.

.

Feb 2, 2022

බැසිල් ගෝස් ටු මොන්ටිකාලෝ - Basil goes to Monticarlo


අප ඝෝඨාට චන්දය දීමට හේතුව වූයේ යුද්ධය සාර්ථකව නිමා කිරීමත්, කොළඹ නඟරයේ සිඳුවූ දැවැත්න සංවර්ධනය හා අලංකරණයත්, කොළඹ දකුණූ ආසියාවේ පිරිසිඳුම හා අලංකාරම නඟරය වීමත්, ඔහු තද තීන්දූ තීරණ ගන්නා මොඩර්න් නායකයෙක් වීමත්‍ය.

එහෙත් සිඳු වූයේ ඊට ඉඳුරාම වෙනස් ක්‍රියාදාමයකි. ලෝකය AI (Artificial Intelligence) වෙත ගමන් කරනා යුගයක, අප යන්නට ගියේ සිරිමාගේ දේශීය සංවෘත ගල් යුගයකටය. තද නායකයෙක් වෙනුවට ලැබුනේ එක එකාගේ දිරච්ච ලණු ගිලිනා, ගහන ගහන ගැසට්ටුව රිවර්ස් කරනා, නඟරය නොව ගම හදන්න දුවනා, කැබිනට් ඇමතිවරුන්ද ආන්ඩුවට විරුද්ධව උසාවි යද්දි උන් වීරයන් කරනා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්‍ය. 

වාහන හා සුඛෝපභෝගීයැයි ලංකාවේදී හඳුන්වන එහෙත් මිනිසුන්ගේ වැඩ පහසු කරන භාන්ඩයන් රාශියක් ආනයනය නවතා දමා. එක්කෝ ඒවාට ඔරොත්තු නොදෙන බදු කප්පරක් ගසා කෘතිම අභ්‍යන්තර වෙළඳ පොලක් හා භාන්ඩ හිඟ වීමෙන් කළු කඩ ආර්ථිකයක් බිහි කළේය.

එය පවත්වාගෙන යාමට සීමාවක් නැතිව මුදල් අච්චු ගැසුවේය. එය හරියට බැලුම් බෝල වලට ඔරොත්තු නොදෙනා තරම් හුළං ගැහුවා වගේය. එහෙම ගැහුවාම මාර ලස්සනට පෙනුනාට පොඩි ටච් එකටත් බෝලේ පුපුරා යෑමේ ඉඩකඩ වැඩිය.

Modern Monetary Theory (MMT) හෙවත් නව්‍ය මූල්‍ය න්‍යායට අනුව සල්ලි අච්චු ගැසීමේ අවුලක් ඇත්තේ නැතත්. මෙහේ සිද්ද වුනේ පොඩි කාළේ සෙල්ලම් කඩේට ගොස් කොස් කොළ දීලා බඩු ගත්තා වාගේ වැඩක්‍ය. සෙල්ලම් කඩෙන් කොස් කොලවලට බඩු ගත හැකි වූවත්, සයිබු නානාගේ කඩේ කොස් කොලවලට බඩු දුන්නේ නෑ වාගේ, ලංකාවේ රුපියල් කියන්නේ පිටරට බව්වෙක්වත් ගනන් ගන්නා මුදලක් නොවීම මෙය විකාරයක්ම වූයේය.

ඊට අමතරව මෙහේ සිඳුවූයේ එය දෙපැත්තටම හෙවත්, පාරිභෝකයාට මෙන්ම නිශ්පාදකයාටද වන්දි දීමනා හෝ ලෝන් ලෙස ලබාදීමය. මෙයින් නිශ්පාදන වියදම මෙන්ම භාන්ඩවල මිළද ඉහළ ගියා මිස ආර්ථිකයේ ඇති වූ ලබ්බක් නැත්තේය. සියල්ලෙහි ඇත්තේ ෆේක් මිළකි. ලෝක වෙළඳ පොළේ මේ සියල්ල මීට වඩා ලාබය.

("The whole idea of MMT is that since a sovereign entity can borrow in its own currency, it can print more money when it needs to pay off all its debt. ... MMT is essentially a paradigm shift when it comes to economic theory and a new way of thinking about governments with fiat currencies.)

සියල්ලටම වඩා කෙලවූයේ ජාත්‍යන්තර මුදල් ඒකකය වන ඩොලරය පාවෙන්නට නොදී බලෙන් පාලනය කරගෙන සිටීමය. මෙය හරියට අර නවසීලන්තේ ජැසින්ඩා නෝනා කොරෝනාවට රට වහගෙන උන්නා වගේ ගේමක්‍ය. 

මේවා හැමදාම කරන්න පුළුවන් බොරු නෙමේ කියා අප ඒ කාළේ ලියූවේය. අද ඒවා ඇත්ත කරමින් රට වහගෙන උන් ජඩින්ඩා අන්තීමට රට ඕපන් කළේය. චීනාද එය කළේය. මොළේ තියෙන ඇමරිකන් කාරයා මේ විකාර කළේ නැතිය.

රටේ ජනතාවගේ වාසනාවට මෙන්ම, ඝෝඨාගේ, නාමල්ලාගේ, නිර්වාන්ලාගේ වාසනාවට, ආන්ඩුවේ හා මහ බැංකුවේ බක පන්ඩිතයන්ට, තමන් මෙතෙක් ගමන් කළේ වැරදි මාර්ගයක බවත්, ගන්නා ලද බොහෝ තීන්දූ තීරණ අමු ගොබ්බ තකතීරූ තීරණ බවත් අවබෝධ වීමෙන් අනතුරව, සියල්ල වෙනස් වෙමින් තිබෙන්නේය.

මොළ හතක් තියෙනවා කියූ බැසිල්ගේ මොළ හතෙන්ම සත පහක වැඩක් නැති බව මේ වන විට ඔප්පු වී අවසානය. අහල පහළ ඉන්නා උන්ගෙන් හිඟාකෑමෙන් ගොඩ එන්න බැරි බවද ඔප්පු වී අවසානය. චීනා රාජපක්ෂලා පයිසෙකට මායිම් කරන්නේ නැතිය.

දැන් රාජපක්ෂ චන්ඩියෝ IMF ඉදිරියේ දන නැමීමට සූදානම් වී ඇත. විශ්ව ගම්මානයක තනියෙන් ගමන් යාමට නොහැකි බව අවබෝධ කර ගෙන ඇත. සවෘත ආර්ථික න්‍යායයන් අමු ගොම තකතීරූ තීරණ බව අවබෝධ කරගෙන තිබෙනවාය.

IMF එක ඒ කාළේ ඉඳන් කියූවේ...

⭕ මිනිසුන් යැපුම් මානසිකත්වයෙන් ඉවත් කරන ලෙසය. 

⭕ සමෘධිය මුද්දර කාඩ් පින් පඩි වැනි සහනාධාර නවතා දමන ලෙසය. 

⭕ නොමිළේ අධ්‍යාපනය නොමිලේ සෞඛ්‍ය නවතා දමන ලෙසය.

⭕ රජයේ රැකියා දීම නවතා දමා, පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කරණ ලෙසය. 

⭕ පොහොර සහනාධාර නවතා, මහා පරිමාණ ගොවිතැනට යොමුවන ලෙසය.

මේවාට එකඟ නොවන්නේ නම්, IMF ලාද අකුලාගෙන යනු ඇත්තේය. මේවාට එකඟ වුවහොත් මේ රටට අනාගතයක් ඇත්තේය. නැත්නම් මොකා ආවත් සදා සොත්තී භවංතුතේමය.

රාජපක්ෂලාට මාතලන් චන්දය දුන්නේ ජේ අර්ගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති රනිල්ලාටත් වඩා හොඳට 2010 - 2015 ත් අතරේ කරගෙන ගිය නිසාය.

අප හිතුවේ ඝෝඨා එය ඊටත් වඩා සුපිරියට කරයි කියලාය. ඒත් සිඳු වුනේ සිහිණෙන් වත් නොසිතු පිස්සු විකාරයක්‍ය. ඉදිරියට වසර තුනක් තියෙනවාය. ඒ වසර තුනේවත් වැරදි නිවැරදි කරගෙන නිසි මාර්ගයේ ගමන් නොකළොත් රාජපක්ෂලාගේ අවසානය එය බවත් කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය.


ඒ වගත් මෙසේය....





14 comments:

  1. මම ඝෝඨාට චන්දේ දුන්නේ කාරණා දෙකක් මත.
    1. එක සිවිල් නිතියක් සම්මත කරවාගන්න.
    2. ඝෝඨා ඇමරිකා ඔරුමත්තුනාඩුවේ හිටපු නිසා.
    එම රටේ මහ ජාතියේ සංස්කෘතික ආධිපත්‍යය (විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය) ඇතිකරන්න ඒ රටේ මහ ජාතිය ගත්ත උපක්‍රම ගැන දැනුමක් ඇතැයි කියලා හිතලා(එහෙ සුදු මිනිස්සුන්ගේන් 40%ක් ජර්මනියෙන් ආපු අය). ඒ දැනුම සිංහල ජාතියේ දියුණුව වෙනුවෙන් යොදවයි කියලා හිතලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් උන් ඒ රටේ කරන දේවල් මෙහේ කරන්න දෙන්නේ නෑ, කුඩු විකුණන උන්ගේ ළමයින්ට කුඩු තහනම් වුණාට බොන උන්ගේ ළමයින්ට තහනම් කරන්න උන් ඉඩ තියෙන්නේ නෑ නේ ද?

      Delete
  2. වහාබි තුමා පෙන්වා දී ඇති පරිදි මුහම්මද් නබි (RIP) තුමාට අල්ලා කියලා තියෙනවා මුදල් ඒකක සඳහා රන් රිදී මුතු මැනික් වැනි ද්‍රව්‍ය පමණනක් පාවිච්චි කරන ලෙස.
    ඒ දේව වදනට පිටුපාගොස් සල්ලි අච්චුගැසීම කියන සූදුවේ යෙදීම නිසා තමයි මේ විපත.

    ReplyDelete
    Replies
    1. අල්ලාට යාඥා කරමු මේ සියලු ප්‍රශ්න ඇති වුණේ අපේ මෝඩ කම නිසා ඒ නිසා අපට සමා වෙලා වහාම ක්‍රියාත්මක වී මේ ප්‍රශ්නය විසඳා දෙන්න ආමීන්

      කියලා යදිමු සර්ව බලධාරී අල්ලාහ් තාලා දෙවියනේ අල්ලාහු අඛ්බර්...!

      Delete
  3. ආදරේ බං සෞම්යාට.

    ReplyDelete
  4. කතාව ඇත්ත තමයි ඉතින් නේද? කොහොම හරි මහින්ද රාජපක්ෂ පවා 2005 - 07 කාලයේ සල්ලි අච්චු ගහල උද්ධමනය අම්බානක වැඩි කර ගත්තා. යුද්ධයත් නැගෙනහිර පළාතේ ගොඩ දාගන්න පුළුවන් වුණාට යාපනේ සහ වන්නියේ මුලදි අම්බානක කෑවා. යාපනේ මුහමාලේ 2006 දී සෙබලු සිය ගණනක් යුනිට් පිටින් විනාශ වුණා. 2006 හබරණ දිගම්පතනදී සෙබලු සිය ගණනක් වු නේවී කම්පැනි එකක විතර ප්‍රමාණයක් බෝම්බයකට කුඩු වෙලා ගියා.

    කැබිතිගොල්ලෑව සිට කොළඹ දක්වා සාමාන්‍ය පුරවැසියන් වශයෙන් බස් පිටින් විනාශ වුණා. ගෙයින් එළියට යන්න බය කාලයක් ළමයෙක් පාසල් යවන්න බැරිව දැඩි භීෂණයක් තිබුණා. ඊට අමතරව 2008 ලෝක තෙල් මිල යකඩ මිල අහස උසට ගියා. දැන් වගේ දෙගුණයක් මිල ගණන් වැඩි වුණේ ඩොලර් වලින්.

    2008 අග ලෝක ආර්ථිකයේ අවපාතයක් ඇති වෙලා ලංකාවේ අපනයන ආදායමට කෙළවිලා ගියා ම විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසා ආනයන කරගන්න බැරිව කෙළවිලා ගියා. යන්තම් මුවම්මර් ගඩාෆි ගොයියා පිනට ඩොලර් මිලියන 500 ක් දුන්නා 2008 ඉරාන ජනපති අහම්ද්නජාදි මාස ගණනාවකට තෙල් අවුරුදු ගානකට පස්සේ ගෙවන ලෙස අතමාරුවක් ලෙස තෙල් දුන්නා රිෆයිනරි එකට. ඔය වගේ මරා ගොයියා එදා වේල ටුවර්ස් වලින් ගොඩ දාගන්න කටයුතු කළා. අන්තිමට 2009 යුද්ධය අවසන් වී රටත් ගොඩ දාගන්න පුළුවන් වුණා.

    ඒ වගේම මෙන්න මේ හාදයා මෙතන කියන එක හරි නේද බන් මාතේ? මූ මේක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වයට, නමුත් මම හිතන්නේ මේ කතාව ආණ්ඩුවට ගොඩක් දුරට ඊට වඩා අදාලත්වයක් තියෙනවා.

    ඔය බක පණ්ඩිත නිලධාරීන් සංඛ්‍යා ලේඛණ පොත් පත් රෙගුලාසි ලබ්බවල් බල බල ඉන්නේ නැතුව මේ වගේ ප්‍රායෝගිකව රටේ බහුතර පොදු ජනතාව සතුටු කරන්න, සතුටින් ප්‍රශ්න වලට මුහුණ දීමට මොරාල් එකක් හදාගන්න පුළුවන් විදිහේ නායකත්වයක් තමයි ජනාධිපති විසින් දිය යුතු වෙන්නේ.

    මේක බලහන්

    https://www.facebook.com/1225780574132851/posts/4970636322980572/?app=fbl

    මම හිතන්නේ බැසිල් කබ්රාල් බොට වඩා රට කපටි ලෝකෝත්තර සෙට් එකක්. ආණ්ඩුවට IMF program එකකට යන්න ඕන වුණේ ඒත් එකපාරටම ගියොත් ඔය සහනාධාර කප්පාදුව සමග මිනිස්සු ආණ්ඩුවට එරෙහිව සටන් කරන තත්ත්වයක් එන්න පුළුවන් ඒ නිසා එක එක දේවල් කරලා තත්ත්වය අවුල් කියලා පෙන්නලා පෝලිම් ඇති කරලා විපක්ෂයේ ගොන් මෝඩ මීහරක් වහන්සේලව ෆෝම් කරලා IMF යන්න උන්ටම කියලා යෝජනා කරවලා පඩි වැඩි කරලා තව ටික දවසකින් ඕක ආයේ IMF එක පිට දාල කපලා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන තියෙන බව පේනවා. බලමු තව මාස තුනක් හතරක් යනකොට ආණ්ඩුවේ ගේම් එක බලාගන්න පුළුවන් වෙයි. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ජනාධිපති පොලිටිකල් පැත්තෙන් පට්ට විදියට වීක් සෑහෙන වෙහෙස මහන්සි වී වැඩ කරනවා වගේ පේනවා ඒත් හරියට වැඩ ටික මාකටින් කර ගන්න තේරෙන්නේ නෑ, මරා නම් මල්ලිලා නිදි මරාගෙන කට්ටක් කාල කරපු දේවල් වලට හොඳින් ලකුණු දාගෙන මාකට් කර ගත්තා. නන්ද සීනි උන්නැහේත් දැන්වත් හොඳින් මාකට් කරගන්න දක්ෂ මාකටින් වෘත්තීයවේදීන් විශේෂයෙන් සමාජ ජාල වලට පත් කර ගත යුතුයි පකේ ලංකාවේ පොලිටික්ස් කරනවා නම් මඩ වලට පිළිතුරු ලබා දීමට වෙනම ටීම් එකක් බස්සන්න වෙනවා, අතින් කාල හරක් බලපු සෙට් එකට හොඳ ගරු කිරීමක්වත් කරන්න තිබුණා ඒ කාලේ එහෙම දෙයක් වුණේත් නැහැ නේ?

    ReplyDelete
  5. Rajapakshala daksha horakamata witharai...prabakarana mr gen salli gatte nathnam marayi mennama kiyala.agindayagen salli gatta eken thama ekata kela une

    ReplyDelete
    Replies
    1. එහෙම ද දැන් උඹ දැක්කද බන් සල්ලි දෙන හැටි? කොළ වලින් ද කාසි වලින් ද දුන්නේ? ලොකු ට්‍රන්ක පෙට්ටියක දාල වෙන්න ඇති ඌට සල්ලි දෙන්න ඇත්තේ? එහෙම නේද? �� :D

      Delete
  6. අභිමානවත් 74 වන ජාතික දිනය සමරමු. බංග්ලාදේශයෙන් ණයට ගනිමු. මාලු දිවයිනෙනුත් ණයට කරවල ඉල්ලමු. යහ පාලනයට බනිමු.
    විමල් ද සිල්වා

    ReplyDelete
  7. ලංකාවට 2022 පෙබරවාරි මාසයේ හතර වෙනිදාට උදා වූ 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇති නමුත් ගොන්ජන් බූරුනායක නමැති මොංගල් පුස් රිළවාට නිදහස ලබා නොදීම ගැන අපගේ දැඩි විරෝධය මෙහිදී පළ කළ යුතුයි.

    නිදහස් දිනය වෙනුවෙන් එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නාම ලේඛණයට රන්ජන් රාමනායක හෙවත් ගොන්ජන් පොල් බූරු මීගවනායකගේ නම මෙතෙක් අතුලත්ව නැති එක අපට ලොකු අවුලක්.

    ඒ වෙනුවට ලංකාවේ ආණ්ඩුව යටතේ නිදහස හිමිව ඇත්තේ දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අතරින් වයස අවුරුදු 65 ඉක්මවු යහපත් කාලක්‍රියා සහිත අය, නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති බන්ධනාගාරයේදී ඉතා යහපත් අතට හැරී ඇති හොඳ චරිතයක් ඇති බවට නිලධාරින් සහ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ ලැබුණු අය, වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඉන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති එම කාලය බන්ධනාගාරයේදී සතුටුදායක පරිදි පුනරුත්ථාපනය වූ බවට නිළධාරී සහ වෛද්‍ය අංශ තීන්දු කළ අයගෙන් පිරිසකටයි.

    ඒ අනුව

    මහර බන්ධනාගාරයේ 20ක්

    කෑගල්ල බන්ධනාගාරයේ 18ක්

    වැලිකඩ බන්ධනාගාරයේ 17ක්

    කළුතර බන්ධනාගාරයේ 13ක්

    බෝගම්බර බන්ධනාගාරයේ 11ක්

    මඩකලපුව බන්ධනාගාරයේ 11ක්

    වාරියපොල බන්ධනාගාරයේ 10ක්

    වන පරිදි සිරකරුවන් පිරිසකට අද නිදහස හිමිව ඇති නමුත් ලංකාවේ නීතිය අනුව කෙසේ හෝ ඔ්නෑම අවස්ථාවක ජනාධිපතිවරයාට නියමිත ක‍්‍රියාමාර්ගය අනුව කිසියම් සිරකරුවෙකු නිදහස් කිරීමට බලතල ඇත.

    ඒ අනුව ආණ්ඩුව උන්ට ඕන වෙලාවට උන්ගේ ප්ලෑන් එක අනුව ආණ්ඩුවේ ලොක්කන්ගේ උඩින් හතුරු යටින් සපෝට් එකක් තියෙන ගොංජා ඕනම වෙලාවක නිදහස් කරලා දාන්න පුළුවන්. දැනටමත් ගොංජාට බැක් සයිඩ් බඩු ගහන්න ඕන තරම් බඩු සප්ලයි එක ලොහාන් කම්බා හොරා බාර ගෙන තියෙනවා නේද? ඊට අමතරව ඌට අවශ්‍ය ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය, ව්‍යාඝ්‍රා ආදී ලිංගික අප්‍රාණිකත්වයට අවශ්‍ය වාජීකරණ බෙහෙත් හැම දෙයක්ම ආණ්ඩුව ඇති තරම් ඌට හිරගෙදරටම සපයනවා ලු. ඌට හිරේ ඉන්න එක රජ සැප කියලා කියන්නේ මේ ගැනත් විස්තර කරලා ලියපන් බලන්න.

    ReplyDelete
  8. "රාජපක්ෂලාට මාතලන් චන්දය දුන්නේ ජේ අර්ගේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති රනිල්ලාටත් වඩා හොඳට 2010 - 2015 ත් අතරේ කරගෙන ගිය නිසාය."

    මෙන්න මේක වැරදි නේද? උදාහරණයක් විදිහට Sri Lankan air lines රජයට පවරා ගැනීම - මේක නිසා ලාබ ලබපු ආයතනයක් පාඩු ලබන සුදු අලියෙක් උනා. තව Mihin Lanka , නෙලුම් කුලුන, cricket stadiums වගේ ඒවා ගන්න පුළුවන්. රාජපක්ෂලා කලේ හොදට හම්බ කරන්න පුළුවන් projects මිසක් රටට වැඩක් වෙන දේවල් නෙමෙයි .

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න