.

.

Apr 17, 2013

ඔසප් වේදනා (වැඩිහිටියනට පමණක් නොවේ.)- Menses Pain (Not Only for Adults)


මේක ලියන්න හිතුනේ, අපේ දුකා, ඕනම දෙයක් ගැන කතා කරාම, පිරිබාහරන් සිංහල ජාතිය ගැන කියපු කතාව මතක් කරන නිසයි. ඒ කියන්නෙ ඕන දෙයක් "සති දෙකයි" කියන කතාව. දැන් විදුලි බිල වැඩි කිරීමේ වේදනාවත්, සති දෙකයි කියලා තමයි එයා කියන්නේ. ඒත් එහෙම වෙන එකක් නෑ. මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි කෙලින්නේ. බස් ගැමුණුත් මිළ වැඩි කරන්න ඕන නෑ කියනවා. ඒ ආදරේට නෙමෙයි, දැන් වැඩිකලොත් 7% යිලු වැඩිවෙන්නේ, ජූනී වලදි 15% ක්ම කෙලින්නයි එයාගේ ප්ලෑන් එක. මම දැක්කා කව්ද කියලා තියෙනවා ඇමරිකාවේ ආධාර අපට ඕන නැතෙයි කියලා. අපි පෙත්සමක්වත් ගහමුද ඇමරිකාවට ආධාර දෙන්නෙයි කියලා අපේ විදුලි බිල වත් ගෙවන්න.

සති දෙකනම් නෙමේ දුකෝ...
විඳවනවා හැම මාසෙම..
හැම දිනකම, හැම පැයකම..
දැන් නම් බෑ... ඉවසන්නට....

ළොව මැව්වා වූ දෙවියෝ...!
හැම මාසෙකටම සැරයක්,
වේදනාව, දී තිබුනේ,
ගෑණු උදවියට පමණයි....
ඔසප් වේදනා විඳින්න....

ඒත් පනේ හැම මාසෙම...,
ඇඟ උණු කරවා යනවා....
ඇඟ පත මගෙ කකියනවා...
ඇඟේ මයිල් කෙලින් වෙලා....
හිරිගඩු පිපිලා... මදිවට,
ඔළු කට්ටත් කකියනවා....
දරන්න බෑ වේදනාව .....,
බිල් ටික ඔක්කොම දැක්කම.....
ඔසප් වේදනා මක්කද...?

දෙවියෝ දී ඇත වරමක්,
ඉන්ජෙක්ෂන් එක ගැහුවම....
වේදනාව නවතින්නට...
නයින් මන්ත්ස්, ජොලියෙ ඉන්න....
ඔසප් වේදනා ඉවරයි....!

අනේ දෙවියනේ, අපටත්...
දෙනු මැන, ඒ වන් වරමක්....
නව මසකට එහෙම නොවේ...
ජීවිතයම සැප විඳින්න...
වේදනාව, නොම දැනෙන්න....
ඔසප් වේදනා මොනවද...?
මෙවන් වේදනා වින්දම....!!!


නෝනලාට දවස් දෙකයි...
ජීවීතේම, අපි ඉවරයි..
පුදුම අසාධාරණයක්...
මක්කට මැව්වා....ද ළෝකේ..?
අනේ ඔහෙගෙ වැඩක් බලන්..
යනව, මනුස්සයෝ.... යන්න....!!!
.oOo.

73 comments:

  1. ඉන්ජෙක්ෂන් එක ගහමුද ලොක්කගෙ කටට ?

    ReplyDelete
    Replies
    1. සෑමත් ධවර රථයක යන්න ආසාවෙං වගේ..
      ප්‍රසිද්ධියේ ඔව්වා කියන්න එපා..
      ලාච්චුවට අල්ලයි ඈ...

      Delete
    2. කටට අල්ලලා අර නයා මැරිච්ච අහිකුණ්ඨකය වගේ ඉන්න පොරවද ගේන්න කියන්නෙ?

      Delete
    3. සැමා ලොක්කගේ කටට ගහල ගෙන්න යන්නේ අර ප්‍රතිපත්තියක් නැති දේශපාලනික ළදරුවවද?

      Delete
    4. කරුමේ කියන්නේ ගොඩක් උන්ගේ කටට ලොක්කා ඉන්ජෙක්ෂන් ගහලා තියෙන එකනේ...

      Delete
  2. බඩ අල්ලන් ඔළු අල්ලන්
    ඇයි යෝදයෝ දඟලන්නේ
    ලැජ්ජ නැද්ද මුලු ලෝකෙට
    ඇහෙන්න එය පවසන්නේ

    ගන්න ගන්න ඔය පෙති දෙක
    ඇති මේසයෙ උඩ පැකට් එක
    හොඳ නෑ හොඳ නෑ කීවට
    පෙනඩෝල් අල්ලන්නෑ මට
    පොලිඩෝල් බීලම
    වරෙන් නිදියා ගන්න තුරුළට

    ReplyDelete
    Replies
    1. පොලිඩෝලුත් ගනන් යාවී. කිසිම දේකට සහනාධාර දෙන්නේ නෑලු නේ.

      Delete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්!

    ReplyDelete
    Replies
    1. උඹලත් අපිට කින්ඩිය දානවනේ...

      Delete
  4. මාතලන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :D

    ReplyDelete
    Replies
    1. සැබෑවටද....? කින්ඩියටද....?

      Delete
  5. ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ,වකුගඩු ලෙඩින් දවසගානෙ දෙතුන් දෙනා මැරෙනව,හැමදේකම දවස ගානේ මිල වැඩිවෙනව.එහෙව් රටේ අවුරුද්දට ඉස්සෙල්ල පත්තර වලට ලිපි ලියන ගං කබර බල්ලෝ ලියල තිබුනේ රජ්ජුරුවන්ගෙ ලොකු පුත්‍රයාගේ උපන් දිනේ සමරන්න,ගං කබර මන්ත්‍රී පැටව් වෙච්ච මහන්සිය ගැන පිටු පුරවල.
    එහෙම යමක් කරන්නම ඕනෙම නම් තමන්ගෙ ආසනේට ගිහිල්ල අසරණ ජනතාවට කෑම මල්ලක් දෙන්න තිබුන.
    මේව දැක දැක චන්දෙ දෙන ජනතාවට මමනම් කියන්නෙ රෙදි/සරොම් උස්සල තට්ටම් පුපුරන්න හරක් පයියෙන් නෙලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ... ලොක්කා ලව්වා ජුන්ඩා මිරිකන්න ඕන...

      Delete
  6. සහනාධාර නැති...හරි මිලට විදුලිය සහ තෙල් විකුණන, කන බොන සීනී තේ කොල වෙනුවට පඩි පැකැට්‍ටුවෙන් ටැක්ස් ගහන, මේ ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේන් ගන්න ටැක්ස් වලින් කියලා මිනිස්සුන්ට දැනෙන කාලයක් එනකං රට හරි තත්වෙට එයි කියලා හිතන්න අමාරුයි.....

    ආණ්ඩුව දැන් කරන්නේ එක අතකින් ලොකු පොඩි කියලා වෙන්සක් නැතුව හැම බඩුවෙන්ම බදු ගහලා ඒවයින් වැඩි කොටසක් තමුන්ට සැප ගන්න තියා ගෙන ඉතිරි කොටස අනෙත් අතින් පොහොර සහනාදාර විදුලි බිල් සහාණාධාර කියලා සරදියෙල් වගේ බදලා දෙන එකයි...අපේ මෝඩයෝ රෑලත් සහණාධාර කියන්නේ නිකං දෙන දෙයක් ය කියලා ‍රැවටිලා......වී ආර් ස්ලොව්ලි ඩ්යින්

    ReplyDelete
    Replies
    1. උඩ මයියා කියන එකේ එම් විතරයි වැදිලා තියෙන්නේ....

      Delete
    2. ඔන්න උඹේ කොමෙන්ට් එක දැකලා සරදියෙල් න්‍යායය නවත්තලා, ජඩමාද්දිය ඇමතිතුමා පොරොකාෂයක් නිකුත් කරලා.

      Delete
  7. දුකා කිව්ව හරි. ඕකත් සතියයි. සතියකින් බලපං බොරුද කියල!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. දැන් ප්‍රධානම ප්‍රශ්ණෙ, බොස්ටන් වල ප්‍රෙෂර් කුකර් පිපිරුණ එක...

      Delete
  8. දෙවියෝ දුන්න වරම අරං
    ඉන්ජෙක්ෂන් එක ගැහුවම
    මං අහලා ඇති විදියට
    ජොලියෙ ඉන්න වෙන්නේ නැහැ

    ඔය චක්‍රය නැවතුනාට
    වෙනත් එකක් යලි ඇරඹේ
    පසලොස්වක් දින නවයක්
    ගතවෙන දිගු කලක් ඇයට

    ඉන්න වෙන්නේ වේදනාව
    සිතේ ගතේ ඉවසාගෙන
    නමුත් ඒක කෙලවර නම්
    නිරාමිස යි ලැබෙන සතුට

    ReplyDelete
    Replies
    1. නිවන් දකින්නම වෙයි වගේ. නිවන් සැටිපිකට් එකක් දෙන බිස්නස් එකක් පටන් ගත්තා නම්, රම්පෙට හොයන්න ඇහැක් වෙයි වගේ...

      Delete
  9. මණ්ඩලේ පාඩු උනේ ජනතාවට සහනාදාර දීලා විතරද....??
    පත් වෙන ආන්ඩු තමන්ගේ හෙන්චයියලාට අනවශ්‍ය පත්වීම් දීලා,වැඩි මුදලට පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට අරන්,නෝර්චෝලේ වගේ කිසිම වැදගම්මකට නැති බලාගාර හදලා,ඇමතිවරුන්ගේ පුහු ප්‍රත්‍රිරුප හදන්න ගිහින් තම මණ්ඩලේ කෑවේ.හැබයි දැන් ඒ පවත් පොදු ජනතවගේ කර පිට.කමක් නැ "දේශප්‍රේමයෙන්" ඉවසමු.

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ. කට්ටිය ඔය ඉන්නේ. කිරි මැටි ගිල්ල කිඹුල්ලු ටික වගේ....

      Delete
  10. මෙව්වා දකිද්දී සුබ අලුත් අවුරුද්දක් පතන්නත් බයයි මාතලන්

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ ඒ ගැන වචනයක්වත් නොලිව්වේ. ණය වෙලා අවුරුදු කාපු උන්ට, තරු පේන්නේ ලබන මාසේ බිල ආවම. එතකන් අර කකුළුවෝ සැට් එක වගේ තමයි.

      Delete
  11. වලත්තයාApril 18, 2013 at 1:12 AM

    ආසියාවේ ආශ්චර්‍යය කරා යන ගමනේදී මෙවන් කකුලෙන් ඇදීම් සිදුවෙන්න පුලුවන් අම්මේ තාත්තේ..මාතලන් ගේ මේ පෝස්ට් එකත් අන්න එහෙම එකක්.තිස් වසරක කුරිරැ යුද්දය අවසන් කරලා සංවර්ධනය කරා රට ගමන් කරන මේ මොහොතේ මේක බලන් ඉන්න බැරි බටහිර බලවේග තමන් ගේ රෑකඩ වුන මාතලන් වගේ අය පාවිච්චි කරලා මේ කරන්න හදන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව නොමග යවන්න.මම ජාති මාමක දේශහිතයෛෂී බුද්ධිමත් ජනාවගෙන් ඉල්ලන්නේ මේ බටහිර බලවේග වලට විරැද්ධව අපිත් එක්ක අත් වැල් බැඳ ගන්න කියලයි...මේ පුංචි ප‍‍රශ්න අමතක කරලා මවුබිම රැක ගැනීමට එකතු වෙමු.අවසාන වශයෙන් මම කියන්න කැමතී ඔය එන්.ජී.ඕ නඩ වලට මේ රටේ දේශ‍මාමක ජනතාව ඉන්න තාක් මවුබිමේ ස්වෛරී භාවට අත තියන්න සූදානම් වෙන්න එපා කියලා..මම ලෑස්තී ඕනෑම වෙලාවක මාරාන්තික උපවාසයක් කරලා බටහිර බල වේග දන ගස්සන්න කියන දේ මතක් කරමින් මම නිහඩ වෙනවා..........(ඕන් උපහාසය දන්නේ නැති කට්ටිය කැති පොලු අරන් එනව නෙවෙයි ඕන්)@මාතලන්-මෙය උපහාසය දැයි හරියටම නොදනිමි.වරදක් ඇත්නම් සමා වෙන්න සහෝ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... දැන් අපිට යුද්ධ කරන්න වෙලා තියෙන්නේ ජිනීවාත් එක්ක..

      Delete
  12. // මැයි මාසේ බිල වැඩි වෙනවා කියන්නේ දැන් පාවිච්චි කරපුවටත් එක්කමයි //
    මේවා ගැන මුකුත් කියන්නේ කොහොමද කියලා කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. කල්පනා කරලා මොනවා හරි කියන්නකෝ එහෙනම්...

      Delete
  13. පසුගියදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 20%කින් ලංකාවට දෙන ආධාර කපන්න යෝජනා කර ඇත.
    "ඒ ආධාර කැපිල්ලෙන් ලංකාවට බලපෑමක් නැහැ..."ආණ්ඩුව නන් දොඩවයි.
    ලංකාවේ අපනයනවලින් 60%කට වඩා යැපෙන්නේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවලිනි.
    ඇමරිකාව ඇතුළු යුරෝපා සංගමය මෙලෙස ආධාර කපා අපනයන සම්බාධක පැනවුවහොත් කඩන්නේ රටේ ආර්ථිකයේ කොන්දය.
    රටේ ආර්ථිකයේ කොන්ද කැඩෙද්දී ඉබේම කැඩෙන්නේ මහින්දගේ දේශපාලන කොන්දය.කෙන්දක් වගේ පේන විපක්ෂය කන්දක්වී ජනතාව ඒකරාශී කරගන්නේ එදාටය.
    මහින්ද කදු පල්ලම් බහින්න පටන් ගන්නේ එදාටය.
    >>උපුල් ජෝශප් ප්‍රනාන්දු.ගුරුදා විග්‍රහය 18-04-2013<<

    ReplyDelete
    Replies
    1. ඔයා තාම ඔය විග්‍රහය බලලද තීරණ ගන්නේ අංකල්. නයිටිඑන් බලන දිණමින කියවන ගොන්නුන්ගෙයි ඔයාගෙයි එහෙම උනාම වැඩි වෙනසක් නැහැනේ.

      Delete
    2. මේ අවුරුද්දෙ නම් කන්න වෙන එකක් නෑ. 80% දීලා තියෙනවනේ. ඔය අමුගොම මහත්තයා ඇමරිකාවේ ගියේ කීයක් හරි ඉල්ලගෙන එන්න කියලා. උඹලා කියයි. ඒ ගේන්නේ කන්නෙයි කියලා. පිස්සුද බන්, උඹලා අපි ගැන හිතලා...

      Delete
  14. දෙයියෝ ලංකාවට විතරයි ලොක්කා ඔහොම සලකන්නේ!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. මොකක්ද බන් මේ කරුමේ....

      Delete
  15. අසීමිතව මිනිසුන්ට දෙන පීඩනය යම් දවසක දරන්න බැරි උන දාක මොකද වෙන්නෙ කියල තීරනය කරන්න වෙන්නෙත් අපිටම තමා. මොකද, මේ හැම දේම අපි උහුලන කල් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බය වෙන එක නම් අවුලක් නෑ. ඒත් විපස්සේ.. එහෙම එකක් තියෙනවද...?

      Delete
  16. ඔබේ කවි පද ටික මරුවට ගැලපෙනවා.....
    මේවා ගැන කතා කරලම එපා වෙලා. බහුතරයට ඕකත් අවුලක් නැති වෙයි. කට්ටිය තාම යුද්දේ කලාට කල ගුණ සලකනවා නොවැ

    ReplyDelete
    Replies
    1. ඊයේ මම ගියා කිරිබත්ගොඩ.. තිලකවර්ධණ එකේ මිනිස්සු පොරකනවා... අවුරුද්දට ගණුදෙනු කරපුවත් බැංකුවල දාන්නේ මොකටද කියලා මිනිස්සු හිතන්න ඇති.

      Delete
  17. 12,500 * 40,000 වගේ ගාණක් එක්ක බලපුවහම ලයිට් බිල වැඩි වෙන්නෙ සුළු ගාණකින්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත 60% කියන්නේ මොකක්ද සුළු ගානක්නේ...

      Delete
  18. අම්මෝ ඕව මොන වේදනාද! මේ වනේ වේදනා. ලස්සන කවි ටික මාතලං!

    ReplyDelete
    Replies
    1. මුළු ඇඟම කකියනවා මචෝ....

      Delete
  19. Replies
    1. මොකක්ද ලයිට් බිල වැඩි කල එකද...?

      මට පේන්නෙත් ඒ වගේ තමයි..

      Delete
  20. මේ විදුලි බිල වැඩි වීමට විරුද්ධව කෑ ගහන්නේ දේශ ද්‍රෝහී ,අධිරාජ්‍යවාදී , බටහිර ගැති, කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන , ඩයස්පෝරාවට කත්අදින,මේ රජය අස්ථාවර කරන්න බලං ඉන්න විජාතික බලවේග අම්මේ තාත්තේ,

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. තාම සහනාධාරවල පිහිටෙන් ඉන්න අයට අවුලක් නෑ...

      Delete
  21. බිල වැඩි කරන්න ඉස්සෙල්ල ලොක්ක කියනව"මට බැන්නට කමක් නැහැ,ගෙදර අයට බනින්න එපා"කියල.
    නිල් රැල්ලෙන් ශ්‍රීලනිප සාමාජිකත්වය 300% කින් ඉහල ගිහිල්ල කියල බැසිල් කියනව.
    මින් ඉදිරියට ජනතාවට සහන ලබාදීම අපහසුවෙන් හෝ අත්හිටුවීමට රජය කටයුතු කරන බව,සදළුතලේ බට්ට පැන්න කෙනා කියනව.එයාල එහෙම කියන්නේ ඇයි kiyalaaaaaaa.....................I don't නෝ oooooo...whyyyyyyyyyyyy?????

    ReplyDelete
    Replies
    1. ඒ සහන ලබා දීම නවත්තලා තියෙන්නේ හිඟන්නන්ට.. දියවන්නාවේ ඉන්න පින් බතාලගෙ ඒවා එහෙමම තියෙනවා..

      Delete
  22. මැති ඇමතිලගෙ යි රජපවුලේ වියදමුයි කැපුවනම් හරී ... ඇයි වදේ වතුර ගලන්නෙත් මිටි තැනින් කිව්ව වගේ හැම දුකක්ම සාමාන්ය ජනතාවගෙ පිටින්මනෙ යන්නෙ ....

    ReplyDelete
    Replies
    1. මමත් හැමදාම යෝජනා කරන්නේ ඒක. පාරවල් වල ගිඟන්නෝ නැති උනාට. ජනාධිපතිගේ ඉඳන් කී දෙනෙක් අපෙන් හිඟා කාගෙනද ජීවත් වෙන්නේ. රජයේ සේවකයො කියන්නෙත් හිඟන්නො මිසක් වෙන මක්කුද?

      Delete
  23. බස් ගාස්තු වැඩි වීම බස් ගැමුණුගේ දෝශයක් නොවේ මාතලන්. ඔහුගේ ප්‍රයත්නය වාර්ශික බස්ගාස්තු වැඩි වීම සිදුකරන ජූනී මාසයේම එක වර ගාස්තු සංශෝධනය (වැඩි) කර ගැනීමයි. අද ගාස්තු තෙල් මිලට සාපේක්ෂව වැඩි කර, වාර්ශික ගාස්තු සංශෝධනයට ගැමුණූට මුහුණ දීය නොහැකිය. එහිදී රජය විසින් ජනතාව කුලප්පු කරවන බව බස් ගැමුණු උගත් පාඩම් තුළින් හොඳින් දනී.
    නමුත්, රජය සහ සමාන්‍ය ජනතාව කිසිදා උගත් පාඩම් තුළින් ඉගෙන ගන්නා බවක් පෙන්නුම් කරනුයේ නැත.

    ReplyDelete
    Replies
    1. ගැමුණු ඇත්තටම ආන්ඩුවේ ලණුවක් කනවා. එහෙම නැත්නම් තවත් චරිතයක් රඟපානවා. ආන්ඩුවට හැම දේකම මිළ වැඩි කරණවා ඇර වෙන කිසිම විකල්පයක් නෑ.

      Delete
  24. අපේ මහරජතුමා අති අදක්ෂ වගේම, අති දක්ෂ කලමණාකරුවෙක්, ජනතාවගේ හා රටේ ප්‍රශ්න කලමනාකරනයෙදී ඔහු අන්තිම අසාර්ථකයි,ඒත් ඒ නිසා ඇතිවන අනිකුත් සියලුම ප්‍රශ්න ජනතාවගේ සිතුවිලි මතින් කලමනාකරනයෙදී ඔහු අති සාර්ථකයි, අවසාන ප්‍රතිපලය වියයුත්තේ චන්දය දිනීම කියලා හිතුවොත් මේ අදහස හරි, මොකද මේ තරම් බුල් ගහන ආණ්ඩුවක් ලෝකේ වෙන කොයි රටේ තිබුනත් ආයුෂ නෑ,

    ReplyDelete
    Replies
    1. මේ සැරෙත් ඡන්දෙ ලැබෙයි, විකල්පයක් නැත්නම්.

      Delete
  25. අවුරුද්ද යන්තම් ඉවර වුනා කියමුකො. ඊලගට වෙසක්.. මම මේ හිතන්නෙ වෙසක් සැරසිලි වලට පොල්තෙල් පහන් ටිකක් පත්තු කරන්න. මොකද වෙසක් ලැන්ටර්න්ස් දැම්මොත් ඊලග මාසෙ ගෙදර ලයිට් කණුවෙ එල්ලෙන්න වේවි. අප්පා .. ආශ්චර්යයේ තරම??? නේද මාතලන් අයියේ..

    ReplyDelete
    Replies
    1. පොල්තෙල් ලාබයි කියලද හිතන්නේ.. ඊට ලාබයි.. වෙසක් එකට සතියක් සිල් ගන්න එක.

      Delete
  26. දයල් බතී උපකල්පන...

    එල් එල් ආර් සී ගැන අවුරුද්දට කතා කරන්නෙ නෑ නොවැ.
    වෙසක් එකටත් එහෙමයි.
    පොසොන් එකටත් එහෙමයි.
    දැනට කතා කරන්න ප්‍රශ්න වැලක් දී තිබේ.
    තමිල්නාඩුව,
    බී බී එස්,
    විදුලි බිල,

    LLRC හෙමිහිට අනෙත් ආණ්ඩුවට තල්ලු කරල දාන කම්, බෝලෙ පාස් කරන කම් ඇදි ඇදි යයි...

    ඇමරිකාව ණය ආධාර 20%ක් කැපුවා
    ආණ්ඩුව වහාම විදුලි බිල 60%ක් වැඩිකලා

    එය එක පාරටම වැදුනෙ ඇමරිකන් එම්බසියට, ඒ අය වහාම අහනව ආන්ඩුවෙන් ඇයි මේ මිල මේ තරම් වැඩි කලේ කියල,
    ඒකෙන් සම්පූර්ණව නැතත්, යමක් තේරෙනව 20%න් තමයි බැලන්ස් කරන්න හිටියෙ කියල.
    ඇමරිකාව භයයි කැරල්ලක් ඒවි කියල.
    තව ටික දවසක් යන කොට කපපු 20 ආයි දෙයි.
    රනිල්ට කොන්ට්‍රෝල් නෑ, අවුලක් ආවොත් නායකත්වය ගන්න.

    මේවගේ බයි ෆොර්ස් ට්‍රික්ස්, තුරුම්පු තමයි උතුරු කොරියාවත් ගහන්නෙ,
    කෝ ගහනව ගහනව කිව්වට ගැහව්වද?
    ඇත්තටම කිම් ඉල් ජොන්ග් මෝඩ්යයෙක් වෙන්න බෑ. බටහිර මාධ්යවලින් අපිට පොවන දේ ...?
    බල්ගේරියන් ආණ්ඩුව වැටුන කියන්නෙත් මේ විදුලි බිල නිසා කියනවනේ.

    ReplyDelete
    Replies
    1. කිම් ඉල් ජොන් ගෙයි අපේ ජොන්ලගෙයි කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ.

      Delete
  27. ඕක ඇවිල්ලා මෙහෙම දෙයක්ග (කොහොම දෙයක්ද කියලා පස්සේ කියන්නම්)

    ReplyDelete
    Replies
    1. දැන් කියන්න බැරිනම් පස්සේ මේ පැත්තට ඇවිත් බලාගන්න පුළුවන්.

      Delete
  28. සියළු වේදනා ඉවරයි ඔන්න හිටින් සතියක්වත්!!!

    ReplyDelete
    Replies
    1. මේක එහෙම වෙන්නේ නෑ.. කොක්ක ඇදෙන්නේ ඉස්සරහට

      Delete
  29. ඕක සති දෙකක්වත් තියේද කියලයි බය..

    ReplyDelete
    Replies
    1. ඊට වැඩියේ තියෙනවා. පඩුපුල් ආසනෙත් රත්වෙලා තියෙන්නේ..

      Delete
  30. කිව්වත් වගේ මාසෙකට සැරයක් හැදෙන ඔසප් වේදනා වගේද අපිට මාසේ ගානේ එන බිල් වේදනා . . හික්z

    ReplyDelete
    Replies
    1. පුදුම වේදනාවක්නේ දුකෝ....

      Delete
  31. ඔන්න බලහන් ලයිට් බිල් සති දෙක ඉවරයි . . මේ සතියේ ඉඳන් හාස්කකින් සුව වුනු දුන්ද සිල්වා සති දෙක . . හික් හික් හික් අපි කියන්නේ බොරුද ලොක්කා . . .

    ReplyDelete
    Replies
    1. පිස්සුද දුකෝ... මේක නැගලා යන්නේ තව ඉස්සරහට.... තවම ලයිට් බිල ආවේ නෑනේ.. එතකන් අපේ හරක්ට තේරෙන්නේ නෑ. බන්ධුල වගේ ගනන් හදන උන් නේ වැඩිපුර ඉන්නේ..

      Delete
  32. //නයින් මන්ත්ස්, ජොලියෙ ඉන්න....// හම්බෙලා නතුවළුද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න