.

.

Jun 19, 2021

පින්තූරයේ දේශපාලනය

 


මේ පින්තූරය දාන්න මම කීයටවත් හිතුවේ නෑ.

ඒක මගේ පොලිසි එකක්...


නමුත් මේ පින්තුරය පට්ට දේශපාලනිකයි...


මෙතන ලාංකිය දේශපාලනයේ සංඝඨක සියල්ල අන්තර්ගතයි..


මේ මිනිස්සුන්ට බනින කාළකන්නි මොක්කුද කියන්න මේ ලියන්නේ..


මේ තරුණයා කරේ ග්‍රේට්ම ග්‍රේට් වැඩක්..

පොර ගියේ නිකං කබ්බෙක් වගේ නෙමෙයි..

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා..

ගියේ තනියමත් නෙමේ නෝනා හා පුතා සමඟ..

ඔවුනුත් ක්ලාස් විදියට ඇඳලා..

අනික මේක ලෝකෙටම පේන්න ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් ගෙනියනවා..

මේ දවස්වල ඔවුන් ඉන්නෙත් අමාරුවෙන්..

දැන් පොරටත් ගානක් ලැබෙනවා..

අර ජෝඩුවට විශාල මුදලකුත් ලබා දුන් බව සැලයි..


උඹ ග්‍රේට් කොල්ලෙක් මචං..

උඹ කනට ගැහුවේ මේ රටේ අනුන්ට ඉරිසියා කරන කුහකයන්ට..

රට ගිහිල්ලත් මේ රටට සාප කරන කුහකයන්ට..

අවුරුදු 70 කට සාප කර කර සියල්ල නොමිළේ දෙනකන් බලාගෙන ඉන්න කාළකන්නින්ට..

අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ යන මිනිස්සුන්ට කුඩු කාරයෝ කියන කුහකයන්ට..


අරූ දුප්පත් උනත් ඌ ළඟ මනුස්සකම තිබුනා

උඹ සෑලකුවේ ඒ මනුස්සකමට..


මේ රටේ හැදෙනවා නම් ඕන තරම් අවස්ථාව තියෙනවා

නිදහස් අධ්‍යාපනය තියෙනවා

ගොඩක් උන් ඒකෙන් ගොඩ ගිය උන්

ඕන කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්

ආන්ඩුවෙන් තහංචි නෑ

තමන්ගෙම ත්‍රී විල් එකෙන් හම්බ කරන් කන එකාටත් බනින කාළකන්නි මේ රටේ ඉන්නේ.

මට නම් උන් ග්‍රේට් පොරවල්.

බය නැතිව ලීස් දාලා වාහන ගන්න උන්,

ලෝන් ගගලා ගෙවල් හදන උන්,

ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි හොඳට කාලා බීලා ඉන්න උන්,

මට නම් පට්ට පොරවල්..

රැකියා ඕන තරම් තියෙනවා

මයියොක්කා දන්ඩක් හිටෙව්වත් පැලවෙනවා

කොස් ගෙඩියක් කපලා පාර අයිනේ තියාගෙන උන්නත් ගන්න මිනිස්සු ඉන්නවා.


 උඹ මේ රටේ දරුවන්ට හොඳ පාඩමක් කියා දෙනවා.

පුලුවන්නම් මම වගේ එකෙක් වෙයන්..

හොඳට කාපන්, හොඳට ඇඳපන්,

බ්‍රෑන්ඩඩ් ඒවලින්ම ඇඳපන්

නෝනට දරුවට මම වගේ සලකපන්

නැති බැරි මිනිස්සුන්ට උදව්වක් කරපන්..


ඒ දෙන මොරාල් එක අර කාළකන්නින්ට දෙන්න බෑ

උන්ට ඕන උඹත් හිඟන්නෙක් වෙන්න

උඹේ නෝනා වැරහැලි අඳින හිගන්නියක් වෙන්න

උඹේ දරුවා හිඟන දරුවෙක් වෙන්න..


එහෙව් කාළකන්නින්ට උඹ මේ ගහපු කනේ පාරට


මෙන්න පුතා සැලියුට් එක..


උඹ වන් පුතුන් ලද මව්පියන්ද

උඹ වන් සැමියෙක් ලද ප්‍රිය බිරිඳද

උඹ වන් පියෙක් ලද පුතනුවන්ද

උඹ වන් මිනිසෙක් ලද මේ රටද


පින් කර ඇතැයි මට සිතේ...




ස්ධූතී ... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ....!!!!


.

32 comments:

  1. ලංකාවේ ෆේස්බුක් ගව සම්පත ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ බන් මාතලමෝ,

    බොට මතක ඇති නේද බන් මේ දවස් වල ඇමරිකානු ජෝ බයිඩන් බයියා සහ ව්ලැඩිමීර් පුටින් ගොයියා අතර විශේෂ හමුවක් මෙහේ (ස්විස්ටර්ලන්තයේ) ෂ්නීවා (Geneva) නගරයේදී පැවැත්වුනා. යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවුණත් ස්විස්ටර්ලන්තය සාමාන්‍යයෙන් ලෝකය පුරාම සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස ඉහළින්ම තියන රටක් විදිහට. නමුත් මේ හමුව සඳහා ෂ්නීවා නගරයේ ආරක්ෂාව ඉතා දැඩි කරලා තිබුනා. ජනාධිපතිවරු දෙදෙනා ගුවන් තොටුපලේ සිට හමුව පැවති විලා ල'ග්‍රෝංෂ් (Villa la Grange) දක්වා යන මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබුණා. ඒ මාර්ගයේ සහ ෂනීවා විල අවට හෝටල්වල roof top bar සියල්ල වසා දැමීමට ස්විස් බලධාරීන් කටයුතු කලේ ආරක්ෂාව ගැන සලකමින්.

    නමුත් මෙහේ ස්විස් වැසියන් කිසිම කෙනෙක් පාරවල් වැහුවට පාර මැද ඉඳන් ෆේස්බුක් ලයිව් ආවේ නෑ. හෝන් ගැහුවෙ නෑ. ෆේස්බුක් එකේ පල් හෑලි ලිව්වෙ නෑ. විපක්ෂ දේශපාලකයො වැලලුනේ නෑ. මොකද ලෝකේ බල කඳවුරු දෙකේ නායකයො හමුවීම සඳහා තමන්ගේ රට තෝරාගැනීම තම රටේ අපක්ෂපාතීත්වය, ආරක්ෂාව පිළිබඳ සහතිකයක් බවත් එය ලෝකයේ ස්විස්ටර්ලන්ත නාමය ඉහලින් තියන්න හේතු වෙන බවත් ඔවුන් දැනගෙන හිටියා.

    ඒත් මතකද මාස දෙකකට කලින් චීන ආරක්ෂක ඇමති ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ දෙකයි පණහේ ෆේස්බුක් ගව සම්පත හැසිරුණ විදිහ. ඔසී පැත්තේ ගිහින් ආපු එකෙක් පාර මැද ඉඳන් ලයිව් ආවා. හෝන් ගැස්සෙව්වා. (ඌ ඔසී වල ඕක කරා නම් ක්ෂණිකව පැක් කරලා ලංකාවට ඩිපෝට් කරනවා ඔසී ආණ්ඩුව) ඒ අස්සේ එදා වේල ටුවර්ස් හැත්ත පේස්බුක් හෑලි ලිව්වා. විපක්ෂ දේශපාලකයො වැලලුනා. අවුරුදු 73 ට සාප කරා... ������ ලොලේ ලොල් ඕයි...

    ස්විස් කාරයො නන් එහෙම කරත් ගැටලුවක් නෑ. මොකද ස්විස්ටර්ලන්තය ඇමරිකාව හෝ රුසියාව මත යැපෙන්නේ නෑ. ඩොලර් බිලියන ගණන් ඩිපොසිට් තියෙන (ඔක්කොම ඩොලර් ට්‍රිලියන එක හමාරක් විතර) ලෝකෙ ධනවත්ම බැංකු පද්ධතිය ක්‍රියාත්මක වන ලෝකෙ ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති ලොවම පිළිගත් ධනවත්ම රටක්. ඒත් ලෝකෙටම ණය වෙලා අමාරුවෙන් එදා වේල දුවන රටක කී බෝඩ් වීරයො ලෝකෙ බලවත්ම රට බවට වේගයෙන් පත් වෙමින් පවතින චීනයේ ආරක්ෂක ඇමතිට අභියෝග කලා �� :D :D :D

    රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් නොදන්න ලංකාවේ පේස්බුක් ගව සම්පතේ තවත් නාඩගමක් ඉවර වුනේ ඒ විදිහට.

    ඔය වගේ නාඩගම් නිසා මම දැන් ලංකාව ගැන පේස්බුක් පෝස්ට් බලන්නේ ඉතාමත් කලාතුරකින් වැදගත් පිළිගත හැකි පේජ් එකක පෝස්ට් එකක් විතරයි. මේක ගැන දැනුවත් කරපු එක ගැන බොටත් ස්තූතියි මචන්.

    ReplyDelete
  2. මේ කුමන පයන්නක් දැයි කියා මෙලෝ දෙයක් නොදන්නා මම.

    ReplyDelete
  3. මාතා මොකද හිතන්නේ ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගන්නා ලද ණය පොලිය පියවීම සඳහා රජය විසින් ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන ආයතන වලින් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සුදානමින් සිටින බවට ඇතැම් ඉංග්‍රීසි පත්තර වල පලවන ආරංචි ගැන?

    ආණ්ඩුවේ සැලැස්ම වුණේ මේ ආකාරයෙන් ලබාගන්නා සහන පොළී ණය මුදල් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව විසින් ගෙවීමට ඇති ණය පොලියෙන් කොටසක් ගෙවීමට යොදවන්ට බව පේනවා.

    ඉතාමත්ම අඩු පොලී අනුපාතිකයන් යටතේ මෙම ණය මුදල ලබා ගනීමට බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් චීන හා ජපාන පෞද්ගලික බැංකු සමග සෑහෙන වෙහෙස මහන්සි වී සාකච්ඡා කර ඇති නමුත් ලංකාවේ මේ දවස්වල පවතින දැඩි මුල්‍ය අර්බුදය හා විදේශීය මුදල් සංචිතය සිඳී ඇති නිසා එම සාකච්ඡා මේ වන විට බොහෝ දුරට අසාර්ථක වී ඇතැයි ද වාර්තා වල හැටියට කියන්නේ මේ ගැන මොකද හිතන්නේ? ඉදිරියට මේකට විසඳුමක් හොයන්න පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  4. නයි රජ කරන ලෝකෙ වේයො ඉන්නෙ හුඹස් බඳින්න විතරයි කියල තේරුම් ගන්න පුංචි වේයෙකුට කොහෙන්ද ලොකු මොලයක්...

    වේයන් බොහොම වෙහෙසී කොහේ කොතන කොහොම හුඹස් බැන්දත් අන්තිමට නයෙකුට දී යන්න වෙනවමයි.. ලෝකෙ හැටි එහෙමයි පුංචි වේයෝ...

    අනෙක් අතට වේයො නයින්ට හුඹස් බඳිනවා, නයි අහිකුන්ටිකයන්ට ඕන විදියට නටනවා... ඒක තමයි ලෝකෙ ස්වභාවය මාතලන්...

    ReplyDelete
  5. අතීතෙට හිනාවෙන්න බෑ.. සහරාන් බෝම්බ ගහලා මිනිස්සු මැරුනා

    මාතලන් සමග එකඟ වෙන්න අමාරුයි. ලංකාවේ මුලින් සමාජවාදී දේශපාලනයේ නියලුනේ සුද්දට කත් ඇදපු වලව් කියල හදාගත්ත කට්ටියක්. සාමාන්‍ය මිනිස්සු ගැන වැටහීමක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ ආවේ විජේවීර කියන්නෙ සෝවියට් communist party එකටත් challenge කරන්න ගියපු පිස්සෙක්. දැන් ඉන්න ජවිපෙ කාටවත් socialism, communism දෙකට නිර්වචනයක්වත් දෙන්න තේරෙන්නෙ නැති ඔහේ මොකක් හරි අල්ලගෙන වාචාල කතා කරලා කාලය ගෙවා ගන්න අය. වාමාංශික දේශපාලනයේ ගැටලුවක් නෙමේ තියෙන්නෙ මේක අපේ වගේ රටක කරන මිනිස්සුන්ගෙ ගැටලුවක් තියෙන්නෙ. උදාහරනයක් විදියට චීනය රුසියාව 2000 න් පස්සෙ Research, Development පැත්ත ඇමරිකාවට යුරෝපයට වඩා ඉදිරියෙන් ඉන්නෙ. නමුත් කියුබාව, උතුරු කොරියාව වුනත් පූර්න කාලීන වාමාංෂික දේශපාලනයක් තිබ්බත් මිනිස්සු ඉතාම දිලුඳු රටවල්. ඒ වගේ ධන වාදයෙන් සහ සමාජ සුබසාධනය යන දෙපැත්තෙන්ම ඉහලටම ගිය ස්කැන්ඩිනේවියානු රටවල් ස්විට්සර්ලන්තය වගේ රටවල් අද පාලනය වෙන්නෙ ඉහල ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සමාජවාදී ආණ්න්ඩු ක්‍රමයන් වගේ. මේ හැම ක්‍රමයක්ම හොඳයි නමුත් අපේ රටේ වෙලා තියෙන්නෙ වංචාව ජනතාව රැවටීම ගසාකෑම නවතන්න බැරි එක. කියුබාව උතුරු කොරියාවත් ඒ වගේම තමයි. ඉන්දියාව මේ ඔක්කොටම වඩා වැඩී. ලංකාවේ වෘත්තිය සමිති කියන්නෙම හොර අලස සංවිධාන හරියට ත්‍රස්තවාදී සංවිධාන වගේ.

    ReplyDelete
  6. මෙහෙමයි මාතා, උදාහරණයක් විදියට කියන්නේ, දැන් හිතපන් උඹට වෙස්ටර්න් ස්ටයිල් එකට සින්ග් කරන්න ඕන වුණා කියලා, එහෙමයි කියලා ඩෝප් සීන් එකේ කියනවා වගේ කටහඬ වෙනස් කරා කියලා වෙස්ටර්න් වෙන්නෙ නෑ. බටහිර ශෛලිය ගායනයට අදාල ඉතාමත් සංකීර්ණ techniques තියෙනවා. කටහඬ වෙනස් නොකලත් ඒ තාක්ෂණික ක්‍රමයන් භාවිත කලානම් ඒක ඉබේටම බටහිර ගායනයක් බවට පත් වෙනවා. උදාහරණයක් විදියට vibrato කියන technique එක භාරතීය ශාස්ත්‍රීය සංගීතයේ නෑ. ඒ වගේම භාරතීයයන්ගේ ශාස්ත්‍රීය සංගීතයේ තියෙන සමහර හඬ උපක්‍රම ගොඩාක් ඒවා බටහිර සංගීතයේ නෑ. අද කාලේ පොෂ්ශ් එකට බටහිර ගීත විතරක් අහන අය දන්නෙ නෑ සුනිල් සාන්ත, අමරදේව මාස්ටර් වගේ සංගීතවේදීන් තමයි සිංහල සංගීතයට බටහිර ආරය මුසු කරලා ගායනය කරේ කියලා මුලින්ම. එයාලා අමරදේව මාස්ටර්ගේ වගේ ගීතයක් ඇහුන ගමන් අපෝ ගොඩේ සෝන්ග්ස් කියල චැනල් මාරු කරනවා. ඇත්තටම අමරදේව මාස්ටර්ගේ ගීත වල තිබුනු ඒ වෙනස් බව නිසා තමයි ගොඩක් ප්‍රසිද්ධ වුනේ ඒ කාලේ. මොකද ඊට පෙර අහන්න ලැබුන ගොඩක් සිංහල ගීත තනිකරම භාරතීය ශාස්ත්‍රීය හඬක් පමණක් තිබුන නිසා.

    ඒ වගේම ජීඑස්පී ඉවත් කර ගන්නෙ මූලික වශයෙන් සෝ කෝල්ඩ් 'මානව අයිතිවාසිකම්' ලංකාව රකින්නෙ නැහැ කියන එක පදනම් කර ගෙන. මේ ඊනියා මූලික අයිතිවාසිකම් ප්‍රධාන වශයෙන් ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුල් කරගෙන. යුරෝපා හවුලට ඕන කරන්නෙ ලංකාවේ දමිළ සහ මහමදික ජාතිවාදයට ආගමික අන්තවාදයට උඩගෙඩි දෙන්න. ඒ හරහා ලංකාවේ ආණ්ඩුව හිර කරලා ඒ අයගේ ඇජෙන්ඩා එකට නටවන තත්ත්වයට ගේන්න. යහපාලන ආණ්ඩුව දමිළ ජාතිවාදයට උඩගෙඩි දී උතුරේ වගේම රටපුරා ආගමික අන්තවාදී පිස්සන් වු ත්‍රස්තවාදීන් හුරතල් කළා. අන්තිමට ලංකාවේ සංචාරක ව්‍යාපාරය ස්වර්ණමය යුගයක් කරා එනකොටම ඒකට කෙළවලා දැම්මා. ඒවාට සියලුම පහසුකම් සමග පූර්ණ වශයෙන් අනුග්‍රහය ලබා දුන් (අව)මංගල පොන්නසීරි සමරවීර ගස් බල්ලා නමැති ගොබෙලස් තම බැරූරුම් අවමංගල මුහුණින් කියන්නෙ ඔවුන් ජෙනීවාහි කරන ලද තමන්ගේම රටට මහත් විනාශයක් සිදු කළ දැවැන්තම පාවාදීම්. ඒ පාවාදීම් නිසා තමයි යහපාලනයට ජීඑස්පී ලැබුණෙ. නමුත් ඇත්තටම ජී එස් පී ප්ලස් එකෙන් රටේ ආර්ථිකයට ලැබුණ දායකත්වය කොපමණද?

    ReplyDelete
  7. This is the best one Maathalan written ever. Best one is about people labeling anyone who earn bit more money as 'Kudu Business karayo'.

    I don't think most reading this even try to understand your message in this or just ignore due to overwhelming 'Kuhaka kama' Wijebahu

    ReplyDelete
  8. This is One of the best articles ever written by Mathalan( please change the word order). (The) Best one is about people labeling anyone who earn bit more money as 'Kudu Business karayo'.( don't Underskirt this!}

    I don't think most( of the people who are) reading this even try to understand your message in this or just ignore due to overwhelming 'Kuhaka kama'( don't under skirt this too) Wijebahu gud inglis

    ReplyDelete
    Replies
    1. @ Ano 7.35 PM,

      "This is 'One' of the best articles ever written by Mathalan"

      - corrections as of my understanding;

      The word 'One' should be corrected as 'one' and it is better to say;

      "This Article could easily be ranked among the best ever posted by Maathalan so far." Isn't it?

      "The 'Best' one is about people labeling anyone who earn bit more money as 'Kudu Business karayo'."

      The word 'The Best' should be corrected as 'The best' and further developed as follows;

      "The top notch or salient point I've observed is the perfectly addressing about the common malpractice of labeling some splendid young entrepreneurs and local business magnates whom has been topping rapidly smashing the massive hurdles established over decades for the business environment and opportunities throughout this island revamping exclusive service offerings, change encompasses a wide spectrum of natural businesses."

      Further,

      //I don't think most of the people who are reading this even try to understand your message in this or just ignore due to overwhelming 'Kuhaka kama'//

      My way of expressing this;

      'The viewers of this blog seems neither realized nor acknowledged the essence of the article due to their naivety or overwhelming "Kuhakakama" in my opinion.'

      Hope you don't disagree on this regard. Teach me too if I'm wrong (Sinhabahu)

      Delete
    2. I surrender Sinhabahu inglis besterst

      Delete
    3. මේ Wijebahu පකා එක්කෝ හරි හමන් ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. නැහ්නන් පොර වෙන්න යන්නේ නැතුව දන්නා සිංහලෙන් ලියන්න ඕනේ. යඛ්ඛෝ ඕස්ට්‍රේලියාවේ හිටියයි කියල සිංහල බ්ලොග් පොස්ට් එහෙකට සිංහලෙන් කොමෙන්ට් දාන්න බැරි වෙන්න විදියක් නෑනේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රන්සේ එංගලන්තේ ජපානේ ඇමරිකාවේ ඉන්න ලොක්කෝ යස අගේට සිංහලෙන් බ්ලොග් පොස්ට් ලියන්නේ. වෙන මොකක්වත් නෙවේ මේ වේශිගේ පුතාට හීනමානෙ. මූ මානසික ලෙඩෙක්.

      Delete
  9. දැක්කම ඒ මහත්තැන්ලා කරපු හොඳ
    හොයන්නට හිතුණෙ නෑ, යටි හිත පෙරට ඇද
    අසරණයන් හිටින්නේ ඇයි කියනවද
    ඒක නැති කරන්නේ කොයි කවුරුන්ද?

    ReplyDelete
  10. Mr Marthelonne,

    I would appreciate your interest in this conversation. At the same time do you know how many western countries have included Mandarin in their school syllabus?

    On the other hand, if we don’t preserve and master the native Sinhalese language (and Tamil as well for the native speakers), who's gonna do it?

    In my opinion, if Chinese thought this way (as of bloody Sri Lankan rascals) forty years ago, they would not have got where they are now. It's all about attitudes and vision of a nation.

    Since you have mentioned about the teaching if Sinhalese as a native language, I could say the followings; preserving a language and method of communication should be the responsibility of the community, we cannot leave it assuming someone else would do for us. All what we need to change is the mindset of people, I still say this belongs to the neo colonisation. Once we accept our own language and recognise it as it need your time, rest will respect it. End of the day you can speak all the right English still you are not a native speaker. No one would ask or care a thing about what you got to say about English outside the so called tiny island.

    For example have you seen anyone except Sinhalese language students try to achieve perfection in Sinhalese? How good all of you with those Na-na-La-la's? I think this is purely colonial mentality people try to master in English but not trying to master and preserve your own language first.

    Could you name any Sri Lankan (especially among Sinhalese community) stating that "This is so naive , common as long as the other one can apprehend what you say, accent doesn't matter. We are Sr Lankans we have our own way of pronouncing words. Irish speak Irish accent, Australian follows his , American does the same so why can't Sri Lankans?" Most probably the answer should be a big "NO" and that's it.

    - A. Ruepersingherr, Ph.D
    Michigan State University
    United States

    ReplyDelete
  11. මාතා, ලංකාවේ ආර්ථිකය කෙළවිලා මිනිස්සු මාර විදිහට දුප්පත් වෙලා කියලා ෆේස්බුකිය පුරා කියනවා නේද? ඒත් මාතා බාර් ලඟ පට්ට විදියට පෝලිම් තියෙනවා නේද? ඒක ඔප්පු වෙන්නෙ බාර් එක අරිනකල් ඒ වෙනුවෙන් කොටසක් වෙන්කරගෙන සිටියාද? නැතිනම් දහස් ගණනින් එකපාරට ඔහොම පෝලිම් වලට එන්න සල්ලි කොහෙන්ද? මාත් ගණුදෙනු කරන මගේ ඥාති මල්ලි කෙනෙක්ගේ කඩයක් තියනව මගේ ගෙට හැරෙන ආසන්නයේ මමත් ලොකුවට සෝබනේට කන බොන කෙනෙක් නොවෙයි ඉතින් මම පහුගිය සංචරන සීමාවේදී කඩේට ගිහින් බඩු ටිකක් ගත්තා මගේ බඩු ටිකට කලින් සාමාන්‍ය ගැමියෙක් බඩු රැගෙන ගියා අර මල්ලි බීලදාන ගමන් කීවෙ පූදුම වැඩක් අයියා මට තේරැමි ගන්නත් බෑ මිනිස්සුන්ට මොනව වෙලාද කීයල ඇවිල්ලා ඉල්ලන්නෙම කුකුල් මසුයි සම්බ හාලුයි අයිස්ක්‍රීම්නෙ අවුරැදු කාලෙ වගෙ කියලා
    මාත් වීහිලුකලා ඵතකොට අපිද මල්ලි අරපිරිමැස්මෙන් කටයුතු කරනවා කියලා ඔයාට පේන්නෙ කියලා

    මා ඇත්තටම මේ ගැන post එකක් දමන්න හිතලත් දැම්මෙ නෑ මොකද මගේ fb මිතුරන්ගෙ නිර්දය හා අහේතුක විවේචනයට ලක් වන නිසා

    මා කියන්නේ නෑ දුප්පතුන් අනාත වෙලා හෝ දුප්පතුන් නෑ කියලා, මම කියන්නෙ මෙම හැසිරීම ගැන. මොකද මේ ගැන පැහැදිලි නෑ.

    ReplyDelete
  12. මාතෝ හොඳට පරිස්සමෙන් බලාගෙන ඉන්න ජේවීපී එකේ සහ සජිත්ගේ ගොට්ටො කාබනික පොහොර වැඩපිළිවෙල කඩාකප්පල් වෙනකම් බලන් ඉන්නෙ.. උන්ට ඕනේ රටේ මිනිස්සුන්ට විස කවලා හැමතිස්සෙම මේ රටේ මිනිස්සු මැරෙන අර්බුධ වල තියාගන්න.. එතකොට තමයි උන්ට මේ වගේ වහල් කාලකන්නි ටිකක් සෙට් වෙන්නේ.. මුන් කොච්චර දේශපාලනයෙන් අන්ධ වෙලාද කියනවනම් මිනිස්සුන්ට පිළිකා හැදෙන එක නවත්තන මේ ජාතික වැඩපිළිවෙළට කැලණියේ නයා ගාව ගන්නවා.. cancer හැදිලා මැරෙන්න ඕනේ අහිංසක මිනිස්සු නෙමේ.. මේ වගේ කාලකන්නි...

    ReplyDelete
    Replies
    1. @ Anonymous June 21, 2021 at 9:06 PM

      3% ට�� මේ දවස් වල පොහොර ගෙන්වන සමාගම් වලින් කුට්ටිය������ ලැබෙනවා. ඒගොල්ලන්ගෙ කුලියට ලියන�� සෙට් එක රසායනික පොහොර වැළැක්වීම/ කාබනික පොහොර භාවිතය ගැන ප්‍රවෘත්තියක් FB එකේ දැකපු ගමන් HaHa react දමමින් කමෙන්ට් ලියනවා රසායනික පොහොර අවශ්‍ය බවට. ඒගොල්ලන්ගෙ දේශපාලකයින්ට/ යූටියුබ් කාරයින්ට හොදට ගෙවනවා පොහොර සමාගම් වලින්. ගොවියෝ ලඟට ගිහිල්ලා රසායනික පොහොර ඕනෙමයි කියලා වැලපෙන වීඩියෝ හදන්නේ ඒකයි. 3% ������. අපි රැවටෙයි ඕවට ��.

      ඒගොල්ලො මීට කලින් කිව්වේ පොහොර මාපියාව���� නිසා මුළු රටම වකුගඩු රෝග වලින් ලෙඩ�� වී ගෙන යනවා. ඒත් පාලකයෝ මේක නවත්වන්නේ නැහැ පාලකයින්ට ලැබෙන කොමිස් කුට්ටිය���� නිසා කියලා. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය�� තමයි මේ ගොල්ලන්ගෙ මේ දවස් වල ප්‍රධානතම ඉලක්කය. මේගොල්ලෝ වැඩියෙන්ම පහර ගහන්නේ��️���� අවංකම මිනිස්සුන්ට. හේතුව කවුරුත් දනී. මුන්ට රැවටෙන සෙට් එකකුත් ඉන්නවා. 3% යි ������

      ඒගොල්ලො මේ වගේ හැම හොඳ වැඩක්ම විවේචනය කරන්නේ මේ වගෙ වැඩ හරි ගියොත් ඒ ගොල්ලන්ට මෙහෙමවත් පැවැත්මක් ඉතුරු නොවන බව දන්න නිසා <1%

      Delete
  13. සාමාන්‍යයෙන් ඇමරිකානු එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපයේ සහ ඕෂනියා රටවල් ඇතුළු බටහිර රටවල නම් මහත ශරීර තියෙන්නේ දුප්පත් ජනයාටයි. හේතුව ඔවුන්ට වැඩිපුර පරිභෝජනය කරන්න වෙලා තියෙන්නේ මිලෙන් අඩු පිෂ්ඨය අධික පෝෂණ ගුණයෙන් අඩු ආහාර වීමයි.

    මේ වගේම එම රටවල මධ්‍යම පංතිය හා ඉහළ පන්තිය මිලෙන් වැඩි ප්‍රෝටීන අඩංගු ආහාර වගේම එළවලු හා පලතුරු වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නවා. ලංකාවෙත් මෙවැනිම තත්ත්වයක් ඇතිවෙමින් පවතිනවා විය හැකි බව පේනවා නේද? ඇමරිකාවේ ඇතැම් නගරවල දුප්පත් හා පොහොසත් ජනතාව අතර ආයු කාලයේ වෙනස මෙවැනි හේතුන් නිසා අවුරුදු 20 ක් තරම් විශාල පරතරයක් බවයි බොහෝ වාර්තා වල සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ දකින අදහස් මොනවා ද?

    ReplyDelete
  14. Mokakda ban e photo eka? Eka danne nathiwa kiyewwata "real feel" eka enne naha.

    ReplyDelete
  15. මාතලන්, ඔබ මොනවා ද සිතන්නේ ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී ලෙස බිඳ වැටී මේ වනවිට පවතින බරපතල ලෙස දැඩි අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව දන්නවා නේද? මේ ගැන කෙටි අදහසක් පහත දැක්වෙන ඉතා කෙටි සාකච්ඡාවක තිබෙනවා. මේක ගැන හිතන්නේ මොකද? පුළුවන් නම් පොඩි කාලයක් වැය කොට මෙම කෙටි සාකච්ඡාවම බලලා මේක ගැන පෝස්ට් එකක් දාන්න. අජිත් කබරරාල කබ්බා කියන්නේ ලෝක හොරෙක් උනත් මම හිතන්නේ මිනිහා මෙතන කෙළින් කතා කරනවා වගේ;

    https://fb.watch/6aDbrwlgg6/

    ඒ වගේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය කඩා බිඳ වැටී ජනපතිවරයා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මට මේක කරන්න බෑ කියලා දමල ගහල නැගිටලා යාවි ද ඇත්තටම? මේ ගැන ඔබේ නිරීක්ෂණ සහ අදහස් මොනවද? ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ වටිනා දේපල එම් සී සී ගිවිසුමේ පරිදි ඇමරිකානු එක්සත් ජනපදයට පාවා දී ඇමරිකන් ආධාර විශාල මුදලක් ගෙන ඒමට මැදිහත් වී ඇති බවට පවතින කටකතා ඇත්ත ද? ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් මේ වගේ කතාවක් පවසන්නේ මේක ඇත්ත වන්නට පුළුවන් මේ රාජපක්ෂ රෙජීමයේ දූෂිත ඉතිහාසය අනුව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න