.

.

Jan 11, 2017

සහන් කසීර බ්ලොග් ආගමනය - Sahan Kaseera joins Sinhala Blogging



සියල්ලටම කලින් කියන්න ඕන, අපේ බ්ලොග් ලොව ආමි කාරයා හෙවත් විචාරක මහත්තයා පොඩි අසනීප තත්වයක් නිසා ආමි හොස්සපිටැල් එකේ නවත්තලා ඉන්නවා. එයා කියන විදියට නම්, එයා දොස්තරලත් එක්ක ටැස්ට් මැච් කීපයක්ම ගහන නිසා ඒ ටික ඉවර වෙනකන් ගෙදර එන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඉතින් අපි උන්නැහේට ඉක්මන් සුවය ලැබිලා, ආයෙත් ඇවිත් හතර අතේ නෙලන්නෙයි කියලා ප්‍රාර්ථනා කොරනවා හිටන්.

මාතලන් බුකියේ ක්‍රියාකාරිව නියැලෙන්න පටන් ගත්තේ බොහෝම මෑතකදි. ඒ මනෝරම හා සේපාල් අමරසිංහ නිසා. බලාගෙන ගියාම එතන ඉන්නේ මාර වැඩ කාරයෝ සෙට් එකක්. බ්ලොග් ලියන උන් ඔතනට ගියාම බ්ලොග් ලියන එක නවතින්නේ මොකෑ කියන එක අහන්න දෙයක් නෙමෙයි. එතන ටැලන්ට් සාගරයක්. රස සාගරයක්. ඒ අතරින් බ්ලොග් සටහන් වලට සමාන ලිපි ලියන උන්ගෙන්, මගේ සිත් ගත් අය තමයි සහන් කසීර, සයිබර් වරිගේ උන්ඩියා, උපේක්ෂා නුවන්ශ්‍රීනී සහ අෂාන් වීරසිංහ.. කයි පද බඳින පිරිස නම් බොහෝමයි.

ඉතින් මාතලන් බැලුවේ එතනට ගිහින් මේක අමතක කරනවට වඩා, එතන ඉන්න උන් කීප දෙනෙක් හරි මෙතනට ගෙන්න ගන්න. මොකෝ හදා ගත්ත ගෙපැල දාලා යන්න බෑ නේ හිටන්. ඉතින් මාතලන් කළේ බ්ලොග් ලියන්න වරෙන් වරෙන් කිය කියා උන්ට ඇනයක් වෙන එක. මේ අයගෙන් අෂාන්ගෙ ලිපි නම් "ලංකා නිව්ස් වෙබ්" එකේ යනවා. අනික උන්ඩියා ඇරුනාම, උන් ඔක්කෝම පොත් ලියලා දැනටත් බොහෝම ප්‍රසිද්ධ උදවිය.

ප: ලි:


අපේ ඇනෝපිලස් මලයා කියනාකරයට සයිබර් වරිගේ උන්ඩියාද බ්ලොග් එකක් ලියා ඇත. පහත තියෙන්නේ ඒ සඳහා ලින්කුවයි... 

නොදන්න මගුල් කතා කරමු


මේ අය අතරින් "උපේක්ෂා නුවන්ශ්‍රීනී", "සර්පයාගේ දියණිය" කියලා බ්ලොග් එකක් පටන් ගත්තා. ඊළඟට පිටියට එන්නේ සහන් කසීර. මම සහන් කසීර දැන ගන්න කලින් දැන ගන්නේ, ඌ ලියපු පොත් දෙක. ඒ ලංකාවේ අතිශයින් ජනප්‍රිය උන, "ආච්චිගේ කොළම" 1 හා 2. බුකියට ගියාම තමයි දැන ගත්තේ, මේවා සහන් කසීරගෙ වැඩ කියලා. ඔය පොත් දෙකම කොලම් ලිපි සංග්‍රහ කියන කැටගරිය යටතේ, ගොඩගේ සම්මාන වල අවසාන වටයටත් නිර්දේශ වෙලා තියෙනවා.

මේ දවස්වල ඉරිදා ලක්බිම මංජුසාවෙත්, සත්හඬ පත්තරේ තීරූ ළිපි රචකයෙක් ලෙසත් ෆ්‍රි ලාන්ස් ජොර්නලිස්ට් කෙනෙක් විදියට ටැලන්ට් පෙන්නන සහන් රැකියාව කරන්නේ බැංකු ක්ෂේශ්ත්‍රයේ.

කොළඹ ආනන්දයේ මෙන්ම ගම්පග බන්ඩාරනායක විදුහලෙත් දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් (වලක්) වෙච්චි පොර අත් පොත් තබන්නේ, මාධ්‍ය ක්ෂේශ්ත්‍රයේ පොඩි පොරක් එක්ක නෙමෙයි. අති දැවැන්තයෙක් වෙච්චි, බන්ධුල පද්මකුමාරත් එක්ක. ඒ කාළේ ස්වර්ණවාහිනියේ මෙන්ම මුලු ලංකාවෙම ජනප්‍රිය වැඩ සටහනක් වෙච්චි, "ලෝක සිතියමේ" පිටපත් රචකයෙක් හා පරිවර්තකයෙක් විදියට. ඒ වැඩේ 2009-2016 වෙනකන් කරන පොර, ඒ කාළෙම දිනමිණ හා ඉරිදා ලක්බිම පත්තරවලත් විදේස් විත්ති රචකයෙක් විදියට කලර්ස් පෙන්නනවා.

සහන් බුකියට ගොඩ වෙලා අවුරුදු 8 වෙන අද දවසේ, බ්ලොග් එකකුත් පටන් ගන්න එක විශාල සන්ධිස්තානයක්. ඒ වගේම උගෙ බ්ලොග් අඩවියට, පරණ ළිපි ටික එකතු කරන්නත් අමතක කරලා නෑ. එහෙනම් බ්ලොග් ලියන්න කලින් ආපු උපේක්ෂා නුවන්ශ්‍රීනීට වගේම සහන් කසීරටත් හැපි සහ හැප්පි හැප්පී (සොමි හා වලි) බ්ලොගින්ම වේවා කියලා, එවට ගොඩ වැදිලා චියර් එකක් දෙමු... 

මෙන්න බ්ලොග් දෙක


ඒ වගේම තවත් විශේෂයෙන් කිව යුතු දෙයක් තමයි, "මාතලන් සින්ඩියේ" වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලට වෙනම කොලමක් තියෙන බව. ඒ ගොඩේ තියෙනවා තවත් සුපිරිම ඝනයේ බ්ලොග් තුනක්... ඒවයේ ප්‍රමිතිය නම් ඉතාමත්ම ඉහළයි. අපේ "ලන්ඩන් අරූ" කියනවා වගේ, උන් එක්ක බැලුවම අපි මක්කුද බන්. මෙන්න ඒ බ්ලොග් තුන....





50 comments:

  1. කෂිය පුතා වැඩට බැස්සම.. මඩ මඩ මඩ.. කාලා ඉවරයක් නෑ.. ජයශ්‍රී

    ReplyDelete
    Replies
    1. එක හොඳයි මටත් පාලුවක් නැති වෙයි හිටන්...

      Delete
  2. මට මේ වර්ඩ්ප්‍රෙස් මගුල එපා වෙලා තියෙන්නේ.. උඹ සින්ඩියට වෙනම වර්ඩ්ප්‍රෙස් ටැබ් එකක් දාපු එක හොදා.. දැං මං ඒකෙන් යනවා වර්ඩ්ප්‍රෙස් ඒවට..

    ReplyDelete
  3. ජයවේවා හිටන්!
    බැඳුම්කරය අමතක නොකරමු!

    ReplyDelete
    Replies
    1. බැඳුම්කරේ
      ඇයි අමතක කරේ
      විමලේ
      හිරේ..

      Delete
  4. සතුටුයි....සතුටුයි. බ්ලොග්ස් අල නොකරන...ඒත් වඩා රස කරවන යුගයකට ගොඩවීමට මාතා දෙන සපෝට් එකට ,කණ සාක්කුවේ දමාගෙන සැලියුට් කරමි.

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ හැමවෙලේම කන සාක්කුවේ දාගන්නේ. ගෙදරින් කරදරයිද?? හැක්..

      Delete
    2. ඉයර් ප්ලග්ස් නැතිවුනාම කණ සාක්කුවේ දාගන්නවා..හැක්.

      Delete
    3. අපි මක්කුන්ද බං.... අපි නිකං අර ලූල්ලූ නැති වලේ ඉන්න උන් වගේ...

      Delete
  5. මේ ආච්චිගෙ කොලම මං බොහොම ආසාවෙන් කියවපු තීරු ලිපි එකතුවක්. දැන් හොඳයි බ්ලොගත් තියෙනවනෙ. සර්ප දුවගෙ ඒවනම් බ්ලොගෙන් කියවනව. අනිත් සෙට් එකත් බලමු.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඇක්ස්ට්‍රා ඕඩිනරි....

      Delete
  6. හැක්.. එහෙනං සහන බුකියෙ දෙන ආතල් එකම බ්ලොග් වලදිත් ගන්න පුලුවං වෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. අනිවා... ප්‍රසන්නයෝ...

      Delete
  7. අඩේ මාතේ..!! මගේ විචා මාමි ව ආදරෙන් මතක් කොලා කියහන් හිටං. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. 🙏..

    ඉස්සරහට එහෙනම් කියවන්නෝ කොමෙන්ට් කොටන්නාවූ අපිට වැඩ තියෙයි. කියවන්ටත් ගොඩක් තියෙයි.

    මටත් මේ වලියක් දාගන්ට එකෙක් ඉන්නව බං ඒත් කැමති නැහැ අනුන්ගේ ගෙවල් වල වලි දාගන්ට. උගේ වේසා මඩමට යන්ට හිත දෙන්නෙත් නෑ දෙය්යෝ..!!

    ඔහේ ඉතිං මං තුමාටත් බ්ලොග් එකක් ලියන්ට හිතියන් කියල ප්‍රාර්ථනා කොරහන්. බ්ලොගක් නැති උනත් බෝතලයක් හරි ගහන්ට සෙට් වෙයන් කියල. උබයි අටමයි එක්ක බෝතලයක් ගහන්ට හරි ආසයි ඕයි 🍻

    ReplyDelete
    Replies
    1. අනිවා... ගොඩබැහැපු ගමන් කියහන්... මටත් මරාගන්නයි ඕන මළදානයක් කියන්නයි ඉන්නේ ඌයි ඉවානයයි ඉතරයි...

      Delete
  8. විචාට ටෙස්ට් ඉවරවෙලා එන්න කියපන් ෆිෆ්ටි ඕවර්ස් ගේමක් තියෙනවා ගහන්න. විචෝ ඉක්මන් සුවයට..සහනාලේප :D

    ReplyDelete
    Replies
    1. කෝල් එකක් දියන්... මම බුකියේ දැම්මා නම්බර් එක...

      Delete
  9. සාර්වජනික ක්ෂේශ්ත්‍රය දැම්මහම බ්ලොග් රෝලන් බාගයක් ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි මම පික්චර් ඩිස්ප්ලේ නැතිව වර්ඩ්ප්‍රෙස් වලට වෙනම කෑල්ලක් දැම්මේ..

      Delete
  10. කසීරය බ්ලොග් ලියන්න ආව කියන්නෙ හොඳ ආරංචියක්. වයසෙ හැටියට නෙමෙයි ඕකගෙ ලියවිල්ල. කසීරට උල්පන්දන් දුන් මාතලංට මල් මිටක්.

    ReplyDelete
    Replies
    1. පට්ට ටැලන්ට් එකක්... අනිකා තමයි සයිබර් වරිගේ උන්ඩියා... ඌගෙන් තාම නෝ රෙස්පොන්ස්...

      Delete
  11. අළුත් බ්ලොග් සියල්ලටම සුභ පැතුම්. ජයවේවා කිව්වා එහෙනම්. වර්ඩ් ප්‍රෙස් බ්ලොග් වල කොමෙන්ට් කරනන් ගියහම අවුලක් එනව. සබ්ස්ක්‍රයිබ් කරන්න බැහැ. මට වෙනම වර්ඩ්ප්‍රෙස් සයිට් කක තියෙන නිසා ඒකෙ ලොගින් ඉල්ලනවා. බේරෙන්නේ ක්‍රමයක් කවුරුහරි දන්නවද?
    විචාරක මහතාට මේලයක් දැම්ම. ඉක්මනින් සනීප වෙන්න කියා ප්‍රර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මම පටන් ගත්තෙත් ඒකෙන්.. අන්තීමට හත්පොලේ ගාගෙන වහලා දැම්මා...

      Delete
    2. අන්න ඒකනේ වදංතද මට පේනඩ බැරි

      Delete
  12. පළමුවෙන්ම අපේ හිතවත් විචාට ඉක්මන් සුවය පතමි. උපේක්ෂා නුවන්ශ්‍රීනිගේ බ්ලොගය මා කියවනවා. තව ටිකක් මෝරපුවම ගෙනැත් රෝලේ එල්ලන්නම්. කසීර නම් කියවල නෑ ගිහිං කියවන්නම්. අර වර්ඩ්ප්‍රෙස් බ්ලොග් තුනෙන් එකක්ට "ක්ෂේත්‍රය" හෝ "ක්‍ෂේත්‍රය" කියල නම නිවැරදි කරගන්න කියපං "ක්ෂේශ්ත්‍රය" කියන්නෙ අලුතෙන් සිංහලට ආපු වචනයක් නොවේනම්.

    ReplyDelete
    Replies
    1. පැහිල ඉදිල බිමට නැමිල

      තව මොනව මෝරන්ටද අයියා

      Delete
    2. මේවයෙ මෝරන්ට දෙයක් නෑ... උන් ගත් කතුවරු බං....

      Delete
  13. හප්පා එහෙනම් බුකිය වගේම රසවත් තැනක් වේවි බ්ලොග් ලෝකෙත් හිනාවෙලා වැඩිපුර මහත් වෙන්නත් බැරියෑ

    ReplyDelete
    Replies
    1. සයිබරෙත් ආවා නම් මරු...

      Delete
  14. උන්ඩිය තමා මේක ලිව්වෙ ...
    https://theruamknatha.wordpress.com/
    ඌ දැං බුකියට ඇබ්බැහි වෙලා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලේ... මම පෝස්ට් එකේ සඳහනක් කොලා හිටන්...

      Delete
  15. බොහොම ස්තුතියි හැමදෙනාටම - මාතලන්ට විශේෂයෙන්ම පෙළඹවූවාට
    ( තාම මම L බෝඩ් යන්නේ . වෙනමම කෝස් එකක කරන්න වෙයි වගේ )

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මලේ... උඹලා තමයි රටේ අනාගතය...

      Delete
    2. L බෝර්ඩ් වුණාට ඔය වැඩේ දෙන්නේ.

      Delete
    3. L බෝර්ඩ් වුණාට ඔය වැඩේ දෙන්නේ.

      Delete
  16. විචා මහතාට ඉක්මන් සුවය පතමි

    ReplyDelete
  17. පත්තර වල ලියන අය දැන් දැන් බ්ලොග් ලෝකෙට පය ගහනවා.
    ඒ අතරේ විදුසර පත්තරේට ලියන විද්‍යාඥයෙකුත් ඉන්නවා.

    http://vidyavindana.blogspot.com/2017/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. කිසිම පිලිවලක් නති බ්ලොග් එකක්... ලියන්නන් වාලේ ලියලා ඇති වඩක් නෑ.. අපේ ලොකු අක්කගේ පොඩි එකත් ලියනවා ඌට අහුවෙන ඕන තැනක...

      Delete
  18. පුලවන් උනොත් විචා බලන්න යනවා ..
    ඒකනේ....උබට ලොකු අයියා කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඕකට යන්න ගියාම එපා වෙනවා.. මම ඔය ආමි සිස්ටොන් වලට කොහොමත් කැමති නෑ නේ...

      Delete
  19. විචා මාමට ඉක්මන් සුවය පතමි.
    අලුත් බ්ලොග් බලන්න වෙලාවක් හොයාගන්න ඕනෙ. වර්ඩ් ප්‍රෙස් නම් හරි අවුල් , මම බලන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හැබයි හොඳම ඒවා තියෙන්නේ එතන...

      Delete
  20. මාතේ ලොක්ක. මම ඊයේ විචා මාමිට කෝල් කලා හිටන්.

    කවුද කතා කරන්නේ කියල ඇහුවහම "කෝප්‍රල් ටිලාන්" කිව්වහම් "එහෙනං සීරුවෙන් සිටින්" කිව්ව 😜😜😜.. හැක හැක. හොස්පිටල් එකේ හිටියත් බොහොම ආතල් එකේ සනීපෙන් ඉන්නවා. ඉක්මන් සුවය ලැබේවා 🙏🙏.. ශාන්තී ශාන්තී

    ප්.ලි.

    ඇයි බං මේ අළුත් ඇවුන්ට බ්ලොග් ස්පොට් එකේ ලියන්ට බැරි. උන්ගෙ එව්ව සබ්ස්ක්‍රයිබ් කොරන්ට ගියහම මල පනිනව බං 😡

    ReplyDelete
    Replies
    1. ඕන් ඕකනේ රත්තරන් අපිට තියෙන ලෙඩේ.. වෙනස් වෙන්න කැමතිම නෑ.. මම නම් කැමතිම උඩු ගං බලා පීනන උන්ට..

      Delete
  21. කසිරගේ බ්ලොග් ආගමනය නිසා කාලයක් අමතක වී තිබුණු බ්ලොග් ලෝකයේ දොරටු විවර වීම නා(ර්)නියාවට යන දොරටුව යලි හමුවීමක් වැනිය...

    ReplyDelete
    Replies
    1. කෙතරම් දෙයක්ද....? හොඳ ඒවා ගොඩක් තියෙනවා...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න