.

.

Nov 19, 2014

Three Idiots & Runaway Brides


කාළෙකට කලින් මාතලන් පට්ට ඉන්ගිරිසි සෝ එකක් බැලුවා මතකය. සෝ එකේ නම "රනවේ බ්‍රයිඩ්ය" (Runaway Bride). මේකේ කෙල්ලයි කොල්ලයි දෙන්නම, මාතලන්ගේ පට්ට ෆේවරිට් නළු නිලියෝය. කොල්ලාට ඉන්නේ රිචඩ් ගියර්ය (Richard Gere). මාතලන්ට රිචඩ් ගියර් සෙට් උනේ An Officer and The Gentleman හම්බ වෙන්න ගිය වෙලාවේය.

ඒ.., ඒ ලෙවල් කරපු කාලයේය. ඒ ලේවල් පේපර ලියපු හැම දවසේම, බජාර් එකම ලිබර්ටි එකට රිංගුවේ, ඒ කිට්ටුව උන්න හජ්ජියාර්ගේ අම්මා විසින් පිලියෙල කරනා, දිවිය ළෝක රස, බුරියානි සප්පායම් වීමෙන් පස්සේය. සෝ එක බලන්න ගියේ, පබ්ලික් ලයිබ්බරියේ පාඩම් කොරන්න යනවා කියලාය. ඒ සෝ එක, ඇඩම්ස් ඔන්ලි නිසා. හැම එකාම බෑග් එකක, ඒ කාළේ තිබුන එකම එක ඩෙනිම් කලසං පඩංගුවකුයි, ටී ෂර්ට් කෑල්ලකුත් දාගෙන ආවේ, ලිබර්ටි එකේ පාඩම් කොරන්න යන නිසාය.

ඔය සෝ එකේ මාතලන් අදටත් රස විඳින, පට්ට සින්දුවකුත් තිබුනේය. පහළ තියෙන්නේ ඒ සින්දුවය. "ජෝ කොකර්" (Joe Cocker) කියන්නේ, මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක්ය. සින්දු කියන්නේ, හරියට අපේ අමරදේව මාස්ටර් වගේය.


"රනවේ බ්‍රයිඩ්" එකේ ඉන්න කෑල්ල, ජූලීයා රොබර්ට්ස් (Julia Roberts) මාතලන්ට සෙට් උනේ, Pretty Woman බලන්න ගිය වෙලාවේය. ඒ කාලේ, එයා අකමැති උනත්, මම එයාට හදවතින්ම ආදරේ කොලේය. එකේ ඉන්නෙත් "රිචඩ් ගියර්" එක්කමය. ඔය, "රනවේ බ්‍රයිඩ්" එකේ තියෙන්නේ, මගුල් ගේ දවසේ මාරුවෙලා යන මනමාලිගේ ඉස්ටෝරි එකක්ය. මෙයා පැනලා යන්නේ, එකකින් නෙමේය. මඟුල් තුනකින්ම පැනලා දුවනවාය. මේවා බොරු නොවන්නේ, අපේ රටෙත් එහෙම පැනලා යන මනමාලිලා ඉන්නවා කියලා, භූත පත්තරවල, ඉඳලා හිටලා පලවන නිසාය.


ඉස්සර අපිත්, ගෙදර එක්ක මළ පැන්නාම ගෙදරින් යනවා කියලා කියනවාය. එහෙම පැනලා ගිය උනුත් අනන්ත ඉන්නවාය. ඒ කාළේ, එහෙම පැනලා ගියාම අද වාගේ ෆෝන් වලින් හොයන්නත් බැරිය. ඉතින් දන්න දන්න ගෙවල්වල, රට වටේම හොයන්න යන්න වෙනවාය. මාතලනුත් මරු මූස් නිසා, මේ වාගේ වෝනීන් දීපු වෙලාවල් කීපයක්ම තියෙනවාය. ඒ උනාට, මාතලන් යනවා කිව්වාට යන්නේ නැතිය. ඒක ගෙදර අය දන්න නිසා, ඉල්ලීම් ලැබෙන්නේත් නැතිය. ඒ නිසා අර පැනලා ගිය උන් තරම්, මාතලන් වීරයෙක් උනේ නැතිය. ලැබුන ලබ්බකුත් නැතිය. තාත්තා කිව්වේ, යනවා නම් යන්නෙයි කියලාය.

මේ පරණ නොස්ටැලජියානු කතන්දර මතක් උනේ, අම්මට සිරි ලංකාව කියන රටෙත්, මේ වාගේ කේස් එකක් ළඟදි ගිය නිසාය. රජ ගෙදර රිලවාත්, මේ කෑම කන්න බැරිය, මට, මේන් මේ කෑම ජාති ඕනෑ කියා. කෑම 12 ක ලිස්ට් එකක් මහරජතුමාට දුන්නේය. රජතුමා ලිස්ට් එක අරගෙන මීතොටමුල්ලේ කුණු කන්දට විසි කලේ, මූට වෙන කැලෑවකට යන්න බෑ කියා, හොඳින්ම දන්නා නිසාය. ඒ වගේම රජතුමාගේ කහ පාට කිට් ගහන එකෙක් කිව්වේ, මෙනූ එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනා, නැත්නම් ගෙදරින් පැනලා යනවා විතරක් නොව, රජතුමා සිංහාසෙනුත් එලවනවා කියලාය.

ඒ මොකෝ, උන්නාන්සෙට අවුරුදු නමයක්ම එකම මෙනු එක කාළා, සමාවන්න වළඳලා, එපා වෙලා තිබුන නිසාය. උන්නාන්සෙගේ මෙනූ කාඩ් එක, පැනලා යන්න ඉන්න ගෙවල් වලටත් බෙදුවේය, ඒ පාර උන්නාන්සෙට සපෝට් එක දෙන, ඇමති මණ්ඩලේ උසම ඇමතියාත්. ප්‍රාදේශීය වාසලක රුපියල් සීයක් ඉල්ලන හිඟන්නෙකුත් කිව්වේ, අවුරුදු නමයක්ම කාලා කාලා, මෙනු එක එපා වෙලා තියෙන්නේ, ඒ නිසා මෙනු එක වෙනස් කොරන්නෙයි කියලාය.

ඒ උනාට රජතුමා මල පැනලා කිව්වේ, මෙනූ එක මාසෙන් මාසෙට වෙනස් කරන්න, මම මාස්ටර් චෙප් නෙමෙයි යකෝ. කන්න පුළුවන් නම් කාපිය, නැතිනම් හුකාපිය කියලාය. එහෙම කිව්වේ මුන් යනවා කිව්වාට, යන්නේ නෑ කියලා හොඳටෝම දන්න නිසාය. කිව්වා වාගේ, අම්මට සිරි ලංකාවෙම අණ බෙර ගසා, යනවා යනවා කිව්වාට යන්න ගියේ නැතිය. තාමත් වාසලට වෙලා හූල්ල හූල්ල ඉන්නවාය.

දැන් මුන් පැනලා ගියේ නැති උනාට, කෑම කන්නේ නැතිය. කාපු, සමාවෙන්න... වළඳපු කෑමත් වමාරනවාය. ඒත් සමහර කෑම, විරේක් බේත් දුන්නත් එළියට දාන්නේ නෑ කියනවාය. රජතුමාගේ යුව රජානෝ, අර පරණ කෑම කාපන් බං කියලා, අරුන්ව ෂේප් කොර ගන්න බලනවාය. රජ්ජුරුවෝ නම් පයිසෙකට ගනන් ගන්නේ නැතිය. බලාගෙන ගියාම වීරයෙක් වෙන්න බොහෝම අමාරුය. මේ තුන් දෙනා ත්‍රී හීරෝස්ද, ත්‍රී ඊඩියට්ස්ද කියලා බලාගන්න, දවස් දෙක තුනක් ඉන්න වෙනවාය.

67 comments:

  1. එයා, සමාවෙන්න උන්වහන්සේ කිව්වේ මහරජාට වඩා යුව රජා දෙයක් කිව්වම තේරුම් ගන්නවය, යුව රජාට කිට්ටු උනා කියන්නේ මහා රජාට කිට්ටු උනා වාගෙය. යුව රජාට දෙයක් තේරුම් කරන්න ලේසිය කියල.
    .
    මම හිතන්නේ මේ සැරෙත් යුවරජා නූල් විතරද කොහෙද දෙන්නේ. රෙදි වියලා මහල ඇඳගන්න හදන්නේ කට්ටියම

    ReplyDelete
    Replies
    1. මර්වින් ඉන්නේ ලොක්කා නිසා.. මෙයාලා ඉන්නේ, බැසිල් නිසා, වම(නේ) අය ඉන්නේ ප්‍රගතිශීලී නිසා.. බැලුවාම ලොක්කගේ ආන්ඩුව ඇවිල්ලා සිතූ පැතු සම්පත් සෑම සියළු දෙනාටම ලබා දෙන කල්ප වෘක්සෙද මක්කද එක වගේ..

      Delete
  2. ඒ වගත් මෙසේ ය... :)

    An Officer and The Gentleman නම් බලල තියනව. හ්ම්ම්.. මගක් ඇවිල්ල දේසපාලනේටම හැරෙව්වා නේද. ඒකත් මරු. දවස් දෙක තුනක් ගියාට පස්සෙ බලමුකො එහෙනම්.

    ReplyDelete
    Replies
    1. දේශපාළනයෙන් තොර ජීවයක් නොමැත.. මෙළොව සියල්ල සිඳුවන්නේ දේශපාළණය තුලයි...

      Delete
    2. 1977 දී දැවමොට්ටාවේ අමරවංශ හාමුදුරුවෝ ( ඒ හාමුදුරුවෝ, එතකොට මීටියාගොඩ ගුණරතන හාමුදුරුවෝ, ඒ කාලේ දේශපාලන වේදිකාවක කරපු එක කතාවක් ඇහුවොත් අද ඉන්න උන්නාන්සේලා සිවුර දෙහි ගහේ වනලා චුත වෙනවා) කිව්වා, 'මේ රටට කොත්තමල්ලි ඇටයක් පිටරටින් ගෙන්වනවා නම්, ඒ වැඩේ පිටිපස්සේත් තියෙන්නේ දේශපාලනයයි' කියලා.

      ඒ රැස්වීමට එද්දී, කාර් එක පෙරලිලා, හාමුදුරුවන්ගේ නළල පැලිලා, මැහුම් පහක් ගහලා අතරමග රෝහලකින්. සිවුරේ ලේ තිබුනා සෑහෙන්න. ඒත් වේදිකාවට නැගලා කතා කරා. කවම කවදාවත් කිසිම තනතුරක්, වාසියක්, දේපොලක්, ගත්තෙ නැහැ ආණ්ඩුවෙන්. අන්න නියම භික්ෂු දේශපාලනය.

      Delete
    3. 77 යූ ඇන් පී වේදිකාවේ ප්‍රධානම කතිකයා. මිනිස්සු එයා එනකන් පොර කකා බලාගෙන උන්නේ. අනික් මෑන් ප්‍රේමදාස.

      Delete
  3. රජ ගෙදර රිළවා දැන් ටික දවසක ඉඳලා හොඳටම ෆෝම් වෙලා ඉන්නෙ, මාතෙ දැක්කද දන්නෙ නැහැ රිළවගෙ කට්ටිය කරගෙන යන ලංකා සී නිව්ස් කැලෑ පත්තරේ වරු තුනට තුන් පාරක් පෙනී හිටලා ආයිත් අන්තර් ජාතික කුමණ්ත්‍රණ, ත්‍රස්තවාදී තර්ජන කියන මන්තරේ මතුරනවා මේ පාර. රිළවාගේ පුල් ට්‍රයි එක පොද්දා ප්‍රොජෙක්ට් එක කෝළමක් විදිහට ජහමනයාට ඒත්තු ගන්නන්න, ඒකෙන් මේකෙන්. පොද්ද එන එකට ගෙදර හතර මුල්ල සට සට ගාලා හෙලවෙනවා වගේ. හෝගාලා ෆ්ලැට් වල තීන්ත ගගා අලුතෙන් හැදුවා වගේ විවුර්තෙ මේ දවස් වල. ඒත් මම අපේ ලමයින්ගෙ අම්ම එක්ක කිව්වෙ මේ යකා තීන්ත ගාලා මේ වගේ උත්සවාකාරෙන් විවුර්ත කරනවනම්, ෆ්ලැට් එකක් අලුතෙන් හැදුවොත් හත් දා මඟුල් කාල තමයි විවුර්තෙ කරන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ගුණ්සිංහපුරේ උන් කියන්නේ තීන්ත ඇමති කියලා.. අම්මට බොල ෆ්ලැට් වල තීන්ත ටික ගාගන්න ගියාමත් බලන්න එපාය උගේ රැස්පොට් එක.. කටු කන බල්ලෝ සැරයි කියලා කතාවකුත් තියෙනවනේ..

      Delete
  4. History of the World, Part I, බැලුවෙ නැද්ද ඉස්කෝලෙ කාලෙ?

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් නෙමෙයි, ටෙන් කොමාන්ඩ්මන්ට්ස්.. ඒකත් බැලුවා.. හිට්ලරුත් බැලුවා, ඉඩී අමීනුත් බැලුවා.. රාජකපුරුත් බැලුවා.. මෑතක හදාපූ.. හොරුත් එක්ක හෙලුවෙනුත් බැලුවා...

      Delete
  5. හින්ට් එකක් ගහලා නේද?
    ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෙමෙයි ඉතින් පවතින යථාර්තය...

      Delete
  6. \\ඉස්සර අපිත්, ගෙදර එක්ක මළ පැන්නාම ගෙදරින් යනවා කියලා කියනවාය. එහෙම පැනලා ගිය උනුත් අනන්ත ඉන්නවාය. ඒ කාළේ, එහෙම පැනලා ගියාම අද වාගේ ෆෝන් වලින් හොයන්නත් බැරිය//

    අද මේ කමෙන්ට් එක මෙහෙම දාන්න මං ඉන්නෙත් ඔය වගේ කේස් එකක් නිසාය. මා පියාණෝද ගෙදරින් පැන ආවෙකි. එනිසාම ඔහු අද සාර්ථක මිනිසෙකි. ඒ යුගයේ ගෙදරින් පැන යාම බොහොම ජනප්‍රිය සෙල්ලමකි. බොහෝ උන්ට හරි ගියේය. මොකද උන් ආවේ කුමක් හෝ රස්සාවක් කරගෙන දියුණු වීමටයි, නමුත් අද උන් එසේ නැත. එය රටේ කරුමයකි.

    මෙලෙස පැනවිත් පියාණෝ සමඟ එකට කකා බිබී එකට වැටී උන් එකෙක් ඒ කාලේම අතුරුදන් වූවේය. ඊයේ අපිට මනහර දවසකි. ඒ මිතුරා පියා සොයාගෙන පැමිණියේය. විස්වාස කිරීමටද අපහසුය. ඔහු අද ජාතික නිවාස සංවර්ධන ඇදිකාරියේ ඉහලම පුටුවක කෙනෙකි. එනිසා ඊයෙ අපේ ගෙදර විජේ, ජීවන් හිටපු පරණ සිංහල චිත්‍ර පටියක වගේය.

    එනිසා ගෙදරින් පැනයාම අතිශය මනරම්ය.

    ReplyDelete
    Replies
    1. ඇයි නවළෝක මුදලාලි.. දාස මුදලාලි.. එතකොට අපේ බාප්පලා කීප දෙනෙක්.. හප්පේ මාර ලිස්ට් එකක් තියෙනවා.. ඒත් කොමියුනිකේසොන් නිසා.. අද ළෝකේ පුංචි වෙලා..

      Delete
  7. දැන් උඹ ත්‍රී ඊඩියට්ලගෙන් කෙනෙක් වුනොත් මොකක් කරාවිද?

    ReplyDelete
    Replies
    1. මම නම් ඉන්නවා.. මොකෝ.. නොවේ මෙවන් වින්දනයක් ළොවේ..

      Delete
  8. Pretty Woman. Ah yes. I can't forget it

    We'll see. What will happen next. Its too early to predict

    ReplyDelete
    Replies
    1. ඉයෙස්, ඉයෙස්, ඔප් කෝස්.. ඉට් ඉස් ටූ ඒලි ටු ප්‍රෙඩික්ට් ඇන්ඩ් ටූ ලෑට් ටූ සේ ගූඩ් බායි..

      ආ.. හවු ඉස් මයි ඉන්ග්ලිස් ඈ.......?

      Delete
    2. අනේ උඹ දන්න ලබ්බෙ පොලිටික්ස්

      Delete
    3. mage sinhala awul wela ban.. dawalta balamu

      Delete
    4. ලබ්බේ කොයිද බං පොලිටික්ස්.. ලබ්බේ තියෙන්නේ සබන්...

      Delete
  9. හ්ම්ම්ම්.......
    ගොඩක් වෙනස්.....කට්ටිය සිතන විදිය......
    සේරම මරු විකලෙන්.......
    බුද්ධි News වැලි එන දේවල් ඉවසන්න බැරිව තමා වට්ටි අම්ම ...කෑ ගැහැව්වෙ ...
    මම සිතුවෙ ඒ බිරිල්ල ට යමක් ලියවෙයි කියල....

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන ලියන එකත් අපරාදයක්. එයාලා පෙන්වන්නේ ආන්ඩුවේ නිරුවත.

      Delete
  10. කෝ ඉතින් කිව්වත් වගේ අපි ගියා කිව්වාට කිසි ගෝ එකක් නැහැනේ.විමලේයා නම් කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්නේ.අන්න දැන් ආර්ථික ඝතකයා හදපු බජට් එක හොඳායි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. යනවා කිව්වට යන්නේ නෑ.. ඉන්න පන්සලත් නැති වෙනවා ගියොත් හෙම..

      Delete
  11. http://negomboseafood.blogspot.com/

    this is my new blog it may be helpfull for you
    hope to supply to you fresh seafoods

    ReplyDelete
    Replies
    1. එකවුන්ට් නම්බර් එක දෙන්න... ඒකට කීයක් හරි දාහන්..

      Delete
    2. @ Madushan Fernando. මාලුන්ගෙ නම් ටිකවත් දැන ගත්ත බන්. ස්තූතියි!

      Delete
  12. මාතා................. ඔය හාමුදුරුවරු සෙට් ඒක පවතින අාණ්ඩුවට කඩේ යෑම තමයි කරන්නේ.. ඒකනේ ඒයාලා කියන්නේ මේක නිවැරදි කරගන්න බලනවා කියලා.. මොකද රනිල් ඉන්න අාණ්ඩුවක් ගැන ඔය කාටවත් විශ්වාසයක් නැති නිසයි ඒහෙම වෙන්නේ................... ඒක හාමුදුරුවරු ටික විතරක් නෙමෙයි වාමාංශිකයෝ ටිකත් දන්නවා.. ඒකයි වාසු.... තිස්ස විතාරණ. .. ඩිව් ඒහෙම ඉන්නවාද නැද්ද දැනගන්න නැත්තේ.........................

    ReplyDelete
    Replies
    1. දැන් කියයි මහා නායක් හිමිවරු කිව්වය. ආන්ඩුවේ ඉන්නය කියලා..

      Delete
  13. මේ හෙළ උරුම කස්ටිය යන එක
    හරියට පාවිච්චි කරනව නම් ලොක්කට මාර චෑන්ස් එක

    උතුරෙ ඡන්ද ටික බා ගන්නත් පුලුවන් වෙන විදියට ගේම ගහන්න තියෙන්නෙ
    13 ප්ලස් දෙනවා, පලාත් සභාවලට පූර්ණ බලතල දෙනවා

    විමල් කෑ ගැහැව්වට ෆුල්ම සීරියස් නෑ,
    ( මොකද පිටපත ලියන්නෙ වෙන කවුරුවත්නේ)
    උතුර නැගෙන හිර එකතුකරනව ඇර
    මොකද ඒක අපේ ඉස්ලාම් කස්ටියට වගේම
    සිංහල ජනයාටත් අසාධාරණයි.

    ජනපති අපේක්ශකත්වය මෛත්‍රිපාලට දුන්නොත්
    වගේ කරකෝල අතාරින ගේමක් දුන්නොත්....????

    ReplyDelete
    Replies
    1. ටී ඇන් ඒ නම් බාලා ඉවරයි..

      ඉතිරි ටික ඉවසගෙන බලාන ඉමු...

      Delete
  14. අපේ පැත්තෙ සමහර උන් මාත් එක්ක ඔරොප්පුවෙන් ගමෙනුත් යනවා
    ඒ කියන්නේ, මේ කරදර අහුඅස්සෙත් දමලා යනවා
    නෑ...නෑ...
    උඹව හොයං ඔහේට එනවා

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ 30 ක් විතර හෙට අනිද්දා ඒ පැත්තට බල්ටි ගහනවා..
      මොකක් කිව්වා...
      මේ පැත්තේ 30 ක් විතර හෙට අනිද්දා ඒ පැත්තට බල්ටි ගහනවා..
      ඒ කියන්නේ ආන්ඩුවෙන් මෙහේට එනවා
      මොන පිස්සුද
      මෙහේ එවුන් එහේට යනවා..

      Delete
    2. හීහ්...හිහ්...හිහ්...හී................

      Delete
  15. ඕං වැඩේ හරි. කහකුරුල්ලො මොනව කරයිද කියල බලමු.........

    ReplyDelete
    Replies
    1. මේ සැරේ වීරයා වෙන්නේ නානසාර. මොනවද කැට..

      Delete
  16. බොරු කියන්නෙ මොකැයි බන්.. පෝස්ට් එකේ අග කෑල්ලට වැඩිය මුල ටික ආසාවෙන් කියෙව්වා.. රිචර්ඩ් හා ජුලියා එකට රඟපාපු ඔය ෆිලුම් දෙකම මගෙත් බොක්කටම මතක හිටින්ඩ වැදිච්චි පාරවල් දෙකක්..
    මේ කහ කඩයො ගැන නම් කතා කරල එපා වෙලා.. ඒ වුනාට කතා දෙක ප්ලග් කරපු අපූරුවනම් පට්ට හොඳේ..

    ReplyDelete
    Replies
    1. ඕක මම කලින් ලියපි ඉට්ටැයිල් එකක්.. ආයෙත් ලියන්න හිතුනා ඒ වගේ.. මගේ ලිවිල්ලෙත් එකම විදියක් නෑ නේ. හිතුන විදියට ලිව්වා..

      Delete
  17. මාත් ඉස්සර ගෙදරින් යනව කියල එළියට බැහැල හොරෙන්ම ඇවිත් අල්මාරිය අස්සෙ හැංගෙනව.

    ReplyDelete
    Replies
    1. ආන් එහෙම අකරතැබ්බයක් ඇන්ඩි ඉට්ටයිල් එකෙන් දීලා ඇරියා නම්.

      Delete
  18. දැන් ඉතිං හොඳ හොඳ ෂෝ ටික එනකං බලාගෙන ඉන්න තමයි තියෙන්නේ අපිට...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හැමදාම පෝස්ට් දාන්න පුළුවන්.. මරා ගන්නත් පුලුවන්.. මරා ගන්න කිව්වේ ආයෙත් මරාව ගේන එකම නෙමෙයි. ගහ මරා ගන්න එක..

      Delete
  19. මචෝ අර හු*********** වචනේ හු*********** විධිහට දාන්න බැරිද? මට නම් අවුලක් නැහැ. හුදී ජනයා සඳහා පල කරන්න තවම් සංයමය තියාගන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඒක මචෝ දානවනම් එඩිට් කරලා දාපන්.. මට ඕන ඕක සාමාන්‍ය වචනයක් කරන්න. සුද්දෝ ෆක් කියනවා වගේ.. මේක මචෝ බ්ලොග් නේ.. පුරවැසි මාධ්‍යකරණය.. :)

      Delete
    2. අජිත්, සමන් අතාවුදහෙට්ටි පරිවර්ථනය කරපු "ආදර අංකුර" පොතේ "ෆක් යූ" කියන එක හුකාගනින් කියලත්, "දැට් ෆකර්" කියන එක හුකාරිස් කියලත් පරිවර්ථනය කරල තීනව. ඒකෙන් අප්‍රසන්න ගතියකට වඩා අදහස උද්දීපනය වෙනව ඒ සංවාදවල කියලයි මට හිතුනෙ. මාතලන්ගෙ යෙදුමත් එහෙමමයි, මේ මගේ අදහස.

      Delete
    3. මට ඒකෙ ලොකු අවුලක් නැහැ. editor තුමා කල්පනා කරලා තීරණයක් ගනී.

      Delete
    4. ඒ උනාට ඉන්දික ඒක වෙබ් එකක්. මේ බ්ලොග් එකක්. වෙබ් එකක වගකීමක් තියෙනවා මම දන්න විදියට. අනික මේ අම්මට සිරි ලංකාවනේ.

      Delete
    5. මාතලන්ට හු----- වච්නෙ සාමන්‍යකරණය කරන්න ඕන නම් අනිත් හැම දෙයම වගේ , ඒකත් ගෙදරින් පටන් ගනිමු? උදා;- , ''දුවේ, කෝ හු...., මගේ තේ එක? උඹේ ඉස්කෝලෙ අර අම්මට හු-- ගුරා තාම ඉන්නවද?'' වගේ? එහෙම නැත්නම්, ''තාත්තේ, අන්න අර තාත්තාගේ යාලු අංකල් කෙනෙක් එනව..'' '' ආආ කෝ ..ආ වරෙන් වරෙන් හු-න්නා, කොහේද යකෝ මෙච්චර කල් ගිහින් හිටියේ? අම්මට හි-වද? දුවේ මේ -ත්තට තේ එකක් ගේන්න..'' සෑහෙන්න සාමාන්‍යයි නේද?

      Delete
    6. ගෙදර උනත් කියන්නම ඕන වෙලාවක් ආවොත් කියනවා. මොකෝ ඕක කිව්වා කියලා ගෑණු බඩ වෙන්නත් නෑ. ළමයි දූෂණය වෙන්නෙත් නෑ. ඊට වඩා කුණුහබ්බ කෙලින්නේ ජාතින නාලිකාවල ඉන්න උනුත්.

      Delete
  20. ඒක කිව්වහම මතක් වුනේ. මේක අරූ එක්කත් කතා කරන්න ඕනේ. අපේ කතෘ සහෝයි මායි කතා කරපු දෙයක්. බ්ලෝග රෝලක් දැම්මොත් නරකද ලංකාවේ (හෝ ලෝකයේ ඕනෑම තැනක) මොකක් හරි සිදුවෙන හොඳ හෝ නරක දෙයක් අපක්ශාපාතිව රිපෝර්ට් කරන එක. එහෙම නැත්නම් එක නගරේට , පළාතට බ්ලොගක් දාන එක. ඔය ඉන්න කට්ටියටම කරන්න පුළුවන්. දැන් තියෙන්නේ කාට හරි පක්ෂ මාධ්‍යනේ. ඒකෙන් බේරිලා පැත්තක් ගන්නේ නැතුව වාර්තා කරන එක.

    ReplyDelete
    Replies
    1. ඉතින් මාතලන් කරන්නේ ඒකනේ.. ඒකනේ හැම එකාටම මල. මම විහිළුවට කිව්වේ. බොහෝම හොඳ යෝජනාවක්.

      Delete
    2. ඔය කරන්නේ මේ national නිව්ස් වලට උන පුර්ණ එකතු කරන එකනේ. දැන් අර කොස්ලන්ද නාය ගියේය කියෙන එකේ, අපි නොදන්නා බදුල්ල පැත්තේ ප්‍රශ්නයක් කතා කෙරුණා. මන් හිතන්නේ ඒ වගේ.

      Delete
    3. ඒක හරි.. හැබයි ඒකට ෆුල් ටයිම් ඒ වැඩෙට කැප වෙච්චි එකෙක් ඕන. මම හිතන්නේ බොග දාන උන් අතරේ එහෙම එකෙක්වත් නෑ..

      Delete
    4. නැහැ එකෙකේ නෙමේ . හැමෝම කලාම හරි. තමන්ගේ පැත්තේ නිව්ස්. එච්චරයි. දැන් වෙලා තියෙන්නේ පක්ෂයි වෙන එනම් මනම් නුයි නිසා තමන්ට හරියන නිව්ස් විතරනේ දාන්නේ. මන් අර බ්ලොගක දැක්ක පාලමක් හදල තියනවා. ගම හරහා. හොඳයි ඒක. හැම එකටම විපක්ෂේ නිසා බනින්නත් බැහැ. හොඳ නම් හොඳයි. නරක නම් නරකයි. භේදයක් නැතුව ඕක පිලි අරගෙන වැරදි හදා ගත්තම හරිනේ.

      Delete
    5. අජිත් කියන වැඩේ හොඳයි. මේ බ්ලොග්ස් ලියන සෙට් එක රටවටේ වගේම ලෝකය වටෙත් විසිරිලානේ ඉන්නේ. තමන් ලියන විෂයට අමතරව , විශේෂිත කාරණයකදි හෝ අවස්ථාවකදි ඒ වෙනුවෙන් පෝස්ට් එකක් වෙන්කිරීම. එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න බ්ලොගා දන්නවානේ නිවැරදිම තොරතුරු ටික ලියන්න.

      Delete
    6. හරි මචන්. ඒක තමා අයිඩියා එක.

      Delete
  21. රතුරලියේ අතන වහන්සේලා, හරියට සාටකේ එල්ලෙන්න දන්නේ නැතුව, ලිස්සලා වැටිලා පුක...හුටා....ශ්‍රී පශ්චාද් භාගය බිම ඇණගෙන, දැන් බෙරිහන් දෙනවා. හුටා ..... වදාරනවා.

    ඒ වගේමයි, අර දිනේෂ් ගුණවර්ධන සට්ටැඹියා, පාර්ලිමේන්තුවේදී අනුන්ගේ සීනි කිරමින්, අනුන්ගේ පුකවල් තමන්ගේ දිවෙන් හෝදමින්, පීනස් රෝගයෙන් පෙලෙන්නෙකුගේ කටහඬින් විලාපදීම, හරිම අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ විචා පවිත්‍රා නෝනා උම්බෑ කියපු එක දැකලා නෑ. මරන්න ගෙනියන වැස්සියෙක් වත් එහෙම තප්පුලන්නේ නෑ..

      Delete
  22. ඕව බලල අපි සාදු සාදු කියමු _/\_

    ReplyDelete
    Replies
    1. සාධූ කියන්න පවූ... ජයවේවා කියන්න පින්වත...

      Delete
  23. අතින් කටින් බඩු අරගෙන 
    ගෙයි පඩියට ඔබ එනවිට
    අපේ හිතේ සින්නක්කර
    මල් පූදිනවා...

    වරේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒ මල් අපට පූජා කරන්න පින්වත...

      Delete
  24. මාතා මොකද වෙන්නේ .....කස්ටිය වැඩේට හරියට සෙට් වෙයි වගේ නේද? මොනවා වුනත් රනිල් ඇතුළු යුඇන්පිය කරපු කැපවීම මේ වෙලාවේ වටිනවා.

    මාතා උඹ ඔය කියන රිචඩ්/ ජූලියා මගේත් ප්‍රියතම ඩබලක් තමයි. අනිත් එක ජෝ කොකර්ගේ ඒ වොයිස් එක. ඉස්සර ඉතින් ඕවාට වහ වැටිලා. දැන් තියෙන ඉංග්‍රීසි සින්දුත් චොර බං. චිච්චි බාගෙට එලියට දාගෙන දඟලන සෙක්ස් ඇක්ට්ස්. ඔය සින්දුවේ ෆිල්ම් එකේ ක්ලිප් එකක් දාපන්කෝ බන් නොදැක්ක කෙනෙකුට බලන්නත් එක්ක,

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න