.

.

Jun 26, 2023

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ, ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති. (ඝාතන රැල්ලේ උපත)


 

පොලීසිය පීචං කොට, අපරාධකරුවන් නැලවූ,

ඝෝඨ, ආරක්ෂක ලේකමා හා පොලිස්පති.

(ඝාතන රැල්ලේ උපත)

➖➖➖➖➖➖➖➖➖➖💀💀💀➖➖


වෙඩි තබා මිනිසුන් දිනපතා ඝාතනය කිරීම, දැන් රැල්ලක් වී ඇත්තේය. ජනමාධ්‍ය තුල කිසියම් හෝ ප්‍රමිතියක් තිබූ ජාතික රූපවාහිනියද දැන් ඒවා ප්‍රවෘත්ති වල පෙන්වන්නේ, වෙඩි තැබීම් තව තවත් ප්‍රවර්ධනය හා සාමාන්‍යකරණය කිරීම සඳහා වෙන්නට ඇතිය. 


කොහොමත් දැන් හැම චැනල් එකේම පෙන්වන්නේ පිස්තෝල උස්සාගෙන දුවන පාතාලේ පඩත්තල ටෙලිපඩංගුය. පාතාලේ භාෂාව පොඩි උන්ට උගන්වන්නේ ඒවා එකක් නෑර බලනා දෙමව්පියෝය. ඊට පස්සේ ඔය චැනල් වලටම එන බක පණ්ඩිතයෝ, වත්මන් පරපුරට මොකක්ද වුනේ කියා අපෙන් අහනවාය.


ඒ එක පැත්තකි.. මෙලෙස පොලීසිය පයිසයකට ගණන් ගන්නේ නැති වෙලා ගියේ හිටපු ජනාධිපති හෙවත් වදකහ ගොබ්බයා නිසාය.


ඒ... හුජ්ජා කොල්ලන් හා කජුකිරි කෙල්ලන් පිරිසකට ගෝල්ෆෙස් එකේ කූඩාරම් ගසාගෙන, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ බජව් නටන්නට ඉඩ දී, පොලිස් කාරයෝ පීචංම කරලා දැමීම හේතුකොට ගෙනය. උන් කෙතරම් පීචං වූවාද යත් සමහර හාල්පාරුවෝ මේ අරගලියන්ස්ලා හා එක් වී ජොබටත් කෙලගෙන අද හිඟන්නෝ බවට පත් වී අවසානය.


ඒ කාළයේ මේ දේවල් වෙන කොටම අප කීවේ, අනාගතයේ මේවායේ දරුණු පල විපාක විඳින්නට වෙන බවය. වෙනදා පොලිස් ජීප්පෙකේ, ඩේලී රයිඩ් එකක් ගිය පාතාල සාමාජිකයින් වන, පිටකොටුවේ නඟර සෝභිනියෝ මෙන්ම අවට වතුවල කුඩ්ඩෝ, බැරියර් වල සිටි පොලීසියට ලෙච්චර් දුන්නේ ඉස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ආපූ ආරක්ෂක විසේසග්නයෝ වගේය. මානව හිමිකම් ගැන පොලීසියට කියා දුන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකේ ලොක්කෝ වගේය.


කරුමය කියන්නේ කොන්ද කඩා දැමූ පොලීසියේ හිඟන්නෝත් උන්නේ උන්ගේ පැත්තේ වීමය. එපමණක් නොව මැයි 9 වනදා සිද්දීන්වලට පොලීසියේ සහායද උපරිමයෙන්ම ලබා දුන්නේය. 


මේවාට කෙලින්ම වගකිව යුත්තේ ආරක්ෂක ලේකමාය, ඉන් පසුව පොලිස්පතියා හා මාණ්ඩලික ප්‍රධානියාය. ජනාධිපති විතරක් නොව ඒවාට එදිරිව කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් මොවුන්ද අමු ගොබ්බයෝය. මුන් බැලුවේ රට අරාජික කර දමන්නටය.


කරුමය කියන්නේ... අදටත් උන් උන්ගේ පුටුවල ආතල් එකේ සිටීමය. ඒ මදිවාට මේ හාල්පාරු පොලිස්පතියා කියා ඇත්තේ උගේ ගෝලයෝ වැඩක් නැතෙයි කියාය. හරි නම් ඒකට වගකිව යුත්තේ උන්නැහේය. මෙහෙම උන් පොලීසියේ ලොක්කන් වීමට, උන්නැහේ මෙන්ම, උන් ඒ තනතුරුවල තව දුරටත් තබාගෙන සිටිනා පාලකයෝද හරි හරියට වගකිව යුතුය.


පාතාලය වහාම මැඩලිය යුතුමය. මරා ගන්නේ උන් උන්ම වුවද සමස්ත සමාජයට ඉන් ඇතිවන හානිය සුළුපටු නැත. මෙය නීතීයේ ආධිපත්‍යයක් නැති අරාජික වාතාවරණයකි. මේ ඊයේ පෙරේදා උන් මිලේච්ඡ ලෙස ඝාතනය කර දැම්මේ අහිංසකයෙකි.


මෙය වහාම මැඩ පැවැත්වූයේ නැති නම්, මුලු රටම තවත් චිකාගෝවක්, මැක්සිකෝවක්, රියෝ දි ජැනෙයිරෝවක් වන දින, වැඩි ඈතක නොවේය.


එහෙත් මුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු, මාකඳුරේ මදුෂ් මෙන්, කොස්ගොඩ තාරක මෙන්, මාංචු දමා ආයුධ පෙන්වන්නට ගොස් පීචං ලෙස ඝාතනය කර දැමීම, පොලීසියට නොව මිනිස්කමටත් නිගාවකි.


එගෙත් ඔසාමා බින් ලාඩන්ට දුන්නා මෙන්, ප්‍රභාට  දුන්නා මෙන්, අත් අඩංගුවට ගන්නට යාමේදී ගේම දුන්නාට කිසි අව්ලක් ඇති වන්නේ නැත්තේය. මන්ද මේ කුලී ඝාතකයෝ අධිකරණයෙන් ඇප පිට නැවතත් සමාජයට මුදා හරිනා නිසාය. අපේ නීතිය ඒ තරම් තදය.


මේවා ශිෂ්ඨ වැඩදැයි කියා ලංකාවේ කිසිවෙකුටත් දැන් ප්‍රශ්ණ කරන්නට බැරිය. මන්ද ආදරයේ අරගලයක් කළ මානව හිමිකම් ක්‍රියාකරුවෝද, නීතිය රකිනා කළු කෝට් කාරයෝද, අමරකීර්තී අතුකෝරාල හා 13 දෙනෙක් කුරීරු ලෙස ඝාතනය කොට, විරුද්ධ දේශපාලන මත දරනා උන්ගේ නිවාස වාහන දේපල සියල්ල ගිනි තැබූ මිලේච්ඡයින් නිසාය.


කරුමය කියන්නේ රාජපක්ෂ කඳවුරේ උන්, වත්මන් මැති ඇමතිවරුන් මෙන්ම සජිත් ප්‍රේමදාස නම් විපක්ෂ නායකයාත් පෙනී ඉන්නේ පාතාලය වෙනුවෙන් වීමය. ගුවන් තොටූපොලේ පාතාල ටැක්සි මාෆියාව වෙනුවෙන් උන්නැහේ පාර්ලිමේන්තුවේ කතා කරනා විට අපට පුපෙන්ම හිනා ගියේය. හැබයි පස්සේ එච්චර අවුලකුත් නැතිව ගියේ, පියානෝ සොත්ති උපාලිගේ ෆෑන් කෙනෙක් වූ නිසාය. අප්පා කළ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතෙක් කියා කොහේදෝ ලියා තිබුණේය.


පොලීසියේ උන්ට මෙන්ම අනෙකුත් වගකිව යුතු අංශවල උන්ට බැනාඬගසලා ඇති  වැඩකුත් නැතිය. ලංකාවේ,  නීතිය, අධිකරණය, පොලීසිය හා ආරක්ෂක අංශවලට අත් වී ඇති පිළිගැනීම හා ඉරණම පෙන්වන කදිම ඡායාරූපයක් මා විසින් තෝරාගත්තේ කංජිපානී ඉම්‍රාන්ගේ අවමන් සිනහවේ ඒ සියල්ල ගැබ්ව තිබෙනා නිසාමය. 


ඩුබායි සිට රැගෙන ආ කංජිපානී ඇප මත නිදහස ලැබ රටින් පලාගියේ සියල්ලන්ටම පුප පෙන්වමිනි.


කෙසේ හෝ වත්මන් පොලිස් ඇමති විසින් වහාම මේ අපරාධ මැඩ පැවැත්වීමට කටයුතු කරන මෙන් ආරක්ෂක අංශවලට හා පොලීසියට අණකර තිබීම සමාන්‍ය ජනයාට අස්වැසිල්ලක් වන්නේමය.


එහෙත් පාතාලය හා බැඳී සිටිනා පොලීසියට මෙන්ම අනෙකුත් ආයතන වලට මෙය මැඩ පැවැත්විය හැකියැයි මාතලන් නම් විශ්වාස කරන්නේ නැතිය. එබැවින් මෙය විශේෂ කාර්‍ය බලකාය, කොමාන්ඩෝ බලකාය මෙන්ම ගුවන් හමුදාව හා එක්ව කරනා පිලිපීන් මොඩල් එකේ මෙහෙයුමක් විය යුතුමය.


ඉවසුවා හොඳටෝම ඇතිය....

.

6 comments:

  1. මෙහෙමයි ගෝඨාබයට මොකක් හෝ හේතුවකට හිච්චී කොල්ලෝ ටිකට ගහලා එලෙව්වේ නැති වුනාට පුටින්ගෙන් වගේම රනිල්ගෙනුත් එවා බලාපොරොත්තු වෙන්න එපා ඕක අනිවා රනිලා පුටින් වගේ සෙටල් කරනවා ඕකට බෙල්ල දීපූ බොසාලා අනිවා පරලොව යවනවා

    බොහෝ දුරට පිළිගත් අදහස තමයි ගෝඨාට පුතාගේ ප්‍රශ්නේ බලපෑවා කියලා හිතන්න පුලුවන්..... පොරගේ පුතා මනෝජ්ව පාවිච්චි කරා ඇමරිකා එක්සත් ජනපදය ගෝඨාව නිහඩකරන්න....

    මාතේ අර හොර ජෙපි නර්ස් කෙනෙක්ගේ හොරකම් වලට විරුද්ධ වුනු නිසා, මාරු කරලා යවපු ගල්ගමුව රෝහලේ අධිකාරි වෛද්‍යවරයා ගැන GMOA එක හෝ වෛද්‍යවරු කතා කරන්නෙ නැත්ද ?

    වෛද්‍යවරු හොර ජෙප්පොන්ට බයද ?



    මම හිතන්නේ ඉතිහාසය දෙස බලන විට රුසියාව කවදාවත් යුද්ධයකින් පරද්දන්න බැහැ. අවසාන රුසියානුවා දක්වාම ඔවුන් සටන් කරනවා. ඒ ඔවුන්ගේ ජාන සහ බද්ධ වී ඇති සංස්කෘතිය විය යුතුයි.

    ඔවුන් පරාජය කරන්න පුලුවන් ඇමෙරිකානු ක්‍රමයට පමණයි.

    ඇමෙරිකානු ක්‍රමය (බ්‍රිතාන්‍ය ක්‍රමයේම දිගුවක්) තුල කරන්නේ බ්‍රිතාන්‍ය ඩිවයිඩ් ඇන්ඩ් රූල් වගේම සතුරු පාර්ශ්වය තුල අභ්‍යන්තර බෙදීම්, ඇන කොටාගැනීම් සහ අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා බියවද්දා ආක්‍රමණය කිරීම

    මේවා ලෝකයේ හොදටම කරන්න පුලුවන් වෙන්නෙත් ඇමෙරිකා එක්සත් ජනපදයට. මේ ඇමෙරිකා එක්සත් ජනපදය මාස්ටර් කරපු කලාව.

    දකුණු ආසියාවේ කුඩා රටක යුද ජයග්‍රහණයෙන් පස්සෙ හිටපු යුද හමුදාපතිට "ඔයා තමයි වැඩ්ඩා, ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයාට ජනාධිපතිත් වෙන්න පුලුවන්, අපි සම්පූර්ණ උදව් කරන්නම්. ඒ නිසා අපේ කැම්පේන් එකට එන්න ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුලුවන්" කියලා 2010 ගේම ගැහුවා වගේ, තව 2015 ලේකමෙක් සහ පිරිසක්ද අරගෙන ගේම් ගැහුවා වගේ, ආයේ 2021 - 2022 දැවැන්ත මඩ කැම්පේන් සමග උද්ඝෝෂණ ව්‍යාපාර රාශියක් සංවිධානය කර 2022 තවත් පිරිස් පාරට දාලා, සල්ලි පොම්ප කරලා මයිදාන් උද්ඝෝෂණ වගේ අගනුවර බරපතල තත්වයක් ඇතිකර ඒකෙන්ම ගේම් ගැහුවා වගේ, ඇමෙරිකා එක්සත් ජනපදයට රුසියාවෙත් ගේමක් ගහලා දිනන්න බැරිද මාතේ?

    ReplyDelete
  2. තාත්තලගෙ රස්නය වැද යකා නටා
    දූෂණ කළ; මිනි මරූවන් ඇත එමටා
    නිදන් හාරලා ගොඩගත්තොත් එමටා
    උන් කල් බලති තැන ගන්නට රට රවටා

    ReplyDelete
  3. මේ කතාව කෙසේ වුවද ඉන්දියානුවන් ඉන්දියාවට "සැබවින්ම " ආදරෙයි, ලංකාවේ හාල්පාරුවෝ වගේ නෙවෙයි කොච්චර ප්‍රශ්න තිබ්බත්, උන් උන්ගෙ රටට ආදරෙයි... සංක්‍රමණික හෝ වේවා ඉන්දියාවේ ඉදන් ආවා හෝ වේවා බහුතරයක් උන්ගේ රටට ආදරෙයි. උන් තමන්ගේ අනන්‍යතාවය එක්ක ඉස්සරහට යන්නෙ.. වුන හැමදේටම රටයි, පාලකයොයි තමා වගකියන්න ඕනෙ කිය කිය ඉන්නෙ නෑ. උන්ට ඉන්නේ අපට වඩා දූෂිත දේශපාලන හොර හැත්තක් ඒත් උන් ඒකට බැන බැන අත්දෙක බැඳගෙන බෙරිහන් දිදී නොසිට තම තමන්ම ගොඩ යන්න කටයුතු කරන බව පේන්න තියෙන බව අවබෝධ කරගෙන වැඩ කරන්න ඕන

    තව ගොඩක්ම මැදපෙරදිග රටවල්වල හැම අංශයක්ම නිහඬවම ඉන්දියානු ආක්‍රමණයට යටවෙලා, ඒක දැන් මේ රටවල් තේරුම් අරගෙන,2018 වෙනකොට ජනගහනයෙන් 56%ඉන්දියානුවන්,ඒක පාලනය කරන්න අවුරුදු විසිපහක සේවය සම්පූර්ණ කරපු අයගෙ වීස අවලංගු කරන්න නීති සකස් කරන්න පටන් ගත්ත.ඉන්දියාවන් විදේශ රටවල සේවය කරන්න පටන් අරගෙන තියෙන්නෙ 1950 දශකයේ ඉඳන් සමහර යාලුවොන්ට සීයල නැවෙන් මැදපෙරදිග රටවල් වලට ඇවිත් තියෙන්නෙ 😅,සමහර ආයතන අයිතිකරුගෙ සිට පහලම සේවකයා දක්වා ඉන්දියාවන් නියෝජනය වෙනව.ඒක ඒ විදිහටම දම්වැලක් වගේ නොකඩවා පරම්පරාවෙන් පරම්පරාවට යනව,කොහොම උනත් ලෝකෙ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ ලංකාව,ඉන්දියාවේ කොටසක් කියල .කොටින්ම ලංකාවෙත් අපි වැඩිය නොදන්නව උනාට ඉන්දියානුවන් විශාල පිරිසක් රැකියා කරනව.

    භාෂාව ගැන කියන කොට ලංකාවෙන් ජපන් යන නැත්නම් කොරියන් යන කොල්ලො මාස ගානෙන් ජපන් කොරියන් භාෂාව ගොඩ දාන්නෙ.
    ඉතාලි වගේ භාෂාත්මක එහෙමයි, මැදපෙරදිග රටවල සේවයට යන ලංකාවේ උන් ලේසියෙන්ම හින්දි උර්දු දෙමල මලයාලි මලයාලම් භාෂා වගේම ඉතාම අමාරු භාෂාවක් වන අරාබි බසත් ඉක්මනට ඉගෙන ගෙන හොඳට කතා කරනවා, මොකෝ ඉස්කෝල වල උගන්නලා ද? නෑනේ

    ඒ,වගේම ඉන්දියාවේත් ගොඩක්ම තරුණ තරුණියන් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ඉංග්ලිෂ් මීඩියම් මගුලක් නිසා නෙවෙයි භාවිතයෙන්

    අපේ ලංකාවේ ඉංග්‍රීසිය කතා කරන්න බැරි එවුන්ගෙ උවමනාව නැතිකම ඉංග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි කැම්පස් වල ඉංජිනේරු පීඨ තාක්ෂණික ආයතනය සයන්ස් කරන්න යන ඉංගිරිස් බැරිම බැරි හද්ද ගොඩේ ගොබ්බ ඩයල් පවා
    A/L වෙනකම් ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ නැති එවුන් වෙලත් කැම්පස් ගියාම කොහොම හරි ඒකත් ගොඩ දානවා, හොයල බලපන් ඕන නම්

    ReplyDelete
  4. මාතලන් තෝ වගේම සජබයියොයි ජෙපිබයියොයි ටොයිබයියොයි පෙරටුබයියොයි රාජපක්ෂ බයියොයි වෙනත් බයියොයි නිරාගමික බයියොයි කතෝලික බයියොයි සමකාමී බයියොයි වෙනත් ඇන්ටි-රාජපක්ෂ බයියොයි ඇතුලු සේරම බයියෝ හැත්ත බුරුත්තම ගත්තම හැමෝම කොරහේ කිඹුල්ලු පෙන්නනන්න හදනව ඇර මේ මොහොතේ මෙන්න මේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් අනුව මෙන්ම මේ පිළිගත් සාධක අනුව රටේ සැබෑ තත්ත්වය මේකයි, ඒ නිසා අපට කරන්න පුළුවන් දේවල් මේවායි ඒවායින් වඩාත්ම සාර්ථක විය හැකි ඔප්ෂන් මේවා හෝ මෙන්න මේවා ඒ අනුව අපි මෙන්න මේක කරන්න ඕන මොකද, කරේ නැත්තන් වෙන්නේ මොකද කියන කතිකාවත මග ඇර ඇර ඉන්න තමා කැමති. මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට හැමෝම සතුටු කරන උත්තර නෑ . ඒක තේරුම් ගනින්

    ReplyDelete
  5. මාතලන් ආගමෙන් පමණක් විනය හදන්න බැහැ. ඒක අපේ රට දිහා බැලුවම හොදටම පෙනවා. ලංකාවේ බෞද්ධ ඇතුළු ආගමික ජනතාව සහ නිරාගමික ජනතාව අතරත් විනයක් නෑ. රටේ නීතියක් නැතුව ආගමෙන් විතරක් විනය හදන්න බැ. ලෝකයේ ප්‍රධාන ආගම් හතරක් ලංකාවේ තියෙනවා එතනින් බහුතරයකට විනයක් නෑ. ආගමෙන් කරන්නෙ මිනිස්සුන්ගේ හිත්වල තියෙන ප්රශන සංසිදුවන එකනෙ, අධ්‍යාත්මය දියුණු කරන එකනෙ.

    ReplyDelete
  6. Saumyage panti ekak suwada balana gaman athe gahanna aasayi.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න