.

.

Oct 3, 2011

කොයි එකාද බැන්දේ..? - Choosing a wife


මේ මට මගේ ඇමරිකානූ ජාතිය මිතුරියක්ගෙන් ලැබුණූ ඊයක්. එහේ හැම දේම මෙහේ සංස්කෘතියටත් එකතුවෙන නිසා මෙහෙත් මේ වගේ දේවල් නැතුවම නෙමෙයි. කොහොම හරි තවත් පොස්ට් එකකුත් ලියන්න පුළුවන් වෙන නිසා හිතුව පරිවර්ථනය කොරලා දාන්න. මේ පොස්ට් එකට ඔයාලත් නොදැනීම සම්බන්ධ වෙනවා.
ඔන්න පොරක් හිටියලු, කසාද බදින්න කෙනෙක් හෙව්වත් එකෙක්වත් කැමති නෑලූ මූව බදින්න. මොකෝ බොක්කේ ප්‍රේමය උතුරා යන්න තිබුනත්, සාක්කුවේ නෝ මනීලු. ඒ කියන්නේ ක්ලීන් සූට් ඇම්ටි පොකට්ලු. පොර බැලුවලු මේ මළදානේ හරියන්නේ නෑ. ඔය මොන කයි කාරයක් කිව්වත් අවංකම ප්‍රේමය ලබන්න නම් සල්ලි අත්‍යාවශ්‍යම සාධකය වෙනෙව කියල. මගුල් සෙල්ලම පැත්තක තියල පොර හිතා ගත්තලු කොහොම හරි සල්ලි කාරයෙක් වෙනව කියල. ටික කාලයයිලූ ගියේ පොර කෝටිපතියෙන් නෙමෙයි ප්‍රකෝටීපතියෙක් උනාලු. දැන් ඉතින් මගෙන් අහන්න එපා ඌ කුඩු විකුණුවද කියල. කොහොම හරි සල්ලි කාරයෙක් උනාලු.

පොරගේ නම කිව්වත් දැන් පොඩි එකෙක් උනත් දන්න සයිස් එකට ජනප්‍රියයිලූ. දැම්මලු පොරට මනමාලියෙක් හොයනවා කියල දැන්වීමක්. අම්මට සිරි අප්පට කිරි කිව්වලු "හූ වෝන්ට්ස් ටූ බී අ මිලියනර්" එකට වගේලූ. මෙන්න සුරූපී කෑලී වලින් හෝ ගාලා ඇප්ලිකේසොන් ලූ. එතකොට රටේ අනික් සල්ලි කාරයෝ එයාලගේ දුවලව දෙන්න පොරකනවලු. ඇප්ලිකෙසොන් නොදා පෞද්ගලීක මාර්ගයෙන් වැඩේ ගොඩ දාගන්න බලනවලු. කපුවොත් ඔක්කොම කපු පුක බිම ඇනගෙන යෝජනා ගේනවලූ. ඔන්න ඉතින් ඔය මොන කොරෝමෙකින් හරි අවසාන වටයට එළ කෑළි 3 ක් සෙලෙක්ට් කොර ගත්තලු.

පොර කෑලී තුනටම මිලියනය බැගින් දීලා කිව්වලු. ඔයාලට මාසයක් දෙනවා මේ සල්ලි වලින් ඔයාලට කැමති ඕන දෙයක් කරන්න පුලුවන්. නමුත් ඒ දෙයින් ඔයාල පෙන්නන්න ඕන ඔයාලා මට කොච්චර ආදරෙයිද කියන එක කියල. එහෙනම් අපි ආයෙත් මාසෙකින් මුනගැහෙමුයි කිව්වලු. හරියටම මාසෙකට පස්සේ කෑලි තුනම ආවලු. පළවෙනි එක්කෙනාට කතා කලාලූ. 

පොර පොඩ්ඩක් අප්ශෙට් ගියාලූ මොකද මෙච්චරම ලස්සන කෙල්ලෙක් ඒ වෙලාවේ උන්නේ නෑලූ. "ඔයාට මම සල්ලි දුන්නේ නෑනේ. අනික ඔයා තරඟෙට ආවෙත් නෑනේ." කියල අපේ බිලියනර් කිව්වලු. ඔයා දීපු සල්ලිවලින් මම මූනට අරකට මේකට ප්ලාස්ටික් සර්ජරි කර ගත්තා. හැමදාම සැලෝන් වලට ගියා ෆේෂල් කරා. කොන්ඩෙ පර්ම් කරා. මොකද ඔයාගේ බිරිඳ ලස්සන කෙනෙක් උනහම ඔයාටම නේ ආඩම්බර බලන්න මම ඔයාට කොච්චර ආදරේද කියල. මම මේ හැම දේම කළේ ඔයාට තියෙන ආදරේට ඩාර්ලින්.

පොර ටිකක් අන්ද බූත වගේ වෙලා ගියාලූ

ඊළඟ එක්කෙනා ආවලු. ලොරියක් පුරවල සයිස් එකට අරව මේවා අරගෙනලු. මොනවද අනේ මේ. මේ ඔක්කොම ඔයාට මයි ඩාර්ලින් මෙතන තියෙනවා බ්‍රේස්ලට්, ගොල්ඩ් හෑන්ඩ් කෆ්, ඉටැලියන් ෂූෂ්, ෆ්‍රෙන්ච් පර්ෆියුම්ස්, ස්විස් වොච්. ඔයා දීපූ ගාන මදි වෙලා මම මගේ අතිනුත් දැම්මා. මොකද ඔයා ලස්සනට ඉන්න එක තමයි මගේ සතුට. ඒ මම ඒ තරම්ම ඔයාට ආදරේ නිසා.

පොර හොල්මන් වෙලා ගියාලූ.

ඊළඟ කෙනා ආවලු ෆයිල් එකකුත් අරගෙන. මේ මොකක්ද මේ කියල පොර ඇහුවලු. ඩාර්ලින් ඔයා දීපූ සල්ලි මම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කළා ඒ ආපු ප්‍රොෆිට් වලින් මම පොලියට දුන්න. සක්විති ගාව ෆික්ස්ඩ් ඩිපොසිට් දැම්ම. ඔයා දන්නවද මම ඒ මිලියනෙයෙන් මිලියන් හයක්ම හොයල අපි දෙන්නගේ නමින් එකවුන්ට් එකක් ඕපන් කරලා සෙව් කරපු ඩොකියුමන්ට්ස් තමයි මේ තියෙන්නේ කිව්වලු.

පොර කරකවලා අත ඇරියා වගේ උනාලූ.

පොර මඤ්ඤං බාවයට පත් වෙච්ච බැවින් සතියක් ඇතුලත බදිනවද නැද්ද කියල කෝල් කරල කියන්නම් කිව්වලු. පොර බොහෝ දුරට හිතල බලල තීරනය කළාලු කාවද බඳින්නේ කියලා. දැන් ඔයාලට කියන්න පුළුවන්ද පොර බැන්දේ කවුද කියල..?.

උත්තරේ ඊළඟ පොස්ට් එකේ.

58 comments:

  1. තුන්වෙනි එකීව බඳින්න හිතලා ආයේ ටිකක් කල්පනා කරන්න ඇති...

    ReplyDelete
  2. සක්විති ගාව ඩිපෝසිට් කරපු සල්ලි ටික බේරිලද?...

    වැඩි ලකුණු 3 වෙනි කෙල්ලට... හැබැයි මම නම් ඔය එකෙක්වත් තොරගන්නෙ නෑ... (හේතුව පස්සෙ දාන්නම්කො)

    ReplyDelete
  3. මේකට උත්තර බදින්න අනිත් post එක බලන්න වෙනවා ඊට පස්සෙම උත්තර දෙන්නම්. හික්ස් හික්ස් මට එච්චර දැනුමක් නෑ මෙයා.

    ReplyDelete
  4. ඒ එක්කෙනෙක් වත් හරියන්නේ නෑ මට නම් හිතෙන විදිහට

    ReplyDelete
  5. 1. පලවෙනි කෙල්ල කොහෙත් එකයි. අපේ හාමිනේ ඉදල කවුරුත් ඔහොමයි, උදේ වාහනේට නැග්ග වෙලේ ඉඳලා වෙද තිප්පොලට යනකන්ම පාට කරනවා. හූරනවා, ගානවා, අතුල්ලනවා. ඒ නිසා කවුරුත් එකයි.
    2. දෙවනි කෙල්ල. ඒත් එහෙමයි කඩේට ගියොත් කනබොන නොකන ඕනෙ දහ ජරාවක් ගන්නවා. හැබැයි රුපියල් දහයකවත් දෙයක් මටත් ගේනවා.
    3. කෙල්ල. මෙයා ලෝකෙ කාල වතුර බීපු අම්මණ්ඩියෙක්, ගත්තොත් ගත්ත මිනිහ අමාරුවේ. මුළු සේසතම හූරලා සක්විත්තට පුදයි. කුණු පෙරේතියෙක්නෙ.

    (අපේ හාමිනේට දැන ගන්න තියන්න එපා මේ කමෙන්ට් එක ගැන.)

    ඒ නිසා දෙවනි කෙල්ල හොඳයි. නැතිකමට.

    ReplyDelete
  6. කල්පනා කරල බලපුවහම 2ක හොඳයි...

    ReplyDelete
  7. සුවර් එකටම ඌ මුස්ලිම් ආගමට යන්න ඇති... එතකොට තෝරන්න ඕනෙ නෑනේ...

    ReplyDelete
  8. හැබෑට කාවද තෝර ගත්තෙ? වියදම් කරන්න සල්ලි හොයා ගනීනෙ කියලා තුන්වෙනියව තෝර ගන්න ඇති.

    ReplyDelete
  9. තර්කානුකූලව බැලුවාම තුන්වෙනියත් නරකම නැ බට් සක්විති ගාව සල්ලි දැම්මාය කියන කැල්ල නැතුව

    01) 02) යි කියන්නේ සාමාන්‍ය කාන්තාව . මම නම් දෙවැන්නා තොරගන්න ඉඩකඩ වැඩියි

    ReplyDelete
  10. මෙහෙම උත්තරයක් දෙන්න බෑ. සෑහෙන්න බොන්න ඕනෙ පුරස්නයක්..

    ReplyDelete
  11. අනේ මන්ද .ලස්සන වෙච්ච කෙල්ල බඳින්න ඇති අප්පා . අපි නොදන්නවය

    ReplyDelete
  12. ඔව් ලස්සන කෑල්ල ගන්න ඇති තමා බින්දි අක්කෙ.

    ReplyDelete
  13. මාත් හිතන්නෙ පලවෙනිය බදින්න ඇති.

    ReplyDelete
  14. අනේ මන්ද ඒ මිනිහ කොහොම හිතන කෙනෙක්ද කියල අපි දන්නෙ කොහොමද.අනික එයා මොන ගෑණුකෙනා බැදගත්තත් අපිට මොකෑ.

    ReplyDelete
  15. සල්ලි ගැන ගන හිතුවොත් තුන්වෙනියව තමා...හැබැයි ඉතින් පවුල් ජීවිතයට වඩා ගෑනි සල්ලි මත්තෙ නැහෙන නිසා ඌට දෙවියන්ගෙ පිහිටයි....

    මට නම් තුන් දෙනාවම තෝරගන්න එකක් නෑ කියලා හිතෙනවා

    ReplyDelete
  16. 3 දෙනාම ලැබෙනවා නම්!

    ReplyDelete
  17. 01) 02) යි කියන්නේ සාමාන්‍ය කාන්තාව. ම්... මම මේ කල්පනා කරේ මේ බඳින්න ඉන්න කෙනා මොන වගේද කියල. මට හිතෙන්නෙ එයාට ගැලපෙන විදියට තමයි ‍තෝරා ගැනීම. යකාගෙ හැටියටනෙ විමානෙ.
    මැණික්

    ReplyDelete
  18. කොයි ගෑණී ගත්තත් ‍ඕකා විනාශයි.

    ReplyDelete
  19. @ සියල්ලන්ටම
    කොමෙන්ට් වලට රිප්ලයි දෙන්න ගියොත් වැඩේ මාට්ටු වෙනෙවා දෙන්නෙක් තුන්දෙනෙක් ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඊය කාටවත් හම්බ වෙලා නෑ වගේ.

    ReplyDelete
  20. හොදම ඇග තියෙන කෙනාව

    ReplyDelete
  21. පොර බැන්දේ ලස්සන කෙල්ලව....

    ඕක මම කලින් අහල තියනවා.

    ඒ උත්තරෙන් පිරිමි ගැන නියමෙට ඩිස්ක්‍රයිබ් වෙනවා නේද?

    ReplyDelete
  22. මම හිතන්නේ නම් මිනිහට සල්ලි වලින් අඩු පාඩුවක් නැති නිසා මුලින්ම 3වෙනි කෙනා කපලා දානවා... ඊට පස්සේ 1,2 සලකපුවාහම ලස්සන වැඩි කෙල්ල ලග තියා ගන්න අමාරුයි වෙයි කියලා 1ත් කපලා දානවා... ඒවාගේම මිනිහට මතක් වෙනවා සල්ලි නැතුව මිනිහාට කසාදයක් බැදගන්න බැරි උනා කියලා අතින් සල්ලි වියදම් කරපු කෙල්ලට කැමත්ත දෙනවා

    හැබැයි මම නම් මේ තුනම බදීනේ නැ ඔන්න

    ReplyDelete
  23. දෙකක් නැහැ එකෙන්ම පලවෙනි කෙල්ලව මචං... ඔන්න සල්ලි නැති කාලෙකනං තුන්වැනි එකී ගැන සලකා බලන්න ඇහැකි...

    දෙවෙනි එකීව මොනම කාලෙකවත් ලගට ගන්න හොඳ නැහැ දවස් දෙකෙන් සේසතම ඉවරයි...

    හෙව්වේ බඳින්න එකක්නේ... අනික පොර හොයලා තියෙන්නේ ගෑණියක් මිස සල්ලිවත් වෙන දෙයක්වත් නෙවෙයිනේ.. දැන් ඔය ඉන්නේ හිටියටත් වඩා හොඳ ගෑණියෙක්... තව මොන මඟුලක්ද..?

    ReplyDelete
  24. අනිත් එක ඕවට උත්තර දෙන්න අපි වගේ සුදුසුකං තියෙන උං තව ඉන්නවද මෙතන..:D

    ReplyDelete
  25. මටත් හිතෙනවා පලවෙනි කෙල්ල වෙන්න ඇති කියලා.හේතුව මාරයා දීලා තියෙනවා ........:D

    ReplyDelete
  26. කවුරු බැන්දද දන්නෙ නෑ . . . . ඒත් ඔය පිංතූරෙ ඉන්නෙ අර අපේ චාලියගෙ කෑලි තුන නේද ???

    ReplyDelete
  27. නැහැ..... ඕන් නැහැ කියන්න කියල හිතුන. පොඩි වුන් එහෙමත් කියෝනවද දන් නැහැනෙ.....

    ReplyDelete
  28. @ ප්‍රසන්න86කේ
    වැරදියි

    ReplyDelete
  29. @ සාතන්
    මාත් කැමතියි දෙකට නම්. ඒත් ඒකත් නෙමෙයි උත්තරේ.

    ReplyDelete
  30. @ ලොකු ජෝන්
    එතකොට උත්තරේ ඕන් නෑ. ඒ පොස්ට් එකේ උත්තරේ සමග විග්‍රහයකුත් එනවා.

    ReplyDelete
  31. @ මාධව
    ටිකක් ළඟයි

    ReplyDelete
  32. @ වෙද ගෙදර මහ වෙදනා
    හොඳ විග්‍රහයක්. මාත් කැමති දෙවෙනි එකට.

    ReplyDelete
  33. @ තනිකඩ
    නෑ එහෙම වෙලා නෑ. මොකෝ මෙයා දෙශප්‍රේමියෙක්. හෙහ් හෙහ්..

    ReplyDelete
  34. @ හරී - පිනිපළස
    එහෙම නොවෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  35. @ බුවා
    මගේ තේරීමත් ඒක. සක්විති කෑල්ල මගේ කෑල්ලක්.

    ReplyDelete
  36. @ ඇනෝ 1
    එහෙනම් බීල ඇවිත් කියන්නකෝ...

    ReplyDelete
  37. @ බින්දි
    සෑහෙන දුරට හරි. නියම උත්තරේ නොවෙයි හැබයි. කොල්ලො ගැන සෑහෙන අවබෝධයක් තියෙනව වගේ.

    ReplyDelete
  38. @ ගොර්දෝනියා සෙයිලනිකා
    ලස්සන කෙල්ලමත් නෙමෙයි.

    ReplyDelete
  39. @ නිසූපා
    ලස්සන කෙල්ලට සම්බන්ධ දෙයක් තියෙනවා උත්තරේ

    ReplyDelete
  40. @ නදී
    ඒකත් ඇත්ත. අපට මොකෑ අනේ...

    ReplyDelete
  41. @ දිල්
    මේ තුන්දෙනාගෙන් කෙනෙක් තමයි බදින්නේ ...

    ReplyDelete
  42. @ විසිතුරු
    මරුනේ....?

    ReplyDelete
  43. @ මැණික්
    හොඳ ගෙස්ට් කිරිල්ලක් උත්තරේට සෑහෙන සම්බන්ධයි මතු කළ කාරනාව

    ReplyDelete
  44. @ අවුට්සයිඩර්
    පොඩ්ඩක් ධනවාදීව හිතපන් බන්...

    ReplyDelete
  45. @ ඇනෝ 2
    ළගම උත්තරේ....

    ReplyDelete
  46. @ මලින්ද
    ටිකක ළඟයි...

    ReplyDelete
  47. @ දේවා ගේ අඩවිය
    ටිං... ටිං... ටිං.... උත්තරේ වැරදියි

    ReplyDelete
  48. @ මාරයා
    ගෙස්ට් කිරිල්ල හරි. නමුත් හරි උත්තරේම නෙමෙයි.

    ReplyDelete
  49. @ ද ලයන්
    ඒක උත්තරේට සම්බන්ධයි..

    ReplyDelete
  50. @ ඕනයා
    ඔව් මචන් ඒ තුන තමයි. ඒ කාළේ හොඳම කෑලී තුන ඕක තමයි. අර ගමේම කට්ටිය එකට පාට පෙට්ටිය බලන කාළේනේ ගියේ.

    ReplyDelete
  51. @ ඔබ්සර්වර්
    අපොයි ඔව් පොඩි උනුත් කියවනවා. වැදගත් කියන කම ගෑවීලාවත් නැද්ද මන්දා හෙහ් හෙහ්. හැබැයි ඒක තමයි උත්තරේ...

    ReplyDelete
  52. උත්තරේ නම් පළවෙනි එක කියල දැන් මාතලන් අයිය දාපු උත්තර වලින් තේරෙනවනෙ...

    ඔය උත්තර දකින්න කලින් සාතන්ගෙ අයිය කිව්වනෙ උත්තරේ 1 කියල... ඒකි හෙනම අව්‍යාජයි කියන්නෙ... සැලුන් යන ලස්සන වෙන එක කොයි ගෑනිගෙත් තියෙනවලු... ඒක වහන්න යනව නම් ඒ කපටි කමට, එහෙමත් නැත්තන් වෙනත් හේතුවක් හින්ද මිසක් ලස්‍සන වෙන්න අකමැති හින්ද නෙමෙයිලු... සල්ලිකාර පොරගෙ ටෙස්ට් එකෙන් වැඩි ලකුණු ගන්න කියල දඟලන්නෙ නැතුව ලැබුන සල්ලි වලින් තමන්ගෙ වැඩේ කරන් තියෙන කෙල්ල තමයිලු තොරගන්න ඕන...

    (අයිය බැඳපු පොරක්... තනිකඩ සාතන් තොරගත්ත එක බැන්ද නම් අනාතයි)

    ReplyDelete
  53. එහෙනං මාචෝ තව සුළු දෙයයි තියෙන්නේ අර තුන්වෙනි කෙල්ලට තව මිලියනයක් දීලා පලවෙනි කෙල්ලට කලා වගේ ප්ලාස්ටික් සැත්කමක් කරවන එකයි... ටූ ඉන් වන්නේ එතකොට... කොහොම කලත් දෙවෙනි එකනං එපා එපා එපාමයි..

    ReplyDelete
  54. තට්ටු මාරු ක්‍රමයට පොර තුන් දෙනාවම බදින්න ඇති

    ReplyDelete
  55. උත්තර දීමෙන් වැලකී සිටිමි..

    …ඩයනාට කොමෙන්ට් දාන්නට බැරිය . අහෝ දුකකි . බොක්ස් එක
    …ඕපන් වෙන්නේ නැත ..

    ReplyDelete
  56. @ සාතන්
    උත්තරේ පළවෙනි එකන්ම් නෙමෙයි ගොයියෝ

    ReplyDelete
  57. @ මාරයා
    හෙහ්... හෙහ් නියම අයිඩියා එක.. මම නම් කැමතිම දෙවනි එකට..

    ReplyDelete
  58. @ ගිම්ගානීඒකත් නියම් ට්‍රික් එක.. පස්සේ කියයි ඕක තමයි මම කියන්න හිටියේ කියල..
    දැන් බලන්න ඩයනගේ තත්වේ කොහොමෙයි කියලා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න