.

.

Mar 30, 2022

විපක්ෂය බුද්ධිමත් නම්, මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද?

 


රට ගොඩගත නොහැකි තරමටම වැටී අවසානය. දැන් වලේ වැටුන රාජපක්ෂලා වල කටින්ම ගොඩ ආ යුතුය. ඒ ගැන පසුව ලියමි.

විපක්ෂය මේ මොහොතේ රට පුරා ගෙනයන ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණ අනිවාර්‍යයෙන්ම ඉදිරියටත් ගෙන යා යුතුය. 

මන්ද රාජපක්ෂලා විපක්ෂයේ උන්නේ නම්, රටේ ඇතිවන විරෝධතා ගැන, දේශපාලනය ගැන අබ මල් රේණුවක මොළයක් තිබෙනා එකෙකුට ඉතා පැහැදිලිය.

මහින්දලා සිඳුකළ පාද යාත්‍රා, උද්ඝෝෂණ, බයිසිකල් පැදීම් එක්ක ගත්තාම මේ විරෝධතා නිකං මොන්ටිසෝරී ෆැන්සි ඩ්‍රෙස් පැරේඩ් වාගේය.

නමුත් එම විරෝධතා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන පරිදි, එදිනෙදා ජන ජීවීතයට හානියක් නොවන පරිදි, බිලි පූජාවලින් පිරි, දේපල විනාශ කරනා ප්‍රචන්ඩත්වයෙන් තොරව පවත්වාගෙන යාම සියළුම පක්ෂවල වගකීමය.

මන්ද, රටේ තිබෙනා ප්‍රශ්ණ මදිවාට, සාමාන්‍ය ජනතාවට තවත් පරිප්පුවක් කන්නට බැරි නිසාය. 

අප එසේ කියන්නේ වත්මන් විපක්ෂයේ කිසිවකු හෝ ළඟ මේ අර්බුධයෙන් ගොඩ ඒමේ ක්‍රියාදාමයක්, දර්ශනයක් හෝ වැඩපිලිවලක් තියා අඩුම තරමේ යෝජනාවක් හෝ පැමිණ නැති නිසාය.

විපක්ෂයේ නොව මේ රටේ ආර්ථික විජ්ජග්නයන් ළඟද, මහ බැංකුවේ උන් ළඟද කිසිඳු පිලියමක් නැත.

ඒ තබා ජනාධිපතිතුමා පත්කළ ව්‍යවසාකයින්ගේ කමිටුවද ගෙන ආවේ මාර ලොල් සගගත යල් පැන ගිය ජනප්‍රිය යෝජනාය.

එකෙක් කිව්වේ....., මේ රටේ අර ස්පාඤ්ඤයේ වාගේ, ෆොරිනර්ස්ලාට රෙසිඩන්ස් වීසා දී බිලියනයක් ගේනවා කියලාය. 

දවසකට පැය 10 ක් ලයිට් කපන, පැස්ටෝල් ගහන්න පෝලීමේ කට්ට කන, ගෑස් නැතිව දර ලිපේ උයාගෙන කන මේ බඩකඩුත්තුවේ, රෙසිඩන්ස් වීසා ඉල්ලන එකා, එක්කෝ අර්ෂශ් රෝගියෙක් විය යුතුය. එහෙම නැත්නම් යෝජනාව ගෙනා එකා වගේම පිස්සෙක් විය යුතුය. පෙර පිනකට සල්ලි කාරයෙක් උනාට ඔක්කොම දන්නවා කියා රඹ ටෝක් ඉෂු කිරීමත් රෝගයක්මය.

මාතලන් කලිනුත් කීවා වාගේ මේ මොහොතේ කළ යුත්තේ, විදෙස් රාජ්‍යයන්, ආයතන හා විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමයි. එසේ නොමැතිව මේ වලෙන් ගොඩ ඒමට නොහැකි බව, ආන්ඩුව මෙන්ම විපක්ෂයද අවබෝධ කොටගෙන සිටීම රටේත් ජනතාවගේත් වාසනාවය.

මොරි මාඩ කහකඩයෝ හා විමල්, උදය, ගෙවිඳු වැනි අමු ජාතිවාදී, ජාතිකවාදී, ආගම්වාදි මළ මූසලයින් හැර, අන් සියල්ලෝම ඉන්දියාවේ විදේශ ඇමතිගේ දේශීය සංචාරය ගැන වචනයකින් හෝ විරුද්ධ නොවීම ඊට හොඳම උදාහරණයකි.

එහෙත් මේ සොලියුසොන් එකටත් විරෝධතා ඒම කිසිසේත් වැලැක්විය නොහැකිය. මන්ද මෙරට ඉන්නේ පිටරට ගියත් ළිං මැඩි මානසිකත්වයෙන් පිරි, මේ ලක සියල්ලෙන් සපිරි ලෝකෙන් උතුම් රට යැයි සිතා සිටිනා ගව ගාලක්ම වන හෙයිනි.

උන් දන්නා බැඳුම්කරකරයක්වත්, ස්වෛරී බැදුම්කරයක්වත්, ජාතික ආදායමක්කත්, දල දේශීය නිශ්පානයක්කත් මෙලෝ ආර්ථිකයක්කත් නැත. උන් දන්නේ කෙප්ප කෙලින දේශපාලුවෝ දෙන ළණු අඹරා ගිලින්නටම පමණි.

මෙයින් ගොඩ ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. එමනිසා මේ මොහොතේ රාජපක්ෂලා එලවා ආතල් එකක් ලබා ගත හැකි වුවත්, එය මොහොතක සුවදෙන ආතල්ලෙකක්ම පමණි.

ඊ ළඟට අම්මමෝ නැතිව කුණු බැණුම් අහන්න වෙන්නේ, ගත්ත උන්ට හා උන්ගේ අම්මාවරුන්ටය. මොකෝ බයියෝ ගේම ඉල්ලන්නේ මීට හපන් විදියටය.

ඒ නිසා විපක්ෂයට මොළයක් බුද්ධියක් කියා දෙයක් ඇත්නම්, මේ මොහොතේ කළ යුත්තේ පකිස්තානයේ වාගේ විශ්වාස භංග ගෙන ඒමවත්, ආන්ඩු පෙරලීමවත් නොව, මේ පරිප්පුව තොපිම කාපිය කියා කින්ඩි දම දමා ඉන්න එකය. 

ඒ විපක්ෂයටය.

මේ ආන්ඩුවටය.

වලක වැටීම මොළයට ලාභයකි කියා චීනයේ මා ඕ සේතන් මාමා කියලා තියෙනවාය. ඒ නිසා වැටුන වලෙන් ගොඩ ඒම රාජපක්ෂලාට ඇති චැලේන්ජ් එකය.

මහින්ද හරියටම යුද්ධය කරන්න පටන් ගත්තේ ලොක්කා බිත්තියටම හිර කරායින් පස්සේය. හැබයි වැඩේ නැවැත්තුවේ ප්‍රභාත් ඉවත් කරලාය.

ඝෝඨාද විපක්ෂයේ උන් හා සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේම උන් ලෙඩේ අදිද්දීත් හමුදාවේද සප් එක ඇතිව කොරෝනා උවදුරෙන් රට මුදා ගත්තේය. එය ලොව පුරා ඇගයීමටද ලක්වී අවසානය.

දැන් ඇත්තේ ආර්ථික යුද්ධය ජය ගැන්මය. ඒ සඳහා යා යුතු මඟ දැන් හරි පැහැදිලිය. රට ගොඩ ගත හැක්කේ ස්වදේශීය ආර්ථිකයකින් නොව, විදෙස් රාජ්‍යයන්, ආයතන හා ආයෝජකයින්ගෙන්ම පමණි. අන් සියල්ලන්ටම කඩා බැසිල් රාජපක්ෂ එය මනාව අවබෝධ කොටගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නේය.

මෑත ඉතිහාසයේ දියුණු වූ රටවල් ලෙස ගත හැකි කොරියාව ඩුබායි සිංගප්පූරුව මැලේසියාව තබා ලෝක බලවතෙකු වූ අසල්වැසි ඉන්දියාවත් දියුණු වූයේ විදෙස් විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.

ඕනෑම නම් අම්මාගේ ආසාවට, කාබනික මේනියාව හා ස්වදේශීය ආර්ථිකයකත් විනෝදාංශයක් ලෙසින් කලාට මාතලන්ගේ අහිතක් ඇත්තේ නැතිය.


ඒ වගත් මෙසේය..

18 comments:

  1. කතාව ඇත්ත තමයි බන් මාතේ ඒත් මම හිතන්නේ ඕකේ තව පැත්තක් තියනවා දැන් බලපන් ලබන මාසේ ලංකාවේ ලෝකල් අලුත් අවුරුද්ද ලබනවා ඒ නිසා ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතිය, වැරැදි හදාගන්නට අපට අවස්ථාවක් සපයපු එක ඉතාමත්ම වටිනවා. ඒ නිසා දැන්වත් හැමෝටම අලුතින් හිතන්නට, වැඩ අල්ලන්නට නව ප්‍රවේශයක් සම්පාදනය කරනවා. ඔය කියන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එනවිට පැරණි වාද බේද අමතක කර අලුත්වීම අපගේ සිරිතක්, ඒ නිසා ඇත්ත වශයෙන්ම කරන්න ඕන අලුත් අවුරුදු සූදානම සඳහා ඇති දුෂ්කරතා කෙසේ වෙතත් රටට නොනගත අවස්ථාවක් අවශ්‍යයි. ගමන වරද්දාගෙන ඇති අපට අලුත් උපාය සඳහා සූදානමකට සිංහල දමිළ අලුත් අවුරුද්ද ප්‍රයෝජනයට ගත හැකි බව පේනවා නේද?

    මේ මොහොතේ අප බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි, පරණ ගතානුගතික රාමුවෙන් ඉවත්විය යුතු අතර මංමංකාරය පැත්තකට කිරීම අවශ්‍යයි.

    ආණ්ඩුව වගේම විපක්ෂයත් මා බලයට පත්වුණහොත් රට සංවර්ධනය කරන්නට පුළුවන්ය යන හැඟීම කිසිසේත් ගැළපෙන්නේ නැත. ආත්මාර්ථකාමීත්වය පැත්තකින් තැබිය යුතුයි.

    මේ වගේ ඉතාම දැඩි ලෙස පරිහානියට පත් වූ කාලපරිච්ඡේදයක් අවසානයේ දී අලුත් ආණ්ඩු බලයට පත්කරමින් විසඳුම් සොයන, තවත් අත්හදා බැලීමකට අපට අවස්ථාවක් නැහැ. අනාගත පරපුර සඳහා නිවහල් ආර්ථිකයක් නිර්මාණය කිරීම අප සියලු දෙනා සතු වගකීමක්.

    මේ වගේම තව වැදගත් දෙයක් තියෙනවා ඒ රට පුරාම සහ රටෙන් පිට ඉන්න ලාංකීය බුද්ධිමතුන්, ජාතික හා ආගමික නායකයන් රට වෙනුවෙන් කළ යුතු වගකීම පැහැර හරිමින් සිටින බව සාක්ෂාත් කරගෙන සිටින තරුණ පරපුර හැරී ඇති තැන අපට ඇති තවත් හානියක්. ගෙදරින් ආභාෂයක් නොලැබෙන විට ඕන මගුලක් කියලා ගෙයින් පැන යන ආකාරයට තරුණයන් ලෝකයේ වෙනත් රටවලට සංක්‍රමණය වන ප්‍රයත්නයක්, මොනවා හෝ කඩදාසි පෙන්වා රට පනින්නට වෑයම් කරන එක ඉතාමත්ම භයානක තත්වයක්.

    ඇත්තටම රටේ ඉන්න යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරුණ තරුණියන් මෙම බුද්ධිගලනය රට සංවර්ධනය කිරීමේ කාර්යයේ දී බරපතළ බාධාවක්, දක්ෂ සහ උනන්දුවක් ඇති තරුණ පිරිස රටෙන් ඉවත්ව යන අතර ඕනෑම අභියෝගයකට මුහුණ දී අලුත් ආකාරයකට වෙනස්වෙන්නට හිතන පිරිස අහිමි වීම රටකට කිසිසේත් ගැළපෙන තත්ත්වයක් නොවේ.

    මේ නිසා මේ භයානක තත්වයන් පාලනය කිරීමට නම් අනිවාර්යයෙන්ම රට ගැන විශ්වාසය, රටේ අනාගතය ගැන පැහැදිලි දැක්ම මෙම තීරණාත්මක මොහොතේ දී ඉතාම වැදගත්, ශ්‍රී ලංකාව තවමත් ආගාධයේ පත්ලට වැටෙන තැනකට ගිහින් නැහැ තාම මුවදොර අබියස. පහළටම වැටුණු පසු නැගිටින්නට අමාරුයි ඒත් එහෙම වැටෙන එකත් එක අතකට හොඳයි කියලා කියන්න පුළුවන් නේද?

    ලෝකය දෙස ගැඹුරින් බලන විට දියුණු වී ඇති සෑම රටක්ම සාගින්නෙන් හා දරිද්‍රතාවෙන් ඉහවහා ගිය පසු, විඳින හිරිහැරවලින් පන්නරය ලබන බවත් දැඩි අර්බුදකාරී තත්ත්වයන්ගෙන් ගැලවෙන්නට අවශ්‍ය හෙයින් මහත් ධෛර්යයකින් වෙනස් වූ රටවල් බව දැක්විය යුතුයි. වෙනස් විය යුතු ආකාරය ගැන දැනුමක් අවබෝධයක් නොතිබුණ සමහර රටවල, සමාජවල නායකයෝ කෙවිටක් රැගෙන ජනතාව ඉදිරියට ගෙන ගියා කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
  2. අඩෝ ළමාතං මම නම් කියන්නේ ආණ්ඩුව අයි එම් එෆ් බැරි නම් උතුරු කොරියාවේ කොන්දේසි වලට එකඟ වෙලා හරි කමක් නැහැ පරිස්සමින් ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වැඩ ටික කරගෙන යන්න නම් මුලින්ම ශ්‍රී ලංකන් එයාලයින්, දුම්රිය, ලංගම, ලංවිම, සිපෙට්කෝ, ඔය ආණ්ඩුවේ සුදු අලි ව්‍යාපාර ටික ඔක්කොම විකුණලා දාන්න ඕන.. සල්ලි කාබාසිනියා කරන තැන් ඕවා.. නිදහස් අධ්‍යාපනය සහ සොඛ්‍ය හැර ඔක්කොම විකුණන්න මම නම් පුල් සපෝට් එකක් දෙන්න කැමතියි .. මල කරදරේ...!

    ReplyDelete
    Replies
    1. ඉතිං මල්ලි ඔය හැම ලබ්බම විකුණන එකේ අහවල් එකකටද නිදහස් අධ්‍යාපනෙයි සෞඛෙය් විතරක් තියාගෙන ඉන්නේ. ඒදෙකත් ඔය කාටහරි වික්කනං අහවරයිනෙ.

      Delete
  3. දේශපාලන පක්ෂ විරෝධතා දැක්වීම කෙසේ වෙතත් තනි තනි මිනිස්සු එකතු වෙලා ආණ්ඩුව කරන අයට ගහලා පන්නන දවස වැඩි ඈතක නෙමෙයි.

    මාතලන් වගේ අයත් පරිස්සමින් හිටියොත් හොදයි. මිනිස්සුන්ගේ පීඩනය ඔහෙලාගෙන් යන්නත් බැරි කමක් නැහැ.

    ReplyDelete
  4. මහින්දලා විපක්ෂයේ ඉන්න කාලේ, රටේ යහපත වෙනුවෙන් යහපාලන රජය කරන්න උත්සාහ කරපු කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. (යහපාලකයෝ කරපු හැම දෙයක්ම හරියි කියලා නොවෙයි මෙතැන අදහස් කලේ)

    සැම පුරවැසියෙකුටම ටැක්ස් ෆයිල් එකක් හදන එකට කිව්වේ, හිඟන්නන්ටත් බදු ගහන්න හදනවා කියලයි.

    ගිලන් රථ සේවාව රෝ ඔත්තුකරුවන්ට ලංකාවේ නිදහසේ ඔත්තු බැලීමට ලබා දුන් එකක් බවත්, ඒවායින් රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවත් (Hippocratic Oath එක දුන්න කෙනෙක් වන පාවාදෙනිය එහෙමත් කිව්වා) කිව්වා.

    ඉන්ධන මිල සූත්‍රය ට කියාපු අවමන් කතා මතකද? ගෝඨා බලයට ආ විගස ඒක අවලංගු කළා.

    MCC එක, රට දෙකඩ කරලා මැද කොටස ඇමරිකාවට දෙන ගිවිසුමක් කිව්වා.

    පාඩු ලබන අකාර්යක්‍ෂම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න හදන කොට, ඩෝං ඩෝං හඬින් පපුවට ගසා ගනිමින් රට විදේශිකයන්ට විකුනනවා අපේ හාමුදුරුවනේ, අපි අපේ රට බේරා ගන්නවා. ("ඩෝං ඩෝං" ශබ්දය නැවතත්) කිව්වා.

    IMF එක ඇමරිකානු කුමන්ත්‍රණයක්, අපි ඒවාට අහු වෙන්නේ නැහැ යි කිව්වා. "ප්ලග්" ගලෝපු කෙනෙකුත් හිටියානේ.

    දැන් ඒ කාලේ විරුද්ධ වෙච්ච දේවල් පහු වෙලා හරි නිවැරදි කරගන්න ගෝඨා ප්‍රමුඛ රාජපක්ෂ පවුලට අවස්තාව ලැබී තියනවා. මේ වැටී තියන නරා වලෙන් ගොඩ ඒමට රජය කරන කිසිම දෙයකට විපක්ෂය විරුද්ධ වෙන එකක් නැහැ(මොකද ඒ ගොල්ලන්ට වෙන විකල්පයක් තියන එකක්යැ)

    නමුත්, අවාසනාවකට තවමත් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා වෙනුවට තව තවත් ප්‍රශ්න ඇතිකරගනිමින් පඹ ගාලක පැටලෙනවා මිසක් ප්‍රශ්නය (හෝ ප්‍රශ්න) මොකක්ද කියන එකවත් තවම තේරුම් ගත් බවක් පේන්නේ නැහැ.

    කාබනික වගාවට ගිහිල්ලා, ලංකාවේ මෙතුවක් කල් තිබුන ආහාර සුරක්ෂිත තාවය නැති කළා.

    තෙල් ප්‍රශ්නය කියලා එකක් ඇති කලේ ඇමති වරුන්ගේ අනවශ්‍ය බිය ගැන්වීම් නිසා බවත්, තෙල් බාන්න පොඩ්ඩක් පරක්කු වීම හිඟයක් නොවන බවත් කිව්වා.

    තෙල් කොච්චර තියනවාද කිව්වොත්, ෂෙඩ් වලට යවන බව්සර් ආපහු හරවලා එවනවා කිව්වා.

    මාර්තු පස් වෙනිදා වෙනකොට විදුලිය කැපීම නවත්වනවා කිව්වා.

    ඩොලරය 200 මට්ටමේ තියා ගැනීම වෙනුවෙන් රටේ තිබුන විදේශ සම්පත් සියල්ලම වැය කරලා මහා බැංකුවත් රටත් බංකොලොත් කරලා සියලුම විදේශ සම්ප්‍රේෂණ උන්ඩියල් වලට පුරුදු උනාට පස්සේ ඩොලරය නිදහසේ පාවෙන්න ඇරියා. එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේරාගෙන, ඊට පස්සේ ඔලුව එලියට ගන්න මුට්ටිය බින්දා.

    මේ වාගේ ගොන්කම් කරන, ගොන් කතා කියන, කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියලාවත් නොදන්නා ගව පට්ටියක් මෙතුවක් කාලයට ලංකාව පාලනය කරලා නැහැ.

    කොහොම උනත්, මේ දේවල් අතීතයට එක් කරලා, IMF ප්ලග් එක ටිකක් තදට ගහලා, රටේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කල යුතුයි. දුම්රිය, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය (ඒ තුන නම් සම්පුර්ණයෙන්ම වහලා දැම්මත් රටට මීට වඩා හොඳ කලක් යයි) වගේ ආයතන වලටත් මොනවා හරි කල යුතුයි. අඩුම තරමින් ඒ ආයතන වල වැටුප් මට්ටම අනිකුත් රාජ්‍ය ආයතන සමග සමාන කර, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම වත් කල යුතුයි.

    රටේ දරුණු ඩොලර් හිඟයක්, ඒ නිසා ඉන්ධන හිඟයක්, ගෑස් හිඟයක්, විදුලි බලය ජනනය කිරීමේ නොහැකියාවක් තියනවා ඒ නිසා මේ අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරලා රජයට සහයෝගය දෙන්න කියනවා මිසක්, "නැවෙන් තෙල් බාන්න ප්‍රමාදයි", "ෂෙඩ් වල ටැංකි ඉඩ නැති නිසා බව්සර් හරවා යවනවා", "පස් වෙනිදාට පස්සේ කරන්ට් කපන්නේ නැහැ", වැනි මී හරක් කතා වලින් මහජනතාවගේ දැනුම අවතක්සේරු නොකර කටයුතු කල යුතුයි.

    අපි මොනවා කිව්වත් දැන් රට යන හැටියට නම් කියන්න වෙන්නේ, අපි තමයි සිම්බාබ්වේ වලටත් වඩා, වෙනිසියුලාවටත් වඩා "හොඳටම කලේ" කියලා තමයි.

    ReplyDelete
  5. ඇමරිකානු දෙසොහොයුරෝ
    හීනෙන්වත් ඇමරිකාව
    නොදැකපු බයියෝ තාලෙට
    රට ගෙනයති අපූරුවට

    විදෙස් විසේසක්ඥ නුවණ
    කුමටද මාතලන් අපට
    කාක් කාක් හිට් ද ප්ලේන්
    ඒකයි දැන් තියෙන අවුල

    ReplyDelete
  6. තමන් නොදන්නා බව දැන සිටින විට
    ඉගෙන ගත හැකියි ඕනෑ කෙනෙකුහට
    "අපි කෙරුමො"යි අධි මානෙන් ඉන්න විට
    ඉගෙන ගතෑකිද උපදෙස් දුන්නාට?

    ReplyDelete
  7. ගෝටාභය වගේ හිස් චරිතයක් ගේන්න වැඩ කරපු මාතලන් වගේ උන්ටත් හෙන ගහන්න ඕනි මේ කරපු දේට. උබලට ජනතාවගේ ශාපය වදිනවා ඒකාන්තයි.

    ReplyDelete
  8. මාතා මේ දවස් වල ලංකාවේ බොහෝ දුරට බහුතර ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින්. ඒක ඇත්ත. ඒ පීඩනය පිටකර ගන්න ඔවුන් ආණ්ඩුවට බනින එකත් සාධාරණයි. ආණ්ඩුව කරන්නේ ඔවුන්ගේ අදහස් අනුව හැකි උපරිමයෙන් සහ හැකි ඉක්මනින් මේ ගැටලු විසඳීමට උත්සාහ දැරීමයි. ඒ වැඩ පිළිවෙළ ගැන සහ coordination තොර බව ගැන ගොඩක් විවේචන තියෙනවා අපි හැමෝටම.

    නමුත් මොනවා කළත් තෙල් නැව් ටික හෙට අනිද්දා ඇවිල්ලා නැවත බලාගාර පණ ගන්වන කල් විදුලිය සම්පූර්ණයෙන් දෙන්න විදිහක් නැහැ. අද මාධ්‍ය සාකච්ඡාවේදී මම හිතන්නේ මේ ගැන ඇත්ත තත්ත්වය ජනතාවට කියන්න සිද්ධ වුණා. අපි කළ යුත්තේ මේ යථාර්ථය තේරුම් ගෙන එයට මුහුණ දීමයි. මේ වෙනකල් රටේ නිවාසවලින් 40% ට විදුලිය කැපුවේ නැහැ. එයට හේතුව රෝහල්, අධිකරණ, වෙළඳ කලාප සහ රජයේ කාර්යාල ඇති ප්‍රදේශවලට විදුලිය නොකපා සිටි නිසා ඒ ප්‍රදේශවල නිවාසවලටත් විදුලිය ලැබුණා. කොහොම හරි හැකි උපරිමයෙන් මේ ගැටලුව විසඳගන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. දැන් ඒ අස්සේ ජනතාව පාරට බස්සලා ප්‍රකෝපකාරී ලෙස විරෝධය දක්වන්න හදනවා සමහරු. එහෙම කරපු හැම අවස්ථාවකම හැම රටකම වුණේ සමස්ත රාජ්‍යයම කඩා වැටීමයි. 83, 88, 89 කාලවල එහෙම කරපු ඒවායේ ප්‍රතිඵල අපි තාම භුක්ති විඳිනවා. ලිබියාව, ඉරාකය, සිරියාවට වෙච්ච දේ අපට මතකයි. මිනිස්සු වියරු වැටුනම කරන්නේ මොනවාද කියා දන්නේ නැහැ. 83 එහෙම කරපු එකෙන් මුළු ලෝකයක් අදටත් අපව දකින්නේ වනචාරීන් ලෙසයි. වසංගතයෙන් බේරිලා යන්තම් ඔළුව උස්සාගෙන එන වෙලාව. අපනයන ආදායම මාසෙකට ඩොලර් බිලියනය පන්නනවා පහුගිය මාස නවය පුරාම. සංචාරකයෝ රොද බැඳගෙන එනවා. රටේ ආරක්ෂාව තියෙනවා. ඒවා ඔක්කොම විනාශ වෙනවා රටේ කලබලයක් වුණොත්. ආණ්ඩුව ගෙදර යවන්න ඕන නම් ඒකට ක්‍රමයක් තියෙනවා. නොදියුණු මිනිස්සු වගේ හැසිරිලා ඒක කරන්න බැහැ. ලෝකයක් බලාගෙන ඉන්නවා අපි දිහා. මේකෙන් ගොඩ ගිහිල්ලා ඡන්දයකින් ආණ්ඩු තෝරාගන්න පුළුවන්. එතකල් ඉවසීමෙන් වැඩ කරන්න. හොඳ ප්‍රවෘත්ති එකක්වත් නොඑවා ඔබව කුපිත කරවන ආකාරයෙන්ම ලියලා එවන අයට ඕනා තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව තමන්ගේ උපරිම ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට සහ පෞද්ගලික වෛරය පිරිමහගන්න වගේ පටු අරමුණු විතරයි. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒවායින් නොමග යන්න එපා. මේ වෙලාවේ ඉවසුවොත් ඉක්මනට රට සාමාන්‍ය තත්ත්වයට එයි. මේ වෙලාවේ විනාශයක් කරගත්තොත් අවුරුදු පනහක් විතර රට වැටෙනවා. ජීවිතේට මුහුණ දීලා අත්දැකීම් තියෙන නුවණ ඇති අය තේරුම් ගනිත්වා!

    ReplyDelete
  9. මම හිතන්නේ ඔය ලංකාව මේ දවස් වල පාලනය කරන හොර පවුල අමුතුවෙන් එලවන්න දෙයක් නෑ ඉතින් පරාජය ඉව වැටිලා තියෙන්නේ ඒ නිසා තව ටික දවසකින් එන පොට හොඳ නැහැ කියලා තේරුනොත් ලොක්කයි බැසිලයි ඇමරිකාව ට හරි කොහෙට හරි අතුරු දහන් වෙන එක මහ දෙයක් නෙවෙයි. හැබැයි ඔය කට්ටිය රටින් හොරා කාපු රුපියල් පිටරට ගිනුම් වල, මෙහෙන් හොරා ගත්ත ටිකේ පොලියත් එක්ක රාජසන්තක කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕන, ඒකයි අවුල තියෙන්නෙ.

    තව දෙයක් ලංකාවේ ආණ්ඩුව මාරු කරලා මේ තියෙන තත්ත්වය යටතේ බාර දෙන්න පුළුවන් එකෙක් වත් නෑ නේද? රටේ ආර්ථිකය නෝමල් විදියට තිබුණා නම් කට්ටිය ආමි එකට ලංකාවේ පාලනය බාර ගන්න කියන්න තිබුණා ඒත් ආමි උණත් දැන් හොඳයි නේද? රට පාලනය කිරීමට සුදුසු බව පේන එක බල්ලෙක් වත් දේශපාලන ක්ෂේත්‍රයේ වත් කෝපරේට් ක්ෂේත්‍රයේ වත් කොහේ වත් නෑ. අනෙක් පැත්තෙන් ලංකාවේ මේ දවස් වල අයාලේ යන ජනතා විරෝධය තැන තැන දේශපාලන මගපෙන්වීම් වලින් තොර ජන විරෝධයන් මතු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබෙන බවත් ඒ තරමටම ජනතාවගේ පීඩනය උත්සන්න වී ඇතත් මේවායේ ඇරඹුම සහ අවසානය පිළිබඳව වග කියන්නට කිසිවකු නැහැ. විරෝධයට එකතු වන ජනතාවගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටින්නට මේ ස්ථාන වල නායකයින් නැහැ.

    අපේ අත්දැකීම් අනුව මෑත ලෝක ඉතිහාසයේ එලෙස ඇරඹුන සටන් අවසන් වී ඇත්තෙ ඛේදවාචක වලිනි. නැති නම් රටවල් අරාජික වීමෙනි. එසේත් නැතිනම් කොහේවත් නැති එකෙකු පැමිණ මෙම සටන් හයිජැක් කිරීමෙනි. නැතහොත් අවසානයේ මිලිටරි පාලනයක් දක්වාම මේවා පැතිර යාමේ ඉඩ කඩ පවතී. එලෙස සැළසුම්සහගත නොවන ලෙස පහුගිය කාලයේ තාප්ප වල සිතුවම් ඇඳි තරැණ කණ්ඩායම් කොහේදැයි කව්රැවත් දන්නේද නැහැ. ඔවුන් කල දේ ප්‍රතිඵලයක්ද නැහැ. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් නැවත එකතු වන්නට ඔවුන් සංවිධානගත වීද නැහැ. එවන් වටා පිටාවක නැවත පරාජය වන්නේ පීඩනයට පත් ලක් ජනයාමය. එනිසා මට මෙහේ ඉඳලා කියන්න තියෙන්නේ "ඔබ දේශපාලන පක්ෂ වලට අකමැති නම් ශක්තිමත් නායකත්වයක් සහිතව සිවිල් සංවිධානයක් හෝ පිහිටුවාගෙන මෙම විරෝධතාවයන් සමග එකතු වෙන ලෙස යෝජනා කරමි." කියලා.

    මගේ එකම ඉල්ලීම මේක;

    රටේ දේශපාලන නායකයිනි, දෙවියන්ගෙ නාමයෙන් බේද පසෙකලා ජනතාව තුළින් මොදු වෙමින් තිබෙන මේ විරෝධයන්ට පොදු දේශපාලන මැදිහත් වීමක් නොකලහොත් මේ රට තවත් අගාධයට යනු ඇත. අපට නිවාඩුවට ගෙදර එන්න වත් රටක් ඉතුරු කරපල්ලා යකුනේ....

    ReplyDelete
  10. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට 1977 සිට රාජප්ක්ෂලාටත් කලින් මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කරනවා, වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතු අතරම සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙහි දී එයට නිශ්චිත නායකත්වයක් තියෙනවා. ඒ නිසාම පැමිණ සිටින පිරිස පාලනය කිරීමට නායකත්වයට හැකියාවක් තියෙනවා . නමුත් මේක කිසිම නායකත්වයකින් තොරව සංවිධානය වන නිසා බොහෝ වෙලාවට මේක ඇතුළට යම් පිරිස් රිංගවල සංවිධානාත්මකව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සාහයක් දරන්න පුළුවන්. ජවිපේ ඔය මෝඩ සීන් එකෙන් කලින්ම අයින් උනා. ඕක සන්විධානය කරන්නෙත්, කවර් කරන්නෙත් සිරස. උන් හිමීට අනුර හලලා උන්ගේ ජොකියා උස්සනවා දැන්. අවසානයේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සු විරෝධය පාලා ගෙවල්වලට ගිහින් පහුවදා ඉදන් සුපුරුදු තෙල් පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉදීවි. බඩුමිල අහසේම තියේවි. ගෝඨාභය එලවලා කවුරු බලයට ගෙනාවත් මේ තත්වය වෙනස් වෙන්නේ නෑ. මිනිස්සු ලෑස්ති වෙන්න ඕන මීටත් වඩා දුක් විදලා රටම ගොඩ දාගන්න. කැප කිරීමක් නොකර මේ තත්ත්වයෙන් මිදෙන්න බැහැ.

    ReplyDelete
  11. What's App message as received


    ///Forwarded many times;

    උද්ඝෝෂකයෝ කැළනියට යන විට නයි සාදු සිටියේ අඳනකඩය පිටිනි. මේ සා ජන ප්‍රවාහයක් අපේක්‍ෂා නොකල ඔහු බියපත් විය​. ආරක්‍ෂාවට සිටි පොලිස් භටයෝද උද්ඝෝෂකයෝ ඉදිරියේ ළමිස්සියන් මෙන් පසුබා ගියහ​. දැන් නයි සාදු උද්ඝෝෂකයෝ ඉදිරියේය​.

    " කෝ අර නයා " එක් උද්ඝෝෂකයෙක් ඔහුගෙන් ප්‍රශ්න කලේය

    " මොන නයාද ? ඔහු ගොත ගසමින් ඇසීය

    " අර විශාල ශබ්දයක් එක්ක ගඟ දෙබෑ කරගෙන ධාතු ගෙනාපු නයා " උද්ඝෝෂකයා කෙලින්ම ඇසීය​.

    නයි සාදු බිම බලා ගත්තේය. පිරිස කෑකෝ ගසන්නට විය​.

    " වරෙව් මුගෙ පුකේ තාර ගාමු " එක් උද්ඝෝෂකයෙක් කීවේය​.

    පිරිස නයි සාදුගේ සිවුර ගලවා ඔහුව නිරුවත් කොට ඔහුගේ පස්චාත් භාගයේ තාර ගෑහ​. කාරිය නිම කිරීමෙන් පසු පිරිස අභයාරාමය දෙසට ගමන් කලෝය.

    Source: http://transyl2014.blogspot.com/2022/03/blog-post_31.html//

    ReplyDelete
    Replies
    1. @ Ano 9.01


      No doubt that people have a right to peaceful protest in a democracy. It is hard to believe that what we see in above post & the incidents reported in Mirihana last night was a spontaneous protest by ordinary people.

      If you consider the Mirihana event for example, it clearly looks like a highly organized group came well prepared to cause mayhem. God knows who was really behind these protests. What will happen if these people come to power. If people take the law into their hands it will be law of the jungle and then we all will perish. We have to learn from history what Mahatma Gandhi did. He took on the almighty British empire and brought it to its knees and won by using peaceful protest. We need to follow the same path as civilized nation, not mere tribal conflicts which might lead to an economic cannibalism.

      Delete
  12. මාතේ දැන් ආණ්ඩුවට විරුද්ද උන්ට කියන්න පුලුවන් බස් එක ගිනි තිබ්බේ ආණ්ඩුව එවපු එකෙක් කියලා. ආණ්ඩුවට පක්ශ උන්ට කියන්න පුලුවන් බස් එකට ගිනි තිබ්බේ අරාබි වසන්ත කාරායෙක් කියලා.

    https://www.facebook.com/Lakvahinifans/videos/717256346316056/?t=57

    ප්‍රශ්නේ තියෙන්නේ ඔතන. රැල්ලට ඔහේ පාරේ ලගින්න ගියාම ඔතන මොකෙක් හරි කඩාකප්පල් කාරයෙක් රින්ගලා රට ගිනි තියන්න පුලුවන්. ඒක සමහර විට ආණ්ඩුවේ එකෙක් වෙන්න පුලුවන්. සමහර විට සජබේ ජවිපේ නැත්නම් උන්ට සපෝට් කරන මේ දවස්වල ආණ්ඩු බලය නැතුව හොම්බ බින ඇනිලා ඉන්න පාතාල කාරයෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් පෙරටුගාමී සමාජවාදී පක්ශේ එකෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්නම් දෙකයි පනහේ ජඩ මාධ්‍ය කාලකන්නි පිරිසක් වන සිරසේ ඉත්තෙක් වෙන්න පුලුවන්.

    ඒක නිසා මම නම් කියන්නේ දවල් කාලයේ පමනක් සාමකාමී විරෝධතා වල නිරත වෙන්න ඕනෑ. පාරවල් වහන්න හදනවනම් ගෙදර යන්න. මතක තියාගන්න මොන ජාතියෙන් හරි මේ වෙළාවෙ ජනතා අවධානය වෙනස් කරමින් ප්‍රශ්න යටගසා බලය රැකගන්න හදන වත්මන් ආණ්ඩුව වගේම අරාබි වසන්ත පිස්සුවෙන් මොළේ කචල් වෙච්චි මෝඩයින් පිරිසක් වෙන සජබෙයි අතිධාවනකාරී ජවිපෙයි වගේ පක්ෂවල අන්තවාදියෝ හැමදාම තමන්ගේ වාසියට හොදාගන්නේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න.

    ReplyDelete
  13. ආර්ථික විද්යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති හරකෙකුට මුදල් ඇමැතිකම දුන්නා. ගණකාධිපති කබ්බෙකුට මහ බැන්කු අධිපතිකම දුන්නා. පසුගිය ආණ්ඩුවල වැරදි කියනවා. විදෝලි බලාගාර හැදුවෙ නැති නිසා නොවෙයි තෙල් නැති නිසා විදුලිය කපනවා. ඇට නම ලක්ශෙවත් දැන් ඕවා විස්වාස කරාවිද, මාතලන් මහත්මයා?

    ReplyDelete
  14. ඔක්කොම එකයි බන් ලමාතන්, කියලා වැඩක් නෑ. ජරාපස්සලයි අනෙක් විරුද්ධ පක්ෂ වල ඉන්න ඊටත් වඩා කාලකන්නි මීහරක් හැත්තයි ලංකාව ලිබියාවක් කරගෙන නවතින්න යන්නේ... ගොඩ යන පාටක් නෑ උඹත් ඉක්මනට වෙන රටකට මාරු වෙයන් ඉතියෝපියාවට උනත් කමක් නෑ ඒක ඔයිට වඩා හොඳ වෙයි තව ටිකක් කල් යද්දි. සාමූහික විනාශයක් වෙනවා විතරයි වගේ පේනවා.

    ReplyDelete
  15. Gotabaya Listen. Except Mahinda, get rid of all Rajapakshes & their relations from all Government position.

    Replace the Finance Minister immediately & bring in a competent person with knowledge.

    Get rid of Gamini Lokuge & appoint a competent person immediately

    Get rid of Cabraall immediately & appoint a competent person immediately.

    That would help a lot in this kinda chaos situation, afterwards need to build up proper planning and controlling the economy first. The rest is minor impotence at the outset.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න