.

.

Aug 27, 2015

හැලපයාගේ පාටිය, Smirnoff, Absolute & Vodka



හැලපයාගේ නිවසේ තිබු අටමාගේ පාටිය ගැන ලියන්න හිටපු ලියවිල්ල, ඉල ඇදෙන ඉලැක්සොන් ගේම් නිසා පස්සට ගියේය. එයිටත් වඩා පස්සට ගිය පඳුරු තැලිල්ලක් තියෙනවාය. ඒ කතන්දරේ දැන් ගොඩක් උන්ට මතකත් නැතිව ඇතිය. ඒ රොකට් රෝහිණිගේ කතාවය. ඒකට අදාලව ලංසි ගැන ලියන්න, හිතවත් "ප්‍රා"ගෙන් ලංසි ගැන පොතක් ඉල්ලාගෙන ආවද, ඒකත් තාම උන්නැහේ දුන්න කවරේ ඇතුලේ යහතින් ඉන්නවාය.

හැලපයාගේ ගෙදර තිබූ පාටිය ගැන, හැලපයාත් ලියා තිබුනේය. හැබයි ඒකේ තිබුනේ පාටියේ තිබුන බජව්ව ගැනය. ඔය බජව්ව ගැන කියනවා නම් ඇත්තටම සිද්ද උනේ මේකය. හැලපයා කිව්වා වගේම, ඉස්සෙල්ලාම වැඩේට ඇන්ටර් උනේ ඩෝලයාය. ඌ තනියම අපිත් එක්ක සැට් වෙලා හීනියට සින්දුවක් කියා ගෙන උන්නේය. වැඩේ හබක් උනේ මිස්ටර් සර්පිනා ආවයින් පස්සේය.

සරපිනාට කාමරේ ඉඩක් තිබුනේ නැතිය. ඒකෙන් උනේ ඩෝලයාත් එළියට විසිවීමය. එහෙම විසි උනා කියා උන් දෙන්නා නිකන් උන්නේ නැතිය. මහින්ද මහත්තයා වගේම ගේම ඇදගෙන ගියේය. මහින්ද මහත්තයාට අදත් සෙනග ඉන්නවා වාගේ, එකා දෙන්නා කාමරෙන් වාෂ්ප වෙලා ඩෝලයාට හා සරපිනාට සැට් උනේය. එක එකා ඉඳ හිටලා උන් දෙන්න එක්ක සෙට් වී ආතල් එකක් ගත්තද, ඒක වෙනම මේක වෙනම ගියේය.


මේක කිව්වේ, පාටියේ මුක්කය පරමාර්තේ වූ බොන එකය. බොන්න සැට් කොරලා තිබුනේ හැලප භවනේ ඉහළ මාලයේ බුදු කාමරේද කොහේදය. බුදු හාමුදුරුවෝ දෙවනි සැරේටත් සසර කළකිරෙන නිසාමදෝ, උන්වහන්සේගේ නෙතු වසා තිබින. මිතුරු සංගමයේ පාලී හා සඟිස්කුරුත මධුර මනෝහර දෙසුම් හා ඕපාදූප සවන් වැටීම වැලකීමට උන්වහන්සේගේ දෙසවනද, සියළු අපළ උපදෙව වලින් පේවී සිටීම සඳහා මුළු ශරීරයමද ආවරණය කර තිබුනේය.

එසේ වසන් වී සිටියද, මොකෙක්දෝ එකෙක් උන් වහන්සේ වැඩ හුන් කැබිනෙට්ටුව පෙරල්ලනට යාමෙන් උන් වහන්සේ බේරුනේ, සුනාමියෙන බේරුනා මෙන් ආස්චර්ය සිඳුවීමක් නිසාවෙන්ම වෙන්නට පුළුවන්ය. ගෙදරට ගොඩ උන වෙලේම මාතලන් ඉල්ලුවේ අරක්කු උනාට, හැලපයා ගෙනත් තිබුනේ මේ දවස් වල බේබන්දන්ගේ ෆේවරිට් ඩිරින්ක්ස් එකක් වන ස්මර්නොෆ්ය (Smirnoff) ...

ඔය මඟුල මට නම් හරියට කියා ගන්නම බැරිය.. එක එකා කියන්නේ එක එක විදියටය. දැන් ඉතින් එන්න පාටියට එන්න බැරි උන් හිතේ අමාරුවට සහ කින්ඩියට, "අපෝ එකද තිබුනේ...?" කියා අහන්නත් පුළුවන්ය. එක එකා ඇදගෙන වැටෙද්දීත් ස්මර්නොෆ් පිරුණු බෝතලයක් කොයි වේලේත් මේසය උඩ රජෙක් මෙන් විරාජමානව උන්නේය. මාතලන් හිතන හැටියට බෝතල් දුසිමකටවත් අපේ බොග සංගමයේ ප්‍රතාපවත් සාමාජිකයින් වග කියන්නට ඇත.

බීපු උන්ගේ ලිකර් කොන්සම්සොන් එකද මොක්කද මළදානේ සුපිරියටම තියෙනවා ඇති කියා හිතෙන්නේ, එතන රහමෙර කටේවත් තියන්නේ නැති උන්ද සිටිය නිසාය. ටික දෙනෙක් සෝසල් ඩින්ක්ස් එකක් ගන්නා මහත්තුරුය. ලේට් කමස්ලාද උන්නේය. බ්ලොටින් පේපර්ස් නම් අවසාන මොහොත තෙක්ම උපරිම උත්සාහ කොලේ, තියනා තියනා බෝතලයේ හිස් අඩිය තම දීප්තිමත් දෑසින් බලන්න්ටය. රබර් ඇහැ දාන උන් උන්නේ නැතත්, පොලිටිකලි බ්ල්යින්ඩ් කීප දෙනෙක් නම් එතනත් උන්නේය.

අද අපේ පන්තියේ උන්ගේ මොන මළදානයක තිබුනත්, ඒ හැමතැනම වැජබෙන්නේ ස්මර්නොෆ් බෝතලේය. කාළයක් ට්‍රැන්ඩ් එක වෙලා තිබ්බේ ගුරුවරුන්ගේ පානයය. ඉන් පස්සේ හැට නමයේ ගුදමද, සුදු බල්ලා සහ කළු බල්ලාද, මෑත කාළයේ ජොනි වෝකර්ගේ රතු ලේබලයද ඉට්ටැයිල් එක වෙලා තිබුනේය. ඒ කෙසේ වෙතත් ස්මර්නොෆ් බෝතලේ නිකන්ම නිකන් බෝතලයක් උනාට, කොලිටිය තියෙන්නේ ලේබලේය.

ස්මර්නොෆ් කියන්නේ වොඩ්කා එකක්ය. මාතලන් විප්‍රවාසේ උන්න කාලේ මාතලන්ගේ ප්‍රියතම වොඩ්කා එක උනේ ඇබ්සලුට් (Absolute) එකය. එකේ ඇතුලේ තියෙන ඒවාට වඩා, මාතලන් ආතල් එකක් ගත්තේ ඒ බෝතලේ තියෙන කළාව ඇතුලේය. අනික් හේතුව උනේ මිත්‍ර සංගමයේ සාමාජිකයින් අතර අපේ උන්ට වඩා උන්නේ ලෙනින්ගේ රටේ බොක්කවල් හා මාකෝස්ගේ සුන්දර කෑලී හන්දාය. උන් දෙගොල්ලොම වොඩ්කා ගැහුවේ බෝතලේ කටේ තියාගෙන වතුර බොනවා වගේය. ඇත්තටම වොඩ්කා බොන ක්‍රොමේත් ඒකමය. ඉඳලා හිටලා එකෙක් දොඩම් ගෙඩියක් අටට කපාගෙන ජූස් ජුන්ජක් විතර තොල ගාගත්තේය.

මාතලන් ඇබ්සලුට් ගැහුවාට, සමහර රුසියෝ එක එක ජාතියේ එව්වා ගැහුවේය. ඒ අතරේ එක එක පාට ස්මර්නොෆ් බෝතල් වගේම ඇබසලුට් බෝතලුත් තිබුනේය. මට මතක විදියට දොඩම්, ලැමොන් වගේම, රාස්ස බෙරි වලින් හදාපුවයි, පීචොස් වලින් හදාපු එවයිත් දේදුන්න වාගේ රාක්කවල බැබලි බැබලී උන්නේය. ඔය මක්කා තිබ්බත් ඇල්වතුරත් නිවලා බොන මාතලන්ගේ ගිත් ගත්තේ ඊස්ට්මන්ට් වර්ණ අනං මනං ඤං පචං මක්කත් නැති විනිවිද පෙනෙනා, නොර්මල් ඇබ්සලුට් කුමරියය..

ස්ලොවේනියාවේ වතුර වලට කියන්නේ "වෝටර්" කියා නෙමේය, "වෝඩ" කියාය. උන් වොඩ්කා ගහන්නේ වතුර වගේ නිසා වොඩ්ගා නම ඇවිල්ලා තියෙන්නේ උන්ගෙන්ය. කොහොමත් ඔය උත්තරද්‍රවයේ ඉන්න උන් ඔය ද්‍රාවනයට මාරම ලයික්ය. ඒ පැත්තේ රටවල් සැට් එකක්ම ඕවා බොන නිසා. "වෝඩ්කා චේන්" කියා රටවල් සැට් එකකුත් තියෙනවාය. "බියර් චෙන්" කියා සැට් එකකුත් තියෙනවාය. ඒත් ඉතින් ඒවල් ඉන්න උන් ඔය යුරෝපා සංගමේ වගේ වාර්ශිකව සැට් වෙලා, බාර් ඇසෝසේසොන් තියනවාද කියා නම් හරියට දන්නේ නැතිය.

ඒ උනාට අපේ උන් ස්මර්නොෆ් ගැහුවේ එක එක මළහත්තිලව් කළවම් කොරගෙනය. නැත්නම් ඉතින් වොඩ්කා ඇඩ් වල පෙන්නනවා වගේ, අපිටත් යක්කු මළපෙරේතයෝ පේන තරමට වදින්නත් ඉඩ තිබුනේය. එතන උන්න ගොඩක් උන් සැන්ඩියට ගත්තේ තවත් ළෝකෙම පොරසිද්ද පානයක්ය. ඒ පානයේ විස්තරත් සමඟ මාතලන්ගේ ඊළඟ පඳුරු තැලිල්ල පස්වන මන්ඩළයේ සිනමා සාලාඔල ළඟඳීම ප්‍රොදර්සොනේ කොරනවාය. එතකන් ඉවසා වදාර ඉන්න එක ඔහේලාටත් හොඳය. මටත් හොඳය.

89 comments:

  1. Replies
    1. මොකෝ....? මම දැක්කා අලිත් එක්ක මලේ හොඳම එකෙන් පැනලා උන්නා...

      Delete
  2. ස්ත්‍රී පරාන වලටත් සැට් ෙවන්න පුළුවන් ෙකාලිටිෙය් සාජ්ජයක් දාමුෙකා්

    ReplyDelete
    Replies
    1. මේ හැම සාජ්ජයක්ම හැම පරානෙකටම සහභාගී විය හැකි අන්දමේ ඒවා බව කරුනාවෙන් සලකන්න....අරවැයින් මේවැයින් උනත් මේවායේ ඇවලබොල් බවත් සල්කන්න...

      Delete
    2. මේ හැම පාටියේම ඉස්තිරි පරානද කිසිඳු අතුරු ආන්තරවකට, අපචාරයකයට හෝ බලහත්කාරකන්නොලට ලක් නොවී හරි අපූරුවට එක පෙලට උන්නෝය.

      Delete
    3. මං ඉතින් බ්ලොක් කෙරුවාවට ඊයෙ පෙරේදා ආව එකෙක් වෙචිචි කොට ඔය කිසි දෙයක් දන්නේ නෑනේ හිටං.....
      ඔය කාවවත් දෑසින් දැකල නැති හින්ද දකින්නත් හිතේ ආසාවක් තියනවා
      මාතලං බස්සි කලා හිත වගේ මගේ ලෝකෙ පොරවල් ටික

      Delete
    4. තව අටම කටුස්ස වගේ බොග ගැට ගහ ගන්න මට හෙළුප් කරපු උදවිය එහෙම

      Delete
    5. වරෙන් බං මේ අපි හැමෝම එක වගේ එවුන් යකු

      Delete
    6. කියල වැඩක් නෑ...

      Delete
    7. මොනවද බං බ්ලොග් කියන්නෙ.

      Delete
  3. අපිනං පොඩිඋන්ය..උන්ට ඕවා තේරෙන්නෙ නැතිවාය.නමුත් ඊලග පදුරු තැලිල්ල තිරගත වෙනකං බලං ඉන්නවාය.......ඈහ්! පදුරු තැලිල්ල කියන්නේ මොකක්ද අප්පා?

    ReplyDelete
    Replies
    1. පඳුරු තලනවා කියන්නේ වටේ යනවාටය..

      ඔව් ඔබේ ඊළඟ ප්‍රශ්ණය ඉදිරිපත් කොරන්න...

      Delete
    2. ඇත්තම කියපන් උඹේ කොතැනද පොඩි බං

      Delete
    3. පොඩි තල්ල

      Delete
  4. ලංකාවේ හදන පෙරිසෙල් අරක් මැන්ගෝ ෆ්ලේවර් එක බීලා බලන්න ඇබ්සොලුට් පරාදයි.

    ReplyDelete
    Replies
    1. ඊලඟ ගේට්ටු දිනය දැවූවොත් මගේ ගානේ 6 ක් එවිය හැක.

      Delete
    2. අම්මපා ඇත්තෙයි.. එහෙනම් සෙට් වෙන්න කලියෙන් ඔහේටත් දැනගන්න එක්ක සැට් වෙනවයි කියලා පෝස්ට් එකක් දාන්නම්.. කෝකටත් මගේ මේල් එක ඊයක් විද්දොත් හොඳා... නැතිනම් ඉතින් මාතලන් කියන්නේ ඇල්සයිමර් නම්බර් වන්...

      Delete
    3. එහෙනම් ඊ ළඟ වතාවේ සෙට් වෙමු...

      Delete
    4. මාතා මාත් මතක් කරන්නං නිකමට වගේ ඉයන්ව දන්නේ නං නෑ ඒත් කිව්ව දේ මතකයි

      Delete
  5. අපි රුසියාවට ගිය මුල කාලයේ ගැහුවේ ස්තලිච්නයා කියල එකක් . ගහල බලහන් ඒකත්. වොඩ්ක සාමාන්‍යයෙන් බොන්නේ නීට් . කලවන් කරලා නෙමේ. ලංකාවේ සහ එංගලන්තේ උන් කලවම් කරලා ගහන්නේ. රුස්සෝ නීට් ගහලා කළු පාන් කෑල්ලක් කනවා. නැත්නම් බියර් ටිකක් හරි දොඩම් ටිකක් හරි බොනවා. හුඟක් වෙලාවට වතුරත් බොනවා. නැතිම වෙනකොට. මම නම් ස්මිර්නොෆ් එකට කැමතියි. මොකද උදේට ඔලුවේ කැක්කුම එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ පළතුරු එක නැත්නං දංකොටු බඩු වගේ තමා

      Delete
    2. මට හිතා ගන්න පුළුවන් උඹ රුසියාවෙදි මොන ආතල එකක් ගත්තද කියලා....

      Delete
  6. ඊලඟ පෝස්ට් එක දාන්න කලින් හැංගෙන්න තැනක් හොයා ගන්න වෙයි වගේ... හපොයි... ආයෙ වසන්න වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපොයි බය වෙන්න එපා මාතා ඔළුව අතගාලා ටොකු අයින්න හදන කෙනෙක් නෙමේ. නැගි හිටින්න හදන කොයි කාටත් අත දෙන මනුස්සයෙක් බං.

      Delete
  7. ඊලඟ පඳුරු තැලිල්ල එනකල් හෝල් එක ලඟ පෝලිමේ සිටිමි. කට්ටිය හොඳ ෆන් එකක් අරන් තියෙන පාටයි. ඈ!

    ReplyDelete
    Replies
    1. ෆන් නෙමේ ගත්තේ පට්ට ෆන්

      Delete
    2. කවදත් ෆන් එකේ තමයි ඉන්නේ මචෝ....

      Delete
  8. නොදොකින් ඔච්චරද? ඇයි යකෝ මේක තිබ්බේ මහා සමුළුවක් පවත්තන තරම් පොරචාරයක් කොරලා නේද? කෝ ඒ ඒ පාර්ශ්වය විසින් දාපු නාට්ටි කෑලි?

    ReplyDelete
    Replies
    1. වීදුරුව ඔලුවේ තියන් නටන්න කෙනෙක් හිටියේ නෑ එදා. අඩුව දැනුනා එදා

      Delete
    2. මුන් බය කරපු තරම කියන්නෙ සතියක්ම සහලෝලා උණ අරගෙනලු.

      Delete
    3. මඩ ගහන්න ගියොත් අපිත් කාලකන්නි පොලිටික්කෝ ගානට වැටෙනවා නේද ලොක්කෝ....

      Delete
  9. වොඩ්කා .. අම්මියෝ එපා...නීට් ගහල අන්තිමේ දවසක් දෙකක් ඇඩ්රස් නැතිවෙන එක බුදු ෂුවර්...

    ReplyDelete
    Replies
    1. "හ්ම්ම්... දවස් දෙකක් කැරකිල්ල ඔලුව කැක්කුම මතක් කරන්න එපා ඔය ජරාව "

      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      කියලා සතියක් වගේ ගියාම ආයේ අමතක වෙනවා නේද... ඊට පස්සේ තීරණය කරනවා අමුවට සහ කලවමට හොඳ නෑ පලතුරු යුෂ හරි "blue,, redbull , XL " වගේ මෙවුවා එකක් එක්ක මෙවුවා කරලා ගන්නවා කියලා හිහි

      Delete
    2. අම්බල්න්ගොඩ කතා, බ්ලොග් එක බලන්ඩ බෑනෙ. වෙන pages ඇවිත් වයිරස් වෝනින් එකක් එනව.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. වොඩ්කා එක උනත් දේශීය ක්‍රොමේට ගැහුවාම කිසි අවුලක් නෑ...

      Delete
  10. ඉතුරු ටිකත් දැන ගන්න ආ..ආ..ආ.සයි..

    ReplyDelete
    Replies
    1. සක් උඹත් ගියේ නැද්ද ? මටත් යන්න බැරිවුනා බං

      Delete
    2. අපරාදේ බන්ස්ලා මටත් මිස් උනා...

      Delete
    3. මාත් යන්න හිටියෙ, උඹලත් ගියේ නැති එකේ අපරාදෙ මට යන්න තිබ්බෙ.

      Delete
    4. පරක්කු වෙලා ආවම ඔහොම තමයි....

      Delete
  11. මචෝ, දැන් ඔය දුන්නෙ ලංකාවෙ IDL එකේ ගහන SMIRNOFF ද නැත්තං රුසියාවෙ හරි එංගලන්තෙ හරි හදාපු එකද?

    එක අතකට නම ගල් බලකාය වෙච්චි එකේ ගල් ඇර මොනා උනත් හොඳා නෙව බොලාට. ඉතුරු ටික දාහන් බලන්න, පොටක් පාදගන්න.

    ReplyDelete
    Replies
    1. බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බෙන්ස් නම්....

      Delete
    2. >>බෙන්ස් එක කොහේ හැදුවම මක් වෙනවද බං කාරෙක බෙන්ස් නම්...<<
      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  12. ගීතට පාර්ලිමේන්තු යවන එක නවත්තන්න හදන එක ගැන ලියන්නේ නැද්ද අනා.. එයාගේ ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය අයින් කල්ලාද නැද්ද අනේ ලියන්නකෝ ඉදගෙන :)

    රෝහිණි ගැන ඊළගට

    ReplyDelete
    Replies
    1. රෝහිණී එහෙම්මම අමතක උනා නේ මෙයා....

      Delete
    2. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු කියති.
      පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇය 63955 මනාප ඡන්ද ලබා තේරී පත්වූවාය.
      අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එන්.මොහොමඩ් මහතා පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්‍රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි. නාම යෝජනා අවලංගු කැරෙනුයේ කරුණු හතරක් මත බවත් මොහොමඩ් මහතා කියයි. එනම්, නාම යෝජනා ලැයිස්තුවේ අපේක්ෂකයා අත්සන් කර නොමැති වීම, පක්ෂ ලේකම් අත්සන් කර නොමැති වීම, අවශ්‍ය ප්‍රමාණයේ අපේක්ෂකයන් නොමැති වීම හා දිවුරුම් දී නොමැති වීම යන කරුණු මතයි.

      Delete
    3. ස්තුතී kenji.

      අපරාදෙනේ කලින් ඒ දේවල් ගැන දැනුවත් කරලා තිබ්බනම් එයා චන්දෙට ඉල්ලන්නේ නෑනේ. අපරාදේ :p

      Delete
  13. වොඩ්කා කියන්නේ ලංකාවේ හැටියට දන්කොටුව ස්පෙෂල් තමා. හරියටම කියනවා නම් පලතුරු වලින් පෙරාපු කසිප්පු වගේ.
    අපූර්විට නම් පොඩ්ඩක් අප්සෙට් වේවි. මොකද දිව ඇදවෙන නමකුයි , ඉස්ට්මන් වර්ණ ලේබල් එකකුයි නැතිව නිකම්ම නිකම්
    කසිප්පු කිව්වා නිසා. ඒ උනාට හරි ප්‍රමිතියක් ඇතුව නිෂ්පාදනය කරලා වෙළඳ පොලට දානවා නම් ඔය smirnoff කැලේ .
    අපේ රටේ තරම් පලතුරු වර්ග සහ මිහිරි රසින් යුත් පලතුරු බොහෝ රටවල නෑ . හොඳම උදාහරණය අන්නාසි. ලෝකේ මොන
    රටේ අන්නාසි වලටවත් අපේ රටේ අන්නාසි අහලකටවත් එන්න බෑ . විවිධ රසින් අනූන පලතුරු අපිටම ආවේනික සම්පතක්.
    එත් වැඩි හරියක් අපතේ යනවා. ලොකු දේවල් පස්සෙම යන්නේ නැතුව නිවැරදි දැක්මකින් වැඩ කරනවා නම් අපිට රටක් හැටියට
    ගොඩ යන්න ගොඩක් මාර්ග තියෙනවා .

    ReplyDelete
    Replies
    1. වැරදියි පිලිපීන අන්නසිත් අපේ ඒවා වගේමයි.

      Delete
    2. @senaka
      පෘතුගීසිකාරයා ලංකාවට නාවා නම් බොරු කයිවාරු ගහන්න හරි අපිට අන්නාසි ලැබෙන්නෙත් නෑ නේද?

      Delete
    3. පෘතුසීසිකාරය ල්ංකාවට රඹුටන් ගෙනාව
      ල්ංදේසි කාරයා දෙල් ගෙනාව

      Delete
    4. ''' හොඳම උදාහරණය අන්නාසි. ලෝකේ මොන
      රටේ අන්නාසි වලටවත් අපේ රටේ අන්නාසි අහලකටවත් එන්න බෑ '''
      '
      ඔයා හරියටම හරි. මෙහෙ අන්නාසි මාර ගණන් පෙනුම අපේ අන්නාසි වගේම නිසා ගෙනත් කෑවා.. පොල් කෑවා වගේ අර උහුලන්න බැරි සුවඳ රස නෑ...

      කුමාර මං පිලිපින් එක කාලා තියෙනවා ඒත් අපේ අන්නාසි රස නෙමේ.

      Delete
    5. මෑතකදි පත්තරයාගෙන් ත්‍යාගයක් ලෙස ලද දංකොටුව ඉස්පැසොල් එකක්, නොම්මර එකේ බ්‍රැන්ඩි එකක් ලෙස හඳුන්වා දෙමින් මස්සිනා හා පොඩි ආතල් එකක් ගත්තෙමි...

      ඇත්තටම අපේ බඩු පෙරාපු සත්තරන් වලටත් වඩා අගේය... කොත්තමල්ලි වලින් පෙරාපු එක බීලා නැතෙයි...

      Delete
    6. මොකෝ නැත්තේ, බීලා තියෙනවා .......උණ හෙම්බිරිස්සාව හැදුනම.....!!!

      Delete
  14. පොස්ට් එක කියවන්න් අකලින් කොමෙන්ටුව දාන්නේ , අර උඩම පින්තුරේ හිටපු එක්කෙනා කොහෙද හිටියේ ඒ පාටිය වෙලාවේ , හි හරි ඕක තමා නලියා එලියට එන්න නැතුව කාමරේ අස්සටම වෙලා හිටියේ . හිටින් පොස්ටෙක කියවල එන්නං

    ReplyDelete
    Replies
    1. අනේ ඉවාන් තාම නෑනෙ කිය කියා නාහෙන් අඬ අඬ හිටිය බං.නලිය කාමරේට වෙලා එයාට සැනසිලි බස් කිව්වා.උඹ එද්දින් ඒ ළමය යන්නත් ගිහිං.

      Delete
    2. එයා, ඔයා එන්න කලියෙන් ගියා.. ඒකයි කියන්නේ අපායට ගිඅයත් කලින් පල කියලා,,,,

      Delete
  15. හැලපයියාගේ ගෙදර එදා ඩයිනොසර් ලා , අලි පැටවූ එහෙමත් තැන තැන වැටිලා හිටියා , මම පරක්කුවෙලා ඇවිත් උන්ගේ ඇඟවල් උඩින් පැන පැන කාමරේට ගියේ

    ReplyDelete
    Replies
    1. නිට්ටෑවෙක් වැටිල හිටිය දැක්කෙ නැතෙයි ?

      Delete
    2. කාමරේ මක්කු මක්කුද දන්නේ නෑ උන්නේ...

      Delete
  16. ඉන්න හම්බුවෙන්නේ නැතිවෙයි වගෙයිය...

    ReplyDelete
    Replies
    1. එහෙම්ම මෙව්වා එකකුත් නෑ....

      Delete
  17. කෝ බන් තොරණේ සම්පුර්ණ විස්තරේම නැහැනේ, කොටුවක් දෙකක් විස්තර කරලා මිසක්කා ප්‍රමාද වී පැමිණි උදවියට දැනගන්න කොටු ඔක්කොගෙම විස්තරේ ඉක්මණට කිව්වනම් හෙණ ගහනවද...
    ස්මර්නොෆ් මගෙත් කැමතිම පානයක්ය, නමුත් මේ දිනවල හොර පාරෙන් රටින් පැමිණෙන බාඩිනෙට් වලට පෙම් බඳිමින් සිටිමි...

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් ලංකාවෙදි බල්ලන්ට ගහන එක තරම් වෙනත් දෙයක් නොමැත...

      Delete
  18. උඹ ඉතිං දන්නවනෙ බෙර නෙමේ හෙණ ගැහුවත් ඔතනිං නැගිටියි මංනං.
    ස්මර්නොෆ් දුඹුරු ලේබලේ තියෙනවා වැනිලා රස එකක්. ඕක්..... හන්ඩ්‍රඩ් පයිපර් කාලෙ බෝතලයක් තියෙනවා ලොකු අරක්කු බෝතලේක හැඩේට හරියට සීදූවේ පීනස් තෙල වගේ.
    ප්‍රේමසිරි කේමදාස පරදන විස්තර රටාවක්නෙ බං. හැබැයි පෝස්ට් ගණනාවකිං ලතාවකට දාපං ඈ...කියවන උන්වත් වෙරිවෙන්න.
    බිව්වම ගෑණු නං ලස්සනට පේනවා. අර අනික් විකාර පේන්නෙනං මචෝ මල් නෙලුවාම තමා. මං හිතන්නෙ එක එකාගෙ හිත් ඇතුලෙ තියෙන කවදාහරි අහපු දැකපු හීනමවපු ඒවා තමා ඔයවෙලාවට මතුවෙනවා ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. බිව්වමත් ගෑණු ලස්සනයි, මඟුල් ගෙවල් වල යනකොටත් ලස්සනයි.. ඇයි බං අනිත් වෙලාවට ලස්සන නැත්තේ..

      Delete
    2. බීපු වෙලාවට අපේ මොළ අස්පට් නිසා ගෑණු ලස්සන ලෙස මැවී පෙනෙයි,මඟුල් ගෙවල් වල යද්දී ගෑණු පාට පාට ඇඟ පුරා උලාගෙන යන නිසා උන් ලස්සනයි කියා උන්ම සිතන නිසා උන්ගේ මොළ අස්පට්.
      නිගමනය - දෙපාර්ශවයේම මොළේ අස්පට් වෙලාවට සුන්දර ලලනාවන් මැවී පෙනේ.(මෙතන පොදු සාධකයක් ලෙස බොන්න නැත්නම් එය මඟුල් ගෙයක් නොවන වග දැඩිව තීරණය කර ඇත.)

      Delete
    3. බෝම ඉස්කෝතුයි විස්ලේසොනේට...

      Delete
  19. පලවෙනි බෝතලේ එක්ක තිබ්බ ෆෘට් ජූස් එකත් එක්ක ස්මර්නොෆ් බොද්දි නම් නියමයි. ඊට පස්සෙ ඉතිං කොහොමත් එකයි.
    එදා තිබ්බ බයිට් ටික තමයි බයිට් කියන්නෙ , එකට එකක් පරාද නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒ ගැනත් ලියන්නම ඕනා.. හැලපෙ හලාවත් ගියාද මන්දා ඉස්සෝ ගේන්න..

      Delete
  20. "අපෝ එකද තිබුනේ...?" ගල් නැත්තං එතන මොන පාටිද.
    මොනව උනත් පට්ට ෆන් එකක් අරන් තියෙනව වගේ කෂ්ටිය.

    පානයේ විස්තර සමග ඊගාව එපිසෝඩ් එක දාමුකො බලන්න. ඒක තුන ඩී නං වඩාම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මචං ප්‍රසා............

      මුං තනිය ම බීලා අපිට ටෝක් දෙන්න ඒනවා මෙතන... යකෝ කෑවනං බිව්වනම් පෝස්ට් දාන්නැතුව නිදා ගන්න ඒපැයි.... නැද්ද මං අහන්නේ.....

      Delete
    2. ඒකනෙ, ඒකනෙ.
      මේව තනිකර හෙලා දකින්න ඕන වැඩ.

      Delete
    3. ගල් ගහනවා කිව්වට එකෙක්වත් ඒවා බොන පාටක් නම් පේන්නේ නෑ...

      Delete
  21. මදි මදි හොඳටෝම මදි!
    රුසියන් කාරයො නීට් ගැහුවට මට නං ඔය සෙල්ලම අල්ලන්නෙම නෑ. අනංමනං නැතත් සෝඩ ටිකක්වත් ඕන.

    ReplyDelete
    Replies
    1. වොඩ්කාඔලට නැගලා යන්නේ හොරෙන් ජූස්ම තමයි... නැහ්නන් ලයිම්,

      Delete
  22. හැලපේගේ අටම් පාටිය නමින් වෙළද ප්‍රචාරණය කිරීම තරයේ හෙලා දකිමි.. මාත් කැමතිම ඔය සුදු බෝතලේ එන ඇබ්සෝ එකට තමා. ඒක මරු.. හැක්.. ඉස්මනොහ් එක වදිනව හොර ඇති ඒකයි තොපි ඔය තරං බොන්න ඇත්තේ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉස්මනොහ් ඉස්ම නැතිවෙන්න වදිනවා කියලා දැන ගත්තේ පහු වෙනිදා...

      Delete
  23. මේක කාගෙ හරි ෆේස් බුකියේ පිටුවක්ද? එකෙක් පාටි දානවා ,ගියෙ ඒවුන් එකේ හිටපු එවුන්ගේ පිට කහනවා නොගිය උන් හුල්ලනවා බක්කරයාගේ බේකරිය වගේ ....උගේ පාන් අපිට වගේ .....අනේමන්දා

    ReplyDelete
    Replies
    1. ඉරිසියා නොරකර ඉවසං ඉඳහන් බං...

      Delete
    2. මේ දවස්වල සිංගල් මෝල්ට් ගහන අපිට ඉරිසියාව කෙසේදයත් උඹලා ගැන දුකයි බන්
      අනේ මන්දා බන් .....වෙලාවක සෙට්වෙයන් ......එතකොට තේරෙයි වෙනස .....

      Delete
    3. පීඩිත පංතියේ අයවලුන් වන අපට සිංගල් මෝල්ට් ගහන්නට ලැබෙන්නේ සල්ලිකාර යාලුවෙක්ගෙන් පිං අඩියක් ලැබුණොත් පමණයි.නැතිනම් ඔය මොන මොනවා හෝ බාල වර්ගයේ රහමෙරක් පාවිච්චි කර සතුටු වෙමු.
      ඔබේ වාසනාව ගැන ඇනෝ මගේ සතුට පිළිගන්න!

      Delete
    4. උඹලගේ පිඩිත පන්තියේ සීමාව කොතනද අනේ මන්දා බන්
      'ඔබේ වාසනාව ගැන' නෙවෙයි මෙතනට ගැලපෙන්නේ හැල්පේ උත්සාහයේ ප්‍රතිපලයි 1982 රුපියල් 300 කින් දිරි දීමනාවක් ලබාගෙන 1986 රුපියල් 736 මුලික වැටුපකින් පටන් ගත් ජිවන සටනේ උත්සාහය .
      අප හිතුවේ බ්ලොග් කලාව කියන්නේ හරවත් දෙයක් ලියා තබන තැනක් කියා
      අයි මේකට කොමෙන්ට් අඩු

      Delete
  24. අර යාලුවා දීපු ලංසි පොත කාල් ම්‍යුලර්ගෙ එකක්ද?
    Under the Jam Fruit Tree
    Yakada Yakaa
    etc
    etc
    ?

    ReplyDelete
    Replies
    1. බර්ගර් ඔප් සිරි ලංකා කියලා බ්‍රෝහියර් මහත්තයගෙ පුස්තක රත්නයක් මචෝ...

      හැන්‍රී... ඔහේ බර්ගර්ද....?

      Delete
    2. Sorry Macho

      The book is "the Burghers"

      by

      J B Muller

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න