.

.

Jan 14, 2017

මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නේ පිස්සූ මචං - Tribute to Deepal Silva



අම්මට සිරි ලංකාව ගැන කියන්න තියෙන හොඳම සින්දුව කිව්වේ උඹ මචං. ඔය ජාතිකාභීමානී ගී කියන්නේ අමූලික කෙප්ප. මේක තමයිලු ලෝකෙන්ම උතුම්ම රට. අම්මගේ රෙද්ද තාමත් වැනේ වැලේ මචං. සුඩානේ උනුත් සම හරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති. මේක මාර රටක් කියන්නේ බං, මේ රටේ උන්ට පොඩි පිකප් එකක් දෙන්න මෙහේ කවි ලියන්න උන් නැති නිසා, ටිබෙට් රටින් ඉම්පෝට් කොරලා ජාතිය ඔප් නංවන්න, කොඳු කෙලින් කරන්න, ජාතිකාභීමානී කවි ලියපු, එස් මහින්ද හාන්දුරුවන්ගේ කවියක් අද පාර පුරාම ගහලා, අමු හොරෙක්ගේ පොටෝ එකක් දාලා. මහින්ද හාමුදුරුවෝ උන්නා නම් ආයේ ටිබෙට් යයිද, එක්කෝ රවිරාජ් වගේ වෙඩි තියාගෙන මරෙයිද කියන්න නම් දන්නේ නෑ. 

පවුලකට සලකන එක කොහොමද බං රටකට සැලකුවා වෙන්නේ

ඉටුකොට කල යුතු යුතුකම් 
ලැබුනත් ලෝකෙන් ගැරහුම් 
ඉවසන්නට පුලුවන්නම් 
නුබයි මගේ පුතා උතුම්.....

කලා වරෙන්කෝ ඉතින්. මේ පුතාගේ නැන්දම්මා නම් FCID එක ඉස්සරහට ඇවිත් හුත්තිගේ පුතාලා වගයක් හෙව්වා. උඹ මේක දැක්කා නම්, අර දෙකක් දාගත්ත වෙලාවට ඇදලා කතා කරනවා වගේ හොඳ කතාවකුත් කියලා හිනාවකුත් දායි. ඒ ඉට්ටැයිල් එක උඹටම යුනීක්. කොහොමත් සංගිත බලන වෙලාවට අපි ඉන්නෙත් ඒ ඉස්ටෑන්ඩඩ් එකේම තමයි. ඒක නේ උඹ මල් ඔතනෝ ගාලා බලන්න ආපු උන්ට පොඩි කින්ඩියකුත් දන්නේ. ඒ වෙලාවට පොලීසියෙත් මල් ඔතනවා මචං. එහෙම ආතල් ජාතියක් බං අපි. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. දිවුල් ගහේ. සරම බිම.
උඹ කිව්ව ඒ ජාතික ගීයම ඇති, උඹ ගැන කතා කරන්න. ඒත්, ඇත්තට මිනිස්සු මාර බයයි නේ මචං. ඉතින් උඹ කියපු ඒ ජාතික ගීය, මේ රට තමන්ගේ දේපලක්ය කියලා හිතාගෙන උන්න රෙජීමයක නායකයා විසින් තහනම් කරනවා. එහෙම තහනම් කරපු එකාම, ගීතය ලියපු එකා මළාම, උගේ ගෙදෙට්ට මල් වඩමක් එවනවා. (සම හරක් වෙලාවට පොර උඹේ මළ ගෙදරටත් එන්න ඉඩ තියෙනවා. මොකෝ ජයරත්න වගේ මිනීයෙන් උනත් ළකුණු දාගන්න එක තමයි ඒ සෙට් එකේම ටාගට් එක. මම දැක්කා අර මධු මාධවයා උඹේ පෙට්ටියේ රැලි හදනවා. සමහර විට ඌ මිනී පෙට්ටි සාප්පුවෙන් එව්වද දන්නේ නෑ..) ඔය මල් වඩමේ පොටෝ එකත් දාලා චන්දන සිරිමල්වත්ත මරු ළිපියක් ලියලා තිබුනා මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙම් පිස්සු කියලා. උඹ දැක්කද දන්නේ නෑ. ඒත් ඉතින් එහෙම එකක් තියෙනවා.. බලහන් කියන්න, අද උඹ නෑ. කළාකාරයෝ වයසට ගිහින් අනාත වෙලා හිඟන්නෝ වගේ මැරිලා යනවට වඩා, නම්බු පිටින් මෙහෙම කලින් යන එක, එක අතකින් හොඳයි. 


ඉස්සර අපි උඹව බලන්න පිස්සෝ වගේ ඈත තියෙන සංගීත වලට හිටන් යනවා. මොකෝ උඹගේ සින්දු කොහෙන් හරි ඇහුවත්, උඹේ ඇක්ට් එක බලන්න හමබ් වෙන්නේ නැති නිසා. මොකෝ උඹලා වගේ උන් ගෙන්නන්න, ටී වී කරයොත් බයයි නේ. ඒ කාළේ ජොලි සීයයි, උඹයි, කියන සමහර සින්දු අහන්න වෙන්නෙත් මියුසිකල් සෝ වලම විතරයි. 

මට මතකයි ඒ කාළේ සම හරක් කියනවා උඹ දෙමළෙක් කියලා. ඒ උනාට උන්ම දවාලට කතා කොරනවා සංහිදියාව ඇති කොරන්න. එහෙම දෙපිට කාට්ටුවෝ ඉන්න රටේ තමයි උඹ මඩකළපුවේ පොඩි කඩේ දාගෙන උන්න කාලේ, සෙට් වෙලා නැති උන, සරස්වති හොයන්නේ. ඒ විතරක් නෙමෙයි උඹ බය නැතුවම කියනවා "සුභ්‍රමනියම් මගෙ මල්ලි" කියලා. ඒ හින්දා උඹට දෙමෙල්ලුත් ආදරෙයි. 

අඹ ගෙඩියක හැඩේ ගත්ත පිස්සු හුටන් හිටන්ලා ඉන්න රටේ, මදුරුවෝ ටික මරා ගන්න බැරි එකට උඹ කින්ඩිය දාන්නේ අපි පොඩි බිස්නස් එකක් කරමු කියලා. ඇත්තටම කරන්න පුළුවන් නම්, ඒක මරු බිස්නස් එක. උඹ ගේන යෝජනවා තමයි අපි "මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න" කියන එක. ඇත්ත තමයි ඩෙංගු මරාගන්න බැරි කාළකන්නින්ට එහෙම දෙයක් වත් කරන්න පුළුවන් නම් ළොකු දෙයක්. 

කොහොමත් ඉතින් මේ සීන් නිසා "ආනන්ද බවන් එකට ගිහින් තෝසෙ ගිලලා ඒලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බනින" උන්ට උඹත් එක්ක තඩි මලක් තියෙන්නත් ඇති. ගොඩක් උන් එහෙම තමයි බං. අමු දෙපිටකාට්ටු මිනිස්සු. උඹේ සින්දු මහ ගොඩකින් උඹ උන්ගේ කන් අත ගෑවා. එහෙම දෙයක් කරන්න පුළුවන් ගායකයෝ බොහෝම ටික දෙනයි ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති "එල්ලුම් ගහ මුල් ඇදලා" ය පුළුවන්නම් එකෙක් දෙන්නෙක් එල්ලන්නය කියලා උඹ කියන්නත් ඇත්තේ. 

ඒත් එහම කියන එක අවුල් වගේ උඹටම හිතිලා වෙන්න ඇති, උඹ පස්සෙ අපෙන්ම ඇහුවේ මිනිසුන් මිනී මරන්නේ මොනවා ගන්නද කියලා. මාතලන් නම් ඒ සින්දුවටත් පට්ට මනාපයි. මේ ළඟදිත් උඹ රූපවාහිනියට ඇවිල්ලා ඒක කිව්වා. උඹ රූපවාහුනියේ ජොලි සීයත් එක්ක ඉන්නවා දැක්කම මම ඇත්තටම බය උනා. ඒත් ඉතින් යහපාලනෙන් එහෙම දෙයක් හරි කරපු එක ළොකු දෙයක්. මොකෝ මේ රට ගැන අමු කෙප්ප කෙලපු අමරදේවලා මහා ගන්ධර්වයෝ වෙන කොට උඹ නිකන්ම නිකන් ජනප්‍රිය ගායකයෙක් ඉතරයි. ඒ උඹව ඩැක්කෙ සෑහෙන කාලෙකින්. එද නම් පොඩි ළමයට සනීප නෑ කියලා අනික් උන් විහිළුත් කළා. 

උඹට තියෙන ආදරේටම උඹත් එක්ක වච්නයක් කතා කරන්න ඉස්ටෙජ් පිටිපස්සෙ කට්ට කාපු හැටි තාමත් මතකයි. පස්සෙ හිතවතෙකුගේ නිවසකදි දෙපාරක් විතර හම්බ උනා. ඒ පළමු හමුවීමෙදි තමයි උඹට "පොඩි ළමයා" කියන්නේ ඇයි කියලා තේරුනේ. ඇත්තටම උඹේ නිහතමානිකම වැඩිද කියලත් හිතුනා. උඹ ජීවිතේ විඳෙව්වේ නෑ වින්දා. කෑවා බිව්වා. කලින්ම යන්න ගියා. ඒක තමයි බං ජීවිතේ කියන්නේ. ආයේ ඉතින් උඹව ලයිව් දකින්න වෙන්නේ නෑ. ඒත් උඹව ජීවීතේට අමතක වෙන්නෙත් නෑ. මොකෝ මේ රටේ ජාතික ගීයේ කොටසක හිමි කම උඹටත් තියෙන නිසා.

ඔළුව තදින් නරක් වෙච්චි
මිනිසුන් පිරිසක් පිරිච්චි
ඒ අරුම පුදුම පිස්සු පීකුදු රටේ
පුළුවන් උනොත් ආයේ හම්බ වෙලා සෙට් වෙමු මචං..

දීපාල් සිල්වා ගැන ලිය බුකියේ තිබුන සටහන් වලින් මගේ සිත් ගත්තේ කණිෂ්ක ජයලත්ගේ මේ සටහන :-
පොඩි ළමයා පොඩි ළමයෙක්ද?
-------------------------------------------------
ලංකාවේ සමාජ ක්‍රමය විවේචනය කරමින් විකල්ප ගීත ගායනා ඉතා අල්ප ගායක ගායිකාවන් සාමන්‍යයෙන් වටෙන්නෙ සම්භව්‍යය ගණයට.
ඒත් අපි හැම වෙලේම මග අරින්න උනන්දු වෙනවා හාස්‍යය රසය හරහා සමාජය විවේචනය කරන ගායකයන්ව.
ඒ දේම කරන නාට්‍යකරුවන්ට තියන අගැයීම ගායකයන්ට නෑ.
ප්‍රේමකීර්ති ප්‍රෙඩි සිල්වා සුසංයෝගය වගෙම ජිප්සීස් සුනිල් පෙරේරා පවා කරපු සහා කරන වැඩේ ගැන බොහො විචාරකයො කථා කරන්න බයයි.
පොඩි ළමයා කියලා ප්‍රසිද්ධ වුන නිහාල් සිල්වාගෙ අනුකරණයක් ලෙස වේදිකාව ජයගත් දීපාල් සිල්වා ගායකයා මිය ගියා.
ගොඩක් අය කථා කරන්න අගය කරන්න බයවෙයි.මොකද එතකොට ඒ අයගෙ උගත් බුද්ධිමත් ඉහළ රස වින්දනයට (දෙකක් දා ගන්න පෙර තියන) සමාජයේ තියන පිලි ගැනීම අඩු වන නිසා.
නමුත් දීපාල් සිල්වා වේදිකාවේ ගයපු බොහො ගීත සමාජයෙ අඩු පාඩු විවේචනය කරපුවා.
ඔහුගෙ වඩාත් ජනප්‍රිය මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියන එක ඇතුලේ ඔහු දේශපාලන කථාවක් වගෙම ක්‍රම විවේචනයක් කරනවා.
මල් ඔතනො ගීතය කියන්නෙ අමු අමුවෙම ඇත්ත කථාවක්.එහි නීතිය නෑ ආතල් දන්නෙ කියන පදය ඇතුලේ ගැඹුරු අර්ථ කථනයක් තියනවා.
අපි කොයි තරම් නෑ කිව්වත් අද ලාංකීය තරුණ පරපුර අතර ඔය ගීතයෙන් කියවෙන කථාව යථාර්තයක්.
මෙහිදි ඔහු ගායනා කල ආනන්ද භවන් එකට ගිහින් තෝසෙ ගිලිනවා කියන ගීතය හරහා ඔහු සෘජුව සිංහල ජාතිවාදයට පහර දෙනවා.
දීපාල් සිල්වා නිහාල් සිල්වා අනුකරණය කලාට ඔහු නිහාල් සිල්වා අමාරුවෙන් සිංහල කථා කරන දෙමළාගෙ උච්චාරණය හාස්‍යට ලක් කරමින් කරපු "අවලම් "රංගනය අභිබවා යන්න ආනන්ද භවන් ගීතය හරහා සමත් වෙනවා.
සතුන් මැරීමට හේතු ඇත්ත මොනවා ගන්නද මිනිස්සු මරන්නෙ කියන කියන ගීතය යනු එක තාර්කික ආමන්ත්‍රණයක්.
කොහොම නමුත් විශාල අගය කිරීමකට ජීවත් වුන කාලයෙත් ලක් නොවුන දීපාල් සිල්වා තවත් අපට අහිමි වු පිචං කලාකරුවෙකුගෙ ලේබලය යටතේ මේ භූමිය තුල සැතපෙවි.
ඒ අන් කවරක් නිසා වත් නොව ඔහු ගැයු ලෙස මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු නිසා.
සමාජයට දුන්න මොකක් හරි පණිවිඩයට ස්තුතියි.සුභ ගමන්.
LikeShow more reactions
Comment

48 comments:

  1. Replies
    1. පොර තාම ඉන්නවා. පොරගෙ දුවත් දැන් හෙන ජනප්‍රියයි නේ...

      Delete
    2. පොඩි ළමයා mama waghe lassana kollek neda mathe

      Delete
    3. ආයේ අහලා... හිත හරි ලස්සනයි...

      Delete
  2. සුභ ගමන් දීපාල්...

    ReplyDelete
    Replies
    1. ආ උඹ තාම ඉන්නවැයි... අර මධුමාධවියා මතක් කරහන් මගේ ළඟ උගේ නොම්මරේ නෑ...

      Delete
    2. hawa malath hari මධුමාධවි na

      Delete
    3. සමහර බ්ලොගේර්සලා ඇයි ඔය තරම් දරුණු විදිහට බ්ලොග් ලියන එක අතාරින්නෙ ...අපි මොනතරම් උබලට ආදරෙයිද එත් උබලා අපේ කෙමෙන්ට් එකකටවත් උත්තර නොදී අපිව අතාරිනවා

      Delete
    4. මදාවිය ඉන්න තැනට සිග්නල් නෑලු. පුලුවන්නං උඹල කතාවෙලා යුනිලීවර් එකෙන් සිග්නල් ලොරියක් යවහං ඒ පැත්තට. හැක්..

      Delete
  3. අඩේ මාතලන් ලොක්ක. ෆුල් දුක් සීන් එක. 😪..

    මම හිතං හිටියෙ දීපාල් සිල්වයි ජොලි සීයයි දෙන්නම එක්කෙනෙක් කියල. පව් බං. කාටවත් කරදරයක් නැතිව ආතල් එකේ ඉන්න මිනිස්සු ඉක්මනටම යනව.

    සුභ ගමන්.. 🙏

    ප.ලි.
    යකෝ සංගරත්නය කුලප්පු කොරන්ට එපා. ඔය කථාව නානසාර ට එහෙම අහුනනන් මළ මගුලක් වෙනව.

    හාමුදුරුවරුගොල්ලො වෙඩිතියාගෙන මැරෙන්නෙ නෑ බොල.

    අබාවප්ප්‍රාප්ත වෙනව. වැරදුන. එයාල කළුරිය කරනව. නෑ නෑ ආයෙත් වැරදුන. වෙඩිතියාගෙන නිවන් දකිනව මචං. 😜🔨

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... උන් දෙන්න දෙන්නෙක් බං... දෙන්නම ආතල් බුවාලා... ජොලො සීයගේ දුවත් ඨලන්ට් සාගරයක් පහල ලින්ක් එකෙන් ගිහින් බලහන්

      https://www.youtube.com/watch?v=eR7YQG4sq-8

      Delete
    2. අම්මටහුඩු ජොලි සීයගෙ දියණි බබා. නරකමත් නැහැ. 👍🏽

      Delete
  4. මෙහේ හොඳ කුලේ එකෙක් නෑ කියල...ඉන්දියාවෙන් රජෙක් ඉම්පෝර්ට් කරපු ශ්‍රේෂ්ඨ සිංහලයෝ !

    ReplyDelete
    Replies
    1. බඩට නැති උනත් ලුණු කැඳ
      ඇඟට ඕනමයි විල්ලුද
      ඒකයි ඉහළම සන්තෝසේ
      නැති බැරි අඟ හිඟ කම් මැද
      බිය සැජ ලෙඩ දුක් විඳ විඳ
      පෙන්නයි ළෝකෙට පරකාසේ

      Delete
  5. තිත්ත ඇත්ත මිනිස්සු අතරට ගෙනිච්ච මේ එඩිතර මනුස්සය ගැන ලිපියක් ලිව්වට උඹට ස්තුතියි මාතලන්..

    ReplyDelete
    Replies
    1. කලාකරු දීපාල්ට සුබ ගමන් පතන ගමන්, ඔහුගෙ ජීවිතේ ඔහුගෙන් ගත හැකි ලොකුම ආදර්ශය ගැනත් පුංචි කතාවක් කියල ඉන්නම්....

      දීපාල් ගායකයෙක් ලෙස ජනප්‍රිය වෙන්නෙ ඔහුගෙ එක ගීතයක් නිසා... ඒ තමයි "මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු" යන ගීතය... කොටින්ම ඒ තමයි ඔහුගෙ signature ගීතය... හැබැයි ඔහුට වතාවක් ඒ ගීතය ගයන්න තහනමක් වැටුණු බව සමහරු නොදන්නව ඇති...

      කොයි කලාකරුවත් වගේ දීපාලුත් දේශපාලන වේදිකා නැග්ගා... ඔහුගෙ ප්‍රසාංගික හැකියාව ගැන ඉතිං ආයෙ කියන්න දෙයක් නෑ නෙ... ඒ නිසා දීපාල් වේදිකාවකට නගින එක ඇත්තටම වේදිකාවට ආභරණයක්.. නමුත් ඔහු එක වරදක් කළා.. ඒ තමයි ඔහු වතාවක් මේ රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රබල තනතුරක් දැරූ පුද්ගලයකුගෙ පරණ තරහකාරයෙකුගෙ වේදිකාවට නැග්ගා... ඒකට පළිගැනීමක් ලෙස අදාළ දේශපාලකයා මොකද කළේ, අර ගීතය ගැයීම තහනම් කළා...

      තමන්ගෙ ජනප්‍රියම ගීය ගයන්න තහනම් වුණාම ගායකයෙකුට දැනෙන දේ කියන්න අවශ්‍ය නෑ නෙ... දීපාල් මානසිකව වැටුණා... නමුත් ටික කාලයක් එහෙම ඉඳලා ඔහු පුදුම දෙයක් කළා...

      ඔහුට අවස්ථාවක් ලැබුණා අර කලින් කී දේශපාලකයාගෙ අයියා (ඔහුත් මේ රටේ ප්‍රබලම දේශපාලකයෙක්) සහභාගි වෙන පැදුරු පාටියකට යන්න.... එතැනදි ඔහු අර ගීය ගයනවා මෙන්න මෙහෙම.. "ඒ රටේ මිනිස්සු - හරි කෙළින් මිනිස්සු"... ගීතය අහල සතුටු වෙන ලොකු අයියා අර තහනම ඉවත් කරනවා...

      අයිය-මලෝ නොදන්නවට දීපාල් අර අලුත් වචන හරහා දීපු උපහාසය, කලින් වචනවලටත් වඩා මිනිස්සුන්ට දැනුණා.. කොටින්ම දීපාල් අයියගෙ පිටේ තියල මල්ලිගෙ මාළු කපන්න සමත් වුණා... :)

      ප.ලි. මේක කියෙව්වම ටක් ගාල ඔබට මේකට අදාළව මතක් වෙන දේශපාලකයො ඇති.. ප්ලීස් කමෙන්ට් කරන්න එපා.. මොකද මේක දීපාල්ට ගහපු එවුන්ට ගහන ස්ටේටස් එකක් නෙමෙයි, ඔහුව අගයන ස්ටේටස් එකක්...

      by - Chameera Jeewantha Dedduwage

      Delete
  6. ඔබේ සටහන් ඔස්සේම මම මේ ගැන ඊයේ ඉඳන් හිතනවා .

    මම හිතන්නේ නිහාල් සිල්වාගේ නල්ලතම්බි ඉඳන් පොඩි ළමයා දක්වා එකම ඇක්ට් එකක් . දෙමලාව විහිලුවට ලක් කරමින් පටන් අරන් , ආනන්ද භවන් දක්වා එකම ඇක්ට් එකක් . මම හිතන්නේ ආර්ට් තියෙන්නේ ආතල් දීම ට ඔබ්බෙන් ආතල් කැඩීම කියන තැන . අපිට අපිවම පෙන්නලා ෂොක් කිරීම කියන තැන .

    ඒ ෂොක් කිරීම තියෙන්නේ නන්දා මාලිනී ගේ පවනට වඩා ...කපුගේ , උලලේනෝ කියන කොට . ගායකයා කවුද කියලා මතක නැත්තත් , බෝතල් පත්තරේ කියන කොට . කපුගේම කුරකුහුඹු මිනිසා වෙමි මා කියන කොට . එම් එස් .. මම එන්නේ ඩුබායි රටේ ඉඳලා කියන කොට .. ඒ වගේම පොඩි ළමයා , මේ රටේ මිනිස්සු කියන කොට ....

    හැම හොඳ විහිලුවකටම මෝඩ යන්ටයි ප්‍රඥා වන්තයන්ටයි දෙගොලන්ටම තුන් සැරයක් හිනා යනවානේ . ඊට පස්සේ ඇඬේනවා

    ReplyDelete
    Replies
    1. කියවපු හොඳම කොමන්ටුවක්.

      Delete
    2. කොමෙන්ට් එක කියවලා අන්තීම හරියේ ලියලා තියෙන දේම උනා හිටන්...

      Delete
  7. උඹ හොඳ ලිපියක් ලියල තියනවා ඒ මනුස්සය ගැන. සුභ ගමන් කියල තමා කියන්න තියෙන්නේ. ඔය අනිත් සින්දුව දන්නේ නැහැ. ඒකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. තව හොඳ සින්දු ටිකක් තියෙනවා හොයාගෙන අහපන් මචෝ... පාඩු නෑ...

      Delete
  8. මමත් ලක්බිම පත්තරේ ලිපියක් කියෙව්වා සම්බවය ගීත වලට (නොතේරුණත් ) හොද කියන අපේ මිනිස්සු මේ ගායකයාට හොද කියන්න කට ඇරෙන්නේ නැති ඒක දුකයි ..
    උබ කියනවා වගේ මේක අම්මට සිරි ලංකාවක් තමයි බං

    ReplyDelete
    Replies
    1. ඕකත් අහපන්...

      http://www.topsinhalamp3.com/songs/deepal-silva-mp3-songs/ea-rate-minissu-(version-2)-mp3-song.php

      Delete
  9. ඔය දීපාල්ගේ ආනන්ද භවන් සිංදුව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනැ. ඒක හෙන ශාස්ත්‍රීය ගීතයක්. ඒකට ඔය වගේ පද ටිකක් දාපු එක ගැන කරුණාරත්න අමරසිංහ මහත්තයාට මාර ජුවල්. ඒ වුණාට ඉතින් දීපාල්ව ගන්න ඕනැ එතනින් නෙමෙයි. දීපාල් අව්‍යාජ මානව හිතවාදියෙක්.

    ReplyDelete
    Replies
    1. මං මේ ගැන ලිපියක් ලිව්වා. අද රෑ 12න් පසු W3Lankaහි පළ වේවි.

      Delete
    2. අන්තීමට ජෙප්පන්ගේ වේදිකාවටත් ගොඩ උනා... හිත හොඳ මනුස්සයෙක්.. කාටවත් වනයක් උනේ නෑ...

      Delete
  10. අහන්න රසවිඳින්න යමක් කියපු එකෙක් කලින්ම යන්න ගිහිං. සුබ ගමන් දීපාල්.

    ReplyDelete
    Replies
    1. ටිකයි හොඳයි කලින්ම යයි

      Delete
  11. තනි මිනිහෙක් නෙමෙයි දීපාල් කියන්නෙ.....ලොකු වටපිටාවක් තිබුණු කෙනෙක්....කටු කාලා වැඩකාරයෙක් වුණ එකෙක්....දීපාල් අපිව අල්ලගත්තෙ හඩෙන් විතරක් නෙමෙයි ඉදිිරිපත් කරපු විදිහෙ අපූර්වත්වයෙන්.....ඒක ඔහුගෙන් ගන්න තියෙන හොාඳම දේ එහෙම නැතුව හෙට ඉදල සරමයි බඩයි එක්ක වේදිකා පිරෙන්න යනවනම් දීපාල්ට ලොකු අගෞරවයක් වෙයි

    ReplyDelete
    Replies
    1. උඹේ ලිපියෙන් තමයි දැන ගත්තේ මූ නිකං නෙමෙයි ෆීල්ඩ් එකට ඇවිත් තියෙන්නේ කියලා..

      Delete
  12. තැන්ක්ස් ලොක්කා....මේවා බොක්කේ පෝස්ට්. දීපාල් හොඳ මිනිහෙක්.

    නිශ්මාගේ පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකේ කෙමෙන්ට් කොටන්න ලේසි ක්‍රමයක් හදලා දෙන්න අරූ අයියන්ඩි

      Delete
    2. ඇත්තටම ඌ "පොඩි ළමයෙක්" මචං..

      දන්න කියන උන්ට හොඳ යාලුවෙක්

      Delete
  13. සුඩානේ උනුත් සම හරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති ////// ha ha ha

    ReplyDelete
  14. ලෝකෙන් උතුම් රට සුඩානයයි ; සුඩානේ උනුත් සමහරක් විට උන්ගේ රට ගැන එහෙම හිතනවා ඇති .එහෙම හිතලා මෙහෙම කියනවා ඇති.

    ලෝකෙන් උතුම් රට සුඩානයයි
    සුඩානයයි සුඩානයයි මේ සුඩානයයි
    අප නිජ භූමිය සුඩානයයි සුඩානයයි

    දස දෙස පූජිත දේශගුණය වේ
    මිහිබට සුර ලොව මේ රට දෝ
    වට පිට හැම තැන හරිත වර්ණයයි
    සිහිල් සුවය ගෙන දේ ගෙන දේ

    ලෝකෙන් උතුම් රට සුඩානයයි
    සුඩානයයි මේ සුඩානයයි
    අප නිජ භූමිය සුඩානයයි සුඩානයයි

    ReplyDelete
    Replies
    1. හරි පව් අපේ මිනිස්සු...

      Delete
  15. නියම ගායකයෙක් ගැන නියම ලිපියක්.

    ReplyDelete
  16. මේ වගේ රටකින් ඉක්මනින්ම යන්න ලැබෙන එකත් ලොකු පිනක් කියල දැන් හිතෙනව බං...

    කොහොමත් හොඳ මිනිස්සු ඉක්මනට යනවා...හරක් මරන එවුන්, මිනිස්සුන්ව කුජීත කරවලා සමාජය අපායක් කරවන එවුන් වණයක් වෙනකම්ම ඉන්නවා...

    අසංක

    ReplyDelete
    Replies
    1. අනිවා... උඹලා දැන් ලියන්නේ නැද්ද...?

      Delete
  17. ඇත්තට බය උන් දීපාල් ගේ සින්දු වලටත් බයයි."ලොකු" වැඩ කරපු "පොඩි ළමයා" සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තයි බේතුයි දෙකම තිත්තයි කියලා පැරා කියන්නේ ඒක නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න