.

.

Nov 22, 2021

කාබනික වගාව නැවැත්විය යුතු නැත.


 සියල්ලන්ගේ රෙදි ගැලෙව්ව
ජනපතිගේ කාබනික රැස්සීම.
කාබනික වගාව නැවැත්විය යුතු නැත.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.
.
අප ඉල්ලූ ඝෝඨා අපට ඊයේ දැක ගැන්මට ලැබුනේය. කාබනික වගාව 100% තබා 10% කරගන්න බැරි වූ ඇමතියගේ සිට විජ්ජාගනයින් හා නිළධාරින්ගේ රෙදි ගලවා දැම්මේය. 

දත්ත වාර්තා නැතිව ජනපති ලේකම් කාර්‍යාලයේ පැටිස් රෝල්ස් කා කෝපී බී යාමට පැමිනි ප්‍රයිවට් කොම්පැනිවල චෙයාර්මන්ලා දෙන්නෙක් රැස්වීමෙන් එලවා දැම්මේය.

ඒ එලෙව්වේ උන් දෙන්නා විතරයි කියා අනෙක් උන් හිතන්නේ නම් උන්ටත් වෙරි සොරිය. 

ඇත්තටම ඔතනට ආපු ඇමතියාගේ සිට ලේකම් හා නිළධාරීන් දක්වා කිසිම එකෙක් ළඟ දත්ත හා තොරතුරු කිසිවක්ම නැති බව 100% විස්වාශය.

කනගාටුවට කරුණ නම් එතුමා තාමත් මේ වැඩේ කරන්න හදන්නේ උන් සමඟ වීමය.

එපමනක් නොව සජියා හා ජෙප්පන් පස්සේ ගිය පන් ගොයියන්ගේ අමුඩයත් ගලවා දැම්මේය. මින් පසු රසායනික ගොවිතැනට සහනාධාර දෙන්නේ නැතිය. 

සුද්දා කියන ඕනම බයිලාවක් ගෙඩි පිටින් ගිලිනා කෘෂි රසායන කොම්පැනිවලින් ජරාව කා බයිලා කෙලින උන් මක්කා කිව්වත්, කාබනික විප්ලවය ඉතා හොඳ වැඩක්මය.

100% එක වසරකින් දෙකකින් කළ නොහැකි වුවත් මුලු ලෝකයේම සිඳුවිය යුත්තේ එයය.

ධම්මික පැණියාට හා පැණි බිව් උන්ට කින්ඩි දැමු උන්, මොඩර්නා ඇස්ට්‍රා සෙනිකා ෆයිසර් හොයාගත්ත උන්ටවත්, ඒවා වැඳලා පිලිගත් උන්ටවත් කින්ඩි දමන්නේ නැතිය. ඒ ඒවා පට්ට ෆේල් උනත් සුද්දා සොයා ගත් දේ නිසාය.

ඒවා ගසාගත් උන් දැන් පස් වෙනි රැල්ලකට සැරසෙති. ලංකාවේ මියගිය ප්‍රභූවරුන් බොහෝමයක් මියගොස් තිබෙන්නේ, පැකනිල් ඩොන්කිගේ, ටොසී එක විද්දායින් පස්සේය. ඒකෙන්  ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා කිව්වේ ආයේ කිසිම ලෙඩක් නොහැදි දිවිය ලෝකයේම යන නිසා වෙන්නැතිය.

ඊයේ ජනාධිපති තුමා කිව්වේ රසායනික පෝර ගෙන්වීම් ප්‍රයිවට් කොම්පැනිවලට දෙන්න කියලාය. 

අපි කියන්නේ ඔය කාබනික වැඩෙත් ප්‍රයිවට් සෙක්ටර් එකට දෙන්නෙයි කියලාය. දෙන සහනාධාරයක් ඔවුන් හා එක්වන ගොවීන්ට දෙන්නෙයි කියලාය.

මේ වැඩේ සම්පූර්ණයෙන්ම කෘෂි කරුමක්කාර දෙපාර්තමේන්තුවේ කාළකන්නින්ගෙන් ඉවත් කල යුතුය. ජනපති කිව්වා වාගේ උන්ගේ වාහන බයික් සියල්ල ලබා දී තිබේන්නේ කෘෂි රසායන සමාගම්‍ ය. 

උන්ට පසේ පෝෂක ගුනයවත් පන් ගොයියන්වවත් පාරොභෝගියාත් අදාල වන්නේ නැතිය. උන් අපටත් වස කවා උන්ගේ දරුවන්ටත් කවන්නේ, උන්ට ලබෙනා ගත්මනාව ලොකු නිසාය.

දැනටත් කුසි කරුම දෙපාර්තමේන්තුව සතු බොහෝ ගොවිපොලවල් පෞද්ගලික අශයට දී අවසානය. පුරන් වී පාලු වී තිබු ඒගොවිපලවල් අද ධන උල්පත් වී අවසානය.

ඉතුරු ඒවාත් විකුණා දැමිය යුතුය. කොටින්ම කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කළ යුතුය. එවිට ඔය කරුමක්කාරයෝ කෙලින්ම ඒ කොම්පැනිවල සේවයට යනු ඇත්තේය.

දැන් සිඳුවන්නේ පෞද්ගලික අංශයට සේවය සපයනා මාෆියාවක්, රජය විසින්ද පඩි නඩි හා පැන්ෂන්ද සමඟ නඩත්තු කරනා එකය.

කාබනික වගාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම අපනයනය ඉලක්ක කරගෙන කළයුතු අතර, කාබනික පොහොරද මහා පරිමානයෙන් නිශ්පාදනය කොට එක්ස්පෝර්ට් කිරීමෙන් රටට ඩොලර්ද ගෙන ආ හැකිය.

කාබනික වගාව තවදුරටත් ආන්ඩුව හා කුසි කරුම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යාම ඇදගෙන නෑමක්ම පමණමය.

දන් හෝ ඇදගෙන නෑම් නවතා දමා... ආයෝජකයෝ ගෙන ඒමේ ප්‍රමුඛතා වැඩපිලිවලකට හැරිය යුතුය. 

එය කාබනික ගොවිතැන් සඳහා ආයෝජකයන්ගෙන්ම ආරම්බ කළ හැක්කේ. ඉදිරියේදි පැමිනෙතැයි අපේක්ෂා කරන ආහාර හිඟයටද ගොවිතැන තුල පිළිතුරු ඇති නිසාමය.

ඒ වගත් මෙසේය....

.



8 comments:

  1. අයිසේ ළමාතන්,

    මේ වෙනකොට ගෝලීය ආර්ථික අර්බුදය සමග ඇමරිකා එක්සත් ජනපදය යුරෝපය ආසියාවේ රටවල් ගොඩක, මියන්මාර්/ තායිලන්ඩ් හැමතැනකම දැඩි ලෙස උද්ඝ්හෝෂණ පිකට් ආරවුල්, මේ කොවිඩ් වසංගතයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයම වගේම ලංකාවත් තියෙන්නේ ඉතාම දුෂ්කර තැනක . ඉතිහාසයේ සිට සියලු ආණ්ඩුවල වැරදි කළමනාකරණ තීරණ, ගැටලු උග්‍ර කර ඇති අතර පොදු ජනයාට ජීවත්වීම ඉතාම අපහසු වී බහුතර ජනයා ඉන්නේ බලවත් පීඩනයක. ව්‍යවහාරයට අනුව, අඩු ආදායමක් ලබන ජන කොටස් ‘කබලෙන් - ළිපට’ වැටී තිබේ. මෙතැනින් ඔබ්බට පැවැත්ම අවිනිශ්චිතය. බලාපොරොත්තු රහිත, සිහින දකින්නේ නැති සමාජයක් බලගැන්වීම පහසු නැත.

    කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත් කරන මහජනතාව විශාල වෙනසක් අපේක්ෂා කළහ. පරිවර්තන වැඩ පිළිවෙළක් තුළින් දූ දරුවන්ට සැනසිලිදායක රටක් ගොඩනැගෙනු ඇතැයි බලා සිටියේය. දැන් පවතින ව්‍යුහය එකී ඉලක්ක වඩා සංකීර්ණ තැනකට කැඳවා ඇත. ප්‍රමාද නොකර ගැනෙන, තීරණවලින් ශ්‍රී ලංකාවේ ස්වභාවය උසස් තැනකට වෙනස් කළ හැකියි.

    මේ වෙනකොට මාස ගණන් රට වහල තියලා ලංකාවේ ජාතික ආදායම බරපතල විදිහට අඩු වී ඇති අතරම වියදම උග්‍ර ලෙස ඉහළ නැග ඇත. රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වසරකට රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදලක් අවශ්‍යය. එය ටසිරි ලංකාවේ ජාතික ආදායමෙන් සියයට අසූවක පමණ කොටසක්, ඉතින් මො.ක.?

    ලංකාවේ ජාතික ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ලබා ගෙන ඇති දෙස් විදෙස් ණය සඳහා පොලිය ගෙවන්නට වැය කරයි. පොලිය හා වැටුප් ගෙවන්නට පවා ආදායම නැති රටක පැවැත්ම සතුටුදායකද?

    මේ සියලු ප්‍රශ්න නිසා මම හිතන්නේ මතුපිටින් පැහැපත්ව තිබෙන නමුත් ඇතුලත නරක් වෙමින් පවතින පලතුරක් හා සමාන රටක් තමයි පුම්චි අපේ ලකේ පංකාව, ඉක්මනටම ප්‍රතිකර්මයක් නොකළහොත් ප්‍රයෝජනයකට ගත නොහැකි තරමට කුජීත වෙල තියෙන නිසා අකමැත්තෙන් නමුත් අනවශ්‍ය කොටස් ඉවත් කරන්නට සිදුව තිබේ. දරුණු ආර්ථික කුණාටුවකට හසු වූ කුඩා නැවක් බේරා ගැනීමට කළ හැකි කුමක්ද? එහි ගමන් කරන මගීන් හැර අනෙක් සියලු දේ පවා මුහුදට හෙළා බර අඩු කරගත යුතු නැද්ද බන් ළමාතන්?

    දැන් රට මෙහෙයවන කපිතාන්වරයාට තීරණ ගැනීමට බලය තිබේ. ඔහු වටා එකතුවන සියලුම නැවියන්ට එකිනෙකට වෙනස්, පරස්පර අදහස් තිබෙන්නට බැරි නැත. කුණාටුව එපමණ බරපතළ නැති බව කියන අතර අවට ඇති බලවත් නෞකාවක පවා පිහිටක් අවශ්‍ය නැති බව කියන්නට ඉඩ තිබේ. විපතකට මුහුණ දෙන විට මේවා සලකා බැලිය යුතු බව අපේ අදහසයි, ළමාතන් මේ ගැන කියන්නේ කුමක්ද?

    ReplyDelete
  2. ලංකාවේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් ප්‍රදේශ කිහිපයක භාවිතය සහ විකිණීම තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රයක් අවලංගු කර තිබේ.

    කලකට පෙර 2014 වසරේ දෙසැම්බර් මස 22 වන දින එවකට පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

    ඒ අනුව ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් නැමැති පළිබෝධනාශක වර්ග 5 ප්‍රදේශ කිහිපයක භාවිතය, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සහ විකිණීම මෙහිදී තහනම් විය.

    ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කය තුළ සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ මෙම පළිබෝධනාශක භාවිතය තහනම් කෙරුණත් කෙසේවෙතත් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වත්මන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර, ඒ අනුව 1894 /4 දරණ පැරණි අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස අවලංගු වනු ඇත.

    මේ අතර එම ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. මීට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාවරයාගේ මාධ්‍ය ලේකම්, ජයසූරිය උඩුකුඹුර මේ බව මාධ්‍ය වලටත් දැනුම් දී ඇත.

    පහුගිය කාලයේ වසර 7ක් පුරා තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව රෙජිස්ට්‍රාර්වරයා විසින් 2021.11.01 නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කරන බවත් ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත.

    ReplyDelete
  3. //දත්ත වාර්තා නැතිව ජනපති ලේකම් කාර්‍යාලයේ පැටිස් රෝල්ස් කා කෝපී බී යාමට පැමිනි ප්‍රයිවට් කොම්පැනිවල චෙයාර්මන්ලා දෙන්නෙක් රැස්වීමෙන් එලවා දැම්මේය.//

    මොනව කරන්නද රැස්වීමට එනකොට තමන් ලග තියන පොර ප්‍රමාණයවත් දන්නෙ නැතිනම්?

    සභාපති කියල නිකම්ම නිකම් ඉදල පුරුදු වෙලා., වෙනද වගේ රැස්වීමට ගිහින් නිකන් ඉදගෙන ඉදල එන්න හිතාගෙ ගිහින්, කරන්න දෙයක් නෑ වීඩියොව ශාක්ෂියි.

    ඔය පෝර වෙළෙන්දෝයි කෘශි නිලදාරීන් කියන හාල්පාරුවෝයි අතරින් 90 -95 % කට වඩා නිසි ලෙස පොහොර භාවිත කරන ආකාරය වත් වගා ක්‍රම් ගැනවත් මෙලෝ අල බෝලයක් දන්නේ නැහැ. ඔහේ හිතෙන හිතෙන විදිහට තෙල් පෝර සහ කෘමිනාශක විකුනනවා, ගොයිරාලලත් පොහොර නම් මිටි පිටින් පසට අත් ඇරල දානවා, දිනපතා ටැංකි බැඳන් ඔහේ දළු කොළ මල් හැම මගුලකටම නාන්න ගහලා ඒ මදිවට විකුනන්න කලින් අස්වැන්න ගොඩවල් වලටත් කෙළල අරිනවා, අන්තිමට දොස්තර මාෆියාවටයි බෙහෙත් වෙළෙන්දන්ටයි කල්ල මරේ රට පුරාම.

    අඩුම ගානේ අන්තර්ජාලයෙන් ලෝකේ වෙනත් රටවල වගා ක්‍රමශිල්ප ගැන හොයල බැලුවොත් කොච්චර අලුත් ක්‍රම තියෙනවද? ඊශ්‍රායෙල් වල ග්‍රීන්හවුස් වලින් අහක දාන ප්ලාස්ටික් ශීට් වලින් පස වහල අදාල පැල විතරක් හිල් වලින් එලියට අරන් වවන ක්‍රම දැන් දශක කීයක් පරනද? චාකෝල් අඟුරු වලින් පෝර ගබඩා කරගෙන බැටරියක් වගේ පසට දෙන ක්‍රම මේ ගැන මෙලො මගුලක් දන්නේ නැති කිසිම කෘෂි ක්ෂේත්‍රය ගැන මෙලොවින් මෙලෝ දැනුමක් නැති ඉස්කෝලෙ කාලෙ ඔහේ පිස්සු කෙළ කෙළ ඉඳලා පස්සේ වෙන නැතුවට මාකටින් ගිහින් තෙල් පෝර විකුණන කඩ දාගෙන මෝඩ ගොයියොයි කාලකණ්ණි කෘශි සේවක මීහරක් ටිකයි අන්දලා ගේම ගගහ ඉන්න පොරවල් නේ ඉතින්, වෙන මොනව කියන්නද? ඉල්ලුමට සැපයුම සහ මිනිස්සු අන්දා මොනව හරි ලාබහයක් තියාගෙන මාකට් කිරීම විතරයි දන්නේ, උන්ගේ වරදක් නැහැ ඉතින්.

    කැම්පස් වල ඇග්‍රි උපාධි කරන උන්ගෙන් වැඩි දෙනෙක් බැංකු වලයි වෙනත් පුද්ගලික සමාගම් වල මැනේජ්මන්ට් මාකටින් ජොබ් කරන්නේ, මොකුත්ම බැරු උන් ආණ්ඩුවෙන් පිනට දෙන කෘශි පත්වීම් ටික ගන්නවා, කැම්පස් වල උගන්නන්න ඉන්න උනුයි රජයේ ඉහළ තනතුරු වල ඉන්න උපාදි සහිත ආචාරිය මහාචරිය වරුත් පුද්ගලික කෘශි වෙළෙන්දන්ගේ සාක්කුවල ඉන්නේ.

    ලංකාවේ කෘෂි ක්ශේත්‍රයේ උපදි ඇති නැති උන් හැමෝම අතරින් අතේ ඇඟිලි ගානට අඩු ඉතාමත්ම සුළු පිරිසක් ඇර ලංකාවේ අලුතින් හදපු තාක්ෂණයක්, බෝග වර්ග, වගා ක්‍රම මොනවාද බන්? ආචාර්ය ධන්පාල හදපු කීරි සම්බා ඇතුළු වී වර්ග ටිකයි අඹ පර්යේෂණඥයෙක් හදපු හොරණ හිරු (හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් වරණය කරන ලද අඹ ප‍්‍රභේදයක්) වගේ ටිකක් ඇරුණම කොරපු එක මගුලක් තියේද කියපන්?

    ReplyDelete
  4. මාතලන්,

    ලංකාව චීනය සමග කරන වෙළඳාම වැඩි කර ගැනීම ගැන පහුගිය මාස කිහිපය පුරා විවිධ සාකච්ඡා සහ අදහස්/ යෝජනා ඉදිරිපත් වුණා වගේම චීන තානාපති ඇතුලු එරට රජය ලංකාවේ අපනයන වලට චීන දොරටු විවර කිරීමට හැකි උපරිම සහය දෙන බවත් ඒ කාල්යේ පැවසුණා, නමුත් මෙය හිතන තරමටම සාර්ථක වේවිද?

    බංගලාදේශය පකිස්ථාන් වැනි රටවල් ඉතා මැනවින් චීනයට අපනයනය කරන්වා, විශේෂයෙන් බංග්ලාදේශ් විශාල ලෙස ඇඟලුම් අපනයනය කරනවා චීනයට.

    මේ වගේ ලංකාවටත් ඇමරිකන් සහ යුරෝපා වෙළඳපොල මතම නොයැපී චීන සහ අග්නිදිග ආසියානු මෙන්ම වේගයෙන් නැගී එන අප්‍රිකානු වෙළඳ පොල හ්ඩෙස නෙත් යොමු කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වේවිද?

    මේ චීන තානාපති පවසන කරුණු සමග ඔබ එකඟද?

    https://island.lk/lankas-exports-to-china-up-by-111-2-so-far-this-year/

    මෙහි දත්ත දෙස බැලීමේදී පෙනෙන ලංකාවේ අපනයන අංශයේ දැනට ඇති අඩුපාඩු ලෙස ඔබ දකින්නේ මොනවාද?

    https://tradingeconomics.com/sri-lanka/exports

    https://economynext.com/sri-lanka-exports-hit-october-record-as-money-printing-drive-forex-shortages-88074/#modal-one

    ReplyDelete
    Replies
    1. චීනය දැන් සජිත් ගේන්න පුක ඉරාගෙන වැඩ..

      Delete
  5. මාතමචෝ,

    ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද හවස සිදුකරන නිසා උඹටත් ගිහින් බලලා ලොක්කට කතා කරලා එන්න පුළුවන් වෙයි නේද බන් මාතේ?

    ඒ වගේම මෙම පාලම 'කල්‍යාණී රන් පිවිසුම' ලෙස නම් කර ඇති බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා, කෝකටත් පොඅරිස්සමින් ගිහින් වරෙන්.

    පහුගිය කාලේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කළ අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

    කෙසේ වෙතත් කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ ඇති අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කරමින් එම ඉදිකිරීම් සිදුවූයේ ජෛකා ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JඓCඈ මූල්‍ය අනුග්‍රහයෙන්.

    කැළණි මිටියාවතේ අතිශය පාලම යට වැනි සිනමා නිර්මාණ හරහා පවා සාකච්ඡවට බඳුන් වූ විෂමකාරී ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ද මෙම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇති බවත් කියනවා, මේක ඇත්තද මාතේ?

    කෙසේ වෙතත් මෙම නව කැළණි පාලම වත්මන් ජනප්ති සහ හිටපු නාගකික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨා සහ ඔහුගේ උපදේෂක වාස්තු සහ ඉන්ජිනේරු විෂේෂඥයන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන පරිද්දෙන් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් සැලසුම් කර අවශ්‍ය පරිදි රාත්‍රියේ නයිට් ලයිෆ් එකකටත් ගැලපෙන පරිදි විදුලි ආලෝකකරණය කර තිබෙන බව මාධ්‍ය වල කියල තිබ්බා, මේක ඇත්තද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න