.

.

May 27, 2013

රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ. - Vulgar Journilism


'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.

ඒ අපේ රටේ මාධ්‍යවෙදීන්ගේ දක්ශතාවයන් පෙන්වන අවස්ථාවකි. ඔවුනට රටට හෙන ගැහුවත් කමක් නැත. මඩිය තරවනවානම් එපමණය. අනෙක යම් කිසි අවස්ථාවක අනන්‍යතාවය හෙලි වූවද එයද වාසනාවට පෙරලාගෙන, වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමට මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදින් කිසි දිනක පසු බට වන්නේ නැත. අපේ රට මෙතරම් අගාදයකට ඇද දැමුවේ ජේ ආර් ජයවර්ධන බව සිල්ලර ජනප්‍රිය මතයයි. ඔහුගේ පරපුර බලයෙන් විසිවි, අවුරුදු විස්සක් ගතවීත්, එම වරද නිවැරදි කර ගැනීමට නොහැකි වීම ඔහුගේ වරදක්ද, එසේත් නැතිනම් වෙන දෙයක්ද යන්න අප සොයා බැලිය යුතුය.

දේශපාළකයන් නොව මාධ්‍යවේදීන්
මගේ මතය නම්. අප රට මෙතරම් කාළකන්නි තත්වයකට ඇද දැමීමේ වගකීම දේශපාළකන්ට වඩා ජනමාධ්‍යවේදින් බාර ගත යුතු බවයි. දේශපාළකයන් රට පාළණය කරනු විනා (හොරකම්, කොමිස් ගැහිලි වලට අමතරව.) ජනතාව හා සංනිවේදනයේ යෙදෙන්නේ නැත. බලයට පත්වූ පසු, ඔවුනට ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීමද බොහෝ අපහසු කරුනක්ව ඇත. නැවත් ඔවුන් දර්ශණය වනුයේ මනාපයක් අවශ්‍යවූ විටෙක පමණය. එතෙක් ඔවුන් දැක ගැනීමට නම් රූපවාහිනිය නැරඹීමට සිඳුව ඇත.

ගුවන් විදුලි සේවය
අද කිසිම සිංහල ගුවන් විදුලි සේවයකට සවන් දිය නොහැක. ඒවායෙහි කතා නොකරන්නේ කුණුහබ්බ පමණි. ඒ හැර අනෙක් සියල්ලම දොඩවයි, ජනතාව දැනුවත් කිරීමක්, කිසිසේත්ම සිඳුවන්නේ නැත. බුද්ධිමය සංවාදයක් ඇත්තේම නැත. පැය 24 ම එකාකාරි හරසුන් වැඩසටහන්ය. මිනිසුන් විනෝදයෙන් සිටීම ගැන අපේ කිසිම අක්මැත්තක් නැත. ඇත්තේ කැමත්තක් පමණය. එහෙත් ජනමාධ්‍යයක වගකීම එයම පමණක් නොවේ.  ජනතාව දැණුවත් කිරීම, ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හා සත්‍ය හෙලිකිරීම ඔවුන්ගේ ප්‍රධාන වගකීමයි.

පුවත් පත්
පුවත් පත්වල තත්වයද එසේමය. කියවීමට ඇත්තේ පත්තර දෙක තුනක් පමණි. ඒත් කුණුහබ්බ පත්තර නම් ඕනෑතරම් ඇත. මල් කුමාරයා විසින් බිහිකල, මල් පත්තරවලට ඇත්තේද හොඳ ඉල්ලුමකි. හොඳ සඟරා තිබුනද ඒවායෙහි මිළ ඉතා අධිකය. එම නිසා ඒවා කිසිවකු මිළදී ගන්නේ නැත. සෑම මාධ්‍යවේදියෙක්ම කරණුයේ කැලෑ පත්තර ලිවීමේ කලාවකි. සති අන්ත පුවත් පත්වල සිටිනා ජේෂ්ඨ මාධ්‍යවේදීන් යයි කියාගන්නා ජඩමාද්දියවේදින් මේ රට මේ තත්වයට පත්වීමෙ වගකීම විශේෂයෙන් ගත යුතු පුද්ගලයන්ය. මන්ද පුවත් පතේ පලවන්නේ ඔවුනගේ මතය හේතුවෙනි. එහි වගකීම මාධ්‍ය හිමිකරුවන් වෙත පවරා සුදනුන් සේ සිටීම ඔවුනට තරම් නොවනා දෙයක් බව ඉඳුරාම පවසා සිටිය යුතුමය.

රූපවාහිනි
රූපවාහිනිවල තත්වයද එසේමය. 2002-2004 කාළය තුල රූපවාහිනි නිවේදිකාවන්ගේ ඇඳුම ගැන විවේචන එල්ල කල පිරිස, බලයට පැමිණ කරණුයේ නිරුවත විකුණාගෙන කෑමට සැමට ඉඩ කඩ සලසා දීමය. මේ ගැනද අපේ කිසිම විරුද්ධත්වයක් නැත. එහෙත් මුලු පවුලම එකට හිඳ නරඹන රූපවාහිනියේ එවන් විසූක දස්සන ඉදිරිපත් කිරීම ගැන තව දුරටත් සිතා බැලිය යුතුමය. සමාජය ගැන, රට ගැන, කිසිම දෙයක් නොදන්නා, පිටපත් නොමැතිව කිසිම දෙයක් කළ නොහැකි, නගර සෝබනියන් ඉදිරිපත් කරන්නාවු වැඩ සටහන් තුල, ගත යුතු කිසිවක් නැත.

අවුරුදු 19-20 නිවේදිකාව, අවුරුදු 60-70 ජේෂ්ඨයන් අමතනුයේ, "අයියා" හෝ "අක්කා" යන නමිනි. පසුව, "නව පරපුර ජේෂ්ඨත්වයට ගරු කරන්නෙ නෑ..." කියා මොර දෙන්නේත් මේ පිරිසමය. ගෞරවය ලබා ගැනීම ඔවුන්ගේ කාර්යයක්ය. එහෙත් මාධ්‍ය භාවිතාවක ප්‍රමිතියක් තිබිය යුතුය. හරවත් වැඩ සටහන් ඇත්තේම නැත. වෙළැඳ නිවේදන අතරේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති වලින් යම් තරම හෝ ප්‍රවෘත්ති වටිනාකමක් ඇති විකාෂණයක් ගෙන එන්නේ දෙරණ රූපවාහිනිය පමණි.

මිනී විකුණාගෙන කෑම
රූපවාහිනි විකාෂයන් අතරින් තුච්චම රූපවාහිනි සේවය ස්වර්ණවාහිනිය බව ඕනෑම කෙනෙක් පිලිගන්නවා නොඅනුමානය. එච් ඩී ප්‍රේමරත්නයන්, ස්වර්ණවාහිනිය ආරම්භ කල අවදියේ මෙම විකාශය ඉතාමත් හොඳ මට්ටමක පැවතිනි. ටෙලි නාට්‍යවල වූවද යම් කිසි ප්‍රමිතියක් තිබිනි. එහෙත් අද බලන්නට ඇත්තේ මුල්පිටුව පමණි.


මෙහි ප්‍රවෘත්තී විකාශය මඟින් කරණුයේ, මළ මිණි විකුණාගෙන කෑමකි. ස්ත්‍රි දූෂණයන්, ළමා අපචාර, මිනිමැරුම්, ප්‍රතිනිර්මාණය කරමින් විකුණාගෙන සම්මාණ ලබා ගැනීමේ මේනියාවක් හා සෑම වැඩසටහනකම තම නම ඔබා ගැනීමේ මානසික තත්වයකින් හෙබි ප්‍රධාණියකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. මේවාට සම්මාන දෙන ආයතන හා ජූරී සභිකයන්ගේද මොළ පරීක්ෂාවකට ලක් කළ යුතුමය.

ගව ඝාතනය
එවන් තුප්පහි නාලිකාවට භික්ෂුවක් ගිනි තියාගෙන අපවත් වීම. ඉහේ මල් පිපෙන්නාවූ කාරණයක්මය. මේ පිළිබඳ ගිනි තියාගැන්මට පෙරද ඔවුන් දැණුවත් කර ඇත. එදින මාධ්‍යවේදියාට කෙලින්ම අමතා තමා ගිනි තියාගන්න බව නැවත ප්‍රකාෂ කළ බව කීවද, එය අමූලික බොරුවක් බව සාක්කි මගින් ඔප්පුවේ. මේ ගිනි තියාගැනීම, ඔවුන් දැනුවත්ව හා ඉතා සැලසුම් සහගතව සිඳුවූ බව අද ඔප්පු වී හමාරය. මෙවන් මාධ්‍යවේදින් බරපතල වැඩ ඇතිව සිරගත කළ යුතුය.

මෙය ඇත්ත වශයෙන්ම ස්වර්ණවාහිනිය ඉතා සැලසුම් සහගතව කළ මිනීමැරීමකි. මොවුන් ජනමාධ්‍යවේදීන්ද. ඇත්ත වශයෙන්ම නම් මොවුනගේ බලපත්‍රය අවලංගු කල යුතුමය. අවම වශයෙන්, සුළු කාලයකට හෝ තහනම් කළ යුතුමය. එවිට වත් මුදලට ඕනෑම දහ ජරාවක් ජනතාවට පිරිනැමීම ගැන දෙවරක් සිතනු නොඅනුමානය. මෙහිදි අනෙක් නාලිකාවන්ටද වගකීමෙන් මිදිය නොහැක. මෙය විකාශනය කරමින්, තමන් කළ වරද ගැන, අවම වශයෙන් ජනතාවගෙන් සමාව අයදිය යුතුය.

අමාත්‍යශයේ වගකීම
එමෙන්ම ජනමාධ්‍ය අමත්‍යාශයට පමණක් නොව සංස්කෘතික අමත්‍යාශයද, රටේ වග කිව යුතු පිරිස් හා එක්ව, ජනමාධ්‍ය භාවිතය ගැන ජනමාධ්‍යවේදීන් දැණුවත් කිරීමක් කළ යුතුය. මේ ආකාරයට නිදහස දුනහොත, වෙළඳ දැන්වීම් තුල තව නොබෝ කළකින්ම ස්ත්‍රී යෝනිය ප්‍රදර්ශණය කරනවා ඇත (රිචී තේ). වැසිකිලියේ බත් දාගෙන කන ආකාරය පෙන්වනවා ඇත. දැනට අත ගෑමෙන් නතර කර ඇත.

අපේ රටේ නායක හිමි වරුනට හා දේශපාළණය ගැන උනන්දුවක් ඇති, උගත් විනයදර භික්ෂුන් කල යුත්තේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පන්ඩිතකම් දේශනා කිරීම නොව, රටේ සංස්කෘතිය, භාෂාව හා විනය ගැන හඬක් නැගීමයි. කෙසේ වෙතත් ජනමාධ්‍ය ගැන පමණක් නොව බෞද්ධ දර්ශණය පිළිබඳවද මහා සංඝායනවක් පැවැත්විය යුතුම කාළය නම් උදාවී ඇති බව කිව යුතුමය.

149 comments:

  1. ජඩමාධ්‍ය නිදහසට අත නොතබනු... ජඩමාධ්‍ය නිදහස සුරකිනු...

    ReplyDelete
    Replies
    1. මේ රට කෑවේ.. ජෙෂ්ඨ මාධ්‍යවේදියෝ කියන කාළකන්නි.... අද ඇත්තටම රූපවාහිනිය උසස් මට්ටමක තිබෙනවා...

      Delete
    2. දැන් කෝ විදුලි බිල් ප්‍රශ්නය??? ගොබල්ස් මාධ්‍ය හැසිරවීම.

      Delete
  2. බැලූ බැල්මට මාතලන් කියන්නේ මහා සත්‍යයක් සේ පෙනේ. එනමුත් ප්‍රායෝගික තත්ත්වයන් ඇත්තේ ඉඳුරා වෙනස් තැනකය. ඒ ගැන හරි වැටහීමක් ගන්නට නම් අවම ලෙස මාධ්‍ය ආයතන දෙකකවත් මසක හෝ කාලයක් සේවය කර බලන්න.
    ජනමාධ්‍ය නිදහස ගැන ද පොඩි සඳහනක් තිබිණි. මෙතැන මාතලන් කියන දේම නේද එදා වල්බූරු නිදහස ලෙසින් රාජ්‍ය නායිකාවක් හැදින්වූයේ.
    මේ හැම තැනම ප්‍රෝඩා ය. ඒවා තේරුම් ගන්නා විට පෙරහර ගොස් ය.නායකත්වය දුන් උන්දලා පිට රට ය.
    මට හැගෙන හැටියට ලොව කොතැනකවත් නිදහස් මාධ්‍ය කලාවක් නැත. යමෙක් වැටුපක් ගෙවයිද වක්‍රාකාරව හෝ ඒ වැටුප් ගෙවන්නාගේ මතය වැපිරිම සිදුවෙයි. එය එකවර පාඨකයාට නොපෙනේ.
    එනයින් බලන කල අද නිදහස් මාධ්‍යයක් වෙත් නම් ඒ එකම තැන බ්ලොග් අවකාශ්‍ය පමණක්ය යන්න මගේ හැගුමයි.

    ReplyDelete
    Replies
    1. නලින් ඔබ කතා කරන්නේ මාධ්‍ය නිදහස ගැනයි. මම කතා කරන්නේ මාධ්‍ය සදාචාරය ගැනයි. එය මාධ්‍යවේදියා සතු වගකීමකි...

      Delete
    2. නිදහස වැඩිවන්න වැඩිවන්න සදාචාරය වලපල්ලටම යයි. ප්‍රායෝගිකවම පසුගිය විසි තිස් වසරකම සිට වූයේ එයයි.

      Delete
    3. ආයෙත් කතා කරන්නේ නිදහස ගැනමයි. මම කතා කරන්නේ, මාධ්‍යවේදියාගේ යුතුකම, වගකීම හා සදාචාරය ගැනයි...

      Delete
    4. මාධ්‍ය සදාචාරය වලපල්ලට යෑමට හේතුව මාධ්‍ය නිදහසයි කියලා මම නම් පිළිගන්නේ නෑ. මේ රටේ කිසිම කාලෙක ලොකු මාධ්‍ය නිදහසක් තිබිලා නෑ. සදාචාරය පිරිහීම සිද්ධවෙන්නේ නුසුදුසු පුද්ගලයන් තනතුරු දැරීමට පත් කිරීමෙන්. රටක, ආයතනයක හෝ පත්තරයකටද මේක පොදුයි කියලා මට හිතෙන්නේ.

      Delete
    5. මාතලං ඇත්ත කතාව යට ගසා හෝ අමතක කර තිබෙන බවය මට හිතෙන්නේ. මාධ්‍ය ආයතනයක් වැඩ සිද්ධ වෙන්නේ අදාල පුවත්පතේ ප්‍රධාන කතෘට හෝ විධායක කතෘට ඕනෑ හැටියට නොව එම මාධ්‍ය ආයතනයේ ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතාවයන්ට අනුවයි, ලංකාවේ සුනිල් මාධවලා විතරයි සැබෑ මහජනතාවගේ ප්‍රාග්ධන හිමිකම තියෙන හිරු පත්තරේ කෙරුවේ, නමුත් අනිතිමට බලපුවාම් ඒකත් කිසියම් දේශපාලන කුලකයක ඔනෑ එපාකම් ඉෂ්ට කෙරුවා. ඒ නිසා මේ රටේ දේශපාලනික, ආර්ථික සමාජයීය පරිහානියට වගකියන්න ඕනේ මාධ්‍යවේදියොයි කියලා කියන්න බෑ. එහෙම තත්වයක් කවදාවත් අපේ රටේ තිබුණේ නෑ. හැමදේම විකිණෙනවා. මාධ්‍යවේදියෝත් විකිනෙනවා. මම්ත් විකිණිලා තියෙනවා. ඕක තමයි ඇත්ත. මචං දැන් මේක ඇවිත් ඉන්දියන් අයිපීඑල් වගේ තමයි.

      Delete
    6. රතු මා ඉහතින් පෙන්වා දී ඇත්තේ ද ඔබ කියනා දේමය. මාතලන් එය ඒ හැටි තේරුම් ගෙන නෑ. ඔබ මේ කමෙන්ටුව එක් කළ එක හොඳයි.
      ස්වර්ණවාහිණියේ කැමරා ශිල්පියා අර අවස්ථාව රූගත නොකළානම් පසු දා ඔහුගේ රස්සාව අහිමි විම ගැන කතා කරන්න කවුරුවත් ඉන්න එකක් නෑ. වරද ඇත්නම් ඇත්තේ එය විකාශය කිරීමේයි.
      එදා එම ශිල්පියා එය රූගත නොකළානම් අද තවත් එක් රැකියා විරහිතයෙක් පමණයි. මාධ්‍ය ඇතුළේ මේ කටුක දේවල් පාඨකයෝ දන්නේ නෑ. විවේචනය ලේසියි. ප්‍රායෝගිකත්වය අන්තිම අමාරුයි. එනිසායි මා කන්තෝරවක මාසයක්වත් වැඩකර බලන්න ලෙස මුලින්ම ඉල්ලා සිටියේ.
      හදවතින්ම කමෙන්ටුව දැමු රතු ට මගේ ස්තුතිය.

      Delete
    7. හිතට එකඟව වැඩ කරන්න බැරිනම් එළියට බහින්න ඕන. මම මේ මෑතකදිත් එවන් තීරණයක් ගත්තා මට පඩිය වැඩක් නෑ, එන ඉන්කම් එක වැඩක් නෑ, හිතට එකඟව වැඩ කරන්න බැරිනම් (දන්නෝ දනිති.) ඔය කියන විදියට රතූලා නලීන්ලා මිනි මරන්න කිව්වෝත් ඒකත් කරණවද නෑනේ. එහෙම කරනවනම් මම ඔබ දෙදෙනා නගන තර්කය පිළිගන්නම්.. කිසිම ප්‍රශ්ණයක් නෑ.. අනික මම මෙතන කතා කරන්නේ කැමරා කාරයා ගැන විතරක් නෙමෙයි. මොකෝ ප්‍රවෘත්තියක් විකාශනය වෙන්නේ කැමරා කාරයගේ දායකත්වයෙන් නෙමෙයිනේ. නලීන් මා එක්ක අමනාප වන්න එපා. බලන්න මේ බ්ලොග් පෝස්ට් දිහා. පැරා, කතා, මාරයා, රාජ්, මම. අපිත් මේ ප්‍රශ්ණය ගැන කතා කලා ඒත් අපේ එකම තැනක වත් තියෙනවද ඒ එක ඡායාරූපයක්වත්. මම සදාචාරය කියලා කියන්නේ ඒක.. පැහැදිලිව තේරුම් ගන්න. දිනක් පැරා පලකල ඡායාරූපයක් අයින් කරන්න කියූ සැනින් ඔහු ඉවත් කර ගත්තා. ඒකයි සදාචාරය...

      Delete
    8. ඔබ සමග කිසිම අමනාපයක් නැත. ඇති කළ සංවාදයට බොහොම තුති. ඒ වගේම රතු හෝ මා මිනි මරන්න යන්නේ නෑ. නමුත් අමතක නොකරන්න මෙරට මාධ්‍ය කරුවන් දිවි ගෙවන්නේ අන්ත අසරණ තත්ත්වයක. එවැන්නෙකුට රැකියාවෙන් දොට්ට බැහිම යනු තවත් සිය දිවි නසා ගැන්මක්. මේ තත්ත්වය නැති සිවිල් බලයක් සහිත පිරිස් ද අතලොස්සක් සිටිත්. එසේම එකෙක් ගියොත් එතැනට එන්න සිය ගණනක් ද ඇත. ඒ අය පැමිණ කරන්නේ ද පෙර සේම ය.
      අනෙක් කරුණ මේ සිද්ධියේ පිංතුර කිපය හෝ ජනතාව අතරට නාවා නම් මේ සිද්ධිය අරබයා මේ තරම් රට කළඹන කතිකාවක් ගොඩ නැගේ ද. කිසිදාක නැත. එයත් තවත් එක් සිදුවිමක්ම පමණක් වේවි.
      අද ඔබ මම මෙන්ම මේ අරබයා මේ හරවත් කතිකාවට පවා පිවිසෙන්නේ ඒ සේයා රූ හරහා නොවෙද?
      මා නැවත වරක් ඔබ අනුගමනය කරන සදාචාරාත්මක බවට තුති පුදමි.
      මේ සියල්ල පිටුපස පුද්ගල ආර්ථිකයත් හොල්මන් කරන බව අමතක නොකරන්න.

      Delete
    9. මා මේ කියන්නේ එය ස්වරණවාහිණයේ පෙන්වපු විදිය හොදයි යන්න නොවේ..ඒ දර්ශනම වෙනත් නාලිකාවක පෙන්වුවා. අපුල දසුන් ජනතාවට නොපෙනෙන සේ.

      Delete
    10. නලීන්.. මේ ඡායාරූප, ළෝකයේ දියුණු රටක නම්, කිසි දිනක අපට දකින්නට ලැබෙන්නේ නැත.. එය ඡායාරූප ප්‍රදර්ෂනය කලාට වඩා යහපත් තත්වයක්ය යන්න මගේ පිලිගැනීමයි. ඇත්තටම මේ වගේ ගොන් වැඩ ගැන කතාකරන්න නෙමෙයි ඕන. මේවා හෙලා දැකීම හා පිලිකෙව් කිරීමයි. ඔබේ පුවත්පතේ කතුවැකියට මගේ ප්‍රණාමය. එය මා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ..

      Delete
    11. මාතලං, මචං මේක උඹ වචනවලට නගලා තියෙන තරම් සරල නෑ. නලියා ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා ..මචං හිතට එකඟව කරන්න බැරි වුණත් කරන්න වෙන දේවල් තියෙනවා. මට මේක කරන්න බැහැ කියලා හෙට එළියට බැහැලා යන්න බෑ. ඔන්න මම එළියට බහිනවා මගේ තීරණයත් එක්ක ප්‍රතිපත්තිමය වශයෙන් එකගවෙන මගේ ඒ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගිය හැකි බලවේගයක් මාත් එක්ක ඉන්නවා නම්. මම හෙට එළියට බැහැලා ආවොත් මගේ වචනවලින් මටත් වඩා හොදට ලියන එකෙක් හෙට ඒ කාර්‍යය මටත් වැඩිය නරකට කරාවී. මේක පුද්ගල නායයාමක් නෙමෙයි මාතලං. සමාජයම නාය ගිහින් තියෙන්නේ. අපි එක කණ්ඩායමකට පටිසෝතගාමී වෙන්න පුළුවන්. හැබැයි කණ්ඩායමක් ඉන්න ඕන. තනි තනි පුද්ගලයන්ට මේ තත්වයන් වෙනස් කරන්න අමාරුයි.
      හරි අපි බ්ලොග් ලියන වුන් එකතුවෙලා විකල්ප පත්තරයක් පටන් ගනිමු. කවුද අපිට උදව් කරන්නේ? කට්ටිය සල්ලි දෙයි. දවසක් දෙකක් උදව් කරාවි. ඒත් කවුද බර කරට අරගෙන මේක පවත්වගෙන යන්නේ? උබට පුළුවනිද? මට නම් බැහැ. මම ලියන්නම්. මේ ජරා ජීර්ණවෙච්ච කුණුවලේ මඩගඳ උලුප්පලා පෙන්නනම්. ඒත් මේක පවත්වාගෙන යන්න ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද?

      Delete
    12. මම මචෝ උඹලව පෞද්ගලිකව විවේචනය කරණවා නෙමෙයි. මම දන්නවා උඹල ඇතුලේ ඉන්නේ සුන්දර මිනිස්සු කියලා. මේවා කරන්න පුළුවන් වෙන්නෙත් උඹලටම විතරයි. මම මාධ්‍ය ආයතනයක වැඩ කරලා නම් නෑ. ඒත් බොහෝ ආයතන වලින් ඉවත් උනේ. හිතට එකඟව වැඩ කරන්න බැරි නිසයි. හොරකම් කරන්න බැරි නිසයි, සේවකයන් හා පාරිභෝකයින් වෙනුවෙන් පෙනි හිටපු නිසයි. මම ඒ ගැනකවදාවත් දුක් වෙන්නේ නෑ.

      කෙසේ උනත් මෙවායින් පේන්නේ මගේ තර්කය 100% ක්ම නිවැරදි බවයි..

      Delete
    13. උඹ කියන කතාව ලෝක යතාර්තයක්. නමුත් මචං ඒකෙ හිල් ගොඩක් තියෙනවා. උඹ ඒව පුරුද්දලා නැහැ.

      Delete
    14. එක හිලක්වත් නොතිබුන තැන් වල හිල් හදලා හිල බෝර් කලෙත් උඹලමයි. (උඹලා දෙන්නා විතරක් නෙමෙයි.. ඔක්කෝම.)

      Delete
    15. හෙහ් හෙහ්හ් ....

      Delete
    16. මාතලන් ඒක තමයි යථාර්තය.සීමිත පිරිසකට විතරයි හයිය හත්තිය තියෙන්නේ මම පාරට බහිනවා කියලා බහින්න..අනිත් පිරිසට බැහැ..ඒ අසරණ කමින් තමයි ප්‍රයෝජනය ගන්නේ..පුළුවන් තරන් අසරණ කරනවා ඕනේ දෙයක් කරවගන්න පුළුවන් මට්ටමට එනකම්...

      ළමයි බඩගින්නේ අඬද්දී තාත්ත කෙනෙක් අසරණ වෙනවා නේද ...? ( ඇයි කුළි වැඩ තියෙන්නේ කියලා කියන්න එපා..)

      මම කතා කරන්නේ ප්‍රැක්ටිකල් ලෝකේ ගැන..හැමෝටම බැහැ ඕල් රවුන්ඩර් වගේ එහෙකින් බැරි නම් තව එහෙකින් ජීවිත ගමන සඳහා මුදල් හොයන්න..

      මට චිත්‍ර විතරයි පුළුවන් කියලා හිතන්න..මගේ ලොක්කා මට බලම කරනවා වැල් පත්තර වලට චිත්‍ර අඳින්න..මම බෑම කියනවා..ඔය අතරේ මගේ ළමයට පිළිකාවක් ඇවිත් අන්ත අසරණ උනොත් මම මොකද කරන්නේ ...?

      ඉබේම මගේ අතින් අර චිත්‍ර ඇඳෙනවා නේද ...? ( මම කතා කරන්නේ දිව්‍ය ලෝකය ගැන නෙවේ ..මනුෂ්‍ය ලෝකය ගැන )

      කොක්කට නෙවේ මාතලන් මම කියන්නේ ප්‍රයෝගික ලෝකය ගැන..හිතා මතා බලු වැඩ කිරීම සහ අසරණ වීම මත බලු වීම වෙනවා..

      ගෑණියෙක් ඇඟ විකුණන්නේ ඇයි ..? එක්කෝ වේස කමට නැත්නම් අසරණ කමට..අන්න ඒ වගේ තමයි..කොච්චර කන්න නැති උනත් ඇඟ විකුණන්නේ නැති අයත් ඉන්නවා..කොහොම හරි ගණිකාසේවය වෙනවා අන්තිමට...

      මේ සියල්ල ඒ වගේ..මාධ්‍ය තුළත් ඒක එහෙමමයි..

      Delete
    17. මාතලන් මෙය කිසිවිටෙකත් පුද්ගලික විවේචනයක් ලෙස භාර නොගනිමි. කතිකාවට හොද නිමිත්තකි.
      ඔබ කියනවා වගේ අය මාධ්‍ය ආයතක ඇතුළට එනවා විටින් විට.අති සරළ ලෙස ටික කලක් සිට එක වරම ඔබ කියන්නා සේ බෝම්බ පත්තුකර තවත් ඇතුළේ ඉන්න කිප දෙනකුත් හවුල් කරගන එකවරම බෝම්බ පත්තු කර ඉවත්ව යනවා. නිකම් නොවේ බලධාරින්ගේ දොරවල්වලටත් පයින් ගසාගන. ඒ එක්කම උන්ට එකතු වුණු අහිංසකයෝ හත් අට දෙනෙක් ගෙවල්වල. අරුං ටික දවසකින් එක්කෝ පිට රට නැත්තං එන් ජී ඕ එකක. පේන්නේ අන්න අරුං තමයි ප්‍රගතිශීලියෝ කියලා. ඒ හැම එකාටම යටින් එන කුට්ට් කවුරැවත් දකින්නේ නැ.එවන් ඛෙදජනක ඉරනම්වලට ගොදුරු වුණු කිප දෙනෙක් ගැනම උදාහරණ පවා දිය හැකියි.

      Delete
    18. අවංකවම කියපල්ලා. ජනමාධ්‍ය නැති කලේ, හිමිකරුවෝද, එහෙම නැත්නම් හිමිකරුවන්ගෙන් ළකුණු දාගන්න, වරප්‍රසාද ලබාගන්න, අනික් උන්වත් කපාගෙන, ආත්මාරථකාමි ගමන් ගිය මාධ්‍යවේදියෝන්මද කියලා..

      මට තේරේනවා මාධ්‍යවේදියාගේ තත්වය. ඔවුනුත් පෘතග්ජන මිනිස්සු. අහිංසක මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නෑ. මම මේ දෙන්නෙක් තුන්දෙනෙකුට කියන දෙයක් නෙමෙයි, පොදුවේ කියන දෙයක්. මේ රට තුල මාධ්‍යය මේ තරම් පහත් තත්වෙකට ඇද දැම්මේ මාධ්‍යවේදීන්මයි.

      Delete
    19. මචංලා... උඹලා දැන් සෑහෙන කල ඉඳන් බ්ලොග් ලියනවා කොමෙන්ට් පළ කරනවානේ... මේවා උඹලා එකිනෙකාට කරගන්න චෝදනා ගමේ ගොඩේ වලි නෙමෙයිනේ. ඒ නිසා හැම කොමෙන්ට් එකකම ඩිස්ක්ලේමර් දාන්න ඕනේ නෑ මේක පෞද්ගලික චෝදනාවක් නෙමෙයි, උඹට බැන්නා නෙමෙයි වගේ ඒවා... මේ හැමදේම මත ගැටීමක් විතරයි කියන එක මේ වෙනකොට පොදු පිළිගැනීමක් වෙලා තියෙන්න ඕනේ.

      Delete
    20. ඕනෑම කෙනෙකුට තමන්ගේ රාජකාරිය ඔලුව කෙලින් තියාගෙන කිරීමට නම්, එවන් පරිසරයක් රට තුල බිහිවිය යුතුයි. අඩු අදායම් ලාභීන්ටද, තමන්ගේ අදායමෙන් කාටවත් අත නොපා ජීවත්වීමට පුළුවන් වෙන්න ඕනේ. රටේ නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. රස්සාවක් ගන්න, යුක්තිය ඉෂ්ඨ කරගන්න දේශපාලකයන් සහ වෙනත් බලවතුන් පස්සෙ යන්න, ලෙඩක් හොඳ කරගන්න හාස්කම් තියන දේවාල ගානේ යන්න සිද්ධවෙලා තියන්නේ අද. සාමාන්‍ය මිනිහෙකුට බලවතෙක් පස්සෙ යන්නෙ නැතුව, අල්ලසක් දෙන්නේ නැතුව, කාගෙ හරි ඉස්සරහ බැගෑපත්වෙන්නෙ නැතුව කිසි දෙයක් කරගන්න බැහැ කියන හැඟීම දැන් තියෙන්නේ.

      රටට සාධාරණය ඉෂ්ඨ කිරීමේ ඒකාධිපති බලය පවරාගෙන ඉන්නේ ජනාධිපතිවරයා. ක්‍රිකට් ලෝක කුසලානයට ගැලපෙන තේමා ගීතය පවා තීරණය කරන්නෙ ජනාධිපතිවරයා. රටේ ආයතන තුල යම් කිසි අසාධාරණයක් හෝ අවැඩක් සිද්ධවෙනවා නම් එය නිවැරදි කරගැනීමේ ක්‍රමවේදයක් ඒ ආයතන තුලම ඇති කරනවා වෙනුවට, ඒ බලය තියෙන්නේ ජනාධිපතිවරයා ලඟ. මේ නිසා මේ ආයතන සම්පූර්ණයෙන්ම කොඳු නාරටි බිඳගත් ආයතන බවට පත්වෙනවා විතරක් නෙමෙයි, මේවායේ සේවය කරන සියලු දෙනාද ඒ තත්වයට පත්වෙනවා.

      මම මගේ රැකියාව හරියට කිරීමෙන් පමණක් මට ලැබිය යුතු වරප්‍රසාද උසස්වීම් ලැබෙනවානම්, මට ලැබෙන පඩියෙන් මගේ පවුල පෝෂණය කල හැකි නම්, මට අසාධාරණයක් වූ විට නීතිය හමුවට ගොස් සාධාරණය ඉෂ්ඨ කරගැනීමේ හැකියාව තියන බව මට හැඟෙනවා නම්, ලෙඩක් දුකක් ඇතිවූ විට, රෝහලකින් ලැබිය යුතු උපරිම සේවාව මට ලැබෙන බව මම දන්නවා නම්.. අන්න ඒ වගේ තැනක කොන්දක් ඇති මිනිස්සු බිහි වෙනවා.

      ඒ නිසා මගේ නම් ඇඟිල්ල දිගුවෙන්නේ රටේ සියලු ආයතන, ක්‍රියාවලීන් දේශපාලනීකරණය කරන ලද, දේශපාලකයන් හා ඔවුන්ගේ දේශපාලනය වෙතට තමයි.

      Delete
  3. සරලව කිව්වොත් තරු පවුල් කඩා විනාශ කරන්නෙත් උන්ම තමා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒවා නම් පුද්ගලික දේවල් හා. උන් උන්ගේ ගොන්කම්....

      Delete
  4. හැම දේටම ඉල්ලුමට සැපයුම දෙන ක්‍රමයක් ඇතුලෙ මාධ්‍යට විතරක් ඉන් ස්වායත්ත වෙන්න බෑ. අද දේශපාලනය ගත්තත් ක්‍රීඩාව ගත්තත් කලාව ගත්තත් තත්වය ඕක තමයි. මේවාට තහන්චි දාන්න ගියොත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මිනිස්සු තුලින්ම මේව ප්‍රථික්ෂේප වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... සදාචාරය හදන්න කියල සීමා ලකුණු කරන්න ගියොත් වෙන්නෙ මාධ්‍ය නිදහස නැති කරනව කියල එන විරෝධයකට උත්තර හොයන්න... ඒක කබලෙන් ලිපට වැටෙනව වගේ වැඩක්...

      Delete
    2. එහෙම ඕන ඕන දේ කරන්න නම් රටක ආන්ඩුවක්, නීතී රීති, උසාවී, පොලිසී, ඕන නෑ නේ. මහ ළොකු දෙයක් අවශ්‍ය නෑ. මාධ්‍ය සදාචාරය හා. මාධ්‍යවේදියෙක් කියන්නේ කව්ද, ඔවුන්ගේ යුතු කම් මොනවද කියන දේ කියලා දුන්නම හරි. දේශපාලකයන්ට නීතී ගේන්න හදන අය. මේ ගැන කතා කලාම බොහොම කලබල වෙනවා..

      Delete
    3. සදාචාරය නීති මගින් රකින්න අපහසු බව ඇත්ත... නමුත් ස්වර්ණවාහිනිය කල වරද සදාචාරයට පමනක් නෙමෙයි නීතියටත් පටහැනියි... සදාචාරය සහ නීතිය අපි පැහැදිලිව ලකුණු කරගත යුතුයි.

      Delete
    4. මාතලන්,
      කියන දේ හරියට තේරුම්ගනින්. ප්‍රශ්නයකට දෙන විසඳුම තවත් ප්‍රශ්නයක් නොවිය යුතුයි. දැන් මේ ගිනිතියාගත්ත කේස් එක වගේ දේවල් සම්බන්ධව නීතියෙන් කරන්න පුළුවන් දෙයක් තියනවද? වැඩිම උනොත් අවවාද කිරීමක් ලැබේවි. ඒත් මම නං මේ සිද්ධියේ යම් සාධනීය පැත්තක් දකිනව. ඉස්සර රස කරමින් ස්වර්ණවාහිනියෙ මළමිනී බලපු එවුන් යම් පිරිසක් "අර මාධ්‍ය වේදියට හාමුදුරුවන් බේරගන්න කිබුන නේද" වගේ ටෝක්ස් දෙනව.

      Delete
    5. අනිවාර්යයෙන් තියෙනවා රාජ්. නීතිගරුක රටක නම්. දිවිනසාගැනීමට අනුබල දීම යටතේ ඔහුත් වරද කරුවකු වනවා. ඒත් මේ රටේ නෙමෙයි...

      Delete
  5. මාතලන් මොකද ඔච්චර ස්ත්‍රී යෝනියට බය

    ReplyDelete
    Replies
    1. බය නෑ.. මට නම් පූජනීයයි. ඒක "ප්ලේබෝයි චැනල්" එකේ පෙන්නුවට අවුලක් නෑ. ඒත් ජාතික රූපවාහිනියේ පෙන්වන එකයි වැරද්ද...

      Delete
  6. පැහැදිලිවම වෙනසක් සිදු වෙන්නඒ ඕන... නමුත් හැමෝම දුවන්නෙ ලාබ සල්ලි මත සහ ඒ පසුපස.. ඒ නිසා වාර්තාකරණය පමණයි සිදු වෙන්නෙ.. විශ්ලේෂණය සිදු වෙන්නෙ නැහැ. විශ්ලේෂණය සිදු නොවන තැනක බුද්ධිය අවදිවීමක් වෙන්නෙ නැහැ.
    දැන් මිනිස්සුන්ට අවශ්‍ය සරළ වින්දනය විනා බුද්ධිමය සංවාදයක් නොවෙයි. මෑතකදි මට ලංකාවෙ විද්‍යාත්මක සන්නිවේදනයට දැඩි බලපෑමක් කළ පුද්ගලයෙක් හමු වෙලා කිවුවෙත් ලංකාවෙ මිනිස්සුන්ගෙ පහත් රුචිකත්‍වය ගැන... ඒක ඇත්තෙන්ම කළකිරීම මුසු සාකච්ඡාවක්...
    අපට මේ තත්ත්‍වය වෙනස් කරන්න බැරිද ? බැහැ... මාධ්‍ය ආයතන ඇතුලෙන්ම මේ ගැන කතිකාවතක් ගොඩ නැගෙන්න ඕන..
    නැතිනම් ප්‍රේක්‍ෂකයා මේ බාල අවර ගණයේ වැඩසටහන් නැරඹීම නතර කරන්න ඕන...
    මාතලන්ම කියන්න... මේ දෙකෙන් මොකක් ද වෙන්නෙ ? දෙකම සිදු වෙන්නෙ නෑ නේද ?
    ඉස්සර වගේ නොවෙයි.. දැන් දරුවන්ගේ බුද්ධි මට්ටම - තාර්කික බුද්ධිය - රසඥතාව වගේම නිර්මාණශීලීත්‍වය පහල බැහැලා කියලා උන් එක්ක හැසිරෙනකොට මට තේරෙනවා....
    මම දැනුත් උත්සාහ කරන්නෙ මම උගන්වන උන්ට (ලංකාවෙ දැන්) ඒ තත්ත්‍වය ඇති කරන්න... ටික ටික හදාගෙන යනවා... බලමුකො ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. ඒ තත්වය ඇති කළේ මාධ්‍යවේදීන්මයි ඇල්. මිනිසුන් ඉල්ලන දේ දෙනවා කියලා දුන්නේ ඔවුන් කැමති දේ. මේවට දේශපාලඥයන් මැදිහත් නොවන්නේ, අඥාන පිරිසක් සමග පාළණය ගෙන යාම ඉතාම පහසු නිසා. එහෙත් රටක් ජාතියක් වශයෙන්, අප ගමන් කරන්නේ අති දරුණු අගාදයකටයි. මම කියන්නේ මේ මුළු ක්‍රමයම වෙනසකට පත්විය යුතුමයි. නැතිනම් මේ රටට අනාගතයක් නෑ..

      Delete
  7. Aththama kathaawak. Mama dan awrudu 2ka 3ka indala TV balana 1 atharalama daala thiyanne. Balanna puluwan melo magulak na. Telenaatyak giyoth kellekui kollekuige ilawwak. E asse ad daanawa ewa dakkama kaapuwa okkaareta enawa. Nedaki.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු රූපවාහිනිය බලන්නේ කෑම ගන්න ගමන්. ඒ වෙලාවෙම ගූ පිරිච්ච කක්කුස්සි වලවල් හෝදනවා. ඇත්තටම හාර්පික් දාලා හෝදන්න ඕන ජඩමාදිදියවේදින්ගේ මොළ...

      Delete
  8. මාතලන් මේ කියන කාරණා සියල්ලම ඇත්ත..මාද මාධ්‍ය සම්බන්ධව සම්බන්ධයක් ඇති කෙනෙක් නිසා මේ ගැන හොඳාකාරවම කියන්නට දනී..අරයගෙ මෙයාගේ ඔර්ඩර් වලට නැමෙන්නට වීම විනා වෙන කල හැක්කක් නැත..ලයිසම රැක ගන්නට නම් ඔර්ඩර් ඉටු කල යුතුමය..ඇතැම් විට ප්ලේ වීමට ඔන්න මෙන්න කියා ඇති නිව්ස් නවතා දමන්නේ ප්ලග් ගැලවීමෙනි.ඒ එක එක්කෙනාගේ ඔර්ඩර් ගැනය...


    මාර්කටින් ඩිපාර්ට්මෙන්ට් එකෙන් එන නියෝගය ඊළඟට වැදගත්ය..එයට පිටු පෑවොත් ගතමන්ට් එක නොලැබෙන්නේය..චැනල් එක දුවන්නට බැරි වෙන්නේය.ලයිට් බිල වත් ගෙවීමට නොහැකිව අසරණ වන්නේය..ලයිට් බීලම ලක්ෂ 80 පමණ වන නිසා හාර්පික් මුදලාලිගේ කක්කුස්සි නාටකය ගැටිස්සියක් දමා නැටීමට සිදු වන්නේය..

    හාර්පික් අලෙවි වන්නේය , ලයිට් බිලද පියවෙන්නේය..ගැටිස්සිටද තැනක් හිමි වන්නීය ..( ග්‍රෑමර් හරිද බලන්න )


    ඉන්පසු ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ආරූඩ වූ බහිරවයන්ගේ ඕර්ඩර්ය.එනම් අරක හොඳයි මේක හොඳයි යනුවෙන් උපදෙස් දෙන්නට එන ඇදුරන්ය.ඔවුන්ගේ මග පෙන්වීමෙන් හිට්ම සංඝයා වහන්සේ පෝයට ආරාධනා ලබයි..හොඳම ටෝර්කර් හිට්ම ටයිම් වලදී ආරූඪ වේ.


    ඉන්පසු ඇත්තේ HR අංශයෙන් සම්බන්දිත ඔර්ඩර්ය.නාට්ටිය සිට වැඩසටහන් නිෂ්පාදනය දක්වා ඔර්ඩර් දෙන්නේ ඔවුන්ය..අයිති නැති වුවත් හැඩ ගැසී ඇත්තේ එසේය..බල්ලාගේ වැඩේ බූරුවා කිරීමක් වැන්නේය..



    එසේ වද්දී අපි අසරණ වන්නේය..වෙන කරන්නට දෙයක් නැත්තේය..බලන්නට කැත බව ඇත්තේය..ඒත් වෙන කරන්නට දෙයක් නැත්තේය.. සමාව දෙන්නට බැරි බව දන්නේය..ඒත් ඉඩක් ලැබෙන හැම විට කීයක් හරි හොයා ගන්නේය..බනින්න එපාය..දුක හිතෙන්නේය...


    ඕවා මේවා කර කෙසේ හෝ පැය 24 ඇද ගන්නේ යන්තමෙනි..නාලිකා හිමිකරුවා නිදි නොලබා පහත සඳහන් දෑ වලට මුදල් සෙවිය යුත්තේය ..




    ===============================
    Why Should I
    පහත ඇත්තේ දේශකගේ තැන දැමු කොමෙන්ටුවකි..
    වියදම් ගැන අවබෝදයක් ලබා ගැනීමට පමණක් දමමි...



    මචන් ඔක්කෝමටම කලින් add ගැන දෙයක් කියන්නම් .
    සාමාන්‍යයෙන් MCR එකේම current බිල එනවා මාසෙකට
    ලක්ෂ 6 විතර . Tx වල බිල එනවා ලක්ෂ 30 විතර kandy , col
    ගැහුවත් .MCS එකක් ලක්ෂ 90 විතර වෙනවා .( MCS X 3)
    5kw UHF Tx එකක් ලක්ෂ 165 විතර වෙනවා .
    පුංචි පුංචි රිපීටර් ඕනේ වෙනවා තව ලක්ෂ 80 විතර ..


    ඔක්කොම හදන්න ලක්ෂ 1200 විතර යනවා හරියට TV channel
    එකක් කරන්න නම් ...මාසෙකට මුළු වියදම විතරක් යනවා
    සේවයකන්ගේ පඩි වලටම ලක්ෂ 35 විතර ..( 50 දෙනෙක් වැඩ
    කරන තැනක උනත් )

    ඔක්කොම බිල් ගෙවල , ණය ගෙවල , පඩි ගෙවල නිදහස් වෙන්න නම්
    ඕනේ මාසෙකට ලක්ෂ 165 විතර ..
    තව ආණ්ඩුවට ගෙවන්න ඕනේ ලක්ෂ 30 විතර . අර රන්මිණි තැන්න හදන
    බද්දට ගෙවන්න උනා ලක්ෂ 80 ගානක් එක මාසෙට.ඔක්කොම එකතු කර බලන්න...

    ===============================





    පුද්ගලිකව මාතලන් මම මේ සම්බන්දව දැන් ඉන්නේ නිහඬව..හරියට චැනල් එකක් කරන්න බැහැ මේ යන ක්‍රමේ එක්ක..නිදහසක් නැහැ..හොඳම දේ වෙන කෙනෙක්ට විකුණලා නිකන් ඉන්න එක..ඊට පස්සේ පහත් මිනිස්සු අරන් පහත් දේවල් වලට යොදවනවා මේ සම්පත්..මේ රටේ එදා ඉඳන් උනේ වඳුරට දැලි පිහිය ගිය එකනේ.කවද හරි මම නැවත පටන් ගත්තොත් පටන් ගන්නේ මේ ඔක්කොම සීමා වලින් නිදහස්ව..මිනිහෙක්ට බලන්න පුළුවන් චැනල් එකක් විදිහට කරනවා මිසක් බඩගෝස්තර චැනල් එකක් කරන්න බලාපොරොත්තුවක් නැහැ...

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩ සටහන් පටන් ගන්න. මිනිස්සු පිපාසෙකින් ඉන්නේ. හොඳම උදාහරණය "රෑ ඉර පාන". මීට පස්සෙ දිවි නගගන්න උන්ට මාධ්‍යට කලින් දැණුම් දෙන්න කිව්ව නම්. හොලිවුඩ් වල ඩිරෙක්ටර්ස්ලත් මෙහෙට එයි. ඒකත් ඉන්කම් එකක්නේ...

      Delete
    2. මම දවසක් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක කෙනෙක්ගෙ පුතෙක් වන මගේ හොඳම යාළුවෙක්ගෙන් ඇහුවා ඇයි අපිට උසස් ගණයේ නාට්‍ය හදන්න බැරි කියලා...
      එයා මට කිවුවෙ සාමාන්‍යයෙන් එක එපිසෝඩ් එකක් ගන්නෙ රුපියල් පනස්දාහකට කියලා. ඒනිසා ටෙලිනාට්‍යයේ එක එපිසෝඩ් එකක බජට් එක රුපියල් පනස්දාහයි.. මේ නිසා කොහේ හරි ගෙයක් අරන්, දන්න කියන දෙතුන් දෙනෙක් දාලා, බොහොම අඩු වියදමකින් වැඩේ කරනවා ලු... ඉතිං කොහොමද අපට උසස් ගණයේ නාට්‍ය හැදෙන්නෙ ?
      රෑ ඉරපාන නම් මමත් බොහොම ආසාවෙන් අහන වැඩසටහනක්.. මේ දවස්වල නම් අහන්න බැරි වුනා වැඩ වැඩි නිසා...

      Delete
    3. ( මම මේක ලියමින් ඉද්දි ඇලා කමෙන්ට් කරලා තිබුණේ නැහැ.ඒ නිසා ඇලාට වෙනම ලියන්නම් මැද්දෙදි....)

      මාතලන් කියන්න හදන දේට සුසර වෙලා නැහැ බොහෝ දෙනෙක්..කමෙන්ට් වලින් ඒ බව පේනවා.ඒකයි මම මේ දෙවෙනි කමෙන්ට් එක දාන්නේ..ඔබත් හොඳින් දන්නා තව බ්ලොග් හිමියෙක් ඉන්නවා බොහෝම තදින් මාධ්‍ය එක්ක වැඩ කරපු..ඒත් අවාසනාවට ඔහු මා තරම් වත් මේ ගැන කතා කරන්න කැමැත්තක් නැහැ..ඔහු අදහසක් ඉදිරිපත් කළොත් වාසනාවක්..( රටේ අවාසනාවත් මේකමනේ..නියම සුදුස්සෝ කතා කරන්නේ නැහැ..ඔවුන්ට ජීවිතයම එපා කරවලා බළධාරීන් විසින් )


      ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්..සිරාවටම ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට..( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ..වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?

      ඇයි ඒ වගේ මනුස්සයෙක්ට නාළිකාවක රැඳෙන්න බැරි ...? ඇයි ඒ වගේ මිනිස්සු එළවලා ගස් බල්ලෝ ඔබන්නේ ..? එක ගස් බල්ලෙක්ගෙ බලු කතාවක් ඇති , බලු අදහසක් ඇති රටක් වළපල්ලට ගෙනියන්න ...ඒක නේද අද වෙලා තියෙන්නේ ...?

      අද වෙනකොට හැමෝම මාධ්‍ය කියලා හිතන්නේ අන්තිමට ගස් බලු පාදඩ දේවල් වලට.විශ්ව විද්‍යාලයක ජන මාධ්‍ය උපාධියෙන් බැහැ ජන මාධ්‍ය වේදියෙක්ව හදන්න මාතලන් සහ ඇලා..එහෙම හැදෙන අය හැසිරෙන්නේ නූතන බටහිර වෛද්‍ය වරුන් වගේමයි..මූලික හරය අමතක කරලා වෛද්‍ය වෘතියේ..

      විශ්වවිද්‍යාලෙදි උගන්නන්න පුළුවන් අත පය හොලවන හැටි විතරයි සභාවක කතා කරද්දී..උන් දන්නේ අත පය හොලවන්න විතරයි . හරවත් දෙයක් කියලා පැත්තකට වෙන්න දන්නේ නැහැ..අද නාලිකා වලට වෙලා තියෙන්නේ ඒකයි..ලස්සන බෝනික්කියෝ අත පය හොලවනව , තොල් හොළවනවා විතරයි ..හරවත් දෙයක් එන්නේ නැහැ..

      ඒත් උන්ව එලවන්න හිතෙන්නේත් නැහැ මොකද අපිට ස්ත්‍රී සුවය ඒ ඇත්තියෝ ලබා දෙනවා නොමිලේ..ඒ නිසා ඉතින් ඉරිදට උදේම TV එකේ ඉන්නේ බෝනික්කියෝ..

      වැඩසටහන් නිෂ්පාදන ගැන කතා කරත් කියන්න තියෙන්නෙම ඔය ටිකමයි.බුද්ධියක් ඇති , හරියට පොයින්ට් එකට කතා කරගන්න පුළුවන් , තමන් නිෂ්පාදනය කරන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත් දායකයෝ හොයාගන්න මොළේ ඇති මිනිස්සු දැන් නැහැ..ඉන්නේ ඔක්කොම එක එක්කෙනාගේ හෙන්චයියෝ.. අරයගෙ මෙයා දාගන්න හරි , මෙයාගේ අරයා දාගන්න හරි බලනවා මිසක් හරි හමන් මනුස්සයෙක්ගෙන් පලක් ඇති අදහසක් අරන් කරන වැඩසටහනක් හදන්න උන්ට උවමනාවක් නැහැ...

      අන්තිමට වෙන්නේ පිට කසා ගැනීම්..ප්‍රේක්ෂකයන්ට වැඩක් තියෙනවද මේ එක එක්කෙනාගේ පිට කසා ගැනීම් මාතලන් සහ ඇලා...?


      අද අපි දකින්නේ එහෙම වෙන පිට කසා ගැනීම් වල ප්‍රථිපල.සියලුම වගකිව යුතු තනතුරු වලට දැන් පත් වෙලා ඉන්නේ ඔය මූලධර්මය මත ආව අය..

      සරළව කිසිම දෙයක් කරන්න බැහැ.හරි හමන් මනුස්සයෙක් දාල වැඩසටහනක් කරන්න විදිහක් නැහැ..හරි හමන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙනත් හරි බුද්ධාගම කියන්නේ මොකක්ද කියන දේ ගැන වැඩසටහනක් කරන්න විදිහක් නැහැ.. උසස් පෙළ ළමයි සඳහා අධ්‍යාපනික වැඩසටහන් ටිකක් කරන්න නැහැ.. ගෘහණියන් සඳහා "මල් පත්තර ටයිප්" නොවන වැඩසටහන් ටිකක් කරන්න නැහැ. පුංචිම ළමයි සඳහා සිබිල් නැන්දගෙන් අපි විඳපු මිහිර එන්න ළමා වැඩසටහන් පෙළක් කරන්න විදිහක් නැහැ..අවුරුදු 15 / 16 අයගේ මොළ වලට සාරවත් දෙයක් දැනෙන්න වැඩසටහනක් කරන්න නැහැ..20 / 25 අයට තාරුණ්‍ය සහ වෘතීය පසුබිම් වගේ මාතෘකා යටතේ වැඩසටහනක් කරන්න නැහැ..30-40 අයට සරළ වින්දනාත්මක වැඩසටහනක් කරන්න නැහැ..සංගීත වැඩසටහනක් කරන්න නැහැ ඉස්සර මනෝහාරී ටයිප්.(පහු ගිය දවස් වල මහේෂ් කරා ලස්සන වැඩසටහන් ටිකක් ..අන්න ඒවගේ ) 40-48 අයට දේශපාලනට , කාලීන වැඩසටහනක් කරන්න නැහැ..මේ කිසිම දෙයක් කරගන්න බැහැ..

      ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් අප්රූව් කරන් , මාර්කටින් අප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් අප්රූව් වෙන්නේ නැහැ..උන්ට ඕනේ සල්ලි... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..


      ( සොරි මාතලන් අකුරුම 5890 තියෙනවා කියලා මැදින් කඩන්න උනා )

      Delete
    4. වෙන එකක් තියා චැනල් බ්‍රේක් ඩවුන් එකක් ගියත් අපිට නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය අප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා අපේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..ඔතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්.මගේ බ්ලොග් එකේ සමස්ථ සිද්දිය පැහැදිළි කරලා පෝස්ට් එකක් දාන්නම් අවශ්‍ය කෙනෙක්ට දැනගන්න )

      රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය හා වැඩසටහනක් ප්‍රධාන සම්ප්‍රේෂක වෙත යවන තෙක් සිදුවන ක්‍රියාවලීය හා මූලික උපාංග 01..




      මේ වෙනුවෙන් කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක..ඒකට අප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා...ලබන අවුරුද්දෙත් මේකම වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේ වගේ දේකට පවා..

      කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න උන්ගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද යකෝ මේකේ ...?



      මේ සියලු බැඳීම් වෙනස් වෙන්න ඕනේ මතාලන් සහ ඇලා..නිර්මාණයක් එළියට දාන්න හෝ හරි හමන් දෙයක් , වැඩසටහනක් ඉදිරිපත් කරන්න නම් මේ බැඳීම එක්ක බැහැ..මැණික් යට ගිහින් බොරළු මතු වෙලා තියෙන යුගයක මැණික් උප දාන්නේ කොහොමද ..?



      එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් එකෙක් අද ඉන්නවද මාතලන් ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ ඔතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?


      හේතුව තමයි නාලිකාවක් දරණ මිනිහා දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා, ලෝක ඉතිසාහය වේවා , ගෑණු මිනිස්සු හැමිනෙන ඒවා වේවා මොනවා හෝ වේවා සියල්ල ගැන දැනුවත් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ..මොන මගුලා මොනවා කිව්වත් තමන් ඉන්න මතයේ ඉන්න ඕනේ.රට ගැන හැගීමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනේ... එක එක පාන්කඩ උන්ගේ ටෝක් වලට සද්දේ වහ ගන්න එකෙක් වෙලා බැහැ..සල්ලි බලේට හැදුන පුංචි බෝනික්කෙක් වෙලා බැහැ චැනල් කරන්න...කොටිම්ම හිත් පිත් නැති පට්ට බරක් අදින මිනිහෙක් වෙන්න ඕනේ ..තමන් කරන්නේ සේවයක් කියන හැගීම තියෙන්නේ ඕනේ මාතලන් සහ ඇලා ..

      Delete
    5. තියෙන ගැලළුත් ඉදිරිපත් කරලා.. ඒවට විසඳුම් පවා ඉදිරිපත් කරලා තියෙන නිසා. මට ලියන්න දෙයක් නෑ. මාධ්‍යවේදියෙක් කියන්නෙ ප්‍රථ්මයෙන්ම නිර්භීත පුද්ගලයෙක් වෙන්න ඕන. අද ලංකාවේ මම නිර්භීත මාධ්‍යවේදියෙක් ලෙස දකින්නේ එකම එක්කෙනයි. ඒ "තිසරණී ගුණසේකර" පමණයි. ඔය සියළුම තර්කයන් බොරු. එහෙමනම් "රාවය", "ලංකා", "ජනරළ", පුවත් පත් තිබෙන්න බෑ නේ. මේවා ව්‍යාපාර විදියට අසාර්ථක වෙන්න පුළුවන්, ඒවයේ ඉන්න ජනමාධ්‍යවේදීන් ගිඟන්නෝ වෙන්න පුළුවන්. ඒත් ඒ තමයි නියම මාධ්‍යවේදීන්. රට ගිනි තිය තියා ලැම්බෝගිනියෙ යනවට වඩා වටිනවා. මිනිස්සුන්ගේ හිතේ ගිනි, කුසේ ගිනි ගැන ලියන එක.

      Delete
    6. සහන්ගේ විශ්ලේෂණය රාමු කරලා බිත්තියේ ගහන්න තරම් වටිනවා. භක්තියෙන්ම වැටක් ගහමි.
      ++++++++++++++++++++++++++

      Delete
    7. කීමට නොහැකිව සිටි දෙයක් ඔබ කියලා තියනවා ලස්සනට සහන්.

      Delete
    8. සහන්.. බලහන් මේ පෝස්ට් එකේ පැය බාගයක් ස්ක්‍රෝල් කරත් උඹේ කොමෙන්ට් එක ඉවර නෑ.... බලහන් මේකෙ කැත....

      මීට පස්සෙ දිග කොමෙන්ට් දානකොට උදිත කරනවා වගේ කොමෙන්ට් එක උඹේ බ්ලොග් එකේ ලියලා කකා කරනවා වගේ ලින්ක් එක අදාල තැන දාපන්....

      Delete
    9. ඇනෝ ,


      මම මේ ප්‍රශ්නෙදි මුලින් පොඩි කමෙන්ට් එකක් දාල නිකන් හිටියා බන්..නමුත් මාතලන් මතු කරන්න හදන කාරණාව මතු උනේ නැහැ කමෙන්ට් මගින්. මාධ්‍ය නිදහස පැත්තට යනවා වගේ දැක්කා පෝස්ට් එක..ඒ නිසයි මම දෙවෙනි කමෙන්ට් එක දැම්මේ..

      මේ ප්‍රශ්නේ වචන දහයෙන් ඉවර කරන්න බැරි නිසා සහ නැවත අවස්ථාවක් එන්නේ නැති නිසයි මේ ගැටලුවේ උපත ගැන ලිය උනේ..මේවා සරළ ගැටළු නෙවේ..සංකීර්ණ ගැටළු නේ..අනිත් එක ලින්ක් දැම්මට කව්රුත් ඇවිත් බලන්නේ නැහැ...මට දැන් කීප දෙනෙක් කිව්වා පෝස්ට් එකක් දාන්න කියලා මාධ්‍ය භාවිතය හා පාලනය ගැන...ඉන්නකෝ බලමු පෝස්ට් එහෙකට ගැලපේද කියලා මේක..

      මම ඉතින් මේ දැම්මයි දිග කමෙන්ට්..සමාවෙන්න නොදැන උන වරදට..

      Delete
    10. උපත් පාලනය ගැන පෝස්ට් එකක් දාපන් සූ ගාල සෙනග එයි.... අනෙක ඒක මාද්‍ය පාලනය කතා කිරීමට වඩා හොදයි....

      Delete
    11. උපත් පාලනය ගැන කතා කරන්න දෙයක් නෑ බන්.වෙලාවට ගත්තම හරි ස්ත්‍රී යෝනියෙන් පුරුෂ ලිංගය.ඒව ගැන අපි දන්නවනේ.

      Delete
    12. //වෙලාවට ගත්තම හරි ස්ත්‍රී යෝනියෙන් පුරුෂ ලිංගය//

      එහෙම කොරන්ඩ ගිහින් වැරදිච්ච එකේ ප්‍රතිඵලය තමයි ඉතින් ඔහොම ගොන් කොමෙන්ට් දාන්නෙ. උඹ උපත් පාලනේ කියල දන්නෙ එච්චරද? ඕනයව හම්බවෙලා වරෙන්.... ඌ නවත්තල තියෙන්නෙ... හැබැයි උඹව දැක්කම පටන් ගන්න හිතෙයි.....

      Delete
    13. ඇයි ඕනයා අලි පකෙන්ද?

      Delete
    14. පිංවත් ඇනෝවරුණි ,

      රෙන්න එපා...!

      - මාතලන්

      Delete
    15. කිසි අවුලක් නෑ සහන්.. මගේ පෝස්ට් එකට වඩා ඔබේ කොමෙන්ටුව මටත්, මා මතු කළ දේටත් ඉතා වටිනවා.. ලින්ක් එකකට වඩා ඒක එෆෙක්ටිව්.. බුකියෙ කුණුහබ්බ කියවන වෙලාව ටිකක් අඩු වෙනවා එච්චරයි..

      Delete
    16. silentsahan @ ඔබ මේ ගැන දන්න ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් බවයි පේන්නේ.ඔබේ දැනුම ගැන මම පැහැදුනා.කරුනාකර මේවා ගැන තාක්ෂණික ලිපි පළ කර අපව දැනුවත් කරන්න.වෙනත් බ්ලොග් වල කොමෙන්ට් කළාට ඔබේ අනගි බ්ලොග් එකේ පෝස්ට් දමනවා අඩුයි නේද?
      ඔබට ජය ඔබ රටක් රාජ්ජයක් වගෙ මිනිහෙක්

      Delete
  9. රටේ සංස්කෘතිය, භාෂාව හා විනය ගැන හඬක් නැගීමයි.ලිපියේ මගේ සිත් ගත් කොටස.ජන මධ්‍ය ගැන කියපු දේවල් ඇත්ත තමයි.අද මුදල් වෙනුවෙන් මොනවද නොකරන්නේ.ඒ තරම් මිනිස්සු මුදලට ලොල් වෙලා.ස්වර්ණවාහිනිය පමණක් ඇයි ? ඇයි සිරස ගැන කථා නොකරන්නේ එකත් එහෙම තමයි. ඒ කෙසේ වෙත්ත මාතලන් අතින් ලිය වුනු හොඳ සටහනක්.නිද සිටින මිනිසුන්ට අවදි වෙන විදියට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සිරස රනිල්ට ගැහුවට, ඒකේ යම් කිසි සදාචාරයක් තියෙනවා. වෙලා තියෙන්නේ සිරස යම් කිසි තත්වයක් ඇතුව කරණ දේ අනික් උන් රෙඩි ගලවගෙන කරන එකයි.

      Delete
  10. මේකේ ඔක්කොම කාරනා වලට 100%ක්ම එකඟ වෙන්න පුළුවන්.

    අද රටේ සිද්ධවෙන ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති දේවල් කීයෙන් කීයද පෙන්නන්නේ. පාර්ලිමේන්තුවේ සිද්ධි උණත් එදා දවසේ සම්මත කර ගත්තු පනතක් ගැන නෙවෙයි අනික් පක්ෂේ එකාට ඇඟිල්ල දික් කරපු තැනක් ගැන තමයි කියවන්නේ. ඕවා බලන් ඉන්න පොඩි උන් හිතන්නේ ප්‍රවෘත්ති කියන්නේ මේවා කියලා. ප්‍රවෘත්ති වලදී විතරයි ඉස්සර නිවැරදි භාෂාව අහන්න ලැබුණේ. දැන් ඒකත් නෑ.

    ReplyDelete
    Replies
    1. රූපවාහිනියෙන් කරන ලොකුම වැරැද්ද තමයි පොඩි උන් ඉලක්ක කර වැඩ සටහන් යෙදීම. උදේට කාටූන් දාපු ගමන් පාඩම් කරන එක අත අරිනවා. ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. උදේ අටට ෆිල්ම් දානකොට ඉස්කෝලේ නොගිහින් බලපු අය ඕනි තරම් ඉන්නවා.
      නිවාඩු කාලේ උදේ හතේ ඉඳන් රෑ වෙනකන්ම එක එක චැනල්වල එක එක කතා. පොඩි එකා ගෙයින් එලියට බහින්නෑ.

      Delete
    2. අනිවාර්යයෙන් මේවා ගැන ප්‍රතිපත්තියක් ඇති කළ යුතු කාළය ඇවිත්. කෙනෙකුට කියන්න පුළුවන් මේවා නොබලා හිටියම හරි කියලා. ඒත් ඒක නෙමෙයි විසඳුම.. මිනිසුන්ගේ උප සංස්කෘතියක් වෙනස් කරන එක ලේසි කටයුත්තක් නොවෙයි.

      Delete
  11. මේ ටික කියලා විතරක් මදි. මෙතනින් එහාට කරනේ දෙයක් හිතනන ඕනෙ. හිතන්න පොලන්බවන්න ඕනෙ. ඒ පෙළඹවීමෙන් යම් ක්‍රියාවක් ඇතිවෙන්න ඕනෙ. ගෙවල්වල රුපවාහිනිය ගුවන්විදුලිය 90% ක් තියෙන්නේ ළමයින්ගේ පාලනය යටතේ. ප්‍රවෘත්ති බලන්නේ නරඹන්නන්ගෙන් 10% විතර කියලයි මටනම් හිතෙන්නේ. (මොන නාලිකාවක ප්‍රවෘත්ති හරි කමක් නැහැ) කුණු ඉන්දියන් කතා, ලංකාවේ දෙකයි පනහේ බොම්බයි මොටයි කතා කට ඇරගෙන, අතේ තියන බත් එක පිළුණු වෙනතුරු, අතේ ඉඳුල් වේලෙනතුරු, බලාගෙන ඉන්නවා. ප්‍රවෘත්ති පටන්ගන්න හදනකොට වහලා දානවා. මේ මෝහයෙන් මිනිස්සුන්ව ගලවාගන්න ඕනෙ. හිත හාමුදුරුවරුන්ගේ විකාර රූපී බැන නවත්වන්න ඕනෙ. ආගම මෙතරම් ලාබෙට දීම නවත්තන්න ඕනෙ. කිසියම් සංස්කෘතික පොලීසියක් අවශ්‍යයි නිවේදක කුක්කන් හා කික්කියන් පාලනය කරන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්, යම් කිසි විපරමක් කිරීමේ ආයතනයක් ඇති කළ යුතුමයි. හෝටල්, දන්සල් පිරිසිඳුද කියලා හොයනවට වඩා. පී එච් අයිලා දාලා හරි මේවා පිරිසිඳු කරන්නම වෙනවා. නැත්තන් මුන් ළෝක වාර්ථා තියන්න, පවුල් පිටින් උනත් ගිනි තියන්න, ලිං වලට දාන්න, කෝච්චි වලට තල්ලු කරන්න බැරි කමක් නෑ...

      Delete
    2. මේවා සුද්ද කරන්න ආමි එකට බාර දෙමුද?

      Delete
  12. ජන මාධ්‍ය කශ්ටිය හඳෙන් වත් ගෙනාවොත් සදාචාරය ගොඩනගන්න පුලුවන් වේවි. අර උපසම්පදාව සියමෙන් ගෙනාවා වගේ.

    සදාචාරය පිරිහුනු සමාජයක් තුලින් කොහොමද සදාචාරය රකින ජනමාධ්‍යකාරයෝ බිහි වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හැම දේටම සමජෙට බැනල වැඩක් නෑ කතා. සමාජය නරක් උනේ කොතනින්ද කියන ඒක් හොයන්න ඕන. හොඳම උදාහරණය ගිරා පැටව් දෙන්නගෙ කතාව...

      Delete
    2. සදාචාරය පිරිහුනු සමාජයක් තුලින් කොහොමද සදාචාරය රකින ජනමාධ්‍යකාරයෝ බිහි වෙන්නේ = හොඳම උදාහරණය ගිරා පැටව් දෙන්නගෙ කතාව...

      Delete
    3. කතා නෙ‍මෙයි බං කකා

      කකා- කතන්දර කාරයා

      Delete
  13. මාධ්‍ය ගැන ගිය අවුරුද්දෙ ලියපු ලිපියක් ගැන රයිගම අද මතක් කරල තිබුන.

    ReplyDelete
    Replies
    1. ප්ලීස් කෙන්ජි,
      බ්ලොග් කියවන්න කලින් රීලා ඇවිත් ලැප් එක ඉස්සරහා වාඩි වෙන්න.

      Delete
    2. පඩ ගදක් ආවද මචං.

      Delete
    3. කෙන්ජි රීපු එක මාතලන් ගොයියා අස් කරලා.

      Delete
    4. මාතලන්ට උනානෙ අනුන්ගෙ ගූ අදින්න... හපොයි සන්සාරේ සන්සාරේ....

      Delete
  14. අපි කොච්චරවත් මාධ්‍ය වේදීන්ට "ජඩ"කෑල්ල දාල කතා කලාට,ඒ "ජඩ"කෑල්ල දාගන්න ඕන ජඩ,පර,බලු ආණ්ඩු පිහිටවන්න කතිර ගහන අපිටමයි.
    ආණ්ඩුවට ඕන විදියට නොලිය කවුද කැමති පෙට්ටියෙ ගෙදර යන්න.
    සමහරු අදටත් ආගිය අතක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කතා කරන්නේ මාධ්‍ය නිදහස ගැන නෙමෙයි කෙන්ජී. මාධ්‍ය සධාචාරය ගැන. තියෙන්නේ මේ විදියේ මාධ්‍යයක් නම්, ඔක්කෝටම ගහලා එලෙව්වත් මට නම් අවුලක් නෑ.. ඒක මාධ්‍යක් තියෙනවට වඩා විශාල සේවයක් වෙයි.

      Delete
    2. මෙන්න මෙතනට වෙද මහත්තය විතරයි අඩු....

      Delete
    3. එයා එනකන් ඔයාගෙ හඩු බැනියම උඩට උස්සන්න මෙයා පිට කසන්න.

      Delete
    4. හොරා පිට කසන මුවාවෙන් වැඩේ දෙන්න නේද හදන්නේ.... හුහ්... අපි අහුවෙයි ඕවට...

      Delete
  15. අපේ රටේ ගොඩක් දේවල් වගේම මාධ්‍යත් දිනෙන් දින පිරිහෙනවා ..

    ReplyDelete
    Replies
    1. හරි... දැන් ගිහින් නිදාගන්න... !

      Delete
    2. අපි ඔක්කොම නිදා ගෙනමනේ ඉන්නේ නේද ? :D

      Delete
    3. ගොඩක් දේවල් පිරිහෙන්න මූලය මාධ්‍යයයි..

      Delete
  16. මාතලන්,
    මම මාධ්‍යවේදිය කියන පුද්ගලයගෙන් බලාපොරොත්තුවන්නෙ වාර්ථාකරණයයි. ඒක කිරල මැනලා විවේචනය කිරීම ප්‍රේක්ෂක විචාරක අපේ දෙයක්. දැන් ඉන්න මාධ්‍යවේදීන් කරන්නෙ වාර්ථාකරණය නෙමෙයි. බලන්න මේයාල හදන්නෙ හැම විටම අපිට කියලා දෙන්න, තෝරල දෙන්න, කොටින්ම අනලා කවන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කළ මාධ්‍යවේදීන් ගැන මම අහලා තියනවා. මතකද ජෝන් කොතලාවලගේ කාටූන් එක ඇන්ද ශිල්පියා ජෙෆ් රි, එතකොට ධනපාල මහත්තයගාව හිටිය මාධ්‍යවේදීන්. අද එක්කෙනෙක් ඉන්නවද. මෙතැන ඉන්නේ කාගෙන් හරි දේශපාලුවෙක්ගෙ අතකොලු බවට පත්වූ අය මිසක් මොන මාධයකරණයක්ද? ඒ අතරම හොද කොන්දක් තියන අයත් නැතුවාම නෙමෙයි.

    මාධ්‍යවේදියාට හැම විටම හොද ඉවක් වගේම සදාචාරයක් ද තිබිය යුතුයි. කෝ අද එහෙම අය. ඔබට මතකද දහනායකගෙන් අය වැය ගැන දැන ගන්න ඒකාලේ හිටි මාධ්‍යවේදීන් යොදපු උපා ගැන කෝ අද එහෙම මිනිස්සු.

    මාතලන් මට කියන්න තියන්නෙ මෙච්චරයි. හැම තැනම බොරුව, රැවටිල්ල විතරයි. මේ හැම දේම මහා බොරුවක්. මාධ්‍ය විතරක් නෙමෙයි හැම තැනම පිරිහිලා. මානව ධර්ම යට ගිහින්.

    ReplyDelete
    Replies
    1. මාතලන්, කෙන්ජි, වෙදනා !
      අද පිට කහ ගන්නේ නැද්ද ???

      Delete
    2. එන්න කෙන්ජි... එන්න මාතලන්...

      Delete
    3. වැදගත් කෙනෙක්ට ජීවත් වෙන්න දෙන්න.මේ වෙසක් සමයයි.මෛත්‍රී වඩන්න.ලෝ වැඩදායි මිනිසුන්ව රැක ගන්න.උතුම් වූ ධර්මයේ සුවය ලබන්න.

      Delete
    4. ඇයි මචන් අපි මොකද කරේ...
      මේ තුන් දෙනා එක්කහු වුනාම ත්‍රිවිඩ රත්නය වගේ තමයි.... අපිත් ආසයි තුන් දෙනා එකට ඉන්නවා බලන්න....

      Delete
    5. එයා එනකන් ඔයාගෙ හඩු බැනියම උඩට උස්සන්න මෙයා පිට කසන්න.

      Delete
    6. හොරා පිට කසන මුවාවෙන් වැඩේ දෙන්න නේද හදන්නේ.... හුහ්... අපි අහුවෙයි ඕවට...

      Delete
    7. හැමතැනම පිරිහෙන්න හේතුව මාධ්‍යයයි. මොකද වැරැද්ද පෙන්වලා දෙන්න පුළුවන් ප්‍රභල බලවේගයක් මාධ්‍යයය කියන්නේ..

      Delete
  17. මාතලන් කතා කරන දේ හරියටම හරි. කිසිම සදාචාරයක් නැති මද්‍යයන් නිසා වෙන හානිය බොහොමයි.

    ReplyDelete
    Replies
    1. මේවා ගැන හඬක් නොනැගුවොත්, තත්වය මීටත් වඩා දරුණු වෙනවා. අපේ සංස්කෘතික ඇමතිලාට අක්ෂරය වැඩිහිටියකුටවත් නරඹන්න අනුමත කරන්න බෑ. ඒ උනාට බිලි පූජා පෙන්නන්න පුළුවන්. අරුම පුදුම රටක් මේක.

      Delete
  18. මාතලන්ගෙ කතාව ඇත්ත.මාධ්‍යකාරයො උන්ගෙ අයිතිකාරයන්ගෙ අදහස් වපුරන එකයි කරන්නෙ.උන් ඒ අර්ථයෙන් කුලීකාරයො.මොනවහරි ලියන්න හොරිකහන්න ගිනි පිඹින්න පුලුවන්නම් ඌ මාධ්‍යවේදියා.මුදලාලිලගෙ හොරි කහන එකා නිදහස් මාධ්‍යවේදියා.තාක්ෂණය තුලින් මේ මාෆියාව පරාජය කරන්න ඕන.
    ළමයි අරන් ළිදට පනින එක දැන් මෝස්තරයක් වෙලා.මේකත් ප්‍රමෝට් කළේ ස්වර්නවාහිනිය.සිරසෙන් අම්මල පුතාලව මරන එක ටෙලි ඩ්‍රාමා එකකින් ප්‍රමෝට් කළාම රට පුරාම ඒක රැල්ලක් ගියා.ඒක නැතිකළේ ස්වර්නවාහිනිය.ඒ කොහොමද දන්න වද?කළුඟට ළැමයෙක් විසිකළ එකට ප්‍රචාරයක් දීමෙන්.
    සොභිතල,සක්විතිලව ප්‍රමෝට් කළේම මාධ්‍ය විසින්.
    සිරස හිතනව දේශපාලන පක්ෂවල නායකයො පත්කරන එකත් මාධ්‍ය මුදලාලිගෙ වැඩක් කියල.
    අවසාන වශයෙන් කියන්න ඕන මේ ගිනිතියාගන්න වීඩියෝ එක අපිට බලන්නවත් බෑ.මාධ්‍යවේදියා ඒක වීඩියෝ කරන හැටි.යකෝ මිනිහෙක් මැරෙන හැටි වීඩියෝ කරන මේක මොන තිරිසනෙක්ද?
    හෙට හොද නිව්ස් එකක් පෙන්නනවා කියලා ස්වර්නවාහිනිය කලින්ම කිව්වා කියලත් කියනවා.
    ලක්ෂපත් ආරච්චි( උගෙ නාමයට සදාකල් ශාපවේවා ) කියන තිරිසන් පාදඩයා සිරස හරහා රටම වනසලා ජාතික රූපවාහිනියට දැම්මම ඌ මහවිරු දින කතාව ප්‍රචාරය කළා .ඌ කිව්වෙ ඌට ඕන වුනේ හැමෝටම කලින් ඒක දෙන්නලු.රටට හෙන ගැහුවත් කමක් නෑ නිව්ස් එක දෙන්නයි මුන්ට ඕන.

    මුදලාලිල දෙතුන් දෙනෙකුට ඕන විදියට රටේ මත වෙනස් කරන්න දෙන්න බෑ.මාධ්‍ය වලට එරෙහිව ජනතා විරෝධයක් අවශ්‍යයි.නැත්නම් මුන්ගෙ සල්ලි වලට රටම යට වෙනවා.දුමින්ද සිල්ව කිව්වලු ඌට ටී වී චැනල් එකක් තිබ්බනම් රටේ ජනාධිපති වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ටිවී චැනල් අයිතිකාරයොත් එක්ක ජම්මාන්තර වෛරෙන් ඉන්නේ ඇයි කියලා අපි නම් දන්නවා.ඔයාව ගණන් ගන්නේ නැති නිසා නේද පඩේකට.කැතයි හොඳේ.දැන් ඉතින් කියයි අපේ පස්සෙන් එනවා කියලා.

      Delete
    2. මාධ්‍යකරණය ගැන උපාධි ගත්ත උන් මහපාරේ. මාධ්‍ය මෙහෙවන්නේ රස්තියාදුකාරයෝ..

      Delete
  19. මාතලන් නැවත ලියමි.
    මට හදිසියේ මතක් වුනා පොඩි කතාවක්. පාලිත පෙරේරා මහතා ගුවන් විදුලියේ සිටින සමයේ තමයි සිරස පටන් ගත්තේ. මහරාජල සිරසට තෝරගෙන සිටියේ පාලිතව. නමුත් ඒ ආරාදනාව බාර ගන්න පාලිත මැලි වුනා. හේතුව ගුවන් විදුලියේ සිටි අය ඔහුව මුලා කළා. "ඔබ තමයි සිංහල සේවයට නායකත්වය දෙන්න සුදුස්සා" කියමින්. අන්තිමට ඔහුට තනතුරු දෙකම නැති වුනා. හිතන්න යම් විදියකින් "සිරස" පාලිත පෙරේරා වගේ දක්ෂයෙක් අතට ගියානම්..................(මින් කිසිම අයුරකින් මම නිමල් ලක්ෂපති මහතාව පහත් නොකරමි. ඔහුත් එක් යුගයක ප්‍රමුඛයෙක්. නමුත් මාධ්‍යභාවිතාව මේ දෙන්නගේ වෙනස්. )

    ReplyDelete
    Replies
    1. කෙන්ජි, මාතලන් !!!
      ඉදිරියට ඇවිත් මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න !!!

      Delete
    2. ඇයි ඇනෝ ගැට නැති පොල්ලෙන් පුක පලාගන්න ඕනෙද ?

      Delete
    3. පාලිත පෙරේරලා නැති අඩුව තමයි මේ දැනෙන්නේ..

      Delete
    4. පාලිත පෙරේරල ආව කියල වෙනසක් වෙන්නෙ නෑ.නමුත් සිරසට පාදඩකම ඇගේම තියෙන එකෙක් හම්බවුනා.කොහොමටත් මාධ්‍යවේදීන්ට කරන්න දෙයක් නෑ.හැම වැඩසටහනක්ම මුදලාලිගෙ අවශ්‍යතාව තමයි.සිරසට නම් දෙමළ ජාතිවාදය හා දකුණු ඉන්දියානු සංස්කෘතිය ප්‍රචාරය කිරීමි වුවමනාව ආර්ථික වුවමනා ඉක්මවා යන බවයි පේන්නෙ.

      Delete
  20. කතාව ඇත්ත... ටීවී එක වහලා දාලා, පත්තර නම් ගේ පැත්ත පලාතේ ගේන එක නවත්තලා ඉවරයි දැන්... එච්චරයි මට නම් කරන්න පුලුවන්... බත් ඔතන්න විතරක් හයිය කොළයක් තියෙන ඉංග්‍රීසි පත්තරයක් ගන්නවා... හැබැයි ඒක නම් කියවනවා.. මොකද සිංහල ඒවට වඩා වැදගත් දෙයක් තියෙනවා කියලා හිතෙන නිසා... ලංකාදීප, මවුබිම දෙකම අපේ තාත්තයි මාමණ්ඩියි ගන්න නිසා මම ඒවා කියවන හින්දා එහෙම හිතෙන්නේ... එකක් පිටු ගනන් හොල්මන් පෙන්නනවා.. අනිත් එක කතන්දර හද හද ගණිකා වෘත්තියයි ක්ලබ් ජීවිතෙයි විකුණනවා....

    කියන්න තියෙන ඉතුරු ටික සහන්ගේ කමෙන්ට් එකේ තිබ්බා... ආයි ඕවා ලියලා ලේ පුච්චගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    2. ඇයි ඇනෝ ගැට නැති පොල්ලෙන් පුක පලාගන්න ඕනෙද ?

      Delete
    3. ලේ පුච්චගත්තමත් අපටමයි පාඩු. මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙමු...

      Delete
    4. මවුබිම පත්තරේ තියෙන හොල්මන් කතා බලනකොටම බොරු බව පේනවා.ලංකාදීපෙ හොල්මන් කතා නිර්මානය කරල තිබෙන්නෙ දක්ෂ ලේඛකයන්.බොරු හදනවා කියන එකත් හැමෝටම කරන්න බෑ.ඒක කලාවක්.රිවිර බලන එක මම නැවැත්තුවා.ස්වීඩන් ගිහින් ආපු මාධ්‍යවේදියෙක් අතේ කයිතන් වෙන ගල්පැලෙන බොරු හොල්මන් කතාවක් ලියනවා.ඒත් මට අපුල ඇතිවුනේ ඒ මාධ්‍යකාරයා භීෂන සමයේ පොලිස් අපරාධකාරයන්ට සුදුහුනු ගාන්න ගිය අශීලාචාර කම දුටු පසුයි.ඔහු අරුම පුදුම පොලිස් උනක් තිබෙන කෙනෙක්

      Delete
  21. මාතලන් කියා ඇති බොහෝ කරුණු හා එකග වෙමි.
    පත්තර ගැන නම් කියන්න දෙයක් නැ තමයි.අර මව්බිම,රිවිර වගේ පත්තර වල දැන් තියෙන්නේම පෙරඅත්මේ කියන උන් ගැනයි,යන්තර,මන්ත්‍ර,ගුරුකම් කර උන් ගැනයි,කැබලිත්තගැනයි,එක,එක ගොසිප් ගැනම තමයි...

    දේශපලන වැඩසටහන් ඇරුනම ජාතික රුපවාහිනියේ තමයි අදට උනත් බලන්න පුලුවන් යම්කිසි වැඩසටහන් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මොහාන් සමරණායකගෙන් බලාපොරොත්තු උනා වගේම. ඔහු එය නගා සිටවූවා (ප්‍රවෘත්ති හැර.)

      Delete
    2. එතකොට මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායකයන් ගැන මොකද අදහස

      Delete
    3. ඔහු හොඳ මාධ්‍යවේදියෙක්.. ඒත් මම ඔහුව කියවන්නේ නෑ. අළුත් දෙයක් නැති නිසා...

      Delete
    4. මොහාන් සමරණයකගෙන් දැන් ජනාධිපතිතුමා බලාපොරත්තු වෙන්නේ මොකක්ද දන්නේ නෑනේ,ජනාධිපති මාද්‍ය ප්‍රකශකම දීලා.:P

      Delete
    5. මවුබිම රිවිර ගැන මතක් කළ එක හොදයි.මුන්ගෙ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන්නෙ නැද්ද ඇයි යකෝ මෙච්චර බොරු ලියන්නෙ කියලමේකට හේතුවක් තියනවා මේකතා වලට ඉල්ලුමක් තිබෙනවා.ඒ වගේම මේව ලියන එක ලේසියි.මහන්සි වෙලා තොරතුරු හොයන්න පොත් කියවන්න දෙයක් නෑ.ඉංග්‍රීසි පත්තරවලයි සිංහල පත්තරවලයි තිබෙන ලොකු වෙන්සක් මේක

      Delete
    6. ස්ත්‍රීවාදය මහත්මාට - මහත්තයෝ මවුබිම රිවිර යන දෙකේම දැනට ඉන්නේ ලංකාදීපයේ,ලේක් හවුසියේ, සේවය කළ බහුතරයක්. අද ඒ අය අතින් ලියැවෙන්නේ එදා ඒ ඒ පත්තර වල ලියැවුණු දේවල් නොවෙයි. ඒ ගැන තමයි මම ඉහළින්ම කියලා තියෙන්නේ.ඒ යථාර්ථයට පිටුපාන්න තරම් ආර්ථික හයියක් ලංකිය සාමාන්‍ය පුරවැසියෙකුට නැ.නැතිනම් සිවිල් බලයක් නැ. එහෙමත් නැත්නං එන් ජී ඕ එකකට සෙට් වෙන්න වෙනවා.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. නලින් මහත්මාට කල්පනා කළාම ඔබේ කතාව ඇත්ත කියලා මටත් හිතෙනව.මේ ගැන කල්පනා කලාම මට මෙහෙම හිතෙනවා.මම ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදියට සේවය කරනවා කියල හිතමු.මට ආයතනයෙන් පීඩනයක් එනවා අලුත් හොට් නිව්ස් වලට.ප්‍රාදේශීය වාර්තාකාරයන්ට කතා කරන්නෙ කොරා කියලලු.උනුත් ආපිට කතා කතා කරන්නෙ ආ මේ කොරෙක් කතා කරන්නෙ කියල.මේ වගෙ තතවයක් ඕවයෙ තියෙන්නෙ.
      ප්‍රාදේශීය වාර්තාකාරයට ගෙදර දොරේ ආර්ථික ප්‍රශ්න තියෙන්නත් ඇති.
      මුදලාලිල තමයි අවසාන විග්‍රහයෙදි වැරැද්ද කරල තිබෙන්නෙ

      Delete
  22. අරලිය ගස් ගොඩාක් තියෙන තැනට දොලපිදේනියක් දුන්නම සියලු අපල උපද්‍රව නිමයි....ඒ ආනුභාවයෙන් සෝමාවාහිනිය තවත් කල් යෙහෙන් වැජබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. එසේනම් තවත් සිය දිවි නසාගැනීම සජීවීව නැරඹීමේ වාසනවා, පින්වත් ජනතාවට උදා වනවා ඇත...

      Delete
  23. මාධ්‍ය වාර්ථාකරණය කිසිම වැදගැම්මකට නැහැ කියන එකට මම එකඟ වුනත් මාධ්‍යෙව්දීන් නිසා විතරක් මේ තත්වය ඇතිවුනා කියලා මම නම් හිතන්නේ නැහැ.

    බොහෝ වෙලාවට මාධ්‍ය ආයතන වල ප්‍රධාන විධායක, පත්තරයකනම් ප්‍රධාන කතෘ වගේ අයගේ කැමැත්තට තමයි වැඩසටහන් ලිපි වගේ පලවෙන්නේ, ඒත් මම නම් හිතන්නේ මේක ඒ අයත් තනිකරම තමන්ගේ මතයට කරන දෙයක් නෙවෙයි. සමහර විට මේ මිනිසුන්ට මීට වඩා බොහෝ සාධනීය අදහස් තියෙන්න පුළුවන්ථ නමුත් ඔවුන වුනත් වැඩ කරන්න ඕන ඒ ආයතන වල අයිතිකාරයන්ට අවශ්‍ය විදිහට.

    නිමල් ලක්ෂපතිආරච්චි මම නම් දකින්නේ බොහෝම සාධනීය ලක්ෂණ තියෙන, හොඳ අදහස් තියෙන පුද්ගලයෙක්. නමුත් ඔහුට වුනත් වැඩ කරද්දි ඔහුගේ අදහස් විතරක් ක්‍රියාත්මක කරන්න බැහැ. ආයතන අයිතිකාරයගේ බලපෑමට යටත් වෙන්න සිදු වෙනවා. අර වෙද ගෙදර මහ වෙදනා කියලා තියෙන විදිහට පාලිත පෙරේරා එතෙන්ට ගියත් වෙනසක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ.

    තවත් හොඳම උදාහරණයක් තමයි පී බී ජයසුන්දර. ඔහුගේ පෞද්ගලික අදහස් රජයේ කෝණයෙන් බලන්නේ නැතුව ගත්තොත් මම දැකලා තියෙන හොඳම අදහස්. ඔහු පෞද්ගලිකව කතා කරණකොට තියෙන මේ අදහස් රටක ආර්ථිකය ගොඩනගන්න තියෙන හොඳම අදහස්. ඒත් ඔහුත් කරන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම විතරයි. ඉතින් අපිට පේන්නේ ඉන්න හොඳම ආර්ථික ඝාතකයෙක් හෝ කිසිම වැදගැම්මකට නැති අදහස් දරන්නෙක් විදිහට.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ කිසිම මාධ්‍ය හිමිකරුවෙක් මේ දේවල් කරන්න කියයි කියලා. මාධ්‍යවේදින් තමයි මේ දේවල් කරන්නේ, හිමිකරුවන්ගෙන් ලකුණු දමාගන්න. ස්වර්ණවාහිනිය කියන්නේ. තනිකර එකාධිපති පාළණයක් තියෙන ආයතනයක්. එකාධිපතියා සෝමා එදිරිසිංහ නම් නෙවෙයි... අන්න ඒකයි මම කියන්නේ, මේවා තනිකරම මාධ්‍යවෙදීන්ගේ වැඩ...

      Delete
  24. මේ ලිපියටම සම්පුර්ණයෙන්ම එකගයි.. තියන නිදහස ඇතුළෙ හරි කළ යුතු දේ, හරි දේ කරනවද කියන එක ගැන හිතන්න ඕන... සමාජයේ පිරිහීමට, වැටීමට මාධ්‍යත් වග කියන්න ඕන...අපිත් වග කියන්න ඕන...

    රාවය විතරයි බැලෙන්නෙ.. ටීවී බලන්නෙම නැති තරං.. දැන් රාවයේ අනාගතය ගැනත් බයක් හිතෙන්නෙ... තිසරණී ගැන කියල තියන කතාවට මමත් එකගයි...

    ReplyDelete
    Replies
    1. රාවය මැරුණේ මහින්දාගමනයත් එක්ක. දැන් පත්තරේ විකිනෙන්නේ නෑ. ඒත් පත්තරේට ආදරේ මිනිස්සු තවම මිළදී ගන්නවා. අයිවන්ට සල්ලි හදිස්සියක් ඇවිත්. අවසාන කාළේවත් තමන් එක්ක එකට හිටපු උන් ඉන්නවා වගේ ඉන්න හිතෙන්න ඇති.

      Delete
    2. මාතලං, ගිය සතියේ අයිවන් ඉතාම හොද පැහැදිලි කිරීමක් කරලා තිබුණා රාවය සහ එහි අනාගත ප්‍රාග්ධන හිමිකාරීත්වයේ හැසිරීම කවරාකාරද කියලා. අයිවන්ගේ වචනවල ඇත්ත නැත්ත ගැන නම් මම දන්නේ නැහැ. නමුත් ඒ යෝජනා ලංකාවෙ ඔනෑම පුවත්පතකට වෙනත් මාධ්‍ය ආයතනයකට පරමාදර්ශයක් වෙන්න ඕනෙ කියලයි මම හිතන්නේ, අදටත් රාවය සහ වික්ටර් ගැන මට කිසියම් ගවෞරවයක් තියෙනවා. උඹ කියලා තියෙන තිසරණීගේ ලිපිය වුණත් සිංහලෙන් කියවන්න පුළුවන් වෙන්නේ රාවය හින්දයි.

      Delete
    3. විකටර් අයිවන් මමත් බොහෝ ගරු කළ පුද්ගලයෙක්. අද නම් සත පහක කැමැත්තක් නෑ. බොරුව කරණවා මදිවට. ඒවා සාධාරණීකරණය කරන්නත් මාර දැඟලිල්ලක් දඟලන්නේ. මට දුක 25 වෙනි සංවත්සරයෙදි එයා නිර්දය ලෙස විවේච්නය කළ මිනිස්සු අද රාවය බේරගන්න එක්වීම ගැන. මේ අය උගත් අය උනාර විකටර් අයිවන් කියවගන්න බැරිවෙලා තියෙනවා තාමත්..

      Delete
    4. මාතලං, මම වික්ටර් අයිවන් වෙනුවෙන් පෙනී ඉන්නවා නොවෙයි. මට පැහැදිලිව කියපන් වික්ටර් අයිවන් බොරුව කරනවා කියලා උඹ අදහස් කරන්නේ මොකද්ද? මට අනුව නම් මිනිහා බොහෝම විද්‍යාත්මකව වගේම තර්කානුකූලව ලියනවා සහ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. නිකන් වචනවලින් දමලා ගහන්නේ නැතුව හරියට කියපන් මොකද්ද අයිවන් කරන බොරුව? (වලියට නොවේ)

      Delete
    5. උඹ කියවලා තියෙනවද චෞර රැජිණ. ඒ පොතේ තියෙන සමහර කොටස් රාවයේ පළවුන වික්ටර්ගේ ළිපි. අද තරම් හොරකම දූෂණය රජ කරපු යුගයක් මේ රටේ කවමදාවත් තිබුනේ නෑ. එක ආයතනයක් හොරකමක්, වංචාවක්, දූෂණයක් ගැන එක ළිපියක් ලියනවද අද. ඒදා ඒවා පුද්ගල නම්, ළිපි ලේඛන එක්ක දැම්මේ. ක්‍රිකටර්ස්ලගේ පඩු මුල් පිටුවේ මේන් හෙඩින් එකට දාපු මිනිහා. දන්දෙනියලා, ඩී ඇස් ලා ක්‍රිකට් බෝඩ් එක බංකොලොත් කරලා යනකන් කටක් ඇරියද? 18 වෙනි සංශෝදනය ගෙනල්ලත්, තාම ජේ ආර් මරාගෙන කන එක කරන්නේ. මේ විධායකය නම්බර් වන්. රටේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි, ළමයි හදන හැටියි, චෙස් අදින හැටියි. පොත් කියවන් ඒවා ගැනයි ළිපි ලියන්නේ. තිසරණීගේ ළිපියයි, විමලෙගෙ කොලමයි නැත්නම්, මම පත්තරේ ගැනිල්ල අත ඇරලා ගොඩක් කල්.

      වෙන දෙයක් ඕන නෑ. පටිසෝතගාමි වන්දනාවට ලොක්කා ලොකු කරගෙන එදා ඉඳන් හිටපු මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට පවා ගහපු ගැහිල්ල ඇති මිනිහා කවුද කියලා අඳුනගන්න.

      Delete
    6. ආන්න ඒක තමයි මාතලන් කියන්නේ මේ කිසිම කෙනෙක් සද්භාවයෙන් ඉන්නවා නෙවේයි කියලා..නමුත් එක පාරට තේරුම් ගන්න බැහැ,පුද්ගලයා කව්ද කියලා අඳුන ගන්න කාලයක් යනවා..පුද්ගලයා දක්ෂයෙක් නම් සෑහෙන කාලයක් වෙස් වලාගෙන ඉන්නවා...

      ( ප්ලීස් බාහු ගැන දිගට කතා නොකර ඉමු මෙතන..නමුත් මම එදා කිව්වෙත් ඒ වගේම දෙයක් ගැන මාතලන්..එයාව එළි වෙන්න තව කල් ඕනේ..)

      වෙස් වළාගෙන බබ්බු වගේ ඉන්න මිනිස්සු තමයි නියම ගේම් කාරයෝ.චෞර රැජිණ ලිව්වේ පැහැදිළිවම ද්වේශයෙන්.අපිත් ටිකක් මැඩම් එක්ක හිත් අමනාප නිසා අපිත් හූ මිටි තිබ්බා " ඇත්ත තමයි " කියලා..

      මැඩම් මල්ල පුරෝලා දුන්නා නම් චෞර රැජිණ ලියවෙන්නේ නැහැ..මම මේ කියන දේ අද පිළිගන්න එකක් නැහැ..නමුත් කවද හරි තේරේවි...

      Delete
    7. චෞර රැජිණ ලිව්වේ තනිකර වෛරය පිරිමහගැනීමට. ඒ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා ඒ මිනිස්සු නිහඬව ඉන්නවා. ඒත් වික්ටර් අයිවන් ලඟින් ඇසුරු කරපු මිනිස්සු දන්නවා ඔහු කව්ද කියලා. මට දුක මේක බේරගන්න ඉදිරිපත් වෙච්ච අවංක මිනිසුන් ගැනයි.

      Delete
  25. මාතලන් හිතන්නේ සදාචාරවත් මාධ්‍යයක් කියලා දෙයක් ලංකාවේ නෙවෙයි ලෝකේ කොහෙවත් තියෙනවා කියලාද,ඊශ්‍රායලය පොස්පරස් ගහලා ගාසා තීරයේ ළමයි මරනකොට නොදැකපු, ගුවන්තනාමෝ සිරකඳවුරේ සිරකරුවොන්ට ඇමෙරිකා හමුදා කරන ආඩම්තේට්ටම් නොදැකපු BBC,CNN, Aljazeera,Channel 04 අපේ වැරදි විතරක් දකින්නේ ඒක බටහිර මාධ්‍ය සදාචාරය නිසාද?
    මර්වින් සිල්වා රූපවාහිනියට පැනලා ගැහුවම ඒක සජීවීව මුළු රටටම පෙන්නලා පස්සේ මුකුත් නොවුණු ගානට SLRCඑක හිටියේ මොන සදාචාරයට අනුවද? නයි ටී එන් එකටත් වඩා සිරසෙන් රනිල්ට ගහන්නේ ඇයි,
    නිදහස් හෝ සදාචාරවත් මාධ්‍ය කියන්නේ හිතලුවක් පමණයි,කවදාවත් එහෙම ඒවා බිහිවෙන්නේ නෑ,මෙච්චර කාලෙකට තිබුනෙත් නෑ.දැන් මාධ්‍ය කියන්නේ කලාවක් නෙවෙයි, සේවයක් නෙවෙයි,තවත් එක ලාභ ලබන ව්‍යාපාරයක් විතරයි,හරියට අර චන්ද කාලෙට පෝස්ටර් වල ඉන්න මහත්මා දේශපාලනයේ යෙදෙන 'මහත්හොරු' වගේ.

    ReplyDelete
    Replies
    1. ඉතාම කනගාටුයි සහෝදරයා. ඔබත් ඉල්ලන්නේ මළ කුණු. සමාන්‍යයෙන් දියුණු රටවල ප්‍රතිපත්තිය තමයි, තුවාලකරුවන් හෝ මියගිය අයගේ දර්ශණ ඉදිරිපත් නොකිරීම. ඔබ දන්නවද දන්නෙ නෑ. සදාම් හුසේන් එල්ලා මැරීමේ දර්ශණ පෙන්වීම නිසා ප්‍රසිද්ධ මාධ්‍ය දරුණු විවේචනයට ලක් උනා.

      වෙන රටවල් අවශ්‍ය නෑ උදාහරණවලට. අපේ රටෙත් තවමත් ඉතා හොඳ මාධ්‍ය ආයතන තවමත් තියෙනවා. අනික මුළු ළෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් මාධ්‍ය සදාචාරයක් යුද්ධය පැවති සමයේ පවා පවත්වගෙන ගියා. මේක වෙනස් උනේ. මහින්ද චින්තනය යටතේ, ඒකයි දුක...

      Delete
    2. මටත් කනගාටුයි සහෝදරයා,මම මළකුණු ඉල්ලනවා නෙවෙයි,මම කිව්වේ අද වන විට සදාචාරවත් මාද්‍ය කියා දෙයක් නොමැති බවයි,මේ වැඩේ ස්වර්ණවාහිනිය නොකලා කියා වෙනසක් නෑ, ස්වර්ණවාහිනිය මෙය හිට් වෙන නිව්ස් එකක් ලෙස සැලකුවා මිසක් මේ තරම් විරෝධයක් සමාජයේ ඇතිවෙවියයි සිතුවේ නෑ.
      මෙය අනිත් මාද්‍ය වාසියට ගත හැටි ඔබට නිරීක්ෂණය නොවී තිබෙන්නට බෑ, හොඳම උදාහරණය දෙරණ ටීවී මෙය විකාශය කල අකාරය, ඔවුන් එම දර්ශනම සංස්කරණය කරමින්,කළු පසුබිම් දමමින් "අනෙකුත් වගකීමක් නැති මාද්‍ය ....." වාර්තා කල ආකාරයට බනිමින් බොරදියේ මාලුබෑම අනුමත කල හැකිද?
      මම නැවතත් පැහැදිලිව කියන්නේ සදාචාරවත් මාද්‍ය කියා දෙයක් නෑ, සෑම මාද්‍ය ආයතනයක්ම ජනතාවට සත්‍යය පවසනවාට වඩා තම පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩකිරීම මුල් කොට සලකනවා, ඔව්න් කිසි කෙනෙක් ජනතාවට දෙන්නේ සත්‍යය නෙවෙයි තමුන්ට අවශ්‍ය චිත්‍රය ජනතාවට පෙන්වීම පමණයි කරන්නේ.

      සදාම් හුසේන් එල්ලා මැරීම පෙන්නපු මාධ්‍යම ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන හැටිත් සජීවීව පෙන්නුවා. දෝෂදර්ශනයට ලක් උනා කියා ඔව්න්ගේ ජඩ මාධ්‍ය භාවිතය වෙනස් කලේ නෑ.

      යුද්ධය පැවතී සමයේ ජනතාවගේ මානසික තත්වය බොහෝ වෙනස් ඒ කාලයේ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය මෙසේ වූවානම් මේ මාධ්‍ය ආයතන වලට ජනතාව ගිනිතියනවා,ඒ කාලයේ සල්ලි දීලාවත් සිරස බලන කෙනෙක් සොයාගන්න නොහැකි වුනේ එකයි, යුද්ධය වාර්තා කල නාලිකා අතරින් විශිෂ්ටතම නාලිකාව වුනේ ITN. වඩාත්ම හිට් උන වෙබ් අඩවිය වුනේ www.diffence.lk ,අද කව්ද ITN නිව්ස් බලන්නේ? www.diffence.lk තියෙනවද කියලවත් අද දන්නවද?
      //"අනික මුළු ළෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් මාධ්‍ය සදාචාරයක් යුද්ධය පැවති සමයේ පවා පවත්වගෙන ගියා. මේක වෙනස් උනේ. මහින්ද චින්තනය යටතේ"//
      ඒ වගේම ඔබ කියන මුළු ලෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් සදාචාරය යුධ සමයේ පැවතුනෙත් මහින්ද චින්තනය යටතෙමයි.
      ඒකයි මම කියන්නේ මාධ්‍ය තවදුරටත් බිස්නස් එකක් පමණයි,අරමුණ හිට් වීම සහ ලාභ ලැබීම.ස්වර්ණවාහිනිය විතරක් මේ රැල්ලෙන් වෙනස් වෙන්නේ නෑ.ඔවුන් හැමෝම මේ ජඩ මාධ්‍යය පවත්වාගෙන යාමට දායක වන්නන්,

      හැබැයි සමාජමය සහ දේශපාලනමය කරුණු වලින් වියුක්ත වුනාම මේ තත්වය ගොඩක් වෙනස්,බොහෝ නිර්මාණශීලී මිනිසුන් මාධ්‍ය තුල වෙසෙනවා,
      රෑ ඉරපාන, වෙනස,සංහිඳ වගේ නිර්මාණ බිහිවෙන්නේ ඒ නිසයි.

      අපේ ජන ජීවිතය උඩු යටිකුරු වුනු අවස්ථා දෙකක් ඉතිහාසයේ තිබෙනවා,
      එකක් 77 විවෘත ආර්ථික සංකල්පය-මේකෙන් අපේ මිනිස්සු අසීමිත අවශ්‍යතා ඇති, අරමුණක් නැති පිරිසක් බවට පත වුනා,
      දෙවැන්න 2005 මහින්ද චින්තන සංකල්පය-මේකෙන් අපේ මිනිස්සු පාදඩයන් බවට පත වුනා,නීතියක් නැති වුනා, සියල්ල දේශපාලනීකරණය වුනා,
      77 ට පෙර හා 2005 ට පසු සමාජය දකින්නෙක් විදිහට ඔබට මේ විපරියාසය නොපෙනෙන්නට හේතුවක් නැහැ. ඉතින් මාධ්‍ය කියන්නෙත් මේ සමාජයේම කොටසක්.

      ඔබගේ ලිපිය සමග මා 1000% ක් එකඟයි, මම කියන්නට උත්සාහ කලේ මින් මත්තට සදාචාරවත් මාධ්‍ය නැහැ (මොකද හැම මාධ්‍යයක්ම කාගේ හෝ සමාජමය හා දේශාපාලන මතයකට අනුව හසුරුවන නිසා) එය අවශ්‍යමනම් අපට සිදුවෙනවා කාලය තරණය කරමින් අතීතයට යන්න.

      Delete
  26. මම ටීවී එකක් ගෙදරට ගෙනාවෙ අපේ ගෙදර උන්දැට නාට්‍ය බලන්න ඕනෙ කිව්ව හින්දා. දැන් හිතෙනවා අපි සල්ලි වියදම් කරගෙන මුන්ගෙ අසික්කිත ඇඩ් බලන්නෙ මොන එහෙකටද කියලා. අපරාදෙ අපේ කාලය.

    ReplyDelete
    Replies
    1. උඹ නෝනට ආදරේ නම් ඔය කුණු ජරාවල් බලන්න දෙන්න එපා. අන්තිමේදි පවුල් ජීවිතෙත් නැතිවෙලයි නවතින්නේ..

      Delete
  27. ලංකාව තුල මාධ්‍ය භාවිතාව ගැන, සමාජ වගකීම් ගැන වගේම මාධ්‍ය ආචාර ධර්ම ගැන අවබෝධයක් තියෙන මාධ්‍යවේදියෝ හිටියා. ගොඩ දෙනෙක් රට හැර ගිහිල්ලා. ඉතුරු පිරිස ලියන එක ගැන කලකිරිලා ඒක නවත්තලා. ලූලා නැති වලට ඉතින් අතිපණ්ඩිතයෝ මේ අය තමයි දැන්.
    ඔය රූප රාමුවම තව රූපවාහිනී චැනලයකට මේ පුද්ගලයා යවා තිබෙන බවත්, එතන ඉන්න මොලේ තියෙන එකෙක් ඒක විකාශය කරන වලක්වලා තියෙන බවකුත් කියවෙනවා. ස්වර්ණවාහිනියට නම් ඉතින් ඕන වස්ත්‍රයක් නේ! හේම නලීන් ගිය දවසෙමයි ඕකේ පිරිහීම පටන් ගත්තේ!

    ReplyDelete
    Replies
    1. සමහර චැනල් ප්‍රදර්ශණය කළේ නෑ සබිත්. ඔවුනට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි...

      Delete
  28. මගේ නම යහපත් ඇනෝ.

    ReplyDelete
    Replies
    1. ඔයාට අමිල චතුරන්ග ඇරියා... අපි දන්නවා....

      Delete
  29. මේ දිනවල ප්‍රවෘත්ති දෙස බලා සිටින විට මෙවන් අදහස්ම මටද ඇතිවුනි. එහෙත් ඌනපූරණයක් අවශ්‍යයැයි හැඟේ.
    රටේ වත්මන් තත්වය = දේශපාලනය+මාධ්‍ය හැසිරීම+ආගම අවභාවිතය
    මේ සියල්ල එකිනෙකට සම්බන්ධය.
    මැණික්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නමුත් මේ සියල්ලට මූලික හේතුව = මාධ්‍යය...

      Delete
  30. මාතලන් මෙවන් වල් බූරු නිදහසක් ඇති කරන්න එපා.මාධ්‍ය ආයතන ප්‍රධානීන්ම අදහස් කියලා තියෙන තැනක ගරුත්වේ හරි රැක ගන්න.මෙතෙක් දැකපු හොඳම කමෙන්ට් තියෙනවා මේ පෝස්ට් එකට වැටිලා.එතනම මොකෙක් හරි ගොනෙක් ගොන් ඇනෝ කමෙන්ට් එකක් දාල.වැදගත් අදහස් නැති වෙලා පල් අදහස් වලට ඉඩ දෙන එකම මෙතනත් වෙනවා නම් කවද වත් මේ දේවල් ගොඩ ගන්න බැහැ.දැන් වත් ගොන්නුන්ට හරක් වැඩ කරන්න දෙන්න එපා.

    මාලන්.

    ReplyDelete
    Replies
    1. ඔවුන් කව්ද කියලා බලන අයට තේරෙනවා. මානසික ලෙඩ්ඩු කොතනත් ඉන්නවා. ඒත් කොමෙන්ට්ස් මොඩරේට් කරන්න මම කැමති නෑ... දරුණුම ඒවා අයින් කරනවමයි...

      Delete
  31. බෙහෙවින්ම එකගයි.ස්වරනවාහිනිය හා එහි පිලිකුල් භාවිතාව ගැන කතිකාවතක් ඇතිවීමට කාලයයි මේ..රූපවාහිනී නාලිකාවක් හා තරග කිරීමට බැරි වුවත් අකමැත්ත හා පිලිකුල පෙන්නීමට ඉඩක් වෙන්කිරීමට ස්තූතියි මචන්..
    - පත්තර මල්ලි -

    ReplyDelete
    Replies
    1. මේවා මෙතනත් කතා කරන්නෙ නැත්නම් කොතනද කතා කරන්නේ...

      Delete
  32. තිසර May 28, 2013 at 5:32 PM කොමෙන්ටුව හරියටම හරි,

    ReplyDelete
  33. මට නම් ලංකාවේ රූපවාහිනි මාධ්‍යයේ කැමතිම යුගය තිබුනේ ගංගානාත් සර් ජාතික රූපවාහිනිය කරපු අවුරුදු දෙක . ඔය කුහක සදාචාර කාරයෝ ඔක්කොමත් බැන බැන ඒ කාලේ රූපවාහිනිය බැලුවා , ඊලඟ එච් .ඩී මහත්තයා ඉන්න කාලේ ස්වර්ණවාහිනියත් , ලක්ෂපති මහත්තය කරපු සමහර වෙනස් කම් වලටත් මම කැමතියි

    ReplyDelete
    Replies
    1. අද වැදගත් මිනිහෙකුට තැනක් නෑ. හැමතැනම බඩු කාරයෝ බදු අරගෙන

      Delete
  34. දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරනය ඇතුලු හැම ක්ෂේත්‍රයකම වගේ ජනමාධ්‍ය තුළත් ප්‍රතිපත්ති ගරුක ගෞරවණීය වෘත්තිකයින් වගේම රට ජාතිය, මළ මිනී පවා විකුණගෙන කන්නන් සමසේ ඉන්නවා. ඔවුන් එකිනෙකාගෙන් වෙන් කර හඳුනාගැනීමට අවශ්‍ය 'විඥාණය' (වචනෙ හරිද මන්දා) අපි වගේ හුදී ජනයාට තියෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඒක අපිට තියෙනවා නම් ටීවී එකේ චැනල් මාරු කරන බොත්තම පාවිච්චි කරලා, රේඩියෝ එකේ මීටරේ කරකවලා අපිට අවශ්‍ය දේ ‍තෝර ගන්න පුලුවන්. කුණු පත්තර සඟරා සල්ලි දීලා නොගෙන ඉන්න පුලුවන්. ඒක (විඥානය ද මොකද්ද එක) පාවිච්චි නොකරනතාක් කල් උං (පාදඩ ගනයේ මාධ්‍යවේදියො) අපේ සහ අපේ දරුවන්ගේ මොළ හූරගෙන කාවි.

    ReplyDelete
    Replies
    1. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ. අපේ සමාජය රිමෝට් එක පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න. වැඩියෙන්ම බලන්නේ ලයිව් ඇට් එයිට්. හේතුව. මිනිස්සු ඉල්ලන්න ජරාව. දෙන්නෙත් ජරාව..

      Delete
  35. මාධ්‍ය මුදලාලිල සහ ලක්ෂපතියා ( උගෙ නාමයට සදාකල් ශාප වේවා )වගෙ සමහර ජඩ මාධ්‍ය පාදඩයො තමයි මේ තත්වයට වග කියන්න ඕන.ඕන ම කුණු ගොඩක් විකුනන එක උන්ගෙ රාජකාරිය.
    තක්ෂණයත් එක්ක මේ තත්වය වෙනස් වේවි.දැන් බලන්න බ්ලොග් අඩවි නිසා හුගක් දෙනෙක් ඉස්සරහට වඩා කතා කරනවා.ඒක හොදයි.පාලු ගෙවල්වල වලන් බිදපු යුගය ටිකක් ඉවරයි.
    මේ තත්වය තවත් දියුණුවෙලා ඩිජිටල් යුගයට ආවම මේ ප්‍රශ්න විසදෙයි.අද ටී වී චැනල් එකක් කරන එක හුගක් අමරු එකක්.නමුත් මේ තත්වය පවා විප්ලවකාරී තාක්ෂණ විප්ලවය හමුවේ වෙනස් වේවි.

    අසංවිධානාත්මක ප්‍රජාව තමයි අනෙක් හේතුව.එහෙම වෙලා තිබෙන්නෙ සංවාදශීලීත්වයක් නැති නිසා

    ReplyDelete
    Replies
    1. නිමල් ලක්ෂපතිආරච්චි තමයි මාධ්‍යයට තැනක් හැදුවේ, හිඟන්නෝ මනුස්සයෝ කළේ. ඒ මනුස්සයට බැනලා වැඩක් නෑ. දැන් ඉන්න උනුයි කාළ කාලකන්නි. ඒ මනුස්සයා මේක මෙච්චර පහතට ඇදලා දැම්මේ නෑ. හිරු ටී වී උනත් පටන් ගන්න කොට තිබුන ප්‍රමිතිය දැක්කනේ.

      බ්ලොග් තිබුනා කියලා මහා වෙනසක් වෙලත් නෑ. මේකෙත් වැඩිපුර ඉන්නේ මොන්ටිසෝරි බබාලා.. මල් කුමාරයෝ සහ මට්ට මෝඩ කෙල්ලෝ...

      Delete
  36. රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ - හොද ලිපියක්. අපේ අය ජිවත් වෙන්න ක්‍රමයක් නෑ කියල ඕනෑම වරදක් කරන්න සුදානම්. එහෙම හදවතට විරුද්ධව සධාරනිකරණය කරාට දියවැඩියාව හැදෙන එක නවත්තන්න බෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න