හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Mar 29, 2019
Mar 22, 2019
Mar 20, 2019
Mar 15, 2019
ජඩමාධ්‍ය හා සමාජ මාධ්‍ය ජඩයින්
කතාකිරීමට යන්නේ නවසීලන්ත සිදුවීම ගැනයි කියා කෙනෙක් හිතන්නට පුලුවන් ය. එයත් එකක් පමණය. නවසීලන්ත සිදුවීම පිලිබඳ මුලින්ම ලිව්වේ සයිබර් වරිගේ උන්ඩියා හෙවත් Damith Kethaka ය. ඔහු විශේෂයෙන් සදහන් කර තිබුනේ, ඒ වන විට සමාජ ජාල තුල සංසරණය වෙමින් තිබු වීඩියෝවේ ලින්ක් එක කොමෙන්ට් එකක් ලෙස නොදමන ලෙසය. එසේ දැමුවහොත් වහාම එය ඩිලීට් කරනා බවය. ඒ උගේ මහත්මා කමය. උගත් කමය, වැදගත් කමය. ඌ ඒ ඉල්ලීම කළේ නවසීලන්ත පොලීසිය එම ඉල්ලීම කිරීමටත් පෙරය.
Mar 7, 2019
Mar 2, 2019
රථ ගාය II - Mad Max II
රථ ගාය - Mad Max
"කොළුවට රථ ගාය" කියා අපේ ආච්චී ඒ කාළේ කිව්වේ, මාතලන්ටත් පොඩි කාළේ රථ ගාය තදටම තිබුන නිසාය. තාත්තාගේ ඇන්ජිම නැති පුස්සගන් එක තාප්පයට ඇන හොඳටම බැනුම් අසා ගත්තේය. මලයාගේ රථ ගායට, රතු පාට ලී කෑල්ලක් දෙහි ඇඹුලෙන් ඌරච්චි කර ගෑ බවත් මතක ඇත. ඒවා ගෑ විට තවත් රතුවේ. ඒත් දෙසරයක් තුන් සැරයක් ගාන විට අර රථ ගාය නැතිවේ.
Mar 1, 2019
Feb 22, 2019
නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මාතලන්ගේ සත්දෙක...
නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මගේ සත්දෙක.
*****************************************
ලංකාවේ දකුණේ ඉදිරි දේශපාලන අනාගතය නිර්මාල් පරිකල්පනය කරන්නේ...
දේශපාලන කතිකා තුනක් ඇසුරෙනි. ඒවා මෙසේය:
* ගෝඨාභය රාජපක්ෂ කේන්ද්‍රකරගත් වියත්මග කතිකාව
* ජවිපෙ කේන්ද්‍ර කරගත් ජාතික විද්වත් සංවිධාන කතිකාව
* Vidarshana Kannangara විසින් සංකල්පගත කර ඇති ජන අරගල වමාංශය පිළිබද කතිකාව
අප දැන් මේ කතිකාවන් තුනම දැක ඇත්තෙමු... මින් අප වඩාත් කැමති කන්නාගේ කතිකාවට වුවත් එය එජාපයේ බලල් අතක් බව පැහැදිලිව පෙනේ.. මීළඟ චන්දයකින් එජාපයේ ඇට දෙකද නැතිවනාතර.. ඉන්පසු අපේ සිහිණය වන කන්නාගේ කතිකාවට නැවත එක් විය හැකිය...
අද ලෝකයට ගැලපෙන, ඝෝඨා අප රටට හදුන්වා දුන් පොලිටිකල් ෆෝරම් කල්ට් එක කොපි කරමින් ජෙප්පන් විසින් සුගතදාස ඉන්ඩෝර් එකේ පැවැත්වූ ජාතික විද්වද් සභාවේ උන් අති බහුතරය පවතින සිස්ටම් එක තුල ෆේල් වූ කටින් බතල හිටවන සෙට් එකක් ය... පෝය දවසෙත් ටයි දාගෙන ආ ඒ ගල් යුගයේ විද්වතුන් සියල්ල තියරි කාරයෝ පමණක් වනාතර... ඔවුන් එජාපයේ රනිල් රවී හර්ෂ හා එරාන්ට සමකළ හැකි බයිලා කාරයෝය...
උදා : ඇමතියා සීගිරියට ගඩොල් ඇදීම
එහෙත් හොටෙල් ෂැන්ග්‍රිලාහී පැවති ෆෝරමයෙන් පසු පොලිටිකල් ලෝකය උඩුයටිකුරු වූ අතර බැසිල්ගේ පමණක් නොව මහින්දගේද බඩ බුරුල් වී ගියේය. රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයන් සියල්ල රැස්වූ එය රටේ අනාගතයයි...
රටේ දියුණුව ඇත්තේ හිගන ගොවීන් අතරවත් කම්මැලි කම්කරුවන් අතරවත් නොව පෞද්ගලික ව්‍යවසායකත්ව මතම පමණමය.
මාතලන් කියන්නේ...,
අද නන්නපෝල් වී ඇති රටේ ආර්ථිකය ගොඩගෙන, රට දියුණුව කරා ගෙන යා හැක්කේ, එම පිරිසට පමණමයි කියලාය .....
Feb 18, 2019
බස් අනතුර , D S ගුණසේකර හා මග මරුවෝ
කොළඹ ට්‍රැෆික් පොලිස් කාරයෝ ඉසේ කෙස් ගානට හන්දියක් හන්දියක් ගානේ ඉන්නවාය.
ඒත් කොට කොටා යන බස් රථවත්, රේස් යන බස්කාරයෝවත්, හයිපයි වාහනවත් සම්මජ්ජාතියේදී අල්ලන්නේ නැතිය.
උන් අල්ලන්නේ අහිංසක් ත්‍රී වීලර් කාරයෝ මෝටර් සයිකල්කාරයෝ හා පොඩි වාහන ඉතරය.
ඒත් හයි ඉස්පීඩ් වලට නොවේ.
රටේ ජනමතය වන්නේ D S ගුණසේකර බස් දුවන්නේ පොලිසියට ජරාව දීලා කියලාය. ඒ බස් වල යන උන් කියන්නෙ ඒවා යනවා නොව පිඹිනවාය කියලාය.
මාතලන් නම් හැමදාම කියන්නේ මේ රට හදන්න නම්, මේ රටේ විනය හදන්න නම්, අති දරුණු නීතී හා දඩුවම් ඕනෑමයි කියලාය.
ඒ නිසා කොළඹ කාක්කන්ටත් වැඩියෙන් ඉන්නා ටැපික් පොලිස් කාරයෝ පිඹගෙන යන පාරවල් වලට දිවා රාත්‍රියේ දමා,
හයි ඉස්පීඩ් දඩ මුදල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක් කොට, ලයිසම මාස තුනකට තහනම් කොර දමනවා නම්,
රිය අනතුරුවලින් සිදුවන රටේ වටිනා ජීවිත අහිමි වීම අවම තරමින් 90% කින් අඩුවන බවට මෙන්න කැට..
Feb 17, 2019
ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැංකුව
ද ෆිනැන්ස් සමාගමේ සියළුම ගණුදෙනු තාවකාලිකව නවතා ඇති බවත්, උපරිම ලක්ෂ 6 දක්වා මුදල් ආපසු ලබා ගත හැකි බවත් සැන්ට්‍රල් බැංකුව ආඩම්බරයෙන් කියනවාය.
මේ කතාවලට පුකෙන් හිනා යන්නේ මාතලන්ද මේ කොම්පැණියේ හිටපු නිසාත්, වෙච්චි සැන්තෑසියේ සියල්ල දන්නා නිසාත්ය.
මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ඩන් කී හුටපටයට මුවාවී, ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරිය අතර, ඉන් බේරුනේ කොම්පැණි කීපයක් පමණය.
මේවාට මහින්ද හා කබ්‍රාල්ලා මෙන්ම, ආයතනයේ මුදල් කාබාසීනියා කළ කාවන් පෙරේරා හා සුනිල් ජයතිස්ස වාගේ උන්ද එක ලෙස වග කිව යුතුය.
සෙලින්කෝ සමාගම් සමූහයේම මුදුන් මුල වූ, අම්මට සිරි ලංකාවේ ප්‍රථම ෆිනෑන්ස් සමාගම වන, සීමාසහිත ද ෆිනෑන්ස් සමාගම සැන්ට්‍රල් බැංකුවේ පාලනය යටතට ගන්නේ මේ වෙලාවේය.
එහෙත්, එතෙක් කිසිදු අවුලකින් තොරව ගණුදෙනුකරුවන්ගේද, සේවකයින්ගේද, අනෙකුත් සමාගම්වලද සියලු පහසුකම් සැපයූ සමාගමේ විනාශය, ඉන් පසුව ආරම්බ විය.
රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන, අද ඉන්නා වසන්ත කුමාරසිංහ දක්වා, සැන්ට්‍රල් බැංකුවෙන් පත් කළ හැම ප්‍රධානියාම කළේ, සමාගමේ වත්කම් සියල්ලම කා දමනාතරේ,
ආන්ඩුවෙන් කොම්පැණිය ගොඩ දැමීමට ලබා දුන් මුදල් සියල්ලද, එන එන එකාගේ බඩු කෑලිවලට හා උන් සමග පැමිණ උන් සමගම චුත වෙන මහ උන් සෙට් එක විසින් හිතේ හැටියට උලා කා, තව කාළකන්නියකුට බාර දී ආතල් එකේ මාරු වෙලා යන එකය....
ඒ අනුව දැන් උද්ගතව ඇති තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ පාලනාධිකාරියයි.
කිසිම අවුලක් නැතිව,
ඉතා ඉහළ පොළී අනුපාතයන් ගණුදෙනුකරුවන්ට ලබා දෙමින්,
සේවකයින්ට ඉතා ඉහළ වැටුප් දීමනා හා බෝනස් ලබා දෙමින්,
සෙලින්කෝ සමාගම් සමූහයටම මාතාව වෙමින්,
ලාබදායිව පවත්වාගෙන ගිය ආයතනයක්
අවම තරමින් ඒ තත්වයේම හෝ පවත්වාගෙන යාමට නොහැකිවූ පට්ට ෆේල් පාලනාධිකාරියකින්........?,
සමස්ත රටේම ආර්ථික ප්‍රගතියක් බලාපොරොත්තු වීම කුමන විකාරයක්ද....?
ඔබේ ඉතිරිකිරීම් ගැන සැලකිලිමත් වන්න.
මන්ද සැන්ට්‍රල් බැංකුවේ පාලනයේ තිබූ දෙයට අත්වන ඉරණම මෙය නම්,
අනෙක් ඒවා ගැන කුමණ කතාද..?
Dec 1, 2018
සිරිසේන පිස්සෙක්ද? - Is it Siresena or The constitution
රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)
Nov 10, 2018
Subscribe to:
Posts (Atom)











