.

.

Mar 29, 2019

පාලකයින් වෙනුවට කපුවන් පත් කර ගමු



මේ අම්මට හැමිනෙන රටේ දේශපාලුවෝ කියා පිරිසක් ඉන්නවාය.
ඒකේ ඉස්සර ඉදලා තියෙන්නේ රජවරුය.
උනුත් රටට මක්කා නොකෙරුවත් සාසනේටයි ඇති වෙන්න කරගෙන තියෙනවාය.
කොච්චරනම් කරලා තියෙනවාද කියනවා නම් සීගිරිය ඇර පෙන්නන්න්ට වෙන මෙලෝ මගුලක් ඇත්තේ නැතිය.

පෙර පිනකට සුද්දා ආවායින් අපිත් සුද්දෝ වගේ ඉන්නවාය. නැහ්නන් තාමත් ගස් වැද්දෝය.
සුද්දා යන කොට මේ රට දුන්නේ උන්ගේ සිස්ටම් එකට කරගෙන පලයල්ලා කියලාය.
ඒකට ජේ ආර් මුත්තා පෙර රජ කාළේ සිඩ්ටම් එකත් බඩ් කොට දැන් ලෝකේ කොහේවත් නැති සිස්ටම් එකක් තියෙනවාය.
ඒක කොහොම සිස්ටම් එකක්ද කියනවානන් එක එකාට ඕනා විදියට පැච් දම දමා ගිහිල්ලා දැන් තවත් පැච් එකක් දාන්න නැතිව හුලං ගියපු ටියුබ් එක වාගේ ඔහේ තියෙනවාය.
වැඩියෙන්ම කෙල උනේ 19 දැම්මායින් පස්සෙය.
ඒ වින්කල් බාස්ලා දෙන්නෙක් ඉන්න නිසාය.
එකෙක් හුලං ගහන කොට අනිකා අරිනවාය.
දෙන්නම එක්කහු වෙලා අපිට අරිනවාය.
සුද්දා දීලා ගිය සර්ව ජන බලේ හින්දා මේ කාළකන්නින් පත් කර ගන්න චෑන්ස් එක තියෙන්නේ අපටය.
ඉතින් අපි කැමති උගත් බුද්ධිමත් මහා ප්‍රාග්නයෝ මහාචාර්‍යවරු ආචාර්යවරු කුඩුකාරයෝ බඩුකාරයෝ බ්‍රොතල්හවුස්කාරයෝ බාර්කාරයෝ මර්ඩර්කාරයෝ රේප්කේස්කාරයෝ ඉතරක් නොව හාන්දුරුවරුත් රට හදන්න කියා දියවන්නාවේ ගව ගාලට යවනවාය.
ඒ මේ අමුතු ඇටේ සුරපුරේ වගේ දියුණුකරන්නෙයි කියලාය. 2015 ට ආපු  උන්ගෙන් යූ ඇන් පී හැම එකාමද, සිරි ලංකා එකේ රාජපක්ෂලාද මක්කා හො දෙයක් කළේය.
ඉන් පස්සේ ආවේ පක්ෂ දෙකේම එකතුවෙන් ජාතික ආන්ඩුවක් කියලා අටමගලයක්‍ ය.
ආපූ දා ඉදන් මුන් දෙන්නා කාපිරි මුඩුක්කුවේ වේසා ගෑණූ වාගේ කෙහෙ වලු පටලවා ගත් ගමන්‍ ය.
දෙන්නාටම මෙලෝම දෙයක් බැරිය.
එකෙක් ඌට ඇර අනෙක් ඔක්කෝටම පලු යන්න බැන බැන යනවාය. අනික අඩෝවැඩියාවය.
එක්කෝ රටේ නාටකයා ඒ උන්නැහේ කියා වාහේට අමතක වෙලාය. නැහ්නන් මදන මෝදකේ අධිමාත්‍රාවෙන් ඇදලා ඇරලාය.
අනිකා මොනවාදෝ කරයි කියලා කියනවාය. ඒත් එයැයි කරපු එකක්කත් රටේ උන්ට පේන්නේ නැතිය.
ප්‍රතිඵල හෙට එනවා අනිද්දා එනවයි කිව්වාට ආවේ ඕ ලැවල් ප්‍රතිඵල විතරමය.
රවී කරුවලනායක කියන්නේ පක්ෂයක් උප නායකයෙක්‍ ය. මේකාට දෙන්නේ මොකක්ද ඒක විනාශට.
සතොස විනාශම කරලා දැම්මේය
මහ බැංකුව දුන්නාම ඒකට කෙලලා ඇරියේය.
රටේ මිනිස්සුන්ගෙ වාසනාවට විදුලිය දුන්නේ මුන් ගෙදර යන්න යන වෙලේය.
එහෙම නැහ්නන් මේ වෙනකොට රටටම ලැයිට් නැත්තේය .
කියන්නේ නම් ඩිජිටල් කරනවා කියලාය.
ඩිජිටල් වැඩ කරන්න වෙන්නේ ඒවායේ පවර් කෝඩ් පුකේ ගහගෙනය.
මහ එකා ත්‍රිපිටකයක් උස්සගෙන ලෝකේ වටේ යනවාය.
අනික් එකා තිරුපති යනවාය.
කරුවලනායක පැන් කළයක් ඔලුවෙ තියාගෙන ගස් වලට වදිනවාය.
දැන් ජනතාවට සොලියුසොන් එකක් තියෙනවාය.
ඒ ගස් ගල් පාර්ලිමේන්තුවට යවන්න බැරි නිසා, අර රත්තරන් වාගේ දේවාල කපුවෝ ටිකක් අපේ පාලකයින් කර ගන්නා එකය.
මොකෝ උන් උඩ ඉන්නා උන්ගේ බොසාලාට කියා ඩිරෙක්ට්ම වැඩේ කරන්න පුළුවන් සෙට්ටෙකක් නිසාය.
කතරගම මහ කපුවා ජනාධිපති කර,
සීනීගන දේවාලා කපුවා විපක්ෂ නායක කලානම්
දෙයියම්පා මේ රටට කිරි පැණි බත බුලතට කෙලවෙලාම ගියත්,
ෆ්‍ෘට්ජූස් වලින් නම් නාන්නම තිබුනාය.

23 comments:

  1. පූජා වට්ටි වලට තියන වේලිච්ච පලතුරු වලින් ජූස් ගන්න, මෙටල් ක්‍රෂර් එකකට මිසක් බ්ලෙන්ඩර් එකකට නම් බැරි වෙයි.

    ReplyDelete
  2. මිලියන විසිදෙකක මිනිසුන් රවට්ටන දේශපාලකයන්ට වඩා මිලියන තුන්සිය තිහක දෙවියන් රවට්ටන කපුවෝ වෙල් කොලිෆයිඩ්.

    ReplyDelete
  3. \\..එකෙක් හුලං ගහන කොට අනිකා අරිනවාය.
    දෙන්නම එක්කහු වෙලා අපිට අරිනවාය...///

    අනේ මිස්ටර් මාතලන්.. ඇයි බං උබ තුමා හැමවෙලේම ලියන්නෙ අපිට ලියන්ට කිසිම දෙයක් තියන්නෙ නැතුව ඈ....

    ReplyDelete
  4. රත්තරංට දෙමු ඉස්තරම්ම එක. කාන්තා කටයුතු. යව්වන නම් වඩාත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කාන්තා කටයුතු - ව්‍යාග්‍රා ජෝන්
      පිරිමි කටයුතු - මංගල
      දෙකොටසටම නැති අයගේ කටයුතු - රනිල් යටතේම

      Delete
  5. මාතලන් 2015 ට ආපු උන්ගෙන් යූ.එන්.පී දේශපාලකයන්ට ලංකාව දියුණු කරන්නෙ බැරිවීමට ප්‍රධාන හේතුව ලංකාවට අරක්ගෙන සිටින රාජපක්ෂ හොර කල්ලියේ වහල් බයි හැතිකරය විසින් කරන අඥාන ක්‍රියා නිසයි.

    පසු ගිය 2005 - 2015 අන්ත දූෂිත මිනීමරු වනචර දශකය තුල ලංකාව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණත් 2015-2019 අතර පැමිණි එජාප රජ විසින් ධම්මික පෙරේරා, හැරී ජවර්ධන, රන්ජිත් පේජ්, කෙන් බාලේන්ද්‍ර වැනි ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කර මේ වන විට ඔවුන් බිලියනපතියන් වීමට ඉතා ආසන්නයේ සිටිනවා.

    එක්සත් ජාතික පක්ෂය කොතරම් රට ධනවත් කිරීමට මහන්සි වුණත් ඉහත සඳහන් කළ ආර්ථික ඝාතක ක්‍රියාකරන මරාගේ කාලකණ්ණි වහල් බයි මීහරක් රැල තවත් ශ්‍රී ලංකා රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

    පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, හොරකම් කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

    ලංකාවද නොදියුණු රටවල් ගණයට අයත්වේ. මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂ හැතිකරේ විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම හොර කල්ලි සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දනකාරී ගොන් මානසිකත්වයයි.

    මේ නිසා වත්මන් රජයට කිසිදු කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ හොර කල්ලියේ වහලුන් ඉඩ නොදේ.

    රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු. උන් එජාපය විසින් කරන වටිනා වැඩ අවුල් කර එජාපයට කිසිවක් කිරීමට නොහැකි බව පෙන්නනවා.

    ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා පැමින සිටින්නේ ඒ පාරටමයි.

    මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2150 පමණවත් වෙනතෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි. මිනීමරු ලේ පිපාසිත රුදුරු මරාගේ මිනීමෝර මලයා නම් කිසිසේත්ම සුදුසු නැත.

    රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත පක්ෂ පත්කොට ඒ බුද්ධිමතුගෙන් එම රාජකාරිය කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. // 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන//

      ඩෙෆා. ඊලඟ ජනාදිපතිවරනයේදී රනිල්ට 80% ක චන්ද ප්‍රතිශතයක් සහ මහ මැතිවරනයේදී 5/6 ක ජන වරමකුත් ඒකාන්තයෙන්ම ලැබෙන අතර ඉතුරු ආසන 37, 17+20 ක් ලෙස පිරිසිදු බුද්දිමත් ජවිපේ සහ දෙ ජා සං අතර බෙදී යනු ඇත.

      Delete
    2. රනිල්ට මුකුත්ම බෑ

      Delete
    3. Seriously man, UNP+TNA+JVP again? Why don't you take Mr Sirsena as well? Then you have 5/6 votes in 2020. You live like JR did. You must be high on cocaine.

      Delete
  6. කුලියට ලියන මාතලන් තුමා ආයෙමත් සක්‍රිය වෙලා තියෙන්නෙ චන්දෙ කිට්ටු නිසාද ?

    ReplyDelete
  7. එහෙම නෙවෙයි, 18 ට වැඩි හැමෝවම පාර්ලිමේන්තුවට යවලා පාර්ලිමේන්තු රැස්වීම් පිට්ටනිවල තියමු!

    ReplyDelete
  8. අලියා: ආයි

    ගවයා: ඌයි

    NGOකාරයා™ (බීෆ් කමින්): බලන්න අර එලිෆන්ට් පාවු...

    සිංහලබෞද්ධයා™ (අලි ආතල් ගමින්): බලන්න අර හරකා පාවු

    NGOකාරයා™: ලංකාවේ පෙරහැරට අලි අද්දන එක නවත්වනු!

    සිංහලබෞද්ධයා™: ඊට ඉස්සෙල්ල ලංකාවෙ ගව ඝාතනය නවත්වනු!

    NGOකාරයා™: නෑ ඉස්සෙල්ල ban පෙරහැර

    සිංහලබෞද්ධයා™: නෑ ඉස්සෙල්ල ban මස්කඩ

    NGOකාරයා™: ඔයාල අලින්ට වද නොදී ඉන්නකො එදාට අපි හරක් ගැන බලාගමු

    සිංහලබෞද්ධයා™: ඔයාල මස් නොකා ඉන්නකො එදාට අපි අලි ගැන බලාගමු

    අලියා සහ ගවයා (එක්ව): මුළු සත්ත්ව ප්‍රජාව වෙනුවෙන්මයි මේ කියන්නෙ... තොපි දෙන්නටම හැමනියං.

    -වැද්දා

    ReplyDelete
  9. Mathe, Bulls eye on the current situation in our fools paradise of Ammata Siri Lanka, where did you find these words?

    ReplyDelete
  10. මාතලන්,

    2010 සරත් ෆොන්සේකාට සහය දුන් අය ගෝඨාභය එනවාට විරුද්ධ වන්නේ මිනීමැරුම් චෝදනා නිසාද?

    අනෙක් අතට 2010 සරත් ෆොන්සේකාට විරුද්ධ වූ අය ගෝඨාභයට සහය දෙන්නෙ ඇයි?

    මේ වගේ ප්‍රශ්න එන්නෙ එක මානයකින් දේශපාලන තීන්දු ගැන විග්‍රහ කරන්න ගියාම. මේ ඒකමාන විග්‍රහ කිරීම් බොහෝ විට දක්නට ලැබෙනවා ෆේස්බුක් එකේ.

    2010 සරත් ෆොන්සේකාට සහය දුන් අය ඔහු දරුණු පාලකයෙක් විය හැකි බව නොදැන එසේ කරා කියන්න බෑ. ඔවුන්ට අවශ්‍ය උනේ ඒ වෙලාවේ
    නරකින් හරි රාජපක්ෂ ආණ්ඩුව පරද්දන්න. එයින් පස්සෙ සරත් ෆොන්සේකා තම විරුද්ධවාදීන්ට මොකක් කරයිද කියන එක ඔවුන්ට අදාළ උනේ නෑ. සම-හරක් ඉන්න ඇති සරත් ෆොන්සේකා තම විරුද්ධවාදීන් ඝාතනය කරන එක බලල සතුටු වෙන. (එසේ නොවන අයත් ඉන්න ඇති.) කෙසේ හෝ එතන තීරක කාරණාව උනේ රාජපක්ෂ ආණ්ඩුව මොනවා කරල හරි පැරදවීම. සරත් ෆොන්සේකා මොන වගේ කෙනෙක් වෙයිද කියන එක දෙවනු කාරණයක් උනා, අඩුම තරමින් ඔහුට සහය දුන්න අයට.

    දැන් ගෝඨාභයට සහය දෙන අයගෙන් අති බහුතරය එසේ කරන්නෙ ඔහු දරුණු පාලනයක් ගෙන යයි කියන බලාපොරොත්තුවෙන්ද?

    එසේ සිතන්න අමාරුයි. මම ඇතුලු ඔවුන් බහුතරයකට අවශ්‍ය රටේ ස්ථාවර පාලනයක් සහ ස්ථාවර ආර්ථිකයක් ඇති කරන්න, බෙදුම්වාදය පරද්දවන්න. මේවා කරන්න ඇතැම් විදේශ රටවල් සහ විදෙස් සංවිධාන එකග වේ යැයි කියන්න බෑ. ඊට මුහුණ දීමටනං රට තුළ බහුතරයක්ම ජනතාවගේ සහය තියා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ කාරණය කරන්න ඇත්තටම බරපතල බාධාවක් වෙනවා දරුණු ඒකාධිපති පාලනයකට ගියොත්. එයින් විදේශ රටවලට සහ සංවිධානවලට බලපෑම් කරන්න ඇති අවස්ථාව වැඩි වෙනවා වගේම රට තුළත් විරෝධයක් ගොඩනැගෙනවා. එයින් පිහිටුවන ආණ්ඩුව අස්ථාවර වෙනවා. එයින් වෙන අයහපතක් මිස යහපතක් නෑ.

    මාතලන් මේ ගැන ලියන්න හිතුනෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. ඝෝඨා අපේක්ෂක ලෙස ආ පසු දිගටම ලියනවා

      Delete
  11. මචන් මාතේ කපුවන්ටත් වඩා නරක් වෙච්චි සුදු කරපටි කාලකන්නි ටිකක් ටසිරිලක් රටේ ඉන්නෙ, ඇත්තටම බොහෝ පාදඩ දේශපාලකයින් හැරුණු කොට සිරිලන්කා රටේ සිටින ටයි ගැට... සූට්... කෝට්.. ගත දවටාගෙන අමන වැඩ කරන පාදඩයින් බහුතරයක් සිටින කණ්ඩායම් දෙක වන්නේ ඩොක්ටර්ස්ලයි.... ප්‍රොක්ටර්ස්ලයි... සල්ලි වලට ඕනම අසාධාරණයක් සාධාරණය කරන තක්කඩි

    ReplyDelete
    Replies
    1. ඇයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න