.

.

Jun 29, 2021

බැසිල් කරයි ලබ්බ

 


බැසිල් ඇවිත් කරයි ලබ්බ. මෙසේ කියනා දෙපිරිසක් සිටී. ඒ, විරුද්ධ පාක්ෂිකයින් හා බැසිල් නිර්මාණය කළ පොහොට්ටුවේම ඉන්නා බැසිල් විරෝධි පුලන්නන් පිරිසය. ඔවුන් පොහොට්ටුවේ චන්ද වලින් වීරයන් වී සිටිනා, හිඟන දේශපාලුවන්ගේ ගෝල බාල පිරිසය. මහින්ද මහත්තයා මේ නයි රෙද්ද අස්සේ දාගෙන හුරතල් කලාට, මේ සියල්ලන්ම හඬ මිස වැඩ නැති හාල්පාරුවෝ බව දේශපාලන ගල් ආඳෙක් වන බැසිල් උන්නැහේ දන්නවාය. 

ඒ හෙතුවෙන් ඒ පිරිසට බැසිල් දිරවන්නේ නැති අතර, බැසිල්ට ඔවුන් දිරවන්නේත් නැතිය. මේ ගේම පටන් ගන්නේ අද ඊයේ නෙමේය. මෙය පටන් ගන්නේ 2012 තරම් ඈතය. ඒ බැසිල් විසින් ආර්ථිකය උඩු යටිකුරු කරමින් ආර්ථික වර්ධන වේගය වසර තුනක් තිස්සේ 8% ඉහළ අගයකට ගෙන එමින් එය චීනයට පමණක් දෙවනි වූ කාළ වකවානුවෙය. 



ආර්ථික වර්ධන වේගය මේ තරම් ඉහළ අගයක් ගැනීමත්, බැසිල් සුපිරි වැඩ්ඩෙක් බවට පත්වීම, ආන්ඩුව තුල උන් පුලන්නන්ට දරා ගැනීමට නොහැකි විය. රාජපක්ෂලාට ගේම අදින්න ආර්ථික ඝාතකයෙක් ගැන කතාවක් ගෙන එමින් ආන්ඩුව ඇතුලේ සිටම රාජපක්ෂලාට කෙලීම ආරම්බ කරන්නේ විමල් වීරවංශය. ඔහුට සප් එක දෙන්නේ අතන මෙතන රතන හා පාඨලී චම්පික රණවකය. මේ තිදෙනාටම බැසිල් දිරවන්නේ නැත්තේ, මහින්ද හා දානා සෙල්ලම් බැසිල් හා දාන්නට බැරි නිසාය. 

මෙයින් පාඨලි හා රතන යහපාලනයට ජැක් එක ගසන්නට ගියද, විමල් නොගියේ එක හේතුවක් ඇතුවය. ඒ විමල්ගේ සිහිණය නිසාය. මේ සිහිණය ගැන අපූරුවට සඳහන් වන්නේ ජවිපෙන් තහනම් කරනා ලද විමල් විසින් ලියූ නැත්ත වෙනුවට ඇත්ත පොතේය. ඒ ජවිපෙ විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෝඩයන් රවටා පක්ෂය ගිලගෙන බලය ඇල්ලීමයි. මේ අදහස ඔහුට එන්නට ඇත්තේ සිරි ලංකා නිදහස් පක්ෂයේ මෝඩ චන්ද දායකයො තමන්ගේ උන් ගෙදර තබා, ජෙප්පෝ 42 ක්ම පාර්ලිමේන්තු යැවූ දිනයේය. අද ඒ මෝඩයන් සිටින්නේ පොහොට්ටුවේය. 

ඉදින් විමල්ට හා අනෙකුත් ත්‍රී වීල් පක්ෂවලට කඩේ යන පෝට්ටුවේ ඉන්නා අය බැසිලාගමනයෙන් කලබල වීම පුදුමයට කරුණක් නොවන්නේමය. 

කෙසේ හෝ විමල්ගේ ආර්ථික ඝාතක කතාවෙන් පසු ආර්ථිකයේ වර්ධනය මෙන්ම ආන්ඩුවේ වර්ධනයද සීඝ්‍රයෙන් පහතට වැටෙනාතර වර්ෂ 2013 ආර්ථික වර්ධන වේගය වන්නේ 3.4 % කි. ඉන් පසු වසර දෙක තුල නැවතත් එය 5 % ක පමණ ප්‍රමාණයකට වර්ධනය වූවද, මහින්දගේ ප්‍රාදේශීය නායකයන්ගේ පිස්සු කෙලීම් හමුවේ ජනතාවට එපා වු රජපක්ෂලා නැවතත් මැදමුලනට යවා ජනෙල් පොල්ලේ එල්ලුවේය. 

රාජපක්ෂ පවුල එලවා රට ගොඩගන්න ගිය උන්ට උනේ ගහෙන් වැටුන එකාට චක්කා අනිනා එකටත් එහා ගොහින් පඹයකුගේ හා සමනල් රෑනකගේ අනඟ රැඟුම් බල බලා හූල්ලමින් ඉන්නටය. කොටින්ම මාතලන් කියනවා වාගේ එක පවුලකට කෙලින්නට ගොස් ලංකාවේම පවුල් වලට හැමිනිලා ගියේකය. එයාලා ආර්ථිකේ කාපු හැටි අලුතෙන් ලියන්න ඕනෑ නැතිය.


බැසිල් චරිතය නැවතත් කරලියට එන්නේ, ගම්මන්පිල උන්නැහේ පැස්ටෝල් වලට කෙලිය දිනයට පසු දිනය. ඒ පෝට්ටුවේ ලේකම් සාගර උන්නැහේ සාගර දූෂණයත් යට ගහලා බැසිල් ආපු ගමන් පැස්ටෝල් අඩු කරනවා කියපු නිසාය. දැන් බැසිල් උන්නැහේ ඇවිත් ටික දවසක් උනත් තාම නම් පැස්ටෝල් මිළ නම් අඩු උනේ නැතිය. ඒ වෙනුවට දැන් කතා වෙන්නේ බැසිල් පාර්ලිමේන්තුවට එන එකය. දැන් සාගර කියන්නේ එයා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමති කමකුත් අරගෙන පැස්ටෝල් අඩු කරනවා කියලාය. 

මහින්ද මහත්තයා ඇමති කමත් දෙන්නම් කියලා තියෙනවාය. දැන් ඉතින් බැසිල් උන්නැහේට තියෙන්නේ පාර්ලිමන්ට් ඇවිත් ඇමතිකමත් අරගෙන පැස්ටෝල් හා රටින් ගේන හාල් ටික හෝ ජහමනයාට අඩුවට දෙන එකය. 

එහෙම දුන්නොත් බැසි,ල් දෙයි  ලබ්බ කියපු උන්ට වෙන්නේ, දුන්න ලබ්බ කස කසා ඉන්නය. නොදුන්නොත් වෙන්නේ, බැසිල් ඇවිත් දෙයි කියලා කැ ගහපු උන්ට සද්ද නැතිව පසුපෙලටම වෙලා නිරෝසන් දික්වැල්ල වගේ ලබ්බ කස කසා ඉන්න එකය. 

එතකොට ඊළඟ චන්දයකදි ජනතාව ඉදිරියට විත්, අපි තමයි හොඳටම කැසුවේ. කැසුවාම හරි සැපයි ඕයි කියා කීව හැකිය. 


ඒ වගත් මෙසේය.....


29 comments:

  1. Good at least if they can do 'Labba keseema" (Wijebahu)

    ReplyDelete
  2. වැඩ කරන අපේ විරුවා වගේ සිංදුවකුත් හැදුවා නම් තමයි අගේ.��

    ReplyDelete
  3. මාතේ, 2015 අවුරුද්දේ එකදවසක මමයි, රාජපක්ෂවරුන් සමග එවකට ලඟින්ම හිටපු ව්‍යාපාරික ලොක්කෙකුයි ඇතුල්කෝට්ටේ හරියෙන් ඔහුගේ BMW රථයෙන් කොල්ලුපිටියට එනවා. එතකොට මහින්ද ජනාධිපතිවරයා පරාජයවෙලා හිටියේ. පැරදිලා ගෙදර යනකම් මහින්ද රාජපක්ෂ සමග සිටි මේ මිනිහා මට කියනවා.

    "මේ තියෙන Burger King එකේ අයිතිකාරයා කවුද කියලා දන්නවද?" කියලා

    මම කියනවා නැහැ කියලා..

    "ඔයා මාධ්‍ය ලොක්කෙක් වුනාට වැඩක් නැහැ"
    මම අහනවා ඇයි කියලා.

    එතකොට ඒ ගුණමකුවගේ පිළිතුර

    "යකෝ මේක බැසිල්ගේ ඉන්වෙස්මෙන්ට් එකක්.."

    මම රාජගිරියෙන් ඔහුගේ වාහනයෙන් බහිනවා.

    මේ වෙනකම් මම තවම ඔහුට කථා කරලා නැහැ.

    පසුගිය යහපාලන ආණ්ඩුවේ ලොකු තනතුරක් එහෙම මිනිහට ලැබුනා.

    ... ��.. ඉතින් එහෙම තමයි බැසිල් පිලිබඳ සමාජ මිත්‍යාව සමහර තක්කඩියෝ නිර්මාණය කලේ... ������.

    ReplyDelete
  4. ඔයා යටට ඇඳලද?
    https://facultyofsex.com/archives/4892

    ReplyDelete
  5. මාතා ඇත්ත වශයෙන්ම ලංකාව කියන අමුතුම රටේ මිනිස්සු හැමදාම හිතලු පස්සෙ යන්නෙ. එක පොදියට දියසෙන් කුමාරවරු ඇවිල්ලා රට ගොඩ ගනී, රට බේර ගනී කියල ඉන්නෙ ��. ඇත්තටම පව් මේ මිනිස්සු. අනිත් රටවල් දියුනුවෙන්න දියසෙන් කුමාරවරු පහල වෙල නෑනේ. ඔය වගේ සංකල්ප ලගටවත් ගන්නෑ��. ඒ රටවල හොඳ ආයතන පද්ධතියක් (institutions) තියෙනවා ඒ නිසා මොකා ආවත් රටේ ආර්ථිකය වැටෙන්නෙ නැතිවෙන්න හදල තියෙන්නෙ. ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකය දියුණුවට අවශ්‍ය කරන මූලික ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රධාන පක්ෂ දෙක හා සම්බන්ධ කණ්ඩායම් අතරවත් මූලික වශයෙන් එකඟතාවයකට පැමිණීමට අවශ්‍යයි. ඒ වගේම වැදගත්ම දේ තමයි රටක් දියුණු කරන්න මිත්‍යාව නෙවේ පැහැදිලි සාක්ෂි සහිතව තර්කානුකූල හා විද්‍යාත්මක පදනමක් මත කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ජනතාව සාමාන්‍ය බුද්ධිය හා හැඟිම්, ලෝකයේ පොදු දැනුම (General knowledge) ගැන මීට වඩා ගොඩාක් දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක්.

    ReplyDelete
  6. ඇත්තටම මාතේ පහුගිය කාලෙ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේත් නොවන, එක්සත් ජාතික පක්ෂයට ඒ වන විට නීත්‍යානුකුලව කිසිම සම්බන්ධයක් නැතුව හිටි, වෙනත් පක්ෂයකින් මැතිවරණ වලට ඉදිරිපත් වී පරාජය වී සිට සරත් ෆොන්සේකා මහතාව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු හදිසියේ අභාවයට පත්වීම සමග ඒ තනතුරට පාර්ලිමේන්තු ගෙනාවේ මොන ව්‍යවස්ථාවේ කුමන වගන්ති අනුවද? මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ඒ වගේම එයත් නීතී විරෝධීනම්, ඒ දවස්වල සද්ද නොකර හිටියේ මන්ද?

    ReplyDelete
  7. ඉහ මොල නැතත් කද බඩ ඇති ගොබිලාන
    වියතුන් වෙස් වලාගත් කැනහිල් රෑන
    ඉහගෙන කන්න රට ඇත දත නියවාන
    සොයපන් මගක් ගොඩ එන්නට මිතුරාණ

    ReplyDelete
  8. "ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම වේගපන්දු යවන්නා ලසිත් මාලිංග කියලා හිතාගෙන ඉන්න චූටි පුතාලා හැමතැනම."

    එහෙම කිව්වහම මේ "මාලිංග ෆෑන් දරුවන්ට" තරහ ගිහින් මෙහෙම අහනවා.

    "අපේ මාලි අන්තිම ඕවර් කීයක නම් මැච් කීයක් බේරලා තියෙනවද? හැට්-ට්‍රික්ම කීයද? කොණ්ඩෙම කොච්චර හැඩද? කටම කොච්චර සැරද? තොට පිස්සුද මී හරකා! ක්‍රිකට් දන්නැති එකා!"

    ඔව්, මාලිංග මැච් බේරලා තියෙනවා. එකක් නෙමෙයි ගොඩක්. 2014 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයෙදි දෝනි සහ යුවරාජ්ව හිර කරපු හිර කිරිල්ල ඇතුළුව. කඩුලු ත්‍රිත්වයන් කිහිපයකුත් ඇතුළුව. එක පිට කඩුලු 4 දවාගත් අවස්ථා ඇතුළුව. මාලිංග කියන්නෙ විවාදයකින් තොරවම ලෝක මට්ටමේ වේගපන්දු යවන්නෙක්.

    හැබැයි මේ කතාවත් අහන්නකෝ ඉතින් පුතාලා ටික...

    අපට හිටියා චමින්ද වාස් කියලා වමත් මැදිවේග පන්දු යවන්නෙක්. එයා පැ.කි.මී. 140කින් විතර හයියෙන් පන්දු යැව්වෙ නම් නෑ. වැඩිපුර තරග ලැබුනෙත් මැරිච්ච තණතීරු වල. යෝකර් කින්ග් කියලා කවුරුත් කිව්වෙත් නෑ. ෆෑන් ක්ලබ් එකක් තිබුනෙත් නෑ. කවුරුත් එයා වගේ කොණ්ඩ දැම්මෙත් නෑ. යෝකර්ස් 6ක් එකදිගට දැම්මෙත් නෑ. හැබැයි එයා මැච් බේරුවා, එක ක්‍රමයකින්.

    පළවෙනි පන්දුවාර 5 ඇතුළත ප්‍රතිවාදී පිතිකරණ බල ඇණියෙ අත පය ගලවලා. ඒ කියන්නෙ පළමු කඩුලු 2-3 අතරට ඉක්මණින් ගිහිල්ලා, පීඩනය මැදට ප්‍රතිවාදී හොඳම පිතිකරුවන් ඉක්මණින් ගෙනල්ලා, අනෙක් පන්දු යවන්නන්ට ඔවුන්ව දවාගන්න අවස්ථාව හදලා දුන්නා.

    ආරම්භක වේගපන්දු යවන්නෙක් කරන්න ඕන එච්චරයි.

    හැබැයි එයා ඊට වඩා දේවල් කරා. කණ්ඩායමට ඕන නම් මැද ඕවර්ස් වල විකට් ගන්න, එයා ඒකත් කරලා දුන්නා. අන්තිම ඕවර්ස් 10 දිත් ඇවිත් කඩුලු ගත්තා. විවිධ පන්දු යැව්වා. බවුන්සර්, ඉන් ස්වින්ග්, අවුට් ස්වින්ග්, කටර්ස්, ස්ලෝ බෝල්, යෝකර්ස් වගේ... 2004 පෙබරවාරියෙදි අන්තිම ඕවරේක ලකුණු 8ක් ඩිෆෙන්ඩ් කරපු හැටි තාම මතකයි. එදා එතකොට බැට් කරේ අති ප්‍රවේගකාරියෙක් වෙච්ච ඕස්ට්‍රේලියානු ඇන්ඩෲ සයිමන්ඩ්ස් කියලා ඊටත් වඩා හොඳට මතකයි. (2008දි ෂිව්නරින් චන්ද්‍රපෝල් බෝල් 2කට ලකුණු 10ක් ගහලා මැච් එකක් වාස්ගෙන් උදුරගත්තු එකත් මතක නිසා ඒක පැත්තකින් තියමුකෝ)

    ටෙස්ට් තරග වලදී වාස් වෙනම ජොබ් එකකුත් කළා. මුත්තයියා මුරලිදරන් කියන ශ්‍රේෂ්ඨ දගපන්දු යවන්නා තමන්ට තරමක් වාසි තණතීරු මත එක් අන්තෙකින් පන්දු යවද්දී, වාස් දාඩිය පෙරාගෙන අනෙක් අන්තෙන් පන්දු යැව්වා. ඒවා බොහෝවිට මැරිච්ච තණතීරු. 'මට ආබාධ එනවය, මං දිහා කවුරුත් බැලුවෙ නැතය, කඩුල්ලේ තණකොළ නැතය, ඔක්කොම බැලුවෙ මුරලි දිහාය' කියලා කියනව මේ වෙනතුරු දැකලා නෑ. එයා අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුවෙ කොන්දේ ආබාධයක් තියාගෙන. හැබැයි දූවිලි පිරුණු, වේලුණු විකට් එකක පන්දු යවන්න ඕන කොහොමද කියලා එයා අත්දැකීමෙන් ඉගෙන ගත්තා.

    එයාට මුහුදෙන් එහාත් එකයි, මෙහාත් එකයි. මැරිච්ච විකට් උඩ ගහපු සමහර තරග වලදි ලොව ශ්‍රේෂ්ඨතම දගපන්දු යවන්නා කඩුලු 5යි, වාස් 4යි. වාස් එච්චර තරගකාරියි. සමහර වෙලාවට මුරලිදරන්ටත් පිතිකරුවෙක් වදයක් වෙනකොට මුරලි කෙලින්ම යන්නෙ වාස් ළගට. "මට අහවලා ගලවලා දියන්", මුරලි ඔහොම කියපු බව වාස් අද කියන්නෙත් ඇහුවොතින් විතරයි.

    ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම යනකොට එයා මෙහෙම දේවල් කරලා තිබුනා.

    * ටෙස්ට් තරග 111කදී කඩුලු 355යි.
    * එක්දින තරග 322කදී කඩුලු 400යි. (ලෝකයෙන්ම 4).
    * ටෙස්ට් කඩුලු 300 සහ එක්දින කඩුලු 400 පසුකළ එකම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා.
    * ජාත්‍යන්තර ඉනිමකදී කඩුලු 5 දස්කම් - 16.
    * එක්දින කඩුලු ත්‍රිත්වයන් - 2.
    * ලොව හොඳම එක්දින පන්දු යැවීම - 19/8 (2001).
    * එක්දින තරග පන්දුවාරයක් තුළ පන්දු යවන්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය - 4 (2003)
    * ලොව එක්දින තරගයක ආරම්භක පන්දු 3න් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එකම පන්දු යවන්නා.
    * එක්දින තරගයක පළමු පන්දුවෙන්ම වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා - 5.
    *ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු වාර්තා කළ ශ්‍රී ලාංකිකයා - කඩුලු 23 (2003)
    * දැනට වසර 142ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් ලකුණු 3000 සහ ටෙස්ට් කඩුලු 300 පසුකළ එකම ශ්‍රී ලාංකිකයා. (ලොව 9 දෙනාගෙන් එක් අයෙක්.)

    එයා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් වුණත් අවස්ථාව ලැබුනොත් දායක වෙන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ කාලෙ වාස්ව හැදින්වුවෙ පන්දු යවන්නෙක් හැටියට විතරයි. ඒත් අද ලංකාවෙ ඉන්නවයි කියන තුන් ඉරියව් ක්‍රීඩකයන්ටත් වඩා හොඳට එයා අවශ්‍යම මොහොතේ පිත්ත හසුරුවලා තරග දිනවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් එයා ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙනත් අවුරුදු 10කට කිට්ටුයි. ඒත් තාමත් "වැඩ්ඩා මමය" කියනවා අහලා නෑ.

      "එයා වැඩ්ඩා"ය කියන්නෙ ක්‍රිකට් හොඳට බලපු දෙස්විදෙස් ප්‍රේක්ෂකයො සහ විචාරකයො. ඩීන් ජෝන්ස් එයාට කිව්වෙ "Doctor death". මැරුණු තණතීරු වල, අවසන් පන්දුවාර වලදි එයා කරපු දේවලුයි, පිතිකරුවෙකු තමන්ටවත් නොදැනී මරණය කරා සූදානම් කරවපු අපූරුවයි නිසයි තමයි ඒ.

      ඉතින් චමින්ද වාස් තමයි ඔහුගෙ නම. ඔහු තමයි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම ජාත්‍යන්තර වේගපන්දු යවන්නා. සැකයක් එහෙම තියෙනවා නම් පරණ මැච් ටිකක් හොයාගෙන බලන්නකෝ. මේවා ඊළඟ පරපුරට භාරදෙන එක අපේ වගකීමනේ.

      ඒත් විශ්වාස නැතිනම් සචින් ටෙන්ඩුල්කාර්ගෙන් ඇහුවත් කමක් නෑ. එක්දින ක්‍රිකට් වලදි විතරක් වාස් 9 වතාවක් සචින්ව කොර කරලා අවුට් කරලා තියෙනවා. ඔය කොරෝනා වලට කලින් තිබුණු "ලෙජන්ඩ්ස් තරගාවලියෙදිත්"සචින්ට පුදුම වධයක්නෙ මේ චමින්ද වාස් අංකල් දුන්නෙ.

      සචින් ටෙන්ඩුල්කාර් කියන්නෙත් කබ්බෙක් නෙමෙයිනෙ ඉතින් නේද... ඒ විතරක්යැ, වාස් ක්‍රිකට් පටන්ගත්තු කාලෙ ඉඳන්ම ඔහුට අහන්න ලැබුනෙ "තමුසෙ වැඩක් නෑ ඕයි" කියන එක. MRF ඇකඩමියෙදි ඩෙනිස් ලිලී වගේ අත්දැකීම් බහුල වේගපන්දු උපදේශකයන් පවා කිව්වෙ "උඹ නම් මදි!" කියන එකමයි. ඒත් මේ වාස් අංකල්ට තිබුනා ලොකු ගටක්. ඒ නිසා තනියෙන් මහන්සි වුනා. ආබාධ ආවත් නාවත්. බෝල 8 ඕවර් 20-25 දැම්මා. ටෙස්ට් මැච් වලදිත් මුරලි එක්ක හරි හරියට ඕවර් 20-25 දාපු අවස්ථා තිබුනා. මස් පුඩුවක්වත් රිදෙන්නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියලද පුතාලා හිතන්නෙ? බෑනෙ, වේගපන්දු යවද්දි එහෙම බෑනෙ. රිදුම් ඉවසන්න වෙනවනෙ. ඉතින් අවුරුදු කිහිපයක් යද්දි, අන්තිමට ඔප්පු වුනා කවුද වැඩක් ඇත්තෙ, කවුද වැඩක් නැත්තෙ කියලා. ගතිය තියෙන්නෙ අන්න එතන.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
    3. ඇනෝ //AnonymousJune 29, 2021 at 1:18 PM
      "ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම//

      ක්‍රිකට් කියන්නෙ සෙල්ලමක්... තව ටිකක් විස්තර කලොත් ඒකත් අර wwe වලට ටිකක් සමානත්වයක් තියෙන සූදුවක්. තාම මේ ගැන ඒකට ගැති වී සිටින මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ, අද සෙල්ලම්කරන අය කරන්නේත් සෙල්ලමක්... ඊට කලින් අය කළෙත් සෙල්ලමක්... ඔය පරණ අය ‍ඔන්ලයින් ඇවිල්ලා එයාලගෙ පම්පෝරි ගගහා කරන්නෙත් සෙල්ලමක්... ඒ ගොල්ලො ඔක්කොම යාළුවො... අපි සේරම කට්ටිය ප්ලෑන් කරලා රඟන නාඩගමක් බලලා ඔළුව කුරුවල් කරගෙන දඟලනවා... එච්චරයි...

      Delete
  9. Mr Maathalan, Showing facts and figures in your post is a big improvement. Most people did not know how much is our GDP in USD Mil when Mr Awamangala said MR has deposited USD 80 mil in a Dubai bank (eventually the amt came down to 12-8 USD bil)

    What is so funny is USA and India said they will help SL to find that money. Help to find my foot, since 911 in US even 100 USD transfer can be tracked (end to end) anywhere in the world. Trust me I work for gov.au

    BTW Keep up the good work Mr fake Wijebahu @4.31AM. I am so popular in this blog, I think I will start a you tube channel LOL
    Wijebahu

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️

      Delete
    2. huray, mi gud inglis rytin sar wijebahu cam with biliyan dolar miliyon dolar. gud sar.

      Delete
  10. Amounts in the above post are in USD Bil, not Mil sorry about the typo(Wijebahu)

    ReplyDelete
    Replies
    1. මචන් විජේ,

      මැදමුලනේ කම්බා හොර පොල් රැවුල සහිත සාටකධාරී කාඩ පක්ෂ මුත්තා හොරකම් කල මුදල් ප්‍රමාණය ගැන උපතින්ම මන්දබුද්ධික අවමංගල පොන්නසිරි සමරවීර කියන සමරිසි පොන්නකැරි ලෝක හොරා පැවසුවේ ඔහු හොරකම් කල මුදල ඩොලර් බිලියන 18 ක් බවයි. මම හිතන්නේ මන්ද මානසික රෝගියෙක් ලෙස සහ ගණිතය ගැන මල පොතේ අකුරක් නොදත් මී හරකෙක් වන අවමංගල පිම්පියා (රනිල්ට සහ ඇමරිකානු තානාපති කෙනෙකුට සමරිසි පිම්පි වැඩ කරපු මන්ද මානසික රෝගියෙක් ලෙස) මූ කියුවේ කුමක්ද යන්න ඌ වත් නොදන්නා බවයි. නමුත් ඌ විදෙස් ඇමති සහ මුදල් ඇමති ලෙස සිටි සමයේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වංචා කරමින් විශාල වශයෙන් මුදල් හොරකම් කල බවත් හැමෝම හොඳින් දන්නා කරුණක්.

      මේ ගැන තවත් වාචාල දොඩවන මන්ද මානසික පිස්සු රිළවෙක් වන හොර දත් දොස්තර සේනාරත්න නමැති නීල කාස කම්බා හොර දෙටුවා ද මේ ගානම පැවසූ අතර ඌ ද එදා රාජ පක්ෂ කල්ලියේ සාමාජිකයෙක් ලෙස එක යායේ කකා වැටී එකට කෝටි ගණන් මුදල් හොරකම් කල බවත් ඊට පසුව සිරාගේ සෞඛ්‍ය ඇමති ලෙස බෙහෙත් වලින් සහ බොහෝ දේවල් වලින් කෝටි ප්‍රකෝටි ගණනින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් හොරකම් කල බවත් හැමෝම හොඳින් දන්නවා.

      කෙසේ නමුත් රාජපක්ෂ කල්ලියේ හොරකම් කල මුදල් 2011 - 2014 කාලයේ බිට්කොයින් වල ආයෝජනය කරපු බවත් නාමල් රාජපක්ෂ බිට්කොයින් 880,000 ක් විතර හිමි පුද්ගලයෙක් බවත් ඒ හරහා ඒ කාලේ ලාබෙට ගන්න පුළුවන් කම තිබුණ බිට්කොයින් වලට පින් සිද්ධ වෙන්න ඔවුන්ගේ දැනට වත්කම් ඩොලර් බිලියන 35 ක් විතර වෙන බවත් කියනවා මේක ඇත්ත ද?

      Delete
  11. ඇතා එන්ට පෙර මිණිගෙඩි හඬ ඇසෙතී
    හතුරා වෙන්ට පළමුව සුමිතුරා වෙතී
    උපමා කැඩපතේ එහෙමය ඇත්තෙ ගෙතී
    මොකා එතත් එන්නේ හොඳකට නොවෙතී

    ReplyDelete
  12. රැකුමට පුතුන් දිවියේ දුක්ගැහැට විඳි..
    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි..

    ඔඩොක්කුවෙන් බැහැලා, ටික ටික ලොකු වෙනකොට, අම්මා එක්ක තිබ්බ සම්බන්ධය එහෙම්මම තියෙද්දී තාත්තා එක්ක තිබ්බ සම්බන්ධය බයක් ගෞරවයක් වගේ මොකක්දෝ අමුතුම එකකට පෙරළෙනවා වගේ එකක් වෙනවා.

    "හරියට කොන්දොස්තරගෙ රුපියල වගේ, තාත්තා දෙන්නෙත් නැහැ, අපි ඉල්ලන්නෙත් නැහැ, හැබැයි තියනවා කියලා දෙගොල්ලොම දන්නවා. "

    අම්මේ බඩගිනියි , අම්මේ නිදිමතයි ,අම්මෙ මම යනවා , අම්මෙ මම ආවා , කියලා කෝටි සැරයක් අම්මට කතා කරන අපි තාත්තාගෙන් අහන්නේ ''තාත්තේ අම්මා කෝ ? '' කියන තත්වෙට පත් වෙන වෙලාවලුත් තියනවා.

    අම්මයි තාත්තයි තරාදියක දෙපැත්තට දැම්මොත් බොහොමයකට දශමයකින් හරි බර වැඩියෙන් දැනෙන්නේ අම්මාලගේ පැත්ත බව දුකෙන් උනත් පිළිගන්නට සිදුවුනත් , පියවරුන්ගේ සෙනෙහස සහ කැපකිරීම සමහරවිට මව්වරුන්ටත් වඩා සංවේදී බව ඔප්පු වූ අවස්ථා ඕන තරම් තියනවා.

    තම බිරිඳගේ , දරුවන්ගේ සියලුම අනේකවිද අඩුපාඩු සපුරාලීමට එකම සපත්තු කුට්ටම කිහිප විටක් අලුත් වැඩියා කර පාවිච්ච් කරන , ඉතා අනර්ඝ කමිසය උඩින් පමණක් පිරිමැද , මිල අඩු කමිසයකින් සෑහීමකට පත් වෙන, තාත්තලට
    දියවී ගිය ෂර්ට් කිහිපයක් , හතර පස් සැරයක් මහපු සපත්තු ජෝඩුවක් , හම් ගැලවුණු බෑග් එකක් , පාට ගියපු ඔරලෝසුවක් හැරෙන්නට එහෙමට ලොකු වත්කම් නෑ ,

    මොකද,දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට , කැමැත්ත අත හැරීම තාත්තලට මහ කජ්ජක්‍ නෙමෙයි.

    ''පවුලක වැඩිම බර කරේ තියාගෙන කඳුළු නොසලමින් සියල්ල නිහඬවම දරා ගෙන අයිතිවාසිකම් වෙනුවෙන් උද්ගෝෂණ නොකර යුතුකම් ඉටුකිරීමට කැපවෙන ආදරණීය අප්පච්චිලා, තාත්තල, පියවරු, අපිට අපිවත් නොදැන කොහෙදීම හරි බිඳක් හරි මගඇරෙන්න නොදී ඉන්න පුළුවන්නම්,....

    දන්නවද, එහෙම මග ඇරුන උනත් තාත්තල ගතු කියන් නැහැ,හැමදේම වගේ ඒකත් නිහඬව දරාගනියි.

    ජූනි මාසයේ 20 කියන්නේ "ලෝකපියවරුන්ගේ දිනය"

    ගොඩක්‍ තාත්තල වගේ අපේ තාත්තත් එහෙම දවසක් තියන බව වත් දන් නැහැ.ඒ පිරිමි කුලකයේ හැටි..

    තාත්තට අමතක උනාට ඒත් ඔයාලට මතකයිනේ නේද??...❤❤

    ජීවිතේ බරම ටික තනියෙන්ම දැරුවා
    බොහෝ දුක් කඳුළු වැල් සුසුම්වල හැරියා..

    මහමෙරක ආදරේ හදවතේ හංගා
    කාටවත් නොකිව්වට දහ දුකක් වින්දා..

    දරුවන්ගෙ සිනහ ළඟ ලෝකයම පරදා
    ජීවිතේ දියකලේ දරු පැටව් හින්දා.

    බුදුවෙන්න නොපැතුවත් කිසි දාක ඉල්ලා
    හැමෝටම ඉස්සරින් බුදුවේවි තාත්තා ......��

    Happy Fathers Day ❤❤����

    මේ ලියමන මැදමුලනේ අප්පච්චි සහ දැන් ඉන්න බාප්පොච්චලා දෙන්නා කියන මුත්තලාට උපහාරයක්ම වේවා

    ReplyDelete
  13. මාතලං මේ දවස් වල කාට හරි රිද්දන්න හිතාගෙන හැම වෙලාවෙම බුකියෙන් එක්කො ආණ්ඩුවට හරි නැත්නම් වෙන මිනිස්සුන්ට හථි හින්ට් ගහන මඩ ගහන කාලකන්නි ජීවියො හිතාගෙන ඉන්නෙ බුකියේ ඉන්න අනිත් අයත් හැමදේම පොස්ට් කරන්නේ එයාලට වදින්න, රිදෙන්න කියලා..

    හැම වෙලාවෙම කාවහරි පරද්දන්න වට්ටන්න, හිතාගෙන යටින් ගේම් ගහන ඒ සෙට් එක හිතාගෙන ඉන්නේ මේ ලෝකේ ඉන්න සේරම මිනිස්සුන්ගේ එකම රාජකාරිය තමන් වගේම යටින් අනිත් අයට අංචි අදින එක තමයි කියලා.

    සල්ලි, දේපල වලට වහ වැටිලා නොගැලපෙන කසාද ජීවිත වල හිරවෙලා ලෝකෙට පේන්න හිනා වෙලා හිත් ඇතුලෙන් ඇවිලෙන මිනිස්සු හිතාගෙන ඉන්නේ අනිත් හැමෝමත් ලෝකෙට පේන්න විතරක් ආදරේ කරන ඇතුලෙන් විඳවන මිනිස්සු කියලා.

    හිතේ වනචාරී අදහස් පුරෝගෙන ගෑණු එක්ක කතා කරන කොටළුවෝ වගේ පිරිමිත්, වෙන වෙන දේවල් හිතේ තියාගෙන පිරිමි එක්ක හිනාවෙන මලසමයන් ගෑණුත් හිතාගෙන ඉන්නේ ලෝකේ ඉන්න හැමෝම විරුද්ධ ලිංගිකයෝ එක්ක හිනා වෙන්නේ කතා කරන්නේ කසාද බඳින්න හරි කාමරේකට යන්න හරි හිතාගෙන විතරයි කියලා..

    මි 20 වෙනි සත්වර්ෂයේ අගභාගයේ ඉපදුනාට 21 වන සියවසේ ජීවත් වුණාට, තාමත් හිතෙන් වැඩවසම් තමන්ගෙ නෝනට චීත්ත ගවුමෙන් මිදෙන්න නොදී කුස්සි අස්සේ හිර කරලා තියන පිරිමි හිතාගෙන ඉන්නේ , කොන්ඩේ පාට කරලා, ටැටූ ගහලා, නහය විදලා ඉන්න ඔක්කොම නැහැදිච්ච ගැහැණු කියලා.

    ගිණි කඳු හිතේ දරාගෙන ලෝදිය බිබී විඳවන පවුල් ජීවිත ගත කරන මානවයො හිතාගෙන ඉන්නෙ ලස්සන පවුල් ජීවිත තියෙන්නෙ සුරංගනා කතා වල විතරයි කියල.

    ආදරය ලෙන්ගතුකම කරුණාව දයාව වගේ ආදරණීය හැඟීම් කවදාවත් විඳලා නැති මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ ලෝකෙ අනිත් දේවල් වගේ, හැඟීම් දැනීම්ත් සල්ලි කොළ වලට ගන්න පුළුවන් කියල.

    ඒ වගේම ලිංගිකත්වයයේ යතාර්ථය හරියට නොදන්න මිනිස්සු හිතාගෙන ඉන්නෙ, අත්, කකුල්, කියන්නෙත් ඉතා දරුණු ලිංගික අවයව කියල.. (සීගිරි ගිය වෙලේ ලලනාවො දැක්කට පස්සෙ ගෑණු රූප නොදැකපු මානවයොන්ට කොට කලිසමක් ඇඳගෙන පාරෙ යන ගෑණු ශරීරයක් දැක්කහම අමුතු දේවල් දැනෙන කොට ඒ අය හිතන්නෙ අත් දෙක කකුල් දෙක කියන්නෙ රටේ ලෝකෙ පිරිමි වරදට පොළඹවන අපරාධ භාණ්ඩ කියල)

    මෙහෙම හිතන, මෙහෙම හැසිරෙන, කුර සහිත කොළ රතු වගේම කුරහන් පාට ජීවීන් දැක්කට තරහ ගන්නා එපා, තේරුම් කරන්නත් එපා, මොකද ඒ මිනිස්සුන්ට ජීවිතේ පේන්නේ තමන් කොටු වෙලා ඉන්න රාමුවෙ තියන පුංචිම පුංචි හිලෙන්.

    පොඩි පොඩි රාමුවල, පටු කොටුවල හිරවෙලා ඉන්න මිනිස්සුන්ට ජීවිතේ පේන්නේ අඟල් දෙක තුනක පොඩි පොඩි හිල් වලින්, එතකොට පේන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් වැඩියි, ඉතිං ඒ මිනිස්සු තීරණ ගන්නෙ තමන්ට පෙනෙන තමන් දන්න තමන් දකින විදිහට තමයි.

    රාමු වල පොලු ගලවගෙන ලෝකෙට පය ගහපු මිනිස්සු දකින විඳින දේවල්, කූඩු වල හිරවෙච්ච අය දන්නෙ නැහැ, පිළිගන්න කැමතිත් නැහැ,

    කවදාවත් හඳට ගිහිං නැති මම, තාමත් හිතාගෙන ඉන්නෙ හඳ කියන්නෙ ෆුල් මාවලස්, පට්ට relax ප්ලේස් එකක් කියලා, නීල් ආර්ම්ස්ට්‍රෝන් වලෙන් නැගිටලා ඇවිත් හඳේ ආවාට තියනවා කිව්වත්, මම දන්න හාවා ඉන්න පුර හඳ මිසක් වෙන හඳක් ගැන මගෙ හිත පිළිගන්න කැමති නැහැ.

    ඒ නිසා කුඩා වපසරියක ජීවිතේ වගා කරගෙන ඉන්න මිනිස්සුන්ට ඒකෙ අඩුපාඩු තේරුම් කරන්න යන්න එපා, ඔයා ඔළුව බිම තියාගෙන කිව්වත්, නොදන්න, නොදැකපු, නොවිඳපු, දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

    සරළවම කිව්වොත් කූඩුවල ඉපදුන කුරුල්ලෝ හිතාගෙන ඉන්නෙ, පියාඹන එක රෝගයක් කියල.. පව් අසරණ ජීවිත...

    ReplyDelete
  14. මාතලන්,

    ලංකාවේ මුල්ම කොවිඩ් එන්නත් ලෙස ජනතාවට ලබා දුන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමග නිපදවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ තත්ත්වයන් සමගම හටගත් ගෝලීය එන්නත් හිඟය නිසා එම එන්නත් ඇනවුම් කර තිබූ රටවල පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. මෙවැනි පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා පළමුවන මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද සහ කොපමණ කාල පරාසයක් ඇතුළත දී දෙවන මාත්‍රාව ලබා දුනහොත් හොදම ප්‍රතිදේහ ජනනය සිදුවේ දැයි කියන කාරණා ගැන සඳහන් පර්යේෂණ වාර්තා කිහිපයක්ම පසුගිය සති කිහිපය ඇතුළත දී වාර්තා වුණා

    මේ සියලු පර්යේෂණ තවමත් පවතින්නේ ඉතාමත් මූලික අවස්ථාවල වුණත්, ඒවායින් දැනට ලැබෙමින් පවතින සාක්ෂි ඉතාමත්ම සුබදායී වෙනවා.

    ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනය මෑතක පළකල පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව අතර කාල සීමාව සති 45 දක්වා දිගු වුව ද සාර්ථකව ප්‍රතිශක්තීකරණයක් ඇති කරන බව දැක්වෙනවා. ලෝකය පුරා නොසිතූ ආකාරයට ඇති වූ එන්නත් හිඟයත් සමඟ දෙවන මාත්‍රාවේ ප්‍රමාදයන් ඇති වූ බොහෝ රටවලට මෙය සුභදායී ආරංචියක් වුණා.

    තවත් පර්යේෂණ මාලාවකින් මතුවෙමින් පවතින නිරීක්ෂණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් වැනි එම්.ආර්.එන්.ඒ එන්නතක් ලබාදීමෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනයයි. තවම ව මූලික අවස්ථාවල පවතින ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා දෙකකින්ම පෙනී යන කාරණය වන්නේ මෙහිදී සිදුවන ප්‍රතිශක්ති ජනනය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්ති ජනනයට සමාන හෝ එයටද වඩා සාර්ථක විය හැකි බවයි.

    තවමත් ඉතා මූලික අවස්ථා වල පැවතියත් මේ පර්යේෂණ වලින් ලැබෙන සාක්ෂි ගෝලීය එන්නත් හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත් වී පවතින රටවලට අස්වැසිල්ලක් වෙනවා වගේම ලෝකයේම කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය නව දිශානතියකට යොමු කරවනු ඇතැයි සිතන්නට පුළුවන්.

    -අදාල පර්යේෂණ පත්‍රිකා හා පළ කිරීම්:

    AstraZeneca පළමු මාත්‍රා හා දෙවන මාත්‍රාව අතර පැවතිය හැකි කාල සීමා පරාසය පිළිබඳ Oxford විශ්වවිද්‍යාලයේ පළ කිරීම

    https://www.ox.ac.uk/news/2021-06-28-delayed-second-dose-and-third-doses-oxford-astrazeneca-vaccine-lead-heightened-0

    AstraZeneca පළමු මාත්‍රාවෙන් පසු වෙනත් එන්නත් වර්ගයකින් දෙවන මාත්‍රාව ලබාදීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකා (මූලික අවස්ථාවේ)

    https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3874014

    https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3854768

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රවණතාවයක් නෙවේ අයිශේ දැන් ඒක වෙලා තියෙන්නේ.
      තමුසේ ඕකවත් දන්නැති ගොබ්බයෙක්ද

      Delete
  15. මෝල්කරුවන් කීරිසම්බා 80ට අරන් 240ට විකුණනවා. අපි ෆේල් තමයි, දැන් පාස්වෙන්න හදන්නේ - මහින්දානන්ද
    ගම්මන්පිල කරන්නෙත් ඕකමනේ මාතෙ. අඩුවට තෙල් අරන් අපිට වැඩි ගානට විකුනනවා.

    ඇයි මේ ඩඩ්ලියයි අනිත් හාල් මෝල් කාරයොයි පස්සෙ විතරක් පන්න්නනේ.

    ReplyDelete
    Replies
    1. කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් අසූවකට ගත්තා කියන්න අමාරුයි. නාඩු, රතු කැකුළු, BG 373, AT 350 වගේ වී ඒ ගණන් වලට යන්න ඇති. කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් සීයකට වඩා උඩින් ලේසියෙන්ම දෙන්න පුළුවන්. අපි මන්නාරමේ ඉඳලා ගේන්නේත් කිලෝ එකක් සීයෙන් උඩ.

      හරි කමක් නෑ අපි කියමු ඒ කාලේ රුපියල් අසූවකට ගත්තා කියලා ගොයම් පාගන තැනදී. ඒත් ඒවායේ තෙත බරිත වූ ගතිය නිසා හොඳින් වේලා ගත්තාම කිලෝ එකක් හදාගන්න අවම රුපියල් 96 ක් වත් යනවා. මොකද වී කිලෝ 1.2 ක් විතර ඕන කිලෝ එකකට.

      වී මෝලේ කොටද්දි කීරි සම්බා වී නම් කිලෝ 1.7 කට වඩා යනවා හාල් කිලෝ එකක් හදාගන්න. ඒ කියන්නේ එතැනම රුපියල් 170 ක් විතර වෙනවා හාල් කිලෝ එකක්. එතකොට ප්‍රවාහන වියදම්, ගබඩා වල ගාස්තු, පැටවීම බෑම සඳහා කුලී, පසු අස්වනු හානි, තොග වෙළඳ සහ සිල්ලර වෙළඳ මාකප් එක (වියදම් සහ ලාභය) එකතු කරාම අනිවාර්යයෙන්ම රුපියල් දෙසීයක් වත් වෙනවා.

      ඇත්තටම මිනිස්සු මොන මගුලක් සඳහා කීරි සම්බා වලට මැරෙන්න හදනවා ද දන්නේ නැහැ. වෙන වී හාල් ඕන තරම් තියෙනවා. තිස්සමහාරාම පැත්තෙන් සුපිරි රතු කැකුළු හාලේ බත් කනවා නම් කිලෝ එක රුපියල් 93 - 95. අතර හාල් ගන්න පුළුවන්. (වී කිලෝ එකක් රුපියල් පණස් ගණන්, තව වී කොටද්දි වී කිලෝ එක හමාරකින් හාල් කිලෝ එකක් හදාගන්න පුළුවන්)

      කීරි සම්බා කියන්නේ කොළඹ නගරයේ උසස් සහ මධ්‍යම පන්තියේ ක්ලාසි ජනතාව අතර ජනප්‍රිය හාල් වර්ගයක්. ජීවිතේටම කීරි සම්බා කාලවත් නැති ඒ ගැන මෙලෝ හසරක් නොදන්න සමහරක් අම්බරුවෝ ෆේස්බුකිය තුල වැලලෙනවා කීරි සම්බා මිල ඉහළ ගිහින් කියලා.

      මේවා දැක්කම මට නම් හිනා යනවා. ඇත්තටම කීරි සම්බා ගන්න එවුන් ඕක තුන්සීයක් වුණත් ගන්නවා ඒකේ කිසි ගැටලුවක් නැහැ. හොඳින් මාකට් තියෙන හයි ක්ලාස් හාල් වර්ගයක් නිසා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න