‍රාදේශීය සභාවක පැරදිච්ච නැට්ටෙක්වත් කොන්ට්‍රෝල් කරගන්න බැරි තත්වෙට පත්වෙලා.

    පොළොන්නරුවේ ග්‍රාම සේවක,

    පන්සල් ගානේ ඇවිද, ඇවිද කහකඩයන්ව හුරතල් කරමින්,

    මතින් තොර රටක් කිය කියා කුඩු මුදලාලිලා යහතින් තියාගෙන, ඉවක් බවක් නැතිව අරක්කු, සිගරට් වල මිල වැඩි කරමින්

    එලියෙ ඉඳගෙන මහින්දයත් එක්ක එකතු වෙලා යහපාලනයට ගේම අදින හොර තක්කඩින්ට අල්ලස් සමග ඇමතිකම් දෙමින්,

    අධිකරණය, පරිපාලන සේවය හා රජයේ වෛද්‍ය සේවය රටේ සම්මත නීතියට හා ස්වභාව යුක්තියට පිටුපාමින් කරන, ජනතා ද්‍රෝහී මාෆියා කණ්ඩායම් වශයෙන් කල්ලි ගැසීම් වලට අනුබල දෙමින්,

    සභ්‍යත්වයකුයි, මඩු වල්ගයකුයි ගැන කියවමින්,

    ජනාධිපතියෙකුට තිබියයුතු මෙලෝ සම්ම විෂන් එකක් නැතුව නන්න පෝල් වෙලා.

    'සිරිකොතේ ලිච්චවී' ගැන මිනිසුන්ගේ තිබිච්ච විශ්වාසයත් දැන් දැන් බොඳවී යමින් තියෙන්නෙ.
    එයාගෙ රට ගොඩගැනීමේ විෂන් එක, ඊළඟට එයා තනියම රජයක් පිහිටුවීමේ සිහිනය බවට පරිවර්තනය කරගනිමින් සිටිනවා.

    රටේ නායකයෝ දෙන්නම මේ විදියට නන්න පෝල් වී ඇති නිසා රටේ හැම ස්ථරයක්ම නායකත්වයේ ග්‍රහණයෙන් ගිලිහී හොරුන්, දුෂිතයන් අතට පත්වෙමින් තියෙනවා.

    (යහපාලනයෙන් අපිට ලැබුන එකම වරප්‍රසාදය, මරණ බයෙන් තොරව මේවාගෙ ලියන්න පුළුවන් වීම පමණයි)

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනා ඒකට ගරු කරන මිනිස්සුන්ට මිසක් පිස්සන්ට නෙමෙයි.. මෙයාලා කනවා නියම පරිප්පුවක්...

      Delete
  20. බණින එකෙක් බැනපියව්.. පනින එකෙක් පැනපියව් කියලා වැඩක් කොරන්න පටං ගත්තේ නැත්තං දැනට ඉතිරි වෙලා ඉන්න මිනිස්සු ටිකත් නැති වෙනවා මේ යන විදිහට.කැපුවත් කොළ ටික නං ඉඳියි.එයාල එදා ඉඳන්ම හිටියනෙ.විසිල් ඇතිය... බල්ටි අවශ්‍යය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ විදියට නම් වැඩිම උනොත් මාස 6ක් කරයි...

      Delete
  21. රනිල් ගොබ්බයට දේශපාලනයත් බෑ . ආර්ථිකයත් බෑ යුද්දෙත් බෑ

    ReplyDelete
  22. හැම රටකම දේශපාලනේ කරන උනුයි නිලධාරී රොත්තයි කෙලින්නේ පිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් අනුමත කරන්න බෑ... කොරියාව, සිංගප්පූරුව, තායිවානය වගේ රටවල් දියුණු උනේ කොහොමද...?

      Delete
    2. මේ රටවල දියුණුවේ ප්‍රධානතම සාධක කිහිපයක් තිබුණි. විදේශ සෘජු ආයෝජන ඒ අතරින් එකකි. ආසියාවේ සමාජවාදය පැතිරේවියැයි පැවති බිය නිසා විදේශ සෘජු ආයෝජන ලබාදී මෙම රටවල ආර්ථක වර්ධනයට එකල ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් උපකාර කරනු ලැබීය. මුල්‍යමය ආධාර පමණක් නොව විශේෂඥ දැනුමද මේ රටවලට ලබාදුනි. (CHAN CHIN BOCK, Heart Work) පොත බලන්න. දියුණුවට තවත් හේතුවක් වූයේ දැඩි නීති රීති තුළින් ඇතිකරන ලද විනයයි. අප රටේ අදටත් නැත්තේද එයයි. ඒ තුළින් ඇති කරන ලද ආකල්පමය වෙනස මේ රටවල දියුනුවට ප්‍රධාන හේතුවක් විය. අනෙක නම් ප්‍රජාතන්ත්‍රවාදය නමට තිබුණද අයෝමය හස්තයකින් රට පාලනය කිරීමයි. අනෙක තමන්ට ඇති හැකියාව කුමක්දැයි තේරැම්ගෙන ඒ අනුව රටේ දියුනුවට කටයුතු කිරීමයි. කිසිදු ස්වභාවික සම්පතක් නැති සිංගපූරැව අද සේවා මධ්‍යස්ථානයක් වශයෙන් දියුනු වී ඇත්තේ ඒ නිසාය.

      Delete
  23. කියන්න වදන් නෑ.. හැඟුම් සිතේ ගොළුවෙලා.. හඳුනා දෙන්න බෑ මගේ සිත ඔබට පහදලා... නියම ලියවිල්ලක් !!! ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර බයේ හිටපු මිනිස්සු, දැන් බය නැතිව කතා කරනවා... එකම වෙනස එච්චරයි...

      Delete
    2. ගෝත්‍රික ගති තියන මිනිස්සු ඉන්න,වැනෙන ආණ්ඩුවක් තියන රටකට ඒ වෙනස වැඩක් නෑ...

      Delete
  24. මේ ලඟදී පෙරමුණේ ප්‍රාදේශීය සභා ඉල්ලලා පැරදුනු එකෙක්ගෙ ගෙදර මළගෙයක් තිබ්බ. ඌ ඒ දවස් වල එකසිය ගානට කොන්ත්‍රාත් කරල එව්වයි අම්බානක ගසා කෑව. (චන්දෙ පැරදුනත් හම්බකරගන්න මාර්ගෙ මහ රජා කට්ටියට හදල දීල තිබ්බෙ). මෙන්න යකෝ උන්ගේ සීයාගේ මළගෙදර හත් දවසෙ දානෙට මාළු ගේන්න වේයන්ගොඩ ගියේ ආණ්ඩුවෙ කැබ් එකක.හට ගැහුවෙ ප්‍රාදේශීය සභාවෙන් . ලසන්ත අලගියවන්නගෙ ගාව මූ වැඩ. අරූ මේ ආණ්ඩුවේත් ඇමති. අර සෙල්ලම් ඒ විදියටමයි. පුකට වෙඩි තියාගන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් සජ්ජෝ මෙතන අමුතු ගේමක් යන්නේ.. මෛත්‍රිට රනිල්ට වඩා ගැලපෙන්නේ මහින්ද... ඒ නිසා අපි කලින් කියපු දේවල් බොහෝ වෙලාවට වෙන්න ඉඩ තියෙන බව මේ සතියේ රාවයේ වික්ටර් අයිවන්ගේ ළිපිය කියෙව්වනම් තේරෙනවා.. පුළුවන්නම් හොයාගෙන කියවහන්.. අපි නිකං ගෙස් කරලා කියපුවා තනිකර ඇත්ත.

      Delete
  25. හරක් අඟේ ගජමුතු හටගන්නා දිනයක දේශපාලඥයින්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වූවාට කම් නැත.

    ReplyDelete
    Replies
    1. ප.ලි. - අපේ රටේ ඇමති මන්ත්‍රීලා කවුරැවත් පිටසක්වල හෝ පිට රට අය ඇවිත් ඡන්දය දී පත්කරගත් අය නොවෙති. මේ සියල්ලෝම අපේ රටේ බුද්ධිමත් ඡන්දදායකයින් ඡන්දය දී පත්කරගත් අයයි. අපිට ලැබී ඇත්තේ අපේ දැනුමට, බුද්ධියට, හැකියාවට ගැලපෙන අයයි.

      Delete
    2. අති සුපිරි කථාවක්,
      මම කියන්නේ බහුතරයක් මී හරකුන් වන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදීව පත් වන පාලකයන් මී හරකුන්ම වියයුතු බවයි.

      Delete
  26. බොහොමයක් එවුන් හිතාගෙන හිටියේ රනිල කියන්නේ වැඩකාරයෙක් කියල. දැන් ඌ ඔප්පු කරලා ඉවර වෙලා තියෙන්න ගොන් නාම්බෙක් කියල. විමලය උට වැඩ දන්නවා කියල ඊයේ ඔප්පුකරා. මහා බැංකු චාසේ එකෙන් මිස්ටේර් clean , බංක cleaner උනෙක විතරයි උනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න