.

.

May 11, 2013

නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Bread


අනෙක් හැම තැනකම වගේ, බ්ලොග් ළෝකෙත් එක එක කාළේට එක එක ට්‍රෙන්ඩ් තියෙනවාය. ඉස්සර... "කතා", "ටැබූ" හෝ "මාරයා" කුමක් හෝ ලියුවොත්, අනෙක් උන්ද කාලයක් යනකන් ලියන්නේ, ඒවාට සම්බන්ද දේවල්ය. ඒකත් නැගලාම ගියේය, කතාගේ "චූ කතා", "කක්කා කතා" වගේම, මාරයාගේ "කුකින් පාඩම්ද" නැගලාම ගියේය. දැන් ට්‍රෙන්ඩ් එක "පඳුරු තැලිල්ල"ය. ඒ කියන්නේ වටේ යන එකය.

මේක මුලින්ම හඳුන්වා දුන්නේ "ඔබා මාමා"ය. "ඔබා මාමා" නිවන් ගිය පසු, මේ ටිකට එයා නැවත ඉපදිලාය. පෙනුමත් "ඔබා මාමා" වගේය. ඒ, දැන් බ්ලොග් ළොව ජනප්‍රියම බ්ලොග් කාරයා වන "හැලපයා"ය. එහි රස උතුරනවාය. ඉස්සර මගේ ප්‍රියතමයා "සඳරුවාය". ඌට වෙච්චි දෙයක් ගැන ආරංචියක් වත් නැතිය. ඌ අපිව සුන්දර ළෝකයකට ගෙන ගියේය. අද අඩුවක් නැතිව ඒ දේ කරන්න "හැලපයා" ඉන්න එක අපේ පිනක්ය.

"හැලපයාද", "සඳරු" මෙන්, නියම ගැමියෙක්ය, ඒ නිසා නොරට දේ ලියූවද, එහිද ගම්මානේ, කඩ පිලේ, ඇලේ දෝලේ, කුඹුරේ, කමතේ, කැලේ, වෙලේ, සුවඳ හමනවාය. අනික් ප්‍රධානම දේ හැලපයා දිගටම ලියනවාය. ඒ වගේම අනිවාර්යයෙන්, කොමෙන්ට් වලට පිළිතුරු දෙනවාමය. මේ සාර්තක බ්ලොග් කරුවකුගේ ලක්ෂණය. ඒ ලියන දේවලට, අපෙත් මතකය ඇවිස්සෙනවාය. පාන් ගැන ලියපු >>>> මේ පොස්ටුවේදී <<<<< මම කිව්වේ, මම පාන් ගැන වෙනම ලියන නිසා හැලපයාගේ පොස්ටුවල දමන හෑල්ල අද දාන්නේ නෑ කියාය. ඒ වෙනුවට මම ඒ හෑල්ල මෙතන ලියනවාය.

හැලපෙ ලියලා තිබුනේ ප්‍රංශ රටේ පාන් ගෙඩියක් ගැනය. ඒවා පෝරණුවේ පුච්චන පාන්ය. අද නඟරේ තියෙන්නේ අවන් පාන්ය. අවන් කියන්නෙත් පෝරණුව කියන්නෙත් එකක් උනාට, අපේ උන් පෝරණුව කියන්නේ දර දාන එකටය, අවන් කියන්නේ, ජනාධිපතිතුමා සහනයකුත් එක්ක දෙන ලංකා විදුලි බල මණ්ඩලෙන් දෙන බල ශක්තියෙන් පුච්චන ඒවාටය. ඒවා වල පෝරණු පාන් වගේ රහක් නැත්තේය. සොෆ්ට් ගතිය වැඩි උනාට ඇලෙන ගතියක්ද ඇත්තේය. පෝරණු පාන් නම් ලුණු රස නිසා නිකන් උනත් කන්නට හැකිය.

පොඩි කාළේ පටන්, මම බත් කන්නට බොහෝ අකමැතිය. මගේ ප්‍රධානම ආහාරය උනේ පාන්ය. ගෙදර අය ඔක්කෝම බත් කද්දී මම කෑවේ පාන්ය. ඉස්සර පාන් රාත්තලේ ගෙඩිය, අච්චු පාන්, තැටි පාන් කියා දෙකක් තිබුනේය. මගේ ප්‍රියතම එක උනේ මේ තැටි පාන්ය. තැටි පාන් දැක්ක කාළයක් නම් මතක නැතිය, අද ඒක, මයික්‍රෝ ඉකොනොමි එක යටතේ රෝස් පාන් වෙලාය. පාන් රාත්තලක් නැත, ඇත්තේ පාන් බාගයක්ය, ඉස්සර පාන් ගෙඩිය හතරට කපලා කාලත් විකුණනවාය. "පාන් කාලයි ප්ලේන්ටියයි", දුප්පත් මිනිහාගේ ප්‍රධාන ආහාරය උනේ එහෙමය.

ඔහොම ආතල් එකේ පාන් කකා හිටපු මට කෙළවෙලා ගියේ, ළොකයේ ප්‍රථම අගමැතිනියගේ සමාජවාදේ නිසාය. පාන් කෑල්ලක් කන්න මාර පරිප්පුවක් කන්නම උනේය. උදේම පාන් පෝලිමේ ඉන්න ඕනාය. අද ඔය ෆැෂන් හවුස්, අර හවුස්, මේ හවුස් ගාව තියෙනවටත් වඩා දිග පෝලිම්, පාන් ගෙඩියක් ගන්න තිබුනේය. එකාට දෙන්නේ එක පාන් ගෙඩියක්ය. පාන් ගෙඩිය ශත අනූ නමයක්ය (Rs. 00.99). ඉතුරු සතේට සමහර උන්, "ටාටා" එකක් දුන්නේය. (ටාටා ගැන වෙනම ලියන්නම්ය.) සමහර උන් ටාටා එක දුන්නේ නැතිය.

බේකරිය ඕපන් කරලා, පාන් දුන්නේ නැතිය. දොර ලෑල්ලක කවුළුවකින් පාන් නිකුත් කළේය. ඒ පාන් අරගෙන, දේශප්‍රේමී ජනතාව සිරිමාවෝගේ අම්මාට පින් අනුමෝදන් කරමින්, ඊළඟට "සම්පේ" (සමූපකාර) පෝලිමට එකතු උනේය. ඒ හාල් පොතට දෙන හාල් සේරුව ගන්නය. රටට ඒ තරම් සෞභග්‍යයමත් කාළයක් උදාවෙලා තිබුනේය.

පාන් ඕන නිසා. පාන්දර පෝලිමට ගිහින් පාන් ගෙඩියක් ගේනවාමය. එහෙම නැතිනම්, හාලි පිටි ආප්පයක් හදලා දෙනවාය. ඔහොම කකා හිටපු මට රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්න උනාම හැමෝම කිව්වේ, පාන් කාළා හමාරයි කියලාය. ඔය ළොකු ළොකු ඉස්කෝලවල පාන් නෑ. වෙන මොනවා හරි තමයි කන්න වෙන්නේ කියාය. ඒ නිසා පළවෙනි දවසේ පාන් හදාගෙන ගියේය. මට ඉඳගන්න හම්බ උනේ අධිකාරි කියලා එකෙක් ළඟය. පස්සෙ කාළෙක ඌ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙන් අස්වෙලා ගියේය. අතුල අධිකාරි කියන්නේ ඒ හාදයාය.

තව ලියන්න ගියොත් ඔහෙලාට පානුත් එපා වෙනවාය. එහෙම උනොත් මටත් පාන් කියා ගන්නවත් බැරි වෙනවාය. ඒ නිසා අදට මෙතනින් නවතිනවාය. "චූන් පාන්" එකෙන් හරි පාන් අරගෙන ආයෙත් එනවාය...

96 comments:

  1. යකෝ මම හිතුවා උඹත් අපේ වයසේ එකෙක් කියලා . අතුල අදිකාරිට දැන් 45ක්වත් නැතෑ

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ෂට්ද... තාම 18ක් වත් නෑ...

      Delete
    2. Welcome කිව්වා අපේ කාලයේ තව එක්කෙනෙක්.....

      මාලි
      (මම blog නොලියමි... එහෙත් කියවමි since 2009)

      Delete
  2. ඒ අධිකාරි කියන එකා දැන් පොරක්ය. ඌ දැන් තරුණ සේවා එකේ ....කා පාන් කනවාය. 5.50 ට තිබ්බ පාන් ගෙඩිය 3.50 ට කන්න අපි 94 දී ආණ්ඩුව පෙරලුවෝය.
    ඊට පස්සේ
    ආණ්ඩුව අපි පෙරළුවානේ ගන්න රුපියල් දෙකේ වාසිය.
    නව ආණ්ඩුව තියලා ඇරියා පස්ස පැත්තට දෙකේ කාසිය.

    කිය කියා ඉන්ට වුනේය.

    ReplyDelete
    Replies
    1. අද පෙති කපලා 65 යි
      නොකපා 60 යි...
      මහින්ද මාමා යටතේ ශත 99 ට ගත්ත එක රුපියල් 99 ට ගන්න කාළේ වැඩි ඇතක නෑ.. ඒ කස්ටියගෙම ආන්ඩුනේ....

      Delete
    2. පෙති හරියට කපපු එක 115 යි මාතලන්.. මයෙ දෙයියා.. 65 ට පෙති කපල දෙනවා නම් තියෙන තැනකින් කියන්ට කෝ..

      Delete
  3. හයියෝ සල්ලි.හරි බරි ගැහිලා කියවන්න පටන් ගත්තම මෙන්න බඩු ඉවරයි...

    ReplyDelete
    Replies
    1. පාන් ටික උවර උනා. පොඩ්ඩක් හිටහන්.. ආයෙත් බානකං.. ත්‍රස්තවාදි කෑමක් නේ.. හොරෙන් බාන්නේ....

      Delete
  4. රෝස් පාන් දෙක තුනක් හාල්මැස්සො තක්කාලි හොද්දක දවටලා ඇරලා දාලා උණු උණු ප්ලේන්ටියක් ගැහැව්හම කොහොමද ගතිය උදේ පාන්දරට..හැලපස් එක්කම තව බ්ලොග් කීපයක් තියෙනවා මොනා හරි පෝස්ට් එකක් දාන කම් බලන් ඉන්නෙ රහට කියවන්න උදෙන්ම ...

    ReplyDelete
    Replies
    1. රෝස් පාන් ගැනත් ලියනවා. මොකෝ අද මගේ ෆේවරිට්ම කෑම නේ...

      Delete
  5. අපේ රෝස් පානුයි, සම්බෝලයි හරිම රහයි.:)

    ReplyDelete
    Replies
    1. මොන සම්බෝලෙද සත්තරනේ... පොල් ද, උම්බලකඩද්, තක්කාලිද, සයිවර් එකද, ගොටුකොළද, කැරට්ද, ලුණු මිරිස්ද කීයක් කියලද පනේ...

      Delete
  6. ඇත්ත. හැලපානිස් ලියන ලිවිල්ලට මාත් හරි කැමතියි. මම බයේ ඉන්නේ ඌ මොනාලිසා ලඟට යාවිද කියලා. එහෙම වුනත් ඌ වෙන මොකක් හරි ආයෙ අලුතෙන් පටන් ගන්නේ නැතෑ, නේද?

    මාත් පාං වලට මාර ආසයි බං. ඒ ලංකෑඉ පාං වලට. මෙහෙ තියෙන ඔය පෙති ගහපු ස්ටයිල් පාං වල තියෙන්නේ පැණි රසකට හුරු රසක් නිසා අපි කැමති විදියට පරිප්පු හොද්ද, අල හොද්ද හරියන්නේ නෑ.

    ලංකාවේ පාන් වල තියෙන අවුල තමයි, හදපු හැටියෙම විතරයි කන්න පුලුවන්. දවසක් පහු වුනොත් වැඩක්ම නෑ. ඒ තියා උදේ පාන් ගෙඩිය හවසට කන්නත් බෑනේ බං.

    ReplyDelete
    Replies
    1. හරියට හරි, හැන්දෑ වෙනකොට හොඳයි බිස්කට් කුඩුවලට ගන්න, ඒ කාළේ පරණ පාන් වේලලා ගෙදරම තමයි, පාන් කුඩු හදාගන්නේ..

      උණු පාන්, අල පාන්, පරිප්පු පාන්, ගැන ඉස්සරහට. රජ්ජුරුවන්ගෙ ඉස්කෝලේ ගිය උන් මේවා දන්නවා....

      Delete
  7. අනේ මාතලන් අපිනම් කෑවෙ පාන් කාලයි වඩේ එකයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් කන්න වෙන්නේ ඒවම තමයි....

      Delete
  8. බලන් ගියාම මාතලන් ලොක්කාත් දුලා වගේම පාන් කෑමට රුසියෙක්ය.දුලා නම් වැඩියෙන් කැමති කිරි හොද්දක් සමග හෝ පරිප්පු සමග පාන් කෑමටය.

    පාන් මිල සීඝ්‍රයෙන්ම වැඩි වූයේ 21 වන සියවසේ ආරම්බයත් සමගය.2001 අවුරුද්දේ 3 ට පාන් තිබුනා වගේ මතකය.2013 දී 50ටත් වඩා වැඩිය.

    දැන් නම් බත් කන එක ලාබය.අද කාලයේ කෙනෙක් කඩයකින් පාන් ගන්නේ නම් එය ඔහුගේ ධනවත් කම විදහා පාන්නක්ය.

    සිරිමාවෝ මැතිනිගේ සිය රට දේ සිරි සැප දේ සංකල්පයෙන් රටේ ජනතාව දුක් වින්ඳ හැටි දුලාගේ පියා කියා දී ඇත්තේය.ජේ.ආර් ඒ තත්වය නැති කලේය.

    ReplyDelete
    Replies
    1. ආසියාවේ ආස්චර්යය, දේශප්‍රේමය වෙනුවට ඒ කාළේ තිබුනේ, සිය රට දේ සිරි සැප දේය.. අන්තීමේදි කස්ටියටම සිරි සැප දුන්නාට ඇස් පනා පිටම පල දුන්නේය...

      Delete
    2. ඔව් ඔව් දූලා, ඒ ජේආර් ගේ සංකල්පය යටතේ දැන් වෙනෙකොට බත් ඔතන පත්තරත් ඔන්න පිටරටින් ආනයනය කරනවා.කොච්චර ආඩම්බරද? අපිට කොච්චර සැප ද දැන්!(අද (11/05) ඉරිදා ලංකාදීප පත්තරේ බලන්න විස්තර තියෙනවා)

      Delete
    3. @ ජය ශ්‍රී

      දැන් අවුරුදු විස්සක් තිස්සේ ඉන්නේ සිරිමාවෝගේ දරුවෝය. උන් තාමත් කතා කොරන්නේ පප්පා ඇරපු ඇරිල්ල ගැනය. කොහොම ඇරිල්ලක් ඇරලා ඇතිද කියා හිතා ගන්න ඇහැකිය. ඇවුරුදු විස්සක් කියන්නේ මිනිහකුගේ ජීවීත කාළයෙන් 1/3 ය. කඩදහි තාමත් පිට රටින්ම ගේනවා කියන්නේ. මුන් මෙළෝ දෙයක් නොකලා කියන එකය.

      Delete
    4. මම කියන්න හදපු දේ හරියට පැහැදිලි වෙලා නෑ වගේ. මාතලන්, කඩදාසි ආනයනය කරන එක ප්‍රශ්නයක් තමයි.අපේ රටේ නිශ්පාදනය මදි නිසා එහෙම කරනව කියමුකෝ.මම කිව්වේ ඒ ගැන නෙවේ.බත් ඔතන/කඩදාසි බෑග් හදන පත්තර පිටරටින් ගෙන්වීම ගැන.අද ලංකාදීප පත්තරෙත් තියෙන්නේ ඒ ගැන.කියවල අවසන් වෙලා ගෙවල් වල ගොඩගැහෙන පත්තර දැන් බෝතල් පත්තර කාරයන්ට විකුනන්න වෙන්නේ නෑ කියන එක තමයි ඒ නිවුස් එකෙන් කියැවෙන්නේ.ඒක ජීවනෝපාය කරගෙන හිටපු අයත් (සංඛ්‍යාව තිබ්බ මතක නෑ) අනාථ වෙලා කියලයි තිබුණේ.
      ජේආර් හඳුන්වාදීපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඔය විදියට මේ රටේම තියෙන නැත්නම් නිපදවන්න පුලුවන් දේ කොච්චර නම් පිටරටින් ගෙන්වන්න අපි විදේශ විනිමය නාස්ති කරනවාද? ඔබ ම වරක් ලියපු විදියට අපේ කාණ්තාවෝ අරාබියේ වහල් වැඩ කරල හම්බකරන විදේශ විනිමය අපි පාවිච්චි කරන්නේ මොනවටද?මෙහි නැති ඛණිජතෙල් හෝ මෙහි තවමත් නිපදවෙන්නේ නැති තාක්ෂණික උපකරණ ආනයනය කිරීම ගැන නොවෙයි මා මේ කියන්නේ.ඇයි මෙහෙ පැපොල්,අඹ,වරකා ...... ගස්යට කුණු වෙද්දි පිටරටින් පරණ ඇපල් ගෙන්වන්නේ? මැලිබන් මංචි වගේ නිශ්පාදන තියෙද්දි ඇයි බිස්කට් ගෙන්වන්නේ? අපි කියවල අවසන් පත්තර ගෙවල් වල ගොඩගැහෙද්දී පිටරටින් පත්තර නැව් ගනන් ආනයනය කරන්නේ?

      Delete
    5. අපි නම් ආසයි ඇපල් කන්න. ඒ කාළේ සිරිමල විතරනේ ඒවා කෑවේ. ඇපල් ගෙඩියක් විස්සයි. පැපොල් ගෙඩියක් 250-300, පොල්කුඩු බිස්කට් වගේද රට එවා.. සල්ලි තියෙනවනම් ඒවත් කනවා මැලිබන් මන්චිත් කනවා.. බෝතල් පත්තර කාරයෝ මක්කටෙයි ඉන්නේ වාර්ෂික ආදායම ඩොලර් 2000 ක්ය කියනවනේ. සමහර විට පත්තර තට්ටුවේ පත්තර පුරවලා තියෙන්නේ උන් පත්තර කොම්පැනි දාලද දන්නෙ නෑ. දකුණු ආසියාවේ ආශ්චර්ය නේ හසන්ත මහතයෝ. ශ්‍රී ලාංකික ලකුණ හසන්ත මහත්තයෝ..

      Delete
    6. ඔබේ ප්‍රතිචාරයේ සමහර කොටස් ගැන පුදුමයි;දුකයි.කලුතර පාලම උඩ මල් විකුණූ අය ගැන සංවේදී සටහනක් ලියපු ඔබ ඒ වාගේ ම අමාරුවෙන් දිවි ගැටගහගත්තු බෝතල් පත්තරකාරන් ගේ රැකියා අහිමි වීම ගැන උපහාසයෙන් බලන එක අදහගන්නත් බෑ.කෙසේ වෙතත් මම ඒ (බොතල් පත්තර) ගත්තේ ආසන්න ම කාලීන උදාහරණයක් විදියට අද පත්තරෙත් දැකපු නිසා.විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා රැකියා අහිමි වූ පිරිස විශාලයි.ඔබ දැකල තියෙනවද දෙසැම්බර් වගේ කාලෙට පදික වෙළදපලේ විකිණෙන චීන සරුංගල්.ඇපල් කන්ට වගේ රට සරුංගල් උඩ යවන්ට සමහර විට අපිට ආසාවක් තියෙන්ට පුලුවන්. ඒත් ඒ වෙනුවෙන් රටේ විදේශ විනිමය නාස්ති කළ යුතුද?
      මම ඉන්න පැත්තේ නම් පැපොල් කිලෝවක් රු40-50 අතර.ඒ වගේ ම නැවුම්. මම දන්න විදියට ඔය ඇපල් මාස ගණනක් පරණයි.
      මැලිබන් මංචි විදේශ වලත් වෙළඳපලක් තියෙන්නේ පොල්කුඩු නිසාද?

      Delete
    7. මැලිබන් මංචි විදේශවල විකුණනවා කියන්නේ මෙහෙනේ. බ්ලොග් ලියන පිටරටවල ඉන්න ඕන එකෙක්ගෙන් අහපන් මන්චි පැකට් එකක් දැකලා තියෙනවද කියලා. උඹලා වගේ ඒවුන් තමයි ඕවට රැවටෙන්නේ. මම නම් එක රටකවත් දැකලා නෑ. උඹ දැකලා නැති උනාට ඒ කාළේ තිබුන රස්සාවල් ගොඩාක් නැති උනා. ඒක තමයි රටක දියුණුව කියන්නේ. ඒ මිනිස්සු රැකියා නැති උනා කියලා අඬ අඬා ඉන්නේ නෑ. අද ඒ ඔක්කෝම යකඩ බඩු, පරණ කොම්පියුටර් එකතු කරනවා. ඒකයි ඒ මිනිස්සුන්ගෙයි, මජ්ජම පන්තියේ කියා ගන්න උන්ගෙයි වෙනස.

      Delete
    8. හ්ම්,මමත් රැකියාව සදහා විදේශගතව හිටියා.එහේ සුපිරි වෙළදසැලකදී මන්චි බිස්කට් හම්බ වුණා.(“නයා“ ය කියන්න එපා).
      ඒත් මගේ පොයින්ට් එක ඒක නෙවෙයි.රටක් දියුණු වෙන කොට සමහර රැකියා නැතිවෙනව ඒකේ අවුලක් නෑ. නමුත් මම කතාකරන්නේ සීමාරහිතව ආර්ථිකයේ දොරගුලු විවර කිරීම නිසා දේශිය නිශ්පාදන වලට විදේශ නිශ්පාදන සමග තරඟ කිරීමට නොහැකි වීම නිසා දේශීය ව්‍යාපාර විනාශ වීම ගැනයි.විශාල වෙළඳපලකට ඉදිරිපත් කරන නිසා බොහෝ විදේශ නිශ්පාදන වල මිල සාපේක්ෂව අඩුයි.ආනයනික භාණ්ඩ සමඟ තරඟ කළ නොහැකි දේශීය ව්‍යාපාරිකයාට වෙන්නේ ව්‍යාපාරය වහල දාල සේවකයන් ගෙදර යවල අතපය අකුල ගන්න.රජයක් මැදිහත් විය යුත්තේ මෙවැනි අවස්ථාවලදීයි.අපේ ඒවායේ කොලිටිය අවුල් කියල කවුරු හරි කියනව නම් ඒ අයට මතක් කරල දෙන්න වෙන්නේ අපේ නිශ්පාදන ත් බොහොමයක් ISO-9002,ISO-14002 වැනි ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ඇති බවයි.
      විවෘත වෙළඳපල ක්‍රමයේ මහ ගෙදර වෙච්ච එක්සත් ජනපදය පවා අසීමිතව තම රටට විදේශ නිශ්පාදන ආනයනය කරන්නේ නැහැ.උදාහරණයකට ඔවුන් අපේ ඇඟලුම් මිලට ගන්නේ කෝටා එකකට.(අරුණි ශපීරෝ මහත්මිය මේක දැක්කොත් සමහර විට මේකට යමක් එක් කරයි, මා කියන දේ හරි ද වැරදිද කියල).

      Delete
    9. ජයශ්‍රි අය්ය සිරිමාගේ ගොබ්බ ආර්ථිකේ හොඳ කරන්න දඟලන තරමක් . ඔය සමාජවාදයෙන් දියුණු වෙච්ච රටක් උදාහරණයට අරගෙන විස්තර කරල දෙන්න පුලුවන්ද ?

      විවෘත ආර්ථිකය නිසා දේශීය දේවල් කෙලවෙනවා කියල එක මිත්‍යාවක් බව ඔයාගේ කමෙන්ට් වලම තියනවා . කොච්චර බිස්කට් ජාති තිබුනත් මැලිබන් , මංචි සමාගම් වල වෙලඳ පොල අහිමිවෙලා තියනවාද? නෑ . හැබැයි විදේශ බිස්කට් වර්ග වෙලඳ පොලේ තියනවාය කියන්නේ අර සමාගම් තමන්ගේ නිශ්පාදන වල ගුණාත්මක බාවය , රසය වැඩි කරන්න , අලුත් බිස්කට් වර්ග හඳුන්වාදෙන්න කටයුතු කරනවා

      ඇමරිකාව ඒ ඒ රටවලට දෙන කෝටා වල සමස්ථය ඉල්ලුමත් එක්ක වෙනස් වෙනවාද නැද්ද කියන එකයි වැදගත් .

      Delete
    10. මතකද අලියා ගිනිපෙට්ටි, දැන් නැහැ.ඒකාධිකාරය නැතිවෙන්න හොඳ බඩු වෙළඳපොලට එනවා. දැන් ගිනිපෙට්ටි ජාති මැට හුටා හමාරයි. ගැහැව්ව ගමන් පත්තුවෙනවා. නැත්නම් වෙළඳපොලේන දොට්ට.බිස්කට් වලට උනත් එහෙමයි. නමුත් විවෘත ආර්ථිකයේ තිබෙන සියළු දේම ගෙඩි පිටින් කරන්න බැහැ.

      Delete
    11. සංවෘත ආර්ථිකය කියන්නෙ සමාජවාදය නෙවෙයි. සිරිමාවෝගෙ සමගි පෙරමුණ ආණ්ඩුව සමාජවාදී ආණ්ඩුවකුත් නෙවෙයි. ඒක දන්නෙ නැති, ජේ වී පී එක ව‍ගේ පක්ෂ මාක්ස්වාදී කියල හිතාගෙන තර්ක කරන අය එක්ක සංවාද විවාද කරන එක තේරුමක් නැහැ.

      ආර්ථිකයක් විවෘත වුනාම තරඟකාරිත්වය නිසා දේශීය නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ යනවා. දේශීය කර්මාන්ත ඉහළ නංවන්න අවශ්‍ය වෙනකොට තමයි ආනයනික භාණ්ඩ වලට වැඩිපුර ටැක්ස් ගහන්නෙ.

      1970-1977 කාලෙ ලංකාවෙ තිබුනු ආර්ථික ක්‍රමය ලෝක ප්‍රවණතාවක්. නිකම්ම ආණ්ඩුවකට දොස් කියල වැඩක් නැහැ. අනිත් එක 1977 ආපු විවෘත ආර්ථිකේ වැරැද්ද වුනේ ඒක නිකම්ම වල් බල්ලෙක්ගෙ වේශයෙන් ආපු එකයි.

      Delete
    12. ඇත්තද ? එහෙම නම් ඔය ආර්ථික ක්‍රමය හඳුන්වලාදීපු එන් එම් පෙරේරා මොනවාදියෙක්ද ? විවෘත ආර්ථිකය හඳුන්වාදීමේ ක්‍රමයේ අඩු පාඩු තියෙන්න පුලුවන් නමුත් මැතිණිලා කැලේට ඇදගෙන ගිය රට ගොඩ ආවේ ඒකෙන්.මොකද ජේ.ආර් ඒක නොකලා නම් ඊට පස්සේ හිටපු එක්කෙනෙක් වත් ඒ වගේ දැවැන්ත පියවරකට යන්න පුලුවන් අය නෙවෙයි .

      Delete
    13. සමාජවාදය ගැන දැනගන්න ඕනනම් කල්ලිවාදය ගැන ද හොඳින් දන්නා කුරුට්ටෙක්ගෙන් අසාපල්ලා.

      Delete
  9. ඒ කාලයේත් පාන් කාලයි ප්ලේන්ටියයි ගහලා බඩ රැක ගත්තු උන් හිටියාය කියා මාතලං කියනවාය. අපි.. ඔව් අපි අහනවාය... :D

    ReplyDelete
    Replies
    1. මාරයා උන්නේ ඇටේ වෙන්න ඇතිය. ඊට පස්සෙ එක්කෙනා ආවේ ඇට අටක් දෙනවා කියාය. ඇට අට නම් ලැබුනේ නැතිය. ඒ උනාට හම්බ කරන එකාට කන්න නම් තිබුනේය. ගමේ ගිය වෙලාවක. අප්පොච්චිගෙන් අහපන්ය. කන්න නැතිව කුණු බක්කිත් ඇදගෙන කෑවේය...

      Delete
    2. කවුද බං අනෝමා ඩී සිල්වා කියන්නේ...? මාතලංගේ වයිපරේවත්ද..? :D

      Delete
    3. හොර ප්රෝෆෛයලක් මාට්ටු නේද?අපිටත් ආව මේල් එකට.අනෝමා ඩී සිල්වා.


      සභාපති
      කකා සුරකීමේ ජාතික සංදානය.

      ( හිටපු කාරක සභික කකා සුරකීමේ ජාතික සංවිධානය )

      Delete
    4. ඔව් නේ බන්... අම්මයි පුතයි බුකියේ වැඩ දාලා.. මමත් ආපු ගමන් එහෙමම ඇදලා ඇරියා...

      Delete
  10. මත් මතකයි 1977 කලින් පාන් පොලිමේ හිටිය. ගෙදර වැඩිමලා වුණු මට තමයි අල්ලපු ගෙදර අයියත් එක්ක උදේම පාන් පෝලිමට යන්න වුනේ.

    ඒ කොහොම වෙතත් අපේ ප්‍රේමදාස උන්නැහැ 1977 මැතිවර්ණෙදි පාන් ගෙඩියක් අතට අරන් මේක ශත..... (කීයක් ද මන්දමට මතක නැහැ ) අපි කොහොම ද දැන් පාන් කෑල්ලක් කන්නෙ. අපි ඉතිං කාපාන් තම්යි කියලා කියනවා හොදට මතකයි.

    චන්ද්‍රිකා 3.50 දෙන්න පොරොන්දු වුනෙත් ඒ පාන් රාත්තලම තමා. ඊට පස්සෙ දැන් එකසිය ගානට දෙන්නෙත් ඒකම තමා.

    පාන් වලටත් ගිය කලක්.

    ReplyDelete
    Replies
    1. සමහර් පොඩි උන්ගේ පාන් ගෙඩිය ගෙදර ගෙනියන්න ඉස්සර බලෙන් කන උනුත් හිටියේය. අපේ ඒවා ගන්න නම් ආවේ නැත්තේ. සීයාගේ සඟිස්කුරුත භාෂාවේ අපද ප්‍රවිණයෝ වී සිටි නිසාය. ඒ කාළේ රේප් කේස්, මර්ඩර් කේස් තිබුනේ නැතිය. තිබුනේ ඔය වගේ හොරකම්ය. නැතිනම් සම්පේ කඩන කේස්ය. සම්පේ මැනේජර් කියන්නේ. අද ඇමතියෙකුටත් වඩා ගරු බුහුමන් ලබපු එකෙක්ය.

      Delete
    2. උබ හරිය සමූපෙක මීයෙක් වෙලා ඉපදුනත් සැපයි කියල කකාවක් ජනවහරට ආවේ ඊට පස්සේය

      Delete
  11. සිරිමාවෝ මාතාව ඒ කරන්න හදපු දේ මොකක්ද හැබෑටම..මම ඉතිං ඒ කාලෙ කලින් ආත්මෙ නොවැ...ඔය සිදුවීම් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ගෙන් ඇහුවා නම් ඒ කාළේ වරුනේ කියාවිය...

      Delete
    2. මාත් හිටියේ වෙන ආත්මෙක තමයි සිරා.ඒත් ඒ කාලෙ උනේ මේකයි.දේශිය නිශ්පාදන ප්‍රවර්ධනය කරල, භාණ්ඩ ආනයනය සීමා කරල ස්වංපෝෂිත (තමන් අවශය දේ තමන් ම නිපදාගන්නා) ආර්ථිකයක් ගොඩනගන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරං තිබුණා. සමහර විට ඒ රජයේ හවුල්කාර සමාජවාදී පක්ෂ වල බලපෑම මේකට තියෙන්න ඇති.නමුත් මේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් වුණේ රටතුල ආහාර හිඟයක් ඇතිවීම.(ඇත්තටම ඒ කාලේ ලොකයේ ම ආහාර හිගයක් තිබුණාලු).මේ නිසා පාන්,සහල් වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා මිලදීගැනීමට පාරිභෝගිකයන්ට පෝලිම් වල ඉන්න සිද්ද වුණා.මෙයින් උපරිම ප්‍රෙයා්ජනය ගත්තේ විපක්ෂය හෙවත් එ.ජා.ප ය.ජනතාවගේ කළ කිරීම නිසා අහරින් රට ස්වංපෝෂණය කිරීමේ කාර්ය සම්පූර්ණ කළ නොහැකි වුණා.මීලඟ මැතිවරණයෙන් මැතිණියට ගෙදරයන්න වුණා.ඊට වසර 30 ගානකට පසුව අදත් අපි පිටරටින් කෑම එනකන් මූද දිහා බලන් ඉන්න පරපෝෂිතයෝ ටිකක්.

      Delete
    3. ඇයි සිරිමගේ දුවත් හිටියේ 7 ක් නෙමේ නමයක්ම. ඊළඟට දැන් ඉන්නෙ පුතා වගේම එක්කෙනෙක්. එයාලටත් මුකුත්ම බෑ මයෙ හිතේ.. සිරිමා මේ රට කෑවා.. මිනිහා ඊට හපන්. එයා තමයි 56 රට ගිනි තිබ්බේ.. ඉස් ඉස්සෙලම...

      කඩදාසි නැති උනාට මිනිස්සුන්ට ඇඳුම් තියෙනවා අඳින්න. රුපියල් 150-200 ටත්. ඒ කාළේ සල්ලි තියෙන එකාටවත් අඳින්න නෑ. මාර වර්ධනයක් කළේ දේශිය නිශ්පාදනවල. සතියෙ දවස් දෙකක් පාන් නෙමෙයි බත් කන්නත් නෑ...

      Delete
    4. //නිශ්පාදන ප්‍රවර්ධනය කරල, භාණ්ඩ ආනයනය සීමා කරල ස්වංපෝෂිත (තමන් අවශය දේ තමන් ම නිපදාගන්නා) ආර්ථිකයක් ගොඩනගන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරං තිබුණා.//
      ජයශ්‍රී මට තේරුම් ගත නොහැකි දෙය නම් මෙවැනි මුග්ධ රටවල් අගාධයට ගිය මැටි හරක් ප්‍රතිපත්ති අන්ධ භක්තියෙන් යුතුව ඔබ තවමත් අදහන්නේ ඇයි යන්නය.
      සරලව තේරුම් ගන්න බැරි මහලොකු දෙයක් නොවෙයි වෙළඳ පොළ හැසිරීම ඒ කියන්නේ මොන භාණ්ඩද රටක් නිෂ්පාදනය කල යුත්තේ කියල රජයේ නිලධාරීන්ට තීරණය කරන්න දුන්නම වෙන දේ තමයි වෙළඳ පොළ විකෘති වීම. කිසිම මිනිහෙක් සමත් නැහැ ආර්ථිකයේ හැසිරීම තීරණය කරන්න. ඒ වගේම තමයි ආනයන බදු මොන බඩුද අපි බදු ගහල රටේ නිෂ්පාදන ආරක්ෂා කරනවා කියන එක මැටි මෝල් වැඩක්. හිතන්න ඉන්දියාවේ අල ලාබයි අපේ අල ගොවියෝ කීප දෙනෙක් බේර ගන්න අල වලට බදු ගහනවා මුළු රටක් ජනතාවක් වැඩි මිලට අපේ අල කන්න වෙනවා ඉන්දියාවෙන් ගෙනාවොත් එකට එකක් ලාබයි. වෙන්න ඕනෑ එක නොවෙයි රටවල් දියුණු වෙන්න නම් වෙළඳ පොලට නිදහසේ හැසිරෙන්න දෙන්න ඕනෑ. දැන් තියෙන්නේ ලෝක වෙළඳපොළක් එක රටක් නොවෙයි ලෝක වෙළඳ පොලට තරඟ කරන්න පුළුවන් අපේ රටේ මොන නිෂ්පාදන වලටද කියල රටේ වෙළඳ පොළ මගින් තීරණය වෙන්න ඉඩ හැරිය යුතුයි. රජය මැදිහත් වෙලා අපි මේවා තීරණය කරන්නන් කියල තෝරාගත් ව්‍යාපාර විතරක් ආරක්ෂා කරාම රටේ ලෝක වෙළඳ පොල ජයගන්න පුළුවන් තරඟකාරී ව්‍යාපාර මතුවෙලා ඇවිත් ලාභ අරන් රටම දියුණු වෙන අවස්ථාව ඇහිරෙනවා. කවදාවත් රට දියුණුවෙන්නේ නැහැ. නමුත් වෙළඳ පොළ නිදහසේ හැසිරෙන කොට හිතන්න රටක් ගොඩයන්න එක භාණ්ඩයක් hit උනත් ඇති ඇපල් අයිෆෝන් එක වගේ. අල වගාව වගේ නැතිවෙලා යායුතු දේවල් නැතිවෙලා ඇතිවිය යුතු දේවල් ඇතිවේවි එහෙම උනාම ඒ එන ආදායමෙන් මුළු රටටම නිකං දෙන්න අල ආනයනය කරන්න රටට සල්ලි තියනවා. ජය ශ්‍රී ල කියන ක්‍රමයෙන් වෙන්නේ අල ගොවියා හැමදාම අල ගොවියා උගේ පුතත් අල ගොවියා බෝතල් පත්තර කාරය හැමදාම බෝතල් පත්තර කාරය.
      මේක තේරුම් ගන්න බැරි කම නොවෙයි තියෙන්නේ ඔලුවේ ගල් වුන පටු ආකල්ප අත අරින්න ආත්ම ශක්තියක් නැතිකමයි.

      Delete
  12. ළොකයේ ප්‍රථම අගමැතිනියගේ සමාජවාදේ නිසා හොද හොද වැඩ ඒ කාලේ උනා කියලා අම්මලා තාත්තලා කියනවා ඇහිලා තියෙනවා .... උන්දැත් කරලා තියෙන දේවල් ,

    ReplyDelete
    Replies
    1. ඔය පරන ෆිල්ම් වල මාලනිලා ගීතලා හෙළුවෙන් වගේ ඉන්නේ ඉට්ටයිල් එකෙට නෙමේ, රෙදි දුන්නෙ පොතට, ඒකෙන් මහන්නේ කොටට. දිගට අඳින්න ගත්තේ පප්පා ආවයින් පස්සෙ, දැන් කෙල්ලෝ ආයෙත් අයියලගෙ කලසන් අඳින්නේ ආර්ථිකේ අමාරු නිසා මිසක් ඉට්ටයිල් එකට නෙමෙයි.. ඒකනේ කොල්ලෝ අහන්නේ අයියා ගෙදරද කියලා...

      Delete
    2. හික්..හික්..හික්/..

      Delete
  13. වලත්තයාMay 12, 2013 at 5:09 AM

    පහු ගිය දවස් ටිකේ එන්න බැරි වුනා වැඩ වැඩි නිසා.//රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට යන්න උනාම හැමෝම කිව්වේ, පාන් කාළා හමාරයි කියලාය. ඔය ළොකු ළොකු ඉස්කෝලවල පාන් නෑ//හැක හැක.......රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිය උන් දන්නවා.නේද මාතලන්..

    ReplyDelete
  14. ඉස්සර ක්‍රිකට් ටූනමන්ට් එකක් කොහේ හරි තිබ්බොත් අපිත් ඇඹලයෝ වගේ එව්වා පස්සේ වැටෙනව ඉතින් මැච් වලට ගිදාට දවල්ට කෑමකුත් නෑ හැබ ගම්වල ඉස්සර දරපොරනු පාං 3 විතර වෙනකොට රෙඩි නේ ඉතින් අපිත් රොස් පානුයි හකුරුයි ඇදල අරිනව මතක් වෙනකොටත් කටට කෙල උනනව පට්ට, හකුරු නත්තං ඉතින් ලූනු තමයි හික්ස්...

    ReplyDelete
    Replies
    1. පාන්, සයිවර් කාපු කොල්ලෝ තමයි වර්ල්ඩ් කප් එක ගෙනාවෙත්. හැම් බේකන් චීස් කන උන් ඒවා දිරවගන්න බැරුව දැන් පරිප්පු කනවා. තිසරයත් නැත්නම්.. වහ බීලා මැරෙන්නයි වෙන්නේ... නානසාර බිත්තර ගහන්න කලින් අපේ උන් ගහනවා. ඔහොමම එන්ගලාන්තේ ගිහින් ආවම හරි.. අනේ මෙහේ නම් එන්න එපා සත්තරනේ.. අපි උඹලට ආදරෙයි... 0 ට ගියත්...

      Delete
  15. පාන් ගැන මතක් කරපු ගමන් මට කටට එන්නෙ ලොක්කට වචන දෙකෙන් පාන් කියන්න.
    හැලපේ ගැමි ජිවිත සමගින් එදිනෙදා ගත කල/කරන විදිත් අවුස්සනව.
    ඒ වගේම ලංකාවෙ පාසල්/රැකියා/විවාහ ජිවිත ගත කරපු/කරන විදිය වැල් වටාරම් එක්ක රවී ලියන ලියවිල්ලත් ඉතාමත් අගෙයි.
    ඔබ,කකා,රයිගම,හෙන්රි ඇතුළු නොයෙකුත් මාතෘකා යටතෙ එක එක කතා ලියන සහෝදර/සහෝදරියන් ජිවිත සටන දෙන ගමන් කියවන අපට ඔබලාගේ වටිනා කාලයෙන් කොටසක් වෙන් කිරීම ගැනනම් ස්තුතියි කියල විතරක් මදි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද ඇනෝලා සෙට් එකත් එක උඹ දෙන ආතල් එක....

      හ්ම්ම්ම්... හ්ම්.... සභාවෙන අවසරයි... මා.... මේ අවස්ථාවේ අප සියළු දෙනා වෙනුවෙන්ම... ඒ ඉස්තූති කතාව පැවැත්වූ.... ඒ මහතාට.. අමා මහ කෙලවර..... හුටා... සමාවෙන්න.. අපේ ප්‍රමාණය පිරිනමනවා...

      Delete
    2. මාතලං ඔය කෙනජිගෙන් පරිස්සම් වෙයන්. වැඩිය ලඟට ගන්න එපා.

      Delete
  16. මං නම් ආස රෝස් පාන් කන්න පොල් සම්බෝලත් එක්ක.....

    ReplyDelete
    Replies
    1. පොල් සම්බලෙත් වේරියේෂන් තියෙනවා.. බොරුනම් හැලප මුත්තගෙන් අහන්න...

      Delete
  17. මාතලන්,ස්තූතියි මචං...මට ලියාගන්න බෑ උඹට තේරෙනවනෙ

    ReplyDelete
    Replies
    1. මම දන්නවා... අවුලක් නෑ හැලපේ... කන බොන මිනිස්සුනේ.. නැත්තන් වල් කොල්ලෝ කියයි.. එක එකාගේ පිට කසා ගන්නවා කියලා...

      Delete
  18. මමත් ආස රෝස් පාන්වලට. හොඳට ලුණු රහ තියෙන හාල් මැස්සෝ හොඳි එක්ක කන්න. අනේ, ඇත්තට සඳරු අයියට මක් වෙලා ද? මාස 5 ක් තිස්සේ අතුරුදහන් වෙලා!

    ReplyDelete
    Replies
    1. ඌ පත්තරේකට ලියනවා කිව්වා. සමහර විට ඒ නිසා බිසි ඇති...

      Delete
  19. තැටි පාන් මතක් කරනකොටත් ආතල් . මාර රහ කෑම . හඃ හඃ හඃ ;)

    ReplyDelete
    Replies
    1. කාලා තියෙයි.....?

      Delete
    2. ඔව් ඔව් .
      තාම අපේ පැත්තේ කඩවල් වල ඉඳලා හිටලා තියෙනවා . එත් ඉස්සර තරම් රහ නෑ . මැටි වගේ .

      Delete
  20. “ ඉතින් අපිට පාන් ද? “

    “පාන් කෑවොත් ඔහොම්මමයි “

    අද කාලයේ නිතර අසන්නට ලැබෙන පාන් සම්බන්ධ පිරුලුය. පාන් කෑම අපේ නිවසින් තුරුන් වී ගොස් ඇත්තේ සෑහෙන කලක සිටය.පාන් කෑවොත් රෑට නින්ද යන්නැති ලෙඩක් තියේ ය. දැන් නම් කෑවත් නොකෑවත් යහමින් නින්ද යන ගතියක් තිබේ ය.මා පාන් කන්නට පටන් ගන්නා සමයේ පාන් ගෙඩියක් රුපියල් තුනකි.පාන් වලද විවිධාකර වර්ග ඇත.කපලා හැට පහකි නොකපා හැටකි.කපා බෑගයේ දමන්නේ නම් හැත්තැ පහකි. එනිසා හිස් බෑගයක් රැගෙන ,සෙරෙප්පු පයලා ගෙන හවස් ජාමේ පාරට බහින්නේ නම් ඒ පාන් ගෙන ඒමට බව බොහෝ අය දනී.

    රව පාන්, කා පාන්, කෙළ පාන් , දුව පාන් , මැටි පාන් , රෝස් පාන්,තැටි පාන් මෙන්ම සිංහල කුණුහරුප පාන් ද ඇත.

    පාන් කියා ගන්නට බැරි ජනතාවක් සමඟින් අද ආණ්ඩුව අර කිවු කුණුහරුප පාන් අනුභව කරනව බව කියමින් පාන් කතාව මෙතනින් නවතමි.

    ReplyDelete
    Replies
    1. ඔහේ ත්‍රස්තවාදි පාන් කනවා මදිවාට ත්‍රස්තවාදි කාතාද කියා ඇත්තේය. ත්‍රස්තවාදි පනත යටතේ පාන් ගෙන්න යන විට සුදු වෑන් එකක දමාගෙන ගියොත්, පාන් නොව පරිප්පුත් කන්නම වෙනවාය....

      Delete
  21. තැටි පාන් දැකපු කාලයක් මතක නෑ. හොඳ උණු උණු, කර කර ගාල හැපෙන තැටි පාන් එක්ක, පරිප්පු හොද්දකුයි, පොල් සම්බලේකුයි තිබ්බම ඉතින් අමුර්තය වගේ තමා!

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම ගැන ඊළඟ එකේ...

      Delete
  22. පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ! මොකෝ අස්ප ගණන් නේ! 25න් ජිවත් වෙන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. පාන් කනවා කියන්නේ.. යමක් කමක් තියෙන මිනිස්සු කියන එක...

      Delete
  23. Dear, the country where I reside, most of the supermarkets are selling "Munchee" & "Delma "products. when ever I am shopping for Biscuits & Tea I give preference for our own products.

    ReplyDelete
  24. පෝරණු පාන් නම් ලුණු රස නිසා නිකන් උනත් කන්නට හැකිය//

    පාන් වල ලුණු රස නම් ඉතින් බක්කරේ අන්කල්ට දාඩිය දාන ප්‍රමාණය අනුවත් වෙනස් වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඔය පින්තූරෙත් ඉන්නේ.. රජ්ජුරුවන්ට හකුරු හැදුවා වගේ තමයි..

      Delete
  25. මම නම් කැමති උණු උණු මාළු පාන් :)

    ReplyDelete
    Replies
    1. ඇයි මම. හැබයි මාළු තිබුනොත් නම් අප්සට්....

      Delete
    2. අලයි/ළුනුයි තිබුනම රස්නෙ ගොඩක් වෙලා අල්ලල හිටිනව.
      මාළු තිබුනම ඉක්මනට නිවෙනව.

      Delete
  26. මේකෙන් එකක් පැහැදිලියි....

    මේ තරම් පාන් වලට මාතලන් කැමති මාතලන් අධීරජ්ජවාදීන්ගේ බළල් හස්තයක් නිසා කියා.....:D

    ReplyDelete
    Replies
    1. ඕන් නානසාර දේශප් ප්‍රීමියාම වලඳන්න නේද යන්නේ...

      Delete
  27. අපරාදේ මාතලන් අයියා කිය කිය කියා හිටියේ.
    මාතලන් මාමේ, දාපංකො බණ්ඩගෙ කෙරුවාව ගැනත් පෝස්ට් එකක්. ජාතිවාදය උඩින් රජ පුටුවට ගිහින් රට මේ තියෙන අගාධෙට ඇදල දාපු හැටි ගැන.

    ReplyDelete
    Replies
    1. වෙනම් ලියලා නැති උනාට, කියන්න ඕන තැන්වල කියලා තියෙනවා...

      Delete
  28. දැන් පාන් හදන අවන් වැඩ කරන්නේ ගෑස් වලින්.. පොඩි කරන්ට් එකක් විතරයි ඕනේ ඔන් ඕෆ් වෙන්න... ගොඩක් තැන් වල තියෙන්නේ ඒ අවන් තමයි.... පෝරණු පාන් තියෙන සමහර බේකරි තියෙනවා තාමත් ඒවට ඉල්ලුම තියෙනවා... හැබැයි ඒවයේ තැටි එහෙම ආත්මෙකට සුද්ධ කරන්නේ නැති නිසා පාන් ගෙඩියේ අඩිය කලුම කලු පාටයි... කර රහයි... ඒවයේ හදන පේස්ට්‍රිත් ඒ ජාතියේ තමයි...

    ඔය සිරිමාගේ කාලෙනේ අපේ අම්මලා ඉස්කෝලේ ගියේ... මං ඉස්සර හැමදාම රණ්ඩු වෙනවා අම්මට හොඳ නමි කොටට අඳින්න ඇයි මට අඳින්න දෙන්නේ නැත්තේ කියල... පස්සේ තමයි ගවුම් කොට වෙන්න හේතුව දැනගත්තේ...

    ඒ ඇරෙන්න පාන් කෑම නම් දැන් ගොඩක් දුරට අඩු කරලා තියෙන්නෙ... බත් ටිකක් උයාගෙන පරිප්පුවක් හදාගෙන කනවා ඊට ලාබයි....

    ReplyDelete
    Replies
    1. හි.... හී.....
      හු... හූ...
      හි.... හී.....
      හු... හූ...
      හි.... හී.....
      හු... හූ...

      Delete
    2. කොළඹත් පෝරණු පාන් හදන තැන්වලට මාක්ට් එක්ක වැඩියි.. පොෂ් අය නම් ජීවීතේට ගන්නෙ නෑ. තත්වෙට හරි නෑනේ...

      Delete
  29. මට මතක පාන් රාත්තල 8ට වගේ තියෙන කාලේ

    ReplyDelete
  30. මාත් ඇති තරම් පාන් කාලා තියෙනවා ඉස්කෝලේ කැන්ටිමෙන්.රුපියල් පහලවයි පාන් කාලා පොල් සම්බෝල හරි පරිප්පු හරි දාලා ඒ දවස් වල.ඔය පාන් කාලක් අපි පස් හයදෙනෙක්වත් කනවා.

    මට හිතාගන්න බැරි මාතලන් අයියා මොකද මේ හැලප මාමව මුරුංගා අත්තේ තිබ්බේ කියලා :)

    ReplyDelete
    Replies
    1. පාන් කාල මැද්දට සීනී සම්බල දැම්මමත් පට්ට රහයි. රිචී කෝපී වගේ...

      Delete
  31. kAKA UNCLETA DAN EYA LIYAPU KATHA GENA MATHAK KARANAWATA HARIMA THARAHAYA. JOKKU, PUKA CHOO, PADA JEE GENA LIWWOTH MAARA THARAHAK ENNE.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ නම් පුරුවේ පවක් ගෙවන්නෙකි.
      මේ විදියට තැන තැන එකම කවෙන්ටුවේ වේරියේෂන් දමමින් යන්නට වී තිබීම අන් කවරාකාරයෙන් විස්තර කරන්නද?
      ඒ පව ගෙවන්නේ මා සමග ඇති වෛරයක් විලාසයෙනි.
      අවංකකවම මට ඔබ ගැන ඉතා දුකයි.

      Delete
  32. මාතලන් පාන් ගෙඩියෙන් ගහයි.
    පේට්‍රියට් මාළු ලෑල්ලෙන් ගහයි.
    බුවා ෆිල්ම් එක බලන ගමන් චිප්ස් වලින් ගහයි.

    දුක නැද්ද බං?

    ReplyDelete
  33. මම රැකියාව කරන්නේ කටාර් රාජ්‍යයේ. මාතලන් මෙහේ ඇවිල්ල නැතුව ඇති මම හිතන්නෙ, නැත්නම් මෙහේ සුපිරි වෙළඳසල් වල තියෙන මන්චී බිස්කට් දකින්න ඕනා . ඒ නිසා ඔය හිතන දේම හරි කියලා හිතන්න එපා. ඒක ඔයා වගේ ඇසූ පිරූ තැන් දන්නා කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු නොවන දෙයක් . පින්තුරයක් එවන්න තිබුණා , එත් පින්තුර ගන්න තහනම් . එක නිසා මේක ටක්කෙටම ඔප්පුකරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා . ඔබගේ බ්ලොගයේ රසිකයෙක් මම .

    ReplyDelete
    Replies
    1. මැද පෙරදිග රටවට ශ්‍රී ලංකිකයන් වැඩි පිරිසක් සේවය කරන නිසා ඔවුන් වැඩියෙන් එන සුපර් මාර්කට් වල තියෙනවා ඒ විතරක් නෙමෙයි පොල් හිටන් තියෙනවා. යුරෝපයෙත් අපේ බඩු විකුණන කඩවල තියෙනවා ඒත් අපේ මිනිස්සුන්ට ගන්න විතරයි. මොකෝ අපේ උන්ට ලෙඩක් තියෙනවනේ දිවිය ළෝකේ ගියත් කරවලයි බතුයි හොයන. එහෙම නෙමෙයි මම කියන්නේ එක විදේශිකයෙක්වත් ඕවා කනවද..?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න