.

.

Aug 15, 2022

විදෙස් ප්‍රේෂණ අඩු වෙන්නේ ඇයි?

විදෙස් ප්‍රේෂණ අඩු වෙන්නේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖


ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාෂයට පත්කල බක පන්ඩිත ආර්ථික උස්තාද්ලා දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලුන් වාගේය. එයාලා හිතුවේ අපි හිඟන්නෝ කියා ප්‍රසිද්ධියේ කිව්වම හැමෝටම අනුකම්පා හිතිලා පොලිමේ ඇවිල්ලා ආධාර කරයි කියලාය. 


නමුත් ඒකෙන් උනේ වැඩි පොලියට හරි අතමාරුවක්වත් කරගන්න හිටපු එකාත් නැති වෙච්චි එකය. එක එක රටවල සහන ණය යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රම ටිකත් නැති වීමය. 


දැන් මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතිලාය. ගුවන් තොටුපල පුළුල් කිරීමේ සංවර්ධන ක්‍රියාදාමයත් නවතා දමලාය. මේවායෙන් සෘජූ හා වක්‍ර ආදායමක් ලැබූ සියල්ලන්ටම නන්දලාල් වීරසිංහගේ පිහිටය. හර්ෂ ද සිල්වාගේ පිහිටය, සිරසේ විජේවර්ධනගේ පිහිටය, ඇඩ්වකාටාගේ පිහිටය.


ඒ අස්සේ නන්දලාල් මහත්තයා තවත් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ රාශියක් ගෙන එන එකට අංචිය ඇදලාය. එයා භාවිත නොකරන භාන්ඩ සියල්ල අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ වන්නේය. ඒ වැඩෙන් කටුනායක ගුවන් තොටුපලේ ඩියුටි ෆ්‍රී ෂොප් ඔක්කෝම වැහිලා යන සයිස් එකක් ඇවිල්ලාය. 


මේ පිස්සු වාහෙලා හිතන්නේ ලංකාවට කෙලවෙලා තියෙන්නේ අධි පරිභෝජනය නිසා කියලාය. මෙයාලා මේ අධිපරිභෝජනවාදය කියන්නේ මිනිස්සු ස්කූටියක් ගන්නා එකය. මෝටර්  සයිකලයක් ගන්නා එකය. වීල්ලෙකක් ගන්නා එකය. මරූටියක් ගන්නා එකය. සෙකන්ඩ් හෑන්ඩ් වෙහිකල් එකක් ගන්නා එකය.    


නිවසට ටයිල් ඇල්ලූ නාන කාමරයක් සාදා ගන්නා එකය, නැතිනම් පර්චස් 8-10 ක් මිළදී ගන්නා එකය, කුඩා නිවසක් සාදා ගන්නා එකය. නිවසට පෑන්ට්‍රියක්, ටී වී එකක්, ගෑස් කුකරයක්, ශීතකරණයක්, රෙදි සෝදන මැෂිමක්, විදුලි ඉස්තිරික්කයක්, සෝෆා එකක් අල්මාරියක් කැබිනට්ටුවක් මිළදී ගැනීමය. 


ඉඳහිට දවසක චයිනීස් එකකින්, රෙස්ටුරන්ට් එකකින්, කෝපි කඩේකින්, රයිස් එකක්, පීසා එකක්, බැඳපු කුකුල් කෑල්ලක්, බර්ගර් එකක්, කොත්තුවක්, සබ්මැරීන් එකක්, කැපචීනෝ එකක් කන බොන එකය. මිතුරන් හා එක්ව අඩියක් පුඩියක් ගහනෙකය.


සුපර් මාර්කට් එකකට ගොස් ඇපල් ගෙඩියක් ග්‍රේප්ස් ටිකක්, චොකලට් එකක් අයිස් ක්‍රීම් එකක් අරගෙන කන එකය.


සැලෝන් එකකට ගොස්, පැටිකිව් මැනිකිව් කරගන්නා එකටය, මයිල් ටිකක් ගලවගන්නා එකටය, කොන්ඩේ නූඩලස් කර ගන්නා අයන් කර ගන්නා එකටය. මේකප් එකක් දමා මඟුල් ගෙදරක ගිහින් කාලා බිලා එන එකය. ඉඳහිට විනෝද චාරිකාවක් වන්දනා ගමනක් ගිහින් හෝටලයක නැවතී පූල්ලෙකේ නා කා බී අඩියක් පුඩියක් ගසා එන එකටය. මේ සියල්ල රටක ආර්ථිකය හා බැඳී පවතින බව ඕන 🐄 කුට තේරෙන්න ඕනාය. දැන් මේ හා සම්බන්ධ ව්‍යාපාර කුඩු පට්ටම් වීඅවසානය.


මිනිසකු මහා කාලයක් ජීවත් වන්නේ නැත. ඒ ජීවිත කාළය තුල මිනිසුන් කැමති, සුව පහසුව විනෝදයෙන් ජීවත් වීමටය. රටක් දියුණු වන්නේ ඒ රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ නම් පමණය. 


රටට බරක් නොවන රටේ පෞද්ගලික අංශයේ සේවා ආර්ථිකයේ යෙදෙන පිරිස ලෝන් ගසා හෝ ක්‍රෙඩිට් කාඩ් කාඩ් වලින් රෝල ගසාගෙන මේ අවශ්‍යතා ඉටුකර ගන්නේය.


ආන්ඩුවේ උන්ද උන් වැඩ කරන ආයතන පාඩු පිට දිව්වත්, පඩියෙන් හා ලෝන් වලින් මෙන්ම හොරකමෙන් වංචාවෙන් හා අල්ලසෙන් ලබා ගන්න මුදලින් මේ අවශ්‍යතාවයන් සපුරා ගනී (රටේ ආර්ථික අර්බුධයක් ඇති වීමට ප්‍රධානම හේතුව, ජාතික ආදායමට සත පහක දායකත්වයක් නොදක්වන ලක්ෂ 15 ක් පමණ වන පිරිසක්, අලුතෙන් සල්ලි අච්චු ගසමින් පින් පඩි දෙමින් නඩත්තු කිරීමය)


ඉතිරි පිරිසටද මේ සියලු සැප සම්පත් විඳීමේ ආශාවන් ඇති පෘතග්ජන මිනිසුන්‍ය. ඔවුන් ඔවුන්ගේ සිහිණ ඉටුකරගැන්මට විදෙස් රැකියා සඳහා පිටව යයි. 


දේශපාලුවන්ට බනිනා අපේ ආචාර්‍ය් මහාචාර්‍යවරුන් අධ්‍යාපනයට කර ඇති සේවය කෙතරම්ද යත් මේ රැකියා සඳහා පිටව යන අති බහුතරය අන් ස්කිල්ඩ් ලේබර්ස්ලාය. ඒ කියන්නේ පුහුණුවක් හා සහතිකයක් නොමැති සුළු කම්කරුවෝය. 


ඔවුන්ගේ ඉංග්‍රීසී දැණුම ඉතා අල්පය. ශාක්ෂරතාවයද එසේමය. එහෙත් මෙතෙක් රටේ ප්‍රධාන ආදායම වූයේ මොවුන් දහඩිය මහන්සියෙන් කට්ට කා මෙරටට එවන මුදලය. 


එසේ නම් එය අඩු වූයේ කෙසේද? 


වාහන ආනයනය නැවැත්වූ නිසා වාහන මිළ අහස උසට ගියේය. ධම්මිකගේ ටයිල් විකුණා ගන්න අනෙක් ටයිල් වලට කෙලියේය. අනෙක් බඩු භාන්ඩවලට කප්පරක් බදු ගසා ඒවා සියල්ල සිහිණයක් පමණක් කළේය. දැන් ඒ සිහිණ ඉටුකරගැන්මට එවූ අමතර මුදල ඔවුන් එවන්නේ නැත. නිවසක් සෑදීමේ, ඉඩමක් කඩමක් මිළදී ගැනීමේ සිහිණය සම්පූර්ණයෙන්ම අත් හැර දමලාය. එවන කීය හෝ එවන්නේත් උන්ඩියල් ක්‍රමේටය. හරක් කටාලා මදුෂ්ලා ඩුබායි ඉන්නේ ඒවාටය.


මහ බැංකුවේ උන් කියන්නේ, රයිස්, කොත්තු, පීසා, බැදපු කුකුල් කකුල්, කැපචීනෝ වෙනුවට, ගෙදර වවාගෙන මයියොක්කා කාපිය කියලාය.


ගලාගෙන යන ගඟක් එක පාරට නවත්තනට ගියොත්, ගඟ ගලන්නේ දෙගොඩ තලා නොව, අහුවෙන හැම පැත්තම සුණු විසිනු කර දමාගෙන තලාගෙන පෙලාගෙන කියා, මේ වාහෙලාට තේරෙන්නේ නැතිය. 


මිනිසුන් හුරු පුරුදු වී සිටි ජීවන රටාවක් වෙනස් කර ගැනීමට කිසිම මිනිසකු කැමති නැත. ඔවුන් කැමති හැම විටම තම ජීවන තත්වය උසස් කර ගැනීමටය. තම ආශාවන් හා සිහිණ සැබෑ කර ගැනීමටය. එවන් මිනිසුන්ගේ සිහිණ කුඩුකර දමා පිනට කන මූසලයන් පිරිසකට ආතල් ගන්නට මුදල් එවන්නට, මැරීගෙන වැඩ කර, හරි හම්බ කරනා ඩොලරය දෙක පිනට කන උන්ගේ ආතල් ගැනීමට එවීමට ජනතාවට පිස්සුවක් නැත.


මිනිසුන්ගේ ආශාවන් බලයෙන් නවතා දැමීමට ගොස් සිඳුවන්නේ මිනිසුන් කෝප වී අරගල කිරීමය. නිර්ධන පන්තියෙන් අඩු වරප්‍රසාද ලබන පන්තියෙන් ත්‍රස්තවාදීන් මතු වන්නේ එවිටය. ඔවුන්ගේ අසහනය දෝර ගලා වෛරය මතු වන්නේ එවිටය. ඔවුන්ගේ සිහිණ වලට ගිනි තබන්නේ එවිටය.


එවන් අරගලයක් ඇති වී ඝෝඨාට ගෙදර යන්න සිඳු වූයේ, මිනිසුන්ගේ සරළ අවශ්‍යතාවයන් හෝ ඉටු කිරීමට නොහැකි වූ නිසාවෙන්මය. ඉන්ධන, විදුලිය හා ගෑස් යනු මිනිසාගේ එදිනෙදා කටයුතු ඉටුකරගැන්ම සඳහා අත්‍යාවශ්‍යම භාන්ඩය.


ජේ ආර් රට ගොඩ දැමුවේ කැමති එකෙකුට කැමති දෙයක් මෙරටට ගෙන ඒමට අවසර දීමෙන් හා ආයෝජන කලාප පිහිටවීමෙන් මිස ජනතාවට ආන්ඩුවේ පින් පඩි රස්සාවල් දීලා සල්ලි අච්චු ගහලා නෙමේය.


ඒ නිසා වහාම කළ යුතු වන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කර දේශීය ව්‍යාපාරිකයින්ගේ මෙන්ම ආයොජකයින්ගේද බිය දුරු කිරීමය.


කරුමය කියන්නේ මේ ඇත්ත තේරුම් ගැනීමට හැකි එකඳු ආර්ථික ව්ජ්ජාග්නයෙක් හෝ සමාජ විජ්ජාග්නයෙක් මේ රටේ නොසිටීමය.

.

.

ඒ වගත් මේසේය.....


©® Priyantha Hewage Maathalan 

.


 

8 comments:

  1. ප්‍රශ්නය කසිප්පු අදායමෙන් සහ සහනාදාර වලින් ශඇම්පෙන් බිව්ව එක, දැන් සහනාදාර නැතිව කසිප්පු අදායමෙන් ශඇම්පෙන් බොන්න පුලුවන්නම්

    ReplyDelete
  2. ඕනැම දේකදි අන්තයකට ගොස් වැඩ කරන්න ගියොතින් වැරදෙයි
    පමණට වැඩිකොට හදිස්සියෙදි අත කොරොස් කටේ දාගනු බැරි වෙයි
    කෙනෙකුට රස තව කෙනෙකුට වස වගෙ වෙන්නත් ඉඩකඩ තියෙනවමයි
    සූපවේදියෝ වැඩිවෙන තරමට සුප් එක අල වෙන chance වැඩියි කියනව, ඇත්තෙයි?

    ReplyDelete
  3. අනේ බන් රට ගොන් ළමාතං තෝ ඒ දවස්වල පොර ටෝක් දුන්නා නේද? රෙද්ද්ට ගිනි ඇවිලුනාම, රෙද්ද ගලවලා දානවා මිසක්, ආයෙ අදින්නෙ මොකක්ද කියල හිතන්න බෑ කියල නේද කලින් කිව්වෙ. රෙද්ද ගිණි ගන්නව කියන එකයි, රටක් පාලනය කරන එකෙයි වෙනස නොතේරෙන තොපේ රට ගොන් අලගලේ ප්‍රතිඵල... දැන් ඉතින් විදවපිය ගොන් හිවලා, අපිට නම් මේ රටවල ආතල් එකේ ඉන්න පුලුවන් ලංකාවේ ගම්වල දුප්පත් අහිංසක මිනිස්සු පව්...

    ReplyDelete
  4. ලංකාවේ ආර්තිකයට ඇතිවී තිබෙන තත්ත්වය මත ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව මාධ්‍ය හරහා පැහැදිලි කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යම කාරනය බව ද ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමෙන් අනතුරුව මැතිවරණයකට පැවැත්විය යුතු බව ද පැවසූ අතර අද වන විට ජනතාව ඡන්දයක් ඉල්ලා සිටින බවද ඒ හේතුවෙන් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණයකට යාමට බිය වී ආණ්ඩු බලය තව දුරටත් පවත්වාගෙන යාමට මාර්ග සොයමින් සිටින බවද මාධ්‍ය හරහා පැහැදිලි කළා.

    තව දුරටත් පැහැදිලි කළ ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසුරිය ‘ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බවත් එය අරගලයේ පැවති බරපතලම දුර්වලතාවය බවත් පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම් ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොව පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා. දැන් ක්ෂණිකව මැතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් ම ජේවීපී එකෙන් පාර්ලිමේන්තු වට 12- 15,ක් අතර ගානක් එයි, ඒත් අනුර සහොදරයට අගමැති කම ගන්න වෙන්නෙ නැහැ, ඊට පස්සෙ මොකද කරන්නෙ?

    ReplyDelete
  5. අපි අරගල කළේ නෑ. අපි එතන ඉන්නකොට අරගලේ සිද්ද උනා.

    - සුනිල් හඳුන්නෙත්ති

    ReplyDelete
  6. මේ අර්බුදය කෝවිඩ් නිසා ඇති වූ අර්බුදයක්ම නෙමෙයි 1955 සිටම මෝරපු අර්බුදයක්. මේක 1978 සිට ත්‍රීව්‍ර්ර වුනු අර්බුදයක්. ඇත්තෙන්ම 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2%ට වැටිලා, ණය අනුපාතය 87% නැගලා. පෙන්නුම් කළේ මේ අර්බුදයේ රෝග ලක්ෂණ. උණ හැදෙනකොට දැනෙන්න ඕනේ ආ ලෙඩක් හැදෙන්න එනවා තමයි කියලා. මේ බෝම්බය කොහොමත් පුපුරන්න තිබ්බ බෝම්බයක්. කෝවිඩ් නිසා ටිකක් ඉක්මනට පුපුරලා ගියා. ආර්ථික අර්බුදය පුපුරා හැලෙන විට බලයේ සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවක්. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළා නම් මේ අර්බුදය මතු වෙන්නෙ නැද්ද? 2019 වසරෙ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඩොලර් බිලියන 8 ක්. ණය ගෙවන්න තිබුණු ණය වාරික සහ පොලී ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 13ක්. මේ ඩොලර් බිලියන 13 පරතරය පියව ගත්තෙ සංචාරක ව්‍යාපාරයෙන් විදේශ ගත ශ්‍රමිකයන් එවන ඩොලර්වලින් ආයෝජකයො රටට ගෙනාපු ඩොලර් වලින් ඉතුරු ටික ණයට අරගෙන. දැන් කොවිඩ් වසංගතය ආවහම 2020 – 2021 වර්ෂ වලදී මේ ආදායම් මාර්ග අපට අහිමි වුණා, දැන් සජිත් ජයග්‍රහණය කළා නම් කොවිඩ් වසංගතය එන්නේ නැද්ද?සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙන්නේ නැද්ද? විදේශ ගත ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීම, වසරකට එක්ලක්ෂ අසූ දාහක් විදේශ ගත වෙන රැකියා ලාබීන්ගෙ රැකියා අවස්ථා අහිමි වීම සිද්ධ වෙන්නෙ නැද්ද? මේ ලෝක අර්බුදය මගහරින්න ඔබට පුළුවන්ද? කවුරු බලයේ හිටියත් මේ අර්බුදයට මුහුණ දෙන්න ඕනේ කියන එක අපි පිළිගන්න ඕන, මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට ද? නෑනේ. සමස්ත ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන බරපතල තත්වයක්.

    ලංකාවේ සංස්කෘතිය අනුව ජාතක කතා පොතේ පවා කියන්නේ අර්බුදයක් ඇති වුණාම සමගි වෙලා වටු කුරුළු රෑන දැල ඔසවාගෙන පියඹා ගිය අයුරින් තමයි අපි මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙන්න ඕනේ කියලා, නමුත් අද ලංකාවේ තත්ත්වය එහෙමද? ලංකාවේ මිනිස්සු ජාති වලට බෙදිලා ආගම් වලට බෙදිලා පක්ෂ වලට බෙදිලා ඒ මදිවට පක්ෂ ඇතුළෙත් පුංචි පුංචි කල්ලි වලටත් බෙදිලා, කරන්නේ මෙහෙම බෙදිලා ප්‍රශ්නයට උත්තරය හොයනවා වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. What we are doing is the blame game, blaming each other. That is what we have been doing since the Independence, I would like to propose to establish the blame game as SL's national sport. Because it’s an inseparable part of our culture.

    මොකද මේ විනාශ වෙන්නේ අපේ රට. මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට නෙමෙයි. සජබ, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානේ මේ අපි හැමෝගෙම රට.ඒ නිසා උන්ගේ රට විනාස වෙනවා ඔන්න ඔහෙ විනාශ වුන දෙන් ඒකට අපිත් පෝර ටිකක් දානවා කියලා අපි කාටවක්කත් බලාගෙන ඉන්න බෑ. මේ රට විනාශ වුනොත් අපි ඔක්කොම විනාශ වෙනවා. වසංගතය තුළ තමන්ගේ දේශපාලනයක් කරලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්නෙ කොහොමද කියන එක වෙනුවට අපි ඔක්කොම එකට එකතු වෙලා ලංකාව වසංගතයෙන් ගොඩ දමන්නේ කොහොමද කියන එකයි මේ මොහොතේ රටට ආදරය කරන දේශපාලකයාගේ වගකීම වෙන්නේ, අද ලෝකය පුරාම සිදු වෙන්නේ විපක්ෂය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කොරෝනා පරාජය කිරීම මිස කොරෝනත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පරාජය කිරීම නොවන බව අපි සිහිපත් කරන්න ඕන නැද්ද?

    ReplyDelete
  7. අද වනවිට ලංකාව තුළ බිස්කට් නිෂ්පාදන වලට පහර දීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මාතලන් දන්නවනේ එහි අරමුණ කුමක්ද?

    ලංකාවෙ කිසිකෙනෙකුට ඉදිරියේදි ව්‍යාපාර කරන්න වෙන්නෙ නෑ. මෝඩ යක්කු fb පෝස්ට් හදාගෙන රටේ ඉන්න සුවහසක් මෝඩයන්ව අන්දනව. අරගල මුවාවෙන් මේවගේ ගොංපාට් දැන් වැහි වැහැල බිස්කට් කියන්නේ පාන් පිටි විතරක් නෙමේ. ඒවට කිරිපිටි, සීනි, තෙල්, රසගන්වන, චීස් පවුඩර්, ලූනු පව්ඩර් ආදී විශාල සංඝටක ප්‍රමාණයක් අන්තර්ගතයි. ලංකාවෙ ආයතන වලින් 1600ට ගන්න එක අමාරු නම් පිටරටින් ගෙන්නල දෙන්නන් 2500ට. රවුම් ගාන නිසා ඒක ලේසි නම් එහෙම කරා නම් හරි. මෙහෙම හරක් එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න වෙන්නෙ නෑ. බිබිලෙ දොඩම් වලට වෙච්ච එකේ අනිත් එක තමයි ඔය වෙන්න යන්නෙ. එතකොට ඉතින් හැමදාම ආණ්ඩු එලව එලව ගෝල් ෆේස් එකට වෙලා ඉන්න පුලුවන්.

    ReplyDelete
  8. මාතලං මේ දවස්වල ෆේස්බුක් එකේ නැද්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න