.

.

Mar 25, 2022

උද්ධමනය 55%, තත්වය අසාධ්‍යයි, එහෙත් බෙහෙත් ඇත.

වීඩියෝව මෙතනින්

 https://fb.watch/b_gbb3Cv1g/

මාතලන්... හර්ෂලා, එරාන්ලා, බන්ධුලලා වගේ ප්‍රොෆෙෂනල් ඉකොනොමිස්ට් කෙනෙක්වත් ආචාරියෙක්වත් උස්තාද් කෙනෙක්වත් නෙමෙයි.

හැබයි මීට දවස් හයකට කලින් මම කිව්වාම ඇත්ත උද්ධමනය මහ බැංකුවේ උන්වත් ආන්ඩුවේ කෙප්ප කෙලින උන්වත් කියන 16.5% නෙමෙයිය, ඇත්ත උද්ධමනය 50% යි කියලා ගොඩක් උන් මට හිනා උනා.

ඒත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විස්ස විජ්ජාලේ, ස්ටීව් හෑන්ක් කියන කියන මේ ආර්ථික දොස්තර මහත්තයා කියන්නේ ඒක 55% ක්‍ය කියලා.

එයාලා ලංකාව ගැන කියන බොහෝ දේ සැබෑ වෙලා තියෙනවා වගේම, ලංකාව ගැන විශේෂ අධ්‍යයනයක නිරත වෙන ආයතනයක්.

අම්මට සිරි ලංකාවට මේ දේ වෙන්න හේතූ රාශියක් තියෙනවා.

▪️ පළවෙනි එක තමයි පී බී ගේ යෝජනාවක් වන ඩොලරය මත රුපියලේ අගය පාලනය කිරීම.

මේක අමු ගොබ්බ වැඩක්ය, ඩොලරයට නිදහසේ පාවිය දිය යුතුය, එහෙම නැත්නම් වෙන්නේ දිය යට ඔබාගෙන ඉන්න රබර් බෝලේ අත ඇරිය ගමන් උඩ එන එකය කියලා දහස් වාරයක් ලියලා ඇති.

දැන් වතුරෙන් උඩටත් විසිවෙලා බෝලේ අල්ල ගන්න බැරිව කස්ටිය හත් පොලේ ගාගෙන නානවා.

▪️ දෙක පී බී ගේ ගුලි කාලා වැට් එක අඩු කරපු එක.

මේකෙන් ව්‍යාපාරිකයෝ තව තව පොහොසත් වෙලා, උන් ඒ සල්ලි පිටරටවල් වල ගිහින් ඉන්වෙස්ට් කලා හෝ ඉතිරිකලා මිස ආන්ඩුව බලාපොරොත්තු වෙච්චි දේ ඉටු වුනේ නේ.

මේ ගොබ්බ තීරණයෙන් ආන්ඩුවට කාර්තුවකට ලැබෙන රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් අහිමි උනා ඉතරක් නෙමෙයි. රටේ සල්ලි ටිකත් පිට රටට ගියා.

▪️ පී බී ගේ ගුලි කාලා ආනයන තහනම් කිරීම.

උඋදාහරණයකට වාහන ආනයනය ගන්න, ඒක දීපව්‍යාප්ත බිස්නස් එකක්, නුගේගොඩ, පිලියන්දල, කුරුණෑගල, කටුගස්තොට, මේ ව්‍යාපාරය අරක්ගත් නඟර බවට පත් වුනා. හැම නඟරයෙම එක හෝ කාර් සේල් එකක් තිබුනා.

එක වාහනයක් ආනයනය කලාම ආන්ඩුවට 200% ක 300% ක බදු ආදායමක් ලැබුනා. ආන්ඩුව මේ බදු ආදායම නැති කර ගත්තා. බිස්නස් කෑවා. මිනිස්සු වෙන රටවලට ගියා. 

රට තුල ආදායමක් උපයලා රජයේ බදු ආදායමට සම්පූර්ණයෙන්ම දායක වන ව්‍යාපාරිකයින්ගේ ඔලුවටම ගැහුවා.

දැන් රටේ තියෙන්නේ ඕනම දේකට ලෝක වෙළඳ පොලේ තියෙන මිළ නෙමේ. බොරුවට පුම්බලා අයිසින් දාපූ ෆේක් ආර්ථිකයක්.

 ▪️ වෛද්‍ය විශේෂඥයින්ගේ ගුලි කා රට වසා දැමීම.

මේ ගොබ්බ වැඩේ කලේ තනිකරම විරුද්ධවාදීන්ට බයේ. රටට කෙලවෙන බව දැන දැනම කළ ව්‍යසනයක්.

මේක අමු ගොබ්බ වැඩක්‍ය, ඔරොත්තු දෙන එකා ඉතිරි වෙයි මැරෙණ එකා මැරෙයි කියලා අපි එදා ඉඳලම කිව්වා. රට වැහුවොත් ආර්ථිකේ කුඩු වෙනවා කියලා අපි ලිව්වා.

ඒවා ඇත්ත කරමින් සජිත්ගේ ටොසී ගහපු මහරාජලා මංගලලාත් මලා, ආන්ඩුව නිකං ජනවාර්ගික ප්‍රශ්ණත් දාගෙන හත් පොලේ ගාගෙන නාලා සල්ලි අච්චු ගැහුවා. දැන් ඒවයේ පරිප්පු කනවා. මිනී ගෙදර ගෙනියන්නත් දෙනවා

▪️ පී බී ගේ කාබනික මේනියාව

මේකත් ඉතා හොඳ වැඩක්‍ය ඒත් අවුරුද්දෙන් දෙකෙන් කිරීම විකාරයක් විතරය කියලා අපි ලිව්වා. 

ඒත් රට පුරා පැවති උද්ඝෝෂණ විරෝධතා අතරේ උනත් අස්වැන්නේ අඩු වීම 25% - 35% අතරය කියලා විරෝධතා කරපු උනුත් දැන් කියන්නේ.

ආන්ඩුව හිතනවා නම් ඒක මේ කාබනික මේනියාව නිසාය කියලා, එයාලා මාර පව් කියලා තමයි අපිට කියන්න වෙන්නෙ. ගොයියෝ ළඟ තිබුන රසායනික පෝරයි, ඉන්දියාවෙන් හොරෙන් ගෙනා පෝරයි ගිනි ගනන් වලට අරගෙන තමයි මේ අස්වැන්න උන් ගත්තේ.

අද හාල් ගිනි ගනන් ඒ නිසයි.

ඉතින් පේනවනේ රටේම හදන ඒවත් පිටරට ඒවටත් වඩා වැඩි මුදකකට කන්න උනේ අර ගොබ්බ තීරණය නිසාය කියලා.

කෙසේ හෝ වෙච්චි දේ උනා... ගිය දේ ගියා.. දැන් ආන්ඩුව ඒ වැරදි හදාගෙන ඉදිරියට යන බවක් පේනවා.

හැබයි ඔය සුද්දා කියන "කරන්සි බෝඩ්" තියා මොන බොඩ් එකක්වත් මේ මහ බැංකුව එක්ක මේ නිළධාරින් එක්ක කිරීම නම් එකම විකාරයක්.

මොකද මේ රට අවුරුදු 74 කින් මේ තත්වෙට පත් කළේ දේශපාලුවෝ විතරක් නෙමේ. ඊට හරි හරියට වග කියන්න ඕන රාජ්‍ය නිළධාරී පැලැන්තිය.

රට කෑවා විතරක් නෙමෙයි, හොරා කෑවෙත් මුන් දෙගොල්ලම එකතු වෙලා. උන් රස්සාව බේර ගන්න දේශපාලුවන්ගෙ තකතීරූ තීරණ වලට එහෙයි කියලා කට පුච වහගෙන හිටපු උගත්තු.

ආන්ඩුවට ඒ බුද්ධිමතුන් උගතුන් ඉඳලා කෙල වෙන්නත්, ඩිග්‍රි උපාධි කිසිත් නැති ව්‍යවසායකයෝ සාර්ථක ව්‍යාපාරිකයෝ වෙන්නත් හේතුව තමා, උන් පොඩි තැන ඉඳලා, කට්ට කාලා, එක්ස්පීරියන්ස් වලින් ඒ තැන්වලට ආපු, ප්‍රැක්ටිකල් පොරවල් වීම. උන් දන්නවා හොරා කන්නේ මොකාද හොරා කන්නේ කොහොමද කියන එකත්.

එ නිසා ලාබයෙන් කිසියම් ප්‍රතිශතයක් ඒ සඳහා වෙන් කරලා තිබ්බත්, බඩු මාට්ටු උන ගමන් කෙලින්ම දොට්ට. නිකන් නෙමේ පත්තරේ ටයි කෝට් දාපු පොටෝ එකත් එක්කම. අනික ඒවයේ ඉන්න පොඩි එකාගේ අයිඩියාස් වලටත් ඉඩක් තියෙනවා, චෙයාර්මන්‍ට නොමැති අයිඩියා එකක් පොඩි එකෙක් ගාව තියෙන්න පුලුවන්. ඉතින් ඌට ඉඩක් ලැබුනම ඌ ඉහළටම යනවා. 

ඒකයි ඇත්ත.

ඒ නිසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට ආන්ඩුව ගත් තීරණ ඉක්මනින් ක්‍රියාවට නගන්න ඕන.

හැබයි ආර්ථිකය හැසිරවීමට හා කළමණායට හා පසුවිමරම අනිවාර්‍යයෙන් විදෙස් ආයතනයකට හෝ විදෙස් විශේෂඥයින් පිරිසකට පවරන්න ඕන.

ඒ සඳහා ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියාව ඇමරිකාව හා චීනය යන රටවල් සියල්ලටම එකඟ විය හැකි පිරිසක් හෝ ආයතනයක් වහාම ස්ථාපිත කළ යුතුයි.

මේ සඳහා එන විරෝධය මාරාන්තික විරෝධයක් වූවත් එය පයිසයකට මායිම් නොකළ යුත්තේ, 

විරුද්ධවාදීන් සියල්ලන්ටම මීට විකල්ප නැති බවත්, මෙයින් ගොඩ ඒමට නම් විශාලා කැප කිරීම් කළ යුතු බවත් උන්ගේ ශ්‍රී මුඛ වලින්ම පවසා තිබෙනා නිසාය.


ඒ වගත් මෙසේය..





32 comments:

  1. guli kannada anduwak thiyenne. Me kramayata hamadema justify keranna puluwanne. Ane pako palayanna.

    ReplyDelete
  2. this is matter of accountability and responsibility. Who ever taken the decisions, ultimately gotabaya is responsible for all these consequences. We appointed him to control all these. He is the person who appointed all these people. If anyone can not understand this, no point of discussing further with him.

    ReplyDelete
  3. ඔයාට හරී මොලේ නේද? ඔයා කියන දේම තමයි අන්තිමට වෙන්නෙ නේ. ගෝට ගෙනාවොත් රට දිව්‍ය ලෝකේ කරනව කීවෙත් ඔයා නේද? අනේ මෝඩ මූසලයො. තවත් නයි අරින් නැතුව ඉඳපන්. පච ලිය ලිය මිනිස්සු රවට්ටටන තොපිවයි ඉස්සර වෙලාම පුකට පයින් ගහල පන්නන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව පොන්නයා ඇනෝ ඇවිත් වගේ......

      Delete
  4. 70-77 කාලේ මුහුණ දීපු අර්බුද වලටත් අපි සිරිමාවන්ට දොස් කියන එක වැරදියි. මේ ලිපිය අනුව නම් ඒකට වග කිව යුත්තේත් බ්‍රැඩ්මන් වීරකෝන්.

    ReplyDelete
    Replies
    1. සැමී,

      කෙටියෙන් කිව්වොත් ඇත්තටම එම යුගයේ ඇතිවූ ආර්ථික අර්බුදයට එවකට ලංකාවේ රාජ්‍ය නායක සිරිමාවෝට වගකීම සහ දොස් පවරනවා වුණත් එය ඇයගේ දෝෂයක් නොව එම කාලයේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව සැකසූ ආචාර්ය එන් එම් පෙරේරා ඇතුළු සමසමාජ කොමියුනිස්ට් දේශපාලන ධාරාවේ උගතුන් සහ එය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ සමගි පෙරමුණේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු පිරිස තමයි සැබෑ වග උත්තර කරු විය යුතු නමුත් හැම දෙයක්ම යන්නේ ඒ වෙලාවේ රට පාලනය කරන මිනිසාගේ පිටින්. ලංකාවේ මිලියන 22 ක් ජනතාව අතර විශාල පිරිසක් රජයේ පින් පඩි සහනාධාර බලාපොරොත්තු වෙමින් පිස්සු කෙළින ගමන් විවිධ ආකාරයේ අක්‍රමිකතා ද කරන ගමන් එක මිනිහෙක් හෝ ගැහැනියක් හැම දෙයක්ම කරල දෙනකම් බලන් ඉන්නවා ඒකයි මේ ගොඩක් අවුල් වලට හේතුව. අර මිනිහා හෝ ගැහැනිය සුපර් මෑන් හරි වුමන් හරි නෙවෙයිනේ.

      අනිත් පැත්තෙන් 1970 ගැන කතා කරනවා නම් ඊට කලින් 60 - 65 කාලයේ 62 විතර ආපු දැවැන්ත ආර්ථික අර්බුදය වගේම 65 - 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව සමයේ ඇතිවූ දැඩි අර්බුදකාරී තත්ත්වයන් ගැනත් අවම වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍යයි. 1955 න් පසු ලංකාවේ විදේශ විනිමය හිඟය සහ 56 රජයේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වල බලපෑම් ද ඵල දැරුවේ 1970 න් පස්සෙ. ඒ වගේම ඔබට මතක ඇති 1965-70 කාලේ ඩඩ්ලිගේ හත් හවුල රජය ක්‍රමයෙන් දැඩි ලෙස ජන අප්‍රසාදයට ලක් වීම සමග 1968 ජූනි 05 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, සහ කොමියුනිස්ට් පක්ෂය පොදු සම්මුතියකට එළඹුණේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී එක්ව තරග කිරීමටයි. එදා ඔවුන් ඇති කරගත් එකඟතා මත 1970 මහා මැතිවරණයේ දී ජාතික සමගි පෙරමුණ නමින් එක්ව (තුන් හවුල) සටන් බිමට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයට (හත් හවුල) ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. එම කාල වකවානුව වන විට එක්සත් ජාතික පක්ෂය ඉතා දැඩිව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණු නිසා ජනතා රැල්ල තල්ලුවෙමින් තිබුණේ ජාතික සමගි පෙරමුණ දෙසටයි. ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ ගුවන් විදුලි නිව්ස් තාලෙට කියුවේ "එන් එම් ට පුළුවන් ද හත් හවුල පෙරලන්න" කියලා මතක ඇති නේද?

      ඔහොම යනකොට 1970 ඡන්දෙ දිනයේදී ඡන්ද දායකයා සමගි පෙරමුණු රජය බලයට පත්කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරනු දක්නට ලැබුණා. 1970 මැයි 28 වන විට නිකුත්ව තිබුණු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සමගි පෙරමුණු රජය විශිෂ්ට ජයක් ලබාගෙන තිබුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් 105න් 91ක් ජයග්‍රහණය කරන විට සමසමාජ පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් 23න් 19ක් ජයග්‍රහණය කළා. ඊට අමතරව කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කර තිබුණු අපේක්ෂකයන් 9න් 6ක්ද ජයග්‍රහණය කළා මට අද වගේ මතකයි. ඒ අනුව 1970 වසරේ දී සමගි පෙරමුණු රජය බලයට පත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන 168න් 116ක් දිනාගනිමින්.

      Cont'd...

      Delete
    2. ඔය කියපු එජාපයේ හත් හවුල හෙවත් 1965-1970 ඩඩ්ලි සේනානායක යටතේ ක්‍රියාත්මක වූ රජය පැවති සමයේ සහල් සේරුවක් අධික ලෙස මිල ඉහළ යාම ඇතුළුව ජීවන වියදම මෙන්ම අධික ලෙස වැඩි වූ ජනගහනයෙන් සමාජයට දායාද වූ තරුණ තරුණියන් මිලියන ගණනකගේ විරැකියාව ද විශාල ලෙසින් ඉහළ ගිය නිසා සිරිමා බණ්ඩාරනායක 1970 මහා මැතිවරණ වේදිකාවේ දී ලබාදුන් පොරොන්දුවක් වුණේ හඳෙන් හෝ හාල් ගෙනැත් දෙන බව යි. එසේම ජනතාව මත පැටවී තිබෙන ජීවන බර අඩු කර රටේ රැකියා ප්‍රශ්නවලට ද විසඳුම් ලබාදෙන බවට වුණු දහසකුත් එකක් පොරොන්දු නිසා සමගි පෙරමුණු රජයට පාර්ලිමේන්තුවේ 2/3කට වැඩි බලයක් හිමිවුණා. එලෙස බලයට පත්වුණු සමගි පෙරමුණු රජය ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන තුරු ජනතාව බලා සිටියා.

      මෙහිදී තවත් වැදගත් බරපතල තත්වයක් තමයි වසරක් යාමට පෙර මාස දහයක් පමණ යනකොට ඇතිවුණේ. ඒ නොසිතූ මොහොතක ඇති වුණු 1971 අප්‍රේල් කැරැල්ල. මේ කැරැල්ල සමග රට පුරා විශාල විනාශයක් සිදු වුණ අතර රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා බිඳ වැටීම නිසා ආණ්ඩුවේ සියළුම සැලසුම් වෙනස් කිරීමට සිදුවුණා.

      කෙසේ නමුත් මේ දේශපාලන අර්බුදය යුධ හමුදා යොදාගෙන විදෙස් රටවල ද සහායෙන් කැරැල්ල සාර්ථකව අවසන් කළ සමගි පෙරමුණු ආණ්ඩුව ඉන් අනතුරුව රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා සැලසුම් සකසනු ලැබුවා.

      කෙසේ වෙතත් ඒ කාලේ විදේශ විනිමය තත්ත්වයන් ගැන කියනවනම් 1969-70 කාලයෙත් ඩඩ්ලි සේනානායකගෙ හත්හවුල් ආණ්ඩු කාලෙත් ඉතා අර්බුදකාරී ලෙස ඩොලර් නැත්නම් විදේශ විනිමය අර්බුදයක් තිබුණා. ඒ කාලෙ විදේශ විනිමය ඉපයීමේ සහතික (එෆ් ඊ ඊ සී - FEEC) ක්‍රමයක් තිබුණ. හැත්තෑවෙ දශකයෙ 70-75 ආචාර්ය එන් එම් පෙරේරා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙත් දරුණු විනිමය ප්‍රශ්නයක් තිබුණා. ඔහුට මොළ හතක් තිබුණෙ නැහැ තමයි ඒත් ඩබල් ඩොක්ටර් කියල කිවුවෙ. ඔහු ආර්ථික විද්‍යාවෙන් පී එ ඩී හා ඩී එස් සී උපාධි ලැබූවෙකු ලෙසයි ප්‍රසිද්ධ වෙලා තිබුණෙ. ඔහු ඇත්තටම ලොව පුරා පිළිගත් ආර්ථික විද්‍යාව පිළිබඳ ඇකඩමික සහ වෘත්තිය සුදුසුකම් තිබුණ සැබෑ විද්වතෙක්. සමාජවාදී ආර්ථික විද්‍යාඥයෙක්.

      ඔය නිසා විදේශ විනිමය හිඟකම මත රජය දැඩි ලෙස නීති දමලා තිබුණා, මට මතක විධියට ඒ කාලෙ පවුම් දෙකක් හරි තුනක් හරි තමයි පිටරට ගෙනියන්න දුන්නෙ. එපමණක් නොවෙයි මගේ මතකය නිවැරදි නම් ඒ කාලෙ නීතියක් තිබුණ ගෙයක් හදන විට එහි භූ-වර්ගඵලය කිසියම් ගණනකට වඩා අඩු වෙන්න ඕන කියල. ඒ වගේ ම උත්සවවලට ආරාධනය කරන්න පුළුවන් පිරිසගෙත් සීමාවක් තිබුණා. (ඒ වගේ නීති දැනුත් පනවනවා නම් දැන් ඉන්න දෙබිඩි වමාලත් විරුද්ධ වෙන එකක් නැහැ.) මොකද ඕ ලෙවෙල් ෆේල් කපුටාස් මොළ හතේ අදහස් නොව සැබෑ ඩබල් ඩොක්ටර් වාමාංශික විසඳුම් නිසා. මොකෝ නැද්ද?

      Contd...

      Delete
    3. 1971 කැරැල්ලේ ප්‍රතිපල මත රටේ ආර්ථිකය තවත් පිරිහී ඉතා දුර්වල තත්ත්වයක් උද්ගත වූයෙන් වාමාංශික විද්වතුන් යෝජනා කරපු විදියට සෝවියට් දේශයේ ස්තාලීන්ගේ පස් අවුරුදු සැලැස්මවල් වගේ මගුලක් ලංකාවේත් පටන් අරන් ලංකාවේ ස්වභාවික සම්පත් ඇසුරින් කර්මාන්ත ආරම්භ කර ආර්ථික සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කළා මට මතකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමගි පෙරමුණු රජය විසින් 1972 වසරේ දී පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඇරඹුවේ රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමට. එදා ක්‍රියාත්මක වුණු සැලසුමේ ප්‍රධාන අරමුණු තුන මෙහෙමයි;

      01. මුලින්ම ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය වාර්ෂිකව අවම වශයෙන් 6% ක මට්ටමකින් පවත්වාගෙන යාම.

      02. රට පුරා රාජ්‍ය මූලික කර්මාන්ත ඇති කර ඒ හරහා රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 8 කට රැකියා සැපයීම

      03. සම්ප්‍රදායික තේ රබර් පොල් ලෙස අමුද්‍රව්‍ය අපනයන වෙනුවට වඩාත් වැඩි මුදලක් ලැබෙන නිමි ද්‍රව්‍ය දක්වා අපනයන විවිධාංගීකරණය කිරීම

      මෙසේ වාමාංශික රාජ්‍ය මූලික කර්මාන්ත හරහා ඉහත අරමුණු තුන ඉටුකර ගැනීම සඳහා එවකට රජය ප්‍රධාන උපාය මාර්ගයන් 3ක් අනුගමනය කළා, එම උපාය මාර්ග 3 මෙහෙමයි.

      01. රජයට අදාළ ප්‍රාග්ධනය හොයා ගන්නට ලංකාවේ දේශීය ඉතිරි කිරීමේ පොලී අනුපාතය 12% සිටි 17% දක්වා වැඩි කිරීම

      02. රජයේ මැදිහත්වීමකට අනුව දේශීය ආයෝජන අනුපාතය 19% දක්වා වැඩි කිරීම

      03. දැඩි විදේශ මුදල් සංචිතය සිඳී ගිය තත්වය පාලනය කරගන්න ගෙවුම් ශේෂ හිඟය අඩු කිරීමට පියවර ගැනීම

      ඔන්න ඔය අන්තිමට කියපු එක ගැන කියනවනම් ඒ කාලේත් දැන් වගේම එහිදී ගෙවුම් ශේෂය පාලනය කිරීම සඳහා ආනයන සීමා කිරීම සහ විවිධ ආනයන ආදේශ ක්‍රම ක්‍රියාත්මක කිරීම සිදුකරා. ආනයන ආදේශනය සහ අපනයන විවිධාංගීකරණයට යොමු වීම මඟින් පිටරටින් ආනයනය කළ භෝග වර්ග පාලනය කර එම භෝග වර්ග අප රට තුළ වගා කිරීමට පියවර ගනු ලැබුවා. රජය විසින් ක්‍රියාත්මක කළ ආහාර සංග්‍රාම (වගා සංග්‍රාමය) වැඩසටහන යටතේ වගා නොකළ සෑම ඉඩමක්ම වගා කිරීමට පියවර ගත්තා. එසේම ආනයනික භාණ්ඩ රැසක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා.

      Contd...

      Delete
    4. වාමාංශික කඳවුරේ බුද්ධිමතුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති සහ සැලසුම් මත සමගි පෙරමුණු රජය ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ විවිධ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා විවිධ කර්මාන්තශාලා රට පුරාම ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් සෝවියට් කොමියුනිස්ට් කඳවුරේ රටවල් වල ආධාර උපකාර සහිතව අලුත් කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර රැකියා අවස්ථා පුලුල් කරේ නැවත වතාවක් කැරලි ඇතිවීම පාලනය කරගන්නටයි. මේ ඒ කාලේ සක්‍රීයව ක්‍රියාත්මක වුණු කර්මාන්තශාලා කිහිපයක්;

      1. ලංකා ටයර් සංස්ථාව- කැළණිය

      2. ලංකා කඩදාසි කර්මාන්ත- වාලච්චේනෛ සහ ඇඹිලිපිටිය

      3. ලංකා වානේ සංස්ථාව- ඔරුවල

      4. ලංකා පේෂකර්ම සංස්ථාව- නූල් සහ රෙදි- තුල්හිරිය, වේයන්ගොඩ, වැල්ලවත්ත

      5. ලංකා කපු සංස්ථාව - කපු නූල් නිෂ්පාදනය කර ඇමරිකාවට ප්‍රතිඅපනයනය කිරීම- කපුවත්ත

      6. ලංකා පිටි සංස්ථාව

      7. ලංකා ධීවර සංස්ථාව

      8. ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව (ලංලෝ)

      9. ලංකා පිඟන් සංස්ථාව - පෝසිලේන් පිඟන්- රත්තොට සහ දංකොටුව

      10) ලංකා සීනි සංස්ථාව - කන්තලේ, පැලවත්ත සහ හිඟුරාණ

      11. ලංකා කිරි මණ්ඩලය මිල්කෝ නාරාහේන්පිට

      12. ලංකා පොහොර සංස්ථාව- සපුගස්කන්ද

      Contd...

      Delete
    5. කොහොම උනත් මිනිස්සුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාව වන ආහාර ද්‍රව්‍ය ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම රැඳී පැවතුනේ ආනයනික තිරිඟු පිටි, හාල්, පරිප්පු, ටින් මාළු ආදී දේවල් මත, ඒ වෙලාවේ මේ දවස් වල වගේම මීටත් වඩා ගොඩාක් සීරියස් විදියට ඩොලර් හිඟය නිසා ලංකාවේ ආණ්ඩුව ආනයන දැඩි ලෙස සීමා කර වඛා සංග්‍රාම වැඩසටහන යටතේ වගා නොකර පැවති සෑම ඉඩමක්ම වගා කිරීම තුළින් බලාපොරොත්තු වුණේ දේශීය පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය බහුතරය 95% ක් පමණ ලංකාවේ නිෂ්පාදනය කර ගැනීම. එසේ ලංකාවේ වගා කළ භෝග වර්ග ආනයනය කිරීම සීමා කළා. නමුත් බලාපොරොත්තු නොවුණු ආකාරයට දැඩි නියඟයක් ඇති වීම, තෙත් කලාපයේත් වැසි නොලැබීම සහ වෙනත් හේතූන්, පළිබෝධ හානි නිසා දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් ලැබුණේ නැහැ. එනිසා රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය හිඟයක් නිර්මාණය වුණා. එසේම ආනයනය කරමින් තිබුණු සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩ දේශීය වශයෙන් නිපදවනු ලැබුවත් එය රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට තුළ අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ හිඟයක් ඇති වුණා.

      මේ ප්‍රශ්න නිසා හිඟය සමග නීති විරෝධී ගනුදෙනු පාලනය කරගන්න ආණ්ඩුව භාණ්ඩ ප්‍රවාහන සීමා කරන්න කටයුතු කළා, මේක ෆීලික්ස් ඩයස් යටතේ ක්‍රියාත්මක වුණේ. ඊට රජය ගත් එක් පියවරක් වුණේ තෝරාගත් භාණ්ඩ (හාල් මිරිස් වගේ දේවල් වලට) අන්තර් පළාත් ප්‍රවාහන සීමා (සහල් පොලු සහ මිරිස් පොලු) දැමීම යි. එහි ප්‍රතිඵල වශයෙන් එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙනයාම තහනම් වුණා. ඒ අනුව එම භාණ්ඩ බෙදාහරිනු ලැබුවේ රජයේ පාලනය යටතේ. එසේම ආනයනික හාල් හිඟය නිසා සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල කිසිදු ආපනශාලා හිමියෙකුට බත් විකිණීම සඳහා අවසර හිමි වුණේ නැහැ. පාන් නිෂ්පාදනය කිරීමත් සීමා කර තිබුණු නිසා පාන් ලබාදුන්නේ සලාක ක්‍රමයට. එම අවධියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය සහ භාණ්ඩ රැසක් බෙදා හැරියේ සලාක ක්‍රමය යටතේ, රජයේ විවිධ සේවා සමූපකාර මඟින් එම සියලුම භාණ්ඩ බෙදා හැරිය නිසා සමූපකාර අසල දිගු පෝලිම් දක්නට ලැබීම සුලභ සිදුවීමක් වුණා. එදා පරිප්පු වැනි ආහාර ප්‍රදර්ශනවල දී පමණක් දැකගන්නට ලැබුණු බව කියන කතා බොරු නෙවෙයි. රට තුළ තිබුණු ආහාර අර්බුදයේ දරුණු බව ඉන් පැහැදිලි වෙන්න ඕන අලුත් පරම්පරාවට.

      ඒ කාලේ කුණු බක්කි අවුස්සමින් කෑම හොයන දිළිඳු ජනයා කබලෙන් ලිපට වැටුණු අතර ආහාර නොමැති වීම හේතුවෙන් සමහර දුගී මිනිසුන් මරණයට පවා පත්වුණා. යම් පුද්ගලයෙකු අත කොපමණ මුදලක් තිබුණත් ප්‍රමාණවත් තරම් ආහාර සහ අනිකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඉන් වඩාත්ම අපහසුතාවයට පත්වුණේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවයි. ග්‍රාමීය ජනතාව ගම්වලින් කොස්, දෙල්, අල, බතල වැනි අමතර ආහාර සොයාගන්නා විට නාගරික සහ අර්ධ නාගරික ජනතාවට සිදුවුණේ සලාක ක්‍රමය යටතේ ආහාර ලබාගැනීමටයි.

      ඔය වගේ එවකට රජය විසින් ගෙන ගිය වැඩපිළිවෙළ ජනතාවගේ දැඩී අප්‍රසාදයට ලක් වුණා. එසේම සලාක ක්‍රමයට ආහාර බෙදීමේ දී විවිධ අක්‍රමිකතා සිදුවීම නිසා ජනතාව දැනටත් වඩා දැඩි ලෙස පීඩාවට පත්වුණා. එලෙස රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීම නිසා සමාජය තුළ ප්‍රචණ්ඩත්වය පවා ඉහළ ගියා. එදා සමගි පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කළ පස් අවුරුදු වැඩපිළිවෙළ න්‍යායාත්මකව බැලූ විට සාර්ථක වැඩපිළිවෙළක් වුණත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී බොහෝ ගැටළු මතු වුණා. එසේම රජය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මතුවුණු යම් ගැටළුවලට සාර්ථක පිළියම් සොයාගැනීමට අපොහොසත් වීම නිසා රට තුළ තව දුරටත් දැඩි ලෙස අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වුණා.

      Contd...

      Delete
    6. ඔය වගේ ලංකාවේ ඉතිහාසය පුරා නොයෙකුත් ප්‍රශ්න හමුවේ තවත් එක අඳුරු යුගයක් වූ 1970-1977 යුගයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත්, නීත්‍යානුකූල පරිදි 1975 දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණය නීති විරෝධී ලෙස වසර දෙකකට කල් දැමීමත් 1976 සමසමාජ කොමියුනිස්ට් හවුල්කාර පක්ෂ ආණ්ඩුවෙන් එළවා දමා ෆීලික්ස් ඩයස් යටතේ ක්‍රියාත්මක වුණ දැඩි මර්දනකාරී තත්ත්වයත් එක්ක යළි මැතිවරණය 1977 දී පැවැත්වීමත් (මෙය පහුගිය කාලේ යහපාලන රජය 2016 වෙනුවට 2018 පුංචි ඡන්දෙ තියලා ඉල්ලන් කෑම වගේ තමයි) වගේ හේතු නිසා ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණා. මේ නිසා ඉතාමත් අවස්ථාවාදී කපටි ජේ. ආර්. ජයවර්ධන ජනතාවට ධාන්‍ය වර්ග ‘ඇට 8ක්’ ලබාදෙන බවට පොරොන්දුවක් ද වුණා. ඒවාට රැවටී 'ධර්මිෂ්ඨ' සමාජයක් ඇතිකිරීමට ජනතාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බලයක් බලයක් ලබාදුන්නා. ඉන් පසුව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය "විවෘත ආර්ථික ප්‍රතිපත්තිය" නමින් ලංකාවට ආවේණික රාජ්‍ය මූලික ලුම්පන් ගජමිතුරු ආර්ථික ක්‍රමයක් හඳුන්වාදෙමින් වෙනස්ම ආකාරයේ ගමනක් ගියා. 1977 රු. 7.54 ට තිබුණ ඩොලර් එක එක රැයින් රූ. 15.91 දක්වා 100% ක් ෆ්ලෝට් වීමට සැලැස්වීමෙන් සහ අධික ලෙස විදේශ ණය ලබාගනිමින් එදා එක්සත් ජාතික පක්ෂ රජය හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් දිගුකාලීන වශයෙන් ගෙවුණු දශක හතර ඇතුළත රටට වුණු සෙතක් නැහැ නේද? අද මේ අර්බුදකාරී තත්ත්වයටත් පාර කැපුවේ ජේ ආර් ගේ ආර්ථික දේශපාලනික ගේම් වල ප්‍රශ්න නිසා නමුත් ඊට පස්සෙ ආපු අය ඒවායින් වීසඳුවේ ජේ ආර් හදපු දකුණේ කැරැල්ල, උතුරේ කැරැල්ල සහ ඉන්දියාවේ හමුදාව නැවතත් ආපහු යැවීම වගේ දේවල් ටිකක් විතරයි ඉතිරී ප්‍රශ්න ඔඩු දිවූ අතර මේ කට්ටිය ඒක තවත් නරක අතට හරවා තියෙනවා. මේ ගැන දීර්ඝ වශයෙන් වෙනමම සාකච්ඡා කිරීමට සිදු වෙනවා.

      Delete
    7. 🙏❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
    8. @ ඇනෝ 6.53 AM

      ඉතාමත් විශිෂ්ඨ විග්‍රහයක්. මම 1970 දශකයේ ඉපදිලා වත් නෑ ඒත් මම පසුකාලීනව ඒ කාලසීමාව ගැන කියවා ඇති බොහෝ දේවල් සමග ගැලපෙන අතර නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මම හිතන්නේ බ්ලොග් වල අරූගේ අඩවිය ලියපු අරුණ පෙරේරා මහතා වගේ අයත් කලකට ඉහත මේ වගේ කාරණා රාශියක් කියලා තිබුණා මතකයි අසූ ගණන් වල තත්ත්වය ගැන.

      ඒ වගේම 1962 ආර්ථික අර්බුදය ගැන හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය ඩබ් ඒ විජේවර්ධන මහතා පහුගිය කාලේ විස්තර කළා. ඒ ගැනත් ඔබට ඉඩ තියෙනවා නම් මේ වගේ විස්තර කරලා ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. 1952 හර්තාල් එක මර්දනය කර ජනප්‍රිය වාමාංශික සුබසාධන වලට එරෙහි වූ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩ දුන් පාලනයක් ගෙන ගිය 1955 දක්වා කොතලාවල මහතා පාලනය කරන කාලය ලංකාවේ අවසන් විදේශ මුදල් ධන තත්ත්වයක පැවති කාලය බවත් 1956 සිට දිගටම රට පුරා සමාජවාදී ආර්ථික දේශපාලනික සංකල්ප වල බලපෑම් නිසා විශාල වශයෙන් රජයේ වියදම් ඉහළ යෑමත් සමඟ ඇතිවන තත්ත්ව යටතේ 1962 ආර්ථික අර්බුදය හමුවේ අයි එම් එෆ් එකට යාමත් එම කොන්දේසි ක්‍රියාත්මක කරන්න ගිහින් එම රජයේ ජනප්‍රියතාව අඩුවී ඩඩ්ලි සේනානායක මහතාගේ හත් හවුල බලයට ආ බවත් එයත් අසාර්ථක වී ඔබ කියූ ආකාරයට එය 1971 කැරැල්ල දක්වා ඔඩු දිවූ අතර මේ ආකාරයෙන් අර්බුදය දවසින් දවස වල පල්ලට රට ගෙන ගිය බවත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් මේවා ගැන ඔබ පවසන පරිදිම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් අනාගතයවත් බේරා ගෙන රට ගොඩ ගන්න ඕන.

      Delete
    9. Superb post. Well balanced & factual analysis. Need further discussions about what happened to Sri Lanka in the past seven decades & list out the lessons learned & should be further discussed with general public & documented as information that reflects both the positive and negative experiences of the nation for the current & future use while decision making. Any lesson learned is knowledge or understanding gained by experience. The experience may be positive, as in a successful test or mission, or negative, as in a mishap or failure... A lesson must be significant in that it has a real or assumed impact on decisions/ operations; valid in that is factually and technically correct; and applicable in that it identifies a specific planning, process, or decision that reduces or eliminates the potential for failures and mishaps, or reinforces a positive result where conducting a Lessons learned analysis requires a leader-led after-actions debriefing. These debriefings require to the leader of the nation to extend the lessons-learned orientation of the standard after-action review. Accordingly the Leader must use the event reconstruction approach or has the individuals present their own roles and perceptions of the event, whichever best fits the situation and time available. Excessive optimism about the expected impact of untested smart practices is a common critique. If a current practice is known to be ineffective, implementing a promising alternative after weighing the alternatives may be worth the risk.

      Delete
  5. තව දෙයක් එකතු කරන්න පුළුවන් මාතා ඒ තමයි ඔබ පසුගිය මැතිවරණයේ ගෝඨා ට චන්දය දුන් පමණින් බයියෙක් ද, සජිත් ට දුන් පමණින් ටොයියෙක් ද වන්නේ නැත...අනුරට දුන් පමණින් ජෙප්පෙක් ද වන්නේ නැත.

    එසේ වන්නේ අසීමිතව කඩේ යන්නේ නම් පමණි.ගැති වන්නේ නම් පමණි

    නිදහස් වන්න ... සුදුසු තීරණ ගන්න.. කිසිදු පක්ෂයකට.. කණ්ඩායමකට ගැති වන්න එපා.

    ලංකාවට ඇති විශාලම ගැටලුව.. දේශපාලනික වහල්බාවයයි..

    මේක ඇත්ත නෙමේද?

    ReplyDelete
  6. සෞම්යාට දිව දාලා ජුස් බොනවා.

    ReplyDelete
  7. මාතෝ රුසියා වල පුටින් ජනාධිපති තුමාට බැරිද යුක්රේනට ගහන එක නවත්තලා පුම්චි අපේ ලකේපංකාව රැසියාවෙි පාලනයට ගෙන අපේ පාර්ලිමේන්තුවේ, දේශපාලනයේ ඉන්නෙ ⁣අපේ රට කාපු හොරු ටික මුහුදට දාලා හොඳ යහපත් පාලනයක් ඇති කරලා රැසියාවෙි පාලනය යටතේ තියලා අපේ රටේ ජනතාව බේර ගන්න?

    යුද්දයක් මෙහෙයවන අතර තුර ඔහු රටේ මහජනතාවගේ අවශ්‍යතා කෙරෙහි දක්වන ඒ ළැදියාවෙන්ම කියවෙනව ඔහු රටේ ජනතාවටකොයි තරම් ආදරෙයිද කියල ? රුසියානු ජනතාවත් මේ යුද්දයට විරුද්ධ උනත් ඔව්නුත් කවද හරි දවසක තේරුම් ගනී මේ ඔව්න්ගෙ අනගතය වෙනුවෙනි කරපු ලොකු කැපකිරීමක් කියලා... ඇත්තටම තමන්ගෙ ලොකුම හතුරව රටේ සීමා අසල රැකවල් තියා ගන්න කවුද කැමති? ලංකාව ඇර අනිත් ඕනම රටක නායකයෙක් ඒයට අකමැති වේවී...

    ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් කුමන හෝ පක්ෂයකට තම ඡන්දය පාවිච්චි කළ හැම කෙනෙක්ම රටට ආදරය කරන අය කියල මගේ හැඟීම. දැනට බලයේ ඉන්නා සහ විපක්ෂයේ ඉන්න අය ඔවුන්ගේ කෙරුවාවල් මනාව ප්‍රදර්ශනය කර තිබෙන නිසා රට කරවීමට සුදුසු කණ්ඩායමක් පෙනෙන මානයේ නැති බව පැහැදිලියිනේ.

    ඒ නිසා මගේ එකම පැතුම පුටින් ලංකාවත් අත්පත් කර ගනිත්වා.... ලංකාවේ කිසිම කෙනෙක්ට බෑ මේ රට ගොඩ ගන්න... ඔක්කොම හොරු ජනතාවගේ ඉදන්ම...

    ReplyDelete
  8. අඩෝ ළමාතං ජනප්‍රියම ටෙලි නළු සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මදුරංග (පාරදිගේ) ගැන හිතන්නේ මොකද කියලා කියපන්කො බන්, අර බොරුවට පුම්බලා උඩ යවපු ජැක්සන් ඇන්තනී ගේ කොලුවා ගැනත් ඒ එක්කම ලියපන්

    https://youtu.be/BuQpDHz1gcM

    කෝමද මේක?

    ReplyDelete
  9. උද්ධමනය අපේ අතේ
    රුපියල් සත නැහැනේ අතේ
    අපි ඔක්කොම ගහමු අතේ
    එහෙම කරොත් ඩොලර් අතේ

    ReplyDelete
  10. කටවල් වල ගඳ
    පුකවල් වල සුවඳ

    සුවඳේ මට සීතල සුළඟ පවා

    කක්කි ගොඩයි මං විතරයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව පොන්නයා ඇනෝ ඇවිත් වගේ......

      Delete
    2. සිනුවර තට්ට සරලොක් හොම්බෙන්ස් ආයෙත් හොම්බෙන් යන්න ට්‍රයි එකක් දෙනවාද මන්දා

      Delete
  11. මේ ආණ්ඩුව තවත් තියන්න බෑ, ගෙදර යවන්න ඕනෑ. හැබැයි කාටවත් රැවටුණා වගේ නොවෙයි, ජෙප්පන්ට රැවටුණොත්... එක සැරයයි, තවත් සැරයක් එන්නේ නැත. අපිට මතකයි ගෙදරට එන තුණ්ඩු කෑල්ල මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා. වැඩිය දැඟලුවොත් බොඩ් එකක් උස්සගෙන මහා පාරේ නිර්වස්ත්‍රව දණ ගහගෙන ඉන්න පුළුවන්. අපි ළඟ තාම තිබෙනවා 1989 කාලේ පොටෝ... එහෙම බලද්දි නම් දන්නා යකා හොඳයි නොදන්නා දෙයිරාලලට වඩා. උන් ඇවිත් කටු ඉඹුලෙන් අරීවි ඊට පස්සෙ...

    ReplyDelete
  12. ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 වසර සඳහා ආටිකල් iv උපදේශන (Consultation) වාර්තාව ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ මේකෙන් බලන්න පුළුවන්; (ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අයි එම් එෆ් එක මේ යෝජනා ඉදිරිපත් කරල තියෙනවා මේකේ, මෙය ලංකාවේ සමාජ ජාල වල සහ මටත් වට්ස් ඇප් එකෙන් ආවා);

    https://drive.google.com/file/d/1e1AXm6S6IFiccN9KqytTRHZEUCQ_o_gu/view

    අයි එම් එෆ් එක කියන විදියට කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන්ම වගේ අඩු වීමෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ මාස ගණනාවක දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇති බව මූලික හේතුව ලෙස එම වාර්තාවේ සඳහන්.

    ඒ වගේම කෝවිඩ් වසංගත තත්ත්වය සමගින් ඇතිවු තත්ත්වය (consequences) නිසා අද වන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය සියයට 10.5 ක විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති අතර එය 2020 වසරේදී සියයට 4.6 ක් බවද ඒ වාර්තාවේ සඳහන්.

    තව දුරටත් 2021 දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය 2019 වසරේ සියයට 93.6 ක් ද 2020 වසරේ සියයට 110 ක් බවද වාර්තාව කියනවා.

    ඒ වගේම ලංකාවේ ආර්ථිකය රේටින් ආයතන වලින් පහතට හෙළූ නිසා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතල ආකාරයෙන් පහත වැටීමත් ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.

    වසර තුනක් පෙර ඉතිහාසය පසු විපරමක් කරන වාර්තාව කියන්නේ 2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6,919 තිබූ ලංකාවේ විදෙස් සංචිත 2022 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර තියෙනවා. විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

    රුපියල අවප්‍රමාණ කිරීම සමග ඇතිවූ ආනයනික උද්ධමනය, සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 10.5 ළඟා වෙමින් ඉහළ යමින් පවතින බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

    මීට පිළියම් ලෙස ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා විශ්වසනීය පැහැදිලි ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්,වෙළඳපල නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රමානුකූලව තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් අවශ්‍ය බවත් සමාජ ආරක්ෂණය සහතික කළයුතු බවත් වැට් බදු සේම අනිකුත් අදායම් බදු වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් වාර්තාවේ නිර්දේශ වල ඇතුලත්.

    කෙසේ වෙතත් IMF ණය ලැබෙන තුරු මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් මට පෙන්නේ නැහැ. ඉන්දියාවෙන්, චීනයෙන් එන සල්ලි බොහෝ දුරට එම රටවලටම ආපසු යනවා. ඇත්තටම කියනවානම් එන්නෙම නැහැ වගේ. හැබැයි ඉතින් ආණ්ඩුවේ පැත්තෙන් රජයේ බදු ආදායම පහත දමා ගැනීම (දේශීය ආයෝජන වැඩි කර ගැනීම සඳහා සහ ඉහළ බදු ගෙවන්නන් සතුටු කිරීම සඳහා) විනිමය අනුපාත ස්ථාවරව තබා ගැනීම, ට්‍රිලියන 3 ක පමණ මුදල් අච්චු ගැසීම (පසුගිය අවුරුදු 2 ඇතුළත) නිසිකලට IMF වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර එමගින් අවශ්‍ය වෙනස්කම් කර තත්ත්වය පාලනය කරගන්න කටයුතු නොකිරීම, ලෝක වෙළඳ පොළේ අධික ලෙස පොහොර මිල ගණන් වැඩි වෙලා නිසා එයට විසඳුමක් විදියට හිතුවක්කාර ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික වගාවට එකවර යොමුවීම, අධික මුදල් සැපයුමක් තිබියදී පවා ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු නොකිරීම, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික ඉතාමත් පහළ මට්ටමින් පවත්වාගෙන යාම, ගෝලීය ආර්ථික දේශපාලනික හේතු නිසා ලෝක වෙළඳපළේ අනපේක්ෂිත ලෙස ඉන්ධන මිල (USD වලින්) අධික ලෙස ඉහළයාම ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයට හේතුයි.

    ජා.මූ.අ. මේ ආර්ථික අර්බුදය කෝවිඩ් නිසාම ඇති වූ බව කියන්නේ, ඒකේ ඇත්තක් තියෙනවා තමයි ඒත් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ සමහර සාධක පාලනය කළහැකිව තිබූ ඒවා කියලයි. එසේ පාලනය කළහැකිව තිබූ සාධක නිසිකලට පාලනය කළේ නම් මෙතරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ උද්ධමනකාරී තත්වයක් ඇති නොවන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  13. ආණ්ඩුව රට ඇතුලේ ජනප්‍රියතාව තියාගන්න මහජන මුදල් නාස්ති කරමින් ඉන්ධන ගෑස් සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය අඩු මිලට විකිණීමට කටයුතු කරපු එකෙන් දැන් ඊට වඩා බරපතල ප්‍රතිවිපාක ඇති වෙලා, මේකට දැන් වත් පිළියම් යොදා සැබෑ මිල ජනතාවගෙන් අයකර ගත යුතුයි, සිපෙට්කෝ එක පාඩු නම් ඔහේ පාඩු පිට කරගෙන යන්නේ නැතුව එය ප්‍රතිව්‍යූහගත කරමින් පුද්ගලික කළමණාකරණයකට වත් භාර දී ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතුයි. පෙට්‍රල් තුන්සීය වුණත් ඩීසල් දෙසීය වුනත් පාඩුවට ඉන්ධන නිකුත් කරනවාට වඩා හරි මිලට නිකුත් කරන එක හොදයි. අනිසි විපාක තියෙයි. හැබැයි මිනිස්සු කල් යනකොට පුරුදු වෙයි. අපේ රටේ මිනිස්සුන්ට නොමිලේ හෝ රජය පාඩු විදගෙන දෙන කිසිම දේක අගයක් නැහැ. ඔය නිකන් දෙන එකයි, රජය පාඩු තියාගෙන මිනිස්සුන්ට සහන දෙන එකයි හින්ද තමයි රටට මේ ටික වුනේ. පිට රටවල් අරෙහෙම කරනව මෙහෙම කරනව කියල මිනිස්සු කියනව, ඒත් කවුරුවත් කතා කරන්නෙ නැති දේ තමයි ඒ රටවල් වල හැම දෙයක්ම සල්ලි වලට දෙන්නෙ. රජය පාඩු තියාගෙන තෙල්, විදුලිය, ජලය වගේ දේවල් දෙන එකම රට ලංකාව මන් හිතන්නෙ. පිට රටවල් වල තෙල් වලට බද්දකුත් ගහනව. අපේ රජයට සල්ලි නැති එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

    ReplyDelete
  14. මාතා සහ වෙන අයටත් මට කියන්න තියෙන්නේ ලංකාවේ මේ දවස් වල ආර්ථිකය අමාරුවෙන් යන එක ඇත්ත වුණත් මේ තත්ත්වය යටතේ පවා ඔබේ ජීවිතය හදාගන්න අවශ්‍ය නම් මාස තුනක් ෆේස්බුක් එකෙන් ඉවත් වෙන්න, සහ නිව්ස් බලද්දී ලංකාවේ අවස්ථාවාදී ටීවී මාධ්‍ය හැකි තරම් අඩු කරන්න පුළුවන් ඒ වෙනුවට වෙබ් සයිට් සහ බිස්නස් සයිට් වලින් තෝරාගත් අපට වැදගත්ම වන දේවල් පමණක් බලලා ඊට හිත යොමු කරන්න ඕන.

    ආර්ථිකයේ අවුලක් තියෙනවා වුණත් මේ දවස්වල ලංකාවේ ඉතාම හොඳ අවස්ථා පවතින බව පේනවා, මේ නිසා ජීවිතයේ තියෙන බාධා වගේම මිතුරු මිතුරියන් වෙසින් ඉන්න බාධාත් ඉවත් කරගන්න ඕන, ඔක්කොම ඍණාත්මක පුද්ගලයන් block කරන්න. ඔබට තේරේවි වෙනස. අනවශ්‍ය යාළුවන්ගෙන් උපක්‍රමශීලීව ඈත් වෙමින්, හොඳින් විස්වාස අයට විතරක් පවසමින් තනියම අලුත් ව්‍යවසායයක්/ ව්‍යාපාරයක් පටන් ගන්න. වෙන කිසිම දෙයක් ගැන නොසිතා හැම විනාඩියේම පාරිභෝගිකයන් හොයන්න. කිසිම කෙනෙක් මත යැපෙන්නේ නැතුව මාස තුනක් කට්ට කාලා සල්ලි හොයන්න උත්සාහ කරන්න. එතකොට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මට ස්තුති කරත් කමක් නැහැ.

    ආණ්ඩුවට අපට කියන්න තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවත් හැම මගුලම බදාගෙන එකක් වත් කරගන්න බැරි වෙලා වාත නොවී දැන් වත් මිනිස්සුන්ට උනන්දු වී තම තමන්ගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාව දිය යුතුයි. පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩ දී රජය ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් අත් හැරීමට කටයුතු කළොත් රටටම අනාගතයක් තියෙයි.

    ReplyDelete
  15. දුම්වැටියක් මිලට ගැනීම සඳහා ලෝකයේ වැඩිම මුදලක් වැය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    මෙම වාර්තාව සකස් කර ඇත්තේ 2020 වර්ෂයේ ප්‍රවණතා පාදක කොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඒකපුද්ගල ක‍්‍රයශක්ති සාමාන්‍ය අනුව බව එම සංවිධානය කියයි.
    නීත්‍යානුකූල සන්නාම වලින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ විකිණීමට ඇති දුම්වැටි වල පවතින ඉහළ මිල ගණන් යටතේ ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළඳාමේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද එම වාර්තාව අනතුරු අඟවයි.

    ශ‍්‍රි ලංකාවේ පවතින නෛතික රාමුව තුල ඇති දුර්වලතා හේතුවෙන් ද නීති විරෝධී දුම්වැටි වෙළදාම ඉහළ යාමට හේතුවක් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

    ReplyDelete
  16. ස්ටීව් හැන්කී කියන විදිහට ලංකාවේ උද්ධමනය 58% ක් විතර දක්වා ඉහළ ගිහින් මම හිතන්නේ මේ කියන දේවල් වැරදි බව ඒත් කෙටිකාලීන වශයෙන් 30% ක් විතර උද්ධමනයක් තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්සුන්ට රුපියල් ගැන නැවත වතාවක් විශ්වාසය ඇති කිරීම, පොළී අනුපාතික ඉහළ දැමීම සහ ලංකාවේ පවතින දැඩි භාණ්ඩ හිඟකම නැවත වතාවක් යථා තත්වයට පත් කරගන්න පුලුවන් වුණොත් මේක පාලනය කර ගන්න පුළුවන් නමුත් රජය වහ වහා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන.


    Steve Hanke (@steve_hanke) Tweeted:

    Sri Lanka's severe balance of payments crisis is sinking the country. Today, I measure inflation in #SriLanka at a roaring 58%/yr. The only way to save LKA’s economy is to dump the rupee and install a #CurrencyBoard.

    https://t.co/4jK59ioUPx https://twitter.com/steve_hanke/status/1508926597499428871?s=20&t=8s8EiQhVCLdSyqO8gNq7dg

    ReplyDelete
  17. යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරමින් ස්වේච්ඡාවෙන් ලොව පුරා විවිධ රටවල් ගැන සංචාරක ප්‍රවර්ධන සේවාකරමින් ක්‍රියා කරන අතරතුර ලංකාවේ සංචාරක නිරතවිමට පැමිණ ලංකාව ගැන හොද ලියන්න ආ යුරෝපයේ කාන්තාවක් රවටා ඇයගේ ලිංගික ස්ථාන අතපතගාමින් ඇයව අපහරණය කිරිමට උත්සහකල සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ හොටෙල් හිමිකාරයෙක් සිගිරිය පොලිසිය විසින් අත්වඩංගුවට ගෙන ඇත. බෙල්ජියම් ජාතික 33 හැවිරිදි සංචාරක කාන්තාවක් 3-28 දින සිගිරිය පොලිසියට සිදුකල පැමිණිල්ලක් අනුව මෙම අත්වඩංගුවට ගැනිම 28 හවස සිදුකර ඇත.

    මෙම කාන්තාව විවිධ රටවල සංචාරය කරමිනි අදාල රටවල් පිලිබදව සඟරාවන් සදහා ලිපි ලියන බවද යූටියුබ් ඇතුළු සමාජ ජාලවල ලෝකයේ විවිධ රටවල් පිළිබඳ ජනප්‍රිය වැඩසටහන් කරන බවද මෙවර ලංකාව පිලිබදව යුරෝපයේ ජනප්‍රිය සඟරාවක් සදහා ලිපියක් ලිවිමට මෙරටට පැමිණ ඇති බවත් පැවසේ.

    එසේ පැමිණි ඇය අන්තර් ජාලය ඔස්සේ වෙන්කරගත් සිගිරිය ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොලක නවාතැන් ගෙන ඇත, එසේ නැවතුන මෙම කාන්තාව සමග කතාබහ කල එම හොටෙල් හිමිකරු තමා චින කටු චිකිස්සක වරයෙකු බවත් විවිධාකාර ලෙඩ රෝගසදහා ප්‍රථිකාර කල හැකිබවද පවසා ඇති අතර ඇගේ කොන්දේ වේදනාවක් පිලිබදව පැවසිමෙන් පසු එයට ක්ෂණිකව ප්‍රථිකාර කල හැකිබව පවසා ඇගේ ශරීරයේ විවිධ ස්ථාන අතපත ගාමින් තෙරපිමි කල බවත් පසුව තම පියවුරු හා ලිංගික ස්ථානද තෙරපීමට උත්සහ කලබව පවසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    මෙම සිදුවිමෙන් පසු අදාල හෝටලයෙන් ඉවත්ව ගොස් ඇති ඒම න්තාව සිගිරිය ප්‍රදේශයේ වෙනත් සංචාරක නවාතැන් පොලක් වෙත වෙතගොස් සිගිරිය පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මකවු සිගිරිය පොලිසිය මගින් අදාල සිද්ධියට සැකකරුවන සිගිරිය ඇහැලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු (49) අත්වඩංගුවට ගෙන ඇත. මේ සිද්ධිය නිසා දැඩි කළකිරීමට පත් ඇය ලිපිය ලිවීමත් නවතා රටින් පිටව යාමට ක්‍රියා කර ඇති බව සඳහන් වේ.

    ReplyDelete
  18. රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමට බලපෑ හේතු හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මීට සති කීපයකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණේ මෙහෙමයි;

    01. දිගු කාලයක් විනිමය අනුපාතිකය කෘතිමව තබා ගැනීම නිසා එක්වරම පාලනයෙන් ගිලිහී මෙය විශාල ගනනකින් එකවර ඉහළ යා හැකිය

    02. ආනයන වියදම් සහ අපනයන ආදායම අතර විශාල පරතරය සහ සේවා අංශයේ ආදායම් අඩුවීම නිසා විශාල ගෙවුම් ශේශ ප්‍රශ්නයක් ඇතිවී තිබේ

    03. මහ බැංකුව මගින් උද්ධමනයට වඩා අඩු පොලී අනුපාත පවත්වා ගැනීම, ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය කිරීමට මිනිසුන්ට බල කිරීම

    04. දිගින් දිගටම මහබැංකුව මගින් මුදල් නිකුත් (මුද්‍රණය) කිරීමෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම තව තවත් වැඩි කිරීම

    05. ආනයනික භාණ්ඩ අවශ්‍ය වන නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ආනයනික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම තව තවත් වැඩි කිරීම.

    06. ගෙවුම් ශේෂ පරතරය මූල්‍යකරණය සඳහා විදේශ ණය මත දැඩි ලෙස යැපීම මිස වෙනත් විකල්ප පිළියම් වලට යොමු නොවීම

    07. නැවත සාකච්ඡා කිරීමට අපහසු ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළ ණය ගැනීම් සඳහා දැඩි ලෙස නිරාවරණය වීම (උදා: අයි එස් බී වැනි ඒවා)

    08. විදේශ ණය නැවත ගෙවීම ගැන නියමිත වේලාවට සාකච්ඡා කිරීමට අපොහොසත් වීම (ඇතැම් ජී.ටු.ජී වගේ හිතවත් රජයන්ගේ ඇති ණය මුලින් කතාකර ප්‍රතිව්‍යුහ ගත කර හැකි තත්වයක් තිබුණත් දැන් ඔවුන් ඊට භය වීම - හේතුව ලංකා ආර්ථිකයේ අස්ථාවරත්වය)

    09. රට තුල දැඩි මූල්‍ය විනයක් මුල සිටම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයාට අපත් වියත්මග ඇතුළු සංවිධානත් දිගින් දිගටම අවධාරණය කළත් 2020 මහ මැතිවරණයෙන් පසුව බලයට පැමිණි ඇතැම් ඇමතිවරුන් සහ ද්විත්ව පුරවැසි අවලස්සන ඇමරිකානුවාගේ ක්‍රියා කලාපය තත්වය බරපතල අතට හැරවූවා.

    "ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයකු විසින් රටේ ආර්ථිකය මෙහෙය වීම නිසා අපේ රට දිනෙන් දින ආගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුළත් ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමැති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානයක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදමු කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුන නිසා අපි මුලු රටම හරි මගට යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විෂඳුමක් වගේ දැකලා විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කළහම හඳෙ හාවා දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් . ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා."

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන පිළිබඳ අපි පසුගිය වසර එකහමාර තුළ විවේචනයන් ඉදිරිපත් කලත් අපිට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදිහට යම්යම් බාධාවන් බැඳීම් තිබුණා . හරියට අපි දිව ගැටගහල ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කළේ . දැන් මේ රට මෙතැනට අරන් ගියේ කොහොමද ඒකට වගකිව යුත්තෝ කවුද කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නුදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත ශාක්ෂි සහිතව තබන්න සූදානම්.

      ඒ වගේම අපිට හිතෙනවා 1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American (අවලස්සන ඇමරිකානුවා) සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා . ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා . මම මේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට ඊයේ දක්වාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජය රට හමුවේ තියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

      අපි සාක්ෂි සහිතව පෙන්නනවා මේ රට මෙතෙන්ට ගෙනාවේ කොහොමද කියලා . එතකොට මේ සිතා මතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියනවා. 1997 දී සුහර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නෑ නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න. අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න . ආර්ථික අර්බුදය ඇති වුණු වෙලාවේ රටේ ජනතාවට කන්න නැති උනා. ඉන්ධන නැතිවෙලා මුළු රට ම නතර වුණා. ඒත් ජනතාව අසහනයට පත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිල්ල කිව්වා අපි ඔබේ රටට ගොඩයන්න අරමුදල් ලබා දෙන්නම් හැබැයි නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. මට මේ අපරාධ කරන්න බැහැ කියලා සුහර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. ඒක කරන්න මං සූදානම් කියලා මෙගාවතී සුකර්නෝපුත්‍ර කිව්වම රට වෙනුවෙන් කතා කරපු මිනිස්සුම රටට ආදරය කරලා නැගෙනහිර තිමෝරය අපේ රටේ කොටසක් කියලා කියපු මිනිස්සුම නැගෙනහිර තිමෝරය ට නිදහස දීලා හරි අපිට කන්න දීපල්ලා කියලා පෙළපාළි ගියා. මහා දැවැන්ත ජයග්‍රහණයකින් සුකර්නෝ පුත්‍ර බලයට ඇවිල්ලා ඒ රටට කරන්න පුළුවන් විනාශය සිද්ධ කළා . මේ අවලස්සන ඇමරිකානුවා විසින් මේ රට අද ඒ පාර අරගෙන යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලියි. ඒ නිසා අපි ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් ආණ්ඩුව තුළ සිටියත් නැතත් අපි ජනතාව සමග එකතුවෙලා මේ ගමනින් අපේ රටට අත් වෙන්න යන මේ අඳුරු ඉරණමෙන් රට බේරගන්න කළ හැකි කළ යුතු හැමදේම කරන්න සූදානම් කියන පණිවිඩය රට හමුවේ තියෙනවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න