.

.

Jul 12, 2018

මරණ දඬුවමට එරෙහිව ගෙනෙනා, බඩ කොරවෙන ලොජික්




ලංකාවේ මරණ දඬුවම දෙන්නේ එල්ලලා මැරීමෙන්ය
ඒත් සමහර අය එල්ලලා මරන්නේ නැතිව,
මරලා එල්ලුවැයිය කියා කතාවකුත් තියෙන්නේය.
එහෙම මරලා එල්ලලා තියෙන්නේ,
මරුසිරා හෙවත්, සිරිපාල හෙවත්, මරුසිරාය.

අම්මට සිරි ලංකාවේ උන් පමණක් නොව,
මිනීමරුවෝ වන්දනා කිරීම, තමන්ටම නොදැනීම කරනා අපූරු මිලේඡ්ච වන්දනාවක්ය.
ඒ නිසා, මේ 'මරුසිරා" ගැනත් සෝ දෙකක්ම හැදුනේය.
එකක් "සිරිපාල හා රන්මැනිකා"ය..
මාතලන්ට මතක විදියට ඒකේ උන්නේ, "රවීන්ද්‍ර රන්දෙනිය" හා "මාලනී පොන්සේකා"ය.
අනෙක් සෝ එක "මරුවා සමඟ වාසේ" ය
ඒකේ උන්නේ "විජේ' හා "ගීතා"ය..
දැන් නැවතත් එල්ලලා මරන්න ඕනෙයි කියලා කියන්නේත්, මරු සිරා පොරක්ය..
ආපු දා සිට මෙලෝම දෙයක් නොකරපු එකේ,
මේ වැඩේවත් කරයිදෝ යන සැකය හැම එකා තුලම තිබෙන්නේය.
ඒත් වැඩේට කොක්කක් අඳින එකක් නැතයි කියා සිතෙන්නේ,
මරණ දඬුවමට එරෙහි විය යුතු, අති පූජනීය මහා සංඝ රත්නය මෙන්ම,
ලංකාවේ දෙවියන් වහන්සේගේ තානාපති,
අති පූජ්‍ය මහා කාදිනල් හිමිපානෝත් වැඩෙට ඇපෲවල් එක දීලා තිබෙනා නිසාය.
මේ ආන්ඩුව බලයට පත් වූ විගසම වාගේ,
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය කියා ජනතා මතයක් පැමිණියේය.
ඒ සේයා දැරියගේ ඝාතනය වේලාවේය.
එහෙත් ඒ වේලාවේ සිරිසේන උන්නැහේ මේක විද්වත් කමිටුවකට බාර දීලා අත පිහදා ගත්තේය.
මාතලන්ද ඒ අවස්ථාවේ උන්නේ මරණ දඬුවමට එරෙහිවය.
එයට හේතු වූයේ, අම්මට සිරි ලංකාවේ පොලීසිය ක්‍රියා කළ බූරූ ආකාරයයි..
උන් මුලින්ම දැරියගේ පියාට බඩු බනිස් කොරන්න ගියේය.
ඊළඟට අහිංසක පාසල් සිසුවෙක් අල්ලා ගත්තේය.
ඊට පස්සේ කොන්ඩයා කියා එකෙක් අල්ලාගෙන ඒ යකාට දස වද දී,
වැඩේ කලේ ඒ යකාම යැයි කියා පාපෝච්චාරනයක් කර ගත්තේය.
ඒත් ඒ යකා කීවේ ගේම දුන්නේ උගේ අයියා කියලාය.
කෙසේ හෝ අවසානයේ නියම මිනීමරුවා අල්ලා ගත්තේය.
"එතන වැරද්ද ඇත්තේ පොලීසියේ මිස සමාජයේ නොවේ."
පොලීසිය තම වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම්,
පිස්සු කෙලිනා පොලිස් කාරයන්ගේ වැඩ තහනම් කළ යුතුය.
නමුත් එවන් දෙයක් සිඳු වූයේ නැතිය.
අපේ පොලීසිය මිනීමරුවෝ අල්ලන්නේ,
ර්ස පරීක්ෂන වාර්ථා ඔස්සේ නිවැරදි පරීක්ෂණයකකින් පසුව නොවේ.
භාවනා වැඩ සටහන් පවත්වන,
හිස තෙල් ගානා,
පනසල් ගානේ මල් වට්ටි උස්සාගෙන යන මහ එකෙක් ඉන්නා තැනකින්,
එවන් විජ්ජාත්මක පර්යේෂණ සිඳු නොවන්නේ නම්,
කළ යුත්තේ එවන් ගෝත්‍රිකයින් එම තනතුරු වලට පත් නොකර සිටීමය.
එසේ නැත්නම් උන් එයින් එලවා දැමීමය.
එය සමාජයේ වරදක් නොවේ.
අනෙක් කරුන නීතියයි.
අම්මට සිරි ලංකාවේ අධිකරණය පට්ට දූෂිත එකක් බව කියන්නේ,
අප නොව, ඒ තුල ඉන්නා වෘත්තිකයන්මය.
ලංකාවේ අපරාධකරුවන්ගෙන් 94% ඇප මත සමාජයට මුදා හැර තිබෙන්නේ,
මේ කාළකන්නි ආයත්නය විසින්ය.
මුදල් විසි කළ හැකි නම්,
සීරියල් කිලර් කෙනෙකුට උනත්, එලියේ ඉන්නා එක පට්ට ඊසී ගේමක්ය.
ඒ සඳහා පාතාලය හා දීග කන නීතීග්නයෝ යැයි කියා ගන්නා,
පාතාල සමාජිකයින් පිරිසක් "පේ වෙලා" පෙල ගැසිලා සිටිනවාය.
මිළ අධිකය.
නමුත් නිදහස ඉස්තිරය.
සමාජය නන්න පෝල්ය.
මෙතනදි අප අමතක නොකල යුතු කාරණය නම්,
අප ජීවත් වන්නේ,
ඇතුලේ සිටිය යුතු අපරාධකරුවන්, මිනීමරුවන්, පාතාල නායකයින් හා සාමාජිකයින් 96% සමඟය යන්නය.
මෙය කිසි සේත්ම සාධාරන දෙයක් නොවේ.
අනෙක් දූෂිත ආයත්නය බන්ධනාගාරයයි.
ඉහෙන් බහින් රෝගයක් නැති මහ කෙරුම් කරුවෝ,
බන්ධනාගාර ගත උන ගමන්, අති දරුණු ලෙඩුන් බවට පත් වෙන්නේ රෝගයක් ඇති නිසා නෙමේය.
උන්ට ඇති වෙන්න සල්ලි තිබෙනා නිසාය.
උන්ට බන්ධනාගාරය යනු ගෙදර ඉන්නවාටත් වඩා ආරක්ෂිත ඉස්පොට් එකක්ය.
(අති දරුණු පාතාල නායකයන් උසාවි රැගෙන යන්නේ ජනාධිපතිටත් වඩා ගාඩ් එකක් දමාගෙනය)
එතනට වී, තමන්ගේ බිස්නස් ටික කිසි අවුලක් නැතිව කරගෙන යාමේ ඉඩ පහසුකම් සලසා තිබෙන්නේ,
දියුණු රටවල සිර ගෙවල්වලවත් නොමැති පහසුකම් සලසා දෙමිනය.
මේවාට අහිංසක සිවිල් ජනතාව පලි නැත. 
ඔවුන්ගේ ආරක්ෂාව ගැන කතා කරන්නට එකෙක්වත් ඇත්තෙ නැතිය. 
මානව හිමිකම් කාරයෝ, නීතීවේදියෝ,
සියල්ලෝම පෙනී සිටින්නේ අපරාධකරුවන් වෙනුවෙන්ය.
ඒ ඉහත මාතලන් විසින් සඳහන් කළ කරුණු මත පිහිටාය.
කුඩු ගහනා උන් පිළිබඳව.
උන් නිසා දුක් විඳිනා දෙමාපියන්,
තුන් තිස් පැයේ මැරු මැරී උපදිනා පවුල් පිළිබඳව එකෙකුට ගායක් නැත්තේය.
මිය යන එකා නිසා, අන්ත අසරණ බවට පත් වන වින්දිතයන් වෙනුවෙන් කතා කරන්න,
එකෙක් ඇත්තේ නැතිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාෂකයා කියනා එකා පවා සිටින්නේ, වින්දිතයන්ට කින්ඩිය දමන්නටය.
එයා ඉන්නේ බ්ලූ ෆිල්ම් අප්ලෝඩ් කරන්නටය.
වින්දිත ගැහැනියක හා ගේම ඉල්ලනා මෙවන් කාළකන්නින්,
තව දුරටත් සේවයේ තබා ගැනීම කොතරම් ශිෂ්ඨ සම්පන්නද යන්න,
එකෙක් ප්‍රශ්ණ කරන්නේ නැතිය.
ඒ අස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හේතුව වශයෙන් කියන්නේ,
බන්ධනාගාරය ඇතුලේ ඉඳගෙනත් කුඩු බිස්නස් කරනවා යැයි කියනා හේතුවය.
මරණ දඬුවම ලබලා පෝරකයට නියම වී ඉන්නා උන්,
ඇතුලේ ඉඳන් බිස්නස් කරනවා නම්,
මුලින්ම එල්ලා මැරිය යුත්තේ ජනාධිපතිවරයාය.
ඊළඟට බන්ධනාගාර කටයුතු බාර ඇමතිවරයාය.
ඉන් පස්සේ බන්ධනාගාර කොමසාරිස් වරයාය.
එයිට පස්සේ වාට්ටුව බාර ජේලර් වරුන්ය.
මේ සියල්ලන්ම මුදල විකිනෙනා බව ප්‍රසිද්ධ රහසක්ය.
බංකර් ගසාගෙන දුරකථනයක් ගෙනාවත්
ඒවා චජ් කර ගන්නේ පුකේ ගහලාද කියා අසන්නට එකෙක් වත් ඇත්තේ නැතිය.
බලයේ ඉන්නා සියල්ලෝම,
අඩු වැඩි වශයෙන් කුමන හෝ අපරාධවලට සම්බන්ධකම් ඇත්තෝය.
එජාපයේ ඉන්නා සියල්ලන්ම බැඳුම්කර කොමිසමේ ගේමෙන්,
කීයක් හෝ කඩා වඩා ගත්ත උන්ය.
සිරිකොතෙන් මහ ඡන්දයට කීයක් හෝ ගත්ත උන් සියල්ලම,
ඒකට හවුල් වූ ඒවුන්ය.
අනේ අපි ජනේ ඤෑ.. ඇඡ්ඡජ අනේ.. කීවාට හොරෙක් නොවී සිටින්නේ නැතිය.
මේ රටේ කිස්ම දෙයක පාලනයක් ඇත්තේ නැතිය.
මහා පරිමානයේ මංකොල්ල හා කුරිරු මිනිස් ඝාතන,
දිනපතා පත්තර පිටු හා ටී වී නිව්ස් පුරවනවාය.
මෙය තා දුරටත් ධර්මද්වීපයක් නොව,
අති භිහිසුනු, මිනීමරු, අපරාධාකාරී අන්ත දූෂිත රාජ්ජයක් වී අවසානය.
මේකට ප්‍රජාතන්ත්‍රවාදි නිදහස කියනවා නම්
අපට කියන්නට ඇත්තේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයට
මාගේ දේශය අවදිකරනු මැන සිරානනේ කියලාමය.

සාමාන්‍ය සාමකාමි මිනිසුන් උදෙසා,
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමය.
අඩු තරමේ එවිටවත්,
සමාජය තුල ඉහත සඳන් ආහතන තුල පවතින මජර ක්‍රමය පිළිබඳ කතිකාවක් එලියට එනු ඇත.
මා මිත්‍ර "වසන්ත සිරි වටගොඩ මහතා" කියනාකාරයට,
සිස්ටම් එක චේන්ජ් කළ යුතු නම්,
එය කොහෙන් හෝ ආරම්බ කළ යුතුය.
සිස්ටම් චේන්ජ් ඉබේ ඇති වන්නේ නැතිය.
ඒ සඳහා විප්ලව කළ යුතුය.
විප්ලවයකදි ලේ ගැලීම අති වන එකත් වලක්වන්නට බැරිය.
ඒ නිසා අප කල්පනා කල යුත්තේ මේ මජර සිස්ටම් එකට අනුබල දෙන වහලෙක් වෙනවාද,
එසේ නොමැති නම්,
මේ කුණු වී ඕජස් ගලනා,
අති බිහිසුනු සිස්ටම් එක විනාශ කිරීමේ පළමු පියවර හෝ තබනවාද යන්නය.
මගේ සහෝදර උවිඳු කුරුකුලසූරිය කියනා පරිදි,
දියුණු රාජ්ජයන් තුල මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ යන්නට මට දිය හැකි පිළිතුර නම්,
ජපානය දියුණු රටක් නොවේද යන්නය.
ජපානයේ සමූහ ඝාතනයක් කළ ආගමික නායක,
ෂෝකෝ ආසහරා හා පිරිසක් එල්ලා මැරුවේ ඊයේ පෙරේදාය.
නවදිල්ලියේ සමූහ දූෂණයක් සිඳු කොට, කෲර ලෙස ඝාතනය කළ දියණියගේ මිනීමරුවන්,
එල්ලා මැරීමට තීරණය කළේ ඊයේ පෙරේදාය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මහා හඬක් නගනා,
වමේ මහත්වරු හා නෝනා මහත්වරුනට මට කියන්නට ඇත්තේ,
මරණ දඬුවම වැඩියෙන්ම ක්‍රියාත්මක කරලා තියෙන්නේ "චීනයේ" කියලාය.
උතුරු කොරියාව ගැන කතා කරලා වැඩක් නැත්තේ,
උන් පිටරටවලදි පවා මරණ දඬුවම දෙන නිසාය.

මරණ දඬුම ක්‍රියාත්මක කලා කියා අපරාද අඩු වන්නේ නැති කතාව සහතික ඇත්තය.
ඒ කියා මිනීමරුවන් හා පාතලයන් සමඟ ආතල් ගන්නටත් බැරිය.
මුන් මිනිස් ප්‍රජාවක් නොව.
මිනිසත් කමට නිගාදෙන කුරිරු නොමිනිස් ත්‍රස්තවාදීනය.
එක්කෝ ඔවුන් ගාල් කර තැබිය යුතුය.
එසේ කළ නොහැකි නම්,
ගාල් කිරීමා නිසි ලෙස ඉටු නොකරනා උන් එල්ලා මැරිය යුතුය.

මිනිස්සු ලෙඩ උනා කියා බෙහෙත් නොගෙන සිටින්නේ නැතිය.
බෙහෙත් අරගෙන ලෙඩ රෝග සනීප කර ගන්නවාය.
අප දැන් කල්පනා කල යුත්තේ ලෙඩ රෝග සමඟ ජීවත් වනවාද.
එසේ නොමැති නම්,
ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන බෙහෙත් බී,
රෝගය සුවපත් කර ගන්නවාද යන්නය.

තවත් ක්‍රමයක් ඇත...

ඒ උවිඳු හා වසන්ත සිරි වටගොඩ ප්‍රමුක මාගේ හිතවතුන්ගේ ක්‍රමයය.

අප ලෙඩ රෝග සමග ජීවත් වෙමු.
ප්‍රතිශක්තිකරණයෙන් වලකිමු. බෙහෙත් නොබී සිටිමු.
අපි යොහෝවා අයදිමු
ආමෙන්
යෙසුස් වහන්සේ නැවත් ඉපද.., අපව මේ පාපයෙන් මුදවා ගනු ඇත.

ඔබ සැමට අබ සරණයි....!!!!

41 comments:

  1. අයිසෙ මාතලන්

    තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව ප්‍රවීණ කලා ශිල්පිනි ජ්‍යෙෂ්ඨ රංගධර නදීෂා හේමමාලි මැතිනිය පවසන්නීය.

    '' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන් මූලික තැනක් ගන්නවා. මම මගේ පෞද්ගලික දේශපාලන ආකල්ප සහ ප‍්‍රතිපත්ති සමග ගැලපෙන දේශපාලන ප‍්‍රතිපත්ති තිබෙන එජාපය තොරාගත්තෙ ඒ නිසා.'' යයි ඇය සඳහන් කරන්නීය.

    ''අපි හැම වෘත්තියකටම ගරු කරන්න ඕනෙ. දේශපාලනය කියන්නේ ඇත්තටම අවංකවම කරනවනම් ශ්‍රේෂ්ඨ සේවාවක්. නමුත් අද අපි ජීවත්වන්නේ පෝස්ට් මොඩන් සොසයිටි එකක. ජනප‍්‍රිය සංස්කාතියට තමා මේ රටේ ජනතාවගෙ වැඩි කැමැත්තක් තිබෙන්නෙ. මෙවන් පසුබිමක ප‍්‍රසිද්ධ චරිත වලට ජනතාව කැමතියි. ඒක එක වෙලාවකට වැරදියි කියලා හිතනවා. මොකද මිනිස්සු බාහිර ප‍්‍රතිරුපයන්ට තමා කැමති, අභ්‍යන්තර හරයට නෙමේ . ඉතින් එතෙන්දි අපිට වගකීමක් තිබෙනවා, හරයක් එකතු කරන්න . එහෙම නැතිවුනොත් බාහිර සාධකයන් ඉස්මතුවෙලා හරයන් නැතිවෙයි.

    දේශපාලන විද්‍යාවත් කලාවත් දෙකම අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ කියන මනෝ මූලික කාරණා නිසා. අපිට නැත්තෙ මේ අධ්‍යනය. මම කලාවට ආපු මුල්කාලයේදීත් හිතපු දෙයක් සහ ප‍්‍රකාශ කරපු දෙයක් තමා රංගනයට ආවත් අපිට අධ්‍යනයක් හැදැරීමක් තිබෙන්න ඕනෙ කියලා....''

    තමාට පොහොට්ටු සන්ධානයට එක්වන්නැයි රාජපක්ෂ කන්ඩායමේ ඉහලම පුද්ගලයින් ගෙන් මේවනවිටත් ආරාධනා ලැබෙන බව පවසන ඇය, එහෙත් තමා එම යෝජනා වැඩිව ප්‍රතික්ෂේප කලේ ප්‍රතිපත්ති දේශපාලනය මත පිහිටා බව අවධාරණය කර සිටියි.

    තමා උපන් ප්‍රදේශයේ තමාගේ කුලයට අයත් මිනිසුන්ගේ කුල ජන්ද පදනම මෙන්ම, පොදු ජන්ද පදනම ගැනත් පොදු ජනතාව ගැනත් විශ්වාසය තබා ඇති කෙනෙකු බවත්, ඒ නිසා ඉදිරි පලාත් සභා මැතිවරණයේදී තමා කෙරෙහි විශ්වාසය තබන්නයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සිස්ටම් එක චේන්ජ් කරන්න නදීශා හේමමාලි වගේ බුද්ධිමත් අතිදක්ෂ සෘජුව වැඩ කරන ක්‍රියාශීලී නායක නායිකාවන් පත්කර ගත යුතුයි, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ම සිසිටොන් එකට ගහන්න සිස්ටොන් එකක් නෑ අයිසේ....
      කරුමේ තියෙන්නේ පුද්ගලයන්ගේ අවුලක්...

      Delete
  2. Honda post ekak. ellum gas yawala me rate aparada nawattanna ba. wena ekama de pathalayo salli wiyadam karala bereddi wena salli nathi kohewath inna ewun gas yana ekayi. pathale genaweth pawathwagena yanneth desapalane karana ewun. mita kalin sudda karapu pathale apahu olowa isuwe kohomada kiyana ekath thawa prasnayak. pathale kudu jawaram nathi karanna patta dushitha polisiyayi nithiyayi ekka ba. ekata wenama wishesha meheyum awashya wenawa awashya thanadi pathalayo ekka gatum athi wenakota ewelawema wedi thiyala maranna arakshaka ansha walata bale denna one. anika kudu bisnes pathala meheyawana ewun ape rate prasiddiye inne. un ekka prasiddiyema thiranathmaka satanak karala kudu pattam karanne nathuwa patta dhushitha usawiyayi polisiyayi gana balaporottu thiyanne pisso.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මේකට බොහෝ සමානයි. සල්ලි තියෙන ඒකා බේරෙනවා. නීතිය අස්සේ රිංගන්න ඉඩ තියෙනවා. සල්ලි වලට නැවෙන රටක මේවා අහිංසකයා මරණ මුව හමට තඩි බෑම් විතරයි. සරත් ෆොන්සේකා උන්නැහේ කියනවා වගේ ත්‍රිවිධ හමුදාවට මේක භාර දුන්නොත් රට ඇතුලට කුඩු එන එක වලක්වන්න පුළුවන්. එතකොට ඔය මුදලාලිලාත් නිකම්ම නිකං පූස් පැටව් විතරයි. හැබැයි දේශපාලන ඇත පෙවීම් නැතුව.

      Delete
    2. කුඩු මාෆීයාවට දේශපාලනය ගෑවිලා තියෙනකන් මේවා නැවැත්තිලි බොරු.... ආයුධ වෙළඳාම වගේම මේකත් ලෝකය පුරාම පැතිරිලා ඉවරයි.... ඇත්තටම නවත්තන්න ඕන වෙළඳාම නෙමෙයි... මත්ද්‍රව්‍ය භාවිතය..

      Delete
  3. ///මා මිත්‍ර "වසන්ත සිරි වටගොඩ මහතා" කියනාකාරයට, සිස්ටම් එක චේන්ජ් කළ යුතු නම්, එය කොහෙන් හෝ ආරම්බ කළ යුතුය. සිස්ටම් චේන්ජ් ඉබේ ඇති වන්නේ නැතිය. ඒ සඳහා විප්ලව කළ යුතුය. විප්ලවයකදි ලේ ගැලීම අති වන එකත් වලක්වන්නට බැරිය. ඒ නිසා අප කල්පනා කල යුත්තේ මේ මජර සිස්ටම් එකට අනුබල දෙන වහලෙක් වෙනවාද,
    එසේ නොමැති නම්, මේ කුණු වී ඕජස් ගලනා, අති බිහිසුනු සිස්ටම් එක විනාශ කිරීමේ පළමු පියවර හෝ තබනවාද යන්නය.///

    ඇත්තටම මාතලන් මෙතන මේ සිස්ටම් එක චේන්ජ් කිරීම කියලා මාතලා කියන්නෙ ජවිපෙ, පෙරටුගාමීන් සහ පොදුවේ සමාජවාදීන් කියන 'ක්‍රම විරෝධය' කියන පිස්සු විකාරයම ඊටවඩා "පොෂ්" කරල හැඩවැඩ ටිකක් දාල පොඩ්ඩක් වෙනස් කරල ගත්තු එකක් නේද?

    මේකෙ මේ දැන් තියෙන 'සිස්ටම්' එක අවුල් නිසා 'සිස්ටම් චේන්ජ් කිරීම', බැලූ බැල්මට ආකර්ෂණීය සටන් පාඨයක්. හැබැති මාතන් ප්‍රශ්නය තියෙන්නෙ චේන්ජ් කරලා ගේන්නෙ මොකක්ද කියන එක.

    ජවිපෙ, පෙරෙට්ටන්, වීරවංස වැනි මාක්ස්වාදීන්ට අනුව නං එය මාක්ස්වාදී සමාජවාදී ක්‍රමයක්. ඒ සිස්ටම් එක දැන් තියෙන එකටත් අන්ත කුජීඑත මර්ධනකාරී, පීඩාකාරී, අකාර්යක්ෂම, රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණය සහ නිලධාරිවාදය ඉහවහා ගිය මහ මජරම ක්‍රමයක්. ඊට දේශීය සහ විදේශීය උදාහරණ ඕනෑ තරම් තියෙනවා. කොටින්ම ඔය කියන සමාජවාදී මාක්ස්වාදී සිස්ටම් එක ඇතුළේ ඉදගෙන මාතලන් ඔය කතාව බ්ලොග් එකේ ලිව්වනම් මෙලහකට මාඅතනුත් හිර කදවුරක් ඇතුළේ බ්‍රේන් වොෂ් වෙන්න වෙනවා.

    හැබැයි මාත මේ දැන් තියෙන සිස්ටම් එකත් පට්ට අවුල්. ඒක හරි. කිසිම සිස්ටම් එකක් පර්ෆෙක්ට් නෑ තමයි. නමුත් මේ ලංකාවේ තියෙන සිස්ටම් එක හොඳටම අවුල්. ළමයෙක් ඉස්කෝලෙට දාගන්න එකේ සිට පාරෙ වාහනයක් එළවීම දක්වාම ඒ අවුල තියෙනව. පාර්ලිමේන්තුවේත් ඒ අවුල තියෙනවා.

    දැන් බලන්න ආණ්ඩු පක්ෂෙයි විපක්ෂයෙයි එකම පක්ෂය ඉන්න රටක් ලෝකෙ තවත් ඇත්ද? පක්ශය වෙනුවට එකම අශුද්ධ සංධානයක් කිව්වොත් වඩා නිවැරැදියි, හැබැයි ඒ විතරක් නෙවෙයි ඉන් පිටත් තියෙනවා. ඉස්පිරිතාලට ගිහාමත් තියෙනවා. ඉස්කෝලෙට, විශ්ව විද්‍යාලෙට ගියාමත් තියෙනවා. ඒ අවුල නිසාම මිනිස්සු රට දාලත් යනවා. ඒකට හේතුව මොකක්ද? හේතුව නොදැන ඵලය වෙනස් කරන්ඩ බෑ. 70 දශකය පමණ වන තෙක්ම සිස්ටම් එක මෙච්චරම අවුල් නෑ කියලයි ඒ කාලෙ හිටපු අය කියන්නෙ. ඒකත් වැදගත් කාරණාවක්.

    මේ සිස්ටම් එකේ තියෙන අවුලට ප්‍රධාන හේතුව සිස්ටම් එක අපට ගැලපෙන්නෙ නැති එක. ඒක හැමදේකටම කියන දෙයක් වගේ පේන්ඩ පුළුවන්. නමුත් බටහිර රටවල 19 වැනි සියවසේ යූස් වුන සිස්ටම්නෙ අපේ තියෙන්නෙ. අධ්‍යාපනය, පොලිසිය, උසාවි, පාරවල් ආදී මේ හැමදේම. ඒ රටවල මේවා කාලයක් තිස්සෙ ඔවුන්ගෙ සංස්කෘතියට සහ හිතීමේ රටාවට ගැලපෙන්න හැදිලා තියෙන්නෙ.

    අපිට යටත්විජිත යුගයේ මේව උඩින් ගෙනල්ලා දැම්මට මේවයෙ වැඩ කරන හැටි අපිට තේරෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නෙ නෑ. ඒක හරියට අපිට ගැලපෙන්නෙ නැති ඇදුමක් අදිනවා වගේ වැඩක්. වෙන කෙනෙකුට ඒ ඇදුම ගැලපුනාට අපිට ඒ ඇදුම ගැලපෙන්නෙ නෑ. අපි කරන්ඩ ඕන කොහොමහරි අමාරුවෙන් ඒ ඇදුම ඇදන් ඉන්න එක නොව අපිට හරියන ඇදුමක් මහගන්න එක නෙවෙයිද?

    ඒ අස්සෙ මාතලන්ලා කියන්නෙ මේ සිස්ටම් එක හරියන්නෙ නැති හින්ද වෙන සිස්ටම් එකක් කොපි කරමු කියලයි. ඒකෙන් වෙන්නෙ මීටත් අන්ත තැනකට වැටෙන එක. කොපි කිරීමම තමයි ප්‍රශ්නයට මුල. කොපි කිරීම නවත්තලා එක්කො අපිට ගැලපෙන සිස්ටම් එකක් අපිම වෙහෙස මහන්සි වෙලා සංවාද විවේචන, ටෙස්ට් රන් කරලා හදාගන්න වෙනවා. නැත්තං තියෙන සිස්ටම් එක අපිට ගැලපෙන විදියට ඇජස් කරගෙන අපි ඒකට අවශෝෂණය වෙන්න වෙනවා.

    ඉකොනොමික් සිස්ටම් එක ගත්තොත් 1970 - 77 කාලෙ සෝවියට් සිස්ටම් එක පස්සෙ ගිහිල්ලා අමාරුවෙ වැටුන අපි, ඒ පිටට එකපාරට හෙන ගන්න වගේ 1977න් පස්සෙ සිංගප්පුරුවේ, ඩුබායිවල සිස්ටම් එක කොපි කරන්න ගිහිල්ලා හතර ගාතෙන්ම කඩාගෙන වැටුනා. ඒ වැටිච්ච වැටිල්ල තමා තාමත් වැටීගෙන යන්නෙ. මේකෙ ඉවරයක් පේන් නෑ.

    ලංකාවේ තියෙන මේ සිස්ටම් ඔක්කොටම හපන් අධ්‍යාපන සිස්ටම් එක. එය තරගය සහ ආත්මාර්ථය මතම විතරයි දුවන්නෙ. ඒ වගේම එය නිර්මාණශීලීත්වය මොට අනුකරණය වැඩි කරන අධ්‍යාපනයක්. ඉතින් මේක නේද මේ ඔක්කොටම මුල?

    ඉතින් කවදා හරි මේ ප්‍රශ්නයේ මුලට එනකං, අපි කොහේ හරි රටක එකක් කොපි කරලා ගොඩයන්න හදන එක නතර කරනකං, අපි අපිට ගැලපෙන සිස්ටම් හදාගන්නේ නැති තාක්කල් මේ සිස්ටම් චේන්ජ් වැල් බයිලා කතා කර කර ඉඳිමින් පොඩි කික් එකක් ගත්තත් එයින් කිසිම වෙනසක් වෙන්නෙ නෑ. ඇත්ත ප්‍රශ්නය ටෙම්පොරරි වැලි දාලා වහන එක විතරයි, ප්‍රශ්නය වහලා තියෙනකොට ඒක තවත් ඔද්දල් වෙනවා. උග්‍ර වෙනවා. අන්තිමට අපි හැමෝටම කෙලවෙනවා, නැද්ද හා? අම්මපා.

    ReplyDelete
    Replies
    1. එක එක රටවල් කොපි කරලා හරි යන්නේ නෑ.... අද තියෙන ලෝක රටාව අනුව අපට ගැලපෙන දෙයක් තෝරගත්තාම හරි...

      Delete
  4. යකෝ මාතලන්,

    ඕස්ට්‍රේලියා රටේ ප්‍රසිද්ධ සුපර්මාකට්වල වල හයිකර ඇති (Self Service Checkout) නම් ස්වයං සේවා භාණ්ඩ ස්කෑන් කර ගෙවීමට හැකි ඔවුට්ලට් ඔස්සේ භාණ්ඩ සොරකම් කරන පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව නිව්ස් වල කියනවා. ඔස්ට්‍රේලියාවේ නිව්ස් - https://bit.ly/2LeMS6L

    ඕස්ට්‍රේලියාවේ මේන් සුපර්මාකට් ජාලයක් වන කෝල්ස් සුපමාකට් ජාලයේ සෙල්ෆ්-service checkout හරහා භාණ්ඩ සොරකම් කරන පිරිස දිනකට 100 ඉක්මවන බව එහි ආරක්ෂක අංශ පවසන බව www.news.com.au වෙබ් එකේ 2018 ජූනි වල දාල තිබ්බා.

    ඕස්ට්‍රේලියාවේ self service chekout කම්බ හොරුන් වර්ග කීපක් න්ම් කර තියෙනාතර සෙල්ෆ්-service checkout හරහා සිදුවන සොරකම් පිළිබඳ සමීක්ෂණයක් කැන්ස්ටර් බ්ලූ (Canster Blue) පර්යේෂණ ආයතනය නිකුත් කරා.

    කැන්ස්ටර් බ්ලූලගේ එම සමීක්ෂණය සඳහා පාරිභෝගිකයින් 2,200 ක් වෙත අවධානය යොමු කර ඇති අතර එයින් 7% ක් පමණ self service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම සොරකම් කරන බවත් 9% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.

    එමෙන්ම 2016 (මීට වසර දෙකකට පෙර) ද මෙම අගයන් මෙලෙසම තිබු බව ඔවුන්ගේ එම වාර්තාවේ ලියා තිබේ.

    ඇත්තෙන්ම මෙය බරපතල ගැටළුවක් බව Canster Blue කර්තෘ Simon Downes පවසන අතරම සෙල්ෆ්-service checkout තීවෙස්ලා වැඩි වශයෙන් සොරාගන්නා ද්‍රව්‍ය අතර ප්‍රධාන භාණ්ඩය ලෙස එළවලු වර්ග පත්ව ඇති අතර එහි ප්‍රතිශතය 24% ක්, packaged කරන ලද ආහාර 16% ක ප්‍රමාණයක්ද ස්නැක්ස් වර්ග සහ බීම වර්ග 12% ක්ද ළමා නිෂ්පාදන 12% ක්ද ඇසුරුම් කරන ලද නැවුම් මස් 10% ක්ද ඕනෑකමින්ම සොරකම් කරන බවට ඉහත සමීක්ෂණයෙන් හෙළිවී ඇති බවත් මෙලෙස වැඩි වශයෙන් භාණ්ඩ සොරාගනු ලබන්නේ වයස අවුරුදු 18-29 අතර පිරිස් බව අනාවරණය වී ඇත. ඔවුන්ගෙන් 12% ක් පමණ self service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම් සොරකම් කරන බවත් 14% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.

    සමීක්ෂන වාර්තා අනුව නම් සාමාන්‍යයෙන් වයසින් වැඩි පිරිස් මෙසේ සොරකම් කිරීම තරමක් අඩුවෙන් කරන බවත් පලාත්/ ප්‍රාන්ත අනුව සොරකම් කිරීම වෙනස් වන බවත් කියනවා.

    මේසේ භාන්ඩ සොරකම් කරන ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් (New South Walse) වලින් බවත් ඊලඟට වික්ටෝරියා (Victoria) වලින් බවත් වාර්තාවල සඳහන්. සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් බහුලව සිදු කරන ප්‍රාන්තය ලෙස ද වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 10% කි. සොරකම් කරන ප්‍රමාණය අඩුවෙන්ම වාර්තා වන්නේ දකුණු ඔස්ට්‍රේලියාවෙන් (South Australia) වන අතර එය 3% කි.

    එමෙන්ම සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් අඩුවෙන්ම සිදු කරන ප්‍රාන්තය ලෙස ටස්මේනියා (Tasmania) ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 2% කි.

    මේ සොරකම් බහුල ලෙස සිදුවීම නිසා එම සොරකම් වල පාඩුව ඉතා අධික බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි මාකට් ජාලා ද්විත්වය වන වූල්වර්ත් Woolworth සහ කෝල්ස් Coles හි වාර්ෂික ආහාර අලෙවිය පිළිවෙලින් ඩොලර් බිලියන 36.4 ක් සහ ඩොලර් බිලියන 29.7 ක් වන බවත් ඒවායින් හරි අඩක්ම සෙල්ෆ්-service checout හරහා අලෙවි වන බව වාර්තාවේ සඳහන්.

    ඒ අනුව මෙම සොරකම් හේතුවෙන් වූල්වර්ත් Woolworth ට ඩොලර් මිලියන 546 ක (ලංකාවේ මුදලින් රු. බිලියන 65ක් පමණ ) සහ කෝල්ස් Coles ට ඩොලර් මිලියන 445 ක (ලංකාවේ මුදලින් රු. බිලියන 53 ක් පමණ ) දැවැන්ත පාඩුවක් සෑම වසරකම වාර්ෂිකව සිදුවන බවද වාර්තා වල දැක්වේ.මේ මෑතදී ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති වාර්තා වල සටහන් වූ පුවත් කිහිපයක්. මීට අමතරව තවත් හොරකම් රාශියක් සිදුවේ. වෙනත් සුපර්මාකට් වල වන හොරකම් එක්ක බැලුවාම මේක විශාල අර්බුදයක්.

    මේ ගැන මාතලන් සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකේය පුඟුලන් කියන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. උඹේ නෑ කෙනෙක්ම පිළිතුරු සපයා ඇත...

      Delete
  5. මරණ දඬුවම ගැන ලියාපු ලිපියකට, යන්නේ කොහෙද? මල්ලේ පොල්! ආකාරයේ මේ කොමෙන්ට් එක දැක්කාම අද සිකුරාදා හවස දෙකක් දාගෙන, කාලා, කොම්පීතරේ පැත්තේ ආපු මට ඕල්ඩ් රෝයලිස්ට් කෙනෙක් වන මාතලන් වෙනුවෙන් සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පුඟුලෙක් හැටියට පිළිතුරක් දෙන්න හිතුනා.
    වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්.

    ReplyDelete
    Replies
    1. උන්ට පාඩු උනාම අපිට පාන්ද අප්පා...

      Delete
  6. අච්චර බයනැති
    ජේ.ආර්. ගොයියා
    අත්සන ගහන්න
    කොච්චර නම්
    බය උනාද

    ඒ පව නොකලට
    වෙන පව් කරලා
    නිරයට ගිය බව
    දන්නෝ දනිති

    මොකුත් නොකළ
    සිරිසේන උන්නැහේ
    "එල්ලුම් ගහේ නාටකය"
    විස්සයි විස්ස තෙක්
    ඇදගෙන ඇදගෙන යාවි

    ඉන් ඉක්බිති
    මහජන මුදලින්
    විශ්‍රාම සුවයද
    විඳීවි

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ යන විදියට මේ ආන්ඩුවර ළඟදිම එන විරෝධය මරලා මිසක්ක නැති කරන්න බැරිවෙයි

      Delete
  7. උන්ව එල්ලුවහම ප්‍රිසන් ගාඩ් මහත්තුරුයි නීතිත්න මහත්තුරුයි සල්ලි හොයන්නෙ පොල් කඩලැයි//...අපි එල්ලෙමු ඔය ගස් බල්ලන්ව ඉතුරු කරල...

    ReplyDelete
    Replies
    1. නවත්තන්න ඕන නම් පටන් ගන්න ඕන ජේලර්ගේ ඉඳලා

      Delete
  8. සිරිසේනගේ කතා ගැන බිය විය යුතු නැත. මේ මිනිසුන්ගේ ආකර්ශනය ලබා ගැනීමට කරන විහිළු කතාය. රාජිත සේනාරත්න (දත්) දොසතර කියනා පරිදි අප තේ-රබර්-පොල්-වී වෙනුවට ගංජා වැවිය යුතුය. එය ඉතා ලාභ දායක වගාවකි. පාසල් දරුවන්ටද ගංජා දැමූ බිස්කට් කෑමට පුරුදු කළ යුතුය. ඇමරිකාවේ නම් පාසල් අවට ඒවා සුලබය.

    ReplyDelete
    Replies
    1. ගංජා වැව්වා නම් අපි ගොඩේ ගොඩ...

      Delete
  9. +++++++++ nice to see a post of yours.

    ReplyDelete
    Replies
    1. මාතලන්

      WM මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ සුසිල් ඇන්ඩ්රසන් සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සඳහන් කළේය.

      කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පැවැති පර්පචුවෙල් ටෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

      2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදු කළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කළේය.

      එසේම ඔහු එම මුදල් රවිකරුණානායකගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා මහතා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

      ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ්
      පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සදහන් කළේය.

      ජනාධිපති නිතීඥවරයා එලෙස සදහන් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.

      අදාළ සිම් කාඞ්පත්වලට අදාළව දුරකතන වාර්තා කැදවා සහ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබන බවද මෙහිදී ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

      එසේම, මෙහි සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව එතෙක් කල් තැබීය.

      Delete
    2. වෙන රටවල් බදු ගෙවන්නේ මිනිස්සුන්ට බෙනිෆිට් හම්බවෙන නිසා මාතලන්. මෙහෙ බදු ගහන්නේ ආණ්ඩු පවත්වාගේන යන්න, මේ ආර්ථික කඩා වැටීමට එක ලොකු හේතුවක් මහ බැංකු වංචාව ඒකෙන් කප්පං දීපු එක ඇරෙන්න වෙන මොකුත් කලේ නෑ, දැන් බලපං සිල්ලර කඩයක් කරන එකෙක් ඔය බදු ගෙවීම් තිතටම කරොත් ඌට වෙන්නේ ආදායමෙන් රෝල කරකව කරකව ලෙවන්න තමා. ඒක හින්දා උන් හරියට බදු ගෙවන්නේ නෑ, ගෙව්වා කියලා ඌට ලැබෙන ලබ්බකුත් නෑ, ඔය ලොකු බිස්නස් කරන උන් බද්දෙන නිදහස් වෙන්න තමා 2.50 ෆිල්ම් වලට ඉන්වෙස්ට් කරන්නේ, ඊට ප්ස්සේ බිල දාලා පෙන්නනවා මෙච්චරක් ගියා කියලා. එහෙම එකේ බදු වැඩි කරා කියලා ඕකෙන් වැඩිම බලපෑම වෙන්නේ මද්‍යම පාන්තිකයන්ට.

      Delete
    3. Dear Ian,

      Please refer below self-explanatory letter FYI & action;

      //To:
      The President
      Prime Minister,
      Bunch of Cabinet Ministers and the hundreds of other assorted
      Ministers

      Sir, I write on behalf of the Professionals & Businessmen of democratic republic of Sri Lanka.

      We are not defrauding taxes. We are trying to save Taxes to get the bare basics for our families

      1. We buy;
      Generators/Inverter/UPS/solar systems because the Govt. has failed to provide a reliable power supply.

      2. We install our own clean water systems because the Govt. has failed to provide safe drinking Water.

      3. We hire security guards and use expensive CCTV because the Govt. has failed to ensure our safety (The politicians and their hangers on travel with armed escorts with our money)

      4. We send our children to Private Schools because the Govt has failed to provide good schools (The school fees of the politicians' and officials' children are sponsored by obliging businessmen)

      5. We admit to private hospitals because the Govt. has failed to provide decent medical care. (The President's fund pays the full bill for Govt Ministers and their cronies to go to Singapore/ USA for treatment)

      6. We buy and maintain cars because the Govt. has failed to provide decent public transportation.

      Finally...,

      What does the Tax Payer get in return on retirement, when he needs it most to survive?

      Nothing! Not even social security. His own EPF and ETF too is embezzled by the Govt. by central bank bond scams

      Throughout his lifetime, his earnings are used by the Government to give subsidies to the masses for buying votes.

      What else does the govt do with our tax money?

      -Set up courts which give judgements as asked by the Govt.

      -Operate police stations which work mainly for politicians

      -Operate hospitals which fail to treat the needy

      -Build roads and infrastructure to steal our money (UNP official propaganda state 40-100% to 1000% has been stolen by Rajapakses in 2015).

      And the list is endless...

      If the SL Government too provided the above as done by the governments of civilized countries,
      why would anyone avoid or evade paying taxes?

      We all know that the entire tax revenue is misappropriated by officials and Politicians (ref: billions of dollars are lying in foreign banks according to UNP).

      A Business works at a margin of between 2% to 10% , whereas the government takes 30% of his income to cover its wasteful expenditure. Is it at all fair?

      Sirs, That's why Sri Lankans do not want to pay Taxes .

      We save our tax money for our necessities, for our old age ,
      for our safety and security.
      This phenomenon indicates the failure of the Government in discharging its own functions fairly and efficiently.

      The Government alone is responsible for this.//

      (Kindly submit this to relevant personnel since you are an official henchman of current extremely corrupted GG Regime lead by UNP party)

      Delete
  10. නරකද ටී.වී. එකේ මෙහෙම ඇඩ් එකක් දැම්මොත්

    ඔබ කර ඇති වැරදි අනුව ඔබගේ නඩු ෆයිල් එක ඔබම ඕපන් කර ගන්න. ඔබේ දඬුවම ඔබම තීරණය කර ගන්න. මරණ දඬුවම ඔබට හිමි විය යුතුනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබේ ලිපි ගොනුව ආරම්භ කරන තෙක් නොසිට ඔබම බෙල්ලේ වැල දා ගන්න. වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. දැනත් සම හරක් ඒක ක්‍රියාත්මක කරනවා නේ මචෝ

      Delete
  11. ඒකාධිපති කපටියෝ බලයට පත්වුනාම උන්ගේ පවුල් වල එවුන්ටයි කඩේ යන එවුන්ටයි ඇති පදමට හම්බකරගන්න දෙනවා විතරයි රටේ දියුණුවට වැඩක් කරන්නේ නෑ.. ඊළඟට උන් එලවන්න බලයට පත්වෙන එවුන් දෙපැත්තට වැනි වැනී ඉඳල දූර කාලය ඉවරවුනාම කිච වෙලා ගෙදර යනවා. ආයේ එකාධිපතියෝ බලයට පත්වුනාම උන්ගේ පවුලයි වටේ ඉන්න හෙන්චයියොනුයි ගොඩ දානවා.. ආයෙත් උන් එලවන්න බලයට පත්වෙන එවුන් දෙපැත්තට වැනි වැනී ඉඳලා කිච වෙලා ගෙදර යනවා.. ඉතිහාසයේ ඉඳන් ගත්තාම අම්මට සිරි ලංකාවේ ඔයිට වඩා දෙයක් වෙලා තියෙනවද ????? ඕකත් කීයටවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා හිතන්න හේතු සාධක බොහොමයි..

    ReplyDelete
    Replies
    1. මෙතන උනේ මේක නේ මෙයා
      එක පවුලකට කෙලින්න ගිහින්
      රටේ ඔක්කෝම පවුල් වලට හැමිනව ගත්තා...

      Delete
    2. මේක ටිකක් අමුතු තාලේ කතාවක්. වයස අවුරුදු 17ක් පිරුණු ඔහු අපොස සාපෙලෙන් පසුව පාරට බහින්නේ ත්‍රීරෝද රථයක් ධාවනය කොට කීයක් හරි හරි හම්බ කරන්න. ඔහු නමින් සමීර මනහර. මෙලෙස මාවතේ ජීවිතය ගෙවන අතරේ එවකට අත්‍යාවශය සේවා කොමසාරිස්ව සිටි ශ්‍රීපතී සූරියආරච්චි සමග සබතාවයක් ගොඩ නගා ගන්නා ඔහු චන්ද්‍රිකා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර හමුවීම සදහා යන්නේ ශ්‍රීපතීගේ ඉල්ලීමකට.
      ඒ මංගලගේ රියැදුරු රැකියාවක් ලබාගන්න.

      ඇතුල්කෝට්ටේ බංගලා හන්දියේ ගුණවර්ධන පාරේ පිහිටි මංගලගේ සහෝදරියේ නිවසේදී ශ්‍රීපති මෙම සමීර නැමැති තරුණ කොළු ගැටයාව මංගලට මුණ ගස්වනවා.
      ඉතා කඩවසම් පෙනුමක් සහිත මේ පොඩි කොලුවාට මංගලගේ පරිවාර රථයේ රියැදුරු අසුන භාරවෙන්නේ ඉන් අනතුරුවයි.
      මෙලෙස රැකියාව කරන අතරතුර මංගලට වඩා සමීපවන සමීර අවසානයේ නවතින්නේ මංගලගේ ශරීර සහයකයා ලෙසයි. මංගල සිය සියළු පෞද්ගලික කටයුතු පාලනයට සමීරට අවසර ලැබෙන අතර මංගලගේ පෞද්ගලික කාර්ය මණඩලයේ නිල නොලත් ප්‍රධානියා වන්නේද සමීරයි.මංගලගෙන් සියළු වරදාන හා වරප්‍රසාද ලැබෙන සමීර අද වන විට කෝටිපතියෙක්. අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් වරයෙකු සතු නොවන සැප සම්පත් ගණනාවක්ම සමීර සතුවන්නේ මංගලගේ කූඨ ව්‍යාපාරවල අයිතිය තමන් සතුකර ගනිමින්. පසුගිය දිනෙක් හෙරොයින් සහ කොකේන් ප්‍රවාහන්ය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වුනේ මෙම සමීර මනහරටමයි.කදාන ප්‍රදේශයේ සුවිසල් මාළිගාවකට හිමිකම් කියන සමීර සතුව මේ වනවිට කළුපැහැති නවීනතම සහරා වර්ගයට අයත් ජීප් රථයක්, නවතම මාදිලියේ රථයක් මෙන්ම තවත් සුඛෝපභෝගී කාර් රථයක් පවතී. ඊට අමතරව මංගල විසින් සමීරට ලබාදුන් කොන්ත්‍රාත්තුවක්ද මේ දිනවල සමීර ගොඩයන මාර්ගයක් බවට පත්වෙලා තියේ. ඒ කොළඹ වරාය නගරයෙන් පිටකරන වැලි වැල්ලම්පිටිය පාරේදී සෝදා අලෙවි කිරීමේ ඒකාධිකාරියයි.
      අප මේ සම්බන්ධයෙන් අනාවරණය කලේ වෙන කිසිත් නිසා නොව වෙබ් මාධ්‍ය මාෆියාවේ බළල් අතක් වන මංගලගේ සහචරයන් මෙලෙස දියුණු වන්නේ කුමන අයුරින්ද යැයි සොයා බැලීම සදහා ජනතා අවධානය යොමු කිරීම වෙනුවෙනි. ඊයේ දිනයේ සමීරගේ නිවසේ දිවා ආහරය ලබාගත් පිරිස. මංගල හා රුවන් ෆර්ඩිනෑන්ස්ද මේ අතර වේ.

      (උපුටා ගැනීමකි)

      Delete
  12. මාතලන් 2020 ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වන බවට පැතිරෙන කථාබහත් සමග ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් දැන් පිල් බෙදීමට පටන්ගෙන තිබේ. මෙම ජනපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාට ලැබෙනවාට ඇතැමුන් විරුද්ධය.

    ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටි දෙදෙනෙකු වන්නේ
    කුමාර වෙල්ගම හා වාසුදේව නානායක්කාරයි.
    ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් ඊයේ (14) වෙල්ගම මෙසේ පැවසිය.

    "විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා.
    එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?
    එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ !"

    මේ අතර ඊයේ 14 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේ කියා ඇත.

    "ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙකු නෙවෙයි. ඔහුට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නැහැ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ පසුපස්සෙ ඉන්න බලවේග ගත්තාම අතිශය භයානකයි. ඒ කියන්නෙ හමුදා බලයක් ඇතිකිරීමේ අදහසින් තමා ගෝඨාභය රාජපක්ෂව ඉස්සරහට දාලා තියෙන්නෙ. මිලිටරි බලයක් හදන්න. දැනටම හිටපු හමුදා නිලධාරී සරත් වීරසේකර කියලත් තියනවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තම දේශප්‍රේමී කණ්ඩායම බලයට ආපු දාක එල්ලුම් ගස් යවනව කියලා. එහෙම දෙයක් කියන්නෙ කොයි තරම් බලයක් හිතේ ඇතිවද? ඔවුන්ගේ ඇතුළත තිබෙන මිලිටරවාදී ගතිය. ඔවුන් සූදානම් වෙන්නේ. ඉතාම තද ජාතිකවාදී මිලිටරි වාදී ආණ්ඩුවක් හදාගන්නයි. හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්දනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ.

    වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි."

    ගෝඨාභය හරහා කප්පාදු වන වැඩ වර්ජන අයිතිය යනු මූලික අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම උදුරා ගැනීම පැහැදිලිවම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවකි. එපමණක් නොව, වැඩවර්ජනය කිරීමේ අයිතියට එරෙහිව සමාජ මත සැකසීම හරහාත් නීති අණ පනත් හරහාත් අධිකරණ තීන්දු හරහාත් හැම විටම පාලකයෝ සිය උවමනාව ඉටු කර ගැනීමට උත්සාහ කරති. මේ වන විටත් වැඩ වර්ජන අයිතිය මුළුමනින්ම උදුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය සහිත පනතක් "වියත් මග" බලඇණිය සකස් කරමින් ඇති බවට තොරතුරු ලැබී ඇත. එය එසේ නම් මේ එන්නේ පෙරහැරේ කසකරුවන් විය යුතුය.

    ගෝඨාභය ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන කම්කරු අයිතිවාසිකම් උදුරා ගැනීමේ ගමන් මගට එරෙහිව පුළුල් ජන පෙළ ගැස්මක් පෙළ ගැසෙනු ඇත.

    ඒ නිසා ඉහත සංදර්භය තුළ මේ ගෝඨා මර්දනයට එරෙහිවීම වැඩකරන ජනතාව ප‍්‍රමුඛ සියලූ පීඩිතයන්ගේ වගකීමකි. වැඩවර්ජන අයිතිය උදුරා ගැනීමට සැරසෙන මෙම උත්සාහයට එරෙහි වන ලෙසත් සේවක අරගලයට සහාය පළ කරන ලෙසත් සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    මේ ගැන මාතලන් කියන්නේ කුමක්ද?

    ReplyDelete
  13. මාතලං මස්සිනේ
    ඔයා පස්ස උඩ දාගෙන සුපර් මාර්කට් යන 2020 ඝෝඨා(බය) උන්නැහෙත් ඔය මරණ දඩුවමට විරුද්දලු නේද? හැබැයි ඉතිං සුදුවෑන් වලට විරුද්ධයි කියලා නම් නෑ..

    ReplyDelete
    Replies
    1. එල්ලලා මරණ එකටයි විරුද්ධ... තා ඕන තරම් ක්‍රම තියෙනවා නේ මෙයා

      Delete
  14. මචන් එංගලන්තයේ මරණ දඬුවම අවුරුදු 50 කලින් අහක් කලේ අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ම පොලිසියේ වැරදි දී නිසා මරණිය දණ්ඩනය ලැබූ නිසා. ලනක්වේ පොලිසියේ හා නීතියේ තත්වයේ හැටියට අහිංසක මිනිස්සුනට ඒවා ගේ දේ වෙන්න තියන භාවිතාව වැඩි නැත්ද? හොරු බේරිලා හොඳ මිනිස්සු මරන්න ඕන තරම් ඉඩ තියනවා. මම කියන්නේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන දිහා බලල.
    මම නම් මොන රටෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට විරුද්ධයි. නමසිය ගානක් මරලත් බුදුන් වහන්සේ පවා අංගුලිමාල හමුවෙන්න ගිය නොව.

    ReplyDelete
    Replies
    1. ඒ මචං බුද්ධා දැනගත්තා නැත්නම් තමන්ටත් බඩු බනිස් කියලා...

      Delete
  15. මරණ දඬුවම එතිකල් නෑ. හොඳම විසඳුමත් නොවෙන්න පුලුවන්. මං හිතන්නෙ ඉස්සර මාතලන් වුනත් ඒක ගැන කැමැත්තක් තිබුනෙනෑ. ඒත් ඒක නීත්‍යානුකූලයි සහ මේ අවස්ථාවේදී කරල බලන්න ඕන විසඳුමක්.
    යුද්ධ කාලෙ ආණ්ඩුවෙ හමුදාවට ත්‍රස්තවාදීන් මරන්න වුනා. ඒක ආගම්වලින්වත්, එතික්ස් වලින්වත් අනුමත කරන්න බෑ. සතුටුවෙන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. එසේ කිරීමේදි වැරදි වෙන්නත් පුලුවන්. ඒත් යුද්ධයේදි සතුරන් මරන්න ඕනෙ රට හා සමාජය ආරක්ශාකරන්න. ඒක හොඳ දෙයක් නොවුනට, අවශ්‍ය දෙයක්. මේකත් ඒවගේ තමයි

    ReplyDelete
    Replies
    1. මීට වැඩිය වැරදි කරපු එවුන් හා කරන්න පුලුවන් එවුන් ඉන්නවා, උන්ව අහුවුනේ නෑ කියන එක මේකට තර්කයක් නෙමෙයි. අහුවෙලා නීතියෙන් වැරදිකරු වෙලා අභියාචනවලිනුත් තහවුරුවෙලා ඉන්න උන්ව එල්ලන්න නැතුව ඉන්න ඕනෙද ඔක්කොම එවුන් අහුවෙනකං?
      යුද්ධ කරනකොට ලොකු ත්‍රස්ථවාදියෝ අහුවුනේ නැත්නම් පොඩි ත්‍රස්ථවාදීන්ට වෙඩි තියන්නෙ නැද්ද?

      Delete
    2. ප්‍රා මරණ දඬුවම දුන්නාය කියල අපරාධ අඩුවෙනවා කියල එකක් නැහැ. එහෙම නම් ඇමෙරිකාවේ අපරාධ නොවී තියෙන්න ඕනේ. ප්‍රා වගේ නීතිඥයෙක් හොන්ඩ අවෙන්න පලුවන්. හේමන්ත වගේ කෙනෙක් අනිත් පැත්තට ඉන්දල පොලිසිය එක්ක එකතුවෙලා අහිංසකයෙක් පෝරකේට යවන්න තියන ඉඩ කඩ වැඩි නැත්ද ලංකාවේ හැටියට.මට හිතෙන්නෙම මේ නිතිය ගේන්නේ විරුද්ධවාදියෝ දෙතුන් දෙනෙලුට කළු කුඩු බස්නේ දෙන්න කියල.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න