.

.

Jun 8, 2018

මිනිසුන් ඇන්දීමද සහගහන අපරාදයකි.. (කුමාර තිරිමාදුර සමඟ මා නොවන මම)





ඇන්දීම යනු කලාවක් නම්, එහි පිකාසෝලා සිටින්නේ පැරිසීයේවත්, ලන්ඩන්වලවත්, නිව් යෝක් වලවත් නොවේ, අම්මට සිරි ලංකාවේමය. අපි වාගේ අමු ගොබ්බයන්ට අනේ ඔයා හරි හැන්සොන් අනේ කියනා ඉස්තිරි පරානයන්ද, බුකියෝ පොටෝ දානා පට්ට කැත කාන්තා පරානයන්ට, අනේ ඔයා මාර ලස්සනයි අනේ.. සුන්දරයි.. අනේ කියා අන්දනා කොල්ලන්ද, මක්කා හෝ කලාම... ෂා ඔයා ඒක නියමෙට කලා අනේ කියා ඇන්දීමටද, අපේ රටේ උන් තරම් පොරවල් අප දන්න තුන් ලෝකේයේම මෙන්ම, කළු කුහරයෙන් එපිටවත් ඉන්නට නම් බැරිය. 

පොඩි කාලේ ඕන එකෙක් කියන්නේ ගලේ කොටන්න පුළුවන් පට්ට පල් ඇත්තය. "ලක්ෂ්මන් විජේසෙකරට", අනේ තාත්තේ ඇක්ට් කරන්න නම් එපා... අපිට ලැජ්ජයි.. කියා, එයාගේ පොඩි උන් කිව්වා කියා, ලක්ෂ්මන්ම කිව්වේත් "මා නොවන මා" වැඩසටහනේමය. පොඩි උන් කියපු දේ ඇසු නිසා ලක්ෂ්මන් මෙන්ම ප්‍රේක්ෂකයාද බේරුනේය.  

අපේ රටට කෙල වෙලා තියෙන්නේ, ලොකු වෙනකොට පට්ට පල් පච ඇද බානා නිසාමය. හැම එකාම ජීවත් වන්නේ බොරුවෙනි. මාතලන්ට නම් බොරුව කියන දේ පොඩි කාළේ පටන් පෙන්නන්න බැරිවාක් මෙන්ම. කියන්න තියෙන දේ මූණටම කියලා දැමීමත්, ආච්චි අම්මාගෙන් පුරුදු උන දේවල්ය. මොකෝ එක බොරුවක් කීවාම ඒක රැක ගන්න බොරු දාහක් කියන්න වෙනවා කියන සීන් ඒක පර්යේෂණ මගින්ම ඔප්පු කර ගත් නිසාමය. 

මාතලන්ටද ගීත ගායනා කරන්න බැරිය.. නමුත් සින්දු කියන්න පුළුවන්ය. ඒ කාළේ අපෙ මලයාද සෙල්ලන් කොල "රෙවලූසොන්" කියා බෑන්ඩ් එකක් තිබුනේය. ඔය "කිත්සිරි ජයසේකර" හා "දයාසිරි ජයසේකර" කියනා ගායකයෝ දෙන්නා බිහිවෙන්නේ ඒ බෑන්ඩ් එක හරහාය. අපේ එකා ගැහුවේ බේස් ගිටාර් එකය. ඌ තනියෙන් ඕක ප්‍රැක්ටිස් කරනා වෙලාවට, මිස්ටර් සැම්සන් හෙවත් අපේ තාත්තා ඌට කියන්නේ, මක්කයි හින්නි පුතේ ඔය, "කං කුං කං කුං.." ගගහා ගහන්නේ, ඕකෙන් සින්දුවක් ගහන්න බැරියෙයි..? කියලාය. 

ඔය කාලේ මාතලන් කිව්වේ ඉන්ගිරිසි සින්දුය. ඒවා අහලා, වෙලේ ඉන්නා නයි පොලොංගු පමණක් නොව ගැරඩින්ද කුස්සියේ දුම් මැස්සට එනවා කියා, අපේ අම්මා මගේ ගායන අගය කළේය. එක් දිනක් වයර්ලැස්  එක දමාගෙන "සේකින් ඉස්ටීවන්ගේ" සින්දුවක් කියද්දි, තාත්තා කුස්සියෙන් පිහියක් අරගෙන ඇවිත් වයර්ලැස් එකේ කරන්ට් වයර් එක කපා දමා මා දිරිමත් කලාතර, කරන්ට් එක වැදුනු තාත්තා බැන්නේ මට නොව එයාටමය. එදිනද මම වේස කොල්ලා උනේය. අම්මා නම් හිනා වෙලා නිකන් උන්නේය.

තත්වය එසේ වූවද මගේ සින්දු කීම මා නවතා දැම්මේ නැතිය. මගේ ප්‍රියතම ගයකයා උනේ "ඇන්ටන් ජෝන්ස්ය". රුපියල් 80 ට ගල් බෝතලය අරගෙන සෙට් උන හැම තැනකම මගේ හැකියාව මා ඔප් නංවා ගත් අතර. කිත්සිරියාගේ ඉල්ලීම, පරිදි "මිල්ටන් මල්ලවාරච්චිගේ", "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි..." යන අසන්නන්ගේ ඉල්ලිම අනිවාරයයෙන් ඉදිරිපත් කළ යුතුම උනේය. 

එයින් පසු ප්‍රේක්සොකාගාරයෙන් එන "අම්මෝ.... මාතේ... අම්මෝ.... (one more Maathe... one more)  කියනා ඉල්ලීම අහක දැමිය නොහැකි නිසා, මුදල් නොලැබුනත් රංගනයක් සමඟ "ක්‍රිස්ටෝපර පෝල්ගේ" ගීත දෙක තුනක් ගැයුවේ, මාතලනුත් ඒකෙන් උපරිම වින්දනයක් ලබනා නිසාමය.. මාගේ ආතල් එකට සින්දු කීවද, ගායනා කරන්න බෑ කියලා මා හොඳටම දන්න නිසා ප්‍රසිද්ධ ඉස්තාන වල ගීත ගායනා කිරීමට කිසි දින නොයන්නේ, ඒ වැඩේ මට බෑ කියා සහසුද්දෙන්ම දන්නා නිසාමය.  

මේ බයිලා ටික කියන්නට සිඳු වූයේ, තමන්ට ගායනා කරන්න බෑ කියා තේරුම් නොගත් හාදයෙක්. (කවුරුන් හෝ මේ යකා නියමෙටම අන්දවා ඇත) ඊයේ මාතලන් ඉතා ආසාවෙන් නරඹන "මා නොවන මා" එකට ඇවිත් නා ගත්ත නිසාය. මුලින්ම ගැහුවේ වීර පුරන් අප්පු එකේ සුනිල් එදිරිසිඥෝ ගායනා කළ, කයි පන්තියක් වාගේ ගායනයක් නිසා අමාරුවෙන් උනත් අසාගෙන සිටියේය. (උච්චස්වරයෙන් ගායනා කරණු ලබන නාට්‍ය ගීත ගායනය වෙනම කලාවකි) 

වැඩ සටහන එපා උනේ, කැලුම් එක්ක, "ප්‍රින්ස් ඔෆ් වේල්ස්" එකේදී, "වික්ටර්ගේ", "හෝපලු වන පෙත කම්පිත කරවන..." එක ගායනා කරලා පෙන්නන්න ගිය වෙලේය. තා දුරටත් බැලුවොත් මා ඉතා ආදරය කරන, "කුමාර තිරිමාදුර" නම් සුන්දර මිනිසා එපාම වෙලා යන නිසා, රූප පෙට්ටිය ඕප් කර දමා, බුකියේ මේ පිළිබඳ පෝස්ටුවක් දමා, මැසෙන්ජර් එකට ගොස් මල් නෙලන්නට පටන් ගත්තේය. 

"තිරා" එයාගේ ආසාවට අතින් කයිට් කරාගෙන, සී ඩී ගසාගෙන, සින්දු කීවාට, අපේ කිරි ආරෝවක් ඇත්තේ නැතිය. ඒක එයාගේ එකම ආසවෙයි කියාද කීවේය. හෙට දිනයේ වුවද ඉස්ටේජ් සෝ වල පවා "තිරාට" මාකට් එකක්ද තිබිය හැකිය. මාතලන්ට ඇති ප්‍රශ්ණය එය නොවේය. ඉතා උසස් රසාස්වාදයක් ගෙන ආ "මා නොවන මා" එකම විකාරයක් කිරීම පිළිබඳවය. ප්‍රවීන මාජ්ජවේදියෙක් වන, "කැලුම් සිරිමාල්", "මා නොවන මා" වැඩ සටහන හා සින්දු කියන්න බැරි උන්ගේ මල විකාර රැගත් චැට් සෝ කියන්නේ දෙකක් කියා අවබෝධ කර ගත යුතුය. 

ඒ වැඩ සටහන එකම විකාරයක් වූ බව, සම්පූර්ණ වැඩ සටහනම නැරඹු එකෙක් අද උදේ කෝල් එකක් දී, මගේ කටේ කාලක් වක්කරන්නට කතා කලේය. බුකියේ කොමෙන්ට් එකක් දමා තිබූ එකෙක් කීවේ, කලුම් සිරිමාල්ද අවසාන භාගයේ තිරාට සින්දු කියන්න පුලුවන් වූවාට, ගාහනා කරන්න බැරි බවට ඉඟියක් දු බවය. ගායනය යනු කුමක්දැයි අබ මල් රේණුවක දැණීමක් ඇති එකෙකුට ඒ බව හොඳින්ම තේරෙනවාය. ආදරය කරනා කළා කරුවකු වශයෙන් මට කියන්න තියෙන්නේ, තිරා උඹ ජෝක් එකක් වෙන්න එපා කියලාය. 

මාතලන් කියන්නේ බොරුවක් නම්, සම්පූර්ණ වීඩියෝව යලි නරඹා "නාද" කන්ඩායමේ කොල්ලන්ගේ මූණු වල ඉරියව් ටිකක් බලන්නෙයි කියා, කැලුම්ට මෙන්ම තිරාගෙනද ඉල්ලා සිටිනවාය. ඇත්තටම මිතුරකු කීවාක් මෙන්, මේ වැඩසටහනෙන් අසාධාරනයක් සිඳු වූයේ, පට්ට ටැලන්ට් කොල්ලන් සෙට් එකක් සිටිනා "නාද" කන්ඩායමටයි කියා, මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..

ස්වස්ථි සිද්ධම්...!!!

13 comments:

  1. හම්මෝ මාතලන් අයියෙ සිරා සිද්ධි ඕවා ඈ.. ගායකයො නොවෙන ජනප්‍රිය හුඟක් අයට එන ආසාවක් නෙ අයියෙ ගායන ආසාව.. ඒවටම උඩගෙඩි දෙන්න අපේ මීඩියා කට්ටිය සැදී පැහැදී ඉන්නවනේ #රේටින්ග්ස් වැඩි කරගන්න පුළුවන් නේ, ඇඩ්වටයිසින් ගන්න ලේසියි නේ, ජනප්‍රිය අය ඇවිත් කරන කියන ඒවා බලං ඉන්න අපේ අය ආසයි නේ, අන්නේකයි..

    ReplyDelete
  2. මාතලන් යනු 1955 තිරගත වූ සිංහල චිත්‍රපටියකි.

    ReplyDelete
  3. කෝ වෙනදට මෙතන හිටු කියලා කොමෙන්ට් දාන ඇනෝ පකීර්ලා කොහේ ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. රෙන කකුස්සියට ගු ගහලා තියනකොට මේකේ තවත් රෙන්න පුලුවන්ද

      Delete
  4. මොකක් හරි ක්ෂේත්‍රයකින් ඉහලට යන ගොඩක් දෙනෙකුට වැලඳෙන රෝගයක් ඕක. තමන්ගේ ක්ෂෙත්‍රයේ ඉහලට ආවාම හිතෙන්න ගන්නවා, තමන්ට අනිත් දේවලුත් පුලුවන් කියලා.
    ක්‍රීඩකයින්ට, දෙශපාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. නළු නිලියන්ට, සිංදු කියන්න පුළුවන් කියලා හිතෙනවා. දේශපාලකයින්ට, රඟපාන්න හිතෙනවා. ඔය මුකුත් බැරිනම් ටීවී චැනල් එකක් අල්ලගෙන, දන්න - නොදන්න හැම මගුල ගැනම උපදෙස් දෙනවා.

    ReplyDelete
  5. Aiyse mathalan.sahathika aththa aiyse kiyala thiyanne

    ReplyDelete
  6. අපරාදේ කියන්න බෑ.කුමාර තිරිමාදුරටත් රවින්ද්‍ර රන්දෙණියට වගේම ලස්සනට සින්දු කියන්න පුළුවන්.

    ReplyDelete
  7. Den balanakota thirimadurata karanna bari dheyak nahane. Kalum ta thamayi make crdit eka yanne. thawa mee wage gayakayo oya wadasatahanata geana oona

    ReplyDelete
  8. Harima lassanata oya pahadili karanawa mama adai dakke oyage pituwa. Jayama wewa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න