.

.

Jul 4, 2018

මෑඩ් කව් ඩිසීස් , මන්දපෝෂණය හා දියවන්නා හරක් - Mad Cow Disease




අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය.
ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්.
"මන්දපෝෂණය" කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.
කෙසේ හෝ එහෙම එකක් තිබ්බා නම්, ඇමරිකාණු රජයෙන් ඉස්කෝලේදි නොමිලේ ලබා දුන් ඉස්කෝතු හයෙන් බඩගින්නේ ඉන්න උන් ගොඩ ගියේය.
මට ලැබුන ඉස්කෝතු හය, දිනෙන් දින වෙනත් වෙනත් හය දෙනෙකුන් අතරේ බෙදා දුන්නේ,
එකක්, දන් දී ලබනා ඉහ වහා යන ප්‍රීතියය. අනෙක ක්‍රෂ් එකක් තිබුන මල් වාගේ කෙල්ලෝ මගෙම කර ගැනීමය.
කෙසේ හෝ ඒ කාළයේ සෑම නගරයකම හරක් මස් වෙළඳ සැලක් තිබුනේය.
මේ කඩයද ඕනෑම ප්‍රදේශයකදි ලේසියෙන්ම හඳුනා ගත හැකි ආකාරයට සෑම කඩයක්ම එකම ඉට්ටැයිල් එකකට සාදා තිබුනි..
කඩය තුල කොක්කේ එල්ලා තිබූ මස් පිටතට පෙනුනේ වෙළඳ සල ඉදිරියේ ඇති ඉඩසැක් තබා හරහට දමා තිබූ රීප්ප පටි අතරින්ය.
කුකුල් මස් මිළ අධික කෑමක් වූ අතර ගෙරි මස් ඉතා ලාබයට ගත හැකි විය.
ගහල කොල වල ඔතා ගෙනෙනා මස් කුට්ටිය, කුඩා කෑලීවලට කපා, තුනපහ මිරිස් දමා හදනා හොද්ද, දිව්‍ය භෝජනයක්ම විය.
ඔනෑම හෝටලයක හරක් මස් දීසීයක් වැරදුනේ නැත.
කුකුල් මස් ඒ කාළයේ ලක්සිරි කෑමක් වූ අතර, චිකන් ගෙවල් වලට ආවේ සුළු හෝ මහා පරිමානයේ උස්සව අවස්ථාවකදී ඉතරය.
ධර්මපාල නම් උන්මත්තකයකු ඒ කාළයේ ගෙරි මස් කන්න එපා කිය කියා රට වටේ ගියද, ඉන් පලක් නොවූයේ, ඒ යකා මිනිසුන්ට හරකුන්ට මෙන් කතා කරනා, හරකෙකුට වඩා එහා අමු ගොනෙක් බව රටේ උන් අවභෝධ කර ගත් නිසාමය.

අද අපේ රට මන්ද්පෝෂනයෙන් පෙලෙනා රටක් බව නොදන්නා එකෙක් නැතිය.
හින්දු ආගමේ ඇති විගඩමක්, අපේ උන්ට නැවත් ආවේ කෙසේදෝ කියා මතකයක් නැතත්,
දැන් කලකට පෙර චීවරයක් ඇඳි හරකෙක් දළඳා මාලිගාව ඉදිරිපිට සෙල්ෆ් බාබේකිව් එකක් දමා, උන්ගේ මස් කන්නට එපා කියා අපායට වැඩි සේක.
මා නම් හිතන්නේ,
හරක් මස් වලට කෙලින්න යන්නේ, එය තම්බින්ගේ ප්‍රධානම ආහරයක් හා වෙළඳාමක් වන නිසාමය.
මන්ද හරක් මස් වලට විරුද්ධව කතා කරනා හරකුන් සියල්ලම වාගේ මුස්ලිම් විරෝධි කඳවුරේද මුල් පෙලේ සිටිනා ත්‍රස්තවාදීන්ය.
චීවරයට මුවා වී මේ කාළකන්නින් කරනුයේ නිර්මළ බුදු දහමද කාබාසීනියා කර දැමීමය.
උන් හරක් මස් මුස්ලිම් උන් හරක් මස් කොටාබා ජෝර් එක වැඩි වී. පෝලිමේ පැටව් දමා, ජනම් එක වැඩි කර ගන්නවා නම්,
අපි කළ යුත්තේ, චිකන් කකා පුස් බට්ටෝ වෙන්නේ නැතිව, තම්බි සෙට් එක වාගේම හරක් මස් ඇදලා අරින එකය. ඒ වෙනුවට බීෆ් ෆ්ලේවර් සෝයා හෝ පිඳුරු වාගේ දඩයම් බට්ටෝ කෑවා කියා ජෝර් එක නගින්නේ නැතිය.
මොකෝ මරන්නේත් උන්ම නිසා, අපිට පව් ඇත්තේත් නැතිය.
නමුත් පෝෂණය ලැබෙනවාය.
පොඩි උන්ට හරක් පීකුදු කියන්නේ.., ලේ හා බුද්ධිය වඩනා ආහාරයක්මය.
අප පොඩි කාළයේ පීකුදු වෙනම රැගෙනාතර, ඒවා විවිධාකරයට සකසා කන්න දුන්නේ, පොඩි උන්ට ඉතරමය.
හාන්දුරවන්ගේ පද වලට නටනා ගොබ්බ පාලයකයන්ද මේවාට සපෝට් එක දීම විහිළු සහගතය.
ලංකාව නැවුම් එළකිරි වලින් පෝෂණය කළ යුතු නම්,
අනිවාර්යයෙන් හරක් මස් වෙළඳාමද ප්‍රවර්ධ්නය ක්ළ යුතුය.
එවිට දැනට ඉහළ අගයක තිබෙනා හරක් මස් මිළද, පහළ යනු ඇත.
කුඩා දරුවන්ගේ මන්ද පෝෂණයද නැති වෙලාම යනවා ඇතිය. 
බෞද්ධ ගම් වල ගවයින් ඇති කිරීමේ මොකක් හෝ එතිකල් මෙව්වා එකක් තියෙනවා නම්,
මහා පරිමානයෙන් මුස්ලිම් ප්‍රදේශවල හෝ එළකිරි කර්මාන්තය හා ඒ අනුබද්ධිත ගව මස් වෙළඳාම ප්‍රවර්ධනය කල යුතුය.
එහෙම නැතිව
මෝඩ සංඝයන්ගෙන් ළකුණු ලබා ගැනීමට හරක් මස් කඩ වසා දම්මනේ නම්,
අපට කීමට ඇත්තේ
නොවේ එවන් හරක් ලොවේ කියලාම විතය.
එහෙත් ආන්ඩුව හරකුන්ට් මේවා ක්‍රියාත්මක නොකරන හේතූන් දෙකක් ඇත.

1. පිටිකිරි සඳහා නවසීලන්තය හා ඔස්ට්‍රේලීයාවෙන් ලැබෙනා කොමිස් හේතුවෙන් කිසි දිනෙක එළකිරි කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ නැතිය. මේවාද අර චීනාගෙන් ගත්තා යැයි කියනා ඒවා වාගෙම මහා පරිමාණ කොමිස් කුට්ටිය.

2. තම ඡන්ද පදනම රඳා පවතින්නේ සංඝයා මතයැයි සිතා, උන් කියනා සියල්ලටම එහෙයි හාන්දුරුවනේ කියනා නපුංසකයින් පිරිසක් රට පාලනය කිරීමය.

ඒ නිසා ප්‍රවර්ධනය කෙසේ වෙත්ත්ත සම්පූර්ණයෙන්ම තහන්ම් වීවද අප කළබල විය යුත්තේ නැතිය.

තහනම් කර දැමූවද ඒවා මාර වැඩ කියා සැනසෙනවා ඇර වෙන කරන්නට දෙයක් ඇත්තේම නැතිය.

හරක් මස් කෑම ප්‍රවර්ධණය වූවා නම් දියවන්නා තප්පුලන හරකුන්ටද බඩු බනිස් නිසා, මිනිසුන්ට එතනට එක් රැස් වී රටට යමක් කිරීමේ වාසනාවත් අත්පත් වෙනවා නොඅනුමානය


66 comments:

  1. අනූ ගණන් වල අග වෙන කම් හරක් මස් සුලභ කෑමක් මට මතක විදිහට නම්...
    ඒ වගේමයි එක පාරටම හරක් මස් විරෝධයක් ආවා වගේත් මතකයි...
    මම හරක් මස් කන එකත් නතර කරේ ඒ විරෝධය නිසා අනූ අටේ විතර...
    ඒත් පස්සේ හිතලා බලන කොට මටම තේරුම් ගන්ට පුලුවන් වුණා එතැන ඇති දෙයක් නැති බව...
    දැන් නම් මාත් හරක් මස් කනවා...

    ReplyDelete
    Replies
    1. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

      උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

      ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

      ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

      පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

      Delete
  2. මාතා,

    පෝෂණයට මස්ම කන්න ඕනේ නෑ බන් https://www.youtube.com/watch?v=dwdpphecZUg
    මෙතිය්න්නේ මුරුංග කොළ ගැන අපුරු වැඩසටහනක්.

    මිනිසාට උවමනා ඇමයිනෝ අම්ල 20න් 18 ක් මෙහි තියනවා.

    මස්වල (කුකුලෝ හෝ හරක් ) අද ඇති මුලික ප්‍රශ්නයක් තමයි හෝමෝන සහ කෘතීම කෑම වලින් මේ සතුන් ඇතිකර, මේ මස් අපි කෑමට ගැනීමේදී මිනිස් ශරීරයට අතිශයෙන් විස වීම.

    එදා හරක් මසුයි අද හරක් මසුයි අතර වෙනස තේරුම් ගන්න මචෝ

    ReplyDelete
    Replies
    1. සෙද්ද.. ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටිකේ ලියන්නේ නැති දොස්තර නංගි සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බ.. කෙහෙල්මල් හෝමෝනයක් ඔය හැටි ගහන්නේත් නෑ අනික ඒ වගේ dosage එකක් දුන්නත් ඒක අපේ සරීරයට එන්න පුළුවන් ප්‍රතිශතය හා අපි අංශක 100 ට රත්කල්ල කනකොට ඕකට වෙන දේ ගැන.. කාගේ හරි ලනුවක් ගිලල තමුන් නොකා ඉන්ඩ ගත්තම ඒක සාධාරණිකරණය කරන්න කොහෙවත් යන හෝමෝනයක් ඇද ගන්නවා.. හරක්ට හෝමෝන ගහල හදල රත්තරං ගානට විකුනන්නද? හෙහ්.. මෙච්චර ලෝකේ දේවල් ගැන හොඳ කියවීමක් තියෙනවා කියල අපි හිතාන ඉන්න ලංකා සිතුවිලි ලොක්කත් නිකං හරක් කොමෙන්ට් දාන එකනේ අවුල..

      Delete
    2. ehenam game kukulloth daws 45ta booola wage hedenawa ethi needa?
      kanna oonanam kapalla. harak katha lankawe modayanta nokiya. Mewa piliganna unuth inna puluwan. :D

      Delete
    3. ලංකාවේ මස්කඩේ කොහෙද අනේ විටමින් හෝමොන් අරව මේව දීල හදන හරක්ගේ මස්...?
      කමිය කිව්ව වගේ තමන් නොකන එක බැලන්ස් කිරීමේ ව්‍යාපාර අප්පා ඕවා.. !

      Delete
    4. හෝමෝන කතාවනම් වඩාත්ම අදාළ කුකුලන්ට තමයි නමුත් හරක් කුකුල්ලු කියන දෙවර්ගයටම
      http://beef2live.com/story-beef-procedures-antibiotic-use-cattle-90-106554

      Antibiotics ලබාදීම කරනවා මේ පිලිබදව පොඩ්ඩක් කියවල බලන්න, මේවා ලබාදීම තරමක ගොවිපලක කොහොමත් වෙනවා ගම්බදව එකෙක් දෙන්නෙක් ඇතිකරනවානම් එහෙම නොවෙනවා වෙන්න පුළුවන්.

      මේ සතුන්ට මේ රසායන ලබාදීම බලපාන්නේ කොහොමද කියල තමුන්ම හොයල බලන්න දැනට ලෝකයේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි Antibiotics වලට ඔරොත්තු දෙන වයිරස් තිබීම https://www.youtube.com/watch?v=ikZQPB45Zbw
      මිට හේතුව වන්නේ Antibiotics අප බාවිතා කරන ආහාර වල අඩංගු වීමයි.

      හැබැයි මේක කියවන අය මගෙන් අහයි ඇයි පලතුරු වලටත් Antibiotics පාවිච්චි කරනවා නේද කියල ? ඔව් පලතුරු වලත් පාවිච්චි කරනවා මෙනිසා තමයි මිනිසුන් දැනුවත් වෙන්නේ ඕනේ කන්න ඕනේ මොනවද කියන දේ ගැන

      Delete
    5. මස් කන්නාද වෙජ් කන්නාද වෙනස් වන්නේ
      රාජේශ් ඛන්නාද,ට්වින්කල් ඛන්නාද
      හොයනවාට වඩා
      කන්නේ සුනිල් දත්ගේද සන්ජේ දත්ගේ
      කටින්ද යන්න වටහා ගත් දවසකය.........

      Delete
    6. Lankika Sithuwili

      බහුතර බෞද්ද ජනයාගේ ආගම හෝ සංස්කෘතිය වෙනුවෙන් සුළුතර කිසිම ජාතියක් හෝ ආගමක්, තමන්ගේ සංස්කෘතිය හෝ ආගමික ප්‍රතිපත්ති වෙනස් කිරීමට සුදානම් නැත. ඔබ එසේ කියනවා නම් අප කණගාටු වෙමු. අපේ සිරිත් විරිත් හරිද වැරදිද යන්න ඔබ තීරණය කළ යුතු නැත.

      Delete
    7. ලාංකීය සිතුවිලි,
      "දැනට ලෝකයේ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි Antibiotics වලට ඔරොත්තු දෙන වයිරස් තිබීම"
      YouTube බලා නොදන්නා මගුල් කතා නොකර සිටියා නම් ඔබත් විමල් පචවංශ හෝ කීර්ති පාටකුලසුරිය වැනි උගතෙකු යැයි සමහරක් සිතන්නට තිබුනා. ගොනෝ, anitibiotic දෙන්නේ bactreria වලට මිස වයිරස් වලට නෙවෙයි. පොර talk දෙන්න කලින් YouTube අත හැරලා පොතක් කියවපන්.

      Delete
    8. AnonymousJuly 5, 2018 at 8:05 PM,

      //anitibiotic දෙන්නේ bactreria වලට මිස වයිරස් වලට නෙවෙයි.//

      සමාවෙන්න වැරදීමක් බැක්ටීරියා වියයුතුයි! ඔබ නිවැරදියි !

      Delete
    9. ලාංකික සිතුවිලි,

      කරුණාකර බොරු කියමින් ජනයා නොමග යවන්න එපා මිත්‍රයා.

      අන්තර්ජාලයට ඔබ මෙන් පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට විකල්ප ප්‍රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි.

      අපිට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි යූටියුබ් ලින්ක් දැමීම එතරම් වැඩක් නැති දෙයක්.

      Delete
    10. මක්කත්ම නොකා උන්නා නම් හරි
      ලාංකික සිතිවිලි...
      නම වෙනස් කරා නම් හරි
      ලාංකික බොදු සිතිවිලි...
      කියලා

      Delete
    11. "ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටිකේ ලියන්නේ නැති දොස්තර නංගි සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බ.."

      කවුරුහරි පිංවතෙක් මේ Link එක දාන්නකො..

      Delete
    12. ලාංකික සිතුවිලි,

      සෑම මෙවැනි පොදු ප්‍රශ්නයකදීම මෙන් හේතු සහිතව කරුණු දක්වන්න දක්වන්න එයට විරුද්ධ කිහිප දෙනෙකුත් සිටින බව නිරීක්ෂණය විය.

      ඉරාකයේ ජනාධිපති සතුව සමූහ ඝාතන විනාශකාරී අවි ආයුද (weapons of mass destruction) ඇති බව පුන පුනා වාර්තා කරමින් එරට ආක්‍රමනය කිරීම දක්වා ක්‍රියා කල New York Times වගේ පුවත්පතක් කීර්තිමත් බව කියන්නා මෝඩයෙක් විය යුතුය, නැතහොත් පිස්සෙක් විය යුතුය.

      Delete
    13. //AnonymousJuly 6, 2018 at 1:29 AM
      "ඔය කුකුලන්ටත් ගහනවයි කියන හෝමෝන ගැන අර මේ ටිකේ ලියන්නේ නැති දොස්තර නංගි සුපිරි පෝස්ට් එකක් දාල තිබ්බ.."

      කවුරුහරි පිංවතෙක් මේ Link එක දාන්නකො..// සොරි ඩියර්.. ලින්ක් එක ෂෙයාර් කරන්න බැලුවේ.. ඒ කෙල්ල මේ දවස්වල බ්ලොග් එක වහල.. කියවන්නම වටිනා ලිපි තිබ්බ බ්ලොග් එකක්.. උත්සහ කරන්නම් කතා කරලා ඒ ලිපියේ pdf එකක්වත් අරගන්න.

      Delete
  3. සින්හල බවුද්දයෝ ටික දැන් එයි උබට විරුද්දව නැට්ට උස්සගේන...

    ReplyDelete
  4. ane huththo thota naginna haeak mas kanna oneda ponciya

    ReplyDelete
  5. තනි මස් වෙනුවෙට කටු මස් පන්සීයක් ගෙනැල්ලා .. අම්මා ගෙන් තනිමස් පන්සියයක ගාණ ගන්නවා ඉස්සර මම ඉරිදා මාර්කට් එකෙන් හරක් මස් ගේන්න ගියාම . ඒ ගැන බ්ලොග් පොස්ට් එකක ලිව්වා වගේ මතකයි.. අසූ අනූ ගණන් වල කුකුල් මස් දුලබ සහ ගිණි ගණන් තමයි... ඒත් අලකොලේක ඔතලා හරක්මස් දෙන කට හැම නගරයයකම තිබුණා.

    ReplyDelete
    Replies
    1. අපි මස් ගන්න යන්න පහල ගෙදර පොලීසියේ අංකල් ඕෆ් වෙලා එන වෙලාවට පොලිසිය ලඟට යනවා.. එයත් එක්ක ගිහිල්ල ගත්තම කටු මස් ගාණට තනි මස් කුට්ටියකුයි තව බෝනස් එකක් විදියට කටු ටිකකුයි ලැබෙනවා.. :)

      Delete
    2. මටත් මතකයි ලිව්වා වගේ...

      Delete
  6. තනි මස් වෙනුවෙට කටු මස් පන්සීයක් ගෙනැල්ලා .. අම්මා ගෙන් තනිමස් පන්සියයක ගාණ ගන්නවා ඉස්සර මම ඉරිදා මාර්කට් එකෙන් හරක් මස් ගේන්න ගියාම . ඒ ගැන බ්ලොග් පොස්ට් එකක ලිව්වා වගේ මතකයි.. අසූ අනූ ගණන් වල කුකුල් මස් දුලබ සහ ගිණි ගණන් තමයි... ඒත් අලකොලේක ඔතලා හරක්මස් දෙන කඩ හැම නගරයයකම තිබුණා.

    ReplyDelete
    Replies
    1. http://helmalu.blogspot.com/2015/04/blog-post_28.html

      Delete
  7. කියල වැඩක් නැහැ බන්

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද අප්පා මේ හරක් වැඩ

      Delete
  8. උඹට කියන්න.. මේ පෝස්ට් එක කියවද්දීත් කවිඳු ගේ කොමෙන්ට් එකට රිප්ලයි කරද්දීත් අල ගෙඩියක් කපල දාල හදපු හරක් මස් හොද්දේ රහ මතක් වෙලා කටට කෙල ඉනුවා.. නෙදකින් මේ වසලයෝ කරපු අපරාධයක්.. මං හැමදාම වලි අපේ එවුන් එක්ක,, දැන් දැන් පොඩ්ඩක් තේරුන් අරන්ද මංදා මට විතරක් කන්න හරි උයල දෙන්න ලෑස්තියි වගේ.. :))

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් ඔය මෝඩ වැඩේට මාට්ටු උනා
      ඒත් තාත්තා අහු උනේ නැති නිසා අපි බේරුනා..

      Delete
    2. සෝම හාමුදුරුවෝ අපේ ගෙදරටත් හරක් මස් ගෙන එකට කෙළියා...
      ඒත් මම සැලෙයිද පිංවත, මම එක්කෝ යාළුවෙක්ගේ ගෙදර ගිහින් හදාගෙන කනවා...

      පස්සේ ටික කාලයක් ගියහම කපලා කරලා සෝදලා දුන්නම හරකා වල් ඌරා, ගෝනා, කබැල්ස් ඔය කොයි එකත් අම්මම හදල දෙන්න ගත්තා...
      කන්නේ මමයි, අපේ මලයයි විතරක් නිසා කිසි අවුලක් නැහැ, හිතේ හැටියට වේල් දෙකක් අදිතහැකි...

      දැන් මගේ ගෙදර ඕනේ මසක්, එක්කෝ මම හදාගෙන කනවා. නැත්තන් මම ඔක්කොම කරනකල් ඉඳලා හොද්දට ලුණු පොඩ්ඩක් දාල හරි ඒකෙ අයිතිය ගෙදර උන්දා සතු කර ගන්නවා...
      අනික් කරුමේ කියන්නේ ගෙදර උන්දැයි, උන්දැගේ මහ දෙන්නටත් හරක පේන්න බැරි එකනේ...
      කිලෝ එක වේලට ඉවරයි...

      හරක් මස් නොකා ඉඳල තම්බින්ගේ බිස්නස් බස්සන්න හදන හරක් කරන්නේ උන්ගේ බිස්නස් වැඩි කරන එක...
      උන් හරකෙක් නිදහස් කරගන්න අපේ හරක්ගෙන් හරක් දෙතුන් දෙනෙක් ගන්න යන තරමේ ගාණක් අර ගන්නවා...
      ඒ මදිවට අපේ හරක් නිදහස් කරගන්නේ කිරි හරක්, කිරි අම්මලාව...
      මේ බැල්ලිගෙ පුත්තු දන්නේ නැහැ මේ ලංකාවේ එළදෙන්නු සහ පැටව් මරන්න තහනම් බව...
      නිදහස් කරගන්න ඕනෙම නම් පොලිසි පලයල්ලා, නිකම්ම ඌ නිදහස්...

      Delete
  9. oke කල්‍යාණ මිත්‍ර kiyana eka maru comments tikak daala thiyenawa.  

    Celsius 100 degrees walata rath karama hormone nethi wenawalu. Hormones gahala hadala raththaran walata wikunannaluda?  

    unge denume diga palala therenawa ekenma. Manda poshanenam harakata kanna nodi kapalla ei protein, vitamin thiyena kema. Factory farming nisa food industry ekata wela thiyena prashna hoyala balanna.

    Kanna oonanam kanna, harak katha nokiya.:D Paw ban ubala.

    ReplyDelete
    Replies
    1. හා මචං.. සිංහලෙන් ටයිප් කරන විදිය පොඩ්ඩක් ඉගෙන ගනින් උඹේ ඔය සුපිරි මොළයෙන් ම.. :)

      Delete
  10. මාතලන් සෑර් අද නං කේස් එක හරියට විස්ලේසොනය කොරල නැහැ වගේ මට පේන විදියට.
    තමන්ගේ වර්ගයාගේ මස් ඩයට් එකට ගන්නඑක කවුරුකරත් වැරදියිනේ සෑර්, නැද්ද මන් කියන්නේ.
    එතකොට 'හරක්' කියනවා 'හරක් මස්' කන්ඩ එපා කියල. උන් හරියටමහරි.

    එතකොට සෑර්ල හරකයි කුකුළයි ගැනම කතා කරන්නේ ඇයි ඌරා නපුරු සතෙක් ද. අනේ එහෙම නං හිතන්ඩ එපා, පව් ඈ!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මාරු උස්.... ඒ අනික්කෙක

      Delete
  11. මාතලන් බෞද්ධයෝ මස් කෑම කළත් සත්තු මරණ එක හොද නැතෙයි කියලා විශ්වාස කරනවා වගේම සමහර අය සතුන් ආහාරයට දෙවියන් විසින් දුන් දෙයක් විදියට සලකනවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේක ආගමික විශ්වාසයක්.

    හෙට කවුරු හරි ජිනිවා ගිහින් කිවුවොත් මෙයාලගේ ආගමික විශ්වාස වලට බෞද්ධයෝ බාධා කරනවා කියලා මොකද වෙන්නේ මාතලන්?.

    ReplyDelete
  12. මේ රටේ නියම උරුමක්කාරයෝ ඉන්නේ දඹානේ. මහජාතිය වන අපි ආවෙත් බෝට්ටු වල එල්ලිලා. අපි මේ රට අල්ල ගත්තේ කුවේණි රවටලා. මාතලන් මේ හදන්නේ අර අපේ ආදිවාසීන්ගේ ඉතුරුවෙලා තියන මස් කන සංස්කෘතිය නැතිකරන්නද?

    ReplyDelete
  13. හරක්මස් නොකන්නේ හින්දු ආගමිකයෝ මාත. අපේ හාමුදුරුවරු හෙම සෑම දෙයක්ම කරනවා එත් බුදුන් වහන්සේ කරන්න කියල දේශනා කරපු දේවල් කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.

    හරක් මස් වලට විරුද්ධ වෙමු. ස්ත්‍රී දූෂණ , මැරකම්, හොරකම්, වංචා දූෂණ, මානව හිමිකම් කඩවීම් නොදැක්කා සේ ජීවත් වෙමු.

    ReplyDelete
  14. මේ කතාවේ තව පැත්තක් තියනවා.ඒ තමයි අද හරක් මස් කිලෝ එකක් රුපියල් 800+ වීම. ඒ ගනන සාමාන්‍ය මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. එහෙම වෙලා තියෙන්නේ සැපයුම අඩු වෙලා තියන හින්ද ඉල්ලුමට සාපේක්ෂව. කොහොමද සැපයුම අඩු උනේ? වෙනදා හරකුන් යොදා කල බොහෝ කටයුතු දැන් මැශින් වලින් කරන නිසා හරක් ඇතිකිරීම අඩුවෙලා. ලංකාවේ කවදාවත් මහා පරිමානයෙන් මස් පිනිස හරක් ඇතිකලේ නෑ.ලොකු ඉඩම් කට්ටි නැතිවීම හා ආගමික විශ්වාසත් මේකට බලපෑවා. ලොකු ඉඩම් කට්ටි තියෙන්නෙ කොහොමද ඉඩං පැවරීමට / විකිනීමට දාහක් බාදක තියෙද්දි.මේක හරක් මස් වලට විතරක් නෙවෙයි බොහෝ කෘශි නිශ්පාදනවලට තියන පොදු ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ලංකාවෙ වී වගා නොකර... සත්ව පාලනය පැත්තට යොමු උනා නම්... අද මේක ආර්ථික වශයෙන් ශක්තිමත් රටක්...

      Delete
  15. නපුරු හීන
    දිගටම පෙනුණේය
    මැරි මැරී පණ පිටින්
    වල් කොළ කෑවේය
    ලොරිය දකින කොට
    ගොම මූත්‍ර පිටවීය
    පුල්ලියා මහලුවී
    ගමනක් යන්නේය !



    එහෙම යද්දි
    හාමුදුරුවොයි
    ගමයි
    එකතුවී
    ලොරියෙන්
    ආයෙත් ජීවිතයට බාගත්තා
    පුල්ලියා.
    .
    පුල්ලියා
    පිං ගොනායි
    වාසගම වෙනස් කරගෙන
    වෙස් වලාගෙන
    මිගදායේ තණ කකා ඇවිද්දා !
    .
    එතකොටයි
    ආයෙත් අහුවුණේ රෑ
    ඒ උගුලට
    - ඒ ලොරියට
    .
    දූවරු තුන් දෙනා
    මණ්ඩලයට කිරි දෙන්නා
    කොල්ලෙකුත් උන්නා
    භීෂණයෙදි දිවි දුන්නා
    රත්තී අඹු වෙනා
    කුර ලෙඩෙන් කොර වුණා
    අනේ පිං ගොනා
    අවසන් කැමැත්ත දුන්නා
    .
    "හමෙන් හදපු බෙර ගෙඩියක්
    දෙවොලට යවපං
    අඟෙන් හදපු අවියක් මගෙ
    දුවලට යවපං
    ගාතයකින් හැරමිටියක්
    රත්තිට යවපං
    කුරයක්වත් නොපෙනෙන්නට
    ඔක්කොම කාපං"

    - අන්තිම කැමති පත්‍රය ! - සමිත බී. අටුවබැන්දෑල

    ReplyDelete
  16. මාතලන් පසුගිය 2012 වසරේ මාධ්‍ය තුළ විශාල අනේදෝලනයක් ඇති කරමින් රත්මලාන නිවසකදී සැමියෙකු තම බිරිය හා දරුදෙදෙනා නිදන ඇද තුළදී මරා පිළිස්සීම පිළිබඳ සිද්ධියක් වාර්තා විය. එහි ප‍්‍රධාන සැකකරුවූයේ විමුක්ති මධුරංග ද සිල්වා නමැති විධායක නිලධාරියෙකුවූ සැමියාය.එම ත්‍රිත්ව ඝාතන කළ බවට පිළිගෙන ඔහු මුලදී පොපොච්චාරණය කර තිබුණත් දැන් ඒවා නොකළ බව කියන්නේය.

    මොරටුව වේල්ස් කුමරි විදුහලේ ගුරුවරියකවූ සචේතනා සඳමාලි නමැති 31 හැවිරිදි මව සමග තුන් හැවිරිදි ප‍්‍රභාත් බානුක සහ මාසයක් වයසැති ක‍්‍රිෂාන්ත සඳරුවන් නමැති පුතුන් දෙදෙනා මෙම සිද්ධියෙන් මියගොස් තිබුණි.

    බිරිය හා ලොකු පුතුගේ ගෙළ සිර කළ බවත් කුඩා පුතු ඇවිළෙන ගින්නට දැමූ බවත් සැකකරු පාපොච්චාරණය කර තිබුණි.

    තමාට වෙනත් තරුණියක හා ඇසුරක් පැවති බවත් එම ඇසුර පවත්වන කාන්තාව විවාහ කරගන්නට අවශ්‍ය නිසා මෙම දරු පවුල මරා දමන්නට තීරණය කළ බවත් ඒ දිනවල ඔහුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබුණි.

    කෙසේ වෙතත් ඔහු මේ වනවිට සිද්ධිය සම්බන්දයෙන් පවසන්නේ අතිශය පරස්පර කතාවකි.

    ඒ තමා බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ බවට පාපොච්චාරණය කළේ පොලිසියේ බලපෑම් නිසා බවයි, තමා ඇසුරු කළ පෙම්වතිය නිසා සිය සිඟිති දරුවන් දෙදෙනා හා බිරිඳ ගිනි තබා ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ කරනා ලෙස ගල්කිස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කළ බලපෑම් හා තර්ජන නිසා තමා ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරිය හමුවේදී එවැනි පාපොච්චාරණයක්‌ කළේ යැයි මධුර මනරංග ද සිල්වා නමැති විත්තිකරු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

    හිර ගෙවල් වල ඉන්නේ නීතිය පිලිබඳව ඔස්තාර්ලා. මේකා උන් ගෙන් හොඳට ඇඩ්වයිස් අරගෙන තමයි මේ පාර ගේමට බැහැලා තියෙන්නේ. කල්යන තරමට වාසිය විත්තියට . සාක්කිකරුවෝ මියයනවා, නැත්නම් ඔවුන්ට මුලදී තිබුන උනන්දුව අඩුවෙනවා. සාක්කි විනාශ වෙනවා. අන්තිමට මිනීමරුවො බේරෙනවා. ආන්ඩුව නඩු ඉක්මන් කරනවා කීවට ඉක්මන් කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් සම්භන්ධ ඒවා විතරයි. මොහු ඇප මත සිටිය කාලයේදී බාලවයස්කාර දැරියක් දූෂණය කොට අසුවුනා යැයි මා පුවත්පතක දුටුවා මතකයි. හැබැයි නරක ගතිගුණ තිබ්බත් හොඳ දක්ෂ මිනිහෙක්.

    ReplyDelete
  17. ඔලුව කැරකිලා ගියා. තාමත් කැරකෙනවා. ඇත්ත වුනත් ඔහොම කියනවද මං අහන්නේ?

    ReplyDelete
  18. හතර කේන්දරේ පාළු නූගත් මෝඩ හරක් රැලකට චීවරය පොරවලා රටටම කෙල වෙලා තියෙන්නේ ඔයි..
    දැන් උඹ පුක හෝදන්නේ නැද්ද බෑන්ස්

    ReplyDelete
    Replies
    1. රන්සකු මහත්තයෝ,

      ඔබ මොන පදනමෙන්ද කියන්නේ ජාති ආගම භේදයකින් තොරව පිළිගත යුතුයි කියා. ඔබගේ සංස්කෘතියේ මංගල්‍යයකදී කිරි වීදුරුවක් දෙන එක, පිරිත් කියන එක වගේම මගේ සංස්කෘතියේත් හරකෙක් මරණ එක අවුරුදු දහස් ගණනක සිට සිදුවෙන්නක්. ඔබ කියන්නේ ඔබේ ආගම නිසා මගේ අනන්‍යතාවය අත්හරින්න කියාද?

      බහුතර බෞද්ද ජනයාගේ ආගම හෝ සංස්කෘතිය වෙනුවෙන් සුළුතර කිසිම ජාතියක් හෝ ආගමක්, තමන්ගේ සංස්කෘතිය හෝ ආගමික ප්‍රතිපත්ති වෙනස් කිරීමට සුදානම් නැත. ඔබ එසේ කියනවා නම් අප කණගාටු වෙමු. අපේ සිරිත් විරිත් හරිද වැරදිද යන්න ඔබ තීරණය කළ යුතු නැත.

      Delete
    2. නෑ... දැන් ඝෝඨාභයගේ එක හෝදන්නේ

      Delete
    3. ඔබට වැරදීමක් මහත්තයෝ. මම කියන්න උත්සහ කරේ නූගත් , අමන හතර කේන්දරය පාළුවෝ රට විනාස කරනවා කියලා
      සිංහල බෞද්ධයා හරක් මස් නොකන්නේ දෙයන්ට බයේ, මිසක් වෙන ලබ්බකට නොවෙයි,

      Delete
  19. mama langadi danagattha deyak sathhun atara bahulawa homosex wenawa. sometimes humans may have inherited from animals.

    ReplyDelete
  20. නොදන්න කමට අහන්නේ,
    වැඩිපුර රස පැඟිරන්ගේ මස්ද? පුස්සන්ගේ මස්ද?

    ReplyDelete
  21. හොඳ ලිපියක් මාතලන්...සම්පූර්ණයෙන් එකඟයි. කරන්න දාහක් වැඩ තියෙද්දී, හදන්න දාහක් දේවල් තියෙද්දි, වැඩකට නැති මගුල් අල්ලගෙන දඟලන්න අපි කොහොමත් දක්ෂයිනේ.
    ගෙදර ගෑණිගේ, ළමයින්ගේ, අසල්වැසියන්ගේ අයිතිවාසිකම් ගැන හිතන්නවත් ලෑස්ති නැති එවුන් හරක්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා...

    ReplyDelete
    Replies
    1. ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජනතාව මුහුණ දුන් අසාධාරණයක් පිළිබඳව ජනතාව වෙනුවෙන් කතා කරද්දී බ්ලොග් ලියන අමන නූගත් රාජපක්ෂවාදී කාලකන්නි සක්කිලින් විසින් භාවිතා කරන අපහාසාත්මක වචන යොදා ගනිමින් විමල් වීරවංශ නොහොත් බූරුවන්ස පරබල්ලා කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවා රනිල්ගේ පජාත ආණ්ඩුව රැකීම සඳහා බාධා කරද්දී අනුර සහෝදරයාට බාධා කරමින් අපහාස කළ නරුමයාට අනුර සහෝදරයා මෛත්‍රී භාවනාව කළ යුතු යැයි ඔබත් පවසනවා ද? අනුර සහෝදරයා ඕකට කිව්ව මදි.

      වීඩියෝව පහත ලින්ක් එකෙන්. https://www.facebook.com/jvpplus/videos/2055836988011803/

      මානසික විකෘතිතාවයකින් පෙලෙන වාචාලයෙක් එක්ක දේශපාලන සංවාද මගහරිද්දි අනුර සහෝදරයා බූරුවන්ස පරබල්ලාට බයද කියලා අහපු බූරුවන්ස පරබල්ලගෙ මැක්කන්ට දැන් සනීපද?

      කවදත් බූරුවන්ස පරබල්ලා පෙන්නන්න බැරි ජවිපෙ හිතැති මාතලන් මේ ගැන පෝස්ට් එකක් ඉක්මනට දාන්න.

      Delete
  22. අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය. ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්. "මන්දපෝෂණය" කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.////// ??????????????????

    1973 -1974 ලංකාවේ ආංශික සාගතය
    https://transyl2014.blogspot.com/2016/02/1973-1974.html

    ReplyDelete
  23. ජවිපෙ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ ජනතාව මුහුණ දුන් අසාධාරණයක් පිළිබඳව ජනතාව වෙනුවෙන් කතා කරද්දී බ්ලොග් ලියන අමන නූගත් රාජපක්ෂවාදී කාලකන්නි සක්කිලින් විසින් භාවිතා කරන අපහාසාත්මක වචන යොදා ගනිමින් විමල් වීරවංශ නොහොත් බූරුවන්ස පරබල්ලා කියන සිංහල ජාතිවාදී හිටපු රජගෙදර ගොන් රිලවා රනිල්ගේ පජාත ආණ්ඩුව රැකීම සඳහා බාධා කරද්දී අනුර සහෝදරයාට බාධා කරමින් අපහාස කළ නරුමයාට අනුර සහෝදරයා මෛත්‍රී භාවනාව කළ යුතු යැයි ඔබත් පවසනවා ද? අනුර සහෝදරයා ඕකට කිව්ව මදි.

    වීඩියෝව පහත ලින්ක් එකෙන්. https://www.facebook.com/jvpplus/videos/2055836988011803/

    මානසික විකෘතිතාවයකින් පෙලෙන වාචාලයෙක් එක්ක දේශපාලන සංවාද මගහරිද්දි අනුර සහෝදරයා බූරුවන්ස පරබල්ලාට බයද කියලා අහපු බූරුවන්ස පරබල්ලගෙ මැක්කන්ට දැන් සනීපද?

    කවදත් බූරුවන්ස පරබල්ලා පෙන්නන්න බැරි ජවිපෙ හිතැති මාතලන් මේ ගැන පෝස්ට් එකක් ඉක්මනට දාන්න.

    ReplyDelete
  24. ඉස්සර ජේවිපි භීෂණ කාලෙ නං මෙහෙම උනේ නෑ. ඒ කාලේ අයෙ ගේන්න ඕනා

    -වි.ජේ. කාලා

    ReplyDelete
  25. උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට ගිය විට තමන්ට ජාතීවාදී ලෙබලය ගහන බවටත් දකුණේ ජාතීවාදී අදහස් වපුරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය කියා සිටියොය.

    අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ ඊයේ යාපනය තිරුනෙල්වේලි කෘෂිකර්ම පුහුනු විධ්‍යාලීය ශ්‍රවනාගාරයේදී අමාත්‍ය දයා ගමගේ ගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ ප්‍රාතමික කර්මාන්ත දිරිගැන්වීම සඳහා අධාර ලබා දීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

    එම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ විජයකලා මහේස්වරන් මහත්මිය වැඩි දුරටත් කියා සිටියේ,

    "ඔබ දන්නවා දැන් දකුණේ ඇතම් අය ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ද කරනවා නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ, අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා ඒක වෙනස් කරන්න ඕන. දකුණේ ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒවා දිහා බලලා ඒවා විසඳන්න කටයුතු කරනවා නමුත් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා, අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමති ධූරයත් අතහැරියා" යනුවෙනි.

    උත්සව අවස්ථාවෙන් පසුව විජයකලා මහේස්වරන්ගේ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව අමාත්‍ය දයා ගමගේ මාධ්‍යෙව්දීන් විසින් විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය දයාගමගේ මහතා කියා සිටියේ,

    "විජයකලා මහේසවරන් මහත්මියට එතුමියගේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න බැරි උනහම එතුමියට විතරක් නොවෙයි මේක මටත් අපිටත් අපි ගැනම වේදනාවක් ඇති වන අවස්ථාවල් තියනවා, මම විශ්වාශ කරනවා එතුමිය කීයටවත් නැවත යුද්දයක් ඇති වෙනවටනම් කැමති නැහැ."

    පසුව එහිදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මාධ්‍ය ඉදිරිපිට දුරකතන ඇමතුමක් ලබා දීම පිළිබඳව විමසීමේදී අමාත්‍ය දයා ගමගේ කියා සිටියේ,

    "රන්ජන් රාමනායක කරපු දේ මම හෙලා දකිනවා විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිතුමා එක්ක දුරකතනයෙන් කතාකරන්නේ ලොකු විශ්වාශයකින්, එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතාකරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා" යනුවෙනි.

    අනතුරුව අමාත්‍ය දයා ගමගේ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය ඇතුලු පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පූනකරී ජෙයපුරම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු හා නව කෘෂිකාර්මික සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී විය.

    ReplyDelete
  26. අනේ පව් අහිංසක සත්තු. කොච්චර රිදෙනවාද උන්ට. නපුරු විදියට ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  27. අපි අපේ ප්‍රශ්න ගැන කතා කරද්දි අපිව හඳුන්වන්නේ දෙමළ ජාතිවාදීන් හැටියට අපිව එහෙම හැඳින්වීම අපි ප්‍රතික්ෂේප කරනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න