.

.

Nov 11, 2022

සියළු ගැටළුවට හේතුව බලය ප්‍රභූ පාලනයෙන් ගිලිහීමය..


➖➖➖➖➖➖➖➖🙄➖

ධනුෂ්ක ගුණතිලක සිද්ධිය අලලා එයට හේතූ වූ කරුණු ගැඹුරින් සාකාච්ඡා වන ලිපි කිහිපයක්ම කියවූවේය.

වාමාංශික වාම ගොබ්සන්ලා සුපුරුදු ලෙසම මැක්කාගේ කතාව ලියමින් සාප කරන්නේ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයටය. ඊට සාධාරන හේතුවක්ද තියෙන්නේය. ඒ ජේ ආර් ගේ විවෘත ආර්ථිකයත් සමඟ ගම්වල උන් බන්ඩලා මැනිකෙලාද, ජීවීතේ කියන්නේ සම්පාකාරේ උම්බලකඩ කෑල්ලයි බොම්බිලි කරෝලයි නොවනා බව වටහා ගත් නිසාය.

අද වමක් නැත. ඇත්තේ මොන්ගල් වමකි. උන් දිනපතා වම වම කියා වමනය කරමින්, පිනට කකා බිබී රමණය කරමින් දිවයින පුරා හා ලෝකය පුරා අමනයන් රැලකට සුරංගනා කතා කියමින්, ධනවාදී ක්ලයිමැක්ස් එකම ලබා ගනිමින් සිටින්නේය. 

වෙනස ඇත්තේ කුලයේ හා පන්තියේ පමණමය. ඉහළ සමාජයට අයත් වුවත්, එහි ප්‍රධාන චරිත රඟ පෑමට අවස්ථාව නොලැබෙන චරිත දෙක තුනක් අතීතයේ පරිදිම අඩු කුල ව්‍යාපාරයේ ගරු රඟපෑම් කරමින් සිටින්නේය. 1971/72 මෙන්ම 88/89 කාළයේද එවන් පිරිසක් වමේ පක්ෂ තුල මෙන්ම විප්ලව තුලද සිටියේය.

මාතලන්ගේ අදහස නම් ක්‍රිකට් වලින් පමණක්ම නොව, අපේ රට සෑම අතින්ම ගරා වැටීමකට ලක් වීමට ප්‍රධානම හේතුව, 56 අපතයන් ඉදිරියට එමින්, ප්‍රභූ සමාජය සියළු මර්මස්ථාන වලින් ඈත් වීම බවය. බොහෝ උන් සියළු දේපල විකුණා දමා රට හැර ගොසිනි. අනෙක් උන් නිහඬව තම ව්‍යාපාර හා රැකියාවල යෙදෙමින් නිහඬව සිටී.

සුද්දා රටින් යන විට රට බාර දී ගියේ කළු සුද්දන්ටය යන්න කවුරුත් දන්නා කතාවකි. මේ කළු සුද්දන් කියා කියුවේ ප්‍රභූ සමාජයටයි. ඔවුන් සුද්දන්ගේ ජීවන රටාව හා සිතුවිලි වලුන් සුද්දන්ම වූ පිටින් පමණක් කාල වර්ණ වූ පිරිසය. කරුමය ඇරඹෙන්නේ ප්‍රභූ සමාජයේම එකෙක් වූ බන්ඩා, බල පෙරේත කම හමුවේ සඟ වෙද ගුරු ගොවි කම්කරු හෙවත්, පංච මහා බලවේග මහා කරුමය මේ රටේ ස්ථාපිත කිරීමය.

මේ සියළු කොටස් අයත් වනුයේ සුද්දා හා මුසු වීමට නොහැකි වූ සමාජයේ පහළම ගෝත්‍රික ස්ථරයටය. බන්ඩාගෙන් පසු එහි බලය සිරිමාට හා දුවට ලැබුනද ඔවුන්ද පාලනය වන්නේ අර ධනවාදීන් බංග කොට සමාජවාදයක් බිහිකල යුතුයැයි යන සුරංගනා කතා තොරණ ප්‍රදර්ශනය කරනා වම්මුන්‍ය.

චන්ද්‍රිකා පාලනය යටතේ වාමාශිංක නෂ්ඨාවශේෂ වල නායකයින් එකා දෙන්නා මෙන්ම ජෙප්පන්ගේ 39 ක්ද 40 ක්ද එන්නේත්, 2005 ගිරිවාපත්තුවේ නොව පාර්ලිමේන්තුවෙත් චොප්පෙ අයියා වූ මහින්ද ජෙප්පන් හා ගිවිසුමකට යන්නේත්, යුද්ධය කළේ උන් කියා පාරම් බාන්නේත්, විමල් වීරවංශගෙන් එහා උපදේශකයෙක් මහින්දට නැතිවන්නේත් ඒ අනුවය.

මේ බව තේරුම් ගන්නා මහින්ද මුන් හලා දමා ඊළඟට සෙට් වෙන්නේ ඊට වඩා කරුමක්කාර සමාජ ස්ථරයක් සමඟය. ඒ ජේ ආර් බිහි කෙරූ නාගරික හා ලුම්පන් පන්තිය සමඟ වන අතර, උන් උන්ගේ බලය මෙහෙයවන්නේ පාතාලය හරහාය.

ඒ දේශපාලනයේ කතාව වනාතර, ක්‍රිකට් තුලද සිඳු වූයේ එයමය, රාජකීය, සාන්ත තෝමස්, ට්‍රිනිට්, සෙන්ට් පීටර්ස්, සෙන්‍ට් ජෝෂප් වැනි ප්‍රභූ පාසල් වලින් බිහිව තිබූ ක්‍රිකට් කණ්ඩායමට බන්ධුල වර්ණපුරලා එන්නේත්, ඔවුන් මුදල් වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ ගොස් රටේ කීර්තිය කා දමන්නේත්.

ඉන් අනතුරුව පොට්ට චාන්ස් එකකින් 96 වර්ල්ඩ් කප් දිනනා කෝච්චියේ ක්‍රිකට් ගහන්නට ආ අර්ජුන බුකි කාරයෙක් වූ තිලංග සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ බූදලයක් කර ගනිමින් පභූ පන්තිය කපා දමන්නේත් එලෙසින්මය.

මහ බැංකුවේ උන් කීර්තිමත් නිළධාරින්ගෙන් අනුතුරුව ජයවර්ධනගෙන් පටන් ගෙන රට බංකොලොත් බව ප්‍රකාෂ කරන්නේ තංගල්ලෙන් ආ නන්දලාල් වීරසිංහලය. අමාත්‍යාංශ තුලද, රාජ්‍ය නිළධාරීවාදයේද, සියළුම ඉහළ යැයි සැලකෙන වෘත්තීන් තුලද, රාජ්‍ය සේවයේද, ව්‍යාපාර ක්ෂේත්‍රයේද, සෑම සියළු අංශයක් තුලම ඇත්තේ අර කලින් සඳහන් කළ සමාජ ස්ථරයන් තුලින් පැමිණි පිසාචයින්‍ය.

එදා වියත්මඟ යැයි කියා රට විනාශ කළ ඝෝඨා සමඟ පැමිණ, අද ඩලස් නම් මඩ පත්තරකාරයා හා එක්ව සිටිනා පිරිසද මේ ස්ථරයන්ගෙම පැමිණි බයිලා චැම්පියන්ලාම පිරිසකි. දැන් උන් සියල්ල පසෙක තබා අනෙක් පක්ෂවලට ජැක් එකක් ගහනා හැටි සොයති. ඒ අස්සේ චන්න ජයසුමනගේ කාළයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිඳු වූ මහා වංචා එලියට පැමිනෙමින් තිබේ.

ප්‍රභූ පන්තියේ චර්‍යා රටාව හා චින්තනයට අනුව වැඩ කටයුතු කරනා දේශපාලන පක්ෂයකට තා දුරටත් ඉතිරිව ඇත්තේ එජාපයම පමණි. එහෙත් රංගෙ බංඩාර වැනි අපතයන් ඒ පක්ෂයට කරනා හානිය අනෙකුත් උන්ට නොපෙනීම පක්ෂයේ කරුමයකි.

මේ රට එවන් පිසාචයින්ගේ රාජධානියක්ව ඇති බැවින්, අපේ ජීවිත කාළය තුලදී මේ රට ගොඩ යනු ඇතයි මාතලන් නම් තව දුරටත් කිසි සේත්ම විශ්වාස කරන්නේ නැතිය. සුළු හෝ බලාපොරොත්තුවක් තබා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ යටතේ පමණි.

ඉන් එහා නායකත්වයක් පවතින දේශපාලන සංස්කෘතිය තුල මේ මොහොතේ නොමැති බවද කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුය.

ධනුෂ්ක ගුණතිලකලා වැනි අපතයන් සමාජයේ සෑම ස්ථරයකම තම ප්ලේස් එක තහවුරු කරගෙන අවසන් අතර, උන් ග්‍රෝත්‍රිකයින්ගේ වීරයන්ද වී අවසානය.


ඒ වගත් මෙසේය......



න් 





28 comments:

  1. ඔය කියන ප්‍රභූ ස්තරය කියලා කියන උන් දැන් ලංකාවේ නැහැ නේද කවුරුවත් ඉන්නේ ප්‍රභූ වෙස් මුහුණු දාගත් ගොඩේ බයියෝ සහ දෙබිඩ්ඩෝ විතරයි නේ උදාහරණ වශයෙන් සංගක්කාර ට්‍රිනිටි ගියපු කඩ්ඩ පුළුවන් පොරක් වගේ උඩින් පෙන්නගෙන හිටියට හැමෝම හොඳින් දන්නවා සතා කවුද කියල දෙකයි පණහේ වැඩ කරන සහ හොර පාස්ටර් ටයි කෝට් කිට් එක ගහපු හොර කට්ටඩිරාළ කෙනෙක්ටත් අහුවෙලා නැටවෙන පට්ටම චාටර් පොල් බූරුවෙක්නේ අනිත් උනුත් අඩු වැඩි වශයෙන් ඒ වගේම තමයි, මුඩුක්කු පරිසරයකින් බිහි වූ ආර් ප්‍රේමදාස සමාජයේ බොහෝ ඉහළටම ගමන් කළත් ඔහුගේ මෝඩ පුත් තෙම කොතරම් දුරට ප්‍රභූ ස්තරය තුල අධ්‍යාපන සහ අත්දැකීම් ලැබුවත් එංගලන්තයේ උසස් අධ්‍යාපන කටයුතු වලට විශාල වශයෙන් මුදල් වියදම් කරලා යැව්වත් ඒ සේරම ගගට කපපු ඉනි වගේ විනාශ වී උපන් ගෙයි මරිමෝඩ මන්දමානසික අපතයෙක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ ඒ නිසා ජෙනුයින් ජෙන්ටල්මන් ගණයේ බුද්ධිමත් වැදගත් ස්මාට් ලෝකයේ පිළිගැනීමක් ඇති නායකයෝ එකෙක් වත් නැති ලංකාව රනිල් යන්තම් හරි ඇදගෙන යනවා ඌ මළාම රට ලෙබනනයක් නොකර බේරාගැනීමට ඔය රටේ ඊළඟ පාලකයන්ට හැකිවේවා මගේ නම් උපරිම පැතුම එච්චරම තමයි

    ReplyDelete
  2. ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලක මෑතකදී මුහුණ දුන් අතවර චෝදනාව ගැන කතාව පොදුවේ ගත්තාම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු සංචාරයෙදී මේක වුණ නිසා ඔස්ට්රේලියානු නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඔහුට වසර දාහතරක් පමණ හිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා, ඒත් මේ එල්ල වෙලා තියෙන ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස් වූවත් නැතත්, ධනුෂ්ක ගුණතිලක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තියා අඩු තරමේ ඔළිඳ කෙළිය සඳහාවත් රටක් නියෝජනය කරන්න සුදුසු පුද්ගලයෙකු නෙවෙයි, ලෝකයේ වගේම ලංකාවේ වුණත් පැවති පැරණි සදාචාරය සහ ශිෂ්ටාචාරය අනුව මූලික ආචාර ධර්ම විනය පිළිබඳව කල්පනා කරනවා නම්.

    මාතා දන්නවා ඇති කලින් කිහිප වතාවක් ඔහු විනය කඩකිරීමට වරදකරු වුණා. නයිට් ක්ලබ්වල පහරදීම්වලට මැදි වුණා. කාන්තාවන්ට හිරිහැර කළ බවට චෝදනා එල්ල වුණා. එංගලන්තයේ දී ජෛව බුබුළ කැඩීමට වරදකරු වුණා. 2017 වසරේ සිට බැලුවොත් හැම වසරක ම ඔහු එක වරක් හෝ මෙවැනි චෝදනාවකට මුහුණ දීලා තියෙනවා.

    ඒත් හැමෝම පොදුවේ පිළිගනීවි සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ නීතියක්, විනයක් හෝ සිස්ටම් එකක් නැති රටක් හින්දා මේ හැම ප්‍රශ්නයක්ම ඔහු ගොඩින් බේරගෙන තියෙන බව. දඬුවම් ලැබුණු අවස්ථාවල දී පවා ඔහු දඬුවම් ලිහිල් කරගෙන තියෙනවා.

    ඒ වගේම මෙතන තියෙන බරපතලම කාරණාව උනේ එහෙම කරගන්න පුළුවන් බව දන්න නිසා ඔහු එකම වැරදි නැවත නැවත කරනවා. ක්‍රිකට් පරිපාලකයන් හැමදාම ඔහු ආරක්ෂා කරනවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පවා කමක් නැහැ ඉතින් මුන් කවදහරි හැදෙයි කියලා බලන් ඉන්නවා.

    මේ ගැන පොදුවේ කියන්න පුළුවන් ධනුෂ්ක ගුණතිලකට ලැජ්ජාවකුත් නැහැ. ක්‍රිකට් පරිපාලනයට ලැජ්ජාවකුත් නැහැ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැජ්ජාවකුත් නැහැ. පොදුවේ ලංකාවේ බහුතරයක් දෙනාට මේකේ තියන බරපතල කම ගැන කිසිම අවුලක් නැහැ ඒක තමයි ලොකුම අවුල තියෙන්නෙ

    ReplyDelete
  3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කීප සැරයක්ම වාර ගණනාවක් ලංකාවේ හොඳයි කියලා නම් දරපු මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය වරුන්ට පවා ඉදිරිපත් කරලා හැසිරීම පාලනය කරගන්න උත්සාහ කරපු නමුත් ඒත් අසාර්ථක වී ඇති පසුබිමක මෙතනදී ධනුෂ්ක ගුණතිලක කියන්නේ හුදෙකලා මිනිහෙක් කියලා ගන්න එක නෙවෙයි ඕකේ සැබෑම අරුත ලංකාවේ 1980 ගණන් වල වගේ ඉඳල ගොඩනැගී තියෙන ලුම්පන් සංස්කෘතිය ක්‍රීඩාව තුළ එළියට ප්‍රකාශ වෙන එක මුහුණුවරක්.

    ඔය ධනුෂ්කලා විතරක් නෙවෙයි යාල වනෝද්‍යානයේ රේස් පදින කොමන් සෙන්ස් නැති මුග්ධ ඇමති පුත්තු, සෝ කෝල්ඩ් අරගලය මෙහෙයවූ මදාවි කල්ලි වගේම අන්තරයේ සහ ජවිපේ මැර සේනාවල්, රාජපක්ෂ කල්ලියේ වගේම රාජපක්ෂ-විරෝධී කල්ලියේ ද ඉන්නා මාධ්‍ය වලට ඇවිත් බක පණ්ඩිත කතා කියමින් වොයිස්කට් දෙන චණ්ඩි සාදුලා, හැම මගුලටම හොට දාල විහිළුවක් වෙලා ඉන්න බකපඬි කාදි-නල් සහ උගේ වහල් අනුගාමිකයන් වන චන්ඩි පාදි'ලිවරු, මොළේ කළඳක් නැති දොළොස් වෙනි සියවසේ ගෝත්‍රික අදහස් වලින් පිරුණු මහ'මදික ආගමික අන්ත'වාදීන්, පාර්ලිමේන්තුවේ ඉන්න චොකා මල්ලිලා, දුමින්ද සිල්වලා, රංජන්ලා, හිරුණිකාලා, බීල එලවලා හප්පලා ෂේප් වෙච්චි විජිත හේරත්ලා, ලාල් කාන්තලා, අලුත්ගමගේ ඥාතීන්, දේශපාලකයන්ට ළංවෙලා සල්ලි හොයන කොන්ත්‍රාත්කාරයෝ, බාර් පර්මිට් වැලි, පස් පර්මිට් සහ වෙනත් ජාවාරම් කරුවන් වගේ හුඟක් අය මේ ලුම්පන් සංස්කෘතියේ ඉස්සරහින්ම ඉන්නවා. සරලව කිව්වොත් දේශපාලනයේ සනත් නිශාන්තයි, ජොන්ස්ටන් ප්‍රනාන්දු අලුත්ගමගේ රෝහිත (මාල හොරා), නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ චෞර පවුල, වීරවංශ, රංජන් රාමනායක හිරුණිකා විජිත හේරත් කිරිඇල්ල රාජිත සේනාරත්න පවුලේ හොර හැත්ත, අන්තරේ සහ ජවිපෙ මැරයින් වගේම ක්‍රීඩාවේ ධනුෂ්ක ගුණතිලකයි නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් වගේ අපත ඩයල් අතර ලොකු පරතරයක් මට පෙනෙන්නෙ නැහැ. දෙගොල්ලොම එක හා සමානව සේරම ඉන්නෙ එකම සංස්කෘතියක් ඇතුළේ. දෙගොල්ලොන්ටම පොදු 'වටිනාකම්' හුඟක් තියෙනවා.

    සනත් නිශාන්තලා රංජන්ලා හිරුණිකාලා විජිත හේරත් විජේමුණි සොයිසලා රාජිත සේනාරත්නලා දිගට ම දේශපාලනය කරයි. ධනුෂ්ක ගුණතිලකලා දික්වැල්ලලා මෙන්ඩිස් භලා දිගට ම ක්‍රිකට් ගහයි. ඇමති පුත්තු දිගට ම නොසණ්ඩාල වැඩ කරයි. මිනිස්සු "කවදහරි මුන් හැදෙයි" කියලා දිගටම බලා ඉඳියි. අතරින් පතර එයාලා කරන 'හොඳ වැඩත්' celebrate කරයි.

    ඒ නිසා ධනුෂ්ක ගුණතිලක ගැන විතරක් විශේෂයෙන් ම කේන්ති ගන්න හේතුවක් ලංකාවේ ජනතාවට නැහැ. ධනුෂ්ක කියන්නේ ලංකාවේ සේරම එකතු වෙලා නිර්මාණය කරගෙන තියෙන සුවිශේෂී ලංකාවේ සිස්ටම් එකේ තවත් එක් සුජාත දරුවෙක්. හිරෙන් නිදහස් වෙලා ලංකාවට එනකොට එයාපෝට් එකේදී මල්මාල දාලා පිළිගන්න වටින සැබෑම භූමිපුත්‍රයෙක්. එහෙම නේද?

    ReplyDelete
  4. මට නිකමට හිතුන එක දාන්නේ කිසිම දෙයක් හොයල බලල නෙමේ. වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.

    මිනිස්සුන් දැක්ක දෙයක් තමයි වෙනස් වීම කියන්නේ. පොඩියට හිටපු ළමයි ලොකු වෙනවා ගස් වැවෙනවා වගේ වෙනස් වීම් ගැන මිනිස්සු හිත හිත ඉන්න ඇති. එතකොට මිනිස්සුන්ට ඕනේ වෙන්න ඇති මේ වෙනස්වීම් කොච්චර වුනාද කියල මැනගන්න. එතකොට මිනිස්සු ඉරේ වෙනස්වීම් වලින් වෙනස් වීම මැනගන්න ඇති. මෙහෙම ඉන්නකොට හැමවෙලේම ඉර නැති වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. එතකොට වෙනත් දෙයක වෙනස්වීමක් මත අර වගේ වෙනස් වීම් මැනගන්න ඇති.

    හරියට අර කෙහෙල් ගහක් කපල වැවෙන දිග මැන්න වගේ ඒවා. ඒත් ඒකෙත් ප්‍රයෝගික ගැටළු මතු වෙන්න ඇති.

    එතකොට වෙනස්වීමක් වෙන්න නම් සිද්දියක් වෙන්න ඕනේ කියල මිනිස්සුන්ට හිතෙන්න ඇති. හැබැයි දැන් ඉර බහින වෙනස් වීම වගේ ඒව වෙන්න හේතු වෙන සිද්දිය ඒ කලේ මිනිස්සු දැනගෙන ඉන්න නැතුව ඇති. එතකොට මිනිස්සු මනසින් හදාගත්ත සිද්දිය තමයි කාලය ගතවෙනවා කියන එක

    එහෙම වෙන්න පුළුවන් නේද කාලය ගතවීම කියන සංකල්පය එන්න ඇත්තේ.

    ඔයාල දන්න ඒවා කියන්න. මේක පට්ට හිතලුවක්

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      කතාව ඇත්ත තමයි බන් සෑහෙන දුරට හිතන්න ඕන ප්‍රශ්නයක්, හීනියට වගේ පොඩි ෂොට් එකක් දාල හිතල බලන්න ඕන ඉස්සරහට ඉතින් 🤔🤔🤔

      Delete
  5. වියට්නාමයේ වුන්ග් තාඕ වරායේ සිට නාවික සැතපුම් 258ක් දුරින් වූ ගැඹුරු මුහුදේ ගිලෙමින් පවතින Lady R3 යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙක් බේරා ගනු ලැබුවේ ජපානයට අයිති හෙලියෝස් ලීඩර් නම් වූ මෝටර් රථ ප්‍රවාහන නෞකාව විසිනි.

    මේ සියලුම දෙනා ආසන්නයේම ඇති වියට්නාමයට බාර දීමට කටයුතු කළ හෙලියෝස් ලීඩර් යළිත් තම ගමනාන්තය වෙත පිටත් විය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි ජපන් නෞකාව මෙම හපන් කම සිදුකලාය.

    ස්වකීය ගමන පරක්කු කරමින් කරදරයේ වැටුණු ශ්‍රී ලංකිකයන් සිය ගණනකගේ දිවි බේරාගත් ජපානයට අයිති හෙලියෝස් ලීඩර් නම් වූ මෝටර් රථ ප්‍රවාහන නෞකාවට අපගේ ආචාරය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    ReplyDelete
  6. සෞම්යාගේ රෝස පාට කිරි කිම්ඹට දිව දාලා හුතු ජුස් උරලා බොන්න තිබ්බා නම්...

    ReplyDelete
  7. බලපිටියේ බෞද්ධ ප්‍රභූ දේශපාලනික පවුලකින් පැවත එන පාරම්පරිකව කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලබා ඇති ජාත්‍යන්තර මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් රැසක් බිහිවූ පවුලක උපන් චාමික කරුණාරත්නටත් වෙලා තියෙන්නේ ඕක තමයි නේද? මොකද චාමික කරුණාරත්න යම් තරමකින් හෝ Fail වුනේ T20 ඉන්ටනැෂනල් විතරයි .. ODI හොදට කළා.

    මිනිහට විකට් එකට ආපු ගමන් ගහන්න බෑ. සෙට් වෙන්න වෙලාව ඕන..

    T20 වල වනිදුටත් පස්සෙ බැට් කරන්න ඇවිල්ලා ෆේස් කරන බෝල දහයට මැච් විනිං නොක් එකක් ගහන්න චාමිකට බෑ.

    T20 වල චාමික යූස් කරනවා නම් යූස් කරන්න ඕන බෝලර් කෙනෙක් විදියට. එතනත් ෆේල් නම් බෝලර් කෙනෙකුට රීප්ලේස් කිරීම සාධාරණයි.

    හැබැයි ඊළගට ගහන ඇෆ්ගන් ODI සිරීස් එකෙන් චාමික ඩ්‍රොප් කරලා.

    චාමික ODI's වල හොදට පෆෝම් කළා.

    මුල් පෙල පෙරහැර ගියාම ඉතිරි වෙන ඕවර් විස්සෙන් මුල් ඕවර් දහය සෙට් වෙන්න පාවිච්චි කරලා අන්තිම ඕවර් දහයට හයියෙන් ගහපු ඉනිංග්ස් මෑත කාලයේ තියෙනවා.

    මිනිහා අවසානෙටම ගහපු ODI එකෙත් ඕසිලට බෝල 75කට ලකුණු 75ක් ගහලා මෑන් ඔෆ් ද මැච් වුනා.

    ලකුණු 62කට විකට් 7ක් ගියපු ලංකාවේ ඉනිම 160කට ඇදන් ගියේ චාමික..

    ඉතින් ODI හොදම ෆෝර්ම් එකක ඉන්න ප්ලේයර් කෙනෙක්,

    ODI කන්ඩිෂන්ස් වලට සෙට් වෙන ප්ලේයර් කෙනෙක්,

    දිගටම T20 ගස්සලා, ODI ටීම් එකෙනුත් ඩ්‍රොප් කරනවා.

    ලංකාවේ සිලෙක්ටර්ස්ලා කවදාවත් ෆෝර්මැට් එක තේරුම් ගන්නේ නෑ.

    සෝෂල් මීඩියා වල රැල්ලක් උස්සලා දුන්නම ඒකට අනුගත වෙන පිස්සො ටිකක්.

    ෆේල් නොවී සෝෂල් මීඩියා නිසා ODI ටීම් එකෙන් ඩ්‍රොප් වෙන චාමික කරුණාරත්නට වුනේ පට්ට අසාධාරණයක්.

    හැබැයි ඉතින් ඉතාමත් වැදගත් කරුණක් වන්නේ මෙය අසාර්ථක නිසා කෙරෙන රීප්ලේස්මන්ට් එකක් නම් පමණක් අපි ඕකට විරුද්ධයි.

    එහෙම නැත්නම් ඔහුගේ විනය ගැටලු නිසා ලබා දෙන තරග තහනමක් නම් ඉහළින්ම එකඟයි. නමුත් ඒ ගැන පැහැදිලි කිරීමක් ක්‍රිකට් ආයතනය විසින් ඉතා ඉක්මනින් කළ යුතුයි

    ReplyDelete
  8. ඔය කියන විදියේ ප්‍රභූන් කියලා එකක් ඇත්තේ නෑ මාතලන් ප්‍රභූන් කියලා කියන්නේ සෙලවෙන මනසට... ඕක නෙවෙයි ලංකාවේ තියෙන ප්‍රශ්නය, දැන් ජෙප්පන් පවා හිස මුදුනේ තබාගෙන වන්දනාමාන කරන රාජ්‍යය සේවයේ මර්මස්ථාන වල ඉහලම පුටුවල ද්විත්ව පුරවැසියන් රැසක් ඉන්නවා පාර්ලිමේන්තුවේ හිටපු ටික දෙනෙක් වගේ නෙවෙයි ඊට වඩා ගොඩාක් බලවත්ම ස්ථාන වන මහ බැංකුවේ අධිපති ඉඳලා ඉහළ නිලධාරීන් රාශියක්, විශ්ව විද්‍යාල, ආරක්‍ෂක අංශ, බැංකු පද්ධතිය මේ හැමතැනම ද්විත්ව පුරවැසියන් ස්ථානගත කර බටහිර රාජ්‍ය වල නියෝග වලට අනුව ඉතා සූක්ෂමව රටේ පාලනය ඔවුන් අත තබාගෙනයි ඉන්නේ. ලංකාවේ මිනිස්සු කොච්චර උඩ පැන පැන ආණ්ඩු මාරු කළත් එහෙම කළා කියලා මුන්ව දශමයකින්වත් සෙලවිය නොහැකි බවත් මුන් සියලුම දෙනා පලවා හැර මුන්ගේ බලපෑමෙන් රට මුදවා ගැනීමට දැනට කිසිදු පක්‍ෂයකට වැඩ පිළිවෙළක් නැති බවත් පෙන්වා දීමටයි අවශ්‍ය වෙන්නේ. හැම එකාම රට බේරගන්නවා කියා එන්නේ මේ බටහිර නියෝජිත සුනඛයන් සහ අසූචී ගොඩවල් තව දුරටත් ඒ තැන්වලම තබාගෙන කරන මහා ලොකු “ විධිමත් පාලනයකට”. මදර්ස් ක්ලෝත් තමයි, තත්ත්වය සැබෑ වෙනසක් ඇති කිරීමට නම් අනිවාර්යයෙන්ම රටට පූර්ණ ජනතා විප්ලවයක් අවශ්‍ය ඒ නිසා...

    ReplyDelete
  9. සිරි ලංකා ක්‍රිකට් සඳහා ආගමික කණ්ඩායමක මැදිහත්වීමක් තිබේදැයි සොයා බලන්නැයි පාර්ශව රැසක් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගෙන් ඉල්ලීම් කර ඇත.

    ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු වීම සඳහා බෝන් අගේන් නමැති උමතු විකාර ආගමික කල්ලියක් වැනි කණ්ඩායම්වල සාමාජිකයෙකු වීම මූලික සුදුසුකමක් වන බවට දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සමාජ මාධ්‍යයෙහි සහ පසුව ප්‍රධාන මාධ්‍ය වල පවා විශාල වශයෙන් ලිපි පළකර ඇති බැවින් පසුගිය වසර ගණනාවක් තිස්සේ එසේ එම බෝන් අගේන් කල්ලිය ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට කර ඇති බලපෑම සහ මහත් විනාශයක් ගැන කතා කරන ලිපි ආදියත් ඒවායෙන් මතුකර ඇති තර්ක පදනම් කරගෙන මෙම ඉල්ලීම් බොහෝමයක් කෙරී ඇතැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කීය.

    ReplyDelete
    Replies
    1. මෙම වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සිදුවන ශාරීරික ආබාධ ඇතුළුව තරගාවලි ප්‍රතිඵලය ගැන දිවැසිවරයෙකු ලෙසින් පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු නමැත්තකු අනාවැකියක් පළ කිරීම ගැන ද අවධාරණ කෙරෙන මෙකී කරුණු අතර තිබෙන බව කියයි.

      විස්සයි – විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග හතරෙන් තුනක් ම ජයග්‍රහණය කර එක් තරගයක් පමණක් පරාජය වී සිටි අවස්ථාවේ ජෙරම් ප්‍රනාන්දු සිය බැතිමතුන් හමුවේ කර ඇති ප්‍රකාශ සැකයට තුඩු දෙන බව ද එහි දැක්වේ.

      ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙකු ශාරීරික ආබාධවලට ලක්වන බව පවසන ඔහු එහිදී වැඩිදුරටත් එයින් එක් ක්‍රීඩකයෙකු පන්දු යවන අවස්ථාවකදී පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ආංගික අභිනයෙන් පෙන්වා දෙයි.

      “මිරකල් ඩෝම්” නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ පසුගිය ඔක්තෝබර් 23 වන දා ඔහු කළ මෙම දේශනය ඇතුළත් වීඩියෝව පසුව ඔහුගේ ම නිල ෆේස්බුක් පිටුවෙන් ප්‍රචාරය කර තිබෙන්නේ කල්තියාම ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වන ආකාරය ගැන තමා අනාවැකි කී හැටි දක්වමිනි.

      ඊට අදාළ වීඩියෝවේ හඬ පටයේ සඳහන් වන්නේ මෙවැන්නකි.

      “පසුගිය සැප්තැම්බරයේ ආසියානු කුසලානය පිළිබඳ දිවැසි වාක්‍ය සම්පූර්ණ වීමත් සමග දිවැසි වාක්‍ය අදහන නොඅදහන බොහෝ දෙනා සිතුවේ විස්සයි – විස්ස ලෝක කුසලානය පිළිබඳ දෙවියන් වහන්සේගේ ප්‍රවේශය එබඳු ම එකක් කියා ය. ඒ අතර ප්‍රථම වටයේ තරග කීපයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ බැවින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබාගෙන හිටියා.”

      එහෙත් මිරකල් ඩෝම් ප්‍රධාන ශාලාවේදී ඔක්තෝබර් 23 වන දින ලොව වටා මහාද්වීප හතක් වටා ජනයා චන්ද්‍රිකා මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා දේව මෙහෙයේදී දෙවියන් වහන්සේ තමාට පෙන් වූ දේ ගැන ‘ප්‍රොපට් ජෙරම්’ ප්‍රකාශ කළේ මෙවැන්නක්.

      “මම ශ්‍රී ලංකාව දිනනවා කියලා කිව්වොත් නමුත් මම එහෙම කියන්නේ නෑ…”

      මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තරග හතරෙන් තුනක් ජයගෙන එකක් පමණක් පරාජය වී තිබුණා. ඉන්පසු ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට යන ප්‍රධාන ප්‍රශ්නයක් ගැනයි. ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ, ආබාධ දෙකක් ගැන පමණයි. (ඒ දුෂ්මන්ත චමීර හා ධනුෂ්ක ගුණතිලකයි.) එසේ නම් දිවැසිවරයා ආබාධ පහක් පිළිබඳ මෙසේ නිසැකව සඳහන් කරන්නේ කෙසේ ද? දින කීපයකට පසු ක්‍රීඩකයන් පස්දෙනෙකු ආබාධවලට ලක්වීම නිසා ඒ වෙනුවට ක්‍රීඩකයන් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ප්‍රබල ආබාධවලට ලක්වීම පිළිබඳ පමණක් නොව පන්දුවාරයක් මැදදී පන්දු යවන්නා පාදයේ ආබාධයකට ලක්වන ආකාරය ද දෙවියන් වහන්සේ ඔහුට පෙන්වා දී තිබුණා. ගතවූයේ දින දෙකක් පමණයි. ඔක්තෝබර් 25 වන දා අඟහරුවාදා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පන්දුවාරයේ පස්වන පන්දුව යවද්දී බිනුර ප්‍රනාන්දු පිටියෙන් ඉවත් වූයේ දිවැසිවරයා නිරූපණය කළ ආකාරයටම ය. ශ්‍රී ලංකාව ජයගන්නා බව ප්‍රකාශ කරන්නැයි රැස්ව සිටි දහස් ගණන් ජනයා හඬ නඟද්දී දිවැසිවරයා දෙවියන් වහන්සේ තමන්ට පෙන් වූ දේ ගැන නිසැකව ම ප්‍රකාශ කළේ මෙසේ ය.

      “ශ්‍රී ලංකාව මේ ලෝක කුසලානය හොඳින් කරනවට කී දෙනෙක් බලාපොරොත්තු වෙනව ද? නමුත් මම එහෙම කියන්නේ නෑ. ලෝක කුසලානය දැනටමත් ඉවරයි.”

      ආසියානු කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමෙන් පසුව ද ජෙරම් ප්‍රනාන්දු මෙබඳු ම දෙසුමක් කරමින් පැවසුවේ එම ජයග්‍රහණය පසුපස සිටියේ තමා බව ය.

      අවසාන තරගයේ කැපී පෙනෙන ඉමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ද එම අවස්ථාවට සහභාගි වූ අතර ජෙරම් ප්‍රනාන්දු ඔහු වේදිකාව මතට කැඳවා ආශීර්වාද කරමින් ඒ සඳහා තමාගේ මැදිහත්වී මද විස්තර කළේය.

      ශ්‍රී ලංකා ක්‍රිකට් හා ආගමික සම්බන්ධතා ගැන ෆේස්බුක්, බ්ලොග් ආදී විවිධ මාධ්‍ය අවකාශවල වසර ගණනක් තිස්සේ දීර්ඝකාලීන විවේචන පළ වෙමින් පැවතිය ද මෙම වීඩියෝ සමග එම ප්‍රශ්න කිරීම් තීව්‍ර වී තිබෙන්නේ මෙකී දෙවියන් වහන්සේට ක්‍රිකට් ක්‍රීඩාව ම පමණක් විෂය වස්තුව වන්නේ කෙසේදැයි විමසමිනි.

      Delete
    2. එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම පරිපාලනයේ ප්‍රධාන තනතුරු බහුතරයක් එක් ආගමික කණ්ඩායමක අධිකාරියට නතුව ඇති බව ද ඒවායේ දැක්වේ.

      මෙවැනි ප්‍රශ්න කිරීම්වලට අදාළ ලිපි හා වෙනත් සටහන් ද ක්‍රීඩා ඇමතිවරයාට යොමුකර ඇති අතර ජාතික කණ්ඩායම සම්බන්ධයෙන් දැනටමත් ආරම්භ කර ඇති විමර්ශනයේදී මේ සම්බන්ධයෙන් ද සොයාබැලෙන්නේ යැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පැවසීය.

      ශ්‍රී ලංකා ක්‍රිකට් යළි බිංදුවේ සිට ආරම්භ කිරීමට සිදු වුවත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් කෙරෙන්නේ යැයි ද මේ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයි ද රණසිංහ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

      හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල චෝදනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පාවාදීම්වල (Match Fixing) නිරත වූ බවට ය.

      ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙය බරපතළ තත්ත්වයක් වන අතර ඉහත කී ආකාරයේ ආගමික මතවාදීමය බලපෑමක් සැබැවින් ම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉල්ල වී ඇතිනම් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් බුකීකරුවන්ගේ අත්අඩංගුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පත්වී ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර රටට ඒ ගැන හෙළිදරව් කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ ඉවතලිය නොහැකි වගකීමකි.

      ක්‍රීඩාව සඳහා රුපියල් කෝටි ගණනක් බදු ගෙවන සමස්ත ජනතාවට ද එම ඇත්ත දැන ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම නෛතික වගකීමක් ඇත.

      - මූලාශ්‍රය- මවුබිම පුවත්පතේ ලියැවී තිබුණු සංවේදී ලිපියක් (2022 නොවැම්බර් මාසයේ 13 ඉරිදා)

      Delete
  10. මාතලන්

    ඔය කියන කළු සුද්දන් ලංකාවට කරපු ඉටි ගෙඩියක් නෑ, ඔය කියන ප්‍රභු පැලැන්තියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අයිරාංගනී සේරසිංහ පැරණි විද්වතුන් සුළු පිරිසක් සහ වාමාංශික නායකයන් සහ දේශපාලනයේදී බණ්ඩාරනායක වගේ කීප දෙනෙක් ලංකාවට වැදගත් තීන්දු තීරණ ගැනීමට කටයුතු කර ඇති බව පේනවා ඒත් ඔය ප්‍රභූන්ට වඩා සාමාන්‍ය පවුල් වලින් ආපු කට්ටිය ලංකාවේ ආර්ථිකය කර්මාන්ත සහ දේශපාලනය ඇතුළු බොහෝ දේවල් ඉදිරියට ගෙන ගොස් තියෙනවා

    අර නාලන් මෙන්ඩිස් ගේ ටෙලියක හෙන්රි ජයසේන රඟපෑ ඔනරබල් ඒ.බී.සී. ද සිල්වා නම් චරිතය මතකද? සුද්දා ගේ යටත් විජිතයක්ව සිටිමින් සුද්දාට කතා අදිමින් යැපීමට තිබුණා නම් හොඳ යැයි සිතීම තරම් පසුගාමී චින්තනයක් තවත් ලොව නෑ.

    හරියන්න හෝ අවම වශයෙන් වරදින්න හෝ අප අපේ දෙපයින් නැගී සිටීම අත්‍යවශ්‍ය කරුණකි

    හැමදාම දෙමාපියන්ගෙන් යැපෙමින් ඉන්නවාට වඩා ගෙදරින් පැනලා ගිහින් ව්‍යාපාර ආරම්භ කරපු නවලෝක මුදලාලිලා වගේ පොරවල් මඩොල් දූවේ උපාලි වගේ ලංකාවේ අපිත් මේ වන විටත් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී බිඳ වැටෙන යුරෝපීය ජාතීන්ගේ යටත් මානසික බැඳීම හැර දමා ජපානයේ චීනයේ කෝරියාවේ වගේම අසල්වැසි රටේ මිනිසුන් ගෙන් ඉගෙන අපේම කියලා දේවල් ගොඩ නගන්න අවශ්‍යයි

    සුද්දා හිටියත් නැතත් ඉංගිරිසි වෙනුවට රාජ්‍ය කටයුතු සඳහා සිංහල සහ දෙමළ භාවිතය ඇරඹුණේ නැති නම්, අද අපි මීට වඩා අධ්‍යාත්මිකව මෙන්ම සංස්කෘතිකව පිටු පස්සේ සිටිනු ඇති බවයි මට නම් හිතෙන්නේ.

    කෙසේ නමුත් ලංකාවේ අපි කර්මාන්ත සහ ආර්ථික මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින නොදැනුවත්කම නිසා තමයි ආර්ථික අතින් පහළ ඉන්නේ ඒ නිසා ඒක හදාගන්න ඕනේ මුලින්ම

    ReplyDelete
  11. ක්‍රිකට් ක්‍රීඩාවේ ඔය කියන සැන් තෝමස් රෝයල් ට්‍රිනිටි ලොකු පොරවල් හිටපු කාලේ ලංකාව දිනපු කුසලාන ගණන = 0 ඒ දවස්වල 1975 සහ 79 ලෝක කුසලාන තරගාවලිවලදී පලවෙනි තරග කුණුවෙන්න හෙන කුජීත විදියටම පැරදිවා first round එකෙනුත් කෙලින්ම එළියට.... ඒ කාලේ west indies ලා ඕඩීඅයි එකක වැඩිම ලකුණු 360 ක් ගහලා අපට එරෙහිව රෙකෝඩ් තියලා තිබුණා ලංකාවට උන්ගේ c team d team එවලා අපේ රටේ දීම නැතිවෙන්න නෙලලා ගියා

    බන්දුල වර්ණපුරලා සහ අරවින්ද සනත් මුරලිදරන් වාස් වගේ ගොඩේ බයියයන්ට චාන්ස් එකක් දුන්නාම අසූ දෙකේ ටෙස්ට් වරම් හිමිකරගෙන 1991 කොළඹ දී පළමු වරට ටෙස්ට් ජයක් ලබා 1994 නවසීලන්තයේදී පළමු විදෙස් ටෙස්ට් තරගය ජය ගැනීමට පුළුවන් වුණා

    1996 නම් කණාවට දින්නේ ලංකාවේ ඉන්දීය සහ පකිස්තානය කියන රටවල සීරීස් එක තිබුණ නිසා නමුත් ඒකෙන් නෙවෙයි එංගලන්තේ 1998 පලමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු ලංකාවේ ක්‍රිකට් ටීම් එකට සුද්දන්ගේ පිලිගැනීම ලැබුණේ නිල වශයෙන් හරි හමන් ටීම් එකක් විදියට ඒකේ වීරයෝ ගංකබර සනත් ජයසූරිය (213) මුරලිදරන් (16 wickets) සහ අරවින්ද වාස් වගේ ගොඩේ බයියෝ

    හැබැයි ලංකාවේ ක්‍රිකට් 2000 - 2014 දක්වා සුපිරියටම තිබුණා ගොඩක් ඒකට සපෝට් එකක් දුන්නේ ජයසූරිය අරවින්ද මුරලිදරන් වාස් සහ පසුව මහේල ගේ ඉඳන් මාලිංග දක්වා ගොඩේ බයියෝ දෙදහස් ගණන් වලදී සුද්දො ප්‍රශ්න අහද්දී හරියකට නාගන්නේ නැතුව ඉංග්‍රීසි කතා කළේ සංගක්කාර හා මහේල විතරයි ඒත් ඔය කියන ගංකබරු කියන උන් ඔය කියන දෙකයි පණහේ ප්‍රභූන් කියන අපත රැල හිටපු කාලෙට වඩා සෑහෙන්න උසස් තැනකට ක්‍රිකට් ක්‍රීඩාව අරගෙන ආවා

    දැන් ආපහු අර මිථ්‍යා දෘෂ්ටික දෙවියන් වහන්සේ කියල පොල් බූරුවෙක් අදහන ඔය කියන ප්‍රභූ පංතියේ ගුරුකම් සෙත්ශාන්ති වලට නම්දරාපු කට්ටඩිරාළ කෙනෙක් වෙන
    හිවල් ජෙරම් පාස්ටරයගෙ ටීම් එකට එකතු නුනොත් එලියෙ තමයි. ඇශ්ලි සහ ශම්මි ඔතෙනින් එලවනකල් පඩ ජෙරමි කියන හොර කට්ටඩිරාළ කියන කාලකන්නි පර බල්ලාට ඕනේ වැඩ විතරයි කරන්නේ ඒකයි ක්‍රිකට් ක්‍රීඩාවේ තියන අවුල වෙන මොකුත් ඕන නෑ විශේෂයෙන් ඔය ප්‍රභූන් කියලා කියන මෙලෝ වැඩක් නැති ගෝතයින්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ

    ReplyDelete
  12. අඩෝ මාතා සන්නා රෝයල් තැප්‍රොබේන් මගුල විකුණන්න දාල තියෙන්නෙ මේ දවස්වල පොරගේ නම ජනප්‍රිය කාලේ ෂේප් එකේ ලොකු ගානකට මොකෙක් හරි ගොන් සල්ලිත් තියෙන බූරුවෙක්ගේ ඇඟේ ගහලා ගානක් කපා ගන්න පුළුවන් වේවි නේද? මේක බලන්න

    //සන්නා තප්‍රෝබේන් එක විකුණන එක ගැන නොයෙකුත් අදහස් දැක්කා. සන්නා හිතැතියන්ගෙ අඩෝවැඩියාවල් / විලාප සේම සන්නාව පේන්න බැරි උන්ගෙ කෝචෝක් හෑලිත් දැක්කා.. ☺️

    සමහරුන්ට අනුව @ ඒක අත් හැරීමක්ලු " 😁😁

    මට හිතෙන හැටියට ඔය අත් හරින කතාව කියපු උන්ගෙ ඔලුවෙ තියෙනවා ඇත්තෙ සිදුහත් කුමාරයා ගිහිගෙය අත් ඇරලා තපසට ගියා වගෙ සීන් එකක්..😂😂

    උන්ට අනුව සන්නා මේ සියල්ල අත් හැරලා දැන් ආරණ්‍යවාසිව තපසට යන්නයි යන්නෙ... 😁😁

    සමහරු සල්ලි තිබ්බත් ඒක ගන්නෑල්ලු.. මොකක් නිසාද? ඒකට තියෙන ගෞරවය නිසාලු 😂😂

    ඉතින් බලපන් ඒ මනුස්සයා මේක විකුණලා ඉවරයිනෙ එතනම..😂😂

    මනුස්සයෙක්ට කුමක් හෝ අවශ්‍යතාවයක් නිසා තමුන් සතු දේපලක් විකුණන්න උවමනා වෙනවා. ඒකට ඇඩ්වටීස්මන්ට් එකක් දැම්මම මුන් ගිහින් එතන සැනමෙනවා

    " අඥී මට නම් සල්ලි තිබ්බත් මන් මේක ඔබතුමාට කරන ගෞරවයක් හැටියට ගන්නෙ නෑලු"😂

    හරිම මාංදමිකයි!! 😁දැන් එතකොට උබලගෙ නල්ල මලෙ ගෞරවෙ නිසා අවසානෙ සන්නාට ඕක විකුණගන්නවත් විදියක් නෑ.

    ආතල් එකෙ ඉන්න ආස මිනිහෙක්ට තව දුරටත් යමකින් ආතල් එකක් නැත්නම් ඒ මනුස්සයා ඒකෙන් තව එකකට මාරු වෙනවා. සමහර විට ඒ මාරු වෙන එක පවා ආතල්.

    කට කපලා පන්තිවල ලමයි ඉන්න කාලේ සන්නා ටියුශන් ආතල් එක අවසන් කරලා දේශපාලන ආතල් එකට බැස්සා.ඉඩකඩම් පවා විකුණගෙන ජන්ද කරලා ඒ ආතල් එකත් අවසන් උනාම තප්‍රොබේන් කියලා නිදහස් කලා අවකාශයක් පටන් ගත්තා. ඒ ආතල් එකෙනුත් මිදෙන්න දැන් කාලේ හරි කියලා හිතුනම එක්කො තව දුරටත් ඒකත් ආතල් නෑ කියලා හිතුනම එයා ඒක විකුණන්න යනවා. සමහර විට සන්නාගෙ ඊගාව ආතල් එක මීටත් වඩා ආතල් ඇති.

    මුං මොකද කරන්නෙ විකුණගන්න දාපු ඇඩ් එකෙ ගිහින් සැනමෙනවා

    " අපොයි සල්ලි තිබ්බත් මං නම් ගන්නෑ පාවෝලු" 😂

    බලපන් මේ කූර ලෝකෙ හැටි මිනිහෙක්ට ආතල් එකක්වත් ගන්න දෙන්නැති හැටි.. ඒකටත් බාල්දිය දානවා.. 🤣🤣

    (අම්මපා මට සල්ලි තිබ්බා නන් මම ඕක ගන්නෙ පැනලා. විජේරාම හන්දියෙ තට්ටු පහක බිල්ඩිමක්. ඊටත් වෙන කෙනෙක් සැහෙන කස්ටමර් බේස් එකක් හදපු තැනක් . )

    - චාන්නා හේරත්//

    සන්නාගේ ගෝල සිසුවියක් බුකියේ ජනප්‍රිය කෙනෙක් දාල තියෙන්නෙ

    මාතලන් යකා මොකක් ද තෝ මෙකී ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔය අර කිම්ඹ ගඳ වෙසාවී නේද? ඕකිට මාත් පුකේ ඇරියා.

      Delete
  13. පාඩු ලබන රජයේ ප්‍රධාන ආයතන

    2022 වසරේ මුල් මාස හතර තුළ රටේ ප්‍රධාන ආයතනයන්හි කාර්ය සාධනය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ තිබෙන අතර ඉන් ආයතන තුනක 2022 මුල් මාස හතරේ අලාභය පහතින් දැක්වේ.

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව – රුපියල් මිලියන 628,381.
    සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම – රුපියල් මිලියන 248,441.
    ලංකා විදුලිබල මණ්ඩලය – රුපියල් මිලියන 47,190 .

    ආයතන තුනේ 2022 පළමු මාස හතරේ අලාභ වල එකතුව – රුපියල් මිලියන 924,012. අදාළ මාස හතරේ රජයේ බදු හා බදු නොවන ආදායම් හා ප්‍රදාන ලෙස ලැබුණු සියලු මුදල් එකතුව – රුපියල් මිලියන 631,129.
    අදාළ මාස හතරේ පොලී ගෙවීම් හැර රජයේ සමස්ත වියදම – රුපියල් මිලියන 728,443
    අදාළ මාස හතරේ පොලී ගෙවීම් – රුපියල් මිලියන 426,786.

    ඉහත අලාභය සියල්ලටම වඩා වැඩිය. ලංවිම අයින් කරමින් ඉතිරි ආයතන දෙක පමණක් බැලුවද එහි වෙනසක් නැත.

    තවත් පැහැදිලි කරනවානම්, ලංකාවේ ජීවත් වන පවුල් ගණන මිලියන 5.1ක්. රුපියල් මිලියන 924,012ක් යනු එක පවුලකට රුපියල් 180,000 බැගින් බෙදා දීමට ප්‍රමාණවත් මුදලකි.

    පාඩු ලබමින් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සාධාරණීකරනය කිරීමට විවිධ හේතු තිබීමට පුළුවන. ඒ හේතු මත මේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යාම සහ අතට රුපියල් 180,000ක් ලැබෙන යන දෙක අතර තේරීමක් තිබුණහොත් කී දෙනෙකු තව දුරටත් මුල් අදහසේ දිගටම සිටීවිද..?

    ඔය ආයතන පෞද්ගලීකරණය කළා වුවද පවුලකට අතට රුපියල් 180,000ක් නම් නොලැබේවි. එය ඉතා පැහැදිලිය. නමුත් එම ආයතන වල මාස හතරක පාඩුව පියවීමට පමණක් රජයට කුමන හෝ ආකාරයකින් එක පවුලකින් රුපියල් 180,000ක් එකතු කර ගැනීමට නම් සිදුවේවි.

    විශේෂ දෙයක් වන්නේ තෙල් සංස්ථාව එවැනි දැවැන්ත පාඩුවක් ලබද්දී , ලංකා IOC සමාගම වසරේ පළමු මාස තුනේදී රුපියල් මිලියන 3,956 ක ලාබයක ලබා එයින් රුපියල් මිලියන 682ක් රජයට බදු ලෙස ගෙවා අවසන් වී ඇත.

    රෂිකා හෙන්නායක
    2022.11.14

    ඉකොනෝ, මොකද මේ අනුන්ගේ ලිපි උස්සලා බ්ලොග් එකේ දාගන්නේ?

    ලින්ක්

    ReplyDelete
  14. එංගලන්තයේ හමුදා කඳවුරකට අලුතින් පත්ව ආ CO කඳවුර නිරීක්ෂණයට යන විට එහි උද්‍යාණයක තිබූ බංකුවක් සෙබලුන් දෙදෙනෙක් මුර කරනු දැක ,ඇයි එසේ මුරකරන්නෙ යැයි ඇසීය.එවිට ඔවුන් පිලිතුරු දෙමින් කීවේ මීට පෙර සිටි CO එසේ කරණ ලෙස අණ දුන් බවයි.පසුව මෙම අලුත් CO මීට පෙර සිටි කෙනාගෙන් දුරකථනයෙන් මෙසේ මුර කරන්නේ ඇයිදැයි විමසීය.ඔහු පිලිතුරු දෙමින් කීවේ මීට පෙර සිටි CO එසේ කරන ලෙස අණ දී ඇති බවයි.ඒ අනුව අලුත් CO මීට පෙර සිටි CO වරුන් 3 දෙනෙක්ගෙන් ඇසූ විට දැන ගන්න ලැබුනේ ඔවුන්ටත් පෙර සිටි CO එසේ අණ දී ඇති බවයි.කෙසේ නමුත් ඔහුට අවසානයේ මුලින්ම අණ දුන් CO සොයාගැනීමට හැකිවී ඔහුගෙන් මේ ගැන විමසීය.ඔහු අවුරුදු 95 ක් වයස විශ්‍රාමලත් කෙනෙකි
    අලුත් CO-සර් මම අහවල් කඳවුරේ අලුත් CO.ඔබතුමා එහි උද්‍යාණයේ ඇති බංකුවක් මුරකිරීමට සෙබලුන් දෙදෙනෙක් යොදවා තියෙනව ..ඇයි එහෙම කලේ?
    විශ්‍රාමලත් CO-මොනව??? තාම බංකුවේ ගාපූ තීන්ත වේලිලා නැද්ද???

    අන්ධානුකරණය .....

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 2.50 ඒ එම්

      හොඳ කමෙන්ට් එකක් සහ ලස්සන අර්ථවත් කතාවක්, ඔය වගේ කතාවක් තියෙනවා ඉන්දියාවේ දේවාලයක් සම්බන්ධයෙන් ඒකේ දේව පූජාව කරන්න කලින් බළලෙක් ගෙනත් පැත්තක බැඳලා තියන චාරිත්‍රයක් තිබිලා තියෙනවා

      එක බුද්ධිමත් තරුණ අනුගාමිකයෙක් ඒකට හේතුව වීමසලා තියෙනවා අන්තිමේදී හොයා ගෙන හොයා ගෙන යන කොට පස්සෙ තේරිලා තියෙන්නේ ඉස්සරම හිටපු පූජකයෙක් හුරතලේට දඩාවතේ යන බළල් පැටියෙක් කන්න දිදී හදාගන්න පටන් අරන් මූ පූජාව වෙලාවට ගිහින් පූජාවට හොට දාලා කන එක වලක්වන්න තමයි ඌව බැඳලා දාල තියෙන්නෙ පස්සෙ ඒක චාරිත්‍රයක් වෙලා තියෙනවා ලංකාවේ තත්ත්වය ඔයිට වඩා දෙවෙනි නෑනේ විශේෂයෙන් බෞද්ධයන් අතර ඇති ගොඩක් චාරිත්‍ර ජෛනාගම සහ මධ්‍යකාලීන ලංකාවේ අඳුරු යුගයේ ගණින්නාන්සේලා හඳුන්වා දුන් ඒවා බව සමන්ත බඩ්ඩගේ දේශනා වලදී ඉතා මැනවින් සහ තදින් පැහැදිලි කරනවා සමන්ත බඩ්ඩගේ දේශපාලනික සංකල්ප සහ අවස්ථාවාදී දේශපාලනික ගේම් වලට විරුද්ධ වුණත් බෞද්ධ ධර්මය ගැන පොර සෑහෙන දුරට හොඳින් පැහැදිලි කිරීමක් කරන දේශනා තියෙනවා අර වවන ලබ්බවල් කෑම බීම විකාර නැතුව ඒවා තෝරා ගෙන බලන්න

      @ ඉයන් අංකල්

      අද ජනපති රනිල්ගේ 2023 අයවැය ලේඛනය ගැන විශ්ලේෂණය කරන්න අදහසක් නැද්ද?

      මට ඔයගොල්ලන්ට තරම් අත්දැකීම් නෑ ඒත් මගේ වයසට මට තේරෙන විදියට නම් ඔය අයවැය ඉදිරිපත් කලාම ඒ පිළිබඳ දින ගානක විවාදයක් තියනවා පාර්ලිමේන්තුවේ...
      ඊට අමතරව සෝ කෝල්ඩ් ආර්ථික උස්තාද්ලා ඇඩ්වකාටාලා බුකි උස්තාද්ලා සිවිල් බුවාලා වගේ උනුත් මාර විශ්ලේෂණ ගෙන එනවා... මමත් දැන් වසර තුනක් හතරක් විතර තිස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ කැම්පස් එකේ ඉන්න අතරෙදිත් මේවා ගැන නිරීක්ෂණය කළාම මට තේරුණ විදිහට ආපු කන්ක්ලූෂන් එක තමයි මේ විවාදවලට යන සල්ලි වලින් කාක්කොන්ට ආප්ප අරගෙන දීලා ඉතිරියෙන් ඩෝග්ස් ඇන්ඩ් ක්‍රෝ දානයක් දුන්නා නම් උන්ගේ හරි බඩ පිරිනෙවා කියන දේ

      ඇත්තටම අපේ සීයලා ආච්චිලා පවා පාසල් ළමයි කාලේ ලංකාවට නිදහස ලැබීම සමගින් ඒ අයගේ මුළු ජීවිතයම සහ අපේ දෙමව්පියන්ගෙත් ජීවිතේ 70% ක් විතර ඉවර වෙලා අපිත් දැන් හැඩි දැඩි මිනිසුන් ලෙස නාඹර තරුණ වයසටත් ඇවිත් ඒත් ඔය පරම්පරා තුනක් හතරක් විතර අවුරුදු 74 ක් තිස්සේ ගෙනාපූ බජට් ක්‍රියාත්මක කරලා ලක්ෂ ගනන් පඩි අරගෙන මහ බැංකු වාර්ථාව කියලා වාර්ෂිකව මහා පොතකුත් ගහලා තමයි ඒකේ උන් අන්තීමට රට බංකොලොත් කියලා ආඩම්බරෙන් ටයි කෝට් දාගෙන ඇවිත් කිව්වේ..

      මට හිතෙන විදියට නම් ඔය විශ්ලේෂණ ලියන කියන උන් ඉන්නවා නේද, ඕකුන් තමයි දේශපාලුවන්ටත් වඩා පට්ට ජෝකර්ලා...
      මට ඕකුන් දැක්ක ගමන් හිනා යනවා...
      ඔය බජට්, මැතිවරණ ප්‍රකාෂණ, ප්‍රතිපත්ති ප්‍රකාෂණ හොඳයි සුද්දන්ට පුප පිහිදාන්න රට යවලා ඩොලර් ටිකක් හොයාගන්න...

      බොරුවෙන් ජීවත් වෙන්නේ දේශපාලුවෝ විතරක් නෙමේ, ජනතාවට අමු කෙප්ප කියලා ලියලා අන් ගෝතල් දෙන මේ වගේ පිස්සොත් පට්ට බොරු කාරයෝ..

      පේන විදියට නම් කට්ටිය ගංජා පෙන්නලා කුරුඳු කර්මාන්තයත් විනාශ කරන එක නම් බුදු ෂුවර්... එහෙම නේද?

      Delete
  15. ලංකාවේ අපිට හොඳ තත්වයේ කෙලවල්ලන් ලැබෙන්නේ නැත. හොඳ තත්වයේ කෙලවල්ලන් අපනයනය කර විදේශ විනිමය උපයනු ඇත. අපිට ලැබෙන්නේ තත්වයෙන් බාල බැහැ කරපු මාලු. අපේ තේ කොල අපේ රටේ තිබිලත් අපිට ලැබෙන්නේ බාල තේ කොලය. පොඩි මිනිහා හැමදාම කන්නේ කටු සහ කුණු... මෙතනදිත් ලොකු මිනිස්සු ගැන කතා කරනවා විතරයි

    ReplyDelete
  16. මාතේ මතකද දවසක් දා හැන්දෑවක පොතේ මෙහෙම දෙබසක් තියෙනවා;

    “හෙට එළිවෙනකොට ලෝකයේ එක ගැහැනියකට එක පිරිමියෙක් අයිතියි කියන සම්මතය නැති වෙලා ගියොත් මොනවා වෙයිද?”


    මට හිතන්නේ එහෙම වුණොත් දේවල් දෙකක් වෙන්න පුළුවන්.

    එක්කෝ ආදරය ගැන දැනට වඩා හුඟක් විචිත්‍ර දේවල් ලියවෙයි. දැනට වඩා හුඟක් ලස්සන චිත්‍රපට හැදෙයි. කවි සහ කතා බිහිවෙයි. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ම ඒකේ ඇනෙක් පැත්ත සිද්ධ වෙයි. ආදරය ගැන කිසිම දෙයක් අමුතුවෙන් ලියැවෙන එකක්වත්, නිර්මාණය වෙන එකක්වත් නැහැ. අසම්මතය ආට් එකක් බව හිතෙන්නෙම සම්මතය norm එකක් කියලා අපි සළකන හින්දා.

    සම්මතය කියලා හිතන එකට සාපේක්ෂව අසම්මතයක් ගොඩනගන හින්දා.

    මිනිස්සු නිරන්තරයෙන් ම ඔරලෝසුවක බට්ටෙක් වගේ සම්මතය සහ අසම්මතය අතර දෝලනය වෙමින් ඉන්නවා.. එහෙම දෝලනය වීම තමන් එක්ක ම සාධාරණීකරණය කරගනිමින් ඉන්නවා. හුඟක් වෙලාවට මිනිස්සුන්ට 'ආට්' අවශ්‍ය වෙන්නේ මේ දෝලනය වීම තමන් එක්ක ම සාධාරණීකරණය කරගත යුතු හින්දයි.

    හුඟක් වෙලාවට මිනිස්සු සම්මතය කියලා මාංචු කුට්ටමක් දාගෙන ඒකෙ යතුර කොහෙ හරි හංගනවා. ඉන්පසු මුළු ජීවිත කාලයක් ම ඒ යතුර හොයාගෙන ඒ මාංචු කුට්ටම ගලවගන්න මහන්සි වෙනවා.

    මේක තේරුම් ගන්න මිනිස්සු බිහිවුණු දවසට අපි ජීවත් වන අවකාශය ආදරය මල් ඵල ගැන්වුණු තැනක් වෙනවා.

    එතකොට ආදරය ගැන කළු-සුදු චිත්‍රයකින් එහාට ගිය දෙයක් මිනිස්සුන්ට පෙනෙන්න පටන් ගන්නවා.

    මිනිස්සු පිළිවෙත් රකින්න, සම්මුතීන් ආරක්ෂා කරන්න ජීවත් වෙනවා වෙනුවට ජීවිතය වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.

    අර මාංචු කුට්ටමයි, යතුරු කැරැල්ලයි එක්ක කරන ලාමක සෙල්ලම නැවැත්තුවට පස්සේ ජීවිතයේ ඊට ඔබ්බෙන් තියෙන්නේ මොනවද කියලා හොයලා බලන්න කාලය ඉතුරු වෙනවා. ඔය කියන එලයිට් ක්ලාස් එකක් රටේ පාලනය අතට අරගෙන සේරම හදයි කියලා හිතන එකත් ඒ වගේම මුලාවක් මේ ගැන හිතන්නේ මොකක් ද? ඔය කියන මුවාවෙන් ගැලවී යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍යයි.

    ReplyDelete
  17. ප්‍රභූ පංතිය මොන බයිලා ගැහුවත් සහන එපා කිව්වෙ ලංකාවෙ ආර්ථිකේට වෙලා තියෙන දේ යම්තම් හරි තේරුන ලෝකය ගැන සහ රටේ ආර්ථිකය ක්‍රියා කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇති මොළේ තියෙන ඉහල මැද පන්තියෙ යම් තරමකින් හෝ නුවණින් විමසා කටයුතු කරන මොළේ ඇති පිරිසක්

    තවමත් බූරු පුතාගේ අමු බූරු අදහස්වලින් පිරුණු සජබයි හොර රැලගේ රැස්වීම් වලට එන මීහරක් හැත්ත වගේම ජනතා විමුක්ති පෙරමුණේ උනත් රැස්වීම්වලට එන ඒ පක්ෂ වලට ඡන්දෙ දාන්න හිතාගෙන ඉන්න ලංකාවෙ මෝඩ ග්‍රාමීය ජනතාව තවමත් ඉල්ලන්නෙ තවත් සහන, බඩුමිල අඩු කරන්න සමෘද්ධි වැඩේ කරන්න පෝර දෙන්න වී වැඩි මිලට ආණ්ඩුවේ ගබඩා වලට අරගන්න වගේ දේවල්

    රට හරකෙක් කියල හැමෝම දන්න බුරු පුතා ඒ කාලේ රුපියල් විසි දාහක් බැගින් හැමෝටම බෙදා දෙන්න කතා කළා වගේ බදු අඩු කාලේ බදු වැඩි කරන්න කියලා විලාප හඬ නගලා දැන් බදු අඩු කරන්න තර්ජනය කරමින් විහිළුවක් වෙලා තියෙන්නේ

    තවමත් ලංකාවේ මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව අතර බහුතරයකට මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියල කිසිම අවබෝධයක් නෑ
    සෑහෙන පිරිසක් තවමත් හිතං ඉන්නව ආණ්ඩුවෙ සල්ලි ගබඩාවක් තියෙනව, ඒ්කෙ තිබ්බ සල්ලි පහුගිය රාජපක්ෂ කල්ලියේ දූෂිත දේශපාලඥයො මලු පුරවල අරං ගිහිං දැන් ඒකෙ සල්ලි නෑ කියල... ඒකයි ලංකාවට මේ වෙලා තියෙන්නෙ කියල ඉතින් ඔහොම මිනිස්සු එක්ක රටක් ගොඩගන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  18. අපි මොන්ටිසෝරි යන කාලේ මීට අවුරුදු 25 ටත් එහා අතීතෙකදී අයි ටී එන් එකෙ ගියා ඉරිදා උදේට " ඩේන්ටි රසපැණ " කියලා ලමා වැඩසටහනක්. ඒක කලේ අපේ නිලි රැජින දිනස්සිගෙ නැන්දම්මා තිලකා රණසිංහයි , උරේශා රවිහාරිහෙ තාත්තායි . 😁

    ඒ වැඩසටහනේ ආකෘතිය බොහොම සිම්පල් එකක්. චුටි බටු ඇට සයිස් ලමයි ටිකක් පේලියට හිටන් ඉන්නවා. ලාස්සන ලාස්සන ගවුම් ඇදන් ... ධර්මෙ මාමා තඩි මයික් එකකුත් උස්සන් එක එක ලමයා ගාවට යනවා .. තිලකා නැන්දට තිබිච්ච වැඩේ තමයි ටොෆී බෝතලුයි කුඩ ටිකයි උස්සන් එයා පස්සෙං ගාටන එක.. 😜

    ඉතිං ධර්මෙ මාමා කියනවා

    " මෙන්න ඉන්නවා හරි ලක්සන බෝනික්කෙක් වගෙ සූටු පැටියෙක් .. අපිට කියන්නකො බලාන්න ඔවාගෙ විස්තර ටිකක් . කොහෙ ඉදන් ද ආවේ , නම මොකක්ද පුතාගෙ?? 😍"

    ඉන් පස්සෙ ඉතින් ඇඟිලි දෙකට තුනක්ම කටේ දාන් සූප්පු කර කර පැණි පෙර පෙර ඇස් දෙකත් බෝල කරන් ධර්මෙ මාමගෙ මයික් එක දිහා ගිලින්න වගෙ බලාගෙන අසවල් බබා තටම තටම උත්තර දෙනවා

    " අචකලම්පන්නෙ ඉදන් සිම්දුවක් කියන්නයි ආවෙ" 🥺

    ආයෙමත් ධර්මෙ මාමා අහනවා හරි පුතේ අපි සිංදුවක් කියමු ඊට කලින් මට පුතාගෙ නම කියන්නකො.. 😃

    අර පොඩි එකාට ඇත්තටම ඒ මල විකාර වලින් වැඩක් නෑ වරින් වර තිලකා නැන්දා අතේ තියෙන ටොෆි බෝතලේට බැල්ම දාන ගමන් ඒකට උවමනා කරන්නෙ කොහොම හරි මේ කියාගන්න ආපු සිංදුව කියාදාලා ටොෆි බෝතලෙත් ඇන්න කොහොම හරි හැකි ඉක්මනින් මේ තුත්තුකුඩියෙන් තොලොංචි වෙලා යන්න 😌

    ඒ නිසා " නම " බල්ලට ගියාවෙ කියලා බබා පටන් ගන්නවා සිංදුව කියන්න..🤣

    " වච්චට යංනම් පොච් චික ගඥ්ඥම් "

    🥺කියලා පේලියක් කියලා ඔළුව කසලා
    වටපිට බලලා අත් දික් කරනවා ටොෆි බෝතලේ මෙහෙ දීපිය වගෙ ලයින් එහෙකින් 😂😂

    ධර්මෙ මාමත් ඉතින් එතනින් එහා පොඩි එකාට වධ දෙන්නෑ. ඔන්න ඔහෙ ඊගාව ලමයා ගාවට යනවා..

    ඉස්සර පොඩිකාලේ මන් නොවරදවාම මේ වැඩසටහන බලනවා.. ගෙදර ටීවී එක කැඩිලා තිබ්බොත් අල්ලපු ගෙදරට එක්ක ගිහින් හරි කරුණාකරලා මට ඩේන්ටි ‍රසපැන බලන්න දියව් කියලා මන් ඉස්සර පෙරලි කරනවා..😂

    වයස හතර පහ වගේ කාලේදි මට තිබ්බ ඕකේ හෙන ආතල් එකක්. මන් හිතන්නෙ අර සිංදු කියන පොඩි උන් දිහා බලලා මම කල්පනා කලා

    " ඉදකිං මූට මේක හරියට කියාගන්නත් බෑ මන් ගියා නන් වත්තට යන්නම් කියලා, ටුවින්කල් ටුවින්කලුත් කියලා, මලක් නෙලාගෙන ඇවිදින් බුදු සාධුට පුදලත් කියලා ටොෆි බෝතල් සේරම ටික අරගෙන එන්නෙ"😒

    කල් යත්ම මගෙ මේ විකාරරූපි කල්පනාව අපේ ගෙදර ඈයොන්ට තඩිම වදයක් උනා. කොච්චර වධයක් උනාද කිව්වොත් මට බත් කවාගන්නත් ඒ අය බොරු පොරොන්දු දුන්නා මාවත් ඒකට ඇන්න යනවා කියලා. දින සති මාස ගත වුනා අපේ ගෙදර එවුං මාව ඩේන්ටි රසපැන වලට එක්ක යන පාටක් නෑ.. 🙄

    මම පටන් ගත්තා විශාල හර්තාලයක්. බිම පෙරලි පෙරලි වැලලෙන්න ගත්තා. දිවා රෑ නැතුව.. හීනෙනුත් පෙනුනෙ මම ටුවින්කල් ටුවින්කල් කිව්වම ධර්මෙ මාමා මගෙ අති විශිෂ්ට ගායන හැකියාව ගැන පුදුමෙනුත් පුදුමෙට පත් වෙලා මට ටොෆී බෝතල් 10 ක් විතර තෑගී දෙන සීන් එකක්.😎

    ඔන්න ඔහොම මගේ මල කරදරේ ඉවසන්නම බැරි තැන දවසක්දා තාත්තා හවස වැඩ ඇරිලා එද්දි මට ඩේන්ටි ටොෆී බෝතලයක්ම ගෙනත් දුන්නා.

    එතනින් එහා තාත්තාට වාත වෙන්න මට සදාචාරාත්මක අයිතියක් තිබ්බෙ නෑ යාලුවනේ. 😂😂 ඊටත් බොහො කාලෙකට පස්සෙ තාත්තා මට කිව්වා

    " එදා උබව ඕකට ඇරියා නම් පුතේ මයික් එක ගත්ත ගමන් ආච්චිට බල්ලා කියලා , තාත්තා මහ නෝටි කියලා වත්තට යන්නම් සිංදුවත් බාගෙට කියලා දැන් ඇති කියලා එක ටොෆී බෝතලයක් මදි තවත් එකක් ඕනෙය කියලා මයික් එකත් ගෙදර ගෙනියන්න ඕනෙය කියලා මහා ගාලගෝට්ටියකුත් කරලා අපේ නෑයින්ට හත් දවසක් යටි බඩ අල්ලන් හිනාවෙන්න කාරනේකුත් හදලා එන්නෙ😂😂

    ඒකයි මන් ටොෆි බෝතලයක් ගෙනත් ඒක ශේප් කරේ කියලා. 😂

    මේ සිද්ධිය මට මතක් උනෙ දහම් පාසල් speech එකක් විකාරරූපි ලෙස කරන්න ගිහින් මේ දවස් වල හැමෝගෙම හිනාවට ලක්වෙන දරුවා දැක්කම.. සමහරු ඒ ලමයා එක්ක මහා ද්වේශයකින් කොමෙන්ට් කරලා තිබ්බා..

    ඒ පොඩි එකා බ... වක් ය. උන්ගෙ අම්මත් බඩ්.. ඩක් ය ගගා දාපු කොමෙන්ට් සෑහෙන්න තිබුනා..🥴

    ReplyDelete
  19. කකුස්සියේ රජවරු ගාඩ්මංචරියේ රජවරු කුස්සියේ රජවරු

    ReplyDelete
  20. https://roar.media/english/life/history/nazi-scientists-who-wanted-to-find-the-origins-aryan-race-came-to-sri-lanka

    ReplyDelete
  21. මාතේ සිංහල දමිළ ප්‍රභූ පැළැන්තිය ගැන කතා කරනවා නම් ඉතා වැදගත් කරුණු කිහිපයක් කෙටියෙන් විස්තර කරන්න පුළුවන් උදාහරණයක් විදියට කියන්න පුළුවන් ඔය සිංහල වෙච්ච ද්‍රවිඩයන්ගේ (මළයාළීන් තමයි ගොඩක් තව තෙළුගු, කණ්ණඩා වගේම තමිළ් නැත්නම් දමිළ සම්භවයක් ඇති කට්ටිය) සහ වෙනත් විදේශීය වාසගම්. සෙම්බ සෙන්කප් කියලා කියනවා රතු පාටට,සෙම්බ කියන එක කෙසේ වෙතත් පෙරුමාල් කියලා කියන්නේ කුමාරයා කියන එකයි ද්‍රවිඩ භාෂාවලින්, S.W.R.D. බණ්ඩාරනායකගේ පියා සොලමන් බණ්ඩාරනායකගේ නමට මුලින් එන්නේ නීල පෙරුමලගේ කියලා " ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක පවුලේ සම්භවය ඉන්දියාවේ කේරළයෙන් පැමිණ නවගමුව පත්තිනි දේවාලයේ ප්‍රධාන පූජකවරයා ලෙස සේවය කළ නිලප්පෙරුමාල් පණ්ඩාරම් නම් පුද්ගලයාගෙන් යැයි කියනවා.

    ජේ ආර් ජයවර්ධනලගේ ජයවර්ධන පරපුරේ කිරිකිත්තා චෙට්ටියාර් කේරළයෙන් පැමිණ ලන්දේසීන්ගේ කාර්යාල කාර්ය සහායක කටයුතු කළ සේවකයෙක්ගෙන් පැවත එන බව බොහෝ ඉතිහාස විශේෂඥ පර්යේෂකයන් පවසන කරුණකි.

    අලහප්පෙරුම, ලස්සන කුමාරයා, පොන්නම්පෙරුම, රත්තරං කුමාරයා, තෙවරප්පෙරුම, කෝවිල් වල බෙර ගහන කුමාරයා, තෙන්නකෝන් දකුණේ කුමාරයා, මාන්නප්පෙරුම, සෙල්ලප්පෙරුම, මුදියන්සෙලාගේ (මුදියන් =ද්‍රවිඩ භාෂාවලින් ලොක්කා) ඒ කියන්නෙ මුදියන් + උන්නාන්සේ තමයි සිංහල උරුවට මුදියන්සේ වුණේ, ඒ වගේ හුඟක් නම් තියෙනවා ද්‍රවිඩ භාෂා ගණනාවකින් ලංකාවට ඇවිත් සිංහල වෙච්ච, තව කෝන් කියලා ඉවර වෙන නම්, අලහකෝන් ලස්සන රජ, ඉලංගකෝන් ලංකාවේ රජ, විජේකෝන් ජයගන්නා රජ, ඒ වගේම කනගරත්න අනර්ඝ මැණික, ඉලංගරත්න ලංකාවේ මැණික, අධිකාරි කියන නමත් උත්තර භාරතීය නැත්නම් තෙළුගු ආදී ද්‍රවිඩ ජනවර්ග වලින් සම්භවයක් තියන නමක්, නානායක්කාර සහ කුරුප්පු කියන්නේ මළයාලම් සටන් ක්‍රම දන්න ක්ෂත්‍රීය රජ කුලය වන නායගර් කුලයට අයත් අය, එතකොට කොඩිප්පිලි කියන්නේ කොඩි පිල්ලෙ කියන නම ඉඩිප්පිලි කියන්නෙත් එහෙමයි,වෙත්තසිංහ, දඩයම් කරන සිංහයා(වෙත්තායි කියන වචනයට තේරුම් කිහිපයක් තියෙනවා එකක් තමයි දඩයම් කිරීම) එතකොට මුනි කියලා ඉවර වෙන නම්, (මුනිවරයා) වෙත්තමුනි, යාගමුනි, ජාගමුණි, මේ අය කේරළ වලින් වත්හිමි කුමාරයාගේ මෞලි මංගල්‍යයට ගෙනාපු බමුණු කුලයට අයත් අය, දන්තනාරායන කියන වාසගම, දළදා වහන්සේගේ කරඬුව හදන්න කේරල වලින් ගෙන්නපු, නාරායනන් කියන දක්ෂ මූර්ති ශිල්පියාගෙන් පැවත එන පවුල, අගම්පොඩි කියන්නේ අංගම්පොර පොර කලාව ප්‍රගුණ කල රජ කුලයක් ( අගම්පු- අඩි) අඩි කියන්නේ ද්‍රවිඩ භාෂාවෙන් ගහනවා කියන එක. ද්‍රවිඩ රජකුල වල් තුනක් එකතු වෙලා තමයි මුක්කුලාතෝර් කුලේ හැදුනේ (කල්ලර්, මරවර් අගම්උදයාර්), මැරවරයා කියන වචනය කොටින් කියනවා නම් මැරයා කියන වචනය හැදුනේ මේ මරවර් අයගේ දරුණු කම නිසා, මරවර් කුලේ වාසගමක් තමයි පලෙයිකාරර් පසුව පලිහක්කාර වුනේ, ඒ වගේම තමයි"කුටි"කියලා කියන්නේ දෙමළ භාෂාවෙන් ගෙයක් කියන එක, ද්‍රවිඩ සම්භවයක් තියෙන නම් තමයි සෙම්බකුට්ට් ආරච්චිගේ, පෙත්තන් කුටි ගුණසේකර,තවත් නමක් තමයි වඩුගේ නම හැදෙන්නේ උතුරු ඉන්දියානු මරාතී ජාතීක වඩේකාර් " Vadekar" භටයින්ගෙන් කියලා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් අතර මතයක් තියෙනවා, අනිත් අය තමයි ද්‍රවිඩ වෙළඳ කුලයක් වන ෂෙට්ටි (හෙට්ටි, නැත්නම් චෙට්ටියාර්, ඒගොල්ලො මුදල් ගනුදෙනු වලට බොහොම දක්ෂයි) ඒගොල්ලන්ගෙ සෑහෙන පිරිසක් පසුව සිංහල වුණා, ඒකට උදාහරණ වශයෙන්, හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ සම්භවය පටන් ගන්නේ කේරළයේ කුරුමණ්ඩලම් ඉඳල ආපු තොම්බි මුදලියාර් කියන මළයාළී චෙට්ටියාර් වංශිකයා සිංහල කාන්තාවක් විවාහ කරගෙන ජයවර්ධන කියන නම අරන්, ඒ වගේම කුඩාහෙට්ටි, හෙට්ටිආරච්චි, ලද්දුවා හෙට්ටි, හෙට්ටිගොඩ, කෙටියෙන් කියනවා නම් හෙට්ටි කියන වචනය තියන ඕනෑම නමක් ඒ වගේම ඔන්ඩච්චි, විට්ටච්චි, කොට්ටච්චි, විතානට්ච්චි පෙරේරා, සූරියාරච්චි වගේ නමුත් චෙට්ටියාර් සම්භවයක් තියෙන නම්...

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි "කොන්කානිගේ" කියන්නේ පෘතුගීසි කාලේ ගෝවේ ඉඳන් ලංකාවට ආපු කොන්කානි බමුණු අය, ඒකට හොද නිදසුනක් ශ්‍රී ලංකාවේ දක්ෂ ප්‍රසිද්ධ නළුවෙක් වෙන ජැක්සන් ඇන්තනි, පෙරේරා අමරසේකර කියන වාසගම ලිස්බන් නුවර ඉඳන් අලි වෙළඳාමට ආපු Ferreira කියලා පෘතුගීසි කාරයෙක් සිංහල කාන්තාවක් විවාහ කරගෙන අමරසේකර කියන නමත් ඈඳාගෙන, ද ලැනරෝල් කියන්නේ දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ, ප්‍රංශ රටේ ඉඳන් ආපු යුද සෙනෙවියෙක් සිංහල කාන්තාවක් විවාහ කරගෙන, ඔහුගෙන් පැවත එන අය. පාලයක්කකාර්ර (පලියක්කාර) කියන්නෙ තනතුරු නාමයක්(තෙලිඟු), වත්මන් තෙලුඟානා, තමිළ්නාඩු, කේරළය සහ ලංකාවේ භාවිතාවුණු. ඒ සිංහල සහ දෙමළ විවහයෙන් බිහිවුන වාසගමක් හෝ කුලක් නෙවෙයි.

      ඒ වගේම තමයි විජයනගර අවසානයේ නායක්කාර් සමයේ "පාලයම් හෝ පාලයපත්තු" කියන "පංචායත්තු(ගම්සභා)" පාලනය කරන ප්‍රධානීයාට තමයි පාලයක්කකාර්ර(පලියක්කාර) කියන්නෙ. ඒ තනතුරු නාමය ම දකුණේ වෙල්ලාලර්ලා (ගොවිගමලා) භාවිතා කළේ "ආරච්චි"(මළයාලම්) නමින්.

      තවත් දෙයක් තමයි ඔය සෙම්බප්පෙරුම කියන නම හැදුනේ සෙම්බ සෙන්කප් කියලා කියනවා රතු පාටට,සෙම්බ කියන එක කෙසේ වෙතත් පෙරුමාල් කියලා කියන්නේ කුමාරයා කියන එකයි ද්‍රවිඩ භාෂාවලින්, අලහප්පෙරුම, ලස්සන කුමාරයා, පොන්නම්පෙරුම, රත්තරං කුමාරයා, තෙවරප්පෙරුම, කෝවිල් වල බෙර ගහන කුමාරයා, ඒ වගේ හුඟක් නම් තියෙනවා ද්‍රවිඩ භාෂවලින් සිංහල වෙච්ච, තව කෝන් කියලා ඉවර වෙන නම්, අලහකෝන් ලස්සන රජ, ඉලංගකෝන් ලංකාවේ රජ, විජේකෝන් ජයගන්නා රජ, ඒ වගේම කනගරත්න අනර්ඝ මැණික, ඉලංගරත්න ලංකාවේ මැණික, නානායක්කාර සහ කුරුප්පු කියන්නේ මලයාලම් සටන් ක්‍රම දන්න ක්ෂත්‍රීය රජ කුලයක් වන නායගර් කුලයට අයත් අය, එතකොට කොඩිප්පිලි කියන්නේ කොඩි පිල්ලෙ කියන නම ඉඩිප්පිලි කියන්නෙත් එහෙමයි, අගම්පොඩි කියන්නේ අංගම්පොර පොර කලාව ප්‍රගුණ කල රජ කුලයක් ( අගම්පු- අඩි) අඩි කියන්නේ මළයාලම් දමිළ තෙළුගු කණ්ණඩා තුළූ ආදී ද්‍රවිඩ භාෂාවන් වලින් ගහනවා කියන එක.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න