.

.

May 19, 2013

විෂ දළ ගලවන රිලවා - Monkey, The Sanke Tamer


එකෝමත් එක රටක, එකෝමත් එක කාළයක, යක්ෂයෝ සහ නාගයෝ කියා දෙගොල්ලක් උන්නෝය. ඉන්දියාවේ ඉඳන් ආපු විජේට හම්බ උනේ යකෙක්ය. මොකෙක්වත් නැති එකේ, යකෙක් උනත් මොකෑ කියපු විජේ යකා සහේට ගත්තේය. ඒ උනාට විජේට බොලිවුඩ් කෑලි මතක් වෙන කොට දුක හිතෙන්න ඇතිය.

ඒ නිසා එයා බොලිවුඩ් වලින් කෑල්ලක් ගෙන්නගෙන, යකා එලවලා දැම්මෝය. විජේ ඇවිත් සිංහයෙක් එක්ක මොකක්ද හුට පටයක් කරගත්ත කෙනෙක්ගේ එකෙක්ය. විජේගේ අය කෙසේ වෙතත්, යක්කු සෙට් එකයි, නයි සෙට් එකයිනම් මේ රටේ තාමත් යහතින්ම ඉන්නවාය. අර සිංහයාගේ සෙට් එක අතීතයේ දවසකම ආයෙත් යන්න ගියා වෙන්න ඇතිය.


යක්කු නම් උදේ ඉඳන් හැන්දෑ වෙනකන්, පාරෙ තොටේ, හැම තැනම හමුවෙනවාය, ගෙදර හිටියත් අවුලක් නැත්තේ, රූප පෙට්ටිය අරක්ගෙන ඉන්නේත් උන් නිසාමය. හැබයි ඉතින් කාලයත් සමග, මුහුන් වීමෙන්, සංසේච්නය වීමෙන් හෝ හැමිනීමෙන් මේ යක්ෂ ගෝත්‍රයයි නාග ගෝත්‍රයයි මුසු වෙලාදෝයි සිතෙන්නේ සූරියප්පෙරුමල, ජැකාල, බයිලා චක්‍රවර්තිලා, අරින තරමක් අරින්නේ නයි නිසාය.

ඒ වෙනුවෙන්ම වෙන්වෙච්ච රූපවාහිනි සේවයකුත් අපිට තියෙනවාය. ඒකට කියන්නේ "නයි" ටී එන් එක කියාය. අනිත් චැනල් ඊට වඩා නයි අරින්නේ "නයි" ටී එන් එකට කෙලෙවෙන්නට වෙන්න ඇතිය.

ඔය නයාට අපේ උන් හරි ආදරේය. ඌ නිකං නයා නෙමේය "නයි හාමිය". සිසිර සේනාරත්න, "නටපන් නයි හාමි...." කියා කියන්නේ පාරේ ඉන්න නයෙකුටද, එහෙම නැත්නම් ඉන්ද්‍රානි විජේබන්ඩාර හුරතලේට ඇති කරන නයි හාමිටද කියා, කියන්න දන්නේ නැතිය. අපේ නැන්දාගේ ගෙදරටත් නයි එනවාය. හැබයි, මරන්න හොයන කොට නයා නැතිය. එයා, නයා හිටපු තැන් අපිට කියනවාය. ඒකට කියන්නේ "නයා අරිනවා" කියලාය.

කොල්ලුපිටිය පොලිසියත් නයෙක් අල්ලගෙන පිස්සුවක්ම කෙලියේය. අන්තිමේදි කොහේද හිටපු කෙල්ල "නයි ස්ටාර්" උනේය. පත්තර කාරයෝ "නයි නලඟන" ගැන ළිපි ලිය ලියා ස්වයං වින්දනයේ යෙදුනෝය. වල් කොල්ලෝ නම් කිව්වේ "නයි නළඟන" දැක්කාම "නයි පැටවෙනවා" කියාය.

ඔන්න, අර එකෝමත් එක රටේ, අහිගුංඨකයෙක් සිටියේය. මේ අහිගුංඨකයාට නයෙකුත් සිටියේය. ඒ වගේම රිලවෙකුත් සිටියේය. රිලවා ආවේ නයා ආවාට පසුය. නයා අහිගුංඨකයාට හම්බ උනේ එයාගේ සීයාගෙන්ය, සීයා එපා එපා කියද්දි, සීයාට නයා දුන්නේ ඉන්දියාවේ අහිගුංඨකයෙක්ය. එයා පස්සෙ කාළෙක නයෙක් ගහලා මැරුණේය. සීයා නම් වයසට ගොස්, කැළණියෙන්ම නිවන් ගියේය.

රිලවා ඉස්සර හිටියේ, වෙනත් අහිගුංඨකයෙක් ළඟය. ඒ අහිගුංඨකයා, රිලවා සීගිරිය ගාව ඩාන්ස් වලට එක්කගෙන ගියේ නෑ කියා, අඬ අඬා ඉන්නවා දැකපු, ඕන කුණු ගොඩක් කරගහගෙන එන අපේ මේ අහිගුංඨකයා, රිලවා අරගෙන ආවේය. මේ රිලවා අනෙක් රිලව් වගේ නෙමේය. කියන ඕන දෙයක් කරණවාය. කොයි වෙලෙත් කෑ ගහන ගමංය. ඕන එකෙක් එක්ක වලියට යනවාය. මොකෝ අහිගුංඨකයා මූට අනෙක් රිලවුන්ට වඩා ආදරේ නිසාය.

නෑ ගම් යන්න කිව්වාම, ෆුල් සූට් ගහගෙන ළෝකේ වටේම යනවාය. බඩ පිණුම් ගහනවාය, හිටි පිනුම් ගහනවාය. තානාපති කාර්යාල ගාව, තොවිල් නටනවාය, සුද්දෝ දැක්කාම කෑ ගහනවාය, තුං මුල්ල හංදියේ නොකා නොබී ඉන්න කිව්වාම, එහෙම ඉන්නවාය. ඒ උනාට එහෙමම හිටියොත්, අවුට් ලුක් එක අප්ෂට් යන නිසා, ලෙමන් පෆ් එකක් දෙකක් හොරෙන් කනවාය.

දැන් අහිගුංඨකයා රිලවාට අලුත්ම ගේමක් දීලාය. ඒ නයා නටවන්නෙයි කියලාය. රිලවත් ඕන කුණු ගොඩක් බෑ නොකියා ගන්නවාය. නැතිනම් ඉතින් රිලවාට වෙන්නේත් නාකි රිලව් ටිකට වගේ පැත්තකට වෙලා ඉන්නය. රිලවා ඉස්සෙල්ලම හැදුවේ නයා මරලා දාන්නය. බැලුවාම ඒකට අහිගුංඨකයාගේ උස රිලවා පුරුදු කරලාය. අපේ රිලවාට තියෙන්නේ නයා එක්ක සෙල්ලම් දාන එකය. නයා මැරිල්ල වෙන රිලවෙකුට දුන් නිසා, දැන් නයත් එක්ක කරන්නේ මොකක්දෝ කියා දහ අතේ කල්පනා කොරනවාය.

ඒ අස්සේ කාලයක් නයා මරමු කියා රට ගිනි තියන්න මූලික වෙච්ච රිලව්, නයා එක්ක සංසර්ගයේ යෙදෙනවය. ඒ රිලව් නයා මරන එකට කැමති නැතිය. මොකෝ රති සැප නොලැඹෙන නිසාය. උන් රිලව් එක්ක නිදියනවාට වඩා නයා එක්ක නිදා ගන්න කැමතිය.

ඒ නිසා රිලවා කියන්නේ නයා මරන්න ඕන නෑ කියලාය. දැන් කරන්න යන්නේ විස දල ගලවලා දාන එකය. ඒකත් ලේසි පාසු නැතිය. මොනවායින් මොනවා වෙයිදෝ කියා අපිත් බලාගෙන ඉන්නවාය. රිලවා නම් ආතල් එකේ නටනවාය. අපිත් බලාගෙන සිටිනවාය. රිලවා පිස්සුම කෙලිනවාය. ඒ අස්සේ නයි නටවන රිලව් ඇරුණාම, කඩ ගිනි තියන රිලව් සෙට් එක්කත්, පයිට් එකක් යනවාය.

කඩ ගිනිතියන රිලව් කෑ ගහපු පාරට නම්, අපේ රිලවා නැට්ට පුකේ ගසාගෙන ඉන්නවාය. ඒ උනාට දත් ගලවන්නම බලන්නේය. රිලවා දත් ගලවන වැඩේට බොහොම දස්සයි කියා, රිලව් බිස්නස් කරන උනුත් කියන්නේය. ඒ අස්සේ කඩුවෙල නාකි රිලවෙකුත් ගේමම ඉල්ලන්නේය. අපි ඉතින් නයාට මොකක් වෙයිදෝ කියා බලාගෙන ඉන්නවෝය.

70 comments:

  1. රිලවා සලාකා එකට පැන නෙත්තියක් ඇතී කුමරියක් උස්සන බව ගොඩක් අය කියති,

    ReplyDelete
    Replies
    1. මේ රිලවා නොව අනෙක් රිලව්ද, රට පාලනය කෙසේ වෙතත්, ඒ නැටුම් වලට නම් කප් ගැසූවෝය...

      Delete
  2. හෑමදාමත් සිද්ද වුනෙත්, ඉදිරියට සිද්ද වෙන්නෙත් ඕකම තමා

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්නේ නයා මරන්නම වගේ ලෑස්තිය...

      Delete
    2. නයි මරන ඒක වස් වදින වැඩක්ය. නයා මැරුවොත් මුලින්ම අපට නයාව දුන් අහිගුංටිකයින්ට කේන්ති යා හැකිය. ඒහෙම වුනොත් නැවත කොටියකු ඒවිය හැකිය. කොටියාට වඩා නයා හොදයි කියා උෟට බිත්තරයක් දෙකක් දී සේප් ඒකේ ඉදීම හොදය.

      Delete
    3. මම නම් හිතන්නේ නයා මැරුවාට එයාලටත් කොරන්න දෙයක් නැති සයිස් එකක් තිබේය. කොහොමත් චීන ටුවර් එකෙන් පස්සේ නය මරනවාද නැතිද යන්න අහිගුංඨකයා තීරණය කරණු ඇත...
      ඇත්ත වශයෙන්ම මේ නයා නම් සත පහක වැඩක් නැති සුදු අලියෙක්මය..

      Delete
    4. නයා මරලා භූමදාබ කටයුතුත් කරලා "ඒහෙම ඒකෙක් හිටියෙ නෑ" වගේ ඉන්න පුළුවන්නම් රටේ අාර්ථිකයට ප්‍රකොටි ගනනක මුදලක් වාර්ෂිකව ඉතිරි වෙනව. ඒත් ඉතින් නයාගෙ අැගේ හිටපු මැක්කො කිනිතුල්ලො (උන් ඉන්නෙ නයාගෙ කොහෙද කියල අහන්න ඒපා) ටික රස්සාවල් නැතිව ගෙවල් වලට වෙලා හිටියොත් ගම්වල කෙල්ලෙකුට ගැහැනිකට නොවෙයි අාච්චි කෙනෙකුටවත් බේරිලා ඉන්න බැරි වෙයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඒ රිලවාගේ දිව ඇත්ත කියනවාය //පාරෙ හිඟා කෑවත් උතුරට පොලිස්-ඉඩම් බලය ආණ්ඩුවක ඉන්නෙ නෑ //මේක කඩපුවම ඇත්ත පේනවාය

    පාරෙ හිඟා කෑවත්
    ආණ්ඩුවක ඉන්නෙ නෑ

    ආණ්ඩුවේ ඉන්නේ හිඟා කන්න බැරි නිසා ...

    ReplyDelete
    Replies
    1. පාරේ හිඟන්න ඕනා නැතිය. පරම්පරා හතකට හම්බ කොරලා අහවරය...

      Delete
  5. මාතලන් අයියට නයිගැන හොඳ අත්දැකීම් තියෙනවා වගේ නෙහ් ? හිහ් හිහ් හිහ්

    ReplyDelete
    Replies
    1. කාටද බන් නයි ගැන අත්දැකීම් නැත්තේ....

      Delete
  6. නයාගේ දල කඩන්න හොදම විදිහ නයි පැටවීමය....මේ දවස් වල අහිගුනටක තොමෝ උත්සහ කරන්නේ ඒකට ය...

    ReplyDelete
    Replies
    1. බොහෝ විට නයි පටවා අවසාන වන විට නයා මැරිලා සිටින්නටද පුළුවන..

      Delete
  7. නයි නටවන්නට හා පටවන්නට උපන් හපන් කම් ඇති රිලා විසේසයකි

    ReplyDelete
    Replies
    1. කොයි නැටිල්ලත් කාළයක් ගියාම එපා වෙනවාය.

      Delete
  8. ඔය කියන රිලවා උගෙ හැකර කටින් වතාවක්...ගූගල් යන්න එපා, කොකා කෝලා බොන්න එපා යයි ජනතාවට කීවේය. නමුත් මේ රිලවා තමන්ගේ ගෑණිට භයය. කොච්චර භයද කියනවා නම් ඒ ගෑණිට ඇමරිකාවේ ඩිස්නිලන්තය බලන්නට ඕනෑ යයි කී විට ඇමරිකානු විරෝධය නම් නැට්ට පුක අස්සේ ගසාගෙන රිලවා ඇමරිකා ගියේය.

    සිරිලංකාවට සැපත් වු පසුව ලැජ්ජාව දුරුකරගන්නට කිව්වේ ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්නට එය තියෙන තැන සොයන්නට ගිය බවකි. මේ ලගකදී කෙහෙල් කොලයකට මුවා වී සල්ලි ගැසූ මේ රිලවා රජපුතෙකු අතින් අම්බානට කිව වූ අයුරු නම් ඉතාමත් ඛේදජනකය. තනි ඇහැට ඇඩෙන දසුනක්ය.

    ReplyDelete
    Replies
    1. මේ "ඇමරිකන් විරෝධි" රිලවා සතුව අයිපෝනයක්ද ඇති බැව් දැනගන්නට ඇත

      Delete
    2. බොබසේ එක්ක හැපි xරි කෑ රිලවා වගේ ඉන්නත් වෙලාය...

      Delete
  9. “නයාට ගහල පොල්ල වරද්දගන්න එපා“ රිලවෝ

    ReplyDelete
    Replies
    1. අද තිබුනා නියම කාටුන් එකක්. බෙල්ලේ තඩි කළු ගලක් බැඳගෙන ළිදට පනින්න යනවා. ලොක්කා පැත්තක ඉඳගෙන කට කපලා හිනා වෙනවා....

      Delete
  10. මාත් කල්පනා කොලේ සිංහයාගේ සෙට් එකට මොකද වු‍ණේ කියාය.

    ReplyDelete
    Replies
    1. සිංහයන්ගේ "සෙට්" එකට සෙට් වෙන්න ඉස්සෙල්ලා උන් ටික මාරු වෙන්නැති මයෙ හිතේ...

      Delete
  11. අප පැවත එන්නේ විජයගෙන්ද?රාවනාගෙන්ද?නිවැරදිව අපේ ඉතිහාසය දැනගත හැකි විදියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය වර්තමානයේ හෘද සාක්ෂ්‍ය වූවත් වඩාත් වැදගත් වන්නේ අප පැවත එන්නේ විජයගෙන්ද රාවණාගෙන්ද කියා සොයා බැලීම නොව මිනිස් අයිතීන් ගරු කරන යහපත් සමාජ සංස්කෘතියක් උදෙසා පැවතෙන්නට සමාජ ගමන් මාර්ගය සකස් කරගැනීමට තම තමන්ට හැකි ආකාරයෙන් පෙළඹීමයි. එසේ නොමැතිව මෙවැනි චොකා බයිලා ගසමින් හැම එකාටමත් හැම දේටමත් බැණ අඩගැසීම නොවේ.

      Delete
    2. විජය රාවණා කෙසේ වෙතත්, මහාචාර්ය මාතලන්ගේ පුරා විද්‍යා කැණීම් වලට අනුව නම්, බත් කන හරක්, බූරූවන් හා ගල් ආඳන්ගෙන් බව නම් සක් සුදක් සේ පැහැදිලිය...

      Delete
    3. පෝස්ට් එකත් හරි උබේ මේ කමන්ට් එකත් හරි මාතලන් අයියා ..
      පත්තර මල්ලි

      Delete
    4. //මහාචාර්ය මාතලන්ගේ පුරා විද්‍යා කැණීම් වලට අනුව නම්, බත් කන හරක්, බූරූවන් හා ගල් ආඳන්ගෙන් බව නම් සක් සුදක් සේ පැහැදිලිය...//

      :D

      Delete
    5. සිංහල මිනිසුන්ගේ ජාන බටහිර බෙංගාලයට නෑකම් කියනවාලු (විකි පිඩියාව ) , එහෙම නම් විජේගේ කථාව හරි වෙන්න පුලුවන් . (සිංහල අවුරුද්ද සහ බෙංගලයේ අවුරුද්දත් එකම දවස ) .

      Delete
    6. බුවා, ඔය අවුරුද්ද කේරළ සීන් එකක්. පස්සෙ ඉඩ තිබ්බොත් ලියන්නං විස්තර එක්ක. සිංහ්ලය රාවණාගෙන්වත් මොකාගෙන්වත් නෙමෙයි ෂුවර් එකටම එන්නෙ "වඳුරා" ගෙන්. පේන්නෙ නැද්ද කරන වැඩ.

      Delete
    7. මෙ වඳුරු කුලකයට උඹත් අයුති වෙනවා නේ ඉන්දික අයියේ?

      Delete
    8. අහ් ඔව් මම කේරල කතන්දරයකුත් දැක්කා . අයි පි එල් මැච් එකකදි ඔය තුනම ගැන කිව එකෙන්ද කොහෙද ? බෙංගාලි වගේම කේරල ජානත් තියනවාලුනේ අපේ , අනේ මන්ද . විස්තරේ ලියමුකො අපිට දැන ගන්නත් එක්ක

      Delete
  12. /* හැබයි ඉතින් කාලයත් සමග, මුහුන් වීමෙන්, සංසේච්නය වීමෙන් හෝ හැමිනීමෙන් මේ යක්ෂ ගෝත්‍රයයි නාග ගෝත්‍රයයි මුසු වෙලාදෝයි සිතෙන්නේ සූරියප්පෙරුමල, ජැකාල, බයිලා චක්‍රවර්තිලා, අරින තරමක් අරින්නේ නයි නිසාය. */

    එල්ලාවල ලා ගැන නොදනිමි, නමුත් අනිත් අය නම් මට හිතෙන හැටියට එච්චර පරණ ලාංකිකක්වයක් ඇති අය නොවන්නට ඉඩ ඇත.

    සුරියප්පෙරුමාල් ලා ගේ මුත්තා මෙහෙට ආවේ සීතාවක රාජසිංහ කාලේ වෙන්ඩුප්පෙරුමාල්ලා සමග වෙන්න ඕනෑ.

    අන්තෝනියෝ ජැකෝනිස් නම් ඊටත් පසු කලෙක අප්‍රිකාවෙන් පැමිණියෙකුගෙන් පැවත එන බව ඔහුම කීවා නොවේද? මට හිතෙන විදියට ඔහුගෙත් ලංකා ඉතිහාසය අවුරුදු පන්සීයට අඩුයි.

    මේ කරුණු තිබුණා ජැකෝනිස් තුමා රඟ පෑ කඩුල්ල නාට්‍යයේ. රචනය තිලක් ජයරත්න. තිර රචනය පොත විකිණීමට ඇත.

    ReplyDelete
    Replies
    1. කඩුල්ල සුපිරි සෝප් ඔපෙරාවක්. රේන්ද කාරයන් ගැන කෙරුණු සැබෑ කතාවක්. තව එකක් යනවා කතෝ චන්ද්‍රරත්න මාපිටිගමගේ ගේ (එයා "ගේ" නෙමේ වදේ) "සකිසඳ සුවාරිස්". මෑතක දුටු රස ආකරයක්.. හොයාගෙන බලන්න...

      Delete
    2. මේක විහිළුවක් නෙවේ සීරියස් අහන්නේ . "සකිසඳ එළියස්" කියලා එකකුත් ගියා නේද දැනට අවුරුදු 5 කට කලින් වගේ ..?

      Delete
    3. අන්තෝනියෝ ජැකෝනිස්

      කියන්නේ කාටද

      Delete
    4. @campden house ;"පනාපුත්‍ර කුහුඹු පැණියා" අන්න එයාට

      Delete
    5. අර මනෝරත්න සහ ජෝ අබේවික්‍රම හිටිය ටෙලිය මොකක්ද? සබඳ පබිලිස්ද, සකිසඳ එළියස් ද?

      Delete
    6. අන්තෝනියෝ ජැකෝනිස් = Jackson Anthony

      Delete
    7. @කතන්දර, මනෝරත්න සහ ජෝ අබේවික්‍රම හිටිය ටෙලිය මොකක්ද? - සකිසඳ එළියස්
      රොජර් සෙනෙවිරත්නත් හිටියේ. එයා ඉන්නවා මාතලන් කියන "සකිසඳ සුවාරිස්" ටෙලියෙත්.

      Delete
    8. සකිසඳ එළියස් කියන්නෙ දයා රාජපක්ෂගෙ චිත්‍ර කතාවක්.

      Delete
  13. :-D
    Allapu rate piliwetha ape lokaye ayata nathi bawin meeta wadaa yamak nokiyami.

    ReplyDelete
  14. පට්ට රිලවෙක් නොවැ අයියෙ.. එල එල..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. ඉන්න හොඳම එකා....

      Delete
  15. රිලවා 'හනුමා' කරගත්තානම් වටේටම ගිනි තියයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දැන් කරන්නෙත් ඒක තමයි. ටුවරිසම් එකට එකක් බැහැලා... වැඩියෙන්ම ආවේ චෙන්නායි උන්නේ...

      Delete
  16. once this monkey is useless ,,he will replace him wit another one,,and there are plenty of monkeys around us waiting to take his place,this is a never ending cycle,

    ReplyDelete
    Replies
    1. නමුත් මේ තරම් ගොන් රිලවෙක් හොයාගන්න එක ලේසි නෑ...

      Delete
  17. කතාව ටක්කෙටම සත්‍ය යැ! ලිවිල්ල නම් ඊටත් පට්ට යැ! ආශ්චර්යයකි හසන්තය, ආශ්චර්යයකි.. මේ පෝස්ටුව දකින දකින වාරයක් වාරයක් ගණනේ මගේ කෙසාන්තයේ සිට පාදාන්තය දක්වා වූ රෝම කූපයෝ කෙළින් වෙන්නාහ!

    ReplyDelete
    Replies
    1. හසන්ත මහත්තයෝ ඕක තමයි අපේ සිංහල ලකුණ...

      Delete
  18. යක්කුද , නයිද, සිංහයොද, රිලව්ද වැඩියෙන් හොඳ ?

    ReplyDelete
    Replies
    1. සිංහයෝ නම් නෑ නේ. ඒ වෙනුවට නරි වගයක් නම් ඉන්නවා. කවදා ආවද කියන්න දන්නෙ නම් නෑ. ඔක්කෝම එක වල්ලේ පොල්...

      Delete
    2. සිංහයො සිංහයො....ඇයි මොකෝ අහන්නෙ?

      Delete
  19. ජේස්ට රිලව් ටිකක් අහිකුන්ටකයට රෝස පුකවල් ටික පෙන්නල නයි පනික්කිච්චි ට සෙට් වෙන එක බුදු ෂුවර් නේද?

    ReplyDelete
    Replies
    1. ජර්මනියේ ඉඳගෙන මොකක්දෝ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් කරනවා කියන්නේ. ඒයාට වඩා නම් මෙයා දාහකින් හොඳා.

      Delete
  20. අහිගුණ්ටකයත් නයා මරාගන්න පොටක් පෑදෙනකං ඉන්නවදෝ කියල හිතෙනව මට... ඒ කොහොම වුනත් නයා මැරිල්ල සෙල්ලම් වැඩක් වෙන එකක් නැති පාටයි...

    ReplyDelete
    Replies
    1. එයාට නයා නිකන්. නයාට අඳුකොළ වගේ තමයි. අර පුදුමාතලන් වලදි ඇනකොන්ඩා මරපු වෙලේ, සෝක් එකට තැටිය රත් වෙලා තිබුන වෙලේ ඒ තැටියටම දාලා නයා රෝස් කරලම බයිට් එකට ගන්න තිබුනා. කොහෙද එහෙම මොළයක් නෑනේ. එකෙකුටවත්. ඔක්කෝම එදා වේල ටුවර්ස්...

      Delete
    2. ඇනකොන්ඩා මරපු වෙලේ රත් උන තැටියෙන්නේ අපි කිරිබත් උයන් කෑවේ....සුබ අනාගතයක් කියකියා....දැන් අමතෙකයි ඒවා...

      Delete
  21. ඇයි රාස්සයෝ, පරාස්සයෝ, විජේ අයිය මේ කට්ටියට ගේම ගැහුවා නේ? ඒ පුරුද්ද තමයි අපි ඉතින් තාමත් කරන්නෙ ගේම ගහන එකමනෙ. මෙහෙම ගියොත් ඉතින් රටට බුදු සරණයි. (බුදු සරණයි කියන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙ ද මන්ද? කස පහර කන්න වෙයිද අවසර නොගෙන බුදු සරණයි කියලා.)

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයත් ඉල්ලගෙන වලඳන්නද කොහෙද හදන්නේ. වේවැල් පාරවල් කාලා අපිට නම් කියන්න එපා ඕන්....

      Delete
  22. රිලවා හැර හරින්නේ නැති මුත් මේ රිලවානම් හැව අරින්නත් දන්නේය.....

    ReplyDelete
    Replies
    1. මේ රිලවා අනෙක් රිලවුන්ගෙන් වෙනස් වන්නේ ඒ නිසාය...

      Delete
  23. කතාව අනාගතයට දිව යන කතා මාලාවක වර්තමාන කොටසයි. උස රිලවා ගැන කට කහනවාට අනාවැකියක් කියන්නං. අහිගුංඨකයාගේ කෑම රස මදි වී ඉස්සෙල්ලාම කැලෑවට පනින්නේ මේ උස රිලවාය. ලෙමන් පෆ් රිලවා නෑගම් යන හැටි පෙන්වා ඊනියා මාධ්‍යම පාංතික ගැලරියට තව තවත් ෆැන්ටසි සපයනු ඇත්තේය.

    කාලෙකින් ගොඩ වුනාට වරදවා නොසිතනු මහාචාර්‍යතුමනි.

    ReplyDelete
    Replies
    1. ඒකේ අවුලක් නෑ. ඒත් අඩුව පේනවා.
      උස රිලවා මා අගය කරන්නේ. දෙමළ ප්‍රශ්ණය ගැන ඔහු දරණ නොවෙනස්වන මතය නිසාය.

      Delete
  24. දේශපාලනේ අපේ රටේ මහ ජරාම මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. ඒක වෙනස් කරන එක අප සැමගේ යුතුකම. අපේ දරුවන් වෙනුවෙන්වත්....

      Delete
  25. මොහුගේ ගමන රෝස මල් ඇතිරූ මාවතක් මතින් නොවේ

    බලන්න දක්ශයාට දියුනු වෙනව නම් මි(නී) කුණුත් ඇති,

    පලමුව කොල්ලන්ට පලන්දා වදකයාට දැක්වූ වදමල් හා වෙඩිමල් ව්‍යාපාරය
    දෙවනුව ගමේ අහිංසක කොල්ලනව හමුදාවට බැන්දූ මානෙල් මල් ව්‍යාපාරය
    තුන්වනුව චන්ද්‍රිකාව බලයට ගෙනා සුදු නෙලුම් මල්

    වර්තමානයේ ගඳපාන මල් හෙවත් 'මල' ව්‍යාපාරය

    (ලොක්කො දන්නව මේ වගේ දක්ශ පක්ශ කන් තියෙන අනාතයෙකුගෙන් ගන්න පුලුවන් වැඩ, චූටි මල්ලි, තෝත් කාපිය ජරාව ටිකක් හැබැයි ෆයිල් එක අපි ලඟ?)

    Dayal Bathee

    ReplyDelete
    Replies
    1. අපේ රටේ උන්ගේ බුද්ධි මට්ටම තමයි මේ සහෝදරයා නියෝජනය කරන්නේ.. රජතුමාව අනුමත වන්නෙත් ඒ හේතුවෙන්...

      Delete
  26. මේ ශෛලිය නම් මාරයි. දේශපාලනය සමාජගත කරන්නමෙයිට වඩා එකක් නෑ. මම පුංචි එකා සන්දියෙ, පෙරස්ත්‍රොයිකාව තේරුම්ගත්තෙත් මේ වගේ කූඹි ගුලකුයි කඩි රැළකුයි ගැන කතාවකින්.
    රිලව කියන එක නම් අරූට නම්බු වැඩියි කියල හිතෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න