.

.

Oct 30, 2021

කොඩිවින සමඟ වැලලෙනවාද? කොඩිවින කපා ආ වැඩේ කරනවාද?



.

රාජපක්ෂ පවුල තරම් බලවත් පවුලක් මේ රටේ කිසිඳු දේශපාලන  පවුලකින් මතුවූයේ නැත. රාජපක්ෂ පවුල බලයට පත්වන්නේ 2005 දීය.


2010 දී දෙවන වරට බලය ලබාගන්නේ යුධ ජයත් සමඟ රාජාභිෂේක කරනා ලද රජෙකි.


එවන් රාජපක්ෂලාට මැදමුලන ජනේලේ එල්ලෙන්න සිඳූ වූයේ ඇයි?


බොහෝ අය කියන්නේ කුමාරවරුන් හා බිසවගේ පිස්සු කෙලීම් හේතුවෙන්‍ය කියලාය. එහෙත් 2015 න් පසු, හේතුව එය නොවනා බව සියල්ලෝ තේරුම් ගන්නේ, හැම දේසපාලුවාගේම පරම පැතුම රාජපක්ෂලා වීම බව අවබෝධ වීම තුලින්‍ය.


රාජපක්ෂලා රජයේ දේපල තම හත්මුතු පරම්පරාවේ භුක්තියට සවිකර ගත්තේ නැති වුවද, පැරදුන පසු පොලොන්නරුවේ යනවා යැයි කියූ පොලොවෙන් මතු වූ සරළ පොර ගියේ පැජට් පාරේ එක ගෙයක් නොව ගෙවල් දෙකක්ම ලියාගෙනය.


එයාගේ දූලා පුතාලා මෙන්ම රනිල්ගේ ගෝලයන්ගේ දූ දරුවෝද අගබිසෝවරුද රඟපෑවේ රාජපක්ෂ පවුලේ භූමිකාවන්මය. රමණයට නොව ටොයිලට් යන්නත් හෙලිකොප්ටරක් නැතුව බැරිවිය. 


මා නම් එදා සිටම කිව්වේ, රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත්ම නොව විමල් නම් වූ රජගෙදර රිලවාමය කියලාය. ඒ මැදමුලන වලව්වේ එයාලාම වලලාගත් කොඩිවිනයය.


2010 - 2015 ආන්ඩුව ඇතුලේ සිට විමල් ඇද්ද ගේමට බැක් එක දුන්නේ පාඨලී හා රතනය. පාඨලී හා රතන රාජපක්ෂලා අතහැර ගියද විමල් ගියේ නැතිය.


එයට හේතුවක් තියෙන්නේය. එය විමල්ගේ චින්තනයේ තිබෙන්නේ විමල් ජවිපේ තුල සිටිනා කාළයේ සිටමය. චන්ද්‍රිකාගේ කාළයේ ජෙප්පෝ 40 ක් පාර්ලිමේන්තු එන්නේ මේ මෙතඩ් එක අනුවය. 


විමල්ගේ ප්ලෑන් එක වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බලය ඩැහැගැන්මයි. එජාපයේ චන්දවල චින්තනය විමල්ට ගැලපෙන්නේ නැති බව ඔහු දන්නේය, ටොයියන් හෙවත් ලිබරල් ක්‍රමයට යම් කැමැත්තක් ඇති පිරිස සිටින්නේ එතනය. ඒ හේතුවෙන් උන්ට විමල් යනු වමේ තවත් එක් ජෝක් එකක් පමණය. 


දේශපාලකයෝ සිතුවේ මෙය ජවිපේ ප්ලෑන් එකක් කියලාය. එහෙත් එදා මේවාට විරුද්ධ වූ මහින්දත් 2005 දී මේ ගුලියට මාට්ටු වූවා පමණක් නොව, අවසානයේ වැඩේ කෙලවර වන්නේ මේ මාස්ටර් මයින්ඩඩ් පොර තමන්ගේ දකුණු අත කරගෙනය.


විමල්ගේ මේ සෙල්ලම්, කුඩා පක්ෂයක් වන ජවිපේ තුලවත් දැමීමට නොහැකි වූයේ එතන ඉන්නා උන් විමල් එන්නේ මොකාටද කියා හොඳින් දැනගෙන උන් නිසාමය.


එහෙත් අමු බයියන් ගහන ශ්‍රිලනිපයේ උන්ට විමල් වීරයෙක් වූවා පමණක් නොව, මහ බයියා වන මහින්දගේත් අග්‍රපුරෝහිත වන්නේය. එය විමල්ගේ ටැලන්ට් එකය. ඒ අනුව දේශපාලන අන්ඩයා මහින්ද නොව විමල්‍මය.


එදා ශ්‍රිලනිපයේ උන් බයියෝ දැන් ඉන්නේ පොහොට්ටුවේය. මහ බයියා සිතනවා ඇත්තේ නාමල් කුමාරයා අනාගතයේ රජවන විට විමල් ඔහුගේ අග්‍රපුරෝහිත වී ෆුල් බැක් එක දෙයි කියාය.


අපිට නම් මහින්ද මහත්තයාට කියන්න තියෙන්නේ, ඔයා හරි පව් මෙයා කියලාය. පෝට්ටු බයියෝ අද ඉන්නේ රාජපක්ෂලා සමඟ නොව විමල්ලා එක්කය.


විමල් එලවීමට මහින්ද එදා නොව අදත් බයය. එදා 2012 දී මේ කොඩිවිනය කපා දැම්මා නම්, අද මේ නටන තොවිල් නටන්න වෙන්නේ නැතිය. 


එසේ නම් විමල් වාසු මෙන් දේශපාලනයේ සුළු චරිතයක් වන්නේය. මහින්දලා 2015 දී කොහොමත් පරදින්නේය.

මොකෝ කොඩිවින වැලලූ ගෙවල් වලට වගතුවක් නැති නිසාය.


මහින්ද මේ කොඩිවිනය දැන් ඝෝඨාගේ කරේ එල්ලා අවසානය. මේ විකාරවලින් සිඳුවන්නේ 2025 දී රාජපක්ෂලාගේ පවුල් දේශපාලනයේ අවසානය සටහන් වී. බයියන්ගේ නායකයා විමල් වීරවංශ බවට පත්වීමය. එය මේ වන විටත් සිඳු වී අවසානය.


ඒ කියන්නේ විමල් කොඩිවිනය තබා ගතහොත් අනිවාර්‍යෙන් රාජපක්ෂලා පරදිනවාමය. විමල් ජයග්‍රහණය කරනවාය.


එසේ නම් දැන් තිබෙනා හොඳම ක්‍රමය කොඩිවිනය ඉවත් කොට ගේමක් දෙන්න ට්‍රයි කරනා එකය. 


ඝෝඨාගේ හා බැසිල්ගේ ලිබරල් ආර්ථිකය, ටැබ් දුන්නොත් දරුවන් වඳ වෙනවා යැයි කියූ ගල් වැද්දන් හා කීයටවත් ඉදිරියට ගෙන යා නොහැකිය. 


මෙවැනි ගොබ්බයෙක් ඇමතිකමේ තබාගෙන බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලව කරන්නට යාම සිහිණයාක්ම පමණය.


රටේ සංවර්ධනට විපක්ෂය නොව ආන්ඩුවේම උන් විරුද්ධ නම්, ආපූ ගෞතම් අදානිලත්, මුන් මොන පිස්සෝ රැලක්ද කියා ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නැතිය.


විපක්ෂය ඉන්නේ ආන්ඩුව ඇතුලේ කියා උන්ම කියනවාය. එහෙව් උන් ඇමතිකම් වල තියාගෙන ආන්ඩු කරන්නේ කෙසේදැයි කියා මා නම් දන්නේ නැතිය.


🎈රට හදන මෙතඩ් විමල්ලා ළඟ ඇත්තේ නැතිය. 


🎈උන් දන්නේ රට වනසන මෙතඩ්‍ ය, 


🎈ගල් කටස් අරන් ගෙවල් වලට පැන අයිඩෙන්ටිය මංකොල්ල කන මෙතඩ්‍ ය. 


🎈ට්‍රාන්ස්ෆෝමර් බ්ලාස්ට් කර රට අඳුරේ තබනා මෙතඩ් ය


🎈බස් ගිනි තියනා මෙතඩ් ය


🎈කර්මාන්ත ගිනිතබා සුන්නද්දූලී කර දමනා මෙතඩ්‍ ය.


🎈තුන්ඩු කෑල්ලෙන් බිස්නස් වසනා මෙතඩ්‍ ය


🎈ඔලුවට පිස්තෝල තබා කප්පන් ගන්නා මෙතඩ් ය


🎈මිනී මරා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ බෝඩ් එක කරේ එල්ලා දේශයේ ප්‍රේමය මිනී සමඟ රටට ප්‍රදර්ශනය කරනා මෙතඩ් ය.


🎈මිනිසුන් පාරට ඇද දමා බෝඩ් අතට දී සියල්ලට විරුද්ධ වන් මෙතඩ් ය


🎈කොටින්ම රට අකර්මන්‍ය කොට කාබාසීනීයා කර දමනා මෙතඩ් ය


🎈විකල්ප පත්තර වල වමේ බයිලා ලියූ උන්ට ඇමතිකම් දෙන උන්ට පිස්සුය.


🎈මුන්ට දෙන්න ඕනා කර්මාන්ත ගිනි තියනා ඇමතිකම්‍ ය.


🎈තෙල් ගබඩා ගිනි තියනා ඇමතිකම්‍ ය.


🎈පානිය ජලයට වස එකතු කරනා ඇමතිකම්‍ ය.


ඒ නිසා කොඩිවිනය තබාගෙනම මිය යනවාද, කොඩිවිනය ඉවත් කර තවදුරටත් ජීවත් වීමට උත්සාහ කරනවාද යන්න රාජපක්ෂලාට බාරය.


වලක වැටුන පසු වලෙන් ගොඩ ඒමට උත්සාහ කරනවා වෙනුවට, වලේ ඉන්න ළිං මැඩි හා බයිලා තරඟ පවත්වන්නේ පිස්සෝය.


ඒ වගත් මෙසේය.....


.

13 comments:

  1. විමල් කියන චරිතය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ.

    ඒ උනාට, 2015 දී මහින්ද මහත්තයා ජනේලේ එල්ලිලා ඉන්න කොට, ඒකෙන් ගලවාගෙන, නුගේගොඩ රැළියෙන් රාජපක්ෂලාගේ පුනරාගමණයට මූලික උනේ මේ කියන පංචායුධ කුමාරයා නේද?
    (මැක්කාට බල්ලා නැතිව පැවැත්මක් නැති බව ඇත්ත උනත්, ඒ වෙලාවේ ඉදිරිපත් උන මැක්කන් අතර ඉදිරියෙන්ම හිටියේ මෙයා නේද??)

    ReplyDelete
    Replies
    1. 😜😜😜😜😜

      ඕක හෙන මිත්‍යාවක්....
      ඇයි මොකටද රාජපක්ෂගෙ එල්ලුනේ.....
      එයාට ඉල්ලන්න තිබ්බා නේ...

      Delete
  2. එල්ලා ගන්නෙ පංචායුධ බෙල්ලේය
    කතත් හොරා අහු නොවෙනා විදිහටය
    නීච කුල බැඳුම් කර ගත් ඇත්තන්ය
    අවි ගත්තෝ නැසෙන්නේ ඒ අවියෙන්ය!

    ReplyDelete
  3. හොරාව කරේ තියාගෙන යන්නද උඹ වගේ...උඹ රවි මහතාගේ පූක හේදූවා අමතකස

    ReplyDelete
  4. ඔය ගැන ඉතාමත් කෙටියෙන් කියන්නම්, එකම හේතුව නිසා විවිධ ඵල ඇති වන අතර ම ඒ එකම ඵලයට විවිධ හේතු ද ඇත. හුදු විශ්ලේෂණාත්මක ක්‍රමවේද කෙරෙහි සත්‍ය ගවේශකයෝ විශ්වාසය නොතබති. ඔබට වැටහෙනු ඇති බව හිතනවා මාතලන්.

    ReplyDelete
  5. මෙහෙම ගියොත් pvt කම්පැනි වලට, foreign direct investorsලට කිසිම investment එකක් කරන්න වෙන්නේ නෑ මේ රටේ හැමදේම නිකම් දියව් කිය කියා වැලලෙන පරපෝෂිත අයට කන්න දිදී ඉන්න වෙනවා අපේ අය කියන විදිහට �� good post

    ReplyDelete
  6. අද match ඒක ගැන මොකද හිතෙන්නේ මිත්‍රවරුනි ������

    ReplyDelete
  7. විනයක් නැති විමලේ
    කොඩිවිනයකි සැක නැතිවම
    නන්දෙත් හති වැටිලා
    බැසිල් බැහැයි කියලා
    අප්පච්චිට වාරු නැතේ
    මේ ජරමර මැද්දෙ ඉඳන්
    මෙවර විමලෙ ගහන බෙරේ
    නතර කරන්නේ කොහොමද
    දෙකක් නැතුව ආණ්ඩුවම
    යාවි දෙකට කැඩිලා

    ReplyDelete
  8. අපේ රටේ උන් කරන්නනේ ඉතින් අල්ලපු ගෙදර එකාගේ කුණු හොයන එකනේ.මේවද රටේ ප්‍රශ්න මිනිසුන්ට කන්න නෑ. ජීවත් වෙන්න විදියක් නෑ. උන් දෙන්නටම හොදයි නම් අනිත් උන්ට තියෙන කැහිල්ල මොකක්ද.

    ReplyDelete
  9. අඩෝ ළමා තං,

    ඕව ගණන් ගන්න එපා බං අර වන-ආසී රා උල වගේ ෆන් එකේ හිටපිය ඩෝ,

    අලුත්ම පුලි ලෝඩඩ් අවුඩියක් (Audi) බස්සල ඒකෙන් වඩින ගමන් හැන්දෑවේ හීනියට සින්ගල් මෝල්ට් සිප් දෙකක් අයිස් එක්ක ගිලන් පසට පෝක් ස්ටූ එකක් එක්ක වළඳන ගමන්ම Facebook ඇක්ටිව් වෙලා YouTube video බලලා අප්ඩේට් වෙලා ඒකේ ඉන්න සෙලිබ් ලාට ලයින් දාල ආතල් එකේ ඉන්න පුරුදු වෙයන් මචං

    ඔය පන්සල් වල ඉන්න අනෙක් උන්නාන්සෙලා බලහංකෝ ඔහේ ඉන්නවාට ඉන්නව රටට වැඩක් නෑ ජාතියට වැඩක් ඇත්තෙත් නෑ අන්තිමට නිකාං පොළවට පස් වෙනවා නේද?

    බී ලයික් රා උල (වනේ හිටියට නගරේ ඉන්න උන්ටත් වඩා පොස් ඕයි)

    මේ වගේම මේ කතාවේ ඇත්තක් නැත්තේ නැහැ නේද බං ළමා තං?

    https://www.facebook.com/charanatvofficial/videos/261657092568976/

    ReplyDelete
  10. මාතා,

    වීරවංස කල්ලිය මංගොන්පිලල රිලාසිරිල අල්ලගෙන නාඩගමක් නටනවා, එක පැත්තකින් වැඩේ හරිගියොත් ආණ්ඩුව රැකගැනීමත් වැරදුනොත් විපක්ෂයේ ප්‍රධානම බලවේගයක් වීමත් තමයි පෙනෙන හැටියට අර්මුණ වෙලා තියෙන්නේ, හැබැයි මම හිතන්නේ මේ වැඩේ අර 2014 ආර්ථික ඝාතක පී.බී. නාඩගම වගේම අසාර්ථක එකක් වේවි, අනෙක් පැත්තෙන් මේ වගේම බූරුවංසගේ අනුප්‍රාප්තික අනුර කුමාර මැන්ටලේගේ ගොන් පාට් එකත් මෙහෙමමයි, මොකද බුකියේ ‍රැළි හැදීම සාමාන්‍ය දෙයක්. ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි. තව සමහරක් සුනාමි වැනියි.

    ඒවා කොහොම උනත් මේ රැළි හැමදාම එනවා යනවා, ලස්සනයි, ආසයි, ප්‍රිය ජනකයි, පියකරුයි, භයංකරයි ගුප්තයි.... වගේ රස නවයක් නොවේ දහ අටක් විතර මේ මුහුදු ‍රැළි වල තියෙනවා.

    ඔයවගේ සිඟිති ආතල් එකක් අරන් මේ දිනවල ජෙප්පො කුල්මත් වී සිටිති. ඒ අයිදැයි පැහැදිලි හේතුවක් මේ හොයා ගන්න නොහැකි වුණත්, මොකක්දෝ "අනුර කුමාර් ‍රැල්ලක්" කියා එකක් හැදී ඇති බව මේ ජෙප්පන් කියමින් සිටී.

    මොවුන් කොතරම් පිස්සන් ද යත් 2024 දී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට අනුරයියාව බලහත්කාරයෙන් හෝ ජනතාව ඉදිරිපත් වී පත් කරන බවත් ඇතැමෙකුගේ මතය වී තිබේ. ඒ තරම්ම ‍රැල්ලක් දැන් ඇති වී තිබේලු. ඒවා තහවුරු කරන්න අනුරයියා මෝඩ නන්දේගේ ආණ්ඩුවේ රෙදි ගලවමින් රඹටි හැලෙන්න දුන් යූ ටියුබ් වීඩියෝවක් ලක්ෂයක් දෙනා බැලීම ගැන බොහෝ තැන් වල පෙන්වා දී තිබිණි.. (කුප්‍රකට ඉරාජ්ගේ ජවිපාවුන් වීඩියෝව අනුරයියාගේ පේජ් එකේම ලක්ෂ ගනන් බැලුවාමත් එහෙම කතා අසන්නට ලැබිණි..) සමහර විට මේ ජෙප්පො කල්පනා කරනවා ඇත්තේ මේ විඩියෝව ලක්ෂයක් දෙනා බැලුවාම අනුරයියා ඡන්ද ලක්ෂ සීයක් විතර අරගෙන මේ රටේ ජනාධිපති වීම ශුවර් බව.

    ඒක අපි දන්නේ නැහැ මොකද බූරුවන්සලා අනුරයියලා වගේ මේ වාමාංශිකයෝ කියන්නෙ දේශපාලන තර්කයෙහි ශූරයෝ වගේම දේශපාලනයේ වෙන්නේ මොනාද නොවෙන්නෙ මොනාද කිය හරියටම දන්නා පිරිසක්ලුනේ. ඒ නිසා ඒවා ඇත්තද විය හැකියි.

    තැනක මෙහෙමත් තිබුණා 'සජිත්ට වඩා වේගයෙන් රට පුරා අනුර සහෝදරය ප්‍රමුක ජවිපෙ වටා රැල්ලක් ගොඩනැගෙමින් තිබේ. ජයග්‍රහණය තෙක් මේක ඉදිරියට ගෙන යමු. හැමෝම එක් වෙමු' දැන් සජිත්ටත් වෙන්නෙ මාර වැඩේ. පහුගිය ජනදිපතිවරණයෙන් ලක්ෂ 49 ක විතර ඡන්ද ගත්ත සජිත්ට ලක්ෂ 5ක විතර (සීයයට 3ක) ඡන්ද වරමක් හිමි මිනිහෙකුගෙන් එල්ල වන අභියෝගය සුළු ප‍ටු නැත. ඒ වගේම චම්පික ජනාධිපති වෙන්න බලන් හිටියාට දැන් ඒක වෙන්නෙ නැත. චම්පිකට වෙන්නෙ අනුරයියාගේ වල්ගෙ එල්ලෙන්නය. සමහර විට සජිතුත් ඒ වලෙගෙම එල්ලෙනවා විනා වෙන කරන්නම දෙයක් නම් නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි දැන් අලුත් පාරක යමු කියා අනුරයියා අලුත් පාරක ජෙප්පො ටික ඇදගෙන යන්න පටන් ගත්තේ දැන් සති කිහිපයක ඉඳලාය. ඒක අලුත් දෙයක් නොවෙයි. අපි දන්න ජවිපේ ඉතිහාසය තුළම ජවිපෙ කළේ කාලෙන් කාලෙට අලුත් අලුත් පාරවල් හොය හොය පරන පාරේ පිස්සුවෙන් වගේ බකපඬිකමින් යෑමය.

      යන්නෙ කොහෙද අහුවොත් මල්ලෙ පොල් උත්තර දෙන ජවිපෙට ඇත්තටම යන්නෙ කොහෙද කියල කියන්න තියා අඩුම ගානේ යා යුත්තේ කොහෙටද කියා අදහසක් වත් තිබිය යුතුයි. එහෙම එකක් වත් නෑනේ. මාක්ස්වාදය, ලෙනින්වාදය, ස්ටැලින්වාදය, මාවෝවාදය, ට්‍රොස්කිවාදය කස්ත්‍රෝවාදය, කවලං මැල්ලුමක් කරගෙන ඒකට ජාතිවාදයද, ආගම්වාදය ද ත්‍රස්තවාදයද පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගෙන විජේවීරවාදය කියාද දෙයක් හදාගෙන ජවිපෙ නන්ත්නතාරේ ගිය කාලයක් තිබුණා. ඒ කාලයේ මොනවා නැතත් සමාජවාදය වෙනුවෙන් සමාජ විප්ලවේ නම් කොහොම හරි කරනවා කියා මතයක් තිබුණා. ඒවා විනාශකාරී කැ‍රැලි ගැසීම් වලින් අවසන් වුණායින් පස්සෙ පාර්ලිමේන්තුවාදය කර පින්නා ගත්තා. පස්සේ සමාජ විප්ලවය වෙනුවට නවීන සමාජවාදය කියා මොකක්දෝ නන්දෙඩුමක සිටි ජවිපෙ සමාජ ප්‍රජාන්ත්‍රවාදයක් ගැන කියවන්න ගත්තා. දැන් පරණ සමාජවාදය හරි නවීන සමාජවාද ගැන කතා නැත. සමාජ විප්ලවය කියන්නේ මොකක්ද කියා දන්නේවත් නැත. ඒත් දැන් දැන් වෙනකොට ලිබරල්වාදයට වඩා දෙයක් නොදොඩවන තැනට මේ කට්ටිය පත්ව තිබෙනවා.ඒකත් හොඳ දෙයක් මොකද කොරන්න බැරි මගුල් කියවන් නැතුව කරන්න පුලුවන් කියලා හිතෙන දෙයක් ගැන කතා කිරීම හොඳ තත්වයක්.

      ඒත් ඉතින් ඒවා කතා විතරයි, ලංකාවෙ ඩොලර් අර්බූදයට විසඳුම කුමක්ද කියා අසුවාම "අපේ පිටරට ඉන්න සහොදරවරුන්ට කිව්වාම ඩොලර් 500 ගානේ එවනවා එතකෝට අර්බුදය ඉවරයි" කියා අනුරයියා කිව්වා කියා කතාවක් බුකියේ යමින් තිබේ. ඒත් ඒක මේ අපට විස්වාස කරන්න බැරි කතාවක් නම් නෙවෙයි. මොකද ජවිපෙ රියල් වැඩ එහෙමයි. බූරුවන්සල ඉන්න කාලේ ගොන්කම් අමතක කරත්, ඒකෙ හොඳම කතාව තිස්සමහරාම ප්‍රාදේශීය සභාව හොඳම ප්‍රාදේශීය සභාව කරපු කතාවෙන් විතරක් වුනත් කියන්න පුළුවන්.

      ඒ කාලේ තිස්සමහරාමෙ කානු ටිකේ ඉඳලා සුද්ද බුද්ද කරන්න ලංකාව වටේම ඉන්න ජවිපෙ සාමාජිකයන් ලක්ෂයක් විත තිස්සමහරාමෙට කැඳවා මාස ගානක් දැඟලුව මතකයි. ලෝකේ පුරා ඉන්න ජවිපෙ සාමාජිකයන්ගෙ මුදල් ආධාර තිස්සමහරාමෙට ගෙන්වාගෙන ජනප්‍රිය ව්‍යාපෘති ගනනාවක් කළා මතකයි. දැන් මේ අනුරයියාගේ කළයි කියන යෝජනාවත් මේ තිස්සමහරාම ගොඩනගපු පැරණි යෝජනාවමයි. වෙනසක් නැහැ. මොක උනත් තිස්ස තාවකාලිකව හරි ලස්සනට තිබුණා. ලංකාවෙ හොඳම එක වුණා. අපි තමයි හොඳටම කළේ කියා ජවිපෙ ඒ කාලෙම කිව්වා. එත් ඊළඟ ඡන්දෙන් ජවිපෙ ගෙදර.

      ඇත්තම කියතොත් ඒවා නිඅක්ම් බයිලා සංදර්ශන, මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසැඳුනේ නැහැ. අනාගතය ගැන මෙලෝ ඉටිගෙඩියක් හිතුවේ නැහැ, ඒවා විසඳන්න ප්‍රතිපත්ති, වැඩ පිළිවෙලවල්, යාන්ත්‍රණ තිබ්බේ නැහැ. තිස්ස සුද්ද කරන්න පැමිණි ජෙප්පො ටික ආපහු උන්ගෙ ගම් රටවලට ගිය පසුව තිස්ස පාලුවට ගිහින් යළි වන වැදුනා. ජවිපෙ ඒ කෙටි කාලයට දුන් ආදර්ශයෙන් පස්සෙ කවදාවත් මිනිස්සු ජවිපෙට බලය දුන්නේ නැහැ.

      Delete
    2. වෙලවකට හිතෙනවා ජවිපෙ දැන් අවුරුදු 65 කට වැඩි කලයක් තිස්සෙ රට හදන්න අපට දෙන්න. කියමින් කෑ ගැහු කෑ ගැහිල්ල වෙනුවෙන් අනුකම්පාවට හරි රටේ බලය දීලා බලන්න. ඒත් ෂුවර් අවුරුද්දක් නෙවෙයි මාස තුනක් යන්න කලින් මිනිස්සු ගහලා පන්නවා. රටේම ආර්ථිකය කාබාසීනීය කරලා දානවා. මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ.

      මොකද රටේ අර්බුධ කිසිවකට ප්‍රායෝගික කල් පවතින විසඳුම් ජවිපෙට නෑ. ලස්සන සංදර්ශන නම් කරයි. කට කයිවාරු කොච්චර කියෙව්වත් ජවිපෙ කියන්නේ අඩුම තරමින් මේ රට මොකක්ද? මේ රටේ මිනිස්සු කවුද? මිනිස්සුන්ට මොනවද ඕනේ? කියන එකවත් තේරුම් ගත්තු පක්ෂයක් නෙවෙයි. එහෙම නොවුනානම් සියයට තුනට වැටෙන්නේ නැහැ. ජවිපෙ ඉතිහාසයේ කරපු කියපු සියලූම දේ ආදාල නොකරගෙන අනාගතය ගැන අපේක්ෂාවක් තියලා කතා කළත් ජවිපෙට මේ මොහොතේ රට මුහුණ දෙමින් සිටින ගැටලු වෙනුවෙන් ඇත්ත ප්‍රායෝගික විසඳුම් නැහැ. ජවිපෙ කතා කරමින් සිටි සමාජවාදි විසඳුම් කොහොමත් නැහැ. ජවිපෙ තවමත් සමාජවාදීයි කියා සාමාජික සාමාජිකාවන් වැඩිම දෙනෙක් සිතා සිටින නිසා සහ උන් ඉන්නෙත් ඒ හන්දා නිසාම ජවිපෙ මේ බොරුවට හරි තියන් ඉන්න සමාජවාදී හැව අයින් කරගන්නෙත් නැහැ. ඔවුන් මොක කරත් මේ සමාජවාදි හැව තුළ සිට ප්‍රශ්න බේරන්න යනවා. එතැනම වැඩේ ඉවරයි. ඒ වගේම ගෙඩි පිටින් ලිබරල් විසඳුම්වලට යෑමට ජවිපෙට රෙද්දක් ඇඳන් කරන්න බැරි නිසාත් ඩොලර් හිඟයට විදේශ ණයක් ගන්න, කවදාවත් හිතන්නෙ නැහැ. ඒ තබා දේශීය වශයෙන් ණය ගන්න බැඳුම්කර වගේ ඒවා නිකුත් කරන්නේ නැත. සල්ලි අච්චු ගහන්නේද නැත. ඒවා ගැන කියපු කතාවල හැටියට හිත්න්නවත් පුළුවන් දේවල් නොවෙයි. විදේශ ආයෝජකයන්ට රට පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. පොර්ට් සිටි එකට මැනිං මාර්කට් එක ගෙන නාවොත් පුදුමවෙන්නත් පුළුවන්. ඉතිං ජවිපෙ ක්‍රමය කුමක් වෙයිදැයි කියන්න බැහැ අපට නම්.

      ඒත් කරපු කියවපු දේවල් වල හැටියට පක්ෂ සාමාජිකයන්ගෙන් ඩොලර් 500 ගානේ ගෙන්වා ගන්නාවාට අමතරව වී වවා, වී රට පටවා, ඩොලර් හොයන ක්‍රමයක් වගේ ඒවා තමයි කරයි කියලා හිතන්න වෙන්නේ. එහෙම කරන්න ජෙප්පන්ට මඩට බහින්න වෙනවා වගේම. අහක ඉන්න මිනිස්සුත් තුවක්කුව පෙන්නලා හරි බලෙන් මඩට ඇද දැමීම කරනවාමයි. එහෙම නැතුව බෑ.

      ඒත් ඉතින් අපිට කියන්න වෙන්නේ අර ජවිපෙ සදාදරණීය ගුරුවරයකු වෙච්ච ලෙනින් සහෝදරයා කිව්ව කතා වය.

      ''..අපේ අත් පමණක් අත් හරින්න. අපේ ඇ‍ඟෙ එල්ලෙන්න එපා, නිදහස කියන උතුම් වචනය කිලිටි කරන්න එපා. මොකද අපටත් නිදහස තියෙනවා, අපි කැමති තැනකට යන්න. මඩ ගොහොරුවට එරෙහිව සටන් කිරීමට පමණක් නොවෙයි.. මඩ ගොහොරුව දෙසට හැරෙන අයටත් එරෙහිව සටන් කිරීමට අපට නිදහස තියෙනවා.." ( ලෙනින් තොරගත් කෘති කාණ්ඩ 1 පිට 127)

      අනුරයියාගේ බුකී සාමාජික ප්‍රජාව කරන කියන දේවල් ආතල් එකට ගන්නවා හැර වෙන දෙයක් ඒවායේ ඇත්තටම නැති උනත් මොනවා හරි කොටන්නම හිතෙන විදියට උන් ආතල් දෙන එකට නම් රෙස්පෙක්ට්.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න