.

.

Oct 17, 2021

ප්‍රේමේ මෙන් ජනතාවාදී වනවාද? සිරිසේන මෙන් කවටයකු වනවාද?

 


ඝෝඨා බලයට පැමිණීමත් සමඟ මේ රටේ තරුණ ජනතාව පක්ෂ බේදයෙන් තොරව මහත් බලාපොරොත්තු තබා ස්වේච්ඡාවෙන්ම රට පිරිසිඳු කළේ, චිත්‍ර ඇන්දේ, කුඹුරු අස්වැද්දුවේ විශාල වෙනසක් සංවර්ධනයක් වෙතැයි කියාය.


එය කිසිවකුත් බලාපොරොත්තු නොවූ විශ්මය ගෙන දෙන දෙයක් වූ අතර සියල්ලෝම කට උත්තර නැතිව තුශ්නිම්භූතව බලා සිටියා මිස, කිසිවකුත් විරුද්ධව වචනයක් හෝ කීවේ නැතිය.


එහෙත් කොරෝනාවත් සමඟ හැම එකාගේම පදයට නටන්න ගිය ඝෝඨා අද පොහොට්ටිවේ උන්ගේ පවා අප්‍රසාදයට පත් වී ඇතැයි කීම බොරුවක් නොවේය.


ඔහු ඉල්ලු සියළු බලය ඔහුට ලබා දුනි. එහෙත් එවන් බලයක් සහිත ජනාධිපතිවරයා අද සිටින්නේ  ජනතාවගේ පැත්තේ නොව, යූනියන් කාරයන්ගේ පැත්තේය. 


එහෙත් රණසිංහ ප්‍රේමදාස යනු එක එකාට ආන්ඩු කරන්නට දුන් ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු බලයට පැමිනි පසු සිටියේත් ජනතාව සමඟය.


උතුරේ හා දකුණේ ත්‍රස්තවාදීන් හා යුද්ධ දෙකක් තිබුනද එකක් මර්ධනය කොට අනෙකුන් හා සමාදානයකට පිවිසියේය.


එසේ තිබියදීත් බඩු මිළ මෙතරම් ජනතාවට ඉසිලිය නොහැකි මට්ටමේ නොවීය.


දරුවන්ට පාසල් නිළ ඇඳුම් හා කිරි ලබා දුන්නේය.


ඇඟළුම් ව්‍යාපාරය දෙස් හා විදෙස් ආයෝජකයන්ගේ මැදිහත්වීමෙන් දීපව්‍යාප්ත කළ අතර, ඉතා කෙටි කලකින් එය රටේ ප්‍රධාන ආදායම කළේය.


ග්‍රාමිය කාන්තාවන් පවා රැකියාවක් කිරීමට බිය නොවන්නේ ඒ නිසාය.


ගම් උදා නිවාස ව්‍යාපෘතිය හා නාගරික මහල් නිවාස ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක විය.


අද සමෘධි නමින් ඇති ව්‍යාපාරය ජනසවිය නමින් ආරම්බ කලා පමණක් නොව ඒ මගින් ග්‍රාමිය ජනතාව ස්වයං රැකියා සඳහාද යොමු කළේය.


එපමනක් නොව ග්‍රාමිය දිලිඳු දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දානපතියන් හරහා කැපකරු මාපිය නමින් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කළේය.


යූනියන් කාරයෝ හොර සංඝයෝ පේන්නවත් උන්නේ නැතිය. 


ඒ හේතුවෙන් දෝෂාභියෝගය අවස්ථාවේත් ජනතාව උන්නේ ප්‍රෙමෙගේ පැත්තේය.


උද්ඝෝෂණ වර්ජන දිනපතා තිබෙනා රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.


යුනියන් කාරයෝ පාලනය කරනා රටකට ආයෝජකයෝ පැත්ත පලාතේ එන්නේ නැතිය.


සිරිසේන නම් පඹයාට කෙලවුනේ දිනපතා පැවති උද්ඝෝෂණ හා වැඩ වර්ජන නිසාමය.


එහෙත්, එවන් සේවයක් කළ මිනිසාත් මැරුණු පසු රතිඤ්ඤා දමා කිරිබත් කෑ කාළකන්නි විරුද්ධ පාක්ෂිකයෝ මේ රටේ සිටියහ.


ඒ ඔහු ජනතාවාදී නායකයකු වූ නිසා නොව දරුණු පාලකයකු වූ නිසාය. සාමාන්‍ය ජනතාව හඬා වැටුනේය.


අදටත් සජිත් වට සියල්ලන් රොක් වන්නේ ඒ කීර්තිනාමයට මිස සජිත් කළ ලබ්බක් නිසා නොවේ.


අනික රණසිංහ ප්‍රේමදාස යනු විකටයෙක් නොව තෙම්පරාදු වු කෘතහස්ත, ලෝකයේ ගෞරවාදරයට පවා ලක් වූ දේශපාලඥයෙකි.


මේ රට වසර 30 ක කුරිරු යුද්ධයෙන් මුදවා ගත් මහින්ද රාජපක්ෂටද මයිනා කියනා සිංහල අමනයන්ම සිටිනා රටේ,


(එසේ කියන්නේ 2010 න් පසු මහින්ද හා පවුල ජනතාදී නොවී පිස්සුම කෙලිය නිසාය)


විරුද්ධවාදින්ගේ අම්මට හැමනියව් කියා ජනතාවාදි නායකයකු ලෙස කටයුතු කිරීමෙන් ඉතිහාසයේ වීරයකු වනවාද?


නැතිනම්, රනිල්, ඩී බී, චන්ද්‍රිකා හා සිරිසේන වැනි කවටයින්ගේ ගොඩට එකතු වනවාද යන්න, 


ජනාධිපතිවරයා ඉක්මනින් තීන්දු කළ යුතුය.


ගුරු සටනේ අවසානය සනිටුහන් වනාකාරය අනුව ඔහු කොයි පිලේද යන්න ජනතාවට තේරුම් යනු ඇත.


මේ ඉතිහාස කතා වැඩිපුර ලියන්නේ බුකියේ ඉන්නා හුජ්ජා කොල්ලෝ පමණක් නොව , අමන දේශපාලුවන්ද මේවා නොදන්නා නිසාමය....

28 comments:

  1. මම ගුරු වර්ජනයට පක්ෂ උනත්, ආණ්ඩුවේ 21 වෙනිදා පාසල් විවෘත කිරීමේ වැඩපිලිවෙල සාර්ථකයි කියන්න වෙනව. ඔවුන් ඒ ඉලක්කය අඩුම තරමේ 80% සපුරා ගනීවි... (සමහර ප්‍රදේශ වල ඉන්න ගොබ්බ දේශපාලුවා අනුව වෙනස් වෙන්න පුලුවන්)

    1. මෙතනදි කිසිම විදියකින් නුපුහුණු ගුරුවරු යටතට දරුවන් දාන්නෙ නෑ..

    2. වර්ජනයේ නිරත විදුහල්පතිවරු පවා වර්ජනය නැවැත්වුවහොත් පාසැල් ඇරීම සඳහා සුද්ද පවිත්‍ර කරනව.

    3. 19 වෙනිදා වෙනකොට ශුද්ද පවිත්‍ර නොකල පාසැල් සඳහා පමණක් අලුතින් බඳවාගත්තු ලක්ෂෙ පත්වීම් දීපු අය දාලා සුද්ද කරනවා...

    4. මුලින්ම ප්‍රාථමික අංශ පටන්ගැනීම සෞඛ්‍ය අංශ තීරණයකි (පොඩි අයට වෛරසයේ බලපෑම අවම නිසාත් එයාලාව වැක්සින් නොකරණ නිසාත්.

    එකත් හොදයි. කොහොමත් අවුරුදු විස්සක් විතර ගුරු සේවය කරලත් දරුවන්ට හරියට උගන්වන්න බැරි ගුරුවරු ඉන්නවා හැමෝම නෙවෙයි ටික දෙනෙක් අපි අනිත් උපාධිධාරීන්ටත් අවස්ථාවක් දිලා බලමු. කතාවක් තියනවානේ කනමැන්දුමේ ඉන්න කොට අහලා ගියත් ඇති කියලා.

    දෙමාපියන් වෙනුවෙන් කතාකරනවා නම් දැනට දරුවෝ ඉන්න තත්ත්වයේ හැටියට මම නම් පාසලට යවනවා ඉගෙනුම කෙසේ වෙතත් යාලුවෝත් එක්ක සෙල්ලම් කරලා හරි එයාලා සතුටු වෙයි ඒකම ඇති මට. මේ වෙනකොට ලංකාවේ හැමෝටම ඕනි රටේ වැඩ කඩාකප්පල් කරන්න. මෙහෙම රටක් දියුණු කරන්නේ කොහොමද?

    ReplyDelete
  2. යකෝ ළමාතං, ඔහොම මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බං. ගෙවල් අස්සටම වෙල ඉන්න බෑනේ. අහුවෙන වෙලේ යනවා. පළාත් සීමා උල්ලංඝනය කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි නේද�� හැම පළාතකම කොරෝනා තියෙනවනේ.��

    අනිත් එක VIP සෙට් එකට සුඛෝපභෝගී සෙට් එකට, ටුවරිස්‍ට් ලට ඇවිදින්න කැපයි අහිංසක මිනිහෙක්ට අකැපයිද? ����

    මම නම් කියන්නේ හම්බුන නිදහසේ පුලුවන් තරම් ඇවිදපල්ලා. ගෙට වෙලා ඉන්න උනොත් ආයෙමත් ඒවා මතක් කර කර හරි ඉදතැකි.
    කොරෝනා ඉවරයක් වෙන්නේ නැත්තම් මිනිස්සු ගෙවල් අස්සේ බුදියලා හරියන්නෑනේ.
    මොකක් හරි දෙකෙක් එකක් වෙයි ��

    නහය උඩින් ගියාට පස්සේ ඔලුව තෙමුනා කියලා ලොකු කේස් එකක් වෙන්නෑ නෙහ් ��

    ReplyDelete
  3. මාතා මචෝ මේකේ තියෙන සීන් එක තමයි ලංකාවේ බහුතරයක් දෙනා ඔක්කොම ආන්ඩුවට බාර දීලා කිසිම වගකීමක් නොගෙන ආතල් එකේ ජීවිතේ විදින්න ආස මිනිස්සු ������ ලේසිනේ, ඉතින් ආණ්ඩුවේ ජෝබ් හොයනවා හැමදේම ආණ්ඩුව කරනකන් බලන් ඉන්නවා, රනිල්ලා ෆේල් වුණේ මේක නිසා, ලංකාවේ ඉතිහාසය පුරා වැඩියෙන්ම ණය ගත්තේ ජේ ආර් සහ ප්‍රේමදාසගේ කාලේ. චන්ද්‍රිකාත් තව මදි පාඩුවට ණය අරන් පාන් කිරිපිටි ටින් මාළු වගේ ආනයනය කරන ලද භාණ්ඩ අඩුවට දෙමින් ආර්ථිකය කාබාසිනියා කළා. ජේ ආර් ඒ කාලේ ලේසියෙන්ම ගත්ත දිගුකාලීන ණය විශාල වශයෙන් ගෙවන්න වෙලා තියෙන්නේ දැන්, 40 years concessionary loans, ඊළඟට යහපාලන කාලේ 2019 අග වෙනකොට ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 55 කට වඩා වැඩි. එයින් බිලියන 34 ක් රජයේ ණය. භයානකම ණය වන ISB ණය මරාගේ දශකයක කාලේ ගත්ත බිලියන 5 න් දැන් 4 ක් ගෙවල ඉවරයි. යහපාලන කාලේ බිලියන 12.05 ක් ගත්තා, ඒව එහෙමම තියෙනවා ගෙවන්න, තව ඩිවෙලෝප්මන්ට් බොන්ඩ්ස්, කරන්සි ස්වෑප්ස් අම්බානක තියෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථික තත්ත්වය අනුව දැන් අලුත් ණය ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ, එක එක ජල්තර හරහා වැඩේ බැලන්ස් කර ගන්න ට්‍රයි කරන්නේ මිතුරු රටවල් වලින් අතමාරු කරගෙන ඒක එච්චර ලේසි නෑ. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වල වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක් විතර 2019/ 2020 / 2021 තුනේම ලැබුණේ නැහැ. මේ නිසා ඩොලර් බිලියන 12 ක් විතර ලොස් එකක් තියෙනවා මේක ගොඩක් බරපතල තත්වයක්. ඒ අස්සේ කිසිම වගකීමක් නැතුව වැඩ කරන මිනස්සු ඉන්නවා සෑහෙන්න, දැන් පාසල්වල දරැවෝ අවුරුදු දෙකක් ගෙදර පාසල් වහලා අපි හැමෝටම වගකීමක් තියනවා නේද දරැවන්ගේ පාසල් ටික විවෘත කර ගන්න. මේ මිනිස්සුන්ට ඕන මේක ඉවර කරන්න නෙමෙයි තව තව අල කරගෙන විහින් අමාරුවේ වැටෙනවා වගේ මට නම් පේන්නෙ.

    අනෙක් පැත්තෙන් දැන් ප්‍රේමදාස කාලේ වගේ විශාල ලාබෙට ගන්න පුළුවන් ශ්‍රම බලකායක් නෑ, බංග්ලාදේශය වියට්නාම් සහ අප්‍රිකානු රටවල් දැන් ලාබ ශ්‍රමයෙන් මාකට් එක අල්ලගෙන තියෙන්නේ ලංකාවේ තියෙන මාකට් එකටත් කෙළවෙන ලයින් එකක් තියෙන්නේ. මේ නිසා වහාම හයි ටෙක් උසස් තාක්ෂණ අංශයේ ව්‍යවසායයන් ලංකාවේ නව ව්‍යාපාර කටයුතු වලට ආයෝජන වශයෙන් ඉක්මනට ලබා ගැනීමට අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් ඉතින් සොරි වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

    එය හරහා එරට ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

    මෙලෙස හඳුන්වා දෙන්නේ කෘෂි කාර්මික වීසා බලපත්‍රයක් බව යි පැවසෙන්නේ.

    ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියාවේ කෘෂි, ධීවර සහ වන ක්ෂේත්‍රයන්හි ශ්‍රමිකයින්ගේ හිඟ බවක් හටගෙන තිබෙනවා.

    නව වීසා ක්‍රමය මගින් එම හිඟය මගහරවා ගැනීමයි ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ වී ඇත්තේ.

    මෙහි කෝටාවේ සීමාවක් නොමැති බවත්, මේ හරහා එරට ස්ථීර පදිංචිය ලබා ගැනීමට හැකිවන බවත්, ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශවල පදිංචි වීමට හැකිවන බවත් පැවසෙනවා.

    පුවත් වාර්තා පෙන්නා දෙන්නේ මෙම කෘෂි වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු රටවල්වල ශ්‍රමිකයින් වෙත හඳුන්වා දීමට මීට පෙර තීරණය කර තිබුණත්, වර්තමාන තත්ත්වය හමුවේ එය ලබා දෙන රටවල් පිළිබඳ ඔස්ට්‍රේලියානු රජය තවමත් නිෂ්චිතව ප්‍රකාශ කර නොමැති බව යි.

    කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය එරට ගොවි බිම්වල අස්වනු නෙළීමට පෙර ආරම්භ කෙරෙන බව යි වාර්තා වන්නේ.

    මෙම වැඩසටහනත් සමග ඔස්ට්‍රේලියාව තුළට විදෙස් රටවල්වලින් ආ ශ්‍රමිකයින් ගණන දෙගුණයක්වනු ඇති බව ද එරට රජය උපකල්පනය කරනවා.

    ReplyDelete
  5. දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට, ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා.

    "ඔයා මේ ලීය අයිං කරල මගෙ ජීවිතේ බේරුවොත්, මම ඔයාට වර තුනක් දෙනවා" කියල ගෙම්බ කිව්වා.

    ඉතිං ඒ ගෑණු කෙනත් ලීය අයිං කරල ගෙම්බගෙ ජීවිතේ බේරල දුන්නා.

    "ඔයාට ගොඩාක් ස්තුතියි නෝනා. ඒත් ඔයාට එක කොන්දේසියක් කියන්න මට අමතකවුනා".
    " ඔයා මොන වරයක් ඉල්ලුවත් ඒ වගේ දහගුණයක් ඔයාගෙ මහත්තයටත් ලැබෙනවා" කියල ගෙම්බා කිව්වා.

    ආ ඒකට කමක් නෑ ගෙම්බෝ කියල ගෑණු කෙනා කිව්වා.

    පළවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙ ලස්සනම කාන්තාව කරන්න" කියල ගෑණු කෙනා ඉල්ලුවා.

    ඒ ගැන ගෙම්බා ගෑණු කෙනාට...

    " ඔයා හොඳට හිතල බලන්න, ඔය වරයෙන් ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් ලස්සන වෙලා, ගෑණු එයාගෙ වටේ රංචු ගැහිල කැරකේවී" කියල ගෙම්බ අනතුරු ඇඟෙව්වා.

    "ඒකට කමක් නෑ,. මම දන්නව එයාගෙ හැටි, මම මේ ලෝකෙ ලස්සනම කාන්තාව උනාම එයා මගේ පස්සෙන් වැටිල ඉඳීවි" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල ගෙම්බා මතුරල ගෑණු කෙනාව ලස්සන කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    දෙවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙන්ම පළවෙනි සල්ලි කාරයා කරන්න" කියල ගෙම්බගෙන් ඉල්ලුවා.

    ගෙම්බා ආයෙත් සැරයක්....

    "ඒ වරයෙනුත් නෝනා! ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් පෝසත් වෙනවා, හොඳට හිතල බලල කියන්න" ගෙම්බා කිව්වා.

    "ඒක අවුලක් නෑ ගෙම්බෝ, ඒයාගෙ දේවල් මොනවද ඒ මගේ දේවල්. මගේ දේවල් මොනවද ඒ එයාගෙ දේවල්. අපි අතරෙ බේදයක් නෑ" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල මතුරල ගෑණු කෙනාව මේ ලෝකෙ පෝසත්ම කෙනා කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    "තුන්වෙනි වරයට මොනවද නෝනට ඕන" කියල ගෙම්බ ඇහුවා.

    "මට ළාවට වගේ පොඩි හාර්ට් ඇටෑක් එකක් දෙන්න"

    කොහොම ද ඒක?

    ReplyDelete
  6. "දවසක් පුරුෂයන් සහ කාන්තාවන් දෙගොල්ලම හිටපු කාන්තා මුස්ලිම් පල්ලියක යාඥාව මෙහෙයවන්න කියල මට ආරාධනා කළාම කාන්තාවක් යාඥාවක් මෙහෙයවන එක 'හරාම්' කියල ඉස්සෙල්ලම කියන්න ගත්තේ පුරුෂයෝ නෙවෙයි, සමහර කාන්තාවෝ," සොරායා සිහිපත් කරන්නීය.

    මුස්ලිම් සමාජය තුළ පවතින පුරුෂාධිපත්‍යයට අභියෝග කිරීමට නම් මුලින්ම කාන්තාවන්ගේ ආකල්ප වෙනස්විය යුතු බව දැඩිව විශ්වාස කරන සොරායා, කොරෝනා වසංගතය ලෝකය වෙලාගැනීමට ප්‍රථම නායකත්ව වැඩමුළු මෙහෙයවීම පිණිස ලොව පුරා සංචාරය කළාය.

    ඇය පවසන්නේ, "පුරුෂයන්ට වඩා තමන් පහත්ය කියන මානසිකත්වය සමාජයේ බොහෝ කාන්තාවන් තුළ දැඩිව මුල් බැසගෙන තිබෙන," අයුරු නයිජීරියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල තමන් කළ සංචාරවලදී පෙනී ගිය බවය.

    ReplyDelete
  7. අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ දැවැන්ත ගොවි විරෝධතාවයේදී අගමැති මහින්ද රාජපක්ෂ ලෙස සැරසී ආ පුද්ගලයෙකුට විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ, ගොවි විරෝධතාවය මැදට ‍අගමැති ලෙස සැරසී ඔහුගේ මුහුණ සහිත වෙස් මුහුණක් පැළද ආ සමගි ජන, ජවිපෙ ගොවි ජනතාව එම පුද්ගලයාට අමු තිත්ත කුණුහරුප වලින් බනිමින් හූ කියමින් සාටකයෙන් අදිමින් බෙල්ල හිරකර පොලු මුගුරු වලින් නෙලන්න හදමින් සහ කැති වලින් කපන්න පන්නමින් තම විරෝධතාව පළ කළා.

    කෙසේ වෙතත් එහි සිටි විවිධ මාධ්‍ය වල වාර්තාකරුවන් සඳහන් කරන්නේ එම කටයුත්ත සැලසුම් සහගතව විරෝධතා සංවිධායකයන් වන සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද්දක් බවයි. මේක ගැන ඔබේ අදහස් මොනවා ද?

    මේක බලන්න;

    https://m.facebook.com/NewsfirstSL/videos/1474250186280737/

    ReplyDelete
  8. මේ දවස්වල ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා මිල ගණන් ඉහළ යාම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාව අනුව රටක දිගින් දිගටම මිල මට්ටම් ඉහළ යන විට අදාළ රටේ මුදල් ඒකකයකින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වේ. මේ නිසා ජීවන තත්ත්වය පහළ යාමද නිතැතින්ම සිදුවන බවත් පැහැදිලියි.

    ඒ වගේම ඉතුරුම් පහළ යාමටත් ඒ හරහා අනෙක් පැත්තෙන් ආයෝජන පහත වැටීමටත් රටේ දිළිඳු පවුල්වල දරිද්‍රතාව ඉහළ යාමටත් ඔවුන්ගේ අනෙකුත් සමාජ ආර්ථික කාරණා පිරිහීමටත් මන්ද පෝෂණය ආදිය වර්ධනය වීමටත් මෙකී පරිසරය හේතු වන්නට පුළුවන්. ව්‍යාපාරිකයන්ටද උද්ධමන පරිසරයකින් එල්ල වන්නේ දැඩි බලපෑමක්. ව්‍යාපාරිකයන් අධෛර්යවත්වීම, භාණ්ඩ තොග සැඟවීම, ආයෝජනය පහත දැමීම ආදියට යොමුවිය හැකියි. උද්ධමනය මුදල් වෙළඳපොළේ ද බලපෑම් රාශියක් ඇති කරන බව කිව යුතුයි. ඕනෑම රටක මිල මට්ටම් ස්ථාවරව පවත්වා ගැනීමට ඉහළ වැදගත්කමක් ලබා දෙන්නේ මෙවැනි බලපෑම් සිදුවන නිසාය. මිල මට්ටම් ස්ථාවරව පවත්වා ගැනීමෙන් පරිභෝජන ක්‍රියාවලිය පමණක් නොව යහපත් ව්‍යාපාරික පරිසරයක් ද සකස් වේ. ආර්ථිකයේ ඇති අවදානම පහළ යන අතරම ආයෝජන ප්‍රවර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කෙරේ.

    කුමන තත්ත්වයක් යටතේ වුවද පසුගිය දශකයක්ම ලංකාවේ උද්ධමනය පැවැතියේ තනි ඉලක්කමකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2019 ලංකාවේ උද්ධමනය සියයට 4.3කි. 2020 දී එය 4.6කි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2019 දී මේ අගය සියයට 3.5කි. 2020 දී එම අගය සියයට 6.2කි. සමස්තයක් ලෙස භාණ්ඩ මිලේ සිදුවන වෙනස්කම් පිළිබඳ දළ අවබෝධයක් මේ හරහා ලබාගත හැකියි.

    2020 වනවිට ලෝකයේ අනෙක් රටවල් මෙන් ලංකාවද කොරෝනා වසංගතයට මුහුණ දුන් නිසා ලෝක ආර්ථිකය මෙන්ම ලංකාවේ ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක්වුණා. සාර්ව ආර්ථික විචල්‍යවල දැඩි පසුබෑමක් 2020න් පසුව දක්නට ලැබුණා. කොරෝනා වලට මුහුණ දෙන විට අනෙක් රටවල ආර්ථිකයට වඩා ලංකාවේ ආර්ථිකය පැවතියේ පසුගාමීව.

    තවත් දෙයක් 2012 දී සියයට 7.4කින් වර්ධනය වූ ලංකාවේ ආර්ථිකය 2020 වනවිට ඍණ 3.6ක් දක්වා පහළ යාමක් සිදුව තිබුණා. 2020 වනවිට කලාපයේ බොහෝ රටවල පැවතියේ ඍණ ආර්ථික වර්ධනයක්. එහෙත් 2018, 2019 වසරවලදී දකුණු සහ ගිනිකොන දිග කලාපයේ සියලුම රටවල පාහේ තිබුණේ ඉතාමත්ම ඉහළ ආර්ථික වර්ධනයක්. එහෙත් ලංකාවේ ආර්ථික වර්ධනය 2016, 17, 18, 19 ආදී වසරවල පවා දිගින් දිගටම පිරිහීමක් පෙන්නුම් කළා.

    මේ සමගම 2020 වනවිට ලංකාවේ ආර්ථිකය විවිධ පැතිවලින් දුර්වල මට්ටමකට ගමන් කරමින් තිබුණේ රාජ්‍ය ණය විශාල වශයෙන් ඉහළ යන ගමන්, ණය වාරික සහ පොලී ගෙවීම් ආර්ථිකයට දරාගත නොහැකි මට්ටමකට වර්ධනය වෙමින්.

    ලංකාවේ 2020 වනවිට රජයේ බදු ආදායමෙන් සියයට 75ක් පමණ ණය වාරික සහ පොලී ගෙවීමට වෙන් කිරීමට සිදු වුණා. භාණ්ඩ ආනයන වියදම් සහ අපනයන ආදායම් පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වුණා. මේවා පියව ගත්තේ සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ප්‍රේෂණවලින් සහ ඉතිරිය විදේශ ණය වලින්. එහෙත් කොරෝනාවෙන් එම ආදායම් අහිමිව ගිය නිසා 2012 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76ක් වූ ලංකාවේ රාජ්‍ය ණය 2020 වනවිට සියයට 101 දක්වා ඉහළ යාමක් පෙන්නුම් කළා. මහ බැංකුව සතු සංචිතද ශීඝ්‍රයෙන් පහළ යාමක් ද සිදුව තිබේ.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් මේ අර්බුදයට මුහුණ දීමට ආණ්ඩුව විවිධ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා තිබෙන නමුදු ඇතැම් ප්‍රතිපත්ති නිසා ආණ්ඩුවේ ආදායම් තවදුරටත් පහළ යන අතර ආණ්ඩුවේ වියදම් ක්‍රමයෙන් වැඩි වීමක් දැක ගන්නට පුළුවන්. බදු ආදායම් විශාල ලෙස අඩු වී, ගෙවුම් ශේෂයේ හිඟය තවත් වර්ධනය වීමට මේ තත්ත්වය හේතු වී දිගින් දිගටම පිරිහෙන විනිමය අනුපාතය පාලනයට ආනයන පාලනයට ආණ්ඩුව යොමු වූ අතර ආණ්ඩුවේ ආදායම් පහළ යාමේ ගැටලුව නිරාකරණයට මුදල් අච්චු ගැසීමට දිගින් දිගටම යොමුවීමක් පේනවා. මෙය කෙටි කාලීන විසඳුමක් වුවද දිගුකාලීනව ඵලදායී නැහැ. 2021 ආරම්භයේ පටන් රට තුළ උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන්.

      ඉතින් උද්ධමනය පාලනයට ආණ්ඩුව යොමු වූයේ යල් පැන ගිය කෘතිම මිල පාලනයට, වසංගතකාරී පසුබිමක ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ක්‍රමයෙන් ඉහළ ගිය තත්ත්වයක කෘතිමව මිල පාලනයකට යාම යෝග්‍ය නැහැ. ක්‍රමයෙන් මිල ඉහළ යාමට ඉඩදීමෙන් ලැබෙන වාසි කෘතිම මිල පාලනයකින් ලැබෙන අවාසිවලට වඩා වැඩියි.

      අවසානයේ අසාර්ථක වූ මිල පාලනය ඉවත් කළ වහා බොහෝ භාණ්ඩවල මිල සියයට 30ත් 80ත් අතර ඉහළ ගිය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ රාශියක මිල ගණන් මෑතදී ඉහළ යාම ආරම්භ වූයේ ඒ බව සනාථ කරමින්. සාමාන්‍යයෙන් රටක උද්ධමනය ඉහළ යන්නේ කරුණු දෙකක් හේතුවෙන්, රට සතු මුදල් ප්‍රමාණය ඉහළ ගොස් සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩිවීම එකක්, ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වර්ධනය වේ නම් උද්ධමනයක් ඇති වන්නේ නෑ. එහෙත් සැපයුම සිදු නොවීම හෝ ක්‍රමයෙන් පහළ යාමෙන් භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුවීම අනෙක් එකයි. භාණ්ඩ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ද මිල ඉහළ යන්නට පුළුවන්. අද ලංකාවේ බඩු මිල ඉහළ යාමට හේතුව මේ සියල්ලේම සම්ප්‍රයුක්ත බලපෑමක් නිසයි.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  9. ගෝලීය වසංගත තත්ත්වය සමගින් මිල ඉහළ යාම සමග දැනට ලෝකයේ සෑම රටකම පාහේ යම් තරමකින් උද්ධමනකාරී තත්ත්වයක් පවතින බව පේනවා. එය සාමාන්‍ය සංසිද්ධියක් එහෙත් ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වඩාත් නරක අතට හැරුණේ රුපියලේ අගය දිගින් දිගටම පිරිහීම නිසා. 2010 දී ඩොලරයේ අගය රුපියල් 111ක් පමණ. 2015 දී එම අගය රුපියල් 144ක්. 2020 දී මේ අගය රුපියල් 186 දක්වා ඉහළ ගිය නිසා අද වනවිට ඩොලරයේ අගය රුපියල් 203ක් ලෙස නිල වශයෙන් නිවේදනය වී තිබේ. එහෙත් නිල නොවන මට්ටමේදී එය රුපියල් 215, 230 මට්ටමේ ඇති බව සඳහන්.

    එසේම 2015 වසරට සාපේක්ෂව නිල දත්ත අනුව රුපියලේ අගය සියයට 80කින් පමණ පහළ ගිහින්, එනම් 2015 දී එකම ගණනක් වටිනා භාණ්ඩයක් ගෙන්වීමට වැය කළේ රුපියල් 100ක් නම් අද එයටම රුපියල් 180කට වඩා වැය කළ යුතුයි. අමුද්‍රවය ඇතුළු සියලු ආනයන ද්‍රව්‍ය මිල ඉහළ යාමක් මේ නිසා සිදුවෙලා. ආනයන පාලනය සහ දේශීය මිල පාලනයට ආණ්ඩුව යොමු වන්නේ මෙවන් පසුබිමක. එහෙත් මේ පියවර දෙකෙන්ම ලංකාවේ ආර්ථිකයට වූයේ අයහපතක්.

    ඒ වගේම පොහොර ආනයනය නැවැත්වීම තවත් එක් උදාහරණයක්, තේ අපනයන ආදායම් අඩුවීම මෙහි ප්‍රතිඵලයක් වේවි. ලංකාව මේ ආකාර විෂම චක්‍රයකට හසුව ඇති බව පැහැදිලියි. මේ බොහෝ ප්‍රතිපත්ති ක්ෂණිකව සහනයක් වුවත් දිගුකාලීනව ආර්ථිකයට වේදනාකාරීයි. දිගුකාලීන සැලැස්මක් මේවා තුළ දක්නට ලැබුණේ නැහැ.

    ඒ වගේම උද්ධමනයට දේශීය බලපෑම් මෙන්ම විදේශීය බලපෑම් ද හේතු වුණා. දේශීය බලපෑම් නම් මුදල් සැපයුම ඉහළ යාම, ඩොලරය ඉහළ යාම නිසා ආනයනික අමුද්‍රව්‍ය මිල අධික වීමත් වැටුප් වැඩි කිරීමට සිදු වීමත් නිසා රට තුළ දේශීය නිෂ්පාදනය පහළ යාම, රට තුළ ක්‍රියාත්මක විවිධාකාර වැඩ වර්ජන රැල්ල, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පරස්පර ප්‍රකාශ ප්‍රධානයි. කුමන අංශයක වැඩ වර්ජන පැවතියත් ඒවා හැම එකටම පිරිවැයක් තිබේ. අවසානයේ මේවා සියල්ල රටේ සමස්ත උද්ධමනය ඉහළ යාමට බලපාන සාධක බවට පත්වීම නොවැලැක්විය හැකියි.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ලංකාවේ ආර්ථිකය මෙහෙය වන්නන් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ පරෙස්සමෙන් සහ දුරදක්නා නුවණින්. විශේෂයෙන් විනිමය අනුපාත පිරිහීමට සාපේක්ෂව විදේශ භාණ්ඩ සැපයුම අඩු කළ එක වගේම පසුගිය කාලයේ විදේශ භාණ්ඩ මිල ද ඉහළ ගියා. දේශීයව භාණ්ඩ මිල ඉහළ යාමට මේ සාධක ඍජුව බලපෑවා.

      ගෝලීය වෙළඳ පොළ ගැන විමසීමේදී ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ දත්ත අනුව 2020 දෙසැම්බර් සිට 2021 සැප්තැම්බර් දක්වා සීනි, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස් වර්ග මිල සියයට 32කින් වැඩි වෙලා තියෙනවා. මාසික වෙනස්වීමක් ගත්විට එය සියයට 2ත් 3ත් අතර ප්‍රතිශතයක්, බොරතෙල් මිල ගණන් ද දිගින් දිගටම ඉහළ ගියා. සාමාන්‍යයෙන් 2015 බොර තෙල් බැරලයක් ඩොලර් 48 ක්. 2020 වනවිට සාමාන්‍යය ඩොලර් 68 ක්. මේ වනවිට එම මිල ඩොලර් 80 ක් පමණ වී අධික ලෙස ඉහළ යන තත්ත්වය තුළ උද්ධමනයට නැතිනම් බඩු මිල ඉහළ යාමට දේශීය හා ජාත්‍යන්තරව වූ බලපෑම ඒ අනුව වටහාගත හැකියයි මම හිතනව.

      Delete
    2. පේන විදිහට මේ මිල ගණන් වැඩි වීමේ අර්බුදය ලබන වසර වනවිට මීටත් වඩා තවත් තීව්‍ර විය හැකියි. ආනයන අමුද්‍රව්‍ය මිල තව දුරටත් අධික වීමත් සමග දේශීය නිෂ්පාදන තවත් පහළ ගියොත් වැඩ වර්ජන රැල්ල දිග්ගැසුණොත්, විදේශ වෙළඳාමෙන් වාසි නොවුණොත්, සංචාරක කර්මාන්තයෙන් විදේශ ප්‍රේෂණවලින් යම් සැලකිය යුතු මට්ටමකින් විශාල මුදලක් නොලැබුණොත් උද්ධමනය තවත් ඉහළ යා හැකියි. මේ අර්බුදයට වගකිවයුතු පාර්ශ්ව දෙකයි. රජය ඉන් එකක්, ඒ මේ ගැටලුවලට එදිනෙදා විසඳුම් සොයන මූලධර්මයට වඩා ආර්ථික දර්ශනයක් ඔස්සේ විසඳුම් සෙවීම අත්‍යවශ්‍යයි. එහෙත් එසේ සිදුවන බවක් පෙනෙන්නට නැහැ. එයට උදාහරණ ඕනෑ තරම්. වෙළඳපොළට විසඳා ගත හැකි ප්‍රශ්න ආණ්ඩුව ඍජුව මැදිහත් වී විසඳීමට යාමෙන් ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා.

      ලංකාවේ පොදු සමාජය අනෙක් පාර්ශ්වයයි. සමාජයක් ලෙස තිබූ හෝ පවතින දේශපාලනයට දොස් නැගීමෙන් තවත් පලක් නැහැ. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීමට අප හැමෝම තම තමන්ගේ වගකීම් ඉටු කරනවාද යන්න යළිත් සිතා බැලිය යුතුයි.

      භාණ්ඩ මිල ඉහළ යාමේ ප්‍රතිවිපාක රැසක් තියෙනවා. ස්ථාවර ආදායම් ලබන්නන්ට මෙය දැඩිව බලපානවා. කොරෝනා වසංගතය සමග භාණ්ඩ මිල එක්වූ විට ස්ථාවර ආදායම් නොලබන්නන්ටද දැඩි බලපෑමක් මේ හරහා සිදුවූ අතර සාමාන්‍යයෙන් උද්ධමනය එදිනෙදා ආදායම් ලබන අයට වාසි සහගත වන නමුත් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධව යමින් මෙවර එසේ නෙවෙයි.

      ඇත්තටම මේකට හේතුව කොවිඩ් වසංගතය සමග එදිනෙදා ආදායම් ලබන්නන්ගේ ආදායම් මාර්ග ඇහිරී යාමයි. ඉතිරි කරන්නන්ට ද ඍජු බලපෑමක් උද්ධමනයෙන් සිදුවුණා. උද්ධමන අගයට වඩා පොලී අනුපාත අඩු නම් ඒ අතර වෙනස ඉතිරි කරන්නාට අහිමි වෙනවා. ණය හිමියන්ටද බලපාන්නේ මුදලේ අගය පිරිහීම හරහායි. ඒ වගේම ආදායම් ව්‍යාප්තියට ඉතාමත් නරක ආකාරයෙන් උද්ධමනය බලපාන බව පෙනෙන කරුණක්. නිෂ්පාදකයන් අධෛර්යවත් වීමට, නිෂ්පාදන කාර්යක්ෂමතාව අඩුවීමට ද උද්ධමනය හේතුවක්.

      Delete
    3. ඔන්න ඔය වගේ දේවල් නිසා මේ ප්‍රශ්නය විසඳීමට න්‍යායාත්මකව කරන්න පුළුවන් දේවල් වලින් මුදල් සැපයුම පාලනය එකක්. වැඩ වර්ජනය කර වැටුප් වැඩි කර ගතහොත් ඉල්ලුම වැඩි වී උද්ධමනය ඇතිවිය හැකියි. වර්ජකයන්ගේ ඉල්ලීම් අසාධාරණ බව කියන්නේ නැහැ. ඒත් ඉතින් ඩිමාන්ඩ් එක වර්ධනය සීමා කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඒ වගේම නිෂ්පාදන සැපයුම වර්ධනය කිරීමට පියවර ගත යුතුයි. කාර්යක්ෂමව සම්පත් බෙදී යාමකට අවශ්‍ය පසුබිම සැකසීමද අවශ්‍යයි.

      මෙතනදී රජයේ ඍජු පාලනය ප්‍රායෝගික නැහැ. කෙටි කාලීනව සුදුසු පියවරක් වුණත් දිගුකාලීනව සිදු වන්නේ අවාසියක්. මිල පාලනයේ තබා ගැනීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට විශාල වශයෙන් ආදායම් අහිමි වීමක්. මෙසේ අහිමි වන මුදල් පියවා ගැනීමට වෙන්නේ ණය ගැනීමෙන්, මුදල් අච්චු ගැසීමෙන් හෝ බදු වැඩි කිරීමෙන්. මේ කුමන ක්‍රමය අනුගමනය කළත් එහි බර සමස්ත සමාජයටම දරන්න වෙනවා.

      ඒ නිසා ආණ්ඩුවට මේ මොහොතේ ශක්තිමත් ඍජු ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. ඒ තුළ කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන ආර්ථිකය මෙහෙයවන ක්‍රියාවලි තිබිය යුතුයි. අද මුහුණ දෙන ප්‍රශ්නය දෙස බැලීමෙන් පමණක් විසඳුම් සෙවීම ප්‍රමාණවත් නැහැ. ඒ වගේම දැඩි පාලනයෙන් සිදුවන්නේද ආර්ථිකය තවදුරටත් පහළ යාමයි. ඒවායෙන් ආර්ථිකයක් කළමනාකරණය කළ නොහැකියි.

      මම හිතන්නේ ආණ්ඩුව කළ යුත්තේ පෞද්ගලික අංශය සමග මිතුරු වී ඔවුන් හැකි පමණින් දිරිමත් කර ඔවුන් හරහා ආර්ථිකය ගොඩනැගීමට සමස්ත ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. ආණ්ඩුව ඍජුව මැදිහත් වී ප්‍රශ්න විසඳීමට යාම නිසා විශාල පිරිවැයක් දරන්නට සිදුවූ අතර ඒ බව පැටවෙන්නේ ද සමාජයටයි. එහෙත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කොරෝනා හමුවේ ආර්ථිකය මෙහෙයවන සැලැස්මක් තවමත් ලංකාවේ නැහැ. එවැනි ප්‍රතිපත්තියකට දැන්වත් යොමු වී කටයුතු නොකළහොත් දැනට ආර්ථිකයේ ක්‍රියාත්මක වෙන මේ විෂම චක්‍රය තවත් බලසම්පන්න වී ලබන වසර මැද වනවිට ආර්ථිකය ඉතාමත්ම බරපතළ අර්බුදයකට යාමේ අවදානමක් තිබේ. එහි ප්‍රතිවිපාක මීට වඩා ගොඩාක් භයානක වෙන්න පුළුවන්. ඒක මතක තබාගෙන දැන්වත් කල්පනාකාරීව සමස්ත සමාජය දැනුවත් කර මහජන සහාය සහ විපක්ෂ දේශපාලනික ව්‍යාපාර වලින්ද සහයෝගය ලබාගෙන අවශ්‍ය තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍යයි.

      Delete
  10. ෂිංගල බෞද්ධයාගේ පරම අරමූණ ව්ය යූත්තේ සියළු කෙලෙස් මැඩ අමා මහා නිවන ලැබීමයි..

    ReplyDelete
  11. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති නොකර වහාම ක්‍රියාත්මක වී ශ්‍රී ලන්කන් ගුවන් සේවය , දුම්රිය , ලංගම , කනිජ තෙල් , විදුලි බල යන ආයතන වල පවතින අකාර්යක්ෂමතා සහ හොරකම් නිසා බිලියන ගණනක් මහජන මුදල් නාස්ති වන අතර එය පාලනය කිරීමට මේවායේ කළමනාකරණය 49% ක් වත් පුද්ගලීකරණය කළ යුතුයි. මේ කිසිදු ආයතනයක් කාර්යක්ෂමව සේවා සපයා නැති නිසා රජයට බරක් විතරයි. අනෙත් කරණය නම් තරගකාරී පුද්ගලික අංශය අධික ලෙස ලාබ ලබද්දී මේ ආයතන විශාල ලෙස පාඩු ලැබීමයි. අවසානයේ ගුවන් යානයකට, දුම්රියකට ගොඩවී වත් නැති අහිංසකයන් ගේ බදු මුදලින් මේවා නඩත්තු කිරීම කොතරම් අසාධාරණ ද?

    ReplyDelete
  12. මාතේ ලංකාවේ රජයේ බදු ආදායම් අවුරුද්දකට රුපියල් බිලියන 1360 - වියදම් රුපියල් බිලියන 2690 ක් විතර. ඉතින් මොකේද දන් වළඳන්නේ?

    අදායම් එන මාර්ග එකක් වත් හරියට කළමනාකරණය කරගන්නේ නැතිව , ආණ්ඩුවේ ආදයම අඩුවෙලා කියල එක හොයාගන්න මිනිස්සුන්ට බදු වැඩි කර කර ලංකා ව ඉන්න බැරි රටක් කරන්න විතරයි රනිල් ලයි රාජපක්ෂලා යි දන්නේ, ජෙප්පෝ සහ අනිත් විකල්ප කණ්ඩායම් කියාගෙන එන එවුන් දන්නේ කිසිම වගකීමක් අරන් හරවත් වැඩක් නොකර ලේසියෙන්ම කළ හැකි දේ, ඒ මුන් දෙගොල්ලොන්ටම බැන බැන ඔහේ කාලය කා දමන එක විතරයි. ඉතින් මොකද බන් මිනිස්සු කරන්නේ? කවුද තෝරා ගන්න ඉන්නේ?

    උදාහරණයක් විදියට කොළඹ වරායෙන් ගොඩ බාලා පිට කරන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඉතාමත් අඩු පිරිවැයක් දරමින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමි වෙනවා කියලා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙන කෝපා කමිටුව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලූත්ම වාර්තාවේ කියන්නේ. මේවා දැනට prime mover truck වලින් අරන් යන එක වියදම් වැඩියි. ඒත් truck සමාගම් වලට කල්ල මරේ.

    හැබැයි හොඳ තත්ත්වයේ තියෙන ඒ දුම්රිය මාර්ගය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවත් පිළි ගන්නවා.

    ඇත්තටම කොළඹ වරාය ආශ්‍රිතව ඉතා සාර්ථක දුම්රිය මාර්ගයක් තිබ්බත් නැවකින් කෙළින්ම දුම්රිය මාර්ගයට කන්ටේනර් ගොඩ බැස්සවීමට ලෝඩින් ක්‍රේන් සහිත පහසුකම් වරායේ නැතිවීම නිසා තමයි ඒකට හේතුව. හැබැයි එහෙම සෙටප් එකක් හදාගන්න අධික පිරිවැයක් දැරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දීල ඔහේ ඉන්නවා.

    ඒ නිසා මෙම ආදායම අහිමි වන බව පිළිගෙන ඇති දුම්රිය නිලධාරීන් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා වරාය අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වන බව කියලා ෂේප් වුණා.

    මේ අතර රජයේ සැලසුම් සහ දේශපාලනික සෞභාග්‍යයේ දැක්ම ටෝක්ස් වල නම් වරාය හා සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනයට අදාල දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්වලින් යුතු සියලු පහසුකම් සහිතව multi mode transport centre කියලා බහුමාධ්‍ය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතත් මේ ව්‍යාපෘතියේ කටයුතු වලට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට නිලධාරීන්ගේ මැලි බවක් කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

    පහුගිය කාලේ ගම්මන්පිලගේ මළ වදේ නිසා තෙල් සංස්ථාවට රුපියල් බිලියන හතක් විතර ඉතුරු කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ප්‍රවාහනය ක්‍රමානුකූලව වර්ධනයවීම ගැන විතරක් ටෝක්ස් ටිකක් දීලා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කමිටුවේ දී ෂේප් වෙලා තියෙනවා. ඇත්තටම මේවා ගැන ජහමනයා කෑ ගහන්න ඕන, වෙන බයිලා වෙනුවට රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා මේ වගේ දේවල් කරන්න ආණ්ඩුවට බල කරමින් ජනතාව සටන් කළ යුතුයි නැතුව නිකන්ම පඩි වැඩි කරන්න වගේ ප්‍රශ්න නෙවෙයි ඒ සමගම ඊට සොලූෂන් සමගයි රජයට බල කල යුතු වෙන්නේ අඩුම තරමින්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න