.

.

Jun 1, 2018

කල් ඉකුත් වූ භාන්ඩ, විකිණීම තහනම් - Not for sale - Date expired




සාමාන්නියෙන් අම්මට සිරි ලංකාවේ කෙනෙක් මිය ගිය පසු, එකපාරටම උස්සාගෙන ගිහින්, ගිනි තියලා හෝ වලකට උසික්ක කොරලා එන්නේ නැතිය. මිනීයෙන් උනත් කරන්නේ ආතල් ගන්න එකය. මිනීය එම්බාම් කොරලා සාලේ මැද්දේ තියාගෙන මාරම ආතල් එකක් ගන්නවාය. දවල් වරුවේ නෙස්කැෆේ බොනවාය, ළිඳ ළඟ සංගමය මළ ගෙදර රැස් වෙනවාය, අහල පහළ ගෙවල් වලින් එන එවා කාලා බීලා පෝඩ්ඩක් ඇලවෙනවාය. අලුත්ම ට්‍රැන්ඩ් එක වෙන්නේ මිනීයේ පොටෝ ෆේස්බුක් ගත කොරනා එකය. එතකොට මැරුණේ ක්‍රිස්තියානි කාරයෙක් උනත්, කස්ටිය මැරිච්ච එකා කෙලින්ම නිවන් යවනවාය. එයිටත් ආතල් එක මිනීයත් එක්ක සැල්පියක් ගහනා එකය. ඒකත් බුකියේ දානවාය. මැරිච්ච එකා බුකියෙන් ඒවා බලනවා ඇතිය.

රෑට ඊටත් ආතල්ය. කස්ටියක් බූරුවා ගහනවාය. ලෝක කැරම් ශූරතාවය පැවැත්වෙනවාය. ගෙදර පවුඩර් ටික අහවරය. කස්ටියක් මල් පූජා කොට සඳ තරණය කරනවාය. කස්ටියක් කාර් වල ඩිකිය තුල හෝ වෑන් පිටිපස්සේ බාර් ඇසෝසේසොන් එකේ මීටින් තියනවාය. ඔය අව් අස්සේ, සැමන් පාන් මාළු පාන් තේ කෝපිත් එනවාය. සමහර වෙලවාට අනාගතයේ අහල පහළ තාප්ප පුරවන බැනර් අතරේ.. , "උඹට සුබ ගමන්, අපිට නම් නිවන්.." කියා බැනර් එකක් තිබුනොත් කළබල වන්ට ඕනා නැතිය.

යහ පාලන ආන්ඩුවේ දැන් යන්නේත් එහෙම සීන් එකක්ය. ඒක මැරිලා ගොඩාක් කල්ය. 16 දෙනෙක් මළගමටවත් ඉන්නේ නැතිව යන්න ගියේය. ඒ එම්බාම් කළත් මිනීය කුණු වෙලා ගඳ ගහනවාය කියලාය. කුණු මිනීයක් තිබුන මළ ගෙදරක ඉඳන් ආපු නිසා, කිල්ලට අහු වෙයි කියා උන් සෙට් එක වෙන ගෙවල් වලට වැද්ද ගන්නේත් නැතිය.  දැන් යන්නේ පාංශූ කූලය දීමෙන් පසු, සමිතිවල සභාපතිවරු, ග්‍රාමසේවක, පවුලේ ඉස්තුති කතාව වාගේ පට්ට ආතල් තිබෙනා "අවමංගල සභාවය". චන්දයක් තැබූ පසු බොහෝ විට යහපාලන මිනිය මෙන්ම ඒ පවුලේ සාමාජිකයෝද ආදාහනය වීමට ඇති සම්භාවිතාවයද ඉතා ඉහළය.

මළ ගෙදර එකෙක්ට හීන්නෝමාදයය. අනෙකාට ජැපනීස් එන්සැපලයිටිස්ය, හීනමානය අති එකාට හැම එකම මැජික්ය. රැජිණ ග්ලව්ස් ගලවන එක, මාර්කෙල් ජංගි ගලවන එක වගේම, ඔසාමා කලිසම ගලවන එක මෙන්ම, චන්දෙන් පැරදුනත් තාමත් ජනාධිපති වෙන එකා හෙලිකොප්පරෙන් ගමේ යන එක එයට මාර මැජික්ය. කට ඇරියොත් කෙලින්නේ අමු කෙප්පය. එක බොරුව වහන්න බොරු දාහක් ඔනෑ කියන්නැහේ. අද කියන එක හෙට මතක නැතිය. ඉතින් හත් පොලේ ගාගෙන නානවාය. ඊට පස්සේ කිංඩිය දානා උන්ට ගෙම්බර් දානවාය.  

වැරදි කරලා තියෙන්නේ එයා නෙමේය. එජාපයේ උන්ය. කරන තරමක් නෝටී වැඩ කරලා තියෙන්නේ එජාපයේ උන්ය. එයා ගුඩ් බෝයිය. ඒත් ඝෝඨා අත් අඩංගුවට ගන්න නොදෙන්නේ ඒ ගුඩ් බෝයි මයි කියා කිව්වේ, එයාගේ හොඳම චක් ගෝලයෙක් වන බස්නාහිර පලාතේ මහ ඇමතියාය. මහ ඇමතියා කීවාට පොර අඩි හතරක්කත් උස නැත්තේය. ඕන් අර ඌව පලාතේ එකාට නම් තඩි කුළු මීමෙක් වගේ නිසා, මහ ඇමතියා කීවාට කිසි අවුලක් ඇත්තේ නැතිය. 

රටේ නායකයා රට පාලනය කරන්නේ පත්තරෙන් හා ටෙලිපෝන් එකෙන්ය. හොරු බේරනා එකෙන් බෙරෙන්න ජනතාවට කෙප්ප කෙලින්නේ පත්තරේ තියෙන්නේ බොරු කියලාය. පච කෙලින්නේ මොකාද කියා පලාත් පාලන චන්දයෙන් ජහ මනයා හීන් සැරයෙන්ම පෙන්නලා දුන්නේය. දැන් ඩේලී මිරර් එකත් බලනවාය. අපිට නම් කියන්න තින්නේ ඩේලී, මිරර් එක ළඟට ගිහින්, ඉන්නේ ඇඳුම් ඇඳලාද කියා චෙක් කොරගෙන එලියට එන එක හොඳයි කියලාය.

අනිකා ආසියවේ මාරම බුද්ධිමතාය. රිගේනින් සිරි ලංකාද මක්කදෝ එකක් ගෙනත් රට ගොඩ දානවයි කියපු එක්කෙනාය. එයා 2002 දීත් ඔය කතාවම කියා සැටලයිට් ප්‍රහාරයකින් පුක නැතිවෙන්නම කා, හොස්පිටලයිස් කිරීමෙන් පසු ආයේ ලෙඩ ඇඳෙන් නැගිටලා යාන්තන් අගමැති උනෙත්, අර සැටලයිට් එකේම සප් එක නිසාය. විධායකේ අත් හරින්න ආපු එකා, ඒක බල්ලට දමමින් සුළුතර බුද්ධිමතා අගමැති පුටුවේ තියන්නේ, ඔබට මතක නෑ මට අමතක නෑ... දින 100 යේ පොරොන්දු ඉටු කරමින්ය.

එයා ආපු ගමන් කොලේ හිටපු රජාගේ සංවර්ධන ප්‍රොජෙක්ට් ඔක්කෝම නවතලා දමන එකය. ඒ කොරලා පුස්සගන් පැක්ටරියක් ගේනවා කීවේය. පුස්සගන් ආවේ නැති උනත්, පොල් ගස් ටික තාමත් බේරිලා තියෙනා එකම ළොකු දෙයක්ය. අන්තීමේ නැට්ට පුකේ ගසාගෙන එපා කියපු චීනාගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගත්තේය. ඒ වැඳපු පිනෙන් අර මෙලෝ රහක් නැතැයි කියාපු හම්බන්තොට විකුණලා එයාගේ ආතල් ගන්නේය. ඊයේ පෙරේදා කන්නත් සල්ලි නැතෙයි කිව්වාම නුවර පාර හදාගන්නෙයි කියා චීනාම තවත් කීයක්දෝ දුන්නේය. ඒ දෙක පෙන්නලා මලික් සමරවික්‍රම නම් ආර්ථිඋක විසේසග්නය කියන්නේ, ආයෝජන ආවා කියාය. මුන් ආයෝජන කියන්නේ මක්කාද, ණය කියන්නේ මක්කාද, යටි තල පහසුකම් කියන්නේ මක්කද කියාවත් දන්නේ නැති වාහෙලාය. .

අනික් ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාතමක කරන්න 56 බූරු පුතෙක් එක්ක බෑ කියා දැන් හොඳටම තේරිලා අවසානය. දැන් කියන්නේ රට හැදිල්ල කෙසේ වෙතත් මාස 18 න් ගම හදනවා කියලාය. ඔයිට කලින් දවස් 3 කින් රටේ ආර්ථිකේ හදනා බවකුත් කීවේය. එයිට කලින් 2017 හෝ 2018 දුප්පත් කම නැති කරන වසර කියා නම් කෙරුවෝය. හැබයි ඒ වසරේ එයාලාගේ දුප්පත් කම් නම් නැති උනා කියා, හත් පොලේ ගාගත් කර වෙච්ච බැඳුම් කෑමේ සෙල්ලමෙන් දැන් රටටම එලි වෙලා තියෙනවාය.

මේ දෙන්නා මෙන්ම, ආර්ථිකේ සෘණ අගයක් දක්වා ගෙන ගොස් ලෝක වාර්ථාවක් තැබු සැටලයිට් නෝනාත් පට්ට ෆේල් බඩුය. අපරාදේ කියන්නේ, තුමියට නම් විස්කි බෝතලයක් හෝ හොරෙන් බීවා කියා චෝදනාවක් නම් ඇත්තේ නැතිය. අනික් දෙන්නා නම් නොම්මර එකේ හොරු කියා අතටම අහු වෙලා අහවරය. එක්කෙනෙක් මහ බැංකුවට ගේම දීලාය. අනිකා හොරෙන් සීනී කන්න ගිහිල්ලාය. දෙන්නා කරන්නේ හොරා පොලිස් සෙල්ලන් කොරනා එකය. වෙලාවකට R හොරා වෙලා S පොලිස් වෙනවාය. තා වෙලාවකට S හොරා වෙලාර්‍ R පොලිස් වෙනවාය. බලාගෙන ඉන්නා උන්ට පට්ට ආතල්ය. 

මේ තුනේම ඩෙට් එක්ස්පයර්ය. විකිණිම සපුරා තහනම්ය. විකුණන්න දැම්මත් බහුතරය ගන්නා එකක් නැතිය. ඒත් ඉතින් ඩේට් එක්ස්පයර් ඒවා උනත් අරගෙන කන උන්, ලේ බඩ ගියත් අරගෙන කන්නත් ඉඩ තියෙනවාය. අපි නම් ඩෙට් එක්ස්පයර් එවා ගන්නේ නැතිය. ඒවා සියළුම භාන්ඩ වලට අදාලය..

ඒ වගත් මෙසේය... 

23 comments:

  1. මෙන්න මගෙන් ලැයික් ගොඩක්.........

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙන් ටැන් කූ ගොඩාක්

      Delete
  2. මාර සෙක්සි ලියවිල්ල
    මං යනවා අතේ පාරක් ගහන්න

    ReplyDelete
  3. ඇතුලත් මුදලි ගොනා වගේ ගාමිණීගේ ගැටේට අහු උනා
    එකෙන් ත,ආ අපේ රටට කෙල උනී..

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිණයාක් පමණයි

      Delete
  4. මාතලන්,

    සවුදි අරාබියානු මාධ්‍ය ජාලයකට අදහස් පල කරමින් අධිකරණ ඇමති රවුෆ් හකීම් පවසා ඇත්තේ ශ‍්‍රි ලංකාව තුල සිදුවන අන්තවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් සුළු ජාතික ප්‍රජාව කුරිරු ලෙස පීඩාවට පත්වන බවයි.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද පවසන ඔහු යහපාලන ආන්ඩුවේ අන්තවාදය පිළිබඳ ගැටළු දැඩි ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බවත් සඳහන් කර ඇත.

    මුස්ලිම් ප්‍රජාවට යහ පාලන ආන්ඩුවේ අන්තවාදීන්ගේ තර්ජන වලට මුහුණදීමට සිදුව ඇති බවත් වෛරී හැඟීම් ඇති කරන අයුරින් කරන ප්‍රචාර හේතුවෙන් පිඩාකාරී තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් පෙන්වා දී ඇති ඇමතිවරයා ලංකාව තුල යහපාලන ආන්ඩුව වෛරී හැඟීම් සහ අන්තවාදය සම්බන්ධයෙන් අඛණ්ඩව නම්‍යශීලී ප්‍රතිපත්තියක් දැක්වීම යහපත් නොවන බවත් කියා සිටී.

    මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසේ පැවති ඉෆ්තාර් උත්සවය සදහා ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රවුෆ් හකීම් එක් විය.

    ඔවුන් දෙදෙනා අතර සාකච්චාවක් පැවැත්වී ඇතත් ඒ ගැන වැඩිදුර තොරතුරු කිසිත් වාර්තා නොවෙයි.

    මාතලන් එදා හකීම් ගේ කෙරුවාව මහින්දට අමතකද? මේ වගේ දෙපැත් නයෙක් නැවත ලං කරගැනීම ලොකුම විනාශයක්. හොදට මතක තියා ගනින් හැමදාම උන් දිනුම් සිංහලය පරාදයි. රාජපක්ෂ පාලනයක් නැවත ආවොත් ඒකෙත් හකීම්ලා ඇමති කම් කරනවා.

    ReplyDelete
  5. මට නම් පෙනෙන්නේ දැන් රජකම ගන්ඩ පෝලිමේ ඉන්නා අයවලුන් බොහොම දෙනෙක් එක්ස්පයර් වෙන්ඩ ආසන්න හෝ එම්බාම් කිරීමට පෝලිමේ පෙළගස්වා තිබෙන මළගිය පරාණ කාරයෝ බවයි.

    ReplyDelete
    Replies
    1. හරිම වැදගත් point එකක් Mr. Tissa,

      සහජීවනය ප්‍රවර්ධනය කරන අතරම නුතන ලෝකය සමග ගනදෙනු කරන අතරම දෙස බස රැස රැකගැනීම පාඨලී ගේ දර්ශනයයි. රට ජාතිය පාවා නොදෙන පාඨලී අවශ්‍ය වස්තාවේදී තම ජාතිය වෙනුවෙන් පෙනී සිටින අතර අනෙක් අවස්ථාවන්හිදී මුළු රටේම ජනතාව වෙනුවෙන් පෙනී සිටි. නොරොච්චෝලේ, පුත්තලම කුරුනෑගල හලාවත පලාත්වල ක්‍රිස්තියානි දේවස්ථාන වල පුජක උතුමන් එ ගැන සාක්ෂි සපයනු ඇත. පාඨලී එම දේවස්ථාන වලට මුදල් ලබාදුන්නේ ඔහුගේ ඒ සහජීවන අදහස් නිසයි.

      ඔහුට මඩ ගැසීමට කිසිවෙකුට නොහැකියි. ඊයේ දිනයේදී මාද්‍ය වේදියෙක් “ඔබ බැඳුම්කර සමාගමෙන් සල්ලි ගත්තාද?” කියා මඩ ගැසීමට ඇසු ප්‍රශ්නයට පාඨලී ප්‍රෂනයකින්ම උත්තර දෙමින් ඇසුයේ “ඔබ ලජ්ජා විය යුතුයි මගෙන් ඒ ප්‍රශනය ඇසීම ගැන, නමුත් ඔබ මගෙන් ඒ ප්‍රශනය ඇසීමට බැඳුම්කර සමාගමෙන් මුදල් ගත්තාද?“ කියාය. පාඨලිගේ දේශපාලන විතක්ෂණ භාවය මෙයින් මැනවින් පෙන්නුම් කරයි.

      අද එජාප, ශ්‍රීලනිප සහ රටේම සැමගේම එකම බලාපොරොත්තුව පාඨලී ජනපති වීමයි වියයුත්තේද එයයි. ඔහු උගතෙක් උග්‍ර දේශප්‍රේමියෙක් (ක්‍රියාවෙන්ම එය ඔප්පු කර ඇත.

      එදා මාවිල් ආරු සටනට මුල් වුයේ ඔහුයි ) සත්‍ය වාදියෙක්, උගතෙක් ප්‍රාඥයෙක් ,දක්ෂ න්‍යාය ආචාර්ය වරයෙක් පාඨලී …!

      Delete
    2. මේ එකෙක්කත් වැඩක් නෑ කියලා ඔප්පු කරලා අවසානයි

      Delete
  6. සිපිපියා ද එක්ස්පයර් වී ඇති නමුත් පැරාගෙ බිලොගයේ මෙසේ පවසා ඇත.

    "මට නම්:
    රනිල් ඉන්නවාට වඩා මකබෑවුණොත් හොඳය.
    මෛත්‍රී ඉන්නවාට වඩා මකබෑවුණොත් හොඳය."
    මහින්ද නඩය නම් මකබෑවුණොත් පමණක් හොඳය."

    බ්ලොග් කියවන අපට නම්:

    සිපිපියා මකබෑවුණොත් පමණක් හොඳය !!!

    ReplyDelete
    Replies
    1. අර ඒ කාලෙ විචාරක ලිව්වේ තා (සිපිපියා) නපුන්සකයෙකි කියල. මතකද ? ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ එවුං හරිම කුහකයි. එකෙකුට එකෙක් නෑ. තව තව අපේ එවුං එහේ එනවට කැමතිත් නෑ.

      Delete
    2. Copied comments from another blog;

      ///රසිකොලොජිස්ට් - RasikologistAugust 2, 2017 at 5:05 PM

      රාජපක්ෂ ආණ්ඩුකාලයේ ගුවන්විදුලියට අරක්ගෙන සිටි හඞ්සන් සමරසිංහ ”රට යන අත” නම් හඩු වැඩ සටහනක් සෑම දිනකම උදෑසන ගුවන් ගත කළේ ය.

      මට මතක හැටියට 2008 දී පමණ මා ලංකාවට ගිය වෙලේ මගේ තාත්තා හඩ්සන් සමරසිංහ කතා කරන වැඩසටහනක් අසමින් සිටියා. ඒක නම් ගියේ ටීඑන්එල් හා සම්බන්ධ රේඩියෝ එකක. හඩ්සන් සමග ඒ වැඩසටහන මෙහෙය වූයේ ෂාන් වික්‍රමසිංහ.

      හඩු ගඳ ගසන වැඩසටහනකට සවන් දීමෙන් ඔබ ලැබුවේ කවර රසයක් ද? විනෝදයක් නම් වෙන්න බෑ නේද?

      Reply
      Replies

      AnonymousAugust 2, 2017 at 9:44 PM

      රසික ඉස්සර බ්ලොග් එකක් ලිව්වා නේද කතන්දරකාරයා නමින් පඩ, ජී, ශුක්‍ර, කක්කා, ඔසප්, ජොක්කු ගැන එහෙම? ඒ ගඳ ගහන බ්ලොග් එක ලිවීමෙන් ඔබ ලැබුවේ කවර වින්දනයක්ද? ඒක කියන්නකෝ මුලින්ම.


      AnonymousAugust 3, 2017 at 3:06 AM

      /පඩ, ජී, ශුක්‍ර, කක්කා, ඔසප්, ජොක්කු ගැන එහෙම?...../

      ඉස්ස දන්නේ නැහැ උගේ ඔලුවේ ගූ තිනවා කියලා ඒවගේම තමයි ඔය දෙබිඩ්ඩා ඕකා ලියනකොට ඔක්කම හරි වැදගත් ඒවා
      අනේ මෙහෙම ජිවිතයක් ලැබේ ද ඌට සැනසීමක්

      රසිකොලොජිස්ට් - RasikologistAugust 3, 2017 at 4:08 AM

      හඩ්සන් ගේ හඩු බලකායේ දෙන්නෙකුට රිදිලා වගෙයි.

      සොරි මෙයාලා.

      AnonymousAugust 3, 2017 at 8:48 PM

      X ගේ ඔසප් ගැනත් ලිව්වේ රසිකනි. හිට්ස් හම්බෙනවා නං ඩෙට් දවසට Y ඇදගෙන හිටපු පෑඩ් එකක් ගැන උනත් දායි. හඩ්ඩා හොදයි බලං ගියාම.///

      FYI (some names of family members of a blogger has been removed due to ethical standards)

      Delete
  7. මිනීයත් එක්ක සැල්පියක් ගහනා එකය.////////////////omg

    ReplyDelete
  8. OMG? This is a disaster in Canada, specially the French speaking Quebec.

    In Quebec, funeral directors are trying to restrict the number of selfies being posted online with the province wanting to educate people about what is respectful behaviour at a funeral parlour.

    Refer these references FYI;
    1. Funeral selfies an evolution of age-old tradition | CBC News - CBC.ca
    www.cbc.ca › canada › windsor

    2. The funeral selfie: Grave new world or an instinct as old as time? | Ottawa Citizen - ottawacitizen.com › local-news

    3. "Apparently, it's becoming such a craze in Canada"
    Would you take a selfie at a funeral? - BBC Three (https://www.bbc.co.uk › bbcthree › article)

    4. Funeral directors ask public to stop taking 'funeral selfies' | KUTV
    kutv.com › news › offbeat › funeral-dire...

    5. Denis Desrochers, a prominent funeral director from Quebec, talked about the funeral-selfie issue ,in depth.

    However, there are huge amount of similar news related to Canada in internet. I think much less

    ReplyDelete
  9. මීලගට රටේ නායකයා පත් කර ගැනීම සදහා වන පුළුල් පෙරමුණක සාකච්චා ආරම්භ කල බව ඇල්ලේ ගුණවංශ හිමි පවසති.

    මේ වන විට තමන් දේශපාලන පක්‍ෂ 05ක් සමගින් සාකච්චා කර ඇති බවත් ඒවා සාර්ථක බවත් උන් වහන්සේ කියා සිටිති.

    ReplyDelete
  10. උඹගෙත් තියෙන්නෙ පකේ ලොජික් අයිසෙ..

    තොප වගේ එක.මතයක ඉන්න බැරි උන්.නිසයි මේ රට කාලකන්නි වෙලා තියෙන්නෙ..... කාලෙකදි මෛත්‍රිය හොඳයි...අනුරය හොඳයි... දැං ⁣ගෝඨා.... ඌ ඇවිත් තොගෙ කාව හරි උස්සන් ගිහිං මිසිං උනාම විතරක් කියයි මූ මිනීමරුවෙක් කියල....

    ReplyDelete
    Replies
    1. එහෙම නම් බං 60000 ක් උස්සන් ගිහින් බටලන්ද වගෙ කෑම්ප් වල දස වද දීල මරල පාරවල් දිගේ ටයර් උඩ පුච්චපු රනිල් අයෙමත් අගමැති කර ගත්තෙ ?

      Delete
    2. Anonymous June 3, 2018 at 12:39 AM

      මෛත්‍රී දිනුවේ UNP ජන්ද වලින් නම් රනිල්ටත් ඒ වෙලාවේ ඉල්ලලා UNP ජන්ද වලින්ම දිනලා ජනාධිපති වෙන්න තිබ්බනේ...

      මේ කරුනේදී මෛත්‍රී ට මඩ ගහන්න UNP කාරයින්ට කිසිම අයිතියක් නැහැ, මොකද ඔතන UNP ජන්ද ප්‍රමාණය ස්ථිරයි.

      මෛත්‍රී දිනුවේ මෛත්‍රී වෙනුවෙන් ලැබුණු අමතර ජන්ද ප්‍රමාණයෙන්... ඒකෙ JVP, TNA (සහ තවත් අති බහුතර පක්ෂ ප්‍රමාණයක) සහ පාවෙන ජන්ද ඔක්කොමත් තිබුනා...

      දැන් uNP උන් ඒක අමතක කරලා දාලා ලොකු කතා කියන්නේ...

      UNP ජන්ද වලින් දිනන්න පුළුවන් කම තිබ්බනම් "මොළයක් නෙමෙයි අලයක්" කෙළින්ම ජන්දේ ඉල්ලුවේ නැත්තේ මොකද?

      Delete
  11. අයිසෙ මාතලන්, ජනාධිපතිවරණයට රටම ඉල්ලන්නේ ගෝඨා.. පොදුජන මතය එයයි.

    සෝභිත හාමුදුරුවන් මුල් කරගෙන මෙරට සිංහල බෞද්ධ විරෝධීන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇති කළා. ඒකෙ වැඩි හරියක් හිටියෙ රාජ්‍ය නොවන බැළයන්, දෙමළ ජාතිවාදීන්, එ ජා ප හිතවතුන්, ප්‍රසිද්ධිය සඳහා දේශපාලනයට ආ ඇහින්දන්. සංවිධානය හැදුවෙ රාජ්‍ය නොවන බැළයො. සෝභිත හාමුදුරුවන් ව ඒකෙ සභාපතිකමට පත් කර ගත්තා. සෝභිත හාමුදුරුවෙ සිංහල බෞද්ධ විරෝධියෙක් නො වෙයි. එහෙත් ප්‍රසිද්ධියට කැමැත්තක් දැක් වූ හිමි නමක්. එමෙන් ම ඒ අවධිය වන විට උන්වහන්සේ එ ජා ප හිතවත් භික්‍ෂූන් වහන්සේ පිරිසකගෙ ඇසුරට වැටිලා හිටියෙ. මේ "සාධාරණ සමාජය" නමින් මේ අය හැඳින්නුවෙ මහින්ද ජනාධිපතිකමෙන් නෙරපූ සමාජයක්. එහි නායකයා රනිල් නැත්නම් නූතන ඩොයිලි.

    මහින්ද පරාජය කරන්න බටහිර හා ඉන්දියාව ඊනියා පොදු අපේක්‍ෂකයකු සෙව්වා. අර "මහින්ද හොරා" කතාව කියන්න පටන් ගත්තා. මේ වන විට මෛත්‍රිපාල රාජපක්‍ෂලා සමග විශේෂයෙන් බැසිල් සමග විරසකයක් ඇති කරගෙන හිටියෙ. ආරංචි හැටියට මෛත්‍රිපාල අගමැති කරන්න ගෝඨාභය කැමති වෙලා හිටියත් බැසිල් කැමති වෙලා නැහැ.

    මෛත්‍රිපාල මේ විරසකය නිසා පොදු අපේක්‍ෂක වෙන්න කැමති වුණා. විජාතිකයන්ටත් අවශ්‍ය වෙලා තිබුණෙ යම් ජාතිකත්වයක් ඇති අපේක්‍ෂකයෙක්. මෛත්‍රිපාල මෙහි දී මහා වැඩි ගණනකින් නොවෙයි ලක්‍ෂ හතරකින්. නාගරික සිංහල බෞද්ධ ඡන්ද එයට හේතු වුණා. සාධාරණ සමාජ කාරයන්ට අවශ්‍ය වෙලා තිබුණෙ රනිල්ගෙ යටතෙ ඊනියා ජාතික ආණ්ඩුවක්. මෛත්‍රිපාල සේවකයකු ලෙසයි ඔවුන් සැලකුවෙ. ඒ දවස්වල කතාව තිබුණෙ මෛත්‍රිපාල රනිල්ට සර් කියන්න ද කියලා ඇහැවුවා කියලා. ඒ කතාව ඇත්ත වුණත් නැතත් ඉන් කියැවුණෙ රනිල්ගෙ ආධිපත්‍යය.

    සෝභිත හාමුදුරුවන්ට හොඳ දේශපාලන ඉවක් තිබුණා. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපති වුණා ම හාමුදුරුවො දැනගන්න ඇති යහපාලන කතා ඉවරයි කියලා. එ ජා ප හා ශ්‍රී ල නි ප කියන්නෙ විජාතික හා ජාතික කඳවුරෙ ප්‍රධාන පක්‍ෂ. ඒ පක්‍ෂ දෙකට එකට ඉන්න පුළුවන් එකක් අනෙකට යටත් වුණොත් විතරයි. සංස්කෘතින් දෙකක දෙන්නකු විවාහ වුණා වගේ. මෛත්‍රිපාල රනිල්ට යටවෙලා ඉන්නකන් දින සියය යහපාලනය ක්‍රියාත්මක වෙන්න තිබුණා. අද මෛත්‍රිපාල මොනව කිව්වත් එදා දින සියයට පක්‍ෂ වුණා. ඒ රනිල් යටතෙ හිටපු නිසා වෙන්න පුළුවන්.

    එහෙත් මෛත්‍රිපාල ශ්‍රි ල නි ප සභාපති හැටියට එ ජා ප සමග විරසකයක් හදාගන්න වෙන බව සෝභිත හාමුදුරවො දැනගෙන ඉන්න ඇති. රොටිය ඇට්ටකුණා වෙන බව සමහර විට සියල්ලන්ට ම කලින් උන්වහන්සේට අවබෝධ වෙන්න ඇති. උන්වහන්සෙ දැනගන්න ඇති මෛත්‍රිපාල කොයි වෙලාවක හරි රනිල්ට අභියෝග කරන බව. උන්වහන්සේට ඕන වුණෙ රනිල් යටතෙ මෛත්‍රිපාල තියා ගන්න. ජාතික විජාතික බලවේගවලට එකට ඉන්න බැහැ. අද ඒ බව ඔප්පු වෙලා.

    යා දෙක නොරත රත සමග පෑහීමක් නැත. මෛත්‍රිපාල උත්තර දුන්නෙ සෝභිත හාමුදුරුවන්ට තමාට තේරෙන විධියට. මෛත්‍රිපාලට ඕන වුණෙ තමාගෙ ජාතිකත්වය ගැන කියන්න පමණක් නොවෙයි තමන් ආණ්ඩුව ඇට්ටකුණා කළෙ නැති බව කීමට. ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට තමන් කොතරම් කැප කිරීමක් කළා ද කියන එකයි ජාතික දේ ආරක්‍ෂා කිරීමට තමන් කෙළේ කුමක් ද කියන එකයි දෙකම මෛත්‍රිපාල කිව්වා. ඔහු ප්‍රසිද්ධියේ කිව්වා තමා ජනාධිපතිවෙලා සැණෙකින් රනිල් අගමැති කළ බව. ඒ කියන්නෙ දි මු අගමැති හැටියට ඉන්දැද්දි ම රනිල් අගමැති කළ බව. එය නෛතික වැරැද්දක් නොවෙයි. අද මෛත්‍රිපාලට කරන්න තියෙන්නෙ එය නැවත කරන්න. මහින්දලා රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවෙත් නැහැ. මෛත්‍රිපාල ඒකත් වහෙන් ඔරෝ බාසාවෙන් කිව්වා.

    මෛත්‍රිපාල 2018 කතා අස්සෙත් මහින්දට ගැහැව්වා. හෙලිකොප්ටර් කතා කිව්වා. එදා ඔහු කිව්වෙ තමා මහින්දට හෙලිකොප්ටර් දුන්න කියලා. අද කියනවා රනිල් තමයි දුන්නෙ කියලා. අපට තේරෙනවා. එදා රනිල්ට යටත් අද යටත් නැහැ. මේවා තේරුමක් නැති වැඩ. වෛරය දික් ගැස්සීමෙන් වාසි රනිල්ට. දහනවයට මෛත්‍රීපාල උදවු කරපු හැටි කිව්ව. ඒකට මහින්දත් උදව් කෙරුවා. මෙතන තමයි ප්‍රශ්නය. මෛත්‍රිපාලයි මහින්දයි දෙන්නම විරසක වෙලා දෙන්න ම රනිල්ට උදවු කරනවා.

    රනිල් තවමත් අගමැති. මෛත්‍රිපාල විතරක් නොවෙයි මහින්දත් රනිල්ගෙ ආණ්ඩුව ගෙන යන්න උදවු කරලා. මෛත්‍රිපාල කියන්නෙ රනිල් ඒවට මහින්දට සලකනවා කියා.

    ReplyDelete
  12. පසුගිය සමයේ මාධ්‍ය වේදීන් බියගැන්වීම ඇතුළු බොහෝමයක් අපරාධ සිදු කිරීමට නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කල ප්‍රකාශයට පිළිබදව ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සත්‍ය ගවේශකයෝ සංවිධානය අමාත්‍යාවරයාට ආරාධනාවක් කර තිබේ.

    මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂට කරන චෝදනා වල නිවරදිභාවය සනාත කිරීම සදහා ප‍්‍රසිද්ධ වේදිකාවකට පැමිණෙන ලෙසය.

    ReplyDelete
  13. මාතලන් ගෝඨා ජමියතුල්ලා උලමා සංවිධානයේ නායකයන් හමුවී පැය දෙකක් සාකච්ඡා කර ඇතැයි ආරංචියි.

    රටේ ප්‍රධාන ආගම පිළිබඳවත්, මේ මොහොතේ මුස්ලිම්වරුන්ට උද්ගත වී ඇති ප්‍රශ්න පිළිබඳවත්, බොදුබල සේනාව වැනි සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳවත් තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන් පිළිබඳවත් ජමියතුල්ලා උලමා සංවිධානයේ නායක රිස්වි මුප්ති සහ එහි ප්‍රධාන ලේකම් එම්.එම්. මුබරක් යන නායකයන් සමඟ මෙසේ සාකච්ඡා කර තිබේ.

    බොදුබල සේනා සංවිධානය සමඟ තමාගේ කිසිදු සබඳතාවක් නැති බවත් එම සංවිධානයේ ආරම්භක අවස්ථාවට තමා සහභාගි වූයේ කිරම විමලජෝති හිමියන්ගේ ඉල්ලීමකට බවත් එහිදී ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු වැරැදි වැටහීමක සිටි බවත්, සත්‍ය ලෙසම බොදුබල සේනා සංවිධානය සිටින්නේ කාත් සමඟද යන්න වර්තමානයේ හොඳින් පෙනෙන්නට තිබෙන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය පෙන්වා දී ඇත.

    මෙම සාකච්ඡාවේදී ජමියතුල්ලා උලමා සංවිධානයේ නායකයන් ගෝඨාභය රාජපක්‍ෂගෙන් විමසා ඇත්තේ ඔබ හා ඔබේ පවුලේ සාමාජිකයන් අතර විරසකයක් පවතිනවාද යන්නය.

    එයට පිළිතුරු ලබා දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තම පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු විරසකයක් නැති බව හා තම පියා පවසා තිබෙන ආකාරයට පවුලේ ඥාතීන් ශක්තිමත්ව සිටින තුරු පවුලේ ශක්තිය බිඳවැට්ටවීමට කිසිදු බලවේගයකට හැකියාවක් නැතැයි යන න්‍යාය අනුව තමා කටයුතු කරන බවයි.

    මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද යන ප්‍රශ්නයද මෙම සාකච්ඡාවේදී මුස්ලිම් නායකයන් ගෝඨාභයගෙන් අසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයකට තමා තවමත් පැමිණ නොමැති බවයි.

    “ජමියතුල්ලා උලමා“ නායකයින් ගෝඨා හමුවී රහස් සාකච්ඡාවක!" - පුවත් මුලාශ්‍රය: Asian Mirror

    ReplyDelete
  14. ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුනු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්‍රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇත.

    ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩිතැබීමේදී මිය ගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේයැයි ඉන්දියාවට විරෝධය පාමීන් 'යාපනය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය' ඉදිරිපිටදී විරෝධතාවක් පැවත්වුණි.

    සමාජ සාධාරනත්වය සඳහා වූ බහුජන සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය සඳහා සාමාන්‍ය වැසියන් රැසක් සහභාගී වූහ. වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරික්ෂණයක් සිදු කොට ඔවුන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

    ReplyDelete
  15. මල ගෙදර ආතල් ගැන කියලා තියෙන නිසා පොඩි කතාවක් මතක් වුණා. නගර බද lane එකක විදේශිකයෙක් (සුද්දෙක්) annex එකක් අරගෙන හිටියලු. lane එකේ කෙළවර ගෙදරක් මල ගෙයක් වෙලා කොල්ලො ටික රූට සෙල්ලම් කරන්න Card pack හොයන ගමන් සුද්දගේ annex එකටත් ගොඩ වුනාලු.

    "අන්කල් Card pack පැක් එකක් ගන්න නැද්ද?" කොලලෝ ටික ඇහුවලු.

    "මොකටද මල්ලිලා Card pack එකක්" සුද්දා අහුවලු.

    "මල ගෙදරට. රූට සෙල්ලම් කරන්න"

    "අම්මට හුඩු මල්ලි ලංකාවේ මල ගෙවල් වල රූට සෙල්ලම් කරනවද?"

    "ඔව් අන්කල්. නැත්තම් කොහොමද නිදි මරන්නේ"

    සුද්දා ටිකක් වෙලා කල්පනා කරලා ඇහුවලු "මල්ලි Card pack පැක් එකක් නම් නෑ. මල්ලිලාට උදව්වක් කරන්නම ඕන නිසා badminton racket එකක් තියනවා දෙන්නද" කියලා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න