.

.

Mar 7, 2019

ඛේමාගේ කොලුවාගේ කක්කුසි බජට්ටෙක....




මුන් අනිවාර්‍යයෙන් පරදිනවාමය..
*********************************

මහින්ද රාජපක්ෂ දෙවැනි වර පත්වීමෙන් පසු සිතුවේ මැරෙණ තුරා ලංකාවේ රජ කරන්නටය.


තමන්ගේ පවුලේ උන් ඇර එකෙක් මායිම් නොකල අතර මේ මානසිකත්වය මහින්දට ලබා දුන්නේ බැසිල්‍ රාජපක්ෂය.

බැසිල්ට පමණක් නොව නාමල්ට යෝෂිතට හා චිචීටත් සෑර් කියන්න වීම නිසා පක්ෂයේ අමුම අමු වහලුන් හැර අනෙක් උන් උන්නේද කළකිරීමෙන් ය.

බැසිල් කරේ ප්‍රාදේශීය මදාවියන් දමා මහින්ද යන යන තැන ජනම් එක පුරවා ජනතාව ඉන්නේ එයාලා එක්ක කියා මහින්ද ගොනාට ඇන්දීමය. ඒත් ඒ හැම එකාම ආවේ බත් පැකට් එකට හා ගල් ෂොට් එකට බව දන්නෝ දන්නවාය.

ඒ නිසා එයා බලු කෑම අඩු කලාට මිනිස්සු කන කෑම අඩු කළේ නැතිය.

මේ ගැන එකා දෙන්නා වෝනින් දෙන්න පටන් ගත්තේ ඒ අතරය. රතනං පනීතං, චම්පක මෙන්ම පංචායුදේ කරුණු 12 ක ලියවිල්ලකින්ම වෝනින් දුන්නද, බලයෙන් මත් වී උන් බැසිල්ලා ඒවා පයිසෙකට මායිම් කළේ නැතිය. ඇත්ත කතාව නම් විමල් ආර්ථික ඝාතකයා ලෙස නම් කලේ ජයසුන්දර නොව බැසිල් බව ඕනම ගොනෙකුට තේරුනේය.

ඔය අස්සේ මාතලන් ලීවේ. දැන් නම් මිනිස්සු මහින්ද මහත්තයාට මක්කත් නොකීවත්, දන්දිනා හාමිනේ නිතරම මතක් කරන්නේ බඩේ බත් නැති නිසා බවත්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක පමණ මිළ අඩු කළහොත්, මොකා මක්කා කීවත් මැරෙණ තුරා රජකම ඉන්ෂුවරන්ස් වාගේ ෂුවර් කියලාය.

අම්මට සිරි ලංකාවේ මිනිස්සු ආන්ඩු වෙනස් කොරන්නේ බඩ නිසා බව මේ එකෙක්ටවත් අද වෙන තෙක් තේරිලා නැතිය. එහෙම තේරුනා නම් ඛේමාගේ කොලුවා කක්කුසි බජට් එකක් වෙනුවට ගේන්නේ ඉලෙක්සොන් බජට් එකක්‍ ය. එයා කළේ ගල් එක ඇර අනෙක් ඒවාටද සිකැරට් එකටත් කෙලලා අරින එකය. මේවායේ ප්‍රතිඵල චන්දයකදි තේරෙන කොට ටූ ලේට් ය.

ඒ නිසා අලි පාටියට එදිරිව එන පඹයෙක් උනත් දිනනවාය. පොල් ලෙල්ලක් උනත් දිනනවාමය.

මිනිස්සු වැරදි කරනවාය. මේ බජට් එකත් ලොකු වැරැද්දක්‍ ය. රජයේ උන්ගේ ඉතරක් පඩි වැඩි කරපු එක අමු ගොන් වැඩක්‍ ය. ඒකෙන් වෙන්නේ උන්ට පඩි ගෙවන්න බදු තව වැඩි කරන්නට වෙන එකය.

මොළයක් තියෙන එකා වැරැද්ද නිවැරදි කර ගන්නවාය. බජට් එක තවම පාස් වෙලා නැතිය. මාතලන් කියනවාට පහත සදහන් අත්‍යාවශ භාන්ඩ මත පනවා ඇති බදු ඉවත් කොට අඩුවට ලබා දුනහොත් එජාපයට ඉදිරි මැතිවරණ ගැන යම් හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකිය. නැහ්නන් වෙන්නේ මහින්ද ලොක්කාට උන දේමය..

අත්‍යාවශ්‍ය භාන්ඩ..

හාල්
පාන් පිටි
සීනී
අල
පරිප්පු
බී ළූණූ
හාල්මැස්සා
සැමන්
ළදරු කිරිපිටි

ස්තූතියි... නන්ඩ්‍රෙයි.... ටෑන්ක්ස් මෙයා...

27 comments:

  1. පොදු ප්‍රවාහන සෙවා සන්වර්දනයට් කිසිත් නැත
    කාර් මිල ත්‍රී වීලය දක්වාම නංවලාය
    තෙල් මිලත් තව දින තුනකින් ආයේ ඉහල යනු ඇත.
    බඩට නිවන් සැප ලැබේවා

    ReplyDelete
  2. සැමන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ද බන්? අපේ නම් ගෙදෙට්ටවත් ගේන්නේ නැති මගුලක්. අනිත්වා නම් අඩු වෙන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. දැන් සැමන් නෑ. දැන් තියෙන්නේ අංගුලු වගේ මාළු ජාතියක්.

      Delete
  3. අනේ බං මොට්ටස්, උබ හිතනවද නුගත් උබට තේරෙන දේ ආණ්ඩුවේ නායකයන් දන්නේ නැහැ කියලා. මේ ආවේ ගිය අවුරුද්දේ දාන්න තිබ්බ බජට් එක. ජන්දෙට කලින් තව මාස කීපයකින් තව මාස 5 - 6 ක් යනකොට තව බජට් එකක් එනවා.

    දැන් ආණ්ඩුවට දහදුරාවේ බැන බැන ඉන්නා උබලා වගේ නුගත් සෙට් එක එදාට හුරේ දානවා. දැන් මෝඩ ආතල් නොදී පල ටැක්සිකාරයෝ.

    ReplyDelete
  4. රටක හැම මිනිහම සතු‍ටු වෙන්න බජට් තියා මොන ඉලව්වක්වත් හදන්න බෑ. බේබද්දට සිකරට් වල මිල වැඩි වෙන එක අවුල් තමයි. ඒත් හාල්,අල,බී ලූණු වල ආනයන බදු අඩු කරාම දේශීය නිෂ්පාදකයට මොකද වෙන්නේ?හරි එහෙම බදු අඩු කරා කියමු, එතකොට සිල්ලර මිල අඩු වෙනවා කියන්නෙ කොහොමද?මොකද ගසා කෑමේ සංස්කෘතිය ඔඩු දුවලා තියෙන්නේ දේශපාලනේ විතරක් නෙවෙයිනේ.

    ReplyDelete
  5. How can a 'Lankat mahanna' (according to SF) bring even a proper election budget, let alone a development budget. Finance company (IMF/World bank) tell awamangala what budget to put forward. So that we can stop Chinese loan and go for big fat IMF loans, and live happily ever after. Long live UNP+JVP, long live Banana republic.

    ReplyDelete
  6. ==========================+++++++++++++++++++++++++++++++++++++++=======

    ReplyDelete
  7. හැදුවත් බජට් එක
    ඉලෙක්සොන් එල්ලකොට
    කොහොමටත් කුජීතය
    අලි පැටිය
    ලබන වර

    ඊට නරකද බොලං
    කෙලවෙන්න හදා දී
    පුරුදු තැනටම
    නැවත
    කරණමක්
    ගහන එක

    ඛේමගේ මේ කොලූ
    එතකොට කියන්නේ
    රනිල්ට බෑ!
    රනිල්ට බෑ!!


    ReplyDelete
    Replies
    1. ඒ වගේ සීන්නෙකක් යන්නේ

      Delete
  8. විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි තුන් හතර දෙනෙක් එක් වී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිරූපය විනාශ කර ඔහු ඒකාධිපතියෙක් යයි හංවඩු ගැසීමට උත්සාහ කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස සදහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකග වී ඇති බවත් ඊට විමල් ගම්මන්පිල වැනි දේශපාලඥයන් බාදා කරමින් ඇති බවත්ය.

    ලැබී ඇති මෙම අවස්ථාව පැහැර නොහරින ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේ ඇඹිළිපිටියේදී පැවති ජවිපෙ විරෝධතාවයක් අමතමින්.

    විධායකය අහෝසි කර රට නොයෙකුත් පරිපාලන කොටස් ගණනාවකට බෙදිය යුතුයි.
    එවිට විශාල පිරිසක් පරිපාලන කටයුතු සහ ආරක්ෂක කටයුතු සදහා අවශ්‍ය වෙනවා.
    ඔවුන්ට පඩි ගෙවීම සදහා රටේ ඉතුරු කොටස මහන්සි වී හම්බ කර බදු ගෙවිය යුතු වෙනවා.

    මිනිස්සුන්ට බදු ගෙවන්න බැරි වෙනකොට ධනපතියන්ගෙන් බදු වැඩිපුර අයකරගන්නා වෙනවා.
    එතකොට ධනපතියෝ නැති වෙනවා. රට පීඩිත පන්තියේ රටක් බවට පත් වෙනවා.
    එතකොට ඉතියෝපියාවේ වගේ මේ රටෙත් ඉතුරු වෙන්නේ එකම පන්තියක් පමණයි.
    ඒ පීඩිත පන්තිය පමණයි. මේ ආකාරයෙන් අපි පන්ති අරගලය ජය ගන්නවා.

    -පීඩිත පන්තිය වැඩි වේවා. අරගලයට ජය වේවා-

    බණ්ඩාරනයකලාට, සේනානයකලාට, රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට, ප්‍රේමදාසලාට, දිසානායකලාට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තුවේ ඉන්නා හොරුන්ගෙන් රට පාලනය කර ගනිමු.

    ReplyDelete
    Replies
    1. Anonymous March 7, 2019 at 10:27 PM

      මම පුද්ගලිකව වීරවන්ස/ ගම්මන්පිල ඩබලටත් ඒ සමග සිටින වාචාලයන් පිරිසටත් කැමති නැහැ, හැබැයි මහින්ද ලොක්ක පැරදිලා කුජීත ලෙස කිච වෙලා මැදමුලනට පල්ලම් බැහැල ඉන්දෙද්දි දී ඉස්සරහට එක්ක ආපු විමල් වීරවන්ස, ගම්මන්පිල ඇතුලු පිරිසට මහින්ද කළේ ඉතා පාහර වැඩක් ! කළගුණ නොදන්න වැඩක් ! ඔහු කෙරෙහි පොදු මහජනතාව තුළ තිබුණු, තියෙන ආදරය විනාශ කරන්නයි ඔය බටලන්දෙ රනිල්ගෙ පස්ස හෝදන අනුර, විජිතල ලන්වෙලා තියෙන්නෙ!

      මහින්දගේ ප්‍රතිරූපය විනාශ කරන්න ඔය ඡේ.වී.පී කාරයින්ගේ කටවල්වලින් පිට වෙච්ච වචන දැන් ඒගොල්ලන්ටම අමතක වෙලා වගෙයි, මහින්ද හොරා කියකිය මහින්ද ගෙ ප්‍රතිරූපය විනාශ කරන්න හදපූ ජවිපෙ රෙද්දක් ඇඳගෙන ද බං මෙව්ව කියන්නේ? මහින්දයි, රටයි වනසන්න සියලු දේවල් කළ මේ අනුරලා තුල රනිල් රැකගැනීම මිස වෙන වුවමනාවක් නැත.

      මහින්දට කිට්ටුවෙලා ඒ පිරිස අතර භේද ඇතිකිරීම අනික් වුවමනාව. ඒක නම් දැනටමත් හරි. කළගුණ නොදන්න අය ! මහින්දට තැවෙන්නයි වෙන්නෙ යම් දවසක ! හොඳට සල්ලි විසිකරන කෙනෙක්, රහස් චන්දයෙන් අගමැති කිරීම් තමා අනුරගෙ ප්ලෑන් එක! ඒ ඉතින් රනිල්!

      කොහොම වුනත් 2015 ජන 08 ලක්ෂ 62ට එක් වූ මැදහත් මතධාරීන්ටත් ඒ හා සමග එක්වන අලුත් තරුන ඡනදදායකයන්ටත් පොදුවේ දැන් පෙනෙන්නට සිටින එකම බලාපොරොත්තුව ගෝඨා සහ ඔහු වටා සිටින යමක් කමක් කළ හැකි පිරිස පමණක් බව මගේ අදහසයි.

      මාතලන් මේ ගැන කියන්නේ කුමක්ද?

      Delete
    2. මහින්ද නැති කරන්න රනිල් ගැහුව ගැටයක්....

      Delete
  9. මාතලන්ට මතකද පහුගිය දවස් වල එ.ජා.ප. / පොහොට්ටු හොරමුල් වල මඩකරියන් ලාල් කාන්ත සහෝදරයා මුහුණ දුන් අනතුර ගැන දහසකුත් එකක් මඩ අවලාද නැගුවා. ඊට උල්පන්දම් දෙමින් ගොරකා දඩමස් කරන අන්ත දූෂිත ශ්‍රී ලංකා පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී ලාල්කාන්ත මන්ත‍්‍රි සහෝදරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.(පොලීසිය සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව තුල කිසිදු විශ්වාසයක් නැති අතර ඔවුන්ට ගොරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් ගොරකා කිරිමටද හැකිය)

    එදා තමන් ගමන් ගත් වාහනයේ රියක් හරියාකාරව හසුරවා ගත නොහැකිවූ එක්තරා කාන්තාවක් විසින් පාලනයකින් තොරව පදවන ලද මෝටර් සයිකලය හැපුණු නිසා වූ රිය අනතුරක් නිසා තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත සහෝදරය මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින් මඩකරියන්ගේ රෙදි ගලවා දැම්ම නේද? (මෙහිදී පොලීසිය සම්බන්දයෙන් ජනතාව තුල විශ්වාසයක් නැති බවත් ඔවුන්ට ගොරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් ගොරකා කිරිමටද හැකි යයි ඔහුද පැවසූවා.) පොලිසිය විසින් බොරු චෝදනා නගමින් බීමතින් රිය පදවා දෙදෙනෙකු අනතුරට පත් කලේ යයි එල්ල වූ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද ඔහු අද දිනයේ ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කලේ.

    මෙහිදී ජවිපෙ සාමාජිකයන් තුල තිබෙන මානුෂික ගුණ ප්‍රකට කරමින් තුවාල ලත් කාන්තාව ගැන කණගාටු වන බවත් ඇයට රිය අනතුර වලක්වා ගැනීමට නොහැකි වීම ගැන කණගාටු බවත් ඔහු එහිදී පැවසීය.

    ReplyDelete
    Replies
    1. @AnonymousMarch 7, 2019 at 11:45 PM

      //හරියාකාරව හසුරවා ගත නොහැකිවූ එක්තරා කාන්තාවක් විසින් පාලනයකින් තොරව පදවන ලද මෝටර් සයිකලය හැපුණු නිසා වූ රිය අනතුරක් .... කේ.ඩී. ලාල් කාන්ත සහෝදරය මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින්//

      ටික කාලෙකට ඉස්සෙල්ලා හරියාකාරව හැසිරෙන්ට නොදන්නා විදුලි කනුවක් ඇවිත් විජිත හේරත් සහෝගෙ වාහනයේ හැපුනු වගක් මතකයි.එතකොටම හරියාකාරව හැසිරෙන්ට නොදන්නා බීමත් කෙනෙක් (සමනලයෙක් වෙන්ඩ ඕනේ) විජි සහෝගේ මුව ඉඹල ඒ ශ්‍රී මුඛයෙන් අරක්කු ගඳ ආවත් මතකයි. රනිල් බේරා ගන්ඩ විජිත සහෝ විදුලි වේගෙන් පාර්ලිමෙන්තුවෙ දුවන කොට මගෙ නොසන්ඩාල මතකයට ඒ ඇබැද්දියත් විදුලි වේගෙන්ම ආවා

      මොක උනත් අරක්කු බෝතලේ වතුර දාගෙන ගිය කියල පට්ට පල් බොරු කියන රංගෙ බන්ඩාර වගේ උන් අතරේ පැත්ත ගියත් ඇත්ත කියන ජවිපෙ උන් ගැන හීනියට ආඩම්බරයක් හිතෙනව

      Delete
  10. Increase of samurdhi higanna family s will make people not to work.

    ReplyDelete
  11. Increase of samurdhi higanna family s will make people not to work.

    ReplyDelete
  12. මාත කිතුල්ගල වෝටර් රාෆ්ටින් සංචාරකයින් 50%ක් අඩු වෙලා, ඇල්ලටත් කෙළවෙනවා ළඟදීම .... මෙලො රහක් නැති construction, හැම එකාටම ඕනේ හෝටලයක් දාගන්න තියෙන පොඩි ඉඩම් කෑල්ලේ, ඇල්ල ටවුන් එකත් දැන් හික්කඩුව වගේ වෙලා, සුද්දො නෑ... හැබැයි හිපියො වැහි වැහලා, ඒකටම හරියන ගයිඩ්ලා.... සුද්දියෙක් ලංකාවට ආවම දූෂණය කරහල්ලා, එතකොට ඉතුරු 50% ත් නැති බංගස්තාන කල හැකි.

    ලංකාවේ විදේශ විනිමය හොයන ක්‍රම වලට රජයට උදව් කරන්න බැරිනම් අඩු ගානේ කඩාකප්පල් නොකර ඉන්න ඕනේ.

    කිතුල්ගල, ඇල්ල වගේ තැන් ජනතාව සහ සංචාරකරන් විසින් ගොඩනගපු තැන්. තව බජට් එකෙන් යෝජනා කරල කාමර 5 ට අඩු, ලියා පදිංචි නොකරපු නවාතැන් අන්තර්ජාලයෙන් බුක් කරන්න තහනම් කියලා. මේවා කාගෙ උවමනාවට වෙනවද කියලා හිතා ගන්න පුලුවන්. ප්‍රතිපත්ති හදන උන්ට මොලයක් තියෙනවනම් මේවායෙ ප්‍රති විපාක තේරුම් ගන්න ඕනෙ. හිටගෙන් ඉන්න අත්ත කපනවා වගේ වැඩ විතරයි සිද්ධ වෙන්නේ. කිතුල්ගල කැලණි ගගේ රාෆ්ටින් ක්‍රීඩා කිරීමට වඩාත් යෝග්‍යම කොටස රජය මඟින් ඉදිකරන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය හේතුවෙන් අහිමි වෙනවා. බලාගාරය හේතුවෙන් සිඳී යෑමට ලක්වන කොටස තුළ තමා රොටීන් බෝට්ටු පැදීමේදී වඩාත් ත්‍රාසජනක ලෙස ගමන් කරන්න පුළුවන්. බාගෙට හදපු බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය කොහොමත් රජයෙන් නවත්තන්නේ නෑ. Rafting සේවය වල පල්ලට යන්න නොදී නිසි සම්බන්ධීකරණයකින් ජලාශයෙන් ජලය නිකුත් කරන වෙලාවට නිසි ලෙස Rafting වැඩෙ කරගන්න පුලුවන් විදිහටවත් වැඩේ ඇදන් යන්න වෙනවා. කිතුල්ගල අහිමි වෙන එකනම් විදේශීය වගේම දේශීය අපිටත් විශාල පාඩුවක්.

    කිතුල්ගල කිසිම වගකීමක් හා අරක්ෂාවක් නෑ. මෑතක සවුදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් මැරුනා, ආරක්ෂාව ගැන නොහිතන නිසා. අනික් හැම දෙනා වාගෙම මෙයාලා හිතන්නෙත් සංචරකයෝ කියන්නෙ මරාගෙන කන්න පුලුවන් ජාතියක් කියලා.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ලොකුම මොලේ නේ... ඒකයි

      Delete
    2. උඹලා එහෙම නම් කලුවරේ රාෆ්ටිං කර කර හිටපල්ලකො. උඹලගේ රාෆ්ටිං එකට මිනිස්සු එන්නේ නැත්තේ උඹලගෙම වැරදි නිසා තමයි. ඒකනේ උඹම safety issues ගැන කියන්නේ.

      Delete
  13. රනිල් ලොක්කා ගේ ආර්තිකය දියුණු කරන සමීකරනයට මොකෝ දන්නෑ උනේ .
    නියමයි , කාලීන පොස්ට් එකක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න