.

.

Mar 15, 2022

මහ බැංකුවේ ගොබ්බයෝ දන්නේ රෑට ලයිට් දාගෙන වැඩ කරන්න විතරද?



By -  Jana Charmin  

Gyorgy Faludy ට මරැ වැඩක් වුනා. ඔහුගේ කවි ඔබ බො‌හෝ‌දෙනෙකු කියවා ඇ‌ති. Faludy ගේ පො‌ත් මට මතක විදිහට Kaputas Republic හි British Council පුස්තකාලයේ තිබුනා. Faludy ගේ My happy days in hell කවි පො‌ත මට කියවන්න හම්බවුනේ ගමේ නිවසක බටපදුරක් අසල තබාතිබු කබානා ඇ‌දක් උඩ ඉදගෙන. ආ‌ර්ථික සත්වයෙකු වු මිනිස් සත්වයාගේ අත්දැකිම් ගැන කවි. 

Faludy ට වුන වැඩේ බලමු. Faludy සුප්‍රසිද්ධ හංගේරියානු කවියෙක්. එයාගේ කෘති වලට ඉහල මිලක් ලැබුනා. එයා ලියපු පො‌තක් මුද්‍රණය සදහා ප්‍රකාශකයන්ට බාරදුන්නා. 1940 වගේ වර්ෂවල ඉතා ලො‌කු මුදලක් හම්බවෙනවා පො‌තක් මුදුණය කරපුවහම. Faludy පො‌ත් ප්‍රකාශන ආ‌යතනයෙන් ලැබුන සල්ලිත් අරගෙන දුවගෙන දුවගෙන ආ‌වා මාර්කට් එකට. ඔහු ඒ‌ මුලු මුදලම අරගෙන දුවගෙනයි ආ‌වේ. අනේ ඔහු පරක්කු වැඩියි. පො‌ත ප්‍රකාශනයට බාරදිල හම්බවුනු මුලු මුදලම වියදම්කරල ඔහුට ගන්න පුලුවන්වුනේ කුකුලෙකුත්, එලවලු තෙල් බෝ‌තල් දෙකකුත්, කැරට් අල දෙකකුත් ගෝ‌වා පලුවකුත් පමණයි. Faludy  දැනගෙන හිටියා උදේට සිගරට් පැකට් එකක් ගන්න සල්ලි වලින් හැන්දැවට වැඩඇ‌රිල ගෙදර එද්දි ගන්න පුලුවන්වන් වෙන්නෙ එක සිගරට් එකක් පමණයි කියල. 

මේකට අප කියනවා උද්ධමනය.කියල. 

මඩො‌ල් දුව කියව්වා වගේ අප බො‌හෝ‌දෙනෙකු ඉතිහාසයමය රසයක් විදින්න හංගේරියාවේ මුල්‍යය උද්ධමනය ගැන  කියවලා තියෙනවා. මාස් පඩි ගෙවල  තේරැමක් නැ මො‌කද මාසෙ මුල තිබ්බ සිමෙන්ති කො‌ට්ටයක මිල වගේ දෙගුණයක් මාසෙ අගදි සිමින්ති කො‌ට්ටයක මිල. පාන් වල මිල සතිපතා ගනන් ගියා. ඒ‌ නිසා මිනිසුන්ට සතියට පඩි ගෙවන්න පටන්ගත්තා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා මො‌කද අල රාත්තලක මිල සතියක් තුල දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ‌ පාර දවස් පඩි ගෙව්වා. ඒ‌කත් තේරැමක් නැතුව ගියා. උදේට රැකියාවට යද්දි තිබු බිත්තරයක මිල නෙවේ සවසට වැඩ නිමවි ගෙදර එද්දි තියෙන්නෙ. අන්තිමට ආ‌පනශාලා වල මිල ප්‍රදර්ශනය කිරිම නවත්වල දැම්ම මො‌කද වරැවෙන් වරැවට සුප් එකක පාන් රාත්තලක මිල වැඩිවෙන්න ගත්ත නිසා. බෝ‌ඩ් එක මකලදාල හුණු කැල්ලෙන් අලුත් මිලක් සටහන් කරන්නවිම වේටර්ලාට කරදරයක් වුනා. මිල පුවරැ ප්‍රදර්ශනය කිරිම තේරැමක් නැති විහිලුවක් වුනා.

මේ තත්වයෙන් හංගේරියාව ගැලවුන හැටිත් අප දන්නවා. ආ‌ණ්ඩුවේ මෝ‌ඩ නාකි පකිස් බුරවන්ගෙන් මහබැංකුව ඇ‌ත්කරල එය නැවතත් financial institution එකක් බවට පත්කරිමයි ඔවුන් කලේ. ( මේ කතාවේත් පැති 2 ක් තියෙනවා )  . 

කාර් එකක් පාරේ එලවගෙන යද්දි අප කව්රැත් එකගවන standards තියෙනවා. ඒ‌ standards වලින් පිට ගියාම කාර් එක එලවන කාලකන්නියා හැප්පිලා බකබැවෙනවට අමතරව පාරේ ගමන් කරන අහිංකයන්ගේ ජිවිතත් ඌ‌ විනාශකරල දානවා.  Finance පිට පැන්නාම සමස්ත ජනතාවක් විනාශවෙලා යනවා. එනිසා හංගේරියාව  චන්දෙන් පත්වෙලා එන පකිස් බුරැවන්ව ආ‌ර්ථික අමාත්‍යංශය වගේ තැන් පාලනය කිරිමට නො‌දා ඉන්නත් විෂය පලපුරැද්ද ඇ‌ති මිනිසුන්ව ඉට යෙදවිමටත් තිරණයකලා. 

අද ඔබ ගෙවන ජිවිතය කාලක්නි වුයේත් හෙට උදාවන දවස මිට වඩා කාලකන්නි වෙන්නෙත් ඔබ ජිවත්වන ආ‌ර්ථිකය පො‌ල් ගො‌බ්බ නාකින් විසින් පාලනය කරන්න ගිහින් standard track එකෙන් පිටපැනල කෙහෙල් කො‌ටු මැද්දෙන් කාර් එක එලවගෙන ගියා වගේ ගො‌ං මෝ‌ඩ අමන  වැඩ එකදිගටම කරපු නිසයි. ඔබ බො‌හෝ‌දෙනෙකු ඒ‌ වැඩ වලට අත්පුඩි ගැසුවාද වියහැකයි. කිරිබත් කැවා විය හැකිය්. Kaputas Republic හි උද්ධමනය 11.4 ට තියෙද්දි බියගම ෆැක්ටරියක් ඇ‌තුලෙ කො‌ල අච්චුගහල රැපියල් නෝ‌ට්ටු ලෙස නම් කරල එලියට දාගෙන දාගෙන යද්දි ඔබට මො‌කද හිතුනෙ? Monetary policy වල සදහන්  standard පො‌ලි අනුපාතය 6.5 ට තියාගෙන දහයියා උඩදානවා වගේ සල්ලි අච්චුගහද්දි ඔබට මො‌කද හිතුනෙ ?

ඔබට කුමක් හෝ‌ හිතෙන්න ඔනනෙ ඔබත් Kaputas Republic රටේ ජිවත්වන ආ‌ර්ථික ජිවියෙක්නෙ.

අනේ මන්දා මචං ඒ‌වා ගැන නම් දන්නෙ නැ.

ඔක තමයි මට ලැබුනු උත්තරය. එතකො‌ට මම මෙහෙම අහනවා.

මෙයසු ගැන Zoom සංවාද කලානේ. මෙයසුගේ කිරිජ්ජපල්ලෙ මයිල් ගස් කියක් තියෙනවද?

Finance කියන්නෙ හැමදේකටම වගේම technique එකක් (  ශිල්පඥාණයක් ) අවශ්‍යය මානව විශයක්. මුල්‍යය පාලකයෙකු සතුවිය යුතු ගතිලක්ෂණ ගැන කෟටිල්‍යය  අර්ථශ්‍රස්ත්‍රය තුල යම් ඉගිකර තිබෙනවා. මනුසංහිතාවේ කියවෙනවා කරන වෘත්තියට අනුකුලව  ගතයුතු ආ‌හාර වර්ග ගැනත්. රාජ්‍යය නායකයෙකු සතුව දාර්ශනික මනසක් සහ මුල්‍යය ශිලුපඥාණයක්  තිබියයුතු බවට බො‌හෝ‌ ඉතිහාසමය කතා සාක්ෂිදරනවා

වසර 4000 කට පෙර තිබුනු බැබිලෝ‌නියාවේ ජිවත්වු මිනිසුන් ලක්ෂ 2 ක් පමණ පාලනය කල පාලනය කල Finance මුලධර්ම ලියල කො‌ටල තියෙනවා. ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විශාල වු ග්‍රීක රාජ්‍යයහි මුල්‍යය පාලනයට බලපැ යම් යම් මුලධර්ම Plato ගෙ Republic කෘතිය තුල අප දකිනවා.  Kaputas Republic රටේ දෙඩුම්ශිල්පි රිලව් ගැහැණුන්ව යාලුකරගන්න ගැහැණූන්ට අහෙන්නට  දො‌ඩවන  Psychoanalysis බලරටා දේශපාලනය තුල වු මුලික ගාමක බලය ලෙස මා කිසිදාක පිලිගත්තේ නැහැ ( මා වැරදි වියහැකියි ) . 

මගෙ පුද්ගලික අදහස Neolithic පරිවර්තනය යනු මුල්‍යමය ප්‍රපංචයක් බවයි. ( මෙතනත් මා වැරදිවිය හැකියි ). මුල්‍යය දේශපාලනයේ ගාමක බලය බය මගේ පිලිගැනිමයි.

මේක ලියන මට කො‌ණ්ඩේ  කපන්න බැ ඒ‌කට බාබර් කෙනෙකු ඔනා.  Boeing 747 ගුවන්යානයක Block Point 4.0 වගේ softwear එකක් coding කරන්න මට බැ ඒ‌කට software engineer කෙනෙකු ඔනා. මට බුලත් කො‌ල නියමිත කමයට අනුව වට්ටියකට  අඩුක්කරන්න බැ. ඒ‌කට බුලත් වෙලෙන්දෙකු ඔනා. මට කාර් එකක  engine trouble එකක් හදන්න බැ ඒ‌කට mechanic කෙනෙකු ඔනා. Finance කියන්නෙත් ඒ‌ වගේම ශිල්පඥාණයක් අවශ්‍යය මානව විෂයක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා අපි කාර් එන්ජින් එක ගැන නො‌දන්නවා වුනත් බාසා එන්නෙ උදැල්ක් අරගෙනනම් මේකා  එන්නෙ කාර් එක හදන්න නෙවෙයි ගම කන්න කියල අප කාටත් තේරෙනවා. ඒ‌කට ශිල්පඥාණයක් අවශ්‍යය නැහැ. ඒ‌ අවබෝ‌ධය එන්නෙ අපගේ ඉතිහාසමය අත්දැකිම් නිසා. අනුභුතිය .

ඒ‌ අනුභුතියට අනුව -

ජනාධිපති Eisenhower සල්ලි අචුචුගහල ඇ‌මෙරිකාවේ highway system එක හදන්න පටන්ගත්තා. ( Eisenhower කරපු කතාවන් වලට ඔබට අන්තර්ජාලයෙන් සවන්දිය හැකියි ). ඇ‌මරිකාව highway හදන්න ගිහින් ණය වුනාද ? නැහැ. අහස්කුරක් උඩට යනවා වගේ වේගයෙන් එරටේ GDP එක වැඩිවුනා. මිනිස්සු පාරවල් හදන්න වැඩට ගියා. සල්ලි අච්චුගහල ඒ‌ අයට හො‌ද පඩි ගෙව්වා. හො‌ද පඩි ගන්න මිනිස්සු හො‌දට කාලාබිලා අයිස්ක්‍රිම් කැවා. ඔය කාලයේ තමයි අපි billboard music සගරා තුල ඔබ දුටු අයිස්ක්‍රිම් billboard දැන්විම් එරටේ පාර දෙපස ඇ‌තිවන්නේ. හො‌දට කනබො‌න මිනිසුන්ට කන්න දෙන්න වැඩිපුර වවන්න සිදුවුනා. ඒ‌ක කෘෂිකාර්මික නැගිමක්. ඒ‌ සදහා කාර් ට්‍රැක්ටර් සහ ට්‍රක් රථ නිපදවන්න සිදුවුනා. රැකියා පහලවුනා. සමස්ථ ආ‌ර්ථිකයම ඉහල ගියා. රෝ‌ලස් පැටිස් වඩේ කකා picnic යන්න highway පෙන්වලා මිනිසුන්ව අන්දවලා චන්ද ගන්න highway හදන්න ගිහින් ලංකාව කෙලෝ‌ගත්තා. නමුත් කෙලෝ‌ගත්ත හේතුව? ඇ‌මරිකාව දෙවන ලෝ‌ක යුද්ධයෙන් පසු ගෙදර ආ‌පු සො‌ල්දාදුවන්ව සහ සෙසු තරැණයන්ව දම්මවලා highway හදල ශිඝ්‍ර ශස්‍රිකත්වක් කරාගො‌ස් අනවශ්‍යය ආ‌ර්ථික අවුල් වල්න් ගො‌ඩ ඇ‌විත් මිනිසුන්ට නරඹන්න Hollywood චිත්‍රපටි හදන්න ගත්තා. Kaputas Republic හි අශෝ‌ක හදගමගේ චිත්‍රපටයක් හදල ඒ‌ක ගිහින් බලන්න කිය කිය දෙඩුම්ශිල්පි රිලව් මේක ඇ‌තුලෙ අඩල වැලලෙනවා. ඇ‌මරිකාවේ highway නිස එහෙම වෙන්නත් Kaputas Republic හි මෙහෙම වෙන්නත් හේතුව මො‌කක්ද? හරි අපි ගො‌බ්බ දේශපාලකයා කියන සාධකය අතඇ‌රල දාමුකෝ‌. 

ඒ‌ත් technically කුමක් නිසාද කෙලවුනේ ?

පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල


පසුගිය දශක දෙක තුල මම Kaputas Republic දෙස පිටින් ඉදන් බලාහිදිමි. ඒ‌ කාලයේ මා ගිය දහම්පාසැලේ සමිතියේ භාන්ඩාගාරික සිතාරා අක්කා අයවැය වාර්තාව ඉදිරිපත් කලා Kaputas Republic හි පාර්ලිමෙන්තුවේ අයවැය ඉදිරිපත් කරනවාට වඩා හො‌දට. ඒ‌ කියන්නේ future forecast එකක් ඇ‌තුව. දහම්පාසැලේ පෙබරවාරි මාසයේ අයවැය ඉදිරිපත් කරද්දි මැයි මාසයේ ගහන කැරකෙන කුඩුව ගැන prospect  ඉදිරිපත් කලා ඇ‌ය. මම දහම්පාසැල් සමිතියේ සභාපති. අක්කා කියන දේ මම අහගෙන ඉන්නවා ඉට පස්සේ ඒ‌කට අනුව මුදල් හො‌යන්න මිනිස්සු හො‌යන්න මම යහලුවන් සමග වැඩකරනවා. දවසක් මෙන්න බො‌ලේ යෝ‌ජනාවක් දානවා සමිතියට දහම්පාසැලේ සියලුම ලමුන්ට සහ ගුරැවරැන්ට නිල ඇ‌දුම් කට්ටලයක් සහ නිල ලාංචනයක් නො‌මිලේ ලබාදෙන්න. ඒ‌  කාලේ හැටියට මේක පාසැල් ලමුන් ඉන්න දහම්පාසැල් සමිතියකට කරන්න බැරි වැඩක්. මා දන්නා තරමින් අප ප්‍රදේශයේ කිසිම දහම්පාසැල්  එහෙම වැඩක් කරල තිබ්බේ නැහැ. විශාල මුදලක් ඒ‌ක. නමුත් අපි ඒ‌කත් හිතුවටත් වඩා quality ඇ‌දුම් වලින්ම කලා. future forecast එක අයවැයෙන් කියනවා. ඒ‌ක ඒ‌ විදිහට සිදුවෙනවා. දැන් මම ඔබෙන් අහන්නෙ Kaputas Republic හි අයවැයේ කිව්වද බෙහෙත් වල මිල වැඩිවෙලා බෙහෙත් ජාති ගන්න බැරැව ඔබට මැරෙන්න වෙයි කියල? 

හරි අපි පාර්ලිමෙන්තු ගො‌බ්බයො‌ කියල අතඇ‌රල දාමුකො‌. 

ඒ‌ත් මහබැංකුව ?

මහබැංකුවක්  තියෙන්නෙ රැ තිස්සෙ ලයිට් දාගෙන වැඩකරන්නද? මො‌න ගො‌ං සංදර්ශනද මේවා? උදේට කන්න කඩෙඅප්පන් හැදුවද මහරැජාමේ ලයිට් දාගෙන? ඉන්දියාව මහබැංකුව බලන්නකො‌  Monetary politicy එකට අනුව future forecast කරන විදිහ. හො‌ර පාරෙන් ඩො‌ලර් එවන්න, ඩො‌ලරයේ අගයට කඤ්ඤ ගහල තියාගන්න, රැපියල පා නො‌කර සරමෙ අස්සෙ ගසාගන්න....ඔයවගේ ගො‌ං කතා නො‌කිය ඉන්දියාවේ  මහබැංකු අධිපති Shri Shaktikanta Das කිව්වා policy rate එක 6.5 තියාගෙන යනවා ඉලග කාර්තුව වෙනකම් කියල. එතකො‌ට මිනිස්සු දන්නවා ඒ‌කට අනුව adjust වෙන්න. කො‌ටින්ම මහබැංකුවකට තියෙන්නෙ Monetary policy එකේ තියෙන coefficient factor එක දිහා ඇ‌හගහන් ඉදල ඉට අනුව පො‌ලි අනුපාත තිරණය කරන එකනෙ. මහරැ ලයිට් දාගෙන වෙන මගුලක් කො‌රන්නද ඔක ඇ‌තුලෙ?

පසුගිය දශක 2 තුල එය සිදුවුනාද?  

සිතන්න ඔබ. ඔබ මේ සිතිම දැන් කල යුතුමයි.

ලෝ‌කයේ මහබැංකු අධිපති වරැන් අමතා 2007 දි Irma Rosenberg කල කතාවේදි ඇ‌ය පැහැදිලිවම පවසනවා මහබැංකුවක් monetary policy පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නේ රට සශ්‍රිකත්වයේ ඉලක්ක කරා ධාවනය කරිහමට බව. ඇ‌ය steer යන වචනය ( steering wheel / සුක්කානම ) භාවිතා කරනවා. පාරෙන් පැනල කෙහෙල් කො‌ටුවලින් එලවගෙන යන්න නෙමෙයි මහබංකු පො‌ලි අනුපාත ප්‍රසිද්ධ කරන්නෙ.

future forcast එකක් ලෙසයි පො‌ලි අනුපාත ප්‍රකාශ කරන්නේ. ලබාගතයතු දේවල් ලබාගන්න. දහම්පාසැලේ ලමුන්ට නිළ ඇ‌දුම් ලබාදුන්නා වගේ.



මම අද call කලා ගමේ කිපදෙනෙකුට. එදා ලමුන් ලෙස එකට එක්ව නිළ ඇ‌දුම් ඇ‌දපු අයගේ රෙදි අද ගැලවිලා ගිහින්. පව් ! 


දේශපාලන පල් ගො‌බ්බයින් මේ අහිංසක ජිවිත ගැන වගකිව යුතුමයි.

12 comments:

  1. මාතලන්,

    ඇමරිකානු රජය එහි ඒකීය පුද්ගලයන්ගෙන් කොල්ලකාගන්නා ලද මුදල්, යුක්‍රේන ජාතිවාදීන්ට ලබාදීමට එාරහිව එහි ලිබටේරියානු විරෝධතාවයට ඔබත් හවුල් වන්න.

    ReplyDelete
  2. ඇයි මේ විමතියකි සේරම පැටලිලද
    අඩ නින්දෙන් නැඟිට්ටද, මට මඤ්ඤංද
    චුට්ටං මොළෙන් කොහෙ තේරුම් ගන්නටද
    නැහැ මට දැනෙන්නේ තෝරල දෙනවාද

    ReplyDelete
  3. මාතා ජනාධිපති බදාදා ජාතිය අමතා කළ කතාව අනුව දැනට ආණ්ඩුවේ අදහස් මේවා නේද?

    ��මා ජනතාවගේ අසීරුතා හොදින් හදුනන කෙනෙක්

    ��මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි

    ��ප්‍රශ්නය කලින්ම දැකපු නිසා තමයි දෙවසරකට පෙර වාහන ආනයනය සීමා කලේ..

    මෙහි වඩාත් භයානක කරුණ තමයි මේක:

    //I have decided to continue to work in cooperation with the IMF, says President Gotabaya Rajapaksa in his address to the nation.//

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා තීරණය කළ බව ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් පවසනු ලැබූවා.

    මේක එච්චර ලේසි පහසු කටයුත්තක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට අවශ්‍ය කොන්දේසි වලට අනුව පැහැදිලි වශයෙන් තිත්ත බෙහෙත් දීලා මිනිස්සුන්ට ලොකු කට්ටක් කන්න වෙනවා.

    මේ ගැන ලංකාවේ සමාජ ජාල වල විශාල වශයෙන් සාකච්ඡා කරල තිබුනෙ ඒ අනුව ලංකාවේ ෆේස්බුකියේ බොහෝ දෙනෙක් කියලා තිබුණ විදියට ලංකාවේ මද්‍යම පංතිය විනාශ කරන අය ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වල කොයි පැත්තෙත් ඉන්නවා.

    සජිත් ප්‍රේමදාස කියන්නේ උග්‍ර සුබසාධන අරමුණින් යුතුව මහජන මුදල් විශාල වශයෙන් පිනට බෙදා දීමට ලැදි දිළිඳු ජනයාගේ හිත් දිනාගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සඳහා දඟලන පටු අරමුණු ඇති තකතීරු මන්ද මානසික පුද්ගලයකු බවත් ඒ නිසා සජබ ගත්තත් එජාපයේ යහපාලන රජය සමයේ පැවති පාලන තන්ත්‍රය ගත්තත් වර්තමානයේ පවතින අන්ත දූෂිත පවුල් පාලනයක් වන පොහොට්ටු පක්ෂය ගත්තත් විනශ කරන්නෙ ලංකාවේ කොඳු නාරටිය බදු ඉතාමත්ම වැදගත් රටේ ආර්ථිකය දියුණුවට මහත් සේ දායක වන වටිනාම කණ්ඩායම වන මද්‍යම පංතියයි. ඒ නිසා ලංකාවේ ආර්ථිකය ගොඩයන්නෙ මද්‍යම පංතිය ගොඩයන පක්ෂයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ඒ වගේ පිරිසක් බලයට ආවොත් විතරයි.

    ඒ නිසා දැනට ලංකාවේ මධ්‍යම පන්තියේ බහුතරය වන, විශේෂයෙන් මිලියන දෙකක් පමණ වන රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන්, පෞද්ගලික අංශයේ සේවා සපයන ආයතන මූල්‍ය සේවා, බැංකු රක්ෂණ සමාගම් ලීසින් සමාගම්, අලෙවි කරන සමාගම්, නියෝජිතායතන, සුපර් මාකට් සහ වෙනත් අලෙවි සමාගම්, වාහන ගෙන්වන සේල් සමාගම්, පොහොර සහ කෘෂි රසායන බෙදා හරින සමාගම්, වෙනත් විවිධ ආකාරයෙන් සේවා සපයන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිවල සාමාජිකයන් අති බහුතරය මේ දවස්වල තම ආයතන වලට ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය සමගින් මේ නිසා ඉන්නේ දැඩි කෝපයෙන් සහ කලකිරීමක් සහිතවයි. මේ නිසා ලංකාවේ සමාජ ජාල වල කියන දේවල් අනුව ලංකාවේ මධ්‍යම පන්තිය බේරාගැනීම සඳහා අවශ්‍ය එකම විසඳුම ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ ප්‍රධානත්වයෙන් පත්විය යුතු ජනතාවාදී දේශපාලන කණ්ඩායමක් පමණක් බවයි ලංකාවේ මේ දවස් වල තියෙන වඩාත් සාධනීය හැදෑරීමක් සහිත මතය. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    ReplyDelete
  4. ලංකාවේ දැනට පවතින විශාල ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා ජනාධිපති පත් කළ විද්වත් කමිටුවේ පළමු යෝජනාව.

    ***ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ යුතුය.***

    එමගින්

    * වසරකට විදෙස් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරටින් ඇදී යන ඩොලර් මිලියන ගණනක මුදල රට තුලම ඉතුරු වේ.

    * විදෙස් රටවල සිසුන්ට මෙරට පැමිණ ඉගෙනීමට ඉඩ දීමෙන් රටට ඩොලර් උපයා ගත හැක.

    * ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ අධ්‍යාපනය විකිණීමයි. භෞතික සම්පත් අවම ශ්‍රී ලංකාවට මේ ආර්ථික මොඩලය ඉතා හොඳින් ගැලපේ.

    කොටින්ම මේ කියන්නේ ලංකාවෙ ආණ්ඩුව මැදිහත් වීමෙන් අධ්‍යාපනය විකුණනව කියන එකනේ? නැතුව වෙන මොකක්ද?

    //ලංකාවේ පසුගිය සමයේ ඩොලර් හිඟයක් ඇතැයි කියා, පෙට්‍රල් පෝලිං, විදුලි කප්පාදු විවේචනය කළ වෛද්‍යවරු, ඇතැම් දේශපාලන පක්ෂ මේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසඳැයි බලමු.

    ඔවුන් මේවාට විරුද්ධ වී, අනෙක් අතට රටේ ඩොලර් හිඟයට පාලකයන් විවේචනය කරනවා නම් රට ගොඩ නැගීමට ඉඩ නොදෙන කඩාකප්පල්කාරීන්, අර්බුධයේ සැබෑ පියවරු ගැන ජනතාව දැනුවත් වීම// බව ආණ්ඩුවේ හෙංචයියන් දරන මතය. උන් කියන විදිහට මාලදිවයින අසල්වැසි ඉන්දියාවේ පකිස්ථානය සහ බංගලාදේශය තව ආසියාවේ කාම්බෝජයේ මියන්මාර් සහ නැගෙනහිර අප්‍රිකා රටවල් ගොඩක් වල ඉන්න ළමයි ලක්ෂ ගණනක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි ලු ලෝකයේ විශාලතම පිළිගත් හොඳ බ්රෑන්ඩඩ් පිටරට කැම්පස් අඩංගු යුනිවසිටි සහිත එඩියුකේෂන් සිටි එකක් හැදුවම අර ඔරැකල් ඩේට බේස් පාට් ටූ. දැනටමත් ආණ්ඩුව හොරණට ආසන්න ප්‍රදේශයක NSBM, SLIIT, KDU වගේ රජයේ මැදිහත්වීමකට අනුව ක්‍රියාත්මක වන පුද්ගලික මුදලට උපාධි විකුණන කැම්පස් කීපයක්ම පටන් අරන් හදාගෙන යනවා කියලා ලංකාවේ ඉන්න මගේ යාලුවෙක් කියුවේ, යුනි පහක් විතර හදනවා වගේ කතාවක්..

    ඒත් මම බැලුව මේක විතරයි අඩුව තිබ්බේ, ඇත්තටම මොනා කරන්න ගියත් මුනුත් රනිල් සහ මංගල ඇතුළු පිරිස වගේම තමයි නිදහස් අද්‍යාපනයට කෙලවන්න මොකක් හරි චාන්ස් එකක් තියෙනවානම් අපේ ගොයියෝ ඉස් මුදුනින් පිලි ගන්නේ.. මෙච්චර ඩොලර් ප්‍රශ්නයක් ආවේ අන්තිමට ලංකාවේ තියෙන නිදහස් අද්‍යාපනය හින්දා ද එතකොට?

    ReplyDelete
  5. මාත මචන්, අර මොංගල් බූරු පුතාණෝ කියන ගස් බල්ලාගේ මීහරක් හැත්ත ගෙනල්ලා කොළඹ නටපු ජවුසමට පහුගිය කාලේ කෝටි ප්‍රකෝටි ගනන් හොරා කාල කාල සල්ලි මිටි ගනන් ගොඩගසාගෙන ඇති කම්බා හොරෙක් වන රාජිත සේනාරත්න කියන අමු කාලකන්නි වේසිගේ පුතා ගේ අවජාතක පොන්න පැටියා වන චතුර සේනාරත්න කියන කාලකන්නි බල්ලාත් ඇවිත් ගොන් ආතල් දීල තියෙනවා නේද? මතකද ඌ විජය කුමාරතුංග එක්ක උත්ගෝෂණ කල අයෙක් වයස අවුරුදු 3දී කියලා වඳුරු කුණුහබ්බ දෙඩූ හැටි?

    පේනව නේද මොන ජරා වැඩේ කලත් UNP �� එක රකින්න සුපිරි අමු මැටි මීහරක් ටෙලිපෝන් fan club එකක් ඉන්නව. මහ මොංගල් මීහරක් වහල්ලු ගූ හැත්තෑවක්.

    ඔය වගේම තමයි අනෙක් පැත්තෙන්, දැන් ගුල් වල හැන්ගිල හිටියට මේ වගේම සුපිරි වහල් සෙට් එකක් ඉන්නව රාජපක්ෂ කම්බා හොර පවුලේ හැත්ත ලගත්. අමුම අමු වහල් මීහරක් හැත්තක් වෙච්ච ඕකුන් ගලේ ගැහුවත් කබුරන්නෙ තමන්ගෙ ස්වාමියාට විතරයි. මුන් චන්දෙ කාලෙට උන්ගෙ මහ එකාලගෙ කැන්වසින් ගිහිල්ල, පෝස්ටර් ගහල එක එකා පස්සෙ ගිහිල්ල රෙදි නැතුව අමු හෙළුවෙන් කඩේ ගිහින් උන් චන්දෙන් පත් උනාම ලාබ ප්‍රයෝජන ගන්න බලන් ඉන්න සෙට් එකක් ��. ඕකුන් තමයි දේශපාලන පත්වීම් කියල රජයෙ ආයතන වලට එන්නෙ. ඇවිල්ල ඒව කන්නෙ ��. මේ වගේ system එකක් ඇතුලෙ ඔයවගේ fan club එකක් නැති ජාතික ජන බලවේගය �� වගේ පක්ශයක් ඉතින් ඉදිරියට එනව කියන්නෙ ඒකට ඔය එක එකා පස්සෙ යන්නෙ නැතුව topjobs වගේ තැන් වලින් ගේමක් ගහල �� තමන්ගෙ job එක හොයාගත්ත අපි උබල වගේ එවුන්ගෙ සහයෝගය අනිවාර්යයෙන්ම උන්ට තියඑන්න ඕන ❤️. එහෙම නැතුවනම් මේ අවු 70 ක පාට දෙකේ සාපෙන් අපිට මේ කපේදි නම් ගොඩඑන්න වෙන්නෙ නෑ බන් ����.

    ReplyDelete
    Replies
    1. වතුර කෙබර රත්නයා ඇවිදින මළකඳක් වගේ කලු ඇඳගෙන, කොමන් සෙන්ස්වත් නැති අමු මැටි මී හරකෙක්... ඊට හපන් පිනට කසිප්පු බීපු අර ජීවන ප්‍රනාන්දු වගේ ගෝතයෝ හැත්ත, මහ මී ගොනෙක් වාහනේ නැගල සැපට යනකොට මී ගොන් පැට්ටූ කණ සාක්කුවේ දමාගෙන අවසිහියෙන් වැටි වැටී උගේ පදේට කඹුරමින් වාහනේ වටේ පයින් යනවා... නොදකින් ගොන් හැත්ත මුන් දෙගොල්ලොම එක හා සමාන මට්ටමේ කාලකන්නි හැත්තක්...

      Delete
  6. රතු කට්ටිය හිතන් ඉන්නේ ඒ අය තමයි ඔක්කොම දන්නා, ඔක්කොම කරන්න පුළුවන් කෙරුමෝ කියලා. වැරැදි, අඩුපාඩු, හොර මැරකම් හොයනා එකට ස්තූතියි. ඒත්, සද්දෙට කතා කළාට, මස්කඩේ වගේ ලේ පාට ඇන්දාට, ස්ට්‍රයික් පිකටින් කරාට, කෙරෙව්වාට, වෘත්තිය සමිති දාගෙන ඉල්ලීම් පමණක් ඉල්ලුවාට, විශ්ව විද්‍යාලවල සිසුන් අන්තවාදී වැඩවලට යොදවාගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවුල් කරනවා වැනි දේ කළාට අත්දැකීම් නොමැති ඝෝෂාකාරීන් කෙසේ ආණ්ඩු කරාවිද කියා සැකයි. ඔය කියනා විදිහට කරන්න බැහැ නේද කියලා ජනතාව සිහි බුද්ධියෙන් විමසා බලන්න. රටට විකල්පයක් අවශ්‍යයි. ඒත්, විකල්පය රතු ආණ්ඩු නොවේ. ලොව රතු ආණ්ඩු සේරම බිඳ වැටුණා... යන්තම් ඉතුරු වෙලා තියෙන උතුරු කොරියාව සහ කියුබා වගේ රටවල් ගැන කියලා වැඩක් නැහැ ලංකාවේ තත්ත්වය ඊට වඩා සෑහෙන්න හොඳයි

    ReplyDelete
  7. අර උද්ඝෝෂණයේ සජිත් ප්‍රේමදාස හැසිරෙන විදිය දැක්කම නම් එපා වෙනවා බන් මාතේ සජිත් පළාත් සභා මන්ත්‍රීකමටවත් සුදුසු නැති පුද්ගලයෙක්... මම හිතන්නේ SF වගේ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ බුද්ධිමත් කෙනෙක් සජබේ නායකයා වුණා නම් ලංකාවේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවක් තබාගනීවි. ඔහු ආවොත් රටේ නීතියක්, විනයක් ඇතිවෙන්න, ඒ වගේම ජනතා මුදල් හොරාකාපු හොරුන්ට දැඩි දඬුවම් ලැබෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් හැබැයි සජිත් වගේ කෙනෙක් නිසා පක්ෂය නිකන් හෑල්ලු වෙනවා විතරයි, ඒනිසා අපි සජිත් ප්‍රේමදාසට කියන්නේ කරුණාකර සජබේ නායකත්වය SFට බාරදෙන්න කියලා තමයි.

    ReplyDelete
  8. ජනාධිපතිවරයා නැවත වතාවක් ජාතිය අමතමින් යලිත් මෙසේ කියනු ඇත.

    "පහුගිය දශක 7ක දේශපාලනයෙන් පිඩා විදිමින් මාරුවෙන් මාරුවට නැවත නැවත බලයේ සිටින්න පිරිසටම බලය හෝ විපක්ෂයේ සිටන පිරිසට බලය ලබා දුනහොත් රටේ ජනතව බලා පොරොත්තුවේ සැබෑ වෙනස ඉටුවන්නේ නැත."

    ඒ වගේම බන් මාතෝ අපට ලැබුණු ආරංචි වල හැටියට සජ්ජාගේ වහල් රැල ෆෝම් කරලා මේ උද්ඝෝෂණ හසුරුවන්නේ රාජපක්ෂලාම තමයි. මොකද රාජපක්ෂලාට මේ මොහොතේ තියෙන ලොකුම තර්ජනය ජේවීපී, ජාතික ජන බලවේගයයි. ඒ නිසා මේ මොහොතේ රාජපක්ෂලාම නිර්මාණය කරපු විපක්ෂය තමයි සජබ, යූඑන්පී, විමල් වීරවංස, ගම්මන්පිල, වාසුදේව වැන්නන්... ජනතාව රැවටෙන්නෙ නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න ජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි මේ දවස් වල තියෙන සමාජ ආර්ථික දේශපාලනික වටපිටාව එක්ක.

    ReplyDelete
  9. පවතින ආර්ථික අභියෝග ගැන දත්ත බැලුවට වැඩක් නෑ මාතලන් තමන්ගෙම ආණ්ඩුව හැසිරෙන විදිය ගැන දත්ත බලන්නෙ නැත්නම්. පළවෙනි කොරෝනා රැල්ල වෙලාවෙ නොකා නොබී හරි ඕනම දෙයක් කැපකරන්න ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත් උන මිනිස්සු මේ පීඩනයට පත් උනේ කොහොමද අර්භූදයක් හැදුනෙ කොහෙද කියල දත්ත එතුමට සොයා දෙන්න.. එතන තියෙන ගෝලීය අර්ථික ගැටලු ගැන මිනිස්සු දැනුවත්.. ඒ උනත් ඒ අතරෙම වෙන කොමිස් ගැහිලි, ලොකු පුටුවල් උන් ගෙ black market කෙරුවාවල් ගැනත් මිනිස්සුන්ට දැන් දැනෙනව.. එතනයි මේ විරෝදය. අනික් සියලු දෙනා අත් ඇරල එතුමව ගෙනාවෙ මේ නරි රැලෙන් රට බේර ගන්න.. ඒත් ඒ විශ්වාසය කැඩුවෙ එතුමා.. නරින්ට ඕන විදියට රට කරන්න දීලා දැන් එතුමාටත් උන්හිටි තැන් නැති වෙන ගානට ගිහින්. කොන්ද පණ තියෙන නායකයෙක් නම් මේ වෙලාවෙ ඔය ඉහල පුටුවල ඉන්න අය, මැති ඇමතිලටත් කියන්න කැප කරන්න. එන්න කියන්න එයාලටත් අපිඑක්ක පෝලිම් වලට. පාර්ලිමේන්තු පොලීසිය යවල මිනිස්සුන්ට තියෙන ගෑස් ටැන්කි හොරකන් කොරෝගන්න නෙමෙයි.. පාර්ලිමේන්තුවෙ තියෙන සම්පත් ගෙනල්ල අහින්සක ජනතාවට සහන දෙන්න තමන්ගෙ නඩේ මෙහෙයවන්න උපදෙස් දෙන්න.. මිනිස්සු තෙල් පෝලිමේ දුක් විදිද්දි මැති ඇමතිලටත් ඒ පෝලිමේම ඇවිත් තෙල් ගහගන්න කියන්න.. අන්න එතකොට අර්භූය තේරිල විසදුම් හොයාවි. අපේ සල්ලි වලින් නිකන් තෙල් ගහන්න දෙන කෝට එක කපන්න උපදෙස් දෙන්න.. මෙතන අර්භූදයක් තියෙන බව පිලිගන්නව නම්. මිනිස්සු විදිනදුක ලොකු පුටු විදින දාට උන් ඉබේම මේ අර්භූදය විසදාවි. ඒකට උපදෙස් දෙන්න එරන්ද.. ඔබට ඒ පිනම ඇති වේවි. මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට සන්වේදි කියල වැඩක් නෑ මිනිස්සු ලව්ව කැපකිරීම වෙනුවට මිනිස්සු එක්ක කැපකරන්න සිස්ටම් එකක් හදන්න. තාමත් පරක්කු නෑ . අපිටත් සෑහෙන වේදනයි අපි චන්දෙ ගහල පත් කරපු නායකයෙක් මේ තරම් කිච වෙනව දකිද්දි.. තනියෙන් උනත් සිස්ටම් හදන්න එතුමට හයිය තියෙනව කියල අපි විශ්වාස කලා.. උපදෙස් දෙන්න ඒ සිස්ටම් එක හදන්න.. මේ පෙන්වන මග ලොකු පුටුවලටත් පෙන්නන්න ඔබට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  10. ස'ර්ව අප්‍රසාදයට පත් කරන වැඩක්ද මේ?
    https://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න