මොකා මොන බයිලේ ගැහුවත්, ඝෝඨා බලයට එන්නේ පෝට්ටුවෙන්‍ය.. ආන්ඩුව ඇතුලේම ඉඳන් කන පතේ රෙණ උන් ඔක්කොමත් ගොඩ ආවේ පෝට්ටුවේ චන්ද වලින් මිස..., උන්ගේ චන්ද වලින් නොවේ..
උන් වැඩ්ඩෝ නම් කරන්න තියෙන්නේ, උන්ගේ චන්දවලින් පාර්ලිමේන්තු ඇවිත් සභාග ආන්ඩු හදා, ආන්ඩුව නටවන උන් වීමය.
එහෙම ආවා නම් මේ වගේ නාහෙන් අඬන්න වෙන්නේ නැතිය. සෞම්‍යමූර්ති තොන්ඩාමන්, M H M අෂ්‍රෆ් කියන්නේ, ඒ වාගේ කොලිටි බඩුය. උන් කවදාවත් නාහෙන් ඇඬුවේ නැතිය. සුපිරිම ඇමතිකම් ගෙන පරම්පරා පිටින් ගොඩ ගියේය.
ඒවා ලියන්නට උනේ, කලින් කීවා වගේම ඉතා සුළු කළෙකින් බලය ලබා ගත් පෝට්ටුවේ පියා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි නිසාය.
රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ගැටුම් තියෙනවාද නැද්ද කියන්න අපි දන්නේ නැති උනාට.. ඒ ඒ රාජපක්ෂට අනන්‍ය වූ දායක සභා නම් තිබෙනා බව ඕනම එකෙකුට පෙනෙනවාය. ඒ, මහින්දවාදීන්, ඝෝඨාවාදින්, බැසිල්වාදීන් හා නාමල්වාදින් ලෙසය.
මේ මොහොතේ බැසිල්වාදින් ජයග්‍රහණය සමරමින් ඉන්නා අතර, එයින් වඩාත් තැතිගැන්මකට ලක්ව ඇත්තේ, සදා සොත්ති භවන්තුතේ සිරි ලංකා නිදහස් පක්ෂයේ උකුස්සෝ සැට්ටෙකය. දැන් උන් ඇමතිකම් දමා ඩාර්ලි පාරේ තපසට යන තරමටම කලකිරිලාය.
එසේ වන්නේ නිකන් නොවේ, බැසිල් ලොක්කා මහින්ද අයියා වගේ නෙමේ කියා එයාලා දන්නා නිසාය. මහින්ද අයියා සැළුන් දොරෙන් එන නයි රෙද්ද අස්සේ දාගෙන කිරි පෙව්වාට. බැසිල්, ඒ චක්කා වැඩ කොරන්නේ නෑ කියා එයාලා දන්නවාය.
දැන් රාජපක්ෂ හෝටලයේ මෙන්ම ආන්ඩුවේද හැන්ද තියෙන්නේ බැසිල් අතේය. බැසිල් ලොක්කා පාර්ලිමේන්තුවට සැපත් වන්නේ රනිල් වාගේම ජාතික ලැයිස්තු මන්තිරි කෙනෙක් ලෙසින් නොවේය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන් අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස බලවත් චරිතයක් ලෙසය.
දැන් බැසිල්ගේ සැට්ටෙක කියන්නේ, එයාලා නවතින්නේ බැසිල් ජනාධිපතිවරයා බවට කිරීමෙන් අනතුරුව බවය. ඒත් ඒ 2024 ද කවදාද කියා එයාලා කියන්නේ නැති එක කාටත් හොඳය.
මාතලන් නම් සිතන්නේ මේ යන විදියට ගියහොත්, වත්මන් තත්වට අනුව ඝෝඨා නැවතත් ඉදිරිපත් වීම වඩාත් බුද්ධිමත් තීරණය වෙයි කියලාය. මන්ද මේ වන තෙක් ලබා ගත් යම් දෙයක් වේද එහි ගෞරවය ඝෝඨාට ලබා දිය යුතු නිසාය.
එමෙන්ම රිවර්ස් හෙවත් පසු බැසීම් වලට නොයා, ගන්නා විප්ලවීය තීන්දු නිසි ලෙස ක්‍රියාත්මක කලහොත්, 2024 දී ඝෝඨාගේ ජය අනිවාර්‍යය.
මින් කාබනික පොහොර විප්ලවට ඉදිරි වසර කීපයේදී ජයගත හැකි වුවහොත්, ඝෝඨා ලෝකයේම පැසසුමට ලක්වන ජනනායකයකු වීම කිසිවකුටත් වැලකිය නොහැකිය.
එමෙන්ම 2024 වන විට පෝට් සිටියේ ඉඳිකිරීම් සාර්ථකව සිඳුවේ නම්, එයත් ජයග්‍රහණයේ මාවතක් වනවා නොඅනුමානය.
එමෙන්ම ඊයේ ක්‍රියාත්මක වූවාක් මෙන්, රටේ විරෝධතා තියනා වුන් තරාතිරම නොබලා කූඩුවේම දැමිය යුතුට. වැඩ වර්ජන කරනා උන් රැකියාවලින් නෙරපිය යුතුය.
ඕකුන් හා බබා හුකුං කරන්නට යන හැම එකාම කෑවේ පරිප්පුම පමණය. ඕකුන්ට කෙලවන තරමට සාමාන්‍ය ජනතාව කැමතිය. මේ රට ගොඩ දමන්නට බැරි ඔය කාළකන්නින් නිසා බව ජනතාව දැන් දන්නවාය.
ගොබ්බ ආන්ඩු ඕකුන්ට බය වුනාට, සාමාන්‍ය ජනතාව ඕකුන් ප්‍රතික්ෂේප කර බොහෝ කල් වනවාය. ඒ බව ඕකුන්ගේ බලවේග ලබා ගන්නා චන්ද වලින් ගෝනා ඔනෙකුට බලා ගන්නට පුලුවන් ය.
ඒ නිසා...
බැසිල් උන්නැහේ මුලින්ම කල යුත්තේ, ආර්ථිකය දියුණු කොට ජීවන වියදම මිනිසුන්ට දරාගත හැකි පමණට ගෙන ඒමයි. බැසිල් පාර්ලිමේන්තු එන්නේත්, ජනතාවට එවන් පොරොන්දුවක් හා බලාපොරොත්තුවක් දීලාය.
ඒ වෙනුවට රට පුරා කටවුට් ගහමින් පෙර වැරදි නැවතත් කරන්නේ නම්, ඔහු මෙන්ම ගෝලයන්ද කෙලින්නට යන්නේ අමු පිස්සුවක් හා ඝෝඨාගේ ප්‍රතිපත්ති උස්සා පොලොව්වෙ ගැසීමකි.
ඒ වෙනුවට කළ යුත්තේ පූර්ව ළමා විය සංවර්ධනය නොවු බැසිල්වාදී මන්ද බුද්ධිකයින් හා ඬෙගා නටන්නේ නැතිව, මලයාගේ ගමනට ෆුල් සප් එක දී, ජනතාව හා අනෙකුත් පක්ෂ අතර තමන් වෙත ඇති ජන-අප්‍රියතාවය, ජනප්‍රියතාවයක් බවට පෙරලා ගැනීමය.
ඉන්පසු 2029 දී බැසිල් පහසුවෙන්ම ජයගනු ඇත්තේය..
ඒ වගත් මෙසේය.....
.













