.

.

Oct 10, 2011

මිහිර ගේම් - Game of poets


දේශපාළනෙයි අරකයි මේකයි ඔක්කෝම අමතක වෙලා යන්න පොඩි ගේම් එකක් කරමු කියල හිතුනා. මොකෝ අර "කොයි එකාද බැන්දේ" පොස්ට් එක තවමත් නැගලා යනවා. ඒකට හරි උත්තරේ දුන්නෙ එක්කෙනයි. ඌත් ඇනෝ කෙනෙක්. අපිට අද යමක් කමක් ලියාගන්න පුළුවන්නම් ඒකට මුල් වෙච්චි දෙයක් තමයි මිහිර පත්තරේ. අද තත්වේ කියන්න දන්නේ නැති උනත් පොඩි කාළේ අපට තිබුන උතුම්ම වස්තුව තමයි මිහිර. සඳුදා උදා වෙන්නේ කවදද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්ත වශයෙන්ම අපේ රටේ මෙළෝ දෙයක් නැති අපි පොඩි කාලේ ඕක සාර සංග්‍රහයක්.

ඒ කාළේ ඇඳපු චිත්‍ර. ලියපු කවි කතන්දර තැපෑලෙන් යැව්වත් එකක්වත් පළ උනේ නෑ. තාත්තා වැඩ කලේ කොළඹ නිසා එයාගේ අතේ ලේක් හවුස් එකට ගිහිල්ලම බාර දුන්නත්. එකක්වත් පළ උනේ නෑ. තාත්තා නම් කිව්වේ ඒකේ දාන්නේ පත්තරේ වැඩ කරණ අයගේ ළමයින්ගේ ඒවා විතරයි කියලා. ඒ උනාට මම හිතුවේ සහ අදත් හිතන්නේ. මේ අද ලියනවා වගේම මෙළෝ රහක් නැති ඒවා වෙන්නැති එදත් ලියවුනේ කියලා. ඒ කාළේ ලිව්වේත් මේ වගේ කවිමයි. එකක් මට තාම මතකයි.

කිරියි පැණියි අරගෙන හඳ මාමේ
එන්න එපා මගෙ සුදු හඳ මාමේ
කිරි පැණි කෑවම මට හඳ මාමේ
හතිය හැදෙනවා මට හඳ මාමේ

ඉතින් මේවා දායිද පත්තර වල.  ඔහොම ඉන්න අතරේ, මිහිරෙන් පොඩි කවි තරඟයක් පටන් ගත්තා. කවියක මුල් පද දෙක පත්තරෙන් දෙනවා. ඉතුරු පද දෙක අපි ලියලා යවන්න ඕන. හොඳම පද දෙකට තෑගිත් දුන්නා. කතන්දරට නම් හොඳට මතක ඇති ඕවා. මගේ මෙමරි චිප් එකේ කැපෑසිටි අඩු නිසා පරණ ඒවා මකලා තමයි අලුත් ඒවා දාන්නේ. පොතක් කියෙව්වත් එච්චරයි සතියක් දෙකක් මතකේ තියෙයි. (මාතලන් නියම ශ්‍රී ලාංකිකයෙක්නේ)

මමත් උත්තරයක් යැව්වා. ඒක නම් මතක නෑ. ඒත් එක උත්තරයක් නම් අදටත් මට හොඳට මතකයි. ඒකද ජයග්‍රහනයේ කළේ කියල කියන්න නම් මතකයක් නෑ. මේ ගිම්හානී කෙල්ල කවියෙන්ම වැඩ දාන නිසත්. බොග දාන ගොඩක් අය කයියො නිසත් ඒ පද දෙකම දාන්නම් තරඟෙට. කතාටයි, දුකාටයි, මාරෙටයි ආරාධනා කරනව ජජ් කරන්න. කොමෙන්ට් වලින්ම වැඩේ ගෙනියමු. මෙන්න ඒ මුල් පද දෙක.

මා වැනි බිළින්              දා
කොට කලිසමක් ඇන්   දා

දැන් ලියමු බලන්න ඉතිරි පද දෙක...

67 comments:

  1. "එය බුරුල් හින්දා
    බඩට කොට්ටය තබා බැන්දා"

    තෑන්කියු මතකය අවදි කළාට. මං යැවුව පිළිතුර තමයි ඒ තියෙන්නේ.

    මිහිර පත්තරේ කවි ගැන මේ කතන්දරේ මාතලන් බැලුවද?
    http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html

    බැලුවට මතක එකක්යැ, නේද?

    ReplyDelete
  2. එය බුරුල් හන්දා
    ගෝනි ලන්නෙන් බැන්දා

    අඩේ ජජ් ල තරඟෙට ආවම නඩුය් බඩුය් දෙකම හාන්දුරුවන්ගෙනේ

    ReplyDelete
  3. එය බුරුල් හිංදා - ඊට ඉහලින් පටිය බැන්දා

    ReplyDelete
  4. කකුල් දිග වැඩි හන් දා
    වාටි මැහුවේ අපේ නැන් දා

    ReplyDelete
  5. එය බුරුල් හින්දා
    උඩට උස්සා ගැටේ දැම්මා

    ප.ලි.
    ඔය කවියෙ තව වර්ශන් එකක් තියනව නේද . . .???
    මා වැනි බිලින්දා කුනු **** දැක්කා
    ඒක ගඳ හින්දා . . .
    කියල . . . ???

    ප.ප.ලි.
    ඕනෙම නං . . . ඔය කවිය ඉවර කරල
    "ඇරපිය ඇරපිය ලුසියා දොර . .
    මාලු කඩේ මාලු කඩේ සයිමා මම . . ."
    කියල නන්ස්ටොප් එක ගහන්නත් පුලුවං . . . .

    ReplyDelete
  6. ඒකෙ ෂිප් එක හින් දා
    .................

    ඉතුරු පදේ උඹ පුරෝගනින් අයියෙ... මම නරක මොකුත් ලිව්වොත් ;)

    ReplyDelete
  7. එහි කකුල් ලොකු හින් දා
    හුලං වල සැප Xටේ වින් දා

    ReplyDelete
  8. තෙමාගත් හින්දා..
    අම්ම ගලවං යයිද මංදා.

    ReplyDelete
  9. කමෙන්ට්වලනෙ ලස්සන පද තියෙන්නෙ දාමුද හිටිවන කවි මඩුවක්.
    (හැබැයි මට නම් කවි කියන්න බෑ)

    ReplyDelete
  10. @සාතන්: ඔන්න මම ලාවට කොපි කරනවා. ;)

    ඒකෙ සිප් එක හන් දා
    හිත යටින් ඉකි බින් දා

    ReplyDelete
  11. කලිසම තුනී හින්දා ..
    …කෙල්ලො හිනා වේද මන්දා ...

    ReplyDelete
  12. ටොකු අනින හන්ඳා
    ඔන්න දිව්වා මෙන්න වැන්දා

    කවි ලියන්ට දන්නේ නැතෝ.....:D:D:D

    ReplyDelete
  13. එනපොට කුමක්දා
    බලමු බලමූ අනේ මන්දා

    ReplyDelete
  14. ලබු බහින හින්දා..
    ඊට ඇතුලෙන් ජොකෙක් ඇන්දා.

    ReplyDelete
  15. ඔට්ටු නෑ,,ජජ්ල දෙන්නෙක්ම කවි ලියල,,, තව එක්කෙනයි අඩු, කවි ලියන්න බැරි හින්ද මේ හදන්නෙ වැඩේ අලකරන්න එහෙම නෙමේ, ඡ.කොමාට වගේ මාතලන් අයියට ආතතිය හදවන්න :D :D

    ReplyDelete
  16. කමලගෙ ජංගිය දැක්ක හන්දා

    කලිසොමත් උස්සං ජුන්ඩා නැංගා.

    ReplyDelete
  17. පස්ස මීයො කාල හින්දා
    හිල වැහෙන්නට කමිසෙ ඇන්දා

    ඕනෙය...

    දිග දිග වැටකෙය්යා...
    මැද සිටින අය්යා...

    ReplyDelete
  18. ඒක කොට හින්දා,
    ගලවා දමලා සරම ඇන්දා

    ReplyDelete
  19. එය බුරුල් හින්දා
    ගැලවී කලිසම බිමට වැටුණා

    ReplyDelete
  20. ...
    ඒක අස්පට් හන්දා
    වෙන එකක් මන් අන්දා..

    ReplyDelete
  21. රනිල් දුටු හින්දා
    පස්ස නොබලා පැනල දිව්වා

    ReplyDelete
  22. ඒක තද වැඩි හන්දා
    ගලවා මං නිකම්ම ඇවිද්දා....

    ReplyDelete
  23. මිහිර පත්තරේ කතාවට නම් මමත් එකඟයි. මට මතක විදියට විජය පත්තරෙයි little star එකයි මිහිරයි විතරයි ඒ කාලේ පොඩි ළමයින්ට තිබ්බේ. අපිට ඉතින් ඉන්ටර්නෙට්, වීඩියෝ ගේම් අරවා මේවා තිබ්බයැ.
    ඒකටත් එක්ක දැන් ඉන්න ළමයින්ට නැත්තේ මොනාද? ඒ හින්දමද කොහෙද ඒ අය පොත් පත් එක්ක ඒ තරම් සමීපත් නෑ කියලා හිතෙනවා මට නම්.

    ReplyDelete
  24. එය තුනී හින්දා
    කෙල්ලො බලනව වැඩිද මන්දා....

    ReplyDelete
  25. මා වැනි බිලින්දා
    කොට කලිසමක් ඇන්දා
    එය කොට වැඩි හන්දා
    ගලවා දිග කලිසමක් මම ඇන්දා

    ReplyDelete
  26. මා වැනි බිළින් දා
    කොට කලිසමක් ඇන් දා
    එක කොට හින් දා
    නඩු දායි ද මන් දා

    ReplyDelete
  27. මම සිංහ හන්දා
    ඒක මට දිග වැඩිද මන්දා

    :D :D :D

    ReplyDelete
  28. මා වැනි බිලින්දා
    කොට කලිසමක් ඇන්දා
    කකුල් කැත හින්දා
    ගමේ කොල්ලෝ කරයි නින්දා

    මිහිර අකුරක් නෑර කියෙව්වා . ඊ ගාවට විජය . විජය මුල් කලාපය ඉඳන්ම කියෙව්වා . දවසක් ඔය මාතලන්ලගේ පැත්තෙන් එන 235 එද්දී විජය දෙවෙනි කලාපේ කියව කියව ඇවිත් කැලණියේදී බස් එකෙන් බහින්න අමතක වෙලා අම්ම හොඳට බය වුනා . බස් ස්ටෑන්ඩ් එක පුරාම හොයල නිකමට ආයේ බස් එකේ බලල . මෙන්න මන් ඉන්නව මෙලෝ වගක් නැතුව පත්තරේ බල බල .

    ReplyDelete
  29. @ කතන්දර
    මිහිර පත්තරේ ගැන ඔහේ පෝස්ට් දැම්ම බව හොඳට මතකයි. ඒකයි ඔහේවත් මතක් උනේ. ඔය උත්තරේ මට ගොඳට මතකයි. දැන් හිතාගන්න පුළුවන් මගේ නිර්මාණ පළ නොවෙන්න හේතුව. උන් හිතන්න ඇති මගේ බාප්පයි මේවා ලියන්නේ කියලා.

    ReplyDelete
  30. @ ඔබා
    ඒකනේ මචං ජජ් ලා දෙන්නෙක්ම පිච්චු කෙලලා. මාරයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ.

    ReplyDelete
  31. @ ජය ශ්‍රී
    හොඳ පාඨකයෙක් වගේ. මටත් මතක ඕකම තමයි..
    එය මහත හන් දා
    ඊට ඉහලින් ළණුව බැන් දා

    ReplyDelete
  32. @ වෙද මහත්තයා
    ඔය ලියන්නේ කවි අගේට

    ReplyDelete
  33. @ ඕනයා
    එළිසමය නිකං එළිබැහැලා වගේ. ඔබා කියන එක ඇත්ත. කට ඇරියොත් කුණු හබ්බ.

    ReplyDelete
  34. @ සාතන්
    මම පුරව ගන්නම් කොළුවෝ. ඒත් ඒ කාළේ නෝ සිප්...

    ReplyDelete
  35. @ දුකා
    නියම පද දෙක. ඒත් ඉතින් ජජ් කෙනෙක් නේ...

    ReplyDelete
  36. @ රාජ්
    මරු. එත් ජජ් ලා කැමතිද දන්නේ නෑ...

    ReplyDelete
  37. @ සුද්දි
    නැගලම යනවා නේද වැඩේ..

    ReplyDelete
  38. @ හිරන්‍ය
    අර මක්කටෙයි බන් ඉකි බින්දේ...

    ReplyDelete
  39. @ ගිම්හානී
    එය තුනි හින්දා
    අමුඩයක් මම යටින් ඇන්දා

    ReplyDelete
  40. @ පොඩි කුමරීහාමී
    බැහැයි කීවට ඔය ලියලා තියෙන්නේ එළිසමය රැකලා නියමෙටම..

    ReplyDelete
  41. @ නීතා
    සැකය ඇති හන්දා
    බලා සිටු සිඳුවෙනු කුමක්දා

    ReplyDelete
  42. @ මට මතක හැටියට
    මටනම් ලස්සනම එක මේක. බලමු අනිත් අයගේ අදහසුත්...

    ReplyDelete
  43. @ හරී පිණිපළස
    ඒකනේ බන්. දැනටමත් මට ආතතිය...

    ReplyDelete
  44. @ ඇනෝ
    නමක් නැති හන්දා
    තෑගී දෙන්නේ කොහොම මන්දා

    ReplyDelete
  45. @ ඉන්දික උපශාන්ත
    පුක ඉරුන හන්දා
    මමත් කමිසය උඩින් ඇන්දා

    ඇත්තටම මට ඔහොම දෙයක් උනා..

    ReplyDelete
  46. @ අම්බලම
    සරම කොට හන්දා
    සීයා අල්ලලා ගහේ බැන්දා

    ReplyDelete
  47. @ විසිතුරු
    බිම වැටුණු හන්දා
    මූන වගහෙන දුවයි නැන්දා

    ReplyDelete
  48. @ චම්මා
    එයත් චොර හින්දා
    ජුන්ඩා වන වන ඉමි නිබන්දා

    ReplyDelete
  49. @ සිතුවිලි මණ්ඩිය
    රනිල් දුටු හන්දා
    පැනලා දිව්වත් ගොඩලු උන්දා

    ReplyDelete
  50. @ දිනේෂ්
    නිකන් යන හින්දා
    අම්මා අල්ලන් දෙයිද මන්දා

    ReplyDelete
  51. @ ඉල් මොන්දෝ
    අපේ පොඩි එකාට ගේන පත්තර මමම කියවල නිකන් ඉන්නවා.

    ReplyDelete
  52. @ ලකී
    උන් බලන හින්දා
    යටට ඇන්දොත් හොඳද මන්දා

    ReplyDelete
  53. @ දේවා ගේ අඩවිය
    ගොඩක් දිග හින්දා
    දෙකට කපලා මොඩට ඇන්දා

    ReplyDelete
  54. @ සනා 123
    නඩු දාන හින්දා
    විසිකරපු එක අක්කා ඇන්දා

    ReplyDelete
  55. @ ද ලයන්
    උඹ සිංහ හින්දා
    රිලා පැටීයෙක් වන්නේ ඇයිදා

    ReplyDelete
  56. @ බින්දී
    මටත් දවසක් නින්ද ගියා. රබර් වත්ත හරියෙදි ඇහැ ඇරුනා. මුකුත් උනේ නෑ වගේ එහෙමම ගිහිල්ලා. කැළණියෙන් ආයෙත් වෙන එකක් නැගල ඇවිත් තොරණ හන්දියෙන් බැස්සා...

    ReplyDelete
  57. ළමා කාලයක් තිබුනා.. තාමත් තියනවා‍‍.. වීඩියෝ ගේම් නෑ, කොම්පියුටර් නෑ, ගේම් සෙට් ගන්න සල්ලි නෑ.. ගෙදරක දොරක පත්තරයක්වත් නෑ.. අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නංගියෙක්, මල්ලියෙක් කවුරුත් නෑ.. අම්මා ත් ගෙදර නෑ.. යාළුවෙක් ලගපාතක ඇත්තෙත් නෑ.. ගෙදර එලියේ තියන සමාජෙට යන්න පුලුවන් උනත් ඒක මට එදා ඉදන්ම පිලිකුල්.. හැදුනෙ ගේ ඇතුලේ.. බිත්ති හතරට කොටු වෙලා.. කියන්න තරම් සුන්දර දේවල් නෑ මට.. තිබුන දේවල් ඉක්මනටම නැති උනා.. සතුට කියන එක එදා ඉදන්ම උරුම නොවුනු කෙනෙක් ආගන්තුකයා.. බ්ලොගය අපූරුයි.. කවි ලියන්න තේරෙන්නෙ නෑ.. ඒත් මට හිතෙන විදියට පේලි 2ක් ගලපන්නම්, දන්නවා මෙච්චර කාලෙකට අහපු පිස්සුම කවි පද ගැලපිල්ලි කියලා.. තාලෙත් වැරදි ඇති..


    මා වැනි බිළින්දා
    කොට කලිසමක් ඇන්දා
    හිනා ඇයි නැන්දා
    මේක ඇන්දේ පනම් නැති හන්දා

    ReplyDelete
  58. @මාතගන්,ඇත්තම කියන්නම්.මමත් ළමා කළ මිහිර/විජය පාඨකයෙක් තමා.ඒත් ඔය කවිය එකළ මවගෙන් ඇසූවක් මිස පත්තරේ දුටුවක් නොවේ.

    ReplyDelete
  59. මට මතක විදියට ඔය කවිය විජය පත්තරේ මෙහෙම තිබුනා..

    එතන තිබුනෙ පාරෙ වැරදි පැත්තෙන් යන ළමයෙක්..

    මා වැනි බිළින්ඳා
    වර වර ළඟට කැන්දා
    වමෙන් ගිය හින්දා
    රාළහාමි කනෙන් ඇද්දා..

    ReplyDelete
  60. මගේ තේරීම ආගන්තුකයා. හොඳම කවිය. මම ජජෙක් නෙමේ. මේක මගේ අදහස.

    ReplyDelete
  61. ඔය තියෙන්නේ පද ඕනි පදම්....

    ReplyDelete
  62. මගේ මනාපය මාතලන්ට ම දෙනවා. පොර ගේ පිළිතුරු කවි අපූරුයි.

    අනිත් හුඟ දෙනෙක් ගේ කවිවල මාත්‍රා ගණන වැරදියි.

    පොඩිකුමාරිහාමිත් ඔය එන්නේ කවි පද බැද ගෙන! එයාට දෙන්න වටිනවා most improved novice තෑග්ග.

    ReplyDelete
  63. This comment has been removed by the author.

    ReplyDelete
  64. මා වැනි බිළින්දා
    කොට කලිසමක් ඇන්දා
    පනම් නැති හන්දා
    හිනා වෙන්නේ ඇයිද නැන්දා

    දැන් මාත්‍රා ගාන හරි.. ඒත් තේරුම පැහැදිලි නෑ වගේ.. මම ආගන්තුකයා නෙ..

    ReplyDelete
  65. මා වැනි බිලින්දා
    කොට කලිසමක් ඇන්දා
    මා දිළිඳු හින්දා
    ඉහල වසරෙත් එයම ඇන්දා

    ReplyDelete
  66. මා වැනි බිලින්දා
    …වර වර ළඟට කැන්දා
    …දුක් සැප කුමන්දා
    …අසන නිරිඳො වෙන කොයින් දා
    …...

    …..
    …හිගමන් යදින හින්දා
    …ලඟට ගෙන කැන්දා
    …සාක්කුව පුරව දා
    …දෙන්න කියුවා අතට නැන්දා

    …ගොහින් ළඟට උන්දා
    …පාර්සලය දුන්දා
    …ඇගෙ ලමැද පාදා
    …සීයෙ කොලයක් දුන්න නැන්දා

    ReplyDelete
  67. මා වැනි බිලින්දා
    කොට කලිසමක් ඇන්දා
    ඉරිලා නැති හින්දා
    අපේ මල්ලිත් එයම ඇන්දා..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න