මාතෘකාව ඒක උනාට මේ දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕන.... ළෝක වාසි ජනතාවට කළ උදාර මෙහෙයට.. මගේනම් අදහස මේ උත්තමයෝ මුනිවරු.. ඇත්තමයි මල් තියල වැඳුම් පිඳුම් කරන්න ඕන මහත්වරු......
මේ දවස්වල ක්‍රෝම් එකේ එකසිය ගානට කචල්.. කොමෙන්ට් දාන්න ගියාම මල පනිනව හොඳම එකෙන්.. ගූ ගල් වල හුටපටයක්ද..? ජනෙල් වල හුට පටයක්ද..? අනේ මන්ද....? කොහොම හරි බොග් කඩෙත් වහල තිබුන මෑතක දවසක අළුත්වැඩියා කටයුතු සඳහා..
කුඩු කාරයො වගේ මේවට ඇබ්බැහි වෙලා ඉන්න අපි වගේ බොග දාන අයට ඇති වෙන සික් එක ගැන කියන්න ඕන නැහැනෙ.. මම දැක්ක කොමෙන්ට් වල "වෙද මහත්තයයි", "මාරය" යි දෙන්නත් මේ ගැන සඳහන් කොරල තිබ්බ.. ඒ උනාට දැන් නම් හරි වගේ....
මේ ජෝක් එක මම ගොඩක් කාලෙකට ඉස්සර කියෝපු එකක්.. මේ කචල් එක හින්ද ළගඳි මතක් උනා..
ඔන්න සුපුරුදු පරිදි බිල් ගෙට්ස් ලොක්කත් ගියාලු අපායට (හොඳ මිනිස්සු යන්නෙ එහාටනේ..)
කෙලින්ම එක්කගෙන ගියාලු යම රජ්ජුරුවො ගාවට. යම රජ්ජුරුවොන්ටත් අපිට වගේ මල පැනලලු හිටියෙ එයාගේ කොම්පියුටරෙත් නිතරම කචල් දෙන නිසා..
"හහ් හා... ඔහේ එනකම් තමයි මම බලාගෙන හිටියේ.. හොඳ වැඩත් කොරල තියෙන නිසා මම ම ඔහේව එක්ක යන්නම්කෝ දඬුවම් පෙන්නන්න" කියපු යම රජ්ජුරුවො ගේට්ස් ලොක්කත් කතා කරගෙන යනවලු අපාය වටේ..
ඉස්සෙල්ලම එක්ක ගිය කාමරේ යම පල්ලො දෙනවලු නරයොන්ට පනිෂ්මන්ට්.. කට්ටියක් රත්වෙච්ච යකඩ වලින් පුච්චනවලු, කට්ටියක් ලෝදිය පොවනවලු, කොටින්ම මුලු කාමරේම ගිනි ගොඩක්ලු....
ඊළඟට එක්ක ගිය කාමරේ ඇතුලෙ, තවත් වීදුරුවකින් කවර් කරපු කාමරේක, සියළුම සුඛෝපභෝගී කෑම ජාති බීම ජාති පුරවල තියෙනවලු, හැබයි බලන්න විතරයි පුලුවන් කන්න බැරිලු.. ඒකේ ඉන්න නරයො කෙල පෙරාගෙන බඩ ගින්දරෙන්ම පිච්චෙනවලු..
ඊළගට එක්ක ගියේ යම රජ්ජුරුවොන්ගේ බෝඩ් රූම් එකට අල්ලපු කමරේටලු.. කිං යමාම දොර ඇරල පෙන්නුවලු.. කවුරුත් නැති කාමරේක, කෑම ටින්, වයින් බෝතල් මදිවට කාමරේ කෙලවර මේසෙක ගොන්පීටර් රාජයෙකුත් ඉන්නවලු..
"මේක හොඳයි.. මේක හොඳයි" කියපු ගෙට්ස් මහත්තය පැනල ඒ කාමරේ සෙලෙක්ට් කොර ගත්තලු.. කිං යමා දොර වහල බෝඩ් රූම් එකට ගියාලු...
"ඒ ආවේ බිල් ගෙට්ස්.." කිං යමා ආඩම්බරෙන් කිව්වලු යම ඩිරෙක්ටස්ලට..
"අපිත් බලාගෙන හිටියේ.. කොච්චර කළත් වැඩේ එච්චර හරි නෑ නේද..??? හැමෝම කතා වෙනව එයාට කෑම බීම තියෙන සුපිරි රූම් එකක් දීපු එක ගැන... අනික කොම්පුයුටරේකුත්... ඔබ වහන්සේට අමතක උනාද....??? මේ අපාය..."
"හහ්... හහ්... හා.. ඒ ගැන තොපි කළබල වෙන්ට කාරී නෑ.. ඒ හැම ටින් එක්කම, වයින් බෝතලේකම අඩිය නෑ..."
"අවසර දේවයන් වහන්ස ..... එතකොට කොම්පියුටරේ....???.."
"ඒක වැඩ.. ඒ උනාට කී බෝඩ් එකේ කීස් තුනක්ම නෑ"
"මොකා.. කීස් තුනක්...???.."
"ඔව් යකෝ..... "කොන්ට්‍රෝල්, ඕල්ටර්, ඩිලීට් කීස් තුනම නෑ....."












