ඉකොනොමැට්ටාට අමතක වූ
ශෙහාන් සේමසිංහ හා
වැල් පාලමේ ඉන්දියා යාම
➖➖➖➖➖➖➖➖🔴➖
අනුර කුමාර ජනාධිපති සඕදරයාගේ ඉන්දියානු ගමන දේශපාලනිකව ගත්කල අති සාර්ථක ධනාත්මක සංචාරයක් බව මාතලන්ගේ මතයය. එයට අදාලව රනිල්ගේ ඉන්දියානු පෙරගමන මෙන්ම පසුගමනද පෙන්වා දෙමින් සිටිනුයේ ජවිපේ ගොබ්බයන්ගේ ඉන්දියානු විරෝධය බව්වට දමා... රාශ්රපඨි දිසානායක... ජියෝ පොලිටික් බලවතුන්ගේ ආශීර්වාදය හා අනුග්‍රහය මධ්‍යයේ.... රනිල්ගේ වැල් පාලමේ ඉදිරියටම යාමට නියමිත බවය.
ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව නිමාවට පත්වීමත්.... කොටස් වෙළඳපල සීඝ්රයෙන් ඉහළ යාමත් සිඳුවූයේ.... මේ ආන්ඩුවේ සෙල්ෆි ගහනා වදකහ ගොබ්බයන්ගේ ලබ්බක් නිසා නොව... පෙර ආන්ඩුව ඒ වෙනුවෙන් සිඳුවිය යුතු කරුණු කාරනා සියල්ලම නිමකළ තිබූ නිසාවෙන්මය.
ඒ ගැන පරිපූර්ණ මට්ටමේ ලිපියක් ඉකොනොමැට්ටා විසින් ලියා තිබුනද... ඒ තුල, ඊට වල කැපු හිඟන දේශපාලුවන් ගැන සිහිකැඳවීම් ඇතත්.... ප්‍රශංසාවට ලක්විය යුතු දේශපාලන චරිත අමතක වීම කනගාටුවට කරුණය.
රට වැටී තිබූ තත්වයෙන් ගොඩ ගැන්ම ගැන ජාත්‍යන්තර සංවිධාන හා දැවැන්ත චරිත මඟින් රනිල් වික්‍රමසිංහ අගය කිරීමට ලක් වූ බව සත්‍යයක්ම වුවද,.... ඉකොනොමැට්ටාගේ ගෞරවාදරයට පාත්රවන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම.... ඔහුට අමතක වූ කණ්ඩායමේ දේශපාලන නායකත්වය දරූ ශෙහාන් සේමසිංහද ඇතුලත් විය යුතුම බව මාතලන්ගේ මතයය.
ඔහු පාර්මේන්තුව තුලද ජාත්‍යන්තරයේද මේ වෙනුවෙන් අති විශාල කාර්යභාරයක් ඉටු කළේ... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති, ජවිපේ හා ජජබ ගොබ්බයන්ගේ පමණක් නොව.... දේශපාලන කුහකයකු වන මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටින හර්ෂ ද සිල්වා, එරාන්, කබීර් වැනි කුහකයින් සේම මැටිමෝල් සජිත්ගේ පාර්ලිමේන්තුවේ ගොන් දෙපැයටද තාර්කිකව නිවැරදි හා සත්‍ය උත්තර බඳිමිනි.
උන්ගේ කියුම් හා කෙරුවාවන් අමතක වුවද.... වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ යන ජවිපේ හා ජාජබ ගොබ්බයන් දෙදෙනෙකුගේ කියුම් කෙරුම් එම ලිපිය තුලින් ගෙන මෙහි සඳහන් කරණුයේ...., රනිල් හා කණ්ඩායම කළ සියල්ල අමතකව... අද හාල්, පොල් නොව, ලුණුත් නැතිව ඉන්නා ගුණමකු හාල්පාරූ ජනතාවගේ දැණුම්වත් භාවය උදෙසාමය.
වසන්ත සමරසිංහ ගැන
උපුටාගැන්ම
___________________⭕___
// කොටින්ම එකල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එම සිදුවීමට පෙර දිනයක ප්‍රකාශ කර සිටියා, අර්ථ සාධක අරමුදලට කිසිදු අතක් නොතිබන බවත්, බැංකුවලින් ලබාගත් ණය පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්.
එය ඇසුණු වර්තමාන ආණ්ඩුවේ එක ඇමතිතුමෙක් එකල ජනතාව ඇවිස්සීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා බැංකුවල තැන්පත් කළ මුදල් ආණ්ඩුව විසින් මංකොල්ලකෑමට යන බවත්, ඊට කලින් ජනතාවගේ මුදල් බේරගන්නා ලෙසත්.
ඒත් මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් එම දෙපාර්ශවයෙන්ම කරපු බියවැද්දීම් වලට යට වීමකින් තොරව, දින කීපයකට බැංකු නිවාඩු දී ජාත්‍යන්තර බැඳුම්කර මිලදී ගැනීම නිසා, දැනටමත් පාඩු ලබා ඇති බැංකුවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව, ධනාත්මක මූල්‍ය ප්රවාහයන්(positive cash flow) ඇති අර්ථ සාධක අරමුදල නිවැරදිව ජනතාවට ලොකු පාඩුවක් නොවන සේ නිවැරදි පරිදි ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා.
එසේ නොකර වඩා ජනප්‍රිය මතය වෙච්ච බැංකු පද්ධතියෙ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කලා නම් සිදු වෙන්නට තිබූ හානිය කියල නිම කරන්න බෑ.
( ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදුකිරීමට බැංකු නිවාඩු දුන් සතියේ , ඒ නිවාඩුව දුන්නේ කාටත් හොරා බැංකු ටික මංකොල්ල කෑමට බව වර්තමාන ආණ්ඩුවේ ඇමතිතුමෙක් ප්‍රකාශ කළා කාටත් මතක ඇති) //
චතුරංග අබේසිංහ ගැන
උපුටාගැන්ම
___________________⭕___
// ඉන්පසු තමයි ඔවුන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ISB ප්‍රතිව්‍යුහගතකරණයට අත ගැහුවේ. මේක තමයි සංකීර්ණම ක්‍රියාවලිය වුණේ. මොකද එවැනි බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා නැවත ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලේ ඒවායේ වෙළඳපල වටිනාකම් අනුව විකිණෙනවා(bond trading). එවිට එම ISB විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතරට බෙදී යනවා. ඔවුන්ව එක සාකච්ඡා මණ්ඩපයකට ගෙන ඒම බොහොම අමාරුයි.
නමුත් එම ISB හිමිකරුවන් වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වට වලට ගෙන ඒමට ඔවුන් දෙදෙනාට හැකි වුණා. මුල් වට වල සාකච්ඡා වලින් එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණයන් සාර්ථක වූයේ නෑ.
ඊට හේතුව එම ප්‍රතිව්‍යුහගතකරණයන් imf එකේ ණය තිරසාර කර ගැනීමේ ව්‍යුහයට (DSA) අනුකූල වූයේ නැති වීමයි.
( නව රජයේ තරුණ කේවට්ටයෙක් එකල එම DSA එක ඔවුන් ඉදිරියේදී වෙනස් කරන බවත් දැනටමත් ඒ නව DSA එක සකස් කර ඇති බවත් එකල ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවා ඔබලාට මතක ඇති. එහෙත් එම කේවට්ටයන්ගේ වෘෂභ කතා නොසලකා හරිමින් කිසිදු වෙනස් කිරීමකින් තොරව එම DSA එක වර්තමානය දක්වාම පවත්වා ගැනීමට කටයුතු කිරීම ගැන නව රජයේ ඉහළ තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ටත් මෙහිදී ස්තූතිය පුද කරන්න ඕනේ) //
ඉකොනොමැට්ටා කියන්නාක් මෙන්ම... මෙවන් දේශපාලන අඳබාලයන් පමණක් නොව, මහා ආර්ථික උස්තාද්ලා සේ පෙනී සිටිමින්.... මැතිවරණ සමයේද ඔලමොට්ටල ප්‍රකාශයන් සිඳුකල හඳුන්නෙත්ති සහ නලීන් හෑවගේ මෙන්ම වසන්ත සමරසිංහ හා චතුරංග අබේසිංහ වැනි ගොබ්බයින් හලා දමා....
ආර්ථිකය නිවැරදි මාවතේ ඉදිරියට ගෙනයාම.... එහි ගෞරවය හිමි විය යුතු නිළධාරින් හා ආයතන වලට මෙන්ම.... වැදගත් මහත්වරුන් සේ පෙනීයන.... මහාචාර්යවරයකුට හා ආචාර්යවරයකුට පවරා තිබීම පිළිබඳව.... අපේ ගෞරවය අනුර කුමාර ජනාධිපති සඕදරයාට පිරිනොනමා සිටීමට තරම් අප කුහකයන් නොවනා බවත් ලියා තැබිය යුතුමය.
සීයාගේ වැල් පාලමේ යාම හැර
වෙන ගමනක් නොමැති බව
සියල්ලෝ අවබෝධ කරගනු ඇත.
ස්වස්ති සිද්ධම්.....!!!!
.
ඉකොනොමැට්ටා කියන්නේ රෂිනි දුව ගැන අසැබි කතා ලියන ඩයල් එක නේද. මිනිහා වනචරයෙක් වගේ
ReplyDeleteපොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කොටස් වෙළඳපළේ මේපදවස්වල ඇතිවන පිබිදීම ජෙපි ආණ්ඩුවේ හාස්කමක් ලෙස පෙන්වා දෙන්න ජෙපි වහල්ලු පුක විකාගෙන දගලනවා. මේ ආණ්ඩුව කොටස් වෙළඳපළේ පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ගත්තු එක සාදනීය කරුණක් නම් කරන්න පුළුවන්ද? මේ අය කළේ සමාගම් රජයේ පාලනයේ තියා ගන්නවා වගේ ආයෝජකයන් අධෛරයමත් කරණ මරි මෝල් තීරණ. ඒක හින්දා කවුරුහරි ජෙප්පෙක් කොටස් වෙළදපළ පෙන්නන්න ආවොත් පුකට පයින් ගහපල්ලා..අනිත් එක ගිනි තැබීම හුරු දෑතට මොන කොටස්ද..
ReplyDeleteයිස්රායල් රකිනාදෙවි අනුර රකීවා
ReplyDeleteජංගි සුදා රංවලව පතුරු ගහනවා පල් හොරක ගානට දාලා. ඌ NDT කියන එක දන්නෙත් නැහැ..ජංගි සුදා කියන විදියට රංවලව බාස් කෙනෙක්..
ReplyDeleteඒක පැත්තකට තිවුවම ,
1.
"රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා"reference: Facebook
👉රංවල PhD එක කරල තියෙනවා කියන්නේ 1994 අද වෙනකං සහතික අරගෙන නැද්ද.ජපානයේ ගිහින් PhD එකක් කරලා ඌට සහතිකය ගන්න මතක් උනේ කතානායක උනාමද.එහෙම නැත්නම් එයා දැනුමෙන් සන්නද්ද වෙලා සහතික එපා කියලද.
👉 PhD එකක් කරන්න සාමාන්‍යයෙන් MSc or P.dip හෝ තියන්න ඒක කොහෙන්ද කලේ, ඒ ගැන පැහැදිලිව කියන්නේ නෑ, ඒ සහතිකත් ගන්න අමතක උනා කියන්න බෑ, එක නැතුව PhD කලේ කොහොමද.
👉හරි ඔය ඔක්කොම වෙලත් ආචාර්ය කියලා පෝස්ටර් ගහලා camping එකක් කරන්නම් එක් දැක්කේ නැද්ද.
මම නම් අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා 'ඉන්දියානු විරෝධය' පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය වූ හැටිත් එහි අධ්‍යාපන කවය එක පංතියක් ලෙස 'ඉන්දියානු ව්‍යාප්තවාදය' උගන්වඖ හැටිත් සහ එහි සන්නද්ධ කණ්ඩායම 'ඉන්දියානු සාම සාධක හමුදාව' දඩයම් කරපු ආකාරයත් පිළිබද තොරතුරු.
ReplyDeleteමගේ දේශපාලන ලෝකයේ මම ඉහලම ඉන්දියානු විරෝධයක් දැකලා තියෙන්නේ ඇතැම් 'ජාතිකවාදීන්' යැයි කියාගන්නා අයගෙන්. ඒ අය හැම වෙලේම කියනවා ඉන්දියාව මොකක්දෝ විදියකට අපිව යටත් කරගන්න හදනවා ඒ නිසා ඉන්දියාවට මෙහෙ ව්‍යාපාරයක්වත් පටන්ගන්න දෙන්න හොද නෑ කියලා. අනිත් ප්‍රදර්ශනාත්මක ඉන්දියානු විරෝධය මට පෙනුනේ පෙරටුගාමී පක්ෂයේ පෝස්ටර් වලින්.
ලංකාවෙ කවුරු ජනාධිපතිවුනත් මුලින්ම යන්නේ ඉන්දියාවට. මහින්දත් එහෙමයි, මයිත්රීත් එහෙමයි, ගෝඨත් එහෙමයි. අනුරත් එහෙමයි. ඉන්දියාවට යන්න ඇපොයින්ට්මන්ට් එකක් ගන්න වැඩිම කාලයක් ගතවුනේ රනිල් ජනාධිපතිතුමාට. අනුර විපක්ෂ නායකවත් නොවී ඉන්දියානු සංචාරයක් ගියා. එදා මම අපේ පක්ෂයේ ඉහළ හිතවතුන්ට කීවා අනුර ඉන්නේ සජිත්ට උඩින් කියලා. 2015 අපි පැරදිලා ආයෙත් උඩට එද්දි මහින්ද නාමල් දෙන්නටම මෝදි අගමැතිතුමා එන්න කීවා.
ඉන්දියාව ලෝකෙ ලොකුම ජනගහණය ඉන්න රට. ලෝකෙ ලොකුම ඩයස්පෝරාව ඉන්නෙත් ඉන්දියාවෙ. ඒ විතරක් නෙමේ කමලා හැරිස්ගේ සිට Google CEO දක්වා ලෝකයේ ප්‍රබලම සමාගම් රැසක ඉහලම නිළයන් දරන විශාල ඉන්දියානුවන් පිරිසක් ඉන්නවා.
ඉන්දියාවේ ආර්ථික වර්ධනය 8.2% විතර. ලෝකයේ 3 වෙනියට ලොකුම මිලදී ගැනීමේ ශක්තිය තියෙන්නෙ ඉන්දියාවට. ඉන්දියානු විදේශ සංචිත දැන් ඇඩො බිලියන 670 ක්. ඉන්දියාව ඇතුලේ ආර්ථික ක්‍රියාකාරකම් වලින් විතරක් ආර්ථිකේ 70% ක්ම පිරිලා.
ඉන්දියාවේ සොෆ්ට් පවර් එක තමා බොලිවුඩ් සිනමාව, යෝගා, හින්දි සිංදු හා නර්තන, ලෙහෙංගි වගෙ ෆැෂන් සහ ක්‍රිකට්. ඔස්කාර් සම්මාන උළලෙදී පවා ඉන්දියානු නිර්මාණ එබිකම් කරනවා. ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයන් ලොකයේ හැම තීරණාත්මක සමුළුවකම, කණ්ඩායමකම සාමජිකයන්.
ඉන්දියාව 2030 වෙද්දි ඇඩො ට්රිලියනක අපනයන කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඇමරිකාව චීනය හා රුසියාව කියන ප්‍රබලම සතුරන් තුන්දෙනාගෙම ප්‍රධානම ආර්ථික හවුල්කරුවෙක් තමා ඉන්දියාව. 2070 වෙද්දි එයාල සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියට මාරුවෙන්න හදන්නෙ.
ඉන්දියාව දැන් ලෝකයේ 5 වෙනි ලොකුම ආර්ථිකය. ඉන්දියාවෙ තේ කඩ කාරයා පවා මුදල් හුවමාරු කරන්නේ මොබයිල් ෆෝන් එකෙන්. අද ගෝලීය IT ක්ෂේත්රය ඉන්දියාව යටත් කරගෙන පමණක් නෙමෙයි ෆෝන් එකේ ඉදන් රොකට් එක දක්වා හැම දෙයක්ම 100% ක්ම ඉන්දියාවෙ හදනවා. Make in India වැඩසටහනට ඇඩො බිලියන 25 ක් 2020 අවුරුද්දේ ලබාදුන්නා.
Deleteඉන්දියාව තමා ලෝකෙ ලොකුම ප්රජාතන්ත්රවාද සහිත රට. ලොකුම සිවිල් සේවාව වගේම වැඩියෙන්ම ඉංග්‍රීසි කතාකරන මධ්‍යම පන්තියත් ඔවුන්ට අයිතියි. අම්බානිගෙ ඉදන් අදානි දක්වා විශාල ඉන්දියානුවන් පිරිසක් ලෝක ධනවත්ම මිනිස්සුන්ගේ ලිස්ට් එකට එකතුවෙමින් ඉන්නවා.
මෝදි ආණ්ඩුව පහුගිය අවුරුදු 3 විතරක් රටේ යටිතල පහසුකම් දියුණු කරන්න ඇඩො බිලියන 100 ක් ආයෝජනය කලා. අධිවේගී මාර්ග කිලෝමීටර 54000ක් පහුගිය අවුරුදු 10 ට විතරක් හැදුනා. අදානිට මෙහෙ වරායක් සුලං බලාගාරයක් හදන එක කජ්ජක්.
ඉන්දියාවේ සමාජ ආර්ථික හා දේශපාලන බලය ගැන ඉතුරු විස්තර Google කරල හොයාගන්න. ඔවුන්ගේ මිලිටරි බලය ගැන අලුත් මිසයිල ගැනත් විශේෂයෙන්ම කියවන්න. ඇපල් ඉදන් රේන්ජ් රෝවර් දක්වා හැමෝම ඉන්දියාවෙ ෆැක්ටරි දාන හැටිත් කියවන්න.
ලංකාවෙ Amante කියන කාන්තා ඇදුම් බ්‍රෑන්ඩ් එක දැන් ඉන්දියානු වෙළදපොලේ තියනවා. ලංකාවෙ බොහොමයක් නිෂ්පාදන සමාගම් දැන් ඉන්දියානු වෙළදපොල හොයාගෙන යනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමයේ ඉන්දියාව සමග සබදතාව නවමානයකට ගෙනාවා. අපේ ආර්ථික අර්බුදය වෙලාවෙ වචන දෙකක් නැතිව ඉන්දියාව අපිට ඇඩො බිලියන පහක විතර ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. බෙහෙත් සිට තෙල් දක්වා හැම දේකටම පාරක් කපල දුන්නා. අදටත් මොකක් හරි සංවර්ධන කටයුත්තක් වෙනවනම් ඒ ඉන්දියානු මුදලින් ඉන්දියානු රේල්වේ එක අපේ කෝච්චි පාරවල් හදනවා වගේ වැඩක් තමා.
අපේ බිස්කට් ඉන්දියාවෙ එක ප්‍රාන්තයක වික්කොත් ලංකාවෙ ආදායම දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඉන්දියාව තරම් පහසු, විශාල සහ දියුණුවෙන වෙළදපොලක් අපිට පේන තෙක්මානයක නෑ. ඒ නිසා ගුවනින් විතරක් නෙමෙයි මුහුදෙන් සහ ඇත්තටම මහාමාර්ග හරහාත් අපි අනිවාර්යයෙන්ම ඉන්දියාවට සම්බන්ධ වෙන්න ඕනෑ. කොළඹින් පටවන බඩු දිල්ලියෙන් බාන්න පුලුවන් කෝච්චිපාරක් හදන්න ඕනෑ. නිකමට Google කරන්න කොහොමද යුරෝපය, චීනය වගේ රටවල් මේ වෙනකොට අලුත් පාරවල්, කෝච්චි සහ උමං මාර්ග හරහා connectivity හදමින් ඉන්නෙ කියලා. අපි එන්න එන්නම දූපතේ තනිවෙනවා.
මම අනුර ජනාධිපතිතුමාගෙ ඉන්දියානු ගමනට සුභ පතනවා. ඔහු මහින්ද සහ ගෝඨාවත් පසුකරමින් ඉන්දියාව සමග වෙළද හා ආර්ථික සම්බන්ධතා ඇතිකර ගනීවී කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ලංකාවෙ පෞද්ගලික අංශ අතර මිත්‍රකම් වැඩිකරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය, නීතිමය, රෙගුලාසිමය වෙනස්කම් කරන්නත් අත්‍යාවශ්‍යයි.
ලංකාව මේ නැවතිලා තියෙන ආර්ථික එන්ජිම පණගන්වන්න හොදම ඔයිල් තියෙන්නෙ ඉන්දියාවෙ. අසීමිත ආර්ථික ඉඩක් ඒක. ඊට එරෙහි හැම මානසික, ප්‍රතිපත්තිමය සහ භෞතික බැම්මක්ම බිදින්න දැන් කාලය හරි.
R M V I B
ReplyDelete