.

.

May 20, 2013

පින් කෙරුවෝ හා රණවිරුවෝ - Disabled Soldiers


පෙර සටහන -
මම මේක ලිව්වේ, මගේ "පින්තූර" බ්ලොග් එකට. ඒත් කීප දෙනෙක් දොස් කිව්වා, ඇයි මේක "මාතලන්" එකේ නොදාන්නේ කියලා. මම හිතුවේ නෑ මේක, ඒ තරම් දැනෙයි කියලා. මේ විජයග්‍රහණ රැළිය ගැන මගේ කිසිම අමනාපයක් නෑ. එහෙම නොකලොත් අපේ උන්ට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැති වෙනවා. ඒත් මේ අබාධිත සොල්දාදුවන් ප්‍රදර්ශණය කිරීමට මම නම් එක හෙලා විරුද්ධයි. ඔවුන් පෙරහරේ ගෙනියන එක නෙමෙයි කළ යුත්තේ. ඔවුන්ට අපෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම පමණයි.


වසරකට එක් වරක්,
විජයග්‍රහණ පෙරහරේ,
රැගෙන යති "අන්දවා",
නවීන උපකරණ අවසන,
ඩැමේජ් වූ උපකරණ..

යුද්ධය අවසානය..
මැති ඇමතිවරු, සොම්නසිනි..
සිනහ වෙයි, කවට කම් කරයි..
මොහොතකට නවත්වා,
රෝල් සැන්විච් කෑම,
නැගිට කම්මැලිකමින්,
අත් පොලසන් නඟයි...
මවාගත් දුකක් ගෙන...

වසර හතරක්ම,
නොදැක්කෙමි.
යුද්ධයේ නියමුවා..
ඉඳගන්න, ඉඳගන්න,
අපරාදේ නැගිටින්නේ..
මිනිත්තුවකට,
මිය ගිය උන්ට..
තව ටිකක්..

මේ අපට..



ඇත් අසුන් පිරිවරා..
පෙරහරින් පැමිණෙමින්..
රැගෙන යයි..
ජම්බෝ රථවලින්..

පින් කරපු ඒ පුතුන්.

පරන ටකරං බසයේ
රැගෙන යයි රාගමට
ඩැමෙජ් වූ උපකරණ.

ජාතියේ විරු පුතුන්..
-x-

79 comments:

  1. මම එක...
    හි... හී...
    හි...හී...
    හි... හී...
    හි...හී...
    හි... හී...
    හි...හී...

    ReplyDelete
    Replies
    1. අන්න පලයං බං හී හී කියනවට කෙනජි බේත් දෙනවලු.

      Delete
  2. ආබාධිත විරුවන් සහ ජනතාව මුරුංගා අත්තේ තැබීම.
    මාදන්නා පරිදි දෙවන ලෝක යුද්ධය පවා විකුණා කෑමට අදාල රටවලට වසර 4 කට වඩා නොහැකි විය. දැන් අපි ද වසර 4 ක් පසු කළෙමු....

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි කියුවාම අපිට සාධාරණ සැකයක් එනවා ඔයා මේ කොමෙන්ටුවෙන් පෙන්නන්නේ ඔයාගේ නොදන්නාකමද කියලා..... කරුණාකර මූලාශ්‍ර සමග මෙය දක්වන්න...

      Delete
    2. //මා දන්නා පරිදි // යන වචන භාවිත කරනු ලැබුවේ මේ මොහොතේ මුලාශ්‍ර ඉදිරිපත් කිරීමට නොහැකියාවයි. නමුත්, ඒ බව අසා, කියවා ඇත්තෙමි. අවශ්‍යතා ඇති අයෙකුට සොයා ගැනීමට බැරි නැති වේවි.

      Delete
    3. අපෙ මහින්ද මහත්තයා රත්තරන් දෙයියා!

      Delete
    4. මෙහේනං තව සෑහෙන කාළයක් පුළුවන් වෙයි වගේ...

      Delete
  3. Dissable Soldiars
    මොකක්ද බං මේ හරුපේ

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕක තමයි... තමන්ගෙ නායකයා යන අඩිපාරෙම යන පොරක් තමයි....

      Delete
    2. අපි ඉතින් සුද්දෝ නෙමේනේ ආයිබෝවංඩ...

      Delete
    3. හැබැයි එහෙම තමා තියෙන්නේ ඕන.. මොකද ශරිරේ වගේම වචනෙත් ඩිසේබ්ල් වෙලා කියල පේන්න.. ඒකෙන් එනව නෙව හැගීමක්..

      Delete
    4. අපෙ මහින්ද මහත්තයා රත්තරන් දෙයියා!

      Delete
  4. එහෙම නොකලොත් අපේ උන්ට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැති වෙනවා//

    ඔව් ඉතින් ඒක මතක නැති වුනොත් මාතලන්ගේ "ලොක්කට" ගෙදර යන්න වෙනවා නෙව :P

    ReplyDelete
    Replies
    1. ඒකට නම් තව සෑහෙන කාළයක් යයි ලොක්කෝ.. දැක්කනේ ඊයේ....

      අනික සෙලබ්‍රේට් කරන්න කියලත් තියෙන්නේ ඔච්චරනේ....

      Delete
  5. මේ අහිංසකයන්ට මෙහෙමයි අපි සලකන්නෙ කියල නයි ටී ඇන් එකේ අවුරුද්දකට සැරයක් හරි පෙන්නලා එපැය අර,අරක්කු කාල/බත් පැකට්ටුව/රු.500/= අරගෙන හැම මගුලටම එන එව්වො ටික හරි එකතු කරගන්න.
    අද අනුරාධපුරෙ කඩත් වහල.ඔන්න ඔහොමයි නියම ජනතාවගෙ දුක දන්න මිනිස්සු.
    අද පටන් ගැන්ම.
    ජනතාවට ජය නියතයි...!!!!

    ReplyDelete
    Replies
    1. අරක්කු කාල/බත් පැකට්ටුව/රු.500/ දීල අහවල් එක කරගනින්.

      Delete
  6. අන්තිම කවි දෙක නම් මාතලන්.. ++++++

    කො‌ෙහාමත් 30ක් වවාගෙන කාපු එක අඩුම ගානේ 10ක්වත් විකුනගෙන කන්න එපැයි බං... නැත්තම් ලාංකිකයෝ කියන්නේ කොහොමද...?

    ReplyDelete
    Replies
    1. හි... හී...
      හි...හී...
      හි... හී...
      හි...හී...
      හි... හී...
      හි...හී...

      Delete
    2. ඒකනෙ හිරු බලන්න දැන් ඔයා අවුරුදු ගානක් ලව් කරලා බැන්ද කොල්ලව මරව මරව වැඩ ගන්නෙ... අනේ අපෙ කොල්ලා..

      -හිරුගෙ නැන්දම්මා-

      Delete
    3. හිරු දුවගෙ පස්සෙන් යන හි..හි..හි.. ඇනොලගේ "කැක පුස්මට" මා ලග බෙහෙත් ඇත.
      වරු තුනක් දියර ආහාර පමණක් ගෙන මා හමුවන්න.

      Delete
    4. කෙන්ජි කොලු රජා.... නාවල මෙසදින් බාවා..... අපිට බෑ බොක්ක තලාගන්න... ජපන් කොල්ලෙක් අල්ලන් අමාරුව හොද කර ගන්න....

      Delete
    5. ලංකාවේ වෙද්දු ඉන්නකොට, බේත් දෙන්න ඌ ජපානෙට ගෙන්නන්නේ හොඳකට නොවේ.
      හිරු දුව, කෙනජි සූත්තර පුංචා!

      Delete
    6. ජපානෙට වීසා හදලා දෙනවනම් මම එන්න කැමතියි....

      Delete
    7. මම මේ බැලුවේ පහුගිය කාලේ හිරු කොමන්ට් කරලා ඉවර වෙලා හී හී කියලා තියෙනවා. එත් දැන් හී හී කියන්නේ නෑ. කෙනජිගෙන්මද දන්නේ නෑ බෙත් ගත්තේ.

      Delete
    8. @ඇනෝ 2:19 AM ;
      විසා ලබා ගැනීමට නම් පහත සදහන් සිම්පල් දෑ සපුරා සිටිය යුතුයි.
      *කොළඹ ප්‍රධාන පාසලක අවම වශයෙන් අවුරුදු 3ක් හෝ නේවාසිකව ඉගනීම් කටයුතු හදාරා තිබිය යුතුයි.
      *ඉතා සුළු කාලයක් තුල ඔනෑම වාහනයක් වාහනයක් මස් කිරීමේ හැකියාව.
      *ඔනෑම දෙයකට සරිලන ශරීර කුඩුවක් තිබීම.
      ප.ලි. පුක කලු වීම විසා ලබා ගැනීමට ගැටලුවක් නොවන බව සලකන්න.

      Delete
    9. මේ අනුව කෙනජිගේ තරම පෙන්වා දෙනු ලැබේ.
      පුක තමයි.
      එක එකාට දීල ජපන් ගිහින්.
      ප.ලි. කෙනජිගෙ පුක කළුද?
      (පුක කියන්නේ කුණුහබ්බයක් නෙවේ)

      Delete
    10. මට පේන්නෙ නම් ඊටත් වඩා යයි වගේ....

      Delete
  7. ඒක ඇත්ත බං. සර්කස් එකක් නෙවෙයි අවශ්‍ය.

    මට මතක් වෙන්නේ ඉස්සර මම ගහපු PC ගේම් එකක, ටැබ් එකක් ඔබලා සොල්දාදුවො ජෙනරේට් කරන්න පුලුවන්. සොදාදුවො එලියට එන්නේ මෙහෙම. 2 units completed and ready, three units completed and ready. සොල්දාදුවෝ කියන්නේ යුනිට්ස්. :-O

    ReplyDelete
    Replies
    1. රෙඩ් ඇලර්ට්

      Delete
    2. ඕනම රටක තත්වය මේකයි. ඒත් විජයග්‍රායි කියන වචනයත් ප්‍රශ්ණයට ලක්වෙනවා මේ වැඩෙන්...

      Delete
    3. සුදීක ලඟ තියෙනවා DOS ගේම් එකක්.

      Delete
  8. සුපිරියි ඈ.. උඹව දාන්න තිබ්බේ බං නන්දා මාලිනීට ඕන්නං “නව පවන“ කියල එකක් කරන කොට කොම්පෝසර් කෙනෙක් හැටියට. සුපිරියි අදහස හා කවි පොජ්ජ

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනිලා,සුනිල් අරියරත්නලාට දැන් "පවන" කරන්න තරම් ආත්ම ශක්තියක් නැතිද,නැත්නම් මේ ක්‍රමය පිළිගන්වද මන්දා....?

      Delete
    2. පිච්චු කතා කරන්න එපා.ඒ දෙන්නට රජ පරපුරෙ නිමැයුම්/ගායනා ජැකා කියන විදියට කොරන්ඩ වෙලානේ.
      අනේ සුනිල් අයියෙ;වජිර බයිස්කෝප් එක හංවැල්ලේ ඉස්කෝලෙ කැමරා ගත කරද්දී තේ කෝප්ප වලට පොල් අරක්කු දම්මගෙන ගෙනල්ල ළමයින්ට තේ බොනව පෙන්නල අපි කස්ටිය බීවා වගේ නේද අනිත් අයට බොරුව දාන්නෙ?

      Delete
    3. ඕ අන්කල්, උබත් ඒ විදිහට බීවානම් උබත් බොරුම තමා කරනවා. චී චී චී වස කැතයි.

      Delete
    4. එයාලා පැතූ යුගය පහලවෙලා තියෙන්නේ. ඉතින් තව මොනවද? උන්ට ඕන උනේ උන්ටත් කන්න පුළුවන් ක්‍රමයක්....

      Delete
  9. මාතලන්ගේ පින්තූර බ්ලොගයයේත් කොමෙන්ටුවක් කෙටුවා.අපවන් ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන් යනු කවදත් කැරොල් කරත්ත බඳු හුදු ප්‍රදර්ශන භාණ්ඩ පමණයි.දේශපාලන වශයෙන් පමණක් නොව සමාජමය වශයෙනුත් එසේමයි.දේශපාලන වශයෙන් විකිනෙන ආකාරය හැමදෙනෙක්ම දන්නා නිසා.සමාජමය වශයෙන් අපවැනි මිනිසුන් විකිනෙන ආකාරය ගැන කියන්නම්.කලකට ඉහත මගේ රැකියාවේම නියුතු මිතුරෙකුගේ විවාහ උත්සවයට ආරාධනා ලැබ,රෝදපුටුවෙන් අදාළ උත්සවයට ගියෙමි.මගේ මිතුරා මා ඉතාම ආදරයෙන් පිළිගත් බව කිවයුතුය.නමුත් ටිකවෙලාවකට පසු මගේ මිතුරා ඔහුගේ මිතුරන් සහ නෑදා පිරිසට මා පෙන්වමින්,ඔහුගේ හපන්කම් ගැන පුරසාරම් ගසන්නට පටන්ගත්තේය.ඔහු එදා නොකියා කිවේ ඔහු දක්ෂයෙක් නිසා නිරෝගිව සිටින බවය.මතුපිටින් සිනහසෙමින් සිටියද එදා මා සෑහෙන තරම් කලකිරීමකට පත්වුණි.මා සමාජ ජීවිතයෙන් සම්පුර්ණයෙන්ම ඈත්වුනේ මගේ සහෝදරයාගේ විවාහ උත්සවයට සහභාගීවීමෙන් පසුවය.විවාහය උත්සව ශාලාවක පැවතුනි.එහිදී මම අමුත්තන්ට ආචාර කලෙමි.ඒ වෙලාවේ බොහෝදෙනා මා මඟ හරින බව පෙනුනි.සමහරු ඉතාම අකමැත්තෙන් ප්‍රතිආචාර කළබවද දුටිමි.උත්සව ශාලාව තුලදීද බොහෝදෙනා මට ඇස නොගැටී ඉන්නට සෑහෙන මහන්සි ගන්නා බවද දැකීමි.කිසිවෙකුගේ ආදාරයෙන් උත්සව ශාලාවේ අඳුරුම මුල්ලක ස්ථාන ගතවීමි.එදා මා කල්පනා කලේ නැවත කිසිදිනක ප්‍රසිද්ධ සමාජයට නොයන බවය.එදායින් පසු රෝහලකට යාම හැර නිවසින් පිටතට නොයන්නෙමි.අවසන් වශයෙන් කිවයුතු වන්නේ අප වැන්නන් තමන් හා සමාන මිනිසුන් ලෙස සැලකීමට සමාජය අකමැති බවය.

    ReplyDelete
    Replies
    1. ඔබට වු දෙය ගැන කණගාටුයි.... නමුත් මෙය සමාජයේ සෑම කෙනෙක්ටම සිදුවන්නක් නොවේ....

      අපහසුවෙන් වුවත් ඔබගේ කොමෙන්ටුව කියවීමෙන් මා හට හැගී යන කරුණ නම් ඔබ විශාදයෙන් පෙලෙන බවයි... කරුණාකර ඉක්මනින් මනෝචිකිත්සක වරයෙක් හමුවන්න... මෙය පුද්ගලිකව පැවසීමට මා ඔබ නොහදුනන නිසයි මෙසේ කීවේ... සමාවෙන්න... කරුණාකර අනෙක් ඇනෝවරුන් මෙය අපහාසයක් හෝ උපහාසයක් කර නොගන්න

      Delete
    2. ඔබගේ උපදේශයට ස්තුතියි.ඔබ කියන පරිදි සමාජයේ සැම කෙනෙකුටම අදාළ කතාවක් නොකීවෙමි.මා කීවේ පුර්ණ ආබාධිත බවට පත්වූ අපවන් බොහෝදෙනෙකුට අත්වන ඉරණම සම්බන්දවයි.මෙය මා දන්නා ආබාධිත මිනිසුන් කීප දෙනෙකුට හෝ පොදුකතාවක් බව වගකීමෙන් කියමි.මා සමාජයෙන් ඈත්ව ජීවත් වුවද කිසිදු කලකීරිමකින් නොපෙලමි.සමාජය පිළිබද දේවේශයක් මට නැත.නමුත් මිනිස් සවභාවය පිලිබඳ කලකීරීමක් ඇත.මා නිරෝගී තරුණ මිනිසෙකුව සිටියදී අපමණ ලෙන්ගතු වූ මිනිසුන්ම,මා ආබාධිතයෙක් වූ පසු පිළිකුලෙන් ඉවත්වීම සම්බන්දව කණගාටුවක් හෝ කලකීරීමක් ඇතිවීම මානසික රෝගයක් ලෙස අර්ථ ගැන්විය හැකිද?සමාජයෙන් ඈත්ව සිටියද මම සතුටින් සිටිමි.මගේ ආබාධිත බවට සරිලන ආකාරයේ නිවසක් සාදා ගතිමි.පොත්පත් කියවමි.අන්තර්ජාලයෙන් බාගත කරගෙන චිත්‍රපට නරබමි.සතියකට වරක් සහෝදරයා සමඟ මත්පැන් ටිකක් බොමි.මෙය කියවන මිතුරන්ගෙන් මා අසන්නේ සැබවින්ම මා මානසික රෝගියෙක්ද යන්නයි.

      Delete
    3. මිතුරන්ගෙන් ඇසීමෙන් පලක් නෑ සොයුර.... ඔබගේ මානසික තත්වය ගැන ස්ථිර නිගමනයකට එලඹිය හැක්කේ යම් තාක් දුරකට ඔබටත් නැතිනම් සුදුසුකම් ලත් විශේෂඥයෙකුටත් පමණයි.....

      මා ඉහත කලේ ඔබගේ කොමෙන්ටුව බලා කල උපකල්පනයක් පමනයි..... එය අදුරේ ගැසූ ගලක් හා සමානයි.... නමුත් හරියට වැදීමේ සම්භාවිතාවත් එයින් විය හැකි යහපතත් සලකා බලායි එම කොමෙන්ටුව පල කලේ..... වැරදි උපකල්පනයක් නම් සමාවන්න...

      Delete
    4. ඔය විදිහට ඔබ මානසිකව වැටෙන්න එපා.ඒ වගේම සෝබන සමාජය ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා. සතුටේදී ලං වෙන මිනිස්සු ඉක්මණට යනවා මිත්‍රයා.ඒ අයට යන්නම දෙන්න. ඔබ දුක් වෙන්න එපා ඒ දේවල් ගැන. මෙවැනි පිරිසක් වෙනුවෙන්ද යුධ වැදුණේ කියන දේත් හිතන්න එපා.

      ඔබ දැන් ඉන්න තැන අන්තර්ජාලය තියේ නම් එන්න බ්ලොගර් ප්‍රොෆයිලයක් හදන් , අපි ගොඩක් දෙනා ඉන්නවා ඔබ වැනි කෙනෙක් සමග සුහදව කතා බහ කරන්න කැමති.

      දැනටම පේනවා නේද මෙතන ඔබ වැනි අයෙක් වෙනුවෙන් කමෙන්ට් වැටිලා තියෙන හැටි...තමන් තනි වෙලා කියල හිතන්න එපා පොඩ්ඩක් වත්...2000 විතර ලොකු පිරිසක් ඉන්නවා මේ සිංහල බ්ලොග් අවකාශය තුල.ඕනෑම විටක කතා බහ කරන්න...

      Delete
    5. ඔබ ඇතුළු සියලු දෙනාට ස්තුතියි.වසර 3 පමණ සිට සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරමි ඉන් බොහෝ දේවල් ඉගෙන ගතිමි.බ්ලොග් ලිවීමට නොසිතමි.කියවීමම ප්‍රිය කරමි.ඇවිදයාමට නොහැකි වුවද අන්තර්ජාලය ඔස්සේ බොහෝ තැන් වල සැරිසරමි.

      Delete

    6. පුද්ගලිකව මගේ බ්ලොගය තුල නම් මනස සැහැල්ලු වෙන පෝස්ට් නැහැ .නමුත් සිරාගේ කාමරේ , අටම්පහුර , නෙලුම් විල , හැලප කඩේ , ද්‍රකිගේ අඩවිය , තහනම් අඩවිය , දේශකයා , කුරුන්ද , චන්දනගේ සිතුවිලි , පහන් යාය වැනි බ්ලොග් ඔබට ලොකු රසයක් ගෙන දේවි. නිදහසේ ඉන්න ගමන් ඒ දේවල් බලන්න , කමෙන්ට් කරන්න .පොඩි හරි සැහැල්ලුවක් දැනේවි...

      ඒ වගේම විනාඩි 5 වැය කරලා ගූගල් ප්‍රොෆයිලයක් හදාගන්න .කමෙන්ට් කිරීමේදී සහ අපට ඔබව හඳුනා ගැනීමට ඒක උදව්වක්.


      එක රැයකින් මේ සියල්ල යථා තත්වයට පත් වෙන එකක් නැහැ , නමුත් ටිකෙන් ටික සහනයක් දැනේවි..කිසිම විටක තනි වෙලා කියල හිතන්න එපා.අපි ගොඩක් දෙනෙක් ඉන්නවා ඔබ වටා...

      Delete
    7. යකෝ සැහැල්ලුවෙන් ඉන්නනම් කියපන් මගේ සැහැල්ලුව බලන්න එන්න කියල.

      සෙබළ ඇනෝ. ඔබ පොරොෆයිලයක් සාදාගෙන ඉදිරියට එන්න. ඔබ වැන්නවුන් විශේෂ කොට ආදරෙන් පිළිගන්න බහුතරයක් මේ අවකාශයේ ඉන්නව. ඒ වගේම අබාධිතයන්ට නිසි පහසුකම්, සැලකිලි නැති රටක් හැටියට ලංකාව මම දකින්නෙ. ඒ ලෝකෙ මම ගියපු අනික් රටවල් කීපෙ එක්ක බැළුවම. ඒ නිසා ඔබට හිතෙන දේ සාධාරණයි. එහෙත් ඔබ ඒ ගැන සිතා මාණසිකව පසුතැවිලි නොවී සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයකු හමූවීම යම් සහණයක් විය හැකියි ( මානසික වෛද්‍යවරුන් හමුවන්නේ පිස්සන් පමණක් නොවේ ).

      Delete
    8. ඔබ කැමති විදියට ජීවත් වීමේ අයිතිය තියෙන්නේ ඔබට. නමුත් මට්ට බූරු සමාජයක් නිසා, ඔවුනට බයේ කොන්වීම නම් අනුමත කරන්න බෑ. මේ රටේ බහුතරය. බත් කන හරක්...

      Delete
  10. මේතැන තියෙන ලොකුම ප්‍රශ්නේ මාතලන් ඉහලම පුටු වල ඉන්න පුද්ගලයත් යුධ සොල්දාවෙක් වෙලත් මෙහෙම වීම. කොහෙවත් යන උන් සින්දු කියනවා ට්වි වල , තව පිරිසක් අපා දුක් විඳිනවා තනි උන ලෝකෙක ...


    සින්දු බලල "හරි ශෝක්" කියලා නිදා ගන්න මිනිස්සු ඉන්න රටක මීට‍ වඩා දෙයක් බලපොරොත්තු වෙන්නත් බැහැ ...අපිට ගැලපෙන බනිස් තමයි මේ ලැබිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආබාධිත සොල්දාදුවන් විඳින දුක ජනතාව හොඳටම දන්නවා. මැති ඇමතිවරු මේ පිරිස දකින්නේ නැති නිසා වෙන්න ඕන අවුරුද්දකට සැරයක් උන්ට පෙන්නන්න ගෙනියන්නේ. මේකෙන් වෙන්නේ විජයග්‍රහණයේ අභිමානය නැති වෙන එකයි..

      Delete
  11. චේ ගුවේරාත් විකුණන සමාජ ක්‍රමයක අනිත්ම තුච්ඡ භාවිතාව ලංකාවෙ අද අපි දකින්නෙ. වෙන මොනව කියන්නද? සංදර්ශනය බලාගෙන ඉන්නවද, ස්ටේජ් එකට ගල් ගහල විරෝධය පළකරනවද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තාම හොඳටම නිදි....

      Delete
  12. දවසක්, බඩ තියෙන, කොට, මහත, වාචාල, විලමැද බංගලාවේ හරකෙක් යනවලු යාපනේ උත්සවයකට.
    යනකොට කොටි කතක් බඩදරු අම්ම කෙනෙක් විදියට තියාගෙන එනවලු බෝම්බය. හරකා යන ගොන් කරත්තේ දිහාවට එකපාරටම කොටි කත දුවගෙන එනකොට, පුරුවේ පවකට හරකට ගාඩ් එක දෙන්න හිටපු ජාතියේ විරු පුතෙක්, කොටි කත දිහාවට පැදගෙන ගිය බයික් එක හරස් කලා විතරලු පිපිරුනාලු.
    හරකගෙ සීරීමක් විතරලු වුනේ. මියගිය විරු පුතාගේ බිරිඳට ඇගේ ළමයි දෙන්න ජීවත් කරවන්න දෙන්න තීරණය කලාලු මහන මැෂිමක් (භාණ්ඩාගාරයෙන් හරි ලොකු ගාණක් වියදම් වෙන්න ඇති). අඩුම තරමේ ඒක දෙන්න තිබුණු උත්සවේට ආවේ නෑලු ඒ අමනයා. (මට අවබෝධ වුණු හැටියට )මාතලන්ගෙ සුපිරි පද පේලි වලින් එක පේළියක විශේෂණ පද කිහිපයක් ලොප් වෙලා.
    "පින් කරපු අමන ගෙරි නිවට ඒ පුතුන්"
    තව විශේෂණ රාශියක් තියෙයි. ඔක්කම දැම්මොත් පද පේලි ටික කැත වෙයිනේ

    ReplyDelete
    Replies
    1. උන්ට එක තවත් මරණයක් විතරයි.. ඔය ඇමතියගේ උත්සවේට බල්ලෙක් වත් ආවේ නෑ. 94 ඉඳලා මොකක්ද කරේ. ඒකෙත් කතා කරේ ඔය බෝම්බ ප්‍රහාරේ ගැන විතරයි. වෙන දෙයක් කරලා නෑ..

      Delete
  13. දැනෙන රිදෙන ඇත්ත තමයි මේ.... මනුස්සකමට කිසි වටිනාකමක් නෑ දැන්...

    ReplyDelete
    Replies
    1. එක්කෝ ඉදිරියෙන් ගෙනියන්න ඕන. නැත්නම් වහාම නවත්තලා දාන්න ඕන...

      Delete
  14. Niyama kavi tika.E wagemayi adahasa aththama rana wiru keruwawa heli karanawa!

    ReplyDelete
    Replies
    1. මේකත් සමහර අයගේ හොඳ ආදායම් මාර්ගයක්...

      Delete
  15. හැම දෙයකටම මිලක් නියම වෙලා ඇති සමාජය තුල සොල්දාදුවන්ට මේවැනි අභග්‍ය ඉරනමකට මුහුණ දීමට සිදු වීම පුදුමයක් නොවේ...ඔය විජයග්‍රහන රැලි තියන්නේ රට රැකගත් රණවිරුවන් වෙනුවෙන්මද ....?
    මටනම් පෙන විදයට මේ විජයග්‍රහන රැලියට මුව වෙලා කරන්නේ රජයේ ප්‍රතිරුපය පුම්බන ප්‍රචාරණයක්.


    ඇතෙන්ම කියන විදයට රණවිරුවන්ට ආදරෙයිනම් කෝ අර "අපි වෙනුවෙන් අපි"අර මුදලට ආපු සල්ලි.ඒවාට විගණන වාර්තා තියෙනවද,,?නිවාස ව්‍යපති කියක් කලාද...?
    මේ ආණ්ඩුවට මාර්කට් කරන්න තියෙන්නේ මේ දේවල් විතරයිනේ...ඉතින් ඒ දේවල් උපරිමයෙන්ම මාර්කට් කරනවා....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාකට් කරන්න තියෙන්නේ මෙච්චරයි. අනිත් ඔක්කෝම ෆේලියර්...

      Delete
  16. ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් භෞතිකමය සංවර්ධනයක් යම් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වෙච්ච බව කුහක කමෙන් තොරව පිළිගන්න ඕන. ඒත් ඔවුන්ගේ මානසික සංවර්ධනයට සහ නැවත සමාජයේ සාමාන්‍යය ජීවිතයට අනුගත වීම සදහා වෙච්ච මෙහෙය ඉතාම මදි.

    එක දේකට එකග නෑ. අපේ මිනිස්සුන්ට යුද්ධයක් තිබුණ බව අමතක වෙන්නේ නෑ. එහෙම වෙන්න ලොක්කො ඉඩ දෙන්නෙත් නෑ. විපක්ෂය හෝ මහජනතාව මොනයම් ආකරයක උද්ඝෝෂණයක්, විරෝධතාවයක් දක්වපු දවසට පහුවදා ඒ ගැන අනිවාර්‍යෙන් රජයේ මාධ්‍යය මතක් කරනවා. බොරුනම් අද රෑ නයි.ටි.එන්. ප්‍රවෘත්ති බලන්නකෝ.

    යුධ ජයග්‍රහණය සැමරුවට කිසි අවුලක් නෑ. ඒත කලාපයේ අපිට උඩින් ඉන්න දෙන්න තුන්දෙනා තියා ෆේස් ටු ෆේස් ගේම ඉල්ලන තමිල්නාඩුවට පඩයක් තරම් වත් නොදැනෙන වෙපන් පෙන්නලා බොරු ෂෝ දාල නෙමේ.

    ඊට වඩා අර සම්මන්ත්‍රණ ශාලාවේ පිරිත නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අතරින් පතර වාර්ථාවන සිද්දියක් ඇර. අබාධිත සොල්දාදුවන් අමතක කලේ නම් නෑ. නමුත් ජනතාවට නම් අමතක වෙලා. බස් එකක සීට් එකක් වත් දෙන්නේ නෑ. ඒ අතින් නම් වරදක් කියන්න බෑ. ඒත් මෙහෙම ප්‍රදර්ශණය කිරීම නම් අනුමත කරන්න බෑ.

      Delete
  17. අනේ කවුරු හරි දන්නව නම් කියන්නකො දුටුගැමුණු රජ්ජුරුවොද අර දෙමළ මහ සෑය හැදුවෙ, ඒ මොකටද කියල.

    යුද්ධෙ නිසා නැතිවෙච්ච සිංහල දෙමළ හැමෝම වෙනුවෙන් මේ විජයග‍්‍රහණය සමරන වෙලවෙ සාංඝීක දානයක් වත් දුන්නනම් හරි වටිනවා කියල ඇනකොන්ඩට හිතෙනවා. ඇයිද මන්ද?

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණුගෙ සීන් එකට වඩා මේක වෙනස්.. දාන මාන දුන්නත්, සමරණ එකේ වැරද්දකුත් නෑ. ඒත් මේකනම් මහා අපරාදයක්...

      Delete
    2. දෙමළ මහ සෑය හැදුවෙ දුටුගැමුණු නෙවෙයි. දෙ-මළ කියන්නෙ මහල් දෙකකින් යුක්ත කියන එකයි. ඒ චෛත්‍යය ටිකක් දුරට ලොකු කොට වෙහෙරක් වගේ හදලා, ඒ මත්තෙ තව කුඩා චෛත්‍යයක් විදිහටයි හදලා තියෙන්නෙ.
      මේ සබ්ජෙක්ට් එකට දුටුගැමුණුගෙන් උදාහරණයක් ගන්න ඕනෙ නම්, එළාර සොහොන ගැන කතා කරමු.

      Delete
  18. නන්දා මාලිනීට සුනිල් ආරියරත්නට විතරක් නෙවෙයි බං, කාට උනත් මේ යන විදිහ නරක නෑ කියලා හිතෙනවා ඇති.

    1990 දී විතර ගාල්ලේ ඉඩම් අක්කර එකහමාරක් රුපියල් කෝටි 2 කට සුද්දෙක් ගත්තා,ලොකු කලබැගෑනියක් ගියා පාර්ලිමේන්තුවේදීත්,දිවයිනේ කතුවැකියකුත් ගියා අපි මේ කැබලි කර විකුනන්නේ අපේ මාතෘ භූමියයි කියලා,අද?

    මට තේරෙන විදිහට නම් යූ.ඇන්.පී.ය ආණ්ඩු වලින් කරන කරන දේ දේශද්‍රෝහී, අධිරාජ්‍ය ගැති, මව්බිම පාවාදෙන, ජනතාව ණයයකාරයෝ කරන, ශිෂ්‍ය ජීවිත අඳුරට හෙලන,................ මෙකී නොකී දේවල්.
    ඒත් ඒවම සාටකේ පොරවාගෙන කලාම දේශප්‍රේමය.
    පුදුම වැඩේ කියන්නේ බඩු මිල වැඩි උනාමත්, පෙට්‍රල් ඩීසල් වැඩි උනාමත්, ලයිට් බිල වැඩි උනාමත් දේශ ප්‍රේමය,
    කරුණා,කේ.පී.,දයා මාස්ටර් දේශප්‍රේමීන් ෆොන්සේකා දේශද්‍රෝහී බෙදුම්වාදියා.
    මිහින් ලංකා පාඩු ලබන්නේ දේශප්‍රේමයට,ශ්‍රී ලංකන්,වරාය,විදුලිය ,ඛනිජ තෙල්,දුම්රිය,ලංගම,තැපැල්,ලේක්හවුස් පාඩු ලබන්නේ දේශප්‍රේමයට.

    මත්තල,මාගම්පුර,කෙලවරපිටිය,නොරොච්චෝලේ අසාර්ථක වුනේ දේශප්‍රේමයට.

    ඉතිං දේශප්‍රේමයේ නාමයෙන් හොද්ද බොර වෙනකොට,නන්දා මාලිනීලා සුනිල් ආරියරත්නලා මොන මගුලකට පවන කරනවද?

    ReplyDelete
    Replies
    1. එහෙව් දේශප්‍රේමයටත් පොඩි බ්ලැක් මාක් එකක් මේක....

      Delete
  19. මේ පෝස්ටුව තව තැනක තිබුනා නේද මාතලන්..

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරේ විතරයි

      Delete
    2. ඇයි බන් උඩින්ම ලියලා තියෙන්නේ....

      Delete
  20. උඹේ කවිය, අපේ හැඟීම්, උන්ගෙ ප්‍රදර්ශන, බලනකොට අපි ඔක්කොම එක බෝට්ටුවෙ!

    එක එකා තම තමංගෙ ප්‍රථිරූපෙ වෙනුවෙන් එක එක දේ කරනව. මේක ක්‍රමයෙ වැරැද්ද නෙමෙයි, ජාතකේ වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. නෑ හසන්ත මහත්තයෝ මේ අපේ සිංහල ලකුණ....

      Delete
  21. //පරන ටකරං බසයේ
    රැගෙන යයි රාගමට
    ඩැමෙජ් වූ උපකරණ.
    ජාතියේ විරු පුතුන්..//

    ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලා. එත් මේ දේ තවත් රටවල් කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම නම් දැකලා නෑ.. විජයග්‍රහණ පෙළපාලියක යනවා නම්...

      Delete
  22. අවුරුද්දේ සීමිත දවස් ගානකට විතරයි දැන් එයාලාව මතක් වෙන්නෙත්.රාගම සෙවනේ අයව බලන්න ඔය එක ලොක්කෙක්වත් නැහැ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මුන් ටික ඔක්කෝම එක දවසක එතනට එක්ක ගියානම් වැඩේ ඉවරනේ...

      Delete
  23. මාතලන් සමඟ එකඟ වෙමි.

    ReplyDelete
  24. ලංකාව යනු අබාධිතයන්ට සලකන රටක් නොවේ , ඊට හේතුව මේ රට සංස්කෘතික වශයෙන් පසුගාමී වීමයි. ඇමරිකාව, කැනඩාව ඔසී වැනි බටහිර රටවල අබාධිතයන්ට සමාජයේ තැනක් නීතියෙන් මෙන්ම ජනතාව තුලින්ද තිබේ. එයට හේතුව ඔවුන්ට උසස් සංස්කෘතියක් සහ මානව අයිතීන් ගැන සංවේදනයක් ඇති මිනිසුන් වීමයි. ලංකාවේ මිනිසුන් ජිවත් වන්නේ තවමත් ගෝත්‍රික සමාජයකය. එවැනි සමාජයක අබාධිතයන්ට තැනක් නැත. ඔබ කියන පරිදි "පරන ටකරං බසයේ රැගෙන යයි රාගමට ඩැමෙජ් වූ උපකරණ. ජාතියේ විරු පුතුන් "ඒක සත්‍යක් හේතුව ලංකාවේ තිබෙන ගෝත්‍රික භාවය ඒ වගේම ඔබ දන්නවාද කොටි සංවිධනය තමන්ගේ අබාධිත වූ කේඩරයන් ඝාතනය කල බව ?

    ReplyDelete
    Replies
    1. උන් ඉතින් ත්‍රස්තවාදින්නේ. ඒක සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී සංවිධානයක ලක්ෂණයක්. ඔය් පරණ බයිනෙත්තුවල කෙලවරේ පිහියක් තියෙන්නෙත් ඒකයි. ඒ කියන්නේ පන අදින එකෙක් නම් ඇනලා මරලා දාන්න. යුද්ධය ඒ තරම් කැත දෙයක් වෙන්නේ ඒ නිසයි. ළෝකයේ ආබාධිතයින්ට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වෙන්න නවීන උපකරණ බොහෝමාක් නිපදවලා ඉවරයි. පිජාමා සරම් අන්දවලා ඔෆීසියල් ආබාධිතයෙක් කරනවාට වඩා. මොවුන් සියළු දෙනාම සමාජ ගත කිරීමයි කළ යුත්තේ..

      Delete
  25. නිදහස ලැබූ දා සිට,
    පන්සිල් කියමින් දවස අරඹා දවස පුරාම පන්සිල් කඩන්න පුරුදු උන මානසිකත්වයකින් යුතු ජාතික නායකයන් විසින් අපේ මොල හෝදා විකෘති කොට,
    මොන දහදුරා වැඩක් කලත් පනාව දාගෙන එන විට ඡන්දය දෙන මානසික ආබධවලින් පෙලෙන ජනතාවක් බිහිකොට ඇත.

    ඒ නායකයන් හා ජනතාව විසින් ශාරීරික අබ්බගාතයන් බිහි නොකලොත්ය පුදුමේ,
    මේ ක්‍රියාවලිය නැවතෙන පාටක් නැත.

    ලංකාවේ සිටින්නේ විශාල විශාල මානසික කම්පනවලට භාජනය වූ ජනතාවකි.
    මේ මානසික රෝග සුව කල යුතුව ඇත.

    ඒ වෙනුවට වෙන්නේ තුවාල පාරන 'බල සේනා' ඉස්සරහට ඒමයි.

    තව බොහෝ ශාරීරික අබ්බගාතයන් බිහිකරන්නට ඉඩ තිබෙන මේ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව දැනුවත් මෙන්ම බලපෑම් කල යුතුව ඇත.


    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ඇස් තිබුනත් පේන්නේ නැති, කන් තිබුනත් ඇහෙන්නේ නැති, කටක් තිබුනත් කතා කරන්නේ නැති. අත් තිබුනට ලියන්නේ නැති, මුළු රටම අබාධිතයෝ ඉන්න රටක් නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න