.

.

Oct 26, 2021

හම්බන්තොටට ෆෝමියුලා වන් ධාවන පථයක්....

 



By - ඉවාන් පවුලූශා 

.

(ඉවාන් කියන්නේ පට්ට රාජපක්ෂ විරෝධියෙක්

හැබයි කිරි ටොයියෙක්...

ඌයී මායි කිසි දිනෙක ගැටෙන්නේ නැත්තේ ඒකයි...

මම ලියන්න ඕන එකක් ඌ ලියලා..)


🔺 කෘෂිකාර්මික මිත්‍යාව


ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ  වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි.  


ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ  පිළිගන්න,නව පර්යේෂකයන්ට ඉඩ දෙන්න රජය විතරක්ම නෙවී ඔය කෘෂිකාර්මික පර්යේෂණ වගේම රටේ වගකිවයුතු තැන්වල ඉන්න නිලධාරින් පවා ඉඩක් දෙන්නේ නෑ.


🔺 සංචාරක ව්‍යාපාරය.


ලංකාවට ගොඩයන්න තියෙන පුළුල්තම මාර්ගය හැටියට හඳුන්වගන්නපුළුවන් වෙන්නේ සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියාවන් බිහිකිරීම තමා. දැන් කියන්න එපා කොරෝනා වගේ ලෙඩක් හැදුනම සංචාරයෙන් විතරක් ඉන්න හිටියනං අපිට කෙලවෙලා නේද , හෝටල් ක්ෂේත්‍රයේ  රැකියා අහිමි වුන පිරිස වගේ තව පිරිසක් බිහිකරන්නද හදන්නේ වගේ ටෝක්. 


සංචාරක කර්මාන්තය හරියට කරපු සිංගප්පුරුව, ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට මොනවත් නොකර තව අවුරුදු 2ක් වුනත් වහගෙන ඉන්න අතේ සල්ලි තිබ්බා. අවශ්‍ය දේවල් පිටින් ගෙන්නලා හරි කන්න දෙන්න අතේ ඩොලර් තිබ්බා.


ෆෝමියුලා වන ධාවන පථය හම්බන්තොටට

ඒක කරන්න පුළුවන් නම් හොඳයයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක හම්බන්තොටට යන එක. හම්බන්තොටට විතරක් නෙවේ අපි කියන්නේ රටේ කලාප තුනටම ඊ කියන්නේ උතුරු, නැගෙනහිර සහ දකුණ කියන ප්‍රදේශ ඉලක්ක කරලා මහා පරිමාන සංචාරක මධ්‍යස්ථාන පිහිටුවන්න  පුලුවන් නම් ඒක ලොකු දෙයක්. 


කොහොමත් එන්ටර්ටෙන්ට්මන්ට් කොටස බස්නාහිරින් ඉවතට ගෙනියලා ඈතට යවන තරමට හොඳයි. බස්නාහිර දියුණු වෙන්න ඕන වාණිජ නගරයක් හැටියට.


හම්බන්තොට කියන්නේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු එලෝ කෝටියක් බිහි කරපු තැනක් වුනාට හැමෝම දන්නවා ඒ පළාතේ ජන ජීවිතය තියෙන්නේ අන්තිම පහල අඩියක කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට ෆෝමියුලා ධහවන් අපත කන්නද ? 

ඊළඟ කාලලත් කියවන්න


🔺 සංචාරක කලාප.


අපේ රටේ කන්න නැතිවුනාම සමෘදිය දුන්නට , රටට කන්න නැතිවුනාම සමෘදිය දෙන්නේ නෑ. ලෝක බැංකුවෙන් වත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේන්වත්, එලෝන් මස්ක්වත්, මුකේෂ් අම්බානිවත් , එයාලට ඒ තරම් පශ්චාත් භාග අමාරුවක් නෑ. අපි අයෝජකයෝ හොයන්න ඕන ඒ වගේ සංචාරක කලාප 3ක්වත් රටේ ඇතිකරන්න පුළුවන් මට්ටමේ. 


අනේ එයාලා මෙහෙ ඇවිල්ල ඒවා කරන්න එයාලට පිස්සු නෑ වගේ අමන කතා නොකියා ඒ සඳහා උනන්දුවක් ඇති යෝජනා ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, විදේශ ඇමතිකෙනෙක් සහ නිලධාරින් ඉන්න ඕන. ඒවා තෝරාගන්න තරම් මොළයක්වත් ජනාධිපති පුටුවේ වාඩිවෙන ඕන පඹයෙකුට තියෙන්න ඕන,


🔺 ප්‍රවාහනය .


සංචාරක කලාප කොළඹින් බැහැරව ඉදි කලාම කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ , මෙහෙ ට්‍රැෆික් එකේ ඉන්න ගියොත් එන එවුන් ආපහු යයි. ඔන්න වැඩක් නොකරන එවුන්ගේ අනික් ප්‍රශ්නේ.  මේකට යෝදාගන්න් පුළුවන් අපේ ඩොමේස්ටික් එයාර් ලයින්ස්, ප්‍රවාහන වාර ගැන වැඩිවෙනකොට එක දරාගන්න පුළුවන් මිලකට කරන්න හැකියාවක් එනවා, නැත්තම් , උතුරු නැගෙනහිර සහ දකුණ කියල පළාත් තුනටම වැඩි ආපහසුවක් නැතිව මුහුදෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ සඳහා යටිතල පහසුකම් ඉදිකරන්න ණයදෙන්න ආයතන ඉන්නවා අපේ මාස්ටර් ප්ලෑන් එක හරියට ක්රියෙට් කරගන්න පුළුවන් නම්.


🔺 ලංකාව  සහ ලෝකය


ලංකාවේ මේ වගේ කලාප ඉදික්රන්න පුළුවන් නම් , හරියට සිංගප්පුරුවේ සෙන්තෝසා අයිලන්ඩ්, මැලේසියාවේ සන්වේ ලැගූන්,  හොංකොං ඩිස්නි ලෑන්ඩ් වගේ. ලංකාව ඒ රටවල් එක්ක තරඟකාරී රටක් කරන්න පුළුවන්. සංචාරකයෝ බලන්නේ තමන්ට උපරිම වින්දනයක් අඩුම මුදලකට ලබන්න පුළුවන් ගමනාන්ත. 


හැමදාම නටබුන් බලන්නයි, 2500 ශ්‍රී විභූතිය බලන්නයි විතරක් සංචාරකයෝ එන්නේ නෑ.  මේවා එක්ක ගණිකා ව්‍යාපාරය මත්පැන් පටලවාගන්න එපා, සංකෘතිය ගැන බෙරිහන් දෙන්නත් එපා. ඒවා වෙනම කතා කරමු.  

ලෝකේ එක්ක බැලුවම ලංකාව කියන්නේ ඉතාම හොඳින් අඩුමිලට වැඩි සංචාරක ආකර්ෂණයක් දෙන්න පුළුවන් ගමනාන්තයක්.


🔺 ඉතිං ෆෝමියුලා වන්  ට්‍රැක් මේ වෙලාවේ 

      ඕනෙද?


මේ වෙලාවේ තමා ඕනේ. 


මේකෙදි බලන්න ඕන, විමසන්න ඕන  ප්‍රශ්නය වෙන්නේ මේ ඉදිකිරීම කරන්නේ රටේ සල්ලි වලින්ද ආයෝජයක් හැටියටද කියලා, ආයෝජනයක් හැටියටනම් මේක තමා හොඳම අවස්තාව මේක කරන්න. තව මේවගේ ලොකු ඍජු ආයෝජන කීපයක් ගේන්න ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රට ඇතුලට ඩොලර් ගෙන්නගන්න හොඳම විදිහක්. 


අපි රටවැසියන්ට බඩගින්නේ ඉන්න්නකොට මාළු දුන්නට වෙනරටවල් වල දෙන්නේ බිලීපිත්තක්. අපිත් යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න ඕන දැන්වත්. නිකං ඉඳලා කන්න නෙවී, මහන්සිවෙලා වඩා හොඳ ජීවන තත්වයක් උදා කරගැනීම තමා රටවැසියන්ට පුරුදු කරනන ඕන.


🔺 කවුද කොහොමද කරන්නේ.


මේක කරන්න නම් මේ සඳහා උණක් තියෙන විදේශ ඇමතියෙක්, සංචාරක ප්‍රවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, හරිහමන් නිලධාරින් පිරිසක් ඕන. ඒ සඳහා පිරිස තෝරාගන්න ජනාධිපතිවරයාට ඉව තියෙන්න ඕන.  ඇමතිලාට ඉව තියෙන්න ඕන.


🎈කියන  තරම් කිසිදෙයක් සුන්දර නෑ.  

🎈අපි වරෙන් කිව්වට ආයෝජකයෝ එන්නේ 

     නෑ. 

🎈හතරවරන් පච කෙලලා වැඩක් නෑ.

🎈ආයෝජකයන් එන විදිහට පරණ නීති       

     සංශෝදනය වෙන්න ඕන. 

🎈කොටින්ම රටක් හැටියට මාස්ටර් ප්ලෑන් 

     එකට අනුගත වෙන විදිහට සෙකන්ඩරි 

     ප්ලෑන්ස් ක්‍රියාත්මක වෙන්න ඕන.  


එහෙම නැත්තං නිකම්ම කටට වැටෙනකන් බලන් ඉන්නවනම් ජොනි සීන්ස් ව ගෙන්නලා ඉස්සරහ දණගහගන්න.


.

33 comments:

  1. මාතා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හා පාලනයට සුදුසු චරිත් අසලංක කියන්නේ ලකුණු පෙරේතයෙක්. අපි දැකලා තියනවා ගොඩක් අය එක 50ක් 100ක් ගහපු ගමන් “මම දැන් ගහලා තියෙන්නේ. මම දැන් ලෝකේ කාලා තියෙන්නෙ, මම තමයි වීරයා” කියලා ඔලුව ලොකු කරගන්නවා. නමුත් චරිත් අසලංක එහෙම නැහැ. අනිවාර්යයෙන්ම මම හිතනවා චරිත් අසලංක පුහුණුකරුවන් එක්ක කතා කරලා හැමවෙලාවෙම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා.චරිත් අසලංක කියන්නේ 19න් පහළ කණ්ඩායමේ නායකත්වයේ හිටපු ක්‍රීඩකයෙක්. ඔහුට ලේසියෙන් ගේම් එක තේරුම් ගන්න පුලුවන්. හැබැයි මේ තරඟයේ ඔහු අපිට පෙන්නුවා ඔහුට බෝලෙට වේගයෙන් ගහන්න පුලුවන් කියලා. දැන් චරිත් අසලංක කරන්න ඕනේ මේ දේවල් පවත්වාගෙන යන එක. අපි දැකලා තියනවා අපේ කණ්ඩායමට ගොඩක් Talent ක්‍රිකටර්ස්ලා එනවා නමුත් ඔවුන්ට ඒක පවත්වාගෙන යන්න බැරි වෙලා තියනවා.අපිට ඊලඟට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල් තියනවා. අපි ඕස්ට්‍රේලියාවටත් හොඳ තරඟයක් දීලා ජයග්‍රහණය කරන්න පුලුවන් වුනොත් අපිට අර්ධ අවසන් පූර්ව තරඟ වලට යන්න හොඳ අවස්ථාවක් තියනවා. කුසල් පෙරේරා ඉදලා ලොකු ඉනිමක් ගැහුවොත් අපිට තරඟයක් දිනන්න පුලුවන්. ඔහු තරඟ දිනවන්නෙක්. මම හිතනවා කුසල් පෙරේරා ඉදිරි තරඟවලදී ලකුණු අතරට පැමිණෙයි කියලා.

    මේ අතර, ලහිරු කුමාර තරඟය අතරතුරේදී ලිට්න් ඩාස් සමඟ ආරවුලක් ඇති කරගත් අතර, ඒ හේතුවෙන් ලහිරු කුමාර හට තරඟ ගාස්තුවෙන් 25%ක දඬයක් ද, ලිට්න් ඩාස් හට 15%ක දඬයක් පැණවීමට අයි.සී.සී ය මඟින් තීරණය කර තිබෙනවා.

    එතනදි අපි හොඳින් තරඟය ක්‍රියාත්මක වෙද්දී ඔහු අනවශ්‍ය දෙයක් කරා. අපි ඔහුට කතා කරලා අවවාද කළ යුතුයි. ලිතොන් දාස් එක්ක කතා කරලා ඒක සමාදාන කරගත්තා. ගොඩක් අය කියනවා ඒක වැරදි දෙයක් කියලා. වේගපන්දු යවන්නෙක් උනාම ඒ කලබලකාරී බව තියෙන්න ඕනේ. එහෙමයි කියලා තරඟයේදී පිතිකරුවන් සමඟ ආරවුල් කරගන්න එකත් හොඳ නැහැ. හැබැයි අපේ වේගපන්දු යවන්නන්ට ඒ කොලිටිය තියනවා කියන්නේ ඒක හොඳ දෙයක්. ඒ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  2. අයිසේ මාතලන් මේ සංචාරක කර්මාන්තය අම්බානක දියුණු කරන එක ගැන පහුගිය ජනාධිපතිවරණ දවස් වල නන්දසේන ගේ වියත් මග කල්ලියේ නැව් ටෝක්ස් ඉෂූ කළා නේද මත්තල ගුවන් තොටුපල ආශ්‍රිත මහා පරිමාණයෙන් වනසතුන් බලන යාල උඩවලව, රිදීගම සෆාරි, බූන්දල, පානම ඉකො ටුවරිස්ම් සුපිරි සංචාරක කලාපය, උසස් තත්ත්වයේ වැසිකිලි පහසුකම් සහ වෙනත් සියලු පහසුකම් සීගිරිය ඇතුළු සංචාරක කලාපවල සුලභ කිරීම, නැගෙනහිර පළාතේ අප්‍රකට නමුත් සූන්දර වෙරළ තීරය දිගේ විශාල සංචාරක සංවර්ධනය, ඊට පස්සේ ලංකාවේ කොලිටි ඇඳුම් මෙහෙදීම විකුණන සුපිරි සාප්පු සවාරි සහ ලක්ෂරි සොපින් මෝලවල්, ලංකාවේ ආරක්ෂාව මැනවින් තහවුරු කර විනය නංවා ඊට සමගාමීව සංචාරක ව්‍යාපාරය රට සංවර්ධනයට ප්‍රධාන ව්‍යාපාරය කරගත හැකි බවට දුන් ලොකු ටෝක්ස් වලට මොකද වුණේ?

    ඒ දවස්වල වියත් සබාව මැද හරියේ වැඩිවෙලා ද කොහෙද කිව්වේ ටුවරිස්ම් වලට ඕනි හැබෑම ෆ්‍රයිඩ් රයිස් කාපු සුද්දන්ට මෙහෙන් ෆ්‍රයිඩ් රයිස් දීලා වැඩක් නෑ කියලා. තව කොළඹ තියෙන බ්‍රිතාන්‍ය, පෘතුගීසි, ලන්දේසි සිහිවටන දින 10ක්වත් සංචාරකයින්ට පෙන්විය හැකි බව,
    සංචාරකයින්ට ලංකාවේ වැස්සත් මාකට් කළ හැකි වනු ඇත කියලා, වියත් මගට වැදගත් වන්නේ සංචාරකයින් ගණන නොවෙයි, ඔවුන් මෙරට ඉතිරිකර යන විදේශ විනිමය ප්‍රමාණය බවත් තව සෝ කෝල්ඩ් ජාතිවාදී සෙට් එක කියුවේ අපේ කෙම් ක්‍රම, මංගල චාරිත්‍ර, ආයුර්වේදයට, සංචාරකයින් ආසයි කියලා, දැන් ඒවා වලට මොකද වුණේ? 2018 න් පස්සේ එක දිගටම අවුරුදු තුනක් විතර කෙළවිලා තියෙන්නේ නේද බන්? කෝ දැන් ඒවා?

    ReplyDelete
    Replies
    1. පිටසක්වල ජීවීන් පවා කොමෙන්ට් කරන බ්ලොග් එකක් කියන්නේ ඉතින් ආයේ...

      මාතලන් කොහොම පොරක් වෙන්නෝනද?

      Delete
  3. මූන් ඔක්කොටම මොංගල්....හොරා නන එක තමා අපේ දේශපාලකයන්ගේ එකම අභිලාශය...ඕක නොතෙරෙන එවූන් ලොකූ ටෝක් දානවා

    ReplyDelete
  4. ඇත්තටම මේ වගේ රේස් ට්‍රැක් එකක් හදන එක ගොඩක් හොඳයි නමුත් ආණ්ඩුවේ මුදල් වියදම් නොකර හැකි තරම් පුද්ගලික අංශයේ ආයෝජන ලබාගෙන ඒ හරහා PPP වගේ රජයටත් ආදායම් මාර්ගයක් ලැබෙන විදියට මොනවහරි අලුත් දෙයක් කරනවා නම් ඒක හොඳයි. ඒ වගේම තමයි දැන් කාලේ නැගල යන සංකල්පය ලොවට ගම. දැන් ලංකාවට එන විදේශීයයන් ලංකාවේ සුවිශේෂී ආවේනික අනන්‍යතාව, සංස්කෘතිය, ජාතික සමගිය වැනි දේවල් ගැන වඩාත් සැලකිලිමත් වන නිසාත් ඒවා විවිධ ආකාරයෙන් ගෝලීය වාර්තා වැඩසටහන් සහ සමාජ ජාල (යූටියුබ් වගේ) හරහා ලෝකෙට යන නිසා එක්තරා ආකාරයක Globalization ලෙසත් විග්‍රහ කරන්නට පුළුවන්. ප්‍රවීණ සංචාරක විද්‍යාර්ථි ගේට්ස් කියා තිබෙනවා සංචාරක සැලසුම්කරණය ප්‍රදේශයේ පවතින සම්පත් හා විකල්ප විසඳුම් (Alternative Solutions) අධ්‍යාපනය අගය කිරීම මත පදනම් වූ ක්‍රියාවලියකින් සමන්විත වන බව. ලංකාවට එන ජපන් සංචාරකයෝ ගත්තොත් ලංකාවේ දැරියක් වැඩිහිටි බවට පත්වුණහම දින ගණනක් කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර ගැන පුදුම උනන්දුවකින් ඉන්නේ. ඒ වගේම ලංකාවේ උඩරට (සහ පහතරටත්) මංගල චාරිත්‍රවලට බොහෝ සංචාරක ආකර්ෂණයක් තිබෙනවා. ලාංකීය අවමංගල කටයුතු, ආදාහන කටයුතු වුණත් සංචාරකයින්ට අලුත් අත්දැකීම්. (කොවිඩ් ආදාහන නම් නෙවෙයි :D) ලාංකීය සාරධර්ම පද්ධතියත් එක්ක දියුණු රටවලට මේවා පුදුමාකාර වටිනාකමක් එක්කර තිබෙනවා. පෝරුවේදී විවාහපත් දෙදෙනාගේ ඇඟිලි රන් කෙන්ඳෙන් බැඳීම ජීවිතාන්තය දක්වා එක්ව විසීමට ගිවිසීම ගැන චාරිත්‍ර වාරිත්‍ර දැන් සංචාරක ආකර්ෂණය දැඩි ලෙස යොමුවී තිබෙනවා.

    තවත් දෙයක් තමයි ලාංකීය ගොවිතැනේ ඇති කෙම් ක්‍රම ගැන සංචාරකයින්ගේ පුදුම උනන්දුවක් තිබෙනවා.

    මෙතනදි විශේෂයෙන්ම වී ගොවිතැනේදී යොදාගන්නා කෙම් ක්‍රම ගැන එහෙම, මේවා විදේශිකයින්ට පෙන්වා සෑහෙන විදේශ විනිමයක් ඇදගත හැකියි. තව යූටියුබ් වගේ සමාජ ජාල වල දාල පබ්ලිසිටි වගේම මුදල් හොයන්නත් පුළුවන් වෙයි, මේ නිසා තමයි සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම තුළින් අභාවයට යමින් පවත්නා පාරිසරික හා සංස්කෘතික උරුමයක් සංරක්ෂණයටම (Conservation of Environmental and caltural Heritage) යොදාගත හැක්කේ.

    අම්බලන්ගොඩ හිකකා පැත්තෙන් ලාංකීය සම්ප්‍රදායික රූකඩ කලාව වගේ දේත් නියම විදිහට ‘මාකට්’ කළ හැකි දේවල්. සංචාරක ව්‍යාපාරය තුළින් සංචාරකයෝ බලාපොරොත්තු වන්නේ තමන් අත්දැකීමක් නොලැබූ සමාජයන් හා සංස්කෘතින් (Cross Social and cultural Exchange) ගැන අලුත් අත්දැකීමක් ලැබීමයි. උදාහරණයක් ලෙස ප්‍රංශයේදි ලබන්න පුළුවන් අත්දැකීමක් ලබන්න ප්‍රංශ ජාතිකයකු ලංකාවට එන්නේ නැහැ. සංචාරකයා එන්නේ තමන් නොදකින සංස්කෘතියක් දකින්න.

    ReplyDelete
    Replies
    1. මෙතනදී ලංකාවේ බොහෝ දෙනෙක් රජයේ නිලධාරීන් සේරම වගේ විදේශීය සංචාරකයින් ගෙන් ලද හැකි ආදායම හුවා දැක්වුවත් බොහෝ විට අපට දැකිය හැක්කේ ලංකාව තුළ අතරමං වූ සංචාරකයින් පිරිසක්. බො​හොමයක් සංචාරක ආකර්ෂණීය තැන් ඔවුන් තනිවම හොයා ගන්නේ සෑහෙන මහන්සියෙන් කට්ටියගෙන් අසා බලා. උදාහරණයක් විදියට දැන් පිටකොටුවට ගියොත් ‘කයිමන් දොරකඩ’ සොයා ගන්නේ කොහොමද? විදේශිකයන්ට ප්‍රශ්නයක්. ඒ වගේම රටපුරා මොවුනට අඩුම ගණනේ හොඳ පිරිසුදු කොලිටි වැසිකිළි පහසුකම්වත් ලංකාවේ නෑ නේද?

      ඒ වගේම විදේශීය සංචාරකයකුට ලංකාවේදී ලබන්න වුණොත් අමිහිරි කටුක අත්දැකීමක් ඔහු නැවත ලංකාවට එන්නේ නෑ. මාතලන් දන්නවා ඇති ලංකාවට එන සංචාරකයින් වෙන මහන්සිය දැක්කම ඔවුනට අපි ගාණක් දිය යුතු තත්ත්වයක් ඇතැම් විට දකින්නට පුළුවන්.

      ඔය වගේම තමයි සංචාරක ව්‍යපාරයේදි ලංකාවේ වැස්සත් මාකට් කළ හැකියි. අපේ රටට තිබුණ විශාල සම්පතක් මැද පෙරදිග රටවල් වලින් ආපු ධනවත් අරාබි සංචාරකයින්. ඔවුන් ආවේ ‘ඕෆ් සීසන්’ එකේ ලංකාවේ මොර සූරන වැස්ස බලන්නත් එක්ක. මහ වැස්සේ පැන පැන පිස්සුවෙන් වගේ නාල කරල ආතල් එකක් ගන්න බව දැක්කම හිනාත් යනවා, ඒත් 2018 දී විතර නුවරදි ඇතිවූ කලබලවලින් අරාබි ජාතිකයින්ට ලංකාවට ඒමට විශාල බාධාවක් වුණා. ලංකාවේ පහුගිය කාලේ ජාතිවාදී වර්ගවාදී ආගමික අන්තවාදී කටයුතු නිසා ඒ අයට ලංකාව එපා වුණා, දැන් බලන්න, ඩුබායිවල කාන්තාරේ මාකට් කරනව වගේ අපිට පුළුවන් ඒ අයට වැස්ස මාකට් කරන්න.

      පහුගිය දවස් වල වත්මන් ජනපති වෙනුවෙන් පෙනී සිටි අය කියපු තව දෙයක් තමයි ලංකාවට සංචාරකයකු ආවම දිය ඇලි, උණු දිය උල්පත්, ආදිවාසීන්, ඒත් නැත්නම් සීගිරි, දඹුලු, අනුරාධපුර, පොළොන්නරුවට තමයි යොමු කරන්නේ. ඒත් ඇයි මේ කොළඹ තියෙන සංචාරක ආකර්ෂණයක් ඇති තැන් සඳහා යොමු කරන්නට වැඩපිළිවෙළක් නැත්තේ කියන එක. ඒ අය කරපු තව යෝජනාවක් ලංකාවට සංචාරකයකු ආවම දිය ඇලි, උණු දිය උල්පත්, ආදිවාසීන්, ඒත් නැත්නම් සීගිරි, දඹුලු, අනුරාධපුර, පොළොන්නරුවට තමයි යොමු කරන්නේ. ඒත් ඇයි මේ කොළඹ තියෙන සංචාරක ආකර්ෂණයක් ඇති තැන් සඳහා යොමු කරන්නට වැඩපිළිවෙළක් නැත්තේ? කියන දේ. සංචාරක ක්ෂේත්‍රයේ ගොඩක් කට්ටිය වත්මන් ජනපතිට ඡන්දෙ දාන්න හේතු වූයේ ඒවගේ පොරොන්දු. ඒ අය කරපු තව දෙයක් ලංකාවට එන බ්‍රිතාන්‍ය, ප්‍රංශ, පෘතුගීසි, ලන්දේසි සම්භවයක් ඇති සංචාරකයින්ගේ මුතුන් මිත්තෝ මිහිදන් වෙච්ච සො​හොන් කොත් පවා කොළඹ තියෙන නිසාත්, ඊටත් වැඩිය බ්‍රිතාන්‍ය, ලන්දේසි, පෘතුගීසි යුගවල සිහිවටන කොළඹ විශාල වශයෙන් තියෙන නිසාත් බ්‍රිතාන්‍ය යුරෝපීය ජාතින්ට පෙන්නන්න පුළුවන්, “මේ උඹලගෙ මුතුන් මිත්තෝ හදපු ෆැක්ටරි, ගොඩනැගිලි” කියල ඒව නවීකරණය කරලා Independence Arcade වගේ. ඊටත් වඩා ලංකාවේ තියෙන පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යුගවල කොතරම් ගොඩනැගිලි කොළඹ තවමත් නිරුපද්‍රිතව තිබෙනවාද? ඒත් ඒවා පෙන්වන්න නිසි වැඩපිළිවෙළක් නෑ. ඒ නිසා සංචාරකයන්ට කොළඹ මේ පෞරාණික දේවල් මාකට් කළ යුතුයි. ඒ තැන් බලන්නට දවස් 10ක් රඳවාගෙන සුපිරි තරු මට්ටමේ පහසුකම් ලබා දුන්නා නම් රටට විශාල විදේශ විනිමයක් ලබාගන්න පුළුවන්. මේ තැන් ගැන සඳහන් කරපු හරි හමන් සිතියමක් (Map) සහ නිසි මාර්ග නාම පුවරු වගේ දේවල් නැතිවීම විශාල අඩුපාඩුවක්. මේ කොළඹ ඇති තැන් විතරක් නෙමෙයි, රට ගැනම පොදුවේ අපට එවැන්නක් නැතිවීම විශාල අඩුපාඩුවක්. මේ තැන් ගැන කතන්දර කියන්න පුළුවන් (Story Tellers), හොඳ සන්නිවේදන හැකියාව තියෙන භාෂා පරිවර්තකයින් නොමැතිවීම, විශේෂයෙන් අරාබි හා පෝලන්තයෙන්, නැගෙනහිර යුරෝපයෙන් එන සංචාරකයින්ට දැනටමත් ලංකාවේ භාෂා පරිවර්තකයින්ගේ විශාල අඩුවක් තියෙනවා.

      Delete
    2. උදාහරණ වශයෙන් අපි බැලුවම මාලදිවයිනට මාකට් කරන්න පුළුවන් ලස්සන මුහුද සහ සුදු වෙරළ, මාළු බාන ඒවා වගේ දේවල් ටික විතරයි. ලංකාවේ ඒ දේවල් ගොඩක් එහෙමම පෙන්නලා ඊට අමතරව ස්වභාවික වනයේ සැරිසරන අලියෙක්, කොටියෙක්, දිය ඇල්ලක් බලන්න ලංකාවටම එන්න ඕන. සිංගා වලත් ලංකාවේ සත්තු ටිකක් සූ එකක දවල්ටයි රෑටයි පෙන්නලා අපට වඩා විශාල වශයෙන් ගාන කපා ගන්නවා. ලංකා​වේ මුහුදු වෙරළ සංචාරකයින්ට සෑහෙන ආකර්ෂණයට තැනක්. දැන් ෂැංග්‍රිල්ලා හෝටලය හැදුව එක හොඳයි ඒත් ඒකට බද්ධ වෙලා මාකට් කරන්න ඕන ලංකාවේ සම්පත්. රටේ ජනතාවගේ අතට ආදායමක් එන්නේ නැත්නම් ඒ සංචාරක ව්‍යාපාරයෙන් දැන් වැඩක් නැහැ. දැන් බලන්න ලංකාවෙ තියෙන ආප්පවල ගතිය ඉන්දියාවේ නැහැ. අපේ මුං කිරිබත් වගේ දේවල්වලට සුද්දො වහ වැටිලා. මේ‍වා ඍජුවම ග්‍රාමීය ජනතාවට ආදායමක් ලබන්න පුළුවන් දේවල්. වෙරළබඩ ප්‍රදේශවල ජාඩි කියන්නෙ ටුවරිස්ම් වලට ඕනි දිව්‍ය ලෝක රස ආහාරයක්, මාළු ඇඹුල් තියල්, මීකිරි සමග රතු බත් සැර අඩු කරලා හදපුවාම කොහොම ද උණු කැවුම් සේ අලවි වෙන හැටි? බෞද්ධ භාවනා මධ්‍යස්ථාන සංචාරක ව්‍යාපාරයට බද්ධ කර හැකි. දුම්රිය ගමනා ගමනය සංචාරකයින්ගේ ආකර්ෂණයට මාධ්‍යයක්. විශේෂයෙන් නුවර - කොළඹ දුම්රිය ඒ වගේම නුවර තැපැල් කාර්යාලය ගත්තොත් සංචාරකයින්ගේ ලිය කියවිලි හුවමාරු වන්නේ ඒ හරහා. දුම්රිය හා තැපැල් වර්ජන සංචාරක කර්මාන්තයට අතිශයින් අහිතකර බවත් පහුගිය කාලේ දැක්කා. මේවා තව ඉදිරියට ගෙන යාමට සම්ප්‍රදායික ටුවර් ගයිඩ්ලාට අපහසු නිසා ඒ අය තවත් හොඳින් පුහුණු කරලා විෂයානුබද්ධ දැනුමක් ඇති ඉන්ටප්‍රිටර්ස්ලා ලෙස උසස් කළ යුතුයි. සංචාරක ආකර්ෂණයට මං කලින් කියාපු Story Telling පිරිසක් අත්‍යවශ්‍යයි. ඒක ලෝක ප්‍රවණතාව, ලංකාවේ සංචාරක හෝටල්, නිකේතන, ආයුර්වේද වෛද්‍ය ශාලා ආදී දහස් සංඛ්‍යාත පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් තියෙනවා. පුංචි සිංගා වලට වසරකට මිලියන 15 - 16 ක් විතර එනවා, ඒත් අපේ 2018 උපරිම ආවේ 2.3 ක් විතරයි, ගොඩක්  සංචාරක ව්‍යාපාරය තම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් රටවල් ලෝකයේ බොහොමයක් තිබෙනවා. ඒ ගොඩක් රටවල අපේ රටේ වගේ මාකට් කරන්න පුළුවන් දේවල් 10% ක්වත් නැහැ. අපට මොන සම්පත් තිබුණත් ප්‍රධාන වෙන්නේ එය රටට ආදායමක් ලැබෙන ලෙස මාකට් කිරීමයි. සංචාරක ව්‍යාපාරය ලංකාවේ  ඍජු හා වක්‍ර ලෙස උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි ප්‍රධාන ව්‍යාපාරය කරගන්න පුළුවන්. එම ප්‍රතිලාභ සූක්ෂම හා ඒකාබද්ධ සැලසුම්කරණය (Intergrated Planning) තුළින් උපරිම කරගත හැකියි. අපේ සංචාරක ව්‍යාපාරයේ නිසි සැලැස්මක් නැතිවීම ප්‍රතිලාභ උපරිම නොවීමට හේතුවී තිබෙනවා. මේ ගැන වත්මන් ජනපති වෙනුවෙන් පෙනී සිටි අය හොඳින් දැනුවත් නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමයි ඊට වඩා වැදගත්.

      Delete
  5. ඉතාමත් ආදර්ශවත් සිත පහන් කරන ප්‍රවෘත්තියක් අද අහම්බෙන් වගේ දැක්ක, මාතලන්ටත් මේ ගැන හොඳ පෝස්ට් එකක් දාන්න පුළුවන්.

    දැනට ටික දවසකට කලින් ඩුබායි වලදී රුපියල් කෝටි සිය ගණනක විශාල ලොතරැයියක් දිනූ ශ්‍රී ලාංකිකයා බේරුවල මරක්කලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් නැමැති ආදර්ශවත් චරිතය ගැන.

    මෑතකදී කීපයකට ලංකාවට පැමිණ ඇති මිෂ්ෆාත් ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ ‘බිග් ටිකට්’ නම් ලොතරැයියේ ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි සිය ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට තීරණය කර ඊට අදාළ ලියකියවිලි සහ පොරොන්දු පත්‍ර බේරුවලදී එම පාසල්වල සංවර්ධන කමිටු සමිති නිලධාරීන්ට භාර දීම සිදු කළ බව අල්හුමයිසරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඉස්ලාම් මාධ්‍යවේදී අල්හාජ් මුක්තාර් මොහොමඩ් මෞලවී තුමා අද මාධ්‍ය හරහා ප්‍රචාරය කළා.

    තම පුද්ගලික වාසි හෝ සැප සම්පත් කිසිම දෙයක් වෙනුවෙන් මෙම සර්වබලධාරී අල්ලාහ් දෙවියන් ලබාදුන් ත්යාගය නාස්ති නොකර ධර්මය අවබෝධ කරගන්ට පුළුවන් අයට සහ ඉස්ලාම් දහමේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මෙම සම්පූර්ණ මුදලම කැප කළ ඔහුට සදාකාලික ස්වර්ග රාජ්‍යයේ දොරටු ක්ෂණිකවම විවර වූ බව මේ ආරංචිය ඇසූ බේරුවල පමණක් නොව ලංකාව පුරාම බොහෝ දෙනෙක් සතුටු කඳුළු වගුරවමින් පවසා ඇති බව බොහෝ දමිළ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    මෙම ප්‍රදානයන් කිරීමේ අවස්ථාවට ආගමික නායකයින් හැර වෙනත් අනවශ්‍ය අය, විශේෂයෙන්ම කිසිදු දේශපාලනයකට සම්බන්ධ කිසිවකුත් සම්බන්ධ කර නොගැනීමත් විශේෂත්වයක් බව එම මාධ්‍ය කියයි.

    එම රුපියල් කෝටි සිය ගණනක් වූ ඩුබායි කෝටිපති ලොතරැයි තෑගි ලාභි මොහොමඩ් ම්ෂ්ෆාත් මහතා විවාහක දරුවන් සිටින පියකු වන බවත් ඔහු බේරුවල චීන කොටුව අල් හුමෙයිසරා ජාතික පාසලේ ආදි ශිෂ්‍යයකු ද වන බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

    ඒ වගේම තමන් ඉගෙනගත් විදුහලේ අංග සම්පූර්ණව ගුරු නිවාසයක් ද, බේරුවල චීන කොටුව නලිම් හජ්ජියාර් කාන්තා ජාතික පාසලට අවශ්‍ය ක්‍රීඩාපිටියක් වෙනුවෙන් විශාල ඉඩමක් මිලදී ගැනීමට ද, මග්ගොන අල් හසනියා මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ මුස්ලිම් පාසල් වල සති අන්ත නිවාඩුව යෙදෙන සිකුරාදා දින වල පල්ලි ආශ්‍රිතව මද්රසා පාසල් රාශියක් සංවර්ධනය කිරීමටද එම මුදල් පරිත්‍යාග කිරීමට ඒ මහතා ගිවිසුම් ගත වී නැවත සිය සේවා ස්ථානය වන ඩුබායි රාජ්‍යයේ සමාගමේ සුපුරුදු රැකියාව සඳහා පිටත්ව ගිය බව මාධ්‍ය හරහා පෙන්වා දුන්නා, සැබවින්ම නූතන පරපුරට විශාල ආදර්ශවත් ශ්‍රේෂ්ඨ මිනිසුන් විශිෂ්ට චරිතයක්...!

    ReplyDelete
    Replies
    1. AnonymousOctober 26, 2021 at 7:51 AM

      හරිම සතුටුයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත්, මෙම සැදැහැවතාට සහ ඔහුගේ පවුලේ සැමට නිරෝගිමත් , ප්‍රිතිමත් දිවියක් සහ දීර්ඝායුෂ ලැබේවා. ඒකට අපේ උන් හොරක්කම් කරලත් පවුල් පොෂණය කරනව, කොස් ගෙඩියටත් අම්මව මරණවා,

      මේ වගේම මං දන්න ගොඩක් මුස්ලිම් ජාතික අය ඉන්නවා ධනයෙන් රූපයෙන් ඉතා පොහොසත්. ඒ පෙර සසරේ පුහුණු කළාවූ දානයේ සහ සීලයේ ආනිසංසයක් මයි. ඒකට අපි බුද්දාගමේ ද වෙනත් ආගමක ද කියන එක අදාලම නැත. මමත් හැම දෙනාටම කියන්නේ අන් අයට ඉරිසියා නොකර දානය පුහුණු කරන්න හැකි පමණින්.

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  6. මුන්ට හරියන්නෙ චීන ගූම තමයි

    ReplyDelete
  7. පහසුවෙන් වි‍දේශ විනිමය උපයන්න පුලුවන්. ක්ෂේශ්ත්‍රයේ සිටින අයගේ දැනුම, ආකල්ප, කුසලතා, දියුණු කිරීම අනිවාර්යයි.

    ReplyDelete
  8. දියව්වෝ;

    දියව්... දියව්... රජයේ රස්සා දියව්
    දියව්... දියව්.... රජයේ පඩි වැඩි කර දියව්...
    දියව්... දියව්... කන්න බොන්න හැමදේම නිකම් දියව්...
    දියව්... දියව්... පර්මිට් ඕටී බටා වෙනත් හැම මගුලක්ම දියව්...

    දියව්... දියව්... පොහොර දියව්...
    දියව්…. දියව්….. වසවිස දියව්…..
    දියව්..…. දියව්….. වකුගඩුවක් දියව්…..
    දියවි..…… දියවි..….. හිතන්ට මොලයක් දියව්..….

    ඇයි බං මේ දියව්වෝ කියන මුං මෙච්චරම මෝඩ?

    ReplyDelete
  9. ඇති වුණාම දේශප්‍රේම
    නැති වුණාම හොරා කෑම;
    පරම්පරා පෙරේතකම
    රට හැදේවි ඉක්මනටම!

    ReplyDelete
    Replies
    1. නිමල්, කාලෙකට ඉස්සර එංගලන්තේ පාරක බීඑම් ඩබ්ලිව් කා එකක් පැදගෙන ගියපු අයියා කෙනෙක් කා එක නවතා, පාරේ යන සුන්දර රූ සපුවෙන් පිරිපුන් නංගී බබෙක් අමතා...

      ."නංගි කොහෙද යන්නේ"

      "මං ගෙදර යන්නේ අයියේ"

      ."එන්න නගින්න, මං ලිෆ්ට් එකක් දෙන්නම්"

      "නෑ අයියේ ඕනෙ නෑ, මං ඉන්නෙ තට්ටු නිවාසෙක නෙමෙයි"

      ඇය ඉතා බුද්ධිමත් යුවතියක් බව ඔබට වැටහුණාද?

      Delete
  10. නියම තත්ත්වය හොඳින් කිව්වා. ලංකාවේ රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කරල කියල කියන්නේ ඇත්තද බන් මාතලන්, ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතන මෙම ආයතන 30ට ඇතුළත් අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංගගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලකට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට මාතලන්ගේ මිත්ට්‍ර ඇත් පවුර නිර්මාතෲ ලංකාවේ ප්‍රධානතම සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ පත්කරන කතාව ඇත්තද?

    ඒ වගේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ ප කර ඇති ජනාධිපති විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇත.

    ReplyDelete
  11. වෛද්‍ය වරුන්ට දෙන විවිධාකාර දිරි දීමන, වාහන බලපත්‍ර සහ වෙනත් හිමිවිය යුතු වරප්‍රසාද කප්පාදු කරමින් අන්තනෝමතික ලෙස ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. GMOA සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවයි. දැනට වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද නවීන් සොයිසා කියා සිටී.

    ReplyDelete
  12. 95 වන මාරි මියුසියස් හිගින්ස් ගුණානුස්මරය

    "රූපං ජීරතී මජ්ජානං
    නාම ගොත්තං නජීරතී"

    "සසර දුකට පිහිට වී - අමිල සැපත දුන් හිමි
    අනුව කුළුණු මෙත් දයා - පිරුණු හද නිසා....

    පැමිණ සිහල දීපයේ -සතර මගෙහි නුවණ දී
    සැලසූ අමිල සේවයේ - මව්නි ඔබ දයා...

    මාරි මියුසියස් හිගින්ස් - මැතිනි සැලසු සේවයේ
    අගය පවතී සෑමදා - පුදමු හද බැතින්..."

    හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, ශ්‍රීමත් පීටර් ද ආබ්‍ෲ මැතිතුමා ඇනී බෙසන්ට් මැතිණිය ප්‍රධාන මියුසියස් විද්‍යාලීය ආදි කතෘවරුන් ද අද දින කෘතවේදීව සිහිපත් කරමු ������

    ReplyDelete
  13. ඇත්තටම ආණ්ඩුවටත් පිස්සු, රටක රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස යම් ස්ථිර තීරණයක් ගත්විට එය ක්‍රියාත්මක කිරීමට සිටිය කණ්ඩායම් හොඳින් විමසා බලා පත් කළ යුතුයි, පහුගිය යහපාලන රජයටත් මේ වගේ දේවල් සිදු වුණා මතක ඇති, මාරඹේ වගේ අවස්ථාවාදී තක්කඩියන් මුලින් ඉවත් කර ඒ වැඩපිළිවෙල කෙරෙහි විස්වාසය ඇති (හරියන්න හෝ වරදින්නට ) අවංකව එය ක්‍රියාත්මක කරන පිරිසක් සමග ගමනක් යා යුතුයි, මාරඹේගෙ සෙල්ලම් ගැන දැන්ද මේ ගොන් ආණ්ඩුව දන්නේ?

    දේසපාලුවන් විතරක්ම නෙවෙයි සමාගම් වලින් මිලියන් ගණන් අරන් උන්ට සේවය කරන ගමන් මහජනතාව ගෙ මුදලින් පඩි ගන්න හොරු ගොඩක් ඉන්නවා. මතකනේ අර චුට්ටි කාලයක් වස කන්න කියපු ප්‍රමිති ආයතනයේ ලොකු නෝනා? ආණ්ඩුවේ ලොක්කන්ටත් ගාන කැපෙනවාද මන්දා මේවායිනුත්?

    ReplyDelete
  14. කසාදය සම්මතය වෙච්ච සමාජෙක ඊට පරිබාහිර සියලු සම්බන්ධතා වැටෙන්නෙ අසම්මත ගොඩට මාතලන්, ඉස්සර රට කරපු සුදු ජාතිකයින් කසාද නීතියක් අඳුන්වල දෙන්න කලින් පිටිසරබද පලාත් වල ගෑණු පිරිමි අතරෙ තිබුනෙ දෙන්න දෙමාල්ලන්ගෙ ඕනෑකම මත පමණක් රඳා පැවතුනු විවාහයන්
    මීට අවුරුදු පණහකට කලිනුත් ඒ වගේ පවුල් ජීවිත ගම්බදව දකින්න ලැබුන
    කසාදය සම්මතය නොවුණ ඒ කාලෙ අනියම් සම්බන්ධතා එච්චර ලොකු දේවල් විදියට ඒ සමාජයෙ ගණන් ගැනුනෙ නෑ
    වර්තමාන ලංකාව ගත්තොත් (නිල බලය ධන බලය වගේ දේවල් නැත්නම්) අනියම් සම්බන්ධතා කියන්නෙ පඹ ගාලක්ම තමයි. පැටලුනොත් බේරෙනව බොරු.

    ReplyDelete
  15. දේශපාලනය හැමෝටම බෑ මාතා, යමපල්ලෙක් වගේ මිනිසුන්ට දුක්දෙන්න පුලුවන්
    නරුමයෙක් වෙන්න ඕන. ඕනවට වඩා හොඳ වෙන්න ගියොත් රෙදි ගලවලා අරින රටක් හැටියට පොලොව හදලා ඇට හිටවලා
    පැලේ රැකලා පොහොර දාලා, පැලේ ලොකු වෙලා පල දරන කොට පල බුදින්නෙ වෙන එවුන්...

    ඇටේ හිටවපු එකා ගැන, කවුරුවත් දන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඵලේ කකා ඒකෙ අගුණත්.කියනවා.., එහෙම තමයි සහෝදරයා
    නගුල පෝරුව උදැල්ල කුඹුරට අරගෙන වීය ගෙට ගන්න උදව් කලාට ඒ වීයෙන් හදන බත කන්න මේසෙට ගන්නෙ හැන්ද ගෑරුප්පුව මිසක් නගුල උදැල්ල නෙවෙයි බං මාතේ, හැබැයි ආයෙ හාන්න ඕනැ උනාම ඔය මඩ සමග අහක දාල තිබ්බ උදැල්ල, නගුල ඕනෑ වෙනවා.

    අපි දොස් තර මාෆියාවට බැන්නාට ඒ වගේම තමයි ලංකාවේ පාසල් ගුරුවරුන් ආකල්ප වලින්, ඔවුන් තමන්ට කරගත් ලොකුම විනාශය තමයි හුදෙක් තම පඩිය වැඩි කරගැනීම වෙනුවෙන් එයට කිසිදු වගක් නොමැති අහිංසක දරුවන්ට ඉගැන්වීම නවතා වර්ජනය කිරීම. මා හිතනවා මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ කාලයක් තිස්සේ උපාධියක් තිබුණත් රැකියාවක් හොයා ගන්න බැරි අන්ත අසරණ වෙලා හිටපු පිරිස් රාජපක්ෂ රෙජීමය විසින් කෙටි කාලීන වාසි තකා බුරුතු පිටින් පාසල් ගුරු සේවයට පත් කිරීම කියා. එම පිරිස සැබැවින්ම ලංකාවේ අසාර්ථකම කම්මැලිම දුර්වලම පිරිස. ඕනෑම සමාජයක එහෙම යැපෙන්නන් පිරිසක් ඉන්නවා. වසරින් වසර එම පිරිසම ගුරුවරුන් ලෙස දේශපාලනිකව පත්කිරීමේ ආදීනවය තමයි අපට මේ පෙනෙන්නේ. ඔවුන් සමාජයත් සමග වෛරයනේ සිටින පිරිසක්. නිතරම කේන්තියෙන් පුපුරමින් සිටින පිරිසක්. ළාමක ඔවුන් දන්නේ උද්ඝෝෂණ කිරීමෙන් විරෝධතා කිරීමෙන් වර්ජන කිරීමෙන් තමන්ගේ අභිලාෂය පමණක් බලහත්කාරයෙන් ත්‍රස්තවාදයෙන් තර්ජනයෙන් ලබා ගැනීමට පමණයි. එවැනි පිරිසක් සමාජ ජාල වල තමන්ව පින්ලන්තයේ ගුරුවරුන් සමග සංසන්දනය කිරීම ලොකුම විහිළුවක්. එවැනි පිරිසක් ගුරුවරුන් කළ පසු ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳ වැටීම වළක්වන්න බැහැ. එවැනි පිරිසක් පුහුණු කිරීම් වැනි ක්‍රමවේදයන් තුළින් වෙනස් කරන්නත් බැහැ. මොකද ඔවුන් පුද්ගල ස්වභාවයෙන්ම එහෙමයි. ඒ අකුසල කර්මය අප කරගෙන ඉවරයි. එහි විපාකය අප අත්විඳිමින් ඉන්නවා. ඒකට දැන් කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ තමයි මේ වරද තේරුම් ගෙන මින් මතුවට හෝ සමාජයේ දුර්වලම පිරිස ගුරුවරුන් ලෙස පත් නොකර සිටීම. එවිට කාලයක් යනවිට ගුරු වෘත්තිය නැවත සාධාරණ මට්ටමකට එයි. සමහරු අසා තිබුණා ගුරු වර්ජනයට බැනපු අය ගුරුවරුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියා. නමුත් වඩා වැදගත් ප්‍රශ්නය එය නොවෙයි. කිසිදු වරදක් නොකළ අහිංසක දරුවන්ට උගන්වන්නේ නැහැ කියා වර්ජනය කළ එම ගුරුවරුන් පංති කාමරයේ තම දරුවන්ට මුහුණ දෙන්නේ කොහොමද? යන්නයි. මම හිතනවා ලංකාවේ මේ යුගයේ ගුරු-ගෝල ගරුත්වය මෙයින් නැති වී ගියා කියා. පාසල් ශිෂ්‍යන් තම ගුරුවරුන් දෙස දැන් බලන්නේ අමු හිඟන සල්ලි පෙරේතයන් වූ අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ආත්මාර්ථකාමී පිරිසක් ලෙසයි. තම අයිතීන් වෙනුවෙන් යුතුකම් පාවා දෙන නිවටයන් පිරිසක් ලෙසයි. එම ගුරුවරුන් මෙකල ශිෂ්‍ය පරම්පරාවට දෙන ආදර්ශය එයයි. එම දරුවන් ලොකු වී එලෙසම කටයුතු කළහොත් ඒ ගැන අප පුදුම විය යුතු නැහැ. සෑම දෙයක්ම සිදුවන්නේ ප්‍රත්‍යයෙන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න