.

.

Jun 1, 2014

පොලීසියේ කෑම හා පොලීසිය කෑම - Dancing with the Police


මගේ හිතවත් ලයිබීරීයානූ මිතුරකු තම බ්ලොග් අඩවියේ පලකළ ළිපියක, සිංහළ පරිවර්ථනයකි.

ලයිබීරීයාව කියන්නේ ළෝකයේ බොහෝම දියුණු රටක්ය. දියුණුව කරා කොච්චර වේගයෙන් යනවාද කියා මෑතකදි මහ බැන්කු වාර්ථාවෙත් සඳහන් වෙලා තිබුනාය. සාමාන්නියෙන් නම් ඒ රටේ ආර්ථික වර්ධන වේගය පැයට කිලෝ මීටර් 150 ක් විතර වන්නේය. පොරි හැලෙන්න වේගයෙන් යන ආර්තිකේ නිසා රට කරවන උනුත් යන්නේ අම්බ ඉස්පීඩ් එකේය. අප්‍රිකාවේ ආස්චර්යයද මොකක්ද කොරන්න යන නිසා වංගු ගන්නේ කන ගෑවෙන්නය.

ඒ උත්තමයන්ට ටැපික් ලයිට්, ඉස්පීඩ් ලිමිට්, අරවා මෙව්වා අදාලා වන්නේ නැතිය. මොකෝ පුක පැලෙන්න ඉස්පීඩ් එකේ ගියේ නැත්නම් ආර්තික වර්ධන වේගය අඩු වෙනවාය. එහෙම ආර්තික වර්ධන වේගය අඩු උනොත්, දල ජාතික නිස්පාදනේ අඩු වෙනවාය. එතකොට ගෙවුන් සේසයේ හිඟයක්ද මොකක්ද වැඩි වෙනවාය. නිස්පාදන කර්මාන්තේ කඩාගෙන වැටෙනවාය. සංවර්ධනේ ඇණ හිටිනවාය.

ඒ ඇණ ගලවන්න, ණය ගන්න වෙනවාය. ඒ ණය ගෙවන්න බදු ගහන්න වෙනවාය. එහෙම බදු වැඩි උනාම, ශ්‍රේෂ්ඨ ජාතියකගේ රක්ත හීනතාවයක් ඇති වෙනවාය. එහෙම රක්ත හීනතාවයක් ඇති උනාම, ප්‍රජණන ඉන්ද්‍රීයන්ගේ දුර්වලතා ඇති වනවාය. එහෙම ඇති උනාම ඒ ජාතියට කෙල වෙනවාය. එහෙම උනාම ඒ ජාතියේ අය වෙන අයත් එක්ක හැමිනෙනවාය. එතකොට අර ශ්‍රේෂ්ඨ ජාතිය වඳවෙලා යනවාය.

ඒ නිසා ටැපික් ලයිට් අරවා මෙව්වා නැති, ඇක්ස්ප්‍රස් වේ හදනවාය. ඒ අර රට හදන උත්තමයන්ට බොහෝ වැඩ තියෙන නිසාය. ඒ වැඩ කොරන්න ඇමතිලා කියා උත්තමයෝ පත් කරලා තියෙනවාය. එයාලාට වැඩ වැඩි නිසා, නියෝජ්ජ උත්තමයෝත් පත් කරලා ඉන්නවාය. එයාලාත් බිසි නිසා, අදීක්සොන අයත් ඉන්නවාය. මෙයාලා ඔක්කෝටම වැඩ වැඩි නිසා ජේස්ට අයත් පත් කරලා තියෙනවාය.

මේ අය මී මැස්සෝ වගේ පුල් බිසිය. එයාලා සේද මාවතේ එන කොට, ජනතාව අයින් වෙන්න ඕනාය. නැත්නම් ඒ උත්ත්මයන්ගේ කටු කන බල්ලන්ට, මල පනිනවාය. එයාල අර ශ්‍රේෂ්ඨ ජනතාවගේ මව් ගුණ ගායනා කරනවාය. සම හරක් නම් නවත්තලා පාරේ යන උන්ගේ ශරීර ශක්තිය හොඳද කියා දෙකක් ඇනලාම බලනාවාය. එහෙම ඇනලා ගියයින් පස්සෙ. ඇනපු එකාගෙයි, ඇනපු උන් ගාඩ් එක දීගෙන යන එකාගෙයි අම්මලාට හච්චින් යනවාය.

ඒක දැන් ඒ රටේ සඟිස්කුරුතය. ඒකීය බාවයය, බව් බව් මික අන්ඩවාතයය. ජහ මනයා යන්න ආසත් ඒ විදියටමය. ඉතින් ප්‍රාඩෝ නැති මේ ගොබ්බයෝ, අත් ටැට්ටරේ 50 විතර දාගෙන. අර උත්තමයෝ වගේ යන්න ගියාම, ඇලෙ වැටි මලේය සෙල්ලම් වෙන්නවාය. රෝද තුනෙන් ප්‍රාඩෝ සර්කස් කොරන්න ගෙහුන්, ෆේස් බුක් එකේ මිනී ෂෙයාර් කරලා ආතල් ගන්න උන්ගේ, ෆේස් බුක් එකවුන්ට් එකට එයාලාගේ බිඩි පාර්ට්ස් වල පික්චර්ස් සප්ලයි කරනවාය.

එහෙම බොඩි පාර්ට්ස් තියෙන පික්චර්ස් දැම්මාම, අනික් උන් ඒකට ලයික් එකක් දානවාය. පට්ටම ආතල්ය. මීනීයක පොටෝ එකක් දැම්මත්, ඒකටත් ලයික් එකක් දානවාය. සම හරක් ලයික් එකක් දාන්න කියනවාය. එහෙම දැම්මේ නැත්නම් එයාලාට නින්ද නොයෑමේ රෝගය වැලඳෙනවාය. ඇඟ උණුකරවා යෑමේ රෝග ඇති වෙනවාය. මාන්සික ආතතියද මක්කද එක වැඩි වෙනවාය.

ඕන් ඔය අතරේ, ඒ රටේ සම්පකාර බලන, ඩිපියුටි උත්තමයා හයි වේ එකේ, හයි ඉස්පීඩ් එකෙන් එනවාය. එහෙම එනකොට, මීටරයක් උස්සගෙන කණු අස්සේ හැන්ගිලා ඉන්න එකෙක්ගේ මීටරේ, 146 වෙනවාය. ඌගේ පල්ස් ඉස්පීඩ් එක හයි වෙනවාය. ඌ හයි වේ එකේ, ඇක්සිට් වලට, කේස් එක හයි ඉස්පීඩ් එකේම දෙනවාය. ඕන් ඔය අතරේ අර උත්තමයා "ටට්කෝව" ඇක්සිට් එකෙන් එලියට එන්න යනවාය. ඕන්න අතනදි ටැපික් පොලිස් එක්කෙනුකට මාට්ටු වෙනවාය.

ටැපික් එකා කියන්නේ, මහත්මයා, හයි වේ එකේ හයි ඉස්පීඩ් එකේ ආවා කියාය. ඩැයිවර් කියන්නේ මේ ඉන්නේ අහවලා කියලාය. පොලිස් කියන්නේ ඒක මට අදාල නැත, දඩේ ගෙවන්නෙයි කියලාය. ඕන් එකකොට, අර මස් මාලුවත් නොකන, හතර පෝයට සිල් ගන්නා. උදේට පන්සිල් ගන්නා, හවසට සිරසේ පිරිත් අහ අහ නිදා ගන්නා. දවල්ටත් අමාත්තන්සෙ පුටුවේ භාවනා කොරනා, උත්තමයාගේ පෙසොර් එක හයි ඉස්පීඩ් වෙනවාය.

එහෙම වෙලා, ඉතාම ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, භක්තියෙන්, බැගෑපත්ව කියන්නේ, ස්තූතියි මහත්මයා මම ඔබතුමා සතියක් ඇතුලත, වැලිගම්පිටි යවනවා කියලාය. (වැලිගම්පිටිය යනු දිව්‍ය ළෝකය වන් ඉස්තානයකි.) එහෙම කියලා, ඩොලර් දහයක් ගෙවලා, කරන්න තියෙන දහසක් රාජකාරි සඳහා ආයෙත් හයි ඉස්පීඩ් එකේම, පුක කාගෙන යනවාය.

සතියකට විතර පස්සෙ අර පොලිස් කාරයා, ගමේ ඉඳන් එයාගේ ප්‍රාඩෝ එකේ ඩියුටි එනවාය. ඕන එතකොට කෑබ් එකක්, මේකත් එක්ක රේස් එකක් යමුද කියලා අහනවාය. ඕන් දැන් දෙන්නා රේස් යනවාය. එහෙම රේස් යන කොට, ඇන්ජින් එක රත් වෙනවාය. ඒකට කියන්නේ, හීට් එක වැඩි වෙනවා කියාය. එහෙම වෙලා අර පොලිස් කාරයාගේ ප්‍රාඩෝ එක ගිනි ගන්නවාය. පොලිස් පැනලා දුවනවාය.

එතකොට අර කැබ් එකේ ආපු උන් අහන්නේ, පොලිත් මාමේ අපි හොලා පොලිත් කලමුද කියලාය. අනික් රටවල වගේ නොව ඒ රටේ පිත්තෝල තියෙන්නේ හොරා ළඟය. පොලිස් කාරයෝ යන්නේ පොල්ල වන වනාය. ඉන්න මම පොලීසියට ගිහින්, පිසටල් එක අරන් එන්නම් කියා යනකොට. අර හොරු කරන්නේ බඩු වැඩද කියා බලන්නට අහසට වෙඩිල්ලක් තියනවාය.

දැන් මේ සිද්දිය අලලා, රාජ්ජ නාට්ටි උලෙලට නාට්ටියක් නිස්පාදනය කරන්න ඕන කියා ඒ රටේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරනාවය. ඒ සඳහා පිටපත් දැන් බාර ගන්නවාය. ඔබටත් ඒ සඳහා පිටපත් එවිය හැක. එසේ පොලිස් මූලස්ථානය වෙත ලැබුනු පිටපත් කිහිපයක් උදාහරණ ලෙස පහත් දක්වා ඇත. හැකි ඉක්මනින් ඔබේ පිටපත්ත පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න.

පොලිස් මාද්දිය ප්‍රොකාසකගේ පිටපතෙන් කොටසක්.

මේ සෙල්ලම කරලා තියෙන්නේ, විදේශ රටක රැකවරණ ලබා ගැනීම සඳහා කියා, අපට ඉතා විස්වාස කටයුතු මාර්ග වලින් මෙන්ම, අපේ නිලධාරියා ලබා දුන් කට උත්තරයෙනුත් තහවුරු වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ පිළිබද පරීක්ෂණ අපි නොනවත්වා කරගෙන යනවා. වැඩි දුර පරීක්ෂන අපරාධ මූලස්ථානය මඟින් සිඳු කරණු ලබනවා. කොහොම උනත්, මෑත කාළයේ අපරාධ වල විශාල අඩු වීමක් සිඳු වෙලා තියෙනවා.

ඇමති තුමාගේ පිටපතේ අඩංගු කොටසක්

ගමේ රීලෝඩ් කඩේ කස්ටියකගේ කතා බහක්....
ඕකට ඔහොම වෙලා මදි. ඒක ඇත්ත ඕකට පුදුම උනක් තියෙන්නේ. ඔය ප්‍රාඩෝ එකත් ජරාවම ගහලා ගත්ත එකක්නේ. ඔය උත්තමයා මස් මාළුවත් කන්නේ නෑ කියන්නේ. ඒකනේ එහම උත්තමයෙක්ට නේ මේ යකා දඩ ගහලා තියෙන්නේ. මුන්ට යන්න තව අපායක් තියෙනවද? හොඳ වැඩේ, ඕකට ඔහොම වෙලා මදි, වැඔලිගම්පිටි නැත්නම් රාගම හරි යවන්න තිබ්බේ. රාගම කිව්වේ? ඇයි බං අර රණ විරු සෙවන. 

දමිත් කේතකගේ පිටපතෙන් කොටසක්.

ගූ මාල් හෙමසේකර, පවුල සමග වාහනයේ ගමන් කරයි, පොලිස් ජීප් රියක් එම වාහනය පසු කර යෑමට උත්සාහ කරයි. පොලීසිය වාහනය නවත්වන ලෙස ඉල්ලයි. ගූ මාල් බියවී රථය දිගටම ධාවනය කරයි. පොලීසිය වෙඩි තබයි. ගූ මාල්ගේ රථය හරස් කොට වාහනය නවතා ගනී. ගූ මාල් ගේ දියනියට වෙඩි වදී. දියණියා "තා මර" රෝහලට අතුලත් කරයි. ගූ මාල් පොලිස් අත් අඩංගුවට පත්වේ. උඩට වෙඩි තැබු පිස්තෝලය සෙවීමට යමු කියා, පොලිසීය ආරාධනවාක් කරයි. ගූ මාල් තියෙන තැන සවිස්තරාමත්වකව කියයි. එහෙම බෑ අපිත් එක්ක යමු මෙයා කියා, ගූ මාල් වත් රැගෙන පොලීසිය යයි.

"ඩෝං....." පසුබිමෙන් ශබ්දයක් නිකුත්වේ..

ඊළඟ දර්සොනේ..

සෝමවාහිනියේ උදෑසන පත්තරවල මුල් පිටු කියවයි.

ආයුධ පෙන්වන්නට යාමේදි, අත් බෝම්බයක් පොලීසිය වෙත එල්ල කිරීමට යාමේදි සිඳුවූ වෙඩි හුවමාරුවකින්, ගූමාල් හෙමසේකර වෙඩි වැදීමකින් මිය යයි. පොලීසිය පැවසූයේ, ඔවුන්ට අවම බලය යෙදවීමට සිඳුවූ බවයි. එම මරණය, මහේස්ත්‍රාත් වරයා විසින් නිත්‍යාණූකූල මරණයක් ලෙස අනුමත කරණ ලදි.

ගූමාල් හෙමසෙකරගේ ගමේ එකෙක්ගේ පිටපතක්

ඔහේ මක්කයි මේ දොඩන්නේ? ඇයි ඔහේලට මතක නැතෙයි, චිතයම් කැන්ටකට වෙච්චි දේ. ඒ යකා අර ඇස් ටී ඇෆ් එකයි, නෝනයි පොලුවලින් ගහලා මරලා, ඌට වහන් වෙලා ඉන්න දුන්නය. මෙයැයි එයැයිගේ නම කැත කොර ගන්න එකක් නෑ ඕයි. පිස්තොලේ ගෙනිච්ච එකා අල්ලලා දෙයි පොලීසියට.

87 comments:

  1. මාතලංංංංංංං

    ලයිබීරියාව තියෙන්නේ ලංකාව ළගම ද ??? එහෙම නැත්තම් කොහොම ද ඉතින් මේ ලංකාවේ ගති ඔක්කොම එහෙ අයටත් මේ විදිහට ම බෝවුණේ............. නැත්තම් ඉතින් මාතලන්ගෙන් යාලුවාට බෝ වෙලා යාලුවාගෙන් රටටම බෝ වෙලා ඇති මයේ හිතේ...... හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. පිස්සු... ලංකාව මේ තරම් දියුණු උනේ කොහොමද කියන රහස හොයන්න මෝදිත් එනවය කියන්නේ. මෝදී ඉල්ලලා තියෙනවලු පී බී ව, එහේ ගෙනියන්න.

      Delete
    2. හැබැයි එකක් තියෙනවා, අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර් හරි විකාශ් ස්වරූප් ගේ Q&A හරි කියෙව්වොත් තේරෙයි මේ කතාවේ තියෙන ලයිබීරියාව කොච්චාර හොඳඳ කියලා!

      Delete
    3. අදමයි ඇහුවේ ලොක්කා පොත් දෙක. පට්ට පොත් දෙකක් බව පේනවා. ඒත් අපිට කොහෙනද එහෙම චෑනස්. පිටරට ඉන්න කාළේ නම් හොඳ පොත් ටිකක් කියෙව්වා.

      එක පැත්තකින් හොඳයි. එක පැත්තකින් නරකයි.

      Delete
    4. ඇයි කකෝ විකාස් ස්වෲප්ගෙම සි‍ක්ස් සස්පෙක්ට්ස්. ඒකත් මරුවට ඉන්දියාව ගැන ලියලා තියෙනවා. ඔය යකා වැඩිපුරම ඉන්ද්ල තියෙන්නෙ යූ කේ හයි කමිසන් එකේ. ඉන්දියන් නේවි එකේ මම කියවපු පොතේ අයිතිකාරයාට ලැජ්ජ හිතුනා මම නැවේ කෑම මේසෙ ඔක්කොම ඉස්සරහ පොත ගැන කතාකලාම.

      Delete
    5. මාතලන්,
      මේ පොත් දෙකම සහ අඩිගා ගේ සහ ස්වරූප් ගේ පොත් සියල්ල අඩු මිලට ගන්න ඵුළුවන් ඉන්දියානු ප්‍රින්ට්.

      මට මතක හැටියට, වයිට් ටයිගර් පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා.

      අනික කියන්නේ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයට පසුබිම වුණු කතාවයි. නමුත් පොත වඩා දරුණුයි.

      Delete
    6. ස්තූතියි ලොක්කා...

      Delete
    7. මාතා...වයිට් ටයිගර් නම් කොහොම හරි කියවපන්. පිස්සු බලුප් වෙනවා. නියම පොතක්.

      Delete
  2. ලයිබීරියාවෙ අහවල් එකෙන් සීයට හයක් මෙහෙවල් එකට දෙනවද දන්නෙ නැහැ ....

    ReplyDelete
    Replies
    1. ඇයි හම්බ උන නිසා නේද, ආචාරියලා මහාචාරියලා ඒ විප්ලවේ නවත්තලා දැම්මේ. 6 මොකක්ද අප්පා 13 දෙන්න යන එකේ..

      Delete
  3. ලයිබීරියාව හදාගන්නනම් ඉස්සරවෙලාම කරන්න ඕනි, රට හදන උත්තමයන්ට තනියම ප්‍රාඩෝ එලවන්න පුරුදු කරන්න කියලා නියොගයක් ගෙන්නන එකය කියලා ලයිබීරියාවට මේ ලඟදි ගිහින් ආපු කෙනෙක් කිව්වේ මේ නිසාම වෙන්නැති..!

    ReplyDelete
    Replies
    1. වාහනයක් වත් තනියම එලව ගන්න බැරි හාල්පාරුවෝ කොහෙද අමාත්තයන්සයක් පාළණය කරන්නේ..

      Delete
  4. පුඤ්ඤසෝමJune 1, 2014 at 9:59 PM

    නැනෝ එකෙන් ඔෆිස් යන කොස්තාපල්ල නැද්ද ලයිබීරියාවෙ ? මෙහෙත් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඇයි මෙහෙත් හිටියේ.. දැන් නම් ඇතුලේ.. තාත්තයි පුතයි දෙන්නම..

      Delete
  5. ලයිබීරියාව ලොකුද දැන් නෑ නේ? නැත්තන් ඔය ලොකුයි කියලා හිතන් ඉන්න එවුන් කරන වැඩද දන්නෙත් නෑ, මොනවා උනත් ලයිබීරියාවේ ඈස්චාර්ය පේනවා අකල් වැහි දෙක තුනක් එක දිගට වැස්සම.

    ReplyDelete
    Replies
    1. වහිනවා කියන්නේ වතුර උඩින් වැටෙනවට තමයි. ඒවා වැටෙන තැන් පිරෙනවා, උතුරනවා, ගලා යනවා තමයි.. ඔහේලා වැස්සත් බනිනවා.. පෑව්වත් බනිනවා.. වැස්ස එංගලන්තෙට වැස්සත්, ලංකාවට වැස්සත්. ලයි බීරී යාවට වැස්සත් ගලන එක ගලනවම තමයි. පොඩ්ඩක් හිටහන් ගං වතුර ගං කඹර ඇමති එනකන්.. කටින් නවත්තයි ඔක්කෝම..

      Delete
  6. මේකනම් ටිකක් එහෙම නෙමේ බොහොම ආස්තැරියට ලඟයි. මොකද මස් මාලු කන්නෙ නැති නියෝජ්‍යා පොලෝසියට ගහලා. පොලෝසිය අධිවේගෙදි නියෝජ්‍යට අධිවේගී දඩ ගහලා. එතකොට පොලොස් කොට්ටෝරුව නැනෝ එකේ ඇවිත්. පොලොස් කොට්ටොරුවෙක්ගෙ පඩිය උගෙ අය්යගේ පඩිය ගානටම ඇති වගේ දැන් දැන්. එතකොට අපේ මාධ්‍ය ප්‍රකාශක කොට්ටෝරුව පොලොස් කොට්ටෝරුවගේ ආදායම හොයනවා. මදෑ ආස්තැරියට හොදටම ලඟයි. අපි බඩට කොට්ටයක් තියන් මේවා බල බල හිනා වෙනවා. බඩේ හුලන් පස්ස පැත්තෙන් පිටවෙනවා. ආස්තැරියනේ ආයිබොවන් බඩට කන්න නැතත් මොකෝ මේවා බලලම අපි ජොලියේ ඉමු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කියනවා මෙහෙත් මේ වගේලූ. මේක ආසියාවේ රටක් නේ වෙද මහත්තයෝ මම දන්න තරමට.. රොකට් එකක උඩ ගිහින් බලන්න ඕන, අපේ එකත් තියෙන්නේ එහේද කියලා..

      Delete
  7. Gotcha!
    Lie - beria, right? :)

    ReplyDelete
    Replies
    1. I did not expect that...
      but wow..
      what an invention..

      Delete
  8. වැලිගම් පිටි යවන කතාවක් කිව්වේ නෑ හරිය.. ඔහේට හරියට ඇහිල නෑ. අනික ඇහැක් විදියට එයැයි එහෙම කිව්වයි කියල ඔහේල මක්කටෙයි ඔයි තරං විස්සෝප වෙන්නෙ. මං හාන්නේ.

    එයැයි කිව්වේ මං ඔහේව වැලිගම අපේ ගං පැත්තට එක්ක ගෙහින් ඇහැක් විදියට හොදට සලකන්නං කියල නෙව...

    ReplyDelete
    Replies
    1. මේ මෙහේ කේස් එකක් නෙමෙයි.... ලයි බීරී යාවේ කේස් එකක්..

      Delete
    2. ඔව් ඔව් ඔය සලකලා තියෙන්නේ ඇහැ කණ නොපෙනෙන ගානටම

      Delete
  9. දැන්මම පිනක් දහමක් කර ගනිල්ලා ලබන ආත්මේවත් ලයිබීරියාව වගේ රටක ඉපදෙන්න!

    සසර වසනතුරු, නිවන් දකින තුරු!

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් නිවන් දකින කම් මේකම තමයි. මෙහෙම ආතල් කොහෙද අප්පා ඔහේලා ඉන්න රටවල. අපේ මස්සිනත් කියන්නේ ආතල් බුවාලා ඉන්නේ මෙහේලූ..

      Delete
  10. එහෙ මස් මැරුවට ...මස් මාංශ කන්නෙවත් නැති $#@පුතෙක් ඉන්නවලු නේද .... ඔයි....?

    ReplyDelete
    Replies
    1. එහේද...? එකෙක් නෙමෙයි. අම්බානක ඉන්නවය කියන්නේ.

      Delete
  11. මේවා කුමන්ත්‍රණ .. අර කොන්දේසි දොලහෙන් ජනතාවගෙ අවධානය වෙන අතකට යොමු කරන්න කරන කුමන්ත්‍රණ..

    ReplyDelete
    Replies
    1. ඌගේ කොන්දේසි දොලහ බන්දේසියේ තියලා දුන්නට. ලොක්කා ඒක කුණු කූඩෙට දැම්මලු අරුන් ගියපු ගමන්. ඌගේ කොන්දේසි නිකන් අපේ සීයගේ පඩ වගේ. මෙළෝ රහක් නෑ..

      Delete
  12. මචං මේ මගුල් කොටන වා නම් මේ මගේ....අවසාන පැමිණීම....
    ලියන වා නම් උඹ අර කළු දෑවී රෙද්ද උස්සන් චූ කරද්දී වැට අයිනෙ ..හිටගෙන කරපු මගුල් ලියපං ...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++සහතික ඇත්ත. මාතලන්ට අපේ බවලත් මෙව්වා එක.

      Delete
    2. මුගෙ කටයි...ඇගිලියි හුරු වෙලා තියෙන්නෙම රට අයිස් චයිරිය කරා අරගෙන යන ආණ්ඩුවෙ අහිංසකයින්ට දෙපිඉට කැපෙන කතා කියන්නයි/ලියන්නයි.... චික්...ඉතරක්.....

      Delete
    3. කොහෙමෙයි සත්තරනේ ඒවා කොන්ටිනූ කරන්නේ. මේ වගේ ආතල් තියෙන කොට.

      Delete
  13. ඒ අතින් ලංකාව කොච්චර නම් වාසනාවන්තද ?

    ReplyDelete
    Replies
    1. අන්න රටවල්.. බුදුන් වැඩි දේශය නේ බං..

      Delete
  14. ඔය මොන නාට්ටි පිටපත් ගෙනාවත් අර සුපුරුදු නාට්ටි කාරයා වෙච්චි චාට‍ර්වංශගෙ නාට්ටි පිටපතෙන් ඔය ඔක්කොම වහනවා. ඒ නිසා වැඩක් නෑ.

    බලන් ගියාම ඔහොමට කාළකණ්නි ඉන්න ඔය බීරීයාවට වඩා අපේ 'අ'මුතු ඇටේ ඉස්තරම් නේ????

    :D :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් බල්ලොවත් ගනන් ගන්නෙ නැති සයිස් එකක් වෙලා තියෙන්නේ. දැන් ඔය උන්නේ ශුක්‍රාණූ කාපු රිලවා වගේ..

      Delete
  15. ඔය සිද්දිය වුනේ ලයිබිරියාවේ දකුණේද නැතිනම් උතුරේද මොකද දැන් අහන කියන හැම එකාම දකුනෙනේ.......

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් අඩුයි නේද?

      Delete
  16. පලවෙනි කොටුවෙන් පේනවා
    උප ඇමතියා පාරේ යනවා
    හෙමින් ඇවිදගෙන එනකොට
    කොස්තාපල් දඩ ගහනව....කොස්තාපල් දඩ ගහනව
    අම්මප උට හෙන ගහනවා

    ලක්ෂ දෙසිය තිහක් වටින
    නැනෝ එකක් ඌ ගන්නවා
    එහෙම සල්ලි ඌට කොහෙද
    සත්තයි ඌ හොරාකනවා ..සත්තයි ඌ හොරාකනවා
    දෙවැනි කොටුවේ එය පේනවා

    තුන්වෙනි කොටුවෙන් පේනවා
    ඇමති තුමා සිල් ගන්නවා
    අම්මප හෙන ගහන්නෙපැයි
    උගේ සේකට්‍රි පගා කනවා ... උගේ සෙකට්‍රි පගා කනවා
    ඇමති තුමා දන්නෙත් නෑ

    සිව්වෙනි කොටුවෙන් බැලුවම
    ටී.වී කට්ටක් පේනවා
    එස් එස් පී බෙට්ට පුකේ
    මාධ්‍ය පෙළහර පානවා ..මාධ්‍ය පෙළහර පානවා
    අනේ අපොයි ප්‍රකාශකයා

    අපි හැදුවේ අධි වේගේ අපිට යන්න බැරිය පුතේ
    ධනවාදී පොලිස් කොස්සෝ අපට අරියි හතර අතේ
    ඊට පස්සේ පව් පලදී පනපිටින්ම ගිනි ගනිතේ
    ධර්මය රකිනා ඇමතිව ධර්මේ විසින් රකියි පුතේ

    ඕන්න පින්වතුනි මස් මාළු නොකා ධර්මහි හැසිරෙන්නාට විරුද්ධව යමෙක් කටයුතු කරයිද ,ඔහු ජීවත්ව සිටියාත් මියගියා වැනිය ... ධර්මෙයේ හැසිරෙන ඇමතිලා රජ පවුල විසින් රකිනු ලැබේ ....හුටා වැරදුනා



    ReplyDelete
    Replies
    1. මචං ගින්දර ඈ.. නැගල යනව !!!

      Delete
    2. සුපිරියි ඉවාන්.. බ්ලොග් පෝස්ට් වලට වඩා වටින කොමෙන්ට්ස් කියන්නේ මේවට. මේ වගේම ලස්සන කතාවක් තිබුනා, බස් එකක කකුල පාගපු සීන් එකක් ගැන.

      Delete
    3. මරේ මරු විරිදු ටික.

      Delete
    4. අඩුවකට තියෙන්නෙ සීපද අතරට කෝරස් එක නැති එක..ඒක මෙහෙමයි
      ඉටි පන්දන් කිරි වැක්කෙරි වැක්කෙරි //

      Delete
    5. නියමයි ඉවාන් අයියේ

      Delete
  17. අර Charles Taylor ද කවුද කියන ලයිබීරියා ලොක්කා හේග් ද කොහෙද තියන අන්තර්ජාතික අහවල් එකට ගෙනිච්ච කියන්නේ.... අපේ හාදයොත් එහේදී එයාව මුන ගහෙවිද දන්නෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. හ්ම්....හ්ම්.... එයැයි උන්නේ එහේ තමයි...

      Delete
  18. Liberian Man
    You Know That You Came
    And You Changed My World,
    Just Like In The Movies

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=f3V-7DEAgdc&feature=kp

      Delete
    2. dd u watch the video n u r link? that song is not there man :P

      Delete
  19. ලයිබීරියාවටත් ආස්චර්ය තියෙන්න එපායෑ.

    ReplyDelete
    Replies
    1. ඕසේට තියෙනවා කියලා යාලුවා කිව්වා...

      Delete
  20. මේවා අත ඇරලා යන්න ඕන ලයිබීරියාවට.. සිතියමේ හරියටම කොහේද ඕක තියෙන්නේ හැබෑටම..

    ReplyDelete
  21. මෙන්න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක්!

    ReplyDelete
    Replies
    1. කව්ද.. ගූ මාල් ද.. පොලිස්ද....?

      Delete
  22. ලයි බීරි අය ඉන්න රටේ හයිවේ හැදුවේ ඉබිගමනේ යන්ටද බං? හොඳ වැඩේ ඔය පොලිස් කාරයාට..එනව මෙතන දඩ ගහන්ට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මූව වැලිගම්පිටි යවන්න බැරි උනානේ අරූට.

      Delete
  23. අනේ අයියන්ඞි මටත් විසා එකක් අරන් දියන්කෝ ලයිබිරියාවට

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද මම ජී ඇල් පීරිස්ය කියලා...

      Delete
  24. ඔය ලයිබීරි එකේ වගේ එකාධිපතියෙක් මෙහෙත් ඉන්න ඕනේ.
    නැතිනම් මේ රෙද්දේ ප්‍රජාතන්තෙන්ද මොකෙන්ද එකෙන් මේක හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ප්‍රජා තන්ත්‍රෙන් නැතුව, ප්‍රජා චන්ච්‍රෙන් කොරන්න බැරි වෙයිද...

      Delete
  25. මේ කතාවට අදාල නැතුව ඇති,මම දන්නෙ නැති හින්ද අහන්නෙ මචෝ,වෙජිටෙරියන්ලට ගුටි ගහගන්න බැරිද බං.

    ReplyDelete
    Replies
    1. බැරුව ඇති. ඒකනේ ඒක එක්ස්කියුස් එකක් හැටියට කියලා තියෙන්නේ. හාවෝ වගේ වෙන්න අති හැලපේ. ආන් එහෙම නොදන්න ඕන දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නැතිව අහපන්.බැරුව ඇති. ඒකනේ ඒක එක්ස්කියුස් එකක් හැටියට කියලා තියෙන්නේ. හාවෝ වගේ වෙන්න අති හැලපේ. ආන් එහෙම නොදන්න ඕන දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නැතිව අහපන්.

      අර අහිංසක හිට්ලරුත් වෙජි කෙනෙක් නේ.. දැන් ඉට්ටයිල් එකට කියන්නේ වෙජි කියලා..

      Delete
    2. මොකක්ද යකෝ මේ රිප්ලයි එක නිකං කොයිල් වගේ මට

      Delete
  26. මේක ලයිබීරියාවෙ සීන් එකක් කියලා ෂුවර්ද ? සයිබීරියාවෙ එහෙම නෙමේද ?

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු... එහෙත් එහෙමද.. සමහර උන් කියනවා මෙහෙත් එහෙමයි කියලා...

      Delete
  27. අම්මෝ ලංකාවේ ට්‍රැෆික් මෙහෙම නටන්නේ නැ..... මේ සාජන්ට් නල්ලතම්බි වගේනේ...... මේකත් ඒකෙම අනු පිටපතක්ද...?

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්... කියන දෙයක් අහනවය.. මේක මෙහේ දෙයක් නෙවෙයි අයියෝ...

      Delete
  28. මාතර එවුන්ට උණ එන්නේ මහ එකාගේ ඥාතියෙක් වුනොත් තමයි. හේමාල් ගුණසේකර....ඔන්න ඊයේ පෙරේදා අරුණ ගුණරත්න. රාජ ඌෂ්නය මාලිගාවෙන් එලියට ඇවිත්. ඒකට කමක් නැහැ රජා චෝගම් සභාපතිනේ. දෙමු ලොක්කා ලෝකෙටම ආදුර්සේ...උඹේ ලයිබිරියන් යාළුවාගෙන් අහපන්. කානු වහලා බිල්ඩින් හදලා මොන්‍රෝවියා ටවුම වතුරෙන් යටකරවා ගන්න දන්න ගෝතයෙක් ඉන්නවා එවන්නද කියලා. එහෙමත් නැත්නම් ගම කන වයිමෙක්....

    ReplyDelete
    Replies
    1. දැන් සනත් ජයසූරිය හයේ ඒවා ගහන්නේ රුහුණු කැම්පස් එක ඉස්සරහා.. පට්ට ප්‍රේක්ෂකයෝ ටිකකුත් උන්නා.. පොලීසියත් මැච් එක බලනවා ආතල් එකේ..

      Delete
  29. ඕවා රටවල්ද අනේ පස්මහ බැලුම් නොබැලුවට අනේ දෙයියෝ අපිව මේ ධර්මද්වී ඉපද්දුවනේ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඌ අහනවා ඉඳගෙන... අපේ රටේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා දෙනවද කියලා.. මම කිව්වා පුකේවත් පච්චයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් නම්. සලකලා බලන්නම් කියලා...

      Delete
  30. අම්මප අපට කරන්න නාට්‍ය ඉතුරු කරන්නෙ නැහැනෙ මුං.ඔක්කොම සිරා විහිළුනෙ.ආශ්චර්යය කියන එකත් විහළුවට කියපු එකක් අපි සිරාවට ගත්තට බං.ඇත්තටම එහෙම හිතෙන් නැද්ද ඇත්තට වෙන දේවල් සහ කරන සහ කියන විහිළු දැක්කම

    ReplyDelete
    Replies
    1. ඊයේ මට බර්ටෝල් බ්‍රෙෂුයි, ෂේක්ස්පියරුයි දෙන්නම කෝල් කලා. මුකුත් කතා කලේ නෑ.. ෆෝන් එක උස්සපු වෙලේ ඉඳන් අඬනවා.. අපි මුක්කුද කියලා.. මම ජයලත් මනෝරත්නට කිව්වා කේස් එක. පොර කියනවා පොර නාට්ටියක් හදන්නලු යන්නේ.. "මුක්කුද මුන්" කියලා..

      Delete
    2. මචං මේ මගේ නාට්‍යයේ කෑල්ලක් ඔය තරගෙට සෙට් වෙන්න මදි වෙයි නේද?ඔය ලියලා තියෙන අය ලියලා තියෙන්නෙ ඒ ගොල්ලන්ගේ ආත්මීය ප්‍රකාශණනෙ.හොද නම් චාන්ස එකක් දීපන්
      උප නගරාධිපතිතුමා-අපිටනම් ඉතිං ඒ අතිං වරදක් නැහැ.උණ්ඩෙ වරදට පත්තු වුණත් සෙල්ලම් පිස්තෝලයක් කිව්වම ඕනි තරං ඒක අනුමත කරන්න සාක්කි හොයා ගන්න පුළුවන්නෙ බං.උඹ බය වෙලානෙ ගුණේ.දැන් උඹට මම ගැන හංගන්නවත්මට උඹ ගැන හංගන්නවත් දෙයක් නෑනේ බං. - ගැලවිජ්ජා නාට්‍යයෙන්

      Delete
    3. අවුලක්ම නෑ... වෙලා තියෙන්නේ සත්‍ය කතාවක් වටා ගෙතුන කතාවක් කියලා දාන්න බැරි වෙනවා..

      Delete
  31. මා ඉපදුන රට
    මා මැරෙන රට

    අමරසේකරගෙ සුන්දර ගම තිබුන රට
    අමරසේකරගෙ උගතුන් නගරෙට ආපු රට
    ගම කන
    සෙල්ලම් පිස්තෝල කාරයන්ගෙන් පිරුණු ගම් තිබෙන රට
    අමරසේකරගෙ වචනවලින් ලියනව නම්
    රස්තියාදුකාරයින්ගෙන් පොහොසත් ගම් වලින් පිරුනු රට
    අමරසේකරගෙ සඟ වෙද ගුරු හා ගොවි( කම්කරු නැත ) බලවේග ගොඩ නගපු ගම හා රට
    ක්‍රිකට් වීරයෝ සරසවි සිසුන්ගේ ඔලු පලන රට
    වෘත්තීය සමිති නායකයින් හිරේ දමා
    හොරුන්ව, දූශකයින්ව නිදහස් කරන රට

    කෙසේ වුවත් මා ඉපදුන රට
    මා මැරෙන රට

    ReplyDelete
    Replies
    1. සනත්ව අදාළ කර ගෙන යම් ඉගියක් දී තිබෙනවා.ඒක වැරදියි
      අර්ජුනට වඩා සනත් කොච්චර ඉහළ චරිතයක්ද කියන එක කට්ටිය දැන්වත් තේරුම් ගත යුතුයි.අර්ජන ගැහැව්වෙ ක්‍රිකට් ගහන පාසල් දරුවෙක්ට.ඒ වගෙද සනත්.ගැහැව්වෙ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටින විශ්ව විද්‍යාල සිසුන් රොත්තකට ---- පට්ට නේ සනා

      Delete
    2. මොකක්ද බොලව් ඔය කියන රට.. ලයි බීරී යාව නම් වෙන්න බෑ කිසි සේත්ම..

      Delete
  32. ලයිබීරියානු අයිස්චර්යය කියලා තමයි මුලින් තිබ්බේ. මේ මැතිවරණ ප්‍රකාශනේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලා ' ආසියානු' කෑල්ලක් වැටිලා .

    ReplyDelete
  33. http://www.youtube.com/watch?v=V5PYQXg5Ykc

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න