.

.

Dec 6, 2023

උඹේ ගමන උඹ පලයන් පුතේ (අමුක දුමක අමල් දුමල්)

 



උඹේ ගමන උඹ පලයන් පුතේ

➖➖➖➖➖➖➖➖➖❤️▪️


අලුත් දෙයක් දරා ගන්න බැරි අමු බන් ගොයියො ඉන්න මේ රටේ...

ඉරිසියාකාර කුහක හැත්ත.... දාහක් ඒවා උඹට කියයි...

ඒවයෙන් සැලෙන්න එපා... 

යොහානිට සින්දු කියන්න බෑ කිව්වා වගේ උඹට නටන්න බෑලූ...


ටී වී චැනල් හැම එකෙන්ම... ඩාන්සින් රියැලටි තියලා.... ඩාන්සින් ස්ටාර්ලා කප්පරක් බිහි කලාට... ඒ එකෙකුටවත් ගන්න බැරි වුන ජනප්‍රියතාවයක්... උඹ එක රැයෙන් ගත්තා...


ඒ උඹේ ඩාන්ස් එක ඔරිජිනල් එකක් නිසා...


එන්ටර්ටේන්මන්ට් කියන්නේ... අද කෝටී ගනන් හොයන්න පුලුවන් බිස්නස් එකක්...

ඩාන්සින් කියන්නෙත් ඒ වගේමයි...


ලෝකේ වටේ යන්න... ෆේමස් පොරක් වෙන්න තියෙන අවස්ථාව... දැන් උඹට ඇවිත් තියෙන්නේ...


ඔය සින්දුවලටම ආපු ඩාන්ස් නිසා... ලම්බාඩා.. මකරිනා... අම් අ බබි ගර්ල්... ගන්ගම් ස්ටයිල්... YMCA... වගේ සින්දු ලෝකෙම ජනප්‍රිය වුනා...


ඒ වගේම ඩාන්සින්ග් නිසා... මයිකල් ජැක්සන්, බොනි ඇම්, ඇබා, බ්‍රිට්නි ස්පියර්ස්, ජෙන්ෆර් ලෝපෙස්, ජෝන් ට්‍රැවෝල්ටා, ස්පයිස් ගර්ල්ස්, එමිනෙම් වගේ රැපර්ස්ලා මෙන්ම... වෙන්ගාබෝයිස් වගේ කැරක්ටර්ස් සහ ගෲප් මුලු ලෝකෙම ජනප්‍රිය වුනා...


අනික ඩාන්සින් වලින් මුලු ලෝකෙම හොල්ලපු එකෙක් තමා අල්ලපු රටේ ප්‍රභූ දේවා...


ඉතින් කොල්ලො ගේම තියෙන්නේ උඹේ අතේ..


එකම දේ ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලෝකෝත්තරයන්ට අහු නොවී...

තව අලුත් ඩාන්ස් කෑලී දෙක තුනක් ඇඩ්  කරගෙන...

ලෝකෙම හොල්ලපන්...


ටික්ටොක් කියන්නේ.... ප්‍රකෝටිපතියෝ බිහිකරපු තැනක් කියලා... අපේ ගං කබර ගෝත්‍රික හැත්ත දන්නේ නෑ...

උන්ව පයිසෙකට මායිම් කරන්නත් එපා...


උඹ මේ රටට සම්පතක්...


ජයම වේවා...!!!

.

3 comments:

  1. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත

    ReplyDelete
  2. අතීතයේ නියෝජිත මන්ත්‍රී මණඩලයේ හිටපු කතානායකවරයෙක් මන්ත්‍රීවරයෙක් අමතා කිව්වලු.

    "ඔබතුමා කතාකරන්නේ තුඩුවෙන් පිට"

    කියල.Out of point කියන එක සිංහලෙන් කියපු හැටි තමයි ඒ .

    ReplyDelete
  3. //එන්ටර්ටේන්මන්ට් කියන්නේ... අද කෝටී ගනන් හොයන්න පුලුවන් බිස්නස් එකක්...// 100% agree

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න