.

.

Jul 12, 2016

එජාපයේ හා රනිල්ගේ අවසානය...! - End of the road for Ranil & UNP...!

Photo Credit - https://www.yahoo.com/news/sri-lankan-pm-warns-against-return-divisive-politics-074826022.html?ref=gs

රනිල් හා එජාපයේ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වූ 106 දෙනා තේරුම් ගත යුතු එහෙත් තේරුම් නොගන්න බොහෝ දේ, ඔවුනට අද අමතකව ඇත්තේය. ඒකට හේතුව නම් බොහෝම පැහැදිලිය. ඒ 106 ක් උන්නද, එයාලා බලයේ ඉන්න එකය. බලේ තියෙන කොට මොළේ නැතිය. මොළේ තියෙන කොට බලේ නැතිය. ඒ අපි දන්න කතාවය. හැබයි ඒ කතාවත් රනිල්ට හා එජාපයට වලංගු නැතිය. ඒ කියන්නේ බලේ නැති කාළේත් මොළේ තිබිලා නැතිය.

බල්ලනකෝ අනේ..., මහින්ද මෙච්චර ණය වෙලාය අච්චර ණය වෙලාය...., ගත්ත ගානවත් අදටත් හොයා ගන්න බෑ අනේ... කියන්නේ ඇමරිකන් බයිලාය. ඕකට කියන්නේ බැරි බැරියාව හෙවත් නොහැකියාව කියලාය. මහින්ද හා එයාගේ වැඩ කාරයෝ IMF එකටත් හොයාගන්න බැරි වෙන්න ණය අරගෙන තියෙනවා නම්, ඒක මාර ගේමක්ය. අනික වැඩි පුර හොයාගෙන ඇති බිලියන ගාන පැත්තක තිබ්බද, කවුරුත් දැන ගෙන උන් ණය ප්‍රමාණයත් එක්ක සෙල්ලම දාන්නේ කෙසේද කියන එකටවත්, කිසිම ප්ලෑනක් තිබිලා නැතිය.

එයටත් හේතුවක් තියෙනවාය. රනිල්වත්, එජාපයවත්, බලය ලබා ගැනීමට හීනෙන්වත් හිතලා තිබුනේ නැතිය. මහින්ද මහත්තයා ඡන්දයකට යන්නේත් ඒ හේතුව උඩමය. නමුත්, මහින්දට කෙල උනේ රනිල් හන්දා නොව, සෝභිත හාන්දුරුවෝ හන්දාය. රනිල්ටත්, විපක්ෂේ උන්ටත්, ආන්ඩුවේ උන්ටම වාගේ සලකපු නිසා, මහින්ද මහත්තයා එක්ක එයාලාට අවුලක් තිබුනේ නැතිය. (අද සිරිසේන බලාපොරොත්තු වන්නේත් එයය.) එජාපයට නොව, ජෙප්පන්ට උනත් මහින්ද මහත්තයා සැලකුවේ එහෙමය.

ඕනෑම දෙයක් මහින්ද මහත්තයාට කියූ සැනින්, ආන්ඩුවේ උන්ගේ දෙයකටත් වඩා ඒ වැඩේ කරලා දුන්නා පමණක් නොව, ඒ ගැන පසු විපරමකුත් කලේය. මෙන්න මේ හේතු නිසා, ආන්ඩුවට විරුද්ධව මක්කත් කොරන්න බෑ කියලා ඒ කාළේ සරත් ෆොන්සේකාත් වරෙක ප්‍රසිද්ධියේම කිව්වේය. ඇත්තටම සරත් ෆොන්සේකා හතර ගාතෙන්ම ඇදගෙන ගොස් පරිප්පුවේ හොඳම එකෙන් දුන්නත්, එයා එක්ක මහින්දට කෙලින්න ගිය රනිල්ටවත්, සෝමවංශලාටවත් කිසිම දෙයක් උනේ නැතිය.

ඒත්, ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තේ සෝභිත හාන්දුරුවෝය. මහින්දට විරුද්ධව ගේමට එන්න උන්නේත් උන් වහන්සේය. ඒත් ඒකට විරුද්ධව හඬක් එනකොට, පොද්දා හොයන්න පටන් ගත්තේය. රනිල් හා අලි පාටියේ ඉන්නා උන් මතක තබා ගත යුතු එහෙත් අමතකව ඇති පාඩම් පටන් ගන්නේ එතැන් පටන්ය.
  • ඔවුන් අමතක නොකල යුතු ප්‍රධාණ කාරනය නම්, පොද්දා ලෙස කරලියට එන පුද්ගලයා, එසේ පැමිනීමට පෙර දිනයේත්, තම නායකයා හා එකට ආප්ප කාපු පොරක් කියනා එකය. (අවුරුදු ගනනක් එකට සිටිමින්, යුධ ජයග්‍රහණයෙන් පසු, සිංහාසනාරුඨ කරවා, ඔටුණු පලන්දා ප්‍රශ්ස්ථි ගී ගයා රජෙක් බවට පත් කෙරුවේ වෙන කවුරුවත් නොව, මේ උන්නැහේමය. "ඔබතුමා අපට නම් රජෙක්..." කිව්වේ, විමල් වීරවංශවත්, ගම්මන්පිලවත්, ඩලස්වත් නොව, මේ උන්නැහේමය.
  • අනෙක් කරුන නම්, පොරොන්දු වූ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා, විධායකය මහින්දටත් වඩා අපචාරයේ යෙදවීමයි. එනම් සුළුතරයක් වූ එජාපයේ නායකයා හෙවත් රනිල්, අගමැති කිරීමයි. එපමනක් නොව, විපක්ෂ නායකයාත් තමන්ම පත් කිරීමයි. එමෙන්ම අගවිනිසුරුවරයා ගෙදර යැවීමත්, ශිරාණි බන්ඩාරනායක ගෙදර යැවීමටත් වඩා අජූව ක්‍රියාවක් වීමයි.
  • එමෙන්ම එජාපයාට අමතකව ඇති අනෙක් කරුන නම්, 2004 සිඳු වීමයි. අමාත්තියන්ස තුනක් පවරා ගැනීමෙන් ආරම්බ කල වැඩ සටහන අවසාන වූයේ, නැට්ට පුකේ ගහගෙන ආයෙත් ගෙදර යන්න වීමෙන් වීමයි . මේ කන්නට යන්නේ සාර්ථක දෙවන වරයි.
මේ ප්‍රධාන කරුණු සියල්ලම, "නැව සිඳුවිය නොහැකියයි," කිසිවකුටත් තර්ක කල නොහැකිමය. එනම්,
  • අවුරුදු ගනනක් එකට සිට, රජා ලෙස නම් කල පුද්ගලයාටත් ද්‍රෝහී උන කෙනාට, ජනපති උනත් එයාට කතා කරන්නේ සෑර් කියන පුද්ගලයාට කොකා පෙන්නීම. මේකට අපේ ගම්වල උන් කියන්නේ මහාමේරුව ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද බං කියාය.
  • එදා එජාපයට තිබුනාටත් වඩා ආසන ගනනක් හිමිව ඇති, මහින්ද මහතා අගමැති ලෙස නම් කොට, එජාපයේ කීප දෙන්ක් මුදලට ගෙන ශ්‍රී ලංකා ආන්ඩුවක් පිහිටවීම. (අනාගතයේ මහින්දගෙන බේරීමට ඇති එකම හා හොඳම ක්‍රමය.)
  • අනික නම්, 2004 ජනතාවට තිත්ත බේත් දෙන්න ගොස්, පාලනේ විධායකේට දී, පාචනේ හදාගෙන 2015 වෙනකන් කාපු කට්ට මෙවරත් අඩු නැතිව කෑම සඳහා, සුදුසු පරිසරය ඉතා ඉහලින්ම සකස් කරමින් සිටිනා නිසා, ජනතාව අතර, මහින්දලාටත් වඩා අප්පිරිය වී තිබීම. (ජනතාව අතර රනිල් හා එජාපය ජනතා ද්‍රෝහීන් වී ඇති අතර, ජනධිපති තුමා ජනතාවාදී නායකයකු බවට පත්ව ඇත. එහෙත් මහින්දගේ ජනප්‍රියත්වයේ අසලකින් වත් තැබිය නොහැක.)
අද එජාපයට ගහන්නේ, මහින්ද ප්‍රමුඛ, හෙවනැලි ඇද, එකාබද්දේ උන් ඉතරක් නෙමේය. හයිබ්‍රිඩ් ආන්ඩුව ඇතුලේ ඉන්න උන්, ඔක්කෝම කුණු හලන්නේ එජාපයටමය. උන්ට ඕන වෙලා තියෙන්නේ, උන්ගේ හොරු අල්ලනවාට වඩා අර්ජුන මහේන්ද්‍රන් ගෙදර යවන එකය. කුමාරයා එක්ක කොච්චි පැද පැද මහා භාන්ඩාගාරෙට කෙලපු එකාට වඩා, අර්ජුන මහේන්ද්‍රන්ගේ ගේම් උන්ට පේන්නේ ඒ නිසාය. සැප කාර් ගන්න එක නැවත්තුවාට, කාර් ගන්න එකය. මේ කාර් ඉල්ලීමෙන් වැඩ දෙකක් වෙනවාය. එකක් උන්ට සැප කාර් ලැබීමය. අනෙක සැප කාර් ලබා දෙන එජාපය කිච වීමය.

ආන්ඩුවේම ඉඳන් ආන්ඩුව ගෙනියන්න ගහන වැට් එක ගහන එක වැරදියි කියනවාය. වැට් ගහන එක අසාධාරණයි කියනවාය. වැට් ගහන්නේ, වැට් මෑන් ප්‍රමුඛ, එජාපයේ ධනපතියන්ය. (එකවත් හරියට ගහන්න 2/2 = 0 කියනා විමල්ට ඇති තරමේ මොලයක්වත්, චාටර් එකවුන්ටන්ලාට, ආර්ථික උස්තාද්ලාට නැතිය. මේ කන්නේ තාමත් තනතුරු වල ඉන්නා මහින්දගේ නිළධාරින් දෙන ලණුය.) දැන් ජනතාවට ඉතරක් නොව FCID එකටත්, ආන්ඩුවේ ඉන්නා කම්බා හොරුන්ගේ හොරකම් ගැන අමතකය.

එජාපයෙන්ම හැදුන කඩ කාරයෝ අද එජාපය එක්ක නයි වෛරය. එජාපයෙන්ම බිහි උන බස් කාරයෝ, අද එජාපය එක්ක නයි වෛරය. මහින්දගේ මර උගුලක් වන් සයිටම් කඩේ නිසා මල පැනලා ඇත්තේ මහින්දලා හා ඩිෆෙන්ස් ඇකඩමියේ MBBS දෙන ඝෝඨා එක්ක නොව, රනිල්ලා එක්කය. (සයිටම් එකේ මෙන් නොව MBBS සෙට් දෙකක්ම, කිසි අවුලක් නැතිව එලියේය.) ඒ හේතුවෙන් එජාපේ එක්ක දොස්තරලාත් මලය. ඒ ඉතරක් නොව ලෙඩ්ඩුත් මලය. ලැට් ගිහින් අමාරුවෙන් එකතු කර ගන්නා තමන්ගේම ගූ හුලිජ්ජා හෙවත්, මුත්තරා හා මළ චැක් කෙරිල්ලටත් වැට් ගහලා නිසාය. වෘත්තිය සමිති කාර්යෝත් මලය. සිස්සයෝත් මලය, ජනතාවත් මලය. කොටින්ම අලි පාටියේ උන් ඉන්නේත් මලෙන්ය.

දැන්, එජාපයේ රනිල්ගේ පටන් එජාප මැති ඇමතිවරු සියල්ල අමු ද්‍රෝහියෝය. රට විකුණනා උන්ය. රට බෙදන උන්ය. බටහිටර ගැති උන්ය. ඒත් සිරිසේන ප්‍රමුඛ ආන්ඩුවේ මැති ඇමති කම් ගත් කම්බා හොරු, ජනතා වීරයෝය. එයාලා හැමදාම ඉන්නේ ජනතාවත් එක්කය. එයාලාගේ එකම ප්ලෑන් එක, ප්‍රාදෙශීය සභා දිනා ගැනීමය. ඒ සඳහා මහින්ද මහත්තයා තරහා නොකර තබා ගැනීමය. මහින්දත් එක්ක එකතු වෙලා, එජාපයේ ධනවාදී, ජනතාද්‍රෝහී, බටහිර ගැති එජාපයේ උන්ට කෙලවීමය. එහෙම කෙලෙවල. ආයෙත් පරණ යාළුවෝ සෙට් එකත් එක්ක සෙට් වෙලා නවත්තපු තැන ඉඳන් එරියස් එක්කම කාගෙන කාගෙන යන එකය.

ඒ වගේම ආන්ඩුවේ ළොකු අරගලයක් තියෙනවා කියන එකත් බොරු නෙමේය. සීන් එක පටන් ගන්නේ අර්ජුණ මහෙනද්‍රන්ගේ කේස් එකෙන්ය. ඒක කෙලින්ම රනිල්ට ගහපු, තද බල කනේ පහරක්ය. රනිල් එතනදි පරාදය. දැන් කේස් එක යන්නේ මංගල සමරවීර එක්කය. ජනාධිපති තුමා දිවයින ඉරිදා පත්තරේට ගහන්නේ බොරුවටය. ඒවා එයාලාගේම වැඩය. පත්තරේ කත්තුරු මහත්තයා එයාගේ උපදේශකයෙක්ය. මේවාට කියන්නේ ඩර්ටි පොලිටික්ස් කියාය. ඒවා මේ රටට අළුත් දේවල් නෙමේය. 

දැන් හයිබ්‍රිඩ් ආන්ඩුවේ කචල් එලිපිටම පේනවාය. ඉස්සර ඩිලාන් ඉතරක් දාලා ගහපු කනේ පාරවල් දැන් හැම එකාම ගහනවාය. දැන් මන්ඩලේ පුල් කචල්ය. රාජිතලා ජාතික නාලිකාවේ ශාන් විජේතුංගලා එක්ක සාකඡ්චා තියා, "නෑ අනේ එහෙම එකක් නෑ..." කියන්නේ. එහෙම එකක් තියෙනා නිසාය. ඇමරිකාවේ නිශා බිස්වාල් ලා හදිසියේ කඩා පාත් වෙන්නේ ඒ නිසාය. රාවයේ වික්ටර් අයිවන්ට පවා රනිල් ගැන දුක සිති, මෛත්‍රීපාල ලොක්කාගේ උපදේශකයින් දෙන ගේම් ගැන ලියන්නේ, ඒ නිසාය. ඒ කියනා උපදේශකයින් දෙදෙනාම රනිල්ගේ ජන්මාන්තර හතුරෝය. (ශිරාල් ලක්තිලක හා මලිත් ජයතිලක)

ජනාධිපති තුමාට ළෝකයේ පිලිගැනීමක් ලැබෙන්නේ එජාපයේ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් නිසා මිස එයාගේ විශේෂත්වයකට නෙමේය. එයා බලයේ ඉන්නේත්, එජාපය නිසා මිස සිරි ලංකා එක නිසා නෙමේය. ආයෙත් බලයට එන්න ඕනා නැතෙයි කිව්වාට, ආපු දවසේ පටන් කරන්නේ ඊළඟ සැරේටත් ජනාධිපති වෙන්නමය. ඒකත් නාමික එකක් නෙමේය. විධායක එකත් එක්කමය. සිරි ලංකා පාටියේ බලය අල්ලන්න යන්නේ ඒකය. 

ඒත් එයා ඒ ගේමෙන් පරාදය. මහින්ද අදටත් ඉන්නේ ඉදිරියෙනි. පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ජනතාව පමණක් නොව, කොතරම් දොල පිදේනී දුන්නද, පාර්ලිමේන්තුවේ සිරි ලංකා එකේ බහුතරය ඉන්නේත් මහින්ද එක්කය. මහින්දගේ බල වේගය ශක්තිමත් වන විට අන්තීමට මෛත්‍රිට වෙන්නේ ,ඔප්සොන් නැතිව අනාත වීමය. ඉතිරි වන එකම ඔප්සොන් එක වන්නේ අබ සරණ යනවාද?, මහින්ද සරණ යනවාද?, කියනා එකම විතරය.

එතකොට එජාපයට සොලියුෂන් එකක් නැතිද...?

අපෝ තියෙනවාය. හැදෙනවා නම්, දැන් උනත් පුළුවන්ය. ඒ ජනතාවට තිත්ත බේත් දීම නොව මහ එකාගේ පටන් එයාලා ඔක්කෝම තිත්ත බෙහෙත් බොන්නට පටන් ගන්නා එකය. දියුණු උන රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමය. හෑල්ල දිග වැඩි නිසා, ඒ පල්හෑල්ල වෙන වෙලාවක ලියනවාය.

49 comments:

  1. බැරිවෙලාවත් රනිල් තුමාට ග්‍රහයා මාරු වෙච්චි දාට වැලිකඩ යන්න වුනොත්...? පස්චාත් බාගේ පාවිචි කොරන්න බලාගෙන ඉන්නා පලපුරුදු හිරකාරයන් ට රජ මගුල් නේ?

    හිරකාරයෝද මිනිසුන් ය!

    ReplyDelete
    Replies
    1. ඒකට වැලිකඩ යන්න ඕනය... මෛත්‍රිපාල දැන් කරන්නෙත් ඒකම තමයි...

      Delete
  2. //මහ එකාගේ පටන් එයාලා ඔක්කෝම තිත්ත බෙහෙත් බොන්නට පටන් ගන්නා එකය. දියුණු උන රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමය.//

    අපොයි එහෙම කොහොමද? මේක ගරු සරු වැඩි, සබ්යත්වයෙන් පිරි, වැඩවසම් සංස්කෘතික අංගයන්ගෙන් අනූන ආස්චර්යවත් රටකි.

    ReplyDelete
    Replies
    1. වැඩවසම් ක්‍රමවලට මහින්දටත් වඩා ගරි කරන එකෙක් පොද්දා ලෙස ගෙනාපු කරුමය තමයි මේ ගෙවන්නේ... මහින්ද මෙයාට වඩා ඉදිරියෙන් උන්නා ඒවයෙදි.. උදාහරණ ලෙස මාලිගාව වටේ රේස් පැදපු ඒවා එහෙම..

      Delete
  3. ගොමරාල ගේ ඔඩොක්කු කුක්කෙක් වන මහ ඇමති බුරියා මහතා රනිල් ගේ වැට් එකට එලව එලවා පහර දෙන අයුරු!

    https://www.youtube.com/watch?v=cqHSXA1Wakc

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව පාර්ෂවය නියෝජනය කරන්න ඉන්නේ එකයි... මූ ආන්ඩුව පාර්ෂවය පැත්තේ ඉඳගෙන ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට ගහනවා.. අර රීරී යකාටත් දුක හිතුනා අලි පාටියේ උන් ගැන.. මුන්ට නැති වෙන්න ගහන්න ඕන.. මහින්ද මහත්තයා ගූ බෙට්ටක් තරමටවත් මායිම් නොකරපු හිඟන්නෝ... ඇයි එතකොට තෙවරප්පෙරුමට කෙලපු අද්දියාපන ඇමතිය... රනිල්ලා ලැජ්ජා වෙන්න ඕන..

      Delete
  4. සංදර්හය:
    සුද්දෝ නොඑති , ගයිඩ්ලා හඬති - ජුලි 8 ලංකාදීප

    ReplyDelete
    Replies
    1. ටුවරිසම් වලින් ජීවත් වෙන්නේ ගයිඩ්ලා විතරනේ. මැද පෙරදිග යන ගෑණුන්ගෙන් ජීවත් වෙන්නේ "සුජී"යි, "සුජී"ගේ ළමයි ටිකයි විතරනේ...

      Delete
  5. ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩකරනා හැටි රනිල් තවම ප්‍රගුන කරලා නැතිය මහින්දගෙන්වත් ඉගෙන ගෙන නැතිය. අමාත්‍ය මංඩලේ ඉන්න් ගොන්නු ටික ඊට හපන්ය. එක අතකින් රන්ජා,තෙවා එලය. අඩුම තරමින් කෝටිගනන් වල වාහන එපා කියයි. එකාතකින් උන්ට තියෙන ගමේ චන්ද ටික් කැඩෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. වැඩක් කරන්න පුළුවන් උන්ට ඇමති කම් දීලා නෑ නේ... එජාපයෙත් ඉන්න හාල්පාරුවන්ට තියෙන ටිකත් දීලා තියෙන්නේ...

      Delete
  6. මේ රටේ දිගටම වෙන්නෙ ඕක තමයි. රනිල් අයින් වෙන්නෙ මහින්දට එන්න පාර කපල. සමහරවිට ඊළඟ චන්දෙදි ජෙප්පො ,මහින්ද එක්ක ඉල්ලන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට කාගේ හරි ඇඟේ එල්ලෙන්නේ නැතිව ගොඩ ඒමක් නෑ....

      Delete
  7. අර අටපට්ටමේ දඩිබිඩිස් ගොයියා කියන එක තමයි මමනම් කියන්නේ.

    'ටිකක් ඉන්ටකෝ........................'

    ReplyDelete
    Replies
    1. කෙල වෙනකම්ම ඉන්ටකෝ.....

      Delete
  8. ඈ බන් මාතෙ. යහපාලනේ උන් දෙපැත්තට වෙලා හත්පොලේ ගාගෙන ඉවරයි. උබ මේ කියන දේවල් බන් රනිල් ට මයිත්‍රිට අර උදේට කක්කුස්සියට ගිහිල්ල ඉන්න වෙලේදි වත් මතක් වෙනවනම් හෙට උනත් ලොකු දෙයක් බැරි උනත් යම්කිසි දෙයක් ජනමනයට කොරන්ට පුළුවන් කියල පට්ට ෂුවර්. ඒත් මුන්ට හිතන්ට ඕන කරන දේවලුත් කියල දෙන්න තරමටම මොළ ගෙඩි නැති හරක් ගෙන් හෙට අපි මොනව බලාපොරොත්තු වෙන්නද බන්? පව් රනිල්. එයාට නම් කිසිම පිනක් නැහැ බන්. මයිත්‍රී තුමා මහින්ද මාමි ට කොච්චර බයද කියල උදේ හවස බලන නිව්ස් වලින්නම් හොඳට පේනව. කොහොමත් මයිත්‍රී කන්ට යන ෆ්‍රයිඩ් රයිස් එක රනිල් මහත්තයත් සම සමව බෙදාගෙන කෑමක් තමයි දැනට පෙන්නුම් කොරන්නෙ හිටන්..!! 🙈

    ReplyDelete
    Replies
    1. දැන් මෛත්‍රී රනිල් හවුල් ආන්ඩුවක් නෑ... තියෙන්නේ ආන්ඩු දෙකක්.. අර ස රස තුමා එවලා තියෙන වීඩියෝ එක බලපන්... රනිල් හතර විලි ලැජ්ජාවේ මැරෙනවා ඒක දැක්කා නම්.. පව් අර මුජිබර් රහුමාන්... හොඳ කොල්ලෙක් ඌ...

      Delete
  9. මම උඹට මිට කලින් කිව්වේ නැත්ද මේ බ්ලොගයෙම, අවුරුදු දෙකක් යනකන් අදී ගිය සැරේ වගේ කියල. මම නම් වැට් බද්දට පක්ෂයි හරියට කරනවා නම්. හැබැයි අනිත් ආරක්ෂක බද්ද හෙම තවම තියෙනවා නම් අයින් කරන්න ඕනේ. නැත්නම් නිදහස්සෞඛ්‍ය සේවය වගේ දේවලට මුදල් කොහෙන්ද හොයන්නේ. ආදායම් බදුත් හරියට ගන්න ඕනේ. ඒවා ගෙවන්නෙත් නැහැනේ හරියට.

    ReplyDelete
    Replies
    1. අගෝස්තු වල ඉඳලා බැලුවොත් නම්, කීයටවත් දෙකක් අදින්නේ නෑ... ළඟදීම හබක්...

      Delete
  10. /අවුරුදු ගනනක් එකට සිට, රජා ලෙස නම් කල පුද්ගලයාටත් ද්‍රෝහී උන කෙනාට, ජනපති උනත් එයාට කතා කරන්නේ සෑර් කියන පුද්ගලයාට කොකා පෙන්නීම. මේකට අපේ ගම්වල උන් කියන්නේ මහාමේරුව ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද බං කියාය./
    ඕකට කියන්නෙ..
    ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ,ගඳක් ද? කියලයි :D
    අපරාදෙ 48 නිදහස හම්බවුනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං... අපරාදේ සුද්දෝ ගියේ අපිව දාලා...

      ඇත්තටම නිදහස ලැබුනේ සුද්දට...

      Delete
    2. මේකටමාත් එකඟයි බන්. අපරාදෙ සුද්දො අපිව දාලා ගියේ. එහෙනම් EU එකෙන් අයින් වෙන්න ඉස්සෙල්ලා අපිත් British. :D :D :D

      Delete
  11. රනිල් කවදාවත් කිසිවක් කල හැකි එකෙක් නොවේ . මන්ද බුද්දික කවටයෙක් රටක් පාලනය කරනවාට වඩා සූර චවුරයෙක් පාලනය කිරීම හොඳයි .
    අද හෙටම බැසිල් වීරයෙක් වෙනවාමය . යහපාලනය උදා කරන්නට දර ඇද්ද එවුන්ට ටින්කිරි දැනටමත් ලැබී ඇත.

    ReplyDelete
    Replies
    1. මෙය යහපාලනයක් නොව යහපාචනයක් බව කීවේ, යහපාලනේ පැමිණ මසක් දෙකක් ගතවීමටත් මත්තෙන්ය..

      Delete
  12. රනිල් කවදාවත් ලංකාවේ දේශපාලනයෙන් පාඩම් ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි. එයා ඉගෙන ගන්න එංගලන්තෙන්. චන්ද්‍රිකාගෙන් ඇරවගෙන, ජෙප්පොන්ගෙන් ඇරවගෙන, දැන් හිටං තුමාගෙනුත් ඇරව ගන්න හදන්නේ ඒකනේ. අගමැතිකම දෙන්න තිබ්බේ රංජට. අඩුගානේ විසිල් පාරක් වදින ටෝකක්වත් දෙයි.

    ReplyDelete
    Replies
    1. මේ තමයි අවසාන චෑන්ස් එක... මෙතනින් ඉවරයි....

      Delete
  13. දෙදාස් දෙකේ යලි පුබුදන්න ගිහිං කෙලෝගත්ත එකේ දෙවැනි එපිසෝඩ් එක රංග දැක්වෙන බව නං මටත් පේනව.ආප්ප කාල පැනපු එකාට, ආයෙත් විධායකේට ඉල්ලන්නෙ නෑ කියවපු එකාට ආයෙත් මොන මගුල් පක්ෂද හැදිල්ලක්ද.. මුලින්ම දෙමෙල්ලු ටික අල්ලගෙන ආණ්ඩුවක් හැදුව නං ඉවරයි හිටං ගොයියට අම්පයර් වැඩේ කොරන්න දීල. දැන් ආණ්ඩුව අච්චාරුවක් වෙලා. වැඩේ කියන්නෙ හොඳ වැඩක් කලොත් පෙරමුණෙන් ආපු එවුන්ගේ එකවුන්ට් එකේ. කෙලවුනාම යූ.එන්.පී. එකවුන්ට් එකට...

    ReplyDelete
    Replies
    1. එජාපය මේ තරම් පීචං කරපු නායකයෙක් එදා මෙදා තුර හිටියේ නෑ.. අවුරුදු 20 ගානක් පරිප්පු කාපු උන් තාමත් පරිප්පු කද්දි, හයිබ්‍රිඩ් එකට රිංගපු උන්ගේ පාට් බලන්නත් වෙලා.. ඔක්කොටම වඩා මලෙන් ඉන්නේ අලි පාටියේ උන්...

      Delete
  14. හොරට නිදා ඉන්න එකාව බෝම්බ ගහලවත් ඇහැරවන්න බැහැ කියනවනේ.

    ඒ වගේ මුන් මේ 'රොම්බ පිස්සු' කෙලින්නෙ, රට වෙනුවෙන් කරන්න ඕනේ දේවල් දන්නෙ නැති නිසා නොවෙයි, මේ රටේ 'ජහමනයගේ' හැටි හොඳින් දන්න නිසයි.

    ජනවාරි 8, දේදුනු ද මොකක්දෝ විප්ලවයකින් මහින්දයගෙ හොර රෙජීමය පරාද කළා කීවට, මහ හොරාත් එක්ක මුළු හොරුයි, අපතයොයි සෙට් එක ගෙඩිය පිටින්ම පාර්ලිමේන්තුව ඇතුලෙනේ.

    උන් දන්නවා කව්රු මොනවා කීවත්, උන්ට ඊළඟ චන්දෙදිත් 'නිරුපත්ද්‍රිතව' නැවත පාර්ලිමේන්තුවට ඇවිත් මේ විදියටම රට උලා කන්න පුළුවන් වෙන බව.

    ඒ නිසා මේ වගේ 'එදාවේල' ආණ්ඩුවක් දුවවන්න මෙලෝ සම්ම විෂන් එකක් ඕනේ නෑ.

    මේ පිස්සු වාහෙලා අතර ඉන්න, පැහැදිලි දැක්මක් ඇතිව , රට වෙනුවෙන් ඉතාම ප්‍රශස්ත සේවයක් කරන එකම ඇමති වරයා මංගල සමරවීර පමණයි. ඔහුට ඒ ගව්රවය හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒ මනුස්සයා අස් කරන්ඩ හොරු කණ්ඩායම සැරසෙන්නේ.

      Delete
    2. ඇත්ත කියන මිනිහට මේ රටේ තැනක් නෑ... බොරුකාරයන්ට තමයි තැන...

      Delete
  15. මගේ අම්මයි තාත්තයි උග්‍ර යූ ඇන්පී කාරයෝ. (රනිල් මලාට පස්සේ) මමත් යූ ඇන් පී.

    ReplyDelete
    Replies
    1. කොහොමත් එයා ජීවත් ඉඳිද්දිම අවලංගු කාසියක් බවට පත් වේවී...

      Delete
  16. මෙතන හෙන රික්තයක් තියෙනවා. මහින්ද මහත්තයාගේ නඩෙත් සිරිසේන මහත්තයා ඇතුළු සෙට්ටෙකමත් දෙගොල්ලම අසමත් කියලා ඔප්පුවෙලා ඉවරයි. තව ඉතුරු ජ.වි.පෙ විතරයි. එක්කෝ ජ.වි.පෙටත් එක සැරෙයක් රටේ පාලනය දෙන්න ඕනෑ. නැත්තං අපි ස්ව කැමැත්තෙන් ආයිත් කොහෙ හරි රටක යටත් විජිතයක් වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. විමල් කියපු දේ කරා නම්, විමල් පක්ෂයෙන් යන්නෙත් නෑ.. එහෙනම් මේ වෙනකොට ජෙප්පන්ගේ ආන්ඩුවක් බිහිවෙලත් ඉවරයි...

      ජෙප්පන්ට බලය ගන්න තියෙන එකම ක්‍රමය විමල් මෙතඩ් එක විතරයි.. තනියෙන් ගියොත් ජෙප්පන්ට වෙන්නේ තියෙන ආසන ටිකත් නැති වෙන එක විතරයි...

      Delete
  17. මුං කොරන්නෙ නාකි වෙලා ආතල් එකේ ඉන්න ගානක් කපාගන්න පාර හදාගන්න පාර්ලිමේන්තු එන එකක් නෙ.රටක් ගැන හිතන්න වෙලාවක් කොහෙද? රනිල් පච වෙන්න ලොකු හේතුවක් පාර්ලිමේන්තු දර්ශන ටීවී එකේ දාන එකත්.හිරිකිතේ බෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රටක් හදන්න නම් ඉස්සෙල්ලා කරන්න ඕන.. කාර් පර්මිට් වැඩෙයි.. පැන්සොන් එකයි නවත්තන එක... මේක සේවයක් නෙමෙයි... රස්සාවක් වෙලා...

      ඇත්තටම රැකියාවකුත් නෙමෙයි.. මහ දවල් මංකොල්ලයක්.. තනිකර ජාවාරමක්..

      Delete
  18. මේ සියලු අලකලංචි වලට මුලිකම හේතුව පොදු අපේක්ෂකයෙකු ලෙස චන්දය ඉල්ලා එජාපෙ ජවිපෙ සහ සුළු ජාතික පක්ෂවල චන්දයෙන් බලයට ආ සිරිසේන උන්නැහේ සියල්ල අමතක කොට බල තණ්හාවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බදා ගැනීමයි.මහින්දගෙන් පක්ෂයේ බලය ගන්නට කල ඒ වැඩේ ජනතාවගේ යහපාලන බලාපොරොත්තු වලට කෙලවීමේ මුලිකම පියවරයි.අපි අද දකින සියලු දේ එහි ප්‍රතිපලයි.කිසිදු හරිහමන් සිස්ටම් එකක් නැති ඇම්බැට්ට දේශපාලකයින් පිරිසක් සහ ඊට ගැලපෙන චන්දදායකයින් පිරිසක් සිටින අපි වගේ රටක අලුත් ආණ්ඩුවක් පත්වීමෙන් ආශ්චර්යයක් සිදු වෙතැයි සිතීමම විහිළුවකි.එහෙත් 48 සිට අපි කර පින්නාගෙන ගෙන මේ මජර ක්‍රමයට යම් සාධනීය වෙනස්කම් ටිකක් වත් කිරීමට ලැබුණු අවස්ථාව කෙලවී යාම කනගාටුවකි.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල කිව්වා ජනාධිපති මන්දිරයේ හිටියොත් එයාට රාජ උෂ්නේ ගහයි කියා බයක් ඇතිවුවා කියා.
      ඒක ඔහුගේ දුර්වල කමක්. රාජ මන්දිරයක රජයැප වින්දත් එය මනසින් අතහරින්න පුළුවන්නම් ගැටළුවක් නෑ.
      සමන්ත භද්‍ර හාමුදුරුවෝ කියන්නේ එහෙමයි.

      Delete
    2. එහෙම කියන එක වැරදියි... 77 ජේ ආර්ගේ ආන්ඩුව නියම දැක්මක් හා ප්ලෑන් එකක් එක්ක ඇවිත් මේ රට උඩු යටිකුරු කලා.. ඒ සිස්ටම් එකම තමයි අදත් ගෙනියන්නේ.. ඒත් අද ඒක ගැලපෙන්නේ නෑ.. 83 දී ජේ ආර්ගේ ගෝත්‍රික ගතිය ඉස්මතු උනේ නැත්නම්, අද මේ රට සිංගප්පූරුව තරමෙම රටක්...

      Delete
  19. ගම කනවා..ඇඩ්‍රස් නෑ ……!!!

    ReplyDelete
    Replies
    1. ගම කෑවට නම් අවුලක් නෑ... රටම කනවා බං....

      Delete
  20. ​මාතලන් කියන දේ සම්පුර්ණ ඇත්ත. ඒත් රනිලුත් UNP එකත් අවසාන වෙලා හොරු කල්ලිය නැවත බලයට ආවොත් කෙලවෙන්නේ අපිටම බව හිතෙනකොට මේ ගැන සතුටු වෙන්ඩ නම් විදියක් නෑ . කොයි රටෙත් විරුද්ධ පක්ෂේ කවදා බලයට ආවත් නැතත් Shadow Cabinet කියලා එකක් හදාගෙන පෙර පුහුණුවක් ලබනවනේ. වෙනකක් තියා හොරු කල්ලියත් එහෙම එකක් හදාගෙන ඊයේ පෙරේදා පරිප්පු කෑවනේ. නමුත් දිග කාලයක් විරුද්ධ පැත්තේ හිටි UNP හරක් එකිනෙකා කා ගත්තා මිසක් කරපු කෙන්ගෙඩියක් නෑ වගේ. රාජපක්ස උන්නැහේ පගාව දීල හරි නැතිව හරි අලි එක එකා බාගෙන රජකම් කළා කියන එකනම් අපි දන්නවා. UNP කාරයන්ට අගමැති කම ඇඟේ ගහලා බලේ දුන්නම cabinet එකවත් හරියට පත් කරගන්ඩ බැරිව පිස්සු කෙලිනවා. ආර්ථික විශේෂඥයා ලෙස කැපී පෙනුන බුද්ධිමතාට විදේශ අමාත්‍යංශයේ කෑල්ලක් දීලා. කලින් හොරකම් වලට චෝදනා ලබලා උසාවි ගිය එකාට මුදල් ඇමතිකම දීලා. ඒ වුනාට මහ බැංකුවවත් මුදල් අමාත්‍යංශයේ පාලනයට නෑ . අලුතින් සල්ලි අච්චු ගහන කොට අත්සන් කරන්නේ මුදල් අමතියාද, අගමැතියාද, ජනාධිපතියාද කියලයි දැන් බලන්ඩ තියෙන්නේ. වැරදි එකා අත්සන් කලොත් රජගෙදර රිලා උන්නැහේට තවත් නඩුවක් ලේසියෙන්ම දිනාගන්ඩ පුළුවන් වෙයි. Viagra බීලා යකා නටන "අදාළ නෑ " පප්පා වගේ පිස්සු පුසෝ තමයි ප්‍රසිද්ද ප්‍රකාශ නිකුත් කරන්නේ. සුදු ඇඳගෙන හිටියට කිසිම පිරිසුදු කමක් නැති රාජිතලා වගේ අය තමයි කැබිනට් ප්‍රකාශකයෝ . අකිල විරාජ් රජ ගෙදර රිලවටත් අන්තයි. ටයි කෝට් ඇන්දට කොලයක් බලාගෙනවත් ඉංග්‍රීසියෙන් ලියාපු කතාවක් කියවගන්ඩ බැරිව තටමනවා විදේශ අමුත්තන් ඉස්සරහ. අපිට තියෙන්නේ හොරුන්ටම රට දීලා Zimbabwe රටේ පව් කරපු ජනතාව වගේ මැරෙන කල් ඔහේ පාවෙවී ඉන්න එකයි. ඇත්තටම අපි මෙච්චර පව්කාරද, මෝඩද?. ​

    ReplyDelete
    Replies
    1. මේ රටේ මහා විප්ලවයක් විය යුතුමයි... ඒත්, ඒ ජෙප්පෝ කියන ජාතියේ එකක් නම් නෙමෙයි... ඒත් ජෙප්පන්ගේ දර්ශණය එතන තිබිය යුතුයි... ඒ දේට කැමති මිනිස්සු ඉන්නවා.. ඒත් නායකත්වයක් නෑ... ටැක් ටික්ස් නෑ... 77 ජේ ආර් කලා වගේ එකක්... ජේ ආර් බලය අල්ලලා විප්ලවයක් කරන්නේ අවුරුදු 7 ක් වගේ කාලයක් තුල... රනිල්ට අවුරුදු 21 ක් ගිහිල්ලත් කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ...

      Delete
  21. පුත මාතේ දුර බලන්න ළඟ නොබලන්න , රනිල් තුමාගේ මේ වෑයම රජ වීමට නොවේ ඔබ රජ කරවීමටයි . ඇයි යකෝ රවී අප්පච්චි කිව්වේ සිංහලෙන්ම , දෙසැම්බර් වලින් පස්සේ ජනතාවගේ සියලු ප්‍රශ්න ධුරිභුත වෙනවාය කියල . පව් තෙවරප්පෙරුම

    ReplyDelete
    Replies
    1. මොන දෙසෑම්බර්ද බං.... 2030 දී වෙන්ටෑ...

      Delete

  22. මාතලන් ලොක්කා.... මෙන්න කොලඹ හතේ පෝල් අන්කලුත් ඔයා ලියපු දීම ලියලා.......



    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=148570


    VAT – confusion worse confounded
    July 13, 2016, 8:28 pm

    article_image
    This morning's (12th July) edition of some English dailies carries a notice issued by the Ministry of Finance on the subject of VAT that is lies and half-truths.

    The notice poses a series of questions and answers, including:

    1. Is the VAT tax increased by 15%?

    No! (Together with some explanation about consolidation.) In fact VAT has been increased by 15% in that some items that were exempt have been made liable at 15%. e.g., Hospital charges, Telephone calls.

    Item 3. Has 15% of the total turnover paid to the Government as VAT? (The exact question.)

    No..! Followed by an explanation that 'VAT is taxed not for the total turnover but only on the basis of profit or value of an item'. The explanation makes no sense for more than one reason.

    The answer contradicts the explanation to a previous question in which the Ministry states ' If only daily turnover exceeds (sic) Rupees 33,000 gained by VAT payable items, they are included in the VAT Taxable Network.' In normal usage 'turnover' is the total value of (liable) sales not 'profit'.

    'Profit' and 'Value' cannot be the same unless the cost is zero. If VAT is levied on 'Profit' the invoice will be something like this-

    Cost of item (say) 100

    Profit 20

    VAT (15% of 20) 3

    Total Sale 123.

    However, in practice invoicing would be -

    Selling Price 120

    VAT (15% of 120) 18

    Total Sale 138

    If the trader has to calculate his profit margin on every liable sale to compute VAT, invoicing would be an extremely tedious operation, despite the promised assistance by the Income tax Department. If the staff providing the assistance is similar to those handling my income tax file - God help the poor trader!!

    Item 4. How can the businessmen who purchase items only from those who pay VAT receipts (sic) be preserved right throughout the year?

    There is a convoluted explanation ' For items purchased from Non VAT paying persons input tax is not entitled. However, newly registered traders for wholesale and retail items, when purchasing items from traders who have not registered for VAT taxation, provision is made to levy VAT tax for the profit only.' What this has to do with 'preservation' is beyond comprehension; I would suggest something like formaldehyde which should be freely available at Raymond's or Jayaratne's.

    Yahapalanaya is staggering along, proposing, and, in some cases, implementing, one half-baked scheme after another, unable to put together a feasible programme to put our country on a reasonable financial footing. The Commissioner-General of Inland Revenue issues circulars and notifications and then withdraws them, as she has done today; the 2016 Budget proposals passed by Parliament are gathering dust in some waste-paper basket. The government complains that we are in debt due to the profligacy of the previous regime and asks the citizens to tighten their belts, and then proposes to give themselves new luxury vehicles by adding VAT to the bills of the private hospitals. The ETCA deal threatens to put the country at the mercy of India. No wonder people are protesting!

    Most certainly Yahapalanaya has' Slipped its foot'!

    Paul Fernando
    Colombo 07

    ReplyDelete
  23. අර නොච්චියාගම පවුලක්ම මහණ වුණා වගේ පවුලෙ එවුන් එක්ක ගිහින් පෝලිමේ මහණ වෙන්න හිතෙනවා...ඇතුළතත් ප්‍රශ්න...පිටත් ප්‍රශ්න...රටෙත් ප්‍රශ්න...පාලකයන්ගෙත් ප්‍රශ්න...අප්පෝ...කොහෙන්වත් සැනසීමක් නෑ...

    අසංක

    ReplyDelete
  24. වරක් නොව දෙවරක්ම ජ.වි.පෙ. ජනතාවට තිත්ත බේත් දෙන්නට ගොස් මදි නොකියන්න කෑවා පමණක් නොව අදටද ජනතාව තුළ ජවිපෙ පිළිබදව විශ්වාසයක් නැත්තේ තිත්ත බේත් අමු අමුවේ ගිල්ලවන්නට යාම නිසාය. අද රනිල් කරගන්නේද එයමය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න