.

.

May 23, 2013

වැඩ වර්ජනය අසාර්ථක වූයේ ඇයි? - Protest against government (F)


"21 මහා වැඩ වර්ජනය" අවසානයේදී, "සංකේත් වැඩ වර්ජනයක්" දක්වා පසු බැසීය. ආන්ඩුවේ සේවකයා කවදත් වැඩ වරණ පිරිසක් යන පොදු මතයෙන් දමා ගැසීමක්ද ඒ අතර වේ. ඒ වැඩ වර්ජනයේ නියමුවන්ගේම හැඳින්වීමයි. දැන් ඔවුන් පවසනුයේ කාගේවත් කොන්ත්‍රාත්තු ඉටුකිරීමට ඔවුන් බැදී නොමැති බවයි. එසේම ඔවුන් මග පෙන්වීමක් කරනා බවද, කැමතිනම් එක්විය හැකි බවද, අකමැතිනම් එසේ කළ හැකි බවද පවසයි. ජවිපේ මේ වෙනස්වීම සිත් ගන්නා සුළුය. ඒ ඔවුන් නියම ප්‍රජාතන්ත්‍රවාදයට අවතීර්ණ වී ඇති බවයි.


වැඩ වර්ජනය කොළඹදී අසාර්ථක වූවද, අනෙක් පෙදෙස් වල යම්කිසි සාර්ථකත්වයක් අත් කර ගත්තේය. එය යහපත් ලක්ෂණයකි, ජවිපෙට එය මහත් සතුටටම හේතුවක් වනු ඇත්තේමය. මන්ද පොදු පෙරමුණ කොළඹදී පරාජය වූවද, ගම් මට්ටමේදි සිටිනුයේ විපක්ෂයට ලන්සුවක් තබන්නවත් නොහැකි මට්ටමකය. මේ අලුත් වෙනස ප්‍රයෝජනයට ගෑනීමට ජවිපේ වහාම වැඩ පිළිවලක් සකස් කළ යුතුය.

මගේ මතය අනුව නම්, මැයි 15 දා උද්ඝෝෂණ රැළිය, 21 වැඩ වර්ජනයට වඩා, බොහෝ ඉදිරියෙන් උන් බවය. ආන්ඩුවද බියවී, තර්ජනය කිරීම්, නීතී පැනවීම්, බිය වැද්දීම් සහ සුපුරුදු මිනී බෑන්ඩ් වාදන ඉදිරිපත් කළේ එබැවිනි. එමෙන්ම 23 දා පැවති ජවිපේ උද්ඝෝෂණයද 21 දාට වඩා බොහෝ ඉදිරියෙන් සිටියේය. කෙසේ වෙතත් ආන්ඩුව කෙනිත්තීමට හෝ ජවිපේ ගෙන ගිය වැඩ පිළිවල අප අගය කළ යුතුමය.

සිඳු වූයේ කුමක්ද?
ජනතාව විදුලි බිල වැඩි කිරීමට කැමතිද?. නැත. ඇත්ත වශයෙන්ම මේ මිළ වැඩිකිරීම වැඩියෙන්ම බලපාන පිරිස වන්නේද, මාසික වේතනයක් වෙනුවෙන් තම ශ්‍රමය කැපකරන්න සේවකයන්ය. ඒය රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා එකසේ බලපාන කරුනකි. එසේ නම් ඔවුන් වැඩ වර්ජනය නොකලේ ඇයි.

ඒ ඔවුන් පාඩමක් ඉගෙන ගත් පිරිසක් බැවිනි. 1980 දී ජීවන ව්යදම රුපියල් 5 ක් හා රුපියල් 300 ක පඩි වැඩිවීමක් ඉල්ලා, වැඩ වර්ජනය කල සියල්ලන්ටම රැකියා අහිමිවිය. එම වර්ජනයට නායකත්වය දුන්නෝ අද රජ සැප විඳිද්දී, වර්ජනය කල කම්කරුවෝ, අදත් නොවිඳිනා දුක් විඳින්නෝය. ඔවුන් එසේ බිලිබා ගත හැකි වූයේ. එවන් දෙයක ප්‍රතිඵල ඔවුන් නොදැන සිටි බැවිනි. එහෙත් අද රැකියාවක නියුතු ඕනෑම පුද්ගලයකු, එම ඉතිහාස පාඩම හොඳින්ම කට පාඩම් ඇත්තෝය.

බොරුව ජයගැනීම
අනෙක් කරුණ නම් රජයේ මාධ්‍ය විසින් ගෙන ගිය කප්පරක් ගජබින්න, ගජබින්න බවට ජනතාවට ඒත්තු ගැන්වීමට ඇති නොහැකියාවයි. මේය අනාගතයට වූවද එකසේ බලපාන කරුණකි. අද දේශපාළණය වොයිස් කට් දීමට පමණක් වෙන්ව ඇත. ප්‍රායෝගික තලයේ ආන්ඩුවේ පිරිස හැර විපක්ශයේ කෙනෙකුන් නැත. අවම වශයෙන් ජවිපේ තුලද නැත. (ගමේ දේශපාළණයේ)

මේ පවතින්නේ ගජබින්න දේශපාළණයක් බව මෝඩ ජනතාවට ඒත්තු ගන්වන තෙක් වත්මන් පාළණය කිසි සේත්ම වෙනස් කළ නොහැක. ගොබෙල්ස් න්‍යායයේ කෙල පැමිනියන් ආන්ඩුවේ සිටිනා තාක් කල් වෙනත් පක්ෂයක් බලයට ඒම සිහිනයක්ම පමණි. එය ජනතාවට ඒත්තු ගැන්වීම, ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

ජනතාව අද දේශපාළණය ගැන දැණුවත් බාවයක් ලබා ගන්නේ, ප්‍රවෘත්ති, රූපවාහිනි නාලිකා සංවාද වැඩසටහන්, විමසුම, හඩ්ඩා මහතාගේ ගාලගෝට්ටිය හා ඉසිර ගුවන් විදුලියේ උදෑසන වැඩ සටහන වැනි දෑ තුලිනි. දේශපාළණය ගැන උනන්දු පිරිස නිදි මරාගෙන හෝ මේවා නරඹති. නමුත් කනගාටුවට කරුණ නම් විපක්ෂයේ අය අතුරින් ජනතාවට දැනෙන අයුරින් මාධ්‍ය හා භාෂිතය භාවිතා කිරීමට හැකි අය අල්ප වීමයි.

ජවිපේ මනාප අඩුවීමටද මූලික හේතුව වන්නේ මෙයයි. ජනතාවගේ සිත් ඇදගන්නා ලෙස වාග් කෞෂල්‍යක් හිමි හා තර්කයෙහි දක්ෂ, මනා පෞර්ෂයක් ඇති අයගේ අඩුව අද හොඳින් කැපී පෙනෙනා දෙයකි. ජවිපේ තුල විමල්ගේ හිඩැස පිරිවීමට අන් සියළු දෙනාම එක්වූවද කළ නොහැකි දෙයක් බවට පත්ව ඇත. තරමක් හෝ ජනතාවට දැනෙනා ලෙස සංනිවේදනයේ යෙදෙනුයේ ලාල්කාන්ත හා අනුර දිසානායක පමණි. දුර බැහැර කෙනෙකුන් වූවද, සමන්ත විද්‍යාරත්න සංවාදවලට සහභාගී කළ යුතුම පුද්ගලයෙකි. ඔහුට ජවිපේ වේදිකාවේ තැනක් නොමැතිවීම කනගාටුවටම කාරණයක්ය.

එජාපයට සිඳුවී ඇත්තේ කුමක්ද? 
සජිත් ප්‍රේමදාසගේ උප්පරවැට්ටි හේතුවෙන් විවාදයන්හී තැන අහිමි වූවන් නිසා, අද එම පක්ෂයෙන් එවන්නේ කව්ද? ජයලත් ජයවර්ධන - ආන්ඩු පක්ෂයෙන් "කොටියා" යැයි කියු සැනෙන් විවාදය අවසන්ය. රවි කරුණානායක - සහභාගි නොකිරීම නම් අගේ කළ යුතුමය. බන්ධුලගේ 2500 විවාදය පුස්සක් කළේ ඔහුය. හර්ෂද සිල්වා - කියන දේ ඔහුටවත් නොතේරේ. අජිත් පෙරේරා - කොතරම් දක්ෂයෙක් වූවද සිත් ඇද බැඳ ගන්නේ නැත. දයා පෙරේරා - ට විවාද කළ හැකිද, එරාන් වික්‍රමරත්නයන් - පෝ දින ධර්ම දේශණාවට අරලිය ගහ  මන්දිරයට පිටත් කළ හැක.

මේ කරන්නේ පුද්ගලයන් අවතක්සේරු කිරීමක් නොවේ. මොවුන් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝය. එහෙත් ජනතාවට තේරුම් ගැනීමට හැකි ලෙස භාෂාව හසුරුවන්නන් නොවේ. මොවුන්, කෙදිනක හෝ බලයට පත්වූ කළෙක, ඇමතිවරුන් ලෙස රටට විශාල සේවයක් කළ හැකි පිරිසකි. නැවතත් මෙම වැඩ සටහන් සඳහා, දයාසිරි ජයසේකර, සුජීව සේමසිංහ, හරේන් ප්‍රනාන්දු වැනි අයට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතුමය.

ආන්ඩුවේ ගුවන් විදුලියෙන්, සභාපති සහභාගීත්වයෙන් කරන්නාවු වැඩ සටහන වෙනුවට, විපක්ෂයට ඇති එකම වැඩ සටහන, ඉසිර ගුවන් විදුලියේ වැඩ සටහනයි. එහෙත් එම වැඩ සටහනට එක් දිනක් හෝ සවන් දී ඇති අයකු, එම වැඩ සටහන හඳමාමා වැඩසටහනයයි සිතුවේ නම්, මා එහි කිසිම වරදක් නොදකිමි. එය විකාරයකි. නමක් නොදන්නා අධ්‍යක්ෂකවරයා, කුඩා දරුවකු සිහිපත් කරයි. මේ දේශපාළණය නොවේ, ෆේස් බුක් දේශපාළණයයි. විපක්ෂයට එම වැඩ සටහන, තම සන්නිවේදනය සඳහා, මුදල් ගෙවා හෝ ලබාගෙන සාර්ථක වැඩ සටහනක් ඉදිරිපත් කළ යුතු කාළයයි මේ.

විශ්වාසය හා අවංකභාවය
අනෙක් කරුණ නම්. විපක්ෂයේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්ණයයි. එදින වුවද ජනතාවට වැඩ වර්ජනය කරන්නට යැයි කියා. එජාපයේ පිරිස පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වේ. මෙය දකිනා කෙනෙකුන්ට ඇතිවන හැඟීම කුමක්ද? අනෙක් කරුණ සංවිධාකයන් ප්‍රමාණය වැඩිවීම හා ඔවුනොවුන් වෙන් වෙන්ව තම බලය ප්‍රදර්ශනයට යොමුවීමයි. 15 දා තිබූ සංවිධානාත්මක බව 21 දා තිබුනේ නැත.

වික්‍රමභාහු සහෝදරයා රත්මලානේ පෙලපාලියකය, ෆූටාවේ කිහිප දෙනෙක් නුගේගොඩ හංදියේය. බස් ගැමුණු දුරකථනයත් විසන්දි කෙරුවේය. ජනතාවට නායකත්වයක් අහිමිවිය. ආන්ඩුව මෙන්ම විපක්ෂයද පුන පුනා කියූවේ, විදුලි බිල ඉහළ දැමීම මාෆියාවක වැඩක් කියාය. ආන්ඩුව මාෆියාව එජාපය බව කීවද. එජාපය, ජවිපේ හෝ වෙනත් කිසිවකුත් මේ මාෆියාව කව්දැයි ජනතාවට එළි කළේ නැත. එවිට විපක්ෂයට හිතවත් ජනතාවට වූවද, ආන්ඩුවේ මුසාවාදය පිළිගැනීමට සිඳුවනවා ඇත.

කෙසේ වූවද, වැඩ වර්ජන තුලින්, ඉදිරියේදීවත් ආන්ඩු පෙරලිය නොහැකි බව මෙයින් සක් සුදක් සේ අවබෝධ කරගත්තේ නම් අගනේය. සතියක් හෝ ජීවත් වීමට, රැකියාව නොමැතිනම් නොහැකි වන බව, වැඩ කරණ ජනතාව තේරුම් ගෙන අවසානය. කළ යුත්තේ තම කාඩර්වරුන් වැඩිකර ගැනීම හා ජනතාව වෙත තම මතය ගෙන යාමයි. ඒ සඳහා සඳළු තල වලින් බිමට බැසිය යුතු කාළය පැමිණ ඇත.

අනාගතය
බන්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ දේශපාළණයෙන් ජයගත්තේ "ෆෙඩ්‍රික් නව්මාන් පදනම්" වල සහයෙන් නොවේ. ජනතාව සමඟ උරෙනුර දේශපාළණය කරමින්, ජනතා හදවතට ආමන්ත්‍රණය කළ හේතුවෙනි. ජයවර්ධනට යම් පමණකට එම දක්ෂතාවය නොමැති හේතුවෙන්, ඔහු ඒ සඳහා, ආර් ප්‍රේමදාස, දැවමොට්ටාවේ අමරවංශ, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක යොදාගත්හ.

විපක්ෂය කළ යුත්තේ ඉතිරිවී සිටින දයාසිරි, සුජීව සේනසිංහ, හරේන්ද්‍ර, සමන්ත විද්‍යාරත්න, වික්‍රමභාහු කරුණාරත්න වැනි අයට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය. එමෙන්ම මේ ක්‍රමය උඩු යටි කුරු කරණ ක්‍රමයක්, එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සමඟ පැමිණිය යුතුමය. එසේ නොවන්නේ නම්, ජනතාව දන්න යකා සමඟ තොවිලය දිගටම නටනවා ඇත.

82 comments:

  1. ලන්කාවෙ මිනිස්සු ඇත්ත දකිනවා තේරුම් ගන්නවා ඒත් තැන් තැන් වල මුමුණ මුමුණ ඉදල ඒව දිහා ඔටවගෙන බලන් ඉන්නවා .. හඩක් නගන්න කෙනෙක් නෑ... ශක්තිමත් විපක්ශයක් නැති ආණ්ඩුව විපක්ශයත් අල්ලේ නටවන කාලෙක ඉතින් මිනිස්සු දන්න යකා එක්ක තොවිලෙ නටනව ඇරෙන්න වෙන මොනා කරන්නද අප්පා .....

    ReplyDelete
    Replies
    1. දේවල් සිඳුවන්නේ මේ ආකාරයෙන් නම්. තවත් බොහෝ කළකට එයම සිඳුවනු ඇත..

      Delete
  2. අද තියෙන්නේ සන්නිවේදනයේ ගැටළුවක්. වැඩිහරියක් තියෙන්නේ රජයට පක්ෂපාතී මාධ්‍ය එහෙම නැත්නම් වැටකොළු පතෝල මාධ්‍ය. සාමාන්‍ය ජනතාව දේශපාලනය ගැන දැනගන්නේ කටකතා මාධ්‍යයෙන්. ඔය කියන ටීවී රේඩියෝ වැඩසටහන් බලන්නේ කීයෙන් කීදෙනාද? අද හරිහමන් පත්තරයක්වත් තියෙනවද? පත්තර බලන්නේ කීදෙනාද?

    ReplyDelete
    Replies
    1. අපි බලන්නේ නැති උනාට. පත්තර, රූපවාහිණි ප්‍රවෘත්ති බලන විශාල පිරිසක් සිටිනවා. ඔවුන් දැණුවත් කිරීමයි කළ යුත්තේ. නැතුව ජනතාව කැපවෙලා ආන්ඩු බලේ අරගෙන දෙන එක නෙමෙයි...

      Delete
  3. මේ ගැන මමත් ලියන්න හිටියට ඒක කෙටි කරල මෙතන දාන එක ඊට හොඳයි වගේ...

    ** විශ්වාසය නැතිවීම කියන එකට නම් ඉතිං පෙර වැරදි බොහොම දරුණුවට බලපානව කියල මටත් හිතෙනව... අනිත් අතට ජනතාවගෙ හයිය, කම්කරු සවිය අරක මේක කිව්වට ඔය කියන මිනිස්සුන්ටවත් ඒ පිළිඹඳව විශ්වාසයක් නෑ...

    ** ඔය කොහොම වුනත් අනිත් කාරණා ඔක්කොටම වඩා වැදගත් සාධකේ විදිහට මම දකින්නෙ මිනිස්සු තාම ලෑස්ති නෑ කියන එක... තාම හරි වෙලාව නෙමෙයි... වර්ජනේ අසාර්ථකයි, සාර්ථකයි මොකක් කියන තැනක වුනත් කියවුන දෙයක් තමා ආණ්ඩුවෙ මර්ධනකාරී වැඩපිළිවෙල... කවුරුවත් කතා කරන්නෙ නෑ මර්ධනය කරන්න පුළුවන් වුනේ ඇයි කියල... ඒත් කතාකරන්න ඕන ඒ ගැන නේද?...

    වර්ජනය හරහ ලබාගන්න ගිය දේවලුයි, ඒ සටනට ගියොත් නැතිවෙන්න තියෙන දේවලුයි තරාදියකට දාල බැලුවොත් තවමත් මිනිස්සුන්ගෙ නැතිවෙන්න තියෙන දේවල් පැත්ත බර වැඩී... ඉතිං කොහෙද සටන් කරන්නෙ... ලබාගන්න තියෙන දේ වැඩී කියල මිනිස්සුන්ගෙ ඔලුවට දැනෙන, එහෙමත් නැත්තන් දනවන්න පුළුවන් දවසට ඔය මර්දනය පරද්දන එක මහ වැඩක් නෙමෙයි... එහෙම නැතුව ඇතිවෙන ඕනම සටනක් ප්‍රතිවිරුද්ධ පාර්ශවයට මහා ලොකු තර්ජනයක් නෙමෙයි...

    ** මර්දනයට මූණ දෙන්න ලෑස්ති නොවී, මර්දනයක් එන එකක් නෑ කියන උපකල්පනයෙ ඉඳල කවුරු හරි සටනක් ලෑස්ති කරනව නම් ඒ උදවිය එක්ක එකට ඉඳගෙන සටන් කරනවට වඩා බෙල්ලෙ වැල දාගන්න එක වටිනව... අඩුම තරමෙ තමන් වටේ ඉන්න එකෙක් දෙන්නෙක්වත් බේරෙයි...

    අන්තිමටම කියන්න තියෙන්නෙ, තාම හරි වෙලාව නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. බලන් හිටපන් හරි වෙලාව එනකම්...

      Delete
    2. ආන්ඩුව මර්ධනණය කරන්න දඟලනවා මිසක් සහයෝගය දෙන්නේ නෑ නේ. ඒක නෙමෙයි හේතුව, විකල්පයක් නැතිවීමයි ප්‍රධානම හේතුව. මේ තිබෙන ක්‍රමය උඩු යටිකුරු කළ යුතුමයි. එහෙම නැති දේකට මාර්කට් එකක් නෑ...

      Delete
  4. i was getting drunk wit one of my rajaya sewaka friend on 20th night ,we were done about 1am and he he said no matter what he must go to work on 21st,.. i met him yesterday night wit a beer and we were making wesak lanterns .i asked how was work he said සතිවෙසක් කුඩු හෙදුව වෙඩක් නම් යම කරෙ නෙ, any way government workers dont do much work and after seeing what hs happend to government workers who went against the government ( SF and CF) they will never move their sorry asses

    ReplyDelete
    Replies
    1. රජයේ සේවය කියන්නේ, නියම පින් පඩි සිස්ටම් එකක්. උදේ 9 ටත් කෝච්චි ස්ටේෂන් ගාව සෙනග. කීයටද මේ මිනිස්සු වැඩ පටන් ගන්නේ. හැන්දෑවේ 4 වෙනකොට ඉවරයි. මෙහෙම ජෝබ් මොන ළෝකෙද හම්බවෙන්නේ. මේ වගේ ආන්ඩු වෙනස් කරන්න නම් ඒ මිනිස්සුන්ගේ මොළේ අවුල් වෙන්න ඕන...

      Delete
  5. and mathalan i think harsha man is a great asset to the unp and his communication and convincing skills are better than Ranila ,

    ReplyDelete
    Replies
    1. මම එකඟයි. ඒ බුද්ධිමත් ජනතාවට. රටේ වැඩි පිරිසක් මැටි මෝල් හරක්. උන්ගේ මොළේට එහෙම නැත්නම් බුද්ධියට කතා කරලා වැඩක් නෑ. උන්ගේ බොක්කටයි කතා කරන්න ඕන. ඒක කරන්න හර්ෂලට් බෑ...

      Delete
  6. //එසේ නොවන්නේ නම්, ජනතාව දන්න යකා සමඟ තොවිලය දිගටම නටනවා ඇත//
    100% එකඟයි මාතලන්. මෙය තමයි දැනටත් සිදුවෙමින් පවතින්නේ. මෙම රජය බලයට පත් කිරීමට සිය චන්දය පාවිච්චි කල මා ඇතුළු මගේ මිතුරන් බොහෝ දෙනෙක් දැනට කරන්නේ මෙයයි. අප පළමුවර මහින්දට චන්දය දුන්නෙමු. ඒ රටේ ඒකීය භාවය සුරකින බවට ඔහු වූ පොරොන්දුව නිසාවෙනි. ඔහු එය ඉතා ඉහලින් ඉටු කල අතර දෙවනවර අප ඔහුට සහය දුන්නේ ඊට කෘතගුණ සැලකීමටත්, රට වෙනුවෙන් තව තවත් දේවල් සිදුකෙරීමේ ඉඩ ප්‍රස්තාව ලබා දීමටත්ය. රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් හෝ කොන්ත්‍රාත් එකක් ලබාගැනීමේ අභිලාෂයෙන් හෝ වෙනත් වරප්‍රසාද ලබාගැනීමේ සිතුවිල්ලෙන් සිය චන්දය ලබදුන්නවුන් නොවන්නෙමු. එහෙත් දෙවන වර මහින්ද සිය ගමන යන්නේ අමුතුම මාර්ගයකය. එය අප බලාපොරොත්තුවූ දෙයක් නොවේ. නීතිය වල් වැදී ඇත. විධිමත් සැලසුමකින් තොරව කරන්නාවූ මහාපරිමාණ ව්‍යාපෘති අසාර්ථක වෙමින් පවතී. දූෂණය ඉහටත් උඩින් ගොස් ඇත. එහෙත් දැන් පවතින තත්වයම ඊළඟ මැතිවරණය ආසන්නයේත් පැවතුනහොත් මම නැවතත් මහින්දට චන්දය දෙමි. ඔහු නැවතත් ඉහත වැරදි නැවත නැවතත් සිදුකරන බවට දැන දැනත් නැවත ඔහුම බලයට පත් කරන්නෙමි. හේතුව , ඔහුට චන්දය නොදී වෙන දෙන්නට කෙනෙක් පෙනෙන තෙක් මානයකවත් නොමැති හෙයිනි. ඔහුට වඩා හොඳින් අපේ රට ඉදිරියට මෙහෙයවිය හැකි ශක්‍යතාවයක් පෙන්වන අයෙක් වේනම් ඔහුට සහයෝගය දීමට කිසිසේත් පසුබට නොවෙන ප්‍රගතිශීලියෙක් වන්නෙමි. මහින්දව එලවියයුතුයැයි කියනා අයගෙන් ප්‍රශ්නයක් අසමි. ඒ ඔහුව එලවන්නේ ඇයිද කියා නොවේ. මන්ද යත් ඔහුව එළවීමට ඕනෑවටත් වඩා හේතු ඇති බව මමත් පිළිගන්නා බැවිනි. ඔවුන්ගෙන් අසන්නට කැමති මගේ ප්‍රශ්නය වන්නේ, මහින්දව එලවා ඒ වෙනුවට ඔබලා බලයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ කවුද සහ එම පුද්ගලයා ඒ සඳහා සුදුසු වන්නේ කුමක් නිසාද යන්නයි.

    ReplyDelete
    Replies
    1. කෝටි 2 ක ජනතාව අතරින් වෙලාවට කෙනෙකු ඉදිරියට එනු ඇත.අනිත් අතට දැන් සියලු දෙනා පෙළ ගැසිය යුත්තේ විධායක ජනාධිපති කම අහෝසි කිරීමට මිස එතනට ඊළඟ සුදුස්සා කව්දැයි සෙවීමට නොවේ.

      Delete
    2. ඔබ හරි... පවතින ක්‍රමය යටතේ වෙන විකල්පයක් නෑ. ඒ නිසා මේ සම්පූර්ණ ක්‍රමයටම අභියෝග කරන කෙනෙක් එන්න ඕන. රනිල්ටත් ඒක තේරිලා තියෙන්නේ...

      Delete
  7. වර්තමාන දේශපාලන උදාසීන භාවය සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ u.n.p යයි.එහි මන්ත්‍රී වරු බොහෝදෙනෙකු එක පයක් යන්තමින් හෝ රජය පැත්තේ තබාගෙන සිටින බව පෙනේ.ජෝන් අමරතුංග වැනි මන්ත්‍රී වරුන් අදාල වර්ජනය ගැන කතා කලේ සරදමටය.හරීන් ප්‍රනාන්දුට අනුව වර්ජනය නොමේරූ දරුවෙකි.වර්තමාන එකසත් ජාතික පක්ෂයට අඩුමතරමින් ජනතා විමුක්ති පෙරමුණට ඇති දේශපාලන දිරිය තිබුනානම් මීට වඩා බලගතු විපක්ෂයක් තිබෙන්නට ඉඩ තිබුණි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයස් තියෙන්නේ, මේ කිසිම කෙනෙකුට ආන්ඩුව පෙරලන්න උවමනාවක් නැති කම හා තවමත් ජනාධිපති තුමාට තිබෙන ජනතා ප්‍රසාදයයි. ඒකට ගහන්න ලේසියෙන් බෑ. ප්‍රේමදාස මහත්තයත් මේ විදියටම තමා හිටියේ. නමුත් පත්තර කාරයෝ ගහන එක ගැහුවා රිදෙන්නම. මිනිස්සුන්ට එපා වෙන්නම. ඒත් දැන එහෙම කරන්න බෑ. පත්තර කාරයෝ ඔක්කෝම ලොක්කගේ සාක්කුවේ...

      Delete
  8. මගේ අදහස වගේ දේවල් මීට උඩ කමෙන්ට් වලින් ඇවිල්ලා තියෙනවා .ඒ නිසා වැඩිපුර කියන්න දෙයක් නැහැ මේ ගැන. කොහොම උනත් හඩ්සන් සහ මහින්ද අබේසුන්දරලා අදින බර නියමෙටම තියෙනවා..ඒක නම් කියන්න ඕනේ.

    පාර්ලිමන්ට් එකේ බර විමල් අදිනවා.රැළි වල බරත් මිනිහා අදිනවා.ඩලස් , කෙහෙළිය තව බරක් අදිනවා..ඔය පිරිස ඇති ආණ්ඩුවක් කරන්න ( මාද්‍ය මගින් )..

    ==================================
    \\\විපක්ෂය කළ යුත්තේ ඉතිරිවී සිටින දයාසිරි, සුජීව සේනසිංහ, හරේන්ද්‍ර, සමන්ත විද්‍යාරත්න, වික්‍රමභාහු කරුණාරත්න වැනි අයට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය.\\\

    මෙතනින් වික්‍රමබාහු කියන්නේ නොම්බර එකේ පාවාදෙන්නෙක්..ඔය පුද්ගලයා එක්ක නම් අනාගත සිහිනය දකින්න එපා..

    ==================================

    \\\\එමෙන්ම මේ ක්‍රමය උඩු යටි කුරු කරණ ක්‍රමයක්, එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සමඟ පැමිණිය යුතුමය. /////

    මේක තමයි විය යුත්තේ මාතලන්.ඒත් ????මොන පාටෙන් ආවත් පවතින ක්‍රමය එක්ක ජනතා චන්දයෙන් කෙළින්ම පාර්ලිමේන්තු යන්න පුළුවන් මිනිස්සු 130 විතර ඉන්නවා දැනට ලංකාවේ..ඒ සියලු දෙනාම කොහොම කරත් එනවා එනවාමයි චන්දයක් තිබ්බ ගමන්.ඒ වගේම ඒ මිනිස්සු ටික වාසි පැත්තට පනිනවාමයි. බිලියන දෙක තුනක් ලැබෙනවා නම් ඕනෙම දෙයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පෙනී ඉන්ත් සූදානම් ඒ පිරිස...


    ඔය මිනිස්සු ටික දේශපාලන තුල රැන්දෙනකම් මේ ක්‍රමය වෙනස් කරගන්න බැහැ..පාර්ලිමේන්තු බලය නොම්බර එකේ පහත් මිනිස්සු ටිකක් අතට පත් වෙලා ඉවරයි... දැන් ඉතින් ඔයාල යන්න කියලා එළවන්න බැහැ..ලොකු යුද්ධයක් කරන්න ඕනේ.. ඒ වගේම හොඳ සෙන්පතියෙක් ඉන්නත් ඕනේ යුද්ධේ ඉවර වෙනකම්ම අදින්න.. සෙබළු නම් අනන්ත ඉන්නවා...!

    ReplyDelete
    Replies
    1. සහන්,
      ඔබ වික්‍රමබාහු පාවා දෙන්නෙක් කිව්වේ මොන අරුතින්ද? මා දන්නා තරමින් නම් ඔහු කිසිම දිනෙක කිසිම දෙයක් වෙනුවෙන් තම ප්‍රතිපත්ති පාවා දී නැහැ.

      Delete
    2. මෙහෙමයි කලමදිරියෝ වික්‍රමබාහු කියන පුද්ගලයා දරන්නේ ඔහුගේම මනෝ ලෝකයක මතයක්..රට සංවර්ධනය සඳහා සමස්ථ වැඩ පිළිවෙලක් නැහැ ඔහු අතේ..නිකරුණේ නං දෙඩවීමක් ඇර වෙන දෙයක් කරනවා දැකලා තියෙනවද ...? ජාතියක නායකත්වයක් හෝ අනු නායකත්වයක් දරන්න වත් ඔහු වැන්නෙක් සුදුසු නැහැ..මම මෙතෙක් හඳුනා ගත් නොම්බර එකේ පහත් මනුස්සයෙක් දේශපාලනිකව... යල් පැන ගිය මත වාද දරමින් ඒ තුලම ජීවත් වන්නෙක්... ශ්‍රී ලංකාවට ඔහු වැන්නේක්ගේ දේශපාලන දර්ශනයෙක් කිසිම යහපතක් නැහැ, ඊටත් වඩා ඔහු ගෙන දෙන්නේ විනාශයක්...

      Delete
    3. //මම මෙතෙක් හඳුනා ගත් නොම්බර එකේ පහත් මනුස්සයෙක් දේශපාලනිකව... යල් පැන ගිය මත වාද දරමින් ඒ තුලම ජීවත් වන්නෙක්... ශ්‍රී ලංකාවට ඔහු වැන්නේක්ගේ දේශපාලන දර්ශනයෙක් කිසිම යහපතක් නැහැ, ඊටත් වඩා ඔහු ගෙන දෙන්නේ විනාශයක්...//
      ඔබට ඔබේ මතය කීමට ඇති අයිතියට ගරු කරමින් මාත් දැනගන්න කැමතියි මොකද්ද ඔහු කළ පහත් වැඩේ කියා.
      බාහු වැටෙන්නේ ශ්‍රී ලංකාව තුල ප්‍රබුද්ධ මතවාදයේ දේශපාලනයටයි.
      ඇත්තටම ඔහු පෙනී සිටින්නේ විනාශය වෙනුවෙනි, ඒ මේ අමනුස්ස සමාජයේ මූලය වූ ආර්ථික ක්‍රමයේ විනාශය වෙනුවෙනි. අන්තගාමී, ජාතිවාදී, පරගැති චින්තනයේ විනාශය වෙනුවෙනි.
      (ඔබ මොනව ලීවත් ඔබ මගේ මිත්‍රයෙක්)

      Delete
    4. මම හිතන්නේ සහන් කතා කරන්නේ වෙනත් භාහු කෙනෙක් ගැන. දේශපාළණය තුල තම ධනය විනාශ කරගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන එකම දේශපාලඥයා වික්‍රමභාහු කරුණාරත්න පමණයි. ඔහුගේ දේශපාලන මතවාද පවා වෙනස් වීමකට භාජනය වී ඇති බවයි මෑතක ඔහුගේ කතා තුලින් පෙන්වන්නේ...

      Delete
    5. \\\ඇත්තටම ඔහු පෙනී සිටින්නේ විනාශය වෙනුවෙනි, ඒ මේ අමනුස්ස සමාජයේ මූලය වූ ආර්ථික ක්‍රමයේ විනාශය වෙනුවෙනි. අන්තගාමී, ජාතිවාදී, පරගැති චින්තනයේ විනාශය වෙනුවෙනි.///

      මෙහෙමයි බති , කණා සහ මාතලන් අපිට ත්‍රස්තවාදය ඉහ වහා ගිය පසු නිමා කල හැක්කේ මෙත් වැඩීමෙන් නොව යුද්ධය තුළින්.බාහු කරන්නේ මෙත් වැඩීමක් ගැනම කියමින් යුධ පිටියේද මෙත් වඩන්න යාමයි..

      ත්‍රස්තවාදය හිස ඔසවමින් පවත්නා විටක නම් අනිවාර්යෙන් ඔහුගේ ක්‍රමය ගැලපේ.සාකච්චාමය මුහුණුවරකින් විසඳ ගත යුත්තක් නෙව ඒ වෙලාවට තියෙන්නේ...

      ==================================

      මා කියන්නේ එයයි..අවස්ථානුකූලව ජාතියක නායකත්වය වෙනුවෙන් එවැනි අයෙක් සුදුසුද ...?ජාතික නායක භූමිකාව තුලදී , එකම හැන්දෙන් හැම ගැටලුවටම විසඳුම් තියේද ?

      ධනය , ජීවිතය කැප කල අය අතර වාසු පවා ඉන්නවා නේද ...? ඒත් ඔවුන් මුල් පුටුවට සුදුසුද ...? සහය චරිත වලට නම් ගැළපෙනවා සහ ඉන්න ඕනේ..මතවාදීමය වශයෙන් ඔවුන්ගේ අදහසුත් යම් පමණකට ඕනේ...

      \\\\(ඔබ මොනව ලීවත් ඔබ මගේ මිත්‍රයෙක්)\\\\

      අන්න ඒකයි වැදගත් බති .මේ මොනවා කතා කරත් අපි අපේ සුහද ශීලිත්වය පවත්වා ගන්න ඕනේ..එහෙම නැත්නම් මෙවැනි සාකච්චා තුළින් ලබන දෙයක්ද නැහැ..නැවත දේශපාලන අච්චාරුවක් අපිත් ගොඩ නැගල වැඩක් නැහැනේ එක එකා මරා ගන්න...

      Delete
    6. සහන්
      දීර්ඝතම කාලයක් එකම මතයේ ඉන්න එකම ලාංකීය දේශපාලනඥයා බාහු. ඔහුගේ මතය උඹේ මතය නූනට මිනිස්සුන්ට ගරහන්න එපා. අවස්තාවාදියා යන්න ඔහුට නොගැලපෙන්නක්.

      Delete
    7. මා කතා කලේ ජාතියක නායකත්වයක් ගැන නෙමෙයි. මට්ට් මෝඩ ජනයාගේ බොක්කට කතා කිරීම ගැනයි... ජාතික නායකත්වයට සුදුසු.. මහින්ද හා රනිල් පමණයි. ඔවුන් දෙටු පෙල නායකයන් බිහි නොකිරීම පාපයක්. රනිල් නම් මාරයා කියපු කෙනා ගොඩ නගනවා වගෙයි....

      Delete
    8. රාජ් ,

      මම බාහුට ගරහන්නේ නැහැ පුද්ගලිකව.නමුත් මම කියලා තියෙන දේවල් ගැන නැවත හිතන්න රාජ්..මොකක්ද ඔහු ඉන්න මතය රාජ් හිතන විදිහට ..? මේ රටේ ලොකු පුටුවට ඔහු වැන්නෙක් සුදුසුද ...?( ඔය විදිහට බැලුවොත් අහවලා හොඳයි කියන්න මටත් කෙනෙක් නැහැ )

      දීර්ඝම කාලයක් එකම මතයේ ඉන්නවා කියන නිදහසට කාරණාවක් නෙවේ රාජ්.

      ( මගේ මේ ප්‍රකාශ ගැන එකඟ නොවී සිටීමට ඔබට අයිතියක් ඇත .)

      Delete
    9. මාතලන් ,

      අන්න හරි ..සහය චරිත වලට පමණක් ගැලපෙන්නෙක්..ලොකු පුටුවට ගියොත් නම් ඉතින් ජාතියේ අවාසනාව..එතනට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ...ඒ වගේම මාතලන් ඔබට හිතෙන්නේ නැද්ද වීරවංශ ඊට වඩා හොඳට කතා කරනවා කියලා ...? ( අපිට ඇලජික් උනාට )

      හොඳින් බලන්න බාහුට ඕනේ ජැක් ගගහා අනුන්ගේ බස් වල යන්න නෙවේ..එයාට ඕනේ එයාගෙම බස් එහෙක යන්න..මාතලන් හිතනවද වලවල් පල්ලන් කඳු මැද්දෙන් හප්ප ගන්නේ නැතුව යාවි කියලා බාහු..?

      Delete
    10. වීරවංශ ගැන ලිපියෙම් මම කියලා තියෙනවනේ. ඒ වගේම මම ඔහු ගැන අනාවැකියකුත් කියලා තියෙන්නේ. එනම්, ඔහු කවදා හෝ නවතින්නේ අලි පාටියේ...

      Delete
  9. //බන්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ දේශපාළණයෙන් ජයගත්තේ "ෆෙඩ්‍රික් නව්මාන් පදනම්" වල සහයෙන් නොවේ.//

    සහතික ඇත්ත!

    යූඇන්පීයට ෆෙඩ්‍රික් නව්මාන් පදනම් වලින් දේශපාලනය ඉගනගැනීමට සිදුව ඇතිවීම ගැන මහත් කනගාටුවක් ඇත්තේය.මේ වෙන දේවල් කලින් යූඇන්පීයේ සිටි සැබෑ ජනතා නායකයෝ දකීනම් වලෙන් නැගිට පැමිණ මොවුන්ගේ බෙලි මිරිකනු ඇත!!!

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  10. හෙන ගහන්නා සේ ඇත්තය.කව්රුවත් අද රැකියාව බිල්ලට දී වර්ජන වලට යන්නේ නැත.විපක්ෂයේ අඩුපාඩු ටික හරියටම හරි.මේ කපේට ආණ්ඩු මාරු කරන්න වෙන්නේ නෑ මෙහෙමනම්.

    ReplyDelete
    Replies
    1. තව ඡන්ද සීයක් තිබ්බත් බෑ.. මීළඟට තියන ඡන්දයේ ජය අනිවාර්යයෙන් පොදු පෙරමුණටයි...

      Delete
  11. බුදිස්ට්ගේ බර්ත් ඩේ අද.ඔයාලා ජරා අය.

    ReplyDelete
    Replies
    1. බුදිස්ට් යනුවෙන් පැවසීම වැරදිය, එය ලෝඩ් බුද්ධා ලෙස නිවැරදි විය යුතුය.
      (මෙවැනි කමෙන්ට්ස් දැක රෙදි උස්සගෙන ගේමට එන්නට අපට අමාරුවක් නැත,මෙම ගොන් ජෝක් එක අදින් වත් නවතිනු ඇතැයි පතමි )

      Delete
    2. //(මෙවැනි කමෙන්ට්ස් දැක රෙදි උස්සගෙන ගේමට එන්නට අපට අමාරුවක් නැත,මෙම ගොන් ජෝක් එක අදින් වත් නවතිනු ඇතැයි පතමි )//
      ++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ගොනෙක් උනාට, තප්පුලෑවට කමක් නෑ.. හැමතැනම බෙටි දාන්න එපා...

      Delete
  12. //දයාසිරි, සුජීව සේනසිංහ, හරේන්ද්‍ර, සමන්ත විද්‍යාරත්න, වික්‍රමභාහු කරුණාරත්න වැනි අයට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය.//

    සිදුනොවන්නේද මේ ටිකමය. වික්‍රමබාහු කෙසේ වෙතත් අනිත් උන් නම් ජනතාවගේ අභ්‍යන්තරයටම දැනෙන්න කතා කරන උන්ය. විපක්ෂය දෙකඩ නොවී තබා ගැනීමත් මේ අතරම වැදගත්ය. නැත්තම් වන්නේ විපක්ෂයේ පක්ෂ ගණන වැඩිවී කාටවත් බලයක් ලබා ගත නොහැකිව නැවතත් ආණ්ඩුවේ අයම බලයට ඒමය.

    ReplyDelete
    Replies
    1. ඒ දේ තේරුම් නොගන්නා තාක් කල්. පොපේ බලයේ සිටිනවාය...

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. //විපක්ෂය කළ යුත්තේ ඉතිරිවී සිටින දයාසිරි, සුජීව සේනසිංහ, හරේන්ද්‍ර, සමන්ත විද්‍යාරත්න, වික්‍රමභාහු කරුණාරත්න වැනි අයට ඉඩ ප්‍රස්ථාව ලබා දීමය.//
    ඇයි මාතලන් මේවත් හාල් කෑලි තමයි එත් ඉතින් තුරුම්බු නැතිකමට 7 කොළෙත් වටිනවා. මේව තමයි දැන් රටේ ඉතිරිවෙලා ඉන්නේ. අපේ දේශපාලනයේ ඔක්කොම හොඳ ආසියෝ හේරා පොරොව බුරුව ට යනකන් ටික ඒ කාලේ කොටි මරල දැම්ම දැන් ඉන්නේ පොඩි කොළ තමයි. ප්‍රභාකරන් මැරුණත් ඌ දිනුම් මොකද මේ වගේ අවිචාර සමයක රට ගලවගන්න පුළුවන් අපේ නායකයෝ වල පල්ලට යැවුවා නේ.
    මගේ පුද්ගලික අදහස නම් දැන් මාතලන් ල වගේ අලුත් පොරවල් දේශපාලනයට බැසිය යුතු කාලයයි ඇවිල්ල තියෙන්නේ. අපි අළුත් කාඩ් කුට්ටමක් ගන්න හිතමු බං.

    ReplyDelete
    Replies
    1. අපිත් දේශපාළණය තුල සිටිය වුන්. ඒත් මේ පවතින ක්‍රමය තුල දේශපාළණයට එනවට වඩා වටිනවා. කුළියට මිණී මරණ එක. දෙකේ කිසිම වෙන්සක් නෑ.. දන්නෝ දනිති.. මේ රට පාළණය කරන්නේ පාතාලය. පක්ෂ විපක්ෂ දෙකෙන්ම..

      Delete
  15. //මේ අලුත් වෙනස ප්‍රයෝජනයට ගෑනීමට ජවිපේ වහාම වැඩ පිළිවලක් සකස් කළ යුතුය.// එහෙම වෙනවනම් හොඳයි ඒත් දැන් ඉන්නෙ අනුරාධපුරේ ඊගාව ඡන්දෙ දින්නා කියලා මානසිකත්වයෙන්.

    ReplyDelete
    Replies
    1. ඒ මානසිකත්වය හොඳයි. ඒත් ඒක තහවුරු කර ගන්න එයාලා දැන ගන්න ඕන... කොහොමත් රජරට මිනිස්සුන්ට දැන් තේරෙනවා ඇති දොරටුපාලයා පිස්සුමයි කෙලින්නේ කියලා...

      Delete
  16. ඔබගේ ලිපිය සියලු කරුණු මනාව පෙළගස්වා ඉදිරිපත් කර තිබෙනවා.......!

    සැබවින්ම ගොබෙල්ස් පන්නයේ කයිවාරු කාරයන් ගේ භූමිකාව මත තමා රජය දුවන්නේ. විමල් චම්පික බොදුබල සේනා වගේම හිටපු LTTE කාරයනුත් මුස්ලිම් නියෝජිතයනුත් එකම විය ගහේ බැඳ කුඹුර හාගන්නා මේ කපටි නායකයන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒකම ඇති මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න එක මතයක් එක පදනමක් නැතුව එදා වේලට මොනාහරි කර කර හැමෝවම අන්දගෙන කරගෙන යන මේ මහාපරිමාණ පවුල් වියාපාරය නවත්තන්න ජනතාවට තොරතුරු ලැබෙන්න ඉඩහරින්න ඕන. ඒ වගේම තමන්ගේ රට බේරගන්න එකම පොර මෙයා කියන බොරු මුලාව වෙනස් කරන්න ඕන සියලු ප්‍රගතශීලි මිනිස්සු එකතු වෙලා හදාගත්ත දේශප්‍රේමී හැගීම් වල සින්නකර අයිතිය තනි පුද්ගලයෙක් හොරකන් කරගෙන එකට මුවා වෙලා කරන කෝටියක් වංචාවල් අසාධාරනකම් දුෂණ වගේම ජඩකම් මැරකම් පිටු දකින්න නම් හැමෝම තම තමන් තව තවත් පොදු ජාතික හැගීමට ලන් වෙන්න ඕන. එහෙම නැතුව අපි වෙනුවෙන් පෙනී ඉන්න ඉදිරිපත් වෙලා ඉන්න හොරුන්ව සරණ යන එක නෙමෙයි කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ගොබෙල්ස් න්‍යායයට ගහන්න ඕනත් ඒ න්‍යායයෙන්මයි....

      Delete
  17. මාතලන් ලිපිය පිළිබඳ බොහොම සතුටුයි.

    බබීගේ කමෙන්ටුවත්, කැන්ඩියන්ගේ කමෙන්ටුවත්, සාතන්ගේ විග්‍රහයත්, උදිතගේ කමෙන්ටුවත් ඉතා අගේ කරමි. සියල්ලන් හැමදේම කියලා.

    මේකෙන් එන පොදු නිගමනය තමයි, රටේ පොදු ජනතාවගේ යම් සුළු ප්‍රතිශතයකට වෙන්නෙ මොකක් ද? කළ යුත්තේ මොකක්ද? කියන එක ගැන හොද වැටහීමක් තියනවා.

    මොනවා කරන්න ද?

    ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලුනේ.

    ඒ නිසා කවද හරි මිනිස්සු නෙමේ ප්‍රතිපත්ති වලට සලකන සමාජයක් හැදෙන තුරු මෙහෙම බ්ලොග් ලියාගෙන, කියෝගන, බලාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. ඒකට තව සෑහෙන කාලයක් යයි වගේ...

      Delete
  18. මාතලංගේ ලිපියත්.. සාතන් මල්ලිගේ කොමෙන්ටුවත් කියෙව්වට පස්සේ අපි මොකටද අළුක් කාල් ගහන්නෙක් මේ රුපියල් අස්සේ... :D

    සමන්ත විද්‍යාරත්න සහ දයාසිරිට පක්ෂ දෙකේම ලොකු උන් සලකනවා මදි කියන එක තමා මටත් කියන්න තියෙන්නේ... මෙච්චර වැටිලා ඉද්දී උනත් රනිල්ටවත්.. සෝමවංශ අනුරලටවත් වගෙන් ගොඩ එන එකට වඩා ලොකු වෙලා තියෙන්නේ ඒ ඒ පක්ෂ ඇතුලේ තමුන්ගේ කල්ලිය උඩින් තියාගෙන ඉන්න එක මිසක් වෙන කාරණවාක් නෙවෙයි... 77තේ පැරදුනාට පස්සේ මැතිණිට කෙල උනත්.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැරිලම ගියෙත් ඔය ටික හින්දම තමා... කොබ්බෑකඩුවට..විජයට කපලා අනුරලා ෆීලික්ස් ඩයස්ලා කරගෙන ගිය කල්ලි වාදය... අඩු නැතිවම අද රනිල්ලා අනුර කුමාරලා අතින් පෙන්නුම් කරමින් සිටිනවා... ලලිත්ලා ගාමිණීලා කඩාගෙන නොයන්න... කොටි කරදර.. ජේවීපී කරදර.ප්‍රේමදාස භීෂණය නෙවෙන්න... ප්‍රේමදාස මැරිලා ඩීබී වගේ මනුස්සයෙක් මාස ගානකට හරි ජනාධිපති නොවෙන්න... පස්සේ කොහොම උනත් ඒ වෙද්දී මාකට් කරන්න පුළුවන් විදියේ සෑම අතින්ම සුදුසුකම් තිබුන චන්ද්‍රිකා වගේ කෙනෙක් නොහිටින්න... අදත් ආණ්ඩුව යූ ඇන් පී ම තමා...

    හැබැයි මේ වෙද්දී එහෙම ආණ්ඩු පෙරලන්න ලේසි නැත්තේ අද වෙද්දී උතුරෙයි දකුණෙයි ගිනි තියන්න තරං හැකියාවක් කොටින්ටත් නැහැ ජේවීපියටත් නැහැ... ලලිත්ලා.. ගාමිණීලා කරපු දේ කරන්න මෛත්‍රීලා නිමල් සිරිපාලලා සූදානම් කියලා හිතන්නත් බැහැ... මහින්දව මැරුවත් ගෝඨාභය ඉන්නවා එයිට වඩා හයියෙන් ඉස්සරහට දුවන්න පුළුවන් විදියට... ඒ ඔක්කෝටමත් වඩා විපක්ෂයට මාකට් කරගන්න තරං සුදුසුකම් තියෙන ජවයක් ඇති චරිතයක් නැහැ. එදා එස් බීලා කිංස්ලි ටී ලා මුල් වෙලා මාකට් කරන්න පුළුවන්කම තියෙන එකම චරිතය වෙච්ච චන්ද්‍රිකාව උස්සං ඇවිත් උඩින්ම තිබ්බේ මොන මගුලෙන් හරි ආණ්ඩුව පෙරලලා එයින් පස්සේ අනිත් දේවල් විසඳගන්න හිතාගෙන... ඒත් අද කවුද එහෙම හිතලා වැඩ කරන කෙනෙක් ඉන්නේ... රනිල් තමුන්ව මාකට් කරන ගමන්..තමුන්ට බැරිම උනොත් විතරක් බෑණා වෙච්ච රුවන්ව මාකට් කරන්න හදනවා... සජිත් එයාවම විකුණන් දගලනවා තාත්තාගේ පොටෝව ඉස්සරහට දාගෙන... ෆොන්සේකා කාලයත් එක්ක විහින් නාස්ති උනා... විමල්ගෙන් පස්සේ තාමත් ජේවීපියට තරුවක් නැහැ... තරුවක් කරන්න පුළුවන් කම තිබුන ජයන්ත වීරසේකරලා වැනි අයත් රදවගන්න බැරි උනා...

    ඒ ඔක්කෝටමත් වඩා තාමත් වික්‍රමබාහුලා...ජයලත්ලා.. මංගලලා. රවීලා.. ඉස්සරහට නොදා කිසිම දෙයක් කරන්න පස්ස ගහන ප්‍රධාන විපක්ෂය... ඔය චරිත ටික දැම්ම ගමන් ආයේ ආණ්ඩුව ඒ ගැන අමුතුවෙන් දෙයක් කරන්න ඕන නැහැ...

    මේ වෙලාවේ මේ තියෙන ආණ්ඩුව පෙරලන්න කාට හරි ඕනනං මෙහෙම සෝඩා බෝතල් කඩ කඩ ඉන්නේ නැතිව ජේ ආර් වගේ දිග කාලයක් අරං වැඩ කරන්න ඕන... ඒකටනං රනිල්ලා අහක් කරං යන්න ඕන... මං හිතන්නේ නැහැ ඩඩ්ලි කරපු හරිය රනිල් කරයි කියලනං... රනිල් යන්න ලෑස්ති උනත් රනිල් වටේ එල්ලිලා දිස්නේ රැක ගන්න හදන සෙට් එක රනිල්ට යන්න දෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැක්ම අරක මේක කොහොම උනත් මංනං තාමත් දකින යූ ඇන්පීයේ තාමත් හදලා ගන්නවනං පුළුවන් දයාසිරි විතරයි... ඒත් කවුද ලෑස්ති එහෙම එහෙකුට තැනක් දෙන්න... දුටු තැන කපලා දාන්න බලනවා මිසක්... දයාසිරි මහින්දට වඩා හොඳ නායකයෙක් වෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ... දැනට ඉන්න සෙට් එකෙන් අඩුම ගානේ පොයින්ට් එකට කතා කරන්න පුළුවන්... තමුන් කරන්නේ මොකක්ද කියලා තේරුං අරං වැඩක් කරන්න පුළුවන් එකෙක් ඉන්නේ එච්චරයි. අනිත් අය ගාව න්‍යාය දර්ශනනං ඇති ලොරි ගානට... ඒවා තියා ගත්තට කමක් නැහැ දිනුවොත් දිනුව දවසක එකතු වෙලා රට කරවන වැඩේදී ප්‍රයෝජනයට ගන්න... ඒත් ඒකට දිනලා ඉන්න එපෑ... ඒ හින්දා එක්කෝ හිත හදාගෙන කට්ටියම දයාසිරි වගේ බර අදින්න පුළුවන්... තාමත් ගූ ගාගෙන නැති එකෙක් ගැන බලන්න ඕන... නැත්තං කොහෙන් හරි එකෙක් පාත් වෙනකල් උඩ බලං ඉන්න ඕන.. එහෙමත් නැත්තං අර දැනට කෙරෙන විදියට කවදා හරි රනිල්ම තමා කියලා හිත හිත ඒක පිටට කෙලින් කියන්නේ නැතිව ඔය යන විදියටම වත්ත වටේ වෙට්ටු දම දමා බයිලා ගගහා ඉන්න ඕන... හැබැයි ඉතිං ප්‍රතිඵලය දුක්ඛිතයි...

      මාධ්‍ය ගැන කියලා වැඩක් නැහැ... දාහත් අවුරුද්දක් විපක්ෂයේ ඉදලා... හරිහමන් අනුග්‍රහකයෝ නැතිව හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ ටිකත් ප්‍රේමදාසට නෙළුවේ පිටු බාගේ පත්තර කෑලි වලින්... රටේ ධනපති පංතිය හදලා ඒ අයව තාමත් තමුන්ගේ තුරුල්ලේ තියං ඉන්න යූ ඇන් පීයට එහෙම වැඩක්වත් හරියට කරගන්න බැරි එක කාගේ වරදක්ද..?

      හරියටම කිව්වොත් මේක එස් බීලා වගේ මහ ලේකම්ලාගේ සුපිරි ගේමක් මත මහින්දලා වගේ මහ පාරේ අරගලයට දක්ෂ අයගේ කරවල් උඩින් ගිහින් දිනාගත යුතු දෙයක් මිස... තිස්ස අත්තනායක වගේ ගිරාපෝතකයන්ගේවත්... අනුර කුමාරලා වගේ නොන්ඩි අස්සයන්ගේ කරෙන් ගිහින්වත් ගහන්න ඇහැකි ගේමක් නෙවෙයි...

      -------------------
      ආණ්ඩුවට කඩේ යන එකෙක් කියලා ප්‍රසිද්ධියේ බෝඩ් එකක් එල්ලං ලියන හින්දා මේක දුටු ගමන් පරල වෙන්නේ නැතිව වැඩක් කරනවනං ඒක හරියට කරන්නේ කොහොමද කියලා අතීතය කියවලා හොයලා බලලා වැඩ කරන මෙන් මල පැනලා රෙදි කරට අරං එන්නට සූදානම් වන කස්ටියට මේ උතුම් වෙසක් පොහෝ දවසේ කරුණාවෙන් දැනුම් දී සිටින්නෙමි... :D

      Delete
    2. තොගේ දේශපාලනේ ගැන අපි දන්නවනේ...මෝඩ හරකා...

      Delete
    3. ආ ඔන්න ආවා බුද්ධිමත් පින්වතෙක්... :D

      Delete
    4. මෙම ද්වේශ සහගත ඇනෝ කොමෙන්ටුව දමා ඇත්තේ කව්දැයි දැන ගැනීමට අවශ්‍යද...? මදක් ඉවසන්න මදකින් ඔබව සුදුස්සෙක් වෙතට යොමු කරණු ලැබේ ... මෙම සේවයට මුදලක් අය නොකෙරුනත් ඉල්ලීමක් මත පමණක් මෙය ඉටු කරණු ලැබේ ... එනිසා සේවය අවශ්‍යදැයි පැහැදිළිව දන්වා සිටින්න...

      Delete
    5. බොහෝම පිං කරන්න හැදුව උදව්වට... ඒත් ඉතිං ඕක දැනගත්තයි කියලා ඇති වැඩක් ඇතෑ... කවුරු නමුත් හිතේ කැකෑරෙන වේදනාව පිට කරගන්න ගත්ත උත්සහයක් නෙව... ආයේ මොටද තව තවත් දුක් දෙන්නේ... අල්ලලා දාන්න... :D

      Delete

    6. ටීක් ටීක් ....


      ටීක් ටීක් .....


      ටීක් ටීක් ....


      ටීක් ටීක් .....


      ටීක් ටීක් ....


      ටීක් ටීක් .....


      ටීක් ටීක් ....


      ටීක් ටීක් .....



      හෙලෝ ....


      මචන් මම ඇනලයිස් ඇනෝ...


      කියපන් මචන්....


      සොරි සොරි මචන් ...කස්ටමර් එපා කිව්වා...


      ඕ කේ මචන්....


      බුදු සරණයි මචන්....





      Delete
    7. කොහොමත් ආන්ඩුව පෙරලන්න උපදෙස් ගන්න වෙන්නේත් මහින්ද මහත්තයගෙන්ම තමයි.. මේ රටේ ජන විඥානය තේරුම ගන්න බැරුව කොහෙද දේශපාළණය කරන්නේ...

      උඹ දයාසිරි ගෙන්න කිව්වේ පක්ෂ ණායකත්වයට කියන එකනම් අදහස් කරේ, ඒකට නම් මම එකඟ නෑ. අනෙක් සියළුම කාරණා හා 100% එකඟයි...

      Delete
  19. මාතලන් නඟන හඩ සාධරණයි.එහෙත් මිනිස් අකල්ප වෙනස් නොවි මේ කෑ ගැසිමෙන් ඵලක් නැ.මාතලන් කියන ගල් යුගයට නොයා මේ දෙවල් හරි ගස්සන් බැ මාතලන්.රටේ ප්‍රභු පිරිස ජිවත් වන්නේ සිංගපුරුවේ වගේ.ඒත් අපි වගේ සාමාන්‍ය මිනිසා ඒ මිනිස්සුන්ගේ සැපත වෙනුවෙන් දහාඩිය හලන එක කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්

      Delete
    2. ගල් යුගයට යන්න දෙයක් නෑ... ගල් යුගයේ තමයි ජීවත් වන්නේ. එයින් ගොඩ ඒමයි කළ යුතු වන්නේ...

      Delete
  20. මාරයා මල්ලි දයාසිරි වගේ ගූ නොගා ගත්ත නොව්නට ගැනුන්ගේ වෙනත් නානු ගා ගන්න,අයිය මහින්ද එක්ක ඩීල් දාගෙන කොමිස් ගහන එකෙකුට පුලුවන්ද පක්ෂයක නායක කමක් කරන්න.
    ඔබ කියන විදියට බැලුවොත් එයිට වඩා හරින් සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. දයාසිරිව කෑවේ සජිත්... සජිත් වෙනුවෙන් දයාසිරි කතා කරන්න ගිහින් අන්තිමට උනේ ගෑණු කතායි අරකයි මේකයි දාහක් දේවල් අහං තිබුන තටු කපා ගන්න. ඒත් කෙන්ජි අයියේ කොළඹ නැතිව ටිකක් ඇතුලකට ගිහින් යූ ඇන් පී කාරයින්ගෙන් අහලා බලන්න දයාසිරිත් නැත්තං මොකද වෙන්නේ කියලා පක්ෂෙට. විමල් තනි කටෙන් ජේවීපී එක නග්ගලා ගත්තා වගේ තරම්ම නැති උනත් පහුගිය කාලේ යූ ඇන් පී රැස්වීම් වලට සෙනග ටිකක් හරි ආවේ දයාසිරිගේ කතා අහන්න... මිනිහත් නොවුනනං මැස්සො ඇහිරෙනවා රැස්වීම් වල... දයාසිරි ගාවට තව ටිකක් හරි කතා කරන්න පුළුවන්කම තිබුනේ අර කොට බුද්ධික මල්ලිට විතරයි... කරුමෙට සජිත් හින්දා දෙන්නටම ටොපිය හම්බ උනා... අන්තිමට පක්ෂයේ රනිල්ට විරුද්ධව සජිත් උඩට එන එකටත් වඩා බය උන රනිල් වාදීන් ටික දයාසිරිටයි බුද්ධිකටයි දෙන්නටම දැන් සලකන්නේ කුණු පණුවෝ ගානට... ඒත් උන් දෙන්නත් ගිය දවසට රනිල්ට මිනිස්සු දහයක් රැස්වීමක තියා ගන්න හැකියාවක් තියෙන කථිකයෙක් හොයා ගන්න ගම වටේ ඇවිදින්න වෙනවා.

      අනික ගෑණුන්ගේ නානු ගාගත්ත එහෙකුට බැරිවෙන්න හැකියාවක් නැහැනේ කොලු ගැටවුන්ගේ සෙවල ගාගන්න හාදයට ඔහොම අල්ලගෙන ඉන්න ඇහැකිනං.. හා නැද්ද හා..? :D

      Delete
    2. මාරයෝ අද වත් තනයක් දෙකක් මිරිකගන්න බලපන් ගෑනියෙක්ගේ ....

      Delete
    3. අනේ මල්ලියේ අදනං උඹලගේ ගෙවල් පැත්තේ එන්න කම්මැලියි.. මෑණීයැන්දටයි පවුලටයි නංගිටයි කියහං පස්සේ දවසක කියලා.. :D

      Delete
    4. මාරයා මල්ලි මම කිව්වෙ ගමේ අහිංසක ජනතාවට එවෙලෙ චුං වචන දෙන කාටවත් බැහැ රටක් පාලනය කරන්න කියල.
      කොහොමත් සජිත් කියන්නෙ UNP ය කෑව කෙනෙක්.
      අදයි මම දැනගත්තෙ මලේ,:) :) ගැහැණුන්ගේ >>නානු<< පිරිමින්ගෙ >>සෙවල<< කියල.
      මාරයා මල්ලි හැර අපි කව්රුත් අර මොකක්ද ජන පුග්ගලයෝ නොවැ.
      අපි ගැනත් කවුරු හරි කතා කෙරුවොත් නානු/සෙවල කෙසේ වෙතත් ටින්කිරි නම් ඇති.

      Delete
    5. මාරේ මේ සංවාදේ උඹේ අවසාන කොමෙන්ටුවට මෙන්න මගෙන් මල් මිටක්...

      Delete
  21. දැනට ලංකාව වැටිල තිබෙන නය බරින් ගොඩ ගැනීමට/කැඩිලා බිදිලා ගොස් තිබෙන විදෙස් සබදතා ශක්තිමත් කිරීම වැනි දේ වලට යමක් කල හැකි කෙනෙක් සිටිනවා නම් රනිල් ලොක්ක පමණයි.
    රනිල් කල යුත්තේ සජිත්,දයාසිරි,හරින්,සුජීව,බුද්ධික,රුවන් සහ තවත් එවැනි තරුණ අයව ඉදිරියට දමා ඉදිරි නායකත්වය සදහා කොටන් ඇද්දවීමයි.සජිත් දැන් තනියම කරන ගොන්පාර්ට් පන්සල් සංදර්ශන නැවැත්විය යුතුයි.
    රනිල් දැන් අනිවාර්යෙන් UNP රජයක් යටතේ SF,ලාල් කාන්ත,අනුර ඇතුළු JVP සාමාජිකයන්,දමිල/මුස්ලිම් සාමාජිකයින් ඇතුළු කුඩා ඇමති මඩුල්ලක් සමග ජනාධිපතිකම අහෝසි කොට රට ගොඩ නගන බවට සෝභිත හාමුදුරුවන්වත් ඉදිරියට දමා ගෙන මුළු රටම දැනුවත් කල යුතුයි.
    ඔය කස්ටියම එකතුවී ජනතාවට පොරොන්දුවක් දුන්න දවසට ජනතාව එකට පෙළගැසෙයි.
    හන්දි ගානේ තනියම හුළු අතු පත්තු කරන් හිටියට '80වෙ විස්තර දන්න දුවල,පුතාල/මුනුබුරු,මිනිබිරියෝ කවදාවත් සටනට බහින්නෙ නැහැ.
    හරි පොරොන්දුවක් ජනතාවට දුන්න දවසට,ජනතාව පෙල ගැසෙයි පොරි හැලෙන්න.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියලා ඇත්තටම අකමැතිද යූඇන්පී රජයක් ආපහු එනවා බලන්න.. :D

      හෝද හෝද මඩේ දාන එකම රෙද්ද හරි යන්නේ නැහැ අයියේ. රනිල් කවදාවත් කොට අදින අලින්ට තැනක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ උන් කොට අදින්නේ නැතිව රනිල්ගේ කකුලෙන් අදිනවා. පක්සෙත් කොට උඩ... රනිල් අයියා කවදා හරි ඔළුව උස්සයි කියලා හිතන අයියලත් කොට උඩ... ඕක නිකං චක්කරයක් වගේ එකක්.. ඒත් කරුමේ කියන්නේ කට්ටිය ඒ චක්කරේම කැරකෙනවා ඇර වෙන දෙයක් කරන්නේ නැහැ... ඒකත් නිකං අර සිරිමාවම ආයෙත් දිනවන්න බලං හිටිය සිරිලංකා කාරයින්ගේ හීනේ වගේ එකක්...

      කෙන්ජි අයියලා බොක්කෙන්ම කැමති යූ ඇන් පී රජයක් එනවා බලන්නනං දැන්වත් ඔය රනිල් අයියව හෝදන එක අතෑරලා ලංකාවේ පොඩි මිනිස්සු හිතන විදිය තේරුං අර ගන්න ඇහැකි... සර්ව ආගමික..සර්ව ජාතික බෝඩ් එක රැක ගැනීම වෙනුවෙන් මහ ජාතිය අමතක කරන නායකයින්ව අතෑරලා ඔය කෝකත් බැලන්ස් කර ගන්න ඇහැකි නායකයෙක් හොයන්න... නැත්තං ඉතිං මේ කපේට කෙන්ජි අයියලට ඔය ආසාව ඉස්ට කොරගන්න බැරි වෙනවා...

      //රනිල් දැන් අනිවාර්යෙන් UNP රජයක් යටතේ SF,ලාල් කාන්ත,අනුර ඇතුළු JVP සාමාජිකයන්,දමිල/මුස්ලිම් සාමාජිකයින් ඇතුළු කුඩා ඇමති මඩුල්ලක් සමග ජනාධිපතිකම අහෝසි කොට රට ගොඩ නගන බවට සෝභිත හාමුදුරුවන්වත් ඉදිරියට දමා ගෙන මුළු රටම දැනුවත් කල යුතුයි.//

      ඔය සෙට් එක එකතු කරන්න කලින්ම රනිල් ඕනම තැනකදී කරට අත දාගන්න සෙට් එකක් ඉන්නවනේ... වික්‍රමබාහු/මනෝ ගනේෂන්/ජයලත්/රවී/සිරිතුංග..... ඒ සෙට් එක එක්ක එකට හිටගෙන සෝභිත හාමුදුරුවෝ නෙවෙයි උන්නාන්සේගේ ගුරු හාමුදුරුවෝ ගෙනල්ලා දැනුවත් කලත් ඔච්චර තමා... මොකද ඔය සෙට් එක දකිනකොටම අමුතුවෙන් දැනුවත් නොකලත් මුළු රටම දැනුවත් වෙනවා... “එනපොට හොද නැහැ කෙල්ල ගෙට ගං“ කියලා...:D

      //හරි පොරොන්දුවක් ජනතාවට දුන්න දවසට,ජනතාව පෙල ගැසෙයි පොරි හැලෙන්න.//

      පොරොන්දු..? අයියා මාව හිනස්සනවානේ හිටු කියලා... ඇයි දෙයියනේ මෙච්චර දවසක් දුන්නේ වරදි පොරොන්දුද..?

      Delete
    2. මම යෝජනාවක් කලේ රනිල් ලොක්ක බලයට එන්න ඕන නම්.
      මගෙ සිහිනය රනිල්ගෙ රජයක් යටතෙ ශ්‍රී ලංකාව අරුණි සහෝදරි ජිවත් වන ඇමරිකාවක් වෙනව දකින්න.

      Delete
    3. ane aththatama me manussaya me jeewath wena heena loke mokakda..puluwan welawaka oyage muna poddak pennannako ane,koy wage kenekda kiyala balanna.mata hithennema Mr.Been wagema athi kiyala.

      Delete
    4. @ඇනෝ seven/eleven ;
      ඔයා මා ගැනද අහන්නෙ?
      මගේ ගැන අහනවනම් සුනිල් ෂෙට්ටිගේ පිංතුරයක් බලාගෙන ලියනවද?

      Delete
    5. නායකත්වයට රනිල් ඇර වෙනත් කෙනෙක් නෑ.. නමුත් ඔහු තව දුරටත් ක්‍රියා කරන්නේ මේ ක්‍රමයටම නම්. බලය යනු... එලි නොවනා සිහිනයාක්ම පමණි...

      Delete
  22. වලත්තයාMay 24, 2013 at 7:01 AM

    මාතලන් ඔබ හා 99 %ක් එකඟ වෙමි.( වික්‍රමභාහු ගැන ඇරෙන්න) මම පෟද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි එජාපය ගැන පාක්‍ෂිකයන්ට පවා විශ්වාසය නැති වුනේ සජිත් ගේ වැඩ පිළිවල නිසා කියලා.ආණ්ඩුව මේ තරම් පිස්සු නටන්නේ විපක්‍ෂය දුර්වල නිසා.ඒකට සජිත් වග කිය යුතුමයි.එජාප ආණ්ඩුවක් ආවත් හාස්කම් බලා පොරොත්තු වෙන්න බෑ.ඒත් රනිල් කියන්නෙ දැක්මක් තියන පුද්ගලයෙක්.හැබැයි ඒ දේ ජනතාවට දැනෙන්න කතා කරන්න පෙන්නන්න රනිල්ට තේරෙන්නෙ නෑ.රටට ඕනි පෙන්නනවට වඩා වැඩ කරන කෙනෙක් උනත්.ජනතාව හොයන්නේ තමන්ට දැනෙන්න කතා කරන කෙනෙක්..ඒ දේ වෙනස් වෙනකන් රනිල් එන්නෙ නෑ..අනික රනිල් බලයට ආවත් ගෝලයෝ වෙන්නේ දැන් ආණ්ඩුවෙ ඉන්න සෙට් එකම නම්(පනිනවානෙ) මෙහෙම හොදයි.

    ReplyDelete
    Replies
    1. 94 ඉඳලා එන කාළකන්නිත් එක්ක නම් ආන්ඩු පෙරලන්න යන්නේ. මම තව දුරටත් මහින්ද මහත්තයට කඩේ යනවා මෙහෙම නෙමෙයි. ක්‍රියාකාරීවම.

      වික්‍රමභාහු නෙමෙයි. මේ වෙලාවේ තෙල් බෙහෙත් කාරයෝ උනත් වටිනවා ඉන්න සෙට් එකට වඩා....

      Delete
  23. හොඳ විපක්ෂයක් තිබුනානම් ආණ්ඩුව මේ තරම් සෙල්ලම් කරන්නේ නැහැ. මර බලය නැත්නම් එදා වර්ජනය 75% වත් සාර්ථක වෙනවා. රනිල් ඉන්නකන් මේ රට හැම දාම මේ වගේ.

    ReplyDelete
    Replies
    1. වර්ජන කිසි දිනක සාර්ථක වන්නේ නැත.. ඒ හරකා විකිනීමට හැකි උනේ 80දී පමණි....

      Delete
  24. එකවරක් (1980)තමන් විසින් මොට්ට කල,
    යම් දිනෙක
    තමන්ටත් අනින්න පුලුවන් පිහිය
    පිහියෙ අයිතිකාරයො සමග හාදවෙලා
    උල් කරන්නෙ මොන මොට්ටයද බොලව්?

    ආණ්ඩු බලය නොලැබුනත්
    පිහිකාරයන්ගෙ බලය හීන වෙනව නම්,....
    කොළඹ හතේ ලොක්කන්ගෙ බලයට
    මේ ආණ්ඩුවෙන්
    චැලෙන්ජ් එකක් නැත්නම්
    විජේවර්ධනලට මොකද ?

    පස්දුන් කෝරලේ ආදී වශයෙන්
    එය හෑල්ලුවට ලක්නොකරන
    සිංහල මෙන්ම දමිල ඉතිහාසයත් ඉන්දියාවේ හා ලෝක ඉතිහාසයත් හොඳට දන්න
    කෙනෙක් බව ජනතාවට තේරෙන්න ඕන.

    බොරුවට හරි රෙද්ද්බැනියම අඳින ගතියක්, සරල බවක්
    ශ්‍රී ලංකාවේ ජාතික නායකයෙකුට අවශ‍ය බව ජනතාවගේ හිත් තුල පැල පදියම් කලේ ඔබලාම බැවින් (ජේ ආර් තුමාම්, ප්‍රේමෙ තුමාම ඔප්පු කොට ඇති බැවින්)

    අපේ මිනිහ, අපිට ඒ මහත්තයට කියල මොනව හරි කර ගන්න පුලුවන්, ගතියක්, රෙද්ද බැනියම තුල ඇතැයි මට සිතේ.

    "කෝට් කාරයෝ ලෝයර්ල වගේ සුද්දො එක්ක අපට නොතේරෙන ඉන්ග්‍රීසියෙන් කතා කරන එවුන්. විශ්වාස කරන්න බෑ" කියන මානසිකත්වයක් අප තුල නැද්දැයි අප සිතා බැලිය යුතුයි.

    ජනරාල්ගේ ඡන්ද සටන කකුල් දෙකෙන්ම ඇද්දා?

    යූ එන් පියට බලයට ගේන්න යූ එන් පියටවත් මේ මොහොතේ උවමනාවක් නැත. ජනරාල්ගේ සටන වගේ ඒකත් කරන්න වෙන්නෙ ජේ වී පී එකටයි අනෙත් කොටස්වලටයි.

    ජේ වී එක බලයට එයි කියල හිතුවොත් තමයි කොළඹ හත යු එන් පිය බලයට ගේන්නෙ( බටලන්ද, ගෝනි බිල්ලො පෙන්නල බය කරන්න )

    කොළඹ හත, රටේ ප්‍රශ්න දෙගොල්ලන්ට බෙදල දීලයි තියෙන්නෙ,

    දෙමල ප්‍රශ්නෙ- සිංහල / ජාතික / හෙළ උරුම/JVP/ ග්‍රාමීය බලවේගෙට
    සිංහල තරුණ ප්‍රශ්නෙ(ජේ වී පී) - යූ එන් පීය ඇතුලු නාගරික ධනපති හා කෙහෙල්වත්තේ පේමන්ට් කාරයන්ට

    හැම දේටම වඩා වටින්නෙ, ජනතාවගෙ ප්‍රශ්න වෙනුවෙන් පාරට බහිනවද? පන ඇතුව කෙලින් කතා කරනවද? කියන එක!

    ----
    මාතලන් විතරයි මේ වර්ජන ප්‍රශ්නෙ කෙලින් කතා කලේ:
    එයට ස්තූතියි!


    ReplyDelete
    Replies
    1. දයාල්, දේවල් දකින් විදියට මම හරිම කැමතියි. මම හිතන්නේ දයාල ඉංග්‍රීසියෙන් හිතල සිංහලෙන් ලියන කෙනෙක්. ඒත් මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිහෙක්. ජේ ආර්ට තිබුන බුද්ධිය.. රනිල්ට නෑ...

      Delete
  25. මගේ අදහස අනුව වර්ජනය ඔලුගෙඩි ගනනින් අසාර්තකයි. නමුත් සාධනීය පැතිත් තියනව. අසාර්ථක වෙන්න හේතු කිහිපයක් තියනව‍.
    පලමුවැන්න තමයි මේ වනවිට ඇතිවී තියන සමස්ථ වෘත්තිය සමිති ව්‍යාපාරයේ බිඳවැටීම. හරියටම පැරණි වම බිඳවැටුන ආකාරයට 'වෘතිතීය සමිති' කියන දේ නැතිවෙලා තියනව. මීට දශක දෙකකට විතර කලින් තත්වය බැලුවොත් හැම රාජ්‍ය සේවකයෙක්ම වගේ මොකක් හෝ වෘත්තීය සමිතියක හිටිය‍. දැන් කිසිම වෘත්තීය සමිතියකට නැති ගොඩ තමයි වැඩි. මේවට බලපාන හේතුසාධක වෙනම විස්තර කරන්න වෙනව‍.

    දෙවැන්න තමයි අද තියන රැකියා අර්බුධය හමුවේ තවත් 80ක් ඇතිවෙයි කියන බය. වර්ජනයකට මිනිස්සු එකඟ කරගැනීම ලේසිනෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට රාජ් අපි බලන්න ඕන වෘත්තීය සමිති වැටුනේ ඇයි කියලා. ඔය අලෙව් මව්ලානාලා තමයි 80 වර්ජනය දියත් කලේ. අද උන් ඉන්නේ කොහෙද, වර්ජනය කරපු උන් ඉන්නේ කොහෙද. මුන් බලේට ආවේ 94 දී. ඒත් වර්ජනය කරපු ජනතාව වෙනුවෙන් මොනවද කලේ. 94-2005 වෙනකන් විස්කි බිබි මැඩම්ගේ පුක පස්සේ ගියා. දැන් ආන්ඩුකාරවරයෙක්,, තාම මහින්ද මහත්තයට කඩේ යනවා.. වර්ජනයක් කළාද කියලවත් මතක නෑ. වෘත්තීය සමිති දියවෙන්න හේතුව ඕකයි. උන් එහෙම කළ එක. හැම ආන්ඩුවකටම වාසියක්.. වැඩ කරණ ජනතාව පාරට බස්සන්න මේ එකෙකුටවත් බෑ..

      Delete
  26. @“හර්ෂද සිල්වා - කියන දේ ඔහුටවත් නොතේරේ. අජිත් පෙරේරා - කොතරම් දක්ෂයෙක් වූවද සිත් ඇද බැඳ ගන්නේ නැත.“ - මේ සමග නම් එකග විය නොහැක. පුද්ගලිකව මා වඩාත් ම අගය කරන දේශපාලකයන් දෙදෙනෙක් තමා මේ. කරුණු දැක්වීම, කථිකත්වය ඉහලයි.අනුර දිසානායක,සුනිල් හඳුන්නෙත්ති,බිමල් රත්නායක ජවිපෙන් හොදයි. කවිකොල කාරයෙක් වගේ උනාට සමන්ත ත් නරක නෑ.මාතලන් ගේ අදහස මොකක්ද හේමකුමාර නානායක්කාර ගැන.කථ්කත්වය ඉහලයි නේද?
    (හැබැයි මේ සේරමලා හොද විපක්ෂේ ඉන්නකම් විතර ද කියන එක ගැටලුවක්.)

    ReplyDelete
    Replies
    1. ඔබ මා කියු දේ තේරුම් අරගෙන නෑ. හේමකුමාර තවත් හොඳ කතිකයෙක්, නමුත් ආන්ඩුවේ ඉඳන් පැමිණි එකෙකුට මේ අවස්ථාවේ තැනක් දෙන එක වැරදියි. ඒක ඉදිරියට හොඳ නෑ...

      Delete
  27. හර්ෂ ද සිල්වා හොඳ නෑ කියන්න බෑ. මම බැලුවා අජිත් නිවාඩ් කබ්රාල් එක්ක ඔහුගේ සංවාදයක්... ඒ වගේ පොයින්ට් එකට කතා කරන්න පුළුවන් අය මම නම් දැකලා නැහැ.

    ReplyDelete
    Replies
    1. හර්ෂ විතරක් නෙමෙයි එරානුත් එහෙමයි.. නමුත් ජනතාවටගේ බොක්කට කතා කරන්න ඔවුන්ට බෑ. ඒක වෙනම කළාවක්...

      Delete
  28. ක්‍රියාවට නගන්නට අය නැතිවීම හන්දා තමා ගොඩක් වෙලාවට ඕනිම දෙයක් අසාර්ථක වෙන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. එක කොතෙන්ටත් පොදු දෙයක් නේ... මේකට විතරක් නෙමෙයි.. ඕනම දෙයකට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න