.

.

May 3, 2013

බුදුන් පුදනට මල් විකුණා අත් අඩංගුවේ - Story of Kalutara Mala

උපුටාගැන්ම ඩේලි මිරර් වෙබ් අඩවිය

ප්‍රස්තුතය - කළුතර පාළමේ, පෝ දින මල් විකුණු 9 ක් අත් අඩංගුවේ. 7 දෙනෙක්ම කාන්තාවන්.


රන් මාල කඩපු උන්,
මල් මාල දා පුදන,
සැලුට් දා කොඳු නමන,
බැනර් දා පිළිගන්න,
පොලෝසියෙ මහත්තුරු....

කළු ගඟේ ගං තොටේ,
බෝ රඳුන් අබියසදි,
බක් මහේ පුර සඳේ,
මහා මෙහෙයුමක් කොට,
කළු ගඟේ පාලමේ,
මල් විකුණු හිඟන්නෝ,
අත් අඩංගුවේ දා,
යදී බෝ සමිදුගෙන්,
උරේ පළඳිනා තරු....

සිනාසී තරවෙමුද...?
අඬ අඬා වැලපෙමුද...?
නොමැතිනම් බෝධියෙන්,
මුන්ට හෙණ ඉල්ලමුද..?

ඉට්ටේසමේ කෙලවරේ,
මුඩුක්කුවෙ, ලෑලි කාමරේ,
තමයි අපෙ මන්දිරේ....
මලක් විකුණා ගන්නේ,
නිවන් දකිනට නොවේ,
කිරි ඉල්ලලා අඬන,
පොඩි එකා නලවන්න.... 
වේලකින් කොහෙද සෑර්,
තනේ කිරි එරෙන්නේ....?
කිරි පැකට් එකක් නොව,
හැඳි දෙක තුනක් ගන්න...

උනානම් වැරද්දක්,
දෙනු අපට සමාවක්...!
කුදැලුවොත් පොලිසියට,
පොඩි එවුන් හාමතේ.
දන්න දා ඉඳන් අපි,
කරන්නේ මේකමයි.
ඒ දේත් නැති උණොත්,
විසිකරන්නද අපේ,
පොඩි එවුන් කළු ගඟට..

අනේ බෝ සමිඳුනේ,
තරු එපා පළඳන්න,
කාකි උර පටිවලට....!!!
හෙන හතක් හෙම නොවේ,
එයින් සිය ගනනක්ම,
ගහපියව් මේ හැත්ත,
සුනු විසුනු වී යන්න,
වැහි නොමැති දිනකදී,
තරු පිරුණු රැයකදී....!!!

.oOo.

80 comments:

  1. මේ පුවත අහලා මම අතිශයින්ම වේදනාවට පත් වුනා.

    ReplyDelete
    Replies
    1. කවුද එහෙම නොවෙන්නේ.. ඒත් එහෙම නොවන උන් තමා දැන් වැඩියෙන් ඉන්නේ...

      Delete
  2. වැරැද්දක් තමා පාලම උඩ මල් විකුණන එක.. නඩු දාන්නැත්ද???? ආස්චර්යය කරා යන මාර්ගය මේ ආකාරය තමා..

    ReplyDelete
    Replies
    1. නඩු භාන්ඩ වලට ගෙනියන්න වෙන්නේ නෙළුම් මල්, අනිත් මල් නම් නඩු දායි.. කස්ටියට කීයක් හරි හොයාගන්න පුළුවන්නේ...

      Delete
  3. මේ සුධර්මන්ගේ අක්කා කෙනෙක්ලුනේ. ඒ විතරක්ද අර ආශ්චර්‍යකින් හොද වෙච්ච හාදයගේ නැන්දා කෙනෙක්ලු...අර කහවත්තේ ධර්මසිරිත් නෑදෑකමක් තියනවලු. තංගල්ලේ සභාපති එක්ක එකට කන බොන කෙනෙක්ලු. මම නම් කියන්නේ මේ වගේ අහල නුහුලන අපරාධ කරන එවුන් නඩු නැතිව හිරේ දන්න ඕන. නැද්ද මන් අහන්නේ...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... සුළු පටු වැරද්දක්ද...? මහ පොළොව නුහුලන අපරාද නොවැ..

      Delete
  4. නමුත් මේ විදිහට මල් වික්කාම පාලම අනිත් පැත්තේ නීත්‍යානුකූලව මල් විකුනන මේ වගේම අසරණයිට අසාධාරණයක් වෙනවා... මිනිස්සු පාරෙ ගමන් කරන්න අරන් පාර බ්ලොක් වෙනවා.... අසරණ මිනිස්සු තමයි... ඒත් පාලම උඩ පදික වෙළදාම චිරාත් කාලයක් ඉදන්ම තහනම්....

    මේ මල් විකිනීමත් එක්තරා ආකාරයක මාෆියාවක්.... එහා පැත්තෙ විකුණන අයයි මෙහාපැත්තෙ විකුණන අයයි නයි පොලොන්ගු වගේ....

    පෝය දවසට විතරක් කීයක් හරි හොයාගන්න වෙන රැකියාවල නිරත වෙන අය තමයි පාලම උඩ ඉන්නෙ... හැමදාම මල් විකුණන අයට ඒකෙන් අසාධාරණයක් වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු නයි පොළොංගු වගේ වෙලා තියෙන්නේ සමාජය හා පාළකයෝ නිසා. අපි පොඩි කාළේ දැකපු දේ තාමත් දකිනවා. පීඩිත පන්තියේ මිනිස්සු නයි පොළොංගු වගේ මිසක් සාන්තුවරු වගේ වෙන්න බෑ. ඒකට කරන්න තියෙන්නේ කොළඹ පැත්තෙන් එන වන්දනාකරුවන්ටත් මල් ගන්න පුළුවන් විදියට පාක් එකේම පොඩි කඩ කාමර ටිකක් හදලා දෙන එක. කොහොමත් ඔහේ සමහර විට නොදන්නවා ඇති, කළුතර බෝධිය කියන්නේ නම්බර් වන් බිසනස් එකක්. කොටින්ම කොම්පැනියක්.

      Delete
    2. නීති විරෝධියි කියල කියමුකෝ. ඒත් ඔය නීතිය ඇයි දුමින්දට සුධර්මන්ට.... නැත්තෙ? පොඩි එකාටම කෙලවල තරුගන්න හදන්නෙ ඇයි?

      Delete
    3. ලොකු උන්ට කෙළකරන්න ගියොත් හම්බු වෙන්නේ තරු විසික් වෙන්නනේ....
      එකයි පොඩි උන්ටම කෙළින්නේ....

      Delete
    4. මං නං ඔය කප්පං ගන්න තැන්වලට ශත පහක් දාන්නේ නෑ.

      Delete
    5. රාජ් හරියට හරි.

      Delete
  5. මේවා මහ ජරාම ජරා වැඩ. නීතිය කොයි හැටි වෙතත් අසරණය තවත් අසරණ කරන පීඩිතයා පීඩාවටම පත්කරන, දූෂකයා රකින මේ සමාජ ක්‍රමය අනේ මන්ද?

    ReplyDelete
    Replies
    1. දැන් නම බොහෝ දෙනෙකුට තේරිලා මේ සමාජ ක්‍රමයම් වෙනස් කරන්න ඕන කියලා. බවුතීස්ම කරපු සැටලයිට් මැඩමුත් ඊයේ සිරසේ කිව්වේ..

      Delete
  6. Ai ahinsaka minissunta mehema karanne? PAWKAARAYO.

    ReplyDelete
    Replies
    1. බලවතුන් ගාවට යන්න බය නිසා. එතකොට මෙයාලට කලිසමේ කක්කි යනවා..

      Delete
  7. මම තව ටිකකින් මං ඩ්‍රාෆ්ට් කරපු එක දාන්නම්.

    ReplyDelete
    Replies
    1. බැලුවා. හැම එකාම එහෙම හිතනවනම් කොච්චර දෙයක්ද. මල් කඩ කඩ ඉන්නවට වඩා..

      Delete
  8. මිනිස්සුන්ව අමාරුවෙ දාන මේ වගේ පව්කාරයෝ හැඳිගෑවිලම පල!
    තුහ් නොඳකින්!!!!!!!!

    ReplyDelete
    Replies
    1. වෙන මොනව පතන්නද මුන්ට..

      Delete
  9. ඇයියෝ! මාතලන්, ඔයා ඇයි අර අභීත අයියා වගේ එළකිරි පෝස්ට් ලියන්නෙ නැත්තෙ?

    ReplyDelete
  10. අම්මට උඩු! මාතලන් ෆෝම් වෙලා තියෙන තරම! නියමයි ඈ!!!!!+++++++++++++++++++
    මම නම් මේ දවස්වල බංකොලොත් බං!! අනාථයි. ලියන්න මෙලෝ දෙයක් නෑ!
    අර ඇනෝ පොරවල් කියන්නා වගේ අදහස් නශ්ඨකාමයට ලක්වෙලා, ද්වජභංගත්වයට පත්වෙලා ඉන්නේ!
    ඒ හින්දා තමයි බං ප්ලේන් දැකපු ඒවයි, බත් කාපු ඒවයි දදා ඉන්නේ!

    ජය වේවා!++++++++++++

    ReplyDelete
    Replies
    1. සාධාරණ නීතියට අනුවනම් මාල කඩන අය මෙන්ම මල් විකුණන අයද අත් අඩංගුවට ගත යුතුය් නේද .නීතිය හැමෝටම එකනම්

      Delete
    2. කවුද මේ ඩුප්ලිකේට් කතන්දරකාරයා?

      මොකක්ද ඇත්තටම මා එක්ක මේ තියෙන ක්‍රෝධය? ද්වේශය? වෛරය?

      Delete
    3. දන්නෙ නැද්ද කකා.... කබ්බො ෆෝම් වෙලානෙ....

      Delete
  11. හොයා හොයා නඩු දම දමා
    පන්න පන්නා දඩ ගසා
    එලව එළවා බදුත් ගහලා
    කෙළියි අපටම පොලිස් ලොක්කා ....

    ගහන තරමක් පොලුත් ගහලා
    පුදන තරමක් වැද පුදා
    සොයා බැලුවෙමි කොහි කියා
    දෙවියෝ විලි වැද සැඟවිලා......

    ReplyDelete
    Replies
    1. උන්ට ගානක නෑ.. ලැජ්ජා නහර කපලා ඉන්නේ කස්ටියම...

      Delete
  12. මට මගේ බ්ලොග් එක ආයෙම හදලා දෙන්න කියන්න . මම කියන්නේ බොරු නෙවේ . මේ තියෙන්නේ මගේ බ්ලොග් එක . මට උදව් කරන්න පුලුවන්ද කාට හරි . http://mama-nodannekmi.blogspot.com මම වනාහී නොදන්නේ වෙමි

    ReplyDelete
    Replies
    1. මං ඔබේ බ්ලොග් එකේ හොඳ පාඨකයෙකුව සිටියා.

      ඇත්තටම මං ඔබ ගැන වෙනම ලිපියක් ලියා ප්‍රචාරයක් ද ලබා දුන්නා.
      http://kathandara.blogspot.com/2012/11/another-identity-revealed.html

      මා හැර අන් කිසිවෙකු කමෙන්ට් කර නොතිබුනත් ඔබ නම් මගේ කමෙන්ටු ගැන එතරම් කැමැත්තක් පෙන්නුවේ නෑ.

      මං හිතුවේම ස්ව කැමැත්තෙන් බ්ලොග් එක ඔබ ඉවත් කර ඇති බවයි.

      බ්ලොග් ගිනුමට ලොග් වී ඉවත් කළ බ්ලොග් එක නැවත ගොඩ ගත හැකි දැයි බලන්න. නැතිනම් නැවත බ්ලොගයක් පටන් ගන්න.

      මගේ ඊ-මේල් ලිපිනය
      kathandara@gmail.com

      Delete
    2. මේ නම්බර් එකට කතා කරන්න.... මම කියල දෙන්නම් ගන්න විදිහ... 0771680153, 0776531595 ,0725599885

      Delete
  13. ආශ්චර්යමත් රටක් උනාම එහෙම තමයි......

    රට කරවන උන් දැන් කරන්නේ "දුප්පත්කම" නැති කරනවා වෙනුවට "දුප්පත්තු" නැතිම කරලා දාන එකයි...

    මාමගේ චින්තනේ "දුප්පත්කම" නැති කරනවා කියන්නේ එකට තමයි......

    ReplyDelete
    Replies
    1. දැණුයි මට තේරුනේ. ඒ ක්‍රමෙත් නරක නෑ.

      Delete
  14. වෙන දේවල් වල හැටියට ඔව්ව නම් මොනවද

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. මේවා නිකන් පඩයක් ගියා වගේ..

      Delete
  15. කාලය ඉතිරිකර ගනිමින් කෙටි සටහනක් තබමි.
    මෙම අසාධාරණය අසනවාත් සමඟ මට මතක් වූයේ දීපිකා ප්‍රියදර්ශනී ගේ පහත ගීතය.
    දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා
    ගිනිමැල හගෙන රැක සිටියා
    එහෙවු අපට අද – එන්න තහංචිද
    ජයසිරි මහා හාමුදුරුවනේ
    ගීයෙන් කියන්නේ ශ්‍රීමහ බෝධීය ගැන වුවත්, කළුතර බෝධීය ද අමතක කළ නොහැකියි. ඔවුන් එදා ගිනි මැළ ගසා හෝ අලි ඇතුන්ගෙන් සතුන්ගෙන් බෝධීය රැක ගනු ලැබුවා. එහෙත් අද?
    මේ අපට වාර්තාවෙන තවත් අහිංසයින් කිහිප දෙනෙක් පමණි ඒ. උන් ගෙවන්නේ රටේ පවුය. එය පූරුවේ පවක් නොවේ. වරද කොතන ද?

    ඔවුන්ටද දරුවන් සිටී. ඒ දරුවන් පෝෂණය කළ යුත්තේ ඔවුන්මය. ජීවිතය ජය ගැනීමට යන්තම් හෝ මඟක් දකින ඔවුන්, බෝධියේ පිහිටෙන් මල් විකුණයි. කඩයක් දමා ගැනීමට හෝ වත්කමක් නැතුවා විය හැකියි. නමුත් බෝධී සංගමයට, මල් කඩයකින් ටිකට් කඩා ගන්නා ආදායම ඔවුන්ගෙන් ලැබෙන්නේ නැතිය. ටිකට් කඩා මල් විකුණන අයට ආදායම අඩුවන විට ඊට වගකිව යුත්තෝ වනුයේ බෝධී සංගමයයි. මන්ද මුදලට එකී සංගමය වහල් වී ඇති බැවිනි. තව දුරටත් මෙකී සංගම් වලටත් මුදල් සෙවීමට අවශ්‍ය නම් තැන තැන මල් විකුණන්නන් පොලීසිය භාරයට පත් කළ යුතුය. නමුත් ජනතාවට කීමට හේතුවක්ද සකසා ගත යුතුය. ඒ “වන්දනා කරුවන්ට අවහසුතාවයක් ඇති වන පරිදි මල් විකිණීමයි“. මේ එළෙබෙන වෙසක්/පොසොන් මසට පෙර ශුද්ධ කිරීමකි.

    දේශපාළුවෙක් මුදලාලිලාගේ පිහිටින් බලයට පැමිණේ, අනතුරුව මුදලාලිලා වෙනුවෙන් තම මෙහෙවර කළ යුතුය. ඒ වෙනුවෙන්ද සුදුසු දේශපාලන පරිසරය සහ පසුබිම ගොඩනඟා ගනී. මේ එහි උච්චතම අවස්ථාවයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉහත අදහසේ අවසාන වාක්‍ය වැරැදීමකි.
      බුදුන් වැන්ද නිසා වෙනත් රටකදී කස පහර කෑ බව කියා ස්ලාම් නීතියට බැන වැදුනු, බොදු බලසේනා වාදී FB මිතුරන්, ශ්‍රී ලංකාවේදී බුදුන් පුදනට මල් විකිණීම හේතුවෙන් ශ්‍රී ලංකා නීතිය හෝ පොලීසිය හෝ විසින් අත්අඩංගුවට ගත් ඉහත මිනිසුන් වෙනුවෙන් කිසිදු හඩක් නොනඟන බව කැපී පෙනේ.
      ඒ නීතියට ඇඟිල්ල දිගු කිරීමට ඇති බයද? නැතිනම්, ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීමට ඇති බයද?
      එක සිංහල බෞද්ධයෙකුට අත තියපල්ලා කියා හඩනැඟූ මිතුරන්ට මෙම සිද්ධියද ඇස ගැටේවා.

      Delete
    3. නිර්මලාගේ සියළුම අදහස් සමඟ මම එකඟයි.

      Delete
    4. නිර්මලා පමණයි මෙතන බිස්නස් එක ගැන අවබෝධයක් තිබෙන එකම කෙනා.

      Delete
  16. අද කොහේද මතලන් අය්යේ මේ රටේ නිතියක්. නිතිය වල් වද්දවලා නම්බුකාර අප්පච්චියි උගේ ගොල බාල හැත්තයි...

    ReplyDelete
    Replies
    1. මහ නඩුකාර උන්නාන්සෙත් ගෙදර යවපු එකේ තව මොන කතාද.. නීතිය බල්ලට ගිහින්. බල්ල අළුත් කඩේ නඩු අහනවා...

      Delete
  17. නිතිය අකුරට කරන "මහත්වරුන්"ව ගෙදර යවල,මස් කටු කන "බල්ලන්"ව නිතිය රකින්න දැම්මාම මොන කතාද?
    අවුරුදු 7/8ටේ පිරිමි දරුවෙකුට ඉස්කෝලෙ ඇරිල මීටර් 800 ක් තනිව පයින් ගෙදර යන්න බැහැ දුෂණය කරල මරනවා.
    මේවලින් දුක් විදින එව්වො කරන්නෙ එකා ගානේ,ගහකට/වහලකට/නැගල පාරක බුදියගෙන පත්තර/tv වල මුන දාගෙන විරුද්ධත්වය පෑවයි කියල දවසින් ගේම ඉවර කරන එක.
    ඉදල හිටල ලැබෙන බත් පැකට් එකටයි/රු.500/=ටයි/අරක්කු කාලටයි "පුක"දෙන ජනතාවනි විපක්ෂ සමග එකතුවී පාරට බැහැල සටන් කරපල්ලා.
    UNP යෙන් "දෑත ශක්තිමත්"කිරීමට පැන්න අයනම් හොදටම කෝටිපතියෝ වෙලා ඉන්නෙ.අන්තිමට එවුන් ටිකමද මන්ද ලොක්කගෙ "දෑත් කොර"කරන්න යන්නෙ කියල සැකයකුත් තියෙනව.
    රනිල්ගෙ පසුගිය මාස 3ක සිට පටන් ගත්ත වැඩ අති සාර්ථකයි...!

    ReplyDelete
    Replies
    1. ඕන් මචෝ රනිල්ටත් අවසානේ මොළේ පෑදිලා. ප්‍රථම වරට මේක අහෝසි කරන කතාවක් කරලා. මගේ ගරිල්ලා මාකටින් දැකලද දන්නෙ නෑ.. හික්ස්...

      Delete
  18. asiyawe ashcharyane.kanna nethath lassana tibunanam eti

    ReplyDelete
  19. @ BLOG SAKKILI
    KAKKA THUMA BANKOLOTH WELA. METHANAMA EKA PALIYATA AWITH/ S UKRATH AWITH/ CHOO GIHIN/ KAKKI GIHIN/ JEE GIHIN/ PADATH GIHIN/ MAGE WIFETA MENSASUTH HADEI WAGE. MAGE COMMENT DELETE KALATA HONDA WADE.

    ReplyDelete
    Replies
    1. කියන දෙයක් ශුද්ද සිංහලෙන් කොටහං කැපිටල් ඇනෝ අංකල්.

      Delete
    2. ඇත්තටම මේ කැපිටල් ඇනෝ අංකල් මා සමග ඇත්තේ

      වෛරයක් ද?
      ක්‍රෝධයක් ද?
      ඊර්ෂ්‍යාවක් ද?
      ද්වේශයක් ද?

      නැත්තම් අහවල් එකක් ද?

      Delete
    3. කරුණාකර මෙවැනි කතාබහ වෙනත් තැනක කරන්න.
      (මේ කොමන්ටුව කාකාගේ බොගෙන් තමා ගත්තේ)
      http://kathandara.blogspot.com/2013/04/blog-post.html?showComment=1366955828411#c2229512405646090877

      Delete
    4. මම ලංකාවෙ හිටියනම් අර හමුදාවෙන් පැනල ඇවිල්ල පජාත වැඩ කරන හතර පස් දෙනෙක් ගෙනල්ල,මේ මොංගල් ඇනෝල ටිකට බේරේ වැව අයිනෙ තියල පුක් ගැටි කඩෝනව.

      Delete
    5. කරුමය මිනිස්සු පස්සෙ පන්නන්නෙ නැති වුනාම මිනිස්සු කරුමය පස්සෙ පන්නන්න පටන් ගන්නවලු...

      කකා උඹ කොමෙන්ට් මකනවනම් මකල දාපන්.... ඒක උඹේ බ්ලොග් එක... ආයෙත් එක්ස්ප්ලනේෂන් ලියන්නවත් මූ කොමෙන්ට් දාන තැන්වල යටින් ලියන්නවත් යන්න ඕනි නෑ......

      ඌ තැන් තැන් වල ලියන ඒවායින් උඹට බලපෑමක් ඇතිවෙන්නෙ නෑ

      @ කෙන්ජි...
      ඔයා කොල්ලො ගහන එක නවත්තල ද සෙට් බස්සලා අරින්න හදන්නෙ?

      Delete
  20. මට නම් කියන්න තියෙන්නේ "ඇඩෙනවා මේවාට " කියලා!

    ReplyDelete
    Replies
    1. මට නම් ඇඬෙන්නේ නෑ..
      ලේ කෝප වෙනවා....

      Delete
  21. මට මේවට තව දුරටත් පුදුම හිතෙන්නේ නෑ බං. මෙහෙම නොවුනොත් තමයි පුදුම.

    ReplyDelete
    Replies
    1. පුදුමයට කාරනයක් නෙමේ බං. කළකිරීමට කාරණයක්...

      Delete
  22. කොතනත් කෙලින්නෙ පොඩි එකාට බං..
    මොකෝ ඉරහඳ අල්ලන්න හදනවද උන්...ජීවත් වෙන්නනෙ.

    ReplyDelete
    Replies
    1. පොලිසියෙ බල්ලන්ට ඕවා තේරෙන්නෙ නෑනේ. උන්ගේ ඉවට අහුවෙන්නේ හිඟන්නෝ විතරයි..

      Delete
  23. අනේ මන්ද,. පාලමක් මත වෙලදාම් කිරිමනම් වැරදියි. නමුත් ඔහොම යට උපදෙස් දෙනවා මිසක් ඊට එහා තීරණයක් ගන්න එක වැරදියි. මල් මිටි 20 ක් විතර විකුණලා දාස් ගණන් හොයන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු ගෙවන්නේ අපායේ ජීවිතයක්.. මුන්ට හෙනම ගහන්න ඕනා...

      Delete
  24. මාතලන්, මල් කියුවාම තනමල්විල මල් මතක් වෙන්නේ නැතැයි. ගම් පෙරළිය පොත ලඟ තියාගෙන ඉදලා ගම් පෙරළන්න එනවා කියලා පොලීසියට මාට්ටු උනා වාගේ මේ සෙට් එකත් මල් විකුණනවා කියපුවාම පොලිසියේ මීටර් මාරු උනාද දන්නෑ. අනිවා.
    - දේශකයා

    ReplyDelete
    Replies
    1. පුදුමයි එහෙම නොකරපු එක. එයින් මල් ටිකක් පෝර උරේට දාන එක, මෙයාලගේ ජොබ් එකේ පාට් එකක්..

      Delete
  25. කාලකන්නි පොලිසියක්/නීතියක්/ආණ්ඩුවක් !

    ReplyDelete
  26. පාලම උඩ මල් විකිණීමත් ට්‍රැෆිල් ලයිට් අසළ හිඟාකෑම සහ වෙළඳාම් කිරීමත් මහජනයාට කරදරකාරී කටයුතු බව ඇත්තය. එහෙත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම උත්තරය නොවේ. පොලීසියට ඕවා තේරුම් ගන්නට හැකියාවක් නැති නිසා උන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු වීමට නොහැකිය.

    නගුටෙන් අල්ලලා වැඩක් නෑ. බෙල්ලෙන්ම අල්ලගන්න ඕනෑ. මේක තවම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. තව ටිකක් ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. දැන් යන කතිකාවා නම් තරමක් බලාපොරොත්තු තැබිය හැකි තත්වයක් පවතිනවා...

      Delete
  27. වලත්තයාMay 4, 2013 at 11:07 AM

    කුඩු කාරයන්ගේ මිනී මරැවන්ගේ පාමුල දණ ගහලා සැලුට් ගහන අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.එහෙම බලද්දි මල් විකුණන එක මොන තරම් වරදක්ද???

    ReplyDelete
    Replies
    1. කුඩු විකුණුවනම් මුන්ටත් සැලුට් එකක් ගහවි...

      Delete
  28. මේ ලංකාවේ හැටි! සාමාන්‍යයෙන් වැරැද්දක් විදිහට ගණන් ගන්නේ පොඩි මිනිහෙක් ඒක කලොත් විතරයි!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ළොකුම හොරකම කරපු එකාට දඬුවම මාස 14 යි. පොල් ගෙඩියක් හොරකම් කලොත් අවුරුද්දයි..

      Delete
  29. දුප්පතාට කෝ සැප ලෝකේ.....
    මේ ජනසමාජෙ දෙපිලය බෙදිලා

    මේ විසඳුම් නැති සර්වකාලීව ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මේවට විසඳුම් තියෙනවා. බොහොම සරළ විසඳුම්. ඔය නෑ බෑ කතාව තමයි හෙනේ වෙලා තියෙන්නේ..

      Delete
  30. මට හිතෙන්නේ මේ අයගේ නොදැනුවත්කම නිසා පොලිසියට අහුවෙලා කියලා, (මොකද "අනිත් මල්" වික්කා නම්, පොලිසිය උනත් දෙපාරක් හිතනවා අත්අඩංගුවට ගන්න කලින්)
    අද සමාජය පාදඩ වෙලා තියෙන තරමට අහිංසක අසරණ කමට මල්(මල් පමණක් නොවේ) විකිණීමට වඩා සමාජය හසුරුවන්නන් විසින් සමාජයට අවශ්‍ය යයි සිතන මල්(මල් පමණක් නොවේ) විකුනන(සපයන) අයට සමාජ,දේශපාලන රැකවරණය ලැබෙන ආශ්චර්යමත් රටක බිහිවී තිබෙන බැවිනි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. කොමෙන්ට් එකත් ක්‍රියේටිව් උනාම. ඒකේ මාර රහක් තියෙනවා. ඒත් උඹේ බ්ලොග් එකේ ඒ පවර් එක නෑ..

      Delete
    2. ස්තුතියි පෙන්වා දීම ගැන, මමත් ඒක පිලිගන්නවා,

      Delete
  31. MAY 3RD - 7.58 A,M, COMMENT @ BLOG SAKKLI - THIS COMMENT IS NOT FROM ME. I DO NOT USE SOME OF THE WORDS USED IN THAT. I NEVER MENTIONED ABOUT DELETION OF MY COMMENTS. -CAPITAL ANO--

    ReplyDelete
  32. මහින්ද හිංසනය විතරක් ම නෙවෙයි. මේ ක්‍රමයෙ වැරැද්ද. එක අතකට නියම ධනේශ්වර සමාජ ක්‍රමය මීට වඩා ටිකක් හරි හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒකෙදි නිර්ධන පංතියේ එකා මීට වඩා සැප විඳිනවා...

      Delete
  33. සමහර විට මට පේන හැටි වෙන්න ඇති. බොහෝමයක් කොමෙන්ට්ස් දාල තියෙන්නෙ නිකන්ම හිතට එන හැඟීම් වලට (කකා සහ උගෙ මෝඩ සතුරො ටික හැර ). උඹල ඔක්කොම පලු යන්න පොලීසියට බනිනවා, මුනව අල්ලනව අරුන්ට සැලුයුට් ගහනව කියල. උන්ට බනල වැඩක් නෑ, ඒක උන්ගෙ රාජකාරිය, ඒකියන්නෙ මොකා උනත් මොන දේ උනත් උඩින් ඉන්න උන් කියන එක අහන එක. පීසී ගෙ ඉඳන් උඩටම ගියාම උඩම එකා උට උඩින් ඉන්න උන්ට බයයි. බාරකාර මන්ඩලේ කියන්නෙ හෙන බිස්නස් එකක්, හබයි උන් කකා කියනවා වගෙ කප්පන් ගන්නෙ නෑ, කකා එහෙම කියන්නෙ රුපියක් විසි කරන්න ලෝබ කමට වෙන්න ඇති.

    හබයි උඹල කවුරුත් කවුරුත් (මමත් ) ඔය චරිත් ඇතුලට ගියොත් ඊට වඩා වෙනස් දෙයක් කරන්නෙ නෑ. ඒක ඉර හඳ වගෙ ශුවර්. මම බයයි, මට ලේසියි මේ යන සිස්ටම් එකෙ ඉඳගෙනම අරූට කෙලවෙන එකයි, මුට හරියන එකයි ගැන හොයන්නෙ නැතුව මම හොයන එකෙන් මමයි ගෙදර උනුයි කාල ඇඳල ඉන්න එක. උඹලගෙ ඊලඟ ඩිෆෝල්ට් ප්‍රශ්නෙ මට හරි ගෙදර එකෙක්ට හරි ඇරල ගියොත් කියන එකනෙ. ඒක එහෙම උනොත් බලමු, මොකද එහෙම ටිකට් එකක් සෙට් වෙන්න තියන සම්භාවිතාව පට්ට අඩුයි නිකන් විරෝදතා කරන්න ගිහින් ටිකට් අදෙන එකත් එක්ක බැලුවාම. අනික ඉතින් ජනාදිපති උපදෙශකයෙක්ටත්, මේජර් එකෙක්ටත් අරම ඇරියනම් කොහොමත් අපිට අරිනවා කියන්නෙ නිකන් ටොයිස් වැඩ.
    අනික කවදාවත් ඔය ( විශෙශයෙන් රට පැනපු උන් ) උපදෙස් දෙන එකෙක්වත් නෑනෙ අපිට තනි තනියෙන් කෙල වෙන කොට. වැඩි විස්තර ඔය පෙලපාලි යන්න ගිහින් මැරිච්ච පුද්ගලයෙක්ගෙ ගෙදරට ගිහින් ඇහුවොත් කියයි.

    අනික අපි ඇත්තටම දන්නෙ නෑනෙ මෙගොල්ලො කවුද කියල, ඇත්තම අහින්සකයො වෙන්න පුලුවන් මලක් දෙක විකුනල දරු පැටවුට කන්න දෙන, ඒවගෙම සමහර විට රත්තරන්ට වැඩිය පහල ඉන්න පොඩි පොලිටික්කෙක්ගෙ පවර් එකට ඇවිත් මහ පොලිටික්කොන්ගෙ පවර් එකෙක් කඩ දාපු උන්ට ගේම ඉල්ලන කට්ටියක් වෙන්නද බැරි නැත. අපි, අඩුම ගානෙ මම දන්නෙ නැත.

    ඒක හින්දා හදවතින්ම නතිව ඔලුවෙනුත් ප්‍රශ්න ගන බලල, ඔක්කොම කොන්සිකුඑන්සස් අනලයිස් කරල අදහස් සහ උපදෙස් දෙනවානම්, ඒක මේ නොදන්න සයිබරේක නොවී ඇත්ත ජීවිතෙත් පාරට බහැල කියනවානම්, "සමහරවිට" අපි වගෙ වෙනදෙයක් බාල ගෙන ඉන්න උන්ව නගිට්ටුවන්න පුලුවන් වෙයි. එහෙම නිකමො නැගිට්ටුවන එක පාඩුයි කියල හිතෙනවනම් Uඹලට සෙනග මඩි උනොත් පෙරලි කරන්න, ඉන්ඩියාවෙන් තමයි මිනිස්සු ගේන්න වෙන්නෙ, මොකද රටෙ බහුතරයක් ඉන්නෙ මම වගෙ උන්.

    (මගෙ ගෙදර උන්ට බැනල වැඩක් න, මම මෙහෙම හිතන්න පුරුදු උනෙ මේ සමාජෙ ඉන්න උඹල, අපි වගෙ උන් හින්දා )

    ReplyDelete
    Replies
    1. ඇත්ත උඹ හිතන විදියට තමයි හුඟක් උන් හිතන්නේ.. ඒක මේ බ්ලොග් ළෝකෙන්ම ඔප්පු වෙලා ඉවරයි. බොරුවට හානේ හූනේ ගාන උන් ඇත්ත මාතෘකාව ආවම ඇමරිකන් බයිලා ගහන්නේ.. උඹේ කොමෙන්ට් එක වත්මන් සමාජේ නියමට පෙන්නනවා.. අපිට ඕන ඒක වෙනස් කරන්න.. කැමති එකෙක් කියවයි... අවුලක් නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න