.

.

Feb 3, 2022

නිදහසේ ඉතිහාසය, වර්ථමානය හා අනාගතය



🇱🇰 නිදහසේ ඉතිහාසය හැදෑරීමේදී 1848 කැරැල්ලෙන් පසු, 1948 සුද්දා අප දමා යන තෙක්, සුද්දන්ගේ පාලනයට විරුද්ධව කැරළි ඇති වී නැති බව තහවුරුය.

🇱🇰 ඇති වූ කැරළි සියල්ලම, මංකොල්ලකාර මදාවියන් හෝ උඩරට රදලයින්ගේ ගෝලයන් හා පිරිස් සමඟ සිඳුකළ කැරළි මිස, සමාන්‍ය ජනතාවගේ සහාය ලැබූ සටන් හෝ කැරළි නොවේ.

🇱🇰 එය එසේ වූයේ, වැඩවසම් පාලනයක කුල බේදය අනුව බැට කමින් රජු හා රදලයින්ගේ දාසයන් වූ ජනතාවකට, සුද්දාගෙන් ලැබුන උපරිම නිදහසයි.

🇱🇰 ඔවුන්ගේ පාලනය යටතේ නව ප්‍රභූ පැලැන්තියක් ඇතිවනවාක් මෙන්ම කුලීන ජනතාවද උගතුන් වියතුන් රෙසින් රාජ්‍ය සේවයට එක් වේ. උවුන්ගේ සමාජ තත්වයන් හා ජීවන තත්වයන් වෙනස් වේ.

🇱🇰 සුද්දාගෙන් නිදහස ඉල්ලා සිටින්නේ මෙසේ අලුතින් බිහි වූ ප්‍රභූ වෙළඳ පැලැන්තියයි. එහෙත් ඔවුන් මුලින්ම සර්ව ජන චන්ද බලය සාමාන්‍ය ජනතාවට ලබා දීමට විරුද්ධ වන්නේ, නැවතත් වැඩවසම් යුගය සිහිගන්වමිනි.

🇱🇰 විවිධ කොමිසම් යටතේ මෙරට පාලන ක්‍රමය තුල ඇති වූ වෙනස්කම් සියල්ලම, මේ නව ප්‍රභූ පන්තිය ලබා ගත් ජයග්‍රහණයන් බව පෙන්වූවද, ඒ සියල්ල එම කාළයන් තුල සියළුම යටත් විජිතයන්ද ලද අයිතිවාසිකම් හා අයිතීන් බව ඒ රටවල ඉතිහාසය හැදෑරීමෙන් පැහැදිලිව අවබෝධ වේ.

🇱🇰 ඊට ඇති හොඳම උදාහරණය නම් ඉන්දීය ජනතාව ලේ මතින් ලබා ගත් නිදහස, අපට ඉල්ලන්නේත් නැතිව බන්දේසියක තබා නොමිළේම  ලබා දී සුද්දා මාරු වීමයි.

🇱🇰 ඒ ලද නිදහසෙන් ලෝකයා සමඟ එක් වූ පිරිසක් මෙන්ම, එක් නොවූ ගෝත්‍රිකයින් පිරිසක්ද අද මෙන්ම එදාත් ජීවත් විය. 1956 දී ඔවුන්ට රාජ්‍ය බලය අත්වීම මේ රටේ කරුමයම විය.

🇱🇰 ඒ පරපුරේ පුරුකක් වන මහින්ද රාජපක්ෂ 30 අවුරුදු ත්‍රස්තවාදයකින් රට බේරාගෙන, ජේ ආර් මෙන් මහා පරිමාණ  යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින්, රට සංවර්ධනය කරා ගෙන ගියද, ඔහු වටා උන්, ඔහුගේ ආශීර්වාදය ලත්, ඔහු විසින් ආරක්ෂා කළ ගෝත්‍රික මදාවියන් විසින් එය නවතා දමන ලදි.

🇱🇰 ඉන් පසු පැමිණි පාලනය ගැන අකුරක් හෝ ලිවීමද පාපයකි.

🇱🇰 මේ රටේ විප්ලව කිරීමට නොහැකි බව මේ වන විට ඔප්පු වී අවසානය. ත්‍රස්තවාදීන් සියල්ලෝම ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ අවසානය.

🇱🇰 ඝෝඨා පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්ම ලැබී තිබේ. එය ඉදිරියටත් ගෙන යන බව ඔහුගේ කතාව තුල තව දුරටත් සහතික කරන ලදි.

🇱🇰 වැඩ ලක්ෂයක් ලෙස ආරම්බ කර ඇති බොනිකර තරු සිල්ලර දේශපාලන වැඩ සටහන් වෙනුවට, මහා පරිමාණ  ව්‍යාපෘති කඩිනමින් ආරම්බ කළ යුතුය. 

🇱🇰 ලෝකය වේගයෙන් දියුණු වෙමින් පවතින මොඩර්නයිස් යුගයක, 2015 න් පසු මේ රටේ එකම මහා පරිමාණ ව්‍යාපෘතියක් හෝ ආරම්භ කර නොමැත.

🇱🇰 ඉන්ධන ඇමතියා ලයිට් කපනවාමයි කියනා රටකට, ආයෝජකයෝ එන්නේ නැත. කැබිනට් අමාත්‍යවරු ආන්ඩුවට විරුද්ධව උසාවි යන රටකට, ආයෝජකයෝ එන්නේ නැත.

🇱🇰 රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ අවංක චේතනාවක් ඇත්නම්, විපක්ෂ මානසිකත්වයෙන් ජීවත්වන මානසික රෝගින් ඒවායෙන් ඉවත් කර, රාජපක්ෂ හිතවාදීන්ට එම තනතුරු ලබා දිය යුතුය.

🇱🇰 එමෙන්ම මහා පරිමාණ යෝජනා ක්‍රම ලෙස පුනර්ජනනීය විදුලි යෝජනා ක්‍රම දිවයින පුරාමත්, විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත්වලත් කඩිනමින් ආරම්බ කළ යුතුය. (Wind energy and Solar energy)

🇱🇰 මන්ද, ලයිට් කැපීම මෙන්ම ඉන්ධන නැති කම ගැන ලොකුවට කතාකරනා ඇමතිවරු ඉන්නා රටක් තුල, විදෙස් ආයොජකයෝ තියා දේශීය ආයෝජකයෙක් හෝ ආයෝජනය නොකරන නිසාය.

🇱🇰 සුසිල් ප්‍රේමජයන්තට එරෙහිව ගත් තීරණය, අරුන්දිකට ලොහාන්ට එදිරිව ගත් තීරණය, විමල්ලාට ගොම්මන්පිලලාට විරුද්ධව ගැනීමට බැරි, රාජපක්ෂලා ඔවුන්ට බය නිසාදැයි දැන් සැක මතු වේ.

🇱🇰 ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට වඩා ජනතාවට වැදගත් වන්නේ ආර්ථික නිදහසය. අද රටේ ආර්ථික නිදහසක් නැත. පිටරට සිට හම්බ කරන එකාගේ ගෙදරට, සල්ලි එවන්නේ කෙසේදැයි සොයන්නට පොලීසිය යවන්නේ නම් එය පිස්සු විකාරයක්මය.

🇱🇰 ජනතාවට නිදහස දීමට පෙර ඩොලරයට නිදහස දෙන්න. නිදහස අභිමානයෙන් සැමරුවද, අප ලෝකය නම් රටේ ග්‍රාමසේවා වසමක් පමණි.


.

15 comments:

  1. සුබ නිදහස් දවසක් මාතලන්,

    ඇත්තටම ලංකාවට 2022 පෙබරවාරි මාසයේ හතර වෙනිදාට උදා වූ 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 197 දෙනෙකුට නිදහස හිමිව ඇති නමුත් ගොන්ජන් බූරුනායක නමැති මොංගල් පුස් රිළවාට නිදහස ලබා නොදීම ගැන අපගේ දැඩි විරෝධය මෙහිදී පළ කළ යුතුයි.

    නිදහස් දිනය වෙනුවෙන් එසේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නාම ලේඛණයට රන්ජන් රාමනායක හෙවත් ගොන්ජන් පොල් බූරු මීගවනායකගේ නම මෙතෙක් අතුලත්ව නැති එක අපට ලොකු අවුලක්.

    ඒ වෙනුවට ලංකාවේ ආණ්ඩුව යටතේ නිදහස හිමිව ඇත්තේ දඩ මුදල් ගෙවාගත නොහැකිවීම මත බන්ධනාගාර ගත කරන ලද අතරින් වයස අවුරුදු 65 ඉක්මවු යහපත් කාලක්‍රියා සහිත අය, නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති බන්ධනාගාරයේදී ඉතා යහපත් අතට හැරී ඇති හොඳ චරිතයක් ඇති බවට නිලධාරින් සහ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ ලැබුණු අය, වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඉන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති එම කාලය බන්ධනාගාරයේදී සතුටුදායක පරිදි පුනරුත්ථාපනය වූ බවට නිළධාරී සහ වෛද්‍ය අංශ තීන්දු කළ අයගෙන් පිරිසකටයි.

    ඒ අනුව

    මහර බන්ධනාගාරයේ 20ක්

    කෑගල්ල බන්ධනාගාරයේ 18ක්

    වැලිකඩ බන්ධනාගාරයේ 17ක්

    කළුතර බන්ධනාගාරයේ 13ක්

    බෝගම්බර බන්ධනාගාරයේ 11ක්

    මඩකලපුව බන්ධනාගාරයේ 11ක්

    වාරියපොල බන්ධනාගාරයේ 10ක්

    වන පරිදි සිරකරුවන් පිරිසකට අද නිදහස හිමිව ඇති නමුත් ලංකාවේ නීතිය අනුව කෙසේ හෝ ඔ්නෑම අවස්ථාවක ජනාධිපතිවරයාට නියමිත ක‍්‍රියාමාර්ගය අනුව කිසියම් සිරකරුවෙකු නිදහස් කිරීමට බලතල ඇත.

    ඒ අනුව ආණ්ඩුව උන්ට ඕන වෙලාවට උන්ගේ ප්ලෑන් එක අනුව ආණ්ඩුවේ ලොක්කන්ගේ උඩින් හතුරු යටින් සපෝට් එකක් තියෙන ගොංජා ඕනම වෙලාවක නිදහස් කරලා දාන්න පුළුවන්. දැනටමත් ගොංජාට බැක් සයිඩ් බඩු ගහන්න ඕන තරම් බඩු සප්ලයි එක ලොහාන් කම්බා හොරා බාර ගෙන තියෙනවා නේද? ඊට අමතරව ඌට අවශ්‍ය ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය, ව්‍යාඝ්‍රා ආදී ලිංගික අප්‍රාණිකත්වයට අවශ්‍ය වාජීකරණ බෙහෙත් හැම දෙයක්ම ආණ්ඩුව ඇති තරම් ඌට හිරගෙදරටම සපයනවා ලු. ඌට හිරේ ඉන්න එක රජ සැප කියලා කියන්නේ මේ ගැනත් විස්තර කරලා ලියපන් බලන්න.

    ReplyDelete
    Replies
    1. @ Ano 11.37,

      ගොන්ජා හිරගෙදරට වෙලා ටික් ටොක් කැරි සමන් කියන වේසිගේ පුතා එක්ක සෙට් වෙලා තියෙන්නෙ දැන්, ඒ නිසා තව ටික දවසකින් කිරා ජේලර් කෙනෙක් ගේ හරි පෝන් එකක් ඉල්ලගෙන ටික් ටොක් පාරක් දායි, එතකොට සේරම යාලුවෝ සෙට් එක හිරගෙදර ගන්න පුල් ආතල් එක බලා ගන්න පුළුවන් වේවි, මේ කිරා හිරේ යන්න කලින් දීපු ගොන් පාට් ආතල් ටිකක්

      https://youtube.com/shorts/GLmC9Q1i8uw?feature=share

      Delete
    2. රන්ජන් පට්ට ගොන්. මැන්ව ඉස්සරහට දාලා රට කපටි ලෝකෝත්තර සජබෙ අනිත් කම්බා හොර හැත්ත බේරුනා. මුගේ වාචාල කට උන් පාවිච්චි කලා හතර අතට මඩ ගහන්න. අවංකයි අවංකයි කිව්වට අතේ පැළවෙන දාර පච කෙබ්බ ඇදබැවා ගොන්ජා ගොනා වගේ. He is an honest bloody fool කියලා සජබෙ ලොක්කො දෙන්නෙක් කතා වුනා. පවු ඒ පිං ගොනා.

      Delete
  2. ගහලා ඉන්නේ. බඩු.

    ReplyDelete
    Replies
    1. -මම රංජන් රාමනායක

      අගුණකොළ පැලැස්ස හිර ගෙදර සිට (බෑක් සයිඩ් කරල බඩ්ඩක් පෛ එකේ එල්ලගෙන ඉන්නේ දැනුත්)

      Delete
  3. මාතලන්, ලංකාවේ නිදහස ගැන අපි කොයි තරම් කයිවාරු ගහන නමුත් උතුරු මුහුදට ඉන්දියානු ධීවරයන් පැමිණෙන විශාල බෝට්ටු වලට ශ්‍රී ලංකාවේ ධිවරයන් බියට පත් වී සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද පවසනවා නේද?

    ඔහුට අනුව එම බෝට්ටුවල එන්ජින් ධාරිතාව ඉතා ඉහළ බවත් ශ්‍රී ලාංකිකයන්ගේ බෝට්ටු ගිල්වා දැමීමට එහි හැකියාව ඇති බවත් "ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා නිසා අපේ ධීවරයන්ගේ මුහුදු ආම්පන්න, බෝට්ටු පවා විනාශ වෙනවා. මේ නිසා ධීවර ප්‍රජාවට ජීවනෝපාය කර ගන්න බැරි තරම් ඔවුන් පීඩාවට පත් වෙලා", "ඉන්දියාවෙන් එන බෝට්ටු අපේ ධීවර පිරිස පාවිච්චි කරන බෝට්ටුවලට වඩා දැවැන්තයි. ඒවගේ අශ්ව බලවේගයත් වැඩියි. ඒ නිසා අපේ ධීවර බෝට්ටු ඒ සමීපයට යන්නත් බයයි. ඉන්දියානු ධීවරයන්ට තමන්ගේ බෝට්ටු යොදාගෙන අපේ ධීවරයන්ගේ බෝට්ටු ගිල්වලා විනාශකරලා දාන්න වුණත් හැකියාව තියෙනවා. දැන් ඉන්දියානු බෝට්ටු දකිද්දී අපේ ධීවරයන් ආපසු හැරිල එන මට්ටමට ම තත්ත්වය දරුණු වෙලා තියෙන්නේ" කියලා කියන්නේ ඇත්ත නේද?

    යුද්ධය අවසන්ව 2010 - 2015 කාලේ පොඩි බෝට්ටුවල ආපු ඉන්දියා ධීවරයන්ට ලංකාවේ නේවි එක වෙඩි තැබීම නිසා මහත් ආන්දෝලනයකට සහ ඉන්දියාව දැඩි ලෙස ලංකාවට එරෙහිව විවේචන එල්ල කලා. පහුගිය යහපාලන රජය කාලේ 2016 විතර ඉඳලා ඉන්දියාවේ ධීවර ව්‍යාපාරික ප්‍රජාව ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල පවා බය නැතුව ධීවර කර්මාන්තයේ යෙදෙන්න විශාල ට්‍රෝලර් යාත්‍රා යොදා ගන්න පටන් ගත්ත එක තවම එහෙමමයි. ඒ බෝට්ටුවල පතුලේ සවිකරන රේල් පීලි වගේ යකඩ තහඩුවලට ධීවර දැල් සවි කරලා ඒවා මුහුදු පතුල දිගේ ඇද ගෙන යාම සිද්ධ වෙනවා. මේ ක්‍රමය බොටම් ට්‍රෝලින් ලෙස හඳුන්වනවා.

    මේ කියන බොටම් ට්‍රෝලින් කියන නීති විරෝධී ජාත්‍යන්තර පරිසර සම්මුතීන් උල්ලංඝනය කරන විනාශ කාරි ක්‍රියාවලිය නිසා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල සම්පූර්ණයෙන්මු මුහුදු පතුලේ තියෙන කොරල් පර, මුහුදු ශාක වගේ සේරම සම්පත් විනාශ වෙනවා. ඔවුන් යොදාගන්නා මේ විනාශකාරී ක්‍රමවේදය නිසා දැන් ඉන්දියානු මුහුදු කලාපය විනාශ වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් ඒ කලාපයේ මසුන් නෑ. ඒ නිසා ඔවුන් කරන්නේ අපේ සීමාව ආක්‍රමණය කිරීම. ඉන්දියානු ධීවරයන් ඔවුන්ගේ මුහුදු සීමාවේ තියෙන සම්පත් විනාශ කරලා දාලා දැන් අපේ සීමාවටත් ඇතුළු වෙලා අපේ මුහුදු සම්පත් විනාශ කරමින් සිටිනවා.

    මේ වගේ ගැටලුවට ලංකාව වගේම තවත් කුඩා රටවල් බොහෝමයක් මුහුණ දෙනවා. බලවත් රටවල් කුඩා රටවල්වලට ගිහින් මේ විදිහට සම්පත් සූරාකෑමේ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.

    1990 ගණන් වෙනකොට සෝමාලියාවේ මුහුදුබඩ ප්‍රදේශ යුරෝපීය රටවල සහ ජපානයේ විශාල ධීවර සමාගම් විනාශ කිරීම නිසා ඒ රටේ ස්වදේශීය ධීවරයන්ගෙන් සෝමාලියා මුහුදු කොල්ල කරුවන් බිහිවුනා මාතලන් දන්නවනේ.

    ඒ නිසා මෙතැනදි අපි නොදැක්කා සේ ඉන්න හොඳම නැහැ. අපේ මුහුදු සම්පත් විනාශ වීම සහ ධීවර ජනතාවගේ රැකියාව පිළිබඳ ගැටලු ඇතිවීම යන ප්‍රශ්න දෙකම ඇති වෙලා තියෙන නිසා මේ ප්‍රශ්නය නවත්වන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනාධිපති නාවික හමුදාවට උපදෙස් දීලා තියෙනවා. මේ ප්‍රශ්නයට නාවික හමුදාව තවම හරියට පිළිතුරු නොදෙන්නට හේතුව කුමක්ද?

    සුමන්තිරන් ලත් මීක් සද්දයක් නෑ. වැඩකරන යෝධයා නන්දේ ඔවාට බය වුනා ට ඉදිරියේ දි බිහි වන ජේවිපි ආණ්ඩුවක් යටතේ ධිවර ප්‍රජාව ආරක්ෂා කරනවා කියලා ජවිපෙ ජාතික ජන බලවේගය විතරද කියන්නේ? ඒ කියනව වගේ කරන්න පුලුවන්ද මට නම් උනුත් ෂුවර් නෑ. සජිත් නම් රනිල් වික්‍රමසිංහ වගේ කෙලින්ම තෑගි ඔප්පුවක් ලියලාම දේවි ඉන්දියාවට. දූෂිත රාජපක්ෂ රෙජීමයත් ඉන්දියාවේ රූකඩ ලෙස හැසිරීම පිළිබඳව කලකිරීමක් නැද්ද?

    ReplyDelete
  4. අයිසේ ළමා තන්, සාමාන්‍යයෙන් කාන්තාවන් සඳහා පුරාණ ඉසිවර පඬි වදන්වල පරිදි දිය හැකි උපදෙස් නම් ඕනෑම straight පිරිමියකු සතුටු කිරීමට නිරුවතින් ඔහු ඉදිරියේ පෙනී සිට ඔහුට kiss එකක් දෙන්න. perfume ටිකක් දාගෙන තියා ගැන්ම හොඳය. ඉතුරු ටික ඔහු බලා ගනීවි. ඔබ කරදර විය යුතු නැත.

    ඒ වගේම ඕනෑම gay පිරිමියකු සතුටු කිරීමට "You are such a wonderful person, so different from others" කියන්න. ඒ වගේම රනිල් සහ මංගල ඇතුළු පිරිස ඉතා සුපිරිසිදු සුපිරි පාලනයක් ගෙන ගිය බවත් දැන් ලංකාවේ ආණ්ඩුව ඉතා කුජීත බවත් පැවසුවා නම් එදා පටන් ඔහු ඔබේ හොඳම මිතුරා වනු ඇත.

    එතකොට bi පිරිමියෙක් සතුටු කරන්නේ කොහොමද?

    බයි පිරිමියකු සතුටු කිරීම සඳහා ගත හැකි පියවර බොහෝ ඇත.

    "මොනවා වුණත් රටක් කියලා එකක් අපට ඉතුරු වුණේ මෛන්ද මාත්තියා නිසා තමයි" කීම එකකි. නන්ද සීනි උන්නැහේගේ කාබනික වැඩේ සාර්ථකයි 2024 ත් නන්දේ අනිවා දිනනවා 2029 නාමෝල් ගොන් ආතල් කුමරුන්ට රට භාරයි, මරා අවුරුදු 120 ක් විතර ජීවත් වෙයි වගේම තව රට බයිල ගොඩාක් සීරියස් විදියට කියන්න පුළුවන්.

    ළඟ පිකප් බක පණ්ඩිත පුක් පඬි ඩයල් එකක් නම් අනුර කුමාර දැනටමත් ජනාධිපති විදියට 80% ජනතාව පිළි අරන් ඉවරයි, ජනතා විභුක්ති පෙරමුණ ළඟදිම තව දුරටත් ඡන්ද අරගෙන තව ටික දවසකින් 160 % ක් ඡන්ද ගන්නා බව පවසන්න ඔහු හෝ ඇය සුරතාන්තයට පත් වී ධාතු ද පහවනු ඇත.

    ඔහු මන්ද මානසික මොංගල් ටයිප් සිඟිති ආතල් දෙන ගොබිලෙක් නම් වැඩිය ඕන්නෑ සජිත් ප්‍රේමදාස ලොක්කා ළඟදිම ජනපති වෙනවා, නන්දසේන ගොයියා ආණ්ඩුව සජිත් ට බාර දීල ගෙදර යන්න හදනවා වගේ කියලා කඩේකට එක්කන් ගිහින් කන්න දුන්නනම්, (බඩු මිල වැඩි වෙලා කියලා කන්න නැතුව මැරෙන්න කලින්), තව shopping ගිය වෙලාවක toys section එකකින් action figure එකක් නැත්තම් remote car එකක් වගේ දෙයක් අරන් දුන්නනම්, strait හෝ gay උන්ට අර උඩ කිව්ව වගේ එකකුත් කරානම් so satisfied උපරිම වශයෙන් වින්දනයක් ලබා ගනීවි. ඕක තමයි සරලව ලංකාවේ තත්ත්වය මේ දවස් වල.

    ReplyDelete
  5. පෙරේදා (පෙබරවාරි 03) රාත‍්‍රියේ සිදු වූ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් යයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කරල තියෙන්නෙ ඒක ඇත්ත ද?

    මේ ගැන පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එදින තිබුනේ අඩු විදුලි ඉල්ලුමක් යයිද කී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසුවා,
    අනවසරයෙන් විදුලි කප්පාදුව නීති විරෝධී ක්‍රියාවක් බවද පවසන සභාපතිවරයා කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ දැනුවත්ව නොසිටි බව ද කියනවා, මේකට ඇක්ෂන් ඕනේ ඇයි මේ ජඩයන්ට දඬුවම් දෙන්න බැරි?

    ReplyDelete
  6. තව දෙයක් තියෙනවා මාතා මේකට ඇඩ් කළ යුතු, නිදහසින් පසු ලංකාවේ දේශීය නිලධාරීන් විසින් නිර්මාණය කරපු දැනට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් හදන්නෙ මනස්ගාතම තමයි. නිදහස් අධ්‍යාපනය නෙවෙයි මනස්ගාත අධ්‍යාපනය, කොටින්ම කියනවා නම් ලංකාවේ විෂය නිර්දේශය යටතේ සිලබස් හදන අය දෙන උත්තරය විතරයි හරි. ඒ උත්තරයට සමාන අනිත් සෑම උත්තරයක් පවා වැරදි. ඒ නිසා උගන්වන්නෙ අදාල අය එවල තියෙන ඒව විතරයි. ඒ නිසා රාමුවෙන් පිට හිතන එක මොට යනව ලමයගෙ. ඒ අය දෙන රාමුව ඇතුලෙ විතරයි ළමයි හිතන්න ඕනි. ������

    මට මතකයි මම ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන කාලේ දහය වසරේ ඉන්න කාලේ 1998 දි එක්තරා ඉංජිනේරු වරයෙකු මේ සම්බන්ධ හොඳ විග්‍රහයක් කරා රූපවාහිනී මාධ්‍යයක, (පසුව එතුමා විදේශගත වුනා...)

    2000/02 අපේ Combined (Pure + Applied) Maths කරපු ගුරුතුමා එවැනිම අදහසක් කිව්වා සෑම ටර්ම් ටෙස්ට් එකකදිම වගේ....

    #මමත් ඒව ගැන පෞද්ගලිකව නිරීක්‍ෂණ අනුව හිතල බලල එවැනිම අදහසක් මෙවැනි පොස්ට් දැක්කාම ලියනවා දැන් අවුරුදු 12ක් පේස්බුක්, බ්ලොග් සහ ඊට කලින් සමාජ කතාබහ වලදි,

    #නමුත් අදටත් ලංකාවේ අපේ දූපුතුන් අවුරුදු 13ක් කාලෙ කාල කාල මුකුත් බැරිව පයින් ගහල පාරට දානවා...

    #ඊලගට තවත් අවුරුදු 4-5 (රාජ්‍ය විශ්ව විද්‍යාල එනම් විධිමත් අධ්‍යාපනය ලෙස උජාරුවට කියවන) ක් කාලෙ කාල කාල, කිසිම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මුකුත් බැරි පොත් කට පාඩම් කරලා විභාගය සමත් වූ, උද්ඝෝෂණ සහ රජයේ රැකියා පමණක් සොයන උපාධිධාරීන් බිහිකරන අධ්‍යාපනයෙන් පිට යා යුතුමයි...

    #ලෝකය 2024දි අඟහරු මත ජනාවාස හදන්න සියලුම සැලසුම් හදල ඉවරයි...

    #ලංකාවේ උපාධිය අරගෙන රජයේ රැකියාවක් ඉල්ලමින් පාරවල් අවහිර කරගෙන උද්ඝෝෂණ කරකර ඉමු, රටේ විධිමත් අධ්‍යාපනයේ පිහිටෙන්... ලංකාවෙ ගුරුවරු ළමයින්ගේ කුසලතා වර්ධනය වෙනුවෙන් මුකුත් කරන්නෙ නෑ උන් කරන්නෙ ළමයින්ට දඩුවම් දෙන එකයි දොස් කියන එකයි ඇදුම්වල ඇදකුද හොයන එකයි ආදර සම්බන්ද කඩන එකයි ඒව තමයි උන්ගෙ ජොබ් එක, මේක වෙනස් කරන්න තමයි ලොකූ සෑර්ට මිනිස්සු ඡන්දය පාවිච්චි කළේ, ඒකත් කියන්න ඕන...

    #ජයවේවා ට'සිරිලංකා....

    ReplyDelete
  7. සෞම්යාගේ හුත්තට දිව දාලා හුතු ජුස් බොන්න තිබ්බා නං..ම්ම්.පයියා කිති කැවිලා යනවා මතක් වෙද්දීත්.

    ReplyDelete
  8. මම හිතන විදියට ජනපතිගේ දැක්ම නිවැරදියි. අවශ්‍ය සුදුස්සන් ළංකර ගැනීමයි. 69 ලක්ෂයේ සැලකිය යුතු පිරිසක් තවමත් ජනපති ගැන විශ්වාසෙන් ඉන්නේ. ආ මග කෙටියි, යා යුතු මගදුරයි... ඔහොම යමු කකුලෙන් අදින්නෝ ගානියා බැරිස්ටර්ගෙන් පටන්ගෙන නොකියා විදුලිය විසන්ධි කරන තැන දක්වාම කළේ කුමන්ත්‍රණ. ඉදිරියටහ් නානා ප්‍රකාර බිල්ලන් එනවා ඒවාට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන ඉදිරියට යා යුතුයි.

    ReplyDelete
  9. උපන් බිමට කිසිදා ගරහන්න එපා
    දෙමාපියන් අමතක කරලන්න එපා
    සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා
    ගස සිඳවා හිස සිඳවා ගන්න එපා

    වැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ
    පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ
    ඉරේ සඳේ ගහකොළ් උදාර වූ මහකැලේ
    මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

    උපන් බිමට කිසිදා ගරහන්න එපා...

    අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ
    මවක් ලෙසට කරුණා ගුණේ පතුරුවන්නේ
    පොරෝ තලේ ට්රැක්ටරේ යොමා බිම හෙලන්නේ
    මවක් ලෙසින් සැලකූ ගසයි සිතාපන්නේ

    උපන් බිමට කිසිදා ගරහන්න එපා...

    හැමදාම හැම දේකම ඇදයක් පමණක් දකිමින් මන්ද මානසික දැක්මකින් හෙබි රටේ අභාග්‍යයට උපන් රටට ගරහන මෙවැන්නවුන් ගෙන් කිසිදා රටට සෙතක් නැත. රටේ සියලු දේ විනාශ කර දමා බල ලෝභී තමන් කඩේ යන දේශපාලන නායකයන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් අතින් කා හරක් බලන අමු මැටි මීගවයන් ලෙස වහල් ජීවිත ගත කරන මොවුන් උපන් බිමට නිගාවකි.

    රාජපක්ෂ කල්ලියත් ප්‍රේමදාස කල්ලියත් අනුර කුමාර කල්ලිඅයත් ඇතුළු එක එක වහල් හිමියන් වෙනුවෙන් කඩේ යන මේ මී ගව සම්පත හැමදාම කලේ උද්ඝෝෂණ අවුලවා ගිනිගෙඩි වලට උඩගෙඩි දීම පමණක්මය. බලය ලැබුණු විට විවිධාකාර විශමාකාර ක්‍රියා වලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කරමින් බලය අවභාවිතා කරන මොවුන් විශේශයෙන්ම විපක්ෂයේ සිටියදී ඊටත් වඩා බලය අහිමිවීමෙන් වියරු වැටෙමින් වෛරයෙන් පිපිරෙමින් මහත් සේ විහිළුවක් බවට පත්වන මොවුන්ගේ ජීවිත උපතින්ම රැගෙන ජන්ම ගතිය නම් සියළු ජන කොටස් අතර සමඟිය සමග රට ගොඩ නැගීම වෙනුවෙන් කැපවීම නොව හැම දේකටම බැන බැන කේන්තියෙන් පිපිරෙමින් හැම දෙයක්ම කඩා ඉහිරවීම නොවේද? සමස්ත ලෝකයම දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කරයි. එහි ජයග්‍රහණ අත්පත් කර ගත හැක්කේ එකිනෙක රටවල් ක්‍රියාත්මක කරන උපායමාර්ගවල සාර්ථකත්වයට අනුවය. මේ මොහොතේ අපගේ ප්‍රධාන අභියෝගය ආර්ථිකය ජය ගැනීමය. ඒ සඳහා කොන්දේසි විරහිතව ඉදිරිපත් විය යුතුය. යුතුකම් හා වගකීම් මනාව වටහා ගත යුතුය. අපේ බොහෝ දෙනා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරති. එහෙත් තමන්ගේ වගකීම් හා යුතුකම් අමතක කරති. අයිතිවාසිකම් ගැන මෙන්ම වගකීම් ගැන ද කල්පනා කරන සමාජයක් අපට අවශ්‍ය වෙයි. කෘෂිකර්මය, කර්මාන්ත අංශය මෙන්ම සේවා අංශය ද රටේ ආර්ථික දියුණුවට එකසේ යොදා ගත යුතු බව රාජ්‍ය නායකයා අවධාරණය කරන මේ පණිවිඩය ගොවිපොළට, කම්හලට, වැඩබිමට පමණක් නොව, පාසලේ පන්ති කාමරය වෙත ද සන්නිවේදනය විය යුතුය.

    ReplyDelete
  10. මාතා පෝස්ට් එකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ඒත් උඹට උත්තර දෙන්න පුළුවන් බොහොම සාධාරණ ප්‍රශ්නයක් අහන්නම්.

    උඹ බලපු සිනමා සිත්තම් අතරේ මලයාලම් සිනමාවේ නිළියකගෙන් දැක්ක හොඳම වඩාත් ම කැමති රංගනයන් තුන ඇහුවොත් මොකක්ද ෆේවරේශන් එක?

    මගේ විශ්වාසය අනුව මලයාලම් නිළියකගේ ඇක්ට් එකක රහ වෙන කිසිම සිනමා නිළියකගෙන් විඳින්න ටිකක් අමාරුයි.

    ඒ නිසා මෙන්න මගේ ලිස්ට් එක.

    1.මීරා ජැස්මින් -පාඩම් ඔන්නු ඔරු විලාපම් (2003)

    මේ ගැන කෙටියෙන් කිවුවොත් මීරා ජැස්මීන්ට මේකට හොඳම නිළියට හිමි ජාතික සම්මානය ලැබුණා. අඩු වයසින් විවා පත් වන ගැමි යුවතියකගේ චරිතයක් තමයි මීරා මේකේ නිරූපණය කරේ. සකීනා කියන අහිංසක කෙල්ල ජීවත් කරේ මීරා. මං ආසම මලයාලම් ෆිලුමක් පාඩම් ඔන්නු.

    2. කාව්‍යා මාධවන් - ගඩම්මා(2011)

    සෞදි අරාබියේ රැකියාවක් සොයා ගොස් දුක් විඳින අසරණ කාන්තාවකගේ චරිතය තමයි කාව්‍යා ඇක්ට් කරේ. කාව්‍යා මාධවන් මං ආසම ඇක්ට්‍රස් කෙනෙක්. මං බලපු පර්ෆෙක්ට්ම ෆිල්ම් වලින් එකක්. ඇක්ටිං, එඩිටිං, මියුසික් ටොප් නොච්. කාව්‍යා අවෝඩ් ගොඩක් වින් කරා මේ කැරැක්ටර් එකට.

    3. නිමිශා සජයන් -චෝලා (2019)

    මේක ෆේවරිට් ම තීම් එකක්... මාරම සයිකොලොජිකල් තීම් එකක් බේස්ඩ් වෙච්ච මූවි එකක්. ගමේ පෙම්වතා එක්ක තරුණ කෙල්ලෙක් හොරාට යනවා නගරෙට. නොසිතූ සිදුවීම් රැසකට මූණ දෙන්න වෙනවා පුංචි කෙල්ලට. නිමිශා කොහොමත් චරිතයක් ඇතුලෙ ජීවත් වෙන කෙනෙක් නේ. නායට්ටු, ගේට් ඉන්දියන් කිචන් බැලුවම ඒක මීටර් වෙනවා.

    එක දෙක තුන පික් කරේ ඕඩර් එකකට නෙවේ. ඔයාගේ අයිකොනික්ම මූවීස් තුන කියමු කො බලන්න නිළියයි මූවි එකයි එක්ක.

    ReplyDelete
  11. Maatha has been raised to a national level....

    ReplyDelete
  12. මේ දවස් වල ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම “තම්බපවනී” සුළං විදුලි බලාගාරය ජනාධිපතිගේ නිරීක්ෂණයට ලක් වූ අතර විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල සැපයුමක් සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2014 වසරේ දී “තම්බපවනී” සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සැලසුම් කෙරිණ.

    ලංකාව හරහා හමා යන ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහ දෙකටම මුහුණ දෙන මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ දිගින් කිලෝමීටර් 13ක් සහ හෙක්ටයාර 150 ක භූමි භාගයක් ඒ සඳහා තෝරා ගනු ලැබීය.

    මේ සඳහා උසින් මීටර් 90ක් වන ටර්බයින් සහිත කුලුනු තිහක් බලාගාරය සතු වේ. බමන තල (සුළං පෙති) කරකැවීමේ විශ්කම්භය මීටර් එකසිය විසි හයක් වන අතර කුලුනකින් මෙගාවොට් 3.45 ක විදුලිය උත්පාදනයක් සිදු වේ. නඩුකුඩා ග්‍රිඩ් උප පොළ හා මන්නාරම පුදුකාමන් දක්වා කි.මි 36ක් දිවෙන සම්ප්‍රේෂණ පද්ධතියක් ව්‍යාපෘතියට අයත්ය. සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 103.5 කි. මෙමගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 08කට වඩා අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    රට පුරාම ප්‍රශස්ත විදුලි සැපයුමක් වෙනුවෙන් විශේෂ තාක්ෂණික ක්‍රම රැසක් සහිත පරිසර හිතකාමී, මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මෙය පුනර්ජනනීය විදුලි උත්පාදනයක් කරා යන ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

    මේ නිසා “තම්බපවනී සුළං විදුලි බලාගාරය මගින් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ. එහි ප්‍රගතිය විමසූ ජනාධිපතිතුමා නව සුළං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. මේ වන විට සුළං විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව 248කි. කෙටිකාලයක් තුළ එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම චාරිකාවේ අපේක්ෂාව වූ අතර බලාගාරයේ සියලු මෙහෙයුම් ජනාධිපතිගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    ඒ අනුව 2030 වසර වන විට ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි. පරිසර හානියකින් තොරව අඩු වියදම් විදුලි උත්පාදනය ප්‍රවර්ධනය මගින් අනාගතයේ දී පාරිභෝගිකයාට ගෙවීමට වන විදුලි බිල අඩු කිරීම ද එමගින් අපේක්ෂා කරති.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න