.

.

Dec 31, 2013

2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir,


උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.

පිරබාහරන්ට පොරෝ පාර දීලා, දියවන්නාවේ බයිලා මඩුව ඉස්සරහා පිට්ටනියේ, මහරජාණනි සින්දුව එහෙම ගහලා ආතල් එක දුන්න වෙලාවේ, අපි නම් හිතුවේ, සුබ අනාගතේ හෙට ඉඳන් පහල වේය කියාය. ඒත් ඉතින් අද තියෙන තත්තෙට නම්, ඒකා හිටියානම් මීට වඩා හොඳයි කියාද හිතෙන්නේය. එහෙනම් ඉතින් ඔය සෝමවාහිනියේ රස කතා කිය කියා ගොන් ආතල් දෙන ඔබ තුමාගේ ගෝලයෝ හොයාගන්නවත් බැරි නිසා, අපිට පාඩුවේ නිව්ස් ටිකක් බලා ගන්නවත් පුළුවන් නිසාය.

අපි හිතාගෙන උන්නේ, යුද්දේ තියෙන කාළේ තද කරගනේයි කියපු පටි ලූස් කරලා, ඊට වඩා දිග පටියක් දාගෙන්නේයි කියලාය. ඒත් ඉතින් දැන් නම් වෙලා තියෙන්නේ, අර තද කර ගත්ත පටියේ ලූප් ඉවර නිසා, බල්ලගෙ කරට දාන පටියක් ඉනේ බැඳ ගන්නය. සම හරක් උන් නම් පටිය බෙල්ලේ දාගෙන ජීවීතේට අතුරු ආන්තරා කොර ගන්නේ, ජීවත් වෙන්න අමාරු නිසා නොව, ඔබ තුමාගේ නමට ගමට නිග්ගරහ කොරන්නය. එහෙම උන් ඉන්නවාට වඩා මැරෙණ එක කොහොමත් හොඳය.

යුද්දේ ඉවර උනාට, ඔබ තුමාගේ මට්ට මෝල් ගෝලයෝ සෙට් එක තාමත් යන්නේ ඔබ තුමා යනවා වාගෙමය. ඔබ තුමයි ඔබ තුමාගේ යුද්ද මල්ලියි එහෙම ගියාට අපිට අවුලක් නැත්තේය. ඒත් ඉතින් අර, මෙළෝ දෙයක් නොකර, උදේ ඉඳන් බීලා වමනේ දාන තොන්ඩමනයා යන්නේත් පරිවාර ජීප් හයක් හතක් එක්කය. සමහර වෙලාවට ඒවා එයාගේ අම්මාගේ අප්පාගේ බූදලෙන් ලැබිච්ච එවා වෙන්න ඇහැකිය.

ඒත් ඉතින් එහෙම යනකොට, පාරේ ඉන්න වේස කොල්ලෝ බනින්නේ ඌගේ අම්මාට විතරක් නෙමේය. අර පර බල්ලෝ ඔබ තුමාගේ අම්මාත් මතක් කොරනවාය. එහෙම නිකන් අහක ඉන්න අහින්සක මනුස්සයෝ බැනුම් අහන එක නවත්තන්නත් පුළුවන්, සක්කර දේවයා වගේ ඉන්නා ඔබ තුමාටම විතරයිය.

මොකෝ මේ කාලකන්නි මොකාගෙන ආරස්සා කොර ගන්නදය..? අපේ උන් ගැරඬි මරලා, පව් පුරවා ගන්නේ නැති නිසා, ඔය හාල් පාරුවන්ට දීලා තියෙන බැකප් වෙහිකල් ටික අරගෙන, පාරට බස් එකක් දාන එක ඊට වඩා පින් සිද්ද වෙනවාය. ගමේ උන් ගල් ගහන එකෙන් බේරෙන්න, හැල්මට් එකක් දුන්නාම හොඳටෝම ඇතිය.

මේ දවස්වල කසිප්පුකාරයන්ගේ සභා වල අය වැය පරදින එක නම්, ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිය. තව පොඩ්ඩක් ඔය ගැන හොයලා බලනවානම් හොඳය. මේක මේ බලය හා ධනය පිළිබඳ කේස් එකක් කියා, සිරිසේන ලොක්කා කින්ඩියකුත් දාලා තිබුනේය. තව හාතයි බූරූවෙක් කිව්වේ, "කුට්ටිය" පිළිබඳ පුරස්නයක්ය කියලාය. "කුට්ටිය" කියන්නේ මොකක්ද කියා මම මේ දවස් වල විසේස සමීක්සනයක් කොරනවාය. හොයා ගත්තාම ඒ මොකක්ද කියා ඔබ තුමාටත් කියන්නන්ය

මට නම් හිතෙන්නේ ඔක්කෝම ටික ගෙනත්, කොල්ලුපිටය දන්සැලේ පොඩි ආතල් එකක් දුන්නා නම් වැඩේ ඉවරය. ඕකුන්ට මහ දේවල් දෙන්නා ඕන නැතිය. කසිප්පු ගහලා, විට කන, බීඩී බොන ඕකුන්ට, ෂිවාස් ලීටරයක් දීලා, බඩ කොනිත්තලා යැව්වානම් වැඩේ ඉවරය. ඒත් ඉතින් කොනිත්තන එක හෙමීට කොරනවානම් හොඳය. ඒ මොකෝ සම හරක්ගේ බඩවල් රිදෙන්නම කොනිත්තනවා කියා පොඩි කොම්ප්ලේන් එකක් තියෙන නිසාය.

ඔය මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුය කියන්නේ පට්ට බොරු කතාය. අර කුරුණෑගල අරක්කු දන්සැල් දීපූ ජොනියා, කුණු කොල්ලෙට සුපිරි සතොසෙන් බඩු දෙද්දීත්, ඒවා ගන්න, බල්ලෙක් තියා මැස්සෙක වත් නැතිය. ඒවා ඉස්සරහා, ලීස් දාලා ගත්ත වාහන, මොටෝ බයිසිකල්, නවත්තන එක නිකන් තත්වෙට හොඳ නැති කේස් එකක් නිසා, හැම එකාම යන්නේ පුඩ් සිටි එකටමය. ජොනියාට තියෙන්නේ සංස්ථාවේ ගල් නැත්නම්, එතනෝල් හරි, එතන විකුණන්න පටන් ගන්න එකය. එහෙම උනානම් අඩු ගානේ ආතල් ඩයල් ටිකවත් ඔතෙනට ඇදෙනවාය.

අනික මේ, ඔය තරමටම සල්ලි නැත්නම් කිරි පිටි හොය හොයා මැරෙන්න හදන්නේ කොහොමද කියා තවම එකෙක්වත් ඇහුවේ නැති උනාට, මම නම් අහනවාය. කන්න නැති උනත්, ඔබ තුමාගේ අන්දරේලා සැට් එක දෙන ආතල් වලින් අපේ බඩවල් පිරෙනවාය, අධෝ වාත් ගිහින් බඩ සුද්ද වෙලා, සවුක්ක සම්පන්න වෙනවාය. සමහර වෙලාවට වැඩිම අන්දරේලා සැට් එකක් හිටපු රජ තුමා හැටියට, ඔබ තුමාගේ නම ගිනස් එකේ කෙසේ වෙතත්, මහාවන්සේනම් ලියවෙනවා බුදු ෂුවර්ය.

ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය. සම හරක් වල් බල්ලෝ ඒ කොල්ලාගේ අම්මාට මොන මොනවාදෝ කීවාට, ඔබ තුමා ඔය කොල්ලාගෙ පවුලම ගොඩ දානවා කියා, මම එහා ගෙදර එකා එක්ක ඔට්ටුවකුත් ඇල්ලුවේය. ඒ මොකෝ මට කෙලවෙන්න නෑ කියා, සුදු කැස්බෑවා ටැංකියෙන් ඉගිල්ලිලා ගියා වගේ බුදු සුවර් නිසාය.

අපිට හතේ හත වැදුනත්, ඔබ තුමාට මේ අවුරුද්ද ඉතරක් නෙමෙයි, ඉස්සරහට එන අවුරුදුත් "උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්" වෙන්නෙයි කියා ප්‍රාර්ථනා කොරනවාය. ඒ වාගෙම ඉස්සරහට එන පලා බබාලාත්, ඔබ තුමාගේ පිහිටෙන්ම ගොඩ යන්නෙයි කියා ප්‍රාර්තනා කොරනවාය, ආයේ දෙකක් නැතුව ඒවා කොහොමත් ගොඩ යනවාය. ඒ මොකෝ, මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.

ඔබ තුමාට සුබ අනාගතයක්...!!!

තැන්කිව් පො ද ඇස් ඇම් ඇස් ඈ...... මම මේක කාටවත් කියන්නේ නෑ.. සමහර වෙලාවට අපි ඔබ තුමාට බොක්ක දෙන්න උනත් ලෑස්ති නිසා වෙන්න ඇති, මෙහෙම ඇස් ඇම් ඇස් එකක් එව්වේ..

121 comments:

  1. මාතලං, ඒක පටිය නොවෙයි ලනුව. දාලා තියෙන්නේ නහයෙන්. ඕකට කියන්නේ නාස් ලනුව කියලයි. තව කල් යාවි තේරුම් යන්න.

    ReplyDelete
    Replies
    1. අළුත් අවුරුද්දේ කතාගේ කොමෙන්ට් එකක් ඉස්සෙල්ලා ලැබිච්ච එක නිකන් කියලවත් කොර ගන්න බැරි දෙයක්.

      එතකොට ඒකද තද කොර ගන්නෙයි කියලා තියෙන්නේ..

      Delete
  2. //ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය. // ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා කියල නැද්ද? :)

    මාතලන්ට රජවරුන්ගෙන් තව, තවත්, SMS එන, සුබම සුබ නව වසරක් වේවා!!! :D

    ReplyDelete
    Replies
    1. මට වගේම් ඔහේලාටත් එසේම වේව්වා කියා ප්‍රාර්ථනා කොරනවා...

      Delete
  3. හැමෝගෙම හිතේ තිබුනත් බොහෝ දෙනෙක් නොකියපු දේවල් ගොඩක් වචන කරලා ලියල තියෙනවා. ලියල තියෙන වචන වලට අපිට හිනා ගියාට එවල අර්ථය තේරෙන කොට නම් හිනා වෙන්න හිත දෙන්නේ නෑ. කොහොම වෙතත් රටටත් ඔබටත් සෞභාග්‍යය සපිරුණ සුබ නව වසරක් වේවා....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉතින් අන්දරේලා සැට් එකට පින් සිද්ද වෙන්නේ හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන්..

      Delete
  4. රජ ඇමතිවරු මතක් කරලා අවුරුද්ද පටන් ගන්න එක කොහොමත් හොදයි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්ටත්

    ReplyDelete
    Replies
    1. මටත් රාජ යෝගයක් තියෙනවයි කියනවනේ..

      Delete
  5. ඔය එනවායි කියන සුභ අනාගතයත්, රනිල්ගේ පාරට බැහැලා ආණ්ඩුව අල්ලන වැඩේ වාගේමයි.
    2014දීත් ඔය දෙකෙන් එකක්වත් වෙන පාටක්නම් නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ කොහොම වුනත් මාතලන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,අළුත් ලැපැක් ගන්ඩ ලැබෙන,වැඩියෙන් බොග දාන්න ලැබෙන සුභ නව වසරක් වේවා!!!

      Delete
    2. අර ලැපක් ලැබෙන ප්‍රාර්තොනේ නම් බොහොම වටිනවා.. කීප දෙනෙක් එහෙම විස් කොරලා තිබ්බා...

      Delete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්...

    ReplyDelete
    Replies
    1. 2014 වසරේ සැම දිනකම රජ පිරිවර උදේට සිහිකර දකුණු පය පෙරට තබා රැකියා හා අධ්‍යපන කටයුතු සඳහා පිටත් විම මැනවි .නැතිනම් ගස් බැදිම් වැනි ස්භාවික අපදා සිදු විමට ඉඩ ඇත .
      මිට
      S.A

      Delete
    2. එයාලා මතක් කිරිම කෙසේ වෙතත්. එයාලගෙ අම්මලා නම් හැම තිස්සේම මතක් වෙනවා...

      Delete
  7. මං ඔය කියන කෙනාව නොදන්නෙමි ය.

    සුභ නව වසරක් වේවා ය. සිතුවිලි බෝ වේවා ය.

    ReplyDelete
    Replies
    1. ඒක ... කෝකටත් හොඳායි.....

      Delete
  8. කියන එක කෙලින්ම කියල තියනව, ලොක්කට මේක කියවන්න දෙන්න පුලුවන්නම් තමා වටින්නෙ :D
    සුබ නව වසරක් වේවා :)

    ReplyDelete
    Replies
    1. බොරුවට නිදං ඉන්න එකා කන ලඟ ෆ්ලෑශ්බෑක් ගැහුවත් නැගිටින් නෑ බං !!!

      Delete
    2. උත්තරේ වෙන එකෙක් දීලා නේ.. ඌ නම් කියලා තියෙන්නේ පට්ට කියමනක්..

      Delete
  9. අලුත් අවුරුද්දෙ තරහ අවුස්සන්නෙ නැතුව හිටිං. සුඅඅවේ!

    ReplyDelete
    Replies
    1. අපි මක්කටෙයි කේන්ති ගන්නේ... මම නම් පට්ට ආතල් එකේ ඉන්නේ.. දැන් කාර් රේස් පදින්න පුරුදු වෙනවා.. ඒත් මේ කොච්චියොත් එක්ක මුකුත් කොරන්න බෑ නේ..

      Delete
  10. ඒ SMS එකට රිප්ලයි කරන්න ඕන
    "ආයූබෝ වේවා…
    තෝට සුභ වේවා…
    අපට කෙළ වේවා…
    මහරජානනි……" කියලා තමා මාතලන් අයියෙ.

    ඔබට සුභ නව වසරක් වේවා……!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කටක් ඇරලා කියන්නේ කොහෙමෙයි.. දැක්ක තැන බඩ මිරිකන රජ කෙනෙක්ට..

      Delete
  11. යකෝ අර උඩ තියෙන ව්‍යාධි කතන්දරේ කියෙව්වම ඔක්කාරටෙ ආවා..

    මාසුනවවේ!!!

    ReplyDelete
    Replies
    1. නැතුව බෑ බං... මළ වදේ.. මුන් අපේ අම්මටත් බනිනවනේ.. ඒ මනුස්සයා, බ්ලොග් තියා ගොන් පීටර් අඳුනන්නෙත් නෑ..

      Delete
  12. සුභම සුභ තවත් මාස දොළහකට සුභ පැතුම්. ඒත් ගොයියෝ ඔය කියන්නැහේ වැඩේ ෆුල් අබිලික්නෙ. කිරි පිටි, වගේද ඇස් ඇම් ඇස්. ලොක්කට මේක තේරුම් කොරලා දෙන්න ඇහැකි එකෙක් නැද්ද මන්ද??? කෙල්ලො කොල්ලන්ගේ මනාප අමනාප කොරන්න ගහපු ගේමක් වෙන්නෙ බැරිද මන්ද?
    ඒක නෙමේ අර අසමජ්ජාති කොල්ලා හම්භ වුනොත් ඌව කකුල් කෙටියෙන් උස්සලා සක්වල ගලේ ගැහුවත් මදි මෙයා.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයටත් එසේම වේවා..

      ඌට දිවැස් තියෙනවයි කියන්නේ.. එව්වා කොරන්න ගියොත් ඌට දිවැසින් පෙනේවී..

      Delete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.... එසේම වේවා....!!!!

      Delete
  14. "උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්"

    හරි හරි තේරුනා. උන් ගල් ගහලා එල්ලලා දාපු මිනිය පුත්තරයන්ට අඩුවක් නැතුව දෙනවා. වාල්කම් කරන එකා තුක් විතරක් කියලා මිනිස්සු කෙළගහනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට දැක්කම් සැලුට් ගහනවා.. ඒකනේ ලෙඩේ..

      Delete
  15. ලිපිය කියවන්න පෙර ලොක්කට උම්මා එකක් දෙන්න ඕන...
    ඔබ ඇතුළු පවුලේ සැමට,සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. කෙන්ජියෝ...

      Delete
  16. උංගෙ දියුණුවට හදන අපේ රට...

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් ඔච්චර තමයි.. සිස්ටම් එක වෙනස් කරන්න එකෙක්ට උවමනාවක් නෑ..

      Delete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්. 2013ටත් වඩා හොදට 2014දී බොග දාන්න වාසනාව, ශක්තිය, ධෙර්යය ලැබේවා !!! සියලු කටයුතු සාර්ථක වේවා !!!

    ReplyDelete
  18. ඕං අපේ පැත්තෙ නං පලා..රිලා වෙලා තියෙන්නෙ..
    විපක්ෂෙ හරියට...ඉත්ත ඇද්දොත්...මොනව හරි කොරගත්තැකි...ඒත් උන් ..නිදි.

    ReplyDelete
    Replies
    1. ඇදිල්ල කෙසේ වෙතත්, විපස්සේ ඉත්තෝ බ්ලාස් වෙනවනේ..

      Delete
  19. මගේත් පෝන් තුනටම ඇස් ඇම් ඇස් එවලා තිබුනනෙ

    …ප්‍රියන්ත ඇතුලු "මාතලන්" රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඔය ඉරිසියාවට කියන කතා.. මටයි තව කීප දෙනෙකුටයි විතරයි යවලා තියෙන්නේ..

      Delete
  20. මොකො අනාගතෙ සුබ නොවෙන්නෙ 92ක පරන ගානටම දෙනවා කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ශත අසූවක් පාඩුලු මෙයා.. මාර පව්.. මට හිතෙනවා ඇමතියගේ දත් දෙක මැද්දෙන් ශත් අසූව බඩට ඔබන්න..

      Delete
  21. හලෝ ගාස්තු ද අද සඅට වැඩිය.
    බය වෙන්න එපා, ඇස් ඇම් ඇස් සහ ඉන්ටර්නෙට් ගාස්තු වැඩිවෙන්නේ නැත.ඒනිසා බ්ලොග් වලට මහ හෙනයක් නැත

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ.. නැත්නම්.. පෝන් සැක්ස් කරන උන් හරි පව්..

      Delete
  22. සුභ අනාගතේ ආශ්චර්යක්ම වේවා ....
    ප.ලි.: අර පොඩි කොල්ලා ලඟදීම සුමනදාසට කෙලවනවා.. ඕන්න බලාපං වෙනදේ :-)

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ කෙලවෙලාම යයි වගේ.. ඌට බැරි උනානේ මෙහෙම එකක් කියන්න..

      Delete
  23. අර උඩම තියෙන ඩේන්ජර් කෑල්ල බලලා මම කියෙව්වේ නෑ බන්......

    ඒ උනාට අපේ සින්ඩි රජා වන මාතලන් ටත් සුබ 365ක් වේවා

    ReplyDelete
    Replies
    1. අනේ මම මොන රජාද බන්.. ඔය පින්තූරේ ඉන්නේ අපි කාගෙත් රජා..

      Delete
  24. අනේ ඉතිං රජත් බොග කියවනවනම් මේකවත් අහුවෙලා කියවන්න ඕන කියලා අලුත් අවුරුදුදේ ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවා කීයක් කියලා කියවන්නෙයි කියලද.. ඇයි යකෝ බ්ලොග් ලියන් උනුත් බ්ලොග් කියවන්නේ නැති කොට..

      Delete
  25. //සම හරක් උන් නම් පටිය බෙල්ලේ දාගෙන ජීවීතේට අතුරු ආන්තරා කොර ගන්නේ, ජීවත් වෙන්න අමාරු නිසා නොව, ඔබ තුමාගේ නමට ගමට නිග්ගරහ කොරන්නය. එහෙම උන් ඉන්නවාට වඩා මැරෙණ එක කොහොමත් හොඳය.//

    උන් මලා නම් රටත් ෙගාඩය අපිත් ෙගාඩය..

    ෙබාලා ෙගට්ටුවට අාවලු ෙන්.. කලින් දනී නම් මගුල පැත්තක දාල හරි ඒනව ෙබාලව්..

    සුභ ෙව්වා..

    ReplyDelete
    Replies
    1. ආවා නේන්නම්.. මම ආවේ බොන්න.. කොයි.. මේන් ඔක්කෝම මාරු..

      Delete
  26. මහරජාට දොස් කියලාත් වැඩක් නැතිය.
    විපක්ෂ වලට දොස් කියාත් වැඩක් නැතිය.
    චන්ද කාලෙට විතරක් නොමිලේ බීලා/කාල චන්ද දාන අහිංසක ජනතාව පලිද නැත.
    2005 රජාව ඔතෙන්ට ගෙනාපු මාපිල්ලෝ දෙන්නයි(එකෙක් මැරිලාය)සහෝදර සෙට් එකයි මේකට වග කියන්න ඕනය.
    දැන්නම් ඉතින් විස්සයි තිහෙදිවත් ෂුවර් නැතිය.
    හදිසි අරම එකක් වුනත් හිස් තැන පුරවන්න රැහේ හුරලා ඕසේට ඉන්නවාය.
    හෙට අනිද්දා ගම්පොලයාට ගෙදර ඉදන් කන්ද දිහා බලන් ඉදලාම අම්බානට එපා වෙනවාය.
    දෙවැනි පුටුවත් රැලේ කෙනකුටම හදලා ඉවරය.තිබෙන්නේ කාලයේ ප්‍රශ්නය පමණි.

    ReplyDelete
    Replies
    1. කාළයේ ප්‍රශ්ණයත්, පොලොන්නරුවේ කොලු පැටියා විසඳා අහවරය..

      Delete
  27. අප්පට සිරි මම කාටවත් පෙන්නන්නේ නැතිව තියා ගත්තා ඇස්.ඇම්.ඇස්. එක. බලනකොට හැමෝටම යවලානේ.

    මාතලන් ඇතුළු පවුලේ සැමට සියළු සිතුම් පැතුම් ඉටු වන නව වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා මචං.. ඒක මේ මාරයා, නලියා, මාතලන් වගේ කඩේ යන කීප දෙනෙකුට විතරයි එවලා තියෙන්නේ..

      Delete
  28. ඔබට මෙන්ම අපටද ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබට කිව්වේ ලොක්කටද...?

      Delete
    2. ලොක්කට ජය වේවා කියන්න....අනේ මගෙ කට...

      Delete
  29. නව වසරට මගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  30. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම අපූරුයි...

      ඔබටත් සුභ නව වසරක් වේවා...!!!

      Delete
  31. බය වෙන්න දෙයක් නෑ. අද උදේ පාන්දරම අර නිවුස් කෑලි වල තිබ්බේ පොඩි එකෙක් අනාගත් වැකියක් කියා 2018 වෙනකල්ම සුබයි කියලා . ඒකේ අසුබපල ජනතාව සුබ විදිහට බාරගන්නවා ඒක නිසැකයි

    ReplyDelete
    Replies
    1. බඩුම තමයි... නොවේ මෙවන් වින්දනයක් ලොවේ...

      Delete
  32. 2018 වෙනකන් උදාවෙන හැම අවුරුද්දක්ම සුභයි අයියේ.. මාත් එනවා ලංකාවේ නවතින්නම මෙහෙම සුභ වෙනවනම්

    සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව්වත් රටවල්ද බන්.. මේන් රටවල්..

      Delete
  33. මම හිතුවේ මට විතරක් ආපු SMS එකක් කියලා නේ. වැදගත් නැති පල්හොරුන්ටත් ඒක යවලා තියෙන්නේ.
    සුබ අනාගතයක් සහ සුබ නව වසරක් ඔබට.
    මහා කළු සිංහලයා බ්ලොග් එකෙන්

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් පලයන් බං යන්න.. උඹලටම එවයි ඇස් ඇම් ඇස්..

      මෙව්වා මේ හිත නරක් උනාම කියන කතානේ..

      Delete
  34. අවුරුද්දේ හොඳම කෑල්ල
    //ඉබ්බන්ට තටු එන රට//

    අවුරුද්දේ අලුත්ම කෑල්ල
    "නාසා එකට අනුව ලෝකයේ බලවත්ම රට"

    ටෙලි නාට්‍ය එපිසෝඩ් මෙන් ඡන්ද තියෙන රට
    මීලඟ ටෙලි නාට්‍ය ද්විත්වය

    "බස්(නාහිර මහ ඇමති තනතුර ) හිස් (ව තබමු)"

    "(දකුණේ )විලි නැති නිළි කට"

    ReplyDelete
    Replies
    1. රත්තරන් බාල රට..

      පැන්නනේ ලොක්කා..

      Delete
  35. 2014 සුභ වෙන්නෙ උන්නැහේට විතරයි වගේ.... කමක් නෑ පුරුද්දට උඹටත් සුභ නව වසරක් වේවා කියන්නම්..

    ReplyDelete
    Replies
    1. එයාට වගේම මටත් ඉතින් හැමදාම වරදක් නෑ

      Delete
  36. ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය///

    ඇයි බං මේ පත්තර කාරයන්ට තේරෙන්නෙ නැත්තෙ රජාට සුබ වෙනවා කියන්නෙ අපිට කෙලවෙනවා කියන එක කියල.. පළවෙනිදම ඔය වගේ කතන්දර දාලා අපේ මේ යන්තං ඉතුරු වෙලා තියෙන ලේ ටිකත් පුච්චන්නෙ මුන්ට පිස්සුද මන්ද...

    මාතලන්ට අලුත් ලැප්ටොප් එකක් ගන්න ලැබේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරන්නං.. ඊළඟට සිංහරාජෙටත් සිග්නල් දෙන ගානට අපේ ඉන්ටනෙට් සර්විස් වැඩිදියුණු වේවා කියල... එතකොට මාතලන් කැලේ හිටියත් බ්ලොග් ලිවිල්ලෙන් බේරෙන්න ක්‍රමයක් නෑ නේ... හි හි

    ReplyDelete
    Replies
    1. අර ලැපක් ලැබෙන එක නම් මාත් ප්‍රාර්ථනා කොලා දෙකක් දාගෙන.. කොයි.. අස්ප ගනන්නේ..

      Delete
    2. ඉතින් බන් 25 ට වගේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින්කෝ... මහ ලොකු වැඩ කිඩ නැති උනාට ලෙඩක් නැතිව දුවනවා....

      Delete
    3. ඒක තමයි ටාගට් එක. ඒක හොයා ගන්න එකත් පට්ට අමාරුයි නේ..

      Delete
  37. අඩේ මාතලන් උබගේ සිහින සෑබෑවෙන සුභම සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. මොකෑ බන් අඩේ මාතලන් ගෑවේ. නිදාගෙන නැගිට්ට ගමන්ය..

      උඹටත් එසේම වේවා....!!!

      Delete
  38. හෑ.........ඒක උයාටත් ආවද? :D :D

    කෝම උනත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. කීප දෙනෙක්ට විතරයි යවලා තියෙන්නේ..

      ඔයාටත් එසේම වේවා...!!!

      Delete
  39. එයා එහෙම සුබ අලුත් අවුරුද්දක් කියලා s.m.sයැව්වට සල්ලි කැපෙන්නේ එයාගේ ෆෝන් ඒකෙන් නෙමෙය.අපේ සාක්කුවෙන්ය.ඒ නිසා ඒ s.m.s එක නොයෙන තරමටම මම කැමතිය.

    ReplyDelete
    Replies
    1. ආ සුබ නව වසරක් වේවා.මාතලන් ඔබට සහා පවුලේ සැමටත්.....!!!!

      Delete
    2. ඔය ආපු sms එක තව ටිකක් පල්ලෙහාට කියවලා බලපන්... අන්තිමට තියෙනවා අද සිට විදුලි සංදේශ ගාස්තු 25%කින් වැඩිකර ඇත කියලා

      Delete
    3. අර ඉවාන් කිව්වා වගේ ඊට පස්සේ ආවේ පෝන් බිල වැඩි කරපු ඇස් ඇම් ඇස් එක.. අනේ ඉතින්, රජාගේ එක ලැබිලා තිබ්බ ආතල් එක.. දෙරණේ හරක් කාලා දැම්මා..

      Delete
  40. අනේ මන්දාය....
    අනේ කුහුඹින්නේ...
    තොපටත් රජෙක් ඉන්නේ...
    කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ.....හ්ම්ම්ම්

    මොනා වුණත් අයියට සහ පවුලේ හැමෝටම සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ.. රට බේරලා දුන්න එකම මදෑ...

      Delete
  41. මාතලන් , දේස ප්‍රේමෙ සහ විදුලි පුටු ගෑන මොනවත් නෑද්ද?
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. විදුලි පුටු... එව්වා කොහෙද අපි ඉන්නකන්..

      Delete
  42. රජතුමා නම් අළුත් අවුරුද්දේ උදේ පාන්දරින්ම වැඩ ඇල්ලුවේය. අර විපක්ෂෙ පැත්තෙ හිටපු කවි කියන උන්නැහැ කෙනෙක් ඕං පස්සා දොරෙන්ම රජ මාලිගාවට ගත්තේලු ඉදින් ඔබ තුමාට කවර දොසක්ද? කරදරයක්ද? හිරිහැරයක්ද? දහ අට වසක් නොව විසි අට වසක්ම මේ භූමියෙහි අධිපතිත්වය ලබන්නට ශක්තිය වාසනාව ලැබෙන්න කියා (වෙන මක්ක කොරන්නෙයි) ප්‍රාර්ථනා කරමු.
    මාතනලන්,
    සුභ අලුත් අවුරුද්දක් වේවා!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවේ තුන් දෙනෙකුත් එනවා කියන්නේ.. අනේ මන්දා.. මේක නම් පට්ට රාජ යෝගයක්..

      Delete
  43. මහින්ද ලොක්කා ඔහොම්මමය ,මම හිතාගෙන හිත්යේ sms එක එව්වේ මට විතරක්ය කියලාය, බලන් ගියාම මාතලන්ටත් එවලාය.මම කාටවත් නොකියා ආඩම්බරෙන් රිට් ආතල් එක එක අසා කැඩුනේය. ඇමති පට්ටම් දෙනකොට වගේ දුකක හිතට ආවේය. ඇමතිලා හිතන් ඉන්නෙත් ලොක්කා තමන්ට විතරක් මාර ලව් කියලාය. ජනතාව හිතන් ඉන්නෙත් රජා තමන්ට විතරක් මාර ලව් කියලාය, විපක්සෙ එවුන් හිතන් ඉන්නෙත් රජා තමන්ට විතරක් මාර ලව් කියලාය, රනිල්,දයාසිරි සජිත්,හර්ෂ, විතරක් නොව විමල්,පාඨලී , ජී ඇල් පවා හිතන් ඉන්නේ ලොක්කා තමන්ට විතරක් ලව් කියලාය. උඹලාටත් කවදා හරි මට හිතිච්ච දේම හිතෙයිය.

    ReplyDelete
    Replies
    1. මේකනම් පට්ට කම්න්ට් එකය.දැක්කම පිස්සු හැදුනේය.

      Delete
    2. ප්ලසේ ප්ලස් + + +

      Delete
    3. මමත් හිතාගෙන සිටින්නේ එසේමය. විස් කොරලා ඇස් ඇම් ඇස් එවනා රජවරු සිටින්නේ කොහේදය..

      Delete
  44. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේමවේවා!! එසේම වේවා!! :D

      Delete
  45. එසේමවේවා!! එසේම වේවා!! :D

    ReplyDelete
    Replies
    1. කාටෙයි... මටද ... ලොක්කටද...

      Delete
  46. මාතලන්ට අලුත් ලැපක් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ හරි හරි මම එකසැරේ දැක්කේ "මාතලන්ට අලුත් "සැපක්" ලැබෙන නව වසරක් වේවා" කිව්වා කියලා ..හැබැයි එකත් නරකම නෑ

      Delete
    2. සැප ලැබෙනව නං ලැප මොකක්ද බං.

      Delete
    3. සැප නම් ඉතින් පෙර පිනකින් නොඅඩුව ලැබෙනවා.. ලැපක් තමයි ඕන වෙලා තියෙන්නේ.. හැලපේ හොඳ හිතින් ප්‍රාර්තනා කොලාම.. වල් කොල්ලෝ ඇවිත් කක්කි කතා කියනවා.. බලාපන් හැලපේ දැන් හැදෙන කොල්ලන්ගෙ හැටි..

      Delete
  47. ///මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.// අපේ ආච්චි අම්මත් කිවේ ඔය ටික ..ඔය අනිත් වුන් වගේ නෙමේ බලපල්ලා සුදුපාටට ජාතික ඇදුම ඇදල උඩුරැවුල තියලා ..ඇස් දෙක චුටි කරලා කට පුරා හිනාවෙන ලස්සන ... ඊට පස්සේ කොච්චර දැගලුවත් ගෙදර කවුරුවත් එයාව චන්ද පොලට ගෙනිච්චේ නැහැ රජතුමාට කතිරේ ගහන්න :D

    ReplyDelete
    Replies
    1. ලොක්කගේ තියෙන පෝසනැලටිය එකෙක්ටවත් නෑ මේයා.. ඉඳගෙන.

      ඔහෙගේ බොග ලෝඩ් වෙන කොටම ඔක්කෝම කචල් යනවනේ.. පොඩ්ඩක් බලනවැයි...

      Delete
  48. අලේ මන්දා. සුදු වෑන් එකක් එයිද දන්නෑ ....
    සුභ නව වසරක් වේවා ඉතින්

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් සුදු වෑන් එකේ තමයි එහෙ මෙහෙ යන්නේ..

      Delete
  49. රත්තරනේ.............
    රත්තරනේ අපි පොඩියක් අහක බලන තුරු ඉඳලා
    දෑත හයි කරන්න ගිහින් අලි අයියට ටටා කියාලා
    මොකද අනේ?
    එහෙම උනේ?
    ලඟ ඉඳගෙන අඟේ ඉදං
    කණ කාලා මිත්‍ර ද්‍රෝහියා

    ReplyDelete
  50. දොළොස් මහක් ගෙවීලබයි තවත්දොළොස් මහක්..
    පැතුම් ගොඩක් පිරී තිබෙයි ලබා නැවුම් වෙසක්...
    දිනෙන් දිනේ ඔබේ ලොවේ පෙනෙයි දිනුම් රැසක්..
    දෙදහස් දහ හතරෙ එවමි ආසිරි මල් මිටක්..

    ReplyDelete
    Replies
    1. දෙකක් දමන් ආතල් එකෙ හපන ගමන් විටක්
      එළකිරි වසරක් වේවා ලබලා හොඳ හෙටක්

      Delete
  51. ඔබටත් එසේම වේවා නලීන්..

    ReplyDelete
  52. මහින්ද සරණං ගච්ඡාමි.බැසිල් සරණං ගච්ඡාමි. ගෝඨාභය සරණං ගච්ඡාමි. අපිටනම් ඉතිං මේ තුන් සරණේ පිහිට තමා................

    ReplyDelete
    Replies
    1. වෙන මොන සරණක්ද ලොක්කා...

      Delete
  53. විදුලි සංදේශ නියාමක කොමසමේ පූර්ණ මැදිහත් වීමෙන් අපේම බදු මුදලින්, අපිටම අවුරුදු සුභ පැතුම් එවීමේ ආශ්චර්ය.
    මට නම් ඔබ කියන SMS එක ආවේ නැහැ. මන්ද, මාගේ මොබයිල් එකේ SMS සංඛ්‍යාව සම්පූර්ණයි. මෙම සුභ පැතුම එන බැවින් පැරණි SMS එකක්වත් මැකුවේ නැහැ. සමාන්‍යෙයන් SMS එකක් පැය 48 වඩා ජාලයේ රඳවා ගන්නේ නැහැ නේද?
    ----------
    ඊයේ (03) දින කුරුණෑගල නගර සභාවේ සේවය කරන විල්ගොඩ ප්‍රදේශයේ ලැයින් තුළ පදිංචි දෙමල ජනතාවට, ආරක්ෂක ලේකම් විසින් ඇමතීමක් කර ඇත. මේ අවස්ථාවට එහි පදිංචි දෙමළ ජනතාවගෙන් 60-70 පමණ සහභාගි වී ඇති අතර, ඔහුන් ඇමතීමට ආ අනෙකුත් මැති - ඇමති - ගෝලබාලයින් සංඛ්‍යයාව ද 70 ඉක්මවන්න ඇති බව දැන ගැනීමට ලැබිණි.
    ආරංචිය පරිදි කාරණය ලැයින් ඉවත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මට නම් ඇස් ඇම් ඇස් වැඩියෙ එන්නෙම නෑ.. එහෙව් එකේ ලොක්කම එවනවා කියන්නේ කොච්චර දෙයක්ද...?

      ඝෝඨා ආවානම් ගෙවල් ලැබෙන එක ෂුවර්. හැබයි අනෙක් උන් නම් පයිසෙකට විස්වාස කොරන්න බෑ..

      Delete
  54. ලේ කෝප කරගන්නේ නැතුව සුබ නව වසරකට ආසිරි කියලා කියන්නම් මාතලන් ඇතුළු පවුලේ සැමට ...!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන එකනේ කරුමේ.. කීය හම්බ කොලත් මදී.. හැමදාම ණයයි..

      Delete
  55. මාතා.....සුබ නව වසරක්!!

    ඕන "ටොෆියක්" පනම් අටයි කියලා ඔහොම යන් බං. ඔය "ටොෆිය" කන කන පාරට බද්දක් ගැහුවා නම් ආර්ථිකේ ගොඩ ගත්ත හැකි. හැම "ටොෆියකටම" මීටර් එකක් හයි කරන්න කියලා මහරජාට මම යෝජනා කරනවා මේ අවුරුද්දේ. නැත්නම් මේ රට ගොඩ ගැනීම බොරු මේ සෙට් එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මේ රට ගොඩ ගත්තෙ නැති උනාට අවුලක් නෑ.. අඩුගානේ එයාලා හරි ගොඩ යනවනේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න