.

.

Aug 22, 2022

IMF එනතෙක් බලා ඉන්නා, නන්දලාල් කියන්නේ, ලෝඩ් ඔෆ් ද බෙගර්ස්ද?

 


IMF එනතෙක් බලා ඉන්නා,

නන්දලාල් කියන්නේ,

ලෝඩ් ඔෆ් ද බෙගර්ස්ද?

➖➖➖➖➖➖➖➖▪️


ලංකාව කියන්නේ හිඟන්නන් ජීවත් වූ රටක් නොවේය. මෑතක් වන තෙක්ම, කන්න බොන්න නැතත් ආඩම්බරකාර අලි පුපෙන් ජීවත් වූ ජනතාවක් සිටී රාජ්‍යයක්ය. ආක්‍රමණයන් හමුවේ පසුබැස පලාගොස් සැඟව සිට, තුවක්කු බයිනෙත්තු සන්නද්ද හමුදාවලට පවා එරෙහිව සටන් කළ වීරයන් සිටී රාජ්‍යයක්ය. මුල්ලේරියා සටන්, මාතලේ කැරළි, වෙල්ලස්සේ ඉතිහාසය, දුටුගැමුණු වලගම්බා කතා ඊට නිදසුන්‍ය.


එය, විජය සමඟ පැමිණි ආක්‍රමනිකයන් පිරිසක් වූ, පසුව මහා ජාතිය බවට පත් වූ, සිංහළ බෞද්ධ ප්‍රජාවට උරුම වූ අභිමානයක් පමණක් නොව, දෙමළ ජනතාවටද, පසුව ලාංකිකයින් බවට පත් වූ ඉස්ලාම් දහම අදහන ප්‍රජාවටද උරුමව තිබූ ජීවන රටාවක්ය. ඒ උන්ගේ හැටිය.


තුටු පඬුරු, වරදාන වරප්‍රසාද හමුවේ, රට ජාතිය පාවා දුන් බවට අතේ ඇඟිලිවලටත් අඩු පිරිසකගේ නම් ඉතිහාසයේ ලියැවී ඇත්තේ එබැවින්‍ය. සුද්දන්ගේ වතු වල වැඩ කරන්නට ඉන්දියාවෙන් වහලුන් ගෙන එන්නේ ඒ නිසාය. පාරවල් සෑදීමට එන්නේ නැති උන්ට බදු ගසන්නට සිඳුවූයේ ඒ නිසාය.


එමෙන්ම සුද්දා රටෙන් පිටව යන විට ජීවන රටාවෙන්, අධ්‍යාපනයෙන් හා ආර්ථික වශයෙන් ශක්තිමත් ආඩම්බරකාර කළු සුද්දන් පිරිසක් බිහිකර තිබුනද, සමස්ත ජනතාවම ඒ තත්වයට පත් කිරීමට නොහැකි වූයේද ඒ ආඩම්බර කම නිසාමය.


අනාගතය ගැන අවබෝධයක් තිබූ ජනතාව සුද්දාට පාඩමක් ඉගැන්විය යුත්තේ සුද්දාගෙන් උගෙන, උගේ ක්‍රමයටම බව තේරුම් ගෙන තම දරුවන්ට බටහිර අධ්‍යාපනය හා ජීවන රටාව හුරු කළද, ඒ පිළිබඳ අවබෝධයක් නොමැති පිරිස ආඩම්බර කම සමඟම ජීවත් වූයේ කිසි අවුලක් නොමැතිවය. ස්වෝත්සාහයෙන්ය.


නිදහසෙන් පසුවත් ඔවුන් ගොවිතැන් බතක්, දඩයමක්, තම ජීවීකාව කරගෙන, ගමේ පන්සලත් නඩුත්තු කරගෙන, දරුවන්ට අධ්‍යාපනයද ලබා දෙමින්, කිසිවකුටත් අත නොපා ජීවත් වූයේය. ඩී එස් සේනානායකගේ සුප්‍රසිද්ද කතාවක කියන්නේත්, ඒ ආඩම්බර ජනතාව ගැනය.


එසේනම් මෙවන් ජන සමූහයක්, සමාජයක්, සස්කෘතියක්, සියල්ල නොමිළේ බලාපොරොත්තු වන හිඟන මානසිකත්වයක් සහිත පිරිසක් බවට පත්කොට සහනාධාර පිරි රාජ්‍යයක් බවට පත් කළේ කවුරුන්ද?


ඒ වෙන කිසිවකුත් නොව, බලය වෙනුවෙන් ජාතිවාදය වපුරුවමින් ඉදිරියට ආ SWRD බන්ඩාරනායකය. 56 විප්ලවයෙන් බිහි වූයේ හීනමානය කරමත පටවා ගත්, ඉන්ගිරිසිය නොදත්, උගත් ගිරවුන් පිරිසක් හා හිඟන මානසිකත්වයක් සහිත ගොබ්බ සමාජයක්ය.

අදටත් මහපාරේ කෑ ගසන්නේ උන්ගේ දරු මුණුබුරු මිණිබිරියන්මය.


ව්‍යාපාර ජනසතු කරමින්, කිසිම සුදුසුකම් නැති උන් තම පාක්ෂිකයන් වීම හේතුවෙන් රජයේ රැකියා සඳහා මන්ත්‍රී චිට් වලින් පුරවමින්, එතෙක්, ටයි කෝට් ටොප් හැට් ඇඳි වචනයේ පරිසමාතර්තයෙන්ම මහත්වරුන් වූ පිරිසකගෙන් පිරී තිබූ ගෞරවනීය රාජ්‍ය සේවය, රෙදි බැනියන් අමුඩය අඳින, බුලත් විඩ හපන, මහ දවාලේත් කසිප්පු බොන, මහත්හොරුන්ගෙන් පිරි අපත මජර හොර ගුහාවක් බවට පත්වීම ආරම්බ වන්නේ ඒ යුගයෙන් අනතුරුවය. 


එසේ රටට ජාතියට මෙන්ම මහා භාන්ඩාගාරයටද මහා බරක් වූ, ලක්ෂ 7 ක් පමණ වූ, නිකන්ම කන හිඟන්නන් පිරිසකගෙන් සමන්විතව තිබූ රාජ්‍ය සේවය, ලක්ෂ 15 ක් කළේ වෙනින් කවුරුවත්වත් නොව, ලෙනින්ලාගේ දහම වලව් පැලැන්තියෙන් පවත්වාගෙන ගිය, ඩෝප් මරගාතේ බන්ඩාරනායකගේ පිටිපස්සෙන් ආ ඩී ඒ රාජපක්ෂ උන්නැහේගේ නාහෙට නාහන කොලු ගැටයාය. 


පෝර නොමිළේ ලබා දී හා ගොවි ණය අහෝසි කරමින්, මඩ සෝදා ගත් කළ හවසට කටුකම්බි ෂොට් එකකින් සප්පායම් වී රජුන් වගේ උන් ගොවියෝ, අමුඩෙත් රජයෙන් ඉල්ලන හිඟන්නත් බවට පත්කලේත් උන්නැහේමය.


ඊළඟට සාමාන්‍ය ජනතාව හා ශිෂ්‍ය ප්‍රජාව හිඟන සමජයක් බවට පත් කරන්නේ, විවෘත ආර්ථිකයෙන් රටේ ආර්ථිකයේ විප්ලවයක්ද සිඳුකල ජේ ආර් උන්නැහේය. සල්ලි තියෙන එකාටත් පාසල් අච්චු පොත් නොමිළේ දෙන්නත්, එතෙක් රජයේ ඉස්පිරිතාලවල බෙහෙත් ගැනීමට අය කළ මුද්දර ගාස්තුව ඉවත් කිරීමත්, මහපොල ශිෂ්‍යත්ව‍යත්, පටන් ගත්තේ උන්නැහේය. 


සමස්ත ජනතාවම හිඟන මානසිකත්වයකට ඇද දැමූ ජනසවිය ව්‍යාපාරය (අද සමෘධි ව්‍යාපාරය..., ඇත්තටම මේක බොහෝ උන්ගේ ව්‍යාපාරයක් පමණක් නොව අන්ත දූෂිත මාෆියාවක් බවටද පත් වී අවසානය) අරඹන්නේ, ජේ ආර් උන්නැහේගේ අඩි පාරේම ගිය මහ ප්‍රේමේය. පොඩි ප්‍රේමේ බලේට ආවා නම් ගෑණුන්ට සනීපාරක්ෂක තුවායත් ආන්ඩුවෙන්‍ය. 


මේ රට විනාශයට පත් කළේ වෙන කිසිවකුත් නොව මෙවන් 1/4 කන්නි හිඟන සංකල්ප හඳුන්වා දී ක්‍රියාත්මක කළ 1/4 කන්නි දේශපාලුවෝය. මුන් මේවා කලේ තමන්ගේ තිරිසන් අශාවන් වන බලය ලබා ගැනීමේ හා බලය පවත්වා ගැනීමේ  තුච්ඡ පරමාර්තයෙන් කප්පම් ලෙස මිස, රට ආර්ථික වශයෙන්  දියුණු කිරීමට නොවේ.


අද මුන් තමන්ගේ චන්දය ලබා ගන්නේ, මේවා දිගටම ඕනෑ නම්, තමුන් බලයට පත් කරන ලෙසට තර්ජනය කරමිනි. 


මීට අමතරව ඇති හැකි පෞද්ගලික අංශයේ එකාත් ජීවත් වී ඇත්තේ සහනාධාර ලබමින් ආර්ථිකයට කෙලමින් බව, අද නියමිත මිළට නිශ්පාදන හා සේවා ලබා ගැන්මේදී නඟනා අඬෝවැඩියාවෙන් පැහැදිලිවම පෙනේ.


ඒ කියන්නේ සමස්ත රටවැසියාම 1956 සිට හුරු කොට ඇත්තේ හිඟන හා සහනාධාර මානසිකත්වයකටය. මේවා කරපු 1/4 කන්නියෝ  අද වන විට බලය නැතිව හෝ මියගොස් සිටිනාතර විඳවන්නේ අද ජීවත් වන අපය.


අද අපේ රටේ ඇති ආර්ථික අර්බුධයට ප්‍රධානම හේතුව වෙන කිසිවක්ම නොව, ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන රාජ්‍ය සේවය, රාජ්‍ය ආයතන හා මේ හිඟන්නන් පිරිස නඩත්තු කිරීමය. ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් වැය වන්නේ මේ හිඟන්නන් පිරිසගේ වැටුප් දීමනා හා සහනාධාර සඳහාය.


ඉන්දියාවෙන් ගත් බිලියන හතරෙන් කරපු ලබ්බක් නැතිය. එය කා බී පැට්‍රෝල් ගහලා රෝන්දේ ගිහිල්ලාම අහවරය. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගතකිරීමකට ලක්කරනවා යැයි කීවත් තාම ඒ ගැන හිතලාවත් නැතිය. සහන මිළට පෝර දීම් පෙර පරිදිම ක්‍රියාත්මකය. තව දුරටත් රවටා ගන්නේත් රැවටෙන්නේත් අපමය.


දැන් මහ හිඟන්නා IMF එකෙන් බිලියන 3-4 ක් එනකන් දෙසැම්බර් වෙනකන් බලාගෙන ඉන්නෙයි කියනවාය. උන්නැහේටත් හිඟාකනවාම හැර, ආයොජකයෙක් ගෙන ඒමේ හෝ සංචාරකයෙක් ගෙන ඒමේ කිසිඳු වැඩපිලිවලක් මේ දක්වා ඇත්තේ නැතිය. එවන් දිරිගැන්වීම් වැඩසටහන් කිසිවක් ඇත්තේ නැතිය. තාමත් තිබෙන්නේ එන එකාත් එලවා දමනා චක්‍ර ලේඛන හා නිළධාරීන්මය.


රජයේ සංවර්ධන යෝජනා ක්‍රම සියල්ල නවතා දමලාය. ආනයන වෙළඳාම කරපු උන්ට නැතිවෙන්නම ඇරලා අහවරය. මේවායෙන් ජීවත් වූ උන්ට කන්න වෙන්නේ මයියොක්කා වවලාය. පුප මහලා බඩ යන්නම දෙනවාය කියන්නේ මෙහෙව් ක්‍රියාවන්ටය. 


රනිල්ට ගුහාවේ කෙලවර පෙනෙන ආලෝකය ඇත්තේ, ආලෝක වර්ෂ ගනනාවකින් එපිට ඇති කළු කුහරයක වෙන්නට ඇතිය. බොහෝ විට ඒ පේනවා ඇත්තේ පෘතිවියේ පිපිරීම වන්නටද පුලුවනය.

.

.

ඒ වගත් මෙසේය..

.

21 comments:

  1. No, the history of Tamil is not more than 250 years.

    Tamil means an ethnic group created by an English ruler.
    After the British conquered India, they started to classify the people according to their language. That is how ethnic groups were formed which are called by the names of languages ​​like Tamil, Kannada and Telugu. There was also a scam, people who speak Hindi were not called by that name.

    At the time of the beginning of British rule in Sri Lanka, the majority of Tamil speakers in this country were Muslims.
    But British Muslims also started calling themselves as Muslims belonging to the Tamil ethnic group.
    But they did not call the Sinhala speakers that way. The Sinhala speaking people were divided into three categories: Burghers, Malays and Sinhalese.

    Muslims did not like to be called Tamils. Due to their protest, Muslims were later named as a separate ethnic group.
    This is why two ethnic groups, Muslims and Malays, were formed.

    ReplyDelete
  2. මුන් ඔක්කොටොම අරින්ඩ ඕනි පුකේ. කැරි වෙසිගේ පුතාලා

    ReplyDelete
  3. මේ දවස්වල කාගෙන් ද ගෙවීම්?

    ReplyDelete
    Replies
    1. සම හරක්ට තාප්ප පේන්න බෑ... හුජ්ජ බර හැදෙනවා දැක්ක හැටියෙ. අර බල්ලන්ට වාහනවල රෝද දැක්කම කකුල උස්සන්න හිතෙනව වාගේ

      Delete
  4. ///ඉන්දියාවෙන් ගත් බිලියන හතරෙන් කරපු ලබ්බක් නැතිය. එය කා බී පැට්‍රෝල් ගහලා රෝන්දේ ගිහිල්ලාම අහවරය. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගතකිරීමකට ලක්කරනවා යැයි කීවත් තාම ඒ ගැන හිතලාවත් නැතිය. සහන මිළට පෝර දීම් පෙර පරිදිම ක්‍රියාත්මකය. තව දුරටත් රවටා ගන්නේත් රැවටෙන්නේත් අපමය.///

    ඉතින් බන් අපි ඒ කාලේ සමාජ ජාල වල කට කැඩෙන කන් කිව්වේ
    ඔය ණය වලින් තෙල් ගෙනත් පුච්චලා නාස්ති කරන එකවත් පිටි සීනි ණයට ගෙනත් කල රීලා යවන එකවත් නෙවෙයි කළ යුතු කියලා, මේකෙත් කමෙන්ට් කීයක් දැම්මාද?

    ණයට සොලාර් පැනල් බැටරි සහ ඉන්වර්ටර් ඩොලර් මිලියන් 250 ක් ගෙනාවනම් යුනිට් 30ට අඩු ගෙවල් ලක්ශ දෙකක් විතර සිස්ටම් එකෙන් අයින් වෙන එකෙන් මණ්ඩලේටත් වාසියි, ලෝඩ් එකත් අඩුයි

    Electric motorcyles එලෙcට්‍රික් බයික් සහ චාජින් සෙන්ටර් හදලා ඉලෙක්ට්‍රිෆයි සිරි ලම්කා කියලා කොරන්න තිබ්බා, රට පුරා එහෙමනම් තෙල් අර්බුදෙන් බාගයක් ගොඩ, බයික් ලක්ෂ දෙකක් ගේන්න යන්නේ ඩොලර් මිලියන් 250 ක් විතර, ඉන්දිලාවේ ඔලා එස් වන් එක නැත්නම් ටීවී එස් එලෙcට්‍රික් ස්කූටර් උනත් අවුලක් නෑ (Ola S1, TVS iQube, Bajaj Chetak, Ather 450X, Revolt RV 400), ඊළඟට ඩොලර් මිලියන 150 - 200 යූරිය පොස්පේට් පොටෑශ් පෝර ගෙනත් කාබනික එක්ක මික්ස් කරලා වගා ටික බේරගෙන සත්වාහාර එහෙම හදන්නත් වගා කරන්න බීජ එහෙම ගේන්න ඔක්කොම්ටම ඩොලර් මිලියන් 750 කින් හෝ උපරිම බිලියන් එකක් යයි, කොහෙද ගොබ්බ නඳේ බුකියේ විලාප තියපු මීහරක් හැත්තට බයේ ගම කෑවා, රනිලටත් දැක්මක් නෑ, අනිත් පක්ෂවල ඉන්න මන්ද බුද්ධික අනුර කුමාර පිස්සු මල හෝන්තුව/ මෝඩ පුතාණෝ ගොන් රිලාමොටා වගේ එක කාල කම්නි සක්කිලි මීහරක් එකෙටවත් රට වෙලා තියෙන්නේ මොකක්ද කියලවත් තේරෙන්නේ නැතුව වැල් බයිලා ගගහ එකම හොරනෑව ගගහ කාලේ කනවා, ඉතින් මොකෝ කොරන්නේ, රනිලා මේ මට්ටමෙන් ඇදගෙන යන්න පුලුවන් කෙනෙක්, එච්චරයි වෙන එච්චරවත් පුලුවන් එකෙක් නෑනේ දේශපාලනේ? ඉතින් මොකෝ කොරන්නේ?

    ReplyDelete
  5. ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවිත පවත්වාගෙන යෑම දුෂ්කර වුණා. දේශපාලන අර්බුදය මෝරායෑමත් සමග මේ ප්‍රශ්නය විසඳාගැනීම පිළිබඳව ජනතාව තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය වුණා, විශ්වාසය බිඳ වැටුණා. ඉතාමත් දුගී ජනයාගේ සිට, යම් මුදලක් අතේ ඇති අයට පවා මේ රටේ ජීවත් වීම දුෂ්කර වුණා. ඒ නිසා හැම මිනිසකුටම තම හිත ඇතුලේ, තමන් තුළ අරගලයක් කරන්න සිදුවුණා. දරුවන්ට තුන්වේල කන්න දෙන්න කුස්සිය තුළ අරගල කරන්න අම්මාට සිදුවුණා. තම ප්‍රමාණවත් නොවන ආදායමෙන් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද, කියන ප්‍රශ්නය තාත්තාට ආවා. රැකියා අහිමිවූවන්ට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ කොහොමද, කියන ප්‍රශ්නය ඇති වුණා. ගොවියාට පොහොර නොමැතිවීම, අස්වැන්න ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රශ්න ඇති වුණා. ඒ අස්වැන්න පවා නෙළන්න ඉන්ධන නැති වුණා. ධීවරයාට රස්සාව කරන්න ඉන්ධන නැති වුණා. ඇතැම් මධ්‍යම පාන්තික ජනතාවට, නාගරික මහල් නිවාසවල ජනතාවට ගෑස් හිඟය නිසා කෑම ටික උයාගන්න බැරි වුණා. ව්‍යවසායකයාගේ බැංකු පොලිය වැඩි වුණා. තරුණයාට රැකියා සහ අනාගත බලාපොරොත්තු අහිමි වුණා. ශිෂ්‍යයාට පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වුණා.

    මේ ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින් අපේ මුළුමහත් සමාජයම ප්‍රශ්න රාශියක් හේතුවෙන් අකර්මණ්‍ය වන තත්වයට ඇදදැමුවා. මේ තත්ත්වය තුළ තමයි ‘ගෝල්ෆේස් අරගලය’ නමැති අරගලයක් ආරම්භ වන්නේ. ඉහත කී ජනතාවගේ සාධාරණ ප්‍රශ්න, දුක්ගැනවිලි ඔවුන් ප්‍රකාශ කළා. සාධාරණ ප්‍රශ්න තිබූ පිරිස් සංවිධානය කරන්න පටන් ගත්තා. මේ අරගලයට සහාය දීපු දසදහස් සංඛ්‍යාත මිනිස්සු ගෝල්ෆේස් ආවේ තමන්ගේ සාධාරණ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන. ඔවුන්ට උවමනා වුණේ ඔවුන් මුහුණ දී තිබෙන අර්බුදයෙන් එළියට එන්න

    නමුත් දැන් ආරංචි වෙනවා, දෙමළ ඩයස්පෝරාවේ මුදල් මේ අරගලය සඳහා විශාල වශයෙන් වැය කරලා තිබෙනවා, කියා. කුස්සියේ හිටපු, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරිව පාරට ආපු අම්මාට, පොහොර ටික නැතිව ආපු ගොවියාට නොවෙයි මේ මුදල් ලැබුණේ. ඉන්ධන නැතිව, මුහුදු ගිහින් මාළු ටික ගේන්න බැරිව හිටිය ධීවරයාට නොවෙයි මේ මුදල් ලැබුණේ. එහෙමනම් මේ මුදල් ලැබුණේ කාටද, කියලා අරගලයේ හිටපු නායකයෝ කියන්න ඕනේ. දෙමළ ඩයස්පෝරාව ඉතා පැහැදිලිව කියනවා, ‘අරගලයට අපි මුදල් දුන්නා’ කියා. කටාර්වලින්, සෞදිවලින් මුදල් ලැබුණා, කියා ඔවුන් පැහැදිලිව පවසනවා. අරගලය තමන්ගේ කරගන්න හදපු, අයිතිකාරයෝ වෙන්න හදපු, ලයිසන් අයිතිකාරයෝ වුණු චණ්ඩීන් හිටියා. අද එකෙක් කට ඇරලා කියන්නේ නැහැ ‘අපට එහෙම කවුරුත් සල්ලි දුන්නෙ නැහැ’ කියා.

    ReplyDelete
    Replies
    1. එදා අනුර දිසානායක කීවා, ‘අපේ සමාජවාදී කලා සංගමය, සමාජවාදී තරුණ සංගමය තමයි අරගලයේ ඉදිරියෙන්ම ඉන්නේ. ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය ඒ සියල්ලමත් ඉන්නවා’ කියා. ‘මුළුමහත් අරගලයම අපේ’ කිව්වා. මුළුමහත් අරගලයම තමන්ගේ වුණාට ඩයස්පෝරාව ‘අරගලයට අපේ මුදල් ආවා’ කියද්දී, ‘අපට මුදල් ආවේ නැහැ’ කියා ඒක ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ප්‍රතික්ෂේප කරනවා අපි දුටුවේ නැහැ. අරගලයේ ‘ඉස්සරහම’ හිටියේ ජවිපෙ නම් ඔවුන්ට තමයි ඩයස්පෝරාවෙන්, සෞදියෙන්, කටාර්වලින් මුදල් එන්න ඕනේ. පෙරටුගාමීන් කීවා,’අපි තමයි අරගලයේ පෙරටුගාමී භූමිකාව ඉටු කරන්නේ’ කියා. ඔවුන් මොකක්ද අද මේ චෝදනාව ගැන කියන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලියි, මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවත්වීමේ අර්බුදය ගසාකාලා ඩයස්පොරාවේ සල්ලි, සෞදි, කටාර් සල්ලි ලබාගෙන යහතින් වැජඹුණු පිරිසක් ඉඳලා තිබෙනවා, ඒ මිනිස්සුන්ගේ දුක, වේදනාව, ආවේගය පාවිච්චි කරලා ජීවත් වුණු පිරිසක් ඉන්නවා, කියා, ඔවුන් මේ පිළිබඳව මේ රටේ මහජනයාට උත්තර බඳින්න ඕනේ.

      රටේ තිබුණු ආපදා තත්ත්වය යොදා ගනිමින්, රාජ්‍යය අස්ථාවර කිරීම සඳහා කරපු ඒ මැදිහත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු විය යුතුයි, ඒ සඳහා ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතුයි, කියා අප විශ්වාස කරනවා. අපි දන්නවා යුක්‍රේනයේත් මෙවැනි අරගලයක් ක්‍රියාත්මක වුණා. නමුත් එය ‘මයිදාන් පාක්’ එක තුළ පමණයි ක්‍රියාත්මක වුණේ. මාස ගණනක් පැවති එම අරගලයේදී ඒ රටේ අපරාධ නීතිය උල්ලංඝනය කළේ නැහැ. ඉන්දියාවේ ගොවීන්ගේ අරගලයත් මාස ගණනක් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ රටේ නීතිය උල්ලංඝනය කළේ නැහැ. නමුත් අපේ රටේදී රාජ්‍යයේ මර්මස්ථානවලට පවා කඩාවැදීමෙන්.දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු මුළුමහත් නීති පද්ධතියම උල්ලංඝනය කර තිබෙනවා, ඒ නිසා මේ අරගලය පිටුපස තිබුණු ‘බළල් අත්’ පිළිබඳව, ලැබුණු මුදල් පිළිබඳව ඇත්ත කරුණු සොයා ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. විශේෂයෙන් අරගලයට තමන්ගේ බඩගින්න ගැන හෝ සමාජ වෙනසක් ගැන හෝ හිතලා ස්වෙච්ඡාවෙන් ආපු මිනිස්සුන්ට අයිතියක් තිබෙනවා මේ ගැන දැනගන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා වහාම ‘ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ යුතුයි’ කියා. අපි දන්නවා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, USAID එකෙන්, NED එකෙන් මුදල් ලැබී තිබෙනවා, කියා. කිවිසුමක් ගියත් නිවේදන නිකුත් කරන සාලිය පීරිස්ලා මේ ගැන වචනයක්වත් කියලා නැහැ. ඇත්ත තොරතුරු දැනගැනීමට ඇති ජනතා අයිතියට ගරු කරලා, මේ සියල්ල පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ යුතුයි.

      Delete
  6. ඉතාම හොඳ විවරණයක්... ලංකාවේ පොදු ජනතාවගේ ආර්ථිකය කඩාවැටීමේ ඇරඹුම ඔබ මැනවින් වටහාගෙන විග්‍රහ කර තිබෙන ආකාරය අප සිත්ගන්නා සුළුයි. ඇත්තෙන්ම ඔබේ ඒ සටහනෙන් අපට බොහෝ දේ සිතන්නට ඉඩහසර ලබාදෙනවා. ස්තුතියි මාතේ

    ReplyDelete
    Replies
    1. කියන පළියටම අදහන්නත් හොඳ නෑ
      පෙර වැරදිත් මතකෙට ගන්නත් ඕනෑ
      පනින්ට පෙර හිතා බලන්නත් ඕනෑ
      නැත්තන් මස් කඩෙන් පිට නවතින්නේ නෑ!

      Delete
  7. පාතාල නායකයන් ස්වකීය ජීවිතයත් මරණයත් අතර සටන් වලදී හුරු පුරුදු පෞද්ගලික ගිනි අවිය රැගෙන යන්නේ නැත. ඔවුන්ගේ හිතවතෙකුගේ ගිනිඅවියක් ඉල්ලාගෙන යයි. එය ඔවුන්ගේ ධර්මතාවයකි.

    ReplyDelete
  8. සමන්ත භද්‍රට එරෙහිව
    අනඳසිරිය යයි පොලීසි
    රහතුන්ගේ අරගලයක්
    රහතුන්ගේ අරගලයක්

    රහතුන්ටත් හිමි අරගල
    අපට අහිමි ඇයි දැයි බල

    ReplyDelete
  9. Dear Mathalan, you can view, manage and check relevant charges of subscribed services for your connection, by simply dialing #678*6# or using the MyDialog App by visiting https://www.dialog.lk/ Thank you

    ReplyDelete
  10. ලංකාවේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව හෙළිදරව් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන හෙවත් ලංකාවේ රුපියල් 2500 කින් හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ඉතාමත් සාර්ථකව ජීවත් විය හැකි බවට රට බයිලා දෙඩවු 2500 හිඟන්නා නමැත්තා ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවීම් සිදු නොකර එම ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් නොකරන බව තවත් බයිලාවක් ගැහුවා නේද? ඒ කියන්නේ වන්දි ගෙවලා රජයේ ආයතන වල සේවකයන් ගණනාවක් ඉවත් කිරීමට සිදු වෙන බව ඉතාමත් පැහැදිලියි නේද?

    කලින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන්ට රජයේ ආයතන විකුණලා තියෙන අවස්ථාවලදීද එම ක්‍රමවේදය යොදා ගත් බවද පවසන ඔහු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල වල ඇති වන්දි සුත්‍රයට අනුව කටයුතු සිදු කරන බවද කියන්නේ මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  11. පහුගිය අවුරුදු 20 ක කාලය තුළදී ලංකාවේ පොදු ප්‍රවාහනය ඉතාම මන්දගාමීව දියුණු වුනේ, සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන එක හමාරක විතර තිරිඟු පිටි සීනි පරිප්පු ටින් මාලු හාල් මුං ඇට කඩල කව්පී ඉරිඟු සත්ව ආහාර පිටරටින් ගෙන්වන්න වසරකට ඩොලර් නාස්ති කළා, ඒ වගේම කිරි පිටි ගෙන්නන්න වසරකට ඩොලර් මිලියන 300 ක් විතර නාස්ති කරන රටේ ඒ විදියට නාස්ති කරල දාපු සල්ලි වලින් 10%ක් වත් දැම්මනම් අපිට අද වෙනකොට හැම දුම්රිය සේවයක් හා බස් සේවයක් ම ලැබෙනවා.

    කෝඅ ලංකාවේ ස්වයංක්‍රීයව යන්න බැරි වුණත් අඩුම තරමින් ස්වයංක්‍රීයව වැහෙන දොරවල් ඇති පුට්බෝඩ් නැති ඒ සී සහිත සුවපහසු දුම්‍රිය සහ බී ආර් ටී සැපපහසු සිටි බස් ආටිකියුලේටඩ් බස් රථ වගේ සේවාවන්?

    ඇත්තටම පහුගිය කාලේ ඇතිවුණ ඉන්ධන අර්බුදය නිසා දුම්රියේ මගී ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ලංකාවේ දැනට ධාවන තත්වයේ තියෙන්නේ දුම්රිය 60 කට ආසන්න ප්‍රමාණයක් විතරයි. ඉතින් දුම්රිය නවීකරණය කරන්න විදුලිකරණය කරන්න, නව දුම්රිය සේවා නැති කරන්න උනන්දුවක් නැහැ. හැබැයි අදටත් දුම්රිය මගින් රටේ සමස්ත මගීන්ගෙන් 8% – 10% ක් ගෙනියන දුම්රියට ඉන්ධන වැයවෙන්නේ සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් 1% – 2% ක්. ඒ නිසා මේ ක්ෂේත්‍රය නවීකරණය සඳහා අලුත් දුම්රිය එන්ජින්, දුම්රිය මැදිරි, ඒ වගේම විදුලි බස් රථ සිටි බස් සහ බී ආර් ටී රැපිඩ් ට්‍රාන්සිට් බස් ටර්මිනල් ඇති කිරීම සූරයපැනල මගින් දවල්ට බස් චාජ් කර සී ඊ බී එකට බරක් නොවී උදේටත් හවස සහ රෑටත් යන්න පුලුවන් විදිහේ ඉලෙක්ට්‍රික් බස් බැටරි සහ චාජින් සෙන්ටර් වලට පැනල් ඉන්වර්ටර් චාජින් කොන්ට්‍රෝලර් ස්විච්ගියර් කැපෑසිටර් බෑන්ක් සහ බැකප් බැටරි පද්ධ්ති චීනෙට ණය වෙලා හරි ගෙන ඒම සඳහා දැන්වත් ආණ්ඩුව විශාල ප්‍රාග්ධන ආයෝජනයක් කළ යුතුයි. නැත්නම් දිගටම අර්බුදේ තමයි, මිනිස්සු මොන ජාතියෙන් හරි සැප පහසු පොදු ප්‍රවාහන වලට හුරු කරගෙන බයික් ත්‍රීවීල් සහ පුද්ගලික වාහන භාවිතය උපරිම වශයෙන් සීමා කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. දැනට තියෙන පාරවල් ටික පුළුල් කරලා , කරන්න තිබ්බේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මක භාවය, වෙලාවට වැඩ කිරීම , මගීන්ට ලැබෙන සුව පහසුව වැඩි කිරීමයි.

      දැනට තියෙන පොදු ප්‍රවාහන ක්‍රමය , පුද්ගලික බස් එකේ ඉන්න කොන්දොස්තොර ඩ්‍රයිවර් අනුව වෙනස් වෙනවා 99%ම බස් වල ගාස්තු වැඩියි, සුව පහසුව 50-50, පොල් පටවන්න වගේ මිනිස්සු පටවනවා.අනික ටිකට් කඩන මැෂින් නැහැ. එකම තැනට එක එක දවසේ එක එක ගණන් .

      කරන්න තියෙන්නේ සියලුම පුද්ගලික බස් වලට ආදායම එක සමානව බෙදිලා යන විදියට කාඩ් SYSTEM එකක් දාන එක නැතිනම් , CITY බස් වල වගේ එක සමාගමක් හෝ දෙකක් යටතට සියලුම බස් ගැනීම. මේක තමා ජපානේ වෙන්නේ

      මිනිස්සුන්ට පොදු ප්‍රවාහනයේ ගෞව්රවයක් ඇතිව හොඳ සැපට සනීපෙට ආරක්ෂාකාරීව යන්න තියෙන්න ඕනේ. එතකොට මැනේජර්ලා , ලොක්කෝ ඔක්කොම ඕකට බහි.

      Delete
  12. මහත්තයාට කෙහෙතගේ අපලේද කොහෙද. නැවේ හිටියම නැව්කාරයෝ අරිනවා. ඔපිස් එකේ හිටියම උන් අරිනවා. බලු කපුටු දානයක් වත් දෙන්න බලන්න.

    එකතකින් හොද වැඩේ ඔහොම කටගොන්නක් බීගෙන බේබදු කමට ඉන්නවට.

    ReplyDelete
    Replies
    1. බලු කපුටු දානෙන් බෑ. පෙරේත ගොටුවක් තියලා සන්නියකුමක් නටන්න වෙයි.

      Delete
  13. //IMF එනතෙක් බලා ඉන්නා, නන්දලාල්//

    මෙතනදි තව දෙයක් කියන්න ඕනේ, ලංකාවේ ප්‍රචලිත විශේෂඥයන්ට තමන්ගේ ක්ෂේත්‍ර ගැන කතා කරන්න දීල හුදී ජනය පැත්තකට වෙලා ඉන්න ඕන කියන මතය මම පිළිගන්නෙ නැහැ. උදා: විදියට ගත්තොත් -කො- වි- ඩ් එ -න් -න -ත් ආපු කාලෙ කියපු දෙයක් තමයි මේ ගැන විශේෂඥ මතය අනෙක් අය ප්‍රශ්න කිරීමකින් තොරව අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන කියල. ප්‍රශ්නය කියන්නෙ විශේෂඥ මතය කියල කිසිම දෙයක් ගැන එක මතයක් නැහැ. සුළු පිරිිසක් හරි විශේෂඥයො ඉන්නවා වෙනස් මත දරන. ගොඩක් විට ඒ අයට මාධ්‍ය ආවරණය ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව දැනුමෙ තියෙන දේශපාලනය.

    ලංකාවේ ආර්ථිකය පාලනය කරන්න විශේෂඥ්යන්ගේ තීන්දු අනුව සිද්ධ වෙන ආර්ථික කාරණා ගත්තත් එහෙමයි. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශ වගේ ආයතනවල විශේෂඥයන් ඉන්නවා. ඒ ඉදලත් රටට කෙළ වෙලා තියෙනවා. ඔවුන්ට තීන්දු ගන්න නිදහස තිබ්බෙ නෑ වගේ වැල් බයිලා කතා කියන්න පුළුවන්. නමුත් ඊට වඩා මුලික හේතු තියෙනවා.

    ඕනම ක්ෂේත්‍රයක ගෲප්-තින්ක් එකක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නෙ හැමෝම පොදුවෙ පිළිගන්න මත තියෙනවා ප්‍රශ්නයට ලක් නොවන. එක්කො ඒගොල්ලන්ගෙ රැකියාව හෝ පැවැත්මම පදනම් වෙන්නෙ ඒ මතය මත නිසා. උදා විදියට ක්ලියිමේට් චේන්ජ් රිසර්ච් ෆන්ඩ් ලැබෙන යුනිවරස්ටි ඩිපාට්මන්ට් එකකට පැවැත්මක් නැති වෙනවා ක්ලයිමට් චේන්ජ් කතාවම ප්‍රශ්නයට ලක් උනොත්. ඉතිං ඒගොල්ලන්ගෙ රිස්ර්ච් අවුට්පුට් එක හැදෙන්නෙම කල්යිමට් චේන්ජ් කොච්චර අවුල්ද කොච්චර ඒ වෙනුවෙන් ක්ලයිමේට් ඉන්ජිනියරිං කරන්න ඕනෙද කියන එකම තහවුරු කරන්නයි. ඒ කරන තරමට තමයි ඒගොල්ලන්ට ඉස්සරහට තව ෆන්ඩිං ලැබෙන්නෙ.

    මේකට තව උදාහරණයක් ගත්තොත් ආර්ථිකයට මහ බැංකුවෙ බලපෑම අවම කරන ප්‍රතිසංස්කරණ උනොත් ඒකෙ වැඩ කරන ගොඩක් අයට රස්සා නැතිවෙයි, තියෙන බලතල අහිමි වෙයි, ඒ නිසා ඇත්තටම විද්‍යාවෙ ක්‍රමවේදයට වඩා වැදගත් වෙන්නෙ රිසර්ච් ෆන්ඩිං තමයි මේ වෙනකොට ලෝකයේ රිසර්ච් institutions වලදී. ඒ වගේම ෆන්ඩ් කරන්නෙ මොන ටොපික්වලටද කියන එක මත ඉදිරියට එන්නෙ මොන විද්‍යාත්මක මතයද කියල පහසුවෙන්ම තීරණය කරන්න පුළුවන්. ෆන්ඩ් කරන්න මොනවටද කියල කරන තීරණය විද්‍යාත්මක තීරණයක් නොව ආර්ථික හෝ දේශපාලනික කාරණා මත ගන්න තීරණයක්. ඒක බොහෝ විට තීරණය කරන්නෙ එක්සත් ජනපදය වගේ රටවල රාජ්‍ය දෙපාර්තමේන්තු (National Institution of Health - N.I.H.) හෝ ගෝලීය ආයතන (IBRD, UNO, WTO, EU, WHO වැනි). ඖෂධ ක්ෂේත්‍රයෙ වගේ සමහර ක්ෂේත්‍රවල සමාගම්වලින්ම ෆන්ඩ් කරනවා. ඒගොල්ලන්ට ෆන්ඩිං දීම හෝ නොදීම හරහා විද්‍යාත්මක මතය පාලනය කරන්න පුළුවන්. විද්‍යාත්මක සහ ඇකඩමික් ක්ෂේත්‍රය එක්ක බැදිච්ච විශාල ආර්ථිකයක් සහ කර්මාන්තයක් තියනෙවා. නැතිව විද්‍යාඥයො තමංගෙ ගෙවල්වල පරීක්ෂණ නලවලින් පරීක්ෂණ කරනවා නොවේ. අවසානයෙ රිසර්ච් ග්‍රාන්ට් සහ ෆන්ඩිංවලට ප්‍රධාන ධාරවෙ විද්‍යාත්මක මතවාද ඌනනය වෙනවා.

    ඔය මොනවත් නැතත් මනුෂ්‍ය ස්වභාවය මතම එක් එක් පුද්ගලයින් එක එක මතවලට ඇලෙනවා. යම් ක්ෂේත්‍රයක දිගින් දිගටම ඉන්නකොට අනෙක් දේවල් පේන්නෙ නැති ටනල් විශන් එකක් ඇතිවෙන්න පුළුවන්.

    ඒ නිසා මේ වගේ එකක් ප්‍රශ්න කරන්නනං සිස්ටම් එකට පිටිං ඉන්නම වෙනවා. මොකද පෙරහැරේ යන අයට පෙරහැර පේන්නෙ නෑ කියනවානෙ. නමුත් බොහෝ විශේෂඥයන් ඉන්නෙ සිස්ටම් එක තුළ. උදා විදියට සමහර විට වෛද්‍යවරයෙක් එ- න්- න- ත් පිටුපස ඇති විද්‍යාව ප්‍රශ්න කරොත් එයාගෙ මෙඩිකල් ලයිසන් එක නැතිවෙලා රස්සාවත් නැති වෙනවා. ඉතිං කට වහගෙන ඉන්න වෙනවා.

    අපි වගේ නූගත් වරනොලත් ලැයිසන් නැති හුදී ජනයාට ඒ වගේ ප්‍රශ්න නැති නිසා වඩා නිදහසේ අදහස් පළ කරන්න පුළුවන්. ළමා රෝග විශේෂඥයෙක්ට එ -න් -න -ත් ගැන අතුරු ආබාධ ගැන නිදහසේ පරික්ෂණ කරන්න හෝ හිතන්න බැහැ. එහෙම කරල එයාගෙ රස්සාව කරන්න බෑ. තමන්ගෙ පැවැත්මම අභියෝගයට ලක් වෙනවා එහෙම කරන්න ගියොත්.

    මෙතනදි අපි වගේ නූගත් හුදී ජනයාට සමහර විට ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ උනත් ප්‍රශ්න කිරීම විය යුතු දෙයක්. මොකද නැත්තං මේ කිසි දෙයක් හරියට ප්‍රශ්න වෙන්නෙ නැහැ. යම් ආකෘතියක් ඇතුලේ බොහොම සුපර්ෆිශලු ස්පේශල් විදිහට Superficial/ Spatial විදියේ ප්‍රශ්න කිරීමක් වෙන්න පුළුවන්. ඒකෙන් එතරම් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. මේ නිසා පොදු ජන විචාරය ප්‍රවර්ධනය කළ යුතුයි අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  14. වසර පනහක් විතර ඉපැරණි පොතක් සිහිවෙයි මේ වෙලාවේ
    පොතේ නම නං අහල ඇති 'අවලස්සන ඇමෙරිකානුවා' වේ
    තවත් ඒ වගෙ පොත් තියෙනවා, එකිනෙකාගේ බොරුව කියැවේ
    ඔය හැමෝමත් මී කඩන්නේ, අත ලොවන්නද? කියා සිහිවේ

    ReplyDelete
  15. ලංකාවේ UK, US, NGO බැක්ඩ් Goපයියන්ගේ වියරුව (හැම එකාටම Go, Go කියන) බහුතර පොදු ජනතාව විසින් අනුමත නොකරයි.

    ගෝපයියන් (ජවිපෙ, පෙරටු, රැට්ටු, අන්තර්) තීරණාත්මක ලෙස පරාජය කර සටන පොදු ජනතාව අතට ගත යුතුය.

    ගෝපයියන් බටහිර කෙමනකි. Goපයියන්ගේ ප්‍රචාර වලට රැවටෙන්නේ දුර්වල, මුග්ධ සිපයියන්ය හා පොහොට්ටුවන්ය.

    ReplyDelete
  16. අනුර කුමාර දිසානායක එදා අගමැතිකම ගත්තනම් අද විධායක ජනැධිපති. රට හැදීම කොහොම වෙතත් පුන්චම්මට තනතුරක් දෙන්න තිබුණා. දෑන්නම් ඉතින් මේකපේදි ආය හම්බුවෙන්නෙ නූහැ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න