.

.

May 22, 2013

නෙලනවා බුදු හිමියණි උණු, පැනි බේරෙන්නම සිරසින්...!!! - Wesak Greetings...!!!



බුදුන් දෙසූ බුද්ධාගම සිං හලයා හට පම                             ණද
සිවුරු ඇඳන් ගිනි තිබ්බම සසර ගමන කෙටි වෙන               වද
රට වෙනුවෙන් මිනි මැරීම නිවන් දකින පිනක්                 නේද
බුදු හිමියනි ඔබවත් මට මේවා පහදා දෙන                           වද

පෝය දවසෙ සිල් අරගෙන ප්‍රතිපත්තිය සුර                    කිනවා
සිල් අරගෙන ගොසිප් බෙදන් පඩ ඇර ඇර නිදි               යනවා
හැන්දෑවට දන්සැල් දී මද පමණින් සැන                       සෙනවා
ආමිස පුජා ආතල් පාර දිගේ ඇවි                                     දිනවා

දන්ත ධාතු මොන ධාතුද සැරියුත් මුගලන්නෙ                    ධාතු
කොහේ ඉඳන් වැඩියාදයි කියපන් මට උඹ සි                    යාතු
වෙසක් කලාපය රට වට විදුලි බුබුලු කරන් ප                     ත්තු
කොල්ලෝ සිරි නරඹනවා හිරවී හොඳ හැටි හේ                 ත්තු

ඉස්සර නම් කාඩ් යැව්වේ සිරි සුභ වෙසඟක් කි                  යලා
දැන් එවන්නේ ඇස් ඇම් ඇස් විස් යූ හැපි වෙසක්              ඩලා
මේවා දැක දැන් නම් බන් ඔළුවත් මගෙ අවුල්                 වෙලා
සෝවාන් සහ තිකේ ගන්න හොඳම තැනක් කියනු            බලා

දන්සල් දෙන්නත් හිමියනි ගන්නට ඕනා ලයි                       සන්
වේවැල් අරගෙන එනවලු රාවය සහ බොදු බල                 සෙන්
පොලීසියේ ඩියුටිය අරගෙන මුන් නැටුවොත් හෙම ජවු       සන්
නෙලනවා බුදු හිමියණි උණු පැනි බේරෙන්නම සිර              සින්
 
බලුබ් දාන් රජ මැතිදුන් ප්‍රීතී වෙසක් සම                           රණවා
උන්ගෙ බිලත් අපි ගෙවලා මැනීයන්ට පින්                     දෙනවා
ඉස්සර නම් අපෙ ගෙවලුත් බලුප් දාලා බබ                       ලනවා
අනේ හිමියනේ දැන් බෑ බිල ආවම ඇඹ                         රෙනවා

දෙසුවා හිමියනේ මේ මුලු සසර              ගිනී
පොඩි උන් මැරේ ළිං පතුලේ වැටින්       මුනී
රජ මැදුරට පසලොස්වක උදා                  උනී
අමාවකයි අද මට බුදු පියා                     ණනි

පොඩි මිනිහටත් දන්සල් දිය හැකි වෙසඟක් උදා වේවා....!!!!

-x-
ප: ලි:
බැතිමතුන්ගේ පහන් සංවේගය පිණිස, 2010 මගේ බොගේ වෙසක් පැතුම පහත පලකරන්නේ,  ලින්ක් දැමුවාට බලන පිරිස ඉතා අල්ප බැවිනි.


 
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ              වරෙල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර්                           දමල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ්          වෙයල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත                  ඇවිල්ලා

දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර                    වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ                    ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ                 රකීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම                  වේවා

-x-

පිනක් දහමක් කරගෙන බනක් දහමක් අසාගෙන නිවී සැනසී ඉන්න, මේ ටිකේ මම ගමේ යන්නෙයි කියල... ඉඩක් ලැබුනොත් මොන මොනව හරි ලියඤ්ඤං......//

ලැබුන කොමෙන්ට්ස් ගාන තුනයි... :)

136 comments:

  1. හි... හී...
    හි...හී...
    හි... හී...
    හි...හී...
    හි... හී...
    හි...හී...

    හිරුටත් කලින්... හි හී....

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ බුඩිස්ට්ද කිව්වේ ඔය කරන්න?

      Delete
    2. අනේ මචන් ඔය ප්‍රශ්නෙ අහන්න ඕනි ඔහොම නෙවෙයි...
      "ඔයාලගෙ බුද්ධාද ඔහොම කරන්න කිව්වේ"...

      පිළිතුර
      මචන් බුද්ධා අරක කරපන්, මේක කරපන්, අරම කරන එකා මරපන් කියලා කොහේවත් කියලා නෑ...

      පව් නොකිරීම, කුසල් ඉපදවීම, සිත දමනය යන කාරණා සදහා යායුතු මග පෙන්වීමක් තමයි කරලා තියෙන්නේ... කැමති එකෙක් ඒ මග යනවා... නැත්තම් නිකා ඉන්නවා... හැබැයි නිකන් හිටියා කියලා මරන්නෙ නෑ....

      Delete
    3. AnonymousMay 22, 2013 at 9:44 PM

      මට ඇස් දෙක වහගෙන මේ කව්ද කියලා කියන්න පුළුවන්.

      Delete
    4. පුලුවන්නම් කියපන්... මම කොමෙන්ට් එක දාපු එකාමයි...

      Delete
    5. උබ --------

      Delete
    6. කියන්න මෙයා... ලැජ්ජද ඔයාට.... අද කෙන්ජි අන්කල් පේන්නත් නෑ... නැත්තම් ලැජ්ජ බය නැති කොරලා දෙන්න තිබ්බා....

      Delete
    7. අංකල් කෙනජිට අද අහවල් එක වෙලා.

      Delete
  2. රත්න ශ්‍රී ලා පාරදයිනේ බොලේ මේ මහාචර්යතුමාගේ කවි ටිකට.......

    කවියක්,දෙකක් ගත්තාට කමක් නැද්ද.....මුණු පොතට දා ගන්ට...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. අපි ගැනත් පොඩියට හරි සඳහනක් දාන්න. ඒ නැතත් අවුලක් නෑ. අන්තර්ජාලේ විතරක් නෙමේ පත්තරවලත් දානවා. වෙන අයගේ නමින්. දුකයි... ඒත් මැරෙන්නය....

      Delete
    2. රායිට්...බොහොම ස්තුතියි...අනිවාර්යෙන්ම සදහන් කරන්නම්...

      මැරෙන්නේ මක්කැයි..

      නිර්මාණ කොල්ලයත්,මේ රටේ ඉහලින්ම තියෙන දෙයක් තමයිනේ
      "බුද්ධිමය දේපල නිතිය" කියලා එකක් තියෙන්නේ එක යටතේ මුකුත් කරන්න බැලුවේ නැතෙයි..

      Delete
    3. තරහා අවසර,
      මම ද ඉද හිට උපුටා ගැනීම් කරනවා. නමුත්, ආගිය තැන් සඳහන් කරන්න අමතක කරන්නේ නැහැ

      Delete
  3. මේ වගේ තව එකක් දැක්කා කොහේ හරී..
    අන්‍තිම පදය විතරක් මතකයි

    "යනවද නිවන්,නැත්නම් තෝ යවන්නද"

    ReplyDelete
    Replies


    1. බොනවද දහම් පැන් - නැත්නම් පොවන්නද?
      මොනවද අඩෝ පන්සිල් - නැත්නම් කණ පලන්නද ?
      වෙනවද නිදුක් -නැත්නම් දුක් නිවන්නද?
      යනවද නිවන් නැත්නම් තෝ යවන්නද?

      Delete
    2. ඔය තියන්නේ බඩු...ස්තුතියි සහනෝ....

      Delete
    3. අමතක වෙච්ච පරන කතා අහනවනම් සහන් මල්ලිය ගෙන්ම තමා අහන්න ඕන.

      Delete
    4. @ SS
      දෙවෙනි පදේ මාත්‍රා (අකුරු) වැඩියි.

      Delete
    5. ahenam muthra karaham

      Delete
    6. මොනාද ඩෝ පන්සිල් - නැත්නම් කණ පලන්නද ?

      කියලා තමයි දාන්න වෙන්නේ එහෙනම් .. පේළි 4 ම මුල් පද වෙනස් කරන්න ගියොත් කවියම වෙනස් වෙනවා..අනිත් දේ තමයි මම මේ කවිය හදපු කෙනා එහෙම නෙවේ ..

      Delete
  4. හැපී වෙසක් සහෝ :p

    ReplyDelete
  5. Replies
    1. මොකද මේ බන් ගොන් කොමෙන්ට් එක හැම තැනම දදා යන්නෙ?

      Delete
    2. එක එකා ගොන් පාර්ට් දානවා.ලාබෙට අන්තර්ජාල පහසුකම් දීමේ ඵල විපාක තමයි.

      Delete
    3. ඉරට යටින් තිත.ඔබට වචන එන්නෙ නැත්නම් මට වචන එන හැටි ඉගැන්විය හැක.
      මම වචන කටින්,අතින් කියවීමට/ලිවීමට පුරුදු කිරීමට උපන්නෙක්මි.

      Delete
    4. අනේ කෙනජි, වල්කම වෑහෙනවා. මම වල්කම කියලා කියුවේ අනිත් වචනේ කියන්නේ නැතුව.

      Delete
    5. සමාවෙන්න ඕනා, කොන්ද පනනැති උන් නමක් ගමක් නැතිව අරමුනක් නැතිව ගොන් පාට් දාන එකේ අරමුනක් ඇතිව මගේ නමින් මගේ Profile එකෙන් දැම්මම ඕහෙට තියන ඇම්ම මොකක්ද මහත්තයො.

      Delete
    6. මොකක්ද බන් ඔය දාපු "!" එකේ අරමුණ? එකෙක් ඉස්සර තරුවක් දම දම ගියා මතකයි....

      Delete
    7. ඒක ඉස්සරහට කියන්න ඉතිරි කලා

      Delete
    8. මටත් වෙන කියන්න දෙයක් නෑ මචන්.. "ලාබෙට අන්තර්ජාල පහසුකම් දීමේ ඵල විපාක තමයි."

      Delete
    9. ලාබෙට අන්තර් ජාල පහසුකම් හම්බ උන හින්දා තමයි මෙච්චර සිංහලෙන් ලියන් උන් වැඩිඋනේ . ඒගැන ආඩම්බර වෙනවා ඇර උබ වගේ කුහක කම් කර කර ඉන්න කියලද කියන්නේ

      Delete
    10. උඹ හරි... හැබැයි ඒ තර්කයම උඹට දැම්මොත්, අපි කුහක කම් කරපු නිසා නොවෙන්නම් ඔය කට වහගෙන එක එක සයින්ස් දාගෙන හිටපු උඹ කතාතරන්න පටන් ගත්තෙ... ඇයි ඒක නරකද?

      Delete
    11. මම දාන සයින් එක මම දාගන්නම් ඒක මගේ බ්ලොග් එකනේ. ඒකේ මම කරන දේ මම කරන්නම් වෙලාවක් තියනවනම් තව ටික දවසකින් ඇවිත් යන්න ඔය තියන අදහස අයින් කරගෙන.

      Delete
    12. හූ හූ.... උඹ නිකන් බයිට්...
      අපි එන්නෙ නෑ උඹේ එක බලන්න....

      මුලින්ම ලින්ක් එක දාලා "හොද ලිපියක් මේ පැත්තෙත් එන්න " කිව්වනම් ඉවරනේ.... බොරුවට ස්පෑම් දාන්නෙ නැතුව...

      පව් බන් උඹ, තමන්ගෙ බ්ලොග් එක මාකට් කරන්න කුණු ඔබ ඔබ යන්නෙ අනුන්ගෙ බ්ලොග් වල.... බ්ලොග් අවකාශෙ ගද ගස්සන්නෙ උඹල වගේ එව්වො තමා....

      Delete
  6. niyama kawi pada tika. subha wesak ulelak wewa!

    ReplyDelete
  7. එළම කවි සෙට් එක මාතලන්...
    //දන්සල් දෙන්නත් හිමියනි ගන්නට ඕනා ලයි සන්
    වේවැල් අරගෙන එනවලු රාවය සහ බොදු බල සෙන්
    පොලීසියේ ඩියුටිය අරගෙන මුන් නැටුවොත් හෙම ජවු සන්
    නෙලනවා බුදු හිමියණි උණු පැනි බේරෙන්නම සිර සින් //
    මෙන්න මේ කවියේ විතරක් යවහන් දොසක් ඇත. එය ද නොතිබුණේ නම් ඔබත් පිරිපුන් සදැස් කවියෙකි.

    ReplyDelete
    Replies
    1. දොස කුමක්ද කියා සදහන් කෙරුවනම් නේද මලේ එල?

      Delete
    2. "උණු" කියන තැනින් කැඩෙන්නේ. "හිමියණි" කියන් තැනින් කැඩුවෝත් අවුල්...

      Delete
    3. ඒත් අප්ෂට් නම්. එන්න ඕන හැටි කොහොමෙයි කිව්වනම්...

      Delete
    4. අන්තිම පදය මෙහෙම උනා නම් හොඳයි කියලා හිතනවා මාතලන්

      සත්තයි නෙලනවා හිමියනි පැණි බේරෙන්නම සිරසින්

      Delete
    5. යවහන් දොස යනු සිව් පද කවියක ය, ව, හ, න් යන අකුරු වලින් අවසන් වන්නේ නම් එන අකුරට පෙර අකුර පද හතරේ ම එකක් නොවීමයි. දොස නොවීමට නම්, උදාහරණ හැටියට ඉහත කවියේ පද හතරෙම අවසන් අකුරු දෙක සන් වීම සෑහේ. ඒ සඳහා ගැලපෙන වදන් යොදා ගැනීම කවියා සතුය.

      Delete
    6. @ AnonymousMay 22, 2013 at 9:13 PM

      Thanks Ano....

      Delete
    7. හැබයි ඒක මහ අසාධාරණ නීතියක් නේ. ඒ ඇර මටනම් රසමකවිය මේ කවිය කියලයි හිතෙන්නේ.. කමත්වා....

      Delete
    8. ඇනෝ මිත්‍රයා උත්තරය දීල තියනවානේ මාතලන්.. මේක අසාධාරන නිතියක් වගේ තමා.. ඒත් සදැස් කවියේ සම්මතය එයයි. මා වරද පෙන්වා දුන්නේ නිකමට වගේ..

      Delete
    9. යවහන් 'දොසක්' කියල පිලි නොගන්න කවියො ඉන්නව. ඇත්තටම ඕක විකාරයක් වගේ මට නං.

      Delete
    10. මාතර යුගයේ කවියෝ යවහන් දොස වත් බොහොමයක් කාව්‍ය රීති වත් සැලකුවේ නෑ.ඒත් ඒ කවි වල වින්දනාත්මක කම තිබුනා.

      Delete
    11. මානවක & රාජ් මේ යවහන් නිතිය බොහෝවිට සන්දේශ කාව්‍යත් එක්ක ආ දෙයක්.. ඉන් මතු පැරැණි කවින්ද එය සම්මතයක් සේ රැගෙන ඇවිත් තිබෙනවා... ඒ සම්මතය බිඳ දැමු කවින්ද සිටිනවා..
      එවන් අය ගද්‍ය රචනයේද සිටිනවානේ.. අජිත් තිලකසේන එවන් කෙනෙක් නේ.

      Delete
    12. මමත් සම්ප්‍රදායට නම් බොහොම අකමැතියි.... මට හිතෙන දේ මම ලියනවා. ඒත් මේ කරුණු දැනගන්න බොහෝම කැමතියි.

      Delete
  8. කවි ටික හොඳට ගොතලා තියෙනවා!

    මාත් ගිය පාර කවි දැම්මා මේ පාර දාන්නේ බණ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ එදාටත් අපිට බණ තලන්න කියනවද?

      Delete
    2. දෙන්නම ගෙදර ගිහින් ගැණිගෙ බණ තලා ගනිල්ලා. තැන තැන රෙන්නේ නැතිව.

      Delete
    3. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන
      hek! hek!
      Ada kaka kiuwe mehemai
      සනත් විජේවර්ධන, ඔබට නිවන් සුව ලැබේවා!
      kakage hakke budures, bokke dhada mas.
      kaka comment waranaya karana nisa demma

      Delete
    4. කියන්නකෝ බලන්න හොඳ බනක්... මේ ඇනෝ පින්වතුන්ටත් යමක් අවබෝධ වෙන්න...

      Delete
  9. කවි ටික නියමයි අයියා
    යතාර්තයනේ ඉතින් :)

    ReplyDelete
    Replies
    1. යතාර්ථය! හොර ගෙඩියා. වරක මඳුල, ඔයා ඉස්සරනම් කීවේ,
      “පාන් කෑල්ලක් හප හප බලන් ඉමු ඕවා කරනකම්!“ කියලා නේද.
      උම්මා
      - හුරතල් ඇනී 2

      Delete
  10. මරු කවි ටික කියල තමයි කියන්න තියන්නේ. පෝය දවසට කැසට් එකකට ගහල පන්සලේ දාන්න වටිනවා තව ටිකක් එකතු කරලා.

    ReplyDelete
    Replies
    1. පන්සල් බුඩිස්ට් නැහැ.

      Delete
    2. කන්න තමයි වෙන්නේ උඹට උපාසකම්මලගෙන්...

      Delete
  11. ඔය කාකා ගැන සිංග්ලිෂ් ඇනෝ කියන හුටපටය බලන්න මංතුමාත් ගොඩවැදුනා නේන්නම්, බලාපියකො යකෝ කාකා බියර් බීලා නිවනට බනිනවා! එත් නිවන් පතනවා!!
    මොකක්ද මේ කියලා හොයල බලන්නේ නැතිව ද්වේශ සහගතව ලියන්න ගියපුවාම ඔහොම තමයි. සිරාවට හත්පොලේ ගා ගන්නවා. කාකා හත් පෝලේ ගා ගත්තාම තවත් කට්ටියක් වටේ පිරිලා හෝඳනවා.

    කකා මාතලංගේ බොගේ වරෙක මෙහෙම කොමන්ට් කරලා තිබුනැයි කියමුකෝ,

    ඇත්තටම මේ කැපිටල් ඇනෝ අංකල් මා සමග ඇත්තේ
    වෛරයක් ද?
    ක්‍රෝධයක් ද?
    ඊර්ෂ්‍යාවක් ද?
    ද්වේශයක් ද?
    නැත්තම් අහවල් එකක් ද?
    -----------------------------
    එතකොට බුද්ධාගම ගැන කකාට ඇත්තේ
    වෛරයක් ද?
    ක්‍රෝධයක් ද?
    ඊර්ෂ්‍යාවක් ද?
    ද්වේශයක් ද?
    නැත්තම් අහවල් එකක් ද?
    (මාතලං පල්ලා මම කෙනජි, රංගෝජා, කැපිටල් ඇනෝ, දේශක ඇනෝ, අහවල් එක වටේ යන ඇනෝ, හී හී ඇනෝ, හුරතල් ඇනී,කෙනජිගෙ වෙරළු මල් ඇනෝ, හෝ සිංග්ලිෂ් ඇනෝ නොවේ.)

    ReplyDelete
    Replies
    1. ඇනලයිස් ඇනෝ ද?

      Delete
    2. නැහැ හි.. හී.. ඇනෝ සහ ඇනලයිස් ඇනෝ එක් අයෙක්..

      Delete
    3. කව්ද බන් ...?

      Delete
    4. කවුද කියන්නෙ කොහොමද මචන් මට ප්‍රොෆයිල් එකක් නැති කොට.... උඹල මාව දන්නෙ නෑ...

      Delete
  12. සුපිරි කවි ටික මාතලන්, පංකාදු පහයි .... අර මාතෘකාව ට යොදලා තියෙන පදේනම් නම් නියමයි... තට්ටෙන් පැණි බේරෙනව මැවිලා පෙනෙනවා ...හික්

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා චන්ඩිත් නිවන් ගියා කියන්නෙත් නැතිව මේ රටේ...

      Delete
  13. පින්වත් අනෝවරුනි,

    කරුණාකර අන් අය ළියු දෑ හා අනුන් ගැන විවේචන මෙතන පලකිරීමෙන් වලකින්න. කරුණාකර ඇනෝවරුන්ට දී ඇති නිදහස නැති කරන්න එපා. ඇනෝවරුන්ද මේ බ්ලොග් සංවාදයට අවශ්යකයි. එහෙත් මෙතරම් පහත් තත්වයට් වැටෙන්න එපා. කතාගැන විවේචන ඉතිරි කලේ මා ඔහුගෙන් මේ පිළිබඳ විමසා අවසර ගෙන ඇති බැවින් පමණයි. ඔහුත් මේවා ඉවත් කරන්න යැයි කීවෝත් ඒවාද ඉවත් කරනු ඇත.

    ඇනෝවරුනි, නිදහස නිසි ලෙස භාවිතා කරන්න. මයියාගේ ළිපිය තේරුම් ගැනීමට නොහැකිවීම ගැන ඉතාමත්ම කනගාටු වෙමි. බෞද්ධයින්ද තලේබාන්වරු ලෙස හැසිරීමෙන් වලකින්න.
    මාතලන්

    ReplyDelete
    Replies
    1. ඔබ කියනා දේ වැටහේ,
      නමුත්, කෙනෙක් ගොන් පාට් කොමන්ට් ලෙස භාවිත කරයිනම් හෝ ගෝන් පාට් පෝස්ට් පල කරයිනම් එය විවේචනය කිරීමට හෝ හාස්‍යයට ලක් කිරීමට කියවන ඕනම කෙනෙකුට අයිතියක් තිබිය යුතුය. එවැනි අයිතියක් කප්පාදු කරන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ඔබේද අඩු පාඩුවකි.
      නමුත්, ලැබුණ නිදහස් අවකාශයේ උපරිම ප්‍රයෝජනය ගෙන, පරුෂ වචන ආදීය භාවිතකරමින් ද්වේෂ සහගත අයුරින් බැණ වැදීම අපි අගය නොකරමු. එවැනි අවස්ථාවකට වැට බැඳීමට ද විරුද්ධ නොවෙමු.
      කකා වැනි අයගේ විවේචන, හාස්‍ය මාතලං වැනි අයගේ වේදීකාවේ රඟ දක්වනුයේ මන්ද? ප්‍රධාන වශයෙන්ම එයට හේතු වනුයේ කකාගේ අඩවියේ එවැනි මත දැමුවාට කකා එය පල නොකර ස්වං ආරක්ෂාව සලසා ගන්නා බැවිනි. අත් දැකීමෙන් කියන්නෙමු.

      Delete
    2. මයියා රවී දාපු පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි මෙතෙක් දුටු තිරිසන්ම දේවල් බ්ලොග් වල . ඒ දේවල් විවේචනය කරන්න ඕනේ යහපත රකින්න .

      Delete
    3. තලෙබන් බුඩිස්ට් නෙහ.

      Delete
  14. බොහෝම අගේට පද බැඳලා ඇති කවි පන්තියක්. පත්තරේට යැව්වේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තාම නෑ... ඔයාගෙ රෙකමන්ඩේශන් එක එනකල් තමයි බලන් හිටියෙ.... දැන් වැඩේ ගොඩ....

      Delete
    2. යකෝ මෝඩ ඇනෝ තෝ දැනගනින් තොට වඩා දෙයක් ගැන පැහැදිළිව දකින්න පුළුවන් කෙනෙක් තමයි තිසර . තොපි ඔහොම ඊර්ෂ්‍යා කරන්න ගියොත් උබලමයි විනාස වෙන්නේ . යකෝ දෙයක් ඉගෙන ගෙන හැදෙන්න බලපන් තිරිසන .

      කෝ අර බුඩිස්ට් ඇනෝ ඒ පාර ?

      Delete
    3. කවුද බන් එහෙම නෑ කිව්වෙ... බ්ලොග් අවකාශෙ අපිට ඉන්න සුසමාදර්ශෙනෙ තිසර කියන්නෙ...තිසර කිව්වොත් ඉතින් ආයෙ සිරා පොරක් තමයි....

      Delete
    4. අපොයි යැව්වා.. ඒත් පලවෙයිද දන්නෙ නම් නෑ...

      Delete
  15. මං බැලුවේ කවුද මේ පියන්ත හේවගේ කියලා.. මාතලන්මද...?

    ඇත්තටම මටත් ලයිට් බිල නම් මතක් උනා.. හැබැයි මං නං ඉතිං කූඩු වලට ඉටිපන්දම් නේ හැමදාම පත්තු කරන්නේ... හි හි ....

    2010 කවිය මෙතනම දාපු එක හොඳයි... මටත් ඔය ජරා වෙස්මූණු බැඳගෙන පාරේ නටන උන් නම් පෙන්නන්න බෑ... එහෙම නට නට ෆුට් බයිසිකල් වල ගිය කොල්ලෝ කට්ටියක් අස්සේ, හයියෙන් යන මෝටර් බයික් එකක් ගිහින් කොල්ලෝ දෙන්නෙක් අඩු කඩා ගත්තා අපේ ඇස් ඉස්සරහා... ඒ උනාට බෞද්ධාලෝක මාවතේ කඩවලත් වැඩි හරියක් ඕවා තමයි තිබ්බේ විකුණන්න... ඒවත් චීනෙන් ගෙන්නපුවා....

    වෙසක් කියන්නේ කොල්ලන්ට පාරේ නටන්න පුලුවන් මගුලක් නෙවෙයි.. ඒත් ඉතිං දැන් ඉස්කෝලෙ යන උන්ට ගේ අස්සේ පදින බයිසිකලේ පාරට දාන්න හම්බුවෙන්නෙ එදාට විතරයි.. මොකෝ ඉස්සර වගේ පාරවල් වල බයිසිකලයක් පදින්න බෑනේ... උන්ට අහල පහල ගෙවල් වල ඉන්න ළමයි එක්ක කතා කරන්න හරි හම්බුවෙන්නෙත් එදාටම විතරයි... ඔය ටික මට හිතුනේ දවසක් වෙසක් බලන්න යද්දී... මේ වෙස්මූණු දෙක දැක්කම මතක් උනෙත් ඒක...

    ReplyDelete
    Replies
    1. හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...

      Delete
    2. ඇයි හි හි කියන්නේ බුඩිස්ට් girls.

      Delete
    3. ඔයා ඒක ගැන හිතන්න යන්න එපා අන්‍යාගමික මලයෝ.හිරු නෝනා ගැන අපි බලාගන්නම්.ඔයා පැත්තකට වෙන්න.

      Delete
    4. අපේ රටේ මිනිස්සුන්ට වෙන ෆෙස්ටිවල් එකක් නෑ. මේ කරණ දේවල් කරන්න. වෙසක් වලට මේ දේවල් කරන්න නොදුන්නොත් වෙන්නේ. මිනිස්සු නත්තලට මේ දේවල් කරන්න පටන් ගනීවී..

      Delete
  16. හික්ස්!!! එහෙනම් බලමු මේ පාරත් වෙසක්!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්...
      හික්ස්...
      හික්ස්...
      හික්ස්...
      හික්ස්...
      හුක්ස්...

      Delete
    2. හික්ස්!!! එහෙනම් බලමු මේ පාරත් වෙසක්!!!
      බලන්නකෝ මෙයාලා, පෝස්ට්එක කියවලා, පුදුමාකාර විදිහට කරුණු එක් රැස් කරලා, මාර ට්‍රයි එකක් දීලා දාපු කොමන්ටුව. අපිටත් හිකිස්.

      Delete
    3. බලාගෙන වේවැල් හමුදාවත් පාරේ ඇති...

      Delete
  17. ඇනෝ වරුනි මුග්ධ නොවන්න.මේ වෙසක් සමයයි.

    ReplyDelete
  18. මහපොළොවෙ දෙපයින් හිටගත්ත කවි පෙළක්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩ්‍රැකී...

      Delete
  19. තිස්ස දොඩන්ගොඩ කියන එකා ඇයි බන් ගෑණු ලියන ඒවට විතරක් කමෙන්ට් කරන්නේ ...?

    ReplyDelete
    Replies
    1. මචන් හතලිහ පැන්න 80% නාකි පොරවල් වලට හැදෙන ලෙඩක්නෙ ඕක....

      Delete
    2. ඒ කිව්වේ බන්.ඇනලයිස් එකක් දියන්.

      Delete
    3. මෙව්වා ජ්‍යොතිශ්යෙන් පහදන්න බෑ...
      ජීව විද්‍යාවෙන් තමයි පහදන්න වෙන්නේ... මට එව්වා අමාරුයි...
      ඇනලිසිස් ඇනෝ

      Delete
    4. පුදුම ගෑණු පෙරේතයෙක් බන් .... ඉර්ශි වරු ඉන්න කාලේ ඔහොම උන් ඉන්න නැතුව ඇති....

      Delete
    5. පොඩ්ඩක් හිටපන් වෙද ඇනෝ එනකම් එහෙනම් සුලුමොහොතකින් ....

      Delete
    6. @ Anonymous May 22, 2013 at 11:04 PM
      ඇයි බන් ඉරිශිවරු ඉන්න කාලෙ මිනිස්සුන්ට පX තිබ්බෙ නෑ කියලද හිතන් ඉන්නේ? ඒකාලෙ මිනිස්සු බැන්දෙ අවුරුදු විස්ස විසිපහ බාල ගෑනු...
      දැන් මුන් අවුරුදු දෙක තුන බාල ගෑනු බැදගත්තාම මිනිහට 40 වෙද්දි ඌ හවසට මද කිපිලා කුලුමීමා වගේ ගෙදර එනකොට ගෙදර ගෑනි ගැන්ගෙනවා...

      ඉතින් පහුවදාට වැඩට යන්නෙත් අර කලින් දවසෙ ගෙදර ආපු එකාමයි.. ඉතින් යනගමන් බස් එකේ/ කෝච්චියෙ සෙල්ලන් දාලා අමාරුව හොද නොවී ඔෆිස් ආවාම ඔෆිස් එකෙත් කෝඩෙ නම් ඉන්ටර්නෙට් එකෙන් දන්න සෙල්ලම් ඔක්කොම දාලා හරි බලන්නෙ බල්ලා නාවගන්න...

      ඔය ලෙඩේට බෙහෙත් නෑ අප්පුහාමි... බිxx තියෙන්නෙ හුජ්ජ කරන්න විතරක් නෙවෙයි....

      වැඩිපුර අලුකෙහෙල් උයලා කෑවාම ටිකක් කන්ට්‍රෝල් කරගන්න පුලුවන්....

      Delete
    7. අම්මට හුඩු දොඩමත් එහෙම බුවෙක්ද ...?

      Delete
    8. 40ට වැඩි උන්ට කියල අපට අපහාස කරන්න එපා.

      Delete
    9. උඹ ඇනෝ වැහුවෙ ඇයි... අපි එක්ක තරහ වෙලාද?

      Delete
    10. මචෝ මං නං බ්ලොගේ පටන් ගත් දා සිටම ඇනෝ ඇරලා තියෙන්නේ.

      Delete
    11. අඩේ ඇනෝ වරදක් වෙලා තියෙනවා.. ගූගල් කමෙන්ට් ටික් එක වැටිලා තිබුණේ.. දැන් දැක්කේ එය නිවැරදි කළා.. ස්තුතියි දැනුම් දුන්නට.

      Delete
  20. බුඩිස්ට් ද කිව්වේ මගේ එක අයින් කරා?මම දානවා ඒක.ඇයි ගලවන්නේ ඒක?

    ReplyDelete
    Replies
    1. ඔබ සංසාර සාගරයේ අතරමංව ඇති බව පෙනේ.....

      Delete
  21. මාතලං මොකෝ බන් මගේ කොමෙන්ටුවත් නැත්තේ/ මම නරක දෙයක් නම් කියා නැත.

    ReplyDelete
    Replies
    1. උඹ අයින් කරන්න කියපු කොමෙන්ට් එක අයින් කරාම ඒකට දාපු රිප්ලයිත් අයින් වෙනවා. උඹේ ඉල්ලීම තමයි ඉටු කළේ..

      Delete
    2. මදක් ඉවසන්න . ඔබට පිහිට විය හැකි අයෙක් වෙතට සුළු මොහොතකින් යොමු කරණු ලැබේ .

      ටීක් ටීක් ....


      ටීක් ටීක් ....


      ටීක් ටීක් ....

      හෙලෝ ....

      මේ සහන්ද ...?

      ඔව් මචන් , කව්ද කතා කරන්නේ ....

      මම මචන් ඇනලයිස් ඇනෝ....

      අහාහ් කියපන් මචන් ....

      මචන් පොඩි කේස් එකක් .....

      මොකක්ද මචන් කියපන් ....

      රත්තගේ කමෙන්ට් එකක් නැහැලු...


      එහෙමද ...?


      පොර නාහෙන් අඬනවා ....

      ඔහ් ..සබ් දාපු කෙනෙක් නැද්ද හොයා ගන්න ..මාතලන්ගේ සබ් වල ඇති කොහොමත්...


      නැහැනේ බන් . අනේ බන් ඒක අරන් දියන් ....


      පොඩ්ඩක් හිටපන්කෝ.. මම දැනුයි ඇහැරුණේ උබේ කෝල් එකට ..



      සොරි මචන්..එහෙනම් තියන්නම් මචන් . බුදු සරණයි ..


      ඕ කේ මචන්.


      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^



      පොඩ්ඩක් හිටපන් රතු ....

      Delete
    3. @AnonymousMay 22, 2013 at 10:35 PM
      අනේ තැන්කු මචෝ....

      Delete
    4. @ රතූ
      උඹේ එක පබ්ලිෂ් කලොත් එතන තිබුන ඔක්කෝම පබ්ලිෂ් වෙනවා

      මාතලන්

      Delete
    5. බුදු සරණයි කිව්වම ඕ කේ කියලා කියන්නේ නැහැ හරි බුඩිස්ට් ....

      Delete
    6. මොකක්ද බන් මේ ? මේල් වලට ඇවිත් තිබ්බේ පුදුම දේවල්නේ .

      Delete
    7. ඕ කේ කිව්වේ බුදිස්ට්ද ඔයා?

      Delete
    8. ඇයි ඕ කේ කියන්නේ බුඩිස්ට්?

      Delete
    9. මචන් උඹේ කොමෙන්ට් තේරෙන්නෙ නෑ... සින්හල අවුලනම් දන්න එකෙකින් දාපන් අපි කියව ගන්නම්...

      Delete
    10. බුදු සරණයි කියලා ඇනලයිස් කියපු එකට සහනා OK කියලා කියපු එක ගැන මූ මේ කියන්නේ .

      Delete
    11. එයා වැරදි බුඩිස්ට්.

      Delete
    12. කෙන්ජි... ඔයාවත් ඇවිල්ල අපේ අන්‍යාගමික මලයට මොනා හරි කරන්න මෙයා...

      Delete
    13. භවන කරනවා ඇස් වහලා ඕපන් කරනවා.බ්‍රෙස්ට් බලනවා බුඩිස්ට්.

      Delete
    14. මට මෙතන වෙන කිසි දෙයක් තේරෙන්නේ නැහැ යකෝ ...කරුණාකර පැහැදිළි කරන්න..කව්ද මේ අලුත් භාණ්ඩේ .. ඔහුගේ අපේක්ෂාව කුමක්ද .. මා හා ඇති ගණුදෙනුව කිමෙක්ද ..?මෙත් සිතින් කරුණාකර පැහැදිළි කරන්න ...

      Delete
    15. ඇනෝ මල්ලිලා; බුධ්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩි ගිය මගේ සිත/කය පැය 24ක කාලයක් කාමේසූ.........මිච්චා චාරා වලින් බැහැරව වැඩ වසන බව කරුණාවෙන් සලකන්න.
      https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

      Delete
    16. සාදු සාදු කෙන්ජි අයියා

      Delete
    17. කෙනජිට වඳින් අහවල් එකටද?
      වෙරළු මල් කුයිලක් එනවා වාගේ...........

      Delete
    18. මගේ සහෝදර ඇනොවරුනි;
      මා ශ්‍රද්ධා සිතින් තොපලාට පැතු වෙසක් පැතුමට,පෙරලා ස්තුති පුර්වකව යමක් ලිවීමට නොහැක්කෙ,
      නොහැකියාවද?නැත්නම් ඔබලා උපතින් ගෙන ආ කුහකත්වය ද පින්වතුනි.!!!

      Delete
    19. එකෙක්වත් මේ මනුස්සයට සුභ පැතුවද...?

      Delete
  22. කම්මැලි යකෝ මොනවා හරි කොටාපියව් .... ඔන්න ඔය සාගරේ අතරමන් වෙච්ච එකාවත් අල්ල ගනින්....

    ReplyDelete
  23. පොඩි මිනිහටත් දන්සල් දිය හැකි වෙසඟක් උදා වේවා....!!!!

    වෙසක් එකට එහෙම වෙලා අවුරුද්දෙ අනිත් කාලෙට තුන්වේල කන්න පුලුවන් තත්වයක් සාමාන්‍ය ජනයාට උදාවේවා !

    ReplyDelete
    Replies
    1. අන්න නියම පැතුම්.....

      Delete
  24. කොච්චර හිත කිව්වත් බෑ නොබලානම් ඉන්න දොසක්
    රැල්ලට යන සරදාවත් අම්මපා මහ දරුණු විසක්
    දන්සල් දෙන්නට බැරි උන දුප්පත් අපි වෙන්න තොසක්‌
    සුදු අයියේ පතමු ඉතින් ඕන පුකක්‌ ප්‍රීති වෙසක්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... කවියට ස්තූතියි.... මම කැමතියි කවි පෝස්ට් වලට කවියෙන්ම උත්තර දෙනවනම්...

      Delete
  25. හොඳ කවි ටික! ඒක නෙමෙයි, මොකෑ මේ ඇනෝ වසංගතයක් වගේ? මට නං එපා වුණා. මාතලන් අයියාගේ ගම කොහෙද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝලා නැත්නම් බොගත් නෑ. මම කැළණියේ.. මුදුන් මුල් දකුණේ...

      Delete
  26. ඉංග්‍රීසි කියමනක් තියෙනවා අලුතින් කතෝලික ආගමට හැරිච්ච මිනිහා පාප් වහන්සේටත් වඩා භක්තිමත් කියලා
    උඹ ඔය ආගම් ගැන කියන ලිපි බලනකොට මට ඒ කියමන මතක් වෙනවා
    බුදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට තමයි
    මොකද අපි තරම් කැපවීමක් කවුරුවත් කරල නෑ
    ඔ්න්නම් වෙනත් වර්ගයක කෙනෙක්ටත් බුදුහාමුදුරුවෝ අයිතිකරගන්න පුලුවන්
    තහනමක් නෑ

    ReplyDelete
    Replies
    1. හැබයි බුද්ධාගම දීලා ගිහින් තියෙන්නේ ගෝත්‍රිකයෝ සෙට් එකකට.. මිනී කන්න උනත් ලෑස්තියි ආගම වෙනුවෙන්...

      Delete
    2. ඔව් එහෙම වෙන්නත් එපැයි හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ වෙසක් එකටවත් පන්සලකට නොයන ඈයෝ ත්මයි ඔය මිනි කන්න උනත් ලෑස්ති වෙල ඉන්නෙ ...

      Delete
  27. I don't even know how I ended up here, but I thought this post was great.
    I do not know who you are but certainly you're going to a famous blogger if
    you aren't already ;) Cheers!

    Stop by my web site - Racing Rivals Hack

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න