.

.

Jun 25, 2021

දුමින්දාගමනය ඔතනින් නිමා විය යුතුය.


මුලින්ම කිව යුතුව ඇත්තේ මාතලන් දුමින්ද සිල්වලාගේ භාරත ලක්ෂ්මන්ලාගේ පාදඩ දේශපාලනයවත්, එජාපයේ මැර දෙශපාලනයවත්, ජවිපේ ත්‍රස්තවාදි දේශපාලනයවත් කිසි ලෙසකින් හෝ අනුමත කරන්නේ නැති බවය. 

එනයින් බැලූ කල, ඝෝඨාභය රාජපක්ෂ චැප්ලින් කෙනෙක් ලෙස හැඳින්වීම මෙතෙක් පැවති පාදඩ සිස්ටම් එක කනපිට පෙරලීමක්ය. විරුද්ධවාදීන් මෙන්ම අපද බලාපොරොත්තු වූ හිට්ලර් වෙනුවට ලැබී ඇත්තේ, එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයාය. එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගය කරනා ඕනෑම එකෙක් පිලිගන්නවා ඇත.  

දුමින්ද සිල්වා ඊයේ එලියට ආවේය. ඔහුට නීතියෙන් සිඳු වූ අසාධාරණය ගැන මැදිහත් සිතින් බලා ලියූ සටහන් දැක්කේ අතේ ඇඟිලි වලටත් අඩු ප්‍රමාණයකි. ඔහුගේ නඩු තීන්දූව තේරුම් ගත නොහැකි තීන්දුවක් බව නීතී ක්ෂේශ්ත්‍රයේ කීප දෙනෙකුම මාතලන් හා ඒ කාලයේ කියා සිටියේය. 

එය තනිකරම දේශපාලන කුමන්ත්‍රණයක් වනාතර. දුමින්ද සිල්වා සිරගත වන්නේ මිනීමරුවකු ලෙස නොව අරලිය ගහ මන්දිරයේ සිට පොලීසිය හා අධිකරණය එක්ව සිඳුකල දේශපාලන කුමන්ත්‍රණයක ගොඳුරක් වෙමින් දේශපාලන සිරකරුවකු ලෙසය. අප විරුද්ධ වන්නේ මෙන්න මේ දෙයටයි.

දුමින්ද එලියට ඒම වෙනුවෙන් විරුද්ධ මැරෙන්නට හදනා මෙම දේශපාලන කුමන්ත්‍රණයට එක් වූ පිරිස් හා ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම්, සංවිධාන හා රටවල් ටික බැලුවාම එය තව දුරටත් සනාත වී හමාරය. අද දුමින්ද එලියට ඒමට හේතු වූ නීතිමය කරුණු මොනවාද යන්න අහනා නීතීඥ්ඥ සංගමය, එදා දුමින්ද ඇතුලට යාමට හේතූ වූ නීතිමය කරුණු කාරනා මුලින්ම අපට කියා සිටින්නේ නම් බොහෝ අගනේය.

දුමින්ද සිල්වා දේශපාලන සිරකරුවකු බව ඇමරිකානූ එම්බසියට මෙන්ම ජිනීවා මානව හිමිකම් කමිටුවටත් අමතක වී තිබේ. ඔවුන්ගේ ප්‍රකාෂ පට පට ගා බුකියේ දමනා, මේ කුමන්ත්‍රණයේ තවත් හවුල් කරුවකු වන, අසාම් අමීන් නම් මාජ්ජවේදියා ඒ කාළේ කටයුතු කල ආකාරය අද අපට අමතක නැත. 

අරලිය ගහ මන්දිරයේ සිට ශානී පිටපත් ලියා ගෙන ආ සියළු කුමන්ත්‍රණ පිටුපස, අසාම් අමීන් උන් බවට තොරතුරු එන්නේ ඒ කාලයේමය. මේ සියල්ල්ලෝම හෙලිදරව් වූයේ රන්ජන් නැමති මොන්ටිසෝරි දේශපාලුවාගේ දුරකතන ඇමතුම් සියල්ල පටිගත කිරීමේ මරි මෝඩ වැඩේ නිසාය. ඒ සියල්ල අවශ්‍ය කෙනෙක් වේ නම් යූ ටියුබයේ තියෙනවාය. අමතක අය එතනින් එවා අහගන්නා එක කොහොමත් හොඳය. 

මෙහිදි මුලින්ම ලැබෙන්නේ බෙදුන තීන්දුවකි. සමහරුන් සාධාරණය කරන්නේ එය උපරිමාධිකරණයෙන් සම්මත වූ නිසා වඩාත් නිවැරදි තීන්දුවක් බවකි. එහෙත් මුල් තීන්දුව ආපු හැටි දන්නා අපට, ඒ තීන්දුව ආ හැටිත්, සිරිසේනගේ ඔක්තෝබර් විප්ලවයේ තීන්දුව ආ හැටිත්, ඒ තීන්දු දුන් අයට ඇමරිකන් එම්බසිය ගානේ ෆොරින් ටුවර් දුන් හැටිත් අහගන්නට වෙන්නේ, ආයෙත් රන්ජා එලියට ආපු දවසකය.   

ආන්ඩු විරෝධීන් මෙම තීරණයට විරුද්ධව හඬ නැගීම සාධාරණීකරණය කළ හැකි වුවද, ආන්ඩුවට ඉක පුරාගෙන කඩේ ගිය උන්ගේ විරෝධය නම් උගුරට හොරා බෙහෙත් ගිලීමක් බව නොකියා සිටිය නොහැකිය. පොහොට්ටුව්ට චන්දය දුන් හැම එකාම පමණක් නොව විරුද්ධව දුන් හැම එකාම දුමින්දට ජනාධිපති සමාව ලැබෙනා බව දැනගෙන උන්නේය.

එහෙත් එය සිඳු වූ ආකාරය සාධාරණද යන දේ මතුකර තිබුනේ හිරන්ත හේරත් පමණි. ඒ ඔහු නීතීඥ්ඥයකු වන නිසාය. මාතලන් ඔහුගේ මතය හා 100% එකඟ වුවද, මේ ආ ක්‍රමයේත් කිසිඳු වැරද්දක් දකින්නේ නැත්තේ, ඔහු දේශපාලන සිරකරුවකු නිසාය. 

රෝහණ විජේවීර වන් අය එලියට එන්නේද දේශපාලන සිරකරුවන් නිසාය. ස්ත්‍රී දූෂකයකු මෙන්ම මිනීමරුවකු වූ ගෝනවල සුනිල්ගේ ජනාධිපති සමාව අමතක කලද, මෛත්‍රිපාල සිරිසේන විසින් මරණ දඬුවමට නියමිතව උන් 96 දෙනෙකු පමණ එලියට දැමීම සියල්ලන්ටම අමතකව ඇත. ඒ.., මිනීමරුවකු බව ඔප්පු වූ රෝයල් පාක් මිනීමරුවාට අමතරවය. 

මෙහිදි අප සොයා බැලිය යුතු කරුණ නම්, මීට විරුද්ධව කෑ ගසනා පොහොට්ටු බයියෝ එසේ කෑ ගසන්නේ ඇයිද යන්නය. එහිදි මා කළ සමීක්ෂණයකට අනුව මින් වැඩි පිරිසක් පිරිමි අය වීම විශේෂිතය. එය එසේ වීමට මානසික කරුණු කීපයක් බලපායි. එය ග්‍රස්තික නියුරෝසීය තත්වයක්ද එසේ නැත්නම් වෙනින් රෝගයක්දැයි අහගන්න වෙන්නේ දීප්ති කුමාර ගුණරත්නයන්ගෙන්ය. 


දුමින්ද පට්ට හැන්ඩියකු වීම. (හීනමානය)

ඔහු ප්ලේ බොයි හෙවත් බඩු කාරයකු වීම (කුහක ලිංගික ඉරිසියාව.)

මහා ධනවතෙකු වීම. (පන්ති වෛරය)

ප්‍රසිද්ධ පුද්ගලයකු වීම. (ගං කබර මානසිකත්වය)

දුමින්දගේ ආරම්බය එජාපයේ වීම. (දේශපාලන කුහකත්වය)

එවන් පුද්ගලයකු නැවත සමාජයට පැමිනීම. (තමන්ගේ තත්වයට හා ඉමේජ් එකට කෙලවීම)

දුමින්දගේ දේශපාලන ආගමනය එන්නේ එජාපයෙනි. දුමින්දලා ප්‍රකෝටිපතියන් වන්නේත් එජාපයෙනි. දුමින්දලා රෙනෝලාට ගුවන් විදුලි නාලිකා රූපවාහිනි නාලිකා ආරම්බ කිරීමට ගුවන් තරංග ලබා දෙන්නේ එජාපයෙනි. ඒ කියන්නේ ඔවුන් ප්‍රකෝටිපතීන් වී තිබෙන්නේ එජාප පාලනයක් යටතේය. (ඔවුන් කුඩු කාරයෝ නම්. ඒවා කර තිබෙන්නේත් එජාපයේ පිහිටෙනි.) 

එහෙත් මහින්දට විරුද්ධ වූ නිසා රෙඩියෝ චැනල් හා රූපවාහිනි නාලිකාවලට කෙලවන බව දුටු රෙනෝ කරන්නේ, දුමින්ද රාජපක්ෂලාට බාර දෙන එකය. දුමින්ද දේශපානය කළේ කොලොන්නාවේය. කොලොන්නාවේ ඉන්නේ පාදඩ සමාජ පන්තියකි. එය කවුරුත් දන්නා ප්‍රසිද්ධ දෙයකි. 

දුමින්දට කොලොන්නාව බාර දෙන්නේ එවිට රාජපක්ෂලාට හිසරදයක්ව තිබූ කප්පම් කාරයකු වූ භාරත ලක්ෂ්මන් හලා දැමීමටය. සෝලංග ආරච්චි කියන්නේ භරතගේ ගෝලයෙකි. භාරත දුමින්ද හා පැටලෙන්නේ තමන්ගේ නැති වී යන අභිමානය රැක ගැන්මටය. 

දුමින්ද එලවාගෙන යන්නේ භාරතය. ගිහින් ගේම ඉල්ලන්නේත් භාරතය. දුමින්දට මුලින් වෙඩි තියන්නේත් භාරතගේ පොරකි. ඉන් පසු වූ දෙයක් දුමින්ද දන්නේ නැත. මට මතක නෑ කියන්නේ බොරුවට නොව ඇත්තටය.

භාරත ළඟත් දුමින්ද ලඟත් උන්නේ පාතාලේ පාදඩයෝය. තමාගේ එකාට ගේම දුන් එකාට යහතින් යන්නට දුමින්දගේ උන් ඉඩ දුන්නේ නැතිය. ගේම කෙලවර වන්නේ භාරත හා තවත් කීප දෙනෙක් දිවිය ලෝකේ ගිහිල්ලාය. ඇත්ත කතාව ඕකය. 

ඊට පසු බලයට පැමිණි භාරතගේ දුව රඟපෑමට ගියේත් භාරතගේ අර කැරක්ටර් එකය. දුමින්දට නඩු වැටී තිබිනි. . එයාගේ ඔපරේසොන් ඩිෆෙන්ඩර් සෝ එක පලමු ෂූට් එකෙන්ම නැවතුනේ මෛත්‍රිපාල සිරිසේනට පින් සිඳු වන්නටය. රඟන්නට ගියේ භාරතගේ කැරක්ටර් එකය. එහෙත් කොළොන්නාවේ උන්ට එයාව දිරෙව්වේ නැතිය. ඒ දුමින්දට ගේම අදින නිසාය. දුමින්ද ඒ වන විට කොලොන්නාවේ හීරෝ වී අවසානය.  

සජිත් ප්‍රේමදාස හිරුණිකාට ෂොට් එක දී අවසානය. එය එසේ විය යුතුය. හිරුණිකා රන්ජන් සමඟ සජිත්ගේ පමණක් නොව ජලනිගේත් පලු අරින්නේ ලංකාවටම ඇහෙන්නය. 

මාතලන්ට ඇති එකම අවුල නම් නිදහස් කිරීම නොවේ. දුමින්දලා ආයෙත් දේශපාලනයට ඒවිද යන්නය. එසේ කරනවා නම් රාජපක්ෂලා තරම් මෝඩයෝ මේ මුලු විශ්වයේම ඇත්තේ නැතිය. 


ඒ වගත් මෙසේය... 

9 comments:

  1. කතාව ඇත්ත තමයි මාතේ, දුමින්දලා වාසි පැත්තට හෝයියා නිසා ආයේ යූ ඇන් පී ආණ්ඩුවක් හදන්න රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකානු ඉන්දීය එම්බසි සමග එකතුවී සහයෝගයෙන් වැඩ කරන්න හොඳටම ඉඩ තියෙනවා නේද බන්?

    හැබැයි ඉතින් රාජපක්ෂලත් යටින් රනිල් සමග උපක්‍රමශීලීව ගණුදෙනු කරන නිසා උන් බේරෙයි ඒත් රටට තමයි අන්තිමට කෙළවිලා යන්නේ නේද මචන්?

    ReplyDelete
  2. මාතා ලංකාවට විශාල වශයෙන් විදෙස් රසායනික පොහොර ආනයනය කරන කැපිටල් මහරාජා ආයතනය මගින් පච ප්‍රචාරය කරමින් සිටින මේ දවස් වල කාබනික කොම්පෝස්ට් පොහොර ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද?

    මම දන්න තරමින් කාබනික කොම්පෝස්ට් යනු පොහොරක් නොවන බවත් එය ශාක වලට අවශ්‍ය සංඝටක සැදීමට ක්ෂුද්‍ර ජිවින්ට අවස්තාව සලසා දෙන මාධ්‍යයක්. රසායනික පෝර භාවිතයේදී අවශ්‍ය සංඝටක ජලයේ දියවී ඉතා ඉක්මනින් හා පහසුවෙන් ශාක අවශෝෂණය කර ගනී. කාබනික පොහොර භාවිතයේදී සිදු වන්නේ එම කොම්පෝස්ට් වලට ක්‍ෂුද්‍ර ජිවින්ට වර්ධනය වීමට අවශ්‍ය සංඝටක සපයා ඒ හරහා නයිට්‍රජන් පොස්පරස් පොටසියම් හා අනිකුත් අවශ්‍ය මුල ද්‍රව්‍ය වර්ධනය කරවීමයි.

    යුරියා වල නයිට්‍රජන් 40% ඇති අතර කොම්පෝස්ට් වල ඇත්තේ 1% ක් හෝ 2% කි. මෙම රසායනික පොහොර තහනම යෙදු මුල් අවධියේ ලංකාවේ සෝ කෝල්ඩ් කෘෂිකර්ම උපදේශකවරු රුපවාහිනි සංවාද වල කියා සිටියේ යුරියා කිලෝ 100ක් යෙදු කුඹුරු වලට කොම්පෝස්ට් කිලෝ 4,000ක් අවශ්‍ය බවයි. මේවා ඔවුන් පැවසුවේ කරුණු නොදැනද එසේ නැති නම් ගත් තීරණය අපහාසයට ලක් කිරීමටදැයි මට නොවැටහේ .කෙසේ වෙතත් ක්ෂද්‍ර ජීවි වර්ධක යොදා කොම්පෝස්ට් වල නයිට්‍රජන් වල ප්‍රමාණය 30% පමණ වර්ධනය කල හැකි බව මේ වනවිට සොයා ගෙන ඇත . මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදන ආයතනයක් එහි 10% නයිට්‍රජන් ඇති බව සහතික කර ඇත .
    මෙයට ඇති හොඳම උදාහරණය නම් සිංහරාජ වනයට අපට අතුලුවිමටවත් නොහැකි අකාරයෙන් ගස් වැවී ඇත්තේ රසායනික පොහොර යොදා නොව මේ ස්වභාවික සංසිද්ධිය හරහා වනාන්තරයේ ගස් වලට අවශ්‍ය මුලද්‍රව්‍ය පසේ ඇති ක්‍ෂුද්‍ර ජීවින් හරහා වනාන්තරයෙන්ම ලැබෙන බැවිනි.

    දැන් අප කල යුතුව ඇත්තේ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ කොම්පෝස්ට් නිෂ්පාදනය වැඩි කිරීමය. මෙය කල හැක්කේ කෙසේද ?

    ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය 30% 40% පමණ වන බව ගණන් බලා ඇත . මෙය අවම කිරීමට කලකට ඉහතදී ප්ලාස්ටික් කූඩ හඳුන්වා දුන්නත් ඒ සඳහා විශේෂයෙන් අතරමැදියන් අකමැති විය . ඒ ඔවුන්ට ලොරි රථ වල එක වර ප්‍රවාහනය කිරීමට ලැබෙන ප්‍රමාණය අවම වන නිසාය .කූඩ වල ප්‍රවාහනය කිරීමෙන් අඩු වන ප්‍රමාණය පසු අස්වන්නු හානිය සමඟ සසඳන විට වඩා වාසි සහගතය. මෙය ඔවුන්ට පැහැදිලි කර දීමට කෙනෙකු සිටියේ නැත.

    කෙසේ වෙතත් දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල දිනපතා තැලී පොඩිවී අහක යන එළවලු පලතුරු ප්‍රමාණය ටොන් ගණනකි. ඒවා බොහෝ ප්‍රමාණයක් මේ වනවිට පළාත් පාලන ආයතන මඟින් යොදා ගන්නේ පහත් බිම් ගොඩ කිරීමටය. ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව කොම්පෝස්ට් කර්මාන්ත ශාලා සැදීමට පුද්ගලික අංශයට හැකියාවක් ඇත. මේවා එම කර්මාන්ත ශාලා වලට විකිනීමට ආර්ථික මධ්‍යස්ථාන වල වෙළඳුන්ට හැකිවනු ඇත. මේ හරහා නව ආයෝජන අවස්ථා හා නව රැකියා අවස්ථා බිහිවනු ඇත .

    https://www.youtube.com/watch?v=yU8zF34tJ3k&t=23s‌

    මාළු අපද්‍රවය වලින් සාදන වැඩි දියුණු කල කාබනික දියර පොහොර අද ලෝකයේ බොහෝ රටවල භාවිතා කරයි. මෙය භෝග සඳහා අවශ්‍ය පෝෂණ කොටස් අනුන පොහොරකි . අප රටේ පැලියගොඩ මාළු වෙළඳපොල ආශ්‍රිතව අතිවිශාල මාළු අපද්‍රවය ප්‍රමාණයක් අපතේ යවයි. මිට අමතරව රට පුරා ධිවර වරාය ආශ්‍රිතවද තත්වය එයයි, මෙම පොහොර සෑදීමට ඒ හරහාද අවස්තාව සලසා ගැනීමට පුද්ගලික අංශයට හැකියාවක් ඇත.

    ReplyDelete
    Replies
    1. පොහොර භාවිතයේදී අප රටේ නොකරනම කාරණය පස පරික්ෂා කර පොහොර දැමීමයි, රසායනික පොහොර භාවිතයේදී පොහොර බොහෝ සෙයින් අපතේ යන්නේ එබැවිනි . පසේ දැනට ඇති සංගටක මොනවාද ? ඒ හරහා පසට අප යෙදිය යුතු ප්‍රමාන කුමක්දැයි දන ගැනීමට ගොවියාට නොහැක . කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවියාට පස් නියැදි පරික්ෂා කර ගැනීමට හැකියාව තිබුනත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන විට තුන් මසක් පමණ ගත වන්නේ සුපුරුදු රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය නිසාත් එම පහසුකම ඇත්තේ සීමිත ප්‍රමාන වලින් නිසාත්ය. මෙම රසායනික පොහොර තහනම නිසා ගොවීනට තමන් යෙදිය යුතු ෆොහොර ප්‍රමාණය දන ගැනීම ඉදිරියේ විශාල අවශ්‍යතාවයක් වනු ඇත. එහිදී රටපුරා විද්‍යාගාර පහසුකම් සැපයීමට පුද්ගලික අංශයට අවස්තාවක් ඇත .

      නාගරික කැලි කසල වලින් ආහාර අප ද්‍රවය වෙන් කිරීමට හැකි නම් එයද කොපොස්ට් සැදීමට පහසුවෙන් යොදා ගත හැක . නමුත් ශ්‍රිලංකාවේ මේ වනවිට එය තරම් විහිළුවක් තවත් නැත .සමහර පළාත් පාලන ආයතන සතියේ දින දෙකක් එක දිනක් ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍යත් අනිත් දින දිරන අහාර අපද්‍රව්‍ය හා කඩදාසිත් ගෙන යයි . මේවා වෙන්කර නැත්නම් සේවකයින් ඒවා පටවා ගැනීම පවා ප්‍රතික්ෂේප කරත් මේ දෙවර්ගයම ගෙන ගොස් දමන්නේ එකම වලකටය.

      කොළඹ සමහර ආයතන වෙන් කර කැලි කසල බැහැර කලත් එකම කුණු ලොරියට පටවා ඒවා ගෙන යන්නේ කෙරවලපිටිය කුණු දහන බලාගාරයටය . ඒවා එතැන දැවී යන්නේ සියල්ල එකටය .මෙය ජාතික අපරාධයකි . මෙම වෙන්කළ දිරන අහාර අපද්‍රව්‍ය භාවිතා කර ලෙහෙසියෙන්ම කොම්පෝස්ට් සැදිය හැක . කෙරවලපිටිය බලාගාරයට අවශ්‍ය නොදිරන කුණු බස්නාහිර පළාතේ අනෙකුත් පළාත් පාලන ආයතන වලින් ගෙන්වා දිරන කුණු වලින් කොම්පෝස්ට් සැදීම එම පළාත් පාලන ආයතන ආශ්‍රිතවම ආරම්භ කල හැක . මේ සඳහාද පුද්ගලික ආයෝජකයින්ට අවස්තාව සලසා දිය හැක .
      (මේවා සැදීමේදී අහාර සඳහා දමන කෘත්‍රිම රස කාරක අජිනොමොටෝ හා වර්නකද මෙම පොහොර සඳහා එකතු වන බැවින් 100% සාර්ථක කර ගැනීමට මේවාද ආනයනය තහනම් කල යුතුය.)

      ගැඩවිලි පනුවන්ගේ ක්‍රියාකාරිත්වය ආශ්‍රිතයෙන් නිෂ්පාදනය කරන වර්මි කොම්පෝස්ට් අද ලෝකයේ ජනප්‍රිය පෝෂණ අගයෙන් අනුන කාබනික දියර පොහොරකි.

      මෙයට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ගව මුත්‍ර හා ගොම භාවිතා කරන අතර මේවා බහුල අඹේවෙල ඇඹිලිපිටිය හම්බන්තොට වැනි පළාත් වල ඇති ගව සම්පත් ආශ්‍රිතව ආරම්භ කල හැක. ලෝකයේ බොහෝ අවස්තාවල සිදුවන්නේ පිරිමි හරකුන් මස් පිණිස මරා දැමීම බැවින් මේ හරහා එයද අවම කර ගත හැක. මෙය කිරීමටද පුද්ගලික ආයෝජකයින්ට අවස්තාව ඇත.

      https://www.youtube.com/watch?v=VMghYozrkCQ&t=131s

      පලිබෝධනාශක ගෙන්වීමද මේ වන විට නවතා ඇත. ශ්‍රී ලංකාවේ ගොවින් 90% ක් පමණ බෞද්ධයින්ය, නමුත් උදෑසන පන්සිල් ගෙන කුඹුරට යන ගොවියා කෘමිනාශක යොදා ලක්ෂ ගණනක් කෘමින් මරා දමයි. කාබනික පලිබෝද නාශක නැත. ඇත්තේ විකර්ශකය, එනම් එයින් කෙරෙන්නේ භෝගයට අහිතකර කෘමින්, දිලිර හා බැක්ටිරියාවන්ට අකැමති පරිසරයක් භෝගය අශ්‍රිතව නිර්මාණය කිරීමය. මේවා අපේ පැරැන්නන් ඉතා කාර්යක්ෂම ආකාරයෙන් භාවිතා කල අතර අද දිනයේ ඒවා සියල්ල අභාවයට ගොස් ඇත. නමුත් විද්‍යානුකුලව තහවුරු කරන ලද පලිබෝද නාශක අප අවට පරිසරයෙන්ම නිෂ්පාදනය කර ගත හැක .දැනටමත් කාබනික විකර්ෂක වෙළඳපොලේ විකිනීමට ඇති අතර මේ තහනම හරහා මේ වන විට ඒවාට අධික ඉල්ලුමක් පවතී. මේවා වැඩි දියුණු කර මහා පරිමාණයෙන් නිපදවීමට පුද්ගලික ආයෝජකයින්ට හැකියාව ඇත.

      https://www.facebook.com/groups/1259899787746167/permalink/1261273704275442/

      සුපිරි වෙළඳසල් වල කාබනික එළවලු වෙනම පැත්තක ඇත. සාමාන්‍ය එළවළු කිලෝව රුපියල් 200 නම් කාබනික කිලෝවක් රුපියල් 350 කි. නමුත් එහි ඇති එළවලු වල ප්‍රමාණය හැඩය ස්වරුපය දකින විට සසර දුක ඇති කරයි. එහි ඇති අර්තාපල් ගෙඩියක් කොස් ඇටයක ප්‍රමාණයට පොඩ්ඩක් විශාලය .ඒවා දකින විට කාබනික ගොවි තැන එපාවීම පුදුමයක් නොවේ .
      අප රටට අර්තාපල් බීජ ගෙන්වන්නේ නෙදර්ලන්තය වැනි යුරෝපා රට වලිනි. ඔවුන් එම බීජ නිෂ්පාදනය කරන්නේ අප වැනි කුඩා රටවල් ඉලක්ක කර නොවන අතර කාබනිකව වගා කිරීමටද නොවේ. මේවා වසර ගණනාවක් පර්යේෂණ කර වැඩිදියුණු කර නිෂ්පාදනය කර ඇත්තේ රසායනික පොහොර ඉලක්ක කරගෙනය. මෙම බීජ අප ආනයනය කර කාබනනික පොහොර යෙදු විට සිදුවන්නේ ඒවා ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමය. කාබනික ගොවි තැනට සුදුසු අර්තාපල් බීජ අප ආනයනය කර නැත. එවන් බීජ ලංකාවට ආනයනය හෝ මෙරට තුල බිහිකර අප රටට ගැලපෙන කාබනික පොහොර යොදා වගා කල හැකි අර්තාපල් බීජ නිෂ්පාදනය පිලිබඳ අප පර්යේෂණ කළ යුතුය. අර්තාපල් වලට වඩා පෝෂණ ගුණයෙන් අනුන වෙනත් දේශීය අල වර්ග ප්‍රචලිත කළ යුතුය.
      කීරි සම්බා යනු අප රටේ වැඩකරුවන්ගේ සොයා ගැනීමකි .එයද රසායනික පොහොර ඉලක්ක කර නිපදවුවද තවමත් කිසිවකු කාබනික පොහොර යොදා මේවා වගා කර නැත. සමහරවිට වගා කර ඇතත් සත්‍ය තොරතුරු නැත.

      Delete
    2. මේ වනවිට අප බිජ ආනයනය කිරීමට රුපියල් මිලියන 2,000 ක් පමණ වැය කරයි . පෙර පැවති විවිධ රජයන් යටතේ මේවා අප රටේම නිෂ්පාදනය කිරීමට යෝජනා ඉදිරිපත් වුවත් විවිධ හේතුන් නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනි, මෙයද වසර දෙකතුනක ඉලක්කයක් යොදා අපම නිෂ්පාදනය නොකලොත් අපට කෑමට සිදු වන්නේ කොස් ඇට වැනි අර්තාපල්ය.

      ඉදිරියට අස්වැන්න අඩු වනවානම් එයට වැඩියෙන්ම බලපාන හේතුව රසායනික පොහොර තහනමට වඩා එයට විකල්පයක් ලෙස කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමය.

      කාබනික පෝර හා පලිබෝද නාශක නිෂ්පාදනය ගෙවතු වගාවට යොදා ගැනීම සම්බන්දව ජනතාව මාද්‍ය හරහා දැනුවත් කල යුතුය .

      දැනට වගා නොකළ ඉඩම් වගා කල යුතුය.

      ඒ සමගම රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු වලට අයිති දැනට වල් වැදී ඇති ඉඩම් වගා කිරීමට කුලී පදනම මත පුද්ගලික අංශයට ලබා දිය යුතුය .

      ඒ වගේම පුද්ගලික අංශවල මා දන්නා බොහෝ පිරිස් එවැනි ආයෝජනයකට කැමැත්තෙන් සිටින නමුත් මේ වනතුරු ඔවුන්ට එම අවස්තාව ලැබී නැත. මේ ගැන ඔබේ අදහස්ද ලියන්න පුළුවන් නේද?

      Delete
  3. අඩෝ මාතලං,

    බොටයි මේක බලන, මේකේ කමෙන්ට් දාන අයට වඩා විශේෂයෙන්ම බුකියේ කමෙන්ට් කොටලා එදා වේල හම්බ කරගන්න හැමෝටම ගොඩක් පරිස්සමින් කටයුතු කළ යුතු බව තමයි මට නම් මේ මොහොතේ කියන්නට ඇත්තේ. මොකද ඉදිරියේදී සිදු වීමට නියමිත බල පෙරලියේදී පාර්ලිමේන්තුව සුළඟේ ලෙලෙනා මල් සේ දඟපා කාඩ් අතක් මෙන් හතර අතේ ශෆල් විය හැකි නිසා මේ අවස්ථාවේ කමෙන්ට් එකක් දාන්න නොහැකිය....

    හැමෝටම ඉතාමත් බරපතල විදිහට අවවාදයක් ලෙස කියන්නේ... "කඩේ යන ගමනක් පාසා ඉතාමත්ම ප්‍රවේශමෙන් කඩේ යන්න... පුද්ගලික ආරවුල් හෝ පුද්ගලයන් ඉලක්ක කරගෙන මඩ නොගහ හැකි තරම් සමූහයක් ඉලක්ක කරන්න. සමහර දීග හරි ගියාට පස්සේ නැතිවන්නේ ඔබේ කලිසම පමණක් නොව ඊට යටින් ඇති පුක සහ ඇටවල්ල ද විය හැකිය...!!!" රාජපක්ෂ වාදීන් සහ රාජපක්ෂ විරෝධීන් දෙපිල බෙදී ගහගන්න නමුත් දෙපිලේම ලොක්කන් පැවිලියන් එකේ තරගය නරඹන්නේ එකටම සවුදිය පුරමින් බවත් උන්ට ඇති සැප සහ සුපිරි සහන අපට නැති බවත් තදින්ම හිතට ගෙන කරන මගුලක් පරිස්සමින් කරගත්තාට කම් නැත. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. Anno 8:24, ඔබ හරි සහෝ..!
      රනිල්ගේ ආගමනය ගැන හැම දෙනාටම ලොකු බයක් තියනවා වගේ මටනම් දැනෙන්නේ.

      ගොඩක් වෙලාවට මේ වගේ භයානක තත්ත්වයක් තියෙනවා නම් එතනදි අපිට පුළුවන් ඒ අයට වෙලාවේ හැටියට සුදුසුතම මාර්ගය පෙන්වන්න විතරයි. ඒ අය උත්සාහ කරලා ඒ පාර ගිහිං තමන්ගේ ගැලවීම කරා නිවැරැදිව ගමන් කරන්න ඕනෙ. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් කෙරේ ආත්ම විශ්වාසය සහා තමන්ගේ ශක්තිය ගැන ඒ අයට අවබෝධයක් නැහැ. ඒකත් සමහර වෙලාවට අවුල් වෙන්න හේතුවක්.

      Delete
  4. අයිසේ මාතලන්, ලෝක ආර්ථිකයේ නූතන තත්ත්වය ගැන අධ්‍යයනය කරද්දී ලොව පුරා මේ දවස් වල බිඳ වැටෙමින් ඇති ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා මරාන්තික එහෙත් පරාජිත සටනකට එළඹ ඇති G7 කණ්ඩායම තම පරම සතුරු වූ චීන හා රුසියානු විරෝධී ශුද්ධ වූ සටනක් ප්‍රකාෂ කර ඇති මොහොතක ලංකාවේ මැදමුලන වෙන්න-රජ පවුලේ බැසිල් රාජපක්ෂ කපු මහතා සිය ඇමෙරිකන් සංචාරය (වාර්තා වන පරිදි) නිමවා නිරුපද්‍රිතව හා සුවදායකව පෙරලා ලංකාවට පැමිණ ඇත.

    ඊට සමගාමීව මෑතකදී බටහිරදිග බලසම්පන්න රාජ්‍ය සමූහයේ සහ අසල්වැසි මහා භාරතයේ දැඩි කැලැඹවීමට හා ප්‍රකෝප ගැන්වීමට සමත් වූ චීන-ලංකා නව සහයෝගීතා සැලැස්ම මේ දිනවල කරළියේ ඇති මොහොතක මකරාක්ෂයාගේ කටට ගොස් නිරුපද්‍රිතව හා සුවදායකව සූර චෞර කපුරාළ වූ බැසිල්ගේ පෙරලා පැමිණීම සඳහා වූ සහතික කරන ලද දොළ පිදේනිය කුමක්ද? මේ අවස්තාවේ යකාගේ කටින් බේරී සිටීමට ඇති එකම උපක්‍රමය වන්නේ සියලු දොස් නාකි එළුවෙකු මත පටවා ගෙල සිඳ චීන-ලංකා සහයෝගීීතාවයන් බිල්ලට දීම බවක් මට සිතේ.

    ReplyDelete
  5. මාතලන් මේ ලිපියෙන් කියන්නේ අපේ නඩුදාපු පොලිසිය සහ තින්දුවදීපු අධිකරණය අසාධාරණයි ජනපති තුමා ප්‍රගතිශිලියි සාධාරණයි කියලනේ.
    ජනධිපතිතුමා එසේ වෙන්ට ඇති. නමුත් අධිකරණය?. පොලිසිය? තාම පරණ එකමනේ.
    අපි ලෝකෙට ලොකුවට කියනවා අපේ අධිකරණ පද්ධතිය හරි සාධාරණයි කියල?
    ස'ගෙ කෙරුවාවෙන් තිබ්බ රෙද්දත් කැඩුන නේද මාතලන්.
    අති විශිෂ්ඨයි

    ReplyDelete
  6. මට නං හිතෙන්නේ මාතේ මේ වගෙය
    මොනවත් කියන්නට තවමත් කල් වැඩිය
    නටවන්නේ රූකඩ හැංගී හිටය
    නූල් දැකිය හැක නටවන්නන් බැරිය!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න