.

.

Apr 9, 2022

කලින් ලියූ දෙයක් නැවත ලියමි.

 


මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම්,

🔺 1. එක්කෝ විදෙශ් රාජ්‍යයක් රට පාලනය කළ යුතුය.

🔺 2. නැතිනම් විදෙස් ආයතනයක් රට පාලනය කළ යුතුය.

මෙය මාතලන් විසින් මීට පෙර කිහිප අවස්ථාවකම ලියා ඇත.

ඒ ඇයි?

මෙතෙක් රට පාලනය කළ දේශපාලුවන්ද, නිළධාරීන්ද සියල්ලෝම පට්ට ෆේල් ය. එය පිලිගැනීමට දෙසරයක් කල්පනා කළ යුතු නැත. 

එමෙන්ම විපක්ෂයේ ඉන්නා සියල්ලන්ටමත්, විසිල් ගහනා සිවිල් ක්‍රියාකාරින්ටත්, මේ රට ගොඩගැනීමේ කිසිඳු සැලැස්මක්, ක්‍රියාදාමයක්, වැඩපිලිවලක් හෝ අදහසක් ඇත්තේ නැති බවත් ඉතා පැහැදිලිය.

දැන් උන් සියල්ලෝ ඉන්නෙ අඥකොරොස් වී මොළේ කුරුවල් වී පිස්සු තද වෙලාය.

උන් සියල්ලෝම කරන්නේත් ටික් ටොක් කරපු පොඩි උන් හා රැලේ වැටී "ගෝ ඝෝඨා ගෝ" කියනා එකම විතරය.

බව්වෝ රැලේ වැටෙනා කාළයටත් මෙසේමය. එකෙක් උඩු බුරන්නට පටන් ගත් විට ගමේම ඉන්න බව්වෝ උඩු බුරනවාය. ඒකට ස්ට්‍රීඩ් ඩෝග්ස්ද පොෂ් ඩෝග්ස්ද කියා අවුලක් ඇත්තේම නැතිය.

ඝෝඨා ගියා කියා මේ අර්බුදය විසඳෙයි නම්, මාතලන්ටද පාරට බහින්නට කිසිම අවුලක් ඇත්තේ නැතිය.

එහෙත් එසේ පාරට බැස..., ගේන්නට කිසිවෙක් නැතිය. කලින් කිහිප වරක්ම කියා ඇති පරිදි, ඝෝඨා මේ රට හැදුවේ නැත්නම් හදන්නට එකෙක් ඇත්තේත් නැතිය. එට අද ඇස් පනාපිට ඔප්පු වී අවසානය.

▪️ බැසිල් යටතේ සිඳුවීමට ගියේ අංක එකයි.

එය එතරම් නීරස එකක් නොවූවත්, IMF යෝජනා ක්‍රියාත්මක නොකර, ඉන්දියාවේ උදව් උපකාර හා ආයෝජකයින්ට ඉඩ ප්‍රස්තාව ලබා දී, ගොඩ ඒමේ චෑන්ස්සෙකක් තිබිනි. (බැසිල්ට 10% ක් යාම වෙනම කතාවකි. 😁)

උදා - ඩුබායි, සිංගප්පූරුව විශේෂයෙන් මහතීර් මොහොමඩ් ගැහුවේ මෙහෙම ගේමකි.

▪️ මේ මොහොතේ සිඳුවෙමින් තිබෙන්න අංක දෙකයි. 

එය අධික මාත්‍රාවකින් භාවිතා කළ යුතු, අධික තිත්තෙන් යුතු බෙහෙතකි.

කැපකිරීම්, අහිමිවීම්, බොහෝ අධිකය.

නමුත් වසරකින් පමණ ගොඩ ඒමේ චෑන්ස් එකක් ඇතත්. එය තීරණය වන්නේ ලාංකිය දේශපාලන ස්ථාවරත්වය හා දේශපාලුවන්ගේ බුද්ධිය අනුවය. 

ඒ බව ඉතා පැහැදිලිව ජනතාවට තේරෙන වචනයෙන් කිව්වේ සැන්ට්‍රක් බැංකුවේ නිව් ගවනර් ආචාර්‍ය නන්දලාල් වීරසිංහ උන්නැහේය.

මාතලන් නම් කියන්නේ, IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී, ජේ ආර්ගේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගොස් රටේ උද්ගතවූ භීෂණ යුගය නැවත ඇතිවීමේ ප්‍රවනතාවය ඉතා ඉහළ බවය.

උදා - ලෙබනන්

ඒ එසේ යැයි කියා අසුබවාදීම විය යුතු නැත්තේ, IMF යෝජනා ක්‍රියාත්මක කරමින් ගොඩ ආ රටවල්ද බොහෝ තිබෙනා නිසාය.

උදා - ඉතියෝපියාව, ඝානාව, මාලදිවයින 

එහෙත්, විධායක ජනාධිපති ධූරය ශක්තිමත්ව පවත්වාගෙන යා හැකි නම්, ඊට ජාත්‍යන්තරයේ සහාය ලැබේ නම්, රටට හොඳ කලක් උදාවනු ඇත. එය සිහිණයාක්ම පමණි. විය හැක්කේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි.

ඇත්තටම මේ රට මහා අවාසනාවන්ත රටකි.

උගත් යැයි කියනා උන්ටද මේ කිසිවක් නොතේරී, අමන මදන තරුණ කැළ හා වැටි පිස්සු කෙලීම පෙන්වන්නේ රටේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ගෝත්‍රිකත්වයම පමණි.

(තරුණ ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණ පෙලපාලී පැවැත්වීමට මාතලන් කිසිසේත් විරුද්ධ වන්නේ නැතිය. නැත්නම් උන් තරුණ තරුණියෝ නෙමේය. මාතලන් උන්ට කින්ඩිය දමන්නේ අත්දැකීම් ඇති වැඩිහිටියකු ලෙස උපදෙසක් දීමේ අටියෙන් පමණි. උඹලාගේ ආතල් එක උපරිමයෙන්ම ගත්තාට මගේ කිසිම අවුලක් ඇත්තේ නැතිය.)

මේ අවු අස්සේ, ආගමික අන්තවාදයද කිසිඳු හිරිකිතයකින් තොරව බොරදියේ මාළු බාමින් සිටි. එය ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමක් මිස නිවා දැමීමක් නොවේ. ඒවා දැක්කාම නම් බඩ දඟලා ඔක්කාරයටම එන බව නොකියා සිටිය නොහැකිය.

ඉදිරි වසර සුභ නව වසරක් වේවා කියා පතන්නේ මේ කිසිවක් නොදත් අඳබාලයෝය.


ඒ වගත් මෙසේය.


.

28 comments:

  1. සම්පූර්ණ ඇත්ත මාතා, ලංකාවේ නාගරික සහ මධ්‍යම පාන්තික ජනතාව මේ දවස්වල බඩු මිල ඉහල යාම සහ ලංකාවේ ඉන්ධන ගෑස් සහ විදුලි කප්පාදුව නිසා දැඩි පීඩාවට පත් වෙලා, ගම්බද ජනතාව පොහොර හිඟය සමග විදුලි කප්පාදු කිරීම සහ ඩීසල් හිඟය නිසා අමාරුවේ වැටිලා තියෙන්නේ. හැබැයි ඉතින් බහුතර ජනතාව ගැන මගේ නිරීක්ෂණ වලින් පේන්නේ මිනිස්සුන්ට අඩුපාඩු තියෙනවා වුණත් එහෙමයි කියල මිනිස්සු ලෝකල් අලුත් අවුරුද්ද සමරන්නෙ නැතුව ඉන්නෙ නෑ.... මම ලංකාවට නිවාඩු ඇවිත් මේ දවස්වල ඉන්නේ අපේ තාත්තලාගේ මහ ගෙදර, ඒ කියන්නේ හද්ද ගමක... මම හිතන්නේ මේ කියන විදිහට ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්න වලින් 25% වත් දැනෙන්නෙ නෑ.... බඩු ගනන් තමයි ඒ උනාට රුපියල් 100 ට ගත්තු තේ දලු කිලෝ එක දැන් 145 න් උඩ.... (මම ඉන්නේ මතුගම ආසන්න ගමක... මේ අවට තේ ෆැක්ටරි වල හැම එකේම 145-148 අතර ගෙවනවා) ගිය අවුරුද්දෙ රු. 2800/= ට ගිය කුරුදු කිලෝ එක...දැන් රු. 3600/= අවුරුදු දෙක හමාරක් විතර කලින් 2019 විතර මම ආපු කාලෙ පාස්කු නානා වියට්නාම් වලින් ගෙනත් ලංකාවේ කියලා ප්‍රති අපනයන කරපු එකෙන් රු. 300/= ට බැස්ස ගම්මිරිස් කිලෝව දැන් 1400/= කලින් කුලී කාරයෙක් රු. 1,000 - 2,000/= ගත්තා දවසට... දැන් නුපුහුණු සාමාන්‍ය කලාකාරයෙක් රු. 2500 /= ගන්නවා... කෑම නැතුව 3000/= පුහුණු විශේෂ දක්ෂතා ඇති අය රූ. 6,000 - 7,000 ගන්නවා. ඕව කවුරුත් කියන්නෙ නෑ.... හැබැයි ප්‍රශ්න නෑ කියන්න බෑ.... ඒත් අවුරුද්ද සමරනවා ඒ මිනිස්සු...

    හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා තේ වලට පොහොර ෆැක්ටරි එකෙන් දෙන්නෙ... කලින් අපි අක්කරේකට කොට්ට 6 දැම්මා.....දැන් ගණන් නිසා කොට්ට තුනක් දානවා කොම්පෝස්ට් එක්ක කලවම කරල....but slmost same result.. ඒ හින්ද ලොකු අවුලක් නෑ....ඒත් මහ හෙල් වල කඳුකර ගල් පසේ වවන තේ වලට නම් අස්වැන්නේ අඩුවක් තියෙනවා...කලින් අක්කරේකට කිලෝ 600 - 610 වගේ කැඩුවා...දැන් ඒක 450 - 520 ට වගේ බැහැලා....

    ආණ්ඩුවේ සේලස් රෙප් තොල්බරියා යූරියා මිටිය 12,000 ට දෙන්න සෙට් කරනවා කියලා පහුගිය කාලේ පුරාම පොර ටෝක්ස් දුන්නා ඒත් දැන් රු. 13,500 ක්, ඒ ගානට ගන්න කට්ටිය ඉන්නවා ඒත් හිඟයි, ඩොලර් කේස් එක ඉක්මනට විසඳා ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් අමාරුයි.

    ReplyDelete
  2. මාතා මේක දැක්කද? මේ මල සමයම එළවපු එක ඉතාමත්ම වටිනවා ඒත් ලංකාවෙන් පිට ඉන්න ලාංකීය ජනයා ලංකාවේ ඇතුලේ ඉන්න එවුන්ට හපන් වගේ නේද පේන්නේ?

    https://youtu.be/5IG1s-DmxY0

    මොකද මේක ගැන හිතන්නේ?

    ReplyDelete
  3. අඩෝ මාතා මේ සීන් එකේදි සමහර අය හැසිරෙන විදිහ සුදුසු නෑ. ඇත්ත ප්‍රශ්නය යට ගිහින් දැන් ����

    මෙච්චර හොට බිම ඇනිච්ච වෙලාවෙත් උඹලට තියෙන එකම ප්‍රශ්නේ දේශපාලන වෛරේ පිරිමහගන්න එක විතරයි නම් උඹලා වගේ උගත්තු බුද්දීමත්තු ටිකක් ඉන්න රටකට අබ සරණයි.

    ඒත් උඹලා දැන් හැසිරෙන විදිය දැක්කම තමයි තේරෙන්නේ මේ වෙලාවෙත් ගොඩක් උන්ට ඕනේ වෙන තම තමන්ගේ පෞද්ගලික ඇරියස් එකක් කවර් කරගන්න මිසක් රටට වෙලා තියෙන දේ ඇහැක් ඇරලා බලලා විසදගන්න නෙමෙයි කියලා. තමන් අකමැති පක්ෂය එලවලා තමන් රෙදි නැතුව කඩේ යන පක්ෂය පමණක් බලයට ගේන එක වගේ පටු අරමුණු වෙනුවෙන් සැබෑ ජන අරගලය භාවිතා කරන එකයි වරද.

    දැන් බලපන් මාතා පහු ගිය අවුරුදු දෙකට උඹලා මෙහෙම බුකියේ රගළා මිනිස්සු පාරට බස්සලා කරපු අරගල නම් කොච්චරක්ද ? එක පාරක් වැල් පාලමකින් ඉස්කෝලේ යන ළමයි ඉන්න ගමකට පාලම එක්ක පාර හදල දෙනවට උඹල රැගුවා ඒක එපා... ඒ මිනිස්සු ගමෙන් එලවන්න කිව්වා... ඊළඟට කාගේද පෞද්ගලික ඉඩමක ගෙයක් හදනවට පච වට්ටෝරු ගණන් ලියලා භාග්‍ය ද කවුද කෙල්ලෙක් මාකට් කරලා නුතන විහාරමහාදේවි කියලා උද්ගෝෂණ කරලා අන්තිමට ඒ මිනිස්සු ඒ ඉඩමේ හදාගත්ත බැම්මක් කඩවලා දාල ප්‍රීතිය සැමරුවා... ඊළගට ගහකට රෙද්දක් දාල පිරිත් කියලා අත්‍යවශ්‍ය Highway එකක් හදන එක නැවැත්තුව... ඒ ගහ ගලවල වෙන තැනකින් හිටවල පාර හදන්න හැදුවා...
    උබලගේ උද්දච්ච කම ඒකත් නැවැත්තුව...

    ඊලඟට 2020 පලවෙනි ලෙඩා හම්බවෙනකොටම රට වහපියෝ කියල නටල මාස හයක් විතර ගෙදරට වෙලා කකා බිබී පඩි ගත්තා... බස් දාල ගර්මෙන්ට් කෙල්ලෝ ටික හරි වැඩට ගෙන්නලා රටට ඩොලර් ටිකක් ගෙන්නන්න හදනකොට කොරෝන හදන්න හදනවෝ කියලා එකටත් බුකි උද්ගෝෂණ කලා.. මේ හැම විදියම්කිනම උබල නැවැත්තුව උබලට කන්න තියෙන මේ රට ලබන අදායම... කොටින්ම රටට එන්න තියෙන ඩොලර්... ඊට පස්සේ යන්තම් මස තුනක් විතර රට function වෙන්න ගන්නකොට ආයෙත් කොරෝන එනවෝ රට වහපියෝ කියල උද්ගොෂණ කළා..

    ආණ්ඩුව කිව්ව එකම දේ ආර්ථිකේ... ආර්ථිකේ... උබලට තේරුනාද..? යන්තම් ඩොලර් ටිකක් හොයාගන්න tourism bubble concept ඒකට කරන්න හැදුවා.. උබලා ඒකටත් විරුද්දව ලිව්වා... බුකි රැලි හැදුවා... පොලවේ උද්ගෝෂණ කළා... ඊට පස්සේ මස ගානක් පඩි වැඩි කරගන්න පාරවල් ගානේ උද්ගෝෂණ... එකක් ඉවර වෙනකොට එකක්... ආණ්ඩුව කිව්වේ ඒත් ආර්ථිකේ... ආර්ථිකේ... උඹලට තේරුනාද...? උඹල මේ අවුරුදු දෙකටම කලේ කැටේ කඩන් කාපු එක මිසක් එක සතපහක් උපයන්න ඉඩ දුන්නද..?

    දැන් වත් තේරෙනවද කැටේ කඩන් පඩි වැඩි කරගත්තට ඩිසල් ගෑස් පෙට්‍රෝල් ගන්න වෙන්නෙත් ඒ කැටේ තියෙන සල්ලි වලින්ම තමයි කියලා..? දැන් ඒ අතට ගත්ත පඩියෙන් ගන්න ඩිසල් ගෑස් පෙට්‍රෝල් විදුලිය නෑ නේද? බඩු මිල ඉහලයි නේද ? ඒක තමයි කිවේ මේ ඒකට කාලේ නෙමයි කියලා..

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රශ්නේ ඇවිත් නහයේ වැදිලා උබලට පෝලිමේ ඉන්න උනාම, AC එක, Fan එක නැතිවුණාම කළුවරේ ඉන්න උනාම විතරක් උඹලට ආර්ථිකේ පේන්න අරන්... ඇයි කලින් කිව්වේ නැත්තෙලු...?

      ඇයි... කිව්වනං උමබලා එකතු වෙනවද ටික දවසකට එක ගොඩ දාගන්නකම් කැප කිරීමක් කරන්න... උබල ඉවසනවද ආණ්ඩුව කිව්වනම්... ඊළඟ මාසේ ඉදන් අපිට ඩිසල් ගෑස් ගන්න සල්ලි නෑ... අපි ඒ හින්ද industry වලටයි හොස්පිටල් වලටයි පොදු ප්‍රවහනේය්ටය් විතරයි ඒවා දෙන්නේ... මාස 6 කට ඒ දේවල් පෞද්ගලික පරිහරණයට දෙන්නේ කෝටා ක්‍රමයකට විතරයි... සීමාසහිතවයි... මේ ආර්ථිකේ recover කරනකම් කිව්වනම් උඹලා ඉවසනවද...? උඹලා තෙරුන් ගන්නවද උබලා කන්නේ උබලා රටක් විදියට හම්බ කලොත් විතරක් කියලා... උබලගේ දරුවෝ ගැන දැන්වත් ඇත්ත රුදාවක් තියනවනම් දැන්වත් නැවතිලා තෙරුන් ගනින් උඹලා රටක් විදියට හම්බකලොත් විතරයි කන්නේ කියල... තනියම නෙමෙයි...

      සිරිසේන උත්තමයා හදපු ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිය හැටි දැන්වත් තෙරුන් ගන්න බලපන්... රටට වෙනසක් ඕන වෙලාවක කිසිම දෙයක් කරන්න බැරි වෙන්න හිර කලේ ඒ ව්‍යවස්ථාවෙන්... දැන් ගෝට ගියොත් ඊට පස්සේ එන ව්‍යවස්ථා අර්බුදයට උබලට දැන් තියෙන ආර්ථික අර්බුදේ අමතක වෙයි... උබල කොහොමත් කලින් කිව්වට තේරෙන් නැති එවුන් පිරිසක් නේ... ඒකත් ඕනනම් අත්හදා බලලම දැන ගනින්... එහෙම තමයි උබලා...

      උබලගේ wall වල උඩපහල ගිහින් බලපන්... උබල කලේ ඔය එන හැම රැල්ලකට ම කොන් වෙන්න බයේ උඩ දාල ගහපු එක මිසක් උගත්තු බුද්දීමත්තු කියාගෙන ඉහලම ස්ථරයේ ඉන්න එකෙක්ගේ වගකීම නෙමයි... උබල කවදාවත් බැලුවද ප්‍රශ්නේ අනික් පැත්ත.. විමසුවද ... කාබාසිනියා රැලිම හදල වීරයෝ උනා මිසක් රටට වැඩක් වෙන් නෑ... උඹලගේ ගෙදර කැටේ නෙමෙයි රටේ කැටේ පුරවන්න මොනවා හරි motivation එකක් දුන්නද එක වචනෙකින්..

      මල්වානේ ද මැදමුලනේද කාල්ටන් ද උගන්ඩාවේද හංගල තියෙන වස්තුව අරන් රටට ගැසුයි ඩිසලුයි ගන්න, ඩොලර් ගන්න හිතනවනම් උබලා උගත්තුද... 8 පාස්ද ?

      හොදම එක තමා income tax වැදෙනවට බයේ බැංකුවට නොදා අතට සල්ලි ගන්න කට්ටිය එකතු වෙලා මැති ඇමතිලටයි එයාලාට ඕන විදියට සමහර රාජ්ජය නිලධාරීන්ටයි විගණන ඉල්ලන එක...

      උඹලගේ වගේ උගත්තු ඉන්න රටකට පාලකයෙක් අවශ්‍ය නෑ... ඉදලා වැඩකුත් නෑ.... මොකද මොකා ආවත් උබලා ඊට වැඩිය ගොඩාක් දන්නවා... ඒ නිසා හොඳම දේ තමයි සකර්බර්ග් ට කියල බුකියටයි, cnews, enews සහ නානාවිද ගොසිප් site වලට connect කරලා computer system එකක් හදලා එක අධිකරනේටයි, පොලිසියටයි රාජ්‍ය සේවා කොමිසමටයි connect කරලා likes ගාන වැඩි වෙන විදියට ඉබේ function වෙන system එකක් හැදුවනම් හරි... ඒවගේ එකක් තමයි උබලට රට පාලනයට හරි යන්නේ... එතකොට ඕන එකෙක්ට රගල කැමති විදියට කරගත්තකි...

      Delete
    2. හුකන කලට පක මිහිරිය මී සේ. ටික කලෙකින් බඩ ලොකුවෙයි මහසේ. වදන කලට දුක වැඩිවෙයි ගිනිසේ.
      හුකන්නෙ නැතිව ඔබ ඉන්නකො මාතේ!

      Delete
    3. ඇනෝ 8.28 AM,

      උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි ඒත් මේ වෙලාවේ උද්ඝෝෂණ කරන අයගෙන් යම් දේශපාලන ආධාරකරුවන් ඇරුණහම අනෙක් කට්ටිය ගෙදර නිකන් ඉන්න බැරි කමට ආතල් එකට ආව නෙමෙයි හැමෝම. කවුරුහරි මේ වෙලාවේ අරගලය දියාරු කරන්න උත්සාහ කරනව නම්, තව ටික දවසකින් සල්ලි කන්න බැරි බව තේරුම් ගනී. මිනිස්සුන්ට මහන්සිය දැනෙනවා... ගෙවල්වලට යන්න ඕන. ගෙවල් වල AC එකේ ඉඳන් කරන එකක් නෙමෙයිනෙ... මොකද දේශපාලකයා සහ ඒ බලය භුක්ති විඳින හිතවතුන් හැර මේ ආර්ථික ප්‍රශ්නයේ වින්දිතයෝ

      ඒ වගේම තමයි මේ අය කාලය නාස්ති කිරීම නවතා රටේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සෙවිය යුතුයි. රටට තවත් සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා මෙන්ම හුදෙක් දේශපාලකයන් පමණක් නොව රජයේ ආයතන නිලධාරීන්ගේ වැරදි වලටත් එරෙහිව සටන් කරන එක අවශ්‍යයි, උදාහරණයක් විදියට ලංවිම ඉංජිනේරුවන් ඉලක්ක කර සූර්ය බලශක්ති ව්‍යාපෘති අනුමත කරන ලෙස ඔවුන්ට බලපෑම් කරන්න ඕනේ. දැනට කරගෙන යන උද්ඝෝෂණ වගේම රටට ඩොලර් එවන එක නතර කරන්න කියලා පිටරටවල ඉන්න කට්ටියට කරන බලපෑම් හරියට මූණත් එක්ක තරහවෙලා නහය කපාගන්නව වගේ වැඩක්, ඔය මෝඩ මීහරක් වැඩ නිසා දුප්පත් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනව මිසක් ඊට එහා දෙයක් නම් වෙන එකක් නෑ....... ඒ වගේම තමයි උද්ඝෝෂණ තියල යන්න කිව්ව පලියටම රටවල් වල නායකයො එහෙම යන්නෑ නේද? හිතපන් ගොඨා ගියා කියමු එතනින් එහාට කොහොම ද මේ තත්ත්වය කළමනාකරණ කරගන්නෙ.....? දැනටමත් ලංකාවේ මිනිස්සුන්ට යන එනමන් නැතුව ඉන්නෙ

      Delete
  4. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සම්බන්ධ සිය කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) නිකුත් කර ඇත.. එය කියවා අවසන් වෙනකොට ඉඳිකට්ටක් වත් දේශීයව නිපදවා ගැනීමට උනන්දු නොවූ, ණය සහ එහි ප්‍රතිවිපාක ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැති, වසර 74 ක් දේශපාලකයාම සිය ගැලවුම්කාරයාද වනු ඇති බවට සිතා සිටි මෝඩ සහ උද්දච්ච ජාතියක ඉරණම මේ වන විට තීරණය වී හමාරය..

    තවමත් මුග්ධ ලාංකික සමාජයට රට ගමන් කරමින් සිටින දිශානතිය පිලිබඳ සහ එහි අවසන් ප්‍රතිඵලය පිලිබඳ කිසිදු ආකාරයක අවබෝධයක් නොමැති බවක් පෙනී යයි.. මේ දවස් වල අලුත් අවුරුද්ද කියා පවසමින් තවමත් විශාල වශයෙන් ඇඳුම් කඩවල පොරකන මුග්ධ මිනිසුන් මම දකිමි.. තවමත් කොටස් වෙළඳපළ සේරිවාණිජලාටත්, විවිධාකාර පිරමිඩ බිස්නස්කරුවන්ටත් අසු වී සිට්න මිනිසුන් මම දකිමි.. මේ ලිපිය ලියන්නේ මේ IMF වාර්තාව සහ සම්පූර්ණයෙන්ම බංකොලොත් වී විනාශ වූ රටක පුරවැසියෙක් සතු සමාජය පිලිබඳ ඇති කියවීම එකතු කර ඔබට තේරෙන භාෂාවෙන් වෙන්න යන දේ ඔබට පැහැදිලි කර දීමටයි.. මෙය ඔබද කියවා, ඔබ දන්නා අඳුරන අනිත් අයටද පැහැදිලි කර දෙනු ඇති බව මම විශ්වාස කරමි..

    මේ 2022 අප්‍රේල් මස අගභාගයේදී පටන් අරන් මැයි මාසය පමණ වනවිට ලංකාවේ මධ්‍යම පන්තියට හික් ගෑවෙනු ඇති.. මෙහිදී මධ්‍යම පන්තිය ලෙස මා අදහස් කලේ රජයේ වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන් සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන්, රජයේ සහ පුද්ගලික අංශයේ වෘත්තිකයන්, පුද්ගලික අංශයේ විවිධ රැකියාවල නිර්ත වන්නන් සහ විවිධ ස්වයං රැකියා වල නිරිත වන ජනතාවය.. මේ වනවිටත් ඉන්ධන, ගෑස්, කිරිපිටි, සීනි, පරිප්පු ආදී ආනයන කරන බඩු මිල ඩොලරයට සාපේක්ෂව ක්‍රමිකව විශාල වශයෙන් දෛනිකව ඉහල යෑම සිදු වන අතර මිල සූත්‍රයකින් පාලනය නොවන (දැඩි ලෙස පිස්සු නැටූ දූෂිත ආණ්ඩුවක සිටිය දූෂිත දේශපාලකයකු වූ මංගල සමරවීර IMF උපදෙස් මත පදනම්ව ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාවේය.. ඒවාට රෙදි කරේ තියාගෙන හිනා වුනේ එබඳුම දූෂිත වීරවංසලා, ගම්මන්පිලලාය.. ඒවා අනුමත කර ඔවුන්ට කතිරය ගැසුවේ ලංකාවේ හිටපු ඔබලාය.. ඒ පව් ඔබලා තෙල් පෝලිම් වල සිට මේ වෙද්දි ගෙවනු ලැබේ.. හැමදෙයක්ම හේතුවක් සහ ඵලයකි.. ) ඉන්ධන මිල ඔබට දරා ගැනීමට නොහැකි මට්ටමකට ඉහල යනු ඇත.. විදුලි ඒකයක නිපැයුම් පිරිවැය වියදම් පියවා ගැනීමේ මට්ටමට විදුලි බිල් විශාල වශයෙන් ඉහලට දමන ලෙස දැනටමත් IMF එක යෝජනා කර ඇති බැවින් කණකර උකස් කොට විදුලි බිල ගෙවීමට සිදුවිය හැකිය (Cost Recovery based Energy pricing is needed to mitigate fiscal risks from state own Enterprises) .. එම නිසා ඉක්මනින් සූර්ය බල පද්ධතියකට මාරු වීම ඉතාම යෝග්‍ය වන අතර විදුලිය මිල වැඩිවීම නිසා ජල බිල්පතද වැඩි වනු ඇත.. ඔබේ නිවසේ පැරණි ලිඳ දැන්ම පිරිසිඳු කරවාගන්න..

    මේ වන විට ලංකාවේ අපේ නිවසේ වාහන 3ක් භාවිතයට ගනු ලැබේ.. මෙම වාහන 3ම අපි දිනපතා ප්‍රයෝජනයට ගන්නා නිසා ඒවයින් අපිට ප්‍රතිලාභ ඇත.. නමුත් දිනපතා භාවිතයට නොගන්නා නමුත් විශාල ෆිනෑන්ස් ගෙවමින් හෝ කර්මාන්තයකට යෙදවීමට හෝ නැත්නම් තමන්ගේ තත්වය පෙන්වීම උදෙසා මිලදී ගත් බොහෝ වාහන මේ මොහොතෙත් නිවෙස් වල නිකරුණේ නවත්වා ඇත.. අඟහිඟකම් වැඩි වෙද්දි මුලින්ම විකිණෙන්නේ වාහන නිසා ඉදිරියේදී මෙම වාහන වෙලඳපොලට පැමිණීමට ඉඩ ඇත.. මේ බොහෝ වාහන ඉන්ධන කාර්යක්ෂම තාවයෙන් තොර නිසා ඉතා අඩු මුදලට අලෙවි කිරීමට අයිති කරුවන්ට සිදු වන අතර එම වියදම හා විකිණීමෙන් ලැබෙන වෙනස අතර ඇති අලාභය දරාගැනීමට අයිතිකරුවන්ට සිදුවේ.. එම වාහන මිලදී ගැනීම නිසා දැරීමට සිදු වන ඉන්ධන වියදම මෙන්ම පාලනයකින් තොරවූ අමතර කොටස් මිල ඉහල යාම නිසා ගැණුම්කරුවන්ට එමගින් අපේක්ෂිත වටිනාකම නොලැබී යාමට හේතුවක් වනු ඇති..

    ඒ වගේම තමයි IMF මගින් රජයට සහ වගකිව යුත්තන්ට දිගින් දිගටම මේ ක්‍රමවේදය පිලිබඳ අනතුරු ඇඟවූවත් ඔවු එය සැලකිල්ලට නොගත් බව (The authorities acknowledged the magnitude of the challanges caused by pandemic and considered the outlook presented by staff as overly pessimistic) සහ ඔවුන් ණය අර්බුදය දුටුවේ තාවකාලික ගැටලුවක් ලෙස පමණක් බවත් (The authorities viewed the BoP and debt challanges as temporary problem) සිය කාර්ය මණ්ඩල වාර්තාවෙන් දන්වා සිටී.. මේ උද්දච්ච සිතුවිලි නිසා ලංකාවේ මිලියන එක හමාරකට අධීක බොහෝ රාජ්‍ය සේවකයන්ට සිය වැටුප් අවප්‍රමාණ වීම, අතිකාල සේවා අහිමි වීම, දීමනා අහිමි වීම, නව රජයේ රැකියා අවස්ථා නොලැබී යාම, උසස් වීම් අවලංගු වීම වැනි කරදර වලට මුහුණ පෑමට සිදු විය හැකිය.. EPF/ETF ගෙවීම් කොහොමත් පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකින් ඉතාම ලඟ දිනයකදී ඔබෙන් උදුරා ගන්නා නිසා ඔබට විශ්‍රාම දිවිය සුවසේ ගෙවීමට නොහැකි වනු ඇත.. උද්දච්ච රාජ්‍යයකට සහ එහි පාලකයන්ට අනුමැතිය පල කිරීම වෙනුවෙන් 2019 තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ සිට ඔබ ගෙවිය යුතු මිල එසේ නියම වී තිබේ..

    ReplyDelete
    Replies
    1. දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන්ට සිහිනයක් වනු ඇති.. ඔවුන්ගේ අනාගතය දැනටම අවිනිශ්චිත කඩතුරාවකින් වැසී ඇති බව ලංකාවේ සිටින දෙමව්පියන් වන ඔබට මේ වනවිට දැනී තිබිය යුතුය.. ආහාර වර්ග මිල ඉහල යාම, ළදරු ආහාර සහ බෙහෙත් වර්ග අධික ලෙස මිල ඉහල යාම සහ ඒවා වෙලඳපොලෙන් අතුරුදන් වීම, දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපිරීමට නොහැකි ලෙස ප්‍රෝටීන් බහුල ආහාර වන පරිප්පු, බිත්තර, කිරි, මස් මාලු මිල ඉහල යාම ඔබේ සිඟිත්තා සහ කුඩා දරුවා උන් නොකල වරදකට පෝෂණ ඌණතාවයෙන් පෙලීමට ලක් කිරීමක් බව ඔබ තේරුම් ගත යුතුය.. ඔබ සමග පිලිසඳරක් කිරීමට කොන්ද පණ ඇති එකෙක් මේ රජයේ වත් ඊලඟට එන්න බලන් ඉන්න රජයකටවත් නැති බව ඔබ වටහා ගත යුතුය.. ඔබව සහ ඔබේ දරුවන්ව ඉතාම නීච අන්දමින් රවටා තිබේ..

      ඒ වගේම තමයි ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල ඇත්තන්ට ඉදිරියේදී අපහසු කාලයක් ගෙවීමට සිදු වනු ඇති.. ඒ පිලිබඳව වැඩිදුර විසින් මෙහිදී සාකච්ඡා නොකර සිටිමු.

      ඒ වගේම ඔබ හිතන ආකාරයට පහසුවෙන් විදේශ ගත වීමට ඔබට නොහැකි වනු ඇත.. බංකොලොත් රාජ්‍යයක පුරවැසියන් ලොව පුරා ඇති ධනවත් තබා දුප්පත් රටකටවත් බැරිවෙලාවත් වැද්ද ගැනීම ඉතාම අනාරක්ෂිත තීරණයක් වන අතර දැනටමත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සිය සංක්‍රමණ නීති ශ්‍රී ලාංකිකයන් උදෙසා දැඩි වෙනස් කිරීමට ආරම්භ කර ඇති අතර ලාංකීය සිසුන්ට වීසා දීම නවතා දමා හෝ දැඩිව සීමා කරලා තියෙන්නේ. බොහෝ රටවල් එය අනුගමනය කරනු ඇති.. මගේ ඉතාම වෘත්තීය නිපුණ මිතුරන් පවා මෑතක සිට ඔවුන්ගේ රැකියා අයදුම්පත් බොහෝ රටවල් වලින් ප්‍රතික්ෂේප වූ බව මට කියා ඇත.. අනික ඔබ විදේශ ගත වුනත් ඔබේ මව, පියා, සහෝදර සහෝදරියන් මේ කරන්ට් නැති, බෙහෙත් නැති රටේ තනිකර දමා යාම බොහෝ දෙනෙකුට ඇති හදවත සම්බන්ධ ප්‍රශ්නයකි.. හැම මිනිහෙකුටම හදවත ලංකාවේ තබා ඔක්කොටම කලින් මම පැනගන්නවා ෆුල් මාවලස් රටකට කියා මෙයින් පිටවී යා නොහැකිය.. යා යුතුත් නැත..

      ඒ නිසා ලංකාවේ ඉන්න ඔබ හැකි අයුරින් කැපකිරීම් කරමින් වියදම් අවම කරගන්න.. කරපු පව් වලට ඔබ දැනටමත් ගෙවන බව මම දනිමි.. අලුත් පව් කරගැනීමෙන් වලකින්න.. මා මෙය ලියන්නේ වෙනත් රටවල් ගෑස් වලින් ආහාර පිසීමත් අවසන් කර වෙනත් වෙනත් ශක්ති ප්‍රභව වලට මාරු වෙද්දි 21 ශත වර්ෂයේදීත් ඉවීමට දර සෙවීමට සිදුවූ මිනිසුන් සිටින රටක දූෂිත නොදියුණු හිඟන රටක් ගැනයි.. ණයට සූට් මසා ඔලු බක්කන් නැටවීමේ අවසන් ප්‍රතිඵලය තම ජීවිත කාලය තුළදී දැකීමට අද ලාංකීය සමාජයට සිදු වී තිබේ..

      ඉතින් තෙරුවන් සරණ තවදුරටත් ඉතිරී වී ඇත්නම් ඔබට තෙරුවන් සරණයි, නැත්නම් අබ සරණයි කියාවත් පතමි...!

      Delete
  5. මේ වෙලාවෙ මුලින්ම අවශ්‍ය වෙන්නෙ දේශපාලන ස්ථාවරත්වය. මුන්ව එලෙව්වත් එන්නෙ අනික් හොරුන්ගෙන් එකෙක් කියන එක තමා තිත්ත ඇත්ත. ඒ නිසා ඔය
    ඇත්ත කතාව, ඔය වැඩියෙන්ම රඟන්නෙ මොකක් හරි පක්ෂයක් අල්ලන් ඉන්න උන්. උන්ගෙ එකාව ගේන්න මිසක්, මේ රටට හොඳ නායකයෙක් ගේන්න නෙමේ.

    මේ වෙලාවෙ IMF යන්න, tourism ගොඩ ගන්න නන්, වහාම උද්ඝෝෂණ නවත්තල දේශපාලන ස්ථාවරත්වය ගන්න ඕන.
    මුන්ව එළවන්න මේක සුදුසු අවස්ථාවක් නෙමේ.. මොකද අපි ඉන්නෙ සති ගානකින් බංකොලොත් වෙන්න තියන රටක..
    අංක එක විය යුත්තෙ ඒකෙන් බේරීම මිස ගෝඨ ගෙදර යැවීම නෙමේ.

    ගෝඨා මෙන්ම සමස්ථ ආණ්ඩුව ගෙදර යැවිය යුත්තේ මේ කඩඉම පැනල..

    නමුත් විපක්ෂෙ උන් ඕකට සහය දෙන්නෙ නෑ.. හැම එකාටම බලය මිස රටක් අවශ්‍ය නැ..!

    ReplyDelete
  6. පාර්ලිමේන්තුවේ කාලේ කෑවා විසඳුමක් නෑ... එක එකා කියන කතන්දර පඳුරු ගානේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වත් කිසිම විදිහකින් තේරුමක් ඇති විසඳුමක් නෑ. ඊයෙත් නෑ. අනික් දවසෙත් නෑ... මේ දවස් වල අරගල කිරීමට රැස්වෙලා ඉන්න අය යනකන් ඇදගෙන යමු කියලා වෙන්න ඇති තීරණය වෙන්න ඇත්තේ... පිළිගත හැකි විසඳුමකට නෑවිත් දිගටම කල් මැරීමෙන් රට තවත් අගාධයට යෑමයි වෙන්නේ. ඒ සඳහා ජනපතිගේ කැපවීම සහ අවශ්‍යනම් බලතල ඇත හැරීම කළ යුතුයි. ඒ මන්දයත් රට මෙතරම් ආර්ථික අගාධයට වැටුණේ ඔහුගේ ආණ්ඩු කාලයේ වීමයි. දිගටම කාටවත් කන්නොදී හිතුවක්කාර විදිහට කටයුතු කළා. ඒ නිසා විශාල ලෙස රාජ්‍ය ආදායම සහ විදේශ වත්කම් අඩුවුණා. කබ්‍රාල් සහ මහේන්ද්‍රන් අධිපතිලාට විශ්‍රාම වැටුප් හිඟමුදල් සමග ගෙවීම කොතරම් නරක ආදර්ශයක් දෙන වැඩක්ද? උද්ඝෝෂණ ව්‍යාපාර යටින් මෙහෙයවන සමගි ජන බලවේගයේ සහ ඒ සමග වැඩ කරන බ්‍රිතාන්‍ය ඉන්දීය සම්පත් දායකයින්, රාජ්ය නොවන සංවිධාන වල කණ්ඩායම් පවා මේ දවස් වල දැන් කල්ලි ගැහිලා "මල්ල කරේ " කියලා රට බාරගන්න තනතුරු සඳහා දඟලන්නේ.. එතැනත් තරඟය.., මුන් කාල නවතතපු තැනින් පටන් අරගෙන ඊට වඩා ලොකුවට කාගෙන කාගෙන යන්නේ කොහොමද කියලා මේ දවස් වල ප්ලෑන් කරනවා වගේ, ඒකයි එකඟතාවකට නොපැමිණෙන්නේ....!

    ReplyDelete
  7. මාතලන් මේ වෙලාවේ ලංකාවේ අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ සුපර් මාකට් සහ වෙනත් සතොස අවුට්ලට් වල නෑ. ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නෑ,

    හැබැයි සමහර ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නෑ කියලා හැමෝම කියන්නේ.

    ඒ නිසා සහන මල්ලක් කියන නමින් ඉදිරියට දමා ඇති නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වෙතත් අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950 ක්.

    මෙයට අමතරව සතොස මගින් සාපේක්ෂව ගොඩක් අඩු මිලකට ලබා දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරනවා අද නිව්ස් වලට කියනවා.

    තවත් දෙයක් බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නෑ මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බව පාරිභෝගිකයෝ කියන්නේ.

    ඒ නිසා සහන මල්ල ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය භාන්ඩ සියලුම ලංකා සතොස අළෙවි සැල් වලට යොමුකර ඇති බව මේ පිළිබඳ කළ විමසීමකදී ලංකා සතොස උසස් නිළධාරියෙකු මාධ්‍ය වලින් ප්‍රකාශ කරේ, එමෙන්ම සහන මල්ලේ පවතින අධික ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම අසීරු වී ඇති පසුබිමක මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මාතලන් යෝජනා කරන්නේ කුමන වැඩ පිළිවෙළක් ද?

    ReplyDelete
  8. මාතලන් මේක ගැන විස්තරයක් කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මේක බලන්න;

    https://fb.watch/cjuJXeGN0W/

    ReplyDelete
  9. දැංවත් තේරුම් ගනින් මාතලන් රටේ ප්‍රධාන,අති සංවේදී දේශපාලන තනතුරු වලට පුද්ගලයන් තෝර ගනිද්දි බොහොම පරිස්සම් වෙන්න ඕනෙ කියල. කට වහං පැත්තකට වෙලා ඉදල හරියන්නෑ. හඩක් නගන්න වෙනව ඉදිරියටත් මේ රටේ ජීවත් වෙනවනම්.

    ReplyDelete
  10. මම හිතන්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ ලංකාවේ ආර්ථිකය ගැන කතා කරන ආකාරය ඔහු ගැන කියා පානවා. නමුත් ඔහුට දූෂිත රාජපක්ෂ පාදඩයින් වැඩ කරන්න දෙයිද කියන දේ ගැටලුවක් තමයි??

    ලංකාවේ මහා බැංකුවට සක්කරයා දැම්මත් වැඩක් නැහැ රාජපක්ස හොරු ඉන්න කම්. ඒකත්තේරුම් ගනිල්ලා. තව දෙයක් තමයි ලංකාවේ බූරුවන් තේරුම් ගන්න ඕන හර්ෂ ද සිල්වා වගේ මෙලෝ හසරක් දන්නේ නැතුව ඔහේ පිස්සු කියවමින් හොරනෑ ගහන එවුන්ගෙයි ආචාර්ය නන්දලාල් වීරසිංහ වගේ පරිණත බවක් ඇති වෘත්තීයවේදීන්ගේයි වෙනසත් තොපි තේරුම් ගනිල්ලා.

    කයිවාරු ගහන හර්ෂ ද සිල්වා වගේ උගත් හොරුන්ගෙන් අපි වැඩිපුර ප්‍රවේසම් විය යුතුයි. ලංකාවේ ඕ ලෙවල් පේල් වෙලා සල්ලි වලට රට ගිහින් එක එක උපාධි අරගෙන ඇවිත් ලොකු ලයින් දාගෙන ආචාර්ය කියලා තමන්ටම කියා පට්ටම දාගෙන තිබුන පලියට වැඩ කාරයෝ වෙන්නේ නැති බවට ජීවමාන උදාහරණයක් සපයන තවත් එක පට්ට හොරෙක් විතරයි.

    ReplyDelete
  11. ලේකම්ලා සෙට් එකටත් හමුදා නිලධාරීන් එපා කියනවා ම නොවේ. හමුදා හෝ සිවිල් හෝ කමක් නැහැ විෂය ගැන දන්න, වැඩ පුළුවන් අය දාන්න ඕනේ . නිකං කටින් බතල හිටවල රාජ්‍ය සේවයේ වයසට ගිය සහ රවටන් ඉන්න අය දාන්න හොඳ නෑ. රාජ්‍ය සේවයේ වැඩ්ඩෝ ගැන පොඩ්ඩන්ගෙන් සමීක්ෂණයක් කරලා බලන්න ඕන. කවුද හොරා කවුද රගන්නේ කියලා කියයි. අවංක අය හොයාගන්න ඕන. තව ටික දවසකින් රට ආයේ ගොඩ යයි. ගොඩක් ලොක්කෝ වෙලා ඉන්නේ වැඩකරන කාලය තුල අධ්‍යාපන සුදුසුකම් රජයේ වියදමින් අරගෙන, තමන්ගේ ගෙවල් වල වැඩ කරගෙන නාකි කමට ඉහලට ගිහින් නේද?

    ReplyDelete
  12. අද අභිනවයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයෙක් වන කුරුණෑගල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට උණුසුම් සුබපැතුම් ! කෘෂිකර්මික දිස්ත්‍රික්කයක් වන කුරුණෑගලට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා පොදුජන රාවය හඳුනන දුප්පත් අහිංසක ජනතාවගේ යහපත උදෙසා සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්න ශාන්ත බණ්ඩාර මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබේවා !

    - කුරුණෑගල අපි !

    ReplyDelete
  13. ලංකාවේ ජන අරගලය දිගටම කරගෙන යන්න උපරිම වශයෙන් සහය දක්වන ගමන් තව දෙයක් තියෙනවා සාකච්ඡා කිරීමට, කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් සඳහා ඊයේ රාත්‍රියේ අරක්කු ලොරියක් ලබාදී ඇති බව එම විරෝධතාවේ ඉදිරිගාමියෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මාධ්‍ය හරහා සහ විවිධ සමාජ ජාල වල සඳහන් කර තිබෙනවා. ඒ වගේම අරගලය හයිජැක් කිරීමට සටකපට බැසිල් රාජපක්ෂ ඇතුළු හොර රැල විවිධ වර්ගයේ උපක්‍රම භාවිතා කරන බවත් විරෝධතාවය ඇතුලෙද ආණ්ඩුවේ ඔත්තුකරුවන්ට සිටිනා බවත් ඔවුන් සියලු රහස් රජයේ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සිටින බවත් ඔහු චෝදනා කළා.

    ඒ නිසා සෑම සැබෑ අරගලකරුවෙක්ම තමන් ළඟ සිටින සියලු දෙනාම අවිශ්වාස කරන ලෙසත් එමෙන්ම විශ්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

    මේ නිසා ලංකාවේ සමාජ ජාලා ක්‍රියාකාරීන් යයි කියාගන්නා විවිධාකාර තක්කඩි පට්ට හොරුන් වන පිරිස් අරගලය පාවිච්චි කරමින් අති විශාල මූල්‍ය ජාවාරමක් සිදු කරමින් සිටින බවද තවදුරටත් චෝදනා කළා. උපුල් ශාන්ත සන්නස්ගල විශේෂයෙන් සඳහන් කළා එංගලන්තයේ සිටින එක්තරා සට කපටි පුද්ගලයන් පිරිසක් විරෝධතාවන්ට සුප් සහ වෙනත් ආහාර පාන වර්ග ලබාදීමට බව පවසමින් ඉතා විශාල මුදලක් එකතු කර ඇති බවත් නමුත් ඉතාමත් සුළු මුදලක් වැය කර ලුණු කැඳ පමණක් ලබා දී වෙනත් සමගි ජන බලවේගයේ ආධාරකාරී ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් ලබාදෙන ආහාර වර්ග වල ඡායාරූප ලබාගෙන ඒවා එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ගෝටාගෝ ව්‍යාපෘතියේ සම්පත් දායකයින්ට පෙන්වලා ඔවුන් මුලා කර ඇති බව. මෙයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙක් ලෙස ඔහු විවේචනය කලේ මීට වසර පහකට පමණ පෙර ඔහුට මුණගැසී ඇති බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානය කරන ලද බ්‍රිතාන්‍ය පුද්ගලයෙක් බව පවසා තිබෙනවා.

    මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් හරහා ද තොරතුරු අනාවරණය වී ඇති අතර එංගලන්තයේ සිට පවුම් ලක්ෂ පහක් පමණ මේ ලංකාවේ අරගලයට ආධාර පිණිස පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් පරිත්‍යාග කර ඇති බවත් නමුත් මේ දක්වාම ලබා දී ඇති ආහාර පාන වල වටිනාකම උපරිම වශයෙන් රු. 30,000 ක් විය හැකි බව ඉතුරු මුදල් විශාල වශයෙන් සොරකම් කර ඇති බව පේනවා කියලා කියන්නේ මේ ගැන සත්‍ය තත්ත්වය මාතලන්ට හරි වෙන කෙනෙක්ට හරි විස්තර කළ හැකි ද? මොකද මේ සැබෑ ජනතා අරගලය රැකගැනීමට අපට වගකීමක් තියෙනවා.

    මේ වන විටත් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උපුල් ශාන්ත සන්නස්ගල මෙම චෝදනා එල්ල කර ඇති වීඩියෝ එක වට්ස් ඇප් හරහා ලංකාවේ විශාල වශයෙන් සංසරණය වී තිබුණා. මේක ගැන සොයා බලා සත්‍ය තත්ත්වය තේරුම් ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. @ 3.12 AM

      මුලින්ම තිබ්බේ ආර්ථික පීඩනය දරාගත නොහැකිව කරපු තරුණයන්ගෙ අරගලයක්... ඒක ඇතුලේ ආණ්ඩුවට එරෙහි අරගලයකුත් තිබුනා... ඒකෙ වරදක් නෑ...

      ඒත් දැන් අරගලේ අස්සෙ අරගල කරන්නේ වටාපතට එරෙහිව..දළදා මාලිගාවට එරෙහිව... ඊළඟට එක එකා තම තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා වලට අනුව පුද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමට අරගලය හයිජැක් කරලා තියෙනවා.

      සන්නස්ගල වගේ නිරාගමික අන්තවාදී පූජකයො සූක්ෂමව තමන්ගෙ අතට අරන් මෙහෙයවන අරගලවල අන්තිම ප්‍රඵිපලය මොකක්ද කියලා ඇහුවොත් සන්නස්ගලලට ඕන ජාතිවාදය අවුලවන්න... ආගම්වාදය අවුලවන්න... ඊට පස්සෙ සිංහල බෞද්ධයන්ට ඒකෙ වරද පටවන්න... හැබැයි ඒකේ ප්‍රතිඵල එද්දි තවත් මිනිස්සූ සිය ගණනකට ජීවිත අහිමි වී යාමට ඉඩ තියෙනවා.

      ගොඩක් වෙලාවට ඕකට එන සමහරක් බොරුවට තොයිලයක් නටලා රඟලා ගියා විතරයි, බොරු සෝබන කාරයෝ, යකෝ සැබෑ අරගලයක් නම් දිගටම පවත්වාගෙන යන්න ඕන නිකන් නමට විනාඩි කිහිපයක් බෝඩ් කෑල්ලක් අරගෙන පොටෝ එකක් දාල ගොන් ආතල් අරන් වැඩක් නැහැ නේද?

      මාතලන්ට මම යෝජනා කරනවා නම් කරන්නේ ඔය ලංකාවේ ගෝටාගෝගමේ උද්ඝෝෂණයට ආධාර ලබා දෙන මුවාවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි හොරකම් කරන ජාවාරම් කරුවන් ගැන හොයා බලන්න කියලා, විශේෂයෙන්ම එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිටින සමහරක් කම්බා හොර හැත්ත උද්ඝෝෂණයේ නිරත වන අයට කැඳ/ සුප් ලබා දීමට බව කියමින් විශාල වශයෙන් මුදල් වංචාවක් හෝ හොරකමක් සිද්ධ වෙනවා නේද මේ දවස්වල? එලකිරි එකේ වගේම ගොඩක් සමාජ ජාල වල විශාල වශයෙන් ඔය ගැන කතා කරනවා, මේ ගැන ඔබට සොයා බලා හොරුන් ගැන හෙළි දරව් කළ යුතුයි.

      Delete
  14. මාතලන් අද පාන්දරම Sri Lanka defaults on entire $ 51 Billion dollar external debts ආදී වශයෙන් පොල් ගෙඩි අකුරින් හෙඩ් ලයින් දමමින් ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කර තිබුණා. මේ නිසා ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇති බව එම වාර්තාවල සදහන්. France 24 ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ එංගලන්තයෙන් ලැබුණු නිදහසින් පසු ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් නිරන්තරයෙන් දවසට පැය ගණන් විදුලි ඇණහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවයි. ඒ වගේම ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස් කිරීම සඳහා විදේශ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇති බවත් වාර්තාවේ තව දුරටත් විස්තර කරලා ලියලා තියෙනවා.

    කෙසේ වෙතත් මේ වනවිට මැදපෙරදිග කලාපයේ රටවල්, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, සයිප්‍රස්, අප්‍රිකා රටවල් ගොඩක්, රුමේනියාව, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි ලාංකීයයන් විශාල වශයෙන් නිතිපතාම මුදල් එවන රටවල විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත. (මේ වනවිට මැලේෂියාවේ ක්වාලාලම්පූර් සහ පුත්‍රජයා විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බවට සඳහන් ඡායාරූප පෙළක් ලංකාවේ සමාජ ජාල වල ට්‍රෙන්ඩින් වෙනවා.) මේ නිසා විවිධ රටවල ලාංකීයයන් බහුල ප්‍රදේශ වල තියෙන මූල්‍ය එක්ස්චේන්ජ් සමාගම් රැසක් ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටින අතර නැවතත් රුපියල් වලට කන්වර්ට් කරන එක අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙලා තියෙනවා.

    මේ දේවල් මෙහෙම සිදුවන අතර දැනට ලංකාවේ ටිකෙන් ටික පැතිරෙන ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම. මේ ගැන පැහැදිලි කළ හැකි ද?

    ReplyDelete
  15. කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවේ යෙදෙන පිරිස සදහා ලොරි රථ වලින් පැමිණි යම් යම් කණ්ඩායම් වල විශාල පිරිසක් මහා පරිමාණයෙන් බුරියානි බෙදා දීමක් සිදු කර තිබේ.

    ලොරි රථ කීපයක් යොදවා පැමිණ මහා පරිමාණයෙන් බුරියානි බෙදා දෙන ආකාරය සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වෙමින් ඇති අතර ජනාධිපතිට ධුරයෙන් ඉල්ලා අස්වන බල කරමින් මෙම පිරිස් කරන විරෝධතාවය මිලියනයේ විරෝදතාව ලෙස නම් කර ඇති අතරම මෙය පැවැත්වෙන්නේ සිවු වන දිනටයි. මේ සඳහා තුන් හාර දහසක් පමණ මේ වනවිට සහභාගී වී ඇති පසුබිමක ඒ අයට මෙසේ බුරියානි ලබා දී ඇත්තේ කවුද?

    ReplyDelete
  16. මේ සිංහල අවුරුද්දේ පිනට කාලා බීලා සින්දුවක් කියලා සොමියක් දාලා ටෙන්ට් එකක් යට වැස්සේ මූදු හුලං වැදි වැදි ඉදලා, කොත්තු, බුරියානි කාලා ඉන්න පවුල් පිටින් ගෝල්පේස් එන්න. කිසිම අවුලක් නෑ අවශ්‍යය බඩු ඔක්කොම පිනට ලැබෙනවා. හැබැයි ගෝඨාභය ගෝ හෝම් කියන්න ඕන. හුගක් පොෂ් ඈයො ඉන්නවා, දොස්තරලා පවුල් පිටින් ඉන්නවා. හැමදාම නෑ හැමතැනම නෑ. පරක්කු නොවී එන්න. එන්ජෝයි කරන්න එන්න. පරක්කු වෙන්න එපා සීන් එක අහුවුනොත් මළා.

    ReplyDelete
  17. නන්දා මාලනී මහත්මිය මේ කරන කතාව ඉතාමත්ම වටිනවා නේද?

    https://m.facebook.com/story.php?story_fbid=306966841561780&id=100067453982761

    ReplyDelete
  18. මහ බැන්කුව කැහි ගෑණි දීලා හොටු ගෑණියක් අරගෙන!
    Wimal de Silva

    ReplyDelete
  19. අවංකවම මේ රජය වෙනස් නොකළ යුතුයි හේතුව
    ජනාධිපති සහ රජය පත්වූ වහාම පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා ගැනීම මහා බැංකුව මහා දවල් හොරා කාපු හොරුන් ඇල්ලීම සහ එකරටක් එක නීතියක් අකුරට පිළිපැදීම
    මේ රජය ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමයි

    ReplyDelete
  20. ගොටගොගම night club ….කොරෝනා නිසා බයේ ගෙවල් වලට හිර වෙලා මාස්ක් දාගෙන හිටපු උන්ට galleface එකේ පොඩි ආතල් ගන්න වැඩ සකස් කර දුන්න අපේ ජනාධිපතිතුමාට හද පිරි ප්‍රණාමය …

    ReplyDelete
  21. @ Anonymous

    ඇනෝනි මයි ඈස් ��
    ඇනොනිමස්ලා දාලා තියනවා කියන කිසිම tweet එකක්වත් ෆේස්බුක් පෝස්ට් එකක්වත් ඇනොනිමස්ලා දාපු ඒවා නෙමෙයි. ෆේස්බුක් එකේ තියන Verified page එක, twitter account එක දෙකම ඇනොනිමස්ලගෙ ෆෑන් එකවුන්ට්ස්.

    ඊටපස්සෙ ඇනොනිමස්ලා ලංකාව ගැන කරා කියන වීඩියෝ එක ඇනොනිමස්ලාගෙම පරණ වීඩියෝ එකකට google voice දාලා හදපු බොරු එකක්.

    ඇනොනිමස්ලා සිංහලෙන් ලියලා ලංකාවට එවලා තියන ලියුම �� (ඒවටත් අහුවෙන හරක් ඉන්නවනෙ) ආපු දිහාවක් හොයන්න බෑ. Twitter එකේවත් කොහෙවත් කිසිම තැනක අප්ලෝඩ් කරලා නෑ.අනිත් එක ඒකේ අත්සනකුත් දාල ��.

    කොහෙවත් ඉන්න වයිට් හැකර් ටීම් එකක් දිහා හ ර ක් වගේ බලාගෙන ඉන්න එපා. ඊස්ටර් ඇටෑක් එකෙන් පස්සෙත් මුන් ආපු කතාවක් ගියා අන්තිමට වෙච්චි දෙයක් නෑ.

    ඇත්තම කතාව ඇනොනිමස් වයිට් හැකින් ටීම් එකට ලංකාව වගේ පොඩි රටවල් උන්ට සැලකියයුතු අවධානයක් යොමුකලයුතු තරම් සිද්ධි නෙමෙයි.

    ඇනෝනිමස්ලට නිල ටිවිටර් ගිණුම් තියෙනව කියල හිතන් ඉන්න (Official Verified වෙන්න නම්
    උන් ඩීටෙල්ස් දෙන්න
    ඕනෙ.නමුත් ඇනෝනිමස් ඉන්න තැන් CIA එකවත් අල්ලන්නත් බෑලු හැබැයි ටිවිටර් එකට වෙරිෆයි කරන්න දීල) උඹලා වගේ හරක් ඉන්නකම් මේ රට ගොඩ දාන එක ලේසි නෑ හැබැයි.තව දවසයි තියෙන්නෙ තව මෙච්චරයි තියෙන්නෙ අච්චරයි කිය කිය මේකෙන් 10ක් ගහමු 2M කරමු 3M කරමු ගගා තව එකෙක් එවන එකක් හරක් වගේ ඇගිලි තුවාල කරගෙන හෑෂ් ටැග් ගහනව�� ඒකත් අර 10 දෙනෙක්ට යවන්න නැත්නම් මැරෙනව කියන ඒව යවන බූරුවො වගේ.තණකොළ කන ගමන් අනිත් උන්ටත් කවන්න හදෝනව.ඒකෙන් වෙන්නෙ ඒව බලල මරි මෝඩ යක්කු ඒව සිරා අරන් ආ උන් ගේම දෙනව අරගලේට වැඩිය මෙව්වා වෙන්න ඕනෙ නෑ කියල උනන්දුව අඩු වෙනව.ඕකට කට්ටිය රිපෝට් ගැහුවනම් තමයි වැඩේ වෙන්නෙ False කියල. මොකද ඕකත් එක්ක සමහර අය #GoHomeGota හෑෂ් ටැග් එකත් එක්කනෙ Post කරන්නෙ.එතකොට ඉතින් ඔක්කොටම බඩු හම්බෙනව සකර්බග්ගෙන් ��.
    ඕවත් ආණ්ඩුවෙම ගැට වෙන්නත් පුළුවන්.මොකද ඒ කියල තියෙන විස්තර දැනට දේශපාලන පක්ෂෙකින් කිව්ව ඒවයි දැනට මාධ්‍ය හරහා ප්‍රසිද්ද උන විස්තර විතරයිනෙ.උන් ඒව කියන්න කලින් අපි දැනගෙනනෙ හිටියෙ ඒව ගැන.අනිත් එක ඊට වඩා දෙයක් ඔච්චර හැකර්ල වෙච්ච උන්ට හොයගන්න බැරි උනාද��
    දැන් කිව්ව දවස් ගාන ඉවරවෙලා ට්වීට් එකක් ආවොත් එහෙම " අපි හෙව්ව ඒ ගැන ඒ සේරම අසත්‍යයි රාජපක්ෂල කිසිම හොරකමකට සම්බන්ධ නෑ" �� කියල එතකොට වීරයො වෙච්ච ඇනෝනිමස්ල ද්‍රෝහියො වෙනවද, ඇනෝන්ලටත් හොරා හොරා කියනවද ��. රාජපක්ෂලගෙ වැඩක්නම් ඒ වගේ නිවුස් එකක් එන්නත් බැරි නෑ.

    Anonymous කියන්නෙ පේජ් එකක් අටවන් බඩු විකුනන ජාතියෙ උන් නෙමෙයි යකෝ.... තවත් ගොන් වෙලා ලෝකෙට බොක වෙන්නෙපා ...උන් හැකර්ල නීතියෙන් සැඟවිලා ඉන්න සෙට් එකක්.උන්ට කොහේවත් කහන්නැ ලංකාවේ උන් හැශ්ටැග් ගැහුවකියල ලැට්වලවල් හාරන්න����

    කියන්න තියෙන්නෙ Anonymous ඇවිල්ලා රාජපක්ෂලගෙ එකවුන්ට්ස් හැක් කරලා මැශින් වලින් සල්ලි එලියට විදී වගේ මැජික් බලාපොරොත්තු වෙන්න එපා.තවත් ඇනෝන් Frank එකට අහුවෙලා මෝඩයො වගේ අරගලේ අල කරගෙන මෝඩයො වගේ හැසිරෙන්න එපා.

    ReplyDelete
  22. අනේ සුසානෝ මම කොලබ යන කොට
    ගෝඨා කහිනවා බොල හිටගෙනම
    මයිනා කොටනවා ඇවිදින් පිටිපස්සෙන්
    අකමැතියා බලන ඉන්නවා ජනපති වෙන්න!
    කාලා වරෙන් තක්කඩියා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න