.

.

Dec 21, 2014

ලෙඩට බෙහෙත් නැති, බෙහෙත් වට්ටෝරූ - Prescriptions without proper medicine


මෛත්‍රිපාල මහත්තයාගේ මැනිෆැස්ටෝ එක එලි දක්වලාය. ඕක, කී දෙනෙක් කියවයිද කියා කියන්න දන්නේ නැතිය. මාතලන්ගේ ජීවිත කාලය තුරා, මේ වාගේ ලස්සන පොත් කන්දරාවක් දැකලා තියෙනවාය. සමහර ඒවා කියවලා තියෙනවාය, සමහර ඒවා විසිකරලා තියෙනවාය. මාතලන් ඒ කාළේ පටන් මේවාට කියන්නේ බබල් ගම් කියලාය. 

බබල් ගම් තියෙන්නේ, ලස්සන කොළේක ඔතලාය. නැත්නම් අපූරු පෙට්ටියක දාලාය, ලස්සනය, සුවඳය, බොහෝම රසය. එහෙත් කිසිම ගුණයක් නැත. ඕනෑ නම්, චුයිං ගම් එකක් වගේ හප ඉඳලා විසි කොරන්න පුළුවන්ය. ඕන නම්, බැළුම් වගේ බෝල පුම්බලා, අනික් උන් කොර කරන්නත් පුළුවන්ය. ඔය පිම්බිල්ලත් හැම එකාටම කොරන්න බැරිය. ඒකටත් කළාවක් තියෙනවාය. එහෙම පිම්බුවත්, පස්සේ ඉතිරි වෙන්නේ, හපේ විතරය. වෙන මක්කා හරි කන්න වෙන කොට හපේ විසිකරලා, කන්න ඕන දේ කනවාය.

70 දී, අම්මා ඇවිල්ලා තියෙන්නේ හඳෙන් හරි ගෙනත් හාල් දෙන්නම් කියලාය. ඒ කාළේ හාල් ටිකක් හොයාගෙන බත් ඩිංගක් කන්න තිබුන අමාරුව දන්නේ, අම්මට සිරි ලංකාවේ පට්ට ආර්ථිකේ තුල ජීවත් වෙච්චි උන් විතරය. අනික් උන් හිතන්නේ අම්මට හැමිනෙන සිස්ටම් එකක් තිබුනා කියලාය. ඊ ළඟට පප්පා ආවේ ඇට අටක් දෙනවා කියලාය. මිනිස්සු හිතුවේ හාල් පොතට හාල් බින්දුවක් දෙනවා වාගේ, ඇට ජාති අටක් දෙයි කියලාය. ඇට අට කෙසේ වෙතත් උන්දෑ පෙන්සොන් ගියේ, ඉන්දිය සාගර මුතු ඇටේ, ලේ ගලන සැරව පිරි කුණු ගඳගහන ඇටයක් කොරලාය.

ඔය ආකාරයට බෙද බෙදා ගිය එක එක ජාතියේ බබල් ගම්, 94 ඉඳලා එන්නේ විධායකෙට කෙලින බබල් ගම් කියලාය. විධායකේ ඒ තරම්ම කරුමයක්ය. හැබයි ඉතින් එකෙක්වත් විධායකේ නම් අහෝසි කලේ නැතිය. සෝභිත හාන්දුරුවන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ගේමක් අරගෙන ගියේ, විධායකේට කෙලිනවාමයි පුතෝ කියලාය. ඔය අව් අස්සේ, ඒ ගේමට පිවිතුරු හෙටක් උදා කරන්න ආපූ රතන හාන්දුරුවෝත් සෙට් උන නිසා, ඔක්කෝම බලාගෙන උන්නේ, මොකාද යකෝ මේක කුඩු කරන්න එන පොද්දා කියාය. අන්තීමේදි පොද්දා හෙවිල්ල ගමේ අවුරුදු උත්සවේ සැඟවුන අමුත්තා සොයන ගේමටත් වඩා නැගලා ගියේ, සීන් එකට බය වෙච්චි මහ රජාගෙන් පටන්ගෙන, වාසලේ ඔක්කෝම උන් ටික හොල්මන්ද බේරේ පොල්කොල උන නිසාමය.

අන්තිමේදි හොය හොයා ගිය "නිර්පාක්ෂිකයා" වෙනුවට ආවේ, වාසලේ උන්න "නිල්පාක්ෂික" පොරක්මය. විධායක බබල් ගම් එක, පතුරු යනකන් හප හපා උන්නු පොරක්ය. උන්නැහේ විධායකේ රහ දන්න නිසා, දැන් විධායකේ අහෝසි කිරිල්ල යට ගිහිල්ලාය. හාන්දුරුවන් වහන්සේ දෙදෙනාත්, රහත් වෙලාද කොහේදය. රතන හාන්දුරුවන් නම් කිව්වේ, දැන් නම් මට වනගත් වෙන්න හිතිලා තියෙන්නේ කියලාය. හැබයි මෙතැන එක හොඳක් තියෙනවාය. සිරිසේන උන්නැහේ, සැටලයිට් නෝනා වගේ, පච විදින මහින්ද මහත්තයා වගේ, බොරු කියලා නම් නැතිය. උන්නැහේ කියන්නේ විධායක ක්‍රොමේ වෙනස් කරනවා කියලාය. අහෝසි කිරිල්ලක් ගැන මැනිෆැස්ටෝ එකේ කිසිම සඳහනක් නැතිය.

මාතලන්ට නම් ඔය විධායකේ එච්චර අවුලක් නැතිය, මොකෝ සිරිමා කෙලපු පිස්සුව හොඳට දැකලා තිබුන නිසාය. එයා කලෙත් මේ ටිකමය. ඒ කියන්නේ එයාට හිතෙන එකය. ඔතන කේස් එක තියෙන්නේ තනතුරේ නෙමේය. නමෙත් නෙමේය, මළ ජරා ව්‍යවස්ථාවේ හා මේ කුණුවී ඕජස් ගලන සිස්ටම් එකේය. සිරිසේනලා දින්නත් මහ චන්දයකට යන එක 2015 අප්‍රේල් වෙනෙකන් කල් දමා තියෙන්නේ ඇයි කියා එකෙක්වත් අහන්නේ නැතිය. දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ චන්දයකට යන්නේ නැත්තේ ඇයි කියලා එකෙක්වත් අහන්නේ නැතිය. එහෙම යන්න, පක්ෂ විපක්ෂ එකෙකුටවත් ඕනා කමකුත් නැතිය. 

උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්නා ඔක්කෝම උන්, උන්නැහේගේ රෙද්ද අස්සේ රිංගනවාමය. අද චන්ද්‍රිකා පට්ට පතුරු ගහන උන් ඔක්කෝම, මහින්දගේ පතුරු අරින්නේ 9 වනදා ඉඳලාමය. මේ කාළකන්නි කිසිවෙක්, පාල්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැත්තේ, සම හරක් උන් පැන්සොන් එකට එන්ටයිටල් වෙන්නේ නැතිව යන නිසාය. අවුරුදු පහෙන ජීවිත කාලයටම පැනසොන් හම්බ වෙන ජොබ් එකක් මේ ළොවෙත් නැතිය, ලොවි ගහෙත් නැතිය. ඕවා ගැන අඩු ගානේ ජෙප්පො වත් කටක් හොල්ලන්නේ නැතිය. ඒ වෙලාවට උන්ගේ කටෙත් පිට්ටු හිරවෙලාය.

අනෙක උන්ට හුරු පුරුදු කරන හා සිස්ටම් එක තුලින්ම ලබා දී තිබෙන අධි සුඛෝපභෝගී ජීවන රටාවයි. මෙතරම් විශාල දීමණා මහජන මුදලින් ලබා දීම වහාම නවතා දැමිය යුතුය. දේශපාළණය බිස්නස් එකක් බවට පත්කර ඇති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුය. දේශපාළකයා සමාන්‍ය ජනතාවගේ නියෝජිතයකු මිස, ප්‍රභූවරයකු කිරීමේ සියළු පහසුකම් අත් හිටවිය  යුතුය. එවිට දේශපාළණයට පැමිනෙන්නේ, අවංක, රටට සේවය කිරීමේ අවංක චේතනාවක් ඇති පිරිස පමණි. අධි සුඛෝපභෝගී වාහන ලබා දීම වහාම අත් හිටවිය යුතුය. අපේ රටේ නාස්තිකාර පරිභෝජන රටාවේ හා ජීවන රටාවේ මූලාරම්බය මෙය බව, මාතලන්ගේ මතයයි. ඔවුනට සාමාන්‍ය මෝටර් රථයක් ලබා දුන්නාම හොඳටෝම ප්‍රමානවත්ය. ළෝකයේ කිසිම රටක මහජන නියෝජිතයන් වෙනුවෙන් මෙතරම් මුදලක් කාබාසිනියා කරන්නේ නැතිය.

අද මහජන මුදලින් නඩත්තු වන්නේ පාර්ලිමේන්තුවේ සිටිනා පිරිස පමණක් නොවේ. මාතලන් සිතනා ආකාරයට, රාජපක්ෂ පරපුර හැරුන විට, අනෙක් සැම එකාගේම පවුල් පිටින් කන්නේ අහිංසක මහජනතාවගෙන් ගසා කන අසාධාරණ බදු මුදල් වලිනි. මේ කාළකන්නි වියදම් අහෝසි කිරීමෙන්ම. ජනතාවට අති විශාල සහනයක් ලබා දිය හැකිය.

සිරාගේ මිනිස්ට්‍රියේ, එයාගේ අය කී දෙනෙක් උන්නාද කියා හරියටම දන්නේ නැතිය. හැබයි කල් මාක්ස්ගේ එක කුස උපන් සහෝදරයෙක් වෙන, දූෂණය වංචා ගැන පෝප් වගේ ටෝක් දෙන, කෝප් කමිටුවේ සභාපති තැන්පත්, ඩීව් සහෝදරයාගේ අමාත්‍යංශේ ඉන්න උන්ගේ පැටිකිරිය නම් ළඟදි පත්තරේක දැක්කේය. ඔක්කෝම ඉන්නේ පක්ෂයේ කාළකන්නිය. මේ රටේ උගත් උන් හිඟන පඩියට ගස් යට වේලෙන වෙලාවට, ප්‍රගතිශීලී බාප්පලා ගරාගෙන කන්නේ එහෙමය.

උන් මේවා දමලා යන්නෙ නැත්තේ මහින්ද ප්‍රගතිශීලි හින්දා නෙමේය. පවුල්වල උන්ට විතරක් නොව, වටේ ඉන්න ඔක්කෝටම නොමිළේ රජ සැප ලැබෙන නිසාය. යාන වාහන ලැබෙන නිසාය. පින් පඩි ලැබෙනා නිසාය. මෛත්‍රිපාලගේ මැනිෆැස්ටෝ එකේ ඇමති මණ්ඩලේ කීයකට සීමා කරනවාද, කාර්ය මණ්ඩලයේ ඉන්නේ කීයද, උන් පත් කරන්නේ කොහොමද කියා, කිසිවක් කියලා නැතිය. කියලා තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමයකට ඇමතිවරු පත් කරනවා කියලාය. විද්‍යාත්මක ක්‍රමේ කෙසේ වෙතත්, මේ විජ්ජාවම් ඉදිරියටත් වන බවට ආයේ කතා දෙකක් නැතිය.

උන් පවුල් පිටින්ම නිවන් යන ගේමක් කියලා පේන්නේ, උන්ට අමාත්‍යශයක ලැබුනාම එක බාරගන්න යන ගේම දැක්කාමය. මාතලනුත් දැනට රැකියා කීපයක්ම කර ඇතත්, ප්‍රමෝසොන් කප්පරක ලබලා ඇතත්. ඒ එකකටවත්, පිරිත් කියන්න හාන්දුරුවරුවත්, අම්මා තාත්තලාවත්, මාතලි හා පොඩි මාතලන්වත් වඩම්මාගෙන ගිහිල්ලා නම් නැතිය. ඒ තියා ප්‍රමෝසන් ලැබිච්ච කොක්ටේල් පාටියකටවත් ඔය එකෙක්වත් ගිහිල්ලා නැතිය. මොකෝ පවුලේ උන් රස්සාවට අදාල නැති නිසාය.

පෝට් සිටි නවත්තනවා කිව්වාට, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හදන දිවිය ළෝකේ ගැන, වචනයක් වත් එකෙක්වත් කියන්නේ නැතිය. පාරේ යන මිනිස්සුන්ට මළ වදයක් වෙලා තියෙන, පිස්සන්ගේ රථ ගාය සහ බොඩි ගාඩ් පිස්සුව ගැන වචනයක් නැත. මහජන නියෝජිතයන්ට මොන බොඩි ගාඩ්ලාද? එහෙම බොඩි ගාඩ් ඕන නම් උන් මහජන නියෝජිතයෝ වෙන්නේ කොහොමද? යුද්දෙට කලින් ඔහොම මළ විකාරයක් තිබුනද? ඒ කියන්නේ යුද්දේ ඉවර කරලත් නැතිද? 

මාතලන් නම් කියන්නේ, ආරක්ෂාව දිය යුත්තේ තුන් දෙනෙකුට පමණක්ම බවයි. එනම් මහින්ද මහත්තයා, ගෝඨා සහ ජෙනරාල්ට පමණක්ම බවයි. ඒකත් මේ දාස් ගනනින් ඕනෑ වන්නේ නැත. දුමින්ද සිල්වාට, තොන්ඩමන්ට ඇමරිකාවේ ජනාධිපතිටත් වඩා අංගම්පොර කාරයෝ ඉන්නවාය. මේවා ඇත්තටම මළ විකාරය. මිනිස්සුන්ගේ සල්ලි අමු අමුවේ විනාශ කිරීමය. එහෙම ගාඩ් නැතිව දේශපාළණේ කොරන්න බැරිනම් කරන්න තියෙන්නේ, තමන්ගේ සල්ලි වලින්, සිකුරුටි ගාඩ්ලා එකෙක් බැරිනම් තිස් තුන් කෝටියක් හරි තියාගෙන අපිට පව් නොදි, තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එකය.

අර දූෂණ හා අක්‍රමිකතාද මක්කද එකේ තියෙන ෆයිල් 35 කාගෙද කියලා එකෙක්වත් කියන්නේ නැතිය. ඒ හූණු බෙටිත් බෙහෙත් වලට ඕනා වෙන හේතුව නිසා මිස වෙන එකක්වත් නිසා නෙමේය. සිරිසේනට සහාය දෙනවානම් කප්පරක් හොරකම් කල හොරුන්ට, උපාසකවරුන් වෙන්න යන්නේ තප්පරයටත් අඩු කාළයක්ය.

කෙසේ වෙතත් හැත්තෑ හතට කලින් තිබුනේ දේශපාළණයක් බව ඕනෑම එකෙක් දන්නවාය. ඒ නිසා අවශ්‍ය කරන්නේ ගූ බෙට්ටේ කෑළි අයින් කර, තව ගූ බෙට්ටක් ඒ උඩින් දමා අයිසින් වලින් කවර් කර ජනතාවට පෙන්වා බොරු කිරීම නොවේ. ගූ බෙට්ට විසිකර දමා, මනුෂ්‍යත්වයට තැනක් ඇති, හොරකම වංචාවට හා දූෂණයට ඉඩක් නොමැති, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරණා, සෑමටම එක නීතීයක් ක්‍රියාත්මක වන, සියළු ජාතින්ට එක සේ සළකන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ සෝභිත හිමි, රතන හිමි හා නිර්මාල් දේවසිරි, ජයදේව උයනගොඩ වැනි පිරිස්ද, පුද්ගලයා පමණක් වෙනස් කිරීමෙන් සෑහීමකට පත්වන ආකාරයක් පෙනී යාම, මේ රටේ, නීතිගරුක, බුද්ධිමත් පුරවැසියාට කරනා විශාල අසාධාරණයකි.

හඬක් ඇති මිනිසුන් නිහඬව සිටීම, තම රටට කරනා පට්ට අසාධාරණයකි.

75 comments:

  1. maathooo.... mun okkoma dannwa Sinhala baudda api ugath buddimath sakala ghna natta kapapu wanduru hattak kiyala

    ReplyDelete
    Replies
    1. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ කියන්නේ කොහොමත් පට්ට මෝඩයෝ... බෞද්ධයෝ නෙමෙයි ඕන ආගමිකයෙක් එහෙමයි..

      Delete
    2. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ නම් පට්ට මෝඩයෝ නෙවෙයි මාතලන්

      Delete
    3. ඒක ඇත්ත.. මට වෙන නමක් එන්නේ නෑ උන්ට කියන්න...

      Delete
  2. මේ රට ගොඩ නගන්න විස්ම කර්ම පුත්තරෙයක් පහල විය යුතුයි. නැතිව මෛත්‍රිලාට කල නොහැකියි. ඒත් අඩි දෙකක් ඉස්සරට තියන්න කෙනෙක් අවශ්‍යයි.

    ඔය යාන වාහන ආරක්ෂාවට නෙයෙමි බොැරු ෂෝ එකට නේ බං..

    ReplyDelete
    Replies
    1. මම කියපු දේවල් නොකර මොකා ආවත් එකම සැන්තෑසිය තමයි...

      Delete
  3. //"මෙතරම් විශාල දීමණා මහජන මුදලින් ලබා දීම වහාම නවතා දැමිය යුතුය. දේශපාළණය බිස්නස් එකක් බවට පත්කර ඇති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුය. දේශපාළකයා සමාන්‍ය ජනතාවගේ නියෝජිතයකු මිස, ප්‍රභූවරයකු කිරීමේ සියළු පහසුකම් අත් හිටවිය යුතුය. එවිට දේශපාළණයට පැමිනෙන්නේ, අවංක, රටට සේවය කිරීමේ අවංක චේතනාවක් ඇති පිරිස පමණි. අධි සුඛෝපභෝගී වාහන ලබා දීම වහාම අත් හිටවිය යුතුය"//

    කවදා හරි හැබෑවෙයි කියලා අපි හැමෝම හිතන් ඉන්න ලස්සන හීනයක් .

    ReplyDelete
    Replies
    1. ඒ දේ කරන්න අපි කොහොම හරි උත්සාහ කරන්න ඕන.. මෛත්‍රීපාලලා එක්ක නම් ඒවා බෑ කියලා.. රිෂාඩ්ලා ආවම පේනවා..

      Delete
  4. ///දේශපාළකයා සමාන්‍ය ජනතාවගේ නියෝජිතයකු මිස, ප්‍රභූවරයකු කිරීමේ සියළු පහසුකම් අත් හිටවිය යුතුය.///

    ඒවගේ සාමාන්ය අයට අපේ සබ්යත්වයට, සදාවෙනස්නොවනචාරයට, ආසියානු හැදියාවට, දේශීය සයින්ස්කෘතියට අනුගත දේශප්‍රේමී ජහමනයා චන්දෙ දෙන්නෙ නැත.
    වඳින්නවත් බෑ නෙ ඒවගෙ සාමාන්ය පොරකට. චිහ්

    ReplyDelete
    Replies
    1. අළුත්ම ට්‍රෙන්ඩ් එක ඒක.. කොහොම ගොබ්බයොද ඉන්නේ..

      Delete
  5. oyage kathawa hari.waradda api lagamai thiyenne.eth me sare mahindawa gedara yawanna ona mokada mama giya sare mahindata chande dunne manussaya meka lassana ratak karai kiyala hithla eth eya thibunu tikath nathikara.aluth ratak hadanna e wage parlimenthuwak hadanna ona .labana parlimenthu mathiwaranedi api danaganna ona jeppo tikak wadipura parlimenthuwata yawanna .un monawa hari hoda deyak karawi.ehe nathiwa balla kanapita harewwa wage mokekwath meka wenas karanne naha

    ReplyDelete
    Replies
    1. මේ ආන්ඩුව දැන් අවුරුදු 20 ක්. හොඳටෝම ඇති.. නියම ප්‍රජාතන්ත්‍රවාදි රටවල නිතරම වගේ ආන්ඩු සහ නායකයෝ මාරු වෙනවා. මෙහේ පක්ෂත් එකයි, ආන්ඩුත් එකයි..

      Delete
  6. මම හිතන්නෙත් නෑ මෛත්‍රීපාල ගෙනාව කියලා මේ තියන ක්‍රමේ ලොකු වෙනසක් වෙයි කියල. එත් වලේ වැටිලම ඉන්නෙ නැතුව අඩියක් දෙකක් හරි උඩට නගින එක හොඳයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... වෙනසක් අවශ්‍යමයි.. නැත්නම් අති දරුණු පාළණයකට යන්නේ මේ වෛරයත් එක්ක...

      Delete
  7. මාතලන් කියන, ක්‍රමය වෙනස් කිරීම සහ විධායකය වෙනස් කිරීම කියන දෙක මම දකින්නෙ මෙහෙමයි.
    1.ක්‍රමය වෙනස් වෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වූ දවසට විතරයි. වෙනත් විදියකින් කිව්වොත් මේ ජනතාව අයින් කරල බුද්ධිමත් ජනතාවක් පත්වෙන්න ඕන ඕක හරියටම හරියන්න. දැං ඉන්න එවුන්ට තමයි ඔය මහින්දලා වගේ බුවාල පත්වෙලා එන්නෙ.

    2.කමයේ යම්කිසි වෙනසක් කරන්න පුළුවන් (මේ සිස්ටම් එක අැතුලෙ වුනත්) සාපේක්ෂව හොඳ නායකයෙක් එනව නම්. දැනට නරකම විදියට ක්‍රමය පවත්වාගෙන යන්නෙ මහින්ද.

    3.2දි කිව්ව ක්‍රමය වෙනස් කිරීමේ ආරම්භයක් ගන්න පුළුවන් වෙන්නෙ විධායකයට ෂොට්එක දීම මඟින් තමයි. මොකද වර්තමා‍නය වෙද්දි ක්‍රමයේ පැවැත්ම හොඳින්ම ආරක්ෂා කරන්නෙ ඔය විධායක ඔටුන්න දාගත්ත කෙනා නිසා.(හොඳම උදාහරණය 17 න් 18ට පැනීම).

    ReplyDelete
    Replies
    1. මගේ දෙවනි අංකයට උදාහරණ තමයි සිංග, මැලේසියා, කොරියා වගේ රටවල්. ඔවුනුත් අපි සිටින තත්වයේම ඉඳල හොඳ නායකයන්ට පින් සිදුවෙන්න යම් සංවර්ධනයක් ලැබූ රටවල් ‍

      Delete
    2. //හොඳ නායකයන්ට//

      ඕක වෙච්චි දවසක තමා ලංකාවත් ගොඩ යන්නේ.. උඹ හරි.

      Delete
    3. සිංග, මැලේසියා, කොරියා වගේ රටවල් දියුණු වුනේ කෙලින් කතාවක් නැති ඊයේ කියපුදේ අද කියුවේ නැහැ කියන. එක එකා කියපු පදේට රූකඩයක් වෙන සිරිසේන උන්නැහේ වගේ නායකයෙක් නිසා නොවේ. මහින්ද වගේ කෙලින් වැඩ කරන නායකත්ව ලක්ෂණ තියෙන නායකයෝ නිසා. මහින්ද උනත් මීට වඩා රට හදනවා සුළු ඇමති මණ්ඩලයක් තියා ගන්න හැකියාවක් තිබුනා නම්. නමුත් ස්ථාවර නැති එහාට මෙහාට පනින මන්ත්‍රීලා තියාගෙන පාර්ලිමේන්තුවේ බලය තියාගන්න නම් ඇමති දුර පුළුවන් තරම් දෙන්න වුනා. දුෂණ කරන පිරිස පාර්ලිමෙන්ථූවත ආවේ මහින්දගේ වරදින් නොවෙයි බොලවූ චන්දෙ දෙන හරක්ගේ වරදින්.

      Delete
    4. විධෘයකය, විධායක බලතල, එහි හානිය ගැන තවම සමාන්‍ය ග්‍රාමීය ජනතාවට කාන්දු වෙලා නෑ. නැතිනම් එය වටහා ගැනීමට ඔහුන් සමත් වී නැහැ. ඔහුන් සමහරක් සිටින්නේ බරණැස් නුවර බ්‍රක්මදත්ත රජ කරන කාලේ රජ කෙනෙකුගේ බල තල ඔලුවේ තබා ගෙනය.

      Delete
    5. 1. සැමදා ප්‍රතික්ෂේප කරන ප්‍රසිද්ධ බොරුවකි. මේ රටේ ඉන්නේ හරක්. එහෙම උන්ට හරියන රජෙක් ඉන්නවා කියන එක නම් පිලිගන්නවා. ඒත්. සුද්දා ඇවිල්ලා කරපු වෙනසේ නිදහස තමයි අද යාම්තාක් විදියකට හෝ විඳින්නේ. එතකොට ආර්ථිකය වෙනස් කලෙත් ජනතාව නෙමෙයි, ජේ ආර්. ඒ නිසා මේ රටේ ගොන් මෝඩ ජනතාවට වගේම උගත් කියන උන්ටවත් මේ රට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් වෙනස් විදියකට හිතන කෙනෙක්, පාළකයා උනොත් විතරයි.

      2. එකඟයි

      3. විධායකය විතරක් නෙමෙයි, බ්‍රෑන්ඩ් නිව් ව්‍යවස්ථාවක් වගේම, අළුත් නීතී පද්දතියකුත් ගේන්න ඕන දරුණු දඬුවම් එක්ක.

      අතුරු කතාවට -

      සිංගා මැලේසියා, කොරියා දියුණු උනේ හොඳ නායකයෝ නිසා නෙමෙයි, මහින්ද වගේම එකාධිපතියො නිසා. ඒත් උන්ට දැක්මක් තිබුනා. ටාගට් එකක් තිබුනා. ආර්ථික වැඩ පිලිවලක් තිබුනා. මෙයාට ඒ මුකුත් නෑ. මෙයා හිටියොත්, අපේ හංදියේ තියෙන ජයසිරි අයියගේ විට කඩෙත් රජ්ජුරුවන්ට අයිති වෙලා. ජයසිරි අයියත් රාජ්‍ය සේවකයෙක් වෙලා තමයි නවතින්නේ. කඩු යුදෙට හොඳ උනාට, උයන්න පිහන්න කඩුවෙන් බෑ නේ.

      Delete
    6. මැලේසියාව දියුණු වුනේ මුස්ලිම් ආගම නිසයි
      එහේ දෙමෙල්ලු සහ චීන්නු මැලේ මුස්ලිම් වරු එක්ක ගැටුම් ඇතිකරගන්න බයයි

      Delete
    7. //මැලේසියාව දියුණු වුනේ මුස්ලිම් ආගම නිසයි //
      එහෙම නම් අපේ රටත් ඉක්මනට දියුණු වෙනවා
      මෙන්න සාක්ෂි

      Delete
  8. මම හැමදාම කියන්නේ මෙතන තියෙන්නේ දේශපාලකයන්ගේ විතරක් ප්‍රශ්ණයක් නෙවෙයි කියලයි. අපේ රටේ වැඩි දෙනෙක් කැමති සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් වෙන්න නෙමෙයි. එක්කෝ මොනවා හරි මැජික් එකක් කරලා ලොකු පොරක් වෙලා අනිත් අයට පාට් දාන්න, නැත්නම් කව්රු හරි ලොක්කෙක් ලඟට හේත්තු වෙලා ගානක් කපාගෙන් එහෙමයි මහරජ කියලා අනිත් වුන්ට පාට් දාන්න.

    ක්‍රමය වෙනස් කරන්න නම් ජනතාවගේ මේ ආකල්පත් වෙනස් විය යුතුයි. නැතිනම් කවදාවත් මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ. වැඩි දෙනෙක් ඇමතිලා ගාඩ් දාගෙන පාරේ ඉගිලුනාම බැන්නට තමන් ට අවස්ථාන ආවත් කරන්නේ ඒකමයි. ඒ නිසා මේ ආකල්ප වෙනස් විය යුතුමයි. සෑම කෙනෙකුටම සාධාරන අවස්ථා ලැබිලා, තම තමන්ගේ අවංක හැකියාවෙන් උපයාගෙන ජීවත් වීමේ ක්‍රමයක් තිබිය යුතුයි. කාටවක් වන්දනා කල යුතු නැහැ. සියලුම දෙනාට තම තමන්ගේ වෘත්තිමය ගරුත්වය සමග රැකියාවක් කල හැකි විය යුතුයි.

    ජපානය වගේ දියුණු රටවල හැම වෘත්තියකම වෘත්තිමය තත්වයට ආවට පස්සේ හැමෝම සමානයි. රියදුරෙකුත්, දොස්තර කෙනෙකුත්, ඉන්ජිනේරුවෙකුත්, බේකරි කර්මාන්ත කරුවෙකුත්, අනෙකුත් ඕනෙම වෘත්තිකයෙක් තම තමන්ගේ වෘත්තියේ නිපුනත්වය අනුව සමානයි. රියදුරෙක් හෝ බේකරි කරුවෙක් දොස්තරට හෝ ඉන්ජිනේරුවෙකුට වඩා පහත් කියා නැහැ. ඒ වගේම ඔවුන් දොස්තරට වැදුම් කල යුතුයයි සිතන්නේ නැහැ. දොස්තර හෝ ඉන්ජිනේරුවෙක් එහෙම බලාපොරොත්තු වන්නේත් නැහැ. අපි දියුණු විය යුතුනම් මේ ක්‍රමය ඇති කල යුතුයි.

    ඒක ලේසි දෙයක් නෙවෙයි. දරුවෙකු බහ තෝරන වයසේදිම මේ ආකල්ප ඇති කල යුතුයි. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ මේ ආකල්ප වෙනස් කල යුතුයි.

    ජපානේ මම දැකපු වර්ක්ෂොප් එකක් තිබුණා, ඉස්කොලෙ 5 පන්තියේ ළමයින්ට එතනදි ලොකු වෙලා කරන් රස්සාව අහපුවාම 15 දෙනෙකුගෙන් එක්කේනෙක් බියුටි කල්චර්, එක්කෙනෙක් රියදුරෙක්, එක්කෙනෙක් කේක් නිර්මාණ කරුවෙක්, තව කෙනෙක් ෆුඩ් ටෙස්ටර් කෙනෙක්, ඒත් දොස්තරලා කව්රුවත් හිටියේ නැහැ, පරිගණක ගේම්ස් නිපදවන් ඉන්ජිනේරුවෙක් විතරක් හිටියා. අපේ ඇහුවනම් කොහෝම වෙයිද, අඩුම ගානේ දොස්තරලා පස් දෙනෙක් සහ ඉන්ජිනේරුවෝ 5 දෙනෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කැස් ඒක මේ රටේ ඉන්න මට්ට ගොන් ජනතාවගෙන් වෙන්නේ නෑ. මේ රට උඩු යටිකුරු කලේ ජනතාව නෙමෙයි, පාළකයෝ. (රාජ්ට දුන්න පිළිතුරේ වැඩි විස්තර ඇති.) මට තියෙන දුක, යහපාළණයක් ගොඩ නගන්න, සාධාරණ සමාජයක් ගොඩ නගන්න, පිවිතුරු හෙටක් ගොඩ නගන්න ආපු උන්ට මොකෑ උනේ කියන එක. එයාලත් සල්ලි වලට ගන්න පුළුවන්ද දන්නේ නෑ.

      Delete
  9. //උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්නා ඔක්කෝම උන්, උන්නැහේගේ රෙද්ද අස්සේ රිංගනවාමය. අද චන්ද්‍රිකා පට්ට පතුරු ගහන උන් ඔක්කෝම, මහින්දගේ පතුරු අරින්නේ 9 වනදා ඉඳලාමය. // මේ අැත්ත අපි දකින්න ඔ්නේ... මේ රටේ ජනතාව දකින්න ඔ්නේ..... මාතා 9 වෙනිදා ට ලොක්කා පැරදුනොත් ඔය වට පිටේ ඉන්න කස්ටියම යයි අත්අඩංගුවට ගන්නත්........ අනේ අම්මපා..........

    ReplyDelete
    Replies
    1. ඇයි චම්පික කිව්වේ පවිත්‍රලගේ අපවිත්‍ර වැඩ ගැන. දැක්කෙ නැතෙයි....

      Delete
  10. වෙනවානම් විය යුතුම දේ මාතා විසින් මතක් කර දී ඇත. කරුමය යනු මේවා මේ අයුරින් කිරීමට එකෙකුටවත් උවමනාවක් නැති වීමය..

    ReplyDelete
    Replies
    1. මට තියෙන කනගාටුවත් ඒකයි...

      Delete
  11. දේශපාලනය, රාෂ්ට්‍රපාලනය වගේ වචන වෙනුවට දේශභක්ෂණය, රාෂ්ට්‍රභක්ෂණය වගේ වචන පාවිච්චි කරන්න වෙන තරමට සමස්තයක් ලෙස ලංකාවේ දේශපාලනය ජරාජීර්ණ වෙලා තියෙන්නෙ. මේ ලිපිය ඒ තත්වය හෙළි කරන සහ ගතයුතු මග පැහැදිළි කරන කැඩපතක් වගේ.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම හඬක් නැගිය යුත්තේ මේවාට විරුද්ධව...

      Delete
  12. අකුරක් ගානේ එකඟයි.
    ඇත්තටම රට හදන්න නම් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඔක්කොම අයින් කරලා සුද්ද වන්තයන් ටිකක් හොයාගෙන පත්කරන එක(එක මේ කපේදී කරන බැහැ මේ සමානුපාතික ක්‍රමය නිසා) ඊ ලඟට කරන්න තියෙන්නේ සුන්දර රටට ආදරේ ඇති එකාදීපතියෙක් හොයා ගන්නා එක. එකත් මනස්ගාතයක්. ගියපාර ෆොන්සේකා ආවානම් බොහෝ විට එහෙම වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ෆොන්සේකට විරුද්ධව මහින්දට ඡන්දය දුන්නේ මිලටරි පාළණයක් ඇති වෙයි කියන බයට. හැබයි දැන් බැලුවම එහෙම පාළණයක් මීට වඩා හොඳයි වගේ...

      Delete
    2. පොර එකාදිපතියෙක් වෙයි කියන බය නොවේ මම සලකා බැලුවේ.
      1-චන්දෙ ඉල්ලන්න ආවේ රටට ආදරේට වඩා බල තන්හාවට. යුද්දේ දිනන එකේ සැලකිලි මදි වෙලා
      2-වටේ හිටපු සෙට් එක.
      3-හමුදා සේවයේදී කල අමානුෂික වැඩ. (ඒවා හමුදා සේවේ ඉඳපු හිතවතුන් කියපු කතා )
      4-දුෂණයෙන් වියුක්ත හිතවතුන්ට සංග්‍රහ යෙන් තොර පොරක් නොවීම

      Delete
    3. පොර බලයට ආවානම් එක්කෝ එකාදීපතියෙක් නැත්නම් රූකඩයක් වෙනවා. මේ පාර මාහින්දට විරුද්දාව එන පොර නම් දිනුවොත් කෙලින්ම රුකඩයාක් වෙන්නේ.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මේ පවතින දේශපාලනික ආකෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන සපයන්නේ අපේ ආදරණීය බුද්ධිමත් ජහමනයාමය . ගමේ මලගෙදරකට හෝ මගුල්ගෙදරකට ඇමති කෙනෙකු හෝ මන්ත්‍රී කෙනෙකු ඇවිදගෙන ආවොත් මොනවා වෙයිද ? එහෙමත් නැත්තම් එතුමාගේ මෝටර් රථය පදවාගෙන එතුමාම ආවොත් ..? එහෙමත් නැත්තම් ඩිෆෙන්ඩර් දෙක තුනක් මහා සද්දෙන් ඇවිත් ආරක්ෂයෝ තිහ හතළිහක් එක්ක ගෙදර මිදුලට බැස්සොත් කාටද ආඩම්බර ? ඇත්තටම මේ දෙකෙන් දෙවැනි ක්‍රමයට මන්තිරි හාමුදුරුවෝ තම නිවසට වැඩම කරවීම තරම් ආඩම්බරයක් තියවනවද ගමේ එවුන්ට පෙන්න .

    තාප්ප පුරා පෝස්ටර් නැති පුද්ගලයෙකුට ගමේ ඡන්ද ඉල්ලනකොට " අපෝ එයාට පෝස්ටරයක් ගහගන්න මිනිහෙක් නෑ" කියන්නේ කවුද ? පොලිසියට හසුවූ තම ආධාර කරුවෙකු පොලිසියට පාට් දමා බෙරාග්නීම තරම් වීර ක්‍රියාවක් අනුගාමිකයින්ට තවත් තිබේද ? " ඇමති තුමා දුන්නා O.I.C කාරයට කනේ ඇඟිලි ගහ ගන්න " කියා උත්කර්ෂයට පත්වන්නට අකමැති කුමන ආධාරකරුවන්ද? මේ සෝබන කාරී අතිධාවනකාරී හැසිරීම් රටාව පාලකයන්ගෙන බලාපොරොත්තු වෙන්නේද බුද්ධිමත් මහජනතාවමය

    නාමල් කුමාරයා , දෙවැනි බේබි හෝ චූටි බේබි තමන්ගේ මිතුරෙකුය , පුතාගේ මිතුරෙකුය කියන්නට අකමැති කවුද?කොටරම් බැන්නත් මේ ජරාජීර්ණ ක්‍රමය නඩත්තු කිරීමට පොහොර සපයන්නේ කවුද ?
    ඒ නිසා මාරු කල යුත්තේ පාලකයන් නොව එම පාලකයන් පත් අකරණ ජනතාවයි

    ReplyDelete
    Replies
    1. මම දැකලා තියෙන දෙයක් තමයි තමුන් කැමති දේශපාලඥයා හෝ පක්ෂය කරන ඕනෑම දෙයක් හරි ලෙස හා එය ආඩම්බර විය යුතු දෙයක් ලෙස දකින මිනිස්සු.
      "අපේ මහත්තයා හොර ඡන්ද දාලා හරි මෙදා දිනයි"
      "ගිය පාර උද්ඝෝෂණයට කට්ටිය දම්මලා ගැහුවෙ මාර ගැහිල්ලක්"
      මේ වගේ ඒවා කියන්නෙත් හරිම උජාරුවකින්

      Delete
    2. මමත් මල පැන්නම මේකට වැරදි ජහ මනයා කියලා කියවෙනවා. ඒත් මේ දෙවල් ඇති කලේ ජහ මනයා නෙමෙයි. පාළකයොමයි. ඒ දේ කළේ 77 න් පස්සේ. ජේ ආර් තමයි, දේශපාළණේ බිස්නස් එකක් කලේ. නැත්නම් ලංකිය සමාජයේ තිබුනේ, මුස්ලිම් උන් ගාව තියෙන සහෝදරත්වය වගේම සහෝදරත්වයක් විතරයි. මට මතකයි ඉස්සට දහනායක මහත්තයා සහ තවත් දේශපාළකයෝ අපේ මළ ගෙවල් මගුල් ගෙවල් වල ආවට කවුරුත් ගනන් ගන්නේ නෑ. ඒ අයත් අනිත් අය වගේ කාලා බීලා අනිත් අයත් එක්ක කතා බහ කරලා සමාන්‍ය කෙනෙක් වගේම යනවා. හැබයි නළු නිලියන්ට නම් විශේෂ සැලකීමක් තිබුනා. හැමෝම උන් වටේ කැරකෙනවා, අතගාන්න බලනවා. කතා කරන්න බලනවා. මට මතකයි වික්ටර් රත්නායක අපේ මගුල් ගෙදරක සින්දු කියන්න ආපු වෙලේ. අපේ අක්කලා ඒ යකාගේ කොන්ඩෙ කෙස් ගලවගෙන තිබුනා. තමන්ගේ පාඩුවේ දේශපාළණය කරගෙන හිටපු අහිංසක දේශපාළකයෝ සැලබරටිලා කලේ ජේ ආර් පප්පා. අනික් උන් ඒක රජකම දක්වා අරගෙන ගියා. අද ඒකනේ උන් ඉස්සරහා දනින් වැටෙන්නේ. සිරිසේන උනත් අරක කරනවා මේක කරනවා කිව්වට කටක් ඇරලා මේවා වෙනස් කරනවා කියලා කියනවද. අනේ පින් අත්වෙයි මට වඳින්න එපා කියලා කියනවද. නෑ නේ.

      Delete
    3. //මම දැකලා තියෙන දෙයක් තමයි තමුන් කැමති දේශපාලඥයා හෝ පක්ෂය කරන ඕනෑම දෙයක් හරි ලෙස හා එය ආඩම්බර විය යුතු දෙයක් ලෙස දකින මිනිස්සු.//
      එහෙම මිනිස්සුත් අනෙක් මිනිසුන් එහෙම කරන එක විවේචනය කරනවා.

      තව පිරිසක් ඉන්නවා රජය හෝ ජනාධිපති වෙවේචනය මාර වීර වැඩක් ලෙස සලකන

      Delete
  15. //උන්නැහේ දින්නොත්, දැන් ආන්ඩුවේ ඉන්නා ඔක්කෝම උන්, උන්නැහේගේ රෙද්ද අස්සේ රිංගනවාමය. අද චන්ද්‍රිකා පට්ට පතුරු ගහන උන් ඔක්කෝම, මහින්දගේ පතුරු අරින්නේ 9 වනදා ඉඳලාමය.//

    වෙන්නේ ඒ දේමය. සමහරු කියයි විය යුත්තේ එයයි කියා. නමුත් විය යුත්තේ එය නොවේ. තරමකින් හෝ දේශපාලකයෙකුයි සැලකියහැකි අය ලඟට ගැනීමත්, අනිත් අය විපක්ෂයටම හේත්තු කිරීමත්ය. පන්නන්න පුලුවන්නම් පන්නා දැමිය යුතුය.

    //මේ කාළකන්නි කිසිවෙක්, පාල්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැත්තේ, සම හරක් උන් පැන්සොන් එකට එන්ටයිටල් වෙන්නේ නැතිව යන නිසාය. අවුරුදු පහෙන ජීවිත කාලයටම පැනසොන් හම්බ වෙන ජොබ් එකක් මේ ළොවෙත් නැතිය, ලොවි ගහෙත් නැතිය. ඕවා ගැන අඩු ගානේ ජෙප්පො වත් කටක් හොල්ලන්නේ නැතිය. ඒ වෙලාවට උන්ගේ කටෙත් පිට්ටු හිරවෙලාය.//

    1) ජවිපෙට කතා කරන්න කොයි තරම් දේවල් තියනවාද මාතලං. එතකොට 100% ක වපසරියක් ආවරණය කරන්න අපහසුයි නේද. ඒ වේලාවට වනුනේ රටේ ප්‍රධාන ප්‍රශ්ණ ගැන කතා කරන එකයි. පාර්ලිමේන්තු කෑම එක රු 15 සිට 150 ට ගෙනාවා. එ් හොඳටම මදි. වෙන මොනවා කරන්නද? විමධ්‍යගතවලින් මිනිසුන්ට ණය දී හොරා කන එක .......... ඔය වාගේ පොඩි සූපින් වැඩත් නතර උනා නේද?
    කොහොමත් පැන්ෂන් එක ජවිපේ අයට වැඩක් නැහැ මාතලං. වැඩුපත්, පාන්ෂන් එකත් අරමුදලට යන එකේ ඒ ගැන තන්හාවක් නෑ.

    ඔබ දන්නවාද මාතලං. පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන පර්මිට් එක ලැබුණාම තමන්ගේ ලිපිනයට නිසාන්, ටොයෝටා......... කොම්පැනි වලින් වාහන ගැන කැටල‍ොග් එකක් එනවා. ඒ සමගම ඔහුන් කියනවා, "ඔබතුමා වාහනයක් මිලදී ගන්නේ නැතිනම් එය විකුණා දීමට අප බැදී සිටිමු" කියා.

    ReplyDelete
    Replies
    1. වාහනේට එන ලියුම ගැන නම් දන්නවා. ඒත් නිර්මලා, චෝදනාවක් එල්ල කලාම ඒකෙන් ගැලවෙන්න ගැලවිජ්ජා උත්තර දෙනවට වඩා, ඇත්ත එහෙම දෙයක් නම් වෙලා තියෙනවා කියලා පිලිගන්න නිහතමානී වෙන්න. ලාල් කාන්ත ඇරුනම, අනෙක් ඔක්කෝම ජෙප්පන්ට වෙලා තියෙන්නේ ඕක තමයි. ජෙප්පන්ට මේවට විරුද්ධව හඬක් නගන්න පුළුවන්. ඒත් උන් ඒක කරන්නේ නෑ. මොකෝ උන්ගේ හීනයත් කවදා හෝ මේ සුර සැප විඳින එක..

      Delete
    2. ඔය මහා නාස්තිකාර දේවල් ගැන උන් ඕනිතරම් කතාකරල තියෙනවා. පහුගිය පාර ඡන්දෙදිත් සමන්ත ඔයගැන කතාකලා මෙහේ මීටීන් එකේ. කොටින්ම ඇමතිකම් කරපු කාලෙ උන් ඒව බුක්ති වින්ද හැටි හැමෝම දැක්කනේ. එහෙම වශ්‍යතාවක් තියේනම් උන් තාමත් මරාගෙ ඔඩොක්කුවේ ඉන්නවා.

      Delete
    3. මට කරුණාකරලා කියනවද, කවදද කොහේදිද මේවා ගැන කතා කරලා තියෙන්නේ කියලා.

      Delete
    4. "අපේ දැක්ම" පොත එලිදක්වපු වෙලාවෙ අනුර කුමාර දිසානායකගේ කතාව බලන්න.
      (එක උදාහරණයක් පමණයි)

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. හෙට තැපැල් ඡන්දයයි. ප්‍රතිපත්‍ය ප්‍රකාශයක් එළි දක්වන්නේ නැතිව, නමට සහ කටවුට් රූපයට ඡන්දය ඉල්ලන ප්‍රධානපෙලේ අපේක්ෂකයෙකුද එහි වේ.

    ප්‍රතිපත්‍යක්, දැක්මක් අවශ්‍ය නැති නමට සහ කටවුට් එකට පමණක් ඡන්දය දෙන රාජ්‍ය සේවකයන් ගනණ පසුව විමසා බලමු.

    ReplyDelete
    Replies
    1. විමසන්න දෙයක් නැහැ නිර්මලා , වැඩි ප්‍රතිශතයක් එවැනි රාජ්‍ය සේවකයන් තමා . ඉතින් අපේ රාජ්‍ය සේවයේ යහගුණය ගැන කවර කතාද?

      Delete
    2. එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මොකටද..? රාජාන්ඩු ගැන සුළු අවබෝධයක් තියෙනවා නම් ඒ හොඳටෝම ඇති..

      Delete
  18. සිස්ටම් එක වෙනස් කොරන එක මෛත්‍රීටවත්, රනිල්ටවත්, රතන හාන්දුරුවන්ට වත් තනියම කරන්න බෑ.. ඒකට රටේ ආචාර්‍ය මහාචාර්‍යවරුගේ, කලාකරුවන්ගේ, ව්‍යාපාරිකයින්ගේ, වෘතිකයින්ගේ, රාජ්‍ය සේවකයින්ගේ, පෞද්ගලික අංශයේ සියලු දෙනාගේම සහභාගීත්වය අවෂ්‍යයි..

    කොහොම වුනත් දැන් තියෙන මේ මිනීමරු ඒකාධිපති පවුලත් එක්ක ඔය 'සිස්ටම් වෙනස්කිරිලි තියා ජීවත්වීම වත් ශුවර් නෑ...
    ඉස්සෙල්ලම මේ කාලකන්නි ම.රා/ ගො.රා/ න.රා/ බැ.රා/ ච.රා තිරිසන් සමාගම එලවමු...

    ඊට පස්සේ රටේ මුල් පුටුවලට රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා, මංගල, සෝභිත හිමි, රතන හිමි වගේ "මිනිස්සු ටිකක්"
    (මේ අය වැරදි මොකුත් නැති දෙවිවරු නෙමේ, හැබැයි රතුපස්වල/ කටුනායක/ හලාවත/ සුදුවෑන් මිනීමරපු රාජපක්ශ මෘගයින්ට සාපේක්ශව මිනිස්සු ) පත්කරගමු.

    ඊට පස්සෙ මම ඉහත කිව්ව උගතුන්, වෘතිකයින් වගේ සමාජ සංරචක යොදාගෙන මර්වින්ලා, දුමින්දලා, කුඩු-ලංසලා, රත්තරන්ලා, රොයිස්ලා චන්දයෙන් පත්කර නොගන්න, ජාතිභේද අමතක කරන්න, තමුන්ගේ පුරවැසි යුතුකම් හා අයිතිවාසිකම් හදුනාගන්න අපි ජනතාවට උගන්නන්න පටන්ගමු...

    සිස්ටම් වෙනස ආරම්භ වෙන්න ඔනෑ එතනින්.. සමහරවිට යම්කිසි සාර්ථකත්වයක් ලබන්න දශකයක් විතර යයි.

    එහෙම නැතිව දැන් මෛත්‍රීගෙන් "සිස්ටම් ඕවර්හෝල් එකක්" ඉල්ලන එක හරියට ගිනිගන්න ගෙයක හිරවෙලා ඉන්න මිනිහෙක් එලියට පනින්න දොර ඇරල දුන්නහම "එලිය ලස්සනද, එලියේ කාලගුනය පිවිතුරුද" වගේ ප්‍රස්න අහ අහා ගේ ඇතුලෙම පිච්චි පිච්චි ඉන්නව වගේ වැඩක්..

    ඉස්සෙල්ලම අපි "මරාණ්ඩුව" නම් පිච්චෙන ගෙයින් එලියට පනිමු .. ඊට පස්සේ ලස්සන, පිවිතුරු භූමියක් හොයාගෙන යමු..

    ReplyDelete
    Replies
    1. (මේ අය වැරදි මොකුත් නැති දෙවිවරු නෙමේ, හැබැයි රතුපස්වල/ කටුනායක/ හලාවත/ සුදුවෑන් මිනීමරපු රාජපක්ශ මෘගයින්ට සාපේක්ශව මිනිස්සු )

      ජයවේවා...

      ගීතය ගායනා කලේ පැස්ටෝල් ගඳ ගහන රූකාන්ත සහ චන්ද්‍රලේකා....

      අත්පොලොසන් දුන්නෝ:
      සූරියකන්ද සමූහ මිනි වල සාමාජිකයෝ, ප්‍රා එකේ කස්ටිය, බටලන්ද වියාපාරික ප්‍රජාව, සටන කතෘ රෝහන කුමර, බද්දෙගානෙ සන්ජීව, ගෝනවල අනිල්, නන්දන මාරසිංහ ඇතුලු වැලිගම කස්ටිය

      Delete
    2. @Sa rasaDecember 22, 2014 at 4:47 AM

      :D

      Delete
    3. Max කියනේ 2005 පස්සේ ඉපදිච්ච එකෙක් වෙන්න ඕන

      Delete
    4. මැක්ස් සඳහන් කරලා තියෙන ඒවා එක්ක සංසන්දනය කරලා බැලුවොත්. එයාලට වඩා මහින්ද සෑහෙන හොඳයි.. හැබයි ආයෙත් බලේට ආවොත් හිට්ලර්ටත් එහා දරුණු පාළකයෙක් වෙනවා.. කතා කරන විලාශයෙන්, ඉරියව් වලින්, ඒ දේ පැහැද්ලිවම කියන්න පුළුවන්.. මහින්දගේ තියෙන වැරද්ද ඕක නෙමෙයි. කිසිම දැක්මක් නැති එක.. කිසිම ප්ලෑන් එකක් නැති කම.. හම්බ කරන එක විතරයි එකම පරමාර්ථය...

      Delete
    5. [ මහින්දගේ තියෙන වැරද්ද ඕක නෙමෙයි. කිසිම දැක්මක් නැති එක.. ]
      ඒ කියන්නෙ මහින්ද 2005 ඉදන් කරපු මිනීමැරුම්, පැහැරගෙන යෑම්, වෙඩි තැබීම්, ගිනි තැබීම් ඔක්කොම හොදයි...
      මහින්ද නිසා මාතලනයලට කීයක් හරි හොයා ගන්න අමාරු වෙන්න ආර්ථිකේට කෙලින එක විතරමයි මහින්දගෙ අවුල කියන එකද?
      අනේ යකෝ... වැරදි දේට වැරදියි කියහන්...

      දැන් ඔය 'හිට්ලර්ටත්' ජර්මානු ආර්ථිකේ ගැන හොද දැක්මක් තිබ්බා...

      Delete
    6. [ඒ කියන්නෙ මහින්ද 2005 ඉදන් කරපු මිනීමැරුම්, පැහැරගෙන යෑම්, වෙඩි තැබීම්, ගිනි තැබීම් ඔක්කොම හොදයි...]

      අර අන්තිම අසරන වේලුපුල්ලෙ ප්‍රබාකරන් මුදලාලි ට අමුඩ ගස්සලා නන්දිකඩාල් කලපුවෙ දී ඔලුවට පොරෝ පාර ගහපු එක ඔයාට අමතක වෙලා නේද?

      ඔයාගෙ ලිස්ට් එකට ඒකත් එකතු කලොත් තමා හොඳ...

      Delete
    7. කව්ද මැක්ස් හොඳයි කිව්වේ.. මම කිව්වේ අනිත් අයත් එක්ක ගත්තම මෙයා සාපේක්ෂව අඩුයි කියලා.. සිද්ධීන් විදියට ගත්තත් කීයද තියෙන්නේ..

      Delete
  19. මිට්ටර් සෝබිත, නිර්මාල් සහ වියන්ගොඩ වැනි ගොය්යන්ගේ කනකොක් සුද පෙනෙන්නට පටන් ගත්තේ My3 ඉගිල්ලෙන්ට පටන් ගත් විටදී...

    මාතලං ලොක්කට තේරෙනදේ සෝබිතලාට නිර්මාල්ලට වියන්ගොඩලට පෙනෙන්නෙ නැත්තේ ඩොලර් වල සුවඳට කියලා අපට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කෙනෙක් එහෙම හිතන එකේ වැරද්දක් නෑ.. මට හිතාගන්න බෑ.. ඒ නිහඬතාවය..

      Delete
  20. බලාගෙන ගියාම ආණ්ඩුව කියන්නෙත් මාර සීන් එකක්. අපෙන්ම සල්ලි අරං අපිටත් ටිකක් දෙනව හරියට උන් දෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය එන්න එන්න වැඩි වෙන එක තමයි වෙන්නේ...

      Delete
  21. මාතලන් කියන විදියටම කිව්වොත් හරීම සුන්දර සිහිනයක්. හැබෑටම මෙහෙම පාලනයක්, මාතලන් හිතන විදියට කවුරු ආවොත් ඇතිකරයිද?

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් රටවැසියාගෙත් පින තියෙන්න ඕන.. එකපාර වෙනස් කරන බෑ කියන කතා ඔක්කෝම බයිලා..

      Delete
  22. //මාතලන් සිතනා ආකාරයට, "රාජපක්ෂ පරපුර හැරුන විට", අනෙක් සැම එකාගේම පවුල් පිටින් කන්නේ අහිංසක මහජනතාවගෙන් ගසා කන අසාධාරණ බදු මුදල් වලිනි.// :D

    ReplyDelete
    Replies
    1. කැමති විදියකට ගන්න පුළුවන්...

      Delete
  23. matha hari sudda thami ape natta kapuwe, api labana adyapanaya, hama ekatama eka wage salakana eka eka. kula bedaya nathji kireema, budda sasanaya araksha kireema me hama deyakm aapita dunne bata hira aya.
    batahirata banina ponnayoo danne na upa sampadawa apita labune landesi nisa kiyala.. api ada akuru igena gena inne suddata pin sidu wenna.
    me rate adyapanaye piya wenna one juse vass piya thuma
    mokda mathoo kiyanne

    ReplyDelete
    Replies
    1. ඕවා පිලිගන්න බොහෝම පිරිසක් කැමති නෑ බං.. අපි අපිටම බොරු කර ගන්න ජාතියක් මේක..

      Delete
  24. තමන්ගේ දරුවට ඉස්කෝලයක් දෙනවට, අල්ලපු කසිප්පු ටික එක කෝල් එකෙන් නිදහස් කරල දෙනවට ලයිසන් නැතුව ගිහින් ඇල්ලුවාම මේ අපේ මිනිහෙක් කියලා ඕඅයිසීට කියලා දඩ නැතිව ඉන්න හැකිනම් ඒකට ඡන්දය දෙන මිනිසුසු ඉන්න තාක් මේ සිස්ටම් වෙනස් කිරිලි බොරු.

    ReplyDelete
    Replies
    1. ඒවා මිනිස්සු පටන් ගත්ත දේවල් නෙවෙයි නලියෝ.. පර දේශපාලුවෝ හදපු සිස්ටම්.. ලොක්කා හරි මිනිහෙක් නම් කරන්න ඕන.. මුතුහෙට්ටියා කූඩූ කරලා.. අර ඕ අයි සීට රස්සාවට එන්න කියන එක. එයාට මේ වෙලාවේ එහෙම දෙයක් කරන්නත් හිතෙනවා ඇති. ඒත් එහෙම කරන්න බෑ.. මොකෝ හේමාල් ගුණසේකර නිසා.. චන්ඩි මල්ලිගෙ පුතා නිසා..

      Delete
  25. ලංකාව දියුණු කරන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි විදේශ වෙළඳ පොල වෙනුවෙන් පමණක් ගංජා නිශ්පාදනයට අවසර දීම

    ReplyDelete
    Replies
    1. ඇයි..... අපි කළුද...?

      Delete
    2. ගංජා විතරද හෙරොයින් හදන ගසුත් මෙහෙ සරුවට වැවෙනාව

      Delete
  26. හරි මම හොඳ වෙන්නං ඉස්සෙල්ල උඹ හොඳ වෙයංකො.

    අඩෝ මේ, මාව හදා ගන්න කලින් තෝ හැදිල හිටහන්කො යකෝ

    මම දන්නව හැදෙන්න ඕන විදිය, මුලින් තෝ හරියට හිටහන්..උඹනෙ .....

    අනේ පළ ඩෝ යන්න, තොපි .....

    නෑ උඹ හැදියන් මු...

    පළ යකෝ මුලින් උඹ...

    නෑ උඹ...

    උඹයි...

    අම්මට...

    අඩෝ...

    හු...

    !@#@$^^&$%*^...#$@%$@$#^

    ReplyDelete
  27. අනිත් මැනිෆෙස්ටෝ එකත් ඇවිත් තියෙන්නෙ. අලුත් වැඩ ගොඩක් තියෙනවා. බාගයක් හරි කොරයි ලොක්කා.

    ReplyDelete
    Replies
    1. මුලු රටම වයි ෆයි කරනවලු.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  28. මට 2005 ජනාධිපති වරණය කාලෙ මගේ ක්‍රිස්තියානි යාලුවො හැසිරුණු හැටි මතකයි
    මේ වෙලාවෙත් ක්‍රිස්තියානි කාරයො ෆෝම් වෙලා මහින්දට එරෙහිව ජනමතයක් හදන්න හදනමා ක්‍රිස්තියානි කාරයන්ගෙ බ්ලොග් සහ කොමෙන්ට් වලින් ඒ බව පැහැදිලිව පේනවා මං හිතන්නේ ක්‍රිස්තියානි නකාරයො සාමයට කැමති නිසා හරියට යුද්ධෙ කරපු මහින්දට විරුද්ධ ඇති.
    මම බෞද්ධයන්ට කියන්නේ මෙයාලගේ කතා වලට සැලෙන්න එපා. මහින්දට චන්දෙ දෙන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න